Thursday, December 19, 2013

113. කාලය! නුඹට ඇසුනේද?



කාලය මෙතරම්
වියපත් වන්නට
පෙර ඒ අපේ කාලයේ
කුළුණු ගුණයෙන් යුත්
සොඳුරු තරුණකු
ඇදුනු කල සිත මැදින්
තුරුණු වියේ සිටි
මසිත පැතුවා
එවන් කෙනෙකුට
බිරිඳ වන්නට

සෙමින් එකිනෙක
කෙස් පැහීගෙන එන 
වියපත් කාලය
අදද නෙත් හමුවට
කැඳවයි එවන්
සොඳුරු තරුණන්

පතමි මම ,
සුදු පැහැති හිසින් යුතු ව
සැඳෑ සමයට පිය නගන
අපේ කාලය සමගින්,
එවන් වූ සොඳුරු තරුණකු ව 
මපුතු එනු දකිනට
වාසනා වේවා !!! 




මයි කිංග් ජෝර්ජ් !!!



40 comments:

  1. මේ ළමයා..කිං ජෝර්ජ් හිටියෙ නමසිය හතළිස් ගණංවල...මයි කිං විලියොං කියල කියාපං...

    ReplyDelete
    Replies
    1. මේ මේ ළමයා.... කිංග් විලියොංගේ ජෙනේ නෙමෙයි මගේ ළමයා. මගේ ළමයා ඇවිත් කිංග් විලියොංගේ පුතා කිංග් ජෝර්ජ්ගේ ජෙනේ. කිංග් විලියොං ඇවිත් අපේ ජෙනේ. :)

      Delete
    2. අනිත් කාරණේ එහේ අරිසෙන් අහුබුදු කෙනෙක් නැහැල්ලු. කිරි අත්තාගේ නම තමයි මී මුණුපුරාට දාලා තියෙන්නේ......... :D

      Delete
  2. දැං කො එලිසබෙත් අක්කා..

    ReplyDelete
    Replies
    1. එයා ඇවිත් අපේ ආච්චිගේ ජෙනේ.............. :D

      Delete
  3. බලාගෙන කිං ජෝජ්ට නංගි කෙනෙක් එහෙම හම්බ උනොත්....මම කීවේ එංගලන්තේ ඉන්න කෙනාට. :D

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ එහෙම වුනාට
      ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නැහැ නැහැ නැහැමයි) :D

      Delete

  4. ඔබ හදෙහි නැඟී ආ
    සුන්දර පැතුම
    පුතු නමින්
    වේවා සැබෑවක්
    පතමි සෙනෙහසින්

    එලෙසම පතමි
    දයාබර නැඟණියේ
    ලැබේවා ඔහුට
    ඔබවන්, ඔබටත් වඩා
    සැමි භක්තියෙන් පිරි
    වියපත් සිත් සනහාලන
    සුන්දර සෙනේවන්තියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි

      මේ ඒක නෙමෙයි ලියැවිල්ලට වියපත් වුනාට අපි තාම එළ කෙල්ලෝ හරිද? :D වියපත් වියපත් කියන්නේ

      Delete
    2. අනේ මන්දා ඉතින් මට හිතෙන විදියට නම් මේ නොදරුවා දැම්මම සෙනෙහෙවන්තියක් හොයාගන්න එකක් නෑ.... ඒ කාලෙ වෙද්දි අම්ම තාත්ත වියපත් වෙන්න ඕනි මයෙ සාමාන්නිය දැනීම අනුව....

      උඹ කවියෙන් යථා කාලයක් ගැන කීවට කොමෙන්ටුවෙන් වර්තමානෙට ඇවිත්...

      (මෙච්චර ලස්සන සිතිවිල්ලකට දුන්න මෙච්චර ලස්සන කොමෙන්ටුවකට අනේ අපොයි මට ලැබිච්ච උත්තරේ... මටයි කියන්නෙ කෙරහෙ කිඹුල් කථා...)

      ස්තූතියි

      Delete
    3. හා හා........ :D

      එහෙට මෙහෙමට කියැව්වහම ඔයා කියන එකත් හරි මං කිව්ව එකත් හරි... ඔන්න ඔහේ නාඩා ඉඳින් මයි දෙයියි........................ :D

      Delete
  5. / කුළුණු ගුණයෙන් යුත් සොඳුරු තරුණකු…/

    දැං ඔය එවන් කෙනෙකුටද ඔහේ බිරිඳ වෙලා ඉන්නෙ හැබෑටම?..." කුළුණු ගුණයෙන් යුතු." .ඒ කිව්වෙ අර ගොබිල මුණ ගැහුනෙ උන්දැ Column එහෙක කම්බි බැඳ බැඳ ඉන්දැද්දි වත්ද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. මක් කිව්වා? ගොබිල? හැහ්.......... මගේ ආදර ලොකු පුතාටද ඔය ඔහොම කිව්ව‍ේ.......... :(

      :D

      Delete
    2. කුළුණු ගුණය කියන්නෙ අයියේ, ඔය ඉන්නෙ හිටෙව්ව තැන හිටගෙන ඔහේ බලාගෙන ඉන්න පොරවල්... ආන්න ඒකට...

      Delete
    3. හා හා කමක් නැහැ ඕනෑ දෙයක් කියන්නකෝ

      කුළුණු ගුණෙන් යුතු උතුමන් සිත මහරු
      දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු

      කියලා තමයි මිස්ටර් මුකවෙටි කියලා තියෙන්නේ............... :D (මට කවි පාඩං කියලා පෙන්වන්න ලිව්වා මිසක ඔයාලාට දුදනන් කිව්වේ නැහැ ඔන්න)

      Delete
  6. එතරම්ම තේරුණේ නැහැ අරුත ලස්සන අදහසක්

    ReplyDelete
    Replies
    1. මොකද්ද බොල මේ කියන අපබ්බරංසෙ ඉඳගෙන? එතරම්ම තේරුණේ නැතිලු අරුත ..ඒත් ලස්සන අදහසක්ලු..තේරුණෙ නැත්තං අදහස ලස්සනයි කියල කියන්නෙ කොහොමද ඉඳගෙන?

      කියාපං මෙහෙම...එතරම්ම තේරුණෙ නෑ අරුත. එත් වචන ලස්සනයි...තේරුණාද ඉඳගෙන?

      Delete
    2. නැහැ මං කීවේ මේකෙන් කියන්න අදහස් කල දේ අලුත් දෙයක්,, ඒත් පද පේලි මට තේරුනේ නැහැ :)

      Delete
    3. ඒකට මක් වෙනවද අපූර්වී....... ස්තුතියි කොමෙන්ටුවට

      Delete
  7. කවිය හොදයි වචනත් ගැලපෙනවා එල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩි ශාන්

      Delete
  8. චාර්ලිසාට නං කවදාවත් රජකම හම්බවෙන එකක් නෑ..පව් අසරණයා..

    ඔය චාර්ලිසා උපන් දිනේ තියනවනෙ. ඔය දවස ඇවිල්ල බොහොම බලගතු දවසක්. උපදින්නෙම ඉතාම බුද්ධිමත්, සංවේදී, සෙනෙහෙබර, බහුශ්‍රැත මහා පුරුෂයො. රජකමක් උනත් ආය නෑ ඇස් වහගෙන බාර දුන්නෑකි. ඒත් අවාසනාව කියන්නෙ එයාලට රටේ ලෝකෙ ලැබියයුතු පිළිගැනීම නොලැබෙන එක..මොනව කරන්ටද? ලබා උපන් හැටියටමලු බබා වැනෙන්නේ බොලේ බබා වැනෙන්නේ...:(

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ඉතිං ඔය දවස ගැන... මං හිතන්නේ චාර්ලිසාත් රට ගියා නං හරි... :D

      චාර්ලිසා ඊ ගාව රජ කියලා තමයි දැන් දැන් කියන්නේ. චාර්ලිසා එංගලන්තේ මෙතෙක් කාලෙකට රජකම වෙනුවෙන් වැඩිම කාලයක් බලාගෙන හිටපු කෙනා කියලාත් කියනවානේ. අලුත් කුමාරයා තර්ඩ් ඉන් ලයින් කියලා කියනවානේ. ඒ කැමිලා නිසා රජකම නැති වෙනවා කිව්ව කථා අපිට විතරයිද කොහිද මතක

      Delete
    2. පිස්සුද බං? එළිසබෙත්තක්ක ඕක දාල යන්නෙ නෑ මැරූකොට...තර්ඩ් ඉන් ලයින් නෙවෙයි ෆිෆ්ත් ඉන් ලයින් ආවත් උන්දැ නෝ හෙල්ලුං පොල් මැල්ලුං. මට විස්වාස කටයුතු ආරංචියක් ආව වයස හින්ද උන්දැ අයිංවෙලා වල්ලබයට රජකම දෙන්ට පැලෑන් එකක් තියේය කියල. කිං පිලිප් නොහොත් කිං වල්ලබ....

      Delete
    3. අනේ අසරණ පිලිප් ආදිපාදතුමා... :(

      Delete
  9. ඇස් ලොකු කරගෙන බලා ඉන්නේ ඈත තියෙන ඔටුන්න දිහාද කොහෙද.....

    Good Luck To Your Highness Prince William , You & Gorgeous Little Prince George of Yours!!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පිංතුරය ගත්ත අවස්ථාවේ සිද්ධ වුනේ මේකයි

      https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/1510364_10151809136771048_187887503_n.jpg

      Thank you very much arugeadaviya

      Delete
    2. ඒ ෆොටෝ ටික තවත් ලස්සනයි. හුරුබුහුටි පැටියෙක්.

      Delete
  10. කින්ග් ජෝජ් චණ්ඩි මූනක් හදන් ඉන්නෙ..හරි ෂෝක්.
    ලස්සන කවියක් රන්දිල්..අම්මලට කොහොමත් පුතාල කවද හරි ලොකු හය්යක්නෙ, දූලා ඉතින් තාත්තලගෙනෙ :)

    ReplyDelete
    Replies
    1. දෙන්නට ම ආදරෙයි, ඒත් පුතා කවදා හරි කඩවසම් ඉලන්දාරියෙක් වෙනවා කියලා හිතෙද්දි හරිම සතුටක් දැනෙනවා

      Delete
  11. එසෙම වෙවා එහෙනන්

    ReplyDelete
  12. වාසනා වේවා !! ලස්සන පද ගැලපුම

    ReplyDelete
    Replies
    1. සිංදුවා දන්නවද මන්දා මගේ මහත්තයාගේ නම වාසනා :)

      Delete
  13. //සෙමින් එකිනෙක
    කෙස් පැහීගෙන එන
    වියපත් කාලය
    අදද නෙත් හමුවට
    කැඳවයි එවන්
    සොඳුරු තරුණන්//

    චිකේයියා... ඔහොමත් කියනවද?

    හරි හරි එහෙනං අපිත් කවද හරි කියන්නංකෝ..
    "ජෝර්ජ් මහ රජා ගුණ කඳ කරමු සිහි සොඳා" කියලා..

    ReplyDelete
    Replies
    1. මොකෝ චිකේයියා, නෙත් හමුවට කැ‍ෙඳෙව්වට හිත හමුවට එන්න බැහැ එයාලාට. ඒ වගේ අය දැක්කහම මට හිතෙන්නේ ම අනේ අපේ පුතාත් මේ වගේ හොඳ ගතිගුණ තියෙන, දක්ෂතා ඇති දරුවෙක් වෙන්න ඕනෑ කියලාමයි :)

      Delete
  14. අක්කේ මේක කියවලා මට හිතිච්ච දේවල් කොහොම වචන කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ. ඒ මගේ හිතත් දැන් මේ වගේ සිතුවිලි වලින්ම පිරිලා නිසා වෙන්න ඇති. කියාගන්න බැරි තරම් ලස්සන, සුන්දර ප්‍රාර්ථනාවක් අක්කේ. චූටි පුතාට බුදු සරණයි!

    ReplyDelete
  15. කවියයි පැටියයි දෙන්නම ලස්සනයි..

    ReplyDelete
  16. මගේ ආදර සුබ පැතුම් සමග ලොකු උම්ම එකක් මේ සමග එවමි ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...