Tuesday, April 8, 2014

252. අටළොස් වසක් තුල සිව් වරක් හද බිඳීගිය අනතුරුව - After 18 Years & 4 Heartbreaks Finally We Are The Kings Again..

Image - cricinfo

යන්තමට ඉංගිරිසි අකුරක් කියව ගන්ට පුලුවන් වෙන කාලෙ ඉස්සෙල්ලම මම කියවන්ට ගත්තෙ ඩේලි නිව්ස් එකේ අන්තිම පිටුව. ක්‍රීඩා පිටුව. ඒකෙ තුන්කාලක් වගෙ ඇරිල තිබ්බෙ ක්‍රිකට් තරඟවල විස්තර වලට. පාසල් තරඟ, අන්තර් සමාජ තරඟ ඊට පස්සෙ අන්තර් ජාතික තරඟ ඔය ඔක්කොගෙම ලකුණු විස්තර හිටං දල තිබ්බ ඩේලි නිව්ස් ක්‍රීඩා පිටුවෙ.ඒ දවස්වල පත්තර කඩදහිවල කොලිටි එක අන්තිම බාලයි. මුද්‍රණ තීන්තත් ඒ වගේ. සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් විදේශ විනිමය නිකුත් කිරීම දැඩි පාලනයකට යටත් කරල තිබ්බ නිසා කොහොමත් ලෝ කොලිටි බඩු තමයි ලංකාවට ආවෙ. 

ක්‍රිකට් තරඟවල ඡායාරූප දැම්මම එව්වයෙ ඉන්නෙ මොක්කුන්ද කියල අඳුනගන්ට මෙලෝ යකෙකුට බෑ. ඔක්කොමල කලුම කලුයි. ඕන ක්‍රිකටර් කෙනෙක් වෙස්ට් ඉන්ඩීස් කාරයෙක් වගෙ. 60-61 කාලෙ වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ඕස්ට්‍රේලියාවෙ ටුවර් එකක් ගිහිල්ල තියනව. දෙපිලම සමළකුණු ලබා ජය පරාජයෙන් තොරව අවසන් වූ ක්‍රිකට් ඉතිහාසයෙ මුල්ම ටෙස්ට් තරඟය ඇවිදිල්ල හිට ඒ තරඟාවලියෙ මුල්ම තරඟය ..පැවැත්වුනේ බ්‍රිස්බේන් වල.

සෝබර්ස්, වොරල්, හෝල්, ඇලෙක්සැන්ඩර්, හන්ට්, සොලමන්ස් බටහිර ඉන්දීය ක්‍රීඩකයො....බෙනෝ, ඩේවිඩ්සන්, ඔනීල්, මෙකිෆ්, ග්‍රවුට් ඕස්ට්‍රේලියන් කට්ටිය. අඩ සියවසකටත් එහා මම ඉපදෙන්නත් කලින් ගහපු තරඟයක් ගැන මේ හැටි කතාකරන්නෙ මොන කෙහෙල් මලකටද කියල සීයට අනූනමයකට හිතෙන්න පුලුවන්. ඒකෙ අවුලක් නෑ. එහෙම හිතෙන එක සාධාරණයි.ඒත් ක්‍රිකට් උණ කවදාවත් සුවනොවෙන විදිහට සරීරයට පත්තියං වෙච්චි කෙනෙකුට ඒක බොහොම සාමාන්‍ය දෙයක්.

If You Truly Believe In God you don’t have to ask why. If you have to ask why there is no point in trying to get an answer

ඔන්න ඔය වගෙ කතාවක් මීට කලින් අහල තියනවද? මටත් හරියට මතක නෑ ඕක මම කොහෙහරි කියවපු එකක්ද නැත්තං ඔය සකෘදාගාමී තත්වයට වගෙ පත්වෙච්චි වෙලාවට මගෙ ඔලු ගෙඩියට ආපු කල්පනාවක්ද කියල. හරි කොහොමහරි මට කියන්ට ඕන කලේ මේකයි. ක්‍රිකට් උණ ගැන විමසන ඒ වගේම ඒ ගැන අහල පුදුම වෙන අයට කියන්ට තියෙන්නෙත් මේං මෙච්චරයි.

If You Are a True Cricket Lover You Don’t Have To Have An Explanation & If You Do Want An Explanation There Is Just No Point In Explaining.

රයිට් අර වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ඔන්න කොහෙද ටවුමක් මැදින් යනවලු මැච් එකක් ඉවර වෙලා හොටේල් එකට යන්ට. අතරමඟ ට්‍රැෆික් ලයිට් එහෙක නැවත්තුවලු ඔන්න බස් එක. එතන පාර අයිනෙ හිටියලු වයසක ජෝඩුවක්. මහත්තය නෝනට ඇඟිල්ලෙං ඇනල කිව්වලු " Hey look, Those Are The West Indian Cricketers " කියල... නෝන කිව්වලු " Can't See Them Dear , I Have My Dark Glasses On "

ක්‍රිකට් ගැන මම උනන්දු වෙන්ට පටන් ගත්තෙ ඉස්සෙල්ලාම 1974 අවුරුද්දෙ. ඒ අවුරුද්දෙ ආව ඉන්දියානු කණ්ඩායම ලංකාවට. එතකොට අපිට ටෙස්ට් තත්වය ලැබිල නෑ. නිල නොවන තුන්දින ටෙස්ට් තරඟ දෙකක් ගැහැව්ව. වඩේකර් තමයි කැප්ටන්. තව හිටිය ගාවස්කා, සොල්කා, ෂිවල්කා, මදන්ලාල්, ගෝපාල් බෝස්, සල්ගෝන්කා, මන්කඩ් සහ පාටෙල්.

අනුර තෙන්නකෝන් අපේ නායකය. නිල නොවන ටෙස්ට් තරඟ දෙකේදිම අනුර ගැහැව්ව සෙන්චරීස්. දෙවෙනි එකේ නොදැවී 169ක්.මෙවාන් පීරිස්, ඕපාත, කළුපෙරුම, වර්ණපුර, රංජිත් ප්‍රනාන්දු, අජිත් ද සිල්වා, සුනිල් වෙත්තමුණි අනික් ක්‍රීඩකයො. මට ඔය ඉන්ඩියන් තරඟ බලන්ට යන්ට බැරිඋනා. ඉස් ඉස්සෙල්ලාම අන්තර් ජාතික තරඟයක් කියල බලන්ට ගියේ ඊට පස්සෙ අවුරුද්දෙ වෙස්ට් ඉන්ඩීස්ල ආපුවහම. හරි ඒ ගැන කියන්ට ගියොත් මේක ඉවරවෙන මංගල්ලයක් නෙවෙයි. ක්‍රිකට් සමඟ මගේ ජීවිතය කියල කොටස් විස්සක් තිහක් වගෙ දිහට ලියන්ටයි හිතාගෙන ඉන්නෙ එතකොට බලමු. පාසල් තරඟ, අන්තර් සමාජ තරඟ, අන්තර් ජාතික තරඟ ඔය කොව්වත් ගැන..

පත්තරවල පල වෙච්ච ෆොටෝස් සහ මැච් එකෙන් මැච් එකට ස්කෝර් කාඩ්ස් කපල පොත්වල අලවපු එකත් මම පිස්සුවෙන් වගෙ කලේ ඒ කාලෙ. 1974 ඉඳල 1983 වගෙ වෙනකල් එහෙම කපල අලවපු මහ විසාල පොත් එක හත අටක් තාම තියනව මහිතේ අපෙ මහ ගෙදර. ආයම ගිය වෙලාවක හොයල බලන්ට ඕන.

රයිට් ඔය කාලෙම තමයි කෑගල්ලෙ අපි හිටපු කච්චේරි නිලනිවාසෙට යාබද නිලනිවාසෙට අලුතෙන් කට්ටියක් පදිංචියට ආවෙ. ඒ අන්කල් වැඩ කලෙත් කච්චේරියෙම ඉඩං අංසෙ. පුත්තු තුන්දෙනෙක් හිටිය මගෙ වයසට කිට්ටු වයස් වල. එයාල හැමදාම හවසට මිදුලෙ ක්‍රිකට් සෙල්ලම් කලා. මම ඉස්සෙල්ලම බැට් එකක් ඇල්ලුවෙ බෝලෙකට පාරක් ගැහුවෙ එයාල එක්ක. ටික දවසකින් අපි තව අහල පහල අපේ වයසෙ කොල්ලො කුරුට්ටො එකතු කරගෙන ක්‍රිකට් ටීම් එකක් සංවිධානය කලා.

අපි හිටපු හරියට කිව්වෙ නාගොල්ල කියල " නාගොල්ල ක්‍රිකට් ක්ලබ් " අපේ කණ්ඩායමේ නම.කෑගල්ල නගරය පහුකරල නුවර පැත්තට යනකොට වම් අත පැත්තෙ තියෙනව නගර ශාලාව. ඒ එක්කම කන්ද උඩ පොලීසිය. ඒ දවස්වල පාරෙ යන එන රියදුරන්ට පෙනෙන්ට පොලීසියෙ පාර පැත්තෙ බිත්තියෙ ලොකු අකුරෙං ලියල තිබ්බ " ඔබේ වේග
 මරුවා කැඳවයි " කියල. පොලීසියත් එක්කම පල්ලෙහා කොළඹ නුවර පාර අයිනෙම තිබ්බෙ පොලිස් ක්‍රීඩාංගණය. ක්‍රීඩාංගණය කිව්වට මේ බොහොම කුඩා අල්ලක් විතර එකක්. අත දිගඇරල පාරක් ගැහුවොත් බෝලෙ එක්කො කොලඹ නුවර පාරෙනුත් එහාට උඩිම්ම ගිහිල්ල හිට එතනම පල්ලෙහා ගලාගෙන ගිය ඔයේ. නැත්තං කොළඹ දිහාට යන බස් එකක.

අපේ මහා ක්‍රිකට් තරඟ පැවැත්වුනේ ඔන්න ඔය අල්ලක් විතර ක්‍රීඩාංගනයෙ තමයි. සති දෙහෙකට සැරයක් වගෙ සෙනසුරාදා හෝ ඉරිදා උදේ නමයෙ විතර ඉඳල දවල් දොළහ වගෙ වෙනකල්. අපේ ප්‍රතිවාදීන් ඒ ලඟම තිබ්බ පොලිස් නිලනිවාසවල හිටපු කොල්ලො කුරුට්ටො.පොලිස් ස්පෝට්ස් ක්ලබ්... අන්න උංගෙ නම හෙහ්, හෙහ්,සෑහෙන කාලයක් තිස්සෙ...අවුරුදු දෙකක් විතර ඔය නාගොල්ල ක්‍රිකට් ක්ලබ් වර්සස් පොලිස් ස්පෝට්ස් ක්ලබ් ටෙස්ට් තරඟාවලිය පැවැත්වුනා. ඊට පස්සෙ ඉතිං ජීවිතේ වියයුතු ලෙසම අපි එකිනෙකා විසිරිලා ගියා.

අප්පච්චිට අනුරාදපුරේට මාරුවීමක් ආව. ඊටත් පස්සෙ මම කොළඹ ආව. ඒ ක්‍රිකට් ගහපු යාලුවො අද කොහෙ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. හරි ජීවිතේ හැටි එහෙම තමයි. ඒකෙ අවුලක් නෑ. ආ තව එකක් කියන්ට ඕන. ඔය අපි සෙල්ලම් කරපු පිට්ටනිය කිට්ටුව ඒ කාලෙ හිටිය රූකාන්ත ගුණතිලක සහ අශෝක හඳගම. ඒ හරියෙ පදිංචිද එහෙම නැත්නම් ඒ කිට්ටුව කාගෙ හරි ගෙදරකට ආව ගියාද මට මතක නෑ කොහොම හරි දෙතුන් පාරක්ම දැක්ක කියල මතකයි. ඒ දවස් වලත් ඒ දෙන්න තරමක ජනප්‍රියයි.

කොළඹ ගියාට පස්සෙ ටීම් හදාගෙන මැච් ගැහිල්ලනම් නැවතුනා. ඒ වෙනුවට මැච් බැලිල්ල නැඟල ගියා. කැම්බල් ප්ලේස්, කැම්බල් පාක්, ආනන්ද මාවත., රීඩ් ඇවනිව්, ඩාර්ලි රෝඩ් ඒ පාසල් ක්‍රිකට් තරඟ, ඊට පස්සෙ බ්ලූම්ෆීල්ඩ්, නොමෑඩ්ස්, බී.ආර්.සී, එන්.සී.සී. ඒ ක්ලබ් මැචස්, සී.සී.සී., ඕවල්, එස්.එස්.සී, ඒ අන්තර් ජාතික තරඟ, 77 අවුරුද්දෙ එංගලන්තය සහ ඩෙරික් රොබින්ස්ගේ කණ්ඩායම, 79 - වෙස්ට් ඉන්ඩීස් සහ පකිස්තානය.... ක්‍රිකට් ක්‍රීඩාවටම ඇලී ගැලුනු ජීවිතයක් ඒ කාලෙ ගත උනේ ඇත්තම කිව්වොත්.

වියයුතු පරිද්දෙන්ම කොළඹ අතැරල ගියයින් පස්සෙ ක්‍රිකට් බැලිල්ල නම් එහෙම්ම අභාවයට ගියා. ඒත් පත්තර සහ ටී.වි. එකෙන් අන්තර් ජාතික තරඟ ගැන විස්තර හොයා බලන එක මම කවදාවත් අතඇරියෙ නෑ. 1982 පළවෙනි ටෙස්ට් තරඟය බලන්න මම අනුරාදපුරේ ඉඳල කොළඹ ආව. ඒ කාලෙ මම අනාගතය ගැන තීරණයක් නැතුව ඔහෙ එහාට එහාට පාවෙවී ගතකරපු ගන්ධබ්බ කාලයක්. 1986 දි ඉන්දියාව එක්ක ප්‍රථම ජයග්‍රහණය ලබන කොට මම රැකියාවක් කරනවා. රුමේෂ් රත්නායක පියාඹලා වගෙ ගිහිල්ල කපිල් දේව් පෙරලා ලබා දුන්නු උඩ පන්දුව රැකගන්නව මම බලා හිටියෙ විදහාගත් දෑසින්.

ඊට පස්සෙ ඉතින් ඔන්න කාලය අනවරත ගමනෙ යෙදුන. ජීවිතේ යම් යම් සබඳතා ඇතිවෙලා නැතිවෙලා ගියා. නොසිතූ විරූ විදිහට ජීවිතේට ලංවෙච්ච ලබැඳි මිතුරො ඒ වගේම නොසිතූ විදිහට සමුගෙන ගියා.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මගේ හද පුරා තිබූ ඇල්ම ඒ විදිහටම නොනැසී පැවතුනා.

1995 මුරලිදරන්ට එල්ලවු පන්දුව දමා ගැසීමේ චෝදනාව අපි යාළුවො අතර බොහොම කතා බහට ලක් වුනා. ඒ වෙනකොට මම කසාද බැඳල අපෙ එතුමි එක්ක ක්වාටර්ස් එහෙක හිටියෙ. " මචං ඔය ඕස්ට්‍රේලියන් කාරයන්ට ගහන්ට ඕන අම්මගෙන් බීපු කිරි මතක් වෙන්ට"  සුමනෙගෙ මූණත් එක්ක ජම්බෙ වගෙ රතු වෙලා තරහටම. " එංගලන්තෙ තියාගන්ට බැරිය කියල එහාට පටවපු හිරකරයොනෙ ඔය.." මමත් උල්පන්දම් දුන්න.

1996 මාර්තු 17 ….සුමනෙ කිව්වත් වගේම අම්මගෙන් බීපු කිරි මතක් වෙන්ට ඔසීලට අපි ගැහුව. ඒ ලාහෝරයෙදි...අන්තිමට අර්ජුනයි අරවින්දයි ජයග්‍රහණය කරා ලංකාව රැගෙන යනව මම බලා හිටියෙ කඳුළු පිරි දෙනෙතින්.

ඊට පස්සෙ ක්‍රිකට්වල බහින කලාව ඇරඹුනා. අර්ජුන අරවින්ද අයින් උනා. අලුත් කොල්ලො ක්‍රිකට් ගහන්ට පටන් ගත්ත. අවුරුදු එකොළහක් ඔහොම ගත උනා. 

*****************************************************

පළමු හද බිඳුම

2007 සීමිත පන්දුවාර ලෝක ශූරතාවය පැවැත්වුනේ බටහිර ඉන්දීය කොදෙව් වල.

අවසාන තරඟය ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 2007අප්‍රේල් 26 බ්‍රිජ්ටවුන් බාබඩෝස් .........ඇඩම් ගිල්ක්‍රිස්ට් නම්වූ පෝරිසාදයා ගොල්ෆ් පන්දුවක් අත්වැසුම තුල බහා කල අමානුෂික පහරදීම එදවස කොළඹ රැකියාව සඳහා පැමිණ පිට කෝට්ටේ අප නවාතැන්ගෙන සිටි නිවසේ සාලයේ සිට මම බලාසිටියේ අදහාගත නොහැකි දෙනෙතිනි.

ඒ පළමු හද බිඳුමයි. That was the first heart break…. 

*****************************************************

දෙවන හද බිඳුම…

ක්‍රි.ව. 2009 ජූනි මස 21 වන දින එංගලන්තය ලෝඩ්ස් පිටිය.....

මේ වනවිට ක්‍රිකට් ලොව මෙන්ම මගේ ජීවිතයෙහිද සැලකියයුතු වෙනස්කම් රැසක් සිදුවී තිබිණ. එක් ඉනිමක් ඕවර 20 කට සීමාවූ 20/20 නොහොත් Twenty/Twenty තරඟ ක්‍රිකට් ලොව පුරා ජනප්‍රිය වෙමින් පැවතින. මගේ ජීවිතයේ සිදුවූ වෙනසනම් රැකියාව උදෙසා විදේශගතවීමට සිදුවීමයි.

එදින රාත්‍රියෙහි කිං ෆිෂර් බීර බෝතල දෙකක් හිස් කරමින් මගේ ලැප්ටොපයෙන් මම ෂාහිඩ් අෆ් රීඩී පන්දු 40 තුල ලකුණු 54 ලබාගනිමින් මගේ හද දෙවන වරටද බිඳ දමනු බලාසිටියෙමි. එහෙත් 20/20 ක්‍රිකට් තරඟ මෙතරම් ජනප්‍රියත්වයට පත්කල ඉන්දීය IPL තරඟාවලිය කෙරෙහි මගේ එතරම් ප්‍රසාදයක් නොවූ හෙයින් ඒ සමඟම 20/20 ලෝක ශූරතාවය කෙරෙහි ද එතරම් තැකීමක් නොකලෙමි. එබැවින් හද බිඳී ගිය බව ඇත්තෙන්ම සැබෑවක් වුවද ඒ පළමු වර පමණ දරුණු නොවීය.

ඒ දෙවන හද බිඳුමයි. That was the second heart break…. 

*****************************************************

තෙවන හද බිඳුම...

2011 අප්‍රේල් 2 - වැන්කඩ් ක්‍රීඩාංගණය, මුම්බායි ඉන්දියාව...සීමිත පන්දුවාර ලෝක ශූරතා අවසාන තරඟය

ශනිදාවක් වූ එදින කාර්යාල දිනයක් වූ නමුදු ලොක්කාට කියා අවසරගෙන කල්වේලා ඇතිව කාර්යාලයෙන් බැහැරවීමි. ස්පාඤ්ඤ ජාති
යෙකුවූ ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව වටහා දීම බොහෝ අසීරුවිය.අවසන යූ ටියුබයෙහිවූ ක්‍රිකට් තරඟයක් ඔහුට පෙන්වා ඒ පිළිබඳව විස්තර කිරීමට මට සිදුවිය. ඊට පෙර වසරේ ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරතාවය ජයග්‍රහණය කළේය. " Cricket is the same as Soccer to you. As you won the soccer world cup last year we are going to win the cricket world cup this year " මම ලොක්කා අමතා පැවසුවෙමි. 

තෙවන හද බිඳුම ඉතාම වේදනාකාරී විය. ශ්‍රී ලංකා ඉනිම අවසානයේ කඩුළු 6 පමණක් දැවී ලකුණු 274 ලබා සිටිහෙයින් අපගේ ජයග්‍රහණය පිළිබඳව මම බොහෝ අපේක්ෂා සහගතව පසුවූයෙමි. එහෙත් පළමු
 ගම්භීර් සහ දෙවනුව ධෝනි එකතුව සාමූහිකව අනුකම්පා විරහිත ලෙස තෙවන වරටද මගේ හද බිඳ දැමුවෝය. 

ඒ තෙවන හද බිඳුමයි. That was the third heart break…. 

*****************************************************

සිව්වන හද බිඳුම - 

2012 ඔක්තෝබර් 7 - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කොළඹ ශ්‍රී ලංකාව - 20/20 ලෝක කුසලාන අවසාන තරඟය

මුල් වටයේ තරඟයකදී ශ්‍රී ලංකාව කඩුළු 9 කින් බටහිර ඉන්දීයයන් පරදවා තිබුණු බැවින් අවසාන තරඟය පිළිබඳව මහත් බලාපොරොත්තු තබා සිටියෙමි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවෙහි අවිනිශ්චිත ස්වභාවය යලි සිහිගන්වමින් මාලන් සැමුවල්ස් සහ ඩැරන් සැමී එකතුව සිව් වන වරටද මගේ හද බිඳ දැමූහ.

ඒ සිව්වන හද බිඳුමයි. That was the fourth heart break…. 

*****************************************************

අවසානයේ ඒ දිනය උදාවිය…….

2014 අප්‍රේල් 6 - මීර්පූර් ධකා බංග්ලාදේශ් - 20/20 ලෝක කුසලාන අවසාන තරඟය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව.විරට් කෝලි යලි පස්වන වරටද මා හද බිඳීමට තැත්කල නමුදු මාලිංග, නුවන් සහ සචිත්‍ර එකතුව අවසන් පන්දුවාර කිහිපය තුල ඔහු බැඳදමා සංගක්කාර ඇතුළු පිතිකරු බලඇණියට පහසු ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට අවස්ථාව සලසා දුන්නෝය. අවසන ඒ කෙසේවත් පහසු ජයග්‍රහණයක් නම් නොවීය. එහෙත් කෙසේ හෝ පස්වන වරට මගේ හද බිඳුම වලක්වා ලීමට ඔවුහු සමත් වූවෝය. හද බිඳුම් සතරෙන් දෙකක ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවා වූයේ සංගාය. අනෙකුත් දෙවර ඒ මහේල විය. මේ තරඟයෙන් පසු 20/20 තරඟ වලින් ඉවත්වන බව ප්‍රකාශකොට සිටි ඔවුන් දෙදෙනාට විජයග්‍රාහී සමුගැන්මක් උදෙසා මඟ පෑදීම සත්‍යය වශයෙන්ම බලවත් ප්‍රීතියට කාරණයකි.

ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් පූර්ව තරඟයට වර්ෂාව හරස්වී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පරාජය වූ බටහිර ඉන්දීය කණ්ඩායමේ නායක ඩැරන් සැමී තරඟයෙන් පසු පුවත්පත් සාකච්ඡාවෙහිදී මෙසේ ප්‍රකාශ කලේය.

" We are a praying team, we know God normally answers our prayers but today, I guess two gentlemen who have played for Sri Lanka, given a lot not only to Sri Lanka cricket but cricket on the whole, I guess the Almighty wants them to leave on a high, so I guess they have one more game to try and win a World Cup and leave on a high. Probably that's the reason why God put a hand in this match. "

Well until now I was not so sure about the Almighty God but may be if what he says is true I might just start believing in God. 

Image - cricinfo

මහේල සහ සංගා ඔබට බොහෝසෙයින්ම ස්තූතියි ...මහත්වරුනි!!!…

Well, Gentlemen Thank you so much for all the pleasure you have given us for a long time and making us real proud of being Sri Lankans!!!

92 comments:

  1. මෙතන වැඩි ක්‍රෙඩිට් එක යන්න ඕන බෝලර්ස්ලට. අර පත්තරවල ෆෝටෝ කතාව නම් සහතික ඇත්ත.. අනුර රණසිංහ දෑහින් දකිනකන් මම හිතාගෙන උන්නේ ඌට ඇස් දෙකක් නෑ කියලා. අපේ අයියා කෙනෙකුත් ක්ලබ් ගහපු නිසා අපිත් පොඩි කාළේ ඉඳන්ම මැච් බලන්න යනවා. මම ඉස්සෙල්ලම බැලුවේ රිච්මන්ඩ් මහින්ද මැච් එකක්ද කොහෙද. උඹ කියන විදිය 77 ආපු ඉන්ග්ලන්ඩ් ටීම් එකේ මැච් එකක්ද කොහෙද ඕවල් එකේ බැලුවා. ඕකේ ජෝක්ස් දාන ප්ලේයර් කෙනෙක් හිටියා ඌ හරි පොපියුලර්. මට නම මතක නෑ. ඒ තමයි පළමු ජාත්‍යන්තර තරඟය. අපිත් ඒ කාළේ මැච් අත අරින්නේ නෑ. අර්ජුනගේ මැච් බලන්නේ ඌ පොඩි කාළේ හිටන්. ඒත් දැනම් දකින් කොටත් අප්පිරියයි. ඕකා කිව්වනේ ඌ හිටියනම් මාලිංග කවදාවත් ටීම් එකේ නෑ කියලා.. ද/න් මොනවා හිතෙනවා ඇද්ද ඌට. අම ඔක්කෝටම වඩා සතුටු ඕකගේ මාන්නේ බින්ද එකට.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      / ඕකේ ජෝක්ස් දාන ප්ලේයර් කෙනෙක් හිටියා ඌ හරි පොපියුලර්. මට නම මතක නෑ. /

      ඒ බං ..ඩෙරික් රැන්ඩල් පිස්සු ලෝකෙ..එක වෙලාවක බවුන්ඩරි එක ගාව ෆීල්ඩ් කරන ගමන් රෝද කරණං ගහගෙන ගහගෙන යනව හතර පහක්. ආය බලං ඉන්න මිනිස්සුන්ට එක එක විදිහට මූණ හදල ඇද කරනව. අන්නාසි කාරයගෙන් අන්නාසි ඉල්ලගෙන කනව.

      එහෙම පිස්සු කෙළියට ඕකා නියම බැට්ස්මන්. ලංකාවට ඇවිල්ල එහෙම්මම ඒ ගමන්ම ඉංග්ලන්ඩ් ටීම් එක ගියේ ඕස්ට්‍රේලියාවට. ඒ 1877 පැවැත්වුනු මුල්ම ටෙස්ට් තරඟයේ ශත සංවත්සරය සමරන්ට සංවිධානය කෙරුනු Centenery Test එකට සහභාගිවෙන්ට. 1977 මාර්තු මාසෙ මෙල්බර්න් වල පැවැත්වුනේ ඒ තරඟය. විශ්වාස කරන්ට බැරිතරම් අපූරුම සිද්ධිය තමයි හරියටම අවුරුදු සීයකට ඉස්සරවෙලා මුල්ම තරඟයෙ ප්‍රතිඵලයම තමයි ආයෙම. Australia Beats England by 45 Runs.... දෙවන ඉනිමෙ ලකුණු 462 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ලබාගත්තෙ ලකුණු 417 විතරයි. රැන්ඩල් ලකුණු 174 ගැහැව්ව.

      ඒ දවස්වල පිටරට තරඟ වලට සහභාගිවෙනකොට එංගලන්ත කණ්ඩායම හැඳින්වුනේ M.C.C. කණ්ඩායම ( Marleybourne Cricket Club ) කියල. එහෙම නැතුව ටුවර්ස් යද්දිත් එංගලන්තය කියල හැඳින්වෙන්න ගත්තෙ මට මතක විදිහට 1979 වගෙ.

      / අර්ජුනගේ මැච් බලන්නේ ඌ පොඩි කාළේ හිටන්. ඒත් දැනම් දකින් කොටත් අප්පිරියයි./

      අර්ජුන ගැන නම් කතාකරල වැඩක් නෑ බං. ඒත් අපි මොනව උනත් දෙමව්පියොනෙ කියල අම්ම තාත්ත කරන ඕන දෙයක් ඉවසනව වගෙ ඔයි යකා වර්ල්ඩ් කප් එක ගෙනල්ල දුන්න එක මතක් කරගෙන මම හිත හදා ගන්නව.

      Delete
    2. හරියට හරි ආන් පොර. කොහොමද බන් ඔය දේවල් මෙමරියේ තියා ගන්නේ ඉරේස් නොකර. මට නම් උඹ ගැන අරූ ගැන හැලපයා ගැන පිස්සු පීකුදු වෙලා ඉන්නේ. මොකක් හරි රහසක් තියෙනවනම් කියාපල්ලකෝ. මට මේ කියවන දේ මේ අමතක වෙනවා බං. කොටින්ම කිට්ටුම අයගේ නම් ගම් හිටන්.

      Delete
    3. මාතලන්,
      ඕකෙ වැඩේ මචං උඹ පෙනෙල කැඳ බොන්න හොරයිනෙ,අපි තුන්දෙනා ඒකෙ අනික් පැත්ත කැඳ මරුවෝ.ඔන්න ඕකයි රහස උඹට නිසා කිව්වෙ කාටවත් කියන්න එහෙම එපා.

      Delete
    4. මාතා. සඳ...රහස කැඳ සහ ළඳ. ළඳ නම් උඹ ඕකේනේ.

      Delete
    5. / කොහොමද බන් ඔය දේවල් මෙමරියේ තියා ගන්නේ ඉරේස් නොකර /

      කෙළවෙලා ගියෙත් ඕකනෙ බං..රැන්ඩල් ගැනයි, ඩබ්.ජී. ග්‍රේස් ගැනයි, ලෙන් හට්න් ගැනයි, ජිම් ලේකර්ගෙ විකට් 19 ගැනයි බ්‍රැඩ්මන් එක දවසෙ 300 ගහපු එක ගැනයි මතක තියාගෙනන උන්නු නිසා මතක තියාගත යුතු දේවල් වලට හාඩ් ඩිස්ක් එකේ කැපෑකුටි මදි උනා. ( කැපෑකුටි කතාව දන්නව නේද? එක එක්කෙනාගෙ කැපෑකුටි වෙනස්... ඒ නිසා මහත්තය ඕකට වැඩි පබ්ලිකුටියක් දෙන්න එපා දැනට හොඳද? ) නැත්තං බං හාඩ් ඩිස්ක් එකේ ලැන්ගර්හැන් දීපිකා ගැනයි, වසා සෛල ගැනයි, ද්විතුණ්ඩ කපාට ගැනයි, සංජානනීය ආබාධ ගැනයි, ජාන කිටුව ගැනයි, F1 ජනිතයින් ගැනයි, පෙරිකාඩියම ගැනයි, පරිකන්තුව ගැනයි,තලස ශාඛ ගැනයි, ටීනියා සෝලියුම් ගැනයි ගබඩා කරගෙන හිටියනම් මටත් මගෙ ජීවිතේ ඒකායන අපේක්ෂාව ඉස්ට කරගන්න තිබ්බ. මොකක්ද දන්නවය? කාටවත් කියන්ට එපා හොඳේ. වී.ඕ.ජී. කෙනෙක් වෙන එක..

      Delete
  2. ඇයි කව්රුවත් මෙතන දිනේෂ් චන්දිමාල් ගැන කතා නැත්තෙ...
    මට අවුල... මං කියන්නෙ මොකද්ද කියල තේරෙනව ඇතිනෙ...

    හදගම නං දන්නෙ නෑ... රූකාන්ත නං කෑගල්ලෙ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නෑ ඒක චන්දිමාල්ගේ තීරණයක් කියලා...

      Delete
    2. මහේෂ් සහ තිසර,

      තීරණය කාගෙ උනත් ඒ වෙලාවෙ ගන්න තිබ්බ හොඳම තීරණය ඒක කියලයි මට හිතෙන්නෙ. මාලිංගට දිගටම ඨ් 20 කැප්ටන්සි එක දෙන කතාවකුත් මම කොහෙද දැක්ක. එහෙම උනත් කමක් නෑ. දිනේෂ් තවම පොඩි කොලුවනෙ. ඌට තව කල් තියනව.

      Delete
    3. ඒක බින්දුමාල්ගේ තීරණයක් නෙමෙයි. සනත්ගේ තීරණයක්, ඔක්කෝම අනුමත කරපු.

      Delete
  3. පත්තරවල ෆොටෝ කතාව... මට අද වගේ මතකයි අසූ ගනන්වල 'ක්‍රීඩා' පත්තරේක අර්ජුන රණතුංගගෙ ෆොටෝ එකට යටින් ඉම්රාන් ඛාන් කියල තියෙනව..

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒ මම හිතන්නෙ වැරදීමක් වෙන්න ඕන. මම කිව්වෙ හැත්තැගණංවල පත්තර කඩදාසි, තීන්ත සහ මුද්‍රණ ශිල්පයෙ අඩුපාඩු නිසා ඡායාරූප අපැහැදිලි වීම ගැනයි.

      Delete
  4. රවියො, ක්‍රිකට් ගැන කතාකරන්න නම්, බඩු ටිකක් හොඳට ලෑස්ති කරගෙන සතියක් විතර නිවාඩු දාල පටන් ගනිමු... හෙහ්.. හෙහ්.

    අර Darren Sammyගෙ දෙය්යොන්ගෙ කතාව අහපු වෙලාවෙ මට යාලුවෙක් කියපු දෙයක් මතක් වුනා..

    මතකනෙ 1999 World Cup එකේ Herschelle Gibbsගෙ ප්‍රසිද්ධ Drop Catch එක.. legend says Steve Waugh said to Gibbs "You've just dropped the World Cup, mate"

    යාලුව කිව්වෙ, ඌට ඒ කැච් එක අත ඇරෙන්නෙ, Steve Waugh ඉන්දියාවෙ අසරණ ළමයි වෙනුවෙන් කරපු දේවල් වලින් ලැබිච්ච පින නිසා කියල..

    ReplyDelete
    Replies
    1. මාලිංග, කෝලිව ඩ්‍රොප් කරපු වෙලාවෙ කමෙන්ටේටර්ස් ලා ඕක මතක් කලා..

      Delete
    2. ඇනෝ,

      / රවියො, ක්‍රිකට් ගැන කතාකරන්න නම්, බඩු ටිකක් හොඳට ලෑස්ති කරගෙන සතියක් විතර නිවාඩු දාල පටන් ගනිමු... හෙහ්.. හෙහ්. /

      අන්න එහෙම වරෙං රයිට් මෙහෙම කරමු. ඕකෙ අමාරු වැඩේ මම බාරගන්නං. ඒ කිව්වෙ කතා කරන එක. ඒකනෙ ඔය කථික තරඟ එතකොට ටෝස්ට් මාස්ටර්ස්ස් ක්ලබ් එහෙම තියෙන්නෙ. උඹ ලෑස්ති කරපන් බඩු. ඔන්න ලේසි වැඩේ බාරදුන්න ..

      උඩ පන්දු අතෑරීම සම්බන්ධ බොහොම රසවත් කථා ගොඩක් තියනව. වෙනම පෝස්ට් එකක් ලිව්වැකි ඒ ගැන...:)

      Delete
  5. 96 මම උසස් පෙළ කරන කාලෙ.... නුවර බෝඩිමේ ඉඳලා ගෙදර ගිහින් තමයි මැච් එක බැලුවේ... සනා සහ කලූ අඩු ලකුණු ගාණකට අවුට් වුණාට පස්සෙ, මට බලා ඉන්න බැරුව ගිහින් නිදාගත්තා. වර්ල්ඩ්කප් එකක් දිනන්න පුළුවන් කියන විස්වාසය ඒ වෙනකොට තිබ්බෙ නැහැ. තාත්තා මට ඇවිත් ඇහැරෙව්වා අන්තිම හරියෙදි... ඒ වෙලාවෙ රතිඤ්ඤා පත්තුවුනා සෑහෙන වෙලාවක් යනකම්...

    2007 මම ඔස්ට්‍රේලියාවෙ... ගිල්ක්‍රිස්ට් ස්කොෂ් බෝලයක් දාගෙන ගහලා, ඊට පස්සෙ වැහැලා, කළුවර වැටිලා ක්‍රිකට් වලට කළු පැල්ලමක් එක් කරමින් අපි පැරදුණු ෆයිනල් එක බැලුවේ බිඳුණු සිතින් සහ කේන්තියෙන්.... ඒ ගැන කතා කරද්දි, ගිල්ක්‍රිස්ට් 'චීට්' කලා යැයි ඔසී මිතුරන්ට කියන්නත් මම පසුබට වුණේ නෑ... ලකුණු පුවරුව

    2009, ෆයිනල් එක ටීවී එකේ නොපෙන්නපු නිසා, කේබල් ටීවී තියන මිතුරෙකුගේ ගෙදරට අපි පිරිසක් එකතු වුණේ, රෑට කන්න මාළු බනිස් සහ රෝල්ස් හදාගෙන... එදත් අසාර්ථකයි... ලකුණු පුවරුව

    ලොකුම සිත් රිදීම තමයි 2011... 30-40 දෙනෙක් මිතුරෙකුගේ ගෙදරට එකතු වෙලා, රෑ කෑම උයාගෙන... මැච් එක බැලුවා... අපේ ඉනිමේ අන්තිම බෝලෙට තිසර හයක් ගහන බවට මම අනාවැකියක් කිව්වා... මගේ නම (සහ උගේ නම ) බේරගෙන තිසරයා දුන්නෙ නැද්ද හයක්... ඊට පස්සෙ තෙන්ඩුල්කාර්, ශෙවාග් අඩු ලකුණු වලට අවුට් වුණා... අපි හිතුවේ බඩුම තමයි කියලා... ඒ සැරේ වුණු හිත් රිදීම නම් සෑහෙන කල් පැවතුණා... ලකුණු පුවරුව

    2012... අර වගේම මිතුරෙකුගේ ගෙදරට එකතු වෙලා බැලුවේ... පළවෙනි ඕවර් 10ට වෙස්ට් ඉන්ඩීස් ලකුණු 32... හිතුවේ දිනුම්ම තමයි කියලා.. ලකුණු පුවරුව

    මේ සැරේ මැච් එක ගැන වැඩි බලාපොරොත්තු තිබ්බෙ නෑ.. ඉන්දියාව බොහොම පහසුවෙන් හැම තරඟයක්ම දිනලා ෆයිනල් ආවේ... අපි සෙමි ෆයිනල් එක උණත් වැස්ස නිසා එහෙම දිනුවට, සම්පූර්ණ තරඟයම තිබ්බා නම්, බොහොම ක්ලෝස් ගේම් එකක් වෙන්න තිබ්බා... නායකයෙකුගේ ප්‍රශ්නය... මහේල, සංගා ලකුණු අතර නොසිටීම... හැබැ‍යි හැම දේම අවාසි අතට තියෙද්දි නොහිතුණාමත් නෙමෙයි අද ඔක්කොම නියමෙට වැඩ කරලා දිනයි කියලා... වැහැලා ග්‍රවුන්ඩ් එක තෙත වෙලාවක වුණත් අපි මුලින් බෝලිං කරන්න ගත්තේ අපිට වාසිකට වඩා ඉන්දියාව චේස් කරලා දිනන පුරුද්ද නිසා කියලා මට හිතුනේ.. කෝලිගේ බැටිං ෆස්ට් ඇන්ඩ් චේසිං ඇවරේජස් වල වෙනස ලකුණු 50 ද කොහෙද.. එදා වගේ බෝල් කිරිල්ලක් නම් සෑහෙන කාලෙකට දැකගන්න ලැබෙන එකක් නෑ. අන්තිම ඕවර් හතරේ යුවරාජ් බෝල 9ට ලකුණු 4යි, කෝලි බෝල 8ට ලකුණු 7යි, දෝනි බෝල 7ට ලකුණු 4. ටොප් ඕඩර් බැට්ස්මන්ලා බැට් කරන වෙලාවක එහෙම හිර කිරිල්ලක් නම් ජීවිතේට දැකලා නෑ T20 වල... වැඩිය ඒ ගැන කතා නොකලට.. එක බෝලයක් වත් නොදැම්මට, මගේ නේම්සේක් ඇවිල්ල හයේ තුනක් වනලා, අපේ බිත්තර තැම්බෙන පපු කූල් කලා... රවි අයියා කියනව වගේම.. අවුරුදු 18ට පස්සේ.... ලැබුණු සතුට නම් කියල වැඩක් නෑ... නිදිමත, වෙරිමත නැතුව ගිහින්, සෑහෙන වෙලාවක් මූණුපොතේ ලයික් දදා හිටියා... උදේම දැක්ක එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් කියලා තිබ්බා "එංගලන්ත කණ්ඩායමට විතරයි හැකි වුණේ ලෝක ශූරයන්ව පරද්දන්න" කියලා, ට්විටර් වල.... ඇඩම් ගිල්ක්‍රිස්ට් නියම උත්තරයක් දීලා තිබ්බා... "එහෙම දිනපු කණ්ඩායම, නෙදර්ලන්තයට ඔවුන්ගේ එකම ජය ලබා දුන්නා" කියලා.

    ReplyDelete
    Replies
    1. තිසර මතක විදියට 2011 අන්තිම බෝලෙට 6 ගැහුවේ තිසර නොවේ මහේල නේද..?

      Delete
    2. R M B 4 6 SR
      DPMD Jayawardene not out 103 159 88 13 0 117.04

      Delete
    3. තිසර හරි තිසර මට වැරදුනා.මතකය අවුල් වෙලා...:

      Delete
    4. තිසර,

      / සනා සහ කලූ අඩු ලකුණු ගාණකට අවුට් වුණාට පස්සෙ, මට බලා ඉන්න බැරුව ගිහින් නිදාගත්තා. /

      ඈ..නිදාගත්ත? ඔය වගෙ වෙලාවක නින්ද යනව කියන්නෙ බං උඹ බොහොම හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් තියන මනුස්සයෙක්නෙ..වෙරි ගුඩ්...වෙරිම වෙරි ගුඩ්...හෙහ්,හෙහ්,

      / ගිල්ක්‍රිස්ට් ස්කොෂ් බෝලයක් දාගෙන ගහලා /

      අඩේ ඒ යස්සය ග්ලව් එක අස්සට දාගෙන හිටියෙ ස්කොෂ් බෝලයක් නේද? මට මතක තිබ්බෙ ගොල්ෆ් බෝලයක්ය කියල. ඒ කාලෙ ඔය කතාව නොයෙක් විදිහට කියල අපි එක එකාව ඇන්දුව.

      " මේ මචං පුදුම වැඩේ නේද අර ගිල්ක්‍රිස්ට් ගොයිය බැඩ්මින්ටන් ෂට්ල්කොක් එකක් ග්ලව් එක අස්සෙ දාගෙන බැට් කලාය කියන්නෙ "

      " නෑ….එහෙම පුලුවන්ද? "

      " පුලුවන් හින්දනෙ බං එහෙම කලේ ….අනික නිකං නෙවෙයි අර ගැහුවෙ හතර අතට එකසිය හතළිහක්ද කොහෙද? "

      මේ තව එකක්……………………

      " ඔය ගිල්ක්‍රිස්ට් බැට් කලාය කියන්නෙ ස්කොෂ් බෝල දෙකක් බෝල් ගාඩ් එක අස්සෙ දාගෙන.."

      " නෑ මම කියෙව්වෙ අර අතේ දාගෙන හිටපු එක ගැන විතරයි. "

      " හරි හරි හැමෝම දන්නෙ ඒ ගැන විතරයි. ඒත් නිකමට හිතපං අතේ ස්කොෂ් බෝලයක් දාගෙන ගහල කොහොමද ඔච්චර පවර් එකක් එන්නෙ?... අරම තමයි කරල තියෙන්නෙ මට ෂුවර්ම ෂුවර්. "

      / ඒ ගැන කතා කරද්දි, ගිල්ක්‍රිස්ට් 'චීට්' කලා යැයි ඔසී මිතුරන්ට කියන්නත් මම පසුබට වුණේ නෑ. /

      චීට් කලාය කියන කතාව මතභේදාත්මකයි මල්ලි නේද? අනික සෙන්චරිය ගහපු වෙලාවෙ මිනිහම නේද බෝලෙ අරං පෙන්නුවෙ? එතකොට අම්පයර්ලට ඕන නම් පියවරක් ගන්න තිබ්බ.දැන් ඔය ස්කොෂ් බෝලෙ ග්ලව් එක ඇතුලට දැම්මම ග්‍රිප් එකට හොඳයි කියලනෙ කියන්නෙ. එහෙමනම් දැං ඔය හදන අලුත් බැටිං ග්ලව්ස් ඔක්කොම අල්ල හරිය එහෙම පැඩඩ් කරල විශේෂ උපක්‍රම යොදල තියෙන්නෙ බැට් එක හොඳට අතට අහුවෙන්ට. එහෙම කලාය කියල ඒක නීති විරෝධී වෙන්නෙ නෑ මම හිතන්නෙ.

      / එදා වගේ බෝල් කිරිල්ලක් නම් සෑහෙන කාලෙකට දැකගන්න ලැබෙන එකක් නෑ./

      ඒකනම් ඇත්තම ඇත්ත. ඒ වගෙ Death Overs Bowling කිරිල්ලක් ආය කවදාවත් දකින්ට ලැබෙන එකකුත් නෑ.

      කොණ්ඩයගෙ බෝල් වැටුනෙ බං හරියට Laser Guided Missiles වගේනෙ. ඕකට කියවුනා දෙතුං පාරක්ම " අම්මට ****, බෝල වැටෙනවනෙ එළකිරි වගෙ "කියල

      දීර්ඝ ටීකාවට සහ හද බිඳුනු ලකුණු පුවරු හතරට බොහොම ස්ත්හ්තියි තිසර...:)

      Delete
    5. //යුවරාජ් බෝල 9ට ලකුණු 4යි, කෝලි බෝල 8ට ලකුණු 7යි, දෝනි බෝල 7ට ලකුණු 4.//
      ඉන්දියන් පිස්සො බනින්නෙ යුව්රාජ් ට විතරයි. ඈත්තටම SL bowling@death හොදකමයි හේතුව

      Delete
    6. //චීට් කලාය කියන කතාව මතභේදාත්මකයි මල්ලි නේද?//

      ඔව් අයියේ ඇත්තටම ඒක වැරදි දෙයක් කියලා මට උණත් හිතුනෙ නැහැ.. මම ඉස්කොලේ ක්‍රිකට් ගහපු ටික කාලෙදි අපිත් ඔය වගේ දේවල් කලා... බොටම් හැන්ඩ් එකට වැඩිපුර බර දාලා ගහන එවුන් බෝලේ උඩ යන එක නවත්තන්න කියලා පරණ ඉනර් ග්ලව් එකක්ම නමලා ග්ලව් එක ඇතුලට දානවා අල්ල හරියට හිටින්න. ඒත් පැරදිච්ච එකට මොනව හරි හේතුවක් තියෙන්නත් එපැයි... ඔසී යාලුවෝ එක්ක ක්‍රිකට් සම්බන්ධයෙන් තිබ්බේ ෆ්‍රෙන්ඩ්ලි රයිවල්රි එකක්... එකිනෙකාව අවුස්සන කතා තමයි කියන්නේ...

      Delete
  6. බලල් හාමිනේ සහ cricket යනු Hermione සහ Quiddich වගේ බැවින් කිසිවක් නොකියමි. ලංකාව දිනූ බව අසා අර ශ්‍රී ලාංකික මෙව්වා එක නම් හොඳට දැනුන බව පමණක් කියමි.

    ReplyDelete
    Replies
    1. // ලංකාව දිනූ බව අසා//
      බැලුවේ නැද්ද මැච් එක ඒ කියන්නෙ....

      Delete
    2. තිසර,

      / බැලුවේ නැද්ද මැච් එක ඒ කියන්නෙ /

      ආය මොනවද? බලල නෑ..බලල නෑ..අම්මාපල් මයෙ මාලු නටන්නෙ ඔය වෙලාවට තමයි...

      Delete
    3. බ.හා.

      / ලංකාව දිනූ බව අසා…../

      මොකටද මම ඉතිං කියන්නෙ එහෙම...දිනූ බව අසා...හුහ්…

      උඹ අහුවෙයං මට….. නැට්ට පතෝල කරලක් වගෙ කරලයි පස්ස බලන්නෙ..බලාපං එහෙනං බොරුද කියල..

      අපි මේ මේ හැටි පෙසර් නග්ගගෙන ඉහිං කනිං දාඩිය දාගෙන මයිල් කොයිල් කරගෙන ඉන්නව ඉහලට ගත්තු හුස්ම පහලට දාන්ටත් අමතක වෙලා. මුන්දලට අඩු ගානෙ මැච් එක බලන්ටවත් බෑ. ඕන්න පේනවනෙ දේස වාත්සල්‍යය...ආගමික උන්මාදය...සංස්කෘතික පුනර්ජීවනය, විකිරණ ශීලී සමස්ථානිකය..කොයි එව්ව උලුප්පල දක්වනව?....ප්‍රදර්සනය කරනව?.......කාටද ඉතිං මෙව්ව කියන්නෙ?

      Delete
    4. හිකි හිකි හිකි හිකිස්... :D :D බැලුවෙ නෑ අනේ.. මෙහෙට මහ රෑ නේ මැච් එක තිබුනෙ.. අනික මට හෙන කම්මැලි අප්පා ඔය ක්‍රිකට්.. මොකද මන්දා.. විකිරනශීලී සමස්ථානිකය නැති හන්දා වෙන්ට ඕන...

      Delete
  7. 2011න් පස්සේ ක්‍රිකට් ගැන තිබුන බලාපොරොත්තු කැඩිලා ගියේ හරියට විදුරු පත්තරයක් ගලේ ගැහුවා වගේ.දැන්නම් අවුලක් නැහැ කණ්ඩායම් හැගීම නැතිව මොන සෙල්ලම කලත් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      පිස්සුද මල්ලි..එහෙම බලාපොරොත්තු අතාරින්ට එපා...කාගෙන ඉමු.කාගෙන ඉමු..;)

      Delete
    2. පිස්සුද බං රවී කපුයියේ,එහෙමත් බලාපොරොත්තු කඩා ගන්නවාද මේ අපි.
      දැන් බලහන් මමම ඔය කෙල්ලෝම කි දෙනෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවාද.:D? මොන කෙලිය වුනත් ඒ බලාපොරොත්තු කඩ ගන්නේ නැහැ.:D
      අනික අපිව ඔය ජිවත් කරවන්නෙත් ඔය බලපොරොත්තුම කියනවානේ...:)

      Delete
  8. සීරීස් එක පටන් ගන්න කොටම ගොඩ දෙනෙක්ගේ දැඩි විශ්වාසයක් තිබුනා ලංකාව ෆයිනල් එයි කියලා. ඒත් කවුරුත් කියපු වගේ ෆයිනල් දිනයිද කියන විච්කිඡ්චාව නොතිබුනා නොවේ..
    ඉන්දියාවේ බැටින් ඕඩර් එක දිහා බලපුවාම අපිට ඉන්දියන් ටීම් එක ෆෝම් වෙලා තිබුනු හැටි බලපුවාම අපි පරාද වෙයිදෝ කියල හිතෙන එක සාධාරණයි..
    මොනව උනත් හැමදේම හොදම විදියට උනා අන්තිම ඕවර් හතර සුපිරිම සුපිරි (වයිඩ් යොකර් ඕවර්)
    අවසානයේ සංගා ට සහ මහේලට ජීවිතේ ලැබිය හැකි හොදම තෑග්ග ලැබුණා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ,

      / ඒත් කවුරුත් කියපු වගේ ෆයිනල් දිනයිද කියන විච්කිඡ්චාව නොතිබුනා නොවේ../

      මල්ලි ෆයිනල් එකක් ගහනව කියන්නෙ විශේෂයෙන්ම ලෝක ශූරතාවයක අවසන් තරඟයක් දිනනව කියන්නෙ කණ්ඩායමේ දක්ෂතාවය තිබ්බටම මදි. මානසික ශක්තිය තියෙන්නෙ ඕන දැඩි පීඩනයට ඔරොත්තු දෙන්න. ඒක හරියට වෙලාවට පාවිච්චි කරපු ටීම් එක තමයි දිනන්නෙ..

      බලාපන් දකුණු අප්‍රිකාව 1992 ආපහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඇතුලු උනාව පස්සෙ අවසන් පූර්ව තරඟයකින් එහාට ගිහිල්ල නෑ කිසිම තරඟාවලියක. මේ ළඟකදි මම දැක්ක මේ කාලය ඇතුලත තරඟාවලි 17 කින් ඔවුන් පරාජය වෙලා තියනවයි කියල. දක්ෂ ක්‍රීඩකයින්ගෙ හිඟයක් තිබ්බද?... ..නෑ.. ඕන තරම් හිටිය හොඳම මට්ටමේ ක්‍රීඩකයො කාලිස්. ක්‍රොන්යේ, පොලොක්,කර්ස්ටන්. කලිනන්, ගිබ්ස්. ඩොනල්ඩ්,ඒත් අර අවශ්‍ය වෙලාවට ඒ Mental Toughness එක නෑ. Chokers කියලයි එහෙම අවසන් වටයෙදි නිතරම පරදින කන්ඩායම් වලට කියන්නෙ.

      Delete
  9. 1960 ගණන්වල අපි කෑගල්ලේ පොලිස් ක්‍රීඩාංගනයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග වලට සහභාගී වුණා. කෑගල්ලට තිබුන හොඳම ක්‍රීඩාංගනය වුණේ මල්වත්ත පිට්ටනිය. අහලා තියනවද? ඒ පිට්ටනියේ තමයි බලවේග පෙහෙකම් හලක් හැදුවේ. (රවුම් පාරේ) ඊළඟට අද තියන ප්‍රධාන බස් නැවතුම්පල තිබුණු ඉඩම මුලින්ම තිබුණු අති විශාල පොල්වත්ත (වික්‍රමසිංහ මහතාගේ) කපලා එතන විද්‍යා මහා විද්‍යාලය නමින් අළුත් පාසලක් පටන්ගන්නවා කිව්වා. මුළු කෑගල්ලම වතුර බීපු හොඳ ලිඳක් යට කළා. ඊළඟට කිව්වා අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක් හදනවා කියලා. අන්තිමට ආවේ බස් නැවතුම්පොළ. කෑගල්ලේ ඉන්න කාලේ කොයි ඉස්කෝලෙටද ගියේ. මම කෑගලු විද්‍යාලයේ 1964 - 1971

    ReplyDelete
    Replies
    1. විචාරක,

      මම කෑගල්ල ගැන දන්නෙ 1972 ඉඳල 1977 වෙනකල්. ඊට කලින් ඉඳල හිටියට බොහොම පොඩියි. මම දන්න කාලෙ මල්වත්ත පිට්ටනියක් තිබුනෙ නෑ.දැන් අලුත් බස් ස්ටෑන්ඩ් එක තිබුන තැන තිබ්බ පොල් වත්ත මතකයි. ඊට උඩින් තිබුනෙ වික්‍රමසිංහ වලව්ව. ඕකෙ ගැහුව ෆිල්ම්ස් කීපයකුත්. මහගෙදර, ඇල්ල ලඟ වලව්ව වගෙ මට මතක විදිහට.

      මම ගියේ සේන්ට් මේරීස් එකට. අපේ කාලෙ කෑගළු විද්‍යාලෙ එක්ක බිග් මැච් එක ගැහුවෙ නෑ. කලින් කාලෙක මොකක්ද විශාල කලබලයක් වෙලා ඒක නවත්තලයි තිබුනෙ මම ඉස්කෝලෙ යන කාලෙ. ඒත් අපේ තිබ්බ හොඳ ක්‍රිකට් ටීම් එකක්. උඩුවර මහින්ද, වාද්දුව සෙන්ට්‍රල්, කලුතර විද්‍යාලය, සෙන්ට් ඈන්ස්, ඉබ්බාගමුව සෙන්ට්‍රල් එක්ක එහෙම අපි තරඟ පැවැත්තුව. තරඟ තිබ්බෙ කෑගල්ල මහජන ක්‍රීඩාංගනයෙ.

      Delete
  10. මුරලිට චෝදනාව ආවේ 1995දිද ඊට පස්සෙද ? මොකද මට මතකයි එක පාරක් ඔය සිද්ධිය විස්තර කරණකොට අර්ජුන රනතුංග කිව්වා, " සනත්ව උපනායකයා නිසා ඒ වෙලාවෙ මම ළඟට් ගත්තා" කියලා. සනත් උපනායකයා වුනේ 1996න් පස්සෙනෙ කොහොමත්.

    ReplyDelete
    Replies
    1. Senna,

      / මුරලිට චෝදනාව ආවේ 1995දිද ඊට පස්සෙද ? /

      සෙන්නා, ඔබ හරි ඒ වගේම මමත් හරි..:)

      මුරලිට පන්දුව දමාගැසීමේ චෝදනාව දෙපාරක් ආවා. මුලින්ම 1995 දෙසැම්බර් 26 වෙනිද බොක්සිං ඩේ ටෙස්ට් එකේදි. ඒ ඩැරල් හෙයාර් විනිසුරු..ඊට පස්සෙ පරීක්ෂණ එහෙම කරල මුරලි නිදහස් කරල තියන අව් අස්සෙ 1998 දි ආයෙම රොස් එමර්සන් ගොයිය මුරලිව නෝ බෝල් කලා බෝලෙ දමා ගහනව කියල. ඒ එංගලන්තෙ එක්ක තිබ්බ එක් දින තරඟයකදි. මහේල ඒකෙ සීයක් ගැහුව මට මතකයි. අනික අපි මැච් එක දින්නත් එක්ක. පස්සෙ ඒ කේස් එකත් විසඳිල මුරලි නිදහස් උනා. එමර්සන් ඊට පස්සෙ අම්පයර් කලේම නෑ ආයෙ.

      ඉන්දියාවෙ හිටිය බොහොම දක්ෂ දඟ පන්දු යවන්නෙක් බිෂන් සිං බේඩි කියල. අපේ කාලෙ බොහොම ජනප්‍රියයි. කාලයක් ඉන්දීය නායකත්වයත් දැරුව. මිනිහ දිගටම කිව්වෙ මුරලි පන්දුව දමල ගහනවමයි කියල. දැනට අවුරුදු පහ හයකට වගෙ ඉස්සර මුරලි මම හිතන්නෙ විකට් 700 ගත්ත වෙලාවෙ මිනිහ කිව්ව " That shold not be called 700 wickets, it's actually 700 run outs" ..කියල :) :) ......මුරලි මිනිහට කිව්ව නඩු දානවයි කියල. ඒ පාර මිනිහ ඒ කතාව ඉල්ලල අස්කරගත්ත.

      Delete
  11. මම මේ දවස් දෙකේම බලන් හිටියේ මොකෝ මේ ක්‍රිකට් ෆෑන්ලා පොස්ට් නොදාන්නේ කියලා මොකද මේ අපි වගේ ක්‍රිකට් ගැන අහුමුළු නොදන්න බොහෝ අය ඉන්නවනේ.
    මට මතක කාලේ සිදත් වෙත්තමුණි කියලා ලස්සන කොල්ලෙක් නම් ක්‍රිකට් ගැහුවා. මම පොඩි කාලේ අපේ අක්කා ගත්ත මල් කතා පත්තර වල ඔය ලස්සන ක්‍රිකටර්ස්ලාගේ ෆොටෝ හෙම දැක්කම ඒවා දෙතුන් පාරක් බලල මතක තියාගන්න පුරුද්දක් මටත් තිබුනා. වර්ණපුර එහෙමත් ඒ කාලේ වෙන්න ඕනේ නේ.
    ක්‍රිකට් වලින් එහාට අරවින්දටයි අර්ජුනටයි සංගක්කාරටයි රොශාන් මහානාමටයි මම ගොඩාක් ගරු කරනවා. මම ඔය මිනිස්සු ක්‍රිකට් ගහනවා දැකලා නෑනේ ඇත්තෙන්ම.
    හැබයි මෙහෙම එකක් මතකයි දැනට මාස කිහිපයකට කලින් අර කොන්ඩේ පාට කරලා ඉන්න මාලිංගට මේ බ්ලොගර්ස්ලාම නේද කණ පැලෙන්න බැන්නේ? දැන් එහෙම බැනපු එකෙක්වත් නෑ වගේනේ මේ අළුත් බ්ලොග් සටහන් කියවද්දි.

    ReplyDelete
    Replies
    1. එහෙම මාලිංගව මරාගෙන කාපු කෙනෙක් තමයි අර්ජුන රණතුංග. එයා කිව්වේ එයා හිටියා නම් මාලිංග කවදාවත් නැෂනල් ටීම් එකට ගහන්නේ නෑ කියල. දැන් මොනවද දන්නේ නෑ කියන්නේ. ඒ විතරක්ය මචං. මාලිංග අර ගොබ්බ පත්තරකාරයන්ට නියම ටෝක් එකක් දුන්න වෙලාවේ ලංකාවේ ඔක්කෝම මාධ්‍යවේදියොයි ෆෙස් බුක් එකේ හාල්පාරුවොයි බ්ලොග් කාරයොයි ඒ යකා මරාගෙන කන්න ගියානේ. අද උන් කතා කරන්නේ මුඛයෙන් නම් වෙන්න බෑ අධෝ මුඛයෙන්ම වෙන්න ඕනා.

      Delete
    2. . // මාලිංග අර ගොබ්බ පත්තරකාරයන්ට නියම ටෝක් එකක් දුන්න//

      සම්පූර්ණයෙන් එකගයි

      Delete
    3. රංගි,

      / ක්‍රිකට් වලින් එහාට අරවින්දටයි අර්ජුනටයි සංගක්කාරටයි රොශාන් මහානාමටයි මම ගොඩාක් ගරු කරනවා. මම ඔය මිනිස්සු ක්‍රිකට් ගහනවා දැකලා නෑනේ ඇත්තෙන්ම. /

      මොකක්ද බං ඒ හතරබීරි කතාව? අපි නම් එවුන් ගැන දන්නෙ ක්‍රිකට් ගහන්ට පුලුවං එවුං කියල විතරයි. ඒ නිසා උන්ට අපි ආදරෙයි. ක්‍රිකට් වලින් එහාට ගරු කිරීමක් කියන්නෙ මොකක්ද කියල මට තේරෙන්නේ නැත.

      / හැබයි මෙහෙම එකක් මතකයි දැනට මාස කිහිපයකට කලින් අර කොන්ඩේ පාට කරලා ඉන්න මාලිංගට මේ බ්ලොගර්ස්ලාම නේද කණ පැලෙන්න බැන්නේ? දැන් එහෙම බැනපු එකෙක්වත් නෑ වගේනේ මේ අළුත් බ්ලොග් සටහන් කියවද්දි. /

      අනේ අප්පෝ..මම නම් බැන්නේ නැත. මෙන්න මම ලියාපු එක…….169. කොන්ත නෝනාගේ කොණ්ඩය, මාලිංගගේ කොණ්ඩය සහ කාගෙ කාගෙත් විනය..Of Hairstyles & Discipline

      Delete
    4. පුජාසනයේ ඔබ හිඳුවා '' කියන සින්දුව කිව්වේ ඔව්වට තමයි. තව සුමානෙකින් මොකක් හරි පලහිලව්වකට මාලිංගගේ පලු ඇරියොත් පුදුමයක් නැහැ .

      Delete
    5. රවියෝ පෞද්ගලික ජීවිතයේ මම උන්ව ආශ්‍රය කරනවා කරලා තියෙනවා. සමහර අවශ්ථාවලදි උන් චැරිටි වැඩ වලට හෙම සපෝට් කරන ඒවා ගැන මම උන්ව අගය කරනවා.

      Delete
    6. රංගි,

      අන්න එහෙම වරෙං...දැන් නෙව තේරුණේ.....:)

      Delete
    7. වැඩ ගොඩක් තියෙනවා... එුත් මෙව්වා දකින කොට මොනවා හරි කොටන්න ඇගිලි නලියනවා.... අර ප්‍රැක්ටිස් මැචස් අතර තුරදි රවී ශාස්ත්‍රි බොහොම උජාරැවෙන් කියනවා "This Indian team is mentally very tough under Dhoni. They are good to win this world cup"...... අපේ ඇගේ මාළු ගගේ නටනවා.... ඒත් කතාව ඇත්ත කියලත් හිතෙනවා..... ඒ අස්සේ දෝනි ඉදං කියනවා "we are talking about a world cup here and we play our best" අපිට බඩුම තමයි කියල ආයෙත් හිතෙනවා......ෆයිනල් එක දවස වෙනකොටත් ඉන්දියාව ඒ තැනට ඇවිත් තිබුනේ දෝනිගේ කැපී පෙනෙන දායකත්වයක් නැතිව... එහෙම නිසා ඕකා යෙිනල් එකේදි කළින් ඇවිල්ලා අර එක සැරයක් වගේ කෙලවයිද කියල සැකයකුත් හිතේ හොල්මන් කරනවා...... ඒනිසා මැච් එක බළන්න පටන් ගත්තෙ අර රවී කියනවා වගේ ආයෙත් හිත රිදවා ගන්න හිත හදා ගෙන.....එත් ෆස්ට් ඉනිනිස් එක ඉවර වෙන කොට මෙන්න හැමදාම කයිවාරු ගහන සංජේ මංජ්‍රේකා නහයෙන් අඩනවා....... හර්ෂා බෝග්ලේත් වෙනදා කරම් ප්‍රාණවත් නැහැ..... ඒවා ඉතිං මැච් එක දිනන බවට නොවරදින සාධක.... හිතුවා වගේම කොල්ලො ටික දුන්නා වැඩේ....
      රවි.. අර ලේසි වැඩේ කොටසක් නම් ඕන වෙලාවක කරතෑකි....... මොන ලේබලේද.... බල්ලන්ට ගහන එකද... දෙයියන්ට ගහන එකද.....

      Delete
  12. ලන්කාවෙ ගල් වගේම මලුත් ඕවර් යන්නෙ නෑහෑ.
    ඉන්දියාවෙ ජනප්‍රිය ක්‍රීඩකයන්ට පාරෙ යන්න කන්න බොන්න ශොපින් කරන්න බෑහෑ ෆෑන්ස්ලගෙන් බේරිලා - උන් mob කරනව.
    මෙහෙ මිනිස්සුට ඒ අතින් නම් මොලේ තියනව

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      / ලන්කාවෙ ගල් වගේම මලුත් ඕවර් යන්නෙ නෑහෑ./

      ඒක ඇත්තටම ලොකු දෙයක් ප්‍රා..ඉන්දියාවෙ පිස්සු හුටංල වගෙ මැච් එකක් පරදින පරදින ගානෙ හල් ගහන්ට ගියානං එහෙම මහ විනාසයක්නෙ වෙන්නෙ...බංග්ලාදේස් කාරයොත් එහෙම පටංගත්තොත් එහෙම මාසයක් දෙකක් යන්ට කලිං ටීම් එකේ එවුංගෙ ගෙවල් තිබ්බ තැංවල ගල් ගොඩවල් විතරක් පේන්ට තියෙයි..:) :)

      Delete
  13. මේ ගැන නං එළිවෙනකන් හරි කතාකරන්න බැරියැ මචං බොන්න මොනා හරි ලං කර ගත්තම.1975දි ඇල්වින් කලිචරන් කැප්ටන් කරගෙන වෙස්ට් ඉන්ඩීස් ටීම් එකක් ආව උඹට මතකද, අන්න ඒ මැච් එක තමා එස් එස් සී එකේ මං බලපු මුල්ම ඉන්ටර්නැෂනල් මැච් එක.ලංකාවෙ කැප්ටන් අනුර තෙන්නකෝන් උන් එදා අපිට ගැහුව දොඹ යන්න.

    ReplyDelete
    Replies
    1. හැලප,

      1975 ආපු වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ කැප්ටන් කලිචරාන් නෙවෙයි . ක්ලයිව් ලොයිඩ්. එස්.එස්. සී. එකේ ඒ වෙලාවෙ වන් ඩේ මැච් එකක් ගැහුව ඒත් ඒක දරුණු විදිහට පැරදුනේ නෑ.

      මචං උඹ ඔය කියන්නෙ 1979 ආපු වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ගැන. ඒ පාරනම් වන් ඩේ ගේම් එක කැත විදිහට පැරදුනා. කොහොමහරි ෆස්ට් බැට් කරල අපිට සීයක් ගහන්න උනේ නෑ. 90 හෝ 92 වගෙ ඕල් අවුට්. එවුං ගැහුව ඒ ගාන විකට් දෙකකට වගෙ. මැච් එක දෙක වෙනකොට ඉවරයි. පස්සෙ වෙස්ට් ඉන්ඩීස්ල දිගටම බැට් කලා මිනිස්සුන්ට මොකක් හරි ආතල් එකක් දෙන්ට. ඒත් ඒක මහ විහිලුවක්නෙ. පස්සෙ 3 වගෙ වෙනකොට ගේම නැවැත්තුව.

      තාවකාලික පොල් අතු මඩු ගහල තිබ්බ පිට්ටනියෙ කොටසක. මිනිස්සු එව්වට ගිණි තිබ්බ. පස්සෙ පොලීසියෙං බැටන් චාජ් කරල එලෙව්ව. මමයි මගෙ යාලුවොයි ඔය ආතල් එක බලන්ට ලඟටම කිට්ටු වෙලා හිටියෙ. පණ එපා කියල දුවල බේරුණෙ.

      Delete
    2. අන්න හරි මචං අන්න හරි,වෙස්ට් ඉන්ඩීස් නෙලන්න ගත්තම අනුර තෙන්නකෝන් ටීම් එකත් අරං ග්‍රවුන්ඩ් එකෙන් එළියට ආවා,එතකොට තමා නැවතුනේ.
      ඔය ගින්න මට අද වෙච්ච එකක් වගේ මතක් වුනා අපි හිටියෙ ඊට ගොඩක් එහයින්.මතකය අවදි කලාට උඹට බොහොම ස්තුතියි.

      Delete
    3. මුං සේරම පුදුම විදියට නාකියි... හැබැයි වයසට නොගැලපෙන තරං මතකෙ නං තියෙනව! අනුර තෙන්නකෝන්ලටවත්, ක්ලයිව් ලොය්ඩ්ලටවත් නැතුව ඇති ඔච්චර හොඳට ඔය ටික මතක!! හෙහ් හෙහ්... (අන්න එහෙමනෙ මේකෙ හිනාවෙන්න දාන්නෙ නේද?)

      Delete
    4. Priyantha,

      / මුං සේරම පුදුම විදියට නාකියි.. /

      මොකක්ද බොල ඒ කතාව? දැං ඔය පුදුම විදිහට නාකියි කියන්නෙ අවුරුදු කීයෙං එහා වයස එවුංටද? කියාපං බලන්ට නාකි සහ පුදුම විදිහට නාකි දෙකොට්ටාසෙ බෙදෙන සීමාව කොතනද කියල...හෙහ්,හෙහ්,

      / හෙහ් හෙහ්... (අන්න එහෙමනෙ මේකෙ හිනාවෙන්න දාන්නෙ නේද?) /

      ආන්න හරි එහෙම තමයි හිනා වීමේ පිළිගත් සම්ප්‍රදාය..ඒත් අපේ උන්දැ ඔහොම හිනාවෙනවට කැමතිම නෑ..මම ඔහොම හිනා උනාම මට බණිනව..

      " මොකද ඔය හිනාවෙන විදිහ? "

      " මේ මම අර මගෙ බ්ලොග් එකේ හිනාවෙන විදිහනෙ.."

      " ඒ බ්ලොග් එකේ ඔහේ එහෙම හිනා වෙන්ට. ගෙදරදි එහෙම බෑ. මොකක්ද හැබෑටම ඔය නහය කුණු වෙලාවගෙ ෂික් වස කැතයි "

      Delete
  14. ඔය හැත්ත හතේ මැච් උඹල බලන කාලෙ අපි කිරි වරාපු පැටව්. ඒ උනාට මොන මගුලක් හින්ද හරි ක්‍රිකට් උණ ඒ කාලෙ ඉඳල මටත් තිබ්බ.

    අපි පිරිවෙන පාරෙ හිටුපු කාලෙ ක්‍රිකට් ගහල පොළිසිත් ගියා. මොකද ග්‍රවුන්ඩ් එක අපේ පොඩි පාර. ඕකෙ ගහන්න පුලුවන් ඩ්‍රයිව් එකක් විතරයි. දෙපැත්තෙ වතුවලට ලකුණු නෑ. ඒත් එක වත්තක් තිබ්බ ඒකට ගියොත් අවුට්. මොකද අයිතිකාරය ළමයි නැති ලෝයර් කෙනෙක්. එක පාරක් එකෙක් තඩි කුරුස පාරක් ගහල අර ලෝයර්ගෙ ගෙදර ජනේලයක වීදුරුව සල බාං ගාල බිම. ඉදියරියට උදාවෙන අයහපත් කාළගුණය ගැන හිතල අපි මැච් නවත්තල ගෙවල් වලට විසුරුනා. පැයක් දෙකක් යනකොට මෙන්න අල්ලපු වත්තෙ ගලික්ස්සෙ පොළිසියෙ රාළහාමිල දෙතුන්දෙනෙක් ජීපුවක් පුරෝල ඇවිත් පාරෙ මුලම උන්නු ජගත්, මම, යමීන් ලසන්ත වගෙම ඒ වෙලාවෙ එතන උන්නු අපේ අම්පයර් පසුව නළු පාලිත පෙරේරවත් කුදලන් පොළිසි ගියා. පස්සෙ මුළු ටීම් එකම ගේන්න කියල තිබ්බ අරුන් නිදහස් කරන්න. අන්න එතකොට අනෙක් උන්ගෙ අම්මල තාත්තලත් තමන් දන්න කලර්ස් දාල ඇතුළත්මුදළාලිගෙ කෝල් එකක් හරහ අපිව සීරීමක්වත් නැතිව ගෙවල්වලට එව්ව.

    ඉස්සර ඇස්ට්‍රා මාජරින් වලින් පොඩි ර්වුම් ස්ටිකර් දුන්න ලංකාවෙ ක්‍රිකටර්ලගෙ. තාම අසන්තද මෙල්ගෙ ස්ටිකර් එක ගෙදර තීනව.

    අර රොමේෂ් කැච් එක ඇල්ලුවයින් පස්සෙ අපේ ලෝකෙ වීරය ඌ. අපිත් ඉතින් ඉස්සර ඉත්තැකූරු කොන්ඩෙට උඩින් ඔළුවට බෑන්ඩ් එකක් දාගෙන හය්යෙන් දුවන් ඇවිත් හිමීට බෝලෙ දානව රුමීෂ් කියල හිතාන. එහෙම නැත්ත දණ නවල ස්වීප් එකක් ගහල ඉන්නව රෝයි ඩයස් වගේ.

    ක්‍රිකට් පොත් කියල රූප කපල එකතු කරපු වැඩේට අසූ ගනන්වල ලොකුම උදව්ව උනේ ක්‍රීඩා පත්තරේ. ඒ කාලෙ හොඳ ක්‍රිකට් පොතක් තියෙන එකාට තිබ්බෙ මාස සැලකඉල්ලක්. මම ගත්තෙ අක්කගෙ බයෝ ෆීල්ඩ් බුක් එක. කැරපොත්තොන්ගෙ රූප වැහෙන්න ක්‍රිකටර්ස්ල.

    මම මුලිම්ම ඉන්ටර්නැශනල් ක්‍රිකට් ටීම් එකක් දැක්කෙ වෙස්ට් ඉන්ඩියන්සල මොරටුවෙ මැච් එකක් ගහන්න ආවම. කලින් දවසෙ ප්‍රැක්ටිස් වෙලාවෙ කෙල්ම්ම ග්‍රවුන්ඩ් එක ඇතුඅලට ගිහින් අර පොල් ගස් බුවාලගෙ අස්සන් ක්‍රිකට් පොත්වල ගහගෙන ආවෙ මාර ආඩම්භරෙන්. ඒ එක්කම මොරටුවටත් බැස්ස ආර්යාවගෙ අත ඉඹපු මරු ජොලි බුවා තමයි ඔස්ට්‍රේලියාවෙ මැතිව්ස්. ඌත් පිණුම් ගහපු විකාර කරපු ඩයල් එක.

    තව කෝටියක් දේ ඇති ලියන්න. ඒත් ඉතින් පොඩි එකා ගන්න යන්න ඕන. අර කිව්ව ඉන්ටර්නැෂනල් හමුව තිබ්බ දාක කතා කරමු. මම ඔය පැත්තෙ හෙට එනව. අඩු ගානෙ හැළපෙවවත් හම්බුවෙන්න ට්‍රයක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. උඹ ලෑස්ති කරපං මචං ජුලි මාසෙ හරි ඊට පස්සෙ හරි මමයි පවුලයි දෙන්නම එනවා.රවියටත් ආරාධනා කරපං.අපේ නවාතැන් කෑම බීම ගැන වද වෙන්න එපා ඔක්කොම තියෙනවා මුණගැහුනොත් ඇති.

      Delete
    2. @ ඉන්දික......උඹට පොඩ්ඩක් නම ටැපලිලා.. නළු පාලිත සිල්වා. හේන රෝඩ් නේද ගියේ. මම අහලා තියෙනවා පොර ක්‍රිකට් දිගටම ගැහුවානම් ලංකාවට ගහන්න එන්න තිබුනා කියලා.

      Delete
    3. ඉන්දික,

       / අර පොල් ගස් බුවාලගෙ අස්සන් ක්‍රිකට් පොත්වල ගහගෙන ආවෙ මාර ආඩම්භරෙන් /

      ක්‍රිකටර්ස්ලගෙ අස්සන් ගැනිල්ල අපිත් කලා කාලයක් පොත් එහෙම හදාගෙන. මුල්ම කාලෙ සෙල්ලං කරන එවුං අඳුනන්නෙ නෑනෙ හරියට. ටීම් එක යන බස් එකේ ඩ්‍රයිවර්ගෙයි බෑග් උස්සං යන කොල්ලංගෙයි ඔක්කොගෙම්ම අස්සං අරගෙන අන්තිමට බලනකොට. හතර විලිලැජ්ජාවයි...

      / ඒ එක්කම මොරටුවටත් බැස්ස ආර්යාවගෙ අත ඉඹපු මරු ජොලි බුවා තමයි ඔස්ට්‍රේලියාවෙ මැතිව්ස්. ඌත් පිණුම් ගහපු විකාර කරපු ඩයල් එක. /

      ඒ ඇවිල්ල ග්‍රෙග් මැතිව්ස්..පොර කැප් එක ඉස්සරහ පස්සට හරවල දාගෙන එක පාරක් බෝල් කලා අස්ගිරියෙ මැච් එහෙක.

      Delete
    4. අරූ,

      තෑන්ක්ස් මචෝ, ඔව් ඒක පාලිත සිල්ව තමයි. අපි දෙන්නම හේන රෝඩ් කනිෂ්ඨෙ ආදි සිස්සයො. ඌට ක්‍රිකට් ඇඟෙ තිබ්බට ඔළුවෙ තිබ්බෙ නාට්ටි. හෙලේන ආන්ටිගෙ වර්ක්ෂොප් එකට ගිහින් පුන්තිලා කරපු කාලෙ එච්චර පොරව අඳුන නොගත්තට පස්සෙ අර නල්ලතම්බිගෙ ඥානපාල වෙලා ඒ පැත්තෙම්ම යන්න ගියා. ඔය වර්ක්ෂොප් එකට ගිය කාලෙ හරි ඊට කිට්ටුව හරි මිනිහ තමයි අපේ අම්පයර්. මොකද එක පැත්තකටවත් ඌ ගියොත් අනික් පැත්තට පාඩු නිසා :D

      හැලපෙ, මට iupasanta@gmail.com එකට මේලක දාහන් ස්කයිප් ඇඩ්‍රස් එක දාල.

      Delete
    5. @ ඉන්දික....පාලිත කියන්නේ මම දැකපු හොඳම නළුවෙක්. ඌ ගැන වෙනම ලියමු. ඊයේ ඉඳන් පටන් ගත්තා හොරේෂස් ලියපු ගිනි අවි සහ ගිනිකෙලි පොතේ ටෙලි වර්ෂන් එක. ඒ ඇත්ත චරිත කීපයක් මම දන්නවා. ෆිල්ම් එකට වඩා ටෙලිය හොඳවෙයි කියා මට පොඩියට හිතෙනවා. පාලිත ඒකේ ඉන්නවා. මම මේ ගැන පසුව ලියන්නම් ...දැන්ම වේලසන වැඩියි.
      දැනට මේක බලපන් පාලිත ගැන. උඹ කැමති වෙයි. දන්න අයත් ඇති ඉස්කෝලේ.
      http://www.col3negoriginal.cc/watch.php?id=45873

      Delete
    6. ඉන්දික,

      හේන රෝඩ් නේද මචං පස් සෙ සත්තිස්සර උනේ..අර නියම රග්බි ටීම් එකක් එහෙම තිබ්බෙ... යක්කු වගේ උං ටික......

      Delete
    7. රවී අයියා මේ කමන්ට් එක මම දැන් දැක්කේ.,

      //හේන රෝඩ් නේද මචං පස් සෙ සත්තිස්සර උනේ//
      හෙන රෝඩ් පස්සේ ලලිත් ඇතුලත්මුදලි පාසල වුණා.

      //අර නියම රග්බි ටීම් එකක් එහෙම තිබ්බෙ... යක්කු වගේ උං ටික.// එක තමයි රවී අයියා සත්තිසරේ,පස්සේ කාලේක විද්‍යා විද්‍යාලය වුණා.මේ මමත් එකේ කොල්ලෙක් තමයි.
      දැන් 18 පහළ සිංගර් පාසල් තරගාවලියේ A කාණ්ඩයේ සෙල්ලම් කරන පාසලක්.A කාණ්ඩයේ අනෙක් පාසල් වලට සාපේක්ෂව දුප්පත් අම්මා ,තාත්තාගේ ළමයි.හැබැයි උන් හැබෑම දක්‍ෂයෝ.එදාත් අදත් එක වගේ.

      Delete
    8. මනෝජ්,

      අඩේ දැං ඔය A ඩිවිෂන් ගහන Science College කියන්නෙ සත්තිස්සරද? මම දන්න කාලෙ ඕක සත්තිස්සර..ඒ අපේ ඉස්කෝලෙ රග්බි පටන්ගත්තුම කාලෙ. මගෙ පංතියෙම මගෙ යාලුවෙක් රග්බි සෙල්ලම් කල නිසා අපි සෙට් එක යනව මැච් බලන්ට. සත්තිස්සර අපිට දෙන්නෙ අය නෑ 60-0 නැත්තං 75-3 ඔන්න ඔය වගෙ හෙහ්, හෙහ්,

      සමහර ඉස්කෝල තියනව එහෙම. මිනිස්සු ඒ ඉස්කෝල් නම දන්නෙත් මොකක් හරි ක්‍රීඩාවක් නිසා.... පුදුම වැඩේ කියන්නෙ අවුරුදු ගාණක්ම ඒ තත්වය දිහටම එහෙම්මම තියනව...නාත්තන්ඩිය ධම්මිස්සර - වොලි බෝල්...වෙන්නප්පුව ජෝසෆ් වාස් - ෆුට්බෝල්..මඩකලපුව සෙන්ට් මයිකල්ස් - බාස්කට් බෝල් ...පේරාදෙණිය සීනියර් - බොක්සිං... වලල සෙන්ට්‍රල් - මලල ක්‍රීඩා ...

      Delete
    9. හරියට හරි රවියියා,ජාතික රගර් කණ්ඩායමට ක්‍රීඩකයෝ බිහි කරපු සහා බිහි කරන පාසලක් වෙච්චි ඕක.

      ඇයි රත්නපුර සීවලී එකත් බොක්සිං වලට නම් දරාපු පාසලක් නේ.

      Delete
    10. අඩෝ අඩෝ මේ එහෙම වරෙන්....සත්තිස්සර වගේද ඩෝ ධම්මිස්සර...

      ඒ වගේම තමයි..ඩී මැසනඩ්..ෆුට්බෝල්, සෙන් ජෝන්ස් නුගේගොඩ බොක්සින්...මරදාන සෙන් ජෝසප් නයිට් ස්කූල්....ඒ වගේද ඩෝ රෝයල්....කචල් වලදි හුරේ රන්....අපි එහෙමයි ඩෝ...කචල් බේරන්නේ ටෙලිෆෝන් එකෙන් පොලීසිය සහ අම්මලා තාත්තාලා...වැදගත් ඉස්කෝල ඩෝ..ෆුහ්

      Delete
    11. //අඩෝ අඩෝ මේ එහෙම වරෙන්....සත්තිස්සර වගේද ඩෝ ධම්මිස්සර.//

      අඩෝ අරුයියා දන්නේ නැතිනම් දැන ගනින් අර රොකට් රෝහිත තමයි අපේ ගිය අවුරුද්දේ කොචා.අපි ඕවා තැන්,තැන් වල කියන්නේ නැහැ.උඹට දන ගන්නයි කිවේ.අනං,මනං සද්ද එපා හරිය.අපේ ස්කොලේට.

      Delete
  15. 1974.....ඔය මැච් එකක් බලන්න මාව එක්කන් ගියා අපේ අයියා කෙනෙක්. මට ඒ හැටි තේරුමක් තිබුනෙත් නැහැ.
    1979....වෙස්ට් ඉන්ඩීස් මැච් එකක් බැලුවා.
    1980 ගනන්වල ඉන්දියාව ආපු වෙලාවේ 3 තුන්දින ප්‍රැක්ටිස් මැච් එකක සුමිත්‍ර වර්ණකුලසූරිය 176 නොදැවී ගැහුවා. ඌ මගේ ක්ලාස්මේට්. ගවස්කාර් කැප්ටන් කලේ.

    ඉස්සර අපේ පාසල් ග්‍රවුන්ඩ් එක පාසැල් මැචස් ගහන හොඳම තැනක්.
    මම බ්ලූම්ෆීල්ඩ් සපෝටර් නිසා ඒ ග්‍රවුන්ඩ් එකේ බ්ලූම්ෆීල්ඩ් මැචස් වරද්දන්නේ නැහැ. වර්ණපුර කැප්ටන්.

    1981-1987 වෙනකම් ලංකාවට ආපු හැම ටීම් එකකම ක්‍රීඩකයෝ මුහුණට හම්බවෙලා කතාකරන්නත් උන්ගේ පිස්සු වැඩ බලන්නත් ලැබුනා. මම වැඩ කරපු හෝටල්වල තමයි මේ ටීම්ස් නැවතුනේ. ඒ සිද්ධි තාම මතකයි.

    අවසාන වශයෙන් කියන්නේ රවී...මම 20-20 කියන කුඩු වසංගතයට මුල ඉඳලාම අප්‍රසාදය තියෙන්නේ. ඒ නිසාම මම කිසිම 20-20 මැච් එකක් එන්ජෝයි කරන්නේ නැහැ. බලන්නෙත් නැහැ. ඒ මගේ අකැමත්ත.

    සංගා, මහේල වැනි ක්‍රීඩකයින් තව තවත් බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මගෙ යාළුවෙක් හිටිය ටාජ් එකේ රූම් බෝයි කෙනෙක්. ඌ ගාව ලන්කාවට ආපු හුඟක් ටීම් වල උන්ගෙ ටීෂර්ට් තිබ්බ. අර වෙස්ට් ඉන්ඩියන් උන්ගෙ එව්ව අපේ දණිහ ගාවට. හොටල්වල ගෙස්ට්ලගෙ බඩු ගෙදර ගෙනියන්න බැරි නිසා මූට ගෙස්ට්ල අස්සන් කරල ලොක්කට කියලලු ෂර්ට් දෙන්නෙ. පස්සෙ ලොක්කටම ඉරිසියා හිතිල ගේම ඉල්ලල මේක අයින් වෙලා ඔන්න වෙන රටකට ගියා.

      Delete
    2. විස්තර ගොඩක් තියෙනවා. හෙමින් කියන්නම්. ඉම්‍රාන් කාන් ගැන ..ඩෙනිස් ලිලී ගැන...ඉයන් බොතම් ගැන .තව ගොඩාක් අය ගැන. උන් ආතල් පොරවල්..අපේ අය පෝලිමේ හිටියේ ආතල් දෙන්න. පිස්සු හැදෙනවා බන්. ඇයි ක්‍රිකට් ගැහැව්වේ නැත්තේ කියලා හිතුනා ඒ දවස්වල.

      Delete
    3. Aru,

      / අවසාන වශයෙන් කියන්නේ රවී...මම 20-20 කියන කුඩු වසංගතයට මුල ඉඳලාම අප්‍රසාදය තියෙන්නේ. ඒ නිසාම මම කිසිම 20-20 මැච් එකක් එන්ජෝයි කරන්නේ නැහැ. බලන්නෙත් නැහැ. ඒ මගේ අකැමත්ත. /

      අවුලක් නෑ අරූ..20 20 මාත් වර්ල්ඩ් කප් බලනවා විතරයි. අනික් ඉන්ටර්නැෂනල් ගැන උනත් ඒ හැටි උනන්දුවක් නෑ. අයි.පී. එල්. නම් මට පෙන්නන්ට බෑ. මේපාර ඉන්දියාවට බැස්ටිය දුන්නු එකට මම බොහොම කැමති එක හේතුවක් ඔය අයි.පීල්. එල්. ඉන්දියන් බෝඩ් එක හිතාගෙන ඉන්නෙ උං තමයි 20/20 චැම්පියන්ස්ල කියල. ඉන්ඩියන් බෝඩ් එකට ඔය සල්ලි කන්දරාව ලැබෙන්නෙත් අයි.පී.එල්. එක නිසානෙ.

      Delete
  16. මෙව්වා අස්සේ අපි මොකට අලුක්කාල් ගහනවද . කියෝලා නිකා හිටියා .

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බින්දි.මෙවුන්ට ක්‍රිකට් කීවම නිඳෙනුත් ඔය ගැන කියවයි. අර බුරා තුමා තාම ඇවිත් නෑ වගේ අවිදින ක්‍රිකට් විශ්වකෝශය පටන් ගනියි ඌ ආව ගමන්

      Delete
    2. අපේ දිහාත් එක්කෙනෙක් ඉන්නවා . මේ පාර ගෙදර හිටියේ නැති නිසා මගේ කන් දෙක යහතින් .

      Delete
    3. යකුනේ,

      මං මේ පෝස්ට් එක කියෙවුවෙ පබ්ලිෂ් කරලා එක කමෙන්ට් එකක්වත් වැටෙන්ටත් කලින්.. ඒත් මං එක හිත් හිතාගත්තා මං මේකට කමෙන්ට් කරන්නෙ නං නෑ නෑ නෑමයි කියලා.. එහෙම හිතාගෙන පැත්තකට වෙලා හිටපු අහිංසක මාවත් ඇදලා අරන් මඩ ගහනවානේ මේ යෝදියො දෙන්නා.. කාට කියන්ටද මේ අවනඩු.?!?!

      Delete
    4. බුරා...ඔයා ගෑනු තමයි බන් නිදාගෙන ඉන්න කොටි අවුස්සන්නේ...ඒකත් මරු ආතල් එකක්. කියන්න ඕන නෑනේ.

      Delete
    5. Bura,

      / ඒත් මං එක හිත් හිතාගත්තා මං මේකට කමෙන්ට් කරන්නෙ නං නෑ නෑ නෑමයි කියලා /

      මොකෝ බූරො මලේ ඒ? :( :(

      Delete
    6. බුරා තුමෝ,
      මේකට ඔබේ විශ්ව කෝශය ආවේ නැත්නම් කොහොමටවත් මේක සාර්ථක වෙනවා මදි.
      නිදාගන්න බැරියැයි ඊගාව ක්‍රිකට් මැච් එක පැරදුනාම...:)

      Delete
    7. බුරා දැන් වැඩිය දකින්න නැහැ තමයි. කම්මැලි වෙලාද .වැඩ වැඩි වෙලාද . නැත්තන් පිළිවෙලක් වෙලාද :D

      Delete
    8. @රවි,

      වෙන මුකුත් හින්දා නෙවෙයි බංස්, උඹ දන්නවනෙ ක්‍රිකට් පෝස්ට්වලට කමෙන්ට් කරන්ට ගියාම මට බ්‍රේක් නෑ කියලා.. ඔය උඩින් තියෙන කමෙන්ට් එකක් එකක් ගානෙ මට කියන්ට කතා මතතක් වෙනවා.. ඒත් මේ දවස්සල එහෙම පැල් බැඳගෙන කමෙන්ට් කරන්ට කාලවෙලාව නෑ බංස්.. ෆුල්ම බුසී.. ඒක නිසා කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එක ගුණදායකයි කියලා හිතලා තමා බොහොම අමාරුවෙන් කමෙන්ට් කරන එක නවත්තගත්තෙ.. උඹ අර ලියන ක්‍රිකට් සීරීස් එක ලියහංකො, වෙලාව තිබුනොත් මාත් හොට දාඤ්ඤං..

      @බින්දි,

      කාටවත් කියන්ට එහෙම එපා.. මං ඔයාට විතරක් රහසින් කියන්නං, අර අන්තිමට කියලා තියෙන කාරනාව තමා ඇබ්සන්ට් වීමට හේතුව.. ;-)

      Delete
    9. එහෙනම් මගේ හාටියස්ට් සුබපැතුම් .

      Delete
  17. හප්පොච්චියේ මෙයාට ප්‍රෙෂර් හැදිලා තියෙන හැටියට ඔයින් ගියා ඇති! නැත්තං මෙලාහට ඉස්පිටිතාලේ! හැබෑද බොලා පාරට පැනල ජවුසමක් නැ‍ටුවය කියන්නේ දින්නට පස්සේ!

    Gist of the story: මුන්දෑ බොහෝ නාකියැ

    PS: //ක්‍රිකටර්ස්ලගෙ අස්සන් ගැනිල්ල අපිත් කලා කාලයක් පොත් එහෙම හදාගෙන. මුල්ම කාලෙ සෙල්ලං කරන එවුං අඳුනන්නෙ නෑනෙ හරියට. ටීම් එක යන බස් එකේ ඩ්‍රයිවර්ගෙයි බෑග් උස්සං යන කොල්ලංගෙයි ඔක්කොගෙම්ම අස්සං අරගෙන අන්තිමට බලනකොට. හතර විලිලැජ්ජාවයි...//

    හිනා වෙලාම මලා බොල මේ හෑල්ලට!

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      / Gist of the story: මුන්දෑ බොහෝ නාකියැ /

      එහෙනං ආය? …..අපි ඔය ක්‍රිකට් මැච් කාරිය බලන කාලෙ උඹ හිටියෙ කොහෙද කියල කිව්වොත් එහෙම උඹ මයෙ මූණ බලන එකක් නෑ ආය ජීවිතේට...:) :)

      Delete
  18. 1996 - ස්ථානය - ලොකු මාමාගේ නිවස. මගේ වයස 11. ඒ කාලේ වෙද්දී මට ක්‍රිකට් ගැනනම් මෙලෝ හැඟීමක් තිබුනේ නෑ. හැබැයි එහෙ අයියලා අක්කලා පන දාගෙන මැච් එක බලන්න ලේස්ති වෙද්දී නම් පොඩි මෙව්වා එකක් ආවා. ඉතින් මාත් මැච් එක බලන්න අධිෂ්ඨාන කරගත්තත් ගුරුසිංහ ගහන හරිය වෙද්දී ඇස් දෙක කඩා වැටෙනවා. මුක්කු ගහලත් නවත්තන්න බැරි සයිස්. ඉතින් ලංකාව දිනන්න කියලා ප්‍රාර්ථනා එහෙම කරලා මම ගියා නිදියන්න (ලංකාව දිනුවොත් පහුවදා ඉස්කෝලේ නිවාඩු ලැබෙනවා කියලා කතාවක් ගිහින් තිබුනේ). අතරින් පතර ඇහැ ඇරෙද්දි අයියලා ටින් වලට ගහන ඩෙන්කුටු සද්ද එහෙමත් ඇහුනා. මෙන්න බොලේ උදේ නැගිටිද්දී මැච් එක දිනලා. හැබැයි ඉස්කෝලේ නිවාඩු නැහැලු :( සේරමත් හරි ඒක තමා දරන්න බැරි. ආන් ඒක තමා මගේ පළමු හද බිඳුම.

    1999 - 96 න් පස්සේ තමයි මම හරි හමනකට ක්‍රිකට් මැච් බලන්න ගත්තේ. හැබැයි මේ වෙද්දී මම ඉස්කෝලේ හොස්ටල් එකේ නැවතිලා හිටියේ. ඉතින් ටී වී කියලා නාමයක් නෑ. ඒ නිසා මැච් බැලිල්ලටත් සොරි තමයි. ආන්න දෙවැනි හද බිඳුම.

    2003 - මේ මම උසස්පෙළ කරන කාලේ. තාත්තත් එක්ක එකතු වෙලා හැම තරඟයක්ම වගේ බැලුවා. ලේසියකට ටියුෂන් ක්ලාස් කට් නොකරන මම මේක හින්දා නම් ක්ලාස් කීපයක්ම කට් කරා මගේ හිතේ. හැබැයි මට තාමත් මතකයි උසස්පෙළ සාමාන්‍ය දැනීම පත්තරේට අහපු ප්‍රශ්නයක් "සුපර් සික්ස් වටයට තේරුණ රටවල් හය වන්නේ...?". ආන්න දැක්කද මැච් බලපු එකේ වැදගත් කම.

    2007 - ස්ථානය - කටුබැද්ද (බෝඩිම). මම කැම්පස් ගියපු කාලේ. ඒ දවස්වල මම බෝඩිමේ තියාගෙන හිටියා කම්පුටරයක්. අර මේසෙ උඩ තියන ජාතියේ එකක්. ඕකට කාගෙන්දෝ ඉල්ලගතිපු ටී වී කාර්ඩ් එකක් ගහගෙන තමයි මම මුළු තරඟාවලියම බැලුවේ. ඔය වැඩේට කේබල් එකක් සුද්ද කරන්න ගිහින් බ්ලේඩ් තලේට මගේ ඇඟිල්ල කැපුනා අඟලක් විතර යටට. ෆවුන්ටන් එකකින් වගේ ලේ විද්දා ඇඟිල්ලෙන්. අදටත් ඒ කැළල යන්තමට පේනවා. ආන්න එහෙම දුක් විඳගෙන බලපු තරගෙට තමා අරම උනේ. අඩු ගානේ එදා වහින්නේ නැතුව සෙල්ලම ඉවර කරලම පැරදුනා නම් ඒත් දුකක් නෑ. ඉතින් ඒක තමා මගෙනම් දරුණුම හද බිඳුම.

    2009 - අර කිව්වා වගේ 20/20 ගැන මටත් ඒ වෙද්දී කිසිම මෙව්වා එකක් තිබුනේ නෑ. ඉතින් මෙවෙලේ හද බිඳුනේ නැහැ. පොඩ්ඩක් හෙලවුනා විතරයි.

    2011 - ස්ථානය ඇමරිකාව, යාලුවෙකුගේ නිවස. යාළුවො සෙට් එකක් එකතු වෙලා ප්‍රොජෙක්ටර් එකකුත් බිත්තියට ගහගෙන තමා අවසාන තරඟය බැලුවේ. මේ වෙද්දී අපිට ඉන්දියන් යාලුවොත් ඉන්න නිසා ප්‍රෙෂර් එක වැඩියි. මැච් එක යන අතරෙත් දෙගොල්ලෝ මූණු පොතේ වලි. ඉතින් පැරදුනාම හද බිඳෙන බව අහන්න දෙයක් නෑ නේ. සති ගානක් යනකන් අපි බඩු ගන්න ඉන්දියන් කඩේට ගියෙත් නෑ. හිහ්. ඒක තමා ලජ්ජාශිලී හද බිඳුම.

    2012 - කලින් වතාවේ වගේම යාලුවොත් එක්ක බැලුවේ. මේ වෙද්දී ෆයිනල්ස් පැරදිලා හොඳට පුරුදු නිසා එහෙමකට හද බිඳුනේ නෑ කියලා කිව්ව හැකි.

    2014 - මේ පාරනම් ඉස්සර වගේ උනන්දුවක් තිබ්බේ නෑ අවන්කවම. මුණු පොතේ ස්ටේටස් දැම්මෙත් නෑ. හැම මැච් එකක්ම බැලුවෙත් නෑ. අන්තිමේ කප් එක අතේ.

    බලාගෙන යනකොට උනන්දුවෙන් බලපු ඔක්කොම පරාදයි. අනෙක්වා තමයි දිනලා තියෙන්නේ. I think I am jinxed :D

    ReplyDelete
    Replies
    1. සයුරි,

      හාපෝ..උඹ මේ මහානාම හාමුදුරුවංගෙ බාප්පගෙ දුව වාගෙ ඉතිහාසෙ ගැන ලිව්වට මේ ඊයෙ පෙරෙයිද කිරෙං ඇරිච්චි ඇඹිටිල්ලං කෙල්ලොනෙ..සික්..ඔන්න ඔය කණේ සබං තාම..හෝදගෙන වර....

      අඩේ උඹේ හද හත් පාරක් බිඳිල නෙවද? අපොයි පව් ....:(

      / I think I am jinxed /

      No it seems you are the Jinx ..Heh,heh

      Delete
  19. මට මතක් වෙන්නෙ ඒකාලෙ ඇස්ට්‍රා මාගරින් වලට දීපු සිදත්ගෙයි රන්ජන්ගෙයි ස්ටිකර්වලට පොරකාපු හැටි... සිදත්ගෙ පින්තූරෙ දාපු පත්තර මොනව උනත් පට්ට පාන්දර ගිහින් කඩේ ඉස්සරහ ඉන්නෙ ඒක ගන්න... දවල් උනොත් රොඩ්ඩක්වත් නෑ...
    එකම සැරයක් ගියා එස් එස් සී එකේ මැච් එකක් බලන්න... අව්වෙ සැරටම ඉස කැක්කුම හැදිල වමනෙත් ගියා... ආයෙ ගියේ නෑ පිට්ටනියකට මැච් බලන්න ඊට පස්සෙ...
    86 ප්‍රථම ජයග්‍රහණය ලබපු තරගෙ මටත් හොඳට මතකයි... රොමේෂ්ගෙ කැච් එකත් අමතක වෙන්නෙ නෑ...
    ඒ කාලෙ කොදෙව්වො ඇවිත් ක්‍රිකට් ගහනකොට අපේ අය කිව්වෙ අපේ ටීම් එකේ අය පන්දු රකින්නෙ නුගේගොඩ හරියෙයි කියලා... රොෂාන් මහානාම ද මන්දා කියල තිබ්බා උන් බෝල් කරනකොට බෝල් එනව පේන්නෙ පොල් ගස්වල කරටි අස්සෙන්ය කියල...
    මේ මැච් එක මහ රෑ තිබ්බ නිසා මං නම් නිදාගත්ත... ඒ උනාට මහත්තය නම් නිදි වරාගෙන බැලුව... උදේ නැගිට්ට ගමන් කිව්ව අපි දිනුම් කියල... මට හිතුන අපරාදෙ බැලුවෙ නැත්තෙ කියල...
    මේ පෝස්ට් එක රවී ලියල තියෙන්නෙ බොක්කෙන්ම ආපු හැඟීමකින් කියන එක අර අන්තිමට ලියල තියෙන ටිකෙන් හොඳටම පේනවා...

    ReplyDelete
    Replies
    1. Miyuru,

      / මට මතක් වෙන්නෙ ඒකාලෙ ඇස්ට්‍රා මාගරින් වලට දීපු සිදත්ගෙයි රන්ජන්ගෙයි ස්ටිකර්වලට පොරකාපු හැටි... /

      උඹලටත් ආය ඉතිං පොත්ත රතට කොල්ලෙක් ඉන්නවනං නොකා නොබී යයි ඒ පස්සෙං....සික් විතරක්...

      ආන්න ඒකට අපි...අපේ තිබ්බෙ නෑ ඔය විකාර...බොහොම ගරු ගාම්බීරව හැදිච්චි වැදගත් ළමයි අපි..හරිද?

      ලක්ස් කැට තුනක්ද කොහෙද ගත්තම දුන්න හින්දි සහ අපේ නිළියංගෙ ස්ටිකර්. එක පාරක් මම බඩු හේන්ඩ දුන්නු සල්ලි ඔක්කෝටම ලක්ස් ගෙනාව කැට විසි හතරක්ද කොහෙද? අම්මගෙං බැණුං ඇහුව කං දෙක ගොඩ වෙනකල්..

      ටීනා මුනීම්, පාවීන් බාබි, සීනට් අමාන් සහ ශ්‍රී දේවි ..ඒ තමයි හින්දි අංගනාවියො..අනෝදා, මාලිනී, ෂබීටා සහ සුවර්ණා ඒ අපේ කට්ටිය....මේ ඊයෙ පෙරෙයිද වෙනකල් අපෙ පරණ වීදුරු සෝකේස් එකේ එයාල ඇලවිල හිටිය හිනා වීගෙන..හෙහ්,හෙහ්,

      / මේ පෝස්ට් එක රවී ලියල තියෙන්නෙ බොක්කෙන්ම ආපු හැඟීමකින් කියන එක අර අන්තිමට ලියල තියෙන ටිකෙන් හොඳටම පේනවා…/

      අම්මාපල්ල ඔව් බං බොක්කෙම්ම තමයි..බොක්කෙම්ම තමයි...තවත් මං වගේම නුහුගුණ කාරයෙකුට ඇරෙන්ට ඒ ෆීලිං එක තේරුංගන්ට ටිකක් අමාරුයි.

      Delete
  20. උඹගේ ලියවිල්ල මගේ මතකය බොහෝ ඈත අතීතයට ගෙන ගියා. මාත් උඹ වගේම ක්‍රිකට් පිස්සෙක්. පත්තර කෑලි මමත් එකතු කළා. මම
    මුලින්ම රේඩියෝවෙන් තමයි විස්තර විචාර ඇහුවේ. පාලිත හා ප්‍රේමසර ක්‍රීඩාවට නව ජීවයක් දුන්නා උඹට මතකද?
    මම මුලින්ම තරගයකට සවන් දුන්නේ මට මතක හැටියට 1981 අඟ භාගයේ හෝ 1982 මුල් භාගයේ. අසන්ත දි මෙල් විකට් කඩන හැටි මම ආසාවෙන් සවන් දුන්නා. තරගය නොදැක්කත් ප්‍රේමසරයන්ගේ විස්තර විචාරය චිත්ත රෑප හිතේ මැව්වා.
    පළමු ටෙස්ට් තරගය රෑපවාහිණියේ නැරඹුවා. අනුරාධපුරයේ ජීවත්වූ මට එංගලන්තයට එනතුරැම තරගයක් පිටියට ගිහින් බලන්න අවස්ථාවක් ලැබිලා තිබුනේ නෑ. 1998 මුරලි එංගලන්තය ඕවල්‍ර ක්‍රීඩාංගවේදී සුනුවිසුණු කරපු අන්දම මම සියැසින් දැක්කා.
    ක්‍රිකට් ගැනනම් ලිවිය යුතු දේ බොහෝයි. ඒත්‍ ඒවා මම උඹට උඹ ලියන්න ඉන්න ලිපියට ඉතුරැ කරනවා. ආ... තව එකක් උඹ අර කියපු ජය පරාජයෙන්‍ තොරව නිමවූ කොදෙව්වන් හා ඔසියන් අතර තරගයේ විස්තරය මමත් අකුරක් නෑර පත්තරේ කියෙව්වා.ඒක ලියලා තිබුණු ලස්සන. මට කවුද ලිව්වේ කියලා මතක නෑ.
    මට මතකයි කසුරි අරවින්ද ගැන ලියපු සටහන. ලිවිය යුතු දේ බොහෝයි. ඒත් කාලය හරස් වෙනවා. උඹට ජය පතමින් මම නවතිමි...

    ReplyDelete
    Replies
    1. චන්දන,

      82 මුල්ම ටෙස්ට් තරඟය කාලෙ මම හිටියෙ අනුරාදපුරේ. කොළඹ ඇවිල්ල මැච් එක බැලුවෙ.....

      ක්‍රිකට් පුරාණය ගැනනම් ලිවිය යුතු දේ බොහෝමයි මල්ලි..උඹ කිව්ව වගෙ වෙලාවක් හොයාගන්න එක තමයි අමාරුම වැඩේ...:)

      Delete
  21. ක්‍රිකට් මැච් ගැන DATA දාපු හාඩ් ඩිස්ක් එකක් වගේ නේ..හැත්තෑ ගණන වල ඉඳන් ඔක්කොම බැකප් වෙලාද කොහෙද...

    හැත්තෑ ගණන්වල අපිනම් ඉපදිලාවත් නෑ...එත් ඔය කියාපු විදියටම ඔය ක්‍රිකට් පිස්සුවනම් මටත් බොහොම සැරේට තිබුණු අසනීපයක්. ඕක දරුණු උනේ 96 අපි කප් එක ගහපු වෙලේ...එතනින් පස්සේ ක්‍රිකට් නම් යේ කෑම ත එපා සයිස් එකෙන් හිටියේ...

    ඔය හද බිඳුම් සියල්ලම ඒ විදියටම මටත් උනා...

    ReplyDelete
    Replies
    1. Shehan,

      හද බිඳුම්….. The Heartbreaks......ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ක්‍රිකට් වලට ආදරය කරන කාටත් ඒ හද බිඳුම් එහෙම්මම වෙන්ට ඕනමයි..ස්තූතියි මල්ලි...:)

      Delete
  22. මගෙනම් මුලින්ම හද බිදුනෙ 2003 ඔසිලත් එක්කෙ සෙමියෙදි සන්ග සයිමන් ගොයියගෙද කොහෙද ස්ටම්ප් එක මිස් කරල තව අරාව රනවුට් කල වෙලාවෙ.නැත්තම් අරා යන්නෙ තව එකක් ලන්කාවට ගෙනත් දීල.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මතකයි බං මතකයි...මතකයි...දකුණු අප්‍රිකාවෙ තිබ්බ ටූනමන්ට් එකේදි නේද?

      මම මේ ලිව්වෙ අන්තිම ෆයිනල් එනකල් ඇවිල්ල එතනදි කෙළවිච්චි එව්ව ගැන විතරයි. හද බිඳුම උපරිම වෙන්නෙ එතකොට. Total Heartbreak…. පලවෙනි වටේ, දෙවෙනි වටේදි විසික්ක උනාම හිත හදාගත්තෑකි. බැරිනිසාමයි කියලහිට...

      Delete
  23. 96දි නම් සුට්ටන් පොඩි එකා කාලේ හන්දා ඒක දින්නා පැරදුනා කියලා වැඩි වෙනසක් නෑ.. ඒ දිනපු එකේ වටිනකම දැනෙන්න ගත්තෙත් ඊට පස්සේ කාලෙක..

    2007 - ගෝල්ෆේස් පිටියේ තිර දාලා තියෙද්දී බලන්න ගියා.. එහෙන ගිල්ක්‍රිස්ට් කාරයා නෙලද්දී අපිට මැච් බලන්න දෙන්නේ නෑ කිවුව ප්‍රභාකරන් ගොයියා කුරුම්බැට්ටියක් එවලා ගහන්න ගත්තයින් මැච් එක දාලා දුවල එන්න වුනා..

    2009 - ඉතාලියේදි, වෙනදා වගේම වැඩ දවසක් වුන හන්දා ඒක ගැන එච්චරම උනන්දුවක් වෙන්න වුනේ නෑ..

    2011 - ඒකත් ඉතාලියෙදිමයි.. සෙනසුරාදා නිවාඩුවකුත් දාලම බලන්න සෙට් වුනා.. අන්තිමේ ඉතින් දුක තමා..

    2012 - ඉතාලියෙදිම.. එදත් සෙනසුරාදා නිවාඩුවක් කාරිය දාලා මල් කඩන අස්සේ මැච් බැළුවා.. කප් එක ගන්න ඔන්න මෙන්න ඇවිත් ඒකත් ගහලා ගියා..

    2014 - ඉරිදාවක නිවාඩුවේ ඉන්න ගමන් ආදරේ කොරන අස්සේ මැච් එක බැළුවා.. පහුගිය දේවල් අමතක වෙලා යන්නත් එක්ක සතුටු වුනේ ඔන්න එදා තමයි..

    2015? එකටත් සැදී පැහැදී බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      2015 දෙමු මල්ලි ඇස්ටි හැලෙන්ඩ ...නැද්ද?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...