Monday, May 12, 2014

258. විමලෙගෙ වාංපතුල් කතා - 11….පස්වන අගනා භාර්යා වර්ගය.- The Fifth Category of Great Wives



හෙටද කොහෙද වෙසක් පෝය නේද? බණ කතාවක්ම ලියමුකො එහෙනං..පුදුම වැඩේ කියන්නෙ හැලපෙත් මේ ඊයෙද කොහෙද ලියල තිබ්බ මීට බොහොම සමාන කතාවක්. 

මත්පැන් පානය ගැන නිතරම කතාකරනවය, එතනිං ගියහම බොනවය කියන්නෙ මහා ලොකු දෙයක්ය කියල හැඟෙන ආකාරයට කතා ලියනවය කියල මගෙ ඇඟට ගොඩ උනා අපේ මනේකා නෝම් මහත්තය. ඔය බබලත්තු යමක් කිව්වම එහෙම නෙවෙයි, අරමය, මෙහෙමය කියල ගහ පහ දෙන්ට යනවට වඩා දාහෙන් සම්පතයි එසේය මැතිණිය.... කියල එකඟ වෙලා ඒ කියන විදිහකට කරන එක. එහෙම උනාම එයාලටත් ඕක අමතකයි වරුවක් යන්ට ඉස්සෙල්ල. එහෙම නැතුව උඩ පැනල නටල කෑගහල වාද කරන්ට ගියානං වෙන්නෙ ඕක එයාලටත් මතක හිටිනව.

නෝ ප්‍රොබ්ලම් ඩියර් මැඩම්, ඈස් යූ විෂ්, එහෙම නැත්තං එසේය ගරු මැතිණියනි, ඔබගේ අණ පිළිපැදීමට සැදී පැහැදී සිටින්නෙමි. ඔහොම කිව්වම හරි. ඒත් දෙතුන් පාරක් ඔහොම කියනකොට ඒකටත් බණිනව. මොකද ඔක්කොම කෝළමක් කරගෙන ෂේප් වෙන්ඩද හදන්නෙ? ඔන්න ඔහොම කියල..ඉතිං කාටද මේ අවනඩු කියන්නෙ?

තිසර මලය ඒ පාර දුන්න උපදෙසක් අයියෙ උඹ මීට පස්සෙ එහෙනං අරක්කු නොකියා කොත්තමල්ලි, අමාවතුර , උණුකර නිවාගත් ජලය, ඔන්න ඔය වගෙ වචනයක් කියාපං එතකොට ඔය දෙහි කැපිලි නැතිවෙයි කියල.බලාගෙන යනකොට ඒකත් ඇත්ත.

1997-98 වගෙ චන්ද්‍රිකා ජනාධිපති කාලෙ යුද්දෙ ගිණි සැරේට කෙරෙද්දි ඔන්න ආණ්ඩුවෙන් දැම්ම පුවත් වාරණයක්. යුද්දෙ සම්බන්ද කිසිම පුවතක් පලකරන්ට බෑය කියල.පුවත් බලධරය හැටියට පත්කලේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරේ හිටපු ආරිය රූබසිංහ මහත්මය.ඒ දවස්වල තිබ්බ යුක්තිය කියල ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙ පත්තරයක්.කර්තෘ හිටියෙ සුනන්ද දේශප්‍රිය.දැං ඔය ප්‍රවෘත්ති සාකච්ඡා එහෙම තියල අපේ ලේ පිරිසිදු කරන කෝණංගියගෙ භූමිකාව බාරගෙන ඉන්න මහින්ද දේශප්‍රිය නොහොත් මැ.කො. කියන්නෙ සුනන්දගෙ මල්ලි.

එක අතකට මැ.කො. හරි. මේ ආණ්ඩුව එක්ක වැඩකරන්ඩ නම් කිසිම දෙයක් සීරියස් අරගෙන බෑ. ඔක්කොම විහිලුවකට අරගෙන හිනාවෙලා හිටියම හරි. නැත්තං කලින් හිටිය මැ.කො. වගෙ ආතතිය හදාගෙන තමයි පැංසොං පලච්ච දාට ගෙදර යන්ට වෙන්නෙ.

හරි, කෝණංගීන් සහ ආතතිය ගැන ඒ ඇති. යුක්තිය ගැන ආයමත්. ඉතිං ඔය යුද පුවත් වාරණය දාපු වෙලාවෙ යුක්තිය කලේ යුද්දෙට යුද්දෙ නොකියා සැණකෙළිය කියල ඒ ගැන වාර්තා පලකරපු එක.

" උතුරේ සැණකෙළිය පසුගිය සතියේ ඉතාමත් උණුසුම් ලෙස පැවතිබව අපට වාර්තාවේ. දකුණු සැණකෙලි කරුවෝ දාහතර දෙනෙක්ද උතුරු සැණකෙළි කරුවෝ දහ අට දෙනෙක්ද සැණකෙළියේ අධික උණුසුම දරාගත නොහැකිව දෙව් ලොව බලා ගිය බවද ආරංචි මාර්ග සඳහන් කරයි. "

ඒ කාලෙ මොනව උනත් අදට වඩා විවේචනය කිරිමේ නිදහස තිබ්බ. මහජන මුදල් බිලියන ගණනක් වියදම් කරල හදපු ආසියාවෙ ලොකුම මොණර අභය භුමිය සහ ලෝකයෙ ලොකුම රට හාරා තැනූ වතුර වල බලන්ට විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහාම එවුංට බිත්තර සහ ගල් මුල් වලින් පහර දෙන්ට එන ගම් වැසියන්වත් ගම්වැසියන්ගෙ ප්‍රහාරයෙන් ඔවුන් බේරාගැනීමට සෙරෙප්පුත් නැතුව උපන්දා සිටම එල්ලාගෙන ඉන්න පිස්තෝලය වනමින් සහ පොඩි එකාගෙ සෙල්ලම් පිස්තෝලය අමෝරාගනිමින් දුවගෙන එන නගරාදිපතිවරුන්වත් එදා හිටියෙ නෑ.

කොටින්ම ඒ කාලෙ හිටියෙ විරුද්ද පක්සෙ වේදිකාවෙ සිංදු කියපු ගායකයෙක්ගෙ උනත් ඔලුවෙ උකුණො ඉන්නවයි කියල ආරංචි උනහම තමංගෙ ආරක්සාවට ඉන්න බටයො යවල ඔලුවට පෙට්රල් දම්මවල කොණ්ඩෙ කප්පවල ඒ කලයුතු අනෙකුත් සත්කාර නොපිරිහෙලා ඉස්ට කරපු රාජ්‍ය නායිකාවොයි. අන්න එහෙමයි ඒ කාලෙ...හෙහ්,හෙහ්,

මදැයි, වෙසක් එකට බණ කතාවක් කියන්ට ආවෙ...රටේ නැති බහුබූතනෙ මේ කියවල තියෙන්නෙ.හරි එගෙනං ඔන්න කතාව ..............

අපි ඔය ඒ කාලෙ හවහට මිදුලෙ පැත්තක ගිණිමැලයක් එහෙම ගහල ඒ කිටුව රවුමට පුටු කාරිය තියාගෙන කොත්තමල්ලි වතුර බෝතලයක් දෙකක් ගහන පුරුද්දක් තිබ්බනෙ.ඔහොම ගහද්දි ඉතිං නොයෙක් කතන්දර කියවෙනව. මොකද ඔය කොත්තමල්ලි පානය ඇවිල්ල සෝෂල් ඉන්ටර් ඇක්ටිං අවස්තාවක් ඇත්තටම. පත්තරවල තිබ්බ එව්ව, රේඩියෝ එකේ නැත්තං ටී.වී. එකේ ගිය එව්ව, නැත්තං ගෙදර ගිහිල්ල ආපු උදවිය කියන ගෙවල් වල වෙච්චි ආතල් කේස්, බස් එකේ වෙච්චි එව්ව, එහෙමත් නැත්තං කවුරුහරි කියපු යාං හෑලි ඔය ඔක්කොම. මේ කතාවත් අන්න එහෙම ගිණිමැලයක් වටා ඉඳගෙන කොත්තමල්ලි බොද්දි කියපු කතාවක්...

දෙන්ට බලන්ට එහෙනං සාදුකාරයක් කාරිය...

සාදු!!!.......සාදු!!!.......සා................දු!!! රා...යි...ට්....දැන් කතාව....

මේකෙ කතානායක සහ නායිකාව තමයි පීතර අයියයි,ඇසිලිං අක්කයි. දෙන්න අවුරුදු පනහ එහෙම පහුකරපු, දරුවො දීග තලග දීල, නිවාඩු පාඩුවෙ ගොවිතැනක් බතක් එතනින් ගිහාම පිනක් දහමක් එහෙම කොරගෙන, පාඩුවෙ හිටපු දෙන්නෙක්,

පීතර අයියා, වයස්ගත උනාට මිනිහට හැමදාම රාත්තිරියට අර වැඩේ නම් ඕනමයි, දන්නවනෙ.... මොකක්ද කියල, හරි, දන්නෙ නැති අය දන්න අයගෙන් අහ ගන්ඩකො,

ඇසිලිං අක්කටනම් මේ වැඩේ මහ මළ වදයක් වෙලා තිබ්බෙ,ඇයි දවස තිස්සෙ නැහිල නැහිල ටිකක් ඇහැ පියා ගන්ඩ ගිහාම පීතර අයිය එනව, " ඒයි....... ඒයි..... මේ .... මේ...... " කියාගෙන. කසාද මනුස්සය හින්ද " උඹ කුද ගහගනිං " කියන්ඩත් බැහැ නෙව. අනේ ඉතිං ඇසිලිං අක්ක කරන්නෙ "මොන මළ කරදරයක්ද මන්ද මේ මිනිහගෙං, දවල් තිස්සෙ මේ සුමේ කරල කරල ඩිංගක් ඇහැ පියාගන්ඩ දෙනවයි මේ මිනිහා, මූට මේකමනෙ ඕනෙ, ආ ඉඳා............." කියලා ඇඳන් ඉන්න රෙද්ද උස්සනවා. පීතර අයියත් ඉතිං අවශ්‍ය දේ කරගන්නව. ඊට පස්සෙ දෙන්නම බුදි. ඉතිං ඔහොම තමයි මේ දෙන්නගෙ දින චරියාව හැමදාම අහවර වෙන්නෙ,

දැං තමයි ඇත්තටම බණ කතාවට එන්නෙ,

එදා වෙසක් පුර පෝය දවසෙ පංසලේ බණ. ඊස් මීස් නෑ සෙනග. බණ ගෙයි පිරිල, එලියෙ හිටං. ලොකු හාමුදුරුවො බණ කියනවා. අපේ ජෝඩුව ඉතිං ඉස්සරහම ඉඳගෙන ඉන්නව බොහොම සර්දා බක්තියෙං වැඳගෙන කාරිය.

ටිකකිං ඇසිලිං අක්කට අනේ එහෙම්මම නින්ද ගියා, මහන්සියටම. පව්….. වැඩේ නින්ද ගියා විතරක් නම් මදෑ ගොරවන්ඩත් පටන් ගත්තා. ටික ටික සද්දෙ වැඩි උනා.ලොකු හාමුදුරුවොත් දෙතුන් පාරක් වටාපතට යටින් බැලුවා රබර් ඇහැ දාල. මොන?..... එන්ඩ එන්ඩම සද්දෙ වැඩියි නෙව.

බැරිම තැන එතුමා බණ නැවැත්තුවා. ඒ කරල පීතර අයියා දිහා බැලුවා. පීතර අයියට වස ලැජ්ජාව. බණ මඩුවෙ හැමෝම මේ දිහා බලාගෙන. පීතර අයියා කරපු වැඩේ, " ඒයි..ඒයි.....මේ......මේ " කියලා ඇසිලින් අක්කගෙ උරහිසෙන් අල්ලල හෙලෙව්වා,

අනේ පිංවතුනි, ඔන්න බලන්න, සිදුවූ විපැත්තියක මහත, පීතර අයියා මෙසේ " ඒයි.... ඒයි.... මේ....මේ " යනුවෙන් පවසමින් උරහිස සොලවනවිට නිදි මරගාතේ සිටි ඇසිලිං අක්කා සිතූයේ තමන් මේ නිවසේ තම සුපුරුදු සයනයේ නිදා සිටින අතර තම ස්වාමියා වෙනදා මෙන් ඔහුගේ අවශ්‍යතාවයට තමන් අවදි කරවන බවයි.

එසේ සිතූ ඕ තොමෝ, සුපුරුදු ලෙස "මොන මළ කරදරයක්ද මන්දා............... ආ ,ඉඳා" යනුවෙන් සැමදා පවසන උදාන වාක්‍යය ද මහ හඬින් පවසමින් තම ඇඳිවත උනා ලා ****** ප්‍රදේශය නිරාවරණය කලාහුය.

ලොකු හාමුදුරුවෝද මේ අනපේක්ෂිත දර්ශනයෙන් වික්ෂිප්ත වූවාහු වහා තම වටාපත ඔසොවා මුහුණ වසාගත් සේක.

බණ අසමින් සිටි සැදැහැවත්හු එකෙනෙකා පරයමින් නැඟිට මේ දර්ශනය නැරඹීමට තැත් කරන අතර පීතර අයියා තෙමේ, වහා එතෙකුත් අඩ නින්දේ සිටි ඇසිලිං අක්කාද ඇදගෙන වහ වහා සෙනඟ පීරාගෙන ගොස් අතුරුදහන් වීය.

ඔන්න ඉතිං බණ කතාව නම් අහවරයි, දෙන්ඩ බලන්ඩ සාදුකාරයක්.... සා....දු!!!.... සා....දු!!!...සා....දු!!!!!

තව ටිකෙං මේ ටික අමතක වෙනව, එදයින් පස්සෙ ඇසිලිං අක්කයි පීතර අයියයි දෙන්නම කොහෙ ගියාද මොනව කරනවද කියල දෙයියො තමයි ඕන්න දන්නෙ.

පලි - දැං ඔය හොඳ බාර්යාවො හතර වර්ගයක් ඉන්නවයි කියලනෙ කියන්නෙ. මාතු භාර්යාව,භගිනි භාර්යාව, සඛී භාර්යාව සහ දාසි භාර්යාව.

ඒත් ඇත්තම කිව්වොත් හොඳ භාර්යාවො පස් වර්ගයක් ඉන්නව. මමඔය කියාපු ඇසිලින් අක්කල වගෙ අය තමයි පස්වෙනි වර්ගය. එයාලට කියන්නෙ යෝනිදානී භාර්යා කියල.

91 comments:

  1. හු......ඇ බඩ කොර උනා යකෝ."යෝනිදානි " අම්මපා තොට කොහෙන්ද යකෝ මේ වචන පහල වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත,

      ඇයි බං ඇසිලිං අක්ක කරන්නෙ ඒ වැඩේනෙ..ඉතිං වෙන මොකක් කියන්නද ඒ මනුස්සයට? ..හෙහ්,හෙහ්,

      Delete
    2. ඒ වගේ ස්වාමිපුරුෂයින්ට කියන්නෙ මොකක්ද?
      යෝ----- ට දාන කියලද?

      Delete
    3. නෑ...'අමුඩ-දාන'... :D :D

      Delete
  2. හැ ..මෙන්න යකෝ මම එක. මොකක්ද බං එක උනාට දෙන තෑග්ග. යෝනිදානි වර්ගයේ භාර්යාවක්වත්ද ?

    ReplyDelete
    Replies
    1. itn,

      උඹ ඔය එක උනාමද කොහෙද නේද? උඹට තෑගි නෙවෙයි බොල උඹ මට මොනවහරි දීහං මේ අද්වීතීය ගෞරවය උඹට ලබා දුන්නට :)

      Delete
  3. රවී අයියේ, හාමුදුරුවරු බණ කියනව කියද්දි තව කතාවක් මතක් උනා . ලියල දාන්නං පහන් සංවේගය උදෙසා.

    ඉස්සර හාමුදුරුවරු බණ කියද්දි එතනම පුංචි පුටුවක ඉඳං මනුස්සයෙක් සැරිං සැරේ " එහෙයි හාමුදුරුවනේ " කියනව නොවැ.. ඒකට කිව්වෙ මහිතෙ පිලිවදන් දෙනවා කියල,ඕකට ඉන්නෙ ඉතිං පංසල කරේ තියං ඉන්න දායකයො තමා..

    ඔන්න එක බණක්, සෙනග සූ ගාල.. දායක ඇත්තත් දෙකක් නමාගෙන ආව පිලිවදන් පාර බොක්කෙන්ම දෙන්ඩ.. බනේ මාත්තුරුකාව කාන්තා ඇඳුමේ සංවරකම .

    හාමුදුරුවො දෙනවා දන්න කැටයං සේරම දාල..ඔන්න කියනවා " පිංවතුනි එදා උපාසක අම්මල පංසල් ආවෙ දෙපට චීත්තෙ ඇඳල..උපාසක මහත්තුරු සරම ඇඳල අමුඩෙත් යටට ඇදල.. දැං එහෙමද " කියද්දි එක පඩත්තර අලුත් පරම්පරාවෙ කොල්ලෙක්
    "මොකද්ද සාදු අමුඩෙ කියන්නෙ" ??

    ඔන්න පිලිවදන් දෙන පොරගෙ චෑන්ස් එක.. ප්‍නැගිට්ටා ඉද්ද ගැහුව වගේ, ඉස්සුවා සරම..
    මෙන්න දරුවො බලාගන්න අමුඩෙ කියන එක

    අනේ එදා උන්දැට හදිස්සියට අමුඩෙ අමතක වෙලා ඇවිල්ලා !!!!!!!!
    ඕ යේස් .

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි,

      හෙහ්, මරු...මේ කතාව මම අහල තිබුනෙ නෑ...හාමුදුරුවො සහ උපාසකගෙ බේසං කතාවයි, සිංහල ගුරුතුමා අමුඩෙ ගැන කියල දෙන්ට ගිහිල්ල වෙච්ච අකරතැබ්බෙයි අහල තියනව...:)

      එදා බණ අහන්ට ඇවිල්ල හිටියලු ඒ කිට්ටුව තිබ්බ තේ වත්තෙ මහත්තයයි නෝනයි. දෙන්නම කොලඹ හතේ කට්ටිය.

      " Cheeya, Dear, Look at that man, exposing himself without even a bit of shame…and is that thing called Amude in sinhala? I always thought it was some thing else, well, you learn something every day eh?"

      අර පොෂ් නෝන මහත්තයෙගෙ කණට කරල එහෙම කිව්වලු.

      Delete
    2. රූ අයියෙ ඕකෙ වර්ෂන් බර ගානක් ඇති නේද..ඉස්කෝලෙ ගුරුතුමා ගෙ සීන් එකත් මේකම කියල මතකයක් තියනව.එහෙම නෙමෙයිද

      // is that thing called Amude in sinhala?//
      දවසේ කතාව බං. හැක්

      Delete
  4. සා..........ආ.........ආ............දු!

    ReplyDelete
    Replies
    1. සුපින්වත් බිළාල යුවතිය උපාසිකාව,

      සුවපත් වේවා! පින්වතිය, සුවපත් වේවා!!

      මේ වෛශාඛ ශ්‍රී මුනි තෙමඟුල සිදුවූ පින්බර පුන් පොහෝ දිනයේහි අරුත්බර සුමධුර ධර්ම දේශනයට සවන්දී ඔබ රැස් කරගත්තාවූ මහා කුශල සම්භාරයෙහි බල මහිමයෙන් ඇසිලින් අක්කා මෙන් කටයුතු කිරීමට ඔබට කිසි දිනෙක සිදු නොවේවා එසේම සියලු දෙව් මිනිස් සැප කෙලවර ඒ සියළු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා හොඳයි සැපයි, ආතල් කෝටියයි කියා වදාල උතුම්වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා කියල ප්‍රාර්ථනා කරගෙන දොහොත් මුදුනේ තියාගෙන සාදුකාරයක් දෙන්න බලන්න..සා...දු! සා...දු!! සා..ආ..ආ..ආ දූ!!!

      Delete
  5. සාදු සාදු !!!!!

    ReplyDelete
    Replies
    1. සුපින්වත් අරවින්ද පොක්ඛරනියාධිපතිනි උපාසිකාවනි,

      සුවපත් වේවා! පින්වතිය, සුවපත් වේවා!!

      දෙදහස් පන්සිය වසරක් තිස්සේ අනවරතව පැවත එන්නාවූ අනභිභවනීය ප්‍රෞඪ ජාතියක් වන සිහල බොදුනුවන්ගේ මෙවන් මහාර්ඝ එමෙනම ආදර්ශයට ගතයුතු ජනකථාවන් බොහෝ වෙත්.. ඔබතුමියගේ කුඩා දරුවන් ඉගෙනුම ලබනා පාසලෙහි තම තමන්ගේ මව් බිමෙහි ප්‍රචලිත ජනකථාවන් පැවසීමට අවස්ථාවක් ලදකල්හි වහා ඉදිරිපත්ව මහ සභා මධ්‍යයෙහි පැවසීමට නිසැකවම ඉතා අගනා ජන කථාවෙකි මේ. එබැවින් ඔබ ආදරණීය දරු දෙදෙනාහට මේ කථාව පවසා ඔවුන් දැනුම්වත් කරවීමට අනලස්ව කටයුතු කරන්නේනම් ඉතාම කෘතඥවෙමි.

      Delete
  6. මගේ උපදේසෙ හොඳට හිතට අරගෙන අර දහජරාව බොන එක නවත්තලා කොත්තමල්ලි බොන්න ගත්ත එකට උඹට මගේ මෙව්වා එක පුද කරනවා...

    යෝනිදානි භාර්යා... පිස්සු හැදෙනව බං... හැලපයාගෙ කතාවෙ බාරියාවටත් ඒක හොඳයි. ඇත්තටම මම කල්පනා කලේ ලංකාවේ වැඩි හරියක් ඉන්නේ යෝනිදානිලා වෙන්න ඕනේ. ඔය ටිකක් වැඩිහිටි යුවතිපතීන් ඉන්නවා නේද? කවදාවත් එකිනෙකාට තියන ආදරයක් ප්‍රසිද්ධියේ පෙන්නන්නේ නෑ. ආදරයෙන් කතා කරන්නෙ නෑ. අතින් වත් අල්ලන්නේ නෑ. බොහොමයක් දෙනා නිතරම කතා කරන්නේ එකිනෙකාගෙ වැරදිමයි. කට ඇරියොත් දෙන්නට දෙන්න වාද කරනවා. හැබැයි, තමන්ගේ ස්වාමියා ගැන මොන ප්‍රශ්න තිබ්බත් ගොඩක් බාරියාවො යෝනිදානය නම් වරද්දන්නේ නෑ පන්සලේ හීල් දානය අමතක වුණත්. කසාද බාරියාව හැටියට ඒක තමන්ගෙන් කෙරෙන්නම ඕනේ යුතුකමක් කියලා හිතනවා ඇති. මිනිහා පිට යයි කියලා බයකුත් ඇති.

    ReplyDelete
    Replies
    1. තිසර,

      / තමන්ගේ ස්වාමියා ගැන මොන ප්‍රශ්න තිබ්බත් ගොඩක් බාරියාවො යෝනිදානය නම් වරද්දන්නේ නෑ /

      ඒක මල්ලි සුවාමි බක්තියමත් නෙවෙයි මම හිතන්නෙ...හෙහ්,හෙහ්, ඇඟිල්ල දාල කණ කහනකොට වඩා සොමිය ඇඟිල්ලටද කණටද? හා.....කියාපං බලන්ට

      Delete
    2. මේ ඊයෙ අපේ ගෙදර උන සිදුවීමක්..රවී ස්ටයිල් එකෙම්ම ලිව්ව ඔන්න.

      මම; රවීගෙ මාගල බලමින් ඉන්නව...

      මම; ..බකස්..පෘහ්..බ්‍රස්.....බුස් ....සද්දෙ එක්ක ආපු හිනාව කපල ආයි කට අස්සටම දාගත්ත..

      දේවි; පිස්සුද අනේ තනියෙන් හිනාවෙන්නෙ? ( ඔය අහන්නෙ මොකද උඹ මට නොකිය තනියෙන් හිනාවෙන්නෙ මිනිහො කියන එක කියල අර බුරා වගෙ ෆෙමිනි ලොජික් දන්න උන් නම් දන්නව )

      මම. මෙහෙ එන්නකො, මෙක බලන්න..

      දේවි; අනේ මට බෑ ( ෆෙ ලො. ආන් එහෙම එනව )

      ඇයද දුරකථන තිරයේ තිසරගේ කමෙන්ටුව සහ රවීගේ උත්තරය බලයි

      දේවි ; නැගිට ඉවත යමින්.. "විකාර..ඔය හැමෝම හිතන් ඉන්නව ඇත්තෙ එහෙම තමයි.." ( ෆෙ.ලො ඕඅවට ආවොත් මොන මලදානයක්වත් නෑ තමයි ඉතින් )

      මම; මට හිනා ගියෙ ඒ කෙහෙම්මලකට නෙමෙයි

      දේවි; එහෙනං?

      මම; ඔයාට මතකද අපෙ පොඩි නැන්ද කණ කහන විදිය?

      දේවි; ම්හු..

      මම; ඇයි අර ඔයා ඉස්සර හිනාවෙන්නෙ කට උල් කරල වහගෙන කුරුක්කුරුක් කුරුක්කුරුක් සද්දයක් උගුරෙන් කරල කණ කහන්නෙ ඇඟිල්ල වැදිල කන් බෙරේ තුවාල වෙනවට බයේ

      දේවි; බකස්...කාලෙකින් බිතරයක් දැම්මා සේ හිනාවක් සාලෙ මැද අතහැර කුස්සිය දෙසට යයි ( ෆෙ;ලො පොඩි නැන්දා බැඳල නෑනෙ තාම )

      Delete
  7. පුදුමයි හාමුදුරුවෝ ආවාසෙට ආරාධනා නොකරපු එක. ඔය නායක හාමුදුරුවරු හරි මනාපයි කෙහෙල් ගෙඩි දන්දෙන්න. නිකන් පරවෙලා යන ආනමාළු කෝළිකොට්ටු වෙච්චි එකේ, කාට හරි දන් දීලා පිනක් දහමක් කර ගන්න එක නිවනට හේතු වෙනවලු නේ බං.

    ReplyDelete
    Replies
    1. Maathalan,

      / පුදුමයි හාමුදුරුවෝ ආවාසෙට ආරාධනා නොකරපු එක. /

      පිස්සුද බං?...හාමුදුරුවන්ට මොකටද ඔය පුරාවිද්‍යා ආඥාපණත යටතට ගැණෙන එව්ව? මම කිව්වෙ කලින්…/ දෙන්න අවුරුදු පනහ එහෙම පහුකරපු, /

      අවුරුදු පණහ පැන්නම ඕන බාන්ඩයක් පුරාවිද්‍යා ආඥාපණත යටතට ගැනෙන්නෙ. එව්වයෙ මොනම වෙනසක් වත් කරන්න බෑ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ගෙන අවසර නැතුව. එහෙව් කෞතුක බාන්ඩ මොකටද අපෙ හාංදුරුවන්ට? විසාකා, සුජාතා, බන්දුල මල්ලිකා වගෙ උපාසිකාවො ගොඩ පණහට ඉන්දැද්දි...

      Delete
    2. අම්මාපල්ල සහතික ඇත්ත ආයිබෝවන්ඩ. හං කයිසියක් අමතක් උනා නොවෑ. ගැට පොලොස් වලට බොහෝම මනාපයි කියලා. අනික අවාරයක්ය කියලය. හැමදාම පන්සල් වත්තේ. අස්සැන්න කිසි අඩුවක් නැතිවෑ...

      Delete
    3. ඒ උනාට ලොක්ක පොඩි හාන්දුරුවරු ඔය ඇන්ටික් බඩු මැදල ගන්නව විනාකිරි එහෙම දාල.

      Delete
  8. Replies
    1. Sacheera,

      උඹට එහෙම ඔහොම උනොත් බය නැතුව කියහං... " මේ ඕයි....ඇහුනද? නිකම් බොරුවට මේ ..මේ..ගෑවට වැඩක් නෑ....අනික් පැත්ත හැරිල බුදිය ගන්නව වද නොදී " අන්න එහෙම...නෝ ප්‍රොබ්ලම්..මනුස්සය එහෙම්මම අනික් පැත්ත හැරිල ඔලුවෙ ඉඳං පොරෝගෙන බුදිය ගන්නව. අත්දුටුවයි, සත්තයි, ප්‍රත්‍යාක්සයි...මම මේ අත්දැකීමෙන් කියන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  9. මට මතක් වුනේ එක (කොළඹ) වත්තක ඕක රස්සාවට කරන ගොරෝසු පැවතුම් ඇති ගෑණු කෙනෙක් අර වැඩේ යන අතරෙම බුලත් විටක් කකා වරින් වර ලඟ තියෙන පඩික්කමකට කෙළත් ගැහුවා කියලා එකෙක් කිව්ව කතාව.

    ReplyDelete
    Replies
    1. Henry,

      ඒ ඉස්සරනෙ බං බුලත් කෑවෙ..දැං ඔය රූප ලාවන්‍ය කටයුතු ඔක්කොම කරන්නෙ අර වැඩේ කරන අතරෙ. මොකද එච්චරකට කස්ටමර්ල So busy..... ලිප්ස්ටික් ටිකක් උලාගන්ට ෆේස් ක්‍රීම් ටිකක් ගාගන්ට වත් නෑ වෙලාවක්...සමහරු ඔය අස්සෙ මොබයිල් එකට ආන්සරුත් කරනව. සමහර වෙලාවට ඊළඟ කස්ටමර්ගෙන්.." ආ..හරි ,හරි..පැය බාගෙකිං?...නෑ..නෑ..ඊට කලින් එන්ට...It looks like it won't take more than another five minutes...yeah, I am sure "

      Delete
    2. ඔහොම කිව්වම මතක් උනේ අපේ කොල්ලෙක් කිව්ව කතාවක්.
      නුගේගොඩ මාලක්කා කොට්ටාවේ සෝමක්කා වගේ නම්ක් තියෙන ගෑනු කෙනෙක් ගේ ගෙදර කට්ටිය ඉන්නවලු පෝලිමේ. . එක කස්ටමර් කෙනෙක් ගිය ගමන් අර අක්කා දොරේ වනල තියෙන සාලුවක් කෙටි පැත්තෙන් රෝල් කරලා කකුල් දෙක මැද්දෙන් යවලා පිටිපස්සෙන් අනිත් කොන අල්ලගෙන උඩට පහලට කර කර පිහිදන ගමන් කියනවලු කෝ ඔය බස් එක පරක්කු වෙන කට්ටිය එහෙම ඉනන්වනම් එන්න කියලා . . :D

      Delete
    3. දුකා,

      හෙහ්,හෙහ්, මරු කතාව බං ඒක....මට මැවිල පේනව වගෙ..කොටිම්ම උදේ නාල මම ඔය උඹ කියපු විදිහට තුවාය රෝල් කරල දෙපරැන්ද අස්සෙං යවල පිහදාන ගමං බාත් රූම් එකේ දොර බාගෙට ඇරල කෝ ඔය බස් එක එහෙම පරක්කු වෙන අය ඉන්නවනම් විජහට එන්න කියල කියල බැලුව. හිනාවෙලා පණගියා බං...හෙහ්,හෙහ්,

      Delete
  10. මම අහපු වර්ෂන් එකේ නං ඔය යොදි කොහොමත් ඈලිමෑලියි. ඔන්න පිරිත් ගෙදරක ගිහිල්ල ගෑනි නිදි අතරෙ පිරිත් අහන ඈයන්ට කන්න අග්ගලා ගෙනාවලු. මිනිහ අග්ගලා කන්න කතා කලාම ගෑනි රෙද්ද ලිහුවලු!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      ඒක මම අහල නෑ...අග්ගල කන්ට කතාකරපු සීන් එක…:) :)

      Delete
  11. හපොයි දෙයියනේ බණ මොනවද ඉතිං ඊට පස්සෙ.
    /යෝනිදානි/ හැක්.. ඒකනං නියම නම තමයි.

    ඉක්මනට යන්න ඕන කොත්තමල්ලි බෝතලයක් ගේන්න. මොකද හෙට අනිද්ද බෙහෙත් බඩු කඩ වහලලු.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      අන්න බං ඒක හොඳයි...ඒත් එකක් මක් කොරන්ටද? අනාගාමී ඵලයටවත් පත්වෙන්ට එපාය....ගං ගං කොත්තමල්ලි බෝතල හත අටක්ම..

      Delete
  12. යසයි වැඩේ... "විමලේ" කියලා තියෙන්නෙ මාතෘකාවෙයි, ලේබල් එකෙයි විතරයි... :D

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ඇයි බං මේ කතාව කියපු කොත්තමල්ලි පාටිය වෙලාවෙ ( මට මතක නම් නෑ කවුද කිව්වෙ කියල ) විමලෙත් හිටිය. :)

      Delete
  13. "යෝනිදානී භාර්යා" අපේ ශබ්ධ කෝෂයට අලුත් වචනයක් සොයා දීමෙන් රවීයියා උපසාක තෙමේ මේ කරගත්තා වූ මහා කුසලාකර්මයෙන් තවුතිසා දෙව්ලොව දෙව්පුතෙක්ව දෙවඟනුන් පිරිවරා ඉන්න හේතු වසනාම වේවා.....

    ReplyDelete
    Replies
    1. Manoj,

      / දෙව්ලොව දෙව්පුතෙක්ව දෙවඟනුන් පිරිවරා ඉන්න හේතු වසනාම වේවා...../

      පිරිවරා ඉඳල මොන කෙහෙල්මලටද බං? :) :)

      Delete
    2. //පිරිවරා ඉඳල මොන කෙහෙල්මලටද බං? :) :)//

      හුටා එකත් ඇත්තනේ,පිරිවරා සිටියාම මොන මගුලක්වත් කරගන්න බැහැ නෙන්නම්..:)

      Delete
  14. නිවං ගියා මචෝ මේ බණ අහලා... මාත් මේ කොත්තමල්ලි වීදුරුවක් බොන්න කියලා ඉන්නේ හවසට.

    ReplyDelete
    Replies
    1. නලින්,

      අන්න හොඳයි බොන්න බොන්න ඇඟ නිවෙනව බලා ඉන්දැද්දි ...:)

      Delete
  15. ඈ මචං ඉත්තෑවගේ ගෙට කබැල්ලැවා රිංගුව වගේ කියල උඹට රට්ටු කියන්නේ මොකද බං

    ReplyDelete
    Replies
    1. නලින්,

      මට මොනව කිව්වම මොකද මම මොකෙද්ද? ඒක නෙවෙයි රටේම ලොක්ක අනුන්ගෙ තැනක රිංගගෙන ඉන්න එක ගැන මොකෝ කියන්නෙ? ලියන්ටද පෝස්ට් එකක්..." අපල ගෙවන්නට ඉත්තෑවාගේ ගෙට රිංගූ කබල්ලෑවා නොහොත්......." මොකද කියන්නෙ? උඹ අර පටංගත්තෙ බ්ලොග් ජනප්‍රිය කරන්ටෙයි කියල පිටුවක්....ඒකෙ දාල දෙනවද?..:)

      Delete
    2. පලප්ප කතා කියන්න එපා නලින්,ඔව්ව දැන් රවියට මතකත් නෑ.

      Delete
    3. රවියෝ ලියහං ලියහං අපි කියවනවා. අර පිටුවට කෙළෙව්වානේ බං විදුහල් පතිවරයෙක්. ඒ හන්දා ඒක දැන් නෑ. එත් ලියල බ්ලොගේ දාපං මචං.

      Delete
  16. රවී.....යුක්තිය පත්තරේ එක කාලයක් මගේ ෆේවරිට් පත්තරේ. ඔය ලක්බිමෙන් අයින් කරපු සමන් වග ආරච්චි ඒ කාලේ යුක්තියේ සුනන්දගේ දෙවෙනියාද කොහෙද. හොඳ වැඩ කොටසක් කරා ඔය පත්තරේ කාලයක්. අපි ඕමාන්වලට ගෙන්නුවා එක කඩකාරයෙක් ලව්වා. උඹට මතකද රිචඩ් -රාජිනි සැමරුම. යුක්තියෙන් සංවිධානය කලේ. මගේ ගාව රිචඩ්ගේ ඔය උඩ තියෙන පින්තූර අතින් ඇඳලා ප්‍රින්ට් කරපු ටීෂර්ට් එකක් තිබුනා. අපි ප්‍රසිද්ධියේ ඇන්දා ලංකාවට ආවාම.

    ඔළුවේ උකුණෝ කතාවනම් මරු බන්. ඒවා "කරවපු" එවුන් තාමත් ආතල් එකේ ඉන්නේ බන්. "කරපු" එවුන් නම් කට්ටක් කෑවා.

    මචං මේ රෙද්දෙ කතාව වෙලා තියෙන්නේ නිමල් ජයසිංහ සහ දිවංගත සෝමසිරි දෙහිපිටිය යන ප්‍රවීණයන්ටයි. මට කිව්වේ නිමල් අයියා. ඒ කාලේ දවසක් කොහෙද ෂූටින් ඉවරවෙලා දෙන්නා එනවාලු බස් එකක ටිකක් රෑවෙලා කොළඹින් ඈත පලාතක. පිරිත් පැන් මදිවෙලා, සෝමසිරි දන්න හොර පිරිත් පැන් දෙන ලෑලි කඩයකට ගියාලු. රෑ නිසා කඩේ වහලා. පිටිපස්සෙන් තට්ටු කරාම , සෝමසිරි නිසාම මුදලාලි කඩේ ඇරලා. කඩේ පිටිපස්සේ පැදුරක හාමිනේ ගොරවමින් නිදිලු. මේ දෙන්නා එතන හිටගෙනලු. පිරිත්පැන් කබඩ් එකේ යතුර හාමිනේගේ කොට්ටේ යටලු රෑට තියගන්නේ. යතුර ගන්න මුදාලාලි හාමිනේට දෙසැරයක් තුන් සැරයක් තට්ටු කරලා. ඊට පස්සේ වෙලා තියෙන්නේ උඹේ කතාවේ වෙච්ච දේමයි. මුදලාලිට එකපාරම "නොදකින් *ත්ති" කියලා කියවුනාලු. මුදලාලි අප්සට් වුන නිසා සෝමසිරි කිව්වලු ගණන් ගන්න එපා මුදලාලි අපේ ගෑණිත් ඔහොමයි කියලා.

    ReplyDelete
    Replies
    1. Aru

      / උඹට මතකද රිචඩ් -රාජිනි සැමරුම /

      යර්ස්, වයි නොට්?...රාජිණී තිරාණගම...රාජිණී උතුරෙ මරණකොට රිචඩ් දකුණෙ මැරුව. එකම කාසියෙ දෙපැත්ත බං...

      / ඒවා "කරවපු" එවුන් තාමත් ආතල් එකේ ඉන්නේ බන්. "කරපු" එවුන් නම් කට්ටක් කෑවා. /

      කරපු එවුන් නාමිකව කට්ටක් කාල නිදහස් උනා. එක අතකට කරවපු එවුන්ට දඬුවම් දෙන්ඩ බැරිනං කරපු එවුනුත් එලියට දාන එක සාදාරනයි කියන්ටත් පුලුවන්. ඒත් ඔතන බොහොම බයානක පූර්වාදර්ශයක් සහ පණිවිඩයක් දෙනව. ඉස්සරහට කරවන්ඩ ඉන්න අය කරන්ඩ ඉන්න අයට කියන්නෙ කිසිදේකට බය වෙන්ට එපා ඉස්සරහටත් අපි කියන එව්ව කරපල්ල. අහු උනොත් උඹලව බේරගන්ට අපි ඉන්නව කියලයි.

      / මචං මේ රෙද්දෙ කතාව වෙලා තියෙන්නේ නිමල් ජයසිංහ සහ දිවංගත සෝමසිරි දෙහිපිටිය යන ප්‍රවීණයන්ටයි /

      ඔය කතන්දර හැදෙන්නෙ ඔහොම තමයි. ඊට පස් සෙ කටින් කට යනව…. ඒත් කවුරුත් දන්නෙ නෑ මූලාරම්බෙ.

      Delete
  17. අපේ අම්මේ :(

    ReplyDelete
    Replies
    1. අපූර්වි,

      මොකෝ බොල?....:)

      Delete
  18. හෙග් හෙග් නියම නම යොනිදාන.
    මම අහල තිබුන ඔය කාලෙම මොකක් හරි පත්තරෙක තිබුනලු මෙහෙම "ඉයෙ යාපනය ප්‍රදෙශයෙ කොටින් හා මහුදාව අතර ගැටුමක් ඇති නොවුනු බවටත්,ඉන් හමුදා සෙබලු දොලොස් දෙනෙක් මිය නොගිය බවත්,හමුදාව සතුව තිබු යුද ටැන්කියක් කොටි විසින් අත්පත් කරගෙන නැති බවත් වර්තාවිය" කියල.
    එ විදියට ලිවුවත් කමක් නැ වගෙ නේ.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අඩේ අන්න හරි බං අර සැණකෙළි සීන් එකට ඒ හැටි කචල් එකක් ආවෙ නැති හින්ද යුක්තියෙම තමයි ඊට පස් සෙ යුද පුවත් ඔය විදිහට දැම්මෙ. නියම වැඩේ කියන්නෙ ඒ කිට්ටුවම තිබ්බ පුවත්පත් සම්මාන උළෙලක හොඳම ගවේෂණශීලී වාර්තාකරණයට සම්මානය ගත්තෙ යුක්තිය. සම්මානය ගත්තෙ ආරිය රූබසිංහ අතින්මයි..ප්‍රවෘත්ති බලධරය.

      Delete
  19. මේ දවස්වල වැටෙන්නෙම ලුණුඇඹුල් රහ උතුරන පොස්ටුනේ හෙහ් හේ. වෙසක් එකට දාපු කොත්තමල්ලි දන්සැලක් වගේ

    ReplyDelete
    Replies
    1. තිලක්,

      හෙහ්,හෙහ්, ඒකනෙ වෙසක් කාලෙනෙ බොලේ..බුද්දාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලනෙ ඉන්නෙ...

      Delete
  20. lagadi kyawanna gaththe..guruwari & wanpathul wala danata liyala tyna ewage link tika denna. 4n eken kywana nisa hyaganna amarui..adic wela wage..me ara hathmaluwata wechcha dyka na nd?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      වාංපතුල් කතාවෙ කලින් කොටස් ඔක්කොගෙම ලින්ක් මම පහුගිය කතාව ඒ කියන්නෙ අංක 10 ලියනකොට දැම්ම. මොකද මම අන්තිමට වාංපතුල් කතාවක් ලිවෙ අවුරුද්දකට ඉස්සෙල්ල නිසා. ගුරුවරියකගෙ කතානම් බොලේ දැනට 19ක් ලියල තියනව. ඔක්කොගෙම ලින්ක් දාන්න නම් වෙලාවක් නෑ දැනට. ඔය දකුණු පැත්තෙ ප්‍රවර්ග කියන හෙඩිං එක යටතෙ බැලුවොත් ඒ ගුරුවරීගෙ කතා ඔක්කොම එකට තියනව.

      Delete
  21. ඇම්ඩන් ගේ ඉස්කෝලෙ ක්‍රිස්තු ධර්මයටත් කාල පරිච්ඡේදයක් තිබලු. ඇම්ඩත් බොහොම වුවමනාවෙන් ක්රිස්තු ධර්මය ඉගෙන ගත්තට, ඇම්ඩගේ එහ පුටුවෙ උන්නු සුමනා මේ පාඩම අතරතුර නිද ගන්න එකමලුකරේ.

    දවසක් පියතුමා ඇවිත් පාඩම පටන් අරන් කරගෙන යනවලු. සුමනා නිදා ගන්න පටන් ගත්තලු.

    පාඩම අතරෙදි පියතුමා ඇහුවලු “අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?”. එතකොටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නලු.

    “දෙයියනේ” කියාගෙන සුමනා ඇහැරුනාලු.

    “බොහොම හොඳයි” කියපු පියතුමා පාඩම ආයි පටන් ගත්තලු. සුමනත් නින්දට වැටුනලු.

    තව ටිහිකින් ආයි ෆදර් ඇහුවලු “අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?”

    ඇම්ඩන් ආයි පාරක් සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්න.

    “ජේසු සුවාමි දරුවනේ” කියල කෑ ගසමින් සුමනා ආයි ඇහැරුනාලු.

    “බොහොම හොඳයි” කියපු පියතුමා ආයි පාඩමට ගියාලු. සුමනත් නින්ද පටන් ගත්තලු.

    ඔන්න ෆාදර් තව ටිහිකින් ආයි ඇහුවලු

    “ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ”

    ඇම්ඩ සුමනට ආයි අල්පෙනෙත්තෙන් ඇන්න.

    ඒ පාර මල පැනපු සුමන නැගිටල ඇම්ඩ දිහාට හැරිල ,

    “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල ගහනව උඹේ ..කේ දැනගනින්”

    කියල පන්තිය දෙදරන්න දුන්නලු..

    ඒ එක්කම දඩස් ගාල සද්දයක් ආවලු,බලනකොට ෆාදර්ට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් හාන්සියි...

    ReplyDelete
    Replies
    1. හි හි හි

      Delete
    2. අදමයි බං ඕක ඇහුවේ ..

      Delete
    3. Wesak sathiye vitharai mewa,

      Delete
    4. ඉන්දික,

      " දෙවියනේ..මට පාළුයි... තනියම ඉන්ට බෑ.."ආදම් කෙඳිරි ගෑව.

      " රයිට් මම උඹට මවල දෙන්නම් ස්ත්‍රිය..ඈ බොහොම ලස්සනයි, බුද්ධිමත්, ආචාරශීලීයි කරුණාවන්තයි ...උඹට බොහොම ආදරෙන් ඉඳී..හැබැයි එකක්…"

      " ඒ මොකක්ද දෙවියනේ? "ආදම් ඇහුව..

      " උඹෙන් මට ගන්න වෙනව අතකුයි කකුලකුයි. "

      " ආපෝ ඒක නම් කීයටවත් බෑ.."ආදම් එකහෙලාම කිව.

      " රයිට් එහෙනම් එක කකුලක්.."

      " ඒත් බෑ.."

      " එහෙනම් අතක් විතරක්.."

      " ඒත් බෑ දෙවියනේ…"

      " එතකොට මොකක්ද උඹට දෙන්න පුලුවන්.."

      ආදම් ඉල ඇට කූඩුව අතගෑව.." මේ ඉලඇට මහ හුඟක් තියනවනෙ. මට මෙච්චර ඕන නෑ. ඉළ ඇටයක් ඕනනම් දෙන්නම්.."

      " හැබැයි ගොයියො එකක් තියනව..උඹ දන්නවනෙ ගෙවන ගාන අනුව තමයි බඩුවෙ වටිනාකම තීරණය වෙන්නෙ.ඉළඇටයක් විතරක් දීල උඹ අර කලින් මම කියාපු ලස්සන, බුද්ධිමත්, ආචාරශීලී ස්ත්‍රිය නම් බලාපොරොත්තු වෙන්න එපා හොඳද? අනික පස් සෙ ඤුරු ඤුරු ගාන්ට ලෑස්තිවෙන්ටත් එපා හොඳද? "

      " කමක් නෑ දෙවියනේ මම කැමතියි…"

      ඔන්න වැඩේ සිද්ද උනේ ඔහොමයි..ඉතිං දෙයියන්ට දොස් කියන එකත් හරි නෑ ....දෙයියන්ගෙම නෙවෙයි වැරැද්ද...

      ඉංග්‍රීසියෙන් එක්ස්ප්‍රෙෂන් එකක් තියනව " IT would cost you an arm and a leg " කියල. හුඟක් වියදම් යන වැඩක් ගැන එහෙම තමයි කියන්නෙ. ඒක හැදුනෙ ඔය කතාවෙන්.

      Delete
    5. ඔය පල්ලියෙ දෙශනාවක් යනකොට ඇම්ඩන් ඉදල ෆාදර් ගෙන් අහනවලු

      "එතකොට ෆාදර් වෙන කෙනෙක් බැදපු ගැනු කෙනෙක් එක්ක නිදියන එක පවක්ද "

      එතකොට ෆාදර් කියල

      "නිදියන එකනම් පවු නැ පුතෙ.මුන් නිදියන්නෙ නැ නේ "

      Delete
    6. අනේ අම්මපා මේව්වා අහලා නිකා ඉන්නේ කොහොමද ..ඇත්ත කතාව ඇත්තටම සිද්ද වුනේ මෙහෙමයි..

      දවසක් ඊඩන් උයනේ ඊවා කල්පනා කර කර ඉන්නකොට දෙවියො ඇවිල්ලා මෙහෙම ඇහුවලු..
      “ඊවා මොකද්ද ප්‍රශ්නේ“

      “නෑ දෙවියනේ ඔබතුමා මට මේ ලස්සන උයන මවලා දීලා ඇති තරං කන්න බොන්න හදලා දුන්න තමයි. ඒත් මට දැන් මේ ඇපල් කාලම ඇතිවෙලා තියෙන්නේ..“

      “ඒ මොකද ඊවා“

      “මට තනියි..පාළුවේ ඉන්න බෑ.“

      “එහෙනං මං ගාව තියනවා එක උත්තරයක්..මම ඔයාට මනුස්සයෙක් මවලා දෙන්නම්..

      “මනුස්සයෙක් කියන්නේ?“

      “මේ සතාගේ ටිකක් විතර අඩුපාඩු තියනවා.ඒවා ගණන් ගන්න එපා. ඌ ඔහේට බොරු කරාවි වංචා කරාවි, නොවටිනා කතා කියාවි, කොටින්ම කියනවා නම් ඔහේගේ ජීවිතේ එපා කරාවි. ඒත් ඒ වෙනුවට මනුස්සයා ඔහේට වැඩිය සක්තිවන්තයි වේගවත්.
      ඒ නිසා ඉඳලා ඔහේට කන්න බොන්න ගෙනත් දේවි. තමුන් දැන් මෙතන නාහෙන් අඬන නිසා ඔය මනුස්සයා තමුන්ගේ ගේ ඕනෑ එපා කම් ඉශ්ඨ කරන විදිහට මම හදන්නම්. හැබැයි අනිත් ඒවා ගැන නම් මට වග කියන්න බෑ ඔන්න.“
      “ඒ මනුස්සයා ටිකක් විතර මෝඩ පහේ නිසා ඔය බෝල බැට් අරගෙන කරන සෙල්ලං වලට ගහගන්න සෙල්ලං වලට මාරම කැමතියි. ඔහේ තරම් මොළේ දියුණු නැති නිසා සමහර වෙලාවට අවවාද අනුශාසනා දීලා හදාගන්නත් සිද්ද වේවි. “

      “මොකද කියන්නේ කැමතිද?“

      “මට නම් ලොකු අවුලක් නෑ වගේ දෙයියනේ. ඒත් දැන් මොකද්ද මේකේ කොන්දේසි?“

      “හ්ම්..මේ ඔක්කොම එකෝම එක කොන්දේසියක් මත. “

      “ඒ මොකද්ද ඒ? “

      “මම කිව්වනේ ඔය මනුස්සයා කියන සතා ආඩම්බර අහංකාර පුරාජේරු කියවන සතෙක් කියලා. ඒක නිසා කොයිම වෙලාවකවත් මම එයැයිට කලින් තමුන් හැදුවේ කියලා කියන්න එපා. හැමතිස්සෙම මනුස්සයා තමයි ඉස්සෙල්ලාම මැවුවේ කියලා හිතන්න දෙන්න වෙනවා. මොකද කියන්නේ..“


      ඔන්න දෙවියන් එක්ක තියන ගිවිසුමත් කඩලා මම මේක කියලා දැම්මා ඔන්න.. ;)

      Delete
    7. රූ,

      අම්මාපල් මේ බබලත්තුංගෙ හැටියක්මනෙ මේක. තමන්ට වාසි වෙන විදිහට ඕන දෙයක් වෙනස් කරගන්නව. ඔහෙගෙ කතාවට තව සුට්ටක් එකතු වෙන්ට ඕන නේද නෝනෙ?

      "As I said, he'll be proud, arrogant, and self-admiring ... So you'll have to let him believe that I made him first. Just remember, it's our little secret...

      "You know, woman to woman."

      Delete
    8. ගෑණු එක්ක දෙවියන්ටවත් රහසක් තියා ගන්න බෑ කියන එක්ක මැනවින් ඔප්පු කරපු අවස්තාවක් මේක...

      Delete
    9. @Ravi,
      දෙවියන්නාසේ ගෑනු කෙනෙක්ය කීවාම සමහරක් රෙද්ද කරට ගන්න හින්දා මම ඒ කෑල්ල අතෑරියා...මතකනේ Da Vinci Code චිත්‍රපටියට වෙච්ච වැඩේ..

      @සෙන්නා,
      මේ වගේ කතන්දර ඇහෙද්දි කොහොම ඉවසං ඉන්නද අප්පා..ඊටත් මි මුත්තලාගේ රහස් තවත් වහං කරන් ඉන්න එකේ තේරුමක් නෑ..

      Delete
  22. අනේ අම්මේ ..පෝස්ට් එකය් කමෙන්ට් ටිකය් කියෝලා පුදුමාකාර විදියට සිත පහදවා ගත්තා .. පින් ගොඩය් :D

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      සුවපත් වේවා නැගණිය..සුවපත් වේවා!!!!. ඔබ සිත් පැහැදුනේ නම් ඒ අපටද මහත් සතුටකි!!!

      Delete
  23. මේ පෝය දවස් වල හිත පැහැදෙන්න කියලා කියාපු කතාව මේක..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      අන්න ඒකනෙ මල්ලි... සිත පහදවාගනු මැන!! සිත පහදවාගනු මැන!!

      Delete
  24. බණ කතාවයි අටුවා ටීකා ටිකයි කියවගෙන එද්දී ලියන්න ආපු එක මතක නෑ යකෝ,මතක් වුනහම ආයෙ ඇවිත් ලියඤ්ඤා රවී.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඒකට බං මෙහෙම කරහං...පෝස්ට් එක සහ කමෙන්ට්ස් කියවන්ට ඉස්සරවෙලා උඹේ කමෙන්ට් එක දාල ඉඳහං...:)

      Delete
  25. නවගත්තේගම ගේ දඩයක්කාරයා කතාවක ඔය වගේ රෙද්ද උස්සන සීන් දෙකක් විතර තියෙනවා නේද?

    එකක දඩයක්කාරයා ගේ මායියා. අනිකේ මොකක් හරි හොර වැඩක් කරලා අහුවෙන වෙනත් ගෑණු කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. Ane kammali nobala liyanna kaka . :D

      Delete
    2. මන් හිතන්නේ මම ඕක කියවල තියනවා. අර වැරැද්ද කරලා අහුවෙන ගෑනු කෙනා රෙද්ද කැඩුවාම මිනිහා කියනවා නේද, "අනේ අපිට ඕවයින් ඇති වැඩක් නෑ" වගේ මොකක් හරි කින්ඩි කතාවක්?

      Delete
    3. කතන්දර,

      සයිමන්ගෙ ඔක්කොම වගෙ පොත් නම් කියවල තියනව. ඒත් මට හරියට මතකයක් නෑ ඔහොම සීන් එකක් කෝකෙද තිබ්බෙ කියල...

      Delete
    4. තිබුන තිබුණා,ගොඩකන්දයගෙද කාගෙද කන්දයෙකුගේ ගෑණි.දඩයක්කාරයගේ කතාව පොත.

      Delete
    5. පිටකන්දය නේද

      Delete
  26. අම්මපා වෙසක් පෝයට දාපු කතාවක හැටි :p සාදු සාදු...

    ReplyDelete
    Replies
    1. සයුරි,

      මේ වෙසඟ පුනු පොහෝ දින ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තාවූ පුණ්‍ය බල මහිමයෙන් ඔබ තුමියට යහපතක්ම වේවා!!!

      Delete
  27. දැන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි විවේචනය කිරීමේ අයිතියයි බල්ලට ගිහිල්ලා තමයි රවී. අන්න ඒකට අපේ ජූනියස් සීයයි රණසිංහ මාමයි හිටිය යුගේ. පුහ්

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      අන්න ඒකනෙ කියන්නෙ....දැන් බලන්න ඔයාට උනත් ඔයාගෙ නමින් ඇවිල්ල මේ ටික කියන්න බයක් වගෙ දැනෙනව නේද? ඉතින් ආය කුමන කතාද? :)

      Delete
  28. හපොයි දෙයියනේ පීතර අයියට වෙච්ච දෙයක්..

    ReplyDelete
    Replies
    1. රූ,

      මිස්ට පීටර් එදයිං පස්සෙ මිසිං ඉන් ඇක්ෂන්!!

      Delete
  29. කතාව නියමයි. කමෙන්ට් ටිකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම් ...:)

      Delete
  30. හෆොයි අයියේ . . .
    බණ අහන්න ආපු උන්ට අන්තිමේදි ඇසිලින් අක්කගේ තොරණත් බලන්න ඇහැක් උනා එහෙනම් ඈ . .

    ReplyDelete
    Replies
    1. දුකා,

      ඒකනෙ බං ...දැක්ක එකෙක්ගෙං තොරණෙ විස්තරේ අහගන්ට තිබ්බනං මල් හතයි...හෙහ්,හෙහ්,

      Delete
  31. හෙහ් හෙහ්...
    යෝනිදානී භාර්‍යා...
    හිත නිවෙන කථා ටිකක් හවසට කාෙත්තමල්ලි ටිකක් බීල අායෙත් කියවන්න ඔ්න....

    ReplyDelete
    Replies
    1. විදානෙ මල්ලි,

      ඒකනෙ බං රූපවාහිනියෙ යන එව්ව මොනවද? මෙව්වනෙ හිත නිවෙන කතා...:)

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දුකාට බස් එකට පරක්කු වෙන නිසාද කොහෙද වාලුකා සිතුවිලි එකට දාන්න ඕනෑ කෙමෙන්ටුව මෙතන වැටුනා නේද?

      8-)

      Delete
  33. යෝනිදානී භාර්යා කියලා.....

    මේවට කොහෙන්ද බොල හිනා වෙන්නෙ...අගේ ඇති භාර්යාවක් නොවැ...අසරණ පීතරයා ඊට පස්සෙ රෙදි ඇන්දද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. සිරා,

      පීතරය විතරක් නෙවෙයි බං. ඇසිලිං අක්කත් එදයිං පස්සෙ ආගිය අතක් නෑ...:)

      Delete
  34. :පී ඔය කිව්වේ බණක්! මේ පාර! ලොල්!

    ඔහෙට බොන එව්වා බැරිනං කන එව්වා බැරිනං ඕන එකක් ලියාගන්න එකයි ඇත්තේ හෙහෙහ් මයි කාර් මයි පැට්ට්‍රල්!
    '

    සා දු සා දු! !!!!

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      යහපතක්ම වේවා!!!..සුවපත් වේවා!!!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...