Saturday, May 17, 2014

259. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 20 - I Just Called To Say I love You


Image : bambalapitty.blogspot.com/

ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 15 - කොටසෙදි මම මෙහෙම කිව්ව. 

/ රයිට් ආපහු යමු මුලටම..කතාරම්බයට...අන්තිමට කොහොම හරි අපෙ ලොක්කත් ඇවිල්ල රැස්වීමත් තියල දවල් එකට වගෙ බත් ටිකකුත් කාල මම බස් එකේ නැග්ග මාතලේ එයාලගෙ ගෙදර යන්ට. /

/ ඒ දවස්වල එයාලගෙ ගෙවල් පැත්තට යන්ට ඒ හැටි බස් තිබ්බෙ නෑ. මාතලේ ඉඳල යන්ට ඕන කිලෝ මීටර් 10 -12 වගෙ.ගහේ නඟිනව වගෙ කන්දක් නැඟල ආපහු බැහැපුවාම තියෙන බොහොම ස්වභාව සෞන්දර්යයෙන් අනූන නිම්න භූමියක තමයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. වටේටම කඳු. දෙසැම්බර් කාලෙට හේම ඔය වටේට තියන කඳු වළල්ල මුළු දවසෙම බාගයක් විතර මීදුමෙන් වැහිල තියෙන්නෙ. සමහර වෙලාවට කඳු මුදුන් මීදුම් වළාවට ඉහලින් පෙනෙනව. පුදුම ලස්සනක්. /

ඔතනදි තමයි චුට්ටි අයිය ගැන කතාව ඇදිල ආවෙ..හරි දැන් චුට්ටි අයිය ගැන කතාව ඉවරයිනෙ. ආපහු යමු ආයම මම මාතලෙන් බස් එකේ නැඟල එයාලගෙ ගෙදර යන තැනට...

මාතලේ -දඹුල්ල පාරෙන් වමට හැරිල කන්දක් නඟින්ට තියනව එයාලගෙ ගමට යන්ට. ඒ කන්ද මුදුනට කියන්නෙ මුදුන කියල. ඊට පස්සෙ ආයෙම පල්ලම් බහින්ටයි තියෙන්නෙ.

ඔය කන්දෙ මැද හරියෙ වගෙ තියනව බීරිදෙවොල කියල තැනක්...පොඩි සිල්ලර කඩයක් දෙකක් සහ මහ විසාල නුග ගහක් තියනව. එතනම කෝවිලකුත් තියනව. ඔය නම මහ අමුතුයිනෙ..බිරිදෙවොල...ඔය අමුතු නම් ගම් ඇහුවම මම ටිකක් හොයල බලනව ඒ ගැන. මොකද එව්වයෙ පසුබිම් කතාවල් බොහොම වෙලාවට හරිම අපූරුයි.

" මොකද ඔය බිරිදෙවොල කියන්නෙ ඔතනට? " මම ඉස්සෙල්ලාම අපෙ උන්දැගෙන් ඇහුව.

" හරියටම තේරුමක් නම් දන්නෙ නෑ අනේ..අප්පච්චි දන්නව ඇති අහල බලන්ට…"

අප්පච්චිගෙන් ඔන්න මම ඇහුව . එයත් හරියට විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. මම ඉතිං ග්‍රාමනාම උත්පත්තිය පිළිබඳව මගේ පර්යේෂණය තාවකාලිකව අමතක කරල දැම්ම.

ඔය අපෙ උන්දලගෙ ගමට යන පාර බොහොම කඳු සහිත දුර්ග මාර්ගයක්. වැලමිටි වංගුම තමයි දිගටම. පාර දෙපැත්තෙම මාන කැලේ. කන්ද කපල හදපු පාර නිසා පාරෙ දකුණු පැත්ත සම්පූර්ණයෙන් මාන ගාල. බස් එක හදිස්සියෙන්වත් කොට පටවගෙන පළාපත්වල දිහා මෝලකට යන ලොරියකට ඉඩදෙන්ට අයින් කලොත් මාන ගාල කෙලිම්ම බස් එකේ ජනේලෙන් ඇතුලට ඇවිල කටේ හිටං..තුහ්ප්....තුහ්ප්...

ඒ දවස්වල ඔන්න ආපි ප්‍රාදේසීය සබා චන්දයක්.එහෙ සබාපති තුමත් දනිපනිගාල ඉසගිනි ගත්තකු එගිනි නිවනසේ වැඩ කරන්ට ගත්ත. පාරවල් වලට තාර දාගෙන ගියා ගිනි කසේට. පාර දිගේ ඉස්කෝලෙ යන පොඩි එවුන්ගෙ කකුල්වලට හිටං තාර දැම්ම.ගමේ ලයිට් නැති පාරවල දිගේ ලයිට් කණු ගෙනල්ල ගොඩ ගැහුව. " අංක 19 කලු මල්ලී වැඩිම මනාපයෙන් සබරගමු පළාත් සබාවට " ලයිට් කණුවට අලවල තිබ්බ දැන්වීම ඉරන්ට හදල තිබ්බට ඒ අකුරු තවමත් කියව ගන්ට පුලුවන්. පාන්දර වැඩට ගිය මිනිස්සු රෑ ඇටපල් කලුවරේ හිත් හෝදිසියට ආපහු එනකොට ඔය ලයිට් කනුවල කකුල් හප්පගෙන ඇඟිලි පොඩි කරගත්ත. ඇයි දෙයියෝ සාක්කි. උදේ යද්දි නොතිබිච්ච ලයිට් කණු තොගයක් පාරෙන් බාගයක් වැහෙන්ට ගොඩගහල තියනකොට, රෑ කලුවරේ ඕකට ඔට්ටුවෙන එක ආය වෙනම කියන්ටත් දෙයක්ද? නැද්ද?

ඉතිං මම අර කියපු ගන සැරේට මානා වැවිල තිබ්බ දහ අට වංගු පාරෙත් දෙපැත්තෙ කැළේ කැපුන. කැති, වීසි කැති, මන්න පිහි අරගෙන සබාපතිගෙ ගෝල බාලයො ටික හිටු කියල වැඩේට බැස්ස. සතියක් යනකොට පාර එලිඋනා බලන්ට ලස්සනයි. ඊළඟ පාර එයයි මායි වීක් එන්ඩ් එකේ ඔන්න ගෙදර එනව. කන්ද මැදක් නඟිනකොට තියනව සමන් පිච්ච වවපු කෑල්ලක් අක්කර පහක වගෙ. මාතලේ කෝවිලට මල්මාලා හදන්ටයි ඒ සමන් පිච්ච මල් ගන්නෙ. ඊට අමතරව ඔය සමන් පිච්ච වත්තෙන් කොළඹ බොහොම ප්‍රසිද්ධ කෝවිල් කීපයකට මල් යවනව කියල මට කිව්වෙ අපෙ උන්දැගෙ අප්පච්චි. අරූ දවස් තුන හතරකට කලින් ලියපු පෝස්ට් එකෙත් ඒ බව කියල තිබ්බ. අනික මම ඔය ගැන පොඩ්ඩක් හෝදිසි කලාම තව බම්බලපිටිය ගැන ලියන බ්ලොග් එහෙකත් ඒ කතාවම තිබ්බ.

රෑ ඔය හරියෙන් එනකොට හුළඟ එහෙම තදට තිබ්බෙ නැත්තං සමන් පිච්ච සුවඳ පපුව පිරිල ඉතිරිල යනව. ඔය දෙවියො වඩිනකොට සමන් පිච්ච සුවඳ හමනවයි කියන කතාව අහල තියද? මට දෙතුන් පාරක්ම එහෙම දැනිල තියනව. අහල ගං හතක සමන් පිච්ච පඳුරක් නැතුව තියෙද්දි එක පාරට රෑ දෙගොඩ හරියෙ එනව නාහෙ කඩාගෙන යන්ට සමන් පිච්ච සුවඳ.....

මට අවුරුදු දොළහක් වගෙ කාලෙදි......අපෙ මිදුලෙ ලාවුලු ගහයට පිට ලෑලි පලුවක් හරහ දාල හදල තිබ්බ බංකුව උඩ අත්තම්මයි මායි ඉඳගෙන ඉන්නව ආකහේ දිහා බලාගෙන. අහසෙ එක වළාකුලක්වත් නෑ...පුරා හඳ රබානකට සුදු තීන්ත ගෑවහේ දිළිහෙනව. ලවුළු ගහේ කොළ යන්තමට සර සර ගෑවිල්ලෙ හමන හීතල හුළඟත් එක්ක ඔන්න සමන් පිච්ච මල් සුවඳක් ගලාගෙන එනව..

" මොකක්ද අත්තම්මෙ ඒ සුවඳ? " මම අත්තම්ම දිහාවෙ හැරිල අහනව..

" ෂ්...ෂ්...කෑ ගහන්ට එපා..අපි යමු ගෙට …" අත්තම්ම හෙමිහිට මගෙ අතත් අල්ලගෙන නැඟිටිනව.

" ඇයි අත්තම්මෙ? "

" යංකො ගෙට මම ගෙට ගියහම කියන්නං…"

" ඔය විදිහට සමං පිච්ච සුවඳ හමන්නෙ දෙයියො මිදුල උඩින් වඩිනකොට. ඒ වෙලාවට මුලිච්චි වෙන්ට ඉන්ඩ හොඳ නෑ…"
ගෙට ගිහිල්ල කොරිඩෝවෙ බිත්තියට හේත්තුකරල තියන ඩිවාන් එකේ ඉඳගෙන අත්තම්ම මා දැක්ක කියනව.

මේ මෑතක අපෙ ගෙදර එළියෙ ජපන් අරලිය ගහ ගාව ඔහොම හඳ පායලු දවසට රෑට කාල එහෙම වේවැල් පුටු දෙකකුත් තියාගෙන අපි දෙන්න ඔහෙ ඉඳගෙන ඉන්නව.ගම්පල පැත්තට යන බඩු කෝච්චියක සද්දෙ ටික ටික තුනී වෙල යනව. හන්තාන පැත්තට වවුල්ලු හත් අටදෙනෙක් එක රංචුවට පියාඹන යනව. ඔන්න එක පාරටම සමන් පිච්ච මල් සුවඳකින් පපුව පිරෙන්නෙ හුළඟ පොදක්වත් නැතුව.

" කොහෙන්ද ඒයි ඒ සමන් පිච්ච සුවඳ? " හුස්මක් උඩට ඇදල පෙණහළු පුරවගෙන ඈ අහනව.

" යංකො ගේ ඇතුලට...." වේවැල් පුටුවත් උස්සගෙන මම නැඟිටිනව..

" ඔහොම සමන් පිච්ච සුවඳ හමන්නෙ දෙවියො වඩිනකොට..ඒ වෙලාවට පේන්ට ඉන්ට හොඳ නෑ…"

" කවුද ඔය විස්තර කිව්වෙ ඔයාට?.."

" අපෙ අත්තම්ම...."


එයාලගෙ ගමට යන පාරෙ අර චන්ද කාලෙ කැලේ කැපුනම, සමන් පිච්ච වවල තිබ්බ කෑල්ලට පල්ලෙහයින් පාරෙන් උඩහට ගුරු පාරක් මතු උනා. කලිනුත් ඔතන පරණ යකඩ ගේට්ටුවක් වගෙ පේන්ට තිබ්බට ඒකෙ තුන්කාලක් විතරම මාන කැලේට වැහිලයි තිබ්බෙ. ඒ ගේට්ටුව එක්කම පැත්තකිං කළුගලෙන් බැඳපු නාම පුවරුවක් පැහැදිලිව පේන්ට ගත්ත. ඒ කලුගල් නාම පුවරුවෙ සුදුපාට තිරුවාණ ගල් අල්ලල පාරට පේන්ට ඉංගිරිසි අකුරු වලින් මෙහෙම ලියල තිබ්බ. Brindwell Bungalow.....

බංගලාව කිව්වම අපි පොඩි කාලෙ කියපු සිංදුවක් මතක් උනා ඔන්න. අම්මල එහෙම ඉන්න තැන අපි මෙව්ව කියන්නෙ නෑ...සිංදුව දිගට තිබ්බ..මුල හරිය විතරයි මතක.

සීයා මනමාලයා…
නාකි ඉලන්දාරියා...ඕ..ඕ..ඕ..... 
බංගලාවෙ බත්ම කාල…..
එන්න එන්න ලස්සනයි...
එන්න එන්න ලස්සනයි...

ඔන්න ඒ වෙලාවෙයි මට මීටර් උනේ බිරිදෙවොල කියල ඒ හරියට නම වැටිල තියෙන්නෙ මේ කියන Brindwell ඉංගිරිසි වචනෙන්ය කියල.. අපේ මිනිස්සුන්ගෙ කටට උච්චාරණය පහසු විදිහටයි එහෙම හදාගෙන තියෙන්නෙ.

ඒ සමාන තව හදාගත්තු එව්ව තියනව. කරුණාසේන ජයලත් මහත්මයගෙ රිදී නිම්නය පොත කියවල තියද? ඒකෙ කියවෙනව Silver Valley කියල පොල් වත්තක් රජයට අරගෙන කුඩා කොටස් වලට කඩල ඉඩම් නැති මිනිස්සු අතරෙ බෙදා දුන්නු කතාවක්. ඒ වත්තෙ ඇතිවෙච්චි ගම්මානෙ මිනිස්සු හඳුන්වල තියෙන්නෙ සිල්ලර එළිය කියල. ඒ අර සිල්වර් වැලී කියන නම කටට පහසුවට උච්චාරනය කරපු විදිහ.අරූගෙ අලුත්ම පෝස්ට් එකේ කියවුනා මිලාගිරිය සෙන්ට් පෝල්ස් ගැන. දන්නවද ඔය මිලාගිරිය නම හැදුනු විදිහ? ඔතන බොහොම පරණ පල්ලියක් තිබිල තියනව. පෘතුගීසි කාලෙ එකක්. ආශ්චර්යේ අප ස්වාමිදියණියගේ දේවස්ථානය. Church of Our Lady of Miracles ....සම්පූර්න නම කිව්වොත් අන්න එහෙමයි. අවර් ලේඩි ඔෆ් මිරකල්ස්...පෘතුගීසි භාෂාවෙන් මිරකල්ස් කියන්නෙ මිලාග්‍රේ කියල. අන්න ඒ මිලාග්‍රේ කියන වචනෙන් තමයි මිලාගිරිය ඇවිල්ල තියෙන්නෙ.

මසංගස් වීදිය කියන්නෙ ඒ පාර දෙපැත්තෙ මසංගස් තිබ්බ නිසා නෙවෙයි. මුල් නම ඇවිල්ල Messenger Street. …..Messenger කියන ඉංගිරිසි වචනෙ දේශීය ඌරුවට කියවුනේ මසංගස් කියලයි.

මේ තවත් ලස්සන කතාවක්...අපි ඔය කැලේ මැද්දෑවෙ ඉන්දැද්දි අපෙ යාලුවෙක් හිටිය ජයේ කියල. ජයේ අපිට වඩා ටිකක් විතර වැඩිමහලු තලත්තෑනි මනුස්සය. ජයේ ගැන තියනව අපූරු කතා මහ ගොඩක් පස්සෙ වෙලාවක කියන්නං..ජයේ කතෝලික..ගම ජා-ඇල..අර රුක්මණී ප්‍රතිමාව තියෙන්නෙ..ඒ හරියට කියන්නෙ කුරණද කොහෙද නේද? අන්න ඒ ප්‍රතිමාවට හංදි දෙකක් විතර එහා ජයේගෙ ගෙදර.

එක නත්තලක ජයේ අපි දෙතුන් දෙනෙකුට එන්ට කිව්ව එයාලගෙ ගෙදර.අන්තිමට කොහොම හරි එහෙ යන්ට සෙට් උනෙ කුමාරයි මායි විතරයි.කොටුවෙන් ජා-ඇල ට ඇවිල්ලද කොහෙද අපි ඔන්න කේක් ගෙඩියක් එහෙමත් අරං නැග්ග ජයේලගෙ ගෙදර යන්ට. සෙනඟත් ඒ හැටි නෑ. නත්තල් දවසනෙ. කොන්දොස්තර කොලුව මඟ දිගට කෑගහනව ඉස්සරහට එන හෝල්ට් එකේ නම කියල.

ඔන්න මූ එක පාරටම කෑගහන්ට ගත්ත " නෝ බෝල් හන්දිය බහින්ට..ආ..නෝ බෝල් හන්දිය බහින අය ඉස්සරහට එන්ට.." කියල..

" මේ මොන කුණුහරපයක්ද බොල මේ? " කුමාරයි මායි මූණෙං මූණ බලාගත්ත." නෝ බෝල් හන්දිය???…. ඈ???? "

ජයේගෙ ගෙදර ගිහිල්ල උගෙ අතට කේක් ගෙඩිය දුන්නු ගමං මම ඇහුවෙ ඕක..

" මේ මචං මොකක්ද අර නෝ බෝල් හන්දිය කියන්නෙ? අපි එන බස් එකේ කොන්ද කෑගැහුවෙ නෝ බෝල් හන්දිය බහින්න, නෝ බෝල් හන්දිය බහින්න කියල.."

" හිහ්,හිහ්……." ජයේ මහ හයියෙං හිනා උනා. " අර ඉන්නෙ බං අරූ…" ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද ෆාස්ට් බෝලර් කෙනෙක්ගෙ නම කියල ජයේ ආයෙම ගේ දෙකක් වෙන්ට හිනාඋනා.

" ඔයි යකා ඕවර් එකකට නෝ බෝල් දෙකක්වත් දානවනෙ අනිවාර්යයෙන්. මිනිහගෙ ගේ තියෙන්නෙ ඔය හන්දියත් එක්කම දකුණු පැත්තෙ. ඒ හින්ද ඔතනට නෝ බෝල් හන්දිය කියලයි දැං හැමෝම කියන්නෙ...හිහ්...හිහ්…"

ඉතිං මාතලේ ඉඳල බිරිදෙවොල අරක මේක ඔක්කොම පහුකරගෙන ඇවිල්ල එයාලගෙ ගෙවල් ගාව හෝල්ට් එකේ මම බැස්ස මගෙ මල්ලත් කරේ දාගෙන.බැහැල පොඩි ගම් සබා පාරක් දිගේ යාර දෙතුන් සීයක් යන්ට ඕන එයාලගෙ ගෙදරට.පාරෙ වම් පැත්තෙ කලුපාට යකඩ බට වලින් හදාපු ගේට්ටුවෙන් ඇතුලු උනහම වත්ත මැද්දෑවෙයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. එතනම වම් පැත්තෙ වැට දිගටම වතු සුද්ද පඳුරු හදල තියනව හත අටක්ම.

ගමන් මල්ල වම් උරහිසින් දකුණට මාරුකරල මම ගේට්ටුව ඇරගෙන ඇතුල් උනා. එයාලගෙ අම්ම පොඩි පංකොළ වට්ටියකට වතුසුදු මල් කඩමින් ඉඳල ගේට්ටුව ඇරෙන සද්දෙට හැරිල බැලුව.

" පුතා???? අද එන්නෙ නැතිවෙයි කියලයි චුට්ටි දුවනම් කිව්වෙ? " අම්මා මා දිහා බලල හිනාඋනා…

" ඔව් අම්මෙ, වැඩ වගයක් තිබුණ නිසා නෑවිත් ඉන්නයි හිතුවෙ. ඒත් පස්සෙ ඒ වැඩ ටික දවසක් දෙකක් කල්ගියා.." මම අම්මට එහෙම කියල ඉස්තෝප්පුවට ගොඩ උනා.

එතකොටයි මට මතක් උනේ..දෙයියෝ සාක්කි..අම්මට සනීප නෑ කියල නේද මුන්දැ ඊයෙ හවස ආවෙ.එතකොට? අර ....හරි අම්මට බෙහෙත් අරන් දීල එක්ක එන්න ඇති.ඒත්......

මම හෙමිහිට අපෙ කාමරේට ගියා. එයා ඇඳේ බිත්තිය පැත්තට හැරිල නිදි. බෑග් එක බිත්තිය අයිනෙ තිබ්බ ලියනමේසෙ උඩ තියල මම එයා ලඟින් ඇඳේ ඉඳගත්ත. විනාඩියක් දෙකක් එයා නිදියනව බලා ඉඳල මගෙ කොට්ටෙ උස අතර ඇඳ විට්ටමට හේත්තුකරල කොට්ටෙට ඇලවුනා.එයා තාමත් බරටම නිදි. හුස්ම ඉහල පහල දානව ඇහෙන විදිහෙන් එහෙම කිව්වැකි ටක්කෙටම.

මටත් මම හිතන්නෙ එහෙම්මම නින්ද ගියාදත් මන්ද. එක පාරට ගැස්සිල ඇහැරිල බලනකොට මෙන්න එයා ඇහැරල මා දිහාවෙ බලගෙන ඉන්නව. දෙතොලග යන්තමට ඇඳිල තිබ්බෙ මද සිනහවක්. මම නැමිල හෙමිහිට ඇගෙ නලල සිපගත්ත. ඈ ආයෙම හිනාවුනා.

" අම්මට බෙහෙත් අරං දුන්නද ඒයි? …" මම ඇහුව....

" හිහ්...හිහ්…" ඈ හිනාවුනා.

" මොකද හිනා වෙන්නෙ? " මම ඇඳේ කෙලින්වෙලා ඉඳගත්ත.

" අම්මට තිබ්බ අසනීපයක් නෑ."

" ඈ???. එතකොට? "


" මම ඒ බොරුවක් කියලයි ඊයෙ ආවෙ? " ඇගෙ ඇස් දෙක දිහාවෙ මොහොතක් බලා ඉඳල මම අහක බලාගත්ත.

" ඇයි එහෙම බොරුවක් කිව්වෙ? …" මම ඇහෙන නෑහෙන ගාණට ඇහුව.

" පුතා...දැන්මම තේ බොනවද? මූණ කට හෝදගෙන ඉන්නවද? " අම්ම කාමරේ දොරගාවට ඇවිල්ල ඇහුව.

" දැන්ම එපා අම්ම. වතුර ටිකක් ඇඟට දාගෙනම ඉන්න ඕන…" මම හඬ උස් කරල කිව්ව අම්මට ඇහෙන්න…

" හා එහෙනං.." අම්මගෙ සෙරෙප්පු සද්දෙ කුස්සිය දිහාට විහිදුනා.

" ඇයි එහෙම බොරුවක් කිව්වෙ?..." මම ආයෙම ඇහුව…

" බොරුවක් කියල මම ගෙදර ආවෙ ඇයි කියල ඔයා හොඳටම දන්නව…" ඇගේ මුහුනෙ තිබ්බ හිනාව ටික ටික මැකිල යනව මම දැක්කෙ නැතුවට මට එහෙම හැඟුන.

" ඔයාට ඕන වෙල තිබ්බෙත් ඒකනෙ. හා, නෑ කියන්ටකො බලන්ට පුලුවන්නම්.." ඈ මගෙ මූණ දිහා එක එල්ලේ බලාගෙන ඇහුව. ආයෙම මට අහක බැලුන.

" එතකොට හදිසි වැඩ තියනවයි අරකයි මේකයි කියල උඩ පැන්න මනුස්සය මේ තකහනියක් ආවෙ මොකටද? " ඒ දිහාවෙ නොබැලුවත් ආයෙම ඈ හිනාවෙනව කියල මට තේරුන ඒ ස්වරයෙන්.

" මම නොකිව්වට ඒ ඇයි කියල මම හිතන්නෙ ඔයා හොඳටම දන්නව. " මම තොල් හපාගෙන කිව්වෙ ඇඳෙන් නැඟිටල බෑග් එක අරින ගමන්.

" සික් හදිස්සියෙනෙ ආවෙ…. සරමක් ගෙනල්ලත් නැද්ද කොහෙද? මේ..අප්පච්චිගෙ සරමක්වත් දෙන්ටකො."

ඈ නැඟිටල බිත්ති මුල්ලෙ තිබ්බ අල්මාරිය ඇරිය…

" ආ….." මම ඈ දිහාට හැරුන. ඇගේ අතේ තිබ්බෙ මගෙ කහපාටයි දුඹුරු පාටයි බතික් සරම.

" මේක කොහෙන්ද මෙහාට? " මම සරම අතට ගන්න ගමන් ඇහුව.

" මම ඊයෙ එනකොට අරගෙන ආව."

" ඒ මොකටද? "

" ඔයා අද එනවයි කියල මම දැනගෙන හිටිය. " ඈ මගෙ අතක් අල්ලගෙන කිව්ව. මම ඈ මගෙ පපුවට තුරුලු කරගත්ත.

" ඇති…. දැන් අම්මත් එයි..ආයම තේ බොනවද කියල අහගෙන " ඈ මගෙන් ඈත්වෙලා දොර ගාවට ගියා.

දොර රෙද්ද මෑත් කරල ආයෙම හැරිල මට දිව දික්කරල හිකි හිකි ගාල හිනාවෙලා ඈ යන්ට ගියා.

අද 2014 මැයි 17....එකුන් විසි වසරක ශේෂපත්‍රය.......

වසර දහනමයක්....ජීවිත කාලයක් වගේ....ඔව්...සෑම දිනක් පාසාම යලි යලිත් ඉපදුනු ජීවිත කාලයක්….

හෝරාවකට පමණ පෙර මම ඇයට ඇමතුමක් ගත්තා....

"I Just Called To Say I Love You"

No New Year's Day to celebrate
No chocolate covered candy hearts to give away
No first of spring
No song to sing
In fact here's just another ordinary day

No April rain
No flowers bloom
No wedding Saturday within the month of June
But what it is, is something true
Made up of these three words that I must say to you

I just called to say I love you
I just called to say how much I care
I just called to say I love you
And I mean it from the bottom of my heart

No summer's high
No warm July
No harvest moon to light one tender August night
No autumn breeze
No falling leaves Not even time for birds to fly to southern skies 

No Libra sun
No Halloween
No giving thanks to all the Christmas joy you bring
But what it is, though old so new
To fill your heart like no three words could ever do 

I just called to say I love you
I just called to say how much I care, I do
I just called to say I love you
And I mean it from the bottom of my heart 

I just called to say I love you
I just called to say how much I care, I do
I just called to say I love you
And I mean it from the bottom of my heart, of my heart,
of my heart

106 comments:

  1. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඩෝකින්ස්,

      ස්තූතියි ඔබට!!

      Delete
  2. ආ... මේකේ කූටප්‍රාප්තිය මෙච්චර ඇද ඇද හිටිය හේතුව දැන්නේ තේරුණේ! හැපි වෙඩින් ඇනිවසරියක් වේවා! මේක කියවලා මාත් නිකන් හිටියේ නෑ. ගත්ත බළල් රාළට කොල් එකක්. අර රවි කීව විදියටම කීවා! උන්දැ ඉන්න රටේ මහ පාන්දර නේ.. නින්දෙන් නැගිටලා හීනෙන් වගේ කීවා "මමත්... ....." කියලා! :D

    ReplyDelete
    Replies
    1. Balal Hamine,

      / ආ... මේකේ කූටප්‍රාප්තිය මෙච්චර ඇද ඇද හිටිය හේතුව දැන්නේ තේරුණේ /

      ෂහ්..කූට ප්‍රාප්තිය .. හොඳ වචනයක්...බලල්හාමිනෙත් දන්න දේවල්...හෙහ්,හෙහ්, කූට ප්‍රාප්තිය වනාහි කලයිමැක්සය ( Climax ) වේ.

      කුට්ටනය කියල වචනයක් දන්නවය? කුට්ටනය කියන්නෙ Human Trafficking ….

      ඇත්තම කිව්වොත් එහෙම කූට ප්‍රාප්තියක් ගැන හිතල ඇද්දෙ නම් නෑ. පඳුරු තල තල ඒ අස්සෙ විමලෙගෙ කතන්දර කිය කිය එද්දි වෙලාවට අදටම සැට් උනා ..එච්චරයි!

      ! හැපි වෙඩින් ඇනිවසරියක් වේවා!

      Thank You !!

      මේක කියවලා මාත් නිකන් හිටියේ නෑ. ගත්ත බළල් රාළට කොල් එකක්. /

      සික් අන්න බලාපං ඉතිං….එහෙම රාළ රාළ කියන එක වටිනවද මං අහන්නෙ?.... ඇයි බළල් රාළහාමි කියල ගරු නම්බුඇතුව කිව්වම මක් වෙනවද?

      Delete
    2. කුට්ටනය ගැන කවර කතාද human trafficking ගැනත් ඇහුවෙ අදමයි. ගූගල් දෙයියගෙං අහගත්තා මොකද්ද කියල.

      Delete
  3. Happy Anniversary, both of you! May you have many more like this, the Sun and the Moon.

    ReplyDelete
  4. දහ නව වැනි විවාහ සංවත්සරයට අපෙනුත් සුබ පැතුම්..රවි රන්දිල් දෙදෙනාටම....

    ReplyDelete
    Replies
    1. DD...හය්යෝ මේ රවී ගේ නෝනා රන්දිල් නෙමේ නලින්

      Delete
    2. හපොයි විලිලැජ්ජාවේ සංතෝසේ බැරුවා. මං දැනන් හිටියේ නැතෝ ඒ ගැන...

      Delete
    3. හුටා මාත් එහෙම හිතං හිටියේ

      Delete
    4. ස්තූතියි නලින්....

      Delete
    5. දෙසැම්බර් 5 වෙනිදා දිහාවේ පතන්ට
      මේ සුභ පැතුමේ මගේ භාගේ දැනට
      ඔතලා අරං තියන්නට

      Delete
    6. ඕක මොකක්ද.. පලවෙනි සයිබර් ෆෙස්ටිවල් එක දවසෙ මම කටපුරා වාසනාට "ආ රවී අයියෙ" කියල කිව්වෙ ඉඳගෙන !!

      Delete
  5. 19 වන විවාහ සංවත්සරයට සුභ පතනවා.ඔබ ඔය තරම් රසවත් කර කියන පරිසරය තියෙන්නෙ මාතලේ ඉඳල අංකුඹුරට ඔවිස්ස හරහා එන පාර ගැනද කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහත්මා,

      ස්තූතියි සුබ පැතුමට!!!

      නැහැ මම මේ කියන්නෙ ඇටිපොල පාර ගැන...

      Delete
  6. 19 විවාහ සංවස්සරයට මගෙනුත් සුභ පැතුම්...

    අය්ය මට පොඩ්ඩක් මෙන්න මේක ියල දියන්කො...
    අංක 19 කලු මල්ලී වැඩිම මනාපයෙන් සබරගමු පළාත් සබාවට////
    මාතලේ කොයි කෑල්ලද බං සබරගමුවට සැට් ෙවන්ෙන...
    අෙඩ් මං දන්ෙන නෑ ෙනව

    ReplyDelete
    Replies
    1. බොලා ඔච්චරටම ටියුබ් ලයිට්ද බොලං.!?

      ඕකෙන් කියවෙන්නෙ සබරගමුව පළාත් සභාවෙ ඡන්ද වැඩට පාවිච්චි කරපු ලයිට් කණු වගයක් මේ ඡන්දෙට මාතලේට ගෙනල්ලා කියලා.. උඹලත් හරියට අර 'විහිළුවක් කරලා ඊට පස්සෙ ඒ විහිළුව විස්තර කරලත් දෙන්න ඕන ඉන්දියන් කාරයො' වගේ නෙවැ..

      Delete
    2. මහේෂ්,

      ස්තූතියි මල්ලි ....:)

      Delete
  7. Replies
    1. ස්තුතියි එදිරි!

      Delete
  8. සුබ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් මඟියා...:)

      Delete
  9. ඒ කාළේ තිබ්බේ සමන් පිච්ච මල් සුවඳ පුයර විතරක් නිසා. දෙවිවරු දාන්න ඇත්තෙත් ඒවා. දැන් නම් ෂැනේල්, ගූෂී, කැල්වින් ක්ලේන්, ජේ ලෝ වගේ ඒවා වෙන්න ඇති. ඔය සමන් පිච්ච මල් සුවඳ ගැන එක්ස්පීරීයන්ස් කතාවක් තියෙනවා වෙලාවක ඒක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      වෙන්නත් ඇති බං..මොකෝ දෙයියො කියල අමුතු ජාතියක්ය?...ඇහිපියවල ස්නායු වැඩ කරන්නෙ නැති එක විතරනෙ මේ උඹල අපෙං වෙනසකට තියෙන්නෙ...

      Delete
  10. මුලින්ම සුබ සංවත්සරයක් පතනවා ඔබ දෙපලටම.

    මිලාගිරිය ගැන කතාව නම් ඇත්ත වෙන්න ඇති. අපිත් අහල තියෙනව. [හරි හරි ඉතින් අනික් එව්වත් ඇත්ත වෙන්නැති තමා .]
    මේ සති අන්තේ අපේ උන්ද ගෙදර . උදේ නිකන් දිව හපාගෙන හිනාවක් පනින්න ඔන්න මෙන්න කම්පියුටරේ ගාව. මන් ඇහුවා මොකෝ කියලා. නැහැ මේ නෝ බෝල් හන්දිය..කියල බකස් ගාල හිනාව පැන්න ...

    ReplyDelete
    Replies
    1. Bindi,

      / මුලින්ම සුබ සංවත්සරයක් පතනවා ඔබ දෙපලටම. /

      ස්තූතියි බින්දි,

      / මිලාගිරිය ගැන කතාව නම් ඇත්ත වෙන්න ඇති. අපිත් අහල තියෙනව. [හරි හරි ඉතින් අනික් එව්වත් ඇත්ත වෙන්නැති තමා .] /

      නෑ..නෑ..ඒ කතාව සම්පූර්ණ ඇත්ත...කොළඹ ඔය තැන් තැන් වලට නම් හැදිච්චි හැටි ගැන අපූරු පර්යේෂණ ග්‍රන්ථයක් ලියල තියනව ආර්.එල්.බ්‍රෝහියර් මහත්තය..අන්න ඒ පොතෙන් මම ඔය විස්තරේ කියෙව්වෙ.

      / මේ සති අන්තේ අපේ උන්ද ගෙදර . උදේ නිකන් දිව හපාගෙන හිනාවක් පනින්න ඔන්න මෙන්න කම්පියුටරේ ගාව. මන් ඇහුවා මොකෝ කියලා. නැහැ මේ නෝ බෝල් හන්දිය..කියල බකස් ගාල හිනාව පැන්න …/

      අන්න බලාපං ඉතිං උඹෙං තියන වදේ හැටියට ජීවිතෙත් එක්ක එපාවෙලා ඇති ඒ අහිංසකයට. එහූ කෙනෙකුට මොහොතකට හරි හිනාවක් ගිහිල්ල හිත සැහැල්ලු වෙනවය කියන්නෙ සුළු පටු පිනක් එහෙම නෙවෙයි ඒක ...දන්නවද?

      Delete
  11. සුබ විවාහ සංවත්සරයක් වේවා දෙපළටම.

    මහේෂ්ට ආව ප්‍රශ්නෙනං මටත් ආව සබරගමුව කියල කියපුවම.
    දැං දෙයියො වඩිනකොට එනව ඇත්තෙ වල්ලපට්ට සුවඳ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / සුබ විවාහ සංවත්සරයක් වේවා දෙපළටම. /

      බොහොම ස්තූතියි!!

      / මහේෂ්ට ආව ප්‍රශ්නෙනං මටත් ආව සබරගමුව කියල කියපුවම. /

      නෑ බං ඔය වැඩේ බොහොම සුලබ සිද්ධියක්නෙ. ඔය ලයිට් කණු පළාත් සබා , ප්‍රාදේසීය සබා චන්ද තියන තියන තැන්වලට ගිහිල්ල දානව මිනිස්සු රවටන්ඩ. මම ඔය කිව්වෙ ප්‍රදේසීය සබා චන්දයක් ගැන. ඊට කාලෙකට ඉස්සර තිබ්බ සබරගමු පළාත් සබා චන්දෙකදි එහෙ ගිහිල්ල දාල තිබ්බ ලයිට් කණු තොගයක් ඔය ගෙනල්ල තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      උඩ බූර මලේත් උත්තරේ දීල තිබ්බ.

      Delete
  12. Replies
    1. Priyantha,

      ස්තූතියි මල්ලි....:)

      Delete
  13. සුභපැතුම්! හැබැයි ‍මේ සීරීස් එක ඉවර කරන්න ඔට්ටු නෑ හරිය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්....පිස්සුද බං? කොහෙ ඉවර කරන්ටද? මේ ඊයෙ පෙරෙයිද වෙච්චි එව්ව තියනව තව පෝස්ට් සීයක් විතර ලියන්ට...හෙහ්,හෙහ්,

      Delete
  14. හදවතින්ම සුබ පතමි ,,,

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සහෝදර!!!

      Delete
  15. රවී බොස් ,
    බොක්කෙන්ම සුබ පතනවා ඇනිවසරියට ,අන්තිම හරිය කියවගෙන එද්දි ෆුල් රොමෑන්ටික් ගතියක් ආවා.. අපි ඉතිං ඊයෙ පෙරේද බැඳපු මිනිස්සුනේ.. මේව අපිට මොරාල් අප් වෙන ටෝක්ස් !!!! ගින්දර වගේ. ජය වේවා !!!
    අක්ක කියන්ඩද නැන්ද කියන්ඩද මන්දා .. එයාටත් පත්තරයගෙ සුභපැතුම්, උඹ නං අපිට රවී මචං නේ !!!!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලී,

      ස්තූතියි!!! ඔහෙ ඕන එකක් කියාපං බං...අත්තම්ම කිව්වත් උන්දැ ගණං ගන්නෙ නෑ...මා එක්ක එකුන් විසි වසරක් ඉඳල අර කම්මලේ බල්ලට හෙණ ගාණක් නෑ වගේ වෙලයි තියෙන්නෙ. :)

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. සමාවෙන්ටෝනැ කලින් කමෙන්ට් එක මැකුවට.. නෙට්වර්ක් පොරොබ්ලම් එකක් බංස්..

    කුරණ තියෙන්නෙ මීගමුවෙනෙ බංස්, ඔය තැනට කියන්නෙ තුඩැල්ල කියලා..

    මොනා වුනත් රන්දි දිල්හාර කියන්නෙ කවුරුත් හරියට වැඩක් ගත්තෙ නැති ඒත් අපට හිටිය හොඳම ජෙනුයින් ෆාස්ට් බෝලර් කෙනෙක්.. මිනිහාගෙන් හරියට වැඩක් ගන්ට ට්‍රයි එකක්වත් දුන්නෙ මහේල (කැප්ටන් කාලෙ) විතරයි..

    ඇනිවසරියට ජය වේවා! ඒක සමරන්ට මොකුත් කර්මාන්තයක් එහෙම කරන්නෙ නෑ?

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ බුරාලත් ඉතින් පාප මිත්තරයෝම තමයි. මේ මනුස්සය මේ වෙසක් දාටවත් නොතිබ්බ සංවර කමකින් ''කොත්තමල්ලි '' පොදක් බිම නොහෙලා මේක ලියල තියෙන්නේ හාමිනේට කියවන්න දීලා ලකුණු ටිකක් එක්කහු කර ගන්න . මතකනේ
      ''හරි දැන් තෑගී බෝග වලට බොහොම ස්තුතියි. හැබැයි මන් වේලාසනින්ම කියන්නම් ,මෙතන බොන්න වත් මේ මනුස්සය කොහෙවත් එක්කන් යන්නවත් හදනවා නෙමේ ''
      ඕක අහගන්නයි බුරා ඔය ලැස්ති වෙන්නේ රවී නෝනාගෙන්

      Delete
    2. ඇයි යකඩෝ! සංවත්සරයක් සමරන වෙලාවටවත් 'කොත්තමල්ලි වතුර' ටිකක් තොලගාන්ට නැත්තං ඒ ජීවිතෙන් ඇති පලේ මොකක්ද අප්පා.!?

      Delete
    3. මෙතන වෙලා තියෙන්නේ එදාට විතරක් ඕක නොබී ඉන්න එකනේ

      Delete
    4. Bura,

      / කුරණ තියෙන්නෙ මීගමුවෙනෙ බංස්, ඔය තැනට කියන්නෙ තුඩැල්ල කියලා.. /

      හරි බං..මට ඔය හරිය එච්චර පුරුදු නෑ...:(

      කුරණ තියෙන්නෙ මීගමුවෙ තමා...යූ ආර් කොරෙක්ට්. මහදැනමුත්ත හිටියයි කියන්නෙ ඔය කුරණ නේද?

      / මොනා වුනත් රන්දි දිල්හාර කියන්නෙ කවුරුත් හරියට වැඩක් ගත්තෙ නැති ඒත් අපට හිටිය හොඳම ජෙනුයින් ෆාස්ට් බෝලර් කෙනෙක්.. /

      ඇත්ත කතාව..දිල්හාර මම හිතන්නෙ මෙතෙක් අපට හිටිය ෆාස්ටස්ට් බෝලර්. ඔය ටී.බී. කෙහෙල්ගමුව එහෙම හැටගණං වල බොහොම වේගෙං පන්දු යැව්වය කිව්වට එව්ව නිකං කටකතා විතරනෙ. දිල්හාර එහෙම නෙවෙයි. හරියට වේගෙ මැන්න මට මතක විදිහට ඕස්ට්‍රේලියාවෙද කොහෙද මිනිහ ආපු අලුත. 90 MPH වගෙ තිබ්බ වේගෙ. මිනිහගෙ ස්පීඩ් එක වැඩි හින්දමයි මම හිතන්නෙ නෝ බෝල් කෙලියයි කොන්ට්‍රෝල් නැතුව Bowling All Over The Place සීන් එකයි දෙකම උනේ. හරියට සාස්තරේ දන්න කෝච් කෙනෙක් හිටියෙ නෑ ඒ කාලෙ මිනිහගෙ අවාසනාවට. අපෙත් අවාසනාව.

      මතකද වට්මෝ එන්ට කලින් රොෂාන් මහානාම..තිහක් ගැහුවද, හැත්තෑව පැනපු ඉස්කෝල මහත්තයෙක් පැන්සොන් එක ගන්ට යන ගමං මඟ දිහට හති දානව වගෙ හති දාන්නෙ. ඒ එක්කම කෙණ්ඩ පෙරලෙනව. හැමදාම දෙන්නෙක් උස්සගෙන එන්නෙ පැවිලියන් එකට.ස්කෝ කාඩ් එකේ හැමදාම R .S. Mahanama .... Retired Hurt.... 32 ඔච්චර තමයි.

      වට්මෝයි කොන්ටූරියි එකතුවෙලා තමයි රොෂාන්ව හදල ගත්තෙ. මම කියන්නෙ බැටිංමත් නෙවෙයි. ඊට කලිනුත් රොෂාන් Superb Batsman. . ෆිසිකල් ෆිට්නස් අතින් වැඩේ කලේ අර දෙන්න. දිල්හාරටත් ඔහොම වෙන්නෙ නෑ ඒ වගෙ කෝච් කෙනෙක් හිටියනං...

      / ඇනිවසරියට ජය වේවා! ඒක සමරන්ට මොකුත් කර්මාන්තයක් එහෙම කරන්නෙ නෑ? /

      ස්තූතියි බූරා...සැර ජාති බොන්න බෑ බං මේ දවස්වල..එකක් බඩ දන ගතියක් එනව. ඒ මදිවට පට්ට රස්නෙ..කාල්ස්බර්ග් කේස් එකක් ගෙනල්ල පොඩි සැමරුමක් කලා... දැට්ස් ඕල්...හෙහ්,හෙහ්,

      Delete
    5. දිල්හාර කුඩා කාලේ ඉඳන් ක්‍රිකට් නොගහපු එක තමයි ප්‍රශ්නේ වුණේ. ඒ වයසේදී(ලංකා කණ්ඩායමේ) කෝච් ලා ක්‍රීඩකයන්ට පොඩි-පොඩි උපදෙස් දීලා වෙනස් කම් කරනවට අමතරව, සම්පූර්ණ වෙනස් කිරීම් කරන්න යන්නේ නෑ. ඒ නිසා නෝ බෝල් වෙන්න ගොඩක් හේතු වුණා. පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ගැහුවනම එක්කෝ හැදෙනවා නැත්නම් පොඩි කාලෙම කැපෙනවා :)

      Delete
  18. බලපං ඒකෙත් හැටි... එසේ මෙසේ මායම් නෙමෙයි නේද?

    ඉතිං අයියේ එහෙනම් හැපිම හැපි 'අනවසරයක්' වේවා. මේක කියවලා මම හෙව්වා උඹ මුලින්ම මේ කතාවට එන්ටර් වුණ පෝස්ට් එක. මොකද ඉතිං මාතෘකාව බලලා හොයාගන්න පුළුවන් කියල එකක්යැ. මොකද මට ලා මතකයක් තිබ්බා උඹ 'ඈ' කියලා පාවිච්චි කරන්න ගත්තා කියලා හදිසියේම.

    අර ගම් වල නම් හැදිච්ච හැටි ගැන විස්තරය නම් නියමයි. අපේ අහුබුදුවෝ සැරයක් කියලා තිබ්බා 'අලුගෝසුවා' කියන නම හැදිලා තියෙන්නේ අළුයම ගෝසා කරන්නා කියන තේරුමෙන් කියලා. මොකද අලුගෝසුවෝ උදේ පාන්දරම සීනුවක් නාද කරනවලු පෝරකය පාවිච්චි කරන දවස් වලට. කවුද ඒකට උත්තර දීලා තිබ්බා අලුගෝසුවා නම එන්නේ වෙනස් භාෂාවක එන සමාන නමකින් කියලා. අළුයම ගෝසා කරන්නා අලුගෝසුවා නම් ඒක වඩාත්ම ගැලපෙන්නේ කුකුලන්ට කියලා. ඔය වගේ තව කියල කල් යනකොට බිරිදෙවොල කියන්නේ බිහිරි කපු මහත්තයෙක් හිටිය දේවාලෙ, සිල්ලර එළිය කියන්නේ බඩු තොග ගෙනල්ලා සිල්ලර කඩ වලට බෙදලා දීපු තැනක් වගේ කතා හැදෙයි.

    ඒක නෙමෙයි මම 95 නුවර හිටියේ කිව්වා නම් වෙඩිමට එනවනේ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      / ඉතිං අයියේ එහෙනම් හැපිම හැපි 'අනවසරයක්' වේවා /

      ස්තූතියි තිසර...:)

      / ඒක නෙමෙයි මම 95 නුවර හිටියේ කිව්වා නම් වෙඩිමට එනවනේ. /

      හෙහ්,හෙහ්, මොකද උඹ ඒ කාලෙ නුවර කලේ? සුදර්මාරාමෙ ක්ලාස්වත් ගියාද?

      / අපේ අහුබුදුවෝ සැරයක් කියලා තිබ්බා 'අලුගෝසුවා' කියන නම හැදිලා තියෙන්නේ අළුයම ගෝසා කරන්නා කියන තේරුමෙන් කියලා /

      මිනිස්සු ඕනවට වඩා මොකක් හරි පස්සෙ එළවන්ට ගියාම නුහුගුණේ හැදෙනව. අහුබුදුවානන්ටත් උනේ අන්න ඒක. 2011 වර්ල්ඩ් කප් එක ආසන්නයෙ අහුබුදුවානන් අර යකඩ හොරා සුදර්මන් එක්ක සාකච්ඡාවකට ආව අයි.ටී.එන් එකේ ..කතා කලේ ක්‍රිකට් ගැන. මේ ඒ ගැන ටැබූ ලියපු පෝස්ට් එකකට මම දාපු කමෙන්ට් එක....

      සිංහාවලෝකනයාවලෝකනයට ඌන පූරණයෙක්ම පමණෙකි,

      අහුබුදුවෝ: " සමාවෙනු මැනව සුදර්මනුනි, වැදගත්මැ කරුණෙක් මා පමා දොසින් පැවැසීමෙට බැරිවැගියා නොවැ, මේ කිරිකැති කෙළිය අප හෙළ විරුවනගේ අනගි නිමැවුමෙක් බවට සක්සුදෙක්සේ පැහැදිලි වෙනැ සාක්ෂි මා ඉදිරිපත් කරන්නෙමැ, විකැට් යන පර වදන ගෙනැ බලමු පළමුවැ, එය බිඳී ආයේ නිසැකවෙම විකාති යන හෙල වදන් එකතුවෙන්මැයි, වි යනු විසල් එනම් විසාල, කා යනු හිස එනම් ඔලුව නැතිනම් නුවණ, ති යනු තිර එනම් ස්ථිර, එනම් විකාති යනු විසාල කාලයක් තුල තම හිස එනම් නුවන බාවිතා කරමින් ස්ථිරවම රැකගත යුතු දෙයැක් ම වේ මැයි, වෙන කවරෙක්දැ මේ නිරුක්තියට අදාල වන්නේ විකට්ටුව මිස, බැට් යන පර වදන සැලැකුවහොත්දැ එසේමයැ, එය බිඳී ඇත්තේ බාතය යන හෙළ වදනින්මැයි,බා යනු අභය එනම් ජීවිතය වන්නේමැයි,බෙරෙත් ලීයන් ගෙලෙනු මැක්ගරාතුවන් වන් පවනට බඳු වේගයෙන් රකුසන් වන්වැ පන්දු එවන්නන් හමුවේ දිවි රැකගැනීමට ඉවහල් වන්නේ යම් මෙවලමෙක්දැ එය ඒ අරුතින්මැ බාත නම් වේ, පර වැසියන් බැට් යනුවෙන් සොරා ගත්තෝ මේ හුදු හෙලු වදනමැයි, "

      රදලියගොඩ : " ඇත්තෙන්ම හොඳම සාක්ෂි අහුබුදු මහත්මා ඉදිරිපත් කලේ ක්‍රිකට් ක්‍රීඩාව අපේම නිර්මාණයක් බවට, එතකොට බෝලය යන වචනය කොහොමද? ඒකත් අපේම වචනයක්ද?"

      අහුබුදුවෝ: " මේ කවර කතාදැ හිතවත් සුදර්මනුනි, එහි මූලය වනාහී බොහෝලය යන හෙල වදන්මැ නොවේදැ?, බෝලය වැදීමෙනැ කඩුලු බිඳී ගියැ කලැ බොහෝ දෙනෙකු ලයැ සෝ ගිනි නොඉපැදේදැ?, එසේමැයි, ඉපදේමැයි, එහෙයින් බොහෝ දෙනෙකු ළයැ සෝගිනි ඉපදවන්නාවූ මෙවලම බෝලය යයි නම් කලෝ අප පැරැන්නෝ,සිතා බලන්නැ කොපමන නුවනැත්තෝද ඒ උතුමෝ කියා,"

      රදලියගොඩ : " ඔබට නැවත වරක් ස්තූතියි අහුබුදු මහතාණනි,"

      Delete
  19. අසාවෙන් කියෙවුවා අයියේ. අරුගේ අඩවිය වගේම ඇබ්බැහි වෙලා කියවන්න හිතෙනවා. ගම් වලට නම් හැදුණු විදිහවල් කීවට thanks. රුක්මනී දේවි statue එක තියෙන්නේ කුරණ නෙමේ කුරණ තියෙන්නේ මීගමුවට කිට්ටුව ,කටුනායක පහු වුණාම. රුක්මණී දේවි එක තියෙන්නේ තුඩැල්ලේ වෙන්න ඕනේ මතක විදියට. ඔය තැන දකිද්දී මට තාත්තා මතක් වෙනවා. එයා තමයි ඔය statue එක ගැන මට ඔතනින් යද්දී අහන අහන වෙලාවට කියාදෙන්නේ.. සමන් පිච්ච මල් සහ පිච්ච කියන්නේ දෙවර්ගයක්ද අයියේ. පිච්ච මල් සුවද ගැන නම් කාටත් වඩා අවුරුදු දෙකක් ඒකෙ සුවද විඳපු අපේ "දේශක තුමා " දන්නවා

    ReplyDelete
    Replies
    1. අපූර්වි,

      / අසාවෙන් කියෙවුවා අයියේ. අරුගේ අඩවිය වගේම ඇබ්බැහි වෙලා කියවන්න හිතෙනවා /

      ස්තූතියි නංගි....අරූ වගෙ නම් නෙවෙයි..හෙහ්,හෙහ්…He is one of a kind…

      / රුක්මනී දේවි statue එක තියෙන්නේ කුරණ නෙමේ කුරණ තියෙන්නේ මීගමුවට කිට්ටුව /

      ඔව් අනේ මට පොඩි වැරදීමක් උනේ..මට මතක තිබ්බෙ කුරණ කියල...:)

      / සමන් පිච්ච මල් සහ පිච්ච කියන්නේ දෙවර්ගයක්ද අයියේ /

      ගැට පිච්ච සහ සමන් පිච්ච වල වෙනස තියෙන්නෙ පෙත්තෙ හැඩේ. අනික සමන් පිච්ච මල් බොහොම සුවඳයි.

      Delete
    2. @ඔමා.....අරූ වගේ නෙමෙයි මූ.....
      මූ සිංහල ,ඉංග්‍රීසි භාෂා දෙකම මැනවින් උගත් නිහතමානී මිනිහෙක්. අපිටත් යමක් කමක් ඉගෙනගන්න පුළුවන් උදවිය. ආඩම්බරයක්!!

      Delete
  20. හැපී වෙඩින් ඇනිවසරියක් වේවා මචං.දෙයියො වඩින හැටි අපට බලාගන්න බැරිද බං.එයා එන්නෙ බොලාගේ ගෙවල් පැත්තෙන් විතරද.

    ReplyDelete
    Replies
    1. හැලප,

      / හැපී වෙඩින් ඇනිවසරියක් වේවා මචං. /

      Thanks Machang…:)

      / දෙයියො වඩින හැටි අපට බලාගන්න බැරිද බං.එයා එන්නෙ බොලාගේ ගෙවල් පැත්තෙන් විතරද /

      බොලා වගෙ පව් කාරයින්ට ඇස්සර වැටෙන්ට එතුමාල වගෙ සුද්ද වන්ත උතුමංලා වඩියි කියල හිතනවද බොල? එහෙම පව්කාර හිතුවිල්ලක් පහල උනත් ඇති උඹට දෙයියංගෙ කෝප්පෙ එල්ල වෙන්ට..

      හුහ් ආව මෙතනෙ දෙයියො වඩිනව බලන්ට ඇහැක්ද කියල අහගෙන? මොකටද ඉතිං මම කියන්නෙ එහෙම..අර බ්ලොග් එකක් කියල එකක් තියනව. මේ අපි වගෙ ලියාපල්ල ඉඳහිටල හරි බන කතාවක්...ඇසිලිං අක්කගෙ දිවිය ලෝක ප්‍රදර්සනය වගෙ. එහෙම කොහෙද? එක්කො ඌරංගෙ කර ඇඹිල්ලක් ලියයි. නැත්තං දණිපනි ගාල දුවල බාර් එක වහන්ට කලිං අරක්කු බීපු එකක් ලියයි. ඒ කරලත් තව ලැජ්ජ නැතුව කටේ තොලේ නොගෑවී අහපු ලස්සන බලාපල්ලකො මචං අපිටත් බැරිවෙයිද ඔය දෙයියො බලාගන්ට කියල. අම්මපල්ල මයෙ ඇඟේ මාලු නටනව...වරෙංකො වෙලාවක මම දෙයියො පෙන්නන්ට උඹට..හුහ්..දෙයියො...

      Delete
    2. දෙයියො දුන්න දරුව මෙන්න - දරුව දුන්න දෙයියො මෙන්න..... :-D

      ඇයි බංස් හැලපෙ, ටිකක් වැඩිවෙච්චි වෙලාවට උඹට දිව්‍යලෝකෙ දිව්‍යාංගනාවො එහෙම පේන්නෙ නැද්ද.??

      Delete
    3. ඒක නෙමෙයි බං.. ඉස්කෝලෙ යන කාලේ පත්තර තට්ටු අස්සෙ හංගගෙන විකුණපු 'කව්සිළුමිණ' වගේ පත්තරයක 'පිච්ච මල් සුවඳ', 'වෙරළු මල් සුවඳ' කියලා කතා දෙකක් තිබ්බා. දෙයියෝ කියන වචනයත් බහුලව භාවිතා වෙලා තිබ්බා... හැබැයි ඒ සුවඳ දැනෙන්නේ දෙයියෝ එනකොට කියල වගක් නම් මතක නැහැ :)

      Delete
    4. ඔහෙ නෑ බුරෝ,වැඩිවෙච්ච වෙලාවට දිව්‍යාංගනාව බලං ඉන්නව මතක් වෙනකොට තරු නං පේනව බං.

      Delete
    5. අම්මාපල්ල මෙවුන්ට දෙයියො බුදුං කියල ගනිච්චියක් නෑ නෙව ම්ං අහන්නේ

      Delete
    6. හැලප,

      දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ,
      ඒක හින්ද ඒ උදවිය කිසිමදාක වයස යන්නෙ නෑ,
      කෙස් ඉදුනම කළු කරන්න,
      දත් වැටුනම දත් දාන්න,
      රැලි වැටුනම රැළි අරින්න,
      ඒව මුකුත් ඕන වෙන්නෙ නෑ....

      Delete
    7. තිසර,

      / පත්තරයක 'පිච්ච මල් සුවඳ', 'වෙරළු මල් සුවඳ' කියලා කතා දෙකක් තිබ්බා…/

      වෙරළු මල් සුවඳ නම් හරිය කියමුකො..කොහෙන්ද බං මේ පිච්ච මල් සුවඳක් එන්නෙ?

      ඔය සුවඳ සම්බන්දව මම අහල තියෙන්නෙ මේ කතාව විතරයි....

      Well Adam and Eve had just consumated their relationship for the first time and Adam was sitting against a tree smoking a cigerette. About this time God comes through the bushes and sees Adam's smug smile. Now God's being all knowing says "Adam, I see you and Eve have experienced the pleasures of the flesh as I had planned. Very good indeed. By the way, where is Eve?"

      Adam replies, "Lord, she's down at the river washing up."

      God rushes toward the river screaming, "Now I'll never get that smell out of those fish!"

      Delete
    8. Ela Patha,

      / අම්මාපල්ල මෙවුන්ට දෙයියො බුදුං කියල ගනිච්චියක් නෑ නෙව ම්ං අහන්නේ /

      ඒකනෙව බං..කියල වැඩක් නෑ...නසරානියො කියන්නෙ මෙන්න මේ වගෙ උන්ට.....

      Delete
  21. ඇනිවසරියට බොක්කෙන්ම සුභ පැතුම් රවි අයියා දෙපලට.
    නිකම් මෙවුව වෙලා යන්න ලියල.
    මෙ එක නෙමෙයි දැන් වැරදිලාවත් උබ දන්නෙ නැත්තම් ඔය බිරි දෙවාලේට නම හැදුන හැටි.උබෙන් කවුරුහරි ඇහුවොත් උබ මොකක්ද කියන්නෙ නම හැදුන විදිය ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්....

      / මෙ එක නෙමෙයි දැන් වැරදිලාවත් උබ දන්නෙ නැත්තම් ඔය බිරි දෙවාලේට නම හැදුන හැටි.උබෙන් කවුරුහරි ඇහුවොත් උබ මොකක්ද කියන්නෙ නම හැදුන විදිය ගැන. /

      අර තිසර කියල තියන එක තමයි කියන්ට තියෙන්නෙ...හෙහ්,හෙහ්, බීරි කපුවෙක් හිටපු දේවාලයක් ඔය කිට්ටුව තිබ්බය ඒකෙන්ය බිරිදෙවොල කියල නම හැදුනෙ කියල කියනව මම....

      " රයිට් දැං ඔය බිරිදෙවොලට ඒ නම හැදුන හැටි නේද? ඒකවෙලා තියෙන්නෙ මෙහෙමයි. ඔතන තිබිල තියනව පරණ දේවාලයක්..ඒකෙ කපුව බීරියි. බීරියි කිව්වට යාන්තමට කණ ඇහෙනව….ඉතිං ඒ යකා කියන එකට නෙවෙයි උත්තර දෙන්නෙ..ඔන්න කවුරුහරි ඇවිල්ල නැතිවෙච්චි හරක් බානක් ගැන ඇහුවය කියමුකො.. "

      " මොකද මේ දරුවා? "

      " අනේ කපු මහත්තයො මගෙ හරක් බාන ආගිය අතක් නෑනෙ. අර විදානෙගෙ කුඹුර එහා දෙණියෙ...…"

      ඒ මිනිහට එච්චරයි කියන්ට වෙන්නෙ.කපුව මිනිහගෙ ඇඟට පනිනව..

      " හුහ්...තමා දෙයියො එක්ක සෙල්ලං කරන්ට ලෑස්ති වෙනවද? නිදානයක් ගන්ට දෙයියංගෙ පිහිටාරස්සාව බලාගෙන ආවනෙ මෙතනට තව ලැජ්ජ නැතුව. එව්වගෙ අසමජ්ජාති වැඩවලට දෙයියො......"

      " කපු මහත්තයො මේ..මම කිව්වෙ නිදානයක් ගැන නෙවෙයි.."

      " ඔන්න ආයම කියනව නිදානයක් ගැන. දැන් එක පාරක් කිව්ව තේරෙන්නෙ නැද්ද? දේව උදහසට ලක්වෙලා පවුල් පන්සල් පිටින් හැඳි ගෑවිල යන්ට කලිං වහාම දෙයියන්ගෙන් සමාව ඉල්ලා හිටිනව හොඳයි.."

      " කපු මහත්තයො පොඩ්ඩක් මේ…"

      " ආයම කියනව. එක වචනයක් කතා කරන්ඩ එපා. ඔහොමම දන ගහගන්නව..ආන්න එහෙම...දැන් තමා ආයම කවදාවත් ඔය නිදානෙ ගැන තුං හිතකින් වත් හිතන්නෙ නෑය කියල පොරොන්දු වෙනව දෙයියො ඉස්සරහ.."

      " කපු මහත්තයො මේ... "

      " ආයම පටන් ගත්ත. මම දැන් මොකක්ද තමුංට කිව්වෙ? .මම කියපු විදිහට කරනව. ...හ්ම්ම්ම්...."

      ඔහොම ලෝක පිස්සු කෙලල මිනිහටත් අන්තිමට කෙල උනා..වලව්වෙ නිළමෙ හෙණ කුකුළා..ගිය ගිය තැන හොර අඹුවො. මැණිකෙගෙ රත්තරං හවඩියක් නැතිවෙලා දවසක් ගිහිල්ල තියනව පේනයක් අහන්ට. බීරි කපුව රට පටලවගෙන මැණිකෙ ආවෙ නිළමෙගෙ කල්කිරියාව ගැන අහන්ටෙයි කියල හොර අඹුවංගෙ විස්තර ඔක්කොම මැණිකෙ එක්ක කියල. මැණිකෙ යස්සනී වගෙ ඒ පයිම්ම වලව්වට ගිහිල්ල නිළමෙගෙ කුඩුම්බිය ගාවිම්ම අල්ලගෙන....නිළමෙ උනේ මොකද කියල හොයල බලල එදා රෑම දේවාලෙටත් ගිණි තියල බීරි කපුව ගමෙනුත් එලවල දාල.

      අන්න ඒ හින්ද තමයි දැං ඒ දේවාලෙ නැතිඋනත් ඒ පැත්තට තවම බීරිදෙවොල කියල කියන්නෙ...හෙහ්,හෙහ්,

      පලි - ඔය දෙයියොත් බීරා...කං ඇහෙන එක හොරයි. බීරි කපුවගෙයි බීරි දෙයියංගෙයි ඩයලොග් ඇහුවම ඔලුව නරක් වෙනව..ඉඳහං වෙලාවක ඒ ටිකත් ලියන්නං...:)

      Delete
  22. සමන් පිච්ච සුවඳ මටත් දැනෙනවා.ඉදහිට.ඒත් අපේ ගෙදර කේඩෑරි වෙච්චි සමන් පිච්ච වැලකුත් තියෙනවා.මල් වැඩිය පිපෙන්නැති. ගැට පිච්ච ගාලේ නම් හැමදාම මල් පිරිලා.
    සමන් පිච්ච මල් -දෙවියො වඩින කොට වගේ , පෙරේත ගඳකුත් තියනවා ඔය වගේ. ඒක හරියට අල තම්බන කොට එන ගඳක් වගේ එකක්.
    ඔයා හරි ආදරණිය පිරිමියෙක් නෙ රවි අයියේ.....(ඉරිසියත් හිතෙනවා )

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිතැත්තී,

      / පෙරේත ගඳකුත් තියනවා ඔය වගේ. ඒක හරියට අල තම්බන කොට එන ගඳක් වගේ එකක්. /

      යර්ස්, මැඩම් මම ඒ කතාව අහල තියනව. හැබැයි කවදාවත් ඔය පෙරේත ගඳ නම් මට දැනිලා නැත. අපෙ අත්තම්ම ඉන්දැද්දි ඔන්න හිටපු ගමන දනි පනි ගාල නැඟිටිනව ඉඳගෙන ඉන්න කොළොම්බුවෙන් හරි පිලෙන් හරි. ම්හ්හ්හ්..පෙරේත කුයිලයි. පෙරේත කුයිලයි. නාහෙත් ගුලි කරගෙන ඔහොම කියල එහාට මෙහාට ඉව අල්ලනව. ඊට පස්සෙ වැලි අහුරක් අරගෙන කට ගාවට කරල මොනවද මතුරල ගහනව...රතනත්තරේ සරණයි...කියල.

      තෑන්ක්ස් සෝ මච් ෆො යුවර් ඉවැලුවේෂන් ඇන්ඩ් සර්ටිෆිකේෂන්...හෙහ්,හෙහ්,

      Delete
  23. ලඟපාත මල් වැලකුත් නැතිව රෑට රෑට සමන් පිච්ච සුවඳ එන්නේ ඔය වගේ ආදර හිතුවිලි ගලනකොට වෙන්ට ඕනි. රවීට හා පිය ඇඹේනියට හැපි වෙඩින් ඇනිවසරියක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක්....:)

      Delete
  24. ඉරටය් හඳටය් සුබම සුබ සංවත්සරයක් වේවා..හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න ලැබේවා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙකුවි!!!

      Delete
  25. මේක පට්ට අසාධාරණයි නෙව රවී තුමෝ. සතියක් දෙකක් විතරයි බ්ලොග් කියවන්න බැරි වුනේ, ඒ ටිකට බෝ මේ කතාව ඉවර කලාද?
    BTW Happy Anniversary to both of u...

    ReplyDelete
    Replies
    1. රංගි..

      / මේක පට්ට අසාධාරණයි නෙව රවී තුමෝ. සතියක් දෙකක් විතරයි බ්ලොග් කියවන්න බැරි වුනේ, ඒ ටිකට බෝ මේ කතාව ඉවර කලාද? /

      ඔන්න බලාපංකො ඉතිං...උඹ සතිදෙකක් කොහෙද යනවයි කියල මම කොහොමද බං දන්නෙ? මට පුබ්බේනිවාසානුස්මෘති ඥානය තියනවයි කියල හිතුවද? එක්කො කලිං කියන්ට ඕන...හෙහ්,හෙහ්

      Thanks so much for your wishes!!!

      Delete
    2. පුබ්බේනිවාසානුස්මෘති ඥානය...........මේ මොකක්ද බං මේ...ඇනිවසරි එකදවසට ගහන මෝදකයක් කල්කයක් වගේ එකක්ද..

      Delete
    3. අරූ,

      පුබ්බේනිවාසානුස්මෘති ඥාණය කියන්නෙ මචං පෙර ආත්මයෙ තමන් කවුද? කොහෙද හිටියෙ? මොකද කලේ? ..ඔන්න ඔය විස්තර දැනසිටීමේ හැකියාව…

      මෙතන ඇත්තටම අදාල වෙන්නෙ පරචිත්ත විජාණන ඥාණය ..ඒ කියන්නෙ අනුන්ගෙ හිත් දැනගැනීමේ හැකියාව...

      Delete
    4. තෑන්ක්ස් රවී!!

      Delete
  26. රවි+සඳු,

    ආත්මීය බැඳීමක්!!! සසර පුරා දිවෙන ආදර කතාවක්!!!

    සංවත්සරයට එන්ට පමා උණත්, මගේ ආදරණීය සුබ පැතුම් දෙන්නටම ....දිනෙන් දින ඔබ දෙපලගේ ආදරය වැඩිවේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      බොහොමත්ම ස්තූතියි පොඩ්ඩි!!!

      Delete
  27. රවී වාසනාවන්ත සංවත්සරයකට සුබ පැතුම්! ඔබලා දෙපොලකද ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. රයිගම්,

      ස්තූතියි රයිගම්...ඔව් මම ඉන්නෙ මැද පෙරදිග...එතුමී ලංකාවෙ....:)

      Delete
  28. මේ සටහන කියවගෙන යත්දී මතකයන් කිහිපයක්ම අවධි වුණා. එකක් සබරගමු චන්දෙ දවසක ඒ පැත්තේ ශාඛාවක සේවය කරන්න ගිහිං ඉන්නකොට ලැබුණ වරුවක නිවාඩුවේ, බෝපත් ඇල්ල පාරේ ඉන්න මගේ මිතුරෙකුගේ නිවසේ ගත කල සන්ධ්‍යාව සහ රාත්‍රිය.

    ඊයේ හමු වුණු කපු මහතෙක් ඡායාරුපයක් අතේ තබාගෙන "මවින්සිලා දැකලා තියෙනවද ?" කියලා ඇහුවා. අපි වටපිට බලද්දී ඔහු පෙන්වූයේ මර්වින් සිල්වා මන්ත්‍රී තුමා ඔහුගේ සේවය ලබා ගන්න පැමිණි මොහොතකදී ගත් ඡායාරූපයක්.

    I just call කියන ස්ටීව් වොන්ඩර් ගේ ගීතය මම සියදහස් වාරයක් අහලා ඇති Walkman ලංකාවේ කරලියට ආව කාලේ. හරියටම වෙසක් දවසක මට ඔය වෝක්මන් එක නිසා ඇබැද්දීයකට මුහුණ පාන්න සිදු වුණා
    වෙසක් දොහේ අවසන් වූ කල්‍යාන මිත්‍ර සම්පත්තිය

    තවත් දේ මතක් වුණා. ඒවා අමතක කරන්න උත්සාහ කරන දේ නිසා නොලියා යන්නම්.

    ReplyDelete
    Replies
    1. සුබ විවාහ සංවත්සරයක් වේවා !!!!

      Delete
    2. Sudeeka,

      බොහොම ස්තූතියි සුබ පැතුමට!!!

      Stevie Wonder ඔය " I just called to say I love you " ......ගීතය කිව්වෙ මට මතක විදිහට 1985 නැත්නම් 86 කාලෙ වාගෙ. ඉස්සොරෝම ඕක ඇහුවෙ රූපවාහිනියෙ ඒ කාලෙ ගියා නන්දන වින්දන කියල ප්‍රසාංගික වැඩ සටහනක්..මාසෙකට සැරයක්..අබේවර්ධන බාලසූරිය නිෂ්පාදනය කලේ.." නන්දන වින්දන..මාසික විවිධ ප්‍රසංගය " කියලයි ඕක හැඳින්නුවෙ... කොල්ලො ඕක වෙන අර්ථයකටත් භාවිතා කලා...හෙහ්,හෙහ්,

      Delete
  29. මේ කථාව අද තමයි මුලින්ම කියවගෙන යන්නෙ...ඒ නිසා මුල ඉදන්ම කියවගෙන යන්නයි වෙලා තියෙන්නෙ....ඊලග කොටසටවත් අදහසක් දාන්නම්...විවාහ සංවත්සරයට සුභ පැතුම්....

    සමහරු විවාහ වෙන්න හොයන්නෙම ගුරුවරියො...ළමායි..ඊයෙ නවත්තපු තැනින් අද පටාන් ගම්මු කියලා ඒ අය නිතරම කියන නිසාලු උන් කැමති.....ඒත් මේ ඊයෙ පෙරේදා එකෙක් මා එක්ක කිව්වා මම නම් ගුරුවරියන්ට කැමති නෑ කියලා...මම ඇහුවා ඇයි කියලා...ඌ කිව්වා ගුරුවරියො හිටපු ගමන්...ළමායි අද ස්ටාෆ් මීටින්....පොතක් පතක් බලාගෙන පාඩුවෙ ඉන්න කියලා කියන නිසා කියලා...

    මමත් ගුරුවරියක් තමා බොලං...අල්ලලා බැදගන්න මේ දවස් වල හොයාගෙන හොයාගෙන යන්නෙ....

    ReplyDelete
    Replies
    1. සිරා,

      / මමත් ගුරුවරියක් තමා බොලං...අල්ලලා බැදගන්න මේ දවස් වල හොයාගෙන හොයාගෙන යන්නෙ..../

      දැං කාලෙ බං ගුරුවරියො බඳින එක වහ කනව වගෙ වැඩක්...අඛණ්ඩ අගැයීම් කරන්ට පටන් ගන්නවනෙ බං බඳින එකාවත්..ඒ එක්කම කුසලතා නිර්ණය සහ ගොනුකරණය, ජීවන ගැටළුවලට මුහුණදීමේ ශක්‍යතාවය, උපදේශනය සහ පෞරුෂය ගොඩ නැඟීම..ඔය රටේ නැති මඟුල් කරල බලන්නෙ ඉස්සෙල්ලම තමන්ගෙ මනුස්සය යොදාගෙන...ඔලුව පිස්සු වැටෙනව අම්මාපල්ල....

      Delete
  30. පරක්කුයි පරක්කුයි අදනම් මම හොඳටම පරක්කුයි. කොහොම උනත් සුබ මෙවුවා එකක් රවී තුමෝ.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත,

      කොහෙද බං පරක්කු?....ස්තූතියි මල්ලි...:)

      Delete
  31. දෙන්නටම සුබම සුබ anniversary 1ක් වේවා.
    //ඇයි එහෙම බොරුවක් කිව්වෙ?..." මම ආයෙම ඇහුව…

    " බොරුවක් කියල මම ගෙදර ආවෙ ඇයි කියල ඔයා හොඳටම දන්නව…" ඇගේ මුහුනෙ තිබ්බ හිනාව ටික ටික මැකිල යනව මම දැක්කෙ නැතුවට මට එහෙම හැඟුන.//

    අනේ මට නම් බැරි වෙයි කවදාවත්ම මේ වගේ wife කෙනෙක් වෙන්න.

    බොන්න ඉඩ දීල අම්මලාගේ ගෙදර යන්න.කොහොමහරි නවත්තන්නමනේ try කරන්නේ .
    //" ආ….." මම ඈ දිහාට හැරුන. ඇගේ අතේ තිබ්බෙ මගෙ කහපාටයි දුඹුරු පාටයි බතික් සරම.

    " මේක කොහෙන්ද මෙහාට? " මම සරම අතට ගන්න ගමන් ඇහුව.

    " මම ඊයෙ එනකොට අරගෙන ආව." //
    අපි ගියාම අපේ පස්සෙන් එයි කියලා හිතලා සරමක් අරන් ගියොත් ඉතින් අපිට වෙන්නේ උස්සන් ගිය විදියටම අරගෙන එන්න.

    //" ඔයා අද එනවයි කියල මම දැනගෙන හිටිය. " ඈ මගෙ අතක් අල්ලගෙන කිව්ව. මම ඈ මගෙ පපුවට තුරුලු කරගත්ත//

    ඕක අක්කගේ කපටි කමක් වෙන්න බැරිද ?බොන්නේ නැතිව ගෙදරට වෙලා හුල්ලන හින්දා බොරු ගැටයක් ගහල ගමේ ගෙන්න ගත්තා .දැන් අක්කා හිටිය හින්ද බොන්න බැරි උනා කියලා අයියාට මූණ එල්ලන් ඉන්න බැනේ .මොකද ඔයමනේ ඔය option 1 තෝර ගත්තේ.අනික බීල කියන සින්දු ඇහෙන්නෙත් නැති හින්ද හිට හදාගන්නත් ලේසිනේ .

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / බොන්න ඉඩ දීල අම්මලාගේ ගෙදර යන්න.කොහොමහරි නවත්තන්නමනේ try කරන්නේ . /

      ඔතන වැඩේ මේකෙනෙ බොල...එපා කිව්වොත් ඕන කෙනෙක් ඒ එපා කියපු එකමයි කරන්න යන්නෙ..ඒක මිනිස්සුන්ගෙ ගතියක්..තමන්ට අවශ්‍යදේ කරගන්න වෙන ක්‍රමයක් හිතල බලන්න වෙනව. හෙහ්,හෙහ්..ඔය තියෙන්නෙ බුද්ධාගමෙත් සම්‍යක් ප්‍රයෝග කියල..අන්න එහෙම එව්ව...බලපෑම් කරල බලෙන් වැඩේ කෙරෙව්ව කියල නොහිතෙන විදිහට එයාටම හිතිල නැවැත්තුවයි කියල හිතවන්ට පුවන් නම් අන්න ආය නෑ කිරිගහට කෙල මෝලෙන් ඇන්න වගේ තමයි...වැඩේ අති සාර්තකයි.

      / ඕක අක්කගේ කපටි කමක් වෙන්න බැරිද ? /

      ආය එහෙනං???..කපටිකම තමයි බොල තනිකර කපටිකම..ඒත් එතන වැඩේ එයා බල නොකර මා ලව්වම වැඩේ ක්‍රියාත්මක කෙරෙව්ව. පස්සෙ අපි දෙන්න ආව පොඩි කොම්ප්‍රොමයිස් එහෙකට..නකතං වෙන්ට බොන්නෙ නැතුව යම් පමණකට ක්‍රියා කරන්ට අනුමැතිය දුන්න. පස්සෙ පස්සෙ මටම ඒකත් එපා උනා..ඊට පස්සෙ කලේ බියර් බෝතල් දෙකක් තුනක් ගෙනල්ල තියාගෙන වීක් එන්ඩ් එකේ ගහන එක. එතුමීත් බියර් ගහනව වීදුරුවක් දෙකක්..ඒ නිසා ඒකෙ අවුලක් නෑ...

      Delete
    2. // ඊට පස්සෙ කලේ බියර් බෝතල් දෙකක් තුනක් ගෙනල්ල තියාගෙන වීක් එන්ඩ් එකේ ගහන එක. එතුමීත් බියර් ගහනව වීදුරුවක් දෙකක්..ඒ නිසා ඒකෙ අවුලක් නෑ //

      එතුමිය බියර් වීදුරු දෙක ගහලා ෂූර් වුනාට පස්සෙ, උඹ අර හංගන් අරන් ආපු ගල් බාගෙ ගහනවා ඇති හොරෙන්ම.. අපි නොදන්න සූර්‍යාභිධාන.. :-P

      Delete
    3. Bura,

      / එතුමිය බියර් වීදුරු දෙක ගහලා ෂූර් වුනාට පස්සෙ, උඹ අර හංගන් අරන් ආපු ගල් බාගෙ ගහනවා ඇති හොරෙන්ම.. අපි නොදන්න සූර්‍යාභිධාන.. :-P /

      හරියටම හරි බං..මගෙ ඒකායන ප්‍රාර්තනාව තිබ්බෙ නම් ඕකම තමයි.ඒත් සිතුදේ නොමවේ නොසිතුදෙයක්වේ...ලෝකෙ නිකං බෝලෙ වගේ කැරකෙනවා ඒක ඇතුලෙ මනහර අඬක් ඇහෙනවා..කිව්වවගෙ හීනෙකින්වත් නොහිතප් දෙයක්නෙ බං උනේ…

      මෙන්න මුන්දැ බියර් බාගයක් ගහපු ගමං නාගසලං...ඊට පස්සෙ පටං ගත්තෙ නැද්ද කටකමසෙයියාවක් නැතුව කියවන්ට උන්දැගෙ පරණ කොල්ලංගෙ වරුණාව. කොණ්ඩෙ බොකුටුය, සුදුය, එඩ්වඩ් ජයකොඩි වාගෙය, ක්‍රිකට් ටීම් එකේ ඕපනිං බෝලර්ය, අති දක්ස ගායකයය...අරකද මේකද? මට නේද? යකු නැග්ග. බර බර ගෑවිල්ලෙ දත්මිටි කෑවෙ ඔන්න. ඒ කරල එහෙම්මම එක්ක ගිහිල්ල නිදි කෙරෙව්ව. ආය බොන්ට කොහෙද හිතේ එකලාසයක්..මාත් එහෙම්ම නිදියගත්ත.ඔන්න අපිට වෙන වැඩ. :(

      Delete
    4. හෙහ් හෙහ්.. හොඳ වැඩේ බොට.

      Delete
    5. ජනූ,

      අන්න ඒකනෙ බං..අපෙ චේතනාව හොඳ නෑනෙ ..ඒකයි එහෙම වෙන්නෙ..චේතනා බික්කවේ කම්මං වදාමී....ඒ වගේම චේතනා පරිසුද්ද ඌවත් පෙං හටං පරදී...

      Delete
  32. විවාහ සංවත්සරයක් වේවා රවියියාටයි ගුරුවරිටයි දෙන්නාටම....:)

    ස්ටීව් වොන්ඩර් ගේ සිංදුව නම් කියලා වැඩක් නැහැ.කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්...:)

      Delete

  33. // ඔහොම සමන් පිච්ච සුවඳ හමන්නෙ දෙවියො වඩිනකොට..ඒ වෙලාවට පේන්ට ඉන්ට හොඳ නෑ…//

    දෙවි වරුත් ප්‍රාදේශීය සබා සබාපතිල වගේ කට්ටියක්ද?


    Happy anniversary !
    From what I can gather from your writings you obviously have a very happy marriage so, I don't have to congratulate you on your skills of survival, like I do to some of my friends.

    ReplyDelete
    Replies
    1. Pra,

      / දෙවි වරුත් ප්‍රාදේශීය සබා සබාපතිල වගේ කට්ටියක්ද? /

      ප්‍රා මෙහෙම කිව්වෙ අර දකුණෙ ප්‍රාදේසීය සබ සබාපති ගැන හිතලද? අර සාදයක් පැවැත්තුවෙ?

      Thanks So Much Pra…:)

      Delete
  34. රවීටයි ටීචර් නෝනාටයි හැපි ඇනිවසරියක් වේවා!!!

    මචං අර ලින්ක් එක ටොපේ ටොප්. ඔය මිලාගිරිය මිලාගිරිය කිව්වාට ඇත්තටම හැදුන හැටි දැනං හිටියේ නැහැ. ඉතිරි නම් ටිකත් මරු බං. ඔය පිච්ච මල් වගාව තාම තියෙනවා ඇති නේද. නැත්නම් ඔච්චර මල් වැටවල් වලින් කඩන් එන්නැයි. මචං අපේ නෝනාගෙත් නැදෑයෝ බලන්න මම දෙසැරයක් විතර මාතලේ ගිහින් තියෙනවා. හොඳ පලාත බන් මැටිහක්ක.

    නෝ බෝල් හන්දියේ හිටියේ කවුද කියලා අහන්න හිටියේ. දැන් දන්නවා. අපේ මිනිස්සු නම් හදන්න නම් අති දක්ෂයෝ.

    උඹේ පෝස්ට් එක මිලාගිරියෙන් පටන් අරන් රොමැන්ටික් එන්ඩ් එකකට ගෙනාපු එකනම් හරි අගෙයි. කොහොමත් මිලාගිරිය මතක් වෙනකොට රොමැන්ටික් ෆීලින්ග්ස් එහෙ මෙහෙ වෙනවා මතකයේ.

    ReplyDelete
    Replies
    1. Aru,

      / ඔය පිච්ච මල් වගාව තාම තියෙනවා ඇති නේද. නැත්නම් ඔච්චර මල් වැටවල් වලින් කඩන් එන්නැයි. /

      තියනව බං ..තාම තියනව මම හිතන්නෙ...දැන් අවුරුදු හත අටකට කලිං ඉරිගේෂන් සිස්ටම් එකක් එහෙම හදල බොහොම ලස්සනට කරගෙන ගියා ඔය මල් වගාව....තාමත් එහෙම ඇති ෂුවර් ඇන්ඩ් ෂොට්...

      / මචං අපේ නෝනාගෙත් නැදෑයෝ බලන්න මම දෙසැරයක් විතර මාතලේ ගිහින් තියෙනවා. හොඳ පලාත බන් මැටිහක්ක. /

      මොනව කියනවද? ගම්මඩුව, රයිතලාවෙල, මැටිහක්ක..හරිම ලස්සන ගම්...

      / උඹේ පෝස්ට් එක මිලාගිරියෙන් පටන් අරන් රොමැන්ටික් එන්ඩ් එකකට ගෙනාපු එකනම් හරි අගෙයි. කොහොමත් මිලාගිරිය මතක් වෙනකොට රොමැන්ටික් ෆීලින්ග්ස් එහෙ මෙහෙ වෙනවා මතකයේ. /

      එහෙනං..එහෙනං මගෙත් තියනව ඔය මිලාගිරියෙ මතක සටහන් කීපයක්...අපේ ටියුෂන් ක්ලාස් එකට ආව චාන්දනී සෙනෙවිරත්න...S. P. M. ....ඒ දවස්වලත් විකෘති නාට්‍යයෙ එහෙම රඟපාල සෑහෙන ප්‍රසිද්ධයි.මම අදටත් කැමතිම නිළියක්. ජීවිතයට ඉඩ දෙන්න සහ රළ බිඳෙන තැන චාන්දනී රඟපාපු අපූරු ටෙලි චිත්‍රපට දෙකක්.

      Delete
    2. චාන්දනි මිලාගිරිය ඉන්න කාලේ තමයි සෝමලතා සුබසිංහව හමුවෙන්නේ. මචං උඹලගේ ඉස්කෝලේ උගන්වපු තව දක්ෂ නළුවෙක් ආපු ප්‍රෝග්‍රැම් එකක් මම දැක්කා. දිලිප් රෝහන.

      Delete
  35. සංවත්සරය විතරක් නෙවි විවාහයත් මෙච්චර කල් සතුටින් ගෙවාගෙන ආවා වගේ ඉතුරු ටිකත් ඔහේ සමාදානයෙන්ම ගෙවලා දාන්න රවී..වෙන ඉතිං මොනවා කියන්නද මෙච්චර රොමෑන්ටික් පැණි බේරෙන කතාවත් කියෝපු එකේ..

    ස්ටීව් ගේ සින්දුව ඊළඟට ඇහෙද්දි රවී සඳා දෙපලත් ඔවුනොවුන්ගේ සම්‍යක් ප්‍රයෝගත් සිහිවෙනවා සුවර්ය..

    ආ දැන් බිරිදෙවොල කියැවෙන්නේ බිරිඳවෙල කියලා නෙව..දැන් නම් ඔය පලාත සෑහෙන්න දියුණුයි..

    ReplyDelete
    Replies
    1. Ruu,

      / ඉතුරු ටිකත් ඔහේ සමාදානයෙන්ම ගෙවලා දාන්න රවී..වෙන ඉතිං මොනවා කියන්නද /

      ඈ????...උඹ හිතං ඉන්නෙ මේ අපි අපි දෙන්න දැං වල පයයි ගොඩ පයයි කියලද? අම්මාපල්ල…. මම කිව්වයි කියල හිතාගං...එහෙනං

      / ආ දැන් බිරිදෙවොල කියැවෙන්නේ බිරිඳවෙල කියලා නෙව..දැන් නම් ඔය පලාත සෑහෙන්න දියුණුයි../

      අම්මප උඹත් ඒ පැත්තෙනෙ.... මට අමතක උනා....හෙහ්,හෙහ්,

      Delete
  36. සූර්යාභිධාන මා හිතවත් මිතුර,

    ඔබටත් අක්කාටත් සුභ, හැපී ඇනිවර්සරියක් ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    :)

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      තුති මල් කළඹක් පිළිගන්වන්නෙම් ඔබහට මා හිතවතිය!!!

      Delete
  37. ගොඩක් කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවෙ.. සුභ විවාහ සංවත්සරයක් වේවා ඔබ දෙපලට..
    ඔබලාගේ සුන්දර ආදරණීය අතීත මතක සැමරුම් කියවල ඉවර වුනාම අපේ හිතත් නිවෙනවා රවී තුමා..

    ReplyDelete
    Replies
    1. එක් මානවික්ස්,

      ස්තූතියි මැඩම්.....:)

      Delete
  38. හැපි ඇනිවසරියක් වේවා මේ ඉරටයි හඳටයි! මාතෘකාව දකිනකොටම මට මතක් උනා 'සොළොස් වසකට පෙර වෙසක් මසකදී' අයියා ලියපු පළවෙනි ඇනිවසරි පෝස්ට් එක. :)

    දන්නවද, මේ සටහන් අයියට මතක සැමරුම් වුනාට අපිට දැනුම උල්පත්. ගොඩාක් දේවල් ඉගෙනගන්නවා අයියගේ මේ ලිපි වලින්.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      බොහොම ස්තූතියි සිත්තමි...:)

      / මාතෘකාව දකිනකොටම මට මතක් උනා 'සොළොස් වසකට පෙර වෙසක් මසකදී' අයියා ලියපු පළවෙනි ඇනිවසරි පෝස්ට් එක. :) /

      අවුරුතු තුනකට ඉස්සෙල්ල...හෙහ්,හෙහ්, ඉතිං බලාපංකො කාලය ගෙවිල යන ඉක්මන..සොළොස් සතළොස් උනා සතළොස් අටළොස් වෙලා ඊට පස්සෙ එකුන් විසි උනා...

      කා...ල...ය... කාලය කෙතරම් සොඳුරුද නපුරිය.. ( හෙහ්,හෙහ්, මේ කෑල්ල ගත්තෙ නුවර කුමාරි මහත්මියගෙ බ්ලොග් එකෙන් )

      ඒ තෙවසරකට පෙර පෝස්ට් එකට ඔය ළමය දාපු කමෙන්ට්ස් සහ මගෙ පිළිතුරු මෙහෙමයි.

      ************************

      අනේ මේ පැත්තේ එන්න ටිකක් පමා උනා රවි අයියේ, සමා වෙන්න. වළව්වටත් නිවී හැනහිල්ලේ ගොඩවෙන්න ඉඩක් ලැබුනෙ නෑ තාම. ඔන්න එහෙනම් මේ සුභ කාරණාව ගැන මගෙනුයි මගෙ මහත්තයගෙනුයි හද පිරි සුභ පැතුම් පිළිගන්නකෝ.

      සොළොස් වසකට පෙරාතුව ඔබ
      සිත් අහස පෑයූ සුපුන් සඳ
      සසර සරනා තුරා සැමදා
      ඔබේ ජීවන පහන වනු ඇත

      ගලන ගඟුලක් ලෙසින් ආ මග
      නොනැවතී තව පෙරට යන්නට
      සදා සැනසුම සතුට සපිරුණ
      සුභ ගමනකට අසිරි දෙපලට

      ************************

      @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

      පමාවූ මුත් කිමද කාරණ?
      ඔබේ සුපැතුම් නිවයි මා හද,
      නඟේ ඔබ හා ඔබේ හිමි සඳ,
      පිළිගනිමි සතොසින් සෙනෙහෙ මැද,

      ************************

      සදා සුදිලෙනා හිරු සඳු විලසින
      රැයත් දහවලත් එක ලෙස පැහැබර
      සොඳුරු ලොවක හැමදාම හිඳින්නට
      ආසිරි පුද දෙමි හද පිරි සතුටින

      ************************

      පැරණි සොඳුරු මතක සැමරුම්....හෙහ්,හෙහ්

      Delete
  39. ජය වේවා! වෙඩිං ඇනිවර්සරියට! ජයෙන් ජයම වේවා! මෙහෙම කතා අහන්නත් වාසනාවයි!

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      මොකද බොල ජයවේවා කියල බෙරිහන් දෙන්නෙ? දේසපාලන් රැස්වීමක් වගෙ මොකක් හරි කියල හිතුවද මෙතන?

      Thanks Madam…:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...