Wednesday, May 21, 2014

260. පස් වසරක ශේෂ පත්‍රය නොහොත් 2009 - 2014 The First Five Post War Years.


Google Images

නන්දිකඩාල් කලපුව අබියස ප්‍රභාකරන් මියගියා. ඒ අවුරුදු පහකට ඉස්සෙල්ල. 2009 මැයි 18 වෙනිද.දකුණෙ මිනිස්සු රතිඤ්ඤ පත්තුකලා.කිරිබත් කෑව. එහෙම කලාය කියල වැරැද්දක් කියන්න බෑ. ප්‍රභාකරන්ගෙ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් දකුණෙ වෙච්ච හානිය, ඒ වගේම දකුණෙ ජනජීවිතයට කරපු බලපෑම ඒ තරම් දරුණුයි.ඒ වෙලාවෙ ආණ්ඩුවෙ ජනමාධ්‍යය පුන පුනා කිව්වෙ මේ කරන්නෙ දෙමළ ජනයාට විරුද්ධ යුද්ධයක් නෙවෙයි ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධයක්ය කියල. Catch Phrase එක වෙලා තිබ්බෙ ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුම.ප්‍රභාකරන් විමුක්තිය උදා කරල දෙන්ට දත කාපු දෙමළ මිනිස්සු ප්‍රභාකරන්ගෙම ග්‍රහණයෙන් මුදවාගන්ටයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නෙ. එහෙමයි උදේ දවල් රෑ රේඩියෝව රූපවාහිනිය මොර දුන්නෙ. ලේක් හවුස් පත්තරවල පල වුනේ. 

යුද්දෙදි බොහෝ නිරායුද වැසියන් මියයන්ට ඇති. යුද්දෙකදි ඒ වගෙ දේවල් වළක්වන්න බෑ. අවම කරගන්න එක විතරයි කරන්න පුලුවන්. අමරිකාව වියට්නාමෙදිවත්, රුසියාව ඇෆ්ඝනිස්තානෙදිවත්, ඊටත් පස්සෙ අමරිකාව ඉරාක ආක්‍රමණයෙදිවත් ඔය යුද ආචාර ධර්ම පිළිපදින්ට නැතුව ඇති. කවුරුවත් එහෙම කරන්නෙ නෑ. එහෙම කරල මම හිතන්නෙ නෑ යුද්දයක් දිනන්ට පුලුවනිය කියල. විශේෂයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක කරන ගරිල්ලා යුද්ධයක්...ඊටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වගෙ අමානුෂික, නිර්දය ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක කරන යුද්දයක්.

මානුෂික යුද්දයක් කලාය කියල ආණ්ඩුව දහ අතේ දිවුරුවට කිසි කෙනෙක් ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ.අපි මොහොතකට ඒ මානුෂික මෙහෙයුම් කතාව පැත්තකින් තියමු. හරි දැන් කොහොම හරි 2009 මැයි මැද වෙනකොට යුද්දෙ ඉවර උනානෙ. ආණ්ඩුවෙ හමුදා කොටි සංවිධානය සමූල ඝාතනය කරල ජයග්‍රහණය කලා.
දැන් එතකොට යුද ජයග්‍රහණයෙන් පස්සෙ ඉස්සොරෝම කරන්ට ඕන මොකක්ද? යුද්දෙ ඇති උනේ මොකක් හින්දද? මොන මොන හේතු හින්දද? කියල හොයල බලල වහාම ක්‍රියාත්මකවන පරිදි ඒ හේතු නැතිකරල ආයම මෙහෙම අවුලක් අර්බුදයක් කවදාවත්ම ඇති නොවෙන්ට වග බලා ගන්න එක..ඒක නේද වෙන්න ඕන?

ඇත්තටම අවංකව තමන්ගෙ පපුවට තට්ටු කරල තමන්ගෙ නිදාගෙන ඉන්න හෘද සාක්ෂිය අවදි කරල මේ ප්‍රශ්නෙ ඇහුවොත් මොකක්ද ලැබෙන උත්තරේ..මේකයි ප්‍රශ්නෙ...යුද ජයග්‍රහණයෙන් ඉක්බිති ඉක්ම ගිය පස් වසර තුල එවන් අර්බුදයක් යලි ඇති නොවනු උදෙසා රජය විසින් ගන්නා ලද ( එවන් පියවරක් ගත්තේ නම් ) පියවර පිළිබඳව ඔබට අවංකව සෑහීමට පත්විය හැකිද?

උතුරෙ චන්දෙකුත් තිබ්බ තමයි..ඒත් අර පුලුවන් තරම් වැඩේ මඟ ඇරල ,යටිතල පහසුකම් මදිය, තාමත් අවතැන් වූවන් නැවත පදිංචි කරවනවය, බිම් බෝම්බ ඉවත් කරල ඉවර නැතිය, ජන ජීවිතය යතා තත්වයට පත් කරගෙන යනවය..අරකද මේකද කිය කිය ඉඳල බැරිම තැන බෙල්ල මුලටම හිර උනහම, චන්දෙ නොතිය කොහොමත්ම බැරි උනහම උතුරෙ චන්දෙ නම් තිබ්බ තමයි.

ඒ වගේම අර උතුරු වසන්තය මොකක්ද කියල එකකුත් කරනව තමයි. පාරවල් හදනවලු. විනාස වෙච්ච ගොඩනැඟිලි හදනවලු. නොයෙක් දේවල් කරනවලු. හරි එව්වත් කෙරෙන ඕන තමයි. ඒත් මූලික අවශ්‍යතා සම්පූර්ණ කලාට පස්සෙ වහාම කෙරෙන්න තිබ්බෙ උතුරට තමන්ගෙම කියල පාලන ක්‍රමයක් ලබාදෙන එක. පළාත් සබා වලටත් එහා ගිය බලතල දෙනවයි කියල රට කරවන ඇත්තොම කියලත් තිබ්බ. තර්ටීන් ප්ලස් කියලයි ඒ දවස්වල කිව්වෙ...ඒ කටට ආවට කියන එව්ව.... මම හිතන්නෙ මේ ලෝකෙ යකෙක් ඒ කියන එව්ව ගණං ගන්නෙ නෑ.

අනික් කාරනේ මේ අවුරුද්දකට සැරයක් පවත්තන යුද ජයග්‍රහණ සැමරුම් නාඩගම. කෝටි ගානක් නිරපරාදෙ වියදම් කරල ආණ්ඩුවෙ ලොක්කොම පොඩි සිඟිති ආතල් එකක් ගන්නව මිසක මොකක්ද ඕකෙන් මෙලොව යකෙකුට සෙතක් වෙනවද? යුද ජයග්‍රහණය අවුරුදු පහකට ඉස්සරවෙලා ලැබුවනෙ. හරි... අපි කිරිබත් කෑව. සිංහ කොඩි වැනුව. රතිඤ්ඤ දැම්ම. ඒක එතනිං ඉවරයි. අවුරුදු පතා ඕක සමරන්ඩ ඕනද? කාටහරි යටත් වෙලා ඉඳල නිදහස ලබපු දවස සමරනව වගෙ.

ඒ එක්කම අපි ජයග්‍රහණය සමරනවනම් ඒ එක්කම උතුරට එයාලගෙ මළවුන් සමරන්ට නිදහස තියෙන්ට ඕන. අඩු ගානෙ පහනක් පත්තු කරල වත්...නෑ...ඒකටත් ආණ්ඩුව ඉඩ දුන්නෙ නෑ. ඒකටත් බයයි..ඒකයි වෙලා තියෙන්නෙ. බය වෙන්න ඕන එහෙම සැමරුම් වලට නෙවෙයි. ඒ වගෙ දේකටවත් ඉඩ නොදුන්නම හිත්වල කැකෑරෙන බුබුලු දමන විරෝධාකල්ප හැඟීම් වලට. අසහනයට. කොයි වෙලාවෙ හරි පුපුරල මතුවෙන්නෙ ඒ අසහනය. අවුරුදු තිහක යුද්දෙන් කිසිම පාඩමක් ඉගෙන ගෙන නැති එක නෙවෙයිනම් වෙන මොකක්ද මේ කියන්නෙ?

එතකොට ආණ්ඩු හිතවාදියො ගේන තර්කයක් තමයි ත්‍රස්තවාදීන් සමරන්ට ඉඩ දෙන්ට බැහැය කියන එක. දකුණෙ ඉල්මහ විරු සමරුව කියල ජ.වි.පෙ. සමරන්නෙත් ඒ විදිහට බලන කොට ත්‍රස්තවාදීන් තමයි. එතකොට ජ.වි.පෙ. ට තියන ඒ නිදහස උතුරට ඇයි නැත්තෙ?

එල්.ටී.ටී.ඊ. සංවිධානය මොන තරම් දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් උනත් ඔවුන් දිවි පිදුවෙ ඔවුන් හිතන විදිහට දෙමළ ජනතාවගෙ විමුක්තිය උදෙසා. ඔය මොනව උනත් මම හිතන්නෙ ඒ කාරණය සාමාන්‍ය දෙමළ ජනතාවගෙ හිත් වලින් අකා මකා දාන්න ලේසි වෙන්නෙ නෑ. One person's terrorist is another's freedom fighter. ඒ එක්කම යුද්දෙ අවසාන මාස කීපය සහ කූට ප්‍රාප්තිය, 2009 මැයි මාසය කියන්නෙ දෙමළ ජනයාට බොහොම දුක් කම්කටොලු දරාගන්ට සිද්ද වෙච්ච පණපිටින් අපාගත වුනු කාලයක්.

මගෙ දෙමල යාලුවෙක්ගෙ වයස්ගත දෙමව්පියො ඔය අවසාන යුද්දෙදි ගිරේට අහුවෙච්චි පුවක් ගෙඩිය වගෙ සන්තකේටම තිබ්බ සබ්බ සකලමනාවම අහිමිවෙලා අනාතයො වගෙ කිලෝමීටර් ගණනාවක් රෑ දවල් නැතුව පයින් ගිහිල්ල යාන්තං වෙඩි කන්නෙ නැතුව පණබේරගෙන තියෙන්නෙ. මගෙ යාලුව ඒ කතාව මා එක්ක කිව්වෙ අඬ අඬා...ඉතිං ඔන්න ඔහොම අපි මේ අවුරුදු පතා සමරන යුද ජයග්‍රහණය දෙමල මනුස්සයෙක් ඇහිං බැලුවම අමතක කලයුතු ඛේදවාචකයක්.

මම කියන්නෙ මේකයි.එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම කිසේසේත්ම අවතක්සේරුවකට ලක් කරනව නෙවෙයි මේ. ඒත් දැන් මදැයි ඔය නාඩගම කියල හිතෙන්නෙ නැද්ද? දෙමල-සිංහල සංහිඳියාව ඇතිකරන්ට කලයුත්තෙ මේ වගෙ යුද ජයග්‍රහණ සමරන එකද කියන එකයි මට තියෙන ප්‍රශ්ණෙ.. අනික් අතට ඉතිං ආණ්ඩුවටත් මේ අවුරුදු පහට කලාය කියල පෙන්නන්ට හරිහමං දෙයක් නැති කොට ඔහොම සංදර්ශනයක්වත් පෙන්නන්ට එපාය මිනිස්සුන්ට ආතල් එකක් ගන්ට. ඒක තමයි මට හිතෙන්නෙ එකම හේතුව.

දැං ඔය යුද ජයග්‍රහණ සැමරීමට පක්ෂව ගේන එක තර්කයක් තමයි ලෝකෙ හැමතැනම ඕක කෙරෙනවය. දෙවෙනි ලෝක යුද්දෙ ජයගත්තු එක මිත්‍ර පක්ෂය අදටත් සමරනවය, ප්‍රංශ විප්ලවය ජූලි 14 වෙනිද සමරණවය කියන එක. ඒත් අරෙහෙ කරනව මෙහෙ කරනව ඒ නිසා අපිත් කරන්ට ඕන නෑනෙ. අපි කරන්න ඕනෙ විචාරශීලීව , මැදහත් සිතින් කල්පනා කරල බලල අපේ අනාගතයට වැදගත්වෙයි කියල හිතෙන දේ කරන එක.

මම හිතන්නෙ නෑ ජනවාර්ගික සංහිඳියාව අවංකවම ප්‍රාර්ථනා කරන කිසිම මනුස්සයෙක් මේ යුද ජයග්‍රහණ සැමරුම ඒකට උදව් වෙනවයි කියල හිතයි කියල. ඒත් අනික් අතට ආණ්ඩුවට ඕන මේ ප්‍රශ්ණෙ විසඳන්නෙ නැතුව යම් ප්‍රමාණයකට අවුලුවල තියාගන්න නම් මේ කරන දේවල් හරියටම හරි. බිල්ලෙක් පෙන්නල මිනිස්සු ටිකක් බයකරල තියාගන්න එක ආණ්ඩුවෙ පැවැත්මට කොහොමත් හොඳයි. එන්.ජී.ඕ. බටහිර කුමන්ත්‍රණ, ඩයස්පෝරා..විදුලි පුටුව...ඔය කාලෙන් කාලෙට එලියට එන නාඩගම් තමයි.

මේ අවුරුදු පහක කාලය ඇතුලත ආණ්ඩුව කරපු එක දෙයක් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම පත් කිරීම. ඒත් ඒකත් ජාත්‍යන්තර බලපෑමෙන් බේරෙන්ටම බැරුව. නැතුව කොහොමවත්ම අවංක චේතනාවකින් නම් නෙවෙයි පැහැදිලිවම. දැන් ඒකෙ වාර්තාව ජනාධිපතිට භාරදීලත් සෑහෙන කාලයක් ගියා. තවම නෑ ඒකෙ නිර්දේශ ක්‍රියාත්මක කරන්ට වගක්වත්. ජාත්‍යන්තර ප්‍රජාව ඒ ගැන ප්‍රශ්න කලාම කියන්නෙ එහෙම එක පාරට එව්ව ක්‍රියාත්මක කරන්න බැරිය. ඒකට තව කල් ඕනය. ඒ ගැන පාර්ලිමේන්තුවෙ අදහස් ගන්න ඕනය.ඔන්න ඔය වගෙ බයිලා.


එතකොට රටේ වැදගත්ම ප්‍රශ්නය වෙච්චි ජනවාර්ගික අර්බූදයට විසඳුමක් යෝජනා කරන්න තමයි කල් ඕන. අගවිනිසුරුවරිය ගෙදර යවන්න ගියෙ දවස් තුනයිද කොහෙද..පාර්ලිමේන්තුව මහ රෑත් එක්ක රැස්වෙලා ඒ යෝජනාව සම්මත කරගත්තෙ.එතකොට බොහොම හදිස්සියෙ සම්මත කරගත්ත ජනාධිපතිගෙ නිලකාලය දෙවරක්ය කියල සීමා කරල තිබ්බ ව්‍යවස්ථාවෙ වගන්තිය සංශෝධනය කල යුතුය කියන යෝජනාව.එතනිං ගිහාම අර ස්වාධීන කොමිෂන් සභා බල රහිත කිරීමේ යෝජනාව. අපරාදෙ කියන්ට බෑ. එව්ව නම් බොහොම කඩිමුඩියෙ සම්මත කරගන්නව. උතුරෙ ප්‍රශ්නයට විසඳුමක් ගෙනෙන්ට තමයි තව කල් වේලා ඕනය කියන්නෙ...ඉතිං කාටද අම්මප මෙව්ව කියන්නෙ?

අවංකවම ඔබේ හදවතට එකඟව කියන්න මේ අවුරුදු පහ ඇතුලත ආණ්ඩුවෙ කල්ක්‍රියාව නැත්තං කැරැට්ටුව ගැන ඔබ සෑහීමට පත් වෙනවද? අපි අනික් කාරණා පැත්තක තියමු. හම්බන්තොට වරාය, ගුවන් තොටුපොල, නීතිය ක්‍රියාත්මක නොවීම, ආණ්ඩු පක්ෂයේ දේශපාලකයින්ගේ දූෂණ සහ මැරක්‍රියා, සම්මුතිය තුට්ටුවකට නොසලකා තමන්ට අවශ්‍යය පරිදි අත්තනෝමතිකව බලය තහවුරුකරගැනීම , අධිකරණය අතකොළුවක් කර ගැනීම ...ඒ ඔක්කොම පැත්තක තියමු. වසර තිහක් තිස්සෙ රටේ ජාතික ධනය කෙල කෝටි ගණනක් කාබාසීනියා කරපු මිනිස් ජීවිත දස දහස් ගණනක් විනාශ කරපු යුද්ධයකට හේතුවුනු ජනවාර්ගික අර්බුදය විසඳීමට පසුගිය අවුරුදු පහ ඇතුලත් මේ ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳව ඔබ සෑහීමට පත් වන්නේද?

52 comments:

  1. අම්මපා මෙව්වා කාටවත් කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇනෝ...

      වැඩක් නම් නෑ තමයි අප්පා...:)

      Delete
  2. ආණ්ඩුව දෙමල මිනිස්සුන්ට තියා සිංහල මිනිස්සුන්ටවත් සහනයක් නොදෙන 1 හැමෝටම පේනවනේ .ජනවාර්ගික අර්බුදයක් තියෙනකම් ,1 ගිනිපුපුරු නැවත පත්තුවෙනකම් නැවත නැවත ඒවා මර්දනය කරනකොට MR ගේ පැවැත්ම තහවුරු වෙනවනේ .

    මට තියෙන ප්‍රශ්ණය තමයි සිංහල අපි busවල trainවල බෝම්බ වලින් ඔහේ මැරිලා යනකොට දළදා මාලිගාවට බෝම්බ ගහනකොට ඔය කියන මානව හිමිකම් අපිට නොතිබුනේ ඇයි කියලා .

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / ආණ්ඩුව දෙමල මිනිස්සුන්ට තියා සිංහල මිනිස්සුන්ටවත් සහනයක් නොදෙන /

      අපරාදෙ කියන්ට බෑ අන්න ඒ අතින් නම් ආණ්ඩුවට දොසක් කියන්ට බෑ. වැරැද්දට වැරදියි කියනව වගේම හොඳක් කරනකොට ඒකත් කියන්ට එපාය..අන්න එහෙමයි අපි හරිය නෝනා?

      දෙමලට මොකවත් සහනයක් නෑ. සිංහලයට විතරයි ඔක්කොම කියල නම් කියන්න බෑ.. මේ ආණ්ඩුව ඒ අතින් නම් සර්ව සාධාරණයි. දෙමළට බෙදන හැන්දෙන් තමයි සිංහලයටත්...මතකනෙ වෙළඳ කලාපෙ වෙඩි තැබීම, රතුපස්වල සීන් එක..විපක්ෂ උද්ඝෝෂණ වලට පොළු ගත් මැරයින් ලවා පහර දීම.

      පහුගිය මාර්තුවල ජිනීවා මානව හිමිකම් සාකච්ඡාවෙදි එක්සත් ජාතීන්ගෙ නියෝජිතයො පෙන්නුවලු උතුරෙ උද්ඝෝෂකයින්ට පහර දුන්නු එව්වයෙ පින්තූර. ඒ ගමන ආණ්ඩුවෙ නියෝජිතයො කිව්වලු……

      " හරි ඔය සිද්ධින් ඇත්තය කියමු. ඒත් රජය දෙමල අයට අසාධාරණයක් කරනවයි කියන එක සම්පූර්ණ අසත්‍යයක්. අපි දකුනෙ සිංහලයින්ට සලකන්නෙත් ඔය විදිහටමයි "

      ඔහොම කියල රතුපස් වල වෙඩි තිබ්බ සීන් එකේ ෆොටෝස් එහෙම ඉදිරිපත් කලාලු. ඊට පස්සෙ එ.ජා. මානව හිමිකම් කොමිසම Discrimination against Tamils based on their ethnicity කියන චෝදනාව අයින් කර ගත්තලු.

      / මට තියෙන ප්‍රශ්ණය තමයි සිංහල අපි busවල trainවල බෝම්බ වලින් ඔහේ මැරිලා යනකොට දළදා මාලිගාවට බෝම්බ ගහනකොට ඔය කියන මානව හිමිකම් අපිට නොතිබුනේ ඇයි කියලා /

      තිබ්බ තිබ්බ ඒ මැරිච්ච හැමෝටම මානව හිමිකම් තිබ්බ. ජිවත්වීමේ අයිතිය තහවුරු කරල තියෙනව විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියෙ අංක 3 වගන්තියෙන්.

      The Universal Declaration of Human Rights - Article 3.- Everyone has the right to life, liberty and security of person.

      ඒ මිනිස්සුන්ගෙ මානව හිමිකම් කඩකිරීමට එල්.ටී.ටී.ඊ. එකට දුන්නු දඬුවම තමයි තමයි මානුෂික මෙහෙයුමකින් සමූල ඝාතනය කිරීම .....

      Delete
  3. මම නං උපරිම තෘප්තිමත් රජයේ මේ අවුරුදු පහේ වැඩ පිළීවෙල ගැන.. චන්ද තිබ්බ විග්ව පත් කරා. තාම ආන්ඩුකාරයා ඉවත් කරේ නෑ. ඉඩම් බලතල දෙන්නෑ. මැරිච්ච එකෙක් වෙනුවෙන් පහනක් වත් පත්තු කරන්න දෙන්නෑ. මොන ජනවාර්ගික අරුබුදද ඒවා මෙහේ නෑ. රටේ සංවර්ධනය ටොප් ජියර් එකේ. ඔය ඒවා කාලා ඉන්න බැරිව ඉරිසියාවේ පැලෙන උන් තමා එක එක ඒවා කියල ගගට පනින්නේ මරාගෙන මැරෙන්නේ. කොටින්ම රූපවාහිනි නාලිකා ටික බැලුවම හැමදේම දැනගන්න පුළුවන්. කරුණාකර රූපවාහිණී සහ අයිටීඑන් බලන්න.. සත්‍යය ඔබට වැටහෙනු ඇත

    ReplyDelete
    Replies
    1. දේශක්ස්,

      / මම නං උපරිම තෘප්තිමත් රජයේ මේ අවුරුදු පහේ වැඩ පිළීවෙල ගැන../

      අම්මප? ඔහෙ සුරතාන්තයටත් පත් උනයි?

      / කරුණාකර රූපවාහිණී සහ අයිටීඑන් බලන්න.. සත්‍යය ඔබට වැටහෙනු ඇත /

      සත්‍ය මේව ජයතේ!!! The Trurth Shall Set You Free!!!

      Delete
  4. යුද්දෙ දින්න ඇත්ත...
    පාරවල් හැදුව
    ගෙවල් හදල දුන්න
    ඇත්ත ඒත් අපේ උං අතරසමගියක් ඇතිවෙන විදියෙ වැඩක් කලේ නෑ... කොටිංම කියලව නං මේ ජයග්‍රහන සැමරුමත් ජනතාව රවට්ටන මිත්‍යයාක් මේකෙන් වෙන්න අරං අපිත් එක්ක වෛර බදිනෙක විතරයි..
    උංගෙ පාරවල් හැදුවට අරක මේක කරාට උංව දිනාගන්න උංගෙ හිත් ගන්න කිසි වැඩක් කරේ නෑ...
    දෙමල යුද්දෙ ඉවරයි..
    දැං එන්නෙ මුස්ලිම් උං එක්ක යුද්දෙ..
    ඔව් අපිටත් වැඩ තියෙන්න එපෑ...
    මොකෝ හැමදාම ගෝට එක්ක පාරවල් අතුගාන්නයැ

    ReplyDelete
  5. මගේ හිතට එකගව මේ ආණ්ඩුව කිසිම කමකට නැති එකාධිපතියකුගේ පාලනයට යටත් වෙලා තියෙන.මිලිටරිකරණය කරා ගමන් ගනිමින් තියෙන ගොබෙල්ස් න්‍යායෙන් රට පාලනය කරන උන්ට විතරක් බෙදා ගන්න රටේ අනික් උන්ට හෙණ ගැහුවත් කමක් නැති ජාතිවාදයෙන්,ආගම්වදයෙන් යැපෙන ආණ්ඩුවක්.

    ReplyDelete
  6. විවිධාකාරයේ සන්දර්ශන පෑවෑත්වීමේ කෙලවරක් නෑත. ඒවා බලන්න යන අයගේද කෙලවරක් නෑත. අපේ රටේ කිඹ්හුමක් ගියත් උළෙල, සන්දර්ශන, පූජා, සන්වස්තර , ආශීර්වාද, ඈගයීම් පෑවෑත්වේ. එනිසා ඈත්තෙන්ම අගයකිරීමේත් වටිනාකම අඩුවී තිබේ.
    කොහොමවෙතත් අපි ෂෝ එකට සහ සද්දෙට කෑමති රටක්

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඒකනෙ ප්‍රා වෙලා තියෙන්නෙ...සද්ද බද්ද විතරයි. No Dance Danced But Also No Half Of Drum :)

      Delete
    2. No Dance Danced But Also No Half Of Drum :) හුටා ඉංගිරිසියෙන් ලියන්නේ මෙහෙමද හෙහ් හෙහ්

      Delete
  7. විළි ලජ්ජා සහගතයි,මං මොකුත් නොකිය ඉඤ්ඤං මචං

    ReplyDelete
    Replies
    1. හැලප,

      හරි බං නෝ පොබ්බොම්...තෑන්ක්ස් :)

      Delete
  8. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයවත් උච්චාරණය කරගන්න බැරි පාලකයෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එකක් තමන් කවදාවත්ම දකින්ට බලාපොරොත්තුවකුත් නැති දෙයක් හරියට උච්ඡාරණය කරන්නෙ කොහොමද කියල දැනගන්න එකෙං මොකක්ද ලැබෙන සෙතේ කියල හිතෙන්ට ඇති.

      නුදුරු අනාගතයෙදිම ඕන්න බලන්නකො සාධාරණ ඡන්දය, යුක්තිය, සාධාරණත්වය, නීතියේ ආධිපත්‍යය ..ඔය වචනත් හරියට උච්ඡාරණය කටන්න බැරුව යනව,

      Delete
  9. කියල තියෙන දේවල් සහතික ඇත්ත. මේක ලංකා‍වනෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාව නෙවෙන්නං මලේ ලංකාව නෙවෙන්නං....

      Delete
    2. තමුසේ දන්න ලබ්බ තමයි, මේක නිකං ලංකාව නෙමේ ඕයි, අම්මට සිරි ලංකාව

      Delete
  10. මේවා ගැන කතා කොරන කට ගලක උලාගන්ටයි දැං වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Ela Patha,

      ලබන පාර දැයට කිරුල බලන්ට යන හැමෝටම සීයට අසූවක වට්ටමක් ඇතුව සුට්ටං මිරිස් ගලක් ගානෙ දෙන්ට යනව ආණ්ඩුව ගානෙ. කට අතුල්ලගන්නෙ කොහොමද කියල පියවරෙන් පියවර සරල සිංහලෙන් ලියවුනු උපදෙස් පත්‍රිකාවකුත් ඒ එක්කම දෙනව.

      " Oral Grinding Step by step for beginnners " උපදෙස් පත්‍රිකාවෙ නම ඒ....

      Delete
  11. මමත් අහන්නෙ අයියෙ ඔය යාපනෙ සැමරුමට ඉඩ නොදෙන මිනිස්සුනෙගෙ ඉල්මහ විරු ස්මරුව ගැන මොකද හිතන්නෙ කියල.දෙමලත් මිනිහෙක්.උන්ට උන්ගෙ ජිවිතෙ දෙන්න ඔන.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ඔතන තව පැත්තක් තියනව. ජෙප්පොන්ට ඉල් මහ විරු සමරුව පවත්වන්ට කිසිම බාධාවක් නෑ වගේම ඇයි ආණ්ඩුව විජේවීර මරපු දවස සමරන්නෙ නැත්තෙ දකුණේ ත්‍රස්තවාදය පරාජය කල දිනය කියල?.... ඒක කලේ යූ.ඇන්.පී. එකෙන් හින්ද වෙන්ට ඇති…

      එල්.ටී.ටී. ඊ. එකට වැඩිය සිය දහස් ගුණයකින් දකුණේ ජන ජීවිතය අවුල් කලේ භීෂණය වැපිරුවෙ ජෙප්පො.අනික ජෙප්පන්ට ඕන කලේ රජය පෙරලල මුළු රටේම පාලන බලය අල්ලන්ට.එල්.ටී.ටී.ඊ. එකේ එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑනෙ රටම අල්ලන්ට. උංට ඕන උනේ උතුර නැගෙනහිර විතරයි.

      Delete
  12. /* දකුණෙ මිනිස්සු රතිඤ්ඤ පත්තුකලා.කිරිබත් කෑව. එහෙම කලාය කියල වැරැද්දක් කියන්න බෑ. */

    තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
    ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
    සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
    මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

    අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
    අවසානයේ උන් හැම අවියෙන් නසිතී
    ලෝක සොබාවය එහෙමයි දන කියතී
    මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

    යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

    මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
    පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
    ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
    අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

    (එදා ඉඳලා අද වෙනකම්ම මට ඔයිට වැඩි දෙයක් මේ ගැන ලියා ගන්න බැරි වුණා!)

    ReplyDelete
    Replies
    1. කතන්දර,

      ඔබේ කතාව ඇත්ත. ඒත් ඒ මානුෂික ගුණාංගද , සර්ව සාධාරණයද, සියළු මිනිසුන් කෙරෙහි එක හා සමානව මෛත්‍රිය වැඩීමද, සතුරා වුවද මියගිය පසු දුක්වීමද..ඔව්ව ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රශස්ත ලෝකවල. එහෙම ලෝකයක් මේ කොහෙවත් නෑ.

      එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රුදුරු බව අමානුෂිකබව මම අත්විඳල, දැකල, ආඝ්‍රාණය කරල, ශ්‍රවණය කරල තියනව.අනික් අතට මම එහෙම අත්දැකීමක් ලැබුවා පමණයි. තමන්ටම පෞද්ගලිකවම එහෙම දේකට මුහුණ පාන්ට උන කෙනෙකුට ඒ තත්වය කොහොම දැනෙයිද කියල විස්තර කරන්ට මට වචන නෑ. ඒකයි මම කිව්වෙ " දකුණෙ මිනිස්සු රතිඤ්ඤ පත්තුකලා.කිරිබත් කෑව. එහෙම කලාය කියල වැරැද්දක් කියන්න බෑ. " කියල.

      ඇත්තටම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අතින් තමන්ගෙ මුළු පවුලම අමු අමුවේ ඝාතනය වන අයුරු ඇස් දෙකටම දැක්ක මනුස්සයෙක් ප්‍රභාකරන් ඝාතනය වූ පුවත අසා කිරිබත් කෑවයි කියන එක බොහොම සාමාන්‍ය සිද්ධියක්...

      Delete
  13. යුද්ධේ ඉවර කරපු එක ඇරෙන්න වෙන දෙයක් සිද්ද වුනාද කියලත් හිතෙනවා.. මම කොතනක හරි විස්තරේක දැක්කා යාපනේ මිනිස්සු පාරවල් ටික හදලා දුන්නට දැන් බනිනවලු ඉස්සරට වැඩිය අනතුරු කියලා.. ඇත්ත නැත්ත නම් ඉතින් මම දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      කීයක් හරි ගහගන්ට පුලුවන් ව්‍යාපෘතිනෙ ඔය ලොක්කො ඔක්කොමල ක්‍රියාත්මක කරන්නෙ..නැතුව මිනිස්සුන්ට ඕන මිනිස්සු ඉල්ලන දේ නෙවෙයි...

      Delete
  14. මගේ රට මට පෙනෙන හැටි ඒ විදිහටම මේකේ තියෙනවා....

    http://0714468.blogspot.com/2014/03/blog-post_30.html

    ජය සැමරීමේ වරදක් මම දකින්නෙ නැහැ.... ඒකාලකන්නි සාපයෙන් නිදහස් වීම සැමරිය යුතුයි. ඒත් දෙමළ ජනතාවට අවස්ථාව නොදීම අසාධාරනයි....

    දෙමළ ජනතාවට ලබා දිය යුතු හා ඔවුන් සෑහිමකට පත්වන පාලන අවස්ථාව කුමක්ද? මේ තුළ මම තාමත් අවිනිශ්චිතයි...

    ReplyDelete
    Replies
    1. ජෙනරාල්,

      / දෙමළ ජනතාවට ලබා දිය යුතු හා ඔවුන් සෑහිමකට පත්වන පාලන අවස්ථාව කුමක්ද? මේ තුළ මම තාමත් අවිනිශ්චිතයි…/

      ඒක තමයි මෙතන ප්‍රශ්නෙ..උතුරට ලබාදිය යුත්තෙ මොන බලතලද? ස්වයං පාලනය කොපමණ දුරකට දෙන්නට රජය සූදානම්ද? ඔය ඔක්කොම විසඳ ගන්ට මූලික පියවර යෝජනා මාලාවක් ඉදිරිපත් කරන එක. අවුරුදු පහක් ගත උනා තවම ඒ ටික කරගන්ට බැරිඋනානෙ..ඉතින් කවර කතාද?

      Delete
  15. මේ ටික ලියන්න අමතක උනා...
    හෙට රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති......
    රවී නම් බ්ලොග් කරුවකු සුදු වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇත. පසුව රවී සගවා ඇති ආයුද තොගයක් පෙන්වීමට පොලීසිය සමග මහ කැලය තුළට ගොස් ඇති අතර එතෙක් බොහෝ නිදහසේ සිටි ඔහු එකවරම දරුණු වී එම ආයුධ වලින් පොලීසියට වෙඩි තැබීමට උත්සහ කර ඇත. එම වෙඩිල්ල පත්තු වී නැති අතර පොලීසිය අවම බලය පාවිච්චි කිරීමේදී ඔහු මිය ගොස් ඇත.
    එමෙන්ම ඔහු විසින් පවත්වාගෙන ගිය රාජ්‍ය විරෝධී බ්ලොග් අඩවියද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.........

    ReplyDelete
  16. මම පොලිටිකල් ලිවිලි වලට හොට දාන්න කැමතිම නැහැ . නිකන් ලේබල් අලෝගන්න ඕනේ නැති හින්දා . හැබැයි මෙතනදී මට හිතෙන්නෙත් සැමරීම අනවශ්‍යයි කියල . මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල් වලට හොඳ සුබ සාධනයක් දීමයි අබාධිත වුන අයට සමාජයේ කරදරයක් නැතුව ජිවත් වීමට සහ ඔවුන් රැකගැනීම සඳහා හොඳ වැඩපිළිවෙලක් තිබීම නම් අත්‍යවශ්‍යයි . දේශපාලන උවමනාවන් වලට ඒ මිනිස්සු ප්‍රදර්ශනය කිරීම නම් ලජ්ජා නැති වැඩක් .

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      / මම පොලිටිකල් ලිවිලි වලට හොට දාන්න කැමතිම නැහැ . නිකන් ලේබල් අලෝගන්න ඕනේ නැති හින්දා ./

      ඒක ඔබේ කැමැත්ත. මම ඔබට ඇති ඒ අයිතිය පිළිගන්නවා. ඒත් තමන් පිළිගන්න ඇත්ත වෙනුවෙන් පෙනී සිට ලේබල් වැදුනත් ප්‍රශ්නයක් නෑ කියලයි මම හිතන්නෙ.

      ඔබේ අදහස්වලට එකඟයි....

      Delete
  17. උඹ නං කියයි. එහෙම කොහොමද සමරන්නෙ නැතුව. උඹ මොකෝ මේ විජයග්ගරහණය සමරන එකට විරුද්ද වෙන්නෙ
    ‍ලොකු අයියෙ තේරුං ගනිං එහෙම බෑ
    දාඩිය මහන්සියෙන් ජීවිත පූජාවෙන් දිනාගත්ත එව්ව සමරන්ඩ ඕනෙ කල්ප කාලාන්තරයක් හරිය?
    එහෙම නැතුව කොහොමද මිනිස්සුන්ට එව්ව මතක තියෙන්නෙ?
    දැන් අපි පෙරෙයිද
    බම්බලපිටියෙ ඉඳල රාජගිරියට එන්ඩ පැය දෙකක් තිස්සෙ පා‍රෙ හිටිය
    අපි දෙන්න විතරක් නෙවෙයි
    දහස් ගාණක් දෙනා තමන්ගෙ වටිනා කාලය කැප කළා ට්‍රැපික් එකේ
    මොකද?
    මහ රජ්ජුරුවන් වහන්සෙ ඇවිල්ල අර යුද්දෙට දිවිපිදුව සෙබලුන්ගෙ නාම පුවරුවලට උපහාර පවත්තන්ඩ
    දැං අපිට ඔය දවස අමතක වෙන්නෙ නෑනෙ.. එහෙම වුණාම.. තේරුණාද?
    උඹල මොනවද දන්නෙ, මෙහෙම බැන අඬගාන්ඩ විතරයි දන්නෙ
    කරුණු කාරණා හොයල බලන්නෙ නැතුව.

    මං මේ හැංගිලා ඉන්නෙ.. මං කවුද කියල හොයා ගත්තොත් කියල බයේ... :-p

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ කියන්නෙ...උඹ මේ පැය දෙකක් පරක්කු උනාය කියල නාහෙං අඬනව. මහ රජතුමා එහෙමද? වැඩ රජකාරිනං කීයක් අතෑරලද ඔය සෙබලුං අනුස්මරනය කරන්ට ආවෙ. පපුවට රබර් පාපිස්සක් බැඳගෙන දේයි දේයි යන අනුකරනයෙන් තඩි ගහගෙන පුරුදු වෙන්ට තියනව. එතනිං ගිහාම අවුරුදු දෙකේ තුනේ හිච්චි එවුංගෙ බුරියෙ ඇඟිල්ල ගහල උංව හංකිති කවල පුරුදු වෙන්ට තියනව. දුවගෙන, දුවගෙන, දුවගෙන ඇවිල්ල ඉස්ටේජ් වලට පනින්ට තියනව හනුම අර බේත් අවුසද කන්දකුත් කරතියාගෙන ඉන්දියාවෙ ඉඳල ලංකාවට පැන්නහෙ...ඒ අස්සෙ විදුලි පුටුවෙ ඉඳගෙන පුරුදු වෙන්ටත් තියනව....හෙහ්,හෙහ්, ඉඳහංකො ඒ ගැන සවිස්තරව වෙනම ලියන්නං...

      අනික ඔතන පැය දෙකක් ට්‍රැපික් එකේ හිටියය කියමු. බොලා දෙන්නට තිබ්බෙ ඒ කාලය ප්‍රයෝජනවත් වැඩකට යොදවන්ට නෙව. මේ එලොවටත් නැති මෙලොවටත් නැති ගේම් ගැහිල්ල වගෙ දේවල් අතෑරල දාල. ආන්න මෙහෙම කරහං..කොහොමද? නිතරම ඩිකියෙ සුට්ටං ගෑස් සිලින්ඩරේකුයි, ඇල්මේනියං මුට්ටියකුයි, කඩල කිලෝ දෙක තුනකුයි, පොල් අඩලයක් එහෙම ..එතනිං ගිහාම හිරමණ පොඩ්ඩක් එහෙම තියාගනිං එවරෙඩි...

      ඔය වගෙ වෙලාවක ලොක්කට කියාපං පාර අයිනෙ ගෑස් ලිප පත්තු කරල ( ගෝටාස් නියමෙට හදල තියෙන්නෙ පාර අයින ටයිල් එහෙම දාල. ඒ නිසා කිසි අවුලක් නෑ ) කඩල තම්බන්ට කියල. උඹ හිරමණේ අරගෙන ඒ ළඟ ඉඳගෙන පොල් ගාපං..ඒ කරල තම්බපු කඩලයි ගාපු පොලුයි විකුණපල්ල පාර දිගට වාහන වල වේලි වේලි ඉන්න මිනිස්සුන්ට. හිතූ ගාණකට දුන්නැහැටි බං... බඩු ෂුවර්. කඩල ගොට්ටක් දීපං රු. 100 වගෙ වෙන්ට..ආන්න හදිසි ව්‍යාවසායකත්වය කියන්නෙ ඔන්න ඔව්වට. ( Contingency Entrepreneurship )

      එහෙමත් නැත්තං පාර අයිනෙ තණ බිස්සක එහෙමත් නැත්තං හමුදාවෙං වවපු බෝගන්විලා මල් ගොමුවකට වෙලා උඹට පුලුවනි යෝග වියායාම් කරන්ට.ඒ අතර ලොක්කට ඇහැකි පේව්මන්ට් එකේ පරණ බෙඩ් ෂීට් එකක් එලාගෙන තවත් ඔය අතරමං වෙලා කරගන්ට දෙයක් නැතුව ඉන්න ගොබිලො එක්ක ඕමි අතක් බලන්ට. අවම ලංසුව රුපියල් පනහක් කියල බේබි කපන එකත් නරකම නෑ...ඔන්න ඔව්ව තමයි බිස්නස් අයිඩියාස්. අපි ඔය MBA කරල නැති උනාට ඔය වගෙ මහාර්ග අදහස් පහල වෙනව මහෙ ඔලු කට්ට ඇතුලෙ හිටු කියල...හෙහ්,හෙහ්

      Delete
    2. ඔය තියෙන්නෙ!!
      මං බොට මෙච්චර කැමති මේකමයි. උඹව අවුස්සගන්ඩ කරන්ඩ ඕනෙ බෝලයක් පොඩ්ඩක් බවුන්ස් වෙන්ඩ දාන එක. උඹ ඒකට නෙලනව ඊට පස්සෙ හයක් කුඩු කුදාර් වෙන්ඩම. හෙක් හෙක්!!
      උඹ හොඳයි බාං ජනාදිපති උපදේසක තනතුරකට අම්මප!
      මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ උඹල වගෙ උන් ඒ තනතුරුවල නැති එක තමා.

      Delete
    3. ජානිස්,

      උඹ මොකද බොල මේ ඇනෝලට උත්තර දුන්නු එව්වට ප්‍රති-උත්තර දෙන්නෙ? :)

      ඒ ඇනෝ උඹෙ යාලුවෙක්වද්ද? හෙහ්,හෙහ්,

      / මං බොට මෙච්චර කැමති මේකමයි. උඹව අවුස්සගන්ඩ කරන්ඩ ඕනෙ බෝලයක් පොඩ්ඩක් බවුන්ස් වෙන්ඩ දාන එක. උඹ ඒකට නෙලනව ඊට පස්සෙ හයක් කුඩු කුදාර් වෙන්ඩම. හෙක් හෙක්!! /

      එහෙනං .එහෙනං..මම ඇවිදිල්ල පුල පුලා ඉන්නෙ බවුන්සර් එකක් එනකල් හයක් කෙලින්ඩ නැත්තං බෝලෙ පොඩ්ඩක් උස්සල දෙනකල් ඩෑෂ් පාරක් ගහන්ඩ අනික් පැත්තෙ කවර් යන එවුන්ගෙ අත් ගලවල යන්ට.

      " නිකනුත් නටන යකාගෙ පුකට පැට්‍රෝල් ගැහුව වගෙ " නැත්තං " කොහොමත් දුවන බල්ලට දුම්මල ගැහුව වගෙ.." අන්න එහෙමත් කිව්වැහැකි ඕන්නං...හෙහ්,හෙහ්,

      Delete
    4. මේවා කියවගෙන පල්ලෙහාට එනකොට කොහොමද බන් හිනානොවී ඉන්නේ? බලපන් පෝස්ට් එක තුලින් උඹ මතුකරපු කාරනාවලට දැන් කොහොමද කමෙන්ට් එකක් දාන්නේ...දැන් ඉතින් අළුතෙන් කේන්තියක් හදාගන්න ඕන.

      Delete
    5. අරූ,

      / දැන් ඉතින් අළුතෙන් කේන්තියක් හදාගන්න ඕන. /

      අන්න ඒකනෙ... ඒ වැඩේ කරන්න එපා බං..ආවේගශීලීව පිළිතුරු දෙන්නවත් යමක් කරන්නවත් එපා..පොඩ්ඩක් හිනාවෙලා හිත සැහැල්ලු කරගෙන ආයම කල්පනා කරල බලපං මේ ගැන..

      Delete
  18. මේ අහවල් දින සැමරීමෙන් ලංකාවෙ පාලකයා ලෝකයට පෙන්වන්න හදනවා...මමයි රජා ලංකාවෙ කියලා...ඒ වගේම ජනතාව මා සමග සිටින බව...නමුත් මේ අය තවමත් ජනවාර්ගික අර්බුදයක්, යුද්ධයක් කරා රට ඇදුනෙ ඇයි කියන කාරණය අවබෝධ කරගෙන නෑ...සුළු ජාතීන්ගේ විශ්වාසය දිනාගන්න තවමත් මේ ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා...එහෙම උනාම ඒ ඒ ජන කොටස් වලට නායකත්වය දෙන ප්‍රාදේශීය නායකයන් තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට ජනතාව බිලී බාගන්නවා...ඒ අනුව බලනකොට යුද්ධය අවසන් උනත්...තවමත් අළු යට ගිණි තියන රටක් විදියටයි මම දකින්නෙ....

    වෙලාවක කාමරේ පැත්තෙ එන්නකො...අපිවත් ආශ්‍රය කරලා යන්න...

    ReplyDelete
    Replies
    1. Sira,

      / වෙලාවක කාමරේ පැත්තෙ එන්නකො...අපිවත් ආශ්‍රය කරලා යන්න… /

      එන්නම් එන්නම්...:)

      පලි- ඔබගේ අදහස් වලට සපුරාම එකඟයි.

      Delete
  19. මේකනේ රවී, අර සති දෙකෙන් පරණ ඩේටා උඩ රි-රයිට් වෙන මෙමරියක්නේ අපිට තියෙන්නේ..එතකොට ඕ වගේ සැමරීම් නැතිව මිනිස්සු අතර පවතින්න බෑ..ඔහොම නොකලොත් රටේ මිනිස්සුන්ට ජනාධිපති කෙනෙක් ඉන්නවා කියලත් අමතක වේවි..!!!

    අනිත් අතට දෙමල ජනතාවට කෙසේ වෙතත් උතුරේ ජනතාවට වැදගත් විසඳුමක් දුන්නොත් සෑහෙන අනාගත ප්‍රශ්න විසඳේවි..කෙහෙම්මල් ජන්දය ඇරුනාම සිවිල් ජනතාවට හඬක් නැති රටේ කොච්චර කතා කලත් එතනම තමයි..

    ReplyDelete
    Replies
    1. රූ,

      අපේ රට ගැන හිතනකොටත් අප්‍රමාණ සංවේගයක් ඇතිවෙන්නෙ රූ...එච්චරයි කියන්ට තියෙන්නෙ...:(

      Delete
  20. මේක ගැන මට හිතෙන පැති ගොඩක් තියනවා. අපි යුද්ධයෙන් පසුව රට ගොඩනැගීම කියන එක ගැන කතාකලොත්, එහෙම නොවෙන්න ප්‍රධාන හේතුව බොහෝ විට මේ යුද්ධය අවසන් කල ආකාරය වෙන්නම පුළුවන් කියලා මට හිතෙනවා.

    දැන් අයියගේ ලිපියේ තියන විදිහටම, එල්ටීටීඊ වගේ ම්ලේච්ඡ, නිර්දය ත්‍රස්තවාදී සංවිධානයක් පරද්දන්න, ඒ ම්ලේච්ඡ්, නිර්දය ගතිය යම්තාක් දුරට හමුදාවත් අනුගමනය කරන්න ඇති. එහෙම නොවුනා නම් මේ යුද්ධය තවත තියනවා කියන එකත් මම පිළිගන්නවා. එහෙම වෙන්න ඇත්තේ ඉහලින් එන නියෝග අනුව. මට හිතෙන්නේ ඒ නියෝග වල ආරම්භය වෙන්න ඇත්තේ, රටේ පාලකයෝ.

    මේ අර පෘතුගීසීන් එලවන්න ලන්දේසීන්ට බාර දීම නොහොත් ඉඟුරු දී මිරිස් ගැනීමම වගේ නෙමෙයිද? අපි රටට යහපත් යමක් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ, අර නියෝග දීපු දේශපාලකයන්ගෙන්ම නේද?

    රටේ යහපත පතන පාලකයෙක්, ඒ වෙනුවෙන් කලයුතු මූලික දෙයක් වූ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් පමණක් නිර්දය ක්‍රියාකලාපයක් අනුගමනය කලා කියලා හිතමු. මම හිතන්නේ මහින්දට කැමති මිනිස්සු බලාපොරොත්තු වුණේ ඒක තමයි.

    නමුත් දැන් වෙලා තියන දේ දෙවිදිහකට පහදන්න පුළුවන්.

    තිස් වසරක යුද්ධය ජය ගැනීමේ උද්දාමයෙන් අන්ධවීම. රට පාලනයේදීත් යුද්ධය ජය ගැනීමට අනුගමය කල, සාර්ථක වූ ක්‍රමවේදයම එයටත් භාවිතා කිරීම. ඒරියා එකේ ඉන්න චණ්ඩියාට ගහලා වැට්ටුවට පස්සේ ගහපු එකා එතන අලුත් චණ්ඩියා වෙනවා. ඌට කවුරු හරි ගහන කම් ඌ ගේම ගෙනියන්නේ චණ්ඩිකමෙන්.

    එහෙම නැත්නම්, ඒ පෙන්නපු නිර්දය බව, ම්ලේච්ඡ බව ඒ පාලකයගේ ස්වභාවයම වෙන්න පුළුවන්. ප්‍රශ්නය අපි මේ වෙනකම් ඒක හරියට නොදැකපු එකයි. මගේ අදහස වැඩිපුර නැඹුරු වෙන්නේ මේ පැත්තට. යුද්ධයකදි වැරදි තැනකට බෝම්බ දැමීම, වෙඩිහුවමාරු වලදී සාමාන්‍ය ජනයා මියයාම කියන ඒවට වඩා මට නම් ඉතාම බරපතලයි, අත් අඩංගුවට පත්වෙච්ච අය ඝාතනය කිරීම. ඒක අහඹු එක් සිදුවීමක් නොවී, සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා කියන්නේ, ඉහලින් එන නියෝගයේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කරන්නක්. ත්‍රස්තවාදීන් කොතරම් ම්ලේච්ඡ උණත්, කොතරම් අමානුෂික උණත්, යුධ බිමෙන් අහකට ගත්තහම (අත් අඩංගුවට ගත්තහම) ඒ අමානුෂිකත්වයම ඔවුන් වෙත දැක්වීම (නියෝග මත) කියන්නේ ඉතා භයානක දෙයක්. මොකද ඉන් පස්සෙ අවශ්‍ය කරන්නේ එහෙම අමානුෂික වීමට නිදහසට කාරණාවක් හොයාගැනීම විතරයි.

    ඒ නිසා තමයි මට හිතෙන්නේ, යුද්ධය අර විදිහට ජයග්‍රහණය කරලා රටේ යහපතක් බලාපොරොත්තුවීම කියන්නේ කවදාවත් ඉටුනොවෙන බලාපොරොත්තුවක් විතරයි කියලා. අපි අද දකින දේවල් යුද්ධ ජහග්‍රණයේම ප්‍රතිඵල තමයි. හැබැයි කවුරු හරි මගෙන් ඇහුවොත්, මෙහෙම හරි ඉන්න ඒ විදිහට යුද්ධය දිනපු එක වැරදිද කියලා... මට ඇත්තටම ඒකට උත්තරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඔබ මතුකරන්නෙ ගැඹුරින් සලකා බැලියයුතු තරමෙ වැදගත් කාරණා කියලයි මම හිතන්නෙ...පාලකයගෙ මනෝ භාවය සහ ආකල්ප ගැන ඔබ මතුකරන තර්කය නිවැරදි වෙන්න පුලුවන් අද මේ සිද්ධ වෙන දේ සලකල බැලුවම. ඒ මොනව උනත් අනාගතය කොහොමත්ම සුබදායක නෑ කියල තමයි කියන්න වෙන්නෙ..

      Delete
  21. මොන අරමුණක් නිසා දෙපැත්තම ආයුධ අතට ගත්තත් මිනිහෙක් මරාපු එකා මිනීමරුවෙක්. එතනදි අලවපු ලේබල් එක වැදගත් නෑ. මිනීමැරුමක් සැමරීම කොයි කෙනා කලත් ඒක මිලේච්ඡයි, ගෝත්‍රිකයි.

    අපි ගෝත්‍රික විදියට මම අයිති මෙන්න මේ පැත්තටය කියල බෙදාගෙන ඉන්නවනම් අන්න එතනදි ඔය සැමරීම සාධාරණීයකරනය කරගන්න පුලුවන්. ඒකෙනෙ ඔය දැනට වෙන්නෙ.

    ඒත් ඔය දෙපැත්තටම අයිති නැති විදියට මැද ඉඳල, එහෙමත් නැත්නම් රාමු දෙකෙන් පිට ඉඳගෙන බැලුවොත් පේන්නෙ මිනීමැරීමක් විදියට විතරයි.

    අවාසනවකට ෆිල්ම් එකක උනත් මොකක් හරි දෙයකට මරාගන්නකොට අපි නොදැනුවත්වම එක පාර්ශවයකට ප්‍රිය කරනව, ඔජ වඩනව, අනිත් එවුන් මැරිලා පල කියල හිතනව.

    එහෙව් එකේ කොහොමෙයි මැද ඉඳල බලන්නෙ ??

    ReplyDelete
    Replies
    1. නවම්,

      වෙල්කම් බෑක් මලේ වෙල්කම් බෑක්!!!

      එකඟයි කොන්දේසි විරහිතවම....

      Delete
  22. රවී.....වෙන මොනවා ලියන්නද...මට නම් තියෙන්නේ මේ වසර පහ ගැන පුදුම කලකිරීමක්. මම මේ පෝස්ට් එක ලිව්වාත් රජයේ ක්‍රියා පිලිවෙත ගැන අහන්න වෙන්නේ සහ ලියන්න වෙන්නේ අඩුවැඩි වශයෙන් ඔය ටිකම තමයි. ඒ ප්‍රශ්නය ජනතාව තම තමන්ගෙන් අහගන්නවා. තාම අනුන්ගෙන් අහන්න පටන් අරන් මදි.

    ReplyDelete
    Replies
    1. අරූ,

      මෙතන අවුල මචං මේ යන ක්‍රමය වැරදියි කියල බොහෝදෙනෙකුට නොපෙනෙන එක. එහෙම පෙනෙන අයත් අඩු ගානෙ වචනයකින් වත් ඒ ගැන විරෝධය නොපාන එක.

      Delete
  23. මට ලියන්න ඕන ඔක්කෝම දේ උඹ ලියලා. උඹට පින්..

    ReplyDelete
  24. අපි නිදහස් උත්සවය සමරන එකේ වැරැද්දක් රවී අයියා දකිනවද? ඒ වගේම වෙසක් නත්තල් වගේ උත්සව සමරන එකේ තියෙන්නෙත් ඔය වගේම අවුලක් නෙවෙයි ද? පෙබරවාරි 4 කියන දවස ගැන අපි දන්නේ ඔය සැමරීම නිසා නෙවෙයි ද? මම හිතන්නේ නෑ තව අවුරුදු 500ක් වත් යනකම් නම් අපි ඇතුළු මේ මිනිස්සු කවුරුවත් ඔය සැමරීම් වලින් ඈත් වෙයි කියල.. ඒක ඔය අපි හැමෝම කතා කරන සහ බලාපොරොත්තු වෙන අයිඩියල් ජනාධිපති සහ අයිඩියල් ඇමති මණ්ඩලේ පත්වෙලා රට කරන කාලෙදිවත් සිද්ද වෙන එකක් නෑ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...