Sunday, May 25, 2014

261. සමුගැන්ම - The Farewell


A Painting by Raymond Leech

සෙනෙහසක අරවින්ද ඉපිද ගිය හද විලක, 
නිලහසක රඟන විහඟුනට රැකවල් කොහිද?
තුරුහිසක එතුනු මකරන්ද විඳගනු පිණිස,
ගිරිහිසක හෙට දිනෙක නුඹ යලිත් හිඳීවිද?

නොමැලවුනු කුසුම් පෙති අතුල මාවත සොඳින,
වතරැඳුනු සිනහකැන් සැලින කිංකිණි ලෙසින,
පිණි ඉසුනු රොබරෝසි කළඹ දෝතට රැගෙන,
නෙත දිලුනු විදුලි සර හදරිදුම්දුනි එසැන,

විකසිතව යලි මියෙන කුමුදු මල් පෙති සිඹිමි,
ලවැලිතල මත ඇඳුනු සහස් පියවර දකිමි,
අවරගිර කරා පියඹන ලිහිණියක වෙතිනි,
කුමරියක නෙතඟ ඇඳි කඳුලු බිඳු ගැන අසමි.

මල් සුවඳ ළය පුරා රැගෙන එන මඳනලයි,
නිල් උපුල් විකසිතව හිනැහෙනා විල් තෙරයි,
පුල් අහස නිදැල්ලේ පාවයන වළාවයි,
නුඹ ලවන නිබඳ රැඳි සොඳුරු මඳහස මමයි.



විශේෂ ස්තූතිය - කඳු

62 comments:

  1. කවි පන්තිය බොහොම ලස්සනයි අරුත්බරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්...:)

      Delete
  2. "නුඹ ලවන නිබඳ රැඳි සොඳුරු මඳහස මමයි" කියන කොට මට සිහියට ආවේ "සියුමැලි දෑතින් ඔබෙ හිස අතගා" කියන සින්දු පදයයි!

    ReplyDelete
    Replies
    1. හෙහ්..කතන්දරට මතක් උනේ එතකොට ඒක නේද?

      මළහිරු බසිනා සැන්දෑ යාමේ ….
      ඔබගෙන් සමුගන්නම්..ම්..ම්...ම්,
      අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
      ඔබගෙන් වෙන්වී මම යන්නම්…
      ඔබගෙන් වෙන්වී මම යන්නම්...

      කතන්දර මතකද " ඔබගෙන් වෙන්වී මම යන්නම් " කියල හැත්තෑව දශකයෙ මුල් කාලෙ බොහොම ජනප්‍රිය වෙච්ච නවකතාවක් තිබ්බ...ලිව්වෙ පියල් බී. හේරත් වෙන්න ඕන මගෙ මතකය අනුව.

      Delete
  3. මටත් වුනේ Emperor's New Clothes එකේ ඇමැත්තයන්ට වෙච්ච සන්තෑසියමයි. අනේ උන්නැහෙලත් කොච්චර අසරණ වෙන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      අඩේ රජ්ජුරුවො හෙලුවෙන් තමයි ඉන්නෙ බං...ඒක ඇත්ත...හැමෝම ඒක කියන්ට බයේ ඉන්නෙ...ඒකත් ඇත්ත..ඒත් මට තේරෙන්නෙ නැත්තෙ කවි හතරක් කාලෙකට පස්සෙ ගැට ගහ ගත්තම උඹ එතනටත් දේසපාලනේ ගේන්නෙ ඇයිද කියලයි...:) :)

      Delete
    2. දේසපාලනේ කියන්නෙත් තනිකරම හෙළුවෙන් දෙන ගේමක් නෙ බංස්..

      Delete
  4. පලවෙනි කවි තුන විතරක් තුන් හතර පාරක් කියෙව්වම විරහ රසයක් දැනුන. හතර වෙනි එක ගැලපෙන්නේ නැහැ වගේ. ස්ට්‍රීට් ෆුඩ් වලට හුරු වෙලා කොත්තමල්ලි බිබී ඉඳල හිටලා 5 ස්ටාර් හොටෙල් එකකට ගියහම මොකක්ද වගේ දැනෙනවනේ ...මටත් අන්න ඒ වගේ

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / පලවෙනි කවි තුන විතරක් තුන් හතර පාරක් කියෙව්වම විරහ රසයක් දැනුන. හතර වෙනි එක ගැලපෙන්නේ නැහැ වගේ. /

      හතරවන කවියෙන් මුල් කවි තුනේ කියවෙන විරහව ගැන කියවෙන්නෙ නෑ වගෙ තමයි හිතෙන්නෙ…

      එතන මම හිතුවෙ සමුගත්තා උනත් පෙම්වතියගෙ හිතේ තියන ආදරය සදාකාලිකයි කියල අඟවන්නයි. මම ඔබ අබියස නෑ..ඒක ඇත්ත..ඒත් මල් සුවඳ ළය පුරා රැගෙන එන මඳනල මමයි, නිල් උපුල් විකසිතව හිනැහෙනා විල් තෙර මමයි, පුල් අහස නිදැල්ලේ පාවයන වළාව මමයි, ඒ වගේම නුඹ ලවන නිබඳ රැඳි සොඳුරු මඳහස මමයි.

      / ස්ට්‍රීට් ෆුඩ් වලට හුරු වෙලා කොත්තමල්ලි බිබී ඉඳල හිටලා 5 ස්ටාර් හොටෙල් එකකට ගියහම මොකක්ද වගේ දැනෙනවනේ ...මටත් අන්න ඒ වගේ /

      හෙහ්,හෙහ්, බොලාට කාගන්ට අමාරුයි ..මට එක පාරට රෙසිපි එක මාරු කරන්ට අමාරුයි..:)

      ස්තූතියි බින්දි.......:)

      Delete
    2. නො ප්‍රොබ්ලම් ..යුවර් කාර් යුවර් හයි වේ ...අර ඉතින් අපි මොනා හරි කියන්න ඕන නිසා මිසක් ,,මන් නම් බොහොම අකමැතියි කෙනෙක්ගේ නිර්මාණයකට අදහස් දෙන්න . එහෙම කරන්න බැහැනේ . එක එක්කෙනාට හිතෙන විදිහ වෙනස් . අනික කවියක් ලිව්වම ඕක එක්ස්ප්ලේන් කරන්න වෙන එක මහම එපා වෙන වැඩක්. හිතුන ලිව්වා එච්චරයි. ඔබතුමා ඉතින් ඔය අපේ ඕන කට කැඩිච්ච කතාවකට හොක හොක ගාල එක දෙපිටින් යන්න තව එකක් කියන හින්දා අවුලක් නැහැ ඉතින්..

      Delete
    3. බින්දි...අපි කිව්වෙ මයි කාර්..මයි පැට්‍රෝල්..හූ ටු වට් වට් ?

      / ඔබතුමා ඉතින් ඔය අපේ ඕන කට කැඩිච්ච කතාවකට හොක හොක ගාල එක දෙපිටින් යන්න තව එකක් කියන හින්දා අවුලක් නැහැ ඉතින්../

      ඒකනෙ..ඔය කියන එව්වට පට ගාල අනික් පැත්තට මොනව හරි කිව්ව..එතනිං වැඩේ ඉවරයි....හෙහ්,හෙහ්,

      නැත්තං අපෙ උන්දැ එක්ක බෑ වසන්ට..ඉන්ට ඕන කැත්තට පොල්ල වගෙ...

      එක දවසක් මම ඔය මොකක්ද විකාරයක් කරල අක්කගෙ පොඩි එකීට උන්දැ කියල තිබ්බ " ගිහිල්ල අහන්ට බාප්පගෙන් ඔලුව විකාරද කියල " ඔන්න ඔහොම..

      අනේ පොඩි එකිත් මගෙ ගාවට ඇවිල්ල ඇහුව " අන්න පුංචි අම්ම බාප්පගෙන අහන්ට කිව්ව ඔලුව විකාරද කියල. "

      මං කිව්ව " ඒක ඉතිං අහන්ටත් දෙයක්ය..ඔලුව විකාර නැත්තං බොලායෙ පුංචි අම්ම බඳියිද කියල මම කිව්වය කියන්ට.."

      ආය ආවෙ නෑ ඔලුව විකාරද කියල අහගෙන...හෙහ්,හෙහ්,

      Delete
  5. හත් අට සැරයක් කියෙව්ව බං මොකුත් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැලප්ස්,

      ට්වෝ කුවෙස්චන්ස් ඔනිලි.

      1. මෙය කියවූකල මොකක්දෝ වෙනවායයි ඔබහට පැසසුවෝ කවරහුද?

      2. එසේ වෙන්නේ යයි ඔබ බලාපොරොත්තු වූයේ කුමක්ද?

      Delete
    2. දෙකටම උත්තර නැගටිව් කතාව ඉවරයි.

      Delete
  6. උදෑසන පියන් පත් හැර කවුළු දොර
    ගෙනෙන්නේ දැනෙන්නේ ඒ සුවඳමය
    පියා නෙත් විදා අත් ලය පුරා මම
    විඳ ගනිමි දුර වුව ද මම ළඟනෙ නුඹ

    දිගගගගගගගග කවියක් ලියන්න හිතුනට ලියා ගන්න බෑ. ඒතරම් අයියගෙ කවිය ලස්සනයි. අනික අයිය මාස කිහිපයකට සැරයක් “සමුගැන්මේ මිහිර “ විඳින නිසා වෙන්න ඇති මේ තරම් කවිය සුන්දර... චිත්‍රයත් ඒකට ම කියාපු චිත්‍රය......

    උඹ නම් මාරයි මයෙ අයියා......මාරම මාරයි.

    ReplyDelete
    Replies
    1. බොහොත් ෂුක් රාන්...ෂොඬුරු.....හෙහ්,හෙහ්,

      උඹ මතකද කාලෙකට ඉස්සෙල්ල පින්තූර වලට කවි ලිව්ව...මේකත් අන්න එහෙම එකක්. කඳුගෙ බ්ලොග් එකේ ඊයෙ දාල තිබ්බ කවියක් ඔය පින්තූරෙත් එක්ක. ඒ පින්තූරෙ දැක්ක ගමන් මට ඇති වෙච්චි හැඟීම තමයි ඔය අකුරු කලේ..සමුගැන්ම....

      Delete
  7. තුන් හතර පාරක්ම කියෙවුව. සමහර තැන් මං වගේ හුදී ජනයාට තේරෙන්නෙ නෑ ආයිබොවං. කාටහරි බැරිද රසාස්වාදයක් ලියල දාන්න..?

    නිලහසක කියන්නේ මොකක්ද රවි? පළවෙනි කවියේ අවසාන පද දෙකෙන් කියන අදහස හරියට තේරුණේ නෑ. එතකොට මේ දෙවෙනි කවියෙන් කියන්නේ ඈට රොබරෝසි මල් පොකුරක් දී සමුගත් වගද? මට තේරුණේ මල් පොකුරක් ලැබිලා ඈ සතුටෙන්, ඒත් වෙන්ව යන බව සිහි වෙලා එසැණින්ම හද දුකින් බර වූ බව. තුන්වෙනි කවියෙන් කියන්නේ කවියා වැලි කතරේ සිට ඈව සිහි කරන බව නේද? අන්තිම කවියෙන් කියවෙන්නේ වෙන්ව හිටියත් ඈ තමන්ට ප්‍රේම කරන බව කවියා දන්නා බවද? මේ අදහස් පරිසරයේ අලංකාරය එක්ක ලස්සනට සංයෝග කරලා තියනවා. මේ මට තේරුණ හැටි. වැරදි නම් කියන්න. :)

    ReplyDelete
    Replies
    1. නිල් + අහසක -> නිලහසක

      බොලාලා ඉස්කෝලෙ යන කාලෙ සිංහල ඉගෙනගත්තෙම නැද්ද හැබෑටම.!?

      Delete
    2. බළල් හාමිනේ,

      / නිලහසක කියන්නේ මොකක්ද රවි? /

      බූරා හරි..නිල්+අහස = නිල'හස

      / පළවෙනි කවියේ අවසාන පද දෙකෙන් කියන අදහස හරියට තේරුණේ නෑ. /

      තුරුහිසක එතුනු මකරන්ද විඳගනු පිණිස, 
      ගිරිහිසක හෙට දිනෙක නුඹ යලිත් හිඳීවිද? 

      ගස් අතු අතර පැතිරෙන මල් පැණි සුවඳ විඳින්නට කන්ද මුදුනට හෙටත් ඇය ආයෙ ඒවිද?..මම හෙට නෑ...අද අපි දෙන්නම හිටියට හෙට මම නෑ...හෙට ඔබ විතරයි...ඔබ හෙට තනියම කඳු මුදුනට එනවද?

      / එතකොට මේ දෙවෙනි කවියෙන් කියන්නේ ඈට රොබරෝසි මල් පොකුරක් දී සමුගත් වගද? මට තේරුණේ මල් පොකුරක් ලැබිලා ඈ සතුටෙන්, ඒත් වෙන්ව යන බව සිහි වෙලා එසැණින්ම හද දුකින් බර වූ බව. /

      යස්, මම ඔබට දුන් රොබරෝසි මල් කළඹ රැහෙන නෙතුඅගින් ඔබ හෙලූ විදුලිසර මෙන්වූ බැල්ම මගේ හදවත එකවරම වේදනාවට පත්කලේය.

      රොබරෝසි මල් කළඹක් ගැන මම ලිව්වෙ කඳු රොබරෝසියා ගහක් ගැන කියල තිබ්බ නිසා...:)

      / තුන්වෙනි කවියෙන් කියන්නේ කවියා වැලි කතරේ සිට ඈව සිහි කරන බව නේද? /

      වැලිකතරක් ගැන නම් බොලේ මම හිතුවෙ නෑ...ලවැලිතල මත ඇඳුනු සහස් පියවර දකිමි කිව්වෙ ඒ දෙන්න අතිනත ගෙන තැබූ පියවර වැලි තලාවේ සටහන් වී තිබූ අයුරු මනසින් යලි දකින බව කියන්නයි....අනික් හරියට නම් එකඟයි..ඇය හා ගෙවූ සොඳුරුතම කාලය නිතරම ඔහුට සිහිවෙනව. ඇය ගැන තොරතුරක් දැනගන්නට ඔහු ඉතා ආශාවෙන් බලා ඉන්නව..අන්න එහෙම...:)

      / අන්තිම කවියෙන් කියවෙන්නේ වෙන්ව හිටියත් ඈ තමන්ට ප්‍රේම කරන බව කවියා දන්නා බවද? /

      එසේය..එකඟ වෙමි...එහෙම තමයි...අප දෙදෙන වෙන් වුවද ඔබ දකින, ඔබ විඳින මඳ නළ, විල් තෙර , වලාවන්....ඒ සියල්ල මමයි..අවසානයේ ඔබේ දෙතොලග විකසිත මඳහස....ඒ ද මම ම මිස අන් කවරෙක්ද?

      Delete
  8. අගෙයි අගෙයි හරිම අගෙයි.....

    ලස්සන පද ගැලපීමක් සහ ලස්සන කවි පෙළක්... අපෙනුත් ලින්කුවක් දෙන්නම්... හමුවෙමු දිගට ම ..

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගි පවුර,

      බොහොම ස්තූතියි...;)

      Delete
  9. සෙනෙහසක අරවින්ද ඉපිද ගිය හද විලක,
    ගිරිහිසක හෙට දිනෙක නුඹ යළිත් හිඳීවිද??

    ReplyDelete
    Replies
    1. තුමුල ගිරිහිස වැළඳගත් මිහිසළු තුලින් නිවි නිවි දිලෙනා,
      විසුළ තරුකැට අතර සැඟවී සදා කල් ඔබ නමින් හිඳිනා,

      Delete
  10. මරු මරු... මෙයත් කවිකාරයෙක් එහෙනම්. ඇත්තට ම ලස්සණ යි. වෙලාවක ආය ඇවිත් කයියක් කොටල යන්නම්.

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      හෙහ්,හෙහ්, ඔය ඉඳ හිටල මොකවත් ලියවෙනව තමයි බං...ඒත් උඹල වගෙ බෑ අපට...:)

      අරිගතෝ දොයි මතෝ, තද ගූචි අබිසාකි!!!

      Delete
  11. සමුගැන්ම සුන්දරයි වගේම වේදානවයි කියනවනේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      සමුගැන්ම සුන්දරයි කියලත් කියනවද බං?......හෙහ්,හෙහ්,

      Delete
  12. අපුරු කවිය රවි අය්ය...
    කදු....????
    එයත් උදව් කලාද... එයා ලියන කවි නං පට්ට...
    ඔයා ලියපු එකක් කියෙව්ව මයි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      උඩහ සොඳුරුගෙ කමෙන්ට් එකට මම දීපු උත්තරේ කොටසක් ආයෙම දාන්නම්. එතන තියනව උඹේ ප්‍රන්නෙට උත්තරේ...:)

      / කඳුගෙ බ්ලොග් එකේ ඊයෙ දාල තිබ්බ කවියක් ඔය පින්තූරෙත් එක්ක. ඒ පින්තූරෙ දැක්ක ගමන් මට ඇති වෙච්චි හැඟීම තමයි ඔය අකුරු කලේ..සමුගැන්ම..../

      පලි- කවියක් දෙකක් ඔය ඉඳහිටල ලියනව ඉතිං...:)

      Delete
  13. ම්හ්... නෑ... කරවෙලාද කොහෙද මෙලෝ මල දානයක් ඔළුවට ගියේ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. නවම්,

      තෝ මේ දහ අට මාසෙකට පස්සෙ පස්සෙ හිටපු ගමං කුළු හරක ගම් වදිනව වගෙ ඇවිල්ල මෙව්ව තේරුම් ගන්න බෑ බොල..ටිකක් හෙමිහිට කියවපිය...හෙහ්,හෙහ්,

      පලි - අල්ලල දාපං බං ...ඔය කොයි කවිත් අන්තිමට බලාගෙන ගිහාම එකම තමයි..:)

      Delete
    2. හැබැටම අය්යේ පලවෙනි පාර කියෙව්වම ලස්සන වචන ටිකක්..ලස්සන පද ගැලපුමක් කියල හිතුණා ..එත් තේරුම් ගන්න දෙතුන් පාරක් කියවන්න උනා ..එත් එක කවියේ වැරද්දක් නෙමෙය්..නවම් කිව්වා වගේ අපේ ඔළුගෙඩි දැන් කරවෙලා..ක්ෂණික නූඩ්ල්ස් වගේ ඒවා විතරය් ඔලුවට යන්නේ.. :(

      Delete
    3. මෙකුවි,

      ගණං ගන්ට එපා බොලේ....එව්ව එහෙම තමයි...:)

      Delete
  14. ඉතින් මචං කවි කියවලා..ටිකක් වෙලා කල්පනා කරා. ටිකක් තේරුනා. ඉතුරු ටික කමෙන්ට්ස් වලින් තේරුම් ගත්තා.

    කවියක් හොඳ කවියක් වෙන්නේ බොහෝ දෙනෙකුට නොතේරෙන විදිහට ලිව්වාමද? :DDD අහුබුදු මහත්තයාගේ අරිෂ්ඨ නම් වගේ :D

    ReplyDelete
    Replies
    1. Aru,

      / කවියක් හොඳ කවියක් වෙන්නේ බොහෝ දෙනෙකුට නොතේරෙන විදිහට ලිව්වාමද? :DDD /

      හෙහ්,හෙහ්..අඩේ බං එච්චරටම අමාරුද තේරුම් ගන්ට? මෙතන ඒ හැටි අමාරු අපබ්‍රංස වචන නෑනෙ බං...:)

      Delete
    2. හැක්...හැක්..උඹව ටිකක් අවුස්සගන්න කිව්වේ. මට තේරුනා අනිකුත් පැහැදිලි කිරීම් එක්ක.

      Delete
    3. අරූ,

      අහුබුදුහු ගැන කිව්වම .....උන්නැහැ ගැන තියනව මරු කතා ටිකක්..

      .උතුරෙ යුද්දෙ කාලෙ මෙහෙයුම් වලට නම් දැම්මෙ උන්නැහැනෙ...අර මෙහෙයුම ..මේ මෙහෙයුම කියල....ඉතින් ඔය උන්නැහැ හදල එවන නම් උච්චාරණය කරන්ට බෑ මේ ලෝකෙ යකෙකුට.ඒත් මෙහෙයුම පිටත් වෙන්ට කලිං ඔක්කොමල රැස්වෙලා ආගමික වතාවත් කරල අර මෙහෙයුමේ නම හත් වතාවක් ශබ්ද නගල කෑගහල කියල තමයි සුබ නැකතින් මෙහෙයුම ආරම්බ කරන්ට ඕන. ඒ කොන්දේසිය අනිවාර්යයි. අහුබුදු උන්නැහැ එහෙම Strictly කියලම තියනව.

      ඔන්න උදේ මෙහෙයුමට කලින් හමුදාව රැස් උනාය කියමුකො. ආගමික වතාවතුත් කලාය කියමුකො. ඊළඟට ඔන්න අර මෙහෙයුමේ නම හත් වතාවක් කියන එක. මම කිව්වනෙ කලින් මෙලොව යකෙකුට කියන්ට ඇහැක් වචන නෙවෙයි එව්ව කියල.

      බොහොම අමාරුවෙන් කට්ටිය එකතුවෙලා කටවල් අඹරවල එක පාරක් දෙපාරක් කිව්වය කියමු. ඔන්න ඒ අස්සෙ කොටි වට කරල දෙනව ඇටෑක් එක.ඒත් ආමි එකට ප්‍රති ප්‍රහාර එල්ල කරන්ට තහනම්. එකක් අර මෙහෙයුමේ නම හරියට හත් පාරක් කියන්න ඕන. අනික සුබ මොහොත උදාවෙනකල් ඉන්ට ඕන. ඔය වැඩේ හින්ද ඒ කාලෙ මෙහෙයුම් බහුතරයක් අසාර්තක උනා කියල තමයි විස්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අපට දැනගන්නට ලැබුනෙ. පස්සෙ උන්නැහැගෙං නම් අහගන්න එක අතෑරල දැම්මලු ආණ්ඩුව.

      Delete
    4. මම ඔය කතාව අහලා තිබුනාට ඇත්ත කියලා හිතුවේ නැහැ. අහුබුදු පුතා මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කලා. ආශුබෝධ කියන වාසගම තමයි පාවිච්චි කලේ. නියම පොර බන්. අපි සෙට්වෙනවා නියමෙට.

      Delete
    5. යස් ආරියසේන ආශුබෝධ - අරීසෙන් අහුබුදු ඒ වගේම තව එක්කෙනක් අලවුඉසි සැබිහෙළ = ඇලෝසියස් *******

      Delete
    6. ඇලෝසියස් ***** නෙවෙයි බං... අලවුඉසි සැබිහෙල කියලා හෙලයට පෙරළුනේ 'සාබියෙල් අල්විස්'...

      Delete
    7. මචංස්ලා.....අල්විස් සැමුවෙල් නේද?

      Delete
    8. බුරා.......බුරාලාගේ කෙම්ස්ට්‍රි සර්ගේ පියා නේද...සුරබියල් අල්විස්...? මම කකාගේ පරණ පෝස්ට් එකක කමෙන්ට්ස්වල දැක්කා. ඉන්දික, වෙදනා ඒ බව කියා තිබුනා.

      Delete
    9. යේෂ් යේෂ්! දෙව්රුවන් අල්විස් හෙවත් කටවහරේ 'දෙයියා'.. අපේ කෙමිස්ට්‍රි ටියුෂන් ගුරු පියාණෝ..

      අලවුඉසි සැබිහෙල නැතිවුනෙත් ඔය අපි ටියුෂන් යන කාලෙ තමා.. ඒකෙන් තමා අපිත් දැනගත්තෙ පොර දෙයියගෙ තාත්තා කියලා..

      ps: අන්තිම කාලෙ මං තව කෙමිස්ට්‍රි රිවිෂන් ක්ලාස් එකකට ගියා, මහරගම වත්තෙගෙදර පාරෙ.. රන්ජන් ද සිල්වා හෙවත් 'ප්ලස් ප්ලස්'.. පොරත් මාර ජොලි බුවා.. :-D

      Delete
    10. රන්ජන්ගේ මල්ලි සුසිරන් ද සිල්වා ටෙලි නාට්‍ය ඩිරෙක්ටර්. අනිත් මල්ලි ශ්‍රීවන්,අපිත් එක්ක වල බැස්සා. රන්ජන් හිටියේ රොස්මිඩ් ප්ලේස් එකේ. මරු ප්ලේස් එක. පොඩි වත්තක්. එතකොටත් කෙමිස්ට්‍රි ටියුෂන්.

      මේ ගොල්ලන්ගේ තාත්තා තමයි උපහාස කතා සක්විති නම්වූ ටී.ජී.ද ඩබ්ලිව් සිල්වා නම් ප්‍රවීන කතුවරයා. රන්ජන් ගාව තියෙනවා කාටත් නොදෙවෙනි ග්‍රැමෆෝන් තැටි එකතුවක්.

      Delete
    11. භගලවතී ඉස්කෝලෙ හාමිනේ ගැන කතා ලිව්වෙ ඔය ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා මහත්මයා...

      Delete
    12. සුසිරන්ගෙ ටෙලිනාට්‍යවලට කතාව ලිවුවෙ රන්ජන්..

      Delete
    13. ඕ යේස්! ඉයුජින් එමලිනා බගලවතී ඉස්කෝලෙ හාමිනේ.. :-)

      Delete
    14. බගලවතී ඉස්කෝලෙ හාමිනේ මරු මරු වැඩ කරනවා..

      එක පාරක් එයා පිහිටුවා ගන්නවා දේශපාලන පක්ෂයක්, ඡන්දෙ කිට්ටුවෙලා.. ඒකෙ නම 'අවංක අවිවාහක වනිතා පක්ෂය'.. ඕකට බඳවගන්නෙ අවිවාහක තරුණියන් විතරයි.. මේක අවංක වෙන්නෙ එයා කියන විදියට අනිත් පක්ෂවලින් ඉටුකරන්ට බැරි පොරොන්දු දුන්නට එයාගෙ පක්ෂෙන් එහෙම කරන්නෙ නැති හන්දා.. මොකක්ද එයාගෙ ඡන්ද පොරොන්දුව, "එයා දින්නොත් රටේ ඕනෑම පිරිමියෙකුට කැමැති අවස්ථාවකදී එයාගෙ පක්ෂයේ තරුණියක් අල්ලලා සිපගන්ට ඉඩදෙනවා" කියන එකයි..

      බගලවතී ඡන්ද රැස්වීම්වලට යන්නෙත් අමුතුම විදියට.. පක්ෂෙ කෙල්ලො සීගිරි ලියන් වගේ රෙදිපටකින් උඩ කෑල්ල වහගෙන ලී කෙලි නට නටා තමා මෙයාව රැස්වීම්වලට එක්කං යන්නෙ.. සෙනග එනවා සූ ගාලා.. රටම අන්දොස්.. අනිත් පක්ෂවල සාමාජිකයො හිටු කියලා අයින් වෙනවා.. "අපේ නායකතුමාට කොන්ද පණ නෑ" කියයි, "අ‍පේ නායකතුමාගෙ ප්‍රතිපත්ති හරි නෑ" කියයි, ඔය වගේ එක එක හේතු දාලා.. අන්තිමේදී අගමැතිතුමාට සිද්ධවෙනවා ඡන්දෙ කැන්සල් කරන්ට..

      Delete
    15. බූරා,

      ටී.ජී.ඩබ්ලිව්. ගෙ තව හිටිය කට්ටිය..මහාචාර්ය ඔල්මොරොන්දං එහෙම...රට ඇවිල්ල කාකද්වීපය...කොකරෝඩියා විශ්ව විද්‍යාලය තිබ්බෙත් එහෙ තමයි.එතුමා හොල්මන් කතාත් ලිව්ව වගෙ මතකයි මට...

      Delete
    16. Aru,

      / අහුබුදු පුතා මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කලා. /

      ෆේමස් තාත්තලගෙ පුත්තු ගැන කියනකොට මතක් උනේ....

      76,77 වගෙ රෝයල් ඕපනිං බෝලර් හිටිය උඹට මතකද අනුදත්ත ඩයස් කියල?

      Delete
    17. රවී......මට යාන්තම් වගේ මතකයි. මේ චිත්‍රසේන-වජිරාගේ පුතා නේද?

      Delete
    18. Aru,

      අන්න හරි බං...අනුදත්ත ඩයස් යනු වජිරා-චිත්‍රසේන යුවලගෙ පුතා...මාර ෆාස්ට් බෝලර්…

      රෝයල්-නාලන්ද මැච් එක මට මතක විදිහට 77-78 කාලෙ ගැහුවෙ නෑ. මොකක් හරි කලින් ගිය කචල් එකක් නිසා වෙන්න ඕන. එතකොට ආනන්දෙට ග්‍රවුන්ඩ් එකක් නෑ. උංගෙ හෝම් මැචස් ගැහුවෙ නාලන්ද ග්‍රවුන්ඩ් එකේ..කැම්බල් ප්ලේස්...රෝයල්-ආනන්ද මැච් එකේ මට මතකයි අනුදත්ත බෝල් කරා යකා වගෙ....සුදත් පැස්කුවල්, මඩුගල්ල, සල්ඩීන්, එහෙම හිටිය ඒ ටීම් එකේ. කැප්ටන් අශෝක් ජයවික්‍රම වගෙ මතක.

      Delete
    19. රවී....76-සල්ඩින් 77-අශෝක් ජයවික්‍රම 78-මඩුගල්ල

      ඉස්සර ජූනියර් මැචස්වලදි සුදත් පැස්කුවෙල්ට බෝල් කරන්න දෙන්නේ නැහැ, පොඩි ඉස්කෝලවල ටීම්ස් ආපුවහම. මූ එච්චර ෆාස්ට්. බැට් කරලා ටික වෙලාවකින් රිටයර් කරනවා. බැටිනුත් එහෙමයි. තව හිටිය බෝල සරා කියලා එකෙක්. කොලෙජ් එකට ආවේ නැහැ විභාග ෆේල් වෙලා.

      Delete
  15. ලින්ක් එක දාලා තියෙන්නේ මම. දැන් දන්නවා ලින්ක් දාන්න. හැබැයි ඒක කාටවත් පේනවාද?

    ReplyDelete
    Replies
    1. ලින්ස් එක වැඩ අරූ.. උඹත් දිනෙන් දින දියුණු වෙනවා.. සන්තෝසයි! :-)

      Delete
    2. Aru,

      අම්මට උඩු..අලි ******, අපි මැරෙනව වඳුර කියන්නේ...අලි ***** අපි මැරෙනව වඳුර කියන්නේ....හෙහ්,හෙහ්....

      අරූ දැන් බොහොම දියුණුයි ඈ...වරේවා..වරේවා..ෂබාෂ්..ෂබාෂ්...මම උඹට එහා බං..අපි ඇවිල්ල B.B.C. කට්ටියනෙ බං නැද්ද? Born Before Computers

      Delete
  16. //පුල් අහස// කියන්නේ මොකක්ද රවීයියේ...?

    සිතුවම නම් හරිම අපුරුයි,කවි ටිකත් ඒ වගේමයි.

    සමුගත්තු මොහොතේ
    සිප ගත්තු දෙතොල් පෙති
    නොකිව් ඒ රහස
    කියයි හදවතට ලංවී....

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      පුල් කියන්නෙ පිරුණු , පිපුණු, විකසිත වුනු කියල තේරුම් කීපයක් දෙන වචනයක්...

      තෑන්ක්යූ සෝ මච් මනෝජ්...

      Delete
  17. //නෙත දිලුනු විදුලි සර හදරිදුම්දුනි එසැන, //
    එතන මට වෙනස් විදියට දැනුනා... ලස්සනයි.... ගොඩක් කාලෙකට පස්සේ සඳැස් හොඳ කවියක් දැක්කේ

    ReplyDelete
    Replies
    1. උපේක්සා,

      ඔය බං කරන්ට් වැදිච්චි සීන් කෝන් එකක් ගැන නෙව කියන්නෙ...අපෙ තිබ්බ කිං වළගම්බා කාලෙ හිටර් එකක්. මම මුලින්ම පුරාවිද්‍යාවට සම්බන්ධ ආයතනයක වැඩ කලානෙ. ඒ දවස්වල ඔය කැණීමකින් හොයාගත්තු එකක්. ඔය පෞරාණික කෞතුක වස්තුවෙං වතුර උණු කරන්ට ගිහාම අනිවාර්යයෙන් අපි දෙන්නගෙං එක්කෙනෙකුට ෂොක් එක වදිනව..මයිල්ඩ් සොක් එකක් වදින එකෙත් පොඩි ආතල් එකක් තියනව. පෙන් ටෝච් බැට් රි කෑල්ලක් වයර් දෙකකට අමුණල ඔය තැං තැං වලට තියාගෙන බලපං මම කියන්නෙ බොරුද කියල...හෙහ්,හෙහ්,

      Thank You Madam!!!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...