Friday, July 4, 2014

267. විමලෙගෙ වාංපතුල් කතා 14 - ස්පිල් කුම් කෝස්වේ, තන්තෝසෙ සහ කාන්තිගේ කතාව.

අනුරාධපුර නුවර වැව පිටවාන - Google Images

කේබියගෙ ගර්ත් මැනිල්ලෙ කතාව ඔන්න එතනිං ඉවරයි. පිළිස්සූ කුකුළගෙ විස්තරේ කියන්ට ඉස්සරවෙලා ඉන්ටකො එහෙනං කේබී ගැන තව එක කතාවක් විතරක් කියල ඉන්නං. මේක ඇවිල්ල මේ වැව් සම්බන්ද කතාවක්. 

ඔය වැව්වල තියෙනව නොයෙක් උපාංග. රජකාලෙ බිසෝකොටුව කියල කියපු එකට දැන් කියන්නෙ හොරොව්ව. වැවෙන් පෝෂණය වෙන කුඹුරු වලට වතුර නිකුත් කරන්නෙ ඔය හොරොව්වෙන්. ඉංග්‍රීසියෙන් කියන්නෙ Sluice. තව තියනව වැව්වල පිටවාන කියල එකක්. මහ වරුසාව කාලෙට වැවේ කට මට්ටං වතුර පිරිල වැව් බැම්මට උඩිං උතුරල යන්ට ගියොත් බැම්ම හේදිල වැව කඩාගෙන ගිහිල්ල මහ විනාසයක් වෙන්ට පුලුවන්.

ඔය එක පාරක් කන්තලේ වැව් බැම්ම කඩාගෙන ගියේ. ඒ නම් මට මතක දාරානිපාත විදිහට වැස්සක් හින්ද නෙවෙයි.ඒ ඛේදවාචකයට හරියටම හේතුවක් කවුරුවත් කිව්වෙ නෑ. වැවෙන් වතුර ගන්න ඉන්ටේක් එකක් වැව් බැම්ම උඩ හදන්ට පොළව විදපු පාර වැව් බැම්මෙ ශක්තිය අඩුවෙලා ගිහිල්ල හරියටම එතනිං කඩාගෙන ගියා කියල තමයි කටකතා පැතිරුනෙ. ඒ වැඩේ වෙලා පහුවදාම මම ගියා කන්තලේ. මොකද මගෙ අතිජාත මිත්‍රයෙක්ගෙ ගෙවල් කන්තලේ. උංට මොකද වෙලා තියෙන්නෙ කියල බලන්ට ඕන නිසයි මම තකහනියක් ගියේ. දෙයියංගෙ පිහිටෙං කරදරයක් මොකවත් වෙලා තිබ්බෙ නෑ.

රයිට් ආපහු එමු කේබිය සහ වැව් සම්බන්ද කතාවට. ඒ දවස්වල අපි වැඩ කරපු හරිය කිට්ටුවම මහ දඩ සයිස් වැවක් හදන්ට සැලසුම් කරල තිබ්බ, ඒකෙ වැඩ කටයුතු බාර උනේ අපිට. ඉතිං ඔය මහ බංගසාල වැවේ ඩ්‍රෝයිංග්ස් ඔක්කොම ඔන්න ගෙනාව අපෙ ඔෆිස් එකට. මේ වැඩේ බාර උනේ අපේ කේබියට.

ලොක්ක දවසක හවස කේබියට කතා කරල කිව්වලු මෙහෙම. ……

" කිරිබණ්ඩා, මෙතන තියනව රන්දියවර වැවේ ඩ්‍රෝයිංග්ස් ඔක්කොම. මේ ටික අරගෙන ගිහිල්ල හොඳට ස්ටඩි කරන්න ඕන. මේක ටිකක් සීරියස් වැඩක්. මොකද රන්දියවර වැව තමයි මේ ප්‍රොජෙක්ට් එකේ හැදෙන ලොකුම වැව. ඒ නිසා ගිහිල්ල ඩ්‍රෝයිංග්ස් හොඳට ස්ටඩි කරල මොකවත් ප්‍රශ්නයක් තියේනම් මට කියන්න..තේරුණාද? "

" ඕ. කේ බොස් "


කේබී එහෙම කියල ඩ්‍රෝයිංස් මිටියත් කිහිල්ලෙ ගහගෙන ආව අපෙ ක්වාටර්ස් එකට. හවස තේ බීපු වෙලාවෙ ඉඳල සාලෙ කෑම මේසෙ අර ඩ්‍රෝයිංග්ස් දිග ඇරගෙන එව්වට එබීගෙන ඉන්නව. මේසෙං එකයි, A1 සයිස් එව්වනෙ…....A1 කියන්නෙ සාමාන්‍යයෙන් අඩි 2 x අඩි 3 සයිස්.

" මොනවද බං ඔය? …." විමලෙය හවස වොෂ් එකක් දාල උගෙ ෆ්‍රෙන්ඩ්ෂිප් තුවායෙන් ඇඟ පිහ පිහ සාලෙට එන ගමන් ඇහුව.

" මේ රන්දියවර වැවේ ඩ්‍රෝයිංග්ස්...ලොක්ක මට කිව්ව මෙව්ව ස්ටඩි කරන්නෙයි කියල. "

" ආ.එහෙමද? මල්ලි නොදන්න දෙයක් තියේනම් අහපං…"
විමලෙය එහෙම කියල උගෙ කාමරේට ගියා.

කෑම මේසෙ උඩ දිග ඇරපු ඩ්‍රෝයිංග්ස් වාට ඔලුව නමාගෙන හිටපු කේබිය ඔලුව උස්සල විමලෙය කාමරේට යන දිහාවෙ රවාගෙන හිටිය. ඒ කරල මොනවද හෙමිහිට තොල මතුරනවත් මට ඇහුන. මම කලිනුත් කිව්වෙ ඕක ඔය එක ජාතියක මනුස්සයෙක් කියල. තමන් නොදන්නව කියල පිළිඅරගෙන දන්න කෙනෙක් ගෙන් මොකවත් අහගන්ට එහෙම කැමතිම නෑ.හිතාගෙන ඉන්නෙ සියල්ල දත් කියලයි.

වෙනද කේබියත් අපි එක්ක පොඩිවට එකක් ගන්නව.

" අද බෑ. මේ ඩ්‍රෝයිංස් ටික ස්ටඩි කරන්ට තියනව. "

මචං පොඩි එකක් ගන්නවද? විමලෙ ඇහුවම ඔලුවවත් උස්සන්නෙ නැතුව කේබිය කිව්ව. විමලෙ ඌ දිහා බලල ඉඟි මරල එකක් වක්කර ගත්ත.

පහුවදා උදේ ඩ්‍රෝයිං මිටියත් කිහිල්ලෙ ගහගෙන කේබිය ගියා ඔෆිස් එකට. හවස හතට වගෙ ඔන්න මම ටීටී පාරකුත් එහෙම ගහල ඉහිං කනිං දාඩිය දාගෙන එනව ක්වාටර්ස් එකට.

" ෂ්ෂ්ෂ් මේ...."

වසන්තිලගෙ ක්වාටර්ස් එක පහුකරද්දි එහෙම ඇහුනම මම නැවතිල හැරිල බැලුව. වසන්ති ඉන්නව එයාලගෙ මිදුලෙ මයිල ගහ යට. වසන්ති මතකනෙ නේද? ඔබ එදානම් සඳ වගේමැයි!!!!!

" මොකද බං? ෂූ ෂූ ගාන්නෙ...උඹේ කොහෙං හරි හුලං යනවද? " මම වසන්ති දිහාට යනිං ගමන ඇහුව.

" මගෙ කොහෙවත් හුළං යන එකක් නෑ. ආ..උඹට එපානං නිකං ඉඳහං…"

" මොකද්ද බං? "

" අද උදේ ඔෆීස් එකේ වෙච්චි එකක්…"


ඔෆිස් එකේ වෙන ආතල් කේස් ද සීන් ද ඔක්කොම ඕකි මා දැක්ක කියනව. කට අඹරවල ඇස් දෙකත් ලොකු කරගෙන එව්ව කියන විදිහ තමයි බලා ඉන්ට අපූරුව. හෙහ්, හෙහ්,

" හරි හරි බං ඉතිං ....කියහංකො…"

" කේබී අයිය......"


හෙහ්,හෙහ් කේබිය ගැන කියනකොටත් මට හිනා....

" මම දන්නව ඕක මොකද කරන්ට ඇත්තෙ කියල ...අර මාගල් වගෙ ඩ්‍රෝයිං කැටියත් අරගෙන ඇවිල්ල උඹේ මේසෙ උඩ දිගඇරගෙන එව්ව ඉස්ටඩි කොලාද? හෙහ්,හෙහ්, "

" හිහ්, එහෙම කලානම් තව බැරිය...."


එහෙම කියල වසන්ති තොල් හපාගෙන මා දිහා බලා හිටිය. ඕකි හොඳටම දන්නව මාව අවුස්සන්ට..

" ඉතිං කියාපංකො අගේ කරන්නෙ නැතුව…" මම බැරිම තැන කිව්ව.

ආ..ඊට කලින් තව එකක් කියන්න තියනව. මම කලින් කිව්වනෙ ඔය වැව්වල වැඩිපුර වතුර අයින් කරන්ට පිටවාන කියල එකක් හදනවය කියල. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Spill කියල.

සමහර වෙලාවට ඔය ස්පිල් එක උඩින් වාහන එහෙම යන්ට පුලුවන් විදිහට පළල්වට හදනව. එහෙම වාහන යන්ට කළුගලෙන් බැඳල හරි කොන්ක්‍රීට් දාල හරි හදන නිර්මිතයට කියන්නෙ Causeway කියල. සිංහලෙන් සපත්තු පාලම ..සමහර ඔය ඌව පළාතෙ වගෙ ඒකට ගිණිපෙට්ටි පාළම කියලත් කියනව.ඔය සපත්තු පාළං බහුලව හම්බවෙනව නැගෙනහිර පළාතෙ සහ ඌව පළාතෙ.පාර හරහා යන පොඩි ඇළක් වගෙ දියපාරකට, සාමාන්‍ය ක්‍රමේට පාළමක් ඉදිනොකර ඇළ මට්ටමට පාර පහත් කරල සපත්තු පාලමක් හදනව. වැහි කාලෙට පාර උඩින් වතුර යන්නෙ. වාහන වතුර පාර හරහ ගිහිල්ල එගොඩ වෙන්ට ඕන. පයින් යන මිනිස්සුන්ට සපත්තු ගලවල කලිසම් සාරි නවාගෙන අනික් පැත්තට යන්ට වෙනව. ඔව්වට සපත්තු පාළංය කියල කියන්නෙ ඔය හින්දවත්ද අනේ මන්ද...

වැවක ඔය පිටවානෙ සහ සපත්තු පාළමෙන් කෙරෙන කර්තව්‍යයන් දෙකම එකපාරම කෙරෙන නිර්මිතයට කියන්නෙ Spill cum causeway කියල.Business cum pleasure, Kitchen cum dinning area …..එහෙම කියනව. යම් කාර්යයන් දෙකක් එකට සම්බන්ධ කරන්ට Cum කියන වචනෙ යෙදෙනව.

" මිස්ට රාජපක්ෂ ඔෆිස් එකට එනකොටම දැක්ක කේබී අයිය ඩ්‍රෝයිං ගොඩත් කිහිල්ලෙ ගහගෙන ඉන්නව. "

ආ..කිරි බණ්ඩ..එන්ඩකො මෙහාට කියාගෙන කාමරේට ගියා. කේබී අයියත් ඒ පස්සෙන්ම ගියා.

මට ඇහුණ ඊට පස්සෙ අහනව ආ කිරිබණ්ඩ දැන් කොහොමද? මම ඊයෙ කියපු විදිහට ඩ්‍රෝයිංස් ස්ටඩි කලාද? කියල.

ඉතිං?

ඉතිං කේබී අයිය කිව්ව. ඔව් බොස් කියල.

ඊට පස්සෙ ලොක්ක අහපි මොකවත් ප්‍රශ්ණ එහෙම නැහැනෙ….

බොස් වෙනනම් අවුලක් නෑ ඒත්…

ඔව් කිරිබණ්ඩ මොකද ඒත්? ප්‍රශ්ණයක් නම් බය නැතුව කියන්න...

නෑ බොස් මේ…

මම කිව්වනෙ කිරිබණ්ඩ..ප්‍රශ්නයක් නම් කියන්න.

බොස් මේ ස්පිල් එකත් අවුලක් නෑ..කෝස්වේඑකත් හරි. ඒත් මේ කුම් එක තමයි අවුල...කොටින්ම මට කුම් එක තියෙන්නෙ කොහෙද කියලවත් හොයාගන්ට බැරිඋනා.

කේබී අයිය වටපිට බලලල මිස්ට රාජපක්ස දිහාට නැමුණ. හැබෑටම කොතනද බොස් ඔය කුම් එක තියෙන්නෙ? ඔහොම ඇහුවනෙ ඔය මනුස්සය.

වසන්ති හක හක ගල හිනාඋනා. මටත් නේද? කඳුළු පනිනකල් හිනා!!!....ස්පිල් එකත් හරි කෝස්වේ එකත් හරි ඒත් මේ කුම් එක තමයි අවුල...හෙහ්,හෙහ්,

අර කට කන්ට තනන කතාව කිව්වම තව ඔය වගෙම සීන් එකක් තියනව..එක්කො ඒකත් කියලම ඉමුකො. අපෙ විමලෙ අයියගෙ අම්මයෙ මල්ලිගෙ දුව ගැනයි මේ කතාව. නම කාන්ති....මහ මරුමුස් කෙල්ලෙක්ලු ඒකි.ගස් නගිනවලු..මදු ගහල හාවො මීමින්නො අල්ලනවලු. අය දෙයියන්නාන්සෙට උනත් කියන්ට තියනදේ මූණටම කියනවලු.හැම වාක්කියකම අගට ලු ලු කියල කිව්වෙ අපි ඔය විමලෙගෙ නෑනන්ඩි ඇහැටවත් දැකල එහෙම නෑ. ඔය විස්තර ඔක්කොම විමලෙ කියපුව.

අනේ බං මයෙ මාමයි නැන්දම්මයි හරිම හිතේ අමාරුවකිං ඉන්නෙ..මේ කෙල්ලට මොන කලක් යයිද කියල. ඒ දෙන්නට ඉන්නෙත් එකා යකා කියල ඔච්චරමයි. කාන්ති හොඳ රුව ඇති කෙල්ල. ඒත් ඒකිගෙ මරුමුස් ගති හින්ද කොල්ලො ඕකිගෙ අහලකටවත් කිට්ටු වෙන්නෙ නෑ.

විමලෙය දවසක් රෑට කාල එහෙම අපි මිදුලෙ මයිල ගහ යට රවුමට පුටු තියාන ඉඳගෙන ගමරට විස්තර , එක එකාගෙ පවුල්වල විස්තර කතා කරමින් ඉන්දැද්දි කිව්ව. උගෙ මූණෙ මහ බැරෑරුම් පෙනුමක් එවෙලෙ තිබ්බෙ. අපි කියල ඉතිං මක් කොරන්ටද? උගෙ කතාව අහගෙන උන්න තරු එක දෙක සුදුපාට වලාකුලු වලට මුවා වෙනව බලා ඉන්න ගමන්.

ඊට මාස තුන හතරක් ඔන්න පහුවෙන්ට ඇති. විමලය ගෙදර ගිහිල්ල ආවෙ ලොකු තන්තෝසෙකින්. සන්තෝසෙ කියන එකට තන්තෝසෙ කියලත් පෙලක් උදවිය කියනව. තන්තෝසෙ කිව්වම පොඩි කතාවක් මතක් උනා. ඒකත් කියලම ඉමුකො නැද්ද?

ඔන්න කෙල්ලෙක් සාලෙ සැටියෙ දිගාවෙලා පොතක් බලබල ඉන්නවලු.පොතේ තියන මොහොකට හරි කෙල්ලට හිනහයිලු. කෙල්ලගෙ අයියගෙ යාලුවෙක් ඔන්න ඔය වෙලාවෙ ගෙට ආවලු. කෙල්ල හිනාවෙනව දැකල ඇහුවලු ආ නංගී මොකෝ නිකං තන්තෝසෙ වගේ කියල.

කරුම වෙලාවට කෙල්ලගෙ අම්ම කොහෙද ඉඳල මෙතනට කඩාපාත් උනාලු. එහෙම තමයි යකෝ ඇලවෙලා ඉන්නකොට.නැතුව ආයෙ?.... මේ උඹ ආපු වැඩක් කරගෙන පලයං හරිද? ආව මෙතන තන්තෝසෙ ගැන කතා කරන්ට. අම්ම බෙරිහං දුන්නලු. අර ආපු කොල්ලට උතුර දකුණ මාරු උනාලු. මේ මොකක්ද යකෝ මේ කඩා පාත් උනේ කියල.වැඩේ කියන්නෙ ඒ කෙල්ල මැස්සො බීපු ගොයං ගහක් වගේ. හරිම කෙට්ටුයි. කතා කරන කතා කරන මඟුල හරියන්නෙ නෑ ඔය සීන් එක නිසා. කෙල්ලගෙ අම්ම ඔය හින්ද හෙන හිතේ අමාරුවෙන් ඉඳල තියෙන්නෙ.

ඉතිං විමලෙය ලොකු තන්තෝසේකින් ආවය කියල මම කිව්වනෙ.

මචං කාන්තිට මඟුලක් හරිගියා බං. වැඩි දුරකුත් නෑ. ඔන්නම් කිලෝ මීටර් හත අටක් ඇති අපෙ ගෙවල් වල ඉඳල. මනමාලය ඉස්පිරිතාලෙ වැඩ. ඇටන්ඩන් කෙනෙක්. ටිකක් සැරපරුස මනුස්සයෙක් වගෙයි පේන්නෙ. කාන්තිගෙ විස්තර අහල කිව්වලු ආ. මට ඔව්ව ගාණක් නෑ. මම එයාව හදා ගන්නං කියල. එක අතකට එහෙම වෙන එකත් හොඳයි බං . නැත්තං ලේසි වෙන එකක් නෑ ඕකිව ආංබාං කරන්ට.

ඊටත් මාසෙකට වගෙ පස්සෙ ඔන්න මඟුල තිබ්බ. විමලෙය දවස් තුනක්ද කොහෙද නිවාඩු දාල ගියා. ඊළඟ සඳුද හවස්වෙලා ඔන්න මූ ආපහු ආපි. මූණ එච්චර හොඳ නෑ. ඇවිල්ල ඇඟපත හෝදල කහට උගුරක් ගහනකල් මම මොකවත්ම ඇහුවෙ නෑ.

මොකෝ විමලෙ සීන් එක? උඹෙ මූණ හරි නෑ එච්චර. තේ බොනගමන් මම ඇහුව.

මාර කේස් එකනෙ බං...අර මාමටයි නැන්දම්මටයි ගිනි පත්තුවෙලා මිසක නැත්තං හිනාකාල පණයනව බං වෙච්ච වැඩේට?..හෙහ්,හෙහ්,

නෑ???..ඉතිං? මොකද උනේ?

කාන්ති නංගි කසාද බන්දල අපි කට්ටියම ගිහිල්ල මනමාලයගෙ ගෙදෙට්ට ඇරලුවනෙ. ආපහු ඇවිල්ල ඔන්න නෑදෑයො එයාලගෙ ගෙවල් වලට ගියා.මාමයි නැන්දම්මයි තනියම හින්ද මම රෑ එකොලහ දොලහ වෙනකල් එහෙට වෙලා කතා කර කර හිටිය. දෙන්න දෙමාල්ලො පුදුම සන්තෝසෙකින් ඔන්න හිටියෙ.අනේ බුදු පුතේ මගෙ පපුවෙ ඇවිලිච්චි ගින්දරේ තරම දන්නෙ මම විතරයි. නැන්දම්ම කීප පාරක්ම එහෙම කිව්ව.

හොඳටම රෑ උනා..මාමෙ මම එහෙනම් යන්ටයි කියල ...මම නැඟිට්ට.

පුතාට කහට උගුරක්වත් තනන්ටද? නැන්දම්ම එහෙම අහල නැඟිට්ට. හා..එහෙනං ඒකත් බීලම යමුකො..එහෙම කියල මචං මම ආයම වාඩිඋනා. ඒ එක්කම මිදුල පැත්තෙං ඔන්න බයිසිකල් බෙල් එකක් ඇහෙන්ට ගත්ත.

කවුද පුතේ මේ දෙගොඩ හරියෙ? මාම එහෙම කියල නැඟිට්ට. කවුද ඔය? නැන්දම්ම ඉස්සරහ දොර ගාවට ගිහිල්ල ඇහුව. අම්මණ්ඩි දොර අරින්ට..දෙයියෝ සාක්කි කෙල්ල නේද? නැන්දම්ම එහෙම කියල පොල්ල අහක් කරල දොර ඇරිය. මිදුලෙ හිටගෙන හිටියෙ කාන්ති නංගි..බයිසිකලේකුත් හේත්තු කරල තිබ්බ මිදුලෙ අරලිය ගහට. දෙයියෝ සාක්කි මොකද දුවේ මේ? නැන්දම්ම කම්මුලේ අත තියාගත්ත.

මට ඒ මිනිහ එක්ක ඉන්ට බෑ අම්මණ්ඩි එහෙම කියාගෙන කාන්ති ගෙට ආව. ආ..විමලෙ අයියත් ඉන්නවද? මට බෑ අයියෙ ඒ මිනිහ එක්ක ඉන්ට.මාම ගල් ගිල්ල වගෙ බලා හිටිය මිසක වචනයක් කතා කලේ නෑ.

ඒ මිනිහ හිතාගෙන ඉන්නෙ එයා කියන විදිහට මම ආණ්ඩු මට්ටුවෙයි කියල. එව්ව කොහෙද මාත් එක්ක. අම්මණ්ඩිල පිටත් උන වෙලාවෙ ඉඳල එයා මට එයාගෙ රැස් පෙන්නන්ට ගත්ත. මාව බයකරගන්ට හිතාගෙනද කොහෙද?

ඔක්කොමත් හරි උදේ ඉඳල තෙහෙට්ටුවට මට ඇඳට වැටුන ගමන් නින්ද ගියා.

එතකොට මනමාලය? මම ඇහුවෙ කටෙන් නෙවෙයි ඇස් දෙකෙන්..

ඒ මිනිහ යාලුවොත් එක්ක බිව්වද කොහෙද? මම එව්ව හොයන්ට ගියේ නෑ.මට යන්තමට නින්ද යාගෙන ආව විතරයි ගැස්සිල ඇහැරුනා. මෙන්න මේ මිනිහ පාත් වෙලා මගෙ කට කන්ට තනනව. මම මිනිහව තල්ලු කරල දාපු පාර විසිවෙල ගිහිල්ල බිත්තියෙ හැප්පිල වැටුන. ඒ පාර මිනිහ නැඟිටල මගෙ කම්මුලට ගැහුව. මගෙ අම්ම අප්පවත් මට මෙතෙක් කාලෙකට නිය පිටිං පාරක් ගහල නැති එකේ මේ කොහෙද යන එකෙක්ගෙං මම ගුටි කන්ට. කලුවරේම අතගානකොට අහු උනේ මයෙ හිතේ දොර පොල්ලද කොහෙද..ඒකෙං දෑත බදල දෙකයි දුන්නෙ උන්දැගෙ පිට මැද්දට..බුදු අම්මෝ කියාගෙන ඇදගෙන වැටුන බිත්තිය අයිනෙ තිබ්බ මේස කබලත් පෙරලාන. මම එහෙම්මම එළියට බැස්ස. කාගෙද සයිකලයක් හෙත්තු කරල තිබ්බ බිතක්කනේ. ඒකත් අරගෙන ආව එන්ට.

62 comments:

  1. Rasama rasai . Man palaweniya

    ReplyDelete
  2. Cum කියන එකේ හරි අදහස මමත් තේරුම් ගත්තේ අදනේ.. හෙහ් හෙහ් තන්තොසේ බැරුවා උදේ පාන්දර මේ කතා ටික කියෙව්වම.

    රවී අයියගේ අත්දැකීම් නම් මරු.. කිරි බණ්ඩා, විමලේ තාම ඉන්නවද? කාන්ති ව ආපහු යැව්වද..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / කිරි බණ්ඩා, විමලේ තාම ඉන්නවද? /

      ඔය මම කියන කාලෙ මලේ මොබයිල් ෆෝන් යුගයට ඉස්සර...මොබයිල් තියා අපෙ එකෙක්ගෙවත් ගෙවල් වලට ලෑන්ඩ් ෆෝන් එකක්වත් තිබුනෙ නෑ. ඒ නිසා වෙන්නෙ අනිවාර්යයෙන්ම ඒ ප්‍රොජෙක්ට් එකෙන් ස්ථාන මාරුවක් ලැබිල වෙන තැනකට ගිහාම සබඳතා ඔක්කොම බිඳ වැටෙනව. විමලෙ සහ කිරිබණ්ඩටත් උනේ ඒක. දැන් කොහෙ ඉන්නවද මොනව කරනවද නොදනිමි. මම තාමත් එදා වගේම ආශ්‍රය කරන එවුන්ට හත් අට පාරක් කිව්ව කොහොම හරි එවුන්ගෙ ටෙලිෆෝන් නොම්මරයක්වත් හොයල දෙන්නෙයි කියල.. තවම නෑ.

      / කාන්ති ව ආපහු යැව්වද.. /

      අපොයි නෑ. විමලෙගෙ මාමයි නැන්දයි දෙන්නම කිව්වලු " දුවේ..උඹට අපි හොඳක් කරන්නයි හැදුවෙ අපිට තේරෙන විදිහට. ඒත් උඹට බෑය කියල හිතෙනවනං ඔන්න ඔහෙ ගෙදර ඉඳහං , අපි වෙන මොකක් හරි බලමු ඒත් උඹ කැමතිනං විතරයි " කියල

      ඒත් ඒ කේස් එකෙන් පස්සෙ කාන්ති සෑහෙන්න වෙනස් උනයි කියල විමලෙ අපි එක්ක කිව්ව. කෙල්ල පුදුම විදිහට තැන්පත් උනාලු. ඒත් අර කසාදෙනම් හරිගියෙ නෑ. ඒක දෙගොල්ලගෙම කැමැත්තෙන් කටුගාල දැම්මලු. කාන්තිට ඊට පස්සෙ මොකක් උනාද කියල දන්නෙ නම් නෑ පැතුම්..මොකද ඒ කිට්ටුවම මම වෙන ඔෆිස් එහෙකට මාරුවෙලා ගිය හින්ද. ආයම විමලය හම්බ වෙච්චි දවසක තමයි අහගන්න වෙන්නෙ කාන්තිට මොකද උනේ කියල.

      Delete
  3. අන්න නියම කෙල්ලෝ ..........ඔහොම 10ක් හිටියනම් ඇති මේ රට ඓස්චර්යක් කරන්න ඇත්තමයි...............

    දැන් බලන්න එතැනින්ම ඉවරනෙ ඉතින් ගෘහස්ත හින්සනේ.......හෙහ් හෙහ්

    අපරාදේ රවී අයියට තිබ්බේ කාන්තිව බැදගන්න .....එහෙම උනානම් කොහොමට තියෙයිද

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / අන්න නියම කෙල්ලෝ ..........ඔහොම 10ක් හිටියනම් ඇති මේ රට ඓස්චර්යක් කරන්න ඇත්තමයි............... /

      ඉතිං උඹටත් එහෙම කරන්න නෙව තිබ්බෙ. එහෙම කලානං තව අටයි අඩු...:)

      / දැන් බලන්න එතැනින්ම ඉවරනෙ ඉතින් ගෘහස්ත හින්සනේ.......හෙහ් හෙහ් /

      ගෘහස්ත හිංසනේ ඉවර වෙන්නෙ කොහොමද බං? දොර පොල්ලකිං අර මිනිහගෙ කොන්දට පතබාන එකට කියන්නෙ එතකොට පතිබක්තිය ප්‍රකාස කිරීම වෙන්න ඇති නේද? හරි, ඒ මිනිහ වැරදියි තමයි, ඒත් බං ඕකට දොර පොල්ලෙං තඩි බාන්ඩම ඕනද? ...හෙහ්,හෙහ්,

      / අපරාදේ රවී අයියට තිබ්බේ කාන්තිව බැදගන්න .....එහෙම උනානම් කොහොමට තියෙයිද /

      දෙයියම්පල්ල...විමලෙය නැති තැන මගෙ යාලුවො කිව්වත් ඔය කතාව...හෙහ්, හෙහ්, උඹට තමයි කාන්ති හරියන්නෙ කියල. මදු ගහල හාවො මීමින්නො අල්ලන සීන් එකහින්ද මගෙත් පොඩි කැමැත්තක් තිබ්බෙ නැතුවම නෙවෙයි. මොකෝ හාව මීමින්න කියන්නෙ බයිට් එකට දෙයියො. ඒත් ඔය දොර පොලු හරඹ වලට නම් මගෙ එහෙමට මනාපයක් තිබ්බෙම නෑ ඔන්න. හෙහ්,හෙහ්,

      Delete
  4. මේ කථා අහනකොටනම් මාවත් නිකංම අතීතයට ඇදිලා යනවා.
    අගනගරේ කන්තෝරුවලට හිරවෙච්ච අයට මෙහෙම අත්දැකීම් කොයි ?

    ReplyDelete
    Replies
    1. පෙදරේරු,

      ස්තූතියි පෙදරේරු, ඇත්ත ඒ අත්දැකීම් නම් වටිනව නොසෑහෙන්ඩ...:)

      Delete
  5. මේක හරියට ෆෝල්ඩර් සබ් ෆෝල්ඩර් ඇරල ආපහු වහගෙන යනව වගේ ‍වැඩක්නෙ.
    ඔය වගේ ස්පිල් එකක් වෙන්න ඇති අර උඩවලවෙත් පාර දිගට කොන්ක්‍රීට් කරල තියෙන්නෙ.

    කාන්තිනං එකෙක් දෙන්නෙක් බාවල තමයි නතර වෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. "මේක හරියට ෆෝල්ඩර් සබ් ෆෝල්ඩර් ඇරල ආපහු වහගෙන යනව වගේ ‍වැඩක්නෙ" දවසේ කියමන.. මෙයාගෙයි,හැලප කතා වලටයි නියමෙට ගැලපෙනවා.. :D

      Delete
    2. Praසන්ன,

      / මේක හරියට ෆෝල්ඩර් සබ් ෆෝල්ඩර් ඇරල ආපහු වහගෙන යනව වගේ ‍වැඩක්නෙ. /

      හෙහ්, හෙහ්, හැබැයි ඇරපු ෆෝල්ඩර්, සබ් ෆෝල්ඩර් ඔක්කොම අනිවා ආපහු වහනව :)

      / ඔය වගේ ස්පිල් එකක් වෙන්න ඇති අර උඩවලවෙත් පාර දිගට කොන්ක්‍රීට් කරල තියෙන්නෙ. /

      අන්න හරි උඩවළව ජලාශයෙ කණ්ඩිය උඩින් තිස්ස දිහාවට යද්දි මුණගැහෙන්නෙ ස්පිල් කුම් කෝස්වේ එකක් තමයි. සිංහලෙන් නම් පිටවාන් සපත්තු පාළම.

      / කාන්තිනං එකෙක් දෙන්නෙක් බාවල තමයි නතර වෙන්න ඇත්තෙ. /

      ඊට පස්සෙ මට හරි හමං විස්තරයක් දැනගන්ට ලැබුනෙ නම් නෑ ඒත් එයින් පස් සෙ කෙල්ල බොහොම නිව්ටල් උනාය කියල තමයි ආරංචිය...:)

      Delete
  6. @Sacheera
    මල්ලි.. ඓශ්චර්ය කියල සිංහල වචනයක් නැහැ..
    එක්කෝ ඓශ්වර්ය..
    නැතිනම් ආශ්චර්යය...
    අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්.
    අර හින්දි නිළියටත් මෙහෙ සමහරු කියන්නෙ "ඓශ්චර්යා" කියලනෙ. අර සින්දුවකත් තියෙන්නෙ...
    හර්ෂ

    ReplyDelete
  7. ඇමරිකන් කාරයො නං cum කියන්නෙ .....

    ReplyDelete
    Replies
    1. ඊට ගොඩක් ඉස්සෙල්ල දොරපොල්ලෙන් ගැහුවනෙ, රාජ්

      Delete
    2. ප්‍රා ජේ, මම තාම හිනා වෙනවා!

      Delete
    3. Raj & Pra-jay,

      දොර පොල්ලෙං පිට මැද්දෑවට දඩෝං ගල පත බෑ උනාමත් Cum වෙන්ට පුලුවන්. It's called Masochism.

      Delete
    4. රවී... Masochism ගැනත් පෝස්ට් එකක් ලිව්වොත් නරකද :D

      Delete
    5. එකෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා ලේ පෙරාගෙන පාර අයිනේ වැටිලා ඉන්නකොට එතන හිටපු පොලිස් කාරයා පොරගේ පර්ස් එක අරන් බලලා මේකගේ අනන්‍යතාවය තහවුරු කරගන්න. පර්ස් එකේ අර එහා මෙහා පේන ප්ලාස්ටික් එක පිටිපස්සේ තියෙනවලු මැසේජ් එකක් මෙහෙම. I am a masochist. In case if an accident, please wait 5 minutes before calling an ambulance.

      Delete
    6. නියම කතාව හෙන්රි, තෑන්ක්ස්!!

      Delete
  8. කාන්තිගේ කතාවනං සුපිරියි මචං හිනා කාල පනගියා.ඔය කෝස්වේ කියන වචනෙ හිංගලෙන් කිව්වෙ දවසක් බදුල්ලේදී පොලිසියෙ රාළහාමි කෙනෙක්.ස්ප්‍රිංවැලි වල කෝස්වේ එකට ඔහු කිව්වෙ ස්ප්‍රිංවැල්ලෙ කෝසුව කියලයි.තව බොහොම දුර්ලභ වචනයක් උඹ පාවිච්චි කරලා තියෙනවා දැන් ඕව කියවෙන්නෙම නැති තරං.මා දැක්ක ඒ කියන්නෙ මාත් එක්ක එහෙම නැත්නං මගෙත් එක්ක කියන වචනෙ පරණ අය කියපු හැටියි.මාදැ+එක්ක =මා දැක්ක.මට අපේ එගොඩහ මහප්ප මතක්වුණා,පුංචිබණ්ඩාරේ බොහොම නොකිළිටි ගැමියෙක්.මාදැ එක්ක උඹදැ එක්ක වගේ වචන ඔහුගෙ කතාවෙ බහුලව තිබුණා.උන්දැ කියන වචනෙත් ඔන්න ඔය ආකාරයට හැදිච්ච වචනයක් වෙන්න ඇති නේද රවී.
    දිග වැඩිවුනාද මංදා අතීතයට ගෙනගියාට බොහොම ස්තූතියි රවී.

    ReplyDelete
    Replies
    1. හැලප,

      / මාදැ+එක්ක =මා දැක්ක.මට අපේ එගොඩහ මහප්ප මතක්වුණා /

      මා දැක්ක , මා දැක්කිං ඔහොම කිව්වෙ අපෙ අත්තම්ම. අම්මගෙ අම්ම. ඔය වගෙ උන්දැගෙ තිබ්බ මහ අපූරු වචන ගෝණි කනක්කුවෙ. වී වලට කිව්වෙ වියට ගෙඩි, හාල් වලට හාට ගෙඩි, දොඩම් යුස, දෙහි යුස වලට පොන්ස,

      කෝසුව තමයි කෝස්වේ එකට දැන් කියන්නෙ.

      බොහොම ස්තූතියි හැලප....:)

      Delete
    2. රවී....ඔය පොන්ස වචනේ අපේ ගෙදරත් පාවිච්චිවුනා. ආච්චි තමයි කියන්නේ බඩේ කැක්කුමයි කිව්වාම...මේ ළමයාට දෙහි පොන්ස ටිකක් හදලා දෙන්න කියලා. අපේ ගෙදර වීදුරු bowl එකක් තිබුනා. ඒකට කිව්වේ පොන්ස බෝල් එක කියලා. පස්සේ තමයි විස්තරේ හරියට දන්නේ. පොන්ස බෝල් එක කියන්නේ punch bowl එකට. උඹ punch bowl එක දන්නවානේ.

      punch=ජූස් වර්ගයක් හා තවත් දේ එකතු කර හදන බීම
      පන්ච් එකට පොන්ස කියන්න ඇති. පස්සේ පස්සේ නිකම් මුකුත් කලවම් නොකර හදන දෙහි යුෂ එකටත්..දෙහි පොන්ස කියන්න ඇති.

      Delete
    3. අරූ,

      පොන්ස හැදිල තියෙන්නෙ වලින් තමයි.

      මැල්ලුමට පොළොස් හීන්වට ලියාගන්ට ඕන උනාම අත්තම්ම කරන්නෙ පොළොසෙ පොතු රැහැල දෙකට කපල කැත්ත උඩ අතට හරවල පයට පාගගෙන ඒකෙ දිගට හරහට හෙමිහිට අර පොළොසෙ ගහනව. එතකොට යටින් එලල තියෙන පොල් කොල වට්ටියට කැපිච්චි සුට්ටං පොළොස් කෑලි වැටෙනව.

      ඔය වැඩේට උන්දැ කිව්වෙ හැත් ගහනව කියල. පස්සෙ කාලෙක මට තේරුනෙ මේ කියන්නෙ Hacking කියන එකටය කියල.

      Delete
    4. // මා දැක්ක කියනව //

      මේක කමෙන්ට් එකක හරි පැහැදිලි කරපු එක හොඳයි...මට කියවද්දී හිතුනේ නිකන් "දැක්ක දුටු තැන කියනවා" වගේ අදහසක්.

      Delete
  9. රවි, "සපත්තුපාලම" නම හැදුනෙ කොහොමද කියල හොයාගත්තෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      මම ෆුල් සර්ච් එකක් දැම්ම. ඔය ගැන ප්‍රාමාණික උගතෙකුටත් කතා කලා. ඒත් වැඩක් උනේ නෑ. ප්‍රාමාණික උගතා පොරොන්දු උනා හොයල බලල කියන්නම්ය කියල. හරි පිළිතුරක් ලැබුණු වහාම දන්වන්නම්. :)

      Delete
  10. මචෝ ඔය ගර්ත් කියන එක මම ජාලෙන් හොයන කොට ගර්ත් බ්‍රෙස්ට් කියලා එකක් ආවා. අපි ඉතින් නොම්මර එකේ වලත්තයෝ නේ. මම හිතුවා වැරදිලා වත්, ගර්ල්ස් බ්‍රෙස්ට් කියලා වැදුනවත්ද කියලා. ඇයි බන් මහ රෑට ගහන්නෙම ඔය වගේ වර්ඩ්ස් නේ. සම හරක් නම් ගහන්නේ සෙක්ස් කියලලු. පස්සෙ බැලුවම එහෙම කේස් එකක් නෑ. මක්කෙයි බං ඒ බ්‍රෙස්ට් කතාව.

    ඔය ඉන්ගිරිසි අපි කාටත් වරදිනවා බං ඉන්ගිරිසි මොකෑ හින්ගලත් වරදින්නේ. දවසක් මම ඔෆීස් එකට යන කොට අපේ උන් එකසිය ගානට ගිනා වෙනවා. උඹට මතකද අර ප්‍රේමදාස මහත්තයා බලෙන් ප්‍රයිවට් කොම්පැනි වලට ඔබාපු ග්‍රැජුවට්ස්ලා. ආන් එයින් එකෙක් බයිට් කරගෙන. මම ඇහුවා මොකෑ කියලා. මාත් පිස්සු හොඳ එකනේ. මුන් මගෙන් ඇහුවා මචෝ උඹ අර ඉන්ට කෝස් එක කොයි කාළෙද කලේ කියලා. අප්පට හුඩු කෙල්ලෝන්ගේ සිරිකියට ගෙජ්ජි වැල් බිම. මට තේරුණ වැඩේ. අර යකා කොම්පියුටර් කෝස් එකක් ගැන අහ අහා හිටියේ. දුන්නා කට්ටියටම රත් වෙන්න. හිනා ඔක්කෝම ඉවරයි. කට්ටියම මාත් එක්ක සුමානයක් විතර තරහයි. මම අරූව කැන්ටිමට එක්කගෙන ගිහින් වචනේ තෙරුම කියලා දුන්නා. හුකා... මේන් මූ හිනාවෙනවා එකසිය ගානට. ආතල් බුවා.. ඒ පාර මූ ඇවිත් කෙල්ලන්ගෙන් අහනවා ඔයා කවද ඉන්ට කෝස් එක කලේ. කාගෙන්ද කලේ කියලා. ඕකා ගැනත් පොතක් ලියන්න පුළුවන්. පස්සෙ වෙලාවක ලියන්නම්. ලියන්න බය මචෝ, ග්‍රැජුවට්ස්ලට මඩ ගහනවා කියලා මහත්හොරුන්ට මල පනීද කියලා බයයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      පොඩි සර්ච් පාරක් දාල බැලුව. ගර්ත් බ්‍රෙස්ට් කියන්නෙ ගස් වල වටප්‍රමාණය මනින ක්‍රමයක්. වැඩිහිටි පිරිමියෙකුගෙ පපුවෙ මට්ටමට සමාන උසකින් ගහේ කඳේ වටප්‍රමාණය මැනීමයි එතනදි වෙන්නෙ. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය මීටර් 1.5 වගෙ වෙනවලු. ඒත් වර්තමානයෙ බොහෝවිට මේ ක්‍රමය භාවිතා වෙන්නෙ නෑ.

      Delete
  11. එතකොට මචෝ ඔය කෝස්වේ පේන්ට් කියන්නේ මක්කෙයි. ඒවයේ ගාන තීන්තද.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      කෝස්වේ පේන්ට් සීන් එක මෙහෙමයි. ඔය පේන්ට් නිෂ්පාදකය ඇවිල්ල මාතර පැත්තෙ කෙනෙක්.මිනිහ ඉස්සෙල්ලම ගෙදර පිටිපස්සෙ තිබ්බ කැඩිල බිඳිල ගිය කෝස්වේ එකක් උඩ තමයි ඔය පේන්ට් හදන එක පටන්ගෙන තියෙන්නෙ. ගෙදර ඉඩ මදි හින්ද.අන්න ඒ නිසයි කෝස්වේ පේන්ට් කියල නම දාල තියෙන්නෙ.

      Delete
  12. //ඒ පාර මිනිහ නැඟිටල මගෙ කම්මුලට ගැහුව. මගෙ අම්ම අප්පවත් මට මෙතෙක් කාලෙකට නිය පිටිං පාරක් ගහල නැති එකේ මේ කොහෙද යන එකෙක්ගෙං මම ගුටි කන්ට.//
    අනිත් කතා කෙසේ වුනත් මේ කතාව නම් සහතික ඇත්ත ..ආයේ දෙකක් නෑ..!!
    මේ කාටවත් අතේ පයේ හිරි ඇරගන්න ගෑණු දරුවෝ හදලා තියනවායැ අම්මලා..

    ReplyDelete
    Replies
    1. රූ,

      අන්න ඒකනෙ මැඩම්..මොනව කියනවද? අරින්ඩ එපා…….මම දන්නව ඔබතුමියත් ආය නෑ දොර පොල්ලෙම්ම තමයි දෙන්නෙ කියල. දීග යනකොටම දොර පොල්ලත් ඔතාගෙන ගියයි කියලයි අපිටනං ආරංචිය...:)

      Delete
  13. ඔබේ විස්තර කිරීමේ විලාසය බොහොම සිත්ගන්නා සුළුයි. ස්තුතියි කටු වැව් කියන්නේ මොනවාද ? පුළුවන්නම් කටු වැව් පිළිබඳ විස්තර කරන්න

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්මයා,

      "කටු වැව් කියන්නෙ මිනිස් වාසයෙන් තොර මහ ගණ කැලෑවල වන සත්තුන්ගෙ සහ කුරුල්ලන්ගෙ ප්‍රයෝජනය සඳහා හදපු වැව්. රජ කාලෙ වගේම සුද්දංගෙ කාලෙත් මෙහෙම වැව් හැදුවයි කියලයි කියන්නෙ. කුරුළු පාළුව දන්නව නේද? වෙල්යායෙ කුරුල්ලන්ට කන්ට කියල අත ඇරපු ලියද්ද.කටු වැව කියන්නෙත් අන්න එහෙම එකක්.

      "

      බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මා ඔබේ පැසසුමට....මම බොහොම අගය කරනව ඔබ වන් ඥාණවෘද්ධයකුගෙන් ලැබුණු ඒ දිරි ගැන්වීම...:)

      Delete
  14. කාන්තිත් බලාගෙන යද්දී ලේසි පහසු කෙල්ලෙක් නෙමෙයිනේ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ආයෙත් අහනව.....:)

      Delete
  15. ඔය ඉබ්බාගමුව මධ්ය මහා විද්යාලෙ පාරෙ ටික දුරක් යනකොට ඉබ්බාගමව වැවේ කෝසුවක් තියෙනවා නේද? පොසොන් දවසේ ඔය කෝසුව උඩින් අපිත් ආවා...

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාල පාරෙ කාලයක් අපෙ හාමිනේගෙ යාලුවෙක් පදිංචි වෙලා හිටිය. දෙතුන් පාරක් එයාලගෙ ගෙදර ගියාට මට ඒ පාරෙ කෝස්වේ එකක් නම් මතකයක් නැත.සමහර විට අපි ගිය ගෙදර පහුකරල යන්න ඕන ඇති කෝස්වේ එකට.

      ඉබ්බාගමුව කන්නංගර මහත්තය ලංකාවෙ ඉස් ඉස්සෙල්ලම හදපු මධ්‍ය මහා විද්‍යාල පණහෙන් එකක්. ඉබ්බාගමුව, වළල, නුගවෙල, අකුරම්බොඩ, තෝලංගමුව, පින්නවල, වාද්දුව, කැකිරාව. අනුරාධපුර,යාපනය, මැදවච්චිය,පොරමඬුල්ල ඒ මට මතක අනික් එව්ව.

      Delete
  16. අප්පේ අපේ පැත්තෙ නං සපත්තු පාලං එමට... ඒත් වැව් උඩිං නං නෙවී... හැක්
    පාර දිගට..
    ඒත් කෝම හරි අදත් කුකුල නෑ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඉඳපං බං ඉවසල..කුකුල ගැන ලියන්නං , කුකුල ගැන ලියන්නං..

      ඉවසන්න මම ඡන්න ඇමතී වෙමී.
      මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී,

      ලාලල ලාලල ලාලල ලාලල ලල්ලල් ලල්ලල් ලා!!!!

      Delete
  17. ඔය සපත්තු පාලම් වගේ දෙයක් නේද කෝසු කියන්නෙත් ?
    අරකෙල්ල මාර කෙල්ලක් නේ ..අර මනුසයට මොකද වුණේ ?????

    ReplyDelete
    Replies
    1. සහෝ,

      කෝස්වේ කියන්නෙ සපත්තු පාලම් තමයි.

      ඒ මිනිහ සතියක් විතර කොන්දට තෙල් ගාගත්තලු. ඊට පස්සෙ අවුලක් වෙලා නැහැ.

      Delete
  18. ඈ රවියෝ බෝ හිතුවද දැන් අපිත් වාරිමාර්ග පද්ධති ගැන පාඩම් ඉගෙන ගන්නවා කියලා ;)
    සපත්තු පාලම් විතරක් නෙමෙයි සපත්තු මල් හෙමත් තියෙනවා නේද?
    අපේ ගමේ ගෙදරටත් යන්න තියෙන්නේ ඔය බෝ කීවා වගේ සපත්තු පාලමකින්. (මම නම් එහෙම එකක් දැන ගත්තේ මේක කියෙව්වම තමයි. මෙච්චර කල් මම ඒකට කීවේ පාලම් කියලා විතරයි.)

    හොඳ වෙලාවට බෝ අර කාන්ති නංගිව බැන්දේ නැත්තේ. නැත්නම් අපිට බොගේ බලන්න වෙන්නෙ නෑ නේ ඒකි දොර පොල්ලෙන් ගහලා බෝව මරලා දමලානේ මෙලහට...

    ReplyDelete
    Replies
    1. * බොගේ බ්ලොග්

      Delete
    2. රංගි,

      සපත්තු මල් වලට අපි කිව්වෙ වද මල් කියල. ඔය වද මල් වලින් අපූරු බීමක් හදන්ට පුලුවනි. අපි පොඩි දවස්වල පොඩි අම්මල ඉස්කෝල නිවාඩුවට අපේ ගෙදර ආහම ඒ අක්කල හදනව ඔය වදමල් බීම. ඉස්කෝලෙ ගෘහ විද්‍යාවට කියල දෙනවනෙ. ඒත් අයිස් ඕන ඒකට. ඒ කාලෙ අපේ ගෙදර අයිස් පෙට්ටියක් තිබ්බෙ නෑ. කිලෝ මීටර් බාගයක් වගෙ දුර අප්පච්ච්ගෙ යාලු අන්කල් කෙනෙක්ගෙ ගෙදර තමයි ආසන්නතම අයිස් පෙට්ටිය තිබ්බෙ. මම තමයි එහෙන් අයිස් ගේන රාජකාරිය කරන්නෙ.

      පොඩි රිජිෆෝම් පෙට්ටියක් තිබ්බ ඔය පරණ ලියකියවිලි එහෙම දාල. ඒක අස් කරල හොඳට පිහදාල ඒකට ඉටි කොලයක් කාරිය එලල ඒකෙ අයිස් තැන්පත් කරල අප්පට සිරි සධාතුක කරඬුවක් වැඩමවගෙන එනව වගෙ තමයි අරක ඔලුව උඩ තියාගෙන එන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
    3. රවී....මචං වදමල් බීම මම බීලා තියෙනවා. හැබැයි සපත්තු මලයි, වද මලයි අතරේ වෙනසක් තියෙනවා. අපේ ගෙදර ඔය දෙකම තිබුනා. සපත්තු මල්, වද මල් තලලා තමයි ඒ නානු වගේ ඒවා අපි සෙල්ලම් කඩේ පොල්තෙල් හැටියට ගත්තේ.

      Delete
    4. රවී අපේ පාර දිගට (මා ඉන්න පලාතේ) වද මල් පිරිලා. එක එක පාට වලින්. දම් පාට සුදු පාට ලා කහ පාට රෝස පාට වගේ. ඔය බීම හදාගන්න විදිය කීවම නම් මටත් ට්‍රයි එකක් දෙන්න තිබුනා. මේක අයිති වෙන්නේ හර්බ් ටී වලටද? පොඩ්ඩක් දන්න දෙයක් කියනවද? නිකම් ඉන්න එකේ ට්‍රයි එකක් දීලාම බලන්න.

      Delete
    5. Hibiscus Tea.......
      හැබැයි රංගි අපි නම් බිව්වේ...ඔය මල් උනු වතුරට දාලා ..ඒ වතුර රෝස පාට වුනාම, පෙරලා අරන් දෙහි පොඩ්ඩක් මිරිකලා, සීනියි, අයිසුයි දාලා කූල් කරලා.

      රංගි...මල අඳුනන්නේ නැතිව මේ වැඩේ ට්‍රයි කරන්න එපා. කඩෙන් ගිහින් Hibiscus Teaපැකට් එකක් ගන්න.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. අපොයි මේ ඒවද?
      සුද්දට කලින් අපි සෑහෙන modern මිනිස්සුනේ බලා ගියාම. ලැජ්ජාවේ බෑ. මේ කියනකම් hibiscus tea බීවට ඒවා වදමල් තේ කියලා දැනන් හිටියේම නෑ.
      බොහොම ස්තුතියි අරූ

      Delete
    8. රංගි,

      අන්න අරූ කියල තියෙන්නෙ විස්තරේ. හිබිස්කස් ටී තියනවයි කියල මම දන්නෙ නෑ. බෘහස්පතින්ද බඩු ගන්න ගිහාම හොයල බලන්ට ඕන. වද මල් වල විද්‍යාත්මක නාමය Hibiscus rosa sinensis.

      Delete
  19. අර කාන්ති දැන් බැදල ඇති නේ.ෂික්

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මොකෝ බං කාන්ති බැඳලද කියල හොයන්නෙ.?.... උඹත් ස්වපීඩක කාමුකත්වයෙන් පෙළෙනවද? :)

      Delete
  20. ඔය cum එක මැදට දාපු ගම් නගර මේ රටේ තියෙනවා. මම හිතන්නේ ඒ පොඩි ගම් දෙකක් එකට එකතුකරපු තැන්. කියලා අපි ඉන්න පලාතට ටිකක් කිට්ටුවෙන් STOW CUM QUY තියෙනවා. ඒ STOW සහ QUYකියන ගම් දෙකේ එකතුවක්.

    කාන්තිගේ කට කන්න ගිහිල්ලා අච්චර පොලු පාරක් වැදුනානම් , වෙන එකක් කන්න ගියානම් මොකෙන් කන්න වෙයිද දන්නේ නැහැ. ඔය තන්තෝසේ කාන්තිගේ නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අරූ,

      / ඔය තන්තෝසේ කාන්තිගේ නෙමෙයි නේද? /

      අපොයි නෑ. ඒ කාන්ති නෙවෙයි...

      / ඔය cum එක මැදට දාපු ගම් නගර මේ රටේ තියෙනවා. මම හිතන්නේ ඒ පොඩි ගම් දෙකක් එකට එකතුකරපු තැන්. කියලා /

      අපෙ උන්දැගෙ ලොකු අම්මගෙ දුව දැං ඔහෙ පදිංචි සෑහෙන කාලයක්. අවුරුදු ගානකට ඉස්සරවෙලා ලංකාවට ආපු වෙලාවක ඒ අක්ක බැඳල ඉන්න අයිය මා දැක්කිං මෙහෙම කිව්ව නෙව..

      " මල්ලි මම අපි දැනට ඉන්න ගෙදර විකුනල දාන්නයි යන්නෙ.."

      " ඒ මොකෝ අයියෙ? මේ ඊයෙ පෙරේයිද නේද ඔය ගෙදර ගත්තෙ. "

      " ඔව් අනේ. විකුණන එක පාඩුයි. ඒත් එහෙම නොකර බෑ."

      " මොකෝ අයියෙ ඒ.? "

      " එහෙ මල්ලි ක්‍රමයක් තියනව සමහරවෙලාවට ගම් දෙකක් වගෙ එකට එකතු කරනව පරිපාලන පහසුවට. එහෙම කලාම නම වැටෙන්නෙ අර ගම් දෙකේ නම් අතරට Cum කියල දාල."

      " ඉතිං? "

      " ඉතිං කියන්නෙ මම දැනට ඉන්න ගමේ නම My ... අපෙ අල්ලපු ගමේ නම Stinks. එයාල හදන්නෙ තව මාස දෙකක් තුනක් වගෙ යනකොට ඒ ගම් දෙක එකතු කරන්න. ඊට කලින් යන්න ඕන ගේ විකුණල දාල...."

      Delete
    2. හා හා....නියම කතාවනේ බන් ඒක.

      Delete
  21. කේ.බි ගොයියා මරු පොරක්නේ රවීයියේ,
    කාන්තිගෙන් ඇටන්ඩන් ලොක්කා මාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ.නැතිනම් පොරට ඉස්පිරිතාලේම නතර වෙන්නයි වෙන්නේ කට කන්න ගොහින්.මගුල කැඩුනත් ඇටන්ඩන් ලොක්කා තන්තොස වෙන්න ඇති කාන්ති ගෙන් බේරුන එක ගැන පස්සේ කාලෙක හරි...:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      කේබී කියන්නෙ අමර පොරක්...තව කතා කීපයක් තියනව ඕක ගැන ලියන්නංකො..

      Delete
  22. අම්මපා මෙච්චර දැන ඉගෙනගත්තු මනුස්සයෙක් කිව්වා නෙව බිසෝ කොටුවයි සොරොව්වයි කියන්නේ එකක් කියලා...ඔය දෙක පැහැදිලිවම දෙකක්. ඕන් කිව්වා...

    කාන්ති ගැන මක්කා කියන්නද කියලා මන් මේ කල්පනා කරේ...අනේ වාසනාවන් එහෙම කෙල්ලෝ :)

    ReplyDelete
    Replies
    1. සයුරි,

      බොහොම ස්තූතියි මැඩම්, ඔබ හරි, බිසෝ කොටුව සහ සොරොව්ව කියන්නෙ දෙකක්.මම මේ අද වෙනකල් හිතාගෙන හිටියෙ ඒ දෙකම එකයි කියල. ස්තූතියි ආයෙමත් වරද පෙන්නල දුන්නට.

      / වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චුල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.

      1. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්

      2. ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්

      3. ගැඹුරට කනින ලද විවෘත ඝෘජුකෝණාස්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.

      වැවක තියෙන විශිෂ්ඨතම නිර්මාණය තමයි බිසෝ කොටුව කියලා කියන්නෙ. බිසෝ කොටුව කියන්නෙ වැවේ පතුලෙ නිර්මාණය කරලා තියෙන හරි හතරැස් ලිදකට. ලිදේ එක පැත්තක තියෙන සිදුරකින්, වැව් ජලය ඇතුල් වෙනවා. ඊටම ප්‍රති විරුද්ධ දිශාවේ තියෙන සිදුරෙන් ඒ වැව් ජලය, ගල් නළයක් හරහා සොරොව්වට යනවා. බිසෝ කොටුව හැම වෙලේම වතුරෙන් පිරිලා තියෙන්නෙ.
      සොරොව්ව අරින කොට, බිසෝ කොටුව ස්වයoක්‍රීය විදිහට ලීවරයකින් (මොහොල) ක්‍රියා කරන්න ගන්නවා. ඊට පස්සෙ සොරොව්වට ජලය ගෙනියනවා. බිසෝ කොටුව නිසා වැවේ වතුර ගලාගෙන යෑමේ වේගය පාලනය වෙනවා. ඒ කියන්නේ වතුර පීඩනයට බාධකයක් එල්ල කරනවා. ඒකෙන් වැවේ බැම්ම ආරක්ෂා වෙනවා. මේ වගේ විශ්මිත නිර්මාණයක් ලෝකයේ කිසිම රටක නෑ. මේක දැකලා බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යාඥයන් හිටන් පුදුම වුණා.

      පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි /

      Delete
    2. එතකොට ඇයි බං ඕකට බිසෝ කො‍ටුව කියන්නේ? මම හිතුවේ ඌරු කො‍ටුව වගේ රජාගේ අන්තහ්පුරේ බිසෝවරු ගෙනල්ල නාවපු කො‍ටුව කියලා.

      Delete
    3. Henry,

      සුට්ටංකාලෙ බිසෝ කොටුව කියල මුලිම්ම ඇහුවම මාත් හිතුවෙ බිසෝවරු නාපු තැනක් කියල තමයි.

      ඔව්වයෙ නම් ගැන එච්චර හිතන්න එපා බං..සමහර නම් තියනව නිකං ඔය කටට ආවට දාපුව. මතකද රූපවාහිනිය පටන් ගත්තු අළුතම ඉරිද ඉංග්‍රීසි ප්‍රවෘත්ති වලින් පස්සෙ සංගීත වැඩසටහනක් ගියා " සව සංගීත" කියල. නන්දන වින්දන වගෙ මාසෙකට සැරයක් තිබ්බෙ මට මතක විදිහට.

      ඔය සව සංගීත කියන නම මම හිතුවෙ හෙණ තේරුමක් තියන සිරා වචනයක් කියලයි. ගොඩක් පස්සෙ කාලෙක මොකක් හරි පත්තරේක තිබ්බ ඔය වචනෙ ආව හැටි. Evening Music කියන නම සිංහලට පෙරලල සවස සංගීත කියලයි මුලින්ම වැඩසටහනේ නිෂ්පාදකය දාල තියෙන්නෙ. ඒත් වැඩ සටහන් අධ්‍යක්ෂ ඒකට කැමති වෙලා නෑ. ඒක කොමන් වැඩියි කියල මිනිහ කරල තියෙන්නෙ සවස කියන වචනෙ දෙවෙනි සයන්න කපල. අන්න එහෙමයි සව සංගීත වචනෙ ආවයි කියන්නෙ. හෙහ්,හෙහ්, අන්න ඔහොමයි මචං වචන හැදෙන්නෙ..අපි මෙහෙ පශ්චාත් භාගය විකාගෙන ඔව්වයෙ තේරුම් හොයනව...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...