Monday, July 7, 2014

268. ඇසළ සඳ මතක සුවඳ..…The Fragrance of lingering memories.


Image  - Wath
එසඳ එක් සොඳුරු යුගයක, 
කල්ප කාලාන්තරයකට පෙර,
ඇගේ සියොලඟින් හමා ආ,,
වතුසුදු මල් සුවඳ !!!!!


Once in that misty past long ago,
When the fragrance was filling my soul,
The melodious notes of resonance,
Reverberating through time itself.


එසඳ එසුවඳ ළයපුරා පිරීගිය සඳ,
පියන්පත් හැරදැමූ කවුළුවෙන් ගලාවිත්,
සයනයෙහි මල් ඇතිරිල්ල මත,
තුරුපත් කැටයම් මැවූ සිහිල් සඳ රැස !!!! 


The fluidity of brilliant moon light,
Shadows failing to mask the happiness on her face,
She was there in all her glory,
Smiling her enigmatic smile,


එසඳ සෙනෙහසින් මත්වූ දෙනයන,
සුරත රැඳි මුවවිට පිරුණු මදුවිත,
සත්කුළු පව් පවා සසල වන කල,
ඉරණම කවරක්වේද සෙමෙන් ගැහෙනා හද මඬලක !!!! 


Leaving that perplexing half smile behind,
Aroma of that lingering fragrance to boot,
She has gone vanishing into that swirling mist,
Just like the waning moon behind a craggy peak,


රිදුමකින සිත පත්ල පිරිමදින එසඳ සඳ,
සුසුමකින සහස් වර ඔද්දල්ව රිදුම් දෙත,
නෙතුඅගට ඉනු කඳුළු බිඳු සිසිල එක පැහැර,
මතකයක සොඳුරුතම සුවඳක්ය හද පිරෙන !!!! 


Grief unspoken to the depth of my heart,
Nothing but darkness to share my solitude,
Coldness of tears hanging beneath eye lashes,
What else but sweet memories until death and beyond,

42 comments:

  1. ෙසාඳුරු අතීත ආවර්ජනවක්.සඳවතිය මුන ගැසීම ගැනද​?සොඳුරු මතකයන් මිනිසා ජීවත් කරවනවා. ලස්සන කවි පෙලක්.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      අපොයි එහෙම මොකවත් නෙවෙයි.සොඳුරු සිත නොහොත් වත් දන්නව නේද? ඒ අම්මණ්ඩිගෙ ගත්තු පෝටොස් එකක් දැකල මට හිතිච්චි දේ තමයි ඔය ලිව්වෙ. ( මුලින්ම දාල තියෙන්නෙ අදාල ඡායාරූපය ) මීවිත සහ මියැසිය...හෙහ්,හෙහ්,

      ඒකට ඉතිං අනිවාර්යයෙන්ම කෙරෙන විදිහට විරහව ගැනත් පොඩ්ඩක් අනුපාන කරල ලිව්ව. එච්චරයි. Nothing more nothing less.

      Delete
    2. මදැයි මමත් විචාරයක් කලා.ලත් තැනම ලොප්.ස්තූතියි, පැහැදිලි කිරීමට.

      Delete
  2. මිහිරිය... කඳුලක මතකය පවා
    සොඳුරුය... සුසුමක රිදුමක් පවා
    සිසිලය... සඳවත අද මෙන් එදා
    කාලය... ඔසුවකි, සංවේදනා

    ReplyDelete
    Replies
    1. තිසර,

      සෙනෙහස..සුවඳකි මන් මත් කරවනා,
      විරහව...ගින්නකි සිත නිති දැල්වෙනා,
      නෙතුඅග...දිලෙනා කඳුලකි නොසිඳෙනා,
      කාලය..ඔසුවකි රිදුනු සිත සනහනා??????
      Time…the eternal healer…are you sure????

      Delete
  3. පරිවර්තනයක්ද නැතිනම් ඔයා සිංහලෙන් ලියපු එකට ඉංගිරිස් පරිවර්තනයක් කලාද...
    මොනා වුණත් අපුරයි..
    පස්සන කවියක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඔව් බං ඉස්සෙල්ල සිංහලෙන් ලියල පස්සෙ ඒ අදහසම වගෙ එන විදිහට ඉංග්‍රීසියෙන් ලිව්ව. එච්චරයි...ස්තූතියි....:)

      Delete
    2. කිසිම භාෂාවක කවි රසවිදීමේ හැකියාව ඉතා අවම මට්ටමක ඇති මට වුනත් මේවා ඉතා උසස් මට්ටමේ ඇති බව පේනව.

      අර තුන්වෙනි එකේ තේරුම භාෂාව අනුව වෙනස්ද?

      Delete
    3. ප්‍රා,

      බොහොම ස්තූතියි ප්‍රා..Thank you so much!!!

      තුන්වන කවිය ඒ විදිහටම වචනෙන් වචනෙ පරිවර්තනය කලාම ටිකක් අවුල් වගේ කියල හිතුන. ඒ ගමන ටිකක් වෙනස් කරල ලිව්ව ...:)

      Delete
  4. ඉඳල ඉඳල කමන්ට් එකක් දැම්ම. ඒක බහිරවය ගිලල අයියෙ. ආය ලියන්ඩ බෑ.. කම්මැලියි. ඔය යටම කවිය හරිම හුරුපුරුදුයි!! :-D
    ජනූ

    ReplyDelete
    Replies
    1. ජනූස්,

      බහිරවයො දැන් කමෙන්ට්ද බං ගිලින්නෙ?...:)

      නුවර නගරයට ඉහලින් පේන බහිරව කන්ද මුදුනෙ හදල තියෙනව විසාල බුදු පිළිමයක්. විමලධර්මසූරිය රජ්ජුරුවො කාලෙ ඔය බහිරව කන්ද මුදුනෙ රූමත් කුලවත් කන්‍යාවො බිලිදුන්නයි කියනව අවුරුදු පතා බහිරවයට. වැලිකල මැණිකේ කියන්නෙ එහෙම බිලිදෙන්ට නියම වෙච්ච තරුණියක්. ඒත් ඇගේ පෙම්වතා දුණුවිල නිළමේ ඇයම බේරගන්නව. ඒක අපූරු කතාවක්. උඹ අහල ඇතිනෙ නේද?

      අන්තිම කවිය කිව්වෙ අන්තිම සිංහල එකද? ඒක මම චේජනාගෙ පිටුවට එක පාරක් කමෙන්ට් එකක් හැටියට ලිව්ව එකක්. පොඩි වෙනසක් කරල මෙතන දැම්ම..ඕක එක පාරක් මගෙ ස්ටේටස් එකටත් දාල තිබ්බ...උඹට මතක ඒක වෙන්ට ඇති....:)

      Delete
    2. බහිරව කන්දේ මැණිකෙලා ගේ කතාව කවද විතරද අපි බලාපොරොත්තු වෙන්න ඕනේ?

      Delete
    3. පැතුම්,

      නුවර යුගය ගැන කතන්දර ගොඩක් තියනව බං...දස්කොන් ප්‍රමිලා කතාව, ශ්‍රී වික්‍රම රජ්ජුරුවන්ගෙ ප්‍රේම කතාව ( ඒකෙ කවුරුය කියලද හිතන්නෙ Female leading lady? ..හෙහ්,හෙහ් )

      නොක්ස් ගොයිය ගැනත් පොඩ්ඩක් ලියන්ට ඕන. නොක්ස් කාලයක් හිර කරල ඉඳල තියෙන්නෙ අපෙ ගෙවල් වල ඉඳල කිලෝ මීටර් 12 වගෙ රට ඇතුලට වෙන්ට තියන ගමක. එළදැත්ත ඒ හරියට කියන්නෙ. මම කාලෙකට ඉස්සර එහෙ ඉස්කෝලෙට ගියා මොකක්ද උත්සවේකට අපෙ හාමිනේ එක්ක. නිල් පාට ඇස් තියෙන සාමාන්‍ය ගමේ ළමයින්ට වඩා සුදට හුරු ළමයි දෙතුන් දෙනෙක්ම මම දැක්ක ඒ වෙලාවෙ. නොක්ස්ගෙ ආදර කතාවක් ගැන මට හිතුනෙ ඒ වෙලාවෙ. නොක්ස් ගොයිය එයාගෙ පොතේ නම් එහෙම දෙයක් කියන්නෙ නෑ. ඒ උනාට ඒ මනුස්සය එහෙම එකක් තිබ්බත් කියයිය? .....නැද්ද?...නොක්ස්ගෙ ආදර වන්තිය අන්තිමට නොක්ස්ට පැනල යන්ටත් උදව් කලා වෙන්ටත් බැරිද? නැද්ද මං අහන්නෙ? හොඳයි එහෙම වෙන්ට බැරිද? හා..කියාපං බලන්ට...

      Delete
    4. අපරාදෙ අමාරුවෙං කයියක් ලිව්ව.. මෙතන කමෙන්ට් බොක්ස් එකේම ලියනවට හොඳ වැඩේ මට
      ජනූ

      Delete
    5. ජනූ,

      අඩේ බං කවියක්ද ලිව්වෙ? සික් අපරාදෙ..ඕකනෙ උඹලත් එක්ක බැරි..ලෝඩ් පකීර්ල වගෙ කෙලිම්ම ලියන්නෙ කමෙන්ට් බොක්ස් එකේ. බැරිවෙලාවත් කෙළ උනොත් ප්ලැකෑස්..ආන්න ඒකට අපි. අපි යුනිකෝඩ් වල ලියනව. ඒ කරල එක්සෙල් ෆයිල් එකකට පේස්ට් කරනව. ඊට පස්සෙ වර්ඩ් ඩොකියුමන්ට් එහෙකට ගන්නව. එතනින් කොපි කරල අරගෙන තමයි පබ්ලිෂ් කරන්නෙ..ආ..ඊට අමතරව වර්ඩ් එකේ ප්‍රින්ට් අවුට් එහෙකුත් අරගෙන ඒක ලැමිනේටුත් කරනව. ආන්න දැක්කද අපි එහෙමයි. අර කතාවකුත් තියෙන්නෙ කෝකටත් සූදානම් සරීරෙ කියල තම්බි මූද හත් ගව්වක් තියල අමුඩෙ ගැහුවයි කියල....හෙහ්,හෙහ්,

      Delete
    6. මම නම් කොමෙන්ට් එක බොක්ස් එකේම ලියල පබ්ලිෂ් කරන්න කලින් සිලෙක්ට් කරලා කොපි කරගන්නවා මෙමරියට. එක පාරින් පබ්ලිෂ් උනේ නැත්නම් කියල .. සැහෙන සාර්ථක ක්‍රමයක් ..

      Delete
    7. නොක්ස් Reloaded වගේ නමක් දාල ලියන්නකෝ ඔය හොර ලව් එක ගැන කතාවක් .. හෙහ් හෙහ් .. නොක්ස් ගේ කැරැට්ටුව කොහොමත් එච්චර හොඳ එකක් නෙවෙයි කියලයි මම අහල තියෙන්නේ ..

      Delete
    8. පැතුම්,

      / නොක්ස් Reloaded වගේ නමක් දාල ලියන්නකෝ ඔය හොර ලව් එක ගැන කතාවක් .. හෙහ් හෙහ් .. /

      " Robert Knox - The Untold Love Storey " ...අන්න එහෙමයි නම දාන්නයි හිතාගෙන ඉන්නෙ..:) නැත්නම් " නොක්ස්ගේ කතාව නොහොත් සිරගතවූ නැවියකුගේ ප්‍රේමය "

      / නොක්ස් ගේ කැරැට්ටුව කොහොමත් එච්චර හොඳ එකක් නෙවෙයි කියලයි මම අහල තියෙන්නේ ../

      මේ මල්ලි ....කොහෙද ඔයා එහෙම කතාවක් කියෙව්වෙ නැත්නම් ඇහුවෙ? මම කිව්වෙ නොක්ස්ගෙ කැරැට්ටුව ගැන. අඩේ කියහංකො. ලොකු උදව්වක්. මම එහෙම දෙයක් ගැන අහලම නෑ. කතාව ලියන්න හොඳ මූලාශ්‍රයක් වෙයි එහෙම සාධක මොනවහරි තියනවනම්..

      Delete
    9. නොක්ස් ගේ චරිතේ ගැන මම ගොඩක් දේවල් දන්නේ නෑ.. හැබැයි ඔය කොහේ හරි තැනක මම කියෙව්වා මිනිහගේ ලව් කේස් එකක් ගැන. මම හිතන්නේ ගෙදර තිබ්බ පොතකින් ද කොහෙද.. මම කැරැට්ටුව අවුල් කිව්වේ හෙන ලොකු දෙයක් දැනගෙන නෙවෙයි. හැබැයි මට මිනිහ ගැන තිබ්බ හැඟීම ඔය වගේ එකක්..

      අගෝස්තු දිහා ලංකාවට ගියාම පොත හොයාගෙන එන්නම්.. එතකං ලියන්න තව කතා තියෙනවනේ.. හෙහ් හෙහ්

      මෙන්න මේකෙත් පොඩි විස්තරයක් තියෙනවා
      http://daladamaligawa.org/78.htm

      Delete
  5. මම ඉස්කෝලෙදි ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන නොගැනීම ගැන ගොඩක් වෙලාවට දුක් වෙනවා. චිත්‍ර හරි ඉංග්‍රීසි සාහිත්‍යය හරි දෙකෙන් එකක් තෝරගන්න තියෙද්දී මම චිත්‍ර අඳින්න ගියා. ඒක මට කොහොමත් ටිකක් පුළුවන් නිසා. හැබැයි පස්සේ කාලේ ඉංග්‍රීසි සාහිත්‍යයේ එන ලස්සන යෙදුම් දකින කොට මට ඒක ගැන පසුතැවීමක් ඇතිවෙනවා.

    රවී අයියගේ මේ ඉංග්‍රීසි කවි පද දකිද්දී ඒ හැඟීම ආයේ ආවා.. මේ ගොඩක් වචන මගේ Vocabulary එකේ නෑ..

    ලස්සන දේවල් ගොඩක් මිස් වෙනවා එහෙම වුනාම.. :)

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අපි ඉස්කෝලෙ යද්දි ඉංග්‍රීසි සාහිත්‍යය කියල විෂයක් තිබ්බෙම නෑ. ඕක ඒ හැටි දෙයක් නෙවෙයි මල්ලි, නිතර ඉංග්‍රීසි පොත් කියෙව්වනම් නිකම්ම වැඩේ ගොඩ. :)

      Delete
    2. රවී...මම මෙලෝ යෝනියක් නොදන්න එකෙක්. මට උඹේ සමහර ඉංග්‍රීසි වදන්වල කාව්‍යමය ගතියක් ෆීල් වුනේ නැහැ. මම කියන්න ගියේ නැහැ ඒක මගේ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන නොදැනීම නිසා. උඹ පොයෙටික් ඉංග්‍රීසිය තුල තවත් සැරිසරන්න බලපන්. මේ මම මෙහෙම කියන්නේ ඔය මොනම සාහිත්‍යවකවත් අකුරු නොදැන. ඉවසා වදාරපන්. ඉංග්‍රීසි භාශාව සහ සහ එහි ගද්‍ය, පද්‍ය තුල බොහෝ වෙනසක් , මේ සාහිත්‍ය තුල කතාවෙනවා. මම අහගෙන ඉන්නවා. ඉංග්‍රීසි දැණුම සහ ඉංග්‍රීසි කාවිත්ව්‍ය තියා මෙලෝ හසරක් නැති මම ,දැනෙන දෙයක් කිව්වාට උඹ අමනාප නොවන බවත් මම දන්නවා. උඹ දන්නවා ඇතිනේ...Direct translation & poetic translation....මම වැරදි ඇති. උඹේ උත්සාහය මම වගේ ගොබ්බයෙක් අවතක්සේරු කෙරුවා නොවේ.

      Delete
    3. අරූ,

      කුමන වස්ත්‍රයකට තොප හා අමනාප වෙන්නෙම්ද මම්? :)

      මමත් ඔය හිතේ තියන රිදම් එකට හරි යන්ට ලියනව මිසක ඔය කවි ලිවිල්ල ගැන මෙලෝ හැදෑරීමක් කරල නෑ. ඔව්වට තියනවනෙ බං අර නිර්මාණශීලී ලේඛකත්ව පාඨමාලා එහෙම.ඉංගිරිස් වලින් කියන්නෙ Creative Writing.... . උඹ කියන එක ඇත්ත. පොඩ්ඩක් ඒ ගැන නිවාඩු වෙලාවක හොයල බලන්ට ඕන.

      මහ සාගරයක් වගෙ දේවල් තියනව බං මේ ලෝකෙ ඉගෙන ගන්ට. අපි මේ දන්නව කියල මහ ලොකුවට හිතාගෙන උන්නට අපි දන්නෙ අංශු මාත්‍රයයි.

      මාර්ටින් වික්‍රමසිංහ මහත්මය තමයි කිව්වෙ " මහා සාගරය වන් දැනුම් සම්භාරයක් ඉදිරියේ මම එහි වෙරලේ කුඩා සිප්පි කටුවකට පෙම් බඳින කුඩා දරුවකු මෙනි "

      Delete
    4. රවී,
      මාටින් වික්‍රමසිංහ මහත්තයද ඇල්බට් අයින්ස්ටයින් ද ?

      Delete
    5. හැලප,

      අඩේ බං අයින්ස්ටයින් ලොක්කද එහෙම කිව්වෙ? මට මතක තිබ්බෙ මිස්ටර් වික්‍රමසිංහ කියල. එක්කො ඔය අයින්ස්ටයින්ගෙ කියමන මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොතක තියෙන්ට ඇති එහෙම නැත්තං මාටින් වික්‍රමසිංහ ගැන පලවෙච්චි ලිපියක ඕක තිබ්බ වෙන්ටත් පුලුවන්. ඒ දෙකම නෙවෙයි නං මගෙ පිත්තාසයෙ සර්කිට් මාරුවෙලා වෙන්න ඕන. ස්තූතියි නිවැරදි කලාට...

      Delete
    6. මම ඉංග්‍රීසි සාහිත්‍යය ගැන කිව්වේ පොඩි කාලේ එකට යොමු වෙන්න තිබ්බ චාන්ස් එක තමයි ඔය විෂය කරන එක .. මම හොඳට දැකල තියෙනවා ඒ කාලේ ඕක සබ්ජෙක්ට් එකක් විදියට කරපු උන්ගේ Vocabulary එක හෙන රිච්. අපි පස්සේ වෙනම ඉංග්‍රීසි පොත් කියවන්න හිතුවට වැඩේ කෙරෙන්නේ නෑ .. දැනටත් ඉංග්‍රීසි පොත කියවන්නේ සිංහල පරිවර්තනේ නැත්නම් .. එක්කෝ ඔය ටෙක්නිකල් පොතක් පතක් විතරයි .. ඔය ඉංග්‍රීසි කියවන හුරුව ගන්න ඒ කාලේ තිබ්බ චාන්ස් එක තමයි ඔය විෂය පොඩ්ඩක් ඉගෙන ගැනීම .. මොකද අපේ ගෙවල් වල කවදාවත් ඉංග්‍රීසි වලට බර පරිසරයක් තිබුනේ නැති නිසා .. සල්ලි දීල ටියුෂන් ගියාට ඕක හැදෙන්නේ නෑ .. හෙහ් හෙහ් .. ක්ලාස් වල හිටපු පොෂ් කෙල්ලෝ දිහා බල බල ලයින් දැමීම අර වෙන මගුලක් කරන්නේ නෑනේ ..

      Delete
    7. පැතුම්,

      දැන් උනත් පරක්කු නෑ මල්ලි. ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්ට මම දන්න හොඳම විදිහ තමයි 1. කියවීම 2. කියවීම 3. කියවීම :)

      Delete
    8. මට ඕකට තියෙන බාධාව තමයි 1. කම්මැලි කම,2 කම්මැලි කම, 3ත් කම්මැලි කම.. :D හැබැයි දැන් දැන් මම ඔය බාධාව කඩාගෙන යන ගමන් ඉන්නේ..

      Delete
  6. අනිත් ඒවා කොහොම වුනත් මීවිතයි, මියැසියයි තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. Aru,

      සුරාවිත, ගී පොත සහ ගී ගයන සුරඟනන් ගැන බොහොම චමත්කාරජනක ලෙස ලිව්වෙ ඔමාර් ඛයියාම් ඔහුගෙ රුබයියාට් පොතේ....

      නිදමින් සිටි මට
      අරුණලු වමත අහසට,
      නැගෙන විට,
      සුරාසල් ඇතුළ සිට
      කිසිවෙකු කියනු ඇසින.
       “දරුවෙනි, නැගිටින්න,
      ජීවිත සුරාව සිඳෙන්නට
      පෙර බඳුන පුරවන්න.” (රුබයියාට්, ජී. බී. සේනානායක පර්වර්තනය, 1993, පිටුව 24)

      Here with a loaf of bread bencath the bough
      A flask of wine, a book of verse - and thou
      Beside me singing in the wilderness
      And wilderness is paradise enow.

      ගසක සෙවණෙහි පූපයක් ගෙන
      සුරා බඳුනක් හා කවි පොතක් ගෙන
      ළං ව හිඳි මට
      ඔබ වනයෙහි
      ගී ගයන කල්හි,
      වනය දෙව් ලොවකි.
      (ජී. බී. සේනානායක පරිවර්තනය)

      මේ රුබයියාට් ඇසුරින් මහගම ලියූ පදමාලාවක් අමරදේවයන්ගේ හඬින්.

      ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ,
      මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි,
      මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි,
      සුරංගනාවියනේ,සුරංගනාවියනේ,

      සුරා විතයි ගී පොතයි අතින් ගෙන ,
      තුරු වදුලේ නිල් සෙවණැල්ලේ,
      සුරා විතයි ගී පොතයි අතින් ගෙන ,
      තුරු වදුලේ නිල් සෙවණැල්ලේ,
      ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ,
      මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි,
      මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි,
      සුරංගනාවියනේ,සුරංගනාවියනේ,

      අද අප ජීවිත සුමිහිරි වේනම්,
      මල ඊයේ ගැන ඇයි ලතවන්නේ?
      අද අප ජීවිත සුමිහිරි වේනම්,
      නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ?
      යලි කිවයුතු නැහැ කාලය යනවා ,
      දෙපා යටින් රිංගා, ,
      ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්,
      ඔබේ සුරා විත පුරවා,

      ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ,
      මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි,
      මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි,
      සුරංගනාවියනේ,සුරංගනාවියනේ,

      Delete
    2. රවී......මචං ...මේ ගීතය තවත් ප්‍රේමය සහ රාගය එක් කරන මතකයක්. රවී මේ නම් ප්‍රේමයේ සොඳුරු ගුහාවයි. සොඳුරිය ..මා එහි සතපන්න...අප අමතකවූ සියල්ල අද ගීතයක් කරමු....මා දකින්නේ අද ඒ විඩාබර තොල් තුල.. එදා.ඔබ මා සිපගත් ඒ සියුම් තොල් පෙති මයි...
      මා වයන වීණාවේ සත්සර බිඳී නම්
      වයන්නට තතක් මට
      සොයා දීපන් රැජිණි
      නුඹයි මට තත පෙන්නූ
      වීනාවී......
      රවියෝ.....මේ ටිකට ඔය ටික ලියවුනා. ඔහොම ලියමු. මේ තමයි මා දකින සෞන්දර්වත්ව‍ය..එයා තව එකතුකරන්න වචන කියනවා. මම නිසොල්මනේ ඈ රුවම දකිනවා...

      Delete
    3. අරූ,

      අම්මට සිරි නියමයිනෙ බං..ඔය තියෙන්නෙ..එල ද බ්‍රා...ලියමු තව..හීංවට මී විතකුත් අරගෙනම...මත් මේ ලාවට සන්තර්පනය වෙන ගමන්. අද ගානට ඉන්ට ඕන ..තව පැය දෙකයි බ්‍රසීල් ජර්මනි මැච් එක..ඒක බලන්ටම ඕන..හෙහ්,හෙහ්,

      Delete
    4. දිනේෂ්ගේ කුක්කු කතා

      Maatha....+++++++++++++ දිනේෂ්ගේ වර්ණ කියවපන් :D
      ලාවට මම පොඩ්ඩක් කිව්වා

      Delete
  7. මිවිතයි ගී පොතයි එ දෙකම මට එපා කියල අමරඩෙව මාස්ටර් කියනව මට ඇහිල තියෙනව

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ඒකනෙ බං මේ අමරෙ මාස්ටරුයි, සේකර ගොයියගෙයි නෑනෙ එක කතාවක්. වෙලාවකට ගී පොතයි මීවිතයයි දෑතින් දරා ඉන්න වෙලාවෙ මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි කියනව. ආයෙම ගී පොතයි මී විතයි මට එපාය කියලත් කියනව..අනේ මල්ලල්ලෑ..කල්ලල්ලෑ..බොල්ලල්ලෑ...:)

      ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා,
      ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා,
      යුග නයන ගී පොතයි,
      යුග නයන ගී පොතයි, රත ලවන මී විතයි,
      මා පතන ගී පොතයි මී විතයි ඔබ සතුයි,

      ගී පොතයි මී විතයි,
      අවන් හල නැති සුරා,
      ලවන් විත පුරවලා,
      වහස් බැල්මෙන් නුරා,
      රහස් ගී කිය කියා,
      ගී පොතයි මී විතයි,

      ගී පොතයි මී විතයි,
      මගේ හදවත එයින්,
      සදාකල් මත් කරයි,
      කිසිම ගීයක් නොවේ, ඒ තරම් රස නොවේ,

      ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා,
      ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා,
      යුග නයන ගී පොතයි,
      යුග නයන ගී පොතයි, රත ලවන මී විතයි,
      මා පතන ගී පොතයි මී විතයි ඔබ සතුයි,

      Delete
  8. අපුරු කවි පද පෙළ රවීයියේ,
    වතු සුදු මල් වල මට නම් සුවඳක් නැහැ.හැබැයි වතු සුදු මලේ තියෙනවා අනෙක් මල් වල නැති චාම් ලස්සනක්.ඒ වතු සුදු මල් වල තියෙනවා.රෝස මලක උඩවැඩියා මලක තියෙන ලස්සනට වඩා අර චාම් ලස්සන මලට මම කැමතියි....:)

    ReplyDelete
    Replies
    1. වතුසුදු මල් කතාව නම් ඇත්ත මනෝ...ඒත් වතුසුදු හැම එකාම කඩන් යනවා. රෝස,උඩවැඩියාවලට අත තියන්න බයයි..අහන්නේ නැතුව. අනේ මන්දා..කියලා නවතින්නම්.

      Delete
    2. මනෝජ් සහ අරූ,

      අඩේ වතුසුදු සුවඳ නැද්ද බංස්? අපේ මිදුලෙ තියනව වතුසුදු ...සුවඳයි...හැබැයි ඒ මලේ කෙමිය ඇතුල ලා කහ පාටක් වගෙ තියනව. ඒක එහෙනං වතුසුදු නෙවෙයිද මන්දා...ඒ ගැන හිතලයි මම ඔහොම ලිව්වෙ......:)

      Delete
  9. I'm simply stunned at your mastery in both the languages! Awesome dude!

    ReplyDelete
    Replies
    1. Henry,

      Thanks Machan, you just made my day!!!!...thanks again :)

      Delete
    2. Henry,
      You didn't write anything for a long time machan?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...