Wednesday, February 18, 2015

305. කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කළේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථා වස්තුව


Daily Mirror.








ගිම්හානයෙහි තද උණුසුමෙහි පෙරමඟ ලකුණු එළිපතට පැමිණ ඇතිවද තවමත් එකහෙලා පහව නොගිය ශිශිරයෙහි කටුක ශීතල ගත මෙන්ම සිතද පෙලනුයේ නිතැනිනි.සිත වෙහෙසියයුතු කුදු මහත් රාජකාරි කටයුතු නොගිණිය හැකි පමණ වූවද දිනකිහිපයක සිට සිත මෙන්ම ගතද පෙලෙනා කෙඩෙත්තුව කරනකොටගෙන කොසොල් රජතෙමේ සවස්වරුවම ගත කලේ සිරියහන් ගබඩාවෙහි සුවපහසු සයනය මත වැතිර ගත්වනමය.

රාත්‍රියාමය උදා වුවද ගත පෙලන දාහය කිසිසේත් ඉහිල්වූයේ නොවේ. එසේහෙයින්ම දහසක් අන්තඃපුර බිසෝවරුන් රජුගේ මනදොළ පිනවීම උදෙසා තුන්තිස් පැය මුලුල්ලේ සැදී පැහැදී සිටියද ඒ අරභයා කිසිදු තැකීමක් නොකල රජ තෙමේ මාළිගයෙහි තුන්වන මහලෙහි බිහිදොර අංගනය මත්තෙහි වූ සඳළු තලයට වන්නේ දින කිහිපයකට පෙර යවන දේශයෙන් වෙළඳාම් උදෙසා පැමිණි පියපුතු දෙදෙනෙකු විසින් තුටුපඬුරක් සේ ප්‍රදානය කරන ලද රත් පැහැ මුද්‍රික පානය පිරවූ ඔඩමක් හිස් කරන්නට වූයේය.

රජමාළිග අංගනය මධ්‍යයේ වූ නිල්දියෙන් සපිරි පොකුණ අභියස වූ රත්කරඳ වෘක්ෂයේ අහස් කුසට නැඟීගිය අතුපත් අතරින් දිලෙනා අටවක සඳ පාවීයන්නාවූ වළාවන් අතරින්ම අවරට යන තෙක්ම රජතෙමේ මුද්‍රික පානයෙන් සන්තර්පණය වූයේය.

අවසනැ පැසුළුයම ඇරඹීමට ආසන්නයේ සිරියහන් ගැබට වැද නින්දට වන් එතුමෝ අළුයම බියකරු සිහිනයෙක් දුටුවෝ අනපේක්ෂිතව පය ලිස්සාගොස් මහා ගංගාවකට ඇදවැටුනෙකු සියොළඟ තෙමීබත්වන්නේ යම්සේද එලෙස දහදිය කරණකොට සියොළඟ තෙමීගොස් බියෙන් තැතිගත්වනමැ අවදි වූවෝය.

එලෙස සියොලඟ දහදියෙන් නැහැවීයන පමණ භයංකර වූ සිහිනය යලි යලි මැවී පෙනෙන්නට වූයෙන් පෙරලා නින්දටවන්නට අසමත්වූ රජතුමෝ උදෑසන පෙර'ඹර පැහැපත් වනතෙක්ම සඳළුතලයෙහි සුවපහසු අසුනක් අරා දෑස් පියාගත්වනම ගතකලෝ හිමිදිරියෙහිම මුව දොවාපියාලා සිරුරුකිස, මුව දෙවීම යනාදී අත්‍යාවශ්‍ය වූ කටයුතු වලින් අනතුරුව තම මංගල සෛන්ධවයා අරා දෙව්රම බලා පිටත් වූහ.

අප තිලෝගුරු ගෞතම බුදුන් වහන්සේද සුපුරුදු වූ පරිද්දෙන් උදෑසනක් සේම පිබිදියාහු මුව දොවාලා පියා අනතුරුව පාතරාසයෙන් ඉක්බිති දෙව්රම් වෙහෙර අංගනයෙහි සුවිසල් සල් රුකක් සෙවණෙහි විවේක සුවයෙන් වැඩ හුන්නෝය.

බුදුන් වහන්සේගේ ශාන්තවූ මුව මඬල,  රාත්‍රියෙහි දුටු බියකරු සිහිනය කරණකොටගෙන එතෙකුදු පහව නොගිය බිය සංකා ඇති රජතුමාගේ සිතට මහත් වූ සහනයක්ම වූයේය. බුදුන් වහන්සේ වෙත එළඹ නමස්කාර කොට එකත්පස්වැ හුන් රජතුමා දෙස සිනහ මුසුව නෙත්යොමුකල අප මහ කාරුණිකයාණෝ මෙසේ පිළිවිසියහ.

" කිමෙක්ද මහරජ..මේ උදෑසනක්සේම?....තවත් බියකරු සිහිනයෙක් දුටුවෙහිද? "

" එසේය ස්වාමීනී..රාත්‍රියෙහි පශ්චිම යාමයෙහිදී දුටු එක්තරා බියකරුවූ සිහිනයක් හේතුකොටගෙන බියෙන් තැවෙන්නෙමි. එතැන් පටන් නින්දක් හෝ නොමැත්තේය. එසේ වූ  හෙයින් අළුයම් වූ ඇසිල්ලෙහි ඔබතුමන් බැහැදැක ඒ පිලිබඳව පවසා සහනයක් ලබනු රිසිවැ උදක්ම පැමිණියෙමි. "

" කිමෙක්ද රජතුමනි..මේසා ඔබ බියපත් කල සිහිනය?..වහා පවසනු මැන " …..මෙසේ පවසමින් බුදුහු රජතුමා දිරිමත් කලෝය.

එබස් ඇසූ රජතුමෝ දෑඟිලි බැඳගත්වනමැ හිඳ හිස ද පහතට හරවාගෙන මෙසේ පවසන්නට වූවෝය.

" ස්වාමීනී ඊයේ පශ්චිම යාමයෙහි මවිසින් දක්නා ලදැ ඒ බියකරු සිහිනය නම් මේ ලෙසයැ. වාමනයන් බඳුවූ විසුළු පුරුෂයින් සිව් දෙනෙකු මෘත කළේබරයක් දඬු මැස්සක තබාලා පියා සතර දෙසින් ඔසවාගෙනැ වීදි සඤ්චාරය කරන්නාහ. මියගොස් මසක් පමණ ගතවීයැයි දුටු වහාම කිසිදු සැකයෙකින් තොරව ස්ඵුට වන්නාවූ ඒ මෘත කළේබරයෙන් ගලන්නාවූ කුණුවූ ඕජසින් නික්මෙන දුර්ගන්ධය හාත්පස පැතිරෙන මුත් ඒ ඔසවාගෙන යන්නාවූ වාමනයන් බඳු පුරුෂයෝ ඒ පිළිබඳවැ කිසිදු තැකීමක් නොකොට ප්‍රීති ඝෝෂා පවත්වමින් සරන්නාහුය. "

" මේ ජුගුප්සාජනක දර්ශනය ඉවසාගත නොහුණු නුවරු නොයෙක් ලෙසින් වාමන පුරුෂයින්හට අවමන් කරන්නහුය.... කොළ පවිටුවනි, තෙල මෘත ශරීරය කරතබාගෙන වීදි සරමින් තොප කුමක් අපේක්ෂා කරන්නාහුද? තොපවෙතින් නික්මෙන දුර්ගන්ධය කිසිසේත් ඉවසනු නොහැකිය. වහා තෙල මෘත ශරීරය අමු සොහොනකට ගෙන ගොස් දමා ගලායන්නාවූ ජලපහරකට වැද ස්නානය කොට පිරිසිදු වනු මැනව. යනුවෙන් නාස් මිරිකාගත් වනමැ ඝෝෂා කරන්නාහුය. ඒ කිසිදු බසක් නොතකන වාමන පුරුෂයෝ සිව් දෙන, නැත නැත මේ කිසිසේත්ම මෘත කලේබරයක් නොවන්නේය. මේ වනාහී අපගේ අසහාය නායකයානන්ම වෙති. එනු මැනවි. අපගේ මහා නායකයාණන් වටා එක්රොක් වනු මැනවි. උහු අප විමුක්තිය කරා ගෙන යන මහා රජිඳානෝය. අපගේ පහන් තාරකාවෝය. අපගේ පුන් සඳානෝය. අපගේ සූර්ය දිව්‍ය රාජයාණෝය..අපගේ....අපගේ....අපගේ..."

" එබස් අසා කිපුණු නුවර වැස්සෝ කොළ නින්දිත වාමනයිනි. තොප අහස පොළව නුහුලනා අසත්‍යයක් පවසන්නාහුය. දුගඳ හමන්නාවූ, මාංශ දියවීගියාවූ, ඕජස් ගලන්නාවූ කුණපයක් කිසිදු හිරිකිතක්, පිළිකුලක් නොමැතිව කරතබා යන්නා පමණක් නොව ඒ පිලිකුල් සහගත ක්‍රියාවට සම්මාදම් වන ලෙස අපටද ආරාධනා කරන්නාහුය. යව, යව, මේ පුරවරයෙහි මොහොතකුදු රැඳී නොසිට තොපගේ නායකයාණන් වන තෙල මෘත කලේබරයද රැගෙන වහා මේ නුවරින් පිටවෙව යනාදී වශයෙන් නොයෙක් ආක්‍රෝශ පරිභවයෙන් නින්දා කලාහු කැට කැබලිත්තෙන් පහර දී පළවා හැරියාහුය."

මේ නයින් තමන් දුටු ස්වප්නයෙහි විස්තර බුදුන් වහන්සේ අමතා පැවසූ රජ්ජුරුවෝ මඳක් අවකාශගෙන ඉක්බිති යලිදු උන්වහන්සේ නමැද මෙසේ පවසන්නාහ. 

" එසේ හෙයින් මාගේ ස්වාමීනී. මේ බියකරු සිහිනය වනාහී මා හට හෝ මාගේ වැසියන්හට හෝ මාගේ රාජ්‍යයට හෝ සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙරනිමිත්තක් දෝ හෝයි බියෙන් තැවෙන්නෙමි. "

එබස් ඇසූ බුදුන් වහන්සේ මන්දස්මිතියෙන් යුතුවැ මඳක් නිහඬව හුන් ඉක්බිති යලි රජුන් බැණවූහ. 

" කිසිසේත්ම බිය විය යුතු නැත. මහ රජතුමනි. මේ නම් තොපට හෝ රටවැස්සන්ට හෝ මේ රාජ්‍යයට සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙර නිමිත්තක් නොවේමය. මේ වනාහී මින් වසර දෙදහස් පන්සියයකට අනතුරුව මේ ජම්බු ද්වීපයට දකුණු දෙසින් පිහිටි කුඩා දිවයිනක සිදුවන්නකි. "

" ඒ කාල වකවානුවක එහි වැස්සන්හට පල් හොර කණ්ඩායමකගෙන් බොහෝ ගැහැට සිදුවන්නාහ. එදවස එහි දක්ෂිණ භාගයෙහි උපත ලබන්නාවූ එක් පුරුෂයෙක් ඒ දිවයිනෙහි ජන සම්මතයෙන් නායක පදවියට පත් වන්නේ කෙසේ හෝ චෞරයින් පරදවා සියලු ජනයාහට ශාන්තිය උදාකරන්නාහ. මෙසේ රට පාලනය කරන්නාවූ මේ පුරුෂ තෙමේ මෙසේ සිතන්නාහුය. කිසිවෙකුට දමනය කල නොහැකිවූ තෙල චණ්ඩ චෞරයා ජීවිතක්ෂයට පත්කලෝ මම්ම වේද? එසේ හෙයින් මේ දිවයිනෙහි යාවජීව රජ තනතුරට මා හැර අන් සුදුස්සෙක් ඇත්ද? මෙසේ සිතා ඒ පුරුෂ තෙමේ මානයෙක් මත්වූවෝ රාජ්‍ය පාලන අණපණත් අත්තනෝමතික ලෙස සංශෝධනය කොට තමන් යාවජීව රජු ලෙස සිතා කටයුතු කලෝය. උහුගේ දරදඬු අත්තනෝමතික පාලනය ඉවසිය නොහැකි කල්හි රටවැස්සෝ රහසින් කතිකා කොට උහු බහුතර මනාපයෙන් පළවා හැර තමන් සිත්ගත්තාවූ වෙනත් කෙළෙඹි පුත්‍රයෙක් පාලක තනතුරට පත්කොට ගත්තාහුය. "

" පාලන බලයෙන් පහකොට පළවා හැරි ඒ අත්තනෝමතික පාලකයා සමඟ උන් රාජ්‍යය පාලනය කරන සමයේ උහු සෙවණේ සුවච කීකරු සුනඛ පෝතකයින් සේ ලැග හිඳිමින් මහජන මුදලින් සිත්සේ කාබී සතුටුවූ නිවට අන්තේවාසිකයින් කැලද තම යසඉසුරු අහිමිව පලාගියෝය. "

" එසේ වුවද බොහෝ කාලයක් මුලුල්ලේ මහජන මුදලින් සුර සැප විඳි ඔවුහු වැඩි කලක් ගතවන්නට පළමු තම සුපුරුදු යස ඉසුරු රහිතව ජීවත්වීමේ අසීරුව වටහා ගත්තෝ නැවත සුපුරුදු ජීවිතයට ප්‍රවිෂ්ඨ වන්නේ කෙසේදැයි කල්පනා කලෝය. දේශපාලන වශයෙන් පාරාජිකා වූ ඔවුන් අතරින්  සිව් දෙනෙකු අවසානයෙහි සාමූහික නිගමනයකට එලඹියහ. එනම් පරාජිත රජතුමා තම කරමතට ගෙන උහුගේ මාර්ගයෙන් කෙසේ හෝ මහජනයා මුළාකොටැ නැවත බලයට පත්වීම තමන්ට ගැලවීමට ඇති ඒකායන මාර්ගය බව ඔවුනට පසක් විය. එලෙසම තම තීරණය ක්‍රියාත්මක කල එම සට්ටැඹියන් සිව් දෙන ජාතික නන්නත්තාර පෙරමුණ නම් දේශපාලන පක්ෂයක් අටවා ගත්තාහු පරාජිත රජතුමා උර මත තබාගෙන රට පුරා සංචාරය කිරීම ආරම්භ කළෝය."

මෙසේ පැවසූ බුදුන්වහන්සේ කොසොළ් රජු දෙස සිනාමුසු මුහුණින් මඳක් බලා සිටියේ යලි මෙසේද පැවසුවෝය. 

" ඒ නන්නත්තාරයින් සිව්දෙනා මෙබඳුය. එකෙක් කලක් හුදී ජන විමුක්තිය උදෙසා විප්ලව කිරීමේ ඒකායන පරමාර්ථය ඇතිව කල් ගෙවා පසුව මහළු වියෙහිදී තම සියලු ප්‍රතිපත්ති නිර්ලජ්ජී ලෙස පාවා දෙමින් අන්තේවාසික යන නාමයට නව අර්ථ විවරණයක් සැපයූවෙකි. ඒ හා සමාන මහළු වියෙහි පසුවන දෙවැන්නා පොදුජන උන්නතිය උදෙසා බොහෝ සේ කටයුතු කල උදාර පියෙකුගේ පුත්‍රයා වීමේ භාග්‍යය විනා අන් කිසිදු දේශපාලන හැකියාවක් නැත්තෙකි. ඔවුනට ලාබාල වූ අනෙක් දෙදෙනාද ඔවුන්ටම දෙවෙනි නොවෙනා කෝණංගියෝ වෙති. එකෙක් වාචාලකම නෛසර්ගයෙන්ම උරුමවූ කට හැකරයෙකි. සිහිගිරි පවා නොගිය එමෙන්ම මහල්ලා සහ මුහුද රචනා කලේ කවුදැයි නොදන්නා මුත් ජාතිය රක්නා පංචායුධය යයි තමන්ටම විරුදාවලියක් ප්‍රධානය කරගන්නා තරමට උද්ධච්ඡයෙකි. සතර වැන්නා මිනිසුන්ගේ කැමැත්ත ලබාගැනීමට වියදම් කිරීමට ඔවුන්ගෙන්ම මුදල් එකතු කල සට කපටයෙකි. "

මෙසේ සිහින විවරණය නිමා කල බුදු රජානෝ " එසේ හෙයින් මහරජ නොබා හිඳිනු මැන " යනුවෙන් යලිදු මන්දස්මිතියෙන් යුතුවැ රජු අමතා වදාළෝය.

" එසේය ස්වාමීනී..ඔබගේ වදනින් මසිත බිය සැක දුරුව පහන් වූයේ වළාපෙලකට මුවාව සිටි පුන්සඳ වලාවන් පහව ගිය ඉක්බිති බබලන්නාසේය. ඔබට බොහෝසේ ස්තූතියි. ඒ සමඟම මසිත පැනනැඟි කුකුසක් දුරුකොට ගැන්මට ඔබේ අවසර….."

" එසේය මහරජ. විමසනු මැන..විමසා සැක දුරුකොටගනු මැන.."

" ස්වාමීනී. එදවස එම අනාගත දේශයෙහි ඔබ වහන්සේ පැවසූ අන්තේවාසිකයින් සිව්දෙනා අපේක්ෂාකරන පරමාර්ථය සාර්ථක වේද? "

" කිසිසේත්ම නැත මහරජ, කිසිසේත්ම නැත..මෘත කලේබරයකට යලි ජීවය ලබා දිය හැක්කේ කවර ජගතෙකුටද?...එලෙසින්ම ගලායන මහා ගංගාවක් දෑතින් නවත්වා ආපසු හැරවිය හැක්කේ කාටද? මහරජ, අසනු මැන,ඔවුන්ගේ උත්සාහය ඒකාන්ත වශයෙන්ම පරාජය වන්නේය. එසේ වී ඒ දිවයිනට ඉතා යහපත් කාලයක් ඉක්බිති උදාවනු ඇත. "

" සාදු..සාදු..සාදු..ඔබට යලිත් වරක් ස්තූතියි ස්වාමීනී!!! …" 

කොසොළ් රජතුමෝ මෙසේ පවසමින් බුදුන් වහන්සේ ඉදිරිපිට පසඟ පිහිටුවා වැඳ වැටුණෝය.

කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කලේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථාවස්තුව මෙතෙකින් නිමියේය. 

ඒවං මේ සුතං..මා විසින් මෙසේ අසන ලදී.

51 comments:

  1. මේ මළමිනිය උස්සන් යන හැම දෙනාගෙම පොදු ලක්ශනයක් තියනවා.ඒ ඔවුන්ට සන්ධාන දේශපාලනය නැතිව තනිව ඡන්දයක් ජයග්‍රණයකර කිසිදා පාර්ලිමේන්තුවට පත්වීමට හැකි නොහැකියාව.මහින්දගේ පරාජයෙන් පසුව මහින්ද කරණය වී තිබුන නිදහස් පක්ශය පුද්ගල විශේෂිකරණයෙන් ඈත්වෙලා පක්ශයක් විදිහට සන්විධානය වෙන්න පටන් ගත්තා.ඒ පක්ශය තුල අද රැලියට සහභාහි වුන 90%කට වඩා දෙනෙකුට අඩුම තරමේ නාම යෝජනාවත් ලැබෙන එකක් නෑ.ඒ නිසා ඔවුන් කරන්නේ නැවත රජයක් පිහිටවන එක කොහොමවෙතත් මහින්දගේ කර උඩින් ගිහින් අඩුම ගානේ පාර්ලිමේන්තුවටවත් රින්ග ගන්න.ලොක්කා කාලා විසි කරපු කටු ලෙවකනවා ඇරෙන්න සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න මුන්ට දැන් පුරුදු නෑ.මුන්ගේ තන්හාව නිසා මුන් මේ බිලිදෙන්න හදන්නේ යහපත් රටකට අත්‍යවශ්‍ය දෙයක් වෙන ශක්තිමත් විපක්ශයක් බිහිවීම නැතිකරන එකයි.මෙතන ඉන්න හැම එකාගෙම හැසිරීම තේරුම් ගන්න පුළුවන් උනත් මට තේරුම්ගන්න බැරි දයාන් ජයතිලකගේ හැසිරීම.ඔහු තනිව ගමනක් යාමට පුළුවන්කම තිබුන එකෙක්.එහෙම එකේ මොන මගුලට ගොට්ටෙක් උනාද මන්දා.

    ReplyDelete
    Replies
    1. කටුසු හදවත,

      / .ඒ නිසා ඔවුන් කරන්නේ නැවත රජයක් පිහිටවන එක කොහොමවෙතත් මහින්දගේ කර උඩින් ගිහින් අඩුම ගානේ පාර්ලිමේන්තුවටවත් රින්ග ගන්න.ලොක්කා කාලා විසි කරපු කටු ලෙවකනවා ඇරෙන්න සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න මුන්ට දැන් පුරුදු නෑ./

      අන්න හරියටම හරි..ඒක තමයි හේතුව..මේ සෙල්ලං ඔක්කොම දාන්නෙ ඔය ටිකට තමයි.අනුන්ගෙ සල්ලිවලින් කාලයක් ජීවත්වෙලා පුරුදු වුනහම ඒක අත ඇරගන්න බැරිවෙනව....ජාතිය බේරාගැනීම....මගේ පාදය!!!!

      Delete
  2. වෙන විකල්පයන් නැති වුන් අද මළකුණ උස්සන් යන්න පටන් අරන්.. තව ටික දවසකින් ඉතින් ඒකත් පැත්තකට විසි කරන්න වෙන දවස ඒවි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      මුංට පිස්සු මල්ලි..ඒත් ඒ පිස්සු බල බල අපිට සන්තෝස වෙන්ට බැරි ඒ පිස්සුවෙං කෙලවෙන්නෙ මුලු රටටම..අන්න ඒක හින්දයි...

      Delete
  3. දැන් ජනාධිපතිවරණෙදි මහින්දව දිනවන්න උත්සාහ කරපු පිරිස ගැන මට තියෙන්නේ මතවාදී ගැටුමක් විතරයි. අපි මෛත්‍රීට සහාය දුන්නා වගේ, මහින්දට කැමති පිරිස් මහින්දට සහාය දුන්නා.

    මෙතැනදී ඊට වඩා ලොකු අවුලක් තියනවා. මහින්දව ජනාධිපතිවරණෙන් දිනවන්න උත්සාහ කලේ මහින්ද නැති උණොත් රටට යන කලදසාව ගැන කිය කියනේ. දැන් මහින්දගේ ජානාධිපතිවරණ ප්‍රතිවාදියා දිනලා ඉන්න වෙලාවේ මහින්දව අගමැති කලොත් ඒකෙන් රටට යහපතක් වෙන්නේ කොහොමද කියලා මේ කට්ටිය පැහැදිලි කරන්න ඕනේ.

    ඒක නෙමෙයි වචන දෙකක් ගැන පොඩි ප්‍රස්නයක් තියේ... එකක් භාවිත කිරීම ගැන, අනෙක භාවිතා නොකිරීම ගැන. "ස්තූතියි" කියන වචනේ නිකං මොකද්දෝ මොකද්දෝ වගේ... අනෙක, "වන්නාටය" අද පාවිච්චි කරලා නෑ. :)

    ReplyDelete
    Replies
    1. Thisara,

      / දැන් මහින්දගේ ජානාධිපතිවරණ ප්‍රතිවාදියා දිනලා ඉන්න වෙලාවේ මහින්දව අගමැති කලොත් ඒකෙන් රටට යහපතක් වෙන්නේ කොහොමද කියලා මේ කට්ටිය පැහැදිලි කරන්න ඕනේ. /

      ඕකට අර ලැමං පෆ් කෙලතොල්ලා මෙහෙම උත්තර දෙයි ඇහුවොත්...

      " මෛත්‍රීපාල රට විනාස මුකේට ගෙනියන්ටයි හදන්නෙ. එයා කරන්නෙ බටහිර කොන්ත්‍රාත් එකක්. රට ගැන කැක්කුමක් තියෙන දේසප්පෙරේමීං හැටියට මේ වෙලාවෙ අපේ යුගයේ කාරියබාරිය ඇවිල්ල ඒ බටහිර-මෛත්‍රී කුමන්තරනේ පරාජය කරන එක. සුද්දො මහින්දට බයයි. ඒ නිසා මේ වෙලාවෙ කිරියාත්මක වන දේසපාලන වාස්තවික තත්වයන් අනුව කලයුතු හොඳම දේ තමයි මහින්ද අගමැතිකරවන එක. මහින්ද එතකොට පාර්ලිමේන්තුවෙ සටන් කරල අර විදේසීය කුරුමන්තරනය පරාජය කරයි. එච්චරයි අපට අද තියෙන එකම බලාපොරොත්තුව. රට බේරගන්ට පුලුවන් මේ තීරනාත්මක අවස්තාවෙ මහින්දටම විතරයි...."

      / ඒක නෙමෙයි වචන දෙකක් ගැන පොඩි ප්‍රස්නයක් තියේ... එකක් භාවිත කිරීම ගැන, අනෙක භාවිතා නොකිරීම ගැන. "ස්තූතියි" කියන වචනේ නිකං මොකද්දෝ මොකද්දෝ වගේ... අනෙක, "වන්නාටය" අද පාවිච්චි කරලා නෑ. :) /

      ඔන්න බලාපං මලේ..හෙහ්,හෙහ්, ස්තූතියි කියන වචනෙ ගැන මගෙත් පොඩි විචිකිච්ඡාවක් තිබ්බ කිව්වම මොකද? ඒ වෙනුවට " ඔබට බොහෝසේ පින් ස්වාමීනී " කියල ලියන එකත් හරි නෑ කියල හිතුන . මොකද යලි ඉපදීමක් නැති පුද්ගලයෙකුට පිං වලින් ප්‍රයෝජනයක් නැති නිසා. අන්තිමට ඔහෙ ඕන එකක් කියල ස්තූතියි කියලම ලිව්ව.

      ඊළඟට අනික් වචනෙ...වන්නාටය..ඒක කතාවෙ නොයෙදුනාට ස්තූතියි සම්බන්ධ ප්‍රශ්නෙදි මම වන්නාටය කියල හිතුව....හෙහ්,හෙහ්, ඒ මෙහෙමයි.

      ඔබට බොහෝසේ ස්තූතියි ස්වාමීනී යන යෙදුම පිළිබඳව මගේ එතරම් ප්‍රසාදයක් නොවීය. එහෙත් ඊට පර්යාය වශයෙන් ඔබට බොහෝසේ පිං ස්වාමීනී යන්න යෙදීමට මසිත පැකිලුනි. ඒ බුදුන් වහන්සේ වන් පුනර්භවයක් නොමැත්තෙකුට පිං අනුමෝදන් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බැවිනි. අවසන වෙනත් සුදුසු වදනක් සොයාගැන්මට අපොහොසත්වූ සඳ, වන්නාටය ඔබට ස්තූතියි ස්වාමීනී යනුවෙන්මැ යොදන්නෙමි සිතා ලා පියා එසේ යොදා වදාළ බව දත යුත්තේය.ය...ය...ය!!!

      Delete
  4. නියම ජාතක කතාව. මට ලොකු කොමෙන්ටුවක් දාන්න වෙලාවක් නැහැ. සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. මේ කතා ජාතක කතා ෂෙනාරයේ ඒවා නොවෙයි. අනාගතය ගැන නේ කියවෙන්නේ.

      Delete
    2. අජිත්,

      මේක ජාතක කතාවක්නම් වෙන්නෙ නෑ. ජාතක කතා කියන්නෙ බුදු හාමුදුරුවො බුද්ධත්වය ලබන්නට පෙරුම් පිරූ පෙර ආත්ම භාවයන්හි තොරතුරු ආශ්‍රයෙන් ගෙතුනු කතා වලට.පන්සිය පණහක් තියෙනවයි කියලයි කියන්නෙ. ජාතකය කියන්නෙ උපත කියන එක." උගෙ ජාතකේ හොඳ නෑ ඒකයි ඔය ඔක්කොම " එහෙම කියනව අහල ඇතිනෙ. " ඌ නං බල්ලෙකුටද කොහෙද ජාතක වෙච්චි එකෙක්.." එහෙමත් කියනව...හෙහ්,හෙහ්,

      මේ කතාවෙ වර්ගීකරණය ඇවිල්ල කෝසළ සිහින..කොසොල් රජ්ජුරුවො සිහින දහසයක් දැක්කයි කියල කියවෙනවනෙ. බුදුහාමුදුරුවො ඒ සිහින ඔක්කොම විසඳල කොසොල් රජ්ජුරුවන්ගෙ බය නැතිකලා කියල තමයි සඳහන් වෙන්නෙ.

      Delete
  5. "අපායේ ඉනටවල්..."
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත..
    හැබයි මළගමට සෙනග නම් අම්බානක උන්නා...
    මමත් ලියන්න ඉන්නේ දේශපාළණ විස්ලේසොනයක්..
    මේ දවසවල පොඩ්ඩක් බිසි..
    මාතලන්ගේ පෞද්ගලික වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනකට අවතීර්න වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      ඔබ හරි...යක්ෂාගමනයට පෙර සුළු විවේකයක් නොහොත් අපායේ ඉන්ටර්වල්

      Delete
  6. මේ කතාවෙන් හෙළිවුණු තවත් වඬැදගත් කාරණයක් තමයි ඔය සිහිගිරිය කාශ්‍යප හදපු එකක්ම නොවේය රාවණා රජකාලේ ඉඳලා අජඨාකාශ ගමන්වලට උපයෝගී කරගත්තු එකක්ය කියන කතාව.

    රාවණාගෙන් පසු යුගයක වැඩ සිටි ගෞතම බුදුන් ගේ කාලේත් අපේ හෙළ සිහිගිරිය දඹදිව පවා ප්‍රචලිතයි.

    කාටද "යකෝ" ආඩම්බර?

    ReplyDelete
    Replies
    1. රසික,

      / මේ කතාවෙන් හෙළිවුණු තවත් වඬැදගත් කාරණයක් තමයි ඔය සිහිගිරිය කාශ්‍යප හදපු එකක්ම නොවේය රාවණා රජකාලේ ඉඳලා අජඨාකාශ ගමන්වලට උපයෝගී කරගත්තු එකක්ය කියන කතාව. ...රාවණාගෙන් පසු යුගයක වැඩ සිටි ගෞතම බුදුන් ගේ කාලේත් අපේ හෙළ සිහිගිරිය දඹදිව පවා ප්‍රචලිතයි. /

      එහෙම හිතන්නත් පුලුවන්. අනික් අතට මෙහෙම දේකුත් තියනව... මෙතන සීගිරිය ගැන කියන්නෙ බුදුහාමුදුරුවො.එතුමා තුන්කල් දක්නා නුවණින් එහෙම කියන්නෙ. ඒ කියන්නෙ අනාගතය දැකලා..

      Delete
  7. හිහි බුහ් හහ් හා..............
    මාරාන්තිකයි අෑ
    පට්ට කියන්නෙ හොදම එක...

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      බොහොමත්ම ස්තූතියි..මහේෂ්...:)

      Delete
  8. patta jathake . darmasena hamuduruwo wadalada balapalla.
    upahasa rasayen piri athi me wage nirmanaseeli kathawak nirmanaya kala nubata jaya wewa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්...:)

      Delete
    2. අහිකුණ්ටිකයින් වගේ තැනින් තැනට මාරුවෙවී තමා බොග කියවන්නේ. ඉතින් ඇතැම් ඒවගේ සිංහල නැති නිසා ඉංග්‍රිසියෙන් කෙටුවෙම්

      Delete
  9. උඹ නං මරු බඩුවක් බං.

    ReplyDelete
  10. [කෝණංගියෝ ] කියන්නේ මොක්කුද ? අදමයි දැක්කේ ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      කෝණංගියා කියන්නෙ විහිලුකාරයට..ඔය පරණ නාඩගං වල බොහොම වැදගත් භූමිකාවක් කලා විහිලුකාරයා ..බම්මන්නා කියලත් කියනව.ගොඩක් වෙලාවට කියවෙන කතාවට කෙලින්ම සම්බන්ධයක් නෑ. ඒත් පොඩි කෝළං කෑලි රඟපාමින් අනම් මනම් විකාර දොඩවමින් ප්‍රේක්ෂකයන්ට අමතර ආතල් එකක් දෙන්ට තමයි ඒ චරිතය දාල තියෙන්නෙ.

      කවටයා, බහුබූතයා, විගඩමා..එහෙම කියන්නෙත් කෝණංගියාටමයි. සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායෙ මේ චරිතය හැඳින්වෙන්නෙ විදූෂක කියල.

      Delete
    2. අපේ ගං පළාත්වල ටීටර් පෙන්නද්දී ජවනිකා දෙකක් මාරුවීමේදී සෑහෙන වෙලාවක් ගතවෙනවා නං එතැනදී කෝනංගියා හෙවත් බම්මන්නා හෙවත් බම්බු පාට් කියල අපේ පැත්තෙ කිව්වෙ ඉදිරිපත්වෙලා සිංදුවක් කියල නටල බලාගෙන ඉන්න අයගෙ අවධානය ටීටර් එක කෙරෙහිම රඳවා ගන්නවා.
      ඔය මේ දවස්වල රජගෙදර රිළවා ඇතුලු කණ්ඩායම කරන්නෙත් එක්තරා විදියක බම්බු පාට් දැමිල්ලකුයි.

      Delete
    3. දකුණු ඉන්දියාවෙ තියෙනවා (මට මතක හැටියට කර්ණාටක ප්‍රාන්තයේ) ගැමි නාටක විශේෂයක් 'යක්ෂගාන' කියලා.. ඒකත් ඔය අපේ පැරණි නාඩගම්වලට සමානයි.. බොහෝවිට මූලය එකක්ම වෙන්ට ඇති.. හැබැයි මේ යක්ෂගාන අපේ නාඩගම්, සොකරි ‍වගේ සමාජයෙන් තුරන්වෙලා ගිහිල්ලා නෑ, රාජ්‍ය අනුග්‍රහය ඇතුව තාමත් පැවැත්වෙනවා.. මට කියන්ට ඕන වුනේ මේ යක්ෂගානවලත් ඉන්නවා ඔය කෝණංගියා වගේම විහිළුකාරයෙක්.. ඌට කියන්නෙ 'කෝඩංගියා' කියලයි..

      Delete
    4. බූරා,

      ස්තූතියි බූරා හැමදාම වගෙ අපි නොදන්නම දෙයක් කියා දුන්නට...ඔය කෝණංගියා කියන වචනෙ මම මුලින්ම දැක්කෙ මුනිදාස සෙනරත් යාපා මහතාගෙ පොතක " හොරගොල්ල බිඳ වැටීම" මම කියවපු පොත් අතරින් ඉතාම රසවත් බස් වහරකින් ලියවුනු පොතක්...

      Delete
    5. හැලප,

      ටීටර් කියන වචනෙ උපත කියන Theater කියන ඉංග්‍රීසි වචනෙ කියල උඹ දන්නව නේද?

      Delete
  11. Replies
    1. බොහොම ස්තූතියි සරත්...:)

      Delete
  12. මං හිතන්නේ මං මේ තාක් කියවල තියෙන ලස්සනම හා රසවත්ම කාලීන දේශපාලන ලිපිය.. මේ වගෙ ලිපි බ්ලොග් අවකාශෙන් පිටතට යා යුතුමයි..

    වඩාත්ම කැමති හා විය යුතුම කොටස..

    ///" ස්වාමීනී. එදවස එම අනාගත දේශයෙහි ඔබ වහන්සේ පැවසූ අන්තේවාසිකයින් සිව්දෙනා අපේක්ෂාකරන පරමාර්ථය සාර්ථක වේද? "

    " කිසිසේත්ම නැත මහරජ, කිසිසේත්ම නැත..මෘත කලේබරයකට යලි ජීවය ලබා දිය හැක්කේ කවර ජගතෙකුටද?///

    ජය ශ්‍රී රවී අයියා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි කළ්‍යාණ...හෙහ්,හෙහ්,

      ඔබගෙ අගය කිරීම මට මහත් සතුටක්...:)

      Delete
  13. ඔය අනාත රිලව් හතර දෙනා නෙමෙයි ඔතන වැදගත් සාධකය. වැදගත් වෙන්නේ ප්‍රසන්න රණතුන්ග වැනි දැන් පාර්ලිමේන්තුවේ නැති දෙවනි මට්ටමේ ශ්‍රීලනිප දේශපාලකයින්.
    ඔවුන් හිතන්නේ මහින්ද පක්ෂයේ බලය ඇල්ලුවොත් (සිරිසේන සභාපති වුනාට කමක් නෑ පහලින් බහුතරයක් ගත්තොත් )දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න සිරිසේන හිතවාදියො එලවල නොමිනේශන් අරන් දිනල තමන්ට ඒ තැන ගන්න පුලුවන් කියල

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      තමන්ගෙ අනාගතය රටේ සහ ජනතාවගේ සුබසිද්ධියට වඩා වැදගත් කොට සළකන දේසපාලුවන් ඉන්නතාක්කල් රටක අනාගතය බොහොම අඳුරුයි.

      Delete
  14. බයියෝත් ආතල් එකක් ගන්න එපැයි රවීයියා,එකටනේ යහපාලනේ කියන්නේ:D අනිත් එක සෙනග එන හැටියට ජන්ද තියේනම් ආයෙමත් ජනපති මහින්දම තමයි නේ.:P

    ReplyDelete
    Replies
    1. බයියො තමා ඡන්දෙ දිනුවෙ. ඩයස්පෝරාවෙ ජිහාඩ් බලවේගය නිසයි පැරදුනේ

      Delete
    2. ඇනෝ,

      අමතක කරන්ට එපා මහ බයිය 2005 දි දිනුවෙ තනිකරම දෙමළ ඡන්ද නිසාය කියල.

      ඔය බයිය කියන වචනෙ මම කියන එකක් එහෙම නෙවෙයි හොඳද? අති ගරු මහරජතුමාගෙම ගොන් පාට් එකක් ( දහසක් ගොන් පාට් අතර එකක් විතරයි ) ..අය වැය කතාව ඉවරවෙලා උන්නැහැම තමයි බොහොම උජාරුවෙන් ඇහුවෙ " කොහොමද බයියංගෙ වැඩ? " කියල.

      Delete
    3. මනෝජ්,

      අපේ මිනිස්සු ගැන දන්නවනෙ බං...ආං අතන හන්දියෙ තනි කෙලින් බලු බෙට්ටක් තියනව කිව්වත් රෙදි කරට අරගෙන දුවන කස්ටිය නෙව...හෙහ්,හෙහ්,

      Delete
  15. කාලීන කතා වස්තුව රවියා..

    හැබැයි ඔය කියන රටේ නායකයා අමු මිත්‍යා දෘෂ්ඨිකයා. පොර බණ ඇහුවේ බුද්ධ ධර්මයට අදාලව නෙවේ. රාජපක්ෂ නිකායේ බල සේනාවකින්. මෛත්‍රිය වෙනුවට වෛරය වපුරන නිකායක් ඕක.

    ජය වේවා. අපුරුයි !!

    ReplyDelete
    Replies
    1. සෑම්,

      ස්තූතියි සෑම්..එයයිගෙ බණ ඇහිල්ල ගැන කතාකරල වැඩක් නෑ...හෙහ්,හෙහ්,

      Delete
  16. ඊයේ වැඩිම හිට් එක මේකට.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15857-2015-02-19-00-17-29

    ReplyDelete
  17. අනාගත දේවදත්ත නිකායාධිපති අඥනසාර නම්වූ චීවරධාරියෙක්ද මෙම පාංශුකූල ක්‍රියාවලියට සහභාගී උන වගයි.

    ReplyDelete
    Replies
    1. සරත්,

      අහ්...එයාත් හිටියද?

      Delete
  18. මෙතන පොඩි වරදක් තියනවා. මරාට බැන්නට මටනම් කමක් නෑ. ඒත් අතිගරු ප්‍රභාකරන් උතුමාණන්ට චෞරයා කියල තියනවා. ඒක හරි මදි නේද
    දෙමළ මුස්ලිම් ඡන්ද වලින් දිනපු එකේ කෙළෙහිගුණයවත් දක්වමු. ආ කෙළෙහිගුණ නෑනෙ නේද. කමක් නෑ.
    නියම යූඇන්පීකාරයන් කොටින්ට ජිහාඩ්වරුන්ට නිසි ගෞරවය දිය යුතුයි.නැත්නම් ඊලඟ ඡන්ද දිනනවා බොරු.
    ඒ වගේම ඊළාම් සිහිනය බොදකළ මරාට එරෙහිව නැගී සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. Ano,

      / දෙමළ මුස්ලිම් ඡන්ද වලින් දිනපු එකේ කෙළෙහිගුණයවත් දක්වමු. /

      බයිය තමයි එහෙනං ඉස්සෙල්ලම කෙළෙහි ගුණේ දක්වන්න ඕන. 2005 ජනාධිපතිවරණෙදි දෙමළු කරපු උදව්වට...:)

      / ඒ වගේම ඊළාම් සිහිනය බොදකළ මරාට එරෙහිව නැගී සිටිය යුතුයි. /

      චේතනා භික්ඛවේ කම්මං වදාමී කියල අහල තියනවනෙ නේද? චේතනාව තමයි වැදගත් වෙන්නෙ...එහෙම බැලුවොත් මට නම් සීයට සීයක් ෂුවර් මහරජතුමා කොටි පැරැද්දුවෙ රට ජාතිය ගැන තියන ආදරේකට නෙවෙයි. සදාකල් තමං සහ තමංගෙ දු දරුවන්ට බලයේ ඉන්ට ෂුවර් ඇන්ඩ් ෂොට් මාර්ගය කොටි පරද්දන එකය කියල හිතලයි. උන්නැහැ කොට පරද්දල ඉනික්බිති කියපු කරපු එව්වයිං ඒක අගේට ඔප්පු වෙනව.

      Delete
  19. ඔය කලේබරය පස්සෙන් වැටිච්චි කලින් සට්ටැඹිකම් කරපු, වන්දිභට්ට කම් කොරපු, රජෙක් නැතිව සාංකාවෙන් උන්නු උදවිය ගැන පෙනිච්චි නැති එකයි පුදුමෙ!

    පරණ සිංහල ජනකතාවක් තීනව වංගෙඩි වාහෙ කියල.

    ඔන්න එක ගමක ගෑණු කෙනෙක්ගෙ මිනිහ බොහොම උස්සහ වන්ත අහින්සක එකෙක්ලු. හැබැයි මේ අම්මන්ඩිගෙ අහල පහල ගෙදර ඉන්න ගෑණුන්ගෙ මිනිස්සු නිතර බීල හවහට මේ ගෑණුන්ට තඩි බාන මරුමුස් ඩයල්. උන් එහෙම ගහනකොට ගෑණුත් විලාප දීල ගම දෙක කරන සිද්ධිත් බොහොම සුලභයි.

    දැන් අර අපේ අහින්සකයගෙ ඇන්ටිට මෙහෙම අල්ලගෙන තඩි බාන්න මිනිහෙක් නැති එක ගැන හෙන සාංකාවලු. පස්සෙ දවසක් මුන්ඩැත් කල්පනා කොරල කොරල මේකට වැඩක් සෙට් කරගත්තලු.

    මෙන්න එදා ඇහෙනවලු අර උන්දැගෙ ගේ දිහාවෙන්,

    අනේ මාව බේර ගනියෝ.. මේ වංගෙඩි වාහේ මාව මරන්න හදනෝ...." කියල.

    පස්සෙ මේ සද්දෙ අලුත් නිසා ගමේ එකාල ගෙහුන් බලත්දි අර හාමිනේ ගෙදර ලී වංගෙඩිය වහලෙ ලන්නකින් ගැට ගහල, ඒක පද්දල ඇවිත් ඇඟේ වදිනකොට මොර දෙනවලු "මේ වංගෙඩි වාහෙ මාව මරනෝ" කියල.

    තමන්ට ගුටි අනින්න, සද්දෙ දාන්න ඕන මිනිහෙක් බැරි නං වංගෙඩියක් හිටියත් මේ අපේ උන් බහුතරයක සැපැයි, සාධාරන කන්න හොයල විතරක් දෙන මිනිහෙක් ඉන්නවට වඩා.

    ලංකාවෙ අපි එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      ඔය කතාව මම අහල තියෙන්නෙ ඔයිට චුට්ටක් විතර වෙනස් විදිහට. ඒකෙ මිනිහ දිනපතා ගෑණිට අල්ලගෙන තඩිබානව. ගෑණිත් මරලතෝනි තියනව. " බුදු අම්මෝ මෙන්න මේ යස්සය මාව මරනෝ..බේර ගනියෝ " කියල..මිනිහ මරුමුසා හින්ද ගමේ කවුරුවත් බලන්නෙ වත් නෑ. ඔන්න ඔහොම ඉඳල මේ මනුස්සය මලාය කියමුකො. මිනිය අස් කරල එහෙම දවස් දෙක තුනක් ගෙවිල ගියා සද්ද බද්දයක් නැතුව. ඊලඟ දවසෙ ඇහෙන්ට ගත්ත අර බබලතාගෙ මර ලතෝනිය. " බුදු අම්මෝ මෙන්න මේ යස්සය මාව මරනෝ..බේර ගනියෝ "

      යකෝ අර යකාගෙ අවතාරෙවත් ඇවිල්ල් මේකිට තඩිබානවවත්දෝ කියල ගමේ එවුන් හෙමීට කිට්ටු කරල හොස්ස පොවල බැලින්නං මොකද වෙලා තියෙන්නෙ? ගෑණි වංගෙඩිය කඹේකින් බාල්කෙ එල්ලල ඒක පද්දල එන පාරට පිට අල්ලල ඊට පස්සෙ මර හඬ තියනව.

      අපේ මිනිස්සු ගෑණු බහුතරයක් අන්න එහෙමයි.මරාගෙ ගෝලයො වැඩියම යකා නටපු දකුණෙ තමයි උන්දැට ඡන්ද වැඩිම. මට හිතෙන්නෙ බං අපි වැඩි දෙනෙක් තාම කැමති රජකෙනෙක් යටතෙ දෙකට නැමිල යටහත් පහත් කමට ඔලුව නමාගෙන ඉන්න වැඩවසම් පාලනයකට..ගහන්ට ගහන්ට අපි කැමතියි...ගහන්ට ගහන්ට අපි කැමතියි....දෑත බදල කෙලින එකාටම තමයි අපි වඳින්නෙ.ඌටම තමයි අපේ මනාපෙ...සුද්දොන්ටත් පිස්සුනෙ මේ කෙහෙල්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් බලෙං අපේ කරපිට පටවල යන්ට ගියේ. ඉන්දියාවට නිදහස දෙනවත් එක්කම සුද්ද ලංකාවෙත් නිදහස ඉල්ලල අරගල ඇතිවෙයි කියල බයවෙලා නිදහස දුන්නට, එහෙම නොකර දිගටම යටත් විජිතයක් විදිහට තියාගත්තනං මට බුදු ෂුවර් විසි එක්වන සත වරුසෙ ලෝකෙ තියන එකම යටත් විජිතය වෙන්නෙ අපේ මේ අමුතු ඇටේ..හෙහ්,හෙහ්,

      Delete
  20. බ්ලොග් අවකාශයේ අන්‍ය මත නො ඉවසීම මා දුටුවේ ටොයියන්ගේ පෝස්ට් වලිනි. ඔවුහු සංධානයට ඡන්දය දුන් අයට ගොන්, මීහරක්, ගොබ්බයන් කියා අමතති.එහෙත් එසේ ඇමතීමට ඔවුන්ට කිසිම අයිතියක් නැත.
    නුගේගොඩ රැස්වීම ඔවුන් හැදින්වූවේ මීහරක් සංගනනයක් ලෙසයි. මේ වෛරී ආකල්පය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකරද
    1977දී විරුද්ධවාදීන්ට හිරිහැර කලේත් 1989 දී ටයර් සෑයවල් දැල්වූවේත් මේ වෛරය හා අන්මත නො ඉවසීමයි. ඒවා කලේ මේ අයගේ කලින් පරම්පරාව විය හැක. සයිබරයේ සිටින යූඇන්පී කොල්ලන් තව ශිෂ්ට විය යුතු බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. //මේ වෛරී ආකල්පය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකරද//

      මේ පහුගිය ජනාධිපතිවරණය අවසන්ව සතියක් තුල වෙච්චි යහපාළන සිදුවීම් -

      ප්‍රතිඵල නිකුත් වන්නටත් පෙර ජනාධිපති අපේක්‍ෂකයකු හෝටලයක සිරකර තබලා - අනුර කුමාර දිසානායක

      හිටපු හමුදා සෙබළුන් පිරිසක්‌ ජනපතිවරණය කඩාකප්පල් කිරීමට ගත් සැලසුමක්‌ ගැන විමර්ශනයක්‌

      නීති විරෝධී ක්‍රියාවලට එක්‌වූවන්ට රටින් පැන යන්න දෙන්න එපා ආරක්‍ෂක බලධාරීහු ගුවන් තොටුපළ බලධාරීන්ට දන්වති

      ජෙනරාල්ගේ ආරක්‍ෂකයන් ලෙස සිටි හමුදාවෙන් පැනගිය 12 ක්‌ අත්අඩංගුවේ


      නව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දයා රත්නායක
      යුද හමුදාවේ තනතුරු රැසක්‌ වෙනස්‌ වෙයි


      ජෙනරාල්ගේ කොළඹ දේශපාලන කාර්යාලය පරීක්‍ෂාවට ලක්‌කෙරේ

      ලංකා" පුවත්පත් කාර්යාලයට සීල් තබයි

      තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවට සීල් තබයි

      Delete
    2. මධ්‍යස්ථ,

      / ඔවුහු සංධානයට ඡන්දය දුන් අයට ගොන්, මීහරක්, ගොබ්බයන් කියා අමතති.එහෙත් එසේ ඇමතීමට ඔවුන්ට කිසිම අයිතියක් නැත. නුගේගොඩ රැස්වීම ඔවුන් හැදින්වූවේ මීහරක් සංගනනයක් ලෙසයි.  ./

      වෝල්ටෙයර් කියල හිටිය ප්‍රංශ දාර්ශනිකයෙක්.එයාගෙ සුප්‍රසිද්ධ කියමනක් තියනව මෙන්න මෙහෙම.

      " I do not agree with what you have to say, but I'll defend to the death your right to say it. - Voltaire"

      " මම ඔබගේ මතය පිළිනොගනිමි, එහෙත් ඒ මතය ප්‍රකාශ කිරීමට ඔබට ඇති අයිතිය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරමි."

      ඉතිං මධ්‍යස්ථ......අපිට අන්න ඒ වගෙ ඕනනම් මෙහෙමත් කිව්වැහැකිනෙ....හෙහ්,හෙහ්,

      " I recognize your right to behave as a bull but you should respect my right to call you a bull."

      Delete
    3. ඉන්දික,

      මරා බැරිවෙලාවත් මේ පාර දිනුවනම් ඔය කරපුව නිකං පොඩි එවුන්ගෙ පොල්කටු සෙල්ලං කියල හිතෙයි උඹට...හෙහ්,හෙහ්,

      ස්තූතියි මචං ලින්ක් වලට...ඔව්ව බැලුවට ඔය මිනිස්සු හැදෙන්නෙ නෑ...:)

      Delete
  21. කමිය කිව්ව කෝණංගියා මෙහේ කියල ඉතිං බලල යන්න ආව :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...