Wednesday, December 2, 2015

373. When The Healers Are On The War Path Because Of Duty Free Vehicle Permits


Image - Daily News

Doctors to strike tomorrow

All government doctors have decided to launch an island wide strike starting at 8 am tomorrow demanding the authorities to restore the duty-free vehicle permit concession, the Govt. Medical Officers’ Association (GMOA) announced.

Spokesman Dr. Naveen Zoysa said that initially they would launch the strike from 8 am to 4 pm tomorrow. “We would decide whether to continue with the strike or not at 4 pm tomorrow,” he said.

Daily Mirror 02-12-2015

*******************************


Revised Hippocratic Oath for GMOA Members Formulated by World Health Organization - Additions are (within brackets) and In Red

I swear to fulfill, to the best of my ability and judgment, this covenant:

I will respect the hard-won scientific gains of those physicians in whose steps I walk, (and whom I will follow in my duty free vehicle) and gladly share such knowledge as is mine with those who are to follow (in their duty free vehicles)

I will apply, for the benefit of the sick, all measures which are required, (If my duty free vehicle permit is not withdrawn) avoiding those twin traps of over treatment and therapeutic nihilism (and avoiding pot holes on the road while driving my duty free vehicle)

I will remember that there is art to medicine as well as science, and that warmth, sympathy, and understanding may outweigh the surgeon's knife or the chemist's drug (but may not outweigh the duty free vehicle permit)

I will not be ashamed to say "I know not," (nor I will be ashamed to refuse to treat patients if my duty free vehicle permit is withdrawn) nor will I fail to call in my colleagues (who would be coming in driving their duty free vehicles) when the skills of another are needed for a patient's recovery.

I will respect the privacy of my patients, (and cherish my duty free vehicle permit) for their problems are not disclosed to me that the world may know. Most especially must I tread with care (and drive carefully in my duty free vehicle) in matters of life and death. If it is given me to save a life, all thanks. But it may also be within my power to take a life; this awesome responsibility must be faced with great humility and awareness of my own frailty. Above all, I must not play at God, (but drive like a God in my duty free vehicle to my private practice) 

I will remember that I do not treat a fever chart, a cancerous growth, but a sick human being, whose illness may affect the person's family and economic stability. My responsibility includes these related problems, if I am to care adequately for the sick, (and only if my duty free vehicle permit is issued)

I will prevent disease whenever I can, for prevention is preferable to cure (and duty free vehicle permit  is preferable to a patient's life)

I will remember that I remain a member of society, (and an owner of a duty free vehicle) with special obligations to all my fellow human beings, (such as refusing to treat them because my duty free vehicle permit is withdrawn), those sound of mind and body as well as the infirm.

If I do not violate this oath, may I enjoy life and art, (and the comfort of a duty free vehicle) respected while I live and remembered with affection (as an owner of a duty free vehicle) thereafter. May I always act so as to preserve the finest traditions of my calling and may I long experience the joy of healing those who seek my help (and the joy of driving a duty free vehicle)

**********************************

Healer, Please ....Heal Thyself!!!!

96 comments:

  1. මේ මොකක්ද බොල මේ.....

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කාලීන පුවක්...:)

      Delete
    2. මම පෞද්ගලික දන්න විශෙශඥ වෛද්‍ය වරයෙකුට මම කිව්ව මගේ ඥාතියෙකුට අවශ්‍ය සැත්කමක් කරදෙන්න කියලා. මගේ ඥාතියාට මුදල් ප්‍රශ්ණයක් නැති බැවින් මම වෛද්‍යවරයාට කිව්වා පෞද්ගලික අංශයේ කරන්න කියලා. එයා කිව්ව එහෙම ඕන නැහැ ඉස්පිරිතාලෙට එවන්න කියලා. එයා ඉස්පිරිතාලේ සැත්කම කලා. එම සැත්කම නිකන් කල නිසා මොනව හරි තෑග්ගක් දෙන්න අර පුද්ගලයා අහල තියෙනවා. එයාට කියලා කැඩිලා තිබිච්ච ලෙඩ්ඩු ගෙනියන ට්‍රොලිය වෙනුවට අලුත් ට්‍රොලියකුයි. තව ලාභ පරීක්ශන උපකරණ වගයකුයි වාට්ටුවට ඉල්ලගෙන. මගේ ඥාතියා හොඳම දේවල් හොයලා අරගෙන වාටුවට දුන්නා. මෙම වෛද්‍යවරයා පර්මිට් එකෙන් ගත්තේ එක වාහනයයි. ඊලඟ පාර පර්මිට් එක එනකොට ගත්තෙත් නැහැ පර්මිට් එක විකුණුවෙත් නැහැ. පුලුවන් තරම් සැත්කම් ඉස්පිරිතාලෙ කරන නිසා එච්චරම සල්ලිත් නැහැ. ඒ පලාතේ අය මේ වෛද්‍යවරයාට සලකන්නේ දෙවියෙකුට වගේ. මේ මම දන්න දොස්තරල කීප දෙනාගෙන් මෙහෙම හිතන එකම එක්කෙනා.

      Delete
    3. ඉයන්,

      එහෙම වෛද්‍ය වෘත්තියට නුසුදුසු මහත්වරුත් ඉඳල හිටල ඉන්නව බං. මොනව කරන්නද? අපි එච්චරම අවාසනාවන්ත නෑ නේද කියල හිතමු.

      Delete
  2. නිදහස් සිතුවිලි තුමාට කේන්ති ගොස් ඇති බව පෙනේ....

    ReplyDelete
    Replies
    1. හලෝ දොස්-තර තුමා,

      හෙට මොකද කරන්නෙ? ප්‍රයිවට් ප්‍රැක්ටිස් පාරක්වත් දාගමු නේද මුලු දවසම?...:) කල දුටුකල වල ඉහගන්ට එපාය නේද?

      Delete
    2. Strike data pp karan naa yakoo.

      Delete
    3. ඇනෝ,

      එහෙම නෙවෙයිනෙ ස්ට්‍රයික් දවසටනෙ Full time ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තියෙන්නෙ. එතකොට ආය වැඩට ගිහාම දෙයියනේ කියල ගන්න පඩියට ෆුල් ටයිම් ඉඳල අහිංසක මිනිස්සුන්ට බෙහෙත් දුන්නැහැකිනෙ...:)

      Delete
    4. //හෙට මොකද කරන්නෙ? ප්‍රයිවට් ප්‍රැක්ටිස් පාරක්වත් දාගමු නේද මුලු දවසම?...:) කල දුටුකල වල ඉහගන්ට එපාය නේද?//

      හැමදේම දන්නවා කියලා හිතාන ඉන්න එකත් එක්තරා විදියකට සනීපයි.. නේද?

      Delete
    5. //අහිංසක මිනිස්සුන්ට බෙහෙත් දුන්නැහැකිනෙ...:) //

      අහින්සක මිනිසුන්ට මොකටද බෙහෙත් දෙන්නේ? ඒ හාදය්න් ගේ අහින්සක කම නැති කරන්නද?

      Delete
    6. -Strike data pp karan naa yakoo.-

      මේ කේන්තිය හෙට ප්‍ර ප්‍රැ කරගත නොහැකි නිසාද? ස්ට්‍රයික් කරන්නේ නම් විනොදෙටනේ.

      Delete
    7. සරස,

      / හැමදේම දන්නවා කියලා හිතාන ඉන්න එකත් එක්තරා විදියකට සනීපයි.. නේද? /

      ඊටත් වඩා සනීපයි නේද පොදු මහජනයගෙ බදු මුදලින් දෙන ඩියුටි ෆ්‍රී වාහන බලපත් හිපොක්‍රටීස් කාලෙ ඉඳල පැවත එන වරප්‍රසාදයක්ය කියල හිතල ඒක දෙනකල් රෝගීන්ගෙ ජීවිත ඇපේට ගන්න එක?

      Delete
    8. සරස,

      / අහින්සක මිනිසුන්ට මොකටද බෙහෙත් දෙන්නේ? ඒ හාදය්න් ගේ අහින්සක කම නැති කරන්නද? /

      ආ....බෙහෙත් දුන්නම මිනිස්සුන්ගෙ අහිංසක කම නැතිවෙනවද මහත්තයො?.... ඒ කොහොමද? .....ආආ..හරි හරි..හරි..ඒ මෙහෙම වෙන්න ඕන..ඔහෙලගෙ චැනල් ෆී එක කියපු ගමං අර මිනිහට මතක් වෙන්නෙ කඩු, කිණිසි, දැලි පිහිනෙ..රයිට් එතකොට කොහොමත් අහිංසක කම නැතිවෙනව තමයි. ස්තූතියි දැනුවත් කිරීමට වෙනුවෙන්...:)

      Delete
    9. Go Ravi Go!!!! Give them in style.

      Delete
    10. //ආආ..හරි හරි..හරි..ඒ මෙහෙම වෙන්න ඕන..ඔහෙලගෙ චැනල් ෆී එක කියපු ගමං අර මිනිහට මතක් වෙන්නෙ කඩු, කිණිසි, දැලි පිහිනෙ..රයිට් එතකොට කොහොමත් අහිංසක කම නැතිවෙනව තමයි. ස්තූතියි දැනුවත් කිරීමට වෙනුවෙන්...:)//

      චා චා..... චැනල් ගාස්තු වලට අමතරව කොච්චර අතුරු ආන්තරා තියෙනවද මෙයා? ටෙස්ට් එකක් දෙකක් ලියලා දුන්නොත්? හදිසියෙම ETU හෝ ward ඇඩ්මිට් කලොත්? බඩු බනිස් නේද? ඊට හපන් වෙලඳ නාමෙන් ලියලා තියෙන බෙහෙත් ගන්න පාමසියට ගියාම... ඔහ් අමතක වුනා.... යහපාලනේ අවුසද පනත හන්දා දැන් බෙහෙත් නම් මිල අඩුයි නේ...

      බලාගෙන ගියාම මාර අවුලක් නේ...

      Delete
    11. // ඊටත් වඩා සනීපයි නේද පොදු මහජනයගෙ බදු මුදලින් දෙන ඩියුටි ෆ්‍රී වාහන බලපත් හිපොක්‍රටීස් කාලෙ ඉඳල පැවත එන වරප්‍රසාදයක්ය කියල හිතල ඒක දෙනකල් රෝගීන්ගෙ ජීවිත ඇපේට ගන්න එක? //

      චී චී... ඒවානම් හරිම වැරදි වැඩ.. කැතයි අජූතයි...නැද්ද මන් අහන්නේ?

      Delete
    12. Ano,

      / Go Ravi Go!!!! Give them in style./

      Thanks Doc for your sarcasm……:)

      Delete
    13. Sorry Ravi. I didn't mean it in sarcasm. Was only encouraging you. I am not a doc either-just a hardcore fan of your blogs.

      Delete
    14. Ano,

      / Sorry Ravi. I didn't mean it in sarcasm. /

      I am sorry then. I thought that was a sarcastic comment. My mistake…:)

      Delete
    15. දොස්තරවරු ලෙස මේ මරි මෝඩ කමෙන්ට් දමන්නේ සමස්ත ලංකා පර්මිට් වාහන අපනයන කරන සංවිධානයේ කාර් ඉම්පෝට් කරුවන් බව සැලයි.

      Delete
  3. I am sure even doctors will have a laugh at this one. I am going to steal this and email to few of them.

    ReplyDelete
    Replies
    1. Ian,

      I am not sure about that machang, Majority of the doctors think they are somewhat above all others and act accordingly…Heh,heh,

      Delete
  4. වෛද්‍ය වුර්ථිය බල්ලට ගියා . නෑ බල්ලෝ ඩොක්ටරලා උනා.. :(

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ආවේග ශීලී වෙන්න එපා බං...:)

      Delete
    2. //වෛද්‍ය වුර්ථිය බල්ලට ගියා . නෑ බල්ලෝ ඩොක්ටරලා උනා.. :(//

      කතාව වැරදිත් නැහැ... :)

      Delete
    3. රවී,
      ආවේග ශීලී නෑ අයියා.. ප්‍රාණ ඇපකරුවන් තියාගෙන කප්පං ඉල්ලන උන්ගෙයි ලෙඩ්ඩු ඇපේට අරං ස්ට්‍රීක් කරන උන්ගෙයි වැඩි වෙනසක් නෑ. වැඩිපුර ඉන්නේ දොස්-තර ලා .. :)

      Delete
  5. හපොයි.... ඒ පාරත් කෙල වෙයි වගේ.. මුකුත් කියන්නත් බෑ.නොකියත් බෑ.අන්න අර බලු බෙට්ටක මලක් තියපු පින්තූරෙත් එක්ක කියන්න හැදුවෙ ඔන්න ඕක තමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      හෙහ්..එහෙමත් එකක්ද?...:)

      Delete
  6. මෙව්වා ගැන අර ලේනින්ලා මාකස්ලා මොකද දන්නෑ කිව්වේ?

    ReplyDelete
    Replies
    1. Ano,

      " සුළු ධනපතීන් ධනපතීන් බවට පත්වීමට ගන්නා දැඩි උත්සාහයේදී ඔවුහු පීඩිත පන්තිය කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදක්වන්නෝය. කිසිදු ආචාරධර්මයක් නොසළකන්නෝය."

      මාක්ස් අන්න එහෙමයි කිව්වෙ...:)

      Delete
  7. // මෙව්වා ගැන අර ලේනින්ලා මාකස්ලා මොකද දන්නෑ කිව්වේ? //

    ආරෝග්‍යශාලා පරමා ලාභා කියල නේ කිවුවේ...

    ReplyDelete
    Replies
    1. සරස,

      / ආරෝග්‍යශාලා පරමා ලාභා කියල නේ කිවුවේ…/

      ඒකම තමයි මතක් වෙන්නෙ නේද? " පෞද්ගලික ආරෝග්‍ය ශාලා පරමා ලාභා " .ඒක නම් හොඳට දන්නව නේද? ඒකනෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකට දාන තොප්පි, අදින අංචි, යටි උගුල්, බොරු වලවල් මොකවත් ප්‍රයිවට් හොස්පිට්ල් වලට දාන්නෙ නැත්තෙ.එව්වට එදා ඉඳලම කිසිම විරෝධයක් නෑ, එව්වගෙ ස්ටෑන්ඩර්ඩ් එකත් ටිප් ටොප්. අනික් ඔක්කොමත් එහෙමයි. එදා ඉඳලම එව්වයෙ ප්‍රැක්ටිස් කරන එකත් ඔහෙලට කිසිම අවුලක් උනෙත් නෑනෙ නේද?

      Delete
    2. // එදා ඉඳලම එව්වයෙ ප්‍රැක්ටිස් කරන එකත් ඔහෙලට කිසිම අවුලක් උනෙත් නෑනෙ නේද? //

      ඒ කතාව ඇත්ත තමා.... කිසිම අවුලක් වුනේ නැහැනේ මන් අහන්නේ..

      Delete
    3. "ආ රෝගියා පරමා ලාබා"

      Exploit to the max !

      Delete
  8. තීරුබදු සහන දෙනවානම් එය දියයුත්තේ රටට විදේශ මුදල් ගෙන ඒමට දායක වන විදේශගත ශ්‍රමිකයින්ට සහ ජීවිත පුජා රට ආරක්ෂා කිරීමට දිවුරුම් දුන් හමුදා සේවයටයි. මන්ද රට වෙනුවෙන් යමක් කරනා උදවිය උන් වන බැවිනි.

    විදේශගත ශ්‍රමිකයින් නොමැතිනම් අයවැය පරතරය ප්‍රකෝටි ගණන් තිබෙනා රටක දොස්තරලාට සහ විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරීනට වැටුප් ගෙවීමට මුදල් සෙවීමට මුදල් ඇමතිලාට හිඟමනේ යාමට සිදුවනු ඇත. හමුදාවන් නොමැතිනම් රැකියා කිරීමට රටක්ද නොමතිවනු ඇත.

    ලොව දියුණුයි සම්මත රටවල කෙරෙන්නේනම් ඔහොම තමයි...

    වැඩිපුර හම්බුකරන එවුන් බදු සහන ඉල්ලද්දී බදු ගෙවන දුප්පතුන් ගැන කවර කතාද...
    වැඩිපුර හම්බුකරන ගමන් බදු සහන ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද???
    රටේ මිනිස්සු භාගයක් කන්නේ බොන්නෙත් බොහොම අමාරුවෙන්...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ,

      බදු සහන කාටවත්ම අවශ්‍ය නැහැ කියලයි මගේ අදහස. රජයේ සේවකයො කියල අමුතු දෙයක් කරන්නෙ නෑනෙ. ඇයි රජයේ පෞද්ගලික කියල වෙනසක්? කාටවත් විශේෂ සැළකිලි ඕන නෑ. විදේශ සේවකයින්ටත් එච්චරයි.

      Delete
    2. +++++++++++++++
      ඔව් මාත් හිතන්නේ.
      ඇයි කට්ටියකට විතරක් විශේෂ සැළකිලි ? හැමෝම කරන්නේ රස්සා. හැම රස්සාවක් ම මහන්සි වෙලා නෙව කරන්නේ..
      හමුදා සේවයේ අයට නම් දුන්නත් කමක් නැහැ - අනිත් අය කරන්න අකමැති - කරන්න බැරි දෙයක් ඒගොල්ලෝ කරන නිසා. රිස්ක් එක ගොඩක් වැඩි රස්සාවක් නේ.
      හැබැයි කාට උනත් පර්මිට් විකුනන්න බැරිවෙන්න මොකක් හරි කරන්න ඕනේ.

      Delete
    3. රවී .. ඔයා එක්ක මම එකඟයි.. මම කිව්වේ බදු සහන දෙනවනම් දිය යුතු උදවිය ගැන.. මමත් එකෙන්ම කියන්නේ කාටවත්ම බදු සහන දියයුතු නැහැ කියන දේයි .. කුලී වැඩ කරන මනුස්සයාගේ ඉඳන් ඉහල විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන සේවකයා දක්වාම මිනිස්සු රටේ ආර්ථිකයට එක වගේම දායක වෙන පුද්ගලයින්. එක කොට්ටාශයකට වැඩිපුර සැලකීම අනවශ්‍ය දෙයක්.

      Delete
  9. මේ...හැබැයි රවී අයිය එක්කල මම තරහයි හරිද :(

    ReplyDelete
    Replies
    1. අමා,

      අනේ බං ඒ මොකද ඒ?

      Delete
  10. රවි අයියා... මේක මම හැමදාම ගේම ඇදපු සබ්ජෙක්ට් එක.. බුකියෙ "නිදහස් අධ්‍යාපනයෙන් තොපි ඉගෙන නොගෙන හිටියට අපි පළිද" ආකල්පයෙන් (අයියලගෙ කටේ තියෙන්නෙම මේ ටෝක් එක)මේ ප්‍රශ්නය කතා කරපු ඩොකෙක්ට දීපු උත්තරයක් මේ...

    දියුනු රටවල් වල දොස්තරල ලෙඩ්ඩුන්ගෙ ට්‍රොලිත් තල්ලු කරනව.. අපේ එවුන්? ප්‍රෙශර් චෙක් කරන්න අත වටේ රෙද්ද ඔතන්නත් නර්ස් එනකල් බලන් ඉන්නව.. හීනමානෙන් පෙලෙන එවුන් අනිත් මිනිස්සුන්ගෙන් පලිගන්න ලොකුකම පෙන්නන්න දොස්තරකම ආයුදයක් කරගෙන.... ලෝන් එකක් ගන්න ගියාම දොස්තරලට අත්සන් කරන්න ඇපකාරයො ඕන නෑ.. උඹල ඉස්පිරිතාලෙ පාකින් වලට දෙන ක්‍රොස් එක ගහගෙන රට වටේ යන්නෙ වාහනේ.. මොකටද? පාරෙ මිනිස්සු අත දාල බේත් ගන්න එන නිසාද? නෑ.. වරප්‍රසාද ගන්න... ලොකුකම පෙන්නන්න.. පොලිසියෙන් බේරෙන්න.. දොස්තරල වාහනේ විකුනන්නත් දොස්තරකම පාවිච්චි කරනව.. මොකෝ උඹල වාහන පදින්නෙ කරේ තියාගෙනද? හැම මගුලටම වරප්‍රසාද ගන්න දොස්තරකම පාවිච්චි කරනගමන් මේ වගේ කාරනා වලදි ලෙඩ්ඩුන් බිල්ලට තියල ස්ට්‍රයික් කරන එක මානුශිකද? හිපොක්‍රටීස් උඹලට ඉගැන්නුවෙ පර්මිට් නැත්තන් ලෙඩ්ඩු මලත් ස්ට්‍රයික් කරන්න කියලද? උඹල අති දක්ශයො.. ඒ ගැන විවාදයක් නෑ..උඹලට පඩි වැඩි වෙන්න ඕන.. ඒ ගැනත් වාදයක් නෑ... හැබයි පර්මිට් නැත්තන් ලෙඩ්ඩු මලත් කමක් නෑ කියන කතාව කියනව නං ඊට හොඳයි ඔය දොස්තරකම දීපන් බල්ලෙකුට.. මගෙ මල්ලිත් දොස්තර කෙනෙක්.. මගෙ ඉස්කෝලෙ එකට හිටපු ගොඩක් උන් ඉන්නව දොස්තරල... පර්මිට් එකක් වෙනුවෙන් ජීවිත බිල්ලට තියනවට වඩා හොඳයි කොටුවෙ බොධිය ඉස්සරහ හිඟාකනව... දොස්තරල ලෙඩ්ඩු ගොඩ දානව.. ඒ සේවය අසමසමයි.. හැබයි ඒ උන්ගෙ ඩියුටිය... ඩියුටියත් එක්ක පව සහ පින බැඳුනු රස්සාවක් ඕක... ඩියුටිය හරියට කලොත් පින ලැබෙනව වගේම නොකලොත් පවත් පස්සෙන් එයි... දොස්තරල කියන්නෙ දෙවි වරු කියපු කාලයක් තිබ්බ.. ඒ කාලෙ ඉවරයි.. හිරකරුවෝද මනුශ්‍යයෝය කියල හිරගෙවල් වල ලියල තියනව.. මොකද මිනිස්සු හිරකාරයො දිහා සත්තු දිහා වගේ බලන නිසා... ඉස්සරහට ඉස්පිරිතාල වලත් ගහන්න වෙයි දොස්තරවරුද මනුශ්‍යයෝය කියල

    ReplyDelete
    Replies
    1. //ඉස්සරහට ඉස්පිරිතාල වලත් ගහන්න වෙයි දොස්තරවරුද මනුශ්‍යයෝය කියල//

      +++

      Delete
    2. +++++

      සජ්ජා, ඕකට කියන්නෙ පැහැදිලි ඉරිසියාව.. ඩොකාල පර්මිට් වලට වාහන අරගෙන ඉටිකිරිස් නර්ස් කෑලි ඒවයෙ දාගෙන යන එකට.. ;)

      Delete
    3. එළ සජ්ජා... ඩොකාල වැඩේ පටලෝගන මචං... හිතපන් ක්ලිනික් එකක ලොකු ඩොකෙක් උදේ පාන්දර ඉඳන් පෝලිම් වල ලැගල හිටපු බඩගින්නෙ බඩ කුරු කුරු ගාන ලෙඩ්ඩු සිය ගානක් බස බස ගාල බලල බෙහෙත් දෙනවා.ඒ වෙලාවට අඩුම ගානෙ ලෙඩ්ඩු දෙන්නෙක් තුන් දෙනෙක් එක පාර බලනවා.එතකොට කාර්ය මණ්ඩල සහාය උපරිමෙන් තියෙන්න ඕනෙ.ඩොකා කතරගම දෙයියො නෙමෙයි නෙ. හැබැයි.., මෙයාල මේ සැලකීම හැම වෙලේම බලාපොරොත්තු වෙනවා.එතනයි අවුල.
      තව දෙයක්.. මම දැකපු දෙයක්..
      සෞඛ්‍ය ක්ශේත්‍රයේ තරම් පංගු පේරුවක් තියෙන වෙන එකක් නැද්ද කොහෙදො.. මම මොකටද උගෙ රස්සාව කරන්නෙ.උට පඩි ගෙවන්නෙ ඒකට නෙ.ඌ මොකටද මගෙ රස්සාව කරන්නෙ? ඌ හෙන පොර ද? වගේ හෙන ගේමෙන් මුං ඉන්නෙ.එක එකාට ඉරිසියයි.ඒ ඔක්කොම දෝරෙ ගලන්නෙ අහිංසක ලෙඩ්ඩුන්ගෙ පිටින්.රජයත් මේවා දන්නවා.උන් රටේ කැලඹිල්ලක් ඕන උන ගමන් සෞඛ්‍ය අංශෙට පොඩ්ඩක් කුනිත්තනවා. දැං පේනවානෙ...

      Delete
    4. @සජ්ජා
      //මගෙ ඉස්කෝලෙ එකට හිටපු ගොඩක් උන් ඉන්නව දොස්තරල.//

      මෙතුමට කේන්ති යන්න හේතුව මෙතනම තියෙනව නොවැ : D

      @ ගස් ලබ්බ
      //ලෙඩ්ඩු සිය ගානක් බස බස ගාල බලල බෙහෙත් දෙනවා//
      ලෙඩ්ඩු සිය ගානක් ඉන්නකොට බස බස ගාල බලන්නෙ නැතුව කෝමැයි ඔක්කොම බලල ඉවර කරන්නෙ.

      Delete
    5. @නිමල් ජයම්පති මහතා.
      ඔබතුමා දොස්තර කෙනෙක්ද? එහෙනම් මොනවා උනත් බස බස ගාලා ලෙඩ්ඩු බලලා ඉවර කරන්න එපා.මොකද ඔයාට ඒකට හැකියාවක් නෑ.මේ කොමෙන්ට් එක කියවලා තේරුම් ගන්න බැරිව ලෙඩෙකුගෙ ලෙඩක් හරියට අල්ලගනියි කියලා හිතන්න අමාරුයි.
      ඉන්න... මම හෙමිහිට කියල දෙන්නම් මම කියන්න හදපු දේ.
      අවශ්‍ය ප්‍රමාණයෙන් භාගයක් වත් ඩොකා ල නැති නිසා පීඩා විඳින ලෙඩ්ඩු ලොකු ප්‍රමාණයක් සීමිත කාලයක් තුල, ඉන්න ඩොකා බලන්න ඕන.
      ඩොකෙක් කියන්නෙත් මනුස්සයෙක්(?) නිසා ඒක එයාටත් පීඩාවක්..ඒ පීඩාව අඩු කිරීමට හා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට.. සහායක කාර්ය මණ්ඩලය උපරිම සහායක් ලබාදිය යුතුයි.)බී.පී. චෙක් කරන්න අත වටේ ඔතලා පවා දීම වගේ.
      මේවා කරන්නෙ 'බස බස' ගාලා බලන්න ඕන නිසා.
      ඒත් එහෙම නොවන තැන් වලදිත් කාර්යමණ්ඩලය යටකී ප්‍රමාණයෙන්ම කටයුතු නොකිරීම දඩමීමා කරගෙන ප්‍රතිකාර කටයුතු වලින් ඉවත්වීමට තරම් ඩොකාලා පෙළඹීම අනුමත කරන්න පුලුවන්ද?මම එහෙම අත්විඳලා තියෙනවා.
      මොකක්ද මේ අමුතු ලොකු කම? එහෙම ලොකු කමක් බලෙන් ගන්න බෑ.අන්න උඩම ඉයන් කියල තියෙනවා ගෞරවය ලැබෙන හැටි.

      Delete
    6. @ ගස් ලබ්බාතුමා
      දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනා, ඒත් ඔබ ඔය කියන සහායක වැඩේ හොඳට කරන්න දන්නවා.
      මම සේවය කල ස්ථාන වලත් පොඩ්ඩ බැරි වෙනකොට කෑ ගහන වෛද්‍යවරුන් නොසිටියා නොවේ. ඒකට හේතුවත් ඔබතුමා කියල තියෙනවා.
      //අවශ්‍ය ප්‍රමාණයෙන් භාගයක් වත් ඩොකා ල නැති නිසා පීඩා විඳින ලෙඩ්ඩු ලොකු ප්‍රමාණයක් සීමිත කාලයක් තුල, ඉන්න ඩොකා බලන්න ඕන.
      ඩොකෙක් කියන්නෙත් මනුස්සයෙක්(?) නිසා ඒක එයාටත් පීඩාවක්..ඒ පීඩාව අඩු කිරීමට හා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට.. සහායක කාර්ය මණ්ඩලය උපරිම සහායක් ලබාදිය යුතුයි//
      මේවා කරන්නෙ 'බස බස' ගාලා බලන්න ඕන නිසා.
      ඒත් එහෙම නොවන තැන් වලදිත් කාර්යමණ්ඩලය යටකී ප්‍රමාණයෙන්ම කටයුතු නොකිරීම????
      එතකොට වැරැද්ද කාගෙද?

      දෙපාරක් තුන්පාරක් විතර දඟලලා A/l වල ගන්න පුලුවන් උපරිම ලකුණු අරන් අවුරුදු 6ක් වෛද්‍ය පීඨයක ඉගෙනගෙන අවුරුද්දක් පැය 24ම වාට්ටු වල වැඩ කරල ආපු එකෙක්ට තියෙන සමාජ තත්වෙ බලෙන් ගන්න බෑ තමයි ඒක සමාජෙන් ඉබේම හම්බ වෙනවා.

      තමන්ට පාලනය කරන්න බැරි කොටස් වල කටවල් වහන්න දේශපාලකයෝ ගහන ප්ලෑන් වල කොටස් කාරයෝ වෙලා තව තවත් ඇනකොටා ගමු

      Delete
    7. නිමල් මහත්මයා... මැත්ස් කරල දොස්තරල වෙන්න බෑනේ... බයෝ කරන උන් ඒලෙවල් වෙනකල් එකට ඉන්නවනෙ...

      Delete
    8. @සජ්ජා මහත්මයා

      // "නිදහස් අධ්‍යාපනයෙන් තොපි ඉගෙන නොගෙන හිටියට අපි පළිද"//
      ඇත්ත නේන්නම්
      //දියුනු රටවල් වල දොස්තරල ලෙඩ්ඩුන්ගෙ ට්‍රොලිත් තල්ලු කරනව.. අපේ එවුන්?//
      අපේ කට්ටිය ස්ට්‍රික් කල වෙලාවෙ නර්ස්ල ශල්‍යගාර වලට ට්‍රොලි අදින්න බෑ කිව්ව වෙලාවෙ ට්‍රොලි ඇදන් දිව්වෙ ඩොකාලා. (කුරුණෑගල මහ ඉස්පිරිතාලෙ කෙනෙක්ගෙන් අහල බලන්න)
      //ප්‍රෙශර් චෙක් කරන්න අත වටේ රෙද්ද ඔතන්නත් නර්ස් එනකල් බලන් ඉන්නව//
      හොයල බලල කියන්න නර්ස්ල කවදාවත් ඔය රෙද්ද ඔතන්න එන්නෙ නෑ ඒක් කරන්නෙත් අපේ අය (සෞ.කා.ස.) ගොඩක් පොඩි ඉස්පිරිතාල වල ඩොකාම තමා ඔය රෙද්ද ඔතාන පෙශ්ර් බලන්නෙ.
      //හීනමානෙන් පෙලෙන එවුන් අනිත් මිනිස්සුන්ගෙන් පලිගන්න ලොකුකම පෙන්නන්න දොස්තරකම ආයුදයක් කරගෙන//
      දොස්තරකමක් ගත්ත කෙනෙක්ගෙ අහවල් හීන මානයක්ද, ඕක ගන්න බැරි උන අයටනෙ ඔය වෘත්තීය හීන මානෙ තියෙන්නෙ.
      //ලෝන් එකක් ගන්න ගියාම දොස්තරලට අත්සන් කරන්න ඇපකාරයො ඕන නෑ//
      ඉතිං ඇයි ඒ? එච්ච්රට විශ්වාස හින්ද වෙන්ට ඇති. (මේකෙන් නම් මහත්තයෝ පැහැදිලි ඉරිසියාව පේනවා නේද)
      //ඉස්පිරිතාලෙ පාකින් වලට දෙන ක්‍රොස් එක ගහගෙන රට වටේ යන්නෙ වාහනේ.. මොකටද?//
      හැබෑට මොකටද? ඔය ක්‍රොස් එක නැති එවුනුත් ඉස්පිරිතාල වල ඩොකාලගෙ පාර්කින්ග් වලට එන එක නවත්තන්න වෙන ක්‍රමයක් හොයන්න වෙනවා. ඉස්පිරිතාලෙට ඇතුල් වෙනකොට විතරක් ක්‍රොස් එක ගහගන්න කියමුද?
      //පොලිසියෙන් බේරෙන්න//
      හදිස්සියකට යන ඩොකෙක් නවත්තල බාල්දි පෙරල ගන්නෙ මොකටද කියලනෙ ගොඩක් පොලිසියෙ අය හිතන්නෙ. එහෙම වුන වෙලාවලුත් නැතුව නෙවෙයිනෙ.
      //දොස්තරල වාහනේ විකුනන්නත් දොස්තරකම පාවිච්චි කරනව//
      හැබෑටම ඩොක්කු එක්ක ඉඳලවත් ඒ ක්‍රමේ මම නම් දන්නෙ නෑ.
      //ලෙඩ්ඩුන් බිල්ලට තියල ස්ට්‍රයික් කරන එක මානුශිකද? හිපොක්‍රටීස් උඹලට ඉගැන්නුවෙ පර්මිට් නැත්තන් ලෙඩ්ඩු මලත් ස්ට්‍රයික් කරන්න කියලද?//
      ලෙඩ්ඩු බිල්ලට තිබ්බ නම් මානුශික නෑ, අපේ ඉස්පිරිතාලෙ ඩොක්කු නම් මැරෙන්න අමාරු කම් තියන ලෙඩ්ඩු අදත් බැලුවා. ස්ට්ර්යික් එක හින්ද අද ලෙඩ්ඩු කීයක් මැරෙන්න ඇරියද කියල හොයල බලන්න ඕනෙ.
      //උඹල අති දක්ශයො.. ඒ ගැන විවාදයක් නෑ..උඹලට පඩි වැඩි වෙන්න ඕන.. ඒ ගැනත් වාදයක් නෑ... හැබයි පර්මිට් නැත්තන් ලෙඩ්ඩු මලත් කමක් නෑ කියන කතාව කියනව නං ඊට හොඳයි ඔය දොස්තරකම දීපන් බල්ලෙකුට//
      පර්මිට් එක නැත්නම් ලෙඩ්ඩු මලත් කමක් නෑ කියන ඩොක්කු කොහෙද ඉන්නෙ කියලත් හොයල බලන්න ඕනෙ. ආරංචි වල හැටියට OPD, ක්ලිනික් ඇරෙන්න හදිසි අනතුරු ඒකක, සූතිකා ගාර වල, ශල්‍යාගාර වල හදිසි ශල්‍යකර්ම හැමදෙයක්ම හැම ඉස්පිරිතාලෙකම කරලලු නේද? (අපේ ඉස්පිරිතාලෙ නම් ඒව කෙරුනා)
      //මගෙ මල්ලිත් දොස්තර කෙනෙක්.//
      මේ අද කාලෙ හැටිනෙ මහත්තයෝ, තමන්ගෙ සහෝදරය පවුලෙ නෑදෑයො අතරෙ තමාට වඩා තැනක් පිලිගැනීමක් ලැබිල, කාල ඇදල ඉන්නව දැක්කමත් සමහරුන්ට ඔහොම හිතෙනව. අස්වාභාවිකම නෑ අද කාලෙ හැටියට.
      //මගෙ ඉස්කෝලෙ එකට හිටපු ගොඩක් උන් ඉන්නව දොස්තරල//
      මොන විශය කලත් තමන් එක්ක එකට හිටපු එකෙක්ට තමන්ට නැති විදිහෙ පිලිගැනීමක් ලැබෙනව දැක්කහම පොඩි මෙව්ව එකක් එනවා
      //පර්මිට් එකක් වෙනුවෙන් ජීවිත බිල්ලට තියනවට වඩා හොඳයි කොටුවෙ බොධිය ඉස්සරහ හිඟාකනව//
      ඔව් ඉතින් මැරෙන්න යන ලෙඩෙක් දැකල "මම ස්ට්ර්යික් ඔහෙ මැරිද්දෙන්" කියල ඩොකෙක් බලාගෙන හිටිය නම් වැඩේ කැතයි
      //දොස්තරල ලෙඩ්ඩු ගොඩ දානව.. ඒ සේවය අසමසමයි.. හැබයි ඒ උන්ගෙ ඩියුටිය... ඩියුටියත් එක්ක පව සහ පින බැඳුනු රස්සාවක් ඕක... ඩියුටිය හරියට කලොත් පින ලැබෙනව වගේම නොකලොත් පවත් පස්සෙන් එයි//
      සම්පූර්ණ ඇත්ත
      //දොස්තරල කියන්නෙ දෙවි වරු කියපු කාලයක් තිබ්බ//
      අදටත් එහෙම අය ඉන්නව මහත්තයෝ. මමත් මේ මේවට උත්තර කොටන්නෙ එහෙම කෙනෙක් මට කල උපකාරෙකට කෙලෙහිගුණ සලකලා. ඔබතුමාට මුණ නොගැහුනට ඉස්පිරිතාලෙම ජීවිතේ ගෙවන අපිට ඒව නිතර පේනවා.හැබැයි ඔය ඩොකාල නම් එහෙම දේවත්වයක් බලාපොරොත්තු වෙන පාටක් නෑ. සමහර ලෙඩ්ඩු එහෙම සලකන්නෙ අහවල් එකකටද කියල ඒ ලෙඩ්ඩුන්ගෙන්ම අහන්න ඕනෙ.

      අසරණ වුන වෙලාවට ඩියුටියට පිටින් ගොස් වුවද වැඩ කරන වෛද්‍යවරුන් දුලබ නැත එවැනි අයගෙන් උපකාර ගත් අයෙක් ලෙස මෙවනි ගැරහීම් අයුක්ති සහගත යැයි සිතුණු නිසා ලිව්ව්වෙමි. සැමට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ගරු කරමි.

      Delete
    9. //මගෙ මල්ලිත් දොස්තර කෙනෙක්.//
      //මේ අද කාලෙ හැටිනෙ මහත්තයෝ, තමන්ගෙ සහෝදරය පවුලෙ නෑදෑයො අතරෙ තමාට වඩා තැනක් පිලිගැනීමක් ලැබිල, කාල ඇදල ඉන්නව දැක්කමත් සමහරුන්ට ඔහොම හිතෙනව. අස්වාභාවිකම නෑ අද කාලෙ හැටියට.//
      හීනමානෙ කියන්නෙ ඕකටම තමයි. හිතන් ඉන්නෙ අනික් එවුන් සලකන්ඩ ඕනෙ , විෂේශ තැනක් ඕනෙ කියල . එහෙම තැනක් තියනව කියල
      ගුරුවරයෙක් කියන්නෙ ඔයිට වඩා අධිමානෙන් ඉන්න ඕනෙ කෙනෙක් එහෙමනම්.

      Delete
    10. //මගෙ මල්ලිත් දොස්තර කෙනෙක්.//
      //මේ අද කාලෙ හැටිනෙ මහත්තයෝ, තමන්ගෙ සහෝදරය පවුලෙ නෑදෑයො අතරෙ තමාට වඩා තැනක් පිලිගැනීමක් ලැබිල, කාල ඇදල ඉන්නව දැක්කමත් සමහරුන්ට ඔහොම හිතෙනව. අස්වාභාවිකම නෑ අද කාලෙ හැටියට.//
      හීනමානෙ කියන්නෙ ඕකටම තමයි. හිතන් ඉන්නෙ අනික් එවුන් සලකන්ඩ ඕනෙ , විෂේශ තැනක් ඕනෙ කියල . එහෙම තැනක් තියනව කියල
      ගුරුවරයෙක් කියන්නෙ ඔයිට වඩා අධිමානෙන් ඉන්න ඕනෙ කෙනෙක් එහෙමනම්.

      Delete
    11. අරූ දොස්තරෙක් කියල කිව්වෙ ඕක මහා ලොකු වැඩක් නෙවෙයි කියල පෙන්නන්න සහ සමහර එවුන් හිතාන ඉන්නව අපි මෙව්වා කියවන්නෙ ඉරිසියාවට, කුහකකමට කියල. දොස්තරට තියෙන්නෙත් අපිට තියන කඳයි බඩයි අහවල් එකයි තමයි...
      රින මානෙන් පෙලෙන ලෙඩේ.. අනිත් එක තමයි වැඩිමනක් එවුන්ට තියන වටිනාකම දොස්තරකම විතරයි... වෙන මෙලෝ වටිනාකමක් නෑ... ඒ නිසා ඒක ප්‍රමෝට් කරනවා, ඒ වෙනුවෙන් රෙදි නැතුව උනත් පෙනී ඉන්නව සහ "මේක තමයි ලෝකේ ලොකුම මෙව්වා එක " කියල හිතාන ඉන්නව.
      දොස්තරකම කියන්නෙ ලෝකයේ තියන අතෘප්තිමත්ම රස්සාවල් වලින් එකක්. එක එකාගේ ජරාව අතගාන එක, සේම හොටු ලේ, මුත්‍රා , මළ , සැරව, එක්ක ගනුදෙනු කරන එක එක එකාගේ කටේ පු* ඇඟිලි ගහන එක එක අතකින් බලාගෙන ගියාම අදහන්න වටින රස්සාවක් තමයි...

      Delete
  11. sharing this post from FB on a different perspective
    Part 1
    "1977 වෙලඳපොල ආර්තික රටාව මගින් රජයේ වගකීමක්ව පැවති සෞඛ්‍ය පුද්ගලික වෛද්‍ය සේවයට වෛද්‍ය වරයා යොමුකිරීම තුලින් ක්‍රමානුකූලව ලාංකිකයාගේ සෞඛ්‍ය පිලිබඳ වගකීමෙන් ක්‍රමානුකූලව ආන්ඩුව නිදහස් වෙමින් ඇත.නිශ්පාදනය වෙනුවට ආනයනය ..ලාභය මත පදනම් කල ආර්තික රටාව, මිනිසාගේ සියලු මූලික හරයන් වෙලඳපොලට මුදල් මත තීරනය වීමට ඉඩහැරීමෙ එක් ප්‍රතිපලයකි වෛද්‍ය වෘතිය පුද්ගලිකව රෝගීන පරීක්ශාකර මුදල් අයකිරීමට ඉඩ හැරීම ,,, ඉන් ආන්ඩුවට වාසි කීපයකි,, එනම් රෝගී සත්කාර වෙනුවෙන් වැය කල යුතු රජයේ වියදම් අඩු වන අතර. රෝගියා සඳහා වගකීමක්ද නොදරයි.තවද අනෙකුත් සහායක කාර්යයමන්ඩල වලට අදාල වියදම් අඩු කල අතර එය රජාට ලාභයක යැයි කල්පනාකරන ලදී,,,අවසන කල් යත්ම පුද්ගලික අංශය රාජ්‍ය අංශය අභිබවමින් ඉදිරියට පැමිනෙමින් ඇත. කොටින්ම මිනිසෙකු රෝහල්ගතවූ විට ඔහුගේ මුලු වියදමින් රජය සීයයට හැටක මුදලක් දරද්දී අදාල මිනිසාට පුද්ගලිකව සීය්ට හතලිහක් පමන ගෙවීමට සිදුවේ.. ඔහු නැවත රෝහලෙන් පිටව නැවත පරීක්ශාව වුවද මිනිසා පිටත වෛද්‍යවරයෙකු ලව්වා කර ගැනීමට පෙලබවෙයි.කොටින්ම රජයේ රෝහලකට පැමිනෙන රෝගියා එයට පැමිනීම එපාවන තැනට වැඩ සලස්වා ඇත. ඔහු ඒසක් පමනි,,, රක් ජනතාව මත පටවා ඇත,, වෛද්‍ය් පුද්ගලික සේවය ඉන් එක් කොත්තේ බාහිරින්ය,, උපකරන රසායනගාර පරීක්ශන එලෙසමය,,, කොටින්ම සමස්ත සඛ්‍යයම නැවතවවිට පුද්ගලික සේවය කරා පැමිනේ.මිනිස් අශ්‍ය්තාවයෙන් බහුතරයක් බෙහෙත් ගන්නට සිදුවී ඇත්තේ බාහිරිනි... උපකරන.. ශ්‍ය්ල්‍යකර්ම... මෙය ක්‍රමානුකූලව පාලකයා මිනිස් නිරෝගීබව රැක ගැනීම මගහැරීමේ කලාවයි.. කරුමය නම් මෙය සමාජය දකින්නේ හුදකලාවය,,, එය රෝහලේ වෛද්‍ය්වරයාගේ,, හෙදියගේ අඩුපාඅඩුවක් ලෙස සලකා පාලකයාටම අදාල පැමිනිල්ල කරයි,,,, සටකපට පාලකයන් පැමිනිල්ලට පැලැස්තර අලවා ගැටලුවෙන් මාරු වෙයි.. දැන් එමු වෛද්‍ය්වරයා වෙතට.. රුසියාව වැනි රටක[මා වැරදිනම් නිවැරදි කරන්න] එකීඅධ්‍යාපනයේ එක් අවස්ථාවකදී දරුවනට තමන් කැමති ක්ශේත්‍රයක් තෝරා ඉන් ඉදිරියට යාහැක.[නමුත් අපේ රටේ වෛද්‍යවරයෙකු වීමට අපමන වෙහෙසක් ගත යුතුය,උ පෙල,,,,වෛද්‍ය විද්‍යාලය තුලත් ඉතා කටුක ලෙසින්..]ඉන් බිහිවන්නන්ට සමාජ පිලිගැනීම එක හා ලැබේ,,, වෛද්‍යවරයා පමනක් පොර නොවේ... එහි කාර්මිකශිල්පියාද වඩුවාද සමාජ මෙහෙයක් කරයි.... නමුත් අපේ රටේ වෘතීන් ලෙස පොරවල් යැයි ජනතා මෝඩයන්ම තීරනය කර ඇත්තේ වෛද්‍ය වෘතිය ඇතුලු කීපයක්ම පමනි.. ඉන් අනිකාතුල මන්දෝත්සාහයක් පමුනුවාඇත.. එබැවින් සැම අයෙකුගෙම අරමුන තම දරුවා එකී පුරවැසියෙකු වනු දැකීමය..විශ්වවිද්‍යලය තුල අවුරුදු 6කට නොඅඩු කාලයක් ගතකර එලියට පැමිනෙන දරුවා මේ රටේ නිකම්ම වත්කමක් නැති අයෙකි,,, "

    ReplyDelete
  12. Part 2
    "මේ ක්‍රමය තුලත් ඔහුට පමනක් නොව සියලු අයට ලැබෙන වැටුප ප්‍රමානවත් නැත,,යමෙකුට සාපේක්ශව ඉහල අගයක් ලෙස මතු කලද ඒතුලින් මේ සමාජය තුල ඉදිරියට යාආමට අපහසුය,, ඔහු එලියට පැමිනෙන විට ඔහුවෙනුවෙන් කැප වුනු දෙමාපියන් බලාපොරොත්තු පොදිබැඳ ඇත,,තවද මේ පසුගාමී සමාජය ඔහුගේ නිවස ඔහුගේ වාහනය තීරනය කර ඇත,,,, ඔහු අඳින ඇඳුම,, පවා රෝගියා මහ ඉහලින් බලාපොරොත්තු වෙයි.බොහෝ වෛද්‍යවරුන්ගේ මහ ගෙවල් පිලිසකර වන්නේ ඔහු රැකියාව ලැබූ පසුය...සීමා වාසික ලැබෙන තෙක් ගතකරන පූර්ව සීමාවාසික යුගය ගතකරනුයේ යමෙකුගේ පුද්ගලික මධ්‍යස්ථානයක වැඩ කිරීමෙනි.සීමාවාසික වසර යනු විවාහ වීම් බැරි දරුවො හදන්නට බැරි ඉර එලිය දකින්නට බැරි සියලු අපවාද දුක් කම්කටොලු පිරි මල ගෙදරකට හෝ සහභාගිවිය නොහැකි කටුක අවදියකි,,, පැය 24 වැඩකලද අතිකාල දීමනා නැත..සීමාවාසික අවසන්ව RHO සමය ඔහේ විවිධ යුනිට් වල අඩුපාඩු පිරවීමට බලෙන් ඇද දමන යුගයකි.අවසානයේ තවත් වසරකට ආසන්න කාලයක් ඇවැමෙන් ස්තිර පත්වීම් ලැබේ..එවිට බොහෝවිට 30කට ආසන්නය,,, බොහෝ වෛද්‍යවරු පලමු බැංකු ණය ගනුයේ විවාහයටය,,,දෙවැන්න වාහනයකටය.... වයස්ගත වී විවාහ වීම වෘතියටම අදාල වී ඇති නිසා දරුවන් නොමැති ප්‍රතිශතය ඉහලය.වෛද්‍ය සේවාව අත්‍යාවශ්‍ය් සේවාවක් ලෙස සැලකේ.. ඒ සඳහා ප්‍රවාහන සහ නැවාතැන් පහසුකම් අනිවාරයෙන් ලැබිය යුතුමය.නමුත් අද දවසේ අති බහුතරයක් නවාතැන් රහිතය,, ඔවුන් ON CALL වලට එන්නේ බෝඩිමේ සිටය,, මෙය සීමාවාසිකයන්ට වෙනස් වුවත් ඔවුනගේ නිල නිවාස ගවමඩු වැනිය,, [යමෙකුට හැකිනම් රත්නපුර අපි හිටපු සුපිරි කාමර වල පින්තූරයක් දමන්න]..නිල නිවසේ වතුර නොමැතිව වාට්ටුවේ රෙස්ට් රූම් එකේ BATHROOMපාවෙච්චිකල HOලා ඔනතරම් ඇත.මේ රටේ අප වඩාත් වෛද්‍යවරු ලෙස සමීප සායනික පුහුනුව මත පදනම්ව ප්‍රතිකාර කිරීමය ,,, එමගින් බහුතර රෝඉගීනට අඩු පහසුකම් යටතේ වුව අවශ්‍ය්මූලික ප්‍රතිකාර ලැබේ,, උදාහරන ලෙස පපුවට අනතුරක් වී පැමිනෙන රෝගියෙකුගේ ඔක්සිජන් පර්මානය බහින විට පපු කුහරය පරීක්ශා කිරීමේදී පෙනහැල්ල වාතනය වීමේ වෙනසක් ඇති විට ප්ලූරාව තුලට වාතය එකතු වී සුලු මොහොතකින් විශාල අනතුරක් විය හැක... එය අන්දුරගන්නා වෛද්‍ය්වරයා එක්ස් රේ තිබුනත් නැතත් රීලඟ පියවර ලෙස I.C TUBEඑකක් අවදානම ගෙන ඇතුල් කරයි.. මෙයින් පැහැදිලිවම දිවිය අන්තරාදායක බව මොහොතකට හෝ පමාකරයි.. [මෙය විදේශ රටක නම් වෛද්‍ය්වරයා චූදිතයකු වනු ඇත] මොලයට විශබීජ ගිය දරුවකු සඳහා ප්‍රතිකාර පටන්ගනුයේ දරුවාගේ සායනික පරීක්ශාවේදීමය,,, කොටින්ම පහසුකම් ඇතත් නැතත් ඒ මොහොතේ අදාල තීරනය ගැනීමට වෛද්‍ය්වරයා පුහුනු කර ඇත...තාක්ශනය ඇතත් නැතත් පංචස්කන්දය භාවිතා කර පරතිකාර කරගෙනයාමට සමත් පරපුරක් අප සතුව ඇත,, මෙපමන සඛ්‍ය සේවාව ආන්ඩු විසින් නොසලකා හැර තිබියදීත් රෝගී ජීවිත බේරෙනුයේ එකී පලපුරුද්ද ,, පුහුනුව නිසාමය,,,එකී පුහුනු වෛද්‍ය වරයා වෙලඳ පොල ආරතිකය නැමැති ගඟට ඔබ අප විසින් පත්කල පාලකයන්ම තල්ලු කරයි .. එහිදී ඔහුටද පිහිනීමට සිදුවේ,,, ගුරුවරයා පිහිනනුයේ පුද්ගලික පංති නැමැති ආධාරකයෙන්ය.නීතිවේදියා නඩු ආදාරකයෙන් රසායන වේදියා පරීක්ශන ආධාරකයෙන් ලිපිකරුවා හවසට ඉන්දිආප්ප බිස්නස් ආධාරකයෙන් විකිරනවේදියා එක්ස් කිරන ආධාරකයෙන් පිහිනයි.. ග්ඟට දැමූ අපට එක්කො ඔහේ පාවෙන්නට හෝ ගිලෙන්නට සිඩුවන අතර පිහිනන්න්නට සිදුවනුයේ පුද්ගලික වෛද්‍ය ආධරකයෙනි..සිතාමතා නොවුනත් බහුතර රෝගීන් ප්‍රමානයක් බාහිර රෝගීන් ලෙස [නිසි ප්‍රමිතියකට නොවුනත්] ප්‍රතිකාර ලබනුයේ පුද්ගලික මධ්‍යස්තාන වලදීය. හරිනම් රජයේ රෝහල් වල රෝගීනට ලබා දියයුතු දේ පාලකය හිමින් සැරේ මගහැරල එය පුද්ගලික අංශයට නතුවෙන්න ඉඩ දීල ඇඟ බේරා ගැනීමක් නොවේද? "

    ReplyDelete
  13. Part 3

    "දරුවන් සමග ගතකල යුතු පැය ගනනක් මුදල් වෙනුවෙන් යොදවන්නේ කැමැත්තෙන්ද..? බොහෝ වෛද්‍ය්වරු පුද්ගලික සේවයේ යෙදෙන්නේ මුලදී ගත්තු නය ගෙවන්නට ,, වාහනයක් ගන්නට,, නිවසක් ,,ඉඩමක් ගන්නටය,,පුද්ගලික සේවයේ යෙදෙනුයේද සීයට හතලිස්පහකට අඩු ප්‍රමානයකි.. ඒවාද දිනපතා වේලෙයි.... හොරු වැහිවැහැලාය.... කොටින්ම පසුගිය ජනපතිගේ පුද්ගලික වෛද්‍යවරයාඅද වෛද්‍යසභාවේ ලියාඅපදිංචි නැති හොරෙකි..ලොකු බිස්නස් වෛද්‍යවරු අතලොස්සක් සිටිති.... විශේශඤ සේවය සහ ඔවුන් කන කට්ට වෙනමම කතාකල යුතුය... බොහෝ දෙනා කතා කරනුයේ හවසට ඔවුන් ලඟට යන රෝගීන් ගන්න ගැන පමනි,, ඔවුන් ලඟට රෝගීන් තල්ලු කරන 67 වාරක පාලන රටාව සමග ඔවුන් තරහක් නැත.සරලවම ගතහොත් ඔවුන් දැඩි වගකීමක් ආතතියක් සහිත වෛද්‍ය ,,ගුරු පරිපාලන යන අංශ කීපයක්ම එකට කරන පිරීසකි,,,කොටින්ම ඔවුන් බහුතරයක් තම දරුවන් බිරිඳ සමග එකට වාසය ආරම්භ කරනුයේ අවුරුදු 45 ඉක්මවූ විටය....වෛද්‍යවරු බොහෝවිට අවුරුදු 4ක් ගිය පසු අනිවාර්යය ස්තාන මාරු ලබන අතර දරුමල්ලන් බිරිඳ පොදි බැඳගෙන නැවත තව තැනකට වසර 4 කට යන්න සිදුවේ,, අවුරුදු 4 පාසල් ගිය දරුව ඉතිරිය එක්කො අම්මා හෝ තාත්ත නැතිව... එක්කො සාපෙල කරනකොට පාසල් 3 කටවත් මාරු විය යුතුය.දරුවන්ද උපරිම තුනකි.. බහුතරයට එකක් හෝ දෙකකි... දරුවන් හැදෙනුයේ මාසෙන් මාසයට මාරුවන සේවිකාවන් සමගය,,,වෘතිය් ලෙස ගත්තත් ඕෆ් වෙන වෙලාවක් නැත...පැය හතරක අතිකාල උපරිමය ගතහැක...නමුත් ශල්‍යාගාර ,,අසාධ්‍ය රෝගියෙකු ගිලන් රථයෙන් ප්‍රවාහනයේදී පැය නොව දවස් එකහමාර වැඩකරන අවස්තා ඇත..සූතිකාගාරය ..දැඩිසත්කාරය භාරව සිටින්නා කොපමන ආතතියකින් සිටිය යුතුද?මට ඇත්තේ වසර 5ක අත්දැකීම් පමනි..ඔබේ අත්දැකීම්ද එකතු කරන්න.මෙම සේවාවේදී ලබාදියයුතු නියමිත ප්‍රවාහන වියදම් මගහැර[නිල රථ.. ඉන්ධන සහිතව] යම් බදු ප්‍රමානයක් අඩු කල වාහන බලපත්‍රයක් දී එය මන්තිරිල පත්වූ ගමන් දෙන සුපිරි බදු රහිත එක වගේ යැයි බොරු ප්‍රචාරයක්ද යවා අනෙකුත් වෘතිකයන් තුල වෛද්‍යවරයා කෙරෙහි තරහක් ඇති කරනුයේ මේ පාලකයන් නොවේද..ඔය බලපත්‍රයෙන් වාහන ගෙනෙන්නේ කී දෙනාද? බොහෝ අය එය විකුන ඉන් තම නිවෙස සාදයි....සාමාන්‍ය වාහනයක් පාවෙච්චිකරයි,,, "

    ReplyDelete
  14. Part 4

    "වෛද්‍යවරියන් දෙස බලන්න,,, තරුන විය ඉක්මවනතෙක් ඉගෙනගන්නා ඔවුන් අති බහුතරයකට ඇත්තේ තම පඩිය පමනි..ඔවුන් කී දෙනෙක් නව විලාසිතා අනුව අඳිනවාද? අතට අහුවුන දේ ඇඳ නැවත නිවසට පැමිනෙන්නේ ගෙදර වැඩ ටිකටය,,, කොටින්ම සැපක් තිබේද? බොහෝ වෛද්‍යවරු තම වාහනයෙන් එන්නේ පොදු ප්‍රවාහනයේ ඇති දුර්වලතාව නිසාය...මේ ලිපිය ලියන මාද වෛද්‍යවරයෙකු වුවද අපද මේ සමාජයේ අනෙකුත් තත්වයන්ට ස්ංවේදී නොවීම බරපතල තත්වයකි...එය මාටින් නිමොලර්ගේ "මා නිහඬව සිටියෙමි" වැකි පෙල සිහි ගන්වයි..නිදහස් අධ්‍යාපනය ගැන හරි වචනයක් කතා නොකරන අපි වාහන බලපත්‍රය පමනක් ගැන කතා කිරීම මිනිසා අනුමත නොකරයි..බාල බෙහෙත් ගැන මුනිවත රකියි..හැබැයි අනෙකුත් අංශද ඊට ආසන්නය,, එනම් හැමෝම එක වලේය...එකෙක් අනිකාගේ පඩිපත දෙස බලනවා මිස අප සැමට ජීවත්වෙන්න සාධාරන් [සමානයැයි පටලවගන්න එපා]වැටුපක් වෙනුවෙන් අප සැම හ්ඬ නැගිය යුතු කාලයයි.. ඒ වෙනුවට වෛද්‍යවරයාගේ සතුරා හෙදිය කල .. සිහලාගේ සතුරාඅ දෙමල කල .. ගුරුවරයාගේ සතුරා සිසුවාකල මේ පාදඩ ආරතික සාමාජයීය රටාව තේරුම් ගන්නාතුරු ඔබත් මමත් එකම් බෝට්ටුවේය

    වාහන බලපත්‍රය වෛද්‍යවරයාට තිබූ අයිතිවාසිකමකි.. එය මන්ත්‍රීලට වාගේ තෑග්ගක් නොවේ..එනිසා එය අහිමි කිරීමට එරෙහි වීමේ අයිතිය අනිවාර්යෙන් ඇත... නමුත් මීටත් වඩා කටුක අනෙකුත් වෘතීන් පෙලිය යුතුත් නැත,, මෙම ලිපිය තුලින් අනෙක් වෘතීනට යම් අපහසුතාවයකට පත්වූයේනම් ,, කනගාටු වෙමි,,,, සමාජ සාධාරනත්වය/සමාජ පරිවර්තනයක්/සමාජවාදී ස්මාජයක් තුල පමනයි අප සැමට සිනාසියහැක්කේ.. ඔබ කියයි එය ප්‍රායෝගිනොවේ කියා.. අරි එහෙනම් මේ යන ක්‍රමයේ ප්‍රායෝගික බව කුමක්ද? වාහන බලපත්‍රය ලැබුනයි කියමු,,ඒත් අපේ ජීවිත වල තියන කටුක බව වෙනස් වෙනවද නැත.... හිතන්න තව හිතන්න"

    ReplyDelete
    Replies
    1. ඇනෝ... ඔබ කතා කරන්නේ හරියට වෛද්‍ය වෘත්තිය ලංකාවේ ඇති දුක්ඛිතම වෘත්තිය යැයි සිතෙන පරිදිය. අහෝ මෙය කියවන විට මට සිහිවන්නේ දුම්බර පතලට ගිය පතල්කරුවන්ගේ පතල් කවි ය.මෙතරම් තමන්ගේ වෘත්තීය අවපහසුකම් ගැන කතාකරන ඔබලා, කිසි දිනෙක රෝහල් පහසුකම් වැඩි කරනු කියා උද්ගෝෂණය කරනු මා අසා දැක නැත.

      Delete
    2. ++++++++++
      ළමයින්ගේ ප්‍රශ්න, ගෙවල් හදාගැනීමේ ප්‍රශ්න, වෙලාවට වැඩට යාගැනීමේ ප්‍රශ්න, වැඩ අධික කම, - මෙව්වා හැමෝටම අදාළ නැද්ද? ඇඳුම් ගන්න සල්ලි මදි එක වගේ දේවල් දැක්කම නම් හිනාත් යනවා.
      මේක ලියපු කෙනා එක්කෝ ලංකාවේ අනික් මිනිස්සු ජීවත් වෙන හැටි ගැන නොදන්න මනුස්සයෙක් - නැත්නම්....

      Delete
    3. මමත් මේ හෑල්ල බුකියෙ දාල තියෙනව දැක්ක.. ඒකට තව ඩොකාල උඩ පැනගෙන බැකප් කරල තියෙනව.. :O

      Delete
    4. //"වෛද්‍යවරියන් දෙස බලන්න,,, තරුන විය ඉක්මවනතෙක් ඉගෙනගන්නා ඔවුන් අති බහුතරයකට ඇත්තේ තම පඩිය පමනි..ඔවුන් කී දෙනෙක් නව විලාසිතා අනුව අඳිනවාද? අතට අහුවුන දේ ඇඳ නැවත නිවසට පැමිනෙන්නේ ගෙදර වැඩ ටිකටය,,, කොටින්ම සැපක් තිබේද? //
      , නර්ස් නෝනලටත් මේ ප්‍රශ්නෙම ඇතිනෙ. එතකොට ඒ අයටත් වාහන පර්මිට් එකක් දෙන එක සාධාරණයි නෙ.

      Delete
    5. / වාහන බලපත්‍රය වෛද්‍යවරයාට තිබූ අයිතිවාසිකමකි. /

      හෙහ්, හෙහ්..මරු කතාව... වාහන බපපත්‍රය දොස්තරලගෙ අයිතිවාසිකමක්? අම්මපා? ඒ කියන්නෙ අර එක්සත් ජාතීන්ගෙ විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය වගෙ. ඒකෙ තුන්වන වගන්තිය මෙහෙමයි.

      United Nations - Universal Declaration Of Human Rights - Article 3

      Everyone has the right to life, liberty and the security of person.

      ඒ වගෙ දැන් ඒ කියන්නෙ මෙහෙම වගන්තියකුත් දාමු කියලද?

      Every Doctor has a sacred right to a duty free vehicle permit.

      Delete
    6. පව් අනේ ..මගේ පපුව හෝස් ගාල පත්තුවුනා මේ දොස්තර ඇඬියාව දැකල. පුදුම දුකක් නෙව මෙයාල මේ විඳින්නෙ.බෝධිසත්වයො දුෂ්කර ක්‍රියා කරන කාලෙවත් මේ තරම් දුක් විඳින්ට නැතුව ඇති. ඉතිං බලන්ට මෙයාලා..මෙච්චර දුක් විඳගෙන මොකටද මේ ජොස්තර රස්සාව කොරන්නෙ? අසරන රෝගීන්ට පිහිට වීමේ එකම අදිස්ටානයෙන් නෙවද? සික්.... මල් තියල වඳින්ට එපාය මෙතුමන්ලාට.

      අර ඒ කාලෙ තිබ්බෙ යසෝදරා වැළපිල්ල..අන්න ඒ වගෙ ලියන්ට වෙයි වගෙ ජොස්තර වැළපිල්ල කියල කවි පෙළක්.

      Delete
    7. අනේ ඇනෝ... අර ඩූඩ් ලියල තියෙන දුෂ්කර සෙවේ අත්දැකීම් කියෝල බලන්නකො.. තව කතාවක් කියන්නම්...
      ගස්ලබ්බගෙ දෙමවුපියෝ රාජ්‍ය සේවකයො.පත්වීම් ලබපු ගමන් දුෂ්කර සේවෙ.බොන්න පිරිසිදු වතුර නැති මැලේරියා බහුල ප්‍රදේශ වල නියමිත කාලයට වඩා දෙගුණයටත් වඩා කල්.
      ගස්ලබ්බ බඩේ හිටපු මාස දහයම ගස්ලබු අම්ම මැලේරියාවෙන් ගැහෙනවා.
      ජීවිත කාලෙන් බාගයක් විතර ගත කරලත් ගස්ලබ්බ අදටත් අස්ථි රෝග වලින් පීඩා විඳිනවා නිශ්චිත් හේතුවක් රහිතව.
      පූර්වාපර සන්ධි ගලපලා බලපන් හේතු හම්බවෙයි.
      ඔහෙලා මේ පර්මිට් එකකට අඬනවා.ලෙඩ්ඩු උගසට තියාගෙන..
      ලැජ්ජයි....

      Delete
    8. වෛද්‍යවරු ඇරුනම අනිත් හැමෝම එතකොට සිය පවුල් පිටිං එකට ජොබ් එකක් කරගෙන ආතල් එකේ ජීවත් වෙනවා..:)
      හැම රැකියාවකටම එක සමාන වැටුපක් නියම කරානම් බලාගන්න තිබුනා මුදලට නැතුව තමන් කරන කාර්යයට ඇත්තටම කැමති කවුද කියලා .

      Delete
  15. ළමයින්ගේ ප්‍රශ්න, ගෙවල් හදාගැනීමේ ප්‍රශ්න, ආදී සියලු දේ කාටත් පොදු ප්‍රශ්න . දොස්තරලා විතරක් නෙවෙයි අනික් පර්මිට් ලාභී අයත් අද ස්ට්‍රයික්. උදාහරණයක් කියන්නම්. අපේ ඔෆීස් එකේ ලොකු නෝනිට තමුංගෙ වාහනේ රාජකාරි ගමන් වෙනුවෙන් පාවිච්චි කරනවාට මාසෙකට 30000ක් ගෙවනවා. ඉන්දන වලටත් ඒ වගේම ගානක්. ඒ වුනාට මුලු මාසෙටම ඒක යන්නෙ කි.මී 200 ක් විතරයි. හයර් එකට වාහනයක් ගත්තනං රුපියල් පංදාහයි මේ දුරට.

    ඇත්තටම මේ මුදල් ඇමැති සල්ලි හොයාගන්න දන්නේ නෑ. සල්ලි හොයාගන්න නියම ක්‍රමය තමයි පොදු සමා කාලයක් දීලා ඒ කාලෙ ඇතුලේ රෙජිස්ට්‍රාර් නොකල, තමංගෙ නමට ට්‍රාන්සර් නොකළ, ලයිසන් නොකළ වාහන සේරම අදාල විදිහට රෙජිස්ට්‍රාර්, ට්‍රාන්සර් , ලයිසන් කරන්න කියනෙක. ලොකු ආදායමක් හොයාගන්න පුලුවන්.

    අද ස්ට්‍රයික් කරන අයට කියන්නේ , තමුන්නැහැලාට ලොකුකමක් නැතුව ජීවත් වෙන්න ඔය ලැබෙන පඩිය හොඳටෝම ඇති.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික මෙසේ ලියමි. දොස්තරලාට මෙන්ම රාජ්‍ය සේවයේ වරප්‍රසාද ලාභී ඉහල පැලැංතියට අවශ්‍ය වන්නේ අනික් සේවකයන්ට වඩා ඉහලිං සිටීමටය. තමුංට වඩා පහලිං ඉන්න එකාට ඉරිසියා හිතෙන තාලෙට ජීවත් වෙන්ටනං එක්කො තමුංගේ කටට, නැත්තං අතපය හයියට බය කර ගත යුතුය. එහෙමත් නැත්තං මුදල් බලේ පෙන්නා ලොක්කෙක් විය යුතුය.

      ඉතිං ටැලිපෝං, වාහන, ගෙවල් නෙමෙයි ගණිකා වෘත්තිය ලංකාවෙ නීතිගතනං ‘බඩු ගැහීමේ දීමනාව‘ත් ඉල්ලල ඉස්ට්‍රයික් කරයි. හැබැයි මේ අතරෙ අනුංගෙ බලපෑමට මේවට යන අයත් ඉන්නව.

      කොහොම උනත් සංතෝසයි. ඔය සේරම ඉස්ට්‍රයික් කරද්දි අද දවසෙත් ස්ට්‍රයික් නොකර රස්සාවට ආපු එක මහත්තයෙක් අපේ ඔපිස්සෙකේ ඉන්නව.

      Delete
    2. සුරංග,

      ඒකනෙ බං..කාටද මෙව්ව කියන්නෙ? දැක්කනෙ අර උඩහ දොස්තර මහත්තයෙක්ද නෝනෙක්ද අඬල තියෙන්නෙ දුක කියල.නිල නිවාස වල වතුර නැහැලු. රස්සාවට පස්සෙ මහ ගෙදර හදන්ට උනාලු. දොස්තර නෝනල අතට අහුවෙන එකක් ඇඳල එනවලු.පයිවට් පෑටිස් කරන්නෙ නය ගෙවන්ටලු. කඳුලු බාල්දියයි. හොටු ගෝණියයි. සික්...ඒ අඬෝවැඩියාව කියවල මට දවල්ට කන එකත් එපාම වුනා. ඒත් ඒ පට්ටන්තරේ ලියපු නෝනා හෝ මහත්මයා දන්නෙ නෑ මම හිතන්නෙ අනෙක් රජයේ / පෞද්ගලික අංශයෙ සේවකයොත් ඔය කට්ටම කනව.ඒත් එකම වෙනස එයාලට වාහන පර්මිට් නෑ.

      Delete
  16. මට මතක් වුනේ, මං රැපියල් ලක්ෂ පහක ලෝන් එකක් දාන්න විඳපු දුක. ඒ වගේම, ඒකට ගතවෙච්ච කාලය. මේ උදවියට වාහන පර්මිට් එක වෙනුවට රුපියල් මිලියනයක් හම්බවෙද්දි තමයි මේ ස්ට්‍රයික් එක කරන්නෙ. අම්මප ... (හිතේ තිබ්බ ආවේගයට කීබෝඩ් එක පලි නැති නිසා නවත්තනවා.)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      හෙහ්...අන්න බලපං ......කොහොම ගැරිල්ලක් ගරනව ඇද්ද ඔය පර්මිට් එකෙන්?

      Delete
  17. අපේ දොස්තර එවුන් දෙන්නාත් (දුවයි බෑණයි) අර අන්තර් මොකද්ද එක ඉවර කරේ මෑතකදීය. උන් දෙන්නා අඬනවා 'පෝර්මිට් කැන්සල්' කොරාපු එකට. ඒ කියන්නේ වුර්තිය පටන් ගන්නේ මහජන සේවය ගැන නොසිතා පෝර්මිට් එක බලාගෙනය. (වැටුප ගැන හිතුවත් කමක් නෑ කියමුකෝ)

    අම්මපා රවි අර රවී උඹේ කවුද?

    හමුදා සේවයේ පෝර්මිට් දෙන්නේ කර්නල් සහ ඊට ඉහල නිළයේ උන්නාන්සේලාටය. ඒ කියන්නේ ඊට පහළ එවුන් යුද්ද කරන්නේ නැතිය.

    මම පෞද්ගලිකව බෙහෙත් ගන්නා දොස්තර උන්නාන්සේ, මේ ඊයේ පෙරේදා වැල්ලව පැත්තෙන් පොල් අක්කර 50 ක් ගත් බව මා සමග කිව්වාය. (බෙහෙත් ගන්න අතරේ පොඩි කයියක් ගැසීමට තරම් උන්නාන්සේ මිත්‍රශීලීය) උන්නාන්සේ එක වාහනයක් පාවිච්චි කරන්නේ අවුරුද්දක් පමණය. දැන් තියන Toyota Highlander PHEV එක ගත්තේ මාස හයකට පමණ පෙර ය.

    ඔය ඉහත ඇනෝ උන්නාන්සේලා කියලා තියන දුක හෙවත් දුෂ්කර ක්‍රියාව හෙවත් අත්ථකිලමතානුයෝගයේ යෙදීමෙන් උන්නාන්සේලා හම්බහර තිබෙන ධනස්කන්ධය දිහා බැලුවම, බැංකුවක් කඩා අවුරුදු 20 කට හිරේ ගිහිල්ලාවත් එහෙම හම්බ කොරන්න බැරිය. අනේ ඒ දුකේ තියන සැප.....................

    විශ්‍රාම අරගෙනත්, අපි තවමත් බැංකු වලට ණය ගෙවනවාය.

    හැබැයි ඔය ඔක්කොමලා මැරුණහම එක්කෝ වලලනවාය. නැත්නම් පුච්චනවාය. අනේ සංසාරේ................

    ReplyDelete
    Replies
    1. මගේ අයියාගේ පුතා ඖෂධ සමාගමක සමස්ත ලංකාවටම මැනේජර් උන්නාන්සේය. ඔය ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙමින්, දොස්තරලා ළඟ දණින් වැටෙන ඖෂධ සමාගම් නියෝජිතයන් දන්නවා, දොස්තර උන්නාන්සේලා ගේ ආදායම් තත්වය සහ ඖෂධ සමාගම් වලින් දොස්තර උන්නාන්සේලාට ලැබෙන පංචකාම සම්පත්ති කුට්ටි ගැන. එව්වා විස්තර කරන්න ගියොත්, ඔලුවේ ඉන්න උකුණොත් බිමට පණිනවාය.

      ඔහොමය, මෙහෙමය.

      Delete
    2. විචා,

      / අර අන්තර් මොකද්ද එක ඉවර කරේ මෑතකදීය. /

      අන්තර් මොකක්ද එක නෙවෙයි මම හිතන්නෙ ඔය කියන්නෙ ඉන්ටර්න්ෂිප් එක ගැන. සිංහලෙන් පරිවාස කාල සීමාව

      / අම්මපා රවි අර රවී උඹේ කවුද? /

      මගෙ හොඳ යාලුවෙක් විචා...හෙහ්,හෙහ්,

      Delete
  18. රවි අය්යට සිංහල අමතකෙවලාද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එදිරියට රවී අයියා අමතක වෙලා. ඇයි බං ඉංගිරිස් පත්තර වාර්තාවක් කියන එක තේරුම් ගන්නවත් බැරුවද කොමෙන්ට් කොටන්නේ.

      Delete
    2. එදිරි,

      හිපොක්‍රීටස් ප්‍රතිඥාව ඉංගිරිසියෙන්නෙ තියෙන්නෙ බං....:)

      Delete
  19. පර්මිට් දීම නැවැත්විය යුත්තේ දෙන සියල්ලන්ටමය.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවුරුදු 5,6ක් පාර්ලිමීන්තුවේ ඉඳලා විශ්‍රාම වැටුපක් ගන්නවා දවස් කීයද පාර්ලිමේන්තු එන්නේ..?
    කුරුනෑගල දි.පා.ම.තුමා ජනාධිපති විශ්‍රාම වැටුපත් ගන්නවලු,මන්ත්‍රී වැටුපත් එක්ක..
    එහෙම එකේ රජයේ සේවකයා අඩුම ගානේ අවුරුදු 30ක් වැඩ කරලා ගන්න විශ්‍රාම වැටුපත් නැති කරන්න යනවා[ලු]
    ස්ටයික් එකක් වත් කරලා මේවා මිනිස්සුන්ට තේරෙන්න අරින එක හොඳයි මම නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. Ano,

      දැං ඔය එතකොට ස්ට්‍රයික් කරන්නෙ ඒ අසාධාරණේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්ට ? එහෙමද? හරි..හරි...කව්ද දන්නෙ? කලින් කියන්ට එපාය...:)

      Delete
  20. ඊලග පර්මිට් එක ඔයාට දෙන්නම් හොද වාහනයක් ගන්න කියල අපේ දොස්තර නෝනෙ මට කියල තිබුනෙ , නෙද්දකින් අපිටමයි වෙන්නෙ.
    ආන්ඩූවට අත්‍යවශ්‍ය සේවයේ යෙදෙන්නන් සදහා සේවය සදහා ආකර්ශනයක් ලෙස මේ වගේ පැකේජ් දෙන එක මම දකින විදිහට වැරැද්දක් නෑ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / ඊලග පර්මිට් එක ඔයාට දෙන්නම් හොද වාහනයක් ගන්න කියල අපේ දොස්තර නෝනෙ මට කියල තිබුනෙ , නෙද්දකින් අපිටමයි වෙන්නෙ./

      උඹට පහුගිය දවස්වල තිබ්බ ලෙඩේ හැටියට පර්මිට් දෙකක්ම හම්බවෙයි කියල දත මැදගෙන ඉන්ට ඇති...හෙහ්,හෙහ්,

      / ආන්ඩූවට අත්‍යවශ්‍ය සේවයේ යෙදෙන්නන් සදහා සේවය සදහා ආකර්ශනයක් ලෙස මේ වගේ පැකේජ් දෙන එක මම දකින විදිහට වැරැද්දක් නෑ. /

      චේ..චේ....ඔහොම මදි බං...පර්මිට් එක දෙන්ට ඕන ඇයි කියල සවිස්තරව ලියපං දිග කමෙන්ට් එකක්...:)

      Delete
  21. I love your expression... But you got a blind side

    ReplyDelete
    Replies
    1. දේශක,

      ඒ කියන්නෙ ලිපියට කැමතියි ඒත් මම නොදැකපු පැත්තක් තියනව කියලද?

      Delete
  22. This is damn true,but this is applicable for most of the government servants .

    ReplyDelete
    Replies
    1. Methu,

      Yep, agreed, But Doctors specially Government Doctors have an " Attitude " which more often than not is very obnoxious.

      Delete
  23. දොස්තරවරු ලෙස මේ මරි මෝඩ කමෙන්ට් දමන්නේ සමස්ත ලංකා පර්මිට් වාහන අපනයන කරන සංවිධානයේ කාර් ඉම්පෝට් කරුවන් බව සැලයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      වෙන්නත් ඇති වෙන්නත් ඇති....:)

      Delete
  24. (ඉයන්ට දැමූ කමෙන්ට් එක කම්මැලිකම නිසා මෙතන ඇලවීමට රවී ගෙන් පර්මිට් එකක් ඉල්ලමින් මෙය දමමි. දුන්නේ නැත්නම් ඔය පත්තරමල්ලි , දේශක වගේ අසාද්‍ය කමෙන්ට්කරුවෙක් ගේ කමෙන්ට් එකකට කමෙන්ට් කිරීම හැර රවිගේ පෝස්ට් වලට කමෙන්ට් කිරීම වර්ජනය කරමි.)

    බටහිර වගේ සෑම වෘත්තියක්ම වගේ බොහෝදුරට සමාන ලෙස සලකනවානම් හොඳයි නේද? ඉන්දියාවේ ලංකාවේ වගේ රටවල දොස්තරලාට ඉතා වැඩියෙනුත් අනිත් සමහර වෘත්තිකයන්ට සෑහෙන දුරකටත් වැඳගෙන සලකනවා. පොඩියි කියල සැලකෙන රස්සාවල් කරන අය ගණන් ගන්නේ නෑ. සර් මැඩම් භාවිතය ඉතා වැඩියි. බටහිර ලොකු රස්සාවලට ලොකු පඩි ලැබෙනවා ඒත් මෙහෙ වගේ පුද්ගලික වැඳගෙන සැලකීම නෑ. human dignity as an individual හැමෝටම සෑහෙන දුරට සමානව තියනවා.

    තමන්ගේ ලෙඩක් සනීපකලාම කෘතඥබව අනිත් දේවලට වඩා වැඩි බව ඇත්ත. ඔවුන් බොහොමයක් ඉතා මහන්සිවෙන බව ඇත්ත.
    ඒත් පුද්ගලිකව දේවත්වයෙන් සැලකීම නිසා ලබන්නා නරක්වෙන එක ප්‍රශ්නයක්. ලඟදී ඉයනුත් දන්න බ්ලොග්කාර ලෙඩෙක් තමන්ට සාදාරන ප්‍රශ්නයක් ඇහුවයි කියලත් ලොකු දොස්තර කෙනෙක් අසීමිත ලෙස ඔහුට බැන්නා.

    ඇටෙන්ඩන්ට්ට්ලාට වඩා ඉතා විශාල පඩියක් හා වර ප්‍රසාද ඔවුන්ට ලැබිය යුතු බව ඇත්ත. ඇත්තෙන්ම සල්ලිවලින් ඔක්කොම දෙනවනම් හොඳයි වරප්‍රසාද ලෙස නොදී. වරප්‍රසාද ලෙස දුන්නහම ප්‍රශ්නයක්. රස්සාවට හරියන පඩිය සල්ලිවලින් දුන්නහම ඇති. කාර් බැරිනම් බුල්ඩෝසර් හරි ගන්න. පර්මිට් නැතුව.

    මං කියන්නේ දොස්තරලාගේ පඩි හොඳටම මදි. ප්‍රයිවට් ප්‍රැක්ටිස් රෙගියුලේට් කරලා, හරියට ඉන්කම් ටැක්ස් අයකරලා, පඩිය ලොකු ගාණකින් වැඩිකරන්න ඕනෙ.
    ඒක කරන්න සල්ලි නැති නිසා තමයි පර්මිට් වගේ දෙන්න පටන් ගත්තෙ. අර පෙන්ෂන් එක දෙන්න වෙන නිසා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න බෑ වගේ. .

    රාජ්‍ය සේවයේ වෘත්තිමය තෘප්තිමත්බව, කාර්යක්ෂමබව සහ වේතන ඉතා පහලයි. ඔවුන්ගේ ආත්මාභිමානය සහ මුදල් මීට වැඩිවිය යුතුයි. වැඩ කරන්නේ පර්මිට් විදේශ සංචාර ආදිය (ලොකු අයට ) , විවේකකාලය, පගා සහ පෙන්ෂන් එක සඳහා පමණයි

    කාර් පර්මිට් සහ දැන් තියන ජාතියෙ පෙන්ෂන් වගේ දේවල් නැතුව රාජ්‍ය සේවයත් (අවශ්‍ය හා නඩත්තු කල හැකි සංඛ්යාවකට ගෙනල්ලා) පුද්ගලික අංශයේ පඩි ගාණට ගෙනල්ලා දෙගොල්ලොන්ටම එක ජාතියේ අරමුදල් සහ/හෝ පෙන්ෂන් ඇතිකරන්න ඕනෙ.

    ඒක ක්‍රමයෙන් කරන්න තියන ලොකුම බාදකය රටේ ආර්ථිකයට වැඩිය මිනිස්සුන්ගේ යල් පැන ගිය ආකල්ප

    ReplyDelete
    Replies
    1. Pra,

      / ඉයන්ට දැමූ කමෙන්ට් එක කම්මැලිකම නිසා මෙතන ඇලවීමට…./

      අපොයි අවුලක් නෑ. ඉයනුයි මායි දෙන්නම ලිව්වෙ එකම දේ ගැන හින්ද ප්‍රාගෙ කමෙන්ට් එක ඉතාම අදාලයි.

      / ලඟදී ඉයනුත් දන්න බ්ලොග්කාර ලෙඩෙක් ../

      Is that a Blogging Patient or a Sick Blogger in English ?...:)

      / මං කියන්නේ දොස්තරලාගේ පඩි හොඳටම මදි. /

      කිසිවක් නොපවසමි..... :)

      Delete
  25. Hippocratic Oath = Hypocritic Oath?

    ReplyDelete
  26. මේ වගේ දේවල් ගැන මට තියෙන්නේ නියුට්‍රල් හැඟීමක්.. හැබැයි අපේ රටේ තියෙන සිස්ටම් එකේ හැටියට එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරලා සමාජ සම්මත වල හැටියට යම් දෙයක් achieve කර ගත්ත කෙනෙකුට (මේ කතාවේ හැටියට දොස්තර කෙනෙක් වීම) ඒ වෙනුවෙන් රටේ හැකියාව අනුව මෙහෙම බදු රහිතව/අඩුවෙන් මේ වගේ වාහනයක් ලබා දීම වරදක් නෙවෙයි කියල මම හිතන්නේ... අපිට හෙන ලොකුයි වගේ පෙනුනට මේ වගේ සුඛෝපභෝගී වාහන කියන්නේ දැන් දැන් ලෝකයේ ඉතාම සාමාන්‍ය දේවල් නිසා අඩුම තරමේ අපේ වගේ රටවල ඉන්න අවංකවම යමක් කරන කෙනෙකුට ඒ අවස්තාව දීම මට නම් වරදක් විදියට පෙන්නේ නෑ.. සමස්ත සිස්ටම් එකම වෙනස් වෙලා හැමෝටම එකම විදියට සලකන සාධාරණ සමාජයක් කවදාහරි එනකම් අඩුම තරමේ මේ විදිය හොඳයි . මොකද මේ වගේ දෙවල් නිසා බුද්ධි ගලනය ටිකක් හරි අඩු වෙනවා කියලයි මම හිතන්නේ...

    ස්ට්‍රයික් කරලා ලෙඩ්ඩු මරණ එක සාධාරණී කරණය කිරීමක් නෙවෙයි. උගත් කම තිබුනට මනුස්සකම නැති කම කියන දේ පුද්ගලික කරුණක් නිසා හැම මකුනම මරණ එකත් වැරදියි..

    මිට වැඩිය මේ දේවල් දිහා අපි විවෘතව බලන්න ඕනේ කියල මම හිතන්නේ..

    ReplyDelete
  27. මටනම් ඔය 'ලොකු දොස්තරලත්' එක්ක ගේම තියෙන්නෙම ඔවුන් අපේ කාලේ කන කෑමට.. දාස් ගණන් දීල චැනල කරලා වෙලාවක් දුන්නම ගිහින් තවත් පැය ගානක් ඉන්න ඕන ඒ ^&*&^%$ ල එනකං.. වැරදිලා හරි අපි විනාඩියක් එහෙමෙහෙ උනොත් උන් යනවා යන්න.. උන්ගේ විනාඩි දෙක තුනට දාස් ගානක් ගන්න ගමන් තව මිනිස්සු හැට හැත්තාවකගේ පැය ගානක් කාල දාන්න මුන් කොච්චර උඩඟු 'කලකන්නියෝ' වෙන්න ඕනිද? තමන් උගත් දෙය ඒ විදියට 'මාකට්' කරන්නේ වෙන මොක්කුද? නොදකින්.. (හෙවත් අසනීප වෙලා දුක් විඳගෙන ඔවුන් ඉස්සරහා වැඳ වැටෙන්න වෙනවට වඩා හොඳයි එක පාර ඇක්සිඩන්ට් එකකින් හරි මොකක් හරි එකකින් මැරිලා යන එක..)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...