මගේ ජීවිතයෙහි අහ්මදාබාද් යුගය එලෙස නිමාවිය.උපාධි සහතිකයෙන්ද සන්නද්ධව, ටෝපැස් ආපන ශාලාවෙහි මද ගින්නේ පැළහූ රන්වන් කුකුළු ගාත් , රම්භායිගේ පාද දෙකක් ඇදවුණු මදක් පසෙකට ඇලවුනු මේසය මත වූ පාවෝ භාජි ආදියට සමුදී, දවසේ දේශන අවසානයෙහි තුරුගොමුවෙන් සෙවණවූ මංපෙත් ඔස්සේ අපගේ සෙවණැළි සැඳෑ හිරු එළියෙන් දිග ඇදෙද්දී අනන්‍යා සමඟ අතිනත ගෙන ඇගේ නොනවතින දොඩමළුවට සවන් දෙමින් ඔහේ ඇවිදගිය කාලය නිමාකොට අපි තෙත් වූ දෑසින් සහ සුසුමින් පිරි හදින් යුතුව සමුගෙන දෙපසට ගියෙමු. මම දිල්ලියේ මගේ නිවෙසටත් ඇය චෙන්නයිහි ඇගේ නිවසටත් මේ සුවිසල් ඉන්දියාවෙහි එකිනෙකට පරස්පර, දුර ප්‍රමාණයෙන් මෙන්ම සමාජ ආගමික සහ අනෙකුත් චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන්ද සපුරා පරස්පර අන්ත දෙකකට ගියෙමු.
මගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට මා එළඹ සිටින බව මම හොඳාකාරව දැනසිටියෙමි. අනන්‍යා හා සමඟ මගේ පෙම් සබඳතාවයෙහි ඉරණම මත මගේ පෞද්ගලික ජීවිතය තීරණය වන අතර සිටි බැංකුව විසින් මා පත්කරනුයේ ඉන්දියාවේ කුමන ප්‍රදේශයකටද යන්න අනුව මගේ වෘත්තීය ජීවිතය තීරණය වනු ඇත.එළෙසම මගේ මව උදක්ම අපේක්ෂා කරන අන්දමට මගේ පත්වීම දිල්ලි නගරයට වුවහොත් ඒ අනන්‍යාගේ හා මගේ ඉදිරි සැළසුම් කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපානු ඇත. අපගේ වැඩිහිටියන්ගේ අප කෙරෙහි දක්වන ආකල්පය අනුව අපේ සබඳතාවය එකිනෙකාගෙන් බොහෝ දුරස්ථව හිඳ සාර්ථක කොට ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් බව ඇය මෙන්ම මම ද ඉතා හොඳින් වටහාගෙන සිටියෙමු.
ඒ අතර මට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් මුදලක් උපයාගත් වහාම බැංකු රැකියාවෙන් ඉවත්ව මගේ සදාතනික සිහිනය වූ ලේඛන කලාවෙහි නිරතවන්නටය. මේ සියල්ල සමබරකොටගෙන ජීවිතය ඉදිරියට ගෙනයාම කිසිදු අයුරකිනුදු සුකර කාර්යයක් නොවන බව මම අත්‍යන්තයෙන් දැන සිටියෙමි.එසේ හෙයින් සිටි බැංකුවෙන් මගේ පත්වීම් ලිපිය ලැබෙන තෙක් මම නිවසෙහි කාලය ගතකලේ මහත් නොඉවසිල්ලකිනි.
සතිදෙකකට පමණ පසු බැංකුවට බඳවා ගැනෙන නවක සේවකයින් විසින් සම්පූර්ණ කලයුතු මුද්‍රිත විස්තර පත්‍රිකාවක් මා නමට තැපෑලෙන් ලැබිණි. මුලුතැන්ගෙය මධ්‍යයේවූ අඩි හතර හතර ප්‍රමාණයේ ලී මේසය මත තබාගත් එළවළු කපන ලෑල්ලක මගේ මව දිවා ආහාරය උදෙසා බණ්ඩක්කා කපමින් පසුවූවාය. මම ඈ ඉදිරියේ වූ අනෙක් අසුනෙහි හිඳ බැංකුවෙන් ලද විස්තර පත්‍රිකාව බොහෝ උනන්දුවෙන් කියවමින් සිටියෙමි.
"මොනවද ඔයා ඔය ඔච්චර උනන්දුවෙන් කියවන්නෙ?" මගේ මව හිස ඔසවා මදෙස බලා විමසූයේ වමතින් ලෑල්ලට තබා තෙරපාගත් බණ්ඩක්කා කරල් කිහිපය දකුණතින් ග්‍රහණය කොටගත් තියුණු පිහියෙන් කිසි කිසි ගා කපමිනි.
"ආ..මේක මේ සිටි බැංකුවෙං එවපු විස්තර පත්‍රිකා වගයක්.අළුතෙන් බැංකුවට බැඳෙන අය මේ විස්තර ලියල දෙන්න ඕන. මෙතන තියනව මයෙ හිතේ කොළ පණහකටත් වැඩිය. මොනවට මේ හැටි විස්තර ඉල්ලනවද මට තේරෙන්නෙ නෑ. මම මේ හරියට බැංකුවෙ සභාපතිහෙ දුව බඳින්ට ඇහුව වගේනෙ මේ මිනිස්සු මේහැටි විස්තර අහන්නෙ. මේ බලන්න. මෙතන පස්වෙනි පිටුවෙ අහනව මෙහෙම. ඔබගේ මව උපත ලද ස්ථානය සඳහන් කරන්න. ඒ විස්තර මොන කෙහෙල්මලකටද බැංකුවට කියල මටනම් තේරෙන්නෙ නෑ අම්මෙ."
"ම්ම්ම්..මටත් නම් හිතාගන්න බෑ තමයි" කපන ලද බණ්ඩක්කා පෙති ඇතිළියකට දමමින් මගේ මව පැවසුවාය. "ඒත් ඒ ප්‍රශ්නේට උත්තරේ නම් ලහෝර් වල ඉඳල දිල්ලියට එන අතරමඟදි.ඔයා දන්නව නේද අර පන්ජාබිභාග් තියෙන්නෙ. අන්න එහෙ තාවකාලික කූඩාරමක තමයි මම ඉපදුනේ."
"ඈ? ඔය ඇත්තමද? මම මේ වෙනකල් එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ" මම ඇය දෙස විස්මයපත්ව බලාසිටියෙමි.
දැනට පකිස්තානයට අයත් ලාහෝර් නගරයේ පදිංචි කරුවන්වූ මගේ මවගේ දෙමව්පියන් 1947 වසරේ අගෝස්තු මස සිදුවූ බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව සහ පකිස්තානය ලෙස ස්වාධීන රටවල් දෙකකට බෙදා වෙන්කිරීමේදී දිල්ලි නුවරට පළා ආවෝය. එසේ පැමිනි ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් මුල් දින කිහිපය ගත කලේ තාවකාලික මඩු කූඩාරම් වලය. වර්තමානයෙහි දිල්ලියේ ධන කුවේරයින් බොහෝ දෙනෙකුගේ සුඛෝපභෝගී මන්දිර පිහිටි පන්ජාබිභාග් ප්‍රදේශය එදවස ජන ශූන්‍ය මුඩුබිමක් වූ අතර පකිස්තානයෙන් පැමිනියවුන් බොහෝ දෙනෙකුගේ මුල් නවාතැන්පොළ වූයේ එහි ඇටවූ තාවකාලික කූඩාරම්ය. මගේ මවගේ දෙමව්පියන් එසේ පකිස්තානයෙන් පලා ආවුන් බව දැන සිටියද ඇය උපත ලද්දේ එවන් කූඩාරමක බව මම මෙතෙක් දැන නොසිටියෙමි.
"ම්ම්ම්..හරියටම කිව්වොත් අපේ තාත්තා මට පස්සෙ කාලෙක පෙන්නුව ඒ කූඩාරම තිබ්බ තැන. දැන් ඔය අර මොකක්ද ෆිල්ම් හෝල් එකක් තියෙන්නෙ අන්න එතනට පොඩ්ඩක්...."
මම සුරත ඔසවා ඇගේ කතාව නතර කලෙමි. "ඔය විස්තර ඔක්කොම ලියන්ට මේකෙ ඉඩ නෑ අම්මෙ..මම ලියනව දිල්ලිය කියල. ඉවරනෙ කතාව. "
"හරි හරි එහෙම ලිව්වම ඇතිය කියල ඔයාට හිතෙනවනං එච්චරයි. මම මේ කිව්වෙ හරියටම විස්තරේ ලියන්ට ඕන නං කියලයි."
ගිම්හාන කාලය තවමත් හරිහැටි ලඟානොවුවද මේ වන විට දිල්ලියේ උෂ්ණත්වය උදෑසන එකොළහ පමණ වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක හතළිහ ඉක්මවා නොගියේ එහෙමත් දවසකය.අධික උෂ්ණත්වය හේතුකොටගෙන නිවසින් බැහැරව යාමට මැළිවූ මම දවස ගෙවා දැමූයේ දිනපතා සවස දුරකථන ගාස්තු අවමවන හයේ කණිසමෙන් පසු අනන්‍යාගෙන් නොවරදවා ලැබෙන ඇමතුම බලාපොරොත්තුවෙන් සහ එතෙක් මගේ පොත් රාක්කයෙහි වූ බොහෝ කලකට පෙර මම මිළදීගත් නවකථා කිහිපයක් කියවමිනි.
එසේ නැතහොත් මම මුළුතැන්ගෙට ගොස් නිතර දෙවීලේ එහි වැද කුමන හෝ ආහාරයක් පිළියෙල කිරීමෙහි නිරත මව හා අල්ලාප සල්ලාපයෙහි යෙදුනෙමි. මගේ පියා බොහෝ විට නිවසෙහි නොසිටි අතර ඔහු ආගිය තැනක් දත් හෝ ඒ ගැන උනන්දුවූ කිසිවකු හෝ නොවූහ.
"මේ ෆෝම් එකේ ඔයා පුරවන්ට ඕන නේද කොහෙද ඔයා වැඩ කරන්ට කැමති බ්‍රාන්ච් එක කියල?" මගේ මව විමසුවාය.
"ඔව්……." මම ඉවත බලාගෙන පිළිතුරු දුනිමි.
"ඔයා ලිව්වෙ දිල්ලිය කියල නේද?" ඇය යළිත් විමසුවාය.
මම කිසිවක් නොපැවසූයෙමි.
"මොකෝ කතා නැත්තෙ? දිල්ලි කියල නේද ලිව්වෙ? "
"හරි හරි... මම තවම ඒ හරියට ආවෙ නෑ. ඒ ප්‍රශ්ණෙට ආහම මම දිල්ලි කියල ලියන්නංකො"
එවිටම සාලයෙන් මුළුතැන්ගෙට ඇතුළුවන දොර අසල කුඩා රවුම් කනප්පුවක් මත වූ දුරකථනය හඬ නඟන්නටවිය. ඉරිදා දිනයෙහි දුරකථන ගාස්තු මධ්‍යාහ්න දොළහේ සිට හරි අඩකින් අඩුවන බැවින් ඒ අනන්‍යා බවට මට කිසිදු සැකයක් නොවීය.
මම වහා එහි ගොස් රිසීවරය එසවීමි "හලෝ...."
"හා...ලෝ..ම....ගේ සූ..කි..රි..බෝ..ලේ.." අනන්‍යා අකුරින් අකුර අදිමින් රිද්මයකට ගායනා කළාය.
"ඔහේගෙ ගරුකටයුතු මෑණියන් වහන්සෙ නම් ෂුවර් එකටම ගෙදර නෑ වගේ නේද? හෙහ්,හෙහ්, " මම ඇසුවෙමි. මම හැකිතරම් හඬ පහත් කොට කථාකලේ මගේ මවගෙ දෑත් යාන්ත්‍රිකව බණ්ඩක්කා කැපීමෙහි නිරත වූවද ඇගේ සම්පූර්ණ ආධානය යොමුවී ඇත්තෙ මෙදෙසට බව මම සහතික ලෙසම දන්නා බැවිනි.
"මෑණියන් වහන්සේ නිවසෙහි නැත. මෑණියන් වහන්සේ නිවසෙහි නැත.. එතුමී ගියා බඩු ගන්ට... හෙට අපේ වර්ෂා පිරප්පු උත්සවේනෙ. අන්න ඒකට"
"වර්ෂා මොකක්? "
"වර්ෂා පිරප්පු. අපේ දෙමළ අලුත් අවුරුද්ද..ඇයි ඔයගොල්ල ඒ ගැන දන්නෙ නැද්ද?" ඇගේ හඬෙහිවූ කෙලිලොල් ස්වභාවය එක්වරම පහව ගිය අයුරක් මට දැනිනි.
"ආ..දන්නව දන්නව මොකද අනේ නොදන්නෙ?.....මට එක පාරට පොඩ්ඩක් මේ අමතක වගෙ වුනානෙ. හරි සුබ නව වසරක් මැඩම්"
"හරි හරි තෑන්ක්ස්..ඒක නෙවෙයි සිටි බැංකුවෙ ෆෝම් එක ආවය කිව්ව නේද? ඒක තවම පුරවල යැව්වෙ නැද්ද? "
"නෑ තවම නෑ...තව ප්‍රශ්ණ හත අටක් පුරවන්ට තියනව.. ඒකයි මේ.." මම ඉතිරි වදන් ගිල ගත්තෙමි.
"ඕකෙ මම හිතන්නෙ ඔයා වැඩ කරන්ට කැමති තැන් දෙකක්ද තුනක්ද කොහෙද ලකුණු කරන්ට තියනව කැමැත්තෙ අනුපිළිවෙලට. චෙන්නයි කියල මුලින්ම දාන්ට හොඳද?"
මම නිහඬව සිටියෙමි.
"මේ..මොකෝ කතාවක් බහක් නැත්තෙ? එහෙම දානව නේද?"
"ඉන්නකො පොඩ්ඩක්...." මම දුරකථනයද රැගෙන එහි රැළි වැටුනු වයරය දිග ඇතිතෙක් මගේ මවගෙන් ඉවතට ගියෙමි.
"මේ... අපෙ අම්ම කියනව දිල්ලි කියල දාන්න කියල" මම රිසීවරයට මුව ළංකොට හැකි පමණ පහත් හඬින් පැවසුවෙමි.
"ඉතිං? ඔයාටත් ඕනෙ දිල්ලියෙම ඉන්නද? H.L.L. එක මට පත්වීම දෙන්නෙ අනිවාර්යයෙන් චෙන්නයි වලට. ඒකෙ ආය ඒ ගොල්ලො එක්ක කතාබහ කරල වෙනසක් කරගන්න කොහෙත්ම බෑ.ඒ හින්ද ඔයා දිල්ලියෙ නතර වුනොත් අපි දෙන්න කොහොමද අපේ අනාගතය ගැන තීරණයක් ගන්නෙ?"
"හරි හරි කලබල වෙන්නෙ නැතුව ඉන්නකො. අපි කොහොමහරි අපිට ඕන විදිහට වැඩේ කරගමු. ඒත් මම චෙන්නයි ආවොත් අම්ම හිතයි එහෙම කලේ ඔයා හින්දයි කියල"
"හරි…. ඉතිං මොකද? ඔයාට බැරිද කෙලින්ම අම්මට කියන්න. ඒක එහෙම තමයි කියල"
"එහෙම කොහොමද අනේ මම එක පාරටම අම්මට මූණටම එහෙම කියන්නෙ?"
"මම දන්නෙ නෑ ක්‍රිෂ්. H.L.L. එකෙන් මට ඔප්ෂන් එකක් දුන්නෙ නෑ. එහෙම දුන්නනම් මම කෙලින්ම ඉල්ලනව දිල්ලිය.මට ඔයාව නොදැක ඉන්න බෑ ක්‍රිෂ්,අනේ ප්ලීස්..ඉක්මනට මෙහෙ එන්නකො චුට්ටො මම ඔයා එනකල් බලා ඉන්නව"
"මෙතන වැඩේ මම තව කෙනෙකුගෙ චුට්ටනෙ. දෙන්නෙකුට එක පාර චුට්ට වුනාම වහ කෑව වගේ තමයි.කොහෙංවත් බේරුමක් නෑ. ඒයි මේ අන්න අම්ම මා දිහා ඔරවගෙන ඉන්නව.මම තියන්නං"
"මේ මේ...ඒයි පොඩ්ඩක් හෝව්....ෆෝන් එක තියන්න ඉස්සරවෙලා එකම එක පාරක් කියන්නෙ I love you කියල"
"හරි ඉතිං මම එහෙම තමයි. ඕක ආය වෙනම කියන්න ඕනය?"
"එහෙම බෑ එක පාරක් ඒ වචන හතර කෙලින්ම කියන්න පැහැදිලිව I love you Ananya කියල"
"අර අම්මත් අහගෙනද කොහෙද ඉන්නෙ? පිස්සුද මන්ද…."
මගේ මව සාවධානව මෙදෙසට සියළු කන් හරවාගෙන හිඳිනා බව මට සහතිකය. මම ඇය දෙස යන්තමට හිස හරවා බැලුවෙමි. ඇය අවසාන බණ්ඩක්කා කරල් කීපය බූව ඉවත් කිරීම පිණිස තෙත් රෙදි කඩකින් පිස දමමින් සිටියාය. ඈ අසල වූ තියුණු මුවහතින් යුතුවූ පිහිය මුළුතැන්ගෙයි කවුලුවෙන් පරාවර්තනයවී එමත පතිතවූ හිරු රස් දහරකින් දිලිසුනි.
"Movies I love. you should see them too" මම හැකිපමණ රිසීවරයට මුව ලංකොට පැවසූයෙමි…." හරි නේද?"
"ඒයි..ඒයි...එහෙම ඔට්ටු නෑ එහෙම ඔට්ටු නෑ" දුරකථනයෙහි අනෙක් අන්තයේ සිට අනන්‍යා මවාගත් කෝපයකින් හඬ නැඟුවාය.
"ඒ ඇති ඒ ඇති..හෙහ්,හෙහ්,...මම තියනව එහෙනං..බායි"
"ඕකේ, අයි ලව් යූ, බායි" ඇය දුරකථනය විසන්ධි කලාය.
හිස පහතට නවාගත්වනම නිහඬව තම කාර්යයෙහි යෙදෙනා මෑණියන් දෙස ඇස් කොණින් බලමින් මම ආපසු මුළුතැන්ගෙය වෙත පැමිණියෙමි.මසිත පෙලනා වරදකාරී හැඟීමෙන් මිදෙනු නොහැකිවූ හෙයින්ම මේසය මතවූ ඇය මොහොතකට පෙර පිසදැමූ බණ්ඩක්කා කරල් කීපයක් ගෙන යලි පිසදමන්නට වීමි.
"මොකද ක්‍රිෂ් ඔය කරන්නෙ? ඔව්ව මම පිහදාල තියෙන්නෙ? ආය පිහදාන්න ඕන නෑ." මගේ මව නළල රැලිකොටගනිමින් මා දෙස බලා යලි මුහුණ පහතට හරවා ගත්තාය.
මම නිශ්ශබ්දව මේසය මතවූ ඇය කපා ඉවත්කල බණ්ඩක්කා නැටි කිහිපයකට මම ඇඟිල්ලෙන් අනින්නට වීමි.
"අර මැඩ්රාසි කෙල්ල නේද ඒ කතා කලේ?" මගේ මව නිශ්ශබ්දතාවය බිඳිමින් විමසුවාය.
"එයාගෙ නම අනන්‍යා…" මම පපුව පුරාගත් හුස්මක් පහලට හෙලුවෙමි.
"ඒ කෙල්ලත් එක්ක ආශ්‍රයක් ඕන නෑ කියල මම ඔයාට කලිනුත් කියල තියනව.ඔවුන් හරි දක්ෂයි නාස් ලණුව දාගන්ට."
"අම්මටත් මම කලින් කියල තියනව මම අනන්‍යාට කැමතියි. කැමතියි නෙවෙයි ඇත්තටම ආදරෙයි."
"අන්න ඉතිං... බොරුද මම කිව්වෙ? ඔය තියෙන්නෙ ඇස් පනාපිට සාක්ෂි, දැනටම මට පේන්නෙ නාස් ලණුව….."
"අම්මා!!!!!" මම කෝපයෙන් කෑගැසීමි. "කවුරුවත් මට නාස් ලණුවක් දාපු එකක් නෑ. මම ගොනෙක්ද නාස් ලණු දාන්ට? " කෝපයෙන් රතුවූ මුහුණින් යුතුව මම මේසය මතවූ බණ්ඩක්කා කරල් කිහිපය ගෙන යලි මේසය මතටම වේගයෙන් දමා ගැසීමි.
"අනන්‍යා කියන්නෙ හොඳ ගෑණු ළමයෙක්. එයා ලස්සනයි, උගත්, ඒ වගේම හැමෝම එක්ක සුහදව ජීවත් වෙන්ට දන්නව.ඉතිං මට කියන්න එහෙම කෙනෙක් මොකටද මට නාස් ලණුවක් දාන්න හදන්නෙ? එයාට එහෙම කරන්න කිසිම ඕන කමක් නෑ. ඇයි එයා එහෙම කරන්නෙ?"
"ඔයා මොනවද ක්‍රිෂ් ඔය දකුණෙ කෙල්ලො ගැන දන්නෙ? එයාල බොහොම කැමතියි උතුරු ඉන්දියානු කොල්ලෙක් අල්ලගන්ට."
"ඇයි ඒ? මොකක්ද උතුරු ඉන්දියානු කොල්ලන්ගෙ තියෙන ඔය හැටි ඔය විශේෂෙ?"
"ඒකට හේතුව මේකයි" මගේ මව පැහැදිලි කරන්නට වූවාය."උතුරු ඉන්දියානුවො දකුණෙ අයට වඩා සුදුයි. ලස්සනයි. ඔන්න ඕක හින්ද ඔය දකුණෙ අයගෙ තියනව ඔය ගැන ලොකු හීනමානයක්."
"අනේ අම්මෙ මේ...." මම හිඳ සිටි අසුනින් නැඟී සිට ඇයට කරුණු වටහා දීමට තැත් කළෙමි. " අනන්‍යාට IIMA එකේ M.B.A. උපාධියක් තියනව. ඒ වගේම එයා ලස්සනයි. අනික අම්ම එයාව දැක්කනෙ. ඔය අම්ම කියන කෙහෙල්මල් හමේ සුද ගැන බැලුව වුනත් ඇත්තටම අනන්‍යා මටත් වඩා සුදුයිනෙ."
"ආන්න.. ආන්න... ඒකනෙ කියන්නෙ. ඔය පොත්ත රතුවට ජම්බියො වගෙ ඉන්න අංගනාවියො තමයි විස්වාසම කරන්ට බැරි. අර දෙන්නත් ඔය සුදු පාට අය තමයි."
"මොන දෙන්නද?"
"හේමා මාලිනියි, ශ්‍රී දේවියි. ඇයි මතක නැද්ද? මම එහෙදිත් අර කිව්වෙ."
ඇගේ කිසිදු පදනමක් නැති අභූත චෝදනාවන් මගේ කෝපය නිම් හිම් නොමැතිව උතුරා යෑමට හේතුවිය.
"අම්මා!!!!...." මම බිරුසන් දුනිමි." පිස්සු විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මම කිව්වනෙ... මොකක්ද මේ හේමා මාලිනියි ශ්‍රී දේවියි ඇදගෙන කොයි වෙලෙත් කරන විකාරෙ? කරුණා කරල අනන්‍යාව එයාලට සමාන කරන්ට එපා. ඇහුනද? " මම අත මිට මොලවා මේසයට ගසමින් කෑගැසීමි.
මගේ අවාසනාවට මා මේසයට අතමිට මොළවා ගැසූ පහර වැදුනේ මේසය මතවූ පිහිය අසලටය. පහරේ වේගය කරණකොටගෙන වීසිවීගිය පිහිය මේසය මත වූ මගේ මවගේ දකුණතෙහි මහපට ඇඟිල්ලෙහි ගැටුණි.මුළුතැන්ගෙහි ඇය භාවිතයට ගන්නා සියළු මෙවලම් සහ උපකරණ හොඳින් නඩත්තු කිරීම මගේ මවගේ සිරිතකි. එහෙයින් ඇය භාවිතා කරන පිහි ද ඇය ඉතා හොඳින් මුවහත්ව තබාගැන්මට නිතොර වගබලාගත්තාය.තියුණු පිහියට කැපුණු ඇගේ මහපට ඇඟිල්ලෙන් එකෙනෙහිම රුධිරය වෑහෙන්නට විය.
"අනේ අම්මෙ මම හිතල කරපු දෙයක් නෙවෙයි..මට සමාවෙන්න…" මම වහා ඇය වෙත යමින් ආයාචනා කලෙමි.
"ඒකට කමක් නෑ..ඒකට කමක් නෑ..මාව මරන්නකො..මාව මරන්නකො..අර කොහෙවත් ඉන්න කෙල්ලක් හින්ද ඔයා මාව මරනවනම් මට ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මාව මරන්න.මාව මරන්න….." ඇය අවසිහියෙන් මෙන් නොනවත්වා කියවන්නට වූවාය.
පොඩ්ඩකින් ආපහු එන්නම්කො
ReplyDeleteකම්මල,
Deleteමොකෝ බොල? දෙවෙනි කමෙන්ට් එක මඟ හැලිල ඒක හොයාගෙන එන්ටවත් යනවද?...:)
ආාාාා
ReplyDeleteමෙතූ මොකද බ්ලොග් එක අන්තර්දාන්ස් වෙලා, උණ නිසාද?
Deleteමෙතූ,
Deleteමොකද බං උඹලට අද වෙලා තියෙන්නෙ? පෝයත් පහු උන හින්ද ඒක වෙන්නත් බෑ. අර එකෙක් ගිණි කුන්දමේ ආපහු එන්නම්ය කියල ආයම දුවල ගියා. උඹ මෙතන දත් දොස්තර ගාවට ගිහිල්ල කට ඇරිය වගෙ ආආආආ කියනව. ...:)
Ian,
Deleteඇයි බං මේ තියෙන්නෙ...උණ...
බ්ලොග් රෝලෙ ලින්ක් එක යන්නෙ වෙන දිහාක.
Deleteමේ බ්ලොග් සෙල්ලන් වලට මම නාකි වැඩියි වගේ
ඉයන්,
Deleteහුටා... ඇත්තම නේන්නං මගේ බ්ලොග් රෝලෙං ගිහාමත් යන්නෙ වෙන කොහෙදො...මම කලින් ගියේ කමෙන්ට් එකක් ඊමේල් ආපු එකක ලින්ක් එකෙන්...අනේ මන්ද මේ ළමය මොනවා කරගෙනද කියල...:)
පස්සෙ ඇවිල්ලා කමෙන්ටුවක් දානවය කියලා හිතාගෙන දඩිබිඩියේ ලෙක්චරේට ගියා.
Deleteඕන්න කස්ටියට දැන් ගිහිං උණ බලාගන්න පුළුවන් .
Deleteස්තූතියි රවී. welldone
ReplyDeleteIan,
DeleteYou are Welcome!
ඉතාම සිත් ගන්නා සුළු විදිහට සියුම්ව වචන හසුරුවමින් මේ කොටස ලියලා තියෙනවා.
ReplyDeleteමේ ඒක නෙවෙයි...ඇයි අර //ටෝපැස් ආපන ශාලාවෙහි මද ගින්නේ පැළහූ රන්වන් කුකුළු ගාත් // කියන තැනට කඳුළු බිංදු දෙකක් වැටිලා තියෙන්නෙ?
"හා...ලෝ..ම....ගේ සූ..කි..රි..බෝ..ලේ.."
Deleteකෑල්ල තමයි නියම
කඳුළු වැටිලා තියෙන්නේ රවියට මේ කුකුල් ගාත් ගැන ලියද්දී වෙන කුකුල් ගාතයක් නිසා වෙච්චි ඇබැද්දියක් මතක් වෙලා වෙන්ටෑ.. :p
Deleteසඳ වියමන්,
Delete/ රන්වන් කුකුළු ගාත් කියන තැනට කඳුළු බිංදු දෙකක් වැටිලා තියෙන්නෙ? /
ඒ කඳුළු බිංදුව මගෙ නොවෙයි එය ඔබේමයි...එය ඔබේමයි...:)
ඔබට බොහොම ස්තූතියි!
කළ්‍යාණ,
Deleteඒකනෙ බොලේ කුක්කුටයෝ වනාහී මාහට බොහෝ සෙයින් අපල ගෙන දෙන්නෝය.
ඉන්දියාවෙයි ලංකාවෙයි කියල ලොකු වෙනසකුත් නෑ සමහර වෙලාවට. :D
ReplyDeleteබස්සි,
Deleteමොන?......දෙකම එකයි..දෙකම එකයි...:)
වම් අතින් ටයිප් කරන්ඩ අමාරු හින්ද එක දාල ගියේ. මම පොලොස් ඇඹුලක්, හාල්මැස්සො බැදුමක් ගොටුකොල සම්බෝලයක් බිත්තරයක් පරිප්පු ටිකක් එක්ක බත් පිගානක් දකුණු අතින් කකා හිටියෙ. බඩ ෆුල් නිසා පොඩ්ඩක් ඇවිදල දැන් තමයි ආවෙ.
ReplyDeleteඅපේ අම්මත් ක්‍රිෂ් ගෙ අම්ම වගේ උනානම් මම තාම තනිකඩය. කොහෙද දැක්ක දවසෙ ඉදන් ගෙදර ගේනකම් ඉන්ඩ දුන්නෙ නෑ.
පොලොස් ඇඹුලක්, හාල්මැස්සො බැදුමක් ගොටුකොල සම්බෝලයක් බිත්තරයක් පරිප්පු ටිකක් එක්ක බත් පිගානක්
Deleteකට කෙල උනනව බං
ඔය ගොටුකොළ සම්බෝලෙට අමු මිරිස් එහෙම දාලද තියෙන්නෙ.
Deleteකම්මල,
Delete/ මම පොලොස් ඇඹුලක්, හාල්මැස්සො බැදුමක් ගොටුකොල සම්බෝලයක් බිත්තරයක් පරිප්පු ටිකක් එක්ක බත් පිගානක් දකුණු අතින් කකා හිටියෙ /
ඇයි උඹේ බත් පතේ ලේනහතු මාලුවක්,මුංඇට නියඹලාවක්,කෙහෙල් මුහ වෑංජනයක් ,කරකොල මැල්ලුමක්, ලූණු එහෙම දාල බැදපු කීරමිං,කොහිල සම්බෝලයක්, කතුරුමුරුංගා මල් හොද්දක් එහෙම තිබ්බෙ නැතෙයි? ……...පලයං බං පච නොගහ...මේ අපිව අවුස්සන්ට උඹ ගහන කෙප්පනෙ..
උඹ මේ රෑ ඉතුරුවෙච්චි පරිප්පුයි, ඔම්ලට් එකකුයි එක්ක බත් කන ගමං කොහොමද දෙන කයිය?
ඉයන්,
Deleteඅනේ බං මේකගෙ රට කෙප්පනෙ..රැවටෙන්ට එපා...:)
මී පල්ල ඇත්ත අයියෙ, ඕං බලහං අනික් දවසෙ මම ඉයන්ට බත් එකක් යවන්නැද්ද කියල.
Deleteඅපේ අම්ම ගමේ ඉදං ඇවිත් අද දෙල් තෙම්පරාදු කරල , පැලවෙච්චි මුං ඇට උයල , බල කරෝල කෑල්ලක් තෙල් දාල , අගුන කොල මැල්ලුමක් එක්ක බැදපු මිරිස් ටිකක් එක්ක බත් ජුන්ඩක් කාල ආව විතරයි.
ඉයන්, හිටිංකො මම කෙසෙල් කොලේ ඔතපු කෑම එකක් එවන්නම්.
ප්‍රසා , අපේ ගෙදර පෝච්චි පහ හයක මිරිස් තියනව. අමු මිරිස් මාළු මිරිස් කඩෙන් ගන්නෙ නෑ. මම රතු ළූණු ටිකකුත් හිටවල තියෙන්නෙ අලුතෙන්.
රවි අයිය, ලේන හතු දැන් කලාතුරකින් හම්බවෙන්නෙ , අපේ ඔය ඉවුරෙ කාලෙකට හැදෙනව වැලි හතු ජාතියක් ඒක තෙල් දාල මරු. කමතෙ අයින් කරපු පිදුරු ගොඩේ පිදුරු හතු මොට්ටු නම් නිතරම තියනව. කතුරු මුරුංග උම්බලකඩ හොදට දාල හින්දවල ගත්තම බයිට් එකට මරු. සෙනසුරාද වෙල පැත්තෙ ගිහින් කතුරු මුරුංග මල් ටිකක් ගේන්න ඕනෙ.
වෙලේ ෂෝක් පැලක් තියනව , ඕකෙ මැස්ස උඩ ඉදගෙන රටකජු ටිකක් කකා ගල් බෝතලක් 4 දෙනෙක් ගහද්දි හුලං පාරට ටොප් ගානට එනව. රෙස්ටුරට් ඇතුලෙ බොනවට වඩා සරමක් ඇදගෙන ඔතනට ගිහින් බොන එක මාර ගති.
කම්මල,
Delete/ වෙලේ ෂෝක් පැලක් තියනව , ඕකෙ මැස්ස උඩ ඉදගෙන රටකජු ටිකක් කකා …../
කොහේ ගැනද ඔය කියන්නෙ බොලේ? මම කිව්වෙ බොලායෙ ගම?
//සරමක් ඇදගෙන ඔතනට ගිහින් බොන එක මාර ගති// ආපහු එන්නෙ සරම නැතුවද?
Deleteකම්මලේ,අනික් වතාවෙ ආවහම මාව බොලාගෙ ගෙදර එක්ක පලයන් හරිද.
Deleteකම්මලේ ඔය අසාධාරණ කතා ලියන්න එපා. බෝතල් වල දාපු කරෝල කන අප වැනි අසරනයනුත් ඉන්නවා කියල හිතන්න. දැන් ඒකත් නැවැත්තුව මොකද මේ ලනක්වේ හදන උන් ෆෝමලීන් දානව කියල තහනම් කරලා.
Deleteඉරිසියා කොරන්ඩ එපා බොලල්ලා මාත් ටවුමෙ ගෙයක් හදන් නිවාඩුවට විතරයි යන්නෙ.
Deleteහැලපෙ අයියෙ මේ කියන්නෙ දාරළුව ගැන. ආයෙ ආවහම අනිවා පැලේ අඩියක් ගහමු. මාත් කෙටවල පැත්තෙ වෙල අයිනෙ ගේ කෑල්ලක් හදන්න ඉන්නෙ වයසට ගියාම ඉන්න.
AD, යන්ඩ තිබ්බ කාලෙ යුරෝපෙට නොගිහින් දැන දුක් වෙවී ඉන්න අපිට දැන් කරෝලයි බතුයි තමයි. ඇයි බන් අයියෙ බේකන් කන ගමං දුප්පත් අපේ මේ කරෝල කෑලි වලට කෙල ගිලින්නෙ.
මේ බඩ පැලෙන්න කාල කාලා, කහට කෝප්පෙකුත් බොන්න යන ගමං. බොලා හිංදා ආපහු බඩගිනියි...
Deleteකම්මල,
Deleteදාරළුව ....මම දන්නෙ ගම්පහයි වේයන්ගොඩයි අතර තියෙන දුම් රියපොලක් කියල විතරයි. විජය රජදහන කියලත් ඔය කිට්ටුව තව ස්ටේෂන් එකක් තියනව නේද? ඒ කිට්ටුවම ඉන්නව මගෙ බොහොම සමීප මිත්‍රයෙක් පදිංචි වෙලා.
ආ..ස්ටේෂන් ගැන කියනකොට තව කාරණයක් මතක් වුනා. හීන්දෙනිය-පට්ටිගොඩ කියල දිග නමක් තියෙන ස්ටේෂන් එකට ඒ නම ලැබුණු හැටි කාලෙකට ඉස්සෙල්ල බ්ලොග් එකක තිබ්බ. මේ සිද්ධිය වෙලා තියනවයි කියන්නෙ 70 දශකයෙ මුල් කාලෙ. සිරිමා මැතිණියගෙ ආණ්ඩුව කාලෙ. ඒ ගම්දෙකේ මිනිස්සු තරහයිලු. පස්සෙ ස්ටේෂන් එකක් දෙනකොට ගම් දෙකටම ස්ටේශන් එක ඕන වුනාලු.පස්සෙ ආණ්ඩුවෙන් කලේ ගම් දෙක අතර තිබ්බ වෙල්යායෙ ස්ටේෂන් එක හදල දෙගොල්ලම සතුටු කරන්ට ගම් දෙකේම නම් දැම්මලු ස්ටේෂන් එකට.ඕක ලංකාවෙ දිගම නම තියන ස්ටේෂන් එකලු.කෙටිම නම තියෙන්නෙ වග ස්ටේෂන් එකට...:)
ආං හරි , ගම්පහ , දාරළුව , බෙම්මුල්ල ,මගලෙගොඩ ,හීන්දෙනිය පට්ටිගොඩ, වේයන්ගොඩ ඊලගට හැලපෙ ඉන්න වදුරව. විජය රජදහන ඊට ඉට්ටේසන් 5 කට පස්සෙ.
Deleteහීන්දෙනිය පට්ටිගොඩ ගැන කතාව හරි. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඇම්බුෂ් දාන්නෙ ඔතන ගුටි කන එවුන්ට දුවන්ඩ බෑ දෙපැත්තෙ වෙල හින්ද.
ඇයි තව තියෙන්නෙ උතුරු කළුතර - දකුණු කළුතර ස්ටේෂන් දෙක අතරෙ "දුම්රිය ස්ථානය අංක 1" කියල එකකුත්...
Deleteමු ආපහු අර කුණුගොඩ අවුස්ස ගත්තනේ...
ReplyDeleteකවදාවත් හැදෙන්නේ නැති එකෙක්...
ලොක්කා,
Deleteහෙහ් ඒකනෙ බං හදන්ට බෑ, හදන්ට බෑ...:)
හම්මේ.. තව පොඩ්ඩෙන් ආනන්තරිය පාප කරුමයක් කර ගන්නවා නේද අර කොහෙවත් යන දරහැවක් නිසා.. ආලේ අන්ධයි කියන්නේ ඕකනෙ..
ReplyDeleteප.ලි.- මම අද සිට ක්‍රිෂ් ගේ අම්මගේ පැත්තේ.. තාත්තගෙනුත් අනුකම්පාවක් ආදරයක් ලැබෙන්නේ නැති අසරණ මනුස්සයානේ.. ඉතින් එකම පුතා ගැන මහමෙරක් බලාපොරොත්තු තියාගන්න එක සාධාරණයි කියලා හිතුනා..
කළ්‍යාණ,
Delete/ ආලේ අන්ධයි කියන්නේ ඕකනෙ../
ආලය අන්දයි පේමය බීරියි සෙනෙහස ගොලුයි.
ඒ අංතිමට ඇඟිල්ල කැපෙන එකනං සිනමාත්මකයි නේද?
ReplyDeleteකොහොම උනත් මේ සිරිලංකන් වර්ෂන් එකනම් එළ.
ඔය නැංදම්ම ලේලි හටන ආසියාතික අපේ උරුමයක් නේද? වෙලාවට හෑන් පෝන් නොතිබ්බෙ. මෙහෙ ජෝඩුවක් හිටියා. උං දෙන්න නිතරම ඔන්ලයින්.
සුරංග,
Delete/ ඔය නැංදම්ම ලේලි හටන ආසියාතික අපේ උරුමයක් නේද? /
එහෙම ආසියාතිකම කියන්ට බෑ බං..දැං බලාපං ඔය දෙවෙනි එළිසබත් රැජිනගෙයි විට්ටෝරියා රැජිනගෙයි හබේ. එතකොට ඇන්ජලීනා ජොලීගෙයි ජෙනිෆර් ඇනිස්ටන්ගෙයි අරෝව, එතකොට මොනිකා ලෙවින්ස්කිගෙයි, හිලරි ක්ලිටන්ගෙයි වලිය....:)
රවී මොකක් හරි බටහිර රටක දේශපාලඥයෙක් වෙලා හිටියද ඔය තරම් හොඳට fact-twisting, confusing, misleading කතා කියන්න පුලුවන් වෙලා තියෙන්නෙ? ලංකාවෙනම් ඕව ඕනෙ නෑ කෙලින්ම මෙලෝ හසරක් අදාල නැතුව කාට හරි බනින එකනෙ
Deleteසිනමාත්මකයි කියන්නෙ සුරංග හදපු වචනයද්ද?
DeletePra,
DeleteTwisting the facts as I would like,
Wrapping them around my little finger,
Conjuring rabbits from my black hat,
Doing what I know best behind Smokescreens
Frank Sinatra………………….. :)
ඩ්‍රැකී
Deleteහහ්..සුරංගය හදපු තව වචන තියනව…" ද්විවිඝටනාත්මක දයලෙක්තිකය " ඒකත් ඕකා තමයි හැදුවෙ…:)
ද්වන්දාත්මක භෞතිකවාදය නං මං හැදුවෙ...
Deleteමට මේකෙ පොතත් හම්බවෙලා නොකියවා ඉන්නෙ ආතල් කැඩෙන නිසා.... ඔය පොතේ ඉංගිරිස් නමෙන් මේ බැංකු ප්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද කියලා ඉඟියක් ලැබෙනවා නේද? මම ඊයෙ පරණ පෝස්ට් ටිකක් කියවලා ආවේ... නීල් ආම්ස්ට්‍රෝං හඳට ගොඩබැස්ස වෙලාවේ කියපු ප්‍රකාශෙ අහලා ඔෆිස් එකේ කට තදකරගෙන හිටියේ ...
ReplyDeleteතිසර,
Delete/ ඔය පොතේ ඉංගිරිස් නමෙන් මේ බැංකු ප්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද කියලා ඉඟියක් ලැබෙනවා නේද? /
2 States කියල පොතේ නමේ තියන හින්දද උඹ එහෙම හිතුවෙ? එතන බඝට් අදහස් කලේනම් මම හිතන්නෙ ක්‍රිෂ් සහ අනන්‍යා හත්පසින්ම වෙනස් ප්‍රාන්ත දෙකක කියන එක.
ලිවිල්ල පට්ටය.. එළය...
ReplyDelete"පාවෝ භාජි ආදියට සමුදී"
හරි වචනේ 'සමුදී' ද? 'සබ්ජි' ද? මට ඇහෙන්නේ නිකං සබ්ජි වගේ..
කසුන්,
Deleteසමුදී කියන්නෙ සමු දීල කියන එක. වෙන්වෙලා යනව කියන තේරුම එන්නෙ. " සමුගෙන යන්න මගෙන් තව මොහොතයි, නොදොඩා ඉන්නේ ඇයි? " ලයික් දැට් ...:)
අපෝ... නිකන්ම නෙමෙයි ඇදගන මං නාලා තියෙන්නෙ :)
Deleteඅපිට හරියට තේරුම් ගිය නැති එකක් තමයි ඉන්දියාවේ උතුරු දකුණු භේදය ( ඒවගේම අශෝක හා මෝගල් කාලෙ ටිකක් වගේ තිබුනට ඉන්ග්‍රීසී අධිරාජ්‍යයේ කෑල්ලක් වෙනකම් ඉන්දියාව එක රටක් නොවුන එක ). අපි එල් ටී ටී එක සම්බන්දයෙන් ඔය බේදය අපේ වාසියට යොදාගන්න අපොහොසත්වුනා. රජීව් ගාන්ධි ඝාතනයෙන් පස්සෙ තමයි ඔය භෙදය හරියට අපිට වාසිවෙන ලෙස බලපෑවෙ
ReplyDeleteරවිට මතකද අර සේගු සමුද්‍ර එකෙන් රාම පාලමට හානිවෙනවයි කියල සමහර අය විරුද්ධවුනා? එතකොට දකුණු ඉන්දියානු සමහර දේශපාලකයො කිව්ව, මේ මල විකාර ආර්යන් මිත්යා කතාවක් අරගෙන දකුණේ දියුණුවට උතුරුකාරයො අකුල් හෙලනව කියල
අපේ තියන xenophobia හා දූපත් මානසිකත්වය නිසා අපිට මතක නැතිවෙනව ඉන්දියාව හෝ ඇමරිකාව් හෝ වෙනත් හුඟ රටවල් කියන්නෙ එක දේශපාලන පක්ශයක්, මතයක් තියන රටවල් නෙමෙයි. අපිට වාසි හා අවාසි ලැබෙන විවිධ මත, පක්ෂ, සිවිල් සන්විධාන ආදිය තියන එක් එක කාලවල වෙනස් වන සංකීර්ණ දෙයක් කියල. අපි වගේ කුඩා රටවලට තියෙන්නෙ අර රට අපිට විරුද්ධයි කුමණ්ත්‍රන කරනවා කියල කෑ ගහන එක නෙමෙයි , අවස්ථානුකූලව පුලුවන් වාසියක් ගන්න එක.
අපි පුද්ගලික ලෙස කරන (පුද්ගලිකව පටන් ගත්තත් සමහරවිට එය දේශපාලකයන්ගේ /ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිපත්තිවලටත් බලපානව ) තවත් වරදක් තමයි අපි දන්න හෝ මුණ ගැහුන විදේශික එක්කෙනෙක් හෝ කිහිපදෙනෙක් නිසා ඔවුන්ගේ රටේ සියල්ල හෝ වැඩිදෙනා හෝ සාමාන්‍ය අය ගැන ලොකු මතයකට එලඹීම.
මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වීම ( අපිට හමුවුනේ රවිනන්ද වීරසිංහ වගේ අසාමාන්‍ය කෙනෙක් වෙන්න පුලුවන් ) පමණක් නෙමෙයි ලොකු රටවල ප්‍රාදේශීය වශයෙන් වුනත් හුඟක් වෙනස් වෙනවා. රටක ජනතාව ගැන හරි මතයකට එන්න ඒ රටේ සෑහෙන කාලයක් ජීවත් වෙන්න ඕනෙ (ඒ සඳහා ජීවත්වෙන්න ඕනෙ තමන්ගේ අයත් එක්ක කල්ලි ගැහිල නෙමෙයි ඒරටේ විවිධ ජනතාවත් එක්ක ආශ්‍රය කරල, ට්‍රැවල් කරල, කියවල බලල )
මං හුඟක් individualistic නිසා (In my mind I do not belong to a particular group/background or a set/recognized way of thinking ) මං හැමතිස්සෙම මිනිස්සු individuals විදිහට මිසක් කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස කෙනෙක් දිහා මුලින් බලන්නෙ නෑ.
කාලෙකින් රවිගේ පෝස්ට් එකකට දිගට කමෙන්ට් කරන්න වෙලාව ලැබුන නිසා මේ හෑල්ල ලිව්වට අදාලත් නැද්ද කොහෙද ....මේ පෝස්ට් එක කතාවක් මිසක් සමාජයීය විග්‍රහයක් නෙමෙයිනෙ
අදාලයි.. කතාවක් උනාට කොමෙන්ට් කතාව ගැනම වෙන්න ඕනයැ?කතාවෙන් මතු වෙන අදහසක් දිගේ යන එකත් වටිනවා කියලයි ගස්ලබ්බ හිතන්නෙ.මේ ජාතියෙ කොමෙන්ට් වැටෙන්නෙම නෑ නෙව ලේසියකින්.
Deleteඔය අත්දැකීමක් හෝ දෙකක් නිසා generalise කිරීම ගැන හොඳ අත්දැකීමක් තියනවා... මගේ මිත්‍රයෙක්ගේ මිත්‍රයෙක් ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවක, මුලින්ම නවාතැන් අරගෙන හිටිය තැන ඉඳලා ඔහුගේ මිත්‍රයෙකුගේ ගෙදරට ගිහින් ඇරලීමේ කටයුත්ත මට පැවරුණා.
Deleteදැන් වාහනේ යන ගමන් කතාබහ මෙහෙමයි;
මි.මි: කාර් ඔක්කොම ඩීසල් නේද?
මම: හ්ම්ම්ම් අහ්හ්හ් නෑ එහෙමම නෑ ගොඩක් තියෙන්නෙ පෙට්‍රල් කාර්...
.....
මි.මි: පත්තර ඔක්කොම ෆ්‍රී නේද?
මම: හ්ම්ම් නෑ සල්ලි වලට ගන්නත් තියනවා, නිකම් බෙදන ඒවත් තියනවා...
.....
මි.මි: වීක්එන්ඩ් එකේ ඔක්කොම වහලා නේද?
මම: අහ්හ් ඔව් වැඩි හරියක් වහලා තමයි.
.....
මි.මි ගෙවල් ඔක්කොම ලෑලි නේද?
මම: ඔව් මං හිතන්නේ
.....
මි.මි: (ලංවී හඬ අඩුකර ) සුද්දියෝ ඔක්කොම කල්ලන්ට මාර ආසයි නේද?
මම: හෙහ් හෙහ්..
අන්තිමට මට එපා වෙලා ඔව්, නෑ, බෑ කියලා ඔහේ නිකං හිටියා...
Pra,
DeleteWhere the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls; Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.
(Verse 35, Geethanjali - Rabindranath Tagore)
පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා
පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දැත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා
යුතුකම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
විශේෂයෙන් එක රටක් ජාතියක් කියල නෑ, මිනිස්සු කොහොමත් අදහස් අතින් ඉතාම පටුයි. උමං දෘෂ්ඨිකතාවය ( Tunnel Vision ) කියන බරපතල රෝගයෙන් බහුතරයක් රෝගාතුරයි.අනික් භයානකම රෝගය පදනම් රහිත වර්ගීකරණය ( Baseless Stereotyping) මට හමුවුනු බටහිර වැසියො හැබැයි මේ අතින් එතරම්ම අගතිගාමී නැහැ.
ඔබේ සවිස්තර ප්‍රතිචාරයට ස්තූතියි ප්‍රා...;)
Thisara,
Delete/ මි.මි: (ලංවී හඬ අඩුකර ) සුද්දියෝ ඔක්කොම කල්ලන්ට මාර ආසයි නේද? /
මම:.එහෙම දෙයක් නම් නෑ මම දන්න විදිහට. ඒත් එහෙම දෙයක් තිබුන වුනත් ඔහේ වගෙ අය එන්ට ගත්තම නම් තත්වය ටිකක් වෙනස් වෙයි මට හිතෙන්නෙ... හෙහ් හෙහ්.
ගස්,
Deleteඑක පාරක් හෙන්රිය කිව්ව නේරු ගැන පෝස්ට් එකක් ලිව්වට සරනේරු ගැන කතා කරන්ට ඒක බාධාවක් කරගන්නෙ මොකටද? කියල..මම එකඟයි සීයට සීයක්ම...හෙහ්,හෙහ්,
යන්තං ගෑවුනත් කැපෙන පිහියකින් අහක බලාගෙන වෙන සිහියකින් බණ්ඩක්ක කපනව කියන්නෙ ක්‍රිෂ් ගෙ අම්මත් ලේසි ගෑනියක් නෙමෙයි.
ReplyDeleteපළහපු කුකුළො සම්බන්ධතා ඇති කරන්න වගේම සම්බන්ධතා නැති කරන්නත් හේතුවෙනවයි කියන එක බගට් කාරය රවීගෙන් ඉගෙන ගත යුතුයි.
ප්‍රසන්න,
Deleteඩෝප් මරගාතෙ මගෙ යාලුවෙක් එක පාරක් බයිට් එකට සොසේජස් හදන්ට ගිහිල්ල උගෙ දබරැඟිල්ල බාගයක් විතර පෙති කැපෙනකල් දන්නෙ නෑ...:)
භගට් ගොයියට තව බොහොම දේවල් ඉගෙන ගන්න තියනව බං..ඇත්ත......සුට්ටං පඳුරක් දෙකක් තැලුවනං කතාවටත් පොඩි එළියක් එනව. මූ ඒක දන්නෙ නෑ..පව්..:(
ලියල තියන අපූරුව... අම්මාට උනත් වැඩි බුරුලක් දෙන්න නරකයි... මොකද අම්මල හිතාන ඉන්නෙ එයාල නැත්තං මොකුත් කරගන්න බැරි බබාල කියල. අන්න කෙළවෙන පොට. කොහොම නමුත් අම්මලටත් ආදරේ වෙළාවට ආදරේ කරන්න වගේම තමන්ගේ මතය දිනවන්න ඕන වෙළාවට එහෙම කරගන්න පුළුවන් වෙන විදියට හදාගන්න ඕන.. මොකද අම්ම කියන්නෙ කොල්ලෙක්ගෙ පළමු ආදරය... පුතෙක් කියන්නෙ අම්මෙක්ගේ කිසිදා නොමියන ආදරය.. ඔන්න ඔය කාරණාව නිසා අම්මලට පුළුවන් පුතාලව මෙහෙයවන්න... මධ්‍යස්තව ඉඳන් අවස්ථානුකූලව ගෑනිට හෝ අම්මට දෙන්නටම විරුද්ධව අවි අමෝරාගෙන සටනට එළඹෙන්න බැරි නම් පවුල් ජිවිතේ ෆේල්... ගෑණු දෙන්නෙක්ව එක තැන තියන එක බොහොම අමාරු නිසා... ජය රවී අයියා...
ReplyDeleteසජ්ජා,
Deleteදෙදෙනාගේම සිත් නොරිදවා මව සහ බිරිඳ අතර ආදරය සමබරව ගෙනයාම නොහොත් The method of Balancing the love while making both of them happy ගැන මල්ලි උඹේ අදහස් දැක්වීම හා සමඟ සපුරා එකඟ වෙමි...හෙහ්,හෙහ්
ලංකාවේ අම්මලයි ඉන්දියාවේ අම්මලයි කියල වෙනසක් නැහැ. නාට්‍යයක් වගේ ජිවිතයම රරඟ පානවා.
ReplyDeleteඅජිත්,
Deleteකොහෙ හිටියත් අම්මල අම්මලමයි අජිත්...:)
අද වෙනම පැයක් මේ බ්ලොගයට වෙන් කරලා මේ කතාව අංක 8 සිට කියෙව්ව. කටත් දෙකක් නැහැ විශිෂ්ටයි. දැන් කියවන්න ඕනේ බ්ලොගේ ඉතුරු ලිපි ටික..
ReplyDeleteAjith,
DeleteThanks...:)
//දෙන්නෙකුට එක පාර චුට්ට වුනාම වහ කෑව වගේ තමයි.කොහෙංවත් බේරුමක් නෑ. //
ReplyDeleteමේකෙ තෙරුම් දෙකක් තියනවා නෙව.දෙන්නා දෙපැත්තෙන් මත දෙකක් කියනවා.
මූ හිරවෙනවා.
ඒ වගේම අහිතකර දෙයක් තමයි දෙන්නම ෆිට් උනාම සෙට් වෙලා එකම දේ කියනවා.
ඒත් මූ තැලෙනවා.
එතකොට තමන් අහිමි වෙන්න චෑන්ස් එකක් එනවා.මොකෝ 'අම්මා' ගෙ පුතා වත් වයිෆ් ගෙ හස්බණ්ඩා වත් 'චුට්ටා' ගෙන් එහා චරිතෙකට යනවට,වයසට යනවට මේ ඈයො කැමති නැති එක නෙව.එකම විසඳුම පරම පිවිතුරු 'යුද්ධය'.
හෙහ් හෙහ්...
ජයවේවා..!!
ගස්,
Deleteඒ කියන්නෙ කැත්තට පොල්ල වගෙ ඉන්ට ඕන දෙන්න එක්කම ...හෙහ්,හෙහ්,
අම්මගේ අත කැපිච්ච එක තමයි අවුල.එහෙම නොවේ නම් ක්‍රිශ්ට තව පොඩ්ඩක් සද්දේන් ඉන්න තිබ්බා.ඔන්න ටර්නින් පොයින්ට් එක අම්මගේ පැත්තට හැරුණු.
ReplyDeleteමනෝජ්,
Deleteයස් අම්මා ඒකෙ සම්පූර්ණ ප්‍රයෝජනය ගත්තා වහාම ක්‍රියාත්මක වන පරිදි...;)
මං ආවා. වැඩි දෙයක් ඔළුවට ආවෙ නෑ ලියන්න.
ReplyDeleteDracky,
DeleteOK..Boss...:)
ආවා
ReplyDeleteකියෙව්ව එක හුස්මට 4 ඉදන් 14 වෙනකම්ම
මෙව්ව ලියන වේගේ බොහොම මදි
ඔව්.
අහ් මේකටත් ටැග් එකක් පල්ලෙහා ලිස්ට් එකේ වෙන් කරානම
පහසුයි මන් වගේ එවුන්ට මේක අස්සෙ කඩා පාත් උනාම
නිශ්,
Deleteඅප්පටසිරි දැකපු කල්....පොතක මහිම කියල ටැග් කරල තියෙන්නෙ බං..ඒත් ඒකෙ වෙන පොත් ගැනත් තියනව. මේක මෙහෙම දිගට ලියන්ට හිතුවෙ නෑ. එක කොටසක් නැත්නම් උපරිම දෙකක් ලියල නවත්තන්ටයි හිතාගෙන හිටියෙ. සිතු දේ නොම මේ නොසිතු දෙයක් වේ..කියල වැඩේ දුරදිග ගියා. මේ කතාවට වෙනම ලේබල් එකක් දාන්නං විවේකයක් ලැබුණු වහාම...:)
සෑහෙන කාලෙකින් ආවා, දැන් ඉතිං නිදහස් සිතුවිලි නිදහසේ කියව්න්න ඕනෙ.
ReplyDeleteසම්මානි,
Deleteහෙහ්..වෙල්කම් බෑක්, වෙල්කම් බෑක්. බැඳල ළමයි බමයි එහෙම ලොකුවෙලා ඉස්කෝලෙත් යන්ට ගත්තට පස්සෙ ආයම ආව මේ පැත්තෙ නේද? හොඳයි හොඳයි බොහොම සන්තෝසයි., බොහොම සන්තෝසයි.
උඹ අර අඹ ගහ උඩ නැඟපු සීන් එක ගැන ලියපු පෝස්ට් එක මට තාම මතකයි...:)
ඉතාම රසවත් . බණ්ඩක්කා කැපිලා අතිලියේ තැන්පත් වෙන එක අම්මගේ අත කැපෙන එක වගේ දේවල් පණ පිහිටුවල ලියල තියෙනවා
ReplyDeleteතිලක්,
Deleteස්තූතියි තිලක්...:)