Tuesday, November 17, 2015

368. The Story Of My Marriage - 14 - "Sir, You can sit in front and make madam sit on your lap" The driver pointed Ananya to me and ...

Sabarmati Ashram
මේ කළබල මධ්‍යයේ මගේ හිස මතවූ උපාධි තොප්පිය ලිහිල්ව පහළට රූටා යමින් පැවතිනි. සුරතින් එය සකස් කරන අතර මම මගේ මව දෙස වික්ෂිප්තවූ බැල්මක් හෙලමින් මෙසේ ඇසුවෙමි."මොකක්ද අම්මෙ මේ කරන්න හදන්නෙ? මොකද අම්මට වෙලා තියෙන්නෙ?"

"කන්‍යාශ්‍රී බැනර්ජී……." ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිකුත් වූ ඒ හඬ උත්සවභූමිය සිසාරා පැතිර ගියේය.

මම බොහෝ සේ ප්‍රමාද බව ඒ සමඟම මට සිහිවිය. මීට ප්‍රථම මගේ පළමු උපාධි ප්‍රදානෝත්සවයට මට සහභාගීවිය නොහැකිවූයේ නියමිත වේලාව පසුවනතුරු මම නිදාගත් බැවිනි.යලිත් වරක් එවන් අවස්ථාවක් මඟහැරීයාමට ඉඩදිය නොහැකි බවට මම තරයේ ඉටාගතිමි.

"මොකද මට වෙලා තියෙන්නෙ කියල ඇහුවා? මට කිසිදෙයක් වෙලා නෑ..මම කිව්වෙ සම්පූර්ණ ඇත්ත. හරි මම කියපුව එකක්වත් බොරුය කියල ඔයාට අවංකව කියන්න පුලුවන්ද?" 

මගේ මව විමසූයේ රත්පැහැවුනු මුහුණෙහි දහදිය පිසදමමිනි. ඇය නාමිකව මා ඇමතූ නමුදු වරින්වර හිස හරවමින්, අයාගත් නෙතින් බලාහුන් උත්සවයට සහභාගීවන්නන් ද සංවාදයෙහි කොටස්කරුවන් බවට පත්කොටගැනීමට උත්සාහ දැරුවාය.

"ඇත්ත තමයි…." මුහුණ පුරා වැඩුණු දුඹුරුවන් රැවුලකින් සන්නද්ධවූ පුරාණ දේවකථාවල සඳහන් තාපසයෙක් වැන්නෙක් හිස සොළවමින් ඇය හා එකඟ වූයේය. 

"අම්මෙ.මේ....අම්ම එක්ක මෙතන ඔය ගැන වාද කරකර ඉන්ට ගියොත් වෙන්නෙ මට මේ පාරත් උපාධිය ගන්ට වෙන්නෙ නෑ…." එලෙස පවසා වේදිකාව දෙසට හැරුනු වහාම මගේ නම ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිකුත්ව උත්සව සභාව පුරා පැතිර ගියේය. "ක්‍රිෂ් මල්හෝත්‍රා............ "

ලහි ලහියේ මම වේදිකාව වෙතට ළඟාවන විටද පස් මහා මොහිට්වරුහු වේදිකාව අසල එකිනෙකා පසුපස පේළි ගැසී ඉවසිලිවන්තව බලා සිටියෝය. මම ඔවුන් දෙස බලා සිනාසී වේදිකාවට ප්‍රවේශවන පඩි පෙල නැඟ ප්‍රධාන අමුත්තා වෙත පිය නැඟීමි. 

ප්‍රධාන ආරාධිතයා වෙතින් මගේ උපාධි සහතිකය ලබාගත් මම ආපහු හැරී උත්සව සභාව සිසාරා බැල්මක් හෙලීමි.මගේ මව හිඳහුන් අසුනින් නැඟිට අත්පොලසන් දෙමින් සිටියාය. "I Love You Krish....." ඇගේ හඬ උත්සව භූමියේ දහසක් අවශේෂ හඬ පරයා මගේ සවනට පිවිස මහද ඈ කෙරෙහි සෙනෙහසින් පුරවාලීය.මම ඇය දෙස බලා සිනාසී මගේ උපාධි සහතිකය ඇය දෙසට දිගුකළෙමි.

ගතවුනු පුරා දසවසරක් තුල මගේ පියා නිරතුරුව ඇය අමතා පැවසූයේ ඇගේ එකම පුත්‍රයා කිසිදිනෙක ජීවිතය ජයගත් මිනිසකු නොවන බවයි.එහෙත් අද මම ජීවිතය ජයගැනීමෙහිලා පදනම දමා ඇත්තෙමි. සත්‍යය වශයෙන්ම ඒ මට වඩා මගේ මවගේ ජයග්‍රහණයකි. මම පළමුව කඳුලු පිරි නෙතින් යුතුව අහස දෙස බලා දෙවියන්ට ස්තූති කළෙමි. අනතුරුව මොහොතක් දෑස තදින් පියාගත්වනම හිඳ කඳුළු වියැකීගිය ඉක්බිති මගේ මවගේ ප්‍රීතියෙන් ඉපිලෙනා මුහුණ දෙස බලා යලි සිනාසුණෙමි.

"හරි හරි දැන් ඔය මදැයි අපි හැමෝටම අද සන්තෝසයි තමයි. ඒත් තව කට්ටිය ඉන්නව උපාධි සහතිකේ ගන්ට..අර පේනවනෙ පෝළිම." මම යලි යලි ප්‍රධාන ආරාධිතයාහට මගේ ස්තූතිය පලකරද්දී මා අසලට පැමිණි නිවේදකයා මගේ කණට කෙඳිරීය. 

මම ඔහුටද ස්තූති කිරීමට තවත් මිනිත්තු කිහිපයක් ගත කලෙමි. වේදිකාවෙන් බසිද්දී මම අනන්‍යාගේ දෙමව්පියන් දුටුවෙමි.නැඟී සිට අත්පොළසන් දෙනු නොව යටත් පිරිසෙයින් මුහුණෙහි සිනාවක් හෝ නොවුණු ඔවුන් දුටු මට එක්වරම සිහියට නැඟුනේ නගර මධ්‍යයෙහි වූ උද්‍යානයෙහි ඇතුලුවන දොරටුව පසෙක කුමන හේතුවකට එහි ඉදිකලේදැයි මට කිසිලෙසකින් හෝ වටහාගත නොහැකි සදාතනිකව රවාගත්වනම හිඳිනා රාක්ෂස පිළිම යුවළයි.

බිමට නැඹුරු කොටගත් හිසින් යුතුව මම ආපසු මගේ අසුන වෙත පැමිණියෙමි. අපගේ අසුන් පෙළට ඇතුළුවන ස්ථානයෙහි අනන්‍යා විපිළිසර නෙතින් යුතුව ඔබ මොබ විපරම් කරමින් හුන්නීය.

"සොරි මම පොඩ්ඩක් පරක්කු වුනා ක්‍රිෂ්, දන්නෙ නැද්ද කෙල්ලො ටිකට මා එක්ක ෆෝටෝ ගන්න ඕන කිව්වනෙ. මේ..ඒක නෙවෙයි කෝ අපේ අම්මයි තාත්තයි? "

"අර ඉන්නෙ……." මම පස්වෙනි පේළියෙ කෙළවර ඇගේ මව සහ පියා හිඳ සිටින දෙසට ඉඟි කරමින් පැවසුවෙමි. 

"ඇයි එයාල එතෙන්ට ගියේ?.... මොකක්ද සිද්ද වුනේ කියල මට කියනවද කරුණාකරල…" 

"එහෙම කිසිදෙයක් වුනේ නෑ. එයාලට ඔයා සහතිකේ ගන්නව වඩාත් හොඳට බලාගන්ට ඕනය කිව්ව. ඒ පාර එතනට ගියා." 

"ඉතිං මෙතනට ස්ටේජ් එක ඊට වඩා හොඳට පේනවනෙ…...හරි ඒක අල්ලල දාමු. මම ටැක්සියකට සල්ලි බැඳලයි තියෙන්නෙ. අපි මේ උත්සවෙන් පස්සෙ කතාකරගත්තු විදිහට ඒ ගමන යනව නේද?"

"හරි හරි ඒක මොකක් හරි බැරුවය එතකොට..දැන් ඔයා යන්නකො ඔයාගෙ අම්මයි තාත්තයි ලඟට" මගේ මව නොපහන් දෑසින් අප දෙස බලාසිටිනු දුටු මම එසේ පැවසූයේ අනන්‍යාගේ මව්පියන් දෙසට ඉඟි කරමිනි.

***********************************

"හරි හරි අම්මෙ..මම කියන එක පොඩ්ඩක් අහන්නකො. ටැක්සි එකකට දැනටමත් සල්ලි බැඳලනෙ තියෙන්නෙ. ඒ හින්ද මම කියන්නද ඔයා නිකම් බොරුවට හරි කමක් නෑ මේ ගමනට කැමතියි කියල පෙන්නන්නකො."

උත්සව භූමියෙන් පිටතට පැමිණ කුලීරථ නැවතුම්පොළ වෙත යන අතර මම මගේ මවට ආයාචනා කළෙමි. ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධි තුමා, ඉන්දියාවේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලද ඒ මහා පුරුෂයා තම ජීවිත කාලයෙහි වැඩිම කාලයක් ගත කල සබර්මාති ආශ්‍රමය නැරඹීමට ඇය කිසිදු කැමැත්තක් නොදැක්වූවාය. ඇගේ සිත පතුලේ නිදන්ව ඇති දේශාභිමානී හැඟීම කුළුගන්වා ඇගේ සිත දේශානුරාගයෙන් කුල්මත් කොට මහත්මා ගාන්ධි තුමාගේ ආශ්‍රමය නැරඹීමට ඇය කැමතිකරවා ගැන්මට මම බොහෝසේ වෑයම් කළෙමි.

(දකුණු අප්‍රිකාවේ නීතිඥ වෘත්තියෙහි යෙදී 1915 වසරේදී පෙරළා ඉන්දියාවට පැමිණි මහත්මා ගාන්ධි තුමා 1917 සිට 1930 දක්වා වාසය කලේ අහ්මදාබාද් අසල සබර්මාති ආශ්‍රමයේය. එකල ඉන්දියාව පාලනය කල බ්‍රිතාන්‍යයන් විසින් පැනවූ කුප්‍රකට ලුණු බද්දට විරෝධය පානු පිණිස ගාන්ධිතුමා සංවිධානය කල සුප්‍රසිද්ධ දන්ඩි පා ගමන ආරම්භ වූයේද මේ ආශ්‍රමයෙනි. සංචාරකයින්ගේ අතර ඉතා ජනප්‍රිය මෙහි වර්තමානයෙහි ගාන්ධිතුමා අනුස්මරණය උදෙසා විවිධ සමාජමය කටයුතු කෙරෙන අතර ගාන්ධිතුමාගේ ජීවන දර්ශනය සහ කැපවීම පිළිබඳ ස්මාරකයක් ලෙසද සැළකේ.)

අහ්මදාබාද් නගරාසන්නයෙහි පිහිටි සබර්මාති ආශ්‍රමය දැකබලා ගැන්මට ඉන්දියානුවන් මෙන්ම විදේශික සංචාරකයෝද මහත් රුචියක් දක්වති.අපගේ දිවා ආහාරය උදෙසා අනන්‍යා ටෝපැස් ආපන ශාලාවෙන් ආහාර පාර්සල් මිලදීගෙන තිබිණි.සබර්මාති ආශ්‍රමය අසල ගඟ අසබඩ හිඳ අප දිවා ආහාර ගන්නා අවස්ථාව සදානුස්මරණීය අවස්ථාවක් වනු ඇතිබවට අනන්‍යා කිහිපවිටක්ම සපථ කලාය. පොදුවේ දකුණු ඉන්දියානු කාන්තාවන් සහ විශේෂයෙන් දකුණු ඉන්දියානු නිළියන් වන හේමා මාලිනී සහ ශ්‍රි දේවීගේ චරිතය සහ හැසිරීම පිළිබඳව මගේ මව විසින් ඉතා අනර්ඝ විශ්ලේෂණයක් කල සදානුස්මරණීය තවත් අවස්ථාවක් දැක බලා ගැන්මට ඇයට නොහැකිවීම පිළිබඳව මගේ සාතිශය සංවේගය ඇයට මම ප්‍රකාශ නොකෙළෙමි. 

කුලීරථ නැවතුපළෙහි මැදිවියේ රියදුරෙක් රතු පැහැති ටාටා ඉන්ඩිකා රියකට හේත්තුවී වියළි දුම්කොළ කැබලි කිහිපයක් අත්ලෙහි තබා පොඩි කරමින් හුන්නේය. අනන්‍යා සහ ඇගේ මව්පියෝ ඒ වනවිටත් එහි පැමිණ සිටියහ. ඇගේ මවගේ ඇඹුල් වූ මුහුණ ඇය කවුරුන් සමඟ හෝ වාදයක නිරතවූ අයුරු පෙන්නුම් කලේය. "එහෙම කියන්ටත් බෑ. සමහරවිට එයාගෙ මූණ හැමදාම එහෙමද දන්නෙත් නෑනෙ" මම මටම කියාගතිමි.

"මේ... අපි සල්ලි ගෙව්වෙ ක්වාලිස් එකකටනෙ….."මම ඉන්ඩිකා රථය අසල හුන් රියදුරා අමතා පැවසූයෙමි.

(ටොයෝටා ක්වාලිස් යනු ඉන්දියාවේ කුලී රථ සඳහා බොහෝ විට යොදා ගන්නා හොඳින් ඉඩ පහසුකම් සහිත රෝද හතරේ එළැවුම සහිත ජීප් වර්ගයේ රථයකි.)

"සල්ලි ගෙවන්ට ඇති.ඒත් ක්වාලිස් ඔක්කොම ඡන්ද වැඩ වලට ගෙනිච්ච. මේක තමයි තියෙන්නෙ……"අප කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා රියදුරා එසේ පැවසූයේ පසෙකට හැරී කාරා කෙළ ගසමිනි. 

"ඉතිං මේ චුට්ටි වාහනේ අපි ඔක්කොමල යන්නෙ කොහොමද? " මම ඇසූයේ නැවී රථය ඇතුලත නරඹමිනි. 

"ඒකෙ ප්‍රශ්නයක් වෙන එකක් නෑ.සාමාන්‍යයෙන් වාහනේකට නග්ගන්ට නියම කරල තියෙන මිනිස්සු ගාණ වගෙ ඩබල් අපි අරගෙන යනව කිසි අවුලක් නැතුව" රියදුරා සහතික විය. 

"මම කියන්නද? අපි තව ත්‍රී වීලර් එකකුත් ගමු" මම යෝජනා කළෙමි. 

"මට බෑ…. මම යන්නෙ නෑ ත්‍රී වීලර්වල…" මගේ මව එකෙණෙහිම රථයෙහි දොර විවර කොට පසුපස අසුනට බර වූවාය.

"සර්ට ඉස්සර සීට් එකේ ඉඳගෙන මේ මැඩම්ව උකුළෙ තියාගත්තෑකි ……" රියදුරා මාදෙස හැරී අනන්‍යා පෙන්වා පැවසුවේය. අනන්‍යාගේ මව ඔහු දෙස රවාබැලූ විලාශය කොපමණ දරුණුවීද යත් දණහිස් අවසඟවූ රියදුරා බිම ඇද නොවැටුනේ වහා රථයට වාරුවූ බැවිනි.

"අම්මා..අම්මයි මායි යමුද ත්‍රී වීලර් එකක?" අනන්‍යා ඇගේ මවගෙන් ඉල්ලා සිටියාය.

"ඇයි ඒ එහෙම කරන්නෙ? …..මං අහන්නෙ ඇයි? අපිත් මේකට සල්ලි ගෙව්වා නේද? මම අහන්නෙ ගෙව්වද නැද්ද?"

"හරි හරි අම්මා..බෑ කියල කිව්වනං හොඳටම ඇති.ඔයහැටි කියවන්ට ඕන නෑනෙ"

අවසානයේ අපි අසුන්ගන්නා අන්දම පිළිබඳව විසඳුමකට පැමිණියෙමු. ඒ අනුව අනන්‍යා තම ඇකය මත තබාගත් ඇගේ පියා රියදුරු අසල අසුන් ගත්තේය. ඒ සමඟම පසුපසින් අනන්‍යාගේ සොහොයුරා තම ඇකය මත තබාගත් ඇගේ මව අසුන් ගත්තීය. මගේ මව මේ වන විටත් රියදුරුට පසුපසින් කවුළුව අසල අසුන්ගෙන සිටි හෙයින් මට සිදුවූයේ කාන්තාවන් දෙදෙනා අතරින් තෙරපී හිඳ ගැන්මටය.

සබර්මාති ආශ්‍රමය පිහිටියේ නගරයේ සිට කිලෝමීටර් අටක් පමණ දුරකිනි.ගමනට ගතවන උපරිම වශයෙන් මිනිත්තු විස්සක් පමණවූ කාලය හෝරාවකටද අධික ලෙස මට දැනුනේ රිය තුල රජකල නොසන්සුන්තාව සහ ආතතිය හේතුකොටගෙනය. අනන්‍යා ඇගේ මව්පියන් හා කතා කිරීමට කොතෙක් උත්සාහ දැරූවද ඔවුහු බිහිරන් මෙන් රිය කවුළුවෙන් ඉවතට දෙනෙත් යොමු කරගත්වනම පසුවූවෝය. අවසන පරාජය පිළිගත් අනන්‍යාද නිහඬ වූවාය.

කොයිබකදෝ සඟවාගෙන තිබූ නයිස් විස්කෝතු පැකට්ටුවක් එළියට ගත් මගේ මව එය විවෘත කොට කිසිවකුටත් නොදීම අනුභව කරන්නට වූවාය. "මේ මාගේ පුත්‍රයා වන අතර ඔහුගේ ඒකායන අයිතිය මටම හිමිවේ." යන මාතෘත්ව අයිතිය තහවුරු කරන ලෙසින්දෝ ඇය එක විස්කෝතුවක් ගෙන මගේ මුවෙහිද බහා ලූවාය. දෑතින්ම ඉදිරි අසුන තරයේ ග්‍රහණය කොටගෙන සිටි බැවින් ඇය මගේ මුවෙහි බහාලූ විස්කෝතුව නිහඬව අනුභව කරනු හැරෙන්නට මට ඊට වදනකින් හෝ විරෝධය පානු උගහට විය.

"මොකෝ මේ කට්ටියම කටේ ඉට්ලි හිරවෙලා වගෙ ගල්බීත වෙලා ඉන්නෙ?" ප්‍රවේශපත් මිළදී ගැනීම උදසා රථයෙන් බැස අප දෙදෙන ආශ්‍රමයේ කාර්යාලයට පිය මනින අතර අනන්‍යා විමසුවාය.

"මේ අපෙ අම්මා කිව්ව මෝඩ කතාවක් හින්දයි මම හිතන්නෙ….."මම එය එතරම් වැදගත් නොවන්නක් බව ඇඟවෙන සේ ඉඟි කරමින් පැවසූයෙමි.

"මොකක්ද දැන් ඔය ඔයාලගෙ අම්ම කිව්වෙ?" තම අත්බෑගය විවරකොට ප්‍රවේශපත් හයක් සඳහා අවශ්‍ය මුදල් ගණිමින් අනන්‍යා යලි විමසුවාය.

"ඒක මේ එච්චරම ගණං ගන්න ඕන දෙයක් නම් නෙවෙයි. හැබැයි ඔයාගෙ අම්මයි තාත්තයි නැඟිටල පිටිපස්සෙ පේළියට යන්ට ගියේ ඊට පස්සෙ තමයි."

"හරි හරි මොකක්ද ඉතිං දැං ඔයාගෙ අම්ම කියපු ඔය නොවැදගත් කතාව? කියන්ටකො බලන්ට" 

"ඒක මේ ගණං ගන්න දෙයක් එහෙම නෙවෙයි. මේ..මේ..මේ..දකුණු ඉන්දියාවෙ ගෑණු උදවියගෙ චරිතෙ එච්චරම හොඳ නැත්ද මොකක්ද ඔන්න ඔය වගෙ මොකක් හරි…"මම ඉවත බලාගෙන පැවසූයෙමි.

"මොකක් කිව්ව?......" අනන්‍යා දෑස් විසල් කොට මදෙස බලා සිටියාය. ඇය තවත් මොනවාදෝ පැවසීමට උත්සාහ කල නමුදු දැඩි කම්පනය හේතුකොටගෙන කිසිදු වදනක් ඇගේ තොල් අතරින් පිට නොවීය.

"මේ මා දිහාවෙ ඔහොම බලා ඉන්ට එපා ඔන්න..මම නෙවෙයි ඒක කිව්වෙ..අපේ අම්ම..අනික එයා වුනත් හිතල මතල කිව්ව දෙයක් නෙවෙයි මට සහතිකයි..ඔන්න ඕක අල්ලල දාන්න.."

"මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ….."අනන්‍යා අවසානයේදී පැවසුවාය.. 

"හරි..හරි...මොකවත්ම කියන්න ඕන නෑ...මම කිව්වනෙ ඕක අල්ලල දාන්න කියල...හරි එන්නකො... අපි කට්ටිය ආයම යාලු කරවමු……." මම ඇය හා සමඟ යලි ප්‍රධාන දොරටුව අසල නවතා තිබූ කුලීරථය වෙත ඇවිද යමින් පැවසුවෙමි.

63 comments:

  1. හොදොටෝම පරක්කුයි. ඒත් ඉතින් පරක්කුවෙලා හරි තව කොටසක් දැම්මට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      කොහෙද අනේ පරක්කු? 6 වෙනිද මීට කලින් කොටස දැම්මෙ . අද 17යි එතකොට දවස් එකොළහයි. ඒ දවස් එකොළහට තව වෙන පෝස්ට් දෙකකුත් දැම්මනෙ….ඒ පෝස්ට් දෙක ඇවිල්ල කාලීන මාතෘකානෙ..නොදාම බෑ....:)

      මොනව කලත් කොච්චර කලත් අපරාදෙ කියන්ට බෑ හොඳක් ඇත්තෙම නෑ...හොඳක් ඇත්තෙම නෑ...:)

      Delete
    2. ගෑණුන්ව සෑහීමකට පත්කරන්න පුළුවන් කියල කවුරුහරි රවීට කියල තියෙනවද? :)

      Delete
    3. ඉයන්,

      / ගෑණුන්ව සෑහීමකට පත්කරන්න පුළුවන් කියල කවුරුහරි රවීට කියල තියෙනවද? :) /

      රටේ ලෝකෙ ගෑනු ගැනනම් මන්දා බං...ඒත් අපෙ උන්දැනම් ලද දෙයින් සතුටු වෙනව කියල මට ෂුවර්. ඒක ඔප්පු කරන්ට හොඳම සාධකය තමයි දැං අවුරුදු විස්සක් ගිහිල්ලත් ඒ යෝදි මා එක්ක තාමත් දීග කන එක...හෙහ්,හෙහ්,

      Delete
  2. අනේ....කටේ ඉඩ්ලි හිර උනා වගේ බලං ඉන්නෙ. මුං දෙන්නත් කෙලගත්තොත් තමයි වැඩේ... අනික් කොටස ඉක්මනටම දාන්ඩෝ.....!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලෝගී,

      නෑ..නෑ..උං දෙන්නත් ඉස්සරහට හිටපු ගමං කෙළගන්නව. ඒ මොනව උනත් ආදරේ නැතිවෙන්නෙත් නෑ..අන්න ඒකයි ඒකෙ අවයවය ( මගෙ ෆාදර් ඉන්ලෝ තුමාගෙ කතාවක් ඕක...අන්න ඒකයි ඒකෙ අවයවය...හෙහ්,හෙහ් )

      Delete
  3. //මීට ප්‍රථම මගේ පළමු උපාධි ප්‍රදානෝත්සවයට මට සහභාගීවිය නොහැකිවූයේ නියමිත වේලාව පසුවනතුරු මම නිදාගත් බැවිනි.//
    මට මතක් වුනේ අපේ තිලකෙගේ මඟුල් ගෙදර.
    http://thilakasitha.blogspot.com/2013/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      තිලකයගෙන් හම්බවුනහම අහන්ට ඕන දෙවෙනි පාරත් යන්ට බැරිවුනානම් හොඳයි කියල කවදාවත් හිතුනෙ නැද්ද කියල....හෙහ්,හෙහ්,

      මගෙ දෙවෙනි මනමාලයත් කරානෙ ඔය වගෙ අලුගුත්තේරු වැඩක්...ඌ නම් හැබැයි රෑ දෙකට විතර ආව...ඒ කතාවත් ලියන්නම් වෙලාවක....:)

      Delete
  4. Kalina mathruka wedak ne.. meka thamayi ekama balaporoththuwa.. hi..hi..
    Ian kiyuwa wage thank you Ravi ayiya.. :)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ආයි ආයි කැප්ටන්....Received and Understood ..Roger & Wilco

      Delete
  5. ලස්සනයි රවී.. මමත් අහ්මෙදාබාද් නගරයේ හිටියා කාලයක්.. ඒ විස්තර ලියන්න හිතන් ඉන්නවා ඉදිරියේදී... මෝතිමාල් හෝටලෙන් තමයි ඒ කාලේ චිකන් කෑල්ලක් කෑවේ සතියකට වතාවක්..

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කථා,

      අම්බලන්ගොඩ කථා කිව්වම මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර ලක්බිමේ පලවුනු තීරු ලිපිය. බුද්ධික කුරුකුලරත්න මහතා ලියූ අම්බලන්ගොඩයාගේ කථා.....

      අහ්මදබාද් නගරය ප්‍රධාන වශයෙන් නිර්මාංශභක්ෂික නගරයක්. මම හිතන්නෙ මුලු ගුජරාටයම එහෙමයි. ඔය මෝතිමාල් හෝටලය ගැන මාත් අහල තියනව. මගෙ හොඳ යාලුවෙකුගෙ මල්ලි ඉගෙන ගත්ත අහ්මදාබාද්වල . අන්න එයාගෙන්.

      ස්තූතියි අම්බලන්ගොඩ...:)

      Delete
    2. අම්බලන්ගොඩ කථා
      අම්ප බෝ ලියන්නෙහෙම එපා ඒ කතංදර එහෙම බ්ලොගේ. ලිව්වොත් බලාගත්තැකි. ආයි ලියල එහෙම අහුවෙද්දෙංකො. කියෝල හොඳ වැඩක් කොරනව.

      (ආං එහෙමයි යමක් ලියවන්නෙ)

      Delete
  6. Ravi - please don't forget your greatest love story ever, the Kukula!!!!

    ReplyDelete
    Replies
    1. Ano,

      Huta...Is that the greatest?...Heh,heh....Ok Ok I haven't forgotten....:)

      Delete
  7. අම්මා වැඩේ කාලනෙ....... ඊළගට මෙකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අ.ආ.,

      ඊලඟට ඉන්ටෝල්….. ඉන්ටෝල් එකෙං පස්සෙ තමයි සෙල්ලම…... අම්ම වයඹිං , නැන්දම්ම නිරිත දිගිං...කෙල්ල ගිණිකොණිං....තුන්දෙනාම එකතුවෙලා දෙනව කොල්ලට උතුර දකුණ මාරුවෙන්ට....කඩු පයිට්, පොලු සටං සිදම්බරම් ඔක්කොම තියනව මදි නොකියන්ට....:)…

      Delete
  8. අලි මදිවට හරක් කිව්වලු...
    රේල් පීලි දෙකක් අමාරුවෙන් එක්කාසු කරනවා වගේ වැඩක් නොවැ මේක, පොතේ මොන විදිහකට කතාව අහවර උනත්(මොකද මම පොත බලල නැහැනේ) ඔය වගේ වැඩ ලේසියට යා දෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      අලි මදිවට හරක්, හරක් මදිවට කිණිතුල්ලො.....:)

      Delete
  9. මට නං අප්පිරියයි ඔය කුල මල කියෝන බූරු ගෑණුන්ව.... ඒ මදිවට ඒවට කට පියාගෙන ඉන්න කොන්ද පණ නැති පිරිමින්ව...

    ReplyDelete
    Replies
    1. හිරු,

      හරි හරි කාම් ඩවුන්..කාම් ඩවුන්..:)

      අඩේ බං එහෙමම දෙස් දෙවොල් තියන එකත් හරි නෑනෙ නේද? මොනව වුනත් ඉතිං............

      Delete
    2. ගෑනුන්ගේ කතා වලදී කට පියාගෙන ඉන්නේ මොලේ තියෙන පිරිමි කියලයි මම නම් හිතා ගෙන ඉන්නේ හෙහ් හෙහ්..

      Delete
    3. පැතුම්,

      එතකොට අපිට මෙතන තීරණය කරන්න වෙන්නෙ පිරිමියෙකුට වඩා වැදගත් කොන්දද මොළේද කියලයි. හිරු කියන්නෙ මොලේ මැටි වුනත් අවුලක් නෑ පිරිමියෙකුට කොන්ද තිබ්බම ඇතිය කියල...හෙහ්,හෙහ්..

      මොකද මල්ලි උඹ ඒ ගැන කියන්නෙ? ….Want to say something or as a brainy but backbone less Man would rather keep silent? Heh, heh

      Delete
    4. silence to avoid problems, smile to solve problems මම හිනා වෙලා සද්ද නැතුව ඉන්නවා හෙහ් හෙහ්

      Delete
  10. මේ කතාව දැන්නම් කම්මැලි ගතියයි. රවි අයියට බැනල වැඩක් නෑනෙ බගට් අයියගෙ වැරදි වලට.

    ReplyDelete
    Replies
    1. කම්මලේ බල්ලට හෙන ගැහැව්වට ගානක් තියෙයියැ..... උෘට කම්මැලි තමයි...

      Delete
    2. ජෙන රාලෙ , බල්ලො ගැන දන්නෙ ඔය පහල ඉන්න නීතිපති තුමා තමයි. මාව දවසක් බල්ලෙක් ලගට ඇදගෙන යන්ඩ හැදුව ඒක හොද එකා කියල.

      Delete
    3. කම්මල්,

      හෙහ්..කම්මැලියි වගේද බං?...ඉඳහං ටිකක් ආරලු බූරලු දාල ගන්නං ඊලඟ කෑල්ලෙ ඉඳල....:)

      Delete
  11. කම්මැලි කම අතෑරියට මෙන්න මල්.

    ගිය සතියේ දෙරණ සෙනසුරාදා හවස ගියා බං Ok Kadhal Kanmani පිලුම.. ඒකේ තියෙන්නෙ ලිවින් ටුගෙදර ඉදල බදින දෙන්නෙක් ගැන.. මට මතක් උනේම උඹගේ මේ මුඛරි පරිවර්තනය බං.. හැක්..

    ReplyDelete
    Replies
    1. කම්මැලි කම අතෑරියට මෙන්න මල්. (මාත් එකෙන්ම එකඟයි.....)

      අඩේ විචා..... මටත් ඒ පිලුම බැලුනනේ....... කාලෙකට පස්සේ ආසාවෙන් බලපු එකක්....
      රවියගේ කතාව වගේමයි..... මං ඒකටත් එකෙන්ම එකඟයි.... හැක් .....හැක්....

      Delete
    2. දේශක,

      කොහෙද බං මම කම්මැලි වෙලා හිටිය එකක් නෑ...ගිය සතියෙ අඩේ පෝස්ට් දෙකක්ම දැම්මනෙ.මේ කතාව නම් නෙවෙයි තමයි....:)

      Delete
    3. ජෙනා,

      මේ විචා නෙවෙයි බං මේකා ඇවිල්ල දේශා....:)

      Delete
    4. ජෙනරල්ට මං විචා වගේ නාකා ඩෑල් එකක් විිදියට පෙනුන එක ගැන ඇත්තේ දැඩි අහිතකි.. හැක්.. මං දැක්කමයි මේ ජෙනරල්ව.. වල්කම් වේවා

      Delete
    5. අඩේ......... වැරදිලා........ වැරදිලා......
      සොරි වේවා..........

      Delete
    6. /හැක්.. මං දැක්කමයි මේ ජෙනරල්ව.. වල්කම් වේවා/
      නයිස් ටු මීට් ටු....
      හව් ඩූ.... ඩූ....... ඩූ....... ගුඩු ගුඩු......

      Delete
  12. harima lassanay :) (Y) (Y) dhigatama liyanna honde :)

    ReplyDelete
    Replies
    1. දිගටම කියන්නෙ මුන්දැට ලබන ආත්මෙත් ලියන්ඩ වෙනව, දීල තියන පොරොන්දු ගොඩට. නැත්නම් අපායෙ යමයගෙ ට්‍රාන්ස්ලේටර් තමයි.

      Delete
    2. කම්මල,

      සියලු පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනු ලැබේ!

      Delete
  13. නොදාම ඉන්නවට වඩා ඉඳලා හිටලා හරි දාන එක හොඳයිනෙ.... මම නම් කෙල පෙරා ගෙන බලන්නේ..... රවියට පිං......

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ පැත්තෙ ගියා, අර වීඩියෝ ටික පේන්නෙ නෑ බං.

      Delete
    2. අපේ පැත්තට වෙල්කම් වේවා....... ඒ ටික අපි කරපු ගුවන් විදුලි නාට්‍ය සීරීස් එකක්.... බටේට දානකොට සද්දෙ විතරක් මදි හින්දා පොටෝ කෑල්ලක් දාලා තියෙන්නේ...... වීඩියෝ නෑ......
      ආවට තෑන්කුයි.......

      Delete
  14. සිනා.. සිනා.. සිනා... කතාව ලස්සනයි.. චේතන් ගෙ කතා මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. තරූ,

      චේතන්?...කවුද මේ චේතන්?

      Delete
    2. අන්ඩර්ටේකන් ද බලහං රවියෝ

      Delete
  15. ආහ් මේ තියෙන්නෙ . කොහෙද මේ අහසින් මොකක්දෝ කඩාපාත් වෙන්ට ගිහින් රවට්ටපු පාර මේක කියවන්න බලා ඉන්න වුණානෙ . වෙනදා වගේම පංකාදුයි රවි. අර විස්කෝතුව කටේ ඔබන කෑල්ලට තමා මං වැඩියෙන්ම මනාප...

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      හෙහ්...හිතේ ඔන්න ඒ දර්සනේ මවාගං...කොලුවා අත් දෙකිම්ම ඉස්සරහ සීට් එක අල්ලගෙන ඉන්නව අම්මල දෙන්න අතර තෙරපීගෙන. ඒ අව් අස්සෙ අම්මා ගහනව මුගේ කටේ නයිස් බිස්කට් එකක්. කටේ බිස්කට් එක හින්ද " එපා අම්මෙ " කියන්ටත් බෑ. මූ ඉතිං වෙන මක් කරන්ටද? අර බිස්කට් එක කනව. ඒක කාල " මොකද අම්මෙ මේ කරන්නෙ? " කියල අහන්ට කට අරිනකොටම අම්ම තව බිස්කට් එකක් කටේ ගහනව.

      පරණ සීන් එකක් මතක් වුනා ඔන්න... ..කොටින්ම මට කතාව ලියද්දි වත් ඒ සීන් එක මතක් වුනේ නෑ. මේ උඹේ කමෙන්ට් එකට උත්තර ලියද්දියි මතක් වුනේ...ඒකත් වෙලාවක ලියන්නං...බොහොම පිං උඹට…

      ඒ සීන් එක වුනේ අපි අනුරාධපුරේ ටෙක් එකට යද්දි. අපේ පංතියෙ කෙල්ලෙක්ගෙ තාත්තට අර්සස් ඔපරේසන් කරල ඉස්පිරිතාලෙ හිටිය සතියක් වගෙ. එවුංගෙ ගෙදර ඔක්කොම කෙල්ලො. මල්ලි විතරයි කොල්ලෙක් හිටියෙ... ඌත් හතේද කොහෙද? ඒ පාර අපි කට්ටිය තුන්දෙනා ගානෙ බෙදිල බාර ගත්ත ලෙඩා ගාව ඉන්න වැඩේ. එහෙම දවසක තමයි ඔය සීන් එක වුනේ. පොඩ්ඩෙන්නං අර මනුස්සය මැරෙනව...

      Delete
    2. අප්පච්චියේ .... ලියන්ටකො ලියන්ටකො එහෙනං

      Delete
  16. රවියගේ ඇරියස් ටික නම් කවර් කර ගත්තා....
    දැන් අපි නැවත පිළිවෙලකට බ්ලොග් කියවන්න සුදානම් වෙමු..

    වලියේ ආරම්භය ඉතාම හොඳයි.. ඉතා මනරම් වලියක් අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් බව මේ අවස්ථාවේදී අපට පැහැදිලි වෙනවා.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඇරියස් කවර් එහෙනම් නේද? වෙරි ගුඩ්..වෙරි ගුඩ්...

      වලිය යනව ඉදිරියට සෑහෙන දුරක්....හෙහ්...හෙහ්

      Delete
  17. ඔන්න මාත් පරක්කු වෙලා මේ පැත්තෙ ආව.

    //සාමාන්‍යයෙන් වාහනේකට නග්ගන්ට නියම කරල තියෙන මිනිස්සු ගාණ වගෙ ඩබල් අපි අරගෙන යනව කිසි අවුලක් නැතුව// අපෝ ඕක මොකක්ද ලංකාවෙ ප්‍රයිවෙට් බස්වල නග්ගන්න නියම කරල තියෙන ගාන වගේ හත් අට ගුනයක් අරන් යන්නෙ කිසි අවුලක් නැතුව.

    වැටෙන්න තිබ්බ එක උඩදිම බ්ලාස්ට් වෙලා ගිය හින්ද මම හිතුවෙ කතාව අමතක වෙයි කියල. හැක්....

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ කියන්නෙ ත්‍රී වීලර් එහෙම 13 ගිහිල්ල තියෙන්නෙ මේ කණ්ඩලමෙ. හැබැයි එතනම් රියදුරා උදව්වක් කරන්න ගිහිල්ල තියෙන්නෙ. බස් එක කැඩිල මඟ හිටපු පාසල් ළමයි අට දෙනෙකුත් දාගෙන ගිහිල්ල කන්ට්‍රෝල් නැතුව වැවට ගිහිල්ල.

      Delete
  18. හෙහේ මරු රවීයියා.මට නම් කතාව එන්න එන්න ලස්සනයි.ක්‍රිශ් ගේ අම්මා කාර් එකට නැගලා බුම්මන් යන හැටි නම් පට්ට ආතල්.

    ReplyDelete
  19. ඔයවගේ “මේ මගේ පුතාය. මුට නං ගෑනු හුළඟක්වත් වැදුනොත් වියරය“ කියල හිතන මව්වරු සෑහෙන්න ඉන්නව. ඔය මං දන්න කීප දෙනෙක්ගෙ පවුල් සංස්ථා, මණ්ඩල සේරගෙම දෙදරීමට, ඉරිතැලීමට වගේම නාය යාමටත් හේතුව අම්මලාම තමයි.

    බැලුවහං ලංකාවෙ අපි හොඳා. කොච්චර උනත් ලොකු මහත්වෙච්ච එවුං වාහනවල අනුංගෙ උකුලෙ යන්නෙ නෑ නෙව. පොඩි ඇච්චො විතරයි හදිස්සියෙවත් මහ උංගෙ ඔඩොක්කුවෙ යන්නෙ. හැබැයි ඉතිං ඒ වගේ පොල් පටවන්නැහේ පටෝපු වෑං එහෙමනං මාත් දැකල තියෙනව. ඒ වංදනා ගමං ආපු එව්ව. පිටිපස්සෙ සීට් වල දොලහයි. ඉස්සරහ ඩැයිබර එක්ක තුනයි. ඔඩොක්කු වල ඇච්චො නං කොච්චරද දන්නෑ. ජනෙල් වලට පිටිං තියෙන පොලුවල රෙදි ගැටගහල. වහලෙ තියෙන රාක්කෙ උඩ දර, සාස්පාං, හට්ටි මුට්ටි, හාල් පොල් ආදිය දාපු ගෝනි. එව්ව ඔක්කොම ලනුවලිං බැඳල. පස්ස පාත්වෙලා ඉස්සරහ උඩ බලාගෙන ගුවංගත වෙන්න බිම බඩගාන ආසියත්තරාවක් වගේ යන ඒ වගෙ වාහන මාත් නිතර දකිනව මුතියංගනේ පංසල අවට.

    ReplyDelete
    Replies
    1. Suranga,

      මම හිච්චි එකා කාලෙ අපේ අල්ලපු ගෙදර කට්ටිය එක්ක මාත් ගියා ඔහොම ටිප්පෙකක්.ඒ කාලෙ ඔය පයිවෙට් බස් තිබ්බෙ නෑ. සිරිමා මැටිණිගෙ ආන්ඩුව කාලෙනෙ. ඔය චංදිරිකා නෝන මහත්තැංගෙ මව්.

      මැටිනි ෂෝ කියල වචනයක් උඹ කොලුවො අහල තියද? අපි පොඩි කාලෙ 10.30 සහ 2.30 පිච්චර් පෙන්නනවට කිව්වෙ මැටිනි පෙන්නනව කියල. ඒක ඇවිල්ල් ප්‍රන්ස වචනෙකින් ඉන්ග්‍රිස් වලට ආපු එකක්.ඕක මුලින්ම ඇහුවම මම හිතුවෙ මැටිනි බලන්ට යනව කියල ඔය යන්නෙ සිරිමා මැතිණි ඇවිල්ල ඇතිය එයා බලන්ට යනවය කියලයි.

      හරි ආපහු කතාවට. අපි ගියෙ ඒ කාලෙ කෑගල්ලෙ තිබ්බ ටාසන් සංචාරකයෝ කියල රටේම වගෙ ප්‍රසිද්ද පයිවට් බස් කොම්පැනියක්, අන්න ඒකෙං ගත්ත බස් එහෙක.අර තඩි පාංගෙඩි වගෙ බස්. එව්වයෙ ගාල තිබ්බෙ අළු පාට. ටාසන් සංචාරකයෝ කියල සිංහලෙන් සහ ඉංගිරිසියෙං බඳ දෙපැත්තෙ ලොකු අකුරින් ලියල තිබ්බ.

      පලවෙනි දවසෙ රෑ අපි හිටියෙ වැලිමඩ කිට්ටුව පන්සලක. අර උඹ කිව්ව වගෙ වහලෙ උඩ තිබ්බ බස් එකේ මැදක් වෙනකල් මහ විසාල රැක් එකක් ගහල. ඕකෙ තමයි බඩු අඩුක්කලේ. ඕකෙ බඩු අඩුක්කරන සහ බඩු පාවිච්චි කරන සම්ප්‍රදායක්, ක්‍රමයක් තියනව. ඉස්සෙල්ලම පාවිච්චි කරන්න ඕන රැක් එකේ පිටිපස්සෙ තියන බඩු. එදා පලවෙනිද රෑ බඩු බාන්ට හිටිය පිරිමි වේලපහිම්ම රහමෙර ගහල පිස්සු කෙලිය. උං බඩු බිමට බාල තිබ්බෙ මැද හරියෙං. පහුවදා උදේ පාන්දරිම්ම යන්ට ලැහැත්ති වෙලා කට්ටිය බස් එකට නැග්ගහමයි වැඩේ තේරුනෙ. මෙන්න ඉස්සරහ කෑල්ල අඩි දෙකක් විතර පොළවෙං උඩ. ...පන්සල් වත්තෙ තැඹිලි ගස්සොල තැඹිලි වලු යසාගේට පේනව හෙඩ් ලෑම්ප් එලියට...හෙහ්.. ඉතිං මොකේද දං වළඳන්නෙ?....රයිට් ඒ කතාව පසුව බලාපොරොත්තු වන්න.. සෙස්ස පස්සට......

      Delete
  20. වැඩ ගොඩක් අස්සේත් දුවල දුවලා ආවා මේ පැත්තට මොකද වුනේ කියලා බලන්න... :)

    ReplyDelete
    Replies
    1. තුශානි,

      ඒකනෙ..ඒකනෙ ඉස්තූතියි..ඉස්තූතියි.. ජරමර අස්සෙ බර කරත්ත කිව්ව වගෙ කලබල අස්සෙ අපිවත් මතක් වෙච්චි එකට.

      ඉතිං තකහණියක් දුවල එනකොට අනික් අයට මොනවයි කියල ආවෙ? " අනේ මේ සුටුස් ගාල දුවල එන්නද අර කිරිස් ගොයියටයි අනන්නියා යෝදිටයි මොකද උනේ කියල බලල? අර අම්මණ්ඩි ඒ කෙල්ලව හප කලාද දන්නෙ නෑ..විගැහිං එන්නං හොඳේ"

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...