Mahathma Gandhi - The Salt March |
"හරි හරි මොකක්ද ඉතිං දැං ඔයාගෙ අම්ම කියපු ඔය නොවැදගත් කතාව? කියන්ටකො බලන්ට"
"ඒක මේ ගණං ගන්න දෙයක් එහෙම නෙවෙයි. මේ..මේ..මේ..දකුණු ඉන්දියාවෙ ගෑණු උදවියගෙ චරිතෙ එච්චරම හොඳ නැත්ද මොකක්ද ඔන්න ඔය වගෙ මොකක් හරි…"මම ඉවත බලාගෙන පැවසූයෙමි.
"මොකක් කිව්ව?......" අනන්‍යා දෑස් විසල් කොට මදෙස බලා සිටියාය. ඇය තවත් මොනවාදෝ පැවසීමට උත්සාහ කල නමුදු දැඩි කම්පනය හේතුකොටගෙන කිසිදු වදනක් ඇගේ තොල් අතරින් පිට නොවීය.
"මේ මා දිහාවෙ ඔහොම බලාඉන්ට එපා ඔන්න..මම නෙවෙයි ඒක කිව්වෙ..අපේ අම්ම..අනික එයා වුනත් හිතල මතල කිව්ව දෙයක් නෙවෙයි මට සහතිකයි..ඔන්න ඕක අල්ලල දාන්න.."
"මට මොනව කියන්නද කියල හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ….."අනන්‍යා අවසානයේදී පැවසුවාය..
"හරි..හරි...මොකවත්ම කියන්න ඕන නෑ...මම කිව්වනෙ ඕක අල්ලල දාන්න කියල...හරි එන්නකො අපි කට්ටිය ආයම යාලු කරවමු……." මම ඇය හා සමඟ යලි ප්‍රධාන දොරටුව අසල නවතා තිබූ කුලීරථය වෙත ඇවිද යමින් පැවසුවෙමි.
අප සියළු දෙන ආශ්‍රමයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූයෙමු. මහත්මා ගාන්ධිතුමා වර්ෂ 1915 සිට 1930 දක්වා මෙහි දිවිගෙවූයේය. ඉන්දීය නිදහස් අරගලය නම් මහා වනස්පතිය පැනනැඟි මූලාංකුරය ලෙස බොහෝ විද්වතුන් අවිවාදයෙන් පිළිගන්නා බ්‍රිතාන්‍ය පාලකයින්ගේ ලුණු බද්දට එරෙහි ගාන්ධි තුමාගේ සුප්‍රසිද්ධ " ද සෝල්ට් මාච්" නමින් හැඳින්වෙනා මහා පා ගමන ඇරඹියේද මේ ආශ්‍රමයෙනි.යම් මුදලක් ගෙවා ලබාගතයුතු විස්තර කථකයෙකු වෙනුවෙන් අනන්‍යා මුදල් ගෙවූයේ හුදෙක් අප කණ්ඩායම එකට ගමන් කරවනු උදෙසාමය.
ගාන්ධිතුමාගේ ජීවිතයේ නොයෙක් සිහිවටන එනම් ඔහු විවිධ කටයුතු වලදී ගත් ඡායාරූප, ඔහු විසින් ලියූ ලියකියවිලි, නොයෙක් සිත්තරුන් විසින් ඇඳි ඔහුගේ සිතුවම් එමෙන්ම ඔහු පිළිබඳව ලියැවුණු දහසකුත් එකක් ලිපි ලේඛන නරඹමින් විස්තර කථකයාගේ ඒකාකාරී හඬට සවන් දෙමින් අපි ආශ්‍රමය තුල සෙමෙන් ඇවිද ගියෙමු.
"1930 අවුරුද්දෙ ගාන්ධිතුමා ඒ සුප්‍රසිද්ද ලුණු පාගමන මේ ආශ්‍රමයෙ ඉඳල පිටත් වෙන්න ඉස්සෙල්ල එතුමා දිවුරුවා ආයෙම මේ ආශ්‍රමයට එන්නෙ ඉන්දියාව සම්පූර්ණයෙන්ම සුද්දන්ගෙන් නිදහස් වුනාට පස්සෙයි කියල."
"ඉතිං ඉන්දියාව නිදහස් වුනාට පස්සෙ එතුමා ආපහු මෙහාට ආවද? " අනන්‍යාගේ මව විමසුවාය.
විස්තර කථක තෙමේ ඉතාමත් ශෝකජනක මුහුණක් මවා ගත්තේය. "නෑ එතුමාට ආයෙ කවදාවත්ම මෙතනට ආපහු එන්ට අවස්ථාව ලබුණෙ නෑ. ඉන්දියාව නිදහස දිනාගෙන මාස හයක් වගෙ යද්දි එතුමාට වෙඩි තියල මැරුවනෙ."
"හුහ් එයාට විතරද ප්‍රශ්න අහන්ට පුලුවන්..ඉඳපංකො මාත් අහනවා එකක්."අනන්‍යාගෙ මව දෙස හොරැහින් බැලූ මගේ මව එසේ සිතන්නට ඇතුවාට කිසිදු සැකයක් නැත. ඇය වහා විස්තර කථක දෙසට හැරුනාය.
"මම අහල තියනව ඔය පා ගමනට දන්ඩි පා ගමන කියලත් කියනව. ඇයි ඒ? අර ගාන්ධි තුමා අතේ අරං යන දණ්ඩ නිසාද?" දිගැති දණ්ඩක් සුරතින් ගත් ගාන්ධිතුමා දහස් සංඛ්‍යාත මහා ජනකායකට නායකත්වය දෙමින් ලුණු පාගමනේ යෙදෙන ජීවමාන ප්‍රමාණයේ සිතුවමක් දක්වමින් ඇය විමසුවාය.
විස්තර කථක තෙමේ ගැඹුරු හඬින් සිනාසුණේය. ඔහු කථාකරනා ස්වරය, කථා කරද්දී සිදුකරනා අංගෝපාංග චලනයන් මෙන්ම මේ සිනහවද නාට්‍යමය ස්වරූපයක් ගත්තේය. මෙසේ කථාකිරීමට අඟ පසඟ චලනයන්ට මෙන්ම මෙවන් සිනහවකටද ඔහු බොහෝ කලක් මුලුල්ලේ පුරුදු පුහුණු වන්නට ඇතිබව මට සිතිණි.
"හපොයි…. ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා ගැන, ඉන්දියාවේ ජාතියේ පියා ගැන අපි දන්නෙ බොහොමත්ම සොච්චමයි. බොහොමත්ම සොච්චමයි..ඇත්තටම කිව්වොත් තත්වය ඉතාමත්ම ශෝචනීයයි. ඉතාමත්ම ශෝචනීයයි."විස්තර කථක පැවසූයේ දෑස් පියාගත්වනම හිස සෙමෙන් දෙපසට සොළවමිනි.
ඉක්බිති සුලු මොහොතක් ඔහු නිහඬව හිස පහතට හරවාගත්වනම ගතකලේ ජාතියේ පියා පිළිබඳව නොදන්නා ජාතියේ දරුවන් හේතුකොටගෙන ජාතියට අත්වන්නට යන භයානක ඉරණම පිලිබඳව සංවේගයට පත්වෙමින් විය යුතුය. කෙසේ හෝ අප නොඉවසිල්ලෙන් ඔහු දෙස බලාහිඳිනු දැනුනු නිසාදෝ අවසන ඔහු දෑස් විවර කොට හිස ඔසවා අප දෙස බැලීය.
"නෑ....නෝනා... නෑ.... දන්ඩි කියන්නෙ අහ්මදාබාද්වල ඉඳල කිලෝ මීටර් 500 වගෙ දුරින් මුහුදු වෙරළෙ තියන ස්ථානයක්. "
ඒ අසලම බිත්තියේ එල්ලා තිබූ ලුණු පා ගමනේ ගමන් මාර්ගය දැක්වෙන විශාල ප්‍රමාණයේ සිතියමක් අබියසට අප කැඳවාගෙන ගිය ඔහු එහි රක්ත වර්ණයෙන් සළකුණු කොට තිබූ අහ්මදාබාද් සිට දන්ඩි දක්වා මාර්ග රේඛාව ඔස්සේ සුරතෙහි දබරැඟිල්ල දිවවීය.
"ගාන්ධිතුමා මේ ආශ්‍රමයෙන් පිටත් වෙලා දවස් 24 කින් පයින්ම ගියා ඒ දණ්ඩි වලට.දන්ඩි පා ගමන කියල නම හැදුනෙ අන්න ඒ හින්ද. නැතුව මේ එතුමා දණ්ඩක් අරගෙන ගිය හින්ද නෙවෙයි" විස්තර කථක යලි මගේ මව දෙස බැලූගේ කට කොනකින් සිනාසෙමිනි.
අනන්‍යාගේ මව තම සැමියා දෙසට හැරී ද්‍රවිඩබසින් ඔහු ඇමතුවාය.එහෙත් ද්‍රවිඩ වදන් අතරට අවශ්‍ය තැන්වලදී ඉංගිරිසි වදන් ඇතුලුකිරීමට පමණ ඇය විචක්ෂණශීලී ද වූවාය. " Some thing Illa illa……no knowledge …….this….punjabi people……."
"ෂරි..ෂරි......"අනන්‍යාගේ පියා ජාතියේ පියාගේ ලුණු පා ගමනේ සිතියම කෙරෙහි අවධානය යොමුකොටගත් වනම පැවසීය. තම බිරිඳ කුමක් පැවසුවේද යන්න ඔහුට හරිහැටි ඇසුණිද යන්න පවා සැකසහිතය.ඉන් කිසිසේත්ම පසුබට නොවූ අනන්‍යාගේ මව නොනවත්වා කියවාගෙන ගියාය…"Intellectually….culturally zero....something something crass and uneducated and something something..."
ද්‍රවිඩ භාෂාවෙන් කථාකරන අතර උපායමාර්ගික වශයෙන් වැදගත් වදන් ( Strategically Important Words) ඉංගිරිසි භාෂාවෙන් පැවසීමේ අනන්‍යාගේ මවගේ ගරිල්ලා සටන් ක්‍රමෝපායය සාර්ථක ලෙස ඵලදරන අයුරු පෙනෙන්නට වූයේය. මගේ මවගේ මුහුණ ක්‍රමයෙන් තදරත් පැහැගෙන ඉක්බිති ජම්බූල පැහැයට බොහෝ සෙයින් ආසන්න පැහැයක් ගත්තේය.
සාංග්‍රාමවතිර්ණ ගැහැණුන් දෙදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලූ විස්තර කථකගේ මුහුණ ඇඹුල් වූයේය. ලැබෙන්නට නියමිත සන්තෝසම පිළිබඳව බලාපොරොත්තු දැන්මතියා අත්හැරගැන්ම යෙහෙකියි ඔහුට සිතෙන්නට ඇත.
"හරි හරි හරි, දැං ඔය ඔක්කොමල මේක හොඳට අහගන්ට. ඉන්දියාවෙ උතුර හෝ දකුණ කියල වෙනසක් තිබ්බෙ නෑ මහත්මා ගාන්ධිතුමාට. එතුමා මුලු ජීවිත කාලෙම විශ්වාස කලේ මුලු ඉන්දියාවම එකයි කියල. ඉත්දියාවෙ ඉන්න ඔක්කොම වර්ගවල මිනිස්සු එකම ඉන්දීය ජාතියට අයත්ය කියලයි. "විස්තර විචාරක සත්‍ය වශයෙන්ම උත්සාහ කලේ උතුරු සහ දකුණු ඉන්දියානුන් එක්සත් කිරීමට ද නො එසේනම් තම සන්තෝසම රැකගැනීමට ද යන්න මට අදටත් සිතාගත නොහැක.
"හරි ඒ මොකක් හරි, අපි යමු දැං ගාන්ධි තුමා පෞද්ගලිකව පාවිච්චි කරපු බඩු භාණ්ඩ දැක බලා ගන්ට. හරි ඔය කට්ටිය මෙහෙං එන්ට..මෙහාට මෙහාට…"අඩවල් කොට තිබූ දෙපළු දොරක් විවර කරමින් විස්තර විචාරක තෙමේ පැවසීය.
ගාන්ධිතුමා භාවිතාකල පෞද්ගලික බඩු බාහිරදිය නැරඹීමෙන් ඉක්බිති අප ආශ්‍රමය ඉදිරිපසවූ රුක් ගොමුවෙන් සෙවණ ලද තණ පළස මත හිඳ කිසිදු කතාබහකින් තොරව ගොළුවන් බිහිරන් සේ දිවා ආහාරය ගත්තෙමු. හෙට උදෑසන හයේ කණිසමට ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මරාදැමීමට නියමවූවන් සයදෙනෙකු වුවද තම අවසන් භෝජනය මීට වඩා ප්‍රීතිමත්ව භුක්තිවිඳින බවට මට කිසිදු සැකයක් නොවීය.
මෙසේ මෘත දේහයක් වටා හිඳ මළබත බුදින්නාක්මෙන් උකටලීව හිස් පහතට හරවාගත් වනම ආහාර ගනිමින් හුන් අපේ කණ්ඩායම මධ්‍යයට අනන්‍යා තමන් මෙතෙක් හෙලිකිරීමට පුල පුලා බලාහුන් ඒ මහාර්ඝ රහස අතහැරියාය.හිරෝෂීමා නගර මධ්‍යයට පරමාණු බෝම්බය අතහැරියාක් මෙන් අතහැරියාය.
"අපි දැං සෑහෙන කාලයක් තිස්සෙ බොහොම සමීපව ආශ්‍රය කරනව" ඒ වදන් හරිහැටි නොවැටහුණු යමෙකු වේනම් ඔවුන්ගේ නිරවුල් අවබෝධය උදෙසා ඇය යලිත් එවදන් ඉංගිරිසියෙන්ද පැවසුවාය. "We like each other....."
එසේ එකිනෙකා කෙරෙහි කැමැත්තක් ඇත්තවුන් අප කණ්ඩායමෙහි ඉතා දුර්ලභ හෙයින් අනන්‍යා මේ පවසනුයේ කවුරුන් පිළිබඳවදැයි එක්වරම වටහාගත නොහැකි වූ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වික්ෂිප්තවූ දෙනෙතින් යුතුව හිස් ඔසවා එකිනෙකා දෙස බැලූහ.
"මම මේ කිව්වෙ ක්‍රිෂ් ගැනයි මම ගැනයි. අපි දෙන්නට දෙන්නා හුඟක් කැමතියි." අනන්‍යා තව දුරටත් පැහැදිලි කොට ඉනික්බිති සුන්දර ලෙස සිනහසුණාය.
"ක්‍රිෂ් මම ඔයාට කිව්වෙ නැද්ද කලිං ඉඳලම? මට ආපු වෙලාවෙම මොකක් හරි කොස්සක් ඉව වැටුනා. " මගේ මව ඇය අත වූ චපාතිය වේගයෙන් කැබලි වලට කඩමින් පැවසුවාය.
"මොකක්ද මෙතන තියන කොස්ස? කිසිම කොස්සක් මෙතන නෑ. ඒ වගේම කලබල වෙන්න දේකුත් නෑ. අපි දෙන්න අපේ සතුට එකිනෙකා එක්ක බෙදාගන්න කැමතියි. කොටින්ම කිව්වොත් අපි දෙන්න එකිනෙකාට ආදරෙයි... එච්චරයි." අනන්‍යා නොනවත්වා කියවාගෙන ගියාය.
"අනන්‍යා කට වහගන්නයි කිව්වෙ"ඇගේ මව මඳක් ඉදිරියට නැවෙමින් පැවසුවාය.
ඇය අනන්‍යාහට අතුල් පහරක් එල්ල කරනු අතැයි කරනු ඇතැයි මම බියවීමි.තම මව අතුල් පහරක් එල්ල කලහොත් අනන්‍යා කුමක් කරනු ඇත්දැයි මට සිතාගත නොහැකිවිය.
"ඔන්න දැක්කද? ඕක තමයි මම අර කිව්වෙ දකුණු ඉන්දියාවෙ කෙල්ලො නූල් සූත්තර කාරියො කියල. ඉතිං තවත් සාක්කි ඕනද?"මගේ මව හිස හරවා මදෙස බලා සිටියේ මම තවත් සාක්කි අවශ්‍යබව පැවසුවාක් මෙනි.
"අම්මා..අම්මා..අනේ මේ පොඩ්ඩක් කලබල නොකර ඉන්නකො" මම ආයාචනා කලෙමි.
"කලබල? මොන කලබලද? කවුද දැන් කලබල කලේ? මම කලබල කරපු එකක් නෑ ක්‍රිෂ්…"
"නැඟිටින්න " අනන්‍යාගේ මව ඇගේ සැමියාට දැනුම් දුන්නීය.
එසැණින් ඔහු නැඟිට සිටගත්තේ බඩෙහිවූ බොත්තමක් එබූ පසු එසැනින් නැඟිට පියවර කිහිපයක් ගමන් ගන්නා දුඹුරු පැහැති වඳුරා මට සිහිගන්වමිනි. බැටරි බලයෙන් ක්‍රියාකරනා ඒ වඳුරා කුඩාකල මගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩයවූ විය. අනන්‍යාගේ සොහොයුරා මව දැනුම්දීමටත් ප්‍රථම නැඟීසිටියේ ඇගේ ගතිගුණ පිළිබඳව ඔහු ඉතා හොඳින් දන්නා නිසාවිය යුතුය.
"අපි ත්‍රී වීලර් එකක ආපහු යමු"
අනන්‍යාගේ මව තම තීරණය ප්‍රකාශයට පත් කළාය. අනන්‍යා කිසිවක් සිතාගත නොහැකි අයුරින් තවමත් තණපළස මත හිඳගත් වනම හුන්නාය.
"අනන්‍යා ඔයා එනවද නැද්ද?"
"අනේ අම්මේ මේ පොඩ්ඩක්……" අනන්‍යාගේ හඬ ඇය හඬන්නට ඉතා ආසන්න බව කියා පෑවේය.
"ආ ඔයා ඒ කියන්නෙ අපි එක්ක එන්නෙ නෑ?.... මෙයාල එක්ක මෙතන නවතින්ටද කල්පනාව?"
එසේ පවසමින් වේගයෙන් අනන්‍යා හිඳහුන් ස්ථානයට පැමිණි ඇගේ මව අනන්‍යාගේ සුරත ග්‍රහනය කොට නැඟිටුවාගත්තාය.ඉක්බිති ඇය බලයෙන්ම ඇදගෙන ආශ්‍රමයේ ප්‍රධාන දොරටුව දෙසට පිටව ගියාය.
පසුපස බලමින් තම මව හා ඇදී යනු විනා ඇයට වෙන කල හැකි අන් විකල්පයක් නොවීය. නැඟීසිට ඔවුන් දෙසට පියවර කිහිපයක් ගොස් නතරවූ මම ඔවුන් ප්‍රධාන දොරටුවෙන් පිටවගිය ඉක්බිති සුසුමක් හෙලා ආපසු හැරුනෙමි. මදක් ඔබ්බෙන් තිබූ මල් පඳුරු කිහිපයකට ඔබ්බෙන් මෙදෙස විපරමෙන් බලාහුන් විස්තර කථකයා අතින් සන්කොට කැඳවූ මම ඔහුට ඉල්ලූ මුදල ගෙවූයෙමි. මේ සියල්ල නිමවී ආපසු අප හිඳ හුන් තුරු ගොමුව දෙසට එන විට මගේ මව අවසාන පනීර් මසාලා ස්වල්පය තැවරූ චපාති කැබැල්ලක් අනුභව කරමින් සිටියාය.
"ඒ ගොල්ලො යන්ට ගියා ……………"
සුසුමක් හෙලා එසේ පවසමින් මම ඇය අසල තණ පළසේ හිඳගතිමි.
"ආ ඒක හොඳයි..දැං අර ටැක්සියෙ හොඳට ඉඩ තියෙයි. අඩුගානෙ ආපහු යනකොටවත් අතපය දිග ඇරල හුස්මක් කටක් අරගෙන දෙයියනේ කියල නිවී සැනසිල්ලෙ ගිහෑකි"
මගේ මෑණියෝ මහත් උද්දාමයට පත්ව පැවසුවාය.
ස්තූතියි රවී.
ReplyDeleteඋඔ උදේම ඔෆිස් එනවානේද?
Deleteමොන පික්ශුද?
Deleteගෙදර තියෙනව ලාම්පු තෙලෙන් දුවන ලැප්ටොප් එකක් හැක්
DeleteIan,
DeleteThanks Ian, you are welcome :)
එල ද බ්‍රා අයියන්ඩි
ReplyDeleteThanks Menda...:)
Deleteපුතා රවි.. අනිත් රවි වගේ නෙමෙයි උඹ හොදට බස හසුරෙනව.. (??) හැක්..
ReplyDeleteහැබෑටම බං මං කියවපු කොටස් වලින් හොදම කොටස මේක කියල බය නැතිව කියනවා. එඩිතරව කියනවා ඔව්.. හරිම ලස්සනං බං..
අනේ බං රවියෝ. මේ යක්කු මුණුපොතෙයි බ්ලොග් වලයි රවිට බනින බනින වාරයක් පාසා මට හිතට එන්නේ උඹවමයි බං. මොකද මන්ද? හැක්
Deleteදේශකයා,
Deleteරවිට බණින වාරයක් පාසා මාව මතක් වෙනව එහෙනං...ඒකත් නරකම නෑ...:)
ස්තූතියි...:)
මේත් 'රවී' කෙනෙක්ම නේද කියල හිත ගන්නත් බෑ.:p
ReplyDeleteඔන්න ඕක හරියන මඟුලක් නෙවෙයි බං රවී අයියේ.. අම්මල අප්පලාට කුද ගහගන්න කියල ඔවුන් දෙන්න කසාද බන්දල දාපන්.. මොන මඟුලක්ද මේ.. උදේ පාන්දර මුන්ගේ මඟුල් නිසා අපෙත් ලේ කෝප වෙනවා..
කළ්‍යාණ,
Deleteහෙහ් එහෙම බන්දල දැම්මනම් වැඩේ අහවරයි නේද?
අද නම් අඬන්න කළින්ම කිරි එරිලා........ තෑන්කුයි වේවා.......
ReplyDelete/මෙසේ මෘත දේහයක් වටා හිඳ මළබත බුදින්නාක්මෙන් උකටලීව හිස් පහතට හරවාගත් වනම ආහාර ගනිමින් හුන් අපේ කණ්ඩායම මධ්‍යයට අනන්‍යා තමන් මෙතෙක් හෙලිකිරීමට පුල පුලා බලාහුන් ඒ මහාර්ඝ රහස අතහැරියාය.හිරෝෂීමා නගර මධ්‍යයට පරමාණු බෝම්බය අතහැරියාක් මෙන් අතහැරියාය. /
මං ආසම කෑල්ල...... මුඩුම මුස්පේන්තු ගතිය වැක්කෙරෙනවා........
නොපසුබට දහිරියෙන් තව දුරටත් ඔය අත පාවිච්චි කරන්නට සක්තිය දහිරිය ලැබේවා.......
General,
Delete/ නොපසුබට දහිරියෙන් තව දුරටත් ඔය අත පාවිච්චි කරන්නට සක්තිය දහිරිය ලැබේවා…/
අපොයි.....මොකක්ද බං ඒ ප්‍රාර්තනාව? හතුරෙකුටවත් කරන්න හොඳද ඔහොම ප්‍රාර්තනාවක්?...:)
"හරි යන් නෑ, මේ පෝස්ට් එක තව එක දවසක් හරි වැඩිපුර තියෙනවා කියන්නේ තව කවුරු කවුරු හරි මට බාප්පා කියාගෙන එනවා කියන එක. විගහට දාන්ඩ ඕනේ මේක අමතක වෙලා යන්න වෙන එකක්." ඊයේ දිනයේ රවී බාප්පාගේ සිතුවිලි අතරින් උපුටාගන්නා ලදි. :P :P :P
ReplyDeleteඅයියේ, "අපි එකිනෙකාට කැමතියි." කියන එක ඊට වඩා කතා කරන බස් වහරට හුරු විදිහකට දාන්න පුළුවන්ද කියලා අයියා බැලුවද. මට එතන ට්කක් ෆ්ලෝ එක අවුල් වුනා වගේ දැනුණා. ඉතුරුටිකනම් නියමයි. අර ක්‍රිෂ්ගේ අම්මා අර අන්තිම ටික කියන කොට - ටැක්සි එකේ ඉඩ හොඳට තියෙයි කියලා කියපු හරිය - මට ක්‍රිෂ්ගේ මූණ කොයිවගේ තියෙන්න ඇතිද කියලා මැවිලා පෙනුණා. :)
Siththami,
Delete/ "හරි යන් නෑ, මේ පෝස්ට් එක තව එක දවසක් හරි වැඩිපුර තියෙනවා කියන්නේ තව කවුරු කවුරු හරි මට බාප්පා කියාගෙන එනවා කියන එක. …./
හෙහ්..අම්මාපල් උඹ එක්ක නම් බෑ බං..හරියටම හරි නෙව..බලාපංකො පෝස්ට් එක දාපු වෙලාව.දනි පනි ගාල වල්ගෙ විකාගෙන ලියල යක්කු ගස් යන වෙලාවට මේක පබිලිස් කලේ ඔය උඹ කියපු හේතුව හින්දමයි...හෙහ්,හෙහ්. කොහෙද බොලා එක්ක පුලුවන මේ රාජ්ජෙ කොරන්ට ( එම වාක්‍යයේ කොපිරයිට් අයිතිය අපේ අත්තම්මාටය )
/ අයියේ, "අපි එකිනෙකාට කැමතියි." කියන එක ඊට වඩා කතා කරන බස් වහරට හුරු විදිහකට දාන්න පුළුවන්ද කියලා අයියා බැලුවද. මට එතන ට්කක් ෆ්ලෝ එක අවුල් වුනා වගේ දැනුණා. /
ඔබ හරි..එතන මටත් එච්චර හරිගියේ නම් නෑ. ඔන්න පොඩ්ඩක් වෙනස් කලා එතනයි ඊලඟ ඡේදයයි...:)
// " අනේ මේ සුටුස් ගාල දුවල එන්නද අර කිරිස් ගොයියටයි අනන්නියා යෝදිටයි මොකද උනේ කියල බලල? අර අම්මණ්ඩි ඒ කෙල්ලව හප කලාද දන්නෙ නෑ..විගැහිං එන්නං හොඳේ" // අද නම් දුවගෙන ආවේ එදා ඔයා අර කිව්ව විදිහටම කියලා.. හි.. හි...
ReplyDeleteතුශානි,
Deleteඅන්න එහෙම එන්න..හොඳ ළමයා...:)
පොඩ්ඩක් මදි වගේ දැනුනා.. වලිය සහ ලියපු ටික දෙකම..
ReplyDeleteපැතුම්,
Deleteවලිය මදි වගේද? පොතේ ඔච්චරවත් නෑ බං..මම අතින් දාල ඔය ටිකවත් ලිව්වෙ.
ලියපු ටික මදිවගෙ හිතෙනවනම් හේතුව මේකයි. මෙතනින් පස්සෙ පොතේ තියෙන්නෙ අලුත්ම චැප්ටර් එකක්. ඒක වෙනම පෝස්ට් එකකින් ලිව්වනම් හොඳයි කියල හිතුන.
හෙන අසරණයි අප්පා.. කිරිස් ගෙ අසරණ බව අකුරක් අකුරක් ගානෙ දැනුනා... හ්ම්ම්....
ReplyDeleteජයවේවා..!!
ගස්,
Deleteඒකනෙ කියල වැඩක් නෑ බං, පිරිමි ඔය වෙලාවට බොහොම අසරණ වෙනව. ගෑණු හිතන්නෙ මුංගෙ තියන නෝංජල් කම කියල. අම්මලත් එකයි යාලු වෙලා ඉන්න කෙල්ලො / බිරින්දෑවරුත් එකයි. උං දෙගොල්ලොම කරන්නෙ උඩ පැන පැන අර අසරණයට තඩි ගහන එක..:(
හෙනම අප්සෙට් වැඩේ. අර මං වගේ සුටුස් ගාල කියන්න තරං කශේරුකාත්මක ගතියක් මුට නෑ. අම්ප.
ReplyDeleteමොකක් ? කශේරුකාත්මක ගතිය කියන්නෙ මං හදපු වචනයක්. හරියට "ඉමෑජීනේශන්කම්පාලා" වගේ.
කශේරැකාත්මකේ තේරුං ගත්තැහැකි. අර ඉමැජිනේශන්කම්පාලෙ තමා තේරෙන්නැත්තෙ. මං ලොකු හාමුදුරුවංගෙනුත් ඇහුවා...
Deleteඉතිං ලොකු හාමුදුරුවො ඔය වචනෙ අහල රහත් උනාද?
Deleteප්‍රසන්න,
Deleteලොකු හාන්දුරුවො හිතල තියෙන්නෙ බං මූ ලොකු හාන්දුරුවො දන්නවද කියල බලන්ට නෝන්ඩියට ඇහුවයි කියල." දුප්...******* කොල්ලා..ආව මෙතන වඳුරු කුණුහරුප අහගෙන.." කියල වටාපතෙං ගහල පන්නල දැම්මලු.
උඹට විහිළු දිරවන්නැතුව කමෙන්ට් මකනවනං මං ආය මේ පැත්ත පළාතෙ එන්නෑ. (ඒ කිව්වෙ කමෙන්ට් කරන්නැතුව හොරෙම්ම කියෝල යනවා...)
ReplyDeleteඩ්‍රැකී,
Deleteවිහිලු අවුලක් නෑ. මට විහිලු තේරෙනව. ඒ වගෙම මම විහිලුත් කරනව. ..ඒත් ඒ විහිලුව අදාල වෙන්නෙ ගිය පෝස්ට් එකට. මම ඒකෙදි කමෙන්ට් මැකුවෙ නෑනෙ. මාත් විහිලුවට සහයෝගය දුන්නා. ඒත් ඒ විහිලුව එතනිං ඉවරයි. ඒක මේ පෝස්ට් එකට අදාල නොවේ.
හරි..හරි..ඒක අල්ලල දාපං..ඒක එතනිං ඉවරයි...:)
රවී අයියෙ බොලාට තිබුනෙ මේක අතෑරල දාල අයවැය කියවන්න යන්නනෙ.
ReplyDeleteමොනව උනත් ක්‍රිෂ්ගෙ අම්මනං ලෝකෙ පෙරලුනත් කන එක අතාරින්නැති ජාතියෙ මනුස්සයෙක්.
ප්‍රසන්න,
Deleteපොරත් රවි මාත් රවී..පොර කිව්වම මොකද මං කිව්වම මොකද? හෙහ්...හෙහ්
http://www.independent.co.uk/arts-entertainment/books/features/thrill-of-the-chaste-the-truth-about-gandhis-sex-life-1937411.html
ReplyDeletePra,
DeleteThis is Kushwant Singh's review of Jay Adams' controversial book Gandhi - Naked ambition
Gandhi had many successes to his credit, but also two big failures. He was unable to win the confidence of the Muslims. He went out of his way to appease them, including a totally unwarranted support for the Khilafat movement. It evaporated when Mustafa Kemal Pasha of Turkey abolished the Caliphate. However, even this gratuitous gesture did not win Muslims’ hearts and the demand for a separate Muslim state gathered strength and won the battle. Gandhi was heart-broken. His second failure was his attempt to abolish caste discrimination among Hindus and give Dalits a fair deal. He did his best by living among them. His example was not followed by caste-conscious Hindus.
Many chapters could be written on Gandhi’s relations with women. They were drawn to him like proverbial moths to a flame. Among the notable were Saraladevi Choudhurani, a niece of Tagore’s who was married to a Punjabi. Unlike Kasturba, she was educated and articulate. He called her his “spiritual wife” and at one time toyed with the idea of having a polygamous relationship with her. There was Madeleine Slade (Miraben), daughter of a British admiral, who became his closest companion. There were also Sushila Nayar and his two grandnieces, Abha and Manu. In turns they massaged his limbs and his scalp. He had them sleep naked by his side, bathed naked with them, gave them enemas when needed. He did not have sex with any of them, but they came in his dreams and he had night emissions. He told everyone about his wet dreams and failure to conquer his libido. Nehru was nauseated by his confessions. His son Devdas protested that they brought shame on the family.
It is odd that, despite he himself and his biographers stripping him naked, he remains one of the most loved icons in world history. The chief reason for this is he never told a lie, equated truth with God and made it the guiding principle of his life.
මේ. විකාරෙ නවත්තල අයවැය ගැන ලියන්න එක පිළුණු වෙන්න කලිං
ReplyDeleteසුරංග.
Deleteහෙහ්..මම ඊයෙ තමයි රවියගෙ අයවැය කතාව ඇහුවෙ. බාගයක් අහනකොට එපා වුනා.ඉංග්‍රීසියෙන් ලියාගෙන සිංහලෙන් කියෙව්ව කියල කියන කතාව ඇත්ත තමයි මට හිතෙන්නෙ. සලාක ක්‍රමයට මනුස්සය කිව්වෙ සාලක ක්‍රමය කියල...හෙහ්,හෙහ්,
පලි- හතර විලිලැජ්ජාවයි බං. පත්තරේ දැන්නීමක් දාල නම වෙනස් කරගන්ට තරමට හිතිල තියෙන්නෙ ඔන්න මට..දෙයියම්පා…
උටුන්වූ සී ලන්කා ජනරජේටත් ජහා මනයාටත් ගහුරව බහුමානයෙං කොරනු ලබන දැනුං දීමයි.
අම්මාගේ බඩෙං එලියට ආ දින පටං මෙතෙක් බාවිතා කරගෙන ආ රවී නම්වූ මගේ නම මිං ඉදිරියටත් බාවිතා කරමිං වස්තරයක් ඇඳගෙන මහ පාරේ බැස යාමට ඇති හැකියාව එකී නමම භාවිතා කරන තවත් පුඟුලකු විසිං මේ පහුගිය සතියේ මුලු රටටම පෙනෙන පරිදි නැති බංෆස්තාන කර දැමූ බැවින් වක්‍රීප මගේ නම අද පටන් සන්සෝදනේ කරන බව ඔබ තමුන්නාන්සේලා සියල්ලටම මෙයිං ගහුරව පුරස්සරව දැනුං දෙමි. සිද්ධි රස්තු......
පලි-මේක නිකං විහිලුවට වගෙ ලිව්වෙ. රවීගෙ සිංහල දැනුම ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. සිංහලයො බහුතරයකට දෙමළ වචනයක්වත් කතාකරන්නවත් බෑනෙ...:)
යා දෙක නොරත රත කියන්නෙ මේ වගේ නැන්දම්මලට වෙන්න ඇති.
ReplyDeleteදැං බලහන් අයියෙ උඩ රැටියන්ට අපි කැමති නෑ වගේ ඉන්දියාවෙ එවුනුත් අනික් ප්‍රාන්තෙ එවුන්ට කැමති නෑ. ඒකෙත් හැටි.
Kammala,
Delete/ යා දෙක නොරත රත කියන්නෙ මේ වගේ නැන්දම්මලට වෙන්න ඇති. /
" යා දෙක නොරත රත සමඟ පෑහීමක් නැත " එහෙම කිව්වෙ නැන්දම්මල ගැන නෙවෙයි බං..ඔය කමෙන්ට් දෙක දෙක දාන එවුං ඉන්නව නේද? උං එක්ක කිසිම පයිරු පාසානමක් තියාගන්ට එපාය කියලයි ඒ කියන්නෙ
/ දැං බලහන් අයියෙ උඩ රැටියන්ට අපි කැමති නෑ වගේ ඉන්දියාවෙ එවුනුත් අනික් ප්‍රාන්තෙ එවුන්ට කැමති නෑ. ඒකෙත් හැටි. /
මොකද උඹේ මේ උඩරට විරෝදෙ? නුවර පැත්තෙ කෙල්ලෙක් එක්ක මොකක් හරි...තිබ්බ වත්ද?
පරිවර්තනය /අනුවර්තනය හරි වචනේ මොකක්ද ම්ංදා මොක උනත් වැඩේ නියමයි!! , අර කලින් කොටසෙ තිබ්බ දුම්කොළ පොඩි කරන කතාව සයිට් එකේ ඉන්න අල්ලපු රටේ ගොඩක් එවුන් කරනව ,
ReplyDeleteමාත් දැන් පෝස්ට් එකක් වැටෙනකන් බලන් ඉන්න ගොඩේ , බ්ලොග් එකම කියවලා ඉවරයි (Y)
කසුන්,
Deleteඅප්පට සිරි..බ්ලොග් එකම කියවල ඉවර කලාද? ස්තූතියි ස්තුතියි..බොහොමත්ම ස්තූතියි...:)
මේක ඇවිල්ලා අනුවර්තනයක් කියල කිව්වැහැකි බොහෝවිට...:)
මම සෑහෙන්න ප්‍රමාදයිනෙ.
ReplyDeleteඅපේ රටේ ගොඩක් වෙලාවට ඔය දෙපැත්තෙන්ම වලි දාන ලව්ස්ටෝරි අඩුයිනෙ. ඒත් වැඩේ කියන්නෙ මගෙ රූමො දෙන්නෙකුටම ඕක උනා. හැබැයි උනුත් අන්තිමට බැන්දා. මට මේක කියවනකොට ඒ ජරමර ටික මතක් උනා.
මේ ක්‍රිෂ්ට අක්කෙක් වගෙත් හිටියනම් කොහොමද?.මම ඔය උඩින් කියපු දෙන්නටම එහෙම අන්තරාවකුත් තිබුනා
සඳ වියමන්,
Deleteඔයාගෙ කමෙන්ට් එක වගේම මගේ පිළිතුරත් පමා වුනා..:)
ඔයාගෙ යාලුවො දෙන්නම වැඩේ සාර්ථක කරගත්ත කියල අහන්ට ලැබීමත් සතුටක්...:)
ඔන්න අන්තිම මොහොතේ හරි බස්සිත් ආවා. රවි මෙච්චර රහට ලියන එක මගඇරෙන්න දෙන්න බෑ නෙව. මරු ඈ!
ReplyDeleteBassi,
DeleteThanks....:)
Thanks Dear :)
ReplyDelete