Thursday, April 7, 2016

405. විමලෙගෙ වාංපතුල් කතා - 39 - සෙත් තෝමස් ඔරලෝසු සහ සිතුවිලි සිරවී හදවත පතුලේ…

සෙත් තෝමස් ඔරලෝසුවක්




කුකුළගෙ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් සොයාගැනීම කරණකොටගෙන මගෙ හිත ප්‍රීතියෙන් උද්දාම වෙලයි තිබ්බෙ.

"හරි අයිය අටුකොස් තියනවනම් ඉතිං සුට්ටක් වගෙ මොනවහරි ..හෙහ්,හෙහ්.."

මම එහෙම අටුකොස් පිට වැඩේ දැම්මෙ, යකෝ මේ යකා මේ දවල් දවසෙ කන්නෙත් නැතුව අච්චර බීල දැනුත් දැක්කද කියපු පරක්කුවට හාය කියාපු ලස්සන. කියල ලොකු අයිය හිතයි කියල හිතල.ඒත් ලොකු අයිය ඇත්තටම එහෙම කැත හිතක් තියෙන මනුස්සයෙක් නෙවෙයි ඇත්තම කිව්වොත්.

"ඉන්නකො එහෙනම්" එහෙම කියල ගේ ඇතුලෙ කාමරේකට ගිහිල්ල ලොකු අයිය ආපහු ආවෙ ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේකුත් අරගෙන. "මේක හොඳයි නේද?"

"අපෝ හොඳටම හොඳයි" මම එහෙම කියල වේවැල් පුටුවක් ඇදල කනප්පුවට ලං කරගෙන ඉඳ ගත්තා.

අටුකොස් කියන්නෙ කොස් අවාරෙදි ප්‍රයෝජනයට ගන්ට කොස් බාගෙට වගෙ තම්බල වේලපුව. අටුකොස් අපෙ ගෙදරනම් ලොකු මැටි අප්පල්ලවල වල දාල ගනකම රෙද්දකින් කට ගැටගහල එක උඩ එක ගබඩා කාමරේමුල්ලක අඩුක්කරල තියනව.අප්පල්ලෙ කියන්නෙ කට ලොකු ඇතිලියට.

"අඩේ කොල්ලො උඹෙ කට අප්පල්ලෙ වගෙ තිබ්බට කඩොලු කතා කියන්ට එපා බොල නිරේ පැහෙයි" අපෙ අත්තම්ම ඔහොම කියනව මම අහගෙන දවසක්. මට මතක විදිහට ඔහොම කිව්වෙ අපෙ ලොකු අම්මගෙ තුංවෙනි පුතාටද කොහෙද. ඒ අයියගෙ නම නිළමෙ අයිය.

ඒ නිළමෙ අයිය දවසක් අපේ ගෙදර ආපු දවසක එයාලගෙ ගමේ පංසලේ ලොකු හාමුදුරුවංගෙ අවකල් හැසිරීමක් ගැන රහ කරකර කියාපු වෙලාවෙ. මම පොඩි එකානෙ. කටත් ඇරගෙන ඔව්ව අහගෙන ඉන්නෙ. 

"මේ පොඩි එවුනුත් ඉන්න තැන…" අත්තම්ම මා දිහාවෙ බලල නිළමෙ අයියට ආයෙම රැව්ව. 

ඔය නිළමෙ අයිය අපෙ අම්මට හරි එකතුයි. ලොකු පුංචි අම්මේ කියාගෙන සුමාන දෙහෙකට සැරයක් වත් අපෙ ගෙදර ඇවිල්ල දවස් දෙක තුනක්වත් ඉඳලයි යන්නෙ.

"පළවෙනි එක නීට්ම ගහල දාන්ට මල්ලි.." ලොකු අයිය බෝතලේ කඩල මා අතට දුන්න. අසෝක වීදුරුවෙ කට්ටට පෝඩ්ඩක් පහළට වගෙ වෙන්ට අරක්කු පුරවගෙන මම උඩ බලාගෙන එක උගුරට ගසල දැම්ම. බඩ පපුව පිච්චීගෙන පල්ලෙහාට ගලාගෙන ගියා අමෘතෙ. 

හරි හරි රහමෙර පානය ගැන ඒ විස්තර ඇති. නැත්තං බොලා මගෙ මේ යන්තමට ඌර්ණ රෝම දාතු වගෙ තියෙන කෙස් ගස් දෙකතුනක් සිඳල දාවි මෙන්න මේකා මත්පැන් ප්‍රවර්ධනය කරනවයි කියල. ඒ හින්ද ඒ ගැන දැනට ඇති හොඳද?

"පළවෙනි එක විතරයි මල්ලි නීට් ගහන්නෙ හොඳද?" ලොකු අයිය නැමිල කනප්පුව අස්සෙං සෝඩා බෝතලයක් අරගෙන පුටුවෙ බාපතට තියල අල්ලෙං ගහල කැඩුව. බෝතලේ හෙල්ලිල සාස් ගාල සෝඩ පෙණ ටිකක් උතුරල බිමට හැලුන.

ඔය විදිහට මූඩිය හරියට කැඩෙන්නෙ නැතුව බෝතලේ කට වටේට කරකැවෙන අරක්කු බෝතල් කඩන ක්‍රමයක් තියනව බෝතලේ පොඩ්ඩක් විතර හොලවල බෝතල් කරෙන් අල්ලගෙන ඊට පස්සෙ අනික් අතේ අල්ලෙන් අඩියට පාරක් ගහල. හැබැයි පොඩි කේස් එකක් තියෙන්නෙ මූඩිය යම්තමට වගෙ බුරුල් වෙලා තිබ්බොත් එහෙම බඩුම තමයි. මූඩිය ගැලවිලා වීසි වෙන්නෙ ඇපලෝ එකොලහ හඳට යන්ට පිටත් වුනා වගෙ. හෙහ්...අපි කට්ටියට දවසක් ඔහොම මාර කේස් එකක් උනානෙ. කිව්වට ඇස්වහක් නෑ පංච මහා විළිලැජ්ජාවයි. හරි අද බෑ හොඳද? ඒක පසුවට....

ඉතිං ලොකු අයියයි මායි කතාවකින් බහකින් තොරවම අරක්කු පොඩ්ඩ පොඩ්ඩ තොලගගා හිටිය. මා වවුලොද කොහෙද මිදුලෙ අඹගහේ වහල පොරකන සද්දෙ ඇහෙනව යස අගේට.

"අයිය කලිං සර්වේ ඩිපාර්ට්මන්ට් නේද වැඩ කලාය කියන්නෙ?"

"ඔව් මල්ලි මම අවුරුදු දොළහක් වැඩකලා සර්වේ එකේ. මුලින්ම ගියේ හෙල්පර් හැටියට. පස්සෙ අන්තිමට අයින් වුනේ ඕවර්සියර් විදිහට. වැඩිපුරම වැඩකලේ ඔය ඔයාල ඉන්න හරියටත් එහා මඩකළපු පාරෙන් ඇතුලෙ කැළෑවල. වාකරේ, කාත්තාන්කුඩි,එරාවූර්, කල්මුණේ ඔය හැමතැනම මම වැඩ කරල තියනව.ඔයාලගෙ ඔය සයිට් කිට්ටුව තියෙන්නෙ තොප්පිගල කියල. මම එහෙත් ඉඳල තියනව."

"තොප්පිගල අපි ඉන්න හරියට පේනව." මම කිව්ව.

"ඔව්..ඔව්..දැන් නම් ඒ පැත්ත තනිකරම කොටි වෙන්න ඇති නේද? "

"ඔව්...දැන් එහෙ උංගේ රාජධානිය තමයි." මම  මේ කියන්නෙ 86 / 87 වගෙ කාලෙ ගැන.

"ඔය උමා මහේස්වරන් ඉන්නෙ ප්ලොට් එකේ ලොක්ක. එයා යටතෙත් මම වැඩ කලා කාලයක්." 

අසූව දශකයේ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන්කල විවිධ ද්‍රවිඩ සටන්කාමී සංවිධානයක් අතරින් ආයුධ සහ පිරිස් බලය අතින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පමණක් දෙවෙනිවූ ප්ලොට් සංවිධානයේ (PLOTE - People's Liberation Organisation Of Tamil Eelam ද්‍රවිඩ ඊළාම් මහජන විමුක්ති සංවිධානය) නායකයා වූ උමා මහේෂ්වරන් කලක් රජයේ මිනින්දෝරුවකු ලෙස සේවය කලේය. 1989 වසරේදී ඔහු ඝාතනය කෙරිණි.

ඉතිං ඔය පරණ විස්තර කතාකර අපි දෙන්න පොඩ්ඩ පොඩ්ඩ සන්තර්පණය වුනා. ටික ටික හතර අතිං හීතල වුනා. 

"සීතලයි නේද?...." අයිය නැඟිටල ගිහිල්ල බාගෙට ඇරල දාල තිබ්බ දොරපළු දෙක වහල දැම්ම.

"මම එන්නං අයියෙ පම්ප් එකක් දාල.." මම නැඟිටල කුස්සියට යන බරාඳෙ එක පැත්තක තිබ්බ වැසිකිළියට ගියා.මම ආපහු එනකොට අයිය කොස් මැල්ලුම තව දීසියකට පුරවගෙන ඇවිල්ල කනප්පුව උඩ තියල තිබ්බ. 

"නිමල් තාම නෑ නේද?" මම එහෙම කිව්වෙ සාලෙ බිත්තියෙ එල්ලල තියෙන මහ විසාල බිත්ති ඔරලෝසුව දිහාවෙ බලල. වෙලාව අටයි විස්සයි. 

"අරකෙ වෙලාව හරිද අයියෙ? "

"මේ මොනව අහනවද? හෙහ්,හෙහ් ඕකෙ වෙලාව හරියටම හරි."

"නෑ මම මේ ඇහුවෙ බොහොම පරණ වී.ඕ.සී. භාණ්ඩයක් හින්ද…"

අසූව දශකයෙ මුල් භාගයෙ විතර මුලු ලංකාව පුරාම උන්මාදයක් වගෙ පැතිරිල ගියා වී.ඕ.සී. කාසි එකතු කරන එක. වී.ඕ.සී කිව්වෙ ඕලන්දක්කාරයො 17 වන ශතවර්ෂයෙ මුල්කාලෙ ආසියාවෙ කුළුබඩු වෙළඳාමෙ ඒකාධිකාරය අතට ගන්ට හිතාගෙන පිහිටවපු සමාගම. Dutch East India Company - Vereenigde Oost-Indische Compagnie;

ඒ සමාගමෙන් නිකුත් කරපු කාසිවල ලොකු V අකුරක් සහ පොඩිවට O සහ C අකුරු කොටල තිබ්බ. වී.ඕ.සී. කාසි කිව්වෙ එන්න එව්වට. තවත් ඒ කාලෙ මිනිස්සු පිස්සො වාගෙ හොය හොය ඇවිද්ද ගෙම්බා ළකුණ දරණ සිංගර් මහන මැෂින්.ඇමරිකාවෙ සිංගර් කොම්පැණියෙ ලොක්කෙක් ලංකාවට ඇවිල්ල ඉන්නවය ඒ මනුස්සය ගෙම්බ ළකුණ දරණ සිංගර් මැෂින් වලට ලක්සයක් ගෙවනවය කියල තමයි බට කැලේට ගිනිගත්තැහෙ ඒ කාලෙ ආරංචිය පැතිරුනෙ. ආය මොනවද අපේ මිනිස්සුන්ට. ඒ ගැන කිසිම හොයා බැලිල්ලක් නෑ අඩේ මේ කියන්නෙ ඇත්තක්මද මුසාවක්ද කියල. පිටපොට ගහගෙන පටං ගත්ත ගෙබ මාක් මැෂිං හොයන්ට.ඒ වගේම කාලයක් ඔය ජොන්සන් සහ වෙජ්වුඩ් පළංගාන් වලටත් මාර ඉල්ලුමක් තිබ්බ.

"නෑ..නෑ..ඔය ඔර්ලෝසුවෙ වෙලාව ටක්කෙටම හරි. අපෙ තාත්තා ඒ කාලෙ ගත්ත ඔර්ලෝසුවක් ඕක.ඔව්ව අවුරුදු සීයක් හරි හරියටම දුවයි ඒත් නඩත්තුව නියම වෙලාවට ඒ පිළිවෙලට කෙරෙන්න ඕන. එහෙම නැත්තං වැඩේ ජෝන් බාස්ට යනව."

වැඩේ ජෝන් බාස්ට යනව කියන කතාවෙ මූලාරම්භය දන්නව නේද? 

ඒ වෙලාවෙ නිමලයගෙ ලොකු අයිය අර ඔර්ලෝසු නඩත්තුව ගැන කිව්ව කතාව හරියටම හරි. මට ඒ කාලෙ ඔය ගැන හරි අදහසක් තේරුමක් තිබ්බ නෑ. ඒත් ඔය ගැන සහසුද්දෙන්ම මම දැනගත්තෙ අපෙ මාමණ්ඩිගෙන්. ඒ කිව්වෙ අපෙ උන්දැගෙ අප්පච්චි.

එවුන්දැ ඉස්කෝලෙ යන කාලෙ ඒ කියන්නෙ මයෙ හිතේ නමසිය හතළිහේ වගෙ වෙන්ට ඕන. මොකද අප්පච්චි ඉපදිලා තියෙන්නෙ 1924 අවුරුද්දෙ. ගෙවතු වගා තරඟෙකින් පලවෙනියා වෙලා තියනව. ඒකට තෑග්ග හැටියට හම්බ වෙලා තියෙන්නෙ බිත්ති ඔරලෝසුවක්. ඒ කාලෙ බොහොම ප්‍රසිද්ධ හොඳම කොලිටි බඩුවක්. බ්‍රෑන්ඩ් එක සෙත් තෝමස්. ඔය තෑග්ග දීල තියෙන්නෙ ඒ කාලෙ මධ්‍යම පළාතෙ අධ්‍යාපන අධ්‍යක්ෂ වගෙ හිටපු සුද්දා.

මම අපෙ උන්දැ බැඳල එහෙ ගිහිල්ල මාස හය හතකට පස්සෙ දවසක් මම ඔය ඔර්ලෝසුව දිහා බොහොම උනන්දුවෙන් බලා ඉන්නව දැකල අප්පච්චි මට ඔය විස්තරේ කිව්ව. 

"පුතා දන්නවද ඔය ඔර්ලෝසුවෙ ඉතිහාස කතාව." ඔන්න ඔහොමයි අප්පච්චි කතාව පටන් ගත්තෙ. 

ඔය ඔර්ලෝසුවට දාන්ට තියනව විශේෂ තෙල් ජාතියක්.තනිකරම සුදුපාටයි. සුදුමත් නෙවෙයි ඇත්තම කිව්වොත්. අවර්ණයි. අඟල් තුනක් වගෙ උස පැතලි බෝතලේක තියෙන්නෙ. ඒ බෝතලේ ලේබලෙත් ගහල තියනව අර ඔර්ලෝසු කොම්පැණියෙ නම. සෙත් තෝමස්.ඒකෙ මූඩිය ඇතුල් පැත්තෙ තියනව හයි කරල දිග කෙන්දක් වගෙ එකක්. ඒ කෙන්දෙ අගට තෙල් බින්දුවක් අරගෙන ඕලෝසුවෙ ඒ තෙල් දාන්ට නියමිත තැන් තුනක් තියනව. එව්වට බින්දුව ගානෙ දාන්ට ඕන. ඒ තැන්වල කොටල තියනව සුට්ටං තෙල් බින්දුවක රූපයක්. වන් ඩ්‍රොප් ඔන්ලි කියල ඉංග්‍රීසියෙං ලියලත් තියනව බොහොම සූටි අකුරු වලිං.

ඔර්ලෝසුව සර්විස් කරපු දවස්, රෙපයාර් කරපු දවස් ලියන්ට පොඩි පොත් පිංචකුත් තියනව අප්පච්චි ගාව ඒක මේ ඔර්ලෝසුවත් එක්කම හම්බවෙච්චි එකක්. වතාවතක් වගෙ හැම මාසෙකම පළවෙනිද අප්පච්චි ඔර්ලෝසුවට තෙල් දාල වයින් කරනව. 

"මේකෙ වයින් තියන එකත් පුතා එක සාස්තරයක්. අතේ පයේ හයිය තිබ්බ පලියට මෙව්ව කරන්ට බෑ..තේරුණාද? දුන්න නියම ගාණට එතෙනකොට අතට තේරෙනව. එතකොට වහාම නවත්තන්ට ඕන. තෙල් උනත් යන්තමට බිංදුවක් විතරයි දාන්ට ඕන.එහෙම තමයි මෙව්ව හදපු කොම්පැණිය රෙකමදාරු කරල තියෙන්නෙ."

අප්පච්චි ඔර්ලෝසුවෙ පහිණිපත්කරන ගමන් කියවනව. අපෙ උන්දැ එතනිං යන ගමං මාදිහා බලල විරිත්තල යනව. මම ඉතිං මක් කොරන්ටද? අර බුදු හාමුදුරුවංගෙ පාත්තරේ ගත්ත නන්ද කුමාරය වගෙ ඔර්ලෝසු තෙල් කුප්පියත් අල්ලගෙන ඉන්නව අප්පච්චිගෙ වැඩේ ඉවරවෙනකල්.

ඔය ඔර්ලෝසුව උන්දැගෙ ඇවෑමෙන් පස්සෙ මට දෙන්ට අප්පච්චිගෙ හිතේ මහමෙරක් වගෙ ඕනකම තිබ්බ. ඒත් අපේ උන්දැ ඒ අදහස ලත් තනම ලොප් කරල දැම්ම. 

" මේ මේ පිස්සු නං කෙලින්ට ලෑස්ති වෙන්ට එපා. ඔහේ ඕක අරගෙන යයි ගෙදර. ගිහිල්ල බිත්තියෙත් එල්ලයි. ඊට පස්සෙ සතියකිං නැත්තං දෙකකිං යයි යන්ට ආපහු. මම එපාය ඉණිමං බැඳගෙන ඕක හරිගාණට වයිං කරන්ටයි එතනිං ගිහාම අර අස්ව මයිලෙං තෙල් බිංදු තුනක් ගැනල දාන්ටයි ඕන. අනේ මට ඔව්ව කොර කොර ඉන්ට වෙලා නෑ. ඒ හින්ද අප්ප්ච්චි දෙන්ට හැදුවත් ඔහේ එහෙම කැමති වෙනව නෙවෙයි ඕං මං නොකිව්වයි කියන්ට එහෙම එපා." ඈ බොහොම සෙනෙහසිං සහ ආදරෙං එහෙම කිව්ව දබරැඟිල්ලත් උරුක් කරගෙන.

හ්ම්ම්ම්ම්..කොහොම හරි සෙත් තෝමස් ඔර්ලෝසුව කොහොම වෙතා උන්දැගෙ මළගෙදරටවත් මට යන්ට උනේ නෑ. එහෙම උනේ කොහොමද කියන එකත් කියන්ටම වටින කතාවක්..ඒත් අද නම් බෑ ගොයියො... ඒකත් පස්සෙ දවසක ...හොඳද?

"නිමල් ගැන ඇහුවෙ මොකෝ මල්ලි බඩගිනියි වගේද? "

"නෑ..නෑ..මොන බඩගින්නක්ද? අර අච්චර පොල් සම්බෝලයි රෝස් පානුයි මැලයක් බඩට බස්සල ආය තව කොහෙද බඩ ගින්නක්? හෙහ්..නෑ ..මට මේ.." මම එහෙම කියල කියන්ට ආපු ඉතිරි හරිය ගිල ගත්ත…

"හෙහ්,හෙහ්..මට හිතාගත්තෑකි මල්ලි කියන්ට ඇවිල්ල ආයම ගිල ගත්තෙ මොකක්ද කියල...නිමල් මට වෙච්චි දේ කිව්ව...හෙහ්,හෙහ්,"

හුටා එහෙමත් එකක්ද?අයියත් දන්නවද සීන් එක? දෙයියෝ සාක්කි ඉතිං මොකේදැයි දං වළඳන්නේ..කියල ඇහුවලු ලොකු හාංදුරුවො... 

"හරි හරි මල්ලි ඔව්ව ඔහොම තමයි....මේ ජීවිතේදි අපිට ඔහොම දේවල් වලට මූණ දෙන්ට වෙනව" අයිය මගෙ උරහිසට අතක් තියල මිරිකුවා.

"අපි බලන්ට ඕන එව්වට මූණ දෙන විදිහක්. කිසිම දේකින් අකම්පාල වෙන්ට නරකයි...හරි මට වැඩි විස්තර දැනගන්ට ඕන නෑ. නිමල් මට කිව්ව ටික ඇති.මල්ලි අකමැති නැත්නම් මම පොඩ්ඩක් ඒ ගැන කතා කරන්නං."

"අනේ නෑ අයියෙ අර අහවල් දේකටද මම අකමැති වෙන්නෙ? නිමලයත් අජිතය වගෙම මගෙ එක්කුසේ උපං සහෝදරයො වගෙ යාලුවො වෙච්චි. එතකොට ඒ නිමලයගෙ අයිය මගේම අයිය වගේ තමයි. අනික මම මේ පැටලිල ඉන්න පඹගාලෙ හැටියට අයිය වගෙ දැනුම් තේරුම් තියන විශේෂයෙන්ම මේ වගෙ ප්‍රශ්ණයක් තේරුම් ගන්ට පුලුවන් කෙනෙකුගෙ උපදෙස් මේ වෙලාවෙ බොහොම වටිනව."

මම එහෙම කියල ආයම පොඩ්ඩක් වක්කර ගත්ත.


සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැල‍පෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැල‍පෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ගායනය - බණ්ඩාර අතාවුද
පද - කුසුම් පීරිස්
තනුව - එච්.එම්. ජයවර්ධන


93 comments:

  1. ඕන්න මේ නිදහස් සිතිවිල්ල උදේම මුලින්ම කියෙවුවේ මම .

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්මා,

      ආයුබෝවන්!

      Delete
  2. උමා මහේෂ්වරන් සමග සමකාලීනයකු ලෙස සේවය කල මිනින්දෝරුවකු අසුව යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවට බැඳුනා. ඔහු මට හමුවුනේ 1985 දී පමන වාකරේට මෙහා තිබුණු පූනානි කඳවුරේදී. උමා මහේෂ්වරන් ඒ කාලේදී ලංකාවේ අඟලේ සිතියම් 72 ම එකතු කරගෙන මොකක් හෝ රහසිගත වැඩක් කල බවට රාවයක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව පුරා පැතිරී තිබුනලු.

    සෙත් තෝමස් ඔරලෝසු මැෂිම පිත්තල සහ සුදු යකඩ මිශ්‍ර ලෝහයකින් හදලා තියෙන්නේ. ඕක් ලීයෙන් තමා කැබිනට් එක හදා තියෙන්නේ. එහි කල්පැවත්මේ රහස එයයි. ඒ වගේම තවත් බිත්ති ඔරලෝසු වර්ගයක් තමා වෙස්ට්මිනිස්ටර්. චඃ...... ගෙදර තියාගන්න අමාරුනම් වැඩ කරන තැන හරි ඒ ඔරලෝසුව තියාගන්නයි තිබුණේ.

    සිඟර් කියන ඉංගිරිසි වචනේ කවුද දන්නෑ සිංගර් කියලා මුලින්ම ලිව්වේ. ඒ වැරැද්ද අද දක්වාම කෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      / ඔහු මට හමුවුනේ 1985 දී පමන වාකරේට මෙහා තිබුණු පූනානි කඳවුරේදී. /

      අඩෙහ්..විචා 85 අවුරුද්දෙ පුනානි හිටියද? මමත් ඒ කාලෙ ඒ අහල පහලම තමයි හිටියෙ. වැලිකන්ද මනම්පිටිය අතර වගෙ හරියටම කිව්වොත්. Christopher Ondaatje ලියල තියනව අපූරු පොතක් Man Eater Of Punanai කියල.

      එතකොට වැලිකන්දෙ ඉඳල ත්‍රිකෝණමඩු පාරෙ කිලෝමීටර් 20 වගෙ ගියාම තිබ්බ මහවැලිතැන්න කියල ආමි කෑම්ප් එකක්. ඒකෙ නිලධාරී අණදෙන හිටියෙ කපිතාන් පරාක්‍රම . මට වාසගම මතක නෑ. විචා සම්ටයිම්ස් දන්නව ඇති.

      / උමා මහේෂ්වරන් ඒ කාලේදී ලංකාවේ අඟලේ සිතියම් 72 ම එකතු කරගෙන මොකක් හෝ රහසිගත වැඩක් කල බවට රාවයක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව පුරා පැතිරී තිබුනලු. /

      මමත් ඔය කතාව අහල තියනව. උමා මහේෂ්වරන් මාලදිවයින් රජය පෙරලන්ට කුමන්ත්‍රණයකුත් සැලසුම් කලා මට මතක විදිහට 1987 වගෙ වෙන්න ඕන.

      / චඃ...... ගෙදර තියාගන්න අමාරුනම් වැඩ කරන තැන හරි ඒ ඔරලෝසුව තියාගන්නයි තිබුණේ. /

      නෑ..නෑ...විචා...ඒ ඔර්ලෝසුව තියනව තවම නිරුපද්‍රිතව උන්දලගෙ මහගෙදර. අපෙ ගෙදර ගේන්ට එහෙම ලෑස්තිවෙන්ට එපයි කියලයි අර මට සත්තම දැම්මෙ. කොහොම උනත් එවුන්දත් ඔය ඔර්ලෝසුවට ආදරෙයි. ඔය ඇන්ටික් විදිහටම හදපුව මෙහෙ තියනව බැටරි වලින් වැඩකරන. පහුගිය දවස්වල මෙහෙ ඇවිල්ල ඉඳල යද්දි ඔය ජාතියෙ පරණ මොඩල් ඔර්ලෝසු දෙකක්ම එවුන්දැ උස්සගෙන ගියා.

      / සිඟර් කියන ඉංගිරිසි වචනේ කවුද දන්නෑ සිංගර් කියලා මුලින්ම ලිව්වේ. ඒ වැරැද්ද අද දක්වාම කෙරෙනවා. /

      ඔයවගෙ මුලදිම වැරැද්දක් උනහම ඒක හදන්ට හරිම අමාරුයි. ඒ වගේම කුණුහරපයක්නෙ අර General Manager ට සිංහලෙන් " සාමාන්‍යාධිකාරී " කියන්නෙ.

      Delete
    2. / සිඟර් කියන ඉංගිරිසි වචනේ කවුද දන්නෑ සිංගර් කියලා මුලින්ම ලිව්වේ. ඒ වැරැද්ද අද දක්වාම කෙරෙනවා. /

      විචාරක ලොක්කයියේ. ඔය පණ සිඟර් මැසිමේ බොඩියේ භාෂා ගණනාවකින්
      Singer කියලා ගහලා තිබුනා. එක බාසාවක් සිංහල. ඒකෙත් කැත අ අ අ අ සිංහල අකුරෙන් 'සිංගර්' කියලා ලියලා තිබුනා.

      Delete
    3. පූනානි හිටිය කාලේ තමයි;

      මෙන්න මේක සිද්ද වුණේ

      @ ඩූඩ්. ඒක තමයි මොකාද දන්නේ නෑ ඒ කුණු සිංහල ලිව්වේ.

      Delete
  3. බොහොම ස්තූතියි රවී !!

    //එකත් කියන්ටම වටින කතාවක්..ඒත් අද නම් බෑ ගොයියො... ඒකත් පස්සෙ දවසක ...හොඳද?//

    2016 නෙළුම්යාය පඳුරු තැලීමේ ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට රවියා ගන්නා උත්සාහය හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ රන්දිල් නෝනත් දැං නිතර නිතර මේ පැත්තෙ එන හින්ද පොඩි බයකුත් ඇති.

      Delete
    2. ඉයන්,

      / 2016 නෙළුම්යාය පඳුරු තැලීමේ ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට රවියා ගන්නා උත්සාහය හෙලා දකිමු. /

      පිස්සුද බං? මොන ප්‍රතික්ෂේපයක්ද? මම බොහොම ස්තූති පූර්වකව ඒ සම්මානය බාරගන්නව. ඔන්න මමම ලිව්ව හේතුපාටෙකුත්..බලාපං හොඳද කියල....

      යම් මැයක් පිළිබඳව නිර්මාණයක් කිරීමෙහිදී අදාල මැයෙහි ආසන්න වශයෙන් හෝ රැඳී සිටියයුතු බවට අනාදිමත් කාලයක පටන් රචනා කලාවෙහි නොනැස පවත්නා එක් සම්ප්‍රදායක් ඇත්තේය. එහෙත් ඔහු වනාහී ඒ සම්ප්‍රදායන්, පිළිවෙත් අළුයම ලූ පිණිබිඳක් සේ බැහැර කරන්නේය. යකෝ අළුයම ලූ පිණිබිඳක් ද මෙතෙන්ට එන්න ඕන නැත්තං හිරුදුටු කෙළ පිඬක් ද? හරි හරි කෝක හරි නොට් ෂුවර් නම් දෙකම කියාපංකො. උගුලෙං බැරිනං හැබැහිං කිව්වලු. අඩේ ඒකෙත් පොඩි අවුලක් තියනව වගෙ නේද? හරි හරි ඕන එකක්.මන්ද්‍රි දේවි අඬනවා..ඒක ෂරි, යෙයාට තුකයි.යෙයා අඬනවා. පෝම ෂරි...පෝම ෂරි... ඒත් මේ වේෂියො මොකට අඬනවා? තේ කඩේ මුහම්මදු මුදලාලි එහෙම කිව්වලු වෙස්සන්තර නාඩගම බලන්ට ගිහිල්ල. වෙස්සන්තර ද ළමයි දන් දුන්නෙ සිරිසඟබෝද? අර ජීවහත්තයි දිසාලයි දෙන්නා. මොකද බං ඔච්චර මතක නැද්ද? ඕකනෙ කියන්නෙ සිංහල සාහිත්‍යය විෂය මාලාවෙන් අයින් කරපු එකේ රඟේ තමයි ඔය වෙන අහවල් එකක්ද?.සාහිත්‍ය කන්ඩ පුලුවන්ද? කියලත් අර කවුද ඇහුවලුනෙ. ඒ එක්කම තව ෂෝක් කතාවක් මතක් වුනා. එක්කොත් ආය ඒකත් කියලම ඉන්නංකො. අමරදේවට එන්ට කිව්වලු අලුතෙං පත්වෙච්චි සංස්කෘතික ඇමතිතුමා.ඔන්න අමරදේව මාස්ටරුත් ආවලු."මොකද තමාගෙ නම එහෙම ?" ඇමති ඇහුවලු.." මම මේ අමරදේව " මාස්ටර් කිව්වලු. " හ්ම්ම්ම්. එහෙමද? මොකද තමා රැකියාවක් වශයෙන් කරන්නෙ?" ඇමති ආයෙත් ඇහුවලු. " මම..මේ..මම..මේ සින්දු කියනවා." අමරදේව තුස්නිම්බූත වෙලා කිව්වලු. " සිංදු කියනවා? කාටද අයිසෙ සිංදු කියල හරි ගියේ? වෙන මොකක් හරි හොඳ වැදගත් රස්සාවක් හොයාගන්නවකො නිකං කාලෙ නාස්ති කරන්නෙ නැතුව..හ්ම්ම්ම්..ඉතිං යනවා " ......එහෙම කිව්වෙ වෙන කවුරුවත් නෙවෙයි මේ සිරි ලංකාවෙ සංස්කෘතික ඇමතියා..ඔන්න කණෝ පිණුං කිව්වලු. ඒ කතාව දන්නව නේද? .....මක් කිව්වා????.....නෑ? හරි දන්නෙ නැති අය අතපය උස්සන්ට බලන්ට..හප්පච්චියේ සෑහෙන දෙනෙක් දන්නෙ නෑනෙ..එහෙනං ඒකත් කියලම ඉමුකො..එතකොට මේ හේතුපාටෙ? හරි හරි ඒක කවදා කියන්ට බරිද? කැමතියි නේද එහෙමනං හෙට නොවැරදීම හේතුපාටෙ කියනවා. ඔක්කොමල එන්ට ඕන හොඳද?

      Delete
    3. අවුලක් නෑ ඔය සම්මානෙ ගන්න හේතුපාටෙ කියවල ඉවරවෙනකල් නෙ‍ලුං යායට යන උන්දැලට අර පාර්ලිමන්ට් එකේ එකපාරක් කලා වගේ හෝල් එකේ පැදුරු කොට්ට දාගෙන දවස් හත අටක් අදින්න බැරියැ.
      රෑටනං ඔය DD බෝතල් ටිකක් එහෙම තිබ්බොත් තවත් වැඩේ නැගල යයි.

      Delete
  4. ුඔය සෙත් තෝමස් ඔරලෝසුව සුවර් එකට ඔය අයියා අපේ දෙපාර්තමේන්තුවෙං උස්සපු එකක් . අපේ ඔපිස්සෙක තියෙනවා තවම ඔයිං එකක් . හැබැයි වෙලාවනං වැරදියි . ආ.. තව තියෙනවා general electrics එකේ හදාපු විදුලි කම්පාවල් ඒකටම ආපු තඩි රෙගුලේටර් එක්කම. තවම හොඳට වැඩ.

    අපේ ආතා ගාව තිවුනෙ wembly වර්ගෙ ඔල්ලෝසුවක්. ඒකටත් ඔය වතාවත් ටික කරන්න ඕනෑ . හැබැයි හොඳම දේ ඕක නෙවෙයි . ඔව්වයෙ පැයෙන් පැයට ඝංටාරෙ වදින එක . එයිට අමතරව පැය බාගෙටත් පොඩි "ටාං" එකක් වදිනවා . රෑ දොලහට එයින් දොලහක් වදිද්දී ඇහැරුනහම කෝමද ආතල් එක . "සෙත් තෝමස්ගෙ @#%&##$% $#$&& හිතෙනවා " නේද ?

    ReplyDelete
    Replies
    1. අර මම කිව්ව වෙස්ට්මිනිස්ටර් ඔරලෝසුවේ පැය කාලටත් ටං එකක් වදිනවා. අද තිබ්බානම් ඔරලෝසුව කානුවකට විසික්කා කොරනවා. හැබැයි මෙහෙම වැඩක් තියනවා. ඒකෙ තියන මහත කම්බි කූරු දෙකකට පොඩි මිටි දෙකකින් පහර වැදුනම තමයි ඔය සද්දේ එන්නේ. ඉතින් ඒ කම්බි කූරු දෙක ගැලෙව්වනම් වදේ ඉවරයි.

      Delete
    2. ජෙනරල් ඉලෙක්ට්‍රික් කියන්නෙ අර බෝයිං වලට ඇංජින් හදන කොම්පැනිය නේද. හප්පේ උඹලගෙ කම්පාවෙ හැටි හිතාගත්තැකි. හැක්..

      Delete
    3. සුරංග,

      / ඔය සෙත් තෝමස් ඔරලෝසුව සුවර් එකට ඔය අයියා අපේ දෙපාර්තමේන්තුවෙං උස්සපු එකක් /

      ඔන්න ඕකනෙ කියන්නෙ. නිකං අහිංසක මිනුස්සුංට අනීවාරතේ චෝදනා කොරන්ට එපා බොල, උඹ අවීචි මහ නරකාදියට ඇදගෙන යාවි පොළෝ පලාගෙන..දන්නවද? නිමල් ලගෙ ගෙදර තිබ්බ ඔර්ලෝසුව සෙත් තෝමස් එකක්ද කියල මම දන්නෙ නෑ බං. මම ඒක ළඟට ගියේ නෑ. මම කිව්වෙ අපෙ මාමණ්ඩියට තෑගි ලැබිච්චි ඔරලෝසුව සෙත් තෝමස් එකක්ය කියල විතරයි. තේන්නාද බොට?

      / ඔව්වයෙ පැයෙන් පැයට ඝංටාරෙ වදින එක . /

      අපෙ උන්දැගෙ මහ ගෙදර තියන ඔය ඔරලෝසුවෙ පැයෙං පැයට වදින ඝණ්ඨාව ගහන්ට ඉස්සර විනාඩි දෙකක් විතර විතර එනව කර කරස් කර කරස් කියල මහ අද්බූත සද්දයක්. රෑට ඝණ්ටාවෙ සද්දෙ නම් එක අතකට අවුලක් නෑ කිව්වෑකි. මොකද අපි දන්නවනෙ ඒ වදින්නෙ ඔරලෝසුවෙ ඝාණ්ඨාවෙයි කියල.

      අර කර කරස් එකට අඩ නින්දෙං ඇහැරුනාම නෝත් සවුත් චේන්ජ් වෙනව. හීගඩු පිපෙනව, ඇඟ හීතල වෙනව. මයිල් කොයිල් වෙනව. ඇයි එක පාරට හිතාගන්ට බෑ මේ අමනුස්ස සද්දෙ මොකක්ද කියල.

      මම ඉතිං ඇඳේ ඉඳගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ඉන්නව. එයා නැඟිටල අහනව." මොකද ඒයි?"

      " Sh..h...h..... කෑගහන්ට එපා..." මම කොඳුරනව. " මොකක්ද ඒ බයානක සද්දෙ? "

      " ආ..ඒකද? ඒ අර ඔර්ලෝසුවෙ ඝන්ඨාව වදින්ටයි යන්නෙ.. බය වෙන්ට එපා. ඉතිපිසෝ ගාතාව කියල නිදාගන්ට. එතකොට නින්ද යයි. " ඈ මගෙ ඔලුව අතගානව.

      Delete
  5. අනේ වාසනාවන්... ලියල ලියල

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      තොපිලගෙ වදකෙ හින්දමයි මේ දණි පණිගාල ලිව්වෙ....:)

      Delete
  6. හප්පේ ඇති යංතං අවුරුද්දට කලින් DD බෝතල‍ේ කඩාගන්න පුලුවං වෙච්ච එක. නැත්තං මම හිතාන හිටියෙ අවුරුද්දට අයියට හිස් DD බෝතලයක් කුරිඤ්ඤං සර්විස් ™ (ශ්‍රංග) එකකින් එවන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අපි එහෙමයි කිව්වොත් කිව්වා..ලියනව කිව්වොත් ලිව්වා...:)

      Delete
  7. මගේ අම්මේ මෙන්න DD බෝතලේ කඩල වක්කරලා. තව සුට්ටක් දිගට ලියුවානම් සෝයි :) අප්පල්ල ඇහුවේත් අද නොවැ. Thanks Ravi !

    ReplyDelete
    Replies
    1. උදය,

      කැඩුව..කැඩුව...:)

      Delete
  8. වැඩේ ජෝන් බාස්ට යනවය කියන්නේ වියාග්‍රා ගහල මංතීරු ගළෝන සීන් එක නේද?

    ReplyDelete
    Replies
    1. හෙක්...මටත් මතක් වුනේ මංතීරු කෙස් එකම තමා. හැබෑටම ඕකේ අතීත කතාව මොකක්ද?

      Delete
    2. ඩ්‍රැකී, උදය සහ හෙන්රි,

      මම අහල තියන විදිහට ඔය කතාව ඇවිල්ල තියෙන්නෙ සර් ජෝන්ගෙ පියා සම්බන්ධව. අර සුප්‍රසිද්ධ නෙයිනගෙ සූදුව අල්ලල තියෙන්නෙ පොලිස් නිලධාරියෙක් වෙච්චි සර් ජෝන්ගෙ තාත්තා. තාත්තගෙ නමත් ජෝන් කොතලාවල.

      ඔය මහ ජෝන් විවාහ කරගෙන තියෙන්නෙ ඒ කාලෙ මම හිතන්නෙ ඔය නමසිය විසි ගණං වෙන්න ඕන රටේම හිටපු මහ ධනවතෙක් වෙච්චි ආටිගල මුදලිගෙ වැඩිමල් දුව. මහ ජෝන් බොහොම මුදල් අමාරුකම් වලින් ඉඳල තියෙන්නෙ. ආටිගල මුදලිට ඉඳල තියෙන්නෙ එකම පුතයි. එයාට තමයි මුලු ආටිගල බූදලේම හිමිවෙන්නෙ. ජෝනා කරල තියෙන්නෙ කොන්ත්‍රාත් එකක් දීල වෙඩි තියවල ඒ ආටිගල තරුණයව මරවල.කොහොම හරි බොහොම මෝඩ විදිහට වැඩේ කරල අන්තිමට මහ ජෝන් හිරේ ගිහිල්ල හිරේදිමයි මැරිල තියෙන්නෙ. වැඩේ ජෝන් බාස්ට ගියාය කියන කතාව ආවය කියන්නෙ මේ සිද්ධිය හින්දලු. වෙලාවක සහ සුද්දෙං ඒ මිනීමැරුම ගැන ලියන්නම්කො...:)

      Delete
    3. Thanks Ravi for the story. Please do write a post on that as promised :)

      Delete
  9. මේ පෝස්ටුව ඇවිත් තියෙන්නෙ කඩදහිවල ලියල, හිස් ඩබොල් ඩී බෝතලේට සුරුන්ඩු කරල දාල, මුහුදට විසික් කොරල. ඒකනෙව මෙච්චර පරක්කු උනේ. කටාර් වල මුහුදු වෙරළක් තියෙනවද දන්නෑ...ඔන්නොහෙ තියෙනවය කියල හිතමු. මළ මුහුදට දැම්ම නං තමයි කෙළවෙන්නෙ (මේකෙ මට හිතෙන හිතෙන හැම මගුලම ලියවෙනවනෙ.)

    අපේ දිහැත් තියෙනව සීකෝ ඔරලෝසුවක්. තාත්ත එයාගෙ යාළුවෙක්ට දීල ඩයල් එක පේන්ට් කරවගත්ත. පස්සෙ බෙල් දුන්නත් හදව ගත්ත. ඩයල් එක පේන්ට් කරද්දි තාත්තගෙ යාලුව ඒක තොම්සන් ඔරලෝසුවක් කළා, තොම්සන් ලෝගො එක ඇඳල. තාම කෙස්ගහට වැඩ. (වෙලාව පරක්කු නං ඔය ඔරලෝසු වල බට්ටගෙ පහල තියෙන ඇණේ කරකවල ඇජස් කරන්න පුළුවං) මං නං කරන්නෙ සති කීපෙකට සැරෙයක් වයිං කරන එක විතරයි. ඔයිල් තේවාව ගැන හොයල බලන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඔයිල් මාරුකරගනිං. නැත්තං උඹ දැති හුලහ කියල බේරුමක් වෙන එකක් නෑ. හැක්..

      Delete
    2. කාටද ඉතිං මෙව්ව කියන්නෙ...?

      Delete
    3. Dracky,

      / කටාර් වල මුහුදු වෙරළක් තියෙනවද දන්නෑ…/

      ඩ්‍රැකී, මොකද බොල නැතුව?.... කටාර් ඇවිල්ල අර්ධද්වීපයක්.

      / මළ මුහුදට දැම්ම නං තමයි කෙළවෙන්නෙ  /

      මළ මුහුදෙ ගිලෙන්නෙ නෑ කියනවලු. මොකද ඒකෙ වතුරෙ ඝණත්වය ඒ තරමට වැඩියිලු. එහා පැත්තෙ ඉඳල මෙහා පැත්තට පයිං ගිහෑකිලු. අර ඔමා එහෙම ගියාය කියල එක පාරක් පෝස්ට් එකක් දාල තිබ්බලු.

      Delete
  10. අපරාදෙ ඔහෙට තිබුණෙ බලහත්කාරෙං හරි අර සෙත් තපෝච්චි ඔරලෝසුව හාමිනේගෙ ඇඟේ ගහන්න. එහෙනං මාසෙකට සැරයක් අස්ව මයිලෙන් තෙල් බිංදු තුනක් ගැනල දාන වෘතය පුරුදු කරල හොඳ ඉවසීමේ හැකියාවක් ලබාගන්න තිබ්බ උන්දැට.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මොන???... උන්දැට ඔය සූක්සම වැඩ බෑ. ඉවසිල්ලක් කියන සජ්ජාතියක් නෑ

      Delete
  11. //ලොකු අයිය නැමිල කනප්පුව අස්සෙං සෝඩා බෝතලයක් අරගෙන// ලොකු අයිය ගාව බඩු ඔන් ස්ටොක් වගේ නේද?

    මම හිතන්නෙ නිමලය මුළු ගමටම කතාව පතුරල වගේ. දැං බලමුකො ලොකු අයිය කුකුළගෙ පලහිලව්ව බෙරුං කරන හැටි. (බලමුකො කිවුවට ඉතිං කී කාලයක් බලාගෙන ඉන්න වෙයිද දන්නෑ)

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ..නෑ නිමලය ආය කා එක්කවත් ඔය සීන් එක කියල නෑ..අයිය එක්ක විතරයි...:)

      Delete
  12. අර කියුවා වගේ ඔය ඔරලෝසුවේ ලොකු සද්ධයක් තියනවා.. ඒක රෑට තමා තව සද්ද

    ReplyDelete
    Replies
    1. ඕකට තියෙන ප්‍රතිකර්මෙ තමයි ඔය ඔරලෝසුව වයින් කරන්න තියෙන යතුර කොමොඩ් එකට දාල ෆ්ලෂ් කරන එක.

      Delete
    2. ඊට ලේසියි අර බෙල් එක වදින මිටි දෙකට පුළුං ඔතන එක. හෙන කොමිටලාත්මක සද්දෙයක් එන්නෙ එතකොට...

      Delete
    3. ඒ උනාට එතකොට ඕකෙ බට්ට වැනෙනකොට එන ටොක් ටොක් සද්දෙ නැතිවෙන්නෙ නෑනෙ බං. මම කියල තියෙන්නෙ ඔරලෝසුව ෆුල් සයිලන්ස් කරන ප්‍රතිකර්මයක්.

      Delete
    4. ඩ්‍රැකී, Praසන්ன, ඔයිට ලේසි නැද්ද බන් ඔන්න ඔය ඔරලෝසුව විසිකොරලා පිටකොටුවෙන් රුපියල් 250 කට බැස්ටි දාන ඔරිජිනල් චයිනිස් ක්ලොක් එකක් ගත්තනං. එතකොට බට්ටා වැනෙන්නෙත් නෑ, දෙකට පුළුං ඔතන්න ඕනෙත් නෑ :D

      Delete
    5. නිර්මාණි,

      හෙහ්..හෙහ්..එහෙම රෑට කියල අය සද්දෙ වැඩිවෙන්නෙ නෑ. රෑ නිශ්ශබ්ද හින්ද අපිට සද්දෙ පැහැදිලිව ඇහෙනව...

      Delete
  13. මට නං මුලින්ම ඔලුවට ආපු එක තමා ඔහේ තට්ටයෙක්ය කියන එක රවි මාමෙ..))

    ..කතාව කියද්දි පීලි පනින එක නම් ජන්ම පුරුද්දක් වෙන්න ඇති නේ???

    ReplyDelete
    Replies
    1. //කතාව කියද්දි පීලි පනින එක නම් ජන්ම පුරුද්දක් වෙන්න ඇති නේ???//
      ඔහේ අදමෙයි මේ අහ ආවෙ.

      Delete
    2. R.G,,

      / මට නං මුලින්ම ඔලුවට ආපු එක තමා ඔහේ තට්ටයෙක්ය කියන එක රවි මාමෙ..)) /

      හෙහ්,හෙහ්..කොහොමද ඔය ළමයා ඒ නිගමනයට එළඹුනේ?

      Delete
    3. //නැත්තං බොලා මගෙ මේ යන්තමට ඌර්ණ රෝම දාතු වගෙ තියෙන කෙස් ගස් දෙකතුනක් සිඳල දාවි මෙන්න මේකා මත්පැන් ප්‍රවර්ධනය කරනවයි කියල.//

      තමුංම තමුං තට්ටයෙක්ය කියල ඉඟිවැකි ප්‍රකාශ කරන කොට ඉතිං..))

      Delete
    4. වැසි,

      අප්පටසිරි, එහෙමත් එකක් නේද? ඉතිං මොකේදැයි දං වළඳන්නේ??? :(

      Delete
  14. කඩොලු කතා කියන්නෙ කට කැඩිච්ච කියන එකමද?
    (oh, did I just open myself to ribbing? :-D )

    නීට් ගහන එක කිව්වහම මතක් වුනේ කාලයා විසින් කරන වෙනස්කම්.
    ඉගනගන්න කාලෙ ( වෘත්තිමය කියල හිතං හිටපු එකයි, හොඳට බොන එකයි දෙකම )නීට් බොන්නෙ වෙන ඔප්ෂන් එකක් නැතිවුනාම. ශැන්ඩි ඉවරවෙලා ගන්න සල්ලි නැතිවුනාම. නැත්නම් ෆැන්ටා වුනත් මික්ස් කරනවා නීට් ගහන්නෙ නැතුව

    දැන් අති බහුතරයක් ජාති බොන්නෙ නීට්ම තමයි. ඉඳල හිටල ඩ්‍රින්ක් එක අනුව අයිස්, සෝඩා ,වතුර, කෝක් හෝ ඩ්‍රයි ජින්ජර් ඒල් වගේ එකක් දැම්මට බොන්න ආස ජාති බොන්නෙ නීට්ම තමයි

    ඉස්සර නීට් ගහන්න අප්පිරියයි , දැන් ඉස්සර දාපු ශැන්ඩි මතක්වෙනකොට අප්පිරියයි.
    බලන්න රවි උන්නාන්සෙ සියලු සංස්කාරදර්මයෝ වෙනස්වන සුලුයි අනිත්‍යයි අනාත්මයි. ලඟදි ලංකාවට එන්නෙහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. Pra,

      / කඩොලු කතා කියන්නෙ කට කැඩිච්ච කියන එකමද? /

      යස් ප්‍රා කඩොලු කතා කියන්නෙ කට කැඩිච්ච කතා කියන එකම තමයි.

      / බලන්න රවි උන්නාන්සෙ සියලු සංස්කාරදර්මයෝ වෙනස්වන සුලුයි අනිත්‍යයි අනාත්මයි. /

      එසේය ප්‍රා පින්වත. එසේය…

      / ලඟදි ලංකාවට එන්නෙහෙම නැද්ද? /

      ළඟදි ලංකාවට සැපත්වන්නට අපේක්ෂා කරමි.

      Delete
  15. මදැයි. කොස් කිරන්න ගිහින් අලියෙක් ලැබෙන්න හිටි එක නැතිකර ගත්තා, බැදපු කුකුලෙක් උස්සලා පෙට්ටගමක් නැති කරගත්ත, දැන් ඔරලෝසුවක් ලැබෙන්න තිබ්බ එක නැති කරගෙන. රවියටමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ්, ඒකනෙ කියන්නෙ...:)

      Delete
  16. දවසක් අපෙ බාප්ප, (දැං ඉතිං පටංගනිව් මේක ගජබින්නයක් කියන්ඩ...) හොඳට ගහල නද වෙලා මහගෙදර බුදි. මහ රෑ ඕං ඔරලෝසුවෙ බෙල් එක එකපාරක් වැදිල. උන්දැ හිතුවලු "යකෝ පාන්දර එකත් වෙලා" කියල.

    ඊටපස්සෙ පැය බාගෙකිං විතර තව පාරක් බෙල් එකක් වැදිල. බාප්ප බලං ඉන්නවලු තව එකක් වදිනකං, දෙකයි කියල. කොහෙ? වැදිල නෑ.

    ඊටපස්සෙ තවත් පැය බාගෙකිං විතර තව බෙල් එකක් වැදිල.

    බාප්ප නැගිටල ඇඳ පොල්ලක් අරං දීල ඇද්දලු ඔරලෝසුවට.

    පහුවදා උදේ බලනකොට ඔරලෝසුවෙ කෑලි බිම. වෙලාව හිටල තිබුණලු එකහමාරට...

    ReplyDelete
    Replies
    1. කැඩිච්ච ඔරලෝසුවක්නෙ බං ඕක. උඹලගෙ බාප්ප පොලු පාරක් දීපු එකමයි වටින්නෙ. හරියට දුවන එකක්නං එකහමාරට එක බෙල් එකක් වැදිල හරියනවැයි. තව බාගෙකුත් වදින්න එපැයි.

      Delete
    2. ඩ්‍රැකී,

      බාප්පාගේ ඔර්ලෝසු කතා...:)

      Delete
  17. ///"පළවෙනි එක විතරයි මල්ලි නීට් ගහන්නෙ හොඳද?" ලොකු අයිය නැමිල කනප්පුව අස්සෙං සෝඩා බෝතලයක් අරගෙන පුටුවෙ බාපතට තියල අල්ලෙං ගහල කැඩුව.///

    පළවෙනි ෂොට් එක ප්ලේන්ටියක් ගාණට පුරෝගෙන නීට්ම කෙළලා ඇරපු පාරට අයිය බය වෙන්න ඇති...

    හොඳ වෙලාවට උඹල දෙන්නම බීල DD බෝතලේ ඉවර කරලා දැයි වගේ...
    කොට ඉතුරු කරන්න එහෙම එපා, ඔය දහදුරාව බොන්න මම කැමති නැහැ...

    (මම මේ කමෙන්ට් එක දැම්මේ අද කතාවේ අන්තර්ගතයට අදාළව පමණක් බව සළකන්න)

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      කියන්ටත් බෑ තමයි..අයිය සමහරවිට බය වෙන්ට ඇති මූ බෝතලෙං තුංකාලක් විතර ගසල දාවිය කියල...හෙහ්,හෙහ්,

      Delete
  18. රවියගෙ කට නිකං අප්පල්ලෙ වගේ කියන්නේ එතකොට ඒකයි නේහ්?

    මගෙ මේ යන්තමට ඌර්ණ රෝම දාතු වගෙ තියෙන කෙස් ගස් දෙකතුනක්

    කට අප්පල්ලෙ වගේ තියෙන, කොණ්ඩෙ ඌර්ණ රෝම ධාතුව වගේ කෙස් ගස් දෙක තුනක් තියෙන බුවෙක් හිතේ මවාගන්න අමාරු හන්දා උඹේ ෆෝටෝ එකක් දාහංකො බං ආසාවට අපිට බලාගන්න. මොකද කෂ්ටිය කියන්නේ?

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Charlie_Brown

      Delete
    2. හැක්.. හැක්.. දැං දැකගත්ත නේද ඩූඩ් අයියෙ කිං වලගෙම්බා වගේ පොර ඉන්න අපූරුව.
      ඔය ෆොටෝ එක ගත්තට පස්සෙ රවී අයිය අර බඩේ ගහගෙන ඉන්න පිහිකෑල්ල ඇදල අරං දුන්නලු කැමරමන්ට ඔන්ද ස්පොට් වෙන්න.

      Delete
    3. @Pra Jay ඌර්ණ රෝම දාතුව නං හරි. ඒත් චාලි බ්‍රවුන්ගෙ කට අප්පලෙ වගේ නෑනේ.

      @රවි: ඔය පින්තූරෙන් අපි තනිකරම නොමග යනවා බං. අපිට ඕනෙ කරන්ට් වර්ෂන් එක.

      @Praසන්ன: ඔය ඉන්නෙ අප්ලෝඩ් කරපුවා ඩවුන්ලෝඩ් කරගන්න බැරුව. අපිට ඕනෙ කට අප්පල්ලෙ වගෙ තියෙන තට්ටේ ඌර්ණ රෝම ධාතුවක් තියෙන බුවෙක්ගෙ 2016 වර්ෂන් එක.

      Delete
    4. අර පිංතූරේ අං තට්ටුවක් ඔළුව ඉඩ තියෙන නිසා කොන්ඩෙ තියෙනවද නැත්ද කියන එක පේනෙ නැහැ

      Delete
    5. අප්පා මම් හිතාං හිටියෙ අහිංසක් ඩෑල් එකක් කියල , මහ මරුමුස් පොරක්නෙ . :D

      Delete
    6. කම්මල,

      අනේ නෑ බං. ඒ පින්තූරෙබොහොම ගාම්බීර විදිහට හිටියට මම ඇවිල්ල බෝම අහිංසකයි...:)

      Delete
  19. මගෙ නෑනා සඳා කොහොමද බං මෙහෙම අච්චාරු බාසාවක් කතා කරන්න පුරුදු වුනේ?

    "...අනේ මට ඔව්ව කොර කොර (Western province J R Version) ඉන්ට වෙලා නෑ. ඒ හින්ද අප්ප්ච්චි දෙන්ට හැදුවත් ඔහේ (Southern province) එහෙම කැමති වෙනව නෙවෙයි ඕං මං නොකිව්වයි කියන්ට (Central and North Central) එහෙම එපා."

    ReplyDelete
    Replies
    1. කෙලිම්ම ආයේ නැහැ ලංකාවේ සංස්කෘතියේ හරස්කඩක් ගත්ත වගේ නෙහ් ? හෙහ් හෙහ්

      Delete
    2. ඩූඩ්,

      ඒ අම්මණ්ඩි තද උනහම නැත්තං මට තර්ජනය කරනකොට ඔහේ කියල තමයි කියන්නෙ. මොනව උනත් අපි පාත්තයො කියල යටිහිතේ තියනව ඇති...හෙහ්,හෙහ්,

      Delete
    3. උපේක්ෂා,

      සයන්ස්කෘතියෙ නෙවෙයි බොල විවිධ භාෂා ව්‍යාවහාර නොහොත් දයලෙක්තිකයන්හි හරස්කඩක්...:)

      Delete
    4. @හෙන්රි,
      අප්පච්චි කියන්නේ උඩ පළාතේ නේද? මාතර ඈයො නෙවි මම දන්න විදිහට..

      Delete
    5. @රූ. ඔව් රූ. මම වරහන දැම්මේ අප්පච්චිට නෙවෙයි ඔහේට.

      Delete
  20. තව කොටහකට ගියා නේද,ඉතුරු හරිය ලියන්නෙ ලබන අවුරුද්දෙ වෙන්ටැති.

    ReplyDelete
    Replies
    1. හැලප,

      නෑ..නෑ..බං මේ ඊමම ලියනව..මේ ඊමම ලියනව...:)

      Delete
  21. ඔය රවීයියලා "අප්පල්ලෙ"කියන්නේත් අපි "කොරහ" කියන්නෙත් එකම භාණ්ඩයක්ද ?

    අපේ තාත්තා ගාව තියෙනවා පරණ Garuda watch එකක්.එකත් වයින්.

    බණ්ඩාර අතාවුද ගේ ඒ සින්දුවේ පද හරිම ලස්සනයි.අරක්කු නරක් වෙනවා කියලායෑ.එහෙම නරක් වෙනවා නම් මාස ගාණකට පස්සේ බෝතලේ කඩද්දි එන්ට ඕනේ පල් ගදක් නොවැ.

    ReplyDelete
    Replies
    1. මනොජ්,

      නෑ බං කොරහ කියන්නෙ හාල් ගරන්ට ගන්න එකක්නෙ. අප්පල්ලෙ කියන්නෙ කර ලොකු ඇතිළියකට. පොළොස් කිරි කොස් එතනිං ගිහාම මස් හොද්දක් එහෙම උයන්ට ගන්නෙ අප්පල්ලයක්.

      ගරූඩා කියන්නෙ හොඳ ස්විස් ඔර්ලෝසු...තව තිබ්බ මොන්ඩියා..එව්ව නං ඉතාලි.

      Delete
  22. අර කුකුළත් හිටිය නං බයිට් එකට ශෝක්.. මෙච්චර කල් සීල් කඩපු නැති නිසා පල් උනේ නෑ.. දැන් කඩපු නිසා ගහන්න වෙනව සෙනිකවම.වතුරට දාපු සෝඩියම් කෑල්ල වගේ.. අක් වක් චලිතය.. හිතා ගන්න බෑ කොහෙන් මොනව ලියයිද කියල හප්පා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඉතිං බං කොහොමද විවාහ ජීවිතේ එහෙම? දැහැමෙන් සෙමෙන් ගතකරනව ඇති නේ?

      Delete
    2. තනි වාඛ්‍යයෙන් කිව්වොත් , සුව පහසු සතියේ දින සහ විඩාබර සති අන්ත.

      Delete
  23. අඩේ රොම්බ තෑන්ක්ස් මේක ආපහු හොයාගෙන ලිවුවට. !

    අප්පල්ලේ කියන්නේ මොනාද බං?
    අපේ කිරි අම්මලාගේ ගෙදර දෙල් නම් මෙහෙම වේලුවා වෙන්න ඕනේ. මට මේ ළඟ කාලෙකත් ක්ලයන් කෙනෙක් වේලපු දෙල් සීනි දාලා ක්‍රස් ක්‍රස් හපන්න පුළුවන් ගාණට ගෙනත් දුන්නා. උයන්නත් පුළුවන් ඒවත් ගෙනත් දුන්නා. (උයන්න නොදන්න එක වෙනම දෙයක් හරිය )
    ඔය බිත්ති ඔරලෝසු ට්‍රෙන්ඩ් එක අපි කලින් පෝස්ට් එකක කතා කලා මතක විදියට ශෙපෑකිගේ පෝස්ට් එකක.
    මගේ ඕල්ටයිම් විනෝදාංශයක් ඒක.
    මොනාද රවියෝ ඩී ඩී බෝතලේ කියන්නේ. ඩබල් ඩිස්ටිල් ද?

    ReplyDelete
    Replies
    1. රංගි,

      අප්පල්ලෙ කියන්නෙ කට ලොකු ඇතිලියක්. කොස්, දෙල් සහ මස් එහෙම උයන්ට ගන්නෙ.

      සීනි දාල කන්නෙ නම් වේලපු දෙල්පෙති නෙවෙයි බැදපුව. වේලපුව උණු වතුරෙ දාල ගත්තම මැල්ලුම් හැදුවැහැකි. අප්පට සිරි ඒක දිහා බලාගෙන බත් මඩක්කුවක් කෑහැකි.

      Yes, DD means Double Distilled නොහොත් දෙවරක්පෙරුම උන්නැහේ...:)

      Delete
  24. " මේ මේ පිස්සු නං කෙලින්ට ලෑස්ති වෙන්ට එපා. ඔහේ ඕක අරගෙන යයි ගෙදර. ගිහිල්ල බිත්තියෙත් එල්ලයි. ඊට පස්සෙ සතියකිං නැත්තං දෙකකිං යයි යන්ට ආපහු. මම එපාය ඉණිමං බැඳගෙන ඕක හරිගාණට වයිං කරන්ටයි එතනිං ගිහාම අර අස්ව මයිලෙං තෙල් බිංදු තුනක් ගැනල දාන්ටයි ඕන. අනේ මට ඔව්ව කොර කොර ඉන්ට වෙලා නෑ. ඒ හින්ද අප්ප්ච්චි දෙන්ට හැදුවත් ඔහේ එහෙම කැමති වෙනව නෙවෙයි ඕං මං නොකිව්වයි කියන්ට එහෙම එපා."

    මෙන්න මේ කොටස නම් පංකාදු පහයි. ඔය පුවක් ගොඩෙන් හිස නිදහස් කරගෙන වාං පතුල් කතාවක රහ බලන්න තියනවනං හැමදාමත් කියලා මොහොතකට හිතුණා . එතකොට තමයි නියම රවී ආර්ට් එක හිතට දැනෙන්නේ .

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      මොනවට කියනවද ඒ හරිය? උඹලටත් ඉතිං කොහෙං හරි මට දොසක් දෝසාරෝපණයක් එනවනං එව්ව පංකාදු පහයි...අම්මපල්ල මොකට බොලාට මෙව්ව ලියනවද කියලත් මට වෙලාවකට හිතෙනව...

      Delete
  25. //අනික මම මේ පැටලිල ඉන්න පඹගාලෙ හැටියට අයිය වගෙ දැනුම් තේරුම් තියන විශේෂයෙන්ම මේ වගෙ ප්‍රශ්ණයක් තේරුම් ගන්ට පුලුවන් කෙනෙකුගෙ උපදෙස් මේ වෙලාවෙ බොහොම වටිනව."//

    අයියා මුරුංගා අත්තේ ගොඩක් කල් තියන්න එපා රවී..එව්වා එච්චර හයිය නෑ..

    අටුකොස් වලින් මැල්ලුම් හදනවද? මම හිතං හිටියේ තෙල් දාලා පැණි දාලා කන ජාතියක්ය කියලා..

    ReplyDelete
    Replies
    1. රූ,

      / අටුකොස් වලින් මැල්ලුම් හදනවද? මම හිතං හිටියේ තෙල් දාලා පැණි දාලා කන ජාතියක්ය කියලා../

      යස් උණු වතුරෙ පොඟවල ගත්තම මැල්ලුමට මරු......:)

      Delete
  26. ඩී ඩී කඩලා නේද
    බොහොම සංතෝසයි බොහොම සංතෝසයි.. :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      එහෙනං එහෙනං..සන්තෝස නැතුව ආය එහෙනං....:)

      Delete
  27. චියර්ස් ......... ගහමු දැන් කඩපු DD බෝතලේ.
    බට්ට පැද්දෙන ඔරලෝසු ..අප්පා ඕකෙන් එන සද්දෙ ...ඉස්සල්ලා කන ඇතුලට කූරක් දාල ක්‍රැර් කැර් ක්‍රෑක්...ගාල සුද්ද කරල , ඔළුවෙ මුදුනෙ ඉදං අගල් දෙකක් පහලට ටොඃ ගාල වෙලාවට අදාලව ගනං කරල ගහනව වගේ. මටනං නින්ද යන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. කම්මලේ,

      ඒ වෙලාවට මම කරන්නෙ ඔලුව දෙපරැංද අස්සෙ ගහගෙන කං දෙක වහ ගන්නව...:)

      Delete
  28. මේකේ අග දුක හිතන කටහ්වක් ලිය තියෙන්නේ කියල හිතුනේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. Ajith,

      එහෙමෙයි ඔහෙට හිතෙන්නෙ?

      Delete
  29. ඔව් නේ. පියතුමෙක් ගැන. පියා ආදරයෙන් බලා ගත් ඔරලෝසුවක් ගෙදර ගෙනිත් තියා ගන්න බැරි වීම ගැන.

    ReplyDelete
    Replies
    1. හහ්..එහෙම එකක් ගැනද අජිත් කිව්වෙ? මට එහෙම දෙයක් ගැන කල්පනා උනේම නෑ...නෑ..නෑ..ඔර්ලෝසුව නිරුපද්‍රිතව එයාලගෙ මහ ගෙදර තියනව.එයාලගෙ අයියල දෙන්නෙක් එහෙම ඉන්නවනෙ. ඒ ගොල්ලො ඔර්ලෝසුවෙ සාත්තු සප්පායං කරනව. අපේ ගෙදර ගේන්ට අපෙ උන්දෙ කැමති වුනේ නෑ....හෙහ්හෙහ්..අනේ මට ඕකෙ සුමේ කොරන්ට බැරුවා කියල...:)

      Delete
  30. බ්ලොග් කියවන්න ආවා මුල් කාලෙ ඉඳන්ම මට "රවි" කිව්වම හිතේ ඇඳිල තිබ්බෙ හෙන උස මහත, ගාම්භීර පෙනුමක් තියෙන මැදිවියේ මනුස්සයෙක්! ඒත් කොණ්ඩෙ නම් තිබ්බා. අද කොණ්ඩෙ මයිනස් කරලා තට්ටයක් ඇඩ් කරගත්තා ඔන්න..

    මට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබ්බා අර "Grandfather Clock" කියන ජාතියේ එකක් ගෙදර ගෙනිහින් තියාගන්න. දැන් ඉතින් ඕකක් ගෙනාවොත් අපට එළියෙ තමයි ඉන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිතුවිලි සිතූ,

      එහෙමයි එතකොට මං ගැන හිතා හිටියෙ නේද? ...:)

      / මට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබ්බා අර "Grandfather Clock" කියන ජාතියේ එකක් ගෙදර ගෙනිහින් තියාගන්න. දැන් ඉතින් ඕකක් ගෙනාවොත් අපට එළියෙ තමයි ඉන්න වෙන්නෙ. /

      නෑ, නෑ. දැං ඒ පරණ විදිහටම හදපු මුත්තප්පා ඔර්ලෝසු තියනව බැටරියෙන් හෝ විදුලියෙන් වැඩ කරන. එව්වයෙ කිසිම සද්දයක් නෑ. සිතූට එව්වයිං එකක් අරගෙන ගිහෑකි....:)

      Delete
  31. මම සුට්ටි කාලේ ටී වී එකේ ගියා කන්දෙ ගෙදර කියලා ටෙලියක්. මේකට හැමෝම වගේ සෑහෙන කැමතියි. ඒකෙ කන්දේ ගෙදර හාමිනේ කියනවා "ඔය පළගානයි, මගේ ගෙම්බා මාක් මහන මැසිමයි මම දීග ආපු වෙලාවේ හම්බ වෙච්චා..අනේ මේ දැරිවි කිසිම හිතක් පපුවක් නැතුව බින්දනේ මගේ පළගාන" කියලා. ඔය නාට්ටිය බලන්න තියන ආසාවටම මම ටොරානා එකේ ලොක්කටම කතා කරලා ගෙන්න ගත්තා DVD එක මෙහාට. ඒ එක්කම අකාල සන්ධ්‍යාත් ගෙන්න ගත්තා.

    ආ ඒක නෙමේ. ඔබතුමා පඳුරු තැලුවාට මගෙනම් කිසිම විරුද්ධත්වයක් නැත. කොටින්ම මම ඒකට කැමතිය. හැබැයි මේන් ස්ටෝරියේ දිග පළලට හානියක් නොවිය යුතුය. ලිපිය ලියන්න පටන් ගන්න කොටම, "අද මම මෙන්න මේ සීන් එක දක්වා ලියනවා" කියලා හිතාගෙන කොයි තරම් පඳුරු තැලුවත් එතනටම ලියනවානම් එලම කිරි ය.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඉතිං ඉතිං කොහොමද? කන්දෙගෙදර හාමිනේට හිටියෙ රම්‍යා වනිගසේකර නේද? ස්තූතියි මතක් කලාට. යූ ටියුබ් එකේ මුල් කොටස ආයම දැං බැලුව ගිහිල්ල. මගේ ප්‍රියතම නලුවෙක් ඉන්නව සිරිල් වික්‍රමගේ.

      ඒකෙ නිෂ්පාදක ආනන්ද අබේනායක දන්නව නේද? ගාමිණී ෆොන්සේකගෙ බෑණා. මේ පහුගිය දවස්වල පත්තරවල බොහොම කතා කරපු යසාරා අබේනායකගෙ තාත්තා.

      ඔබගේ උපදෙසට ස්තූතියි මැඩම්....එහෙම තමයි කරන්න ඕන. එතකොට වැඩ දෙකම කෙරෙනව. කතාවත් කියවෙනව. ඒ අතර පඳුරුත් තැලෙනව...

      Thanks again Sayuri...:)

      Delete
  32. masa 4kin vithara awe. dan ithin pahugiya ewath hoyan kiyawanna ona. apahu parana sathuta hithata denuna meka kiyawala

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...