Friday, August 19, 2016

435. In Praise Of An Old War Horse නොහොත් ඔබට බොහොත් ෂුක්රාන් රංගන.....

Rangana Herath - Cricinfo
1996 මාර්තු 17 වෙනිද මට සදානුස්මරණීය දිනයක්. " මොකද බොලේ ඒ? මොකක්ද ඒ දවසෙ විශේෂෙ?"  කියල කවුරුහරි අහනවනං ඉතිං කියන්ට තියෙන්නෙ එහෙම අහන කෙනෙකුට කවදාවත් ඒ දවස සදානුස්මරණීය වෙන්නෙ ඇයිද කියල තේරුම් ගන්නත් බැහැ කියල තමයි. අර දෙවියො පිළිබඳ විශ්වාසය ගැන මෙහෙම කියමනක් තියනවනෙ. "If you believe there is no need of proof. If you need proof you won't get any" 

අන්න ඒ වගෙ 1996 මාර්තු 17 කිව්වම ඔබ අතර ඥාණවන්තයෝ සිටිත් නම් ඔව්හු ඒ පිළිබඳව ප්‍රශ්ණ නොනගන්නාහුය. හරි අනම්මනම් මදැයි. දුහුණන් දැනුම් උදෙසා...(For those who are uninitiated) 1996 මාර්තු 17 තමයි ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තෙ. නැත්නම් ලෝක ශූරයින් වුනේ.

මේ ඇටුවම් බැහැපු ක්‍රිකට් ලෝලියෙක් ගැන කතාවක් (A Chronic Cricket Lover) බිරින්දෑ තොමෝ දවසක් මිනිහට සත්තමක් දැම්මලු. 

"මේ ඔයාට උදේ ඉර පායපු වෙලාවෙ ඉඳල රෑ නිදාගන්ට යනකල්ම ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්ම තමයි. ක්‍රිකට් ඇර ඔයාට වෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැති හැටි. මොකක්ද අනේ මේකෙ තේරුම? "

සාමියා තෙමේ ඒ කතාවට ඔබ්ජෙක්සන් දැම්ම. "එහෙම කියන්ට එපා හොඳද? ඔයා එහෙම කතා කරන එක වැරදියි. මට ඔය කියන තරමට ක්‍රිකට් පිස්සුවක් නෑ…"

"හා..හරි එහෙනං කියන්ටකො බලන්ට 1999 අවුරුද්දෙ සැප්තැම්බර් 11 දවසෙ වැදගත් කම මොකක්ද?"

"ම්ම්ම්...99 සැප්තැම්බර් 11 නේද?" සාමියා ඔලුව කහ කහ කල්පනා කරනව. 

"ඔව් 99 සැප්තැම්බර් 11 තමයි" බිරිඳ කිව්වා. "බොහෝම වැදගත් දවසක්…"

"කාටද මටද? ඔයාටද?"

"අපි දෙන්නටම…"

"හරි බලමු කල්පනා කරල .."

(ඔයාලට විතරක් උත්තරේ කියන්නම්කො..එදා තමයි ඒ දෙන්න බැඳල තියෙන්නෙ ) 

"ම්ම්ම් අමරිකාවෙ අර ටෙරරිස්ට් ඇටෑක් එකත් නෙවෙයිනෙ. ඒකත් සිද්ද වුනේ සැප්තැම්බර් 11 උනාට ඒ 2001නෙ. ම්ම්ම්..මොකක්ද? ආඅ..හරිනෙ ඔන්න මතක් වුනා.."

"මොකක්ද? "

"එදා තමයි මෙච්චර කාලෙකට ඕස්ට්‍රේලියාව පරද්දල අපි දිනුව එකම මැච් එක දිනුවෙ….අප්පටසිරි..ඒක තමයි මෙයා මැච් එක කියන්නෙ...හෙහ්,හෙහ් "

එසැණින් තුන්වන ලෝක සංග්‍රාමය ඇරඹිණි.

1996 මාර්තු 17 වගේම සකල ශ්‍රී ලාංකිකයිනට වැදගත් වන තවත් දිනයකි පෙරේදා. එනම් 2016 අගෝස්තු 17 වන දින. ඒ වනාහී ශ්‍රේණිගතකිරීම් අනුව ලොව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර අංක 1 ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කල දිනයයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වූයේ 1983 අප්‍රේල් මාසෙ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයෙ. ඒ තරඟයෙන් ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 38 කින් ජයග්‍රහණය කලා.

එදා ඉඳල ගතවුනු වසර 33 කාලය තුල මේ තරඟාවලියට පෙරාතුව ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟ 26 ක් පවත්වල තියනව. ඕස්ට්‍රේලියාවෙ සහ ශ්‍රී ලංකාවෙ යන රටවල් දෙකේම. ඒ අතරින් ශ්‍රීලංකාව ජයගෙන තියෙන්නෙ එකම තරඟයක් විතරයි. ඒ තමයි අර ඇටුවම් බැහැපු ක්‍රිකට් ලෝලියා කියාපු තරඟය. 1999 අවුරුද්දෙ අස් ගිරියෙ පවත්වපු තරඟය.

ඔය තරඟය මට බොහොම හොඳට මතකයි. ඒ වෙනකොට මම අර මහ වන මධ්‍යයේ රැකියාවෙන් ඉවත්වෙලා ගෙදර ඇවිල්ල මාසයක් වගෙ ගතවෙලා තිබ්බෙ. සාමාන්‍යයෙන් අස්ගිරියෙ ටෙස්ට් මැච් එකක් තිබ්බොත් මට රස්සාවෙන් නිවාඩුවක් ගන්ටත් පුලුවන් නම් මම අනිවාර්යයෙන් ඒ තරඟය බලනව. අඩුම තරමේ දවස් දෙකක් වත්.

ඒත් මේ ස්ටීව් වෝ ගෙ ඕස්ට්‍රේලියන් ටීම් එක්ක මැච් එක මට බලන්ට වුනේ නෑ. ඒකට හේතුව ටිකට් වල ගණං එක පාරට දෙගුණයකින් වගෙ ඉහල දාල තිබ්බ එක. මම සාමාන්‍යයෙන් අස්ගිරියෙ මැච් බලන්නෙ ඕල්ඩ් පැවීලියන් එකේ නොහොත් පැරණි ප්‍රේක්ෂකාගාරයෙ. අලුතින් හදපු ප්‍රේක්ෂකාගාරයෙ පහසුකම් වැඩි වුනාට අර පරණ පැවීලියන් එකේ තියන හැඟීම නැත්නම් ෆීලිං එක ඒකෙ එන්නෙ නෑ. ඉංග්‍රීසියෙං ඕකට කියන්නෙ ඇට්මොස්ෆියර් එක කියල.

එදා කොහොමහරි තරඟයෙ මුල්දවසනම් නෙවෙයි. දෙක හෝ තුන. ඕල්ඩ් පැවිලියන් එකේ ටිකට් ගණං හින්ද මම ආපහු හැරිල ගියා. ඒ දවස්වල මට රස්සාවකුත් නැතුව හිටපු එකේ අර තරං ගාණක් යටකරන්ට තරම් හයියක් මට තිබුනෙනෑ. ගෙදරට කියල ආවෙ මැච් එක බලල එනකොට හවස්වෙයි කියල හින්ද මම ඔන්න ඔහෙ ඕන එකක් කියල නුවර ටවුමෙ පොඩි රස්තියාදුවකුත් ගහල දොළහමාර වගෙ වෙනකොට මගෙ සුපුරුදු කාසල් බාර් එකට ගියා. අතේ සල්ලි නම් හිඟයි තමයි. ඒත් එහෙම කියල ජීවිතේ අත්‍යාවශ්‍යම කටයුතු නවත්තන්ට ඇහැක? නැද්ද? එහෙනං එහෙනං මේ මොනව කියනවද හැබෑට ?..හෙහ්,හෙහ්,

කාසල් එකේ මගේ සුපුරුදු උපස්ථායකය අප්පුහාමි "ඈස් යූෂුවල් නේද සර්?" කියල ඇහුවා. "යස් අප්පුහාමි" මම කිව්වා. බියර් බෝතලේ තුන්කාලක් වගෙ ඉවර වෙනකොට ඔන්න බොහොම පාතිං වගෙ හෙලිකොප්ටරයක් යන සද්දයක් ඇහුන.මම ඉතිං ඕක ගණං ගත්තෙ නෑ..හෙලිකොප්ටර් පාතිං ගියට මට පාංද? කියල හිතල මගෙ වැඩේ කරගෙන ගියා..මිනිත්තු දහයකින් පහළවකින් විතර අප්පුහාමි මිනිහගෙ සුපුරුදු සොල්දාදු පියවරින් ආව විස්තරෙත් හොයාගෙන. 

"සර් ඒ හෙලිකොප්ටරේ ගිහිල්ල තියෙන්නෙ අස්ගිරිය ග්‍රවුන්ඩ් එකට…"

"නෑ? ඒ මොකටද?" මම බියර් වීදුරුව කනප්පුව උඩිං තියල අප්පුහාමි දිහාට හැරුන.

"ඕස්ට්‍රේලියන් ටීම් එකේ දෙන්නෙක් ඉන්ජර්ඩ් වෙලා සර්. මයෙ හිතේ ටිකක් සීරියස් කේස් එකක්"

"සීරියස් ඇති. ඒකනෙ හෙලිකොප්ටර් එකක් ආවෙ. කවුද දෙන්නා?" 

"ඒකනම් හරියට කියන්න දන්නෙ නෑ සර්. "

අප්පුහාමි ඒ වෙලාවෙ නම් දැනගෙන නොහිටිය ඒ ක්‍රීඩකයො දෙන්න ඇවිල්ල හිට ස්ටීව් වෝ සහ ජේසන් ගිලස්පී. සුප්‍රසිද්ධ විස්ඩන් සඟරාව ඒ ගැන කියන්නෙ මෙහෙමයි.

Sri Lanka v Australia 1999-2000

Toss: Australia.

The drama of Test cricket rose to new heights as the sound of a helicopter filled Asgiriya Stadium. Reminiscent of a scene from Apocalypse Now, the machine had appeared, dark green and menacing, over the adjoining hill, out of tropical vegetation, and play stopped as it swept low over the back of the ground, touched down briefly, then headed towards Colombo. With it went any possible chance Australia might have had of turning round a Test Sri Lanka always deserved to win.

On board were Steve Waugh, with a badly broken nose, and Gillespie, with a broken leg that would keep him out of the national side throughout the Australian season. They had crashed, horrifically, as Waugh ran back from square leg and Gillespie came in from the boundary, both trying to catch the Sri Lankan vice-captain, Jayawardene. The ball always seemed destined to fall between them.

This freak accident represented Australia's lowest point on a rare lowly tour. When it happened on the second morning, Sri Lanka were already 139 for three in reply to Australia's 188, and threatening to bat them out of the match. Jayawardene and de Silva ran two but abandoned a third when they saw the Australians had forgotten the ball and were huddled around their fallen colleagues. Play was held up for six minutes while they received treatment before Gillespie was carried from the field.

Little had gone right for Steve Waugh since winning the toss had given Australia a record 13 in succession. Minutes before lunch on the opening day, Australia had crumbled to a staggering 60 for seven, first against the left-arm seam attack of Vaas and Zoysa, then the off-spin of Muralitharan. A face-saving century partnership between Ponting and Gillespie was the only high point of a dreadful day's batting. Gillespie stuck for more than two hours, scoring 41, while Ponting remained until the end. On 96, with only McGrath for support, he was in two minds about how best to snatch a hundred and pushed a catch back to Murali.

Sri Lanka were coasting at 177 for three in reply, but fell victim to Warne and inexperience: they were all out for 234, a lead of just 46. Back in the Test side after being dropped in the West Indies, and now acting-captain in Waugh's absence, Warne bowled beautifully for five wickets. Only de Silva, with a patient and polished 78, lasting three hours and containing 13 fours, and Jayawardene, with a more fortunate 46, offered significant contributions. But Australia's batting soon failed again. Without their captain and down to nine men, they mustered only 140, Murali and Vaas grabbing three wickets each. This time Ponting stood alone, with another fifty.

Sri Lanka needed just 95 for a historic first Test victory over Australia, but it was no simple affair. They had stumbled to 39 for three when the new batsman, Jayawardene, spooned the ball towards cover and bowler Miller gathered it left-handed at ground level after a desperate lunge. Australian celebrations were cut short, however. Umpire Manuel, apparently fooled by a puff of dust from Jayawardene's bat, believed it had been a bump ball, despite its slow, looping trajectory, and did not choose to consult either his colleague at square leg or the third umpire. Miller did remove Jayawardene a few overs later, leaving Sri Lanka an uneasy 60 for four, but the old firm of Ranatunga and de Silva ensured glory would not drown in a sea of panic. Riding his luck with the cheeky approach that so annoys the Australians, Ranatunga survived a desperately close lbw appeal and a dropped catch before scoring, then broke the game open with a four and six off successive balls from Warne.

Excitement mounted with every delivery, amid rhythmic clapping and wild cheering. The small and picturesque ground was suddenly so full that the crowd spilled out in front of the sightscreen at one end and could not be moved by police. In the end, Sri Lanka scrambled to a six-wicket victory after three days of drama, tension and controversy. It was 14 years to the day since they won their first Test - against India at the P. Sara Stadium in Colombo. Well as Australia fought, the better team won.

Men of the Match: P. A. de Silva and R. T. Ponting.

ඒ තමයි එදා මෙදා තුර අපි ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟෙකදි පරද්ද්පු එකම අවස්ථාව. ඊට පස්සෙ ගාල්ලෙ සහ එස්.එස්.සී. එකේ තිබ්බ දෙවන සහ තෙවන ටෙස්ට් තරඟ ජයපරාජයෙන් තොරව අවසන් වුනේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයග්‍රහණයත් 1-0 ආකාරයට හිමිකර දෙමින්.

ඒ තරඟයෙ රංගන හේරත් අතිරේක ක්‍රීඩකයෙක්. ඊට පස්සෙ ගාල්ලෙ පැවැත්වුනු දෙවන ටෙස්ට් තරඟය තමයි ඔහුගෙ මංගල ටෙස්ට් තරඟය.

මේ පාර ලංකාවට යන්ට ඔන්න අපි බඩු අහුරනව. 

"මචං ඕස්ට්‍රේලියන්ස්ල ලංකාවට එනව නේද මේ හෙට අනිද්ද?" මගෙ Apartment mate ඇහුව.

"හ්ම්ම්ම්…." මම ගනනකට නොගෙන උත්තර දුන්න. 

"ඇයි බං පල්ලෙ කැලේ නේද ෆර්ස්ට් ටෙස්ට් එක? උඹ යන්නෙ නැද්ද බලන්ට?....."

"මොනව බලන්ටද බං? එංගලන්තෙන් කාපු විදිහට ආය හෝදන්ට දෙයක් නෑ ඕස්ට්‍රේලියන් කාරයින්ගෙන් කනව මේ පාර අම්මගෙන් බීපු කිරි සිහිවෙන්ට"

මැයි/ජූනි මාසවල එංගලන්තෙ එක්ක ටෙස්ට් තුනක් ගැහුව අපේ ටීම් එක. එක සහ දෙකම පැරදුනා මට මතක විදිහට එකක් ඉනිංස් වලින්. තුන්වෙනි එක නම යන්තං ඩ්‍රෝ වුනා.

ජූලි 26 පලවෙනි ටෙස්ට් එක පල්ලෙකැලේ පටන්ගත්තෙ. මම එදා උදේම කොළඹ ගියා. මගෙ අර ටෙස්ට් වගයක් කරගන්ට. දන්නෙ නැද්ද ඔය කොලස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, බිලිරුබීන්, බිලිවර්ඩීන්, ලැන්ගර්හැන් දීපිකා, ඊ.සී.ජී, එම්.එම්.සී, වී.ඩී, බී.එස්.සී, එම්.එස්.සී. වගෙ රටේ නැති ටෙස්ට් කරන්ට වෙනවනෙ වයසට යනකොට අන්න එව්ව. ඉස්පිරිතාලෙදි ව්ඩෙං විඩේ වෙලාවක් ලැබුනව මැච් එක ගැන හොයල බැලුව. හිතු වගේම හවස් වෙනකොට ලංකාව 117 ඕල් අවුට්. දවස ඉවරවෙන්ට ඉස්සරවෙලා ඕස්ට්‍රේලියාව 66 කුත් ගැහුව විකට් දෙකකට. එදා රෑ මගෙ යාලුවෙක්ගෙ ගෙදර නැවතුනෙ. තරඟය ගැන එදා රෑ එතන කෙරුනු සාකච්ඡාවෙන් පස්සෙ ඒකමතික තීරණය වුනේ තරඟ තුනම පරදින්ට නියමිත බවයි.ගුටි කෑමට නියමිතයි..හෙහ්, හෙහ්,

ඒත් "සිතුදේ නොමවේ නොසිතු දෙයක් වේ. ලෝදම් කැරකෙනවා" කියල අයින්ස්ටයිනුත් කියල තියනව වගෙ පහුවදා ඕස්ට්‍රේලියාව 203 කට කඩාගන්ට පුලුවන් වුනා. ඊට පස්සෙ කුසල් මෙන්ඩිස් කොලුවගෙ අමරණීය ඉනිම ළකුණු 176ක්. දෙවන ඉනිමෙ ඕස්ට්‍රෙලියාව 161. ලකුණු 106කින් ලංකාව දිනුවා. අර කවුදත් කිව්ව වගෙ සෙස්ස ඉතිහාසයයි. The rest is history of course. ඉනික්බිති දෙවන සහ තෙවන ටෙස්ට් තරඟද ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක් පිහිටුවයි.

We are the champions - Cricinfo
මම දැක්ක ක්‍රික් ඉන්ෆෝ එකේ තියනව 1877 ඉඳල මේ ගත වෙච්චිඅවුරුදු 139 ඇතුලත ඕස්ට්‍රේලියාව තරඟ 3 හෝ ඊට වැඩි තරඟාවලි 177 කට සහභාගි වෙලා තියනවය. එව්වයින් සුදුහුණු ආලේප වෙලා පැරදිලා තියෙන්නෙ තරඟාවලි 5 ක් විතරයි කියල. (Whitewashed - තරඟාවලියක සියලුව තරන්නග පැරදුනාම කියන්නෙ වයිට්වොෂ්ඩ් කියලයි) එංගලන්තෙට එක් වරක්. දකුණු අප්‍රිකාවට එක් වරක්. ඉන්දියාවට එක වරක් සහ පකිස්තානෙට එක වරක්. දැන් ලංකාවටත් එහෙම පැරදුනා.

ආ..තව එකක්..ලංකාවෙන් බිහිවුනු අතිවිශිෂ්ඨ පිතිකරුවෙක් වන සංගා ටෙස්ට් තරඟ 134 කට සහභාගිවෙලා තියනව. ඒත් ඕස්ට්‍රේලියාව සමඟ තරඟයකින් ජයගන්නට ඔහුට කිසිම විටක හැකිවුනේ නෑ.

ලංකාවට එනකොට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල ඕස්ට්‍රේලියාව හිටියෙ අංක එක. ලංකාව අංක හත. මේ 3-0 පරාජයෙන් පස්සෙ ඕස්ට්‍රේලියාව අංක තුනට පහළට වැටුන.ලංකාව එක අඩියක් ඉස්සරහට ගියා. අංක හයට. 

මේ ජයග්‍රහණය සුවිශේෂී වෙන්නෙ කිසිම කෙනෙක් මෙහෙම වෙයි කියල හීනෙන්වත් හිතපු නැති හින්දයි. Old War Horse කියල මම මතෘකාවෙ හඳුන්වපු රංගන හේරත් තමයි ජයග්‍රහණයෙ නියමුවා. ඔහු කඩුලු 28 ක් දවා ගත්තා. 2010 අවුරුද්දෙ මුරලි අන්තර්ජාතික තරඟ වලින් සමුගත්තට පස්සෙ අපිට ඒ වගෙ Match Winnerකෙනෙක්ගෙ අවශ්‍යතාවය තදින්ම දැනුන. අන්තිමට රංගම හේරත් ඒ අඩුව පිරෙව්වා. ඒත් ඔහු මතම දිගටම රඳාපවතින්ට නම් අමාරුයි. මොකද රංගනට දැන් වයස 38ක්.මුරලි සමුගත්තෙත් වයස 38 දි.

මේ තරඟාවලියෙ සුවිශේෂීම සිද්ධිය තමයි අපේ ක්‍රිකට් අනාගතය රැඳි පවතින, ඒ බරට උරදිය හැකි නවක ක්‍රීඩකයින් හතර පස්දෙනෙක්ම බිහිවීම. දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන්.

ඉතිං අනාගතය ගැන දැන්ම පුරෝකථනය කරන්නට අමාරුයි. ඕස්ට්‍රෙලියාව එක්ක නොහිතූ විදිහට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවාවගේම ඊලඟ තරඟාවලිය නොහිතූ විදිහට පරදින්නටත් ඉඩ තියෙනව. ඒ මොනව වුනත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තු තියාගන්ට පුලුවන් කොල්ලො සෙට් එකක් අපිට ඉන්නව. ඒ මදැයි දැනට නැද්ද? 

පසුව ලියමි නොහොත් PS - 

BTW "In Praise of older Women" කියල ෆිල්ම් එකක් බලල තියනවද? මාතෘකාව මම ලිව්වෙ ඒ ආශ්‍රයෙන්...:)

41 comments:

  1. මොනවා උනත් මසුරං match ටික.....

    අනික තමයි... රංග අයියා (මම ඒකා වගේම තව හුඟක් අයව personally දන්න හින්ද කියන්නේ)තවමත් ඉස්සර වගේම කිසිම ආඩම්බරයක් නැතුව කතා බහ කරලා ඉන්න එක..... ඒක හුඟක් අලුත් වගේම පරණ palyers ලටත් හොඳ පාඩමක්.....

    ඔච්චර පරණ movies කියන්ඩ එපා අප්පා.... හොයා ගන්ඩ ගිහාම එපා වෙනවා.... අපි ඉපදෙන්ඩත් කලින් එව්වා....(ඤාව්....) torrent එකක්වත් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      හෙහ් රංගනව පෞදගලිකව දන්නවද? රංගනට ඒ කාලෙ කිව්වෙ ටෝගා කියල. මම හිතන්නෙ මහත නිසා වෙන්න ඕන..:)

      Delete
  2. මම මලාට මැච් බලන්නේ නෑනේ.. වර්ල්ඩ් කප් ෆයිනල් සෙමිෆයිනල් මැච් තිබුනොත් බලනවා.. එච්චර තමයි.. හෙහ් හෙහ්

    1996 දී නම් හොඳට මතකයි මම තාත්තත් එක්ක ඔට්ටු දදා මැච් බැලුව.. කිව්වට විස්වාස කරන්න මම ඔට්ටු දන්නේ ලංකාව පරදිනවා කියල.. තාත්තා මට කියන්නේ දේශද්‍රෝහියා කියල... හෙහ් හෙහ්

    ඔය ලංකාවට ඇවිල්ල අනිත් ටීම් ලංකාවත් එක්ක ගහල මැච් පැරදිලා යද්දී මට අප්සට් .. ඒ පරදින උන් ගැන හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. Pathum,

      / මම මලාට මැච් බලන්නේ නෑනේ. /

      මල්ලි උඹලා වගෙ එවුන්ට අපෙ අත්තම්ම හිටියනං කියන්නෙ "වලවෙට්ටුවො" කියල. ජේ.ආර්. හිටියනං කියයි "Naxalites" කියල. මෝඩවංස කියයි "දේසද්‍රෝහියො" කියල. තව නිහිලිස්ට්ල කියන්නෙත් උඹල වගෙ අයට. මම ලංකාවෙ ඉද්දි මගෙ බොස් කෙනෙක් හිටිය කුලරත්න මහත්තය කියල. එතුමා උඹල වගෙ අයට කියන්නෙ "නිඝන්ඨයො"

      Delete
  3. http://apollomarkt.com/253014-in-praise-of-older-women මෙන්න ටොරන්ට් එක ඕනනම් සීඩ් තියනවද කියලනම් බැලුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. Hasitha,

      Thanks for the link. ඔය ෆිල්ම් එක දෙපාරක් නිෂ්පාදනය වුනා. 1978 වසරේ සහ 1997 වසරේ. මම බැලුවෙ 1978 එක.

      Delete
  4. රංගන හේරත්ට කණ්ඩායමට නිත්‍ය වශයෙන් එන්න පුළුවන් වුණේ මුරලි ගේ විශ්‍රාම ගැනීමෙන්. එසේ නොවුණානම් ඔහුත් කඩුලු 500 වගේ ඉල්ලක්කයක් කරා යා හැකිව තිබූ ක්‍රීඩකයෙක්.

    ReplyDelete
    Replies
    1. Ian,

      Agreed.මහා වනස්පතියක සෙවණේ වැඩෙන අනික් කුඩා ගස්වල වර්ධනය බාලවෙනව වගෙ දෙයක් එතන වෙන්නෙ.විශිෂ්ඨ ගණයේ ක්‍රීඩකයින් හා සමකාලීනව ක්‍රීඩා කරන එකේ වාසි අවාසි දෙකම තියනව...:)

      Delete
  5. ඒ අස්සේ උසේන් බෝල්ට් 200ත් දින්නා , 100x4 ත් දින්නා ,

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      ඌ නම් පුදුම පකිරින්තුවෙක්ම තමයි.මම දැක්ක කවුද ක්‍රීඩා විචාරකයෙක් කියල තිබ්බ ඊලඟ පාර 100m රේස් එක දුවන ගමං උසේන් බෝල්ට් සෙල්ෆි එහෙකුත් ගහල ඒත් රේස් එක දිනයි කියල...:)

      Delete
  6. කතාව කියවගෙන යද්දී මට මතක් උනේම ජේසන් ගිලෙස්පි සහ ස්ටීව් වෝ ගෙ ඝට්ටනය. මෙන්න ඒකත් ලියල.
    වෝ ගෙ නාස් පොල්ල කැඩිල තිබුණේ, නමුත් නුවර ඉස්පිරිතාලෙට ඉස්පිරිතාලෙට ඇතුල් කරනවට ඔහු කැමතිවෙලා නැහැ. කොළඹ ඇරෙන්න වෙන කොහෙටවත් ගෙනියන්න එපා කියල ඔහු කිව්වලු. ඒ ගමන සනත් ජයසුරිය එයාපෝස් කමාන්ඩර්ට කතා කරල හෙලිකොප්ටරයක් ගෙන්නාගෙන.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඒ වැඩිදුර විස්තර මම දැනගෙන හිටියෙ නෑ. තෑන්ක්ස්…

      ස්ටීව් වෝගෙ ඊට පස්සෙ දිගටම මුක්කමක් තිබුනලු නේද? එපීල් කරන්නෙ එහෙම " හවුස් දෑට්?" කියල නෙවෙයි " ඥවුඥෑට්" කියලලු. කවුද අර ජෝකර් අම්පයර් හිටියෙ? ආ..බිලී බව්ඩන්..දවසක් ස්ටීව් වෝ එහෙම ඇපීල් කලාම "ඥොඥවූට්" කිව්වලු. වෝ ගොයියට මල පැනල බිලීගෙ කරටිය මුලිම්ම අල්ල ගත්තලු දෙකක් අනින්ට. ඒ කේස් එකෙන් පස්සෙ අවුරුදු දෙකක් වගෙ බිලී අම්පයරිං වලින් අයින් වෙලා හිටිය. ආයමෙ ආවෙ ස්ටීව් වෝ රිටයර් උනාට පස්සෙ...:)

      Delete
  7. ක්‍රිකට්... ඈක්ක. මට පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      උඩ මම අර පැතුමට දුන්නු උත්තරේම උඹටත් සාකල්‍යයෙන්ම අදාලය. අම්මප උඹ සබාපතිකමෙං පහ කරන්ට තරං මට කේන්තියි ඔන්න..

      Delete
  8. රංගනගේ දඩයම හැරුනම, කණ්ඩායම තරුණ ජවයෙන් අලුත් කරපු එක තමා ලොකුම තල්ලුව මම හිතන්නේ...එතනදි ජයසූරියට ලොකු ගෞරවයක් දෙන්න ඕනා ඒකට කොන්දක් තිබුන එක ගැන...

    බලමු ඉතිරි ටිකටත් සුදු හුණු ගා ගන්න ලැබෙයිද කියලා...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      යස් ඔබ හා එකඟයි.පරක්කු වෙලා හරි මේ තීරණයට ආපු එක ගැන සතුටුයි. දිගටම ෆේල් වෙනවනම් කවුරු වුනත් කමක් නෑ අයින් කරල දක්ෂතා පෙන්වන නවකයින්ට අවස්ථාව දෙන්න ඕන.

      Delete
  9. ඉන් ප්‍රේයිස් ඔෆ් ඕල්ඩර් වුමන් මම බැලුවා මට මතක විදියට සැන්ට්‍රල් එකේද කොහේද...?

    ReplyDelete
    Replies
    1. මාතා,

      මටනම් හෝල් එක මතක නෑ...:)

      Delete
  10. ජයවේවා! ඉදිරියටම යමු. හැබැයි පැහැදිලි සැලැස්මක් ඇතුව.

    ReplyDelete
    Replies
    1. විචා,

      අන්න එච්චරයි කරන්න තියෙන්නෙ. Comprehensive battle plan එකක් තියෙන්න ඕන..:)

      Delete
  11. ලසිත් මාලිංග කට කැඩෙනකං කිව්වා අළුත් එවුන් දාපියව්.. උන්ට සෙල්ලම් කොරන්න දීපියව්.. කියලා.. ඔන්න දැම්මා.. කොල්ලො දුන්න ඇට්ටි හැලෙන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඒකනෙ කියන්නෙ...:)

      Delete
  12. කියලා වැඩක් නෑ අයියෙ. මමත් අපේ ඔෆිස් එකේ එකෙකුට ඔහොමම කිව්වා, බලලවත් වැඩක් නෑ කියලා. රංගන හේරත්, මම, එතකොට අර මොකෑලන්තේ නෝනා එහෙම එක ඉස්කෝලෙනෙ. ඔය රංගන හේරත්ව මට මිස් වෙන්නේ දවස් ගානකින්. මම එනකොටම ඒකා මලියදේවෙට ගියා.

    කුසල් මෙන්ඩිස්ගේ 176 තමා හැම දේම කණපිට හැරෙව්වේ. ලකුණු අසූ ගාණක් පිටිපස්සෙන් ඉඳලා, දෙවෙනි ඉනිමේ විකට් දෙකක් ලකුණු 6 ගිහින් තියනකොට තමා මෙන්ඩිස් එන්නේ. ඒ වගේ තැනක ඉඳන් 176 ගහලා දිනන තැනකට ගේනවා කියන එක, අවංකවම අපි අපේ හිටිය හොඳම බට්ස්මන්ලාගෙන් වත් දැකලා නැහැනේ. අන්ඩර් ප්‍රෙෂර් පර්ෆෝම් කරන එවුන් හරි ස්පෙෂල්. උන් මුණු කණ්ඩායමේම මෙන්ටලිටි එක වෙනස් කරනවා වගේම පොසිටිව් මොමෙන්ටම් එකකුත් හදනවා... මූට ෆස්ට් ක්ලාස් සෙන්චරීස් තියෙන්නෙත් එකයි. කවුරු හරි මූ දිහා හොඳට ඇහැ ගහගෙන ඉඳලා තියනවා... කියලා වැඩක් නෑ කවදාවත් අමතක නොවෙන සීරීස් එකක්....

    ReplyDelete
    Replies
    1. Thisara,

      / රංගන හේරත්, මම, එතකොට අර මොකෑලන්තේ නෝනා එහෙම එක ඉස්කෝලෙනෙ./

      අඩේ මම හිතාගෙන හිටියෙ මලියදේවෙ කොල්ලො විතරයි ඉන්නෙ කියල. අර යෝදිත් ඕකට ගියාද?

      / කුසල් මෙන්ඩිස්ගේ 176 තමා හැම දේම කණපිට හැරෙව්වේ./

      හරියටම හරි, මුලු සීරීස් එකේම ටර්නිං පොයින්ට් එක එතන. කුසල්ගෙ සෙන්චරිය.එතනින් පස්සෙ we never looked back..:)

      / කවුරු හරි මූ දිහා හොඳට ඇහැ ගහගෙන ඉඳලා තියනවා../

      Talent spotting කියන එකත් මල්ලි වෙනම සබ්ජෙක්ට් එකක්. එංගලන්තෙ ඕස්ට්‍රේලියාවෙ එහෙම පරණ පළපුරුදු ක්‍රීඩකයො බෝඩ් එකෙන් පත් කරල ඉන්නව ඔය වැඩේටම. එයාලගෙ වැඩේ රටපුරා ගිහිල්ල පුලුවන් තරම් County & club matches බලල දක්ෂයො අඳුන ගෙන අවශ්‍යතැනට යොමු කරන එක.

      Delete
    2. /මම එනකොටම ඒකා මලියදේවෙට ගියා/
      මේ ටික පෙනුනෙ නැතෙයි?? මලියදේවෙ කොල්ලො විතරයි තමයි හරිය. (දුක තමයි ඉතින්.. ඒත් එහෙම තමයි.ගස්ලබ්බ ජනාධිපති උනාම ඔක්කොම මිශ්‍ර ඉස්කෝල කොරනවා)

      Delete
    3. ගස්,

      ඒකනෙ බං මට එතන ෆුල් අන්දොස්, ඒ කියන්නෙ තිසරයා මලියදේවෙ නෙවෙයිද?

      මම එනකොට කියල ඌ කියන්නෙ ඒ කොහාට එනකොටද? අයි ඈම් ටෝටලි කොන්ෆියුසියස්...:(

      Delete
    4. යේක තමයි මාතියා...
      මට තේරුණ විදිහට නම් තිසර X නැමැති පාසලට යන්නේ (එහි මොකෑලන්තේ නෝනා (?) ද සිට ඇත.) එම පාසලේ සිසුවකුව සිටි රංගන හේරත් දින කීපයකට පෙර මලියදේවයට ගිය අළුතමය.
      අනේ මන්දා.. හෙහ් හෙහ්

      Delete
    5. ගස්,

      හරි,හරි එහෙම තමයි වෙලා ඇත්තෙ..ඉතිං මේ පොළොස් කොට්ටෝරුවා ඕක පැහැදිලිව කිව්ව නං ඉවරයිනෙ. මේක මේ තුං තේරවිලි කියනව වගෙ...හෙහ්,හෙහ්,

      ඒ කියන්නෙ මුං තුන්දෙනාම ඔය මොකෑලන්තෙ එවුන්ද එතකොට?...හෙහ්,හෙහ්, තිසරය ඒ කාලෙ කිව්වෙ නම් නුවර කොහෙද ඉස්කෝලෙකට ගිය කතාවක්.

      X නම් පාසල මට හිතෙන්නෙ දඹදෙණිය සෙන්ට්‍රල් එක වෙන්න ඕන. නැත්තං ආනමඩුව....:)

      Delete
  13. whitewashed කියන්නේ සුද හේදිලා ගියා කියන එක නෙමෙයිද? මොකද සුද හේදිලා ගිහාමනෙ යට තියෙන පරණ පැල්ලම්, යටගියාව මතුවෙන්නෙ. දන්න කෙනෙක් හරියටම පැහැදිලි කිරීමක් කරනවද?

    ReplyDelete
    Replies
    1. ළපටියා,

      Whitewashed කියන්නෙ සුද හේදිලා ගියා කියන එක නෙවෙයි. සාමාන්‍ය තේරුම සුදුහුණු ආලේපකලාය කියන එක.

      තරඟාවලියක ( විශේෂයෙන්ම ක්‍රිකට් ) සියලුම තරඟ එක කණ්ඩායමක් ජයගත්තමත් Whitewashed කියල කියනව.

      Delete
  14. රනිල් මහත්තයා කිව්ව සිරිසේන මහත්තයා බලයට ආපු හිංදය මැච් ටික දිනුවෙ කියල හිටං :)
    ඒත් උන්නැහේ කීව බෝඩ් එකෙන් දේශපාලුවෝ ශුද්ධ කිරීම තාම හරිහැටි වෙලා නැහැ මයෙහිතේ

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      රනිල් එහෙම එකක් කිව්වද?

      Delete
  15. අන්ඩ 19 එක ගැන ොකද හිතන්න‍ෙ

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අන්ඩර් 19 මොකද වෙලා තියෙන්නෙ? උනුත් මොකක් හරි දිනලද? දැක්කෙ නෑ බං

      Delete
    2. ඔන්න මහලොකු ක්‍රිකට් ලෝලියා.. නැෂනල් ටිම් එක ගැන විතරද බලන්නේ?

      Delete
  16. නහයට උඩට ඈන්ග්ල්වෙලා ඉතා තද පහරක් වැදුනොත් ( වෝ / ගිලෙස්පී වගේ ඔලුවෙන් නහයට ) නහයෙ උඩ ඇටේ කැඩිල ගැලවිලා ගිහින් මොලයට වදින්න පුලුවන් කියල මං අහල හෝ කියවල තියනව

    ReplyDelete
    Replies
    1. Pra,

      හප්පච්චියේ එහෙමත් වෙනවද?..:(

      Delete
  17. බැලුවේ නැහැ. කියෙව්වා. මේ පාර නම් හොඳයි. ඉස්සරහට හොඳ බෝලර්ස් ල ටිකක් අවශ්‍ය වෙනවා.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඔව් ඔබ හරි.මේක ඉතාම හොඳ ආරම්භයක්. ඉදිරිය මේ අනුව සැලසුම් කලොත් වැඩේ ගොඩ..එහෙම වේවා කියල අපි තුන්සිතින්ම පතමු...:)

      Delete
  18. මටත් කිරිකට් එපා වෙලා තිබ්බේ.. ඒත් හැමදාම මොකෙක් හරි නසරනියෙක් දෙන්නෙක් ඇවිත් ආයෙම ලව් එක අලුත් කරනවා.. මේ පාර අංක එකට DDS දෙකට KM සහ තුනට LS තමයි මගේ චොයිස්.. හේරත් එක්ක ලව් එක රේගියුලේෂන් එකක්.. :) හැබෑට අන්දර 19 උන්ගේ වික්‍රම ටික ෆලෝ කරේ නැද්ද රවී අයියා.. මේකට නොදෙවෙනි ඒකත්..

    ReplyDelete
    Replies
    1. ලංකාව නැතිවුනාට ෆුල් ෆන් එකේ එන්ජෝයි කරන්න පුලුවන් ක්‍රිකට් තියනවා
      එයින් පලවෙනි එක ඉන්දියාවේ ඊඩ්න් ගාර්ඩන් වගේ ලොකු ස්ටේඩියම් එකක ෆුල් හවුස් එකක් ඉස්සරහ ඉන්දියාව පැරදෙන තරඟ ( පකිස්තානයට එරෙහිව හෝ සිම්බාබ්වේ වගේ පහල ටීම් එකකට එරෙහිව විශේෂයි )

      තව තියනවා අලු බඳුන තරඟ - ඒවාගේ තරඟයට වඩා හොඳයි ක්‍රිකට් බ්ලොග්වල Pommie/Convict insults

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...