දුම්රියේ වේගය සීඝ්‍රයෙන් අඩාල වනු දෑස් පියාගත්වනම ආසනයට හේත්තුවී හුන් මට දැනිනි. එසේ වේගය අඩුවීම හැඳින්වීමට යෙදෙන පාරිභාෂික වදන මතකයට නඟාගැන්මට මම තදින් දෑස් පියාගත්වනම උත්සාහ දැරුවෙමි.
තිඹිරිගස්යායේ අශෝකාරාමයේ හෝ ගංගොඩවිල සුභද්‍රාරාමයේ පැවති භෞතික විද්‍යා උපකාරක පංති වලදී සේනාරත්න මහතා බොහෝ වැරවෑයමෙන් අපට ඉගැන්වීමට දැඩි උත්සාහයක් ගත් විෂය කරුණු මෙතරම් විගස මතකයෙන් ගිලිහී යෑම උත්තම ගණයේ ගුරුවරයකුවූ ඒ මහතාටද මහත් අගෞරවයකි. එබැවින් කෙසේ හෝ එම වදන මතකයට නඟාගත යුතුය.
ඒ උදෙසා අහස පොළව ගැටලීමට මෙන් වෙහෙසගෙන දශකයකට පමණ පෙරාතුව ඒ මතකය යලි කැඳවනු වස් අපමණ උත්සාහ කරන කල්හි මට හදිසියේම සිහිවූයේ ඉදිරි අසුනේ හිඳිනා ඒ මනස්කාන්ත යුවතියයි. ඇය ඒ වදන දැනසිටිය යුතුය. මසිතෙහි ඒ පිළිබඳව කිසිදු සැකයෙක් නොවීය.
මම දෑස් විවරකොට ඇය ඇමතීමි. "මේ ..මිස්...."
එවර මගේ හඬ කිසිදු අවුලක් නොමැතිව පිටවිය. ඇය හිස ඔසවා මදෙස බැලුවාය.
"මිස් ඒ ලෙවල් වලට ෆිසික්ස් කලාද? "
ඇය මොහොතක් දෙනෙත් විදහා මා දෙස බලා සිටියාය. පසුගිය දින කිහිපය තුල පත්‍රවල පළවූ එමෙන්ම ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති සිරස්තල අතර "මානසික රෝහලෙන් රෝගියකු පැනයයි" වැන්නක් වූයේදැයි ඇය සුපරීක්ෂාකාරීව යලි සිතා බලනු විය යුතුය.
"නෑ මිස් කලබල වෙන්ට දෙයක් නෑ. මම බොහොම සරල ප්‍රශ්නයක්නෙ ඇහුවෙ. ඔයාට දෙන්ට තියන උත්තරෙත් ඒ වගේම ඉතාම සරලයි. එක්කො ෆිසික්ස් කලා නැත්නම් නෑ."
ඇය පියකරු ලෙස සිනාසුණාය. "දැන් ඔයා මම ඒ ලෙවල් කලාය කියල තීරණය කලේ කොහොමද?"
"හප්පටසිරි ඒකත් ඇත්ත තමයි" මම වික්ෂිප්තව ඇය දෙස බලා සිටියෙමි.
"හිහ්..හිහ්..මම ඒ විහිලුවට ඇහුවෙ. ඒක ගණං ගන්න එපා..ඔව් මම ෆිසික්ස් කලා ඒ ලෙවල් වලට. ඉතිං දැං මොකක්ද ඔයාට තව දුරටත් දැනගන්ට ඕන? මට ෆිසික්ස් වලට ලකුණු කීයද කියලද?"
"නෑ..නෑ..එහෙම මොකවත් නෙවෙයි. චලිතය පාඩම මතකද?"
"ඔව්..ඉතිං? "
"චලිතයෙ අර ප්‍රවේගය වැඩිවීමේ සීඝ්‍රතාවයට කියන්නෙ ත්වරණයනෙ. මට දැනගන්න ඕන ප්‍රවේගය අඩුවෙන සීඝ්‍රතාවයට කියන්නෙ මොකක්ද කියල. මට මේ වෙලාවෙ ඒ වචනෙ මතක් වෙන්නෙ නෑ"
"මන්දනය.."
"අන්න හරි..අන්න හරි...බොහොම ස්තූතියි..බොහොම ස්තූතියි."
"ඉතිං මොකද මේ හදිස්සියෙ මන්දනය ගැන මතක් වුනේ? දැන් නිදාගෙන නේද හිටියෙ?"
"ආ..නෑ..නෑ..මේ..නිදාගෙන නෙවෙයි මම මේ ටිකක් ඇස්පියාගෙන හිටියෙ.."
"ආ...ඇත්තද? මම නම් හිතුවෙ නිදාගෙන ඉන්නවය කියල…"
ඇය කිසිදු සබකෝළයකින් තොරව මා හා දොඩමළුවන්නීය. යුවතියක නාඳුනන තරුණයකු හා සමඟ එසේ චකිතයකින් තොරව කථා කරනුයේ නම් ඒ ඇගේ සිතෙහිද ඔහු කෙරෙහි යම් ඇල්මක් ආකර්ශණයක් ඇතිබවට නොවරදින ලකුණක් බව කොහේ හෝ පොතක කියවූ බවට මට මතක්විය. මොකක්ද ඒ පොත? ෂෙහ්..මතක් වෙන්නෙම නෑනෙ. මේ අම්මණ්ඩි නම් ෂුවර් ඇන්ඩ් ෂොට් දන්නව ඇති.
"මේ මෙහෙම කතාවක් මම කියවපු පොතක තිබ්බ. ඒත් මට දැන් මතක නෑ එහෙම තිබ්බෙ මොන පොතේද කියල.. ඔයා එහෙම පොතක් කියවල තියද?"
"එහෙම පොතක් මම කියවල තියනවද කියල කියන්ට කලින් ඔයා ඔය කියන්නෙ මොකක් ගැනද කියල කියන්ට එපාය. මොකෝ මට අර මොකක්ද අනුන් හිතන දේ දැනගැනීමේ ඥාණය තියනවය?"
"අත්ථ කිලමථානු යෝගය"
"මොකක්?"
"නෑ මම මේ කිව්වෙ අර අනුන් හිතනදේ දැනගැනීමේ ඥාණය…. ඒකට කියන්නෙ අත්ථ කිලමථානු යෝගය කියලනෙ"
"හිහ් හිහ් බොරු නම් කියන්න එපා. අත්ථ කිලමථානු යෝගය නම් නෙවෙයි. ඒක මට ෂුවර්. "
"හරි හරි මම විහිලුවක් කලේ. අත්ථ කිලමථානු යෝගය කියන්නෙ සිරුරට දුක්දීමෙන් සත්‍යය අවබෝධකරගත හැකිය කියන මතවාදය. අර ඔයා කලින් කියපු අනුන් හිතනදේ දැන ගැනීමේ හැකියාවට කියන්නෙ පරචිත්ත විජාණන ඥාණය කියල"
"හරි හරි දැන් කියන්නකො අර මම මොකක්ද කතාවක් තියන පොතක් කියවල තියනවද කියල ඇහුවෙ? මොකක්ද ඉතින් ඒ කතාව?" ඇය නැටවෙන දෑසින් යුතුව විමසුවාය.
වේලාව උදෑසන එකොළහ පසුවී ඇත. දුම්රිය කවුළුවෙන් ඔබ්බෙහි පෙනෙන අහසෙහි එකද වළාකුලක් හෝ නොමැත. නිල් අහස යට මැවී ඇත්තේ ස්වර්ණ විමානයකි.
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවට ගොඩ වී මා එනවා
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැළි මත නැගිලා එනවා
රැල්ලේ පා වී වැල්ලේ බිහිවන
සංගීතෙන් අප හමුවෙනවා
සැන්දෑ යාමේ පෙම් රස කලතා
සාගර ජල කද නැළවෙනවා
මුතු බෙලි කටු කිරි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩ වී මා එනවා
මගේ අනාගත පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැඳ ගෙන එනවා
ගේය පද : මඩවල එස් රත්නායක
සංගීතය සහ ගායනය: පණ්ඩිත් අමරදේව
චිත්‍රපටිය: ගැටවරයෝ (1964)
ඒ එක්කම මේ වීඩියෝ ක්ලිප් එකත් බලලම ඉන්නකො. පිස්සු හැදෙයි මැස්සො මැරෙයි....හෙහ්,හෙහ්
ඔන්න ඔහොම හොඳ ළමය වගේ ට්‍රැක් පනින්නේ නැතිව සිංදු ටිකත් එක්ක කතාව ලියල ඉවර කරමු බලන්න..
ReplyDeleteඅපූරුයි රවී අයියේ.. හාට් එක නිකන් කූන් කූන් ගානවා වගේ මේවා කියවද්දී..
++++++++++++
Deleteපැතුම්,
Deleteප්‍රේමණීය මතක සටහන්..නැද්ද බං?
දේශක්ස්,
Deleteඋඹේ හාට් එක මොකද බං කියන්නෙ?...:)
මම හුඟාක් ආස කරන ගීතයක්. අයියා මේ ගීත පෝස්ටු එක්ක කියාගෙන යන්නේ එකම කතාව කියලා මට තේරුණේ දැන්නේ. හයියෝ! මම හිතාගෙන හිටියේ එක එක ගීතයට වෙන වෙනම කතා ලියන්නෙ කියලා. මේක හරිම ලස්සනයි. :)
ReplyDeleteසිත්තමී,
Deleteනෑ බං තවම එකම කතාව...තව සිංදු දෙකක් විතර තියෙයි මේ කතාවෙ...:)
සින්දුවනම් හුග දවසකින් ඇහුවේ නෑ. කථාව නම් ලස්සනයි.
ReplyDeleteමල් මල්ලී,
Deleteඔය සිංදුව ගැන මම මුලින්ම දැනගත්තෙ චිත්‍රකතාවකින්...පුදුමයි නේද? ඒත් එහෙම තමයි වුනේ.
70 දශකයෙ මුල වගෙ සිළුමිණ පත්තරේ සතිපතා පලවුනා රොබින් හුඩ් කතාව චිත්‍රකතාවක් විදිහට. ඇන්දෙ අනුර විජේවර්ධන. මම ඔය කතාව ඉවරවෙනකල් කොටස් ඔක්කොම පත්තරෙන් කපල පරණ පොතක අලවල එකතු කලා.එහෙම අලවල එකතු කරපු චිත්‍රකතා විස්සකට වැඩිය ඒ කාලෙ මගෙ ලඟ තිබ්බ.
ඉතිං ආයම රොබින් හුඩ් කතාවට යමුකො. රොබින් හුඩ් චිත්‍රකතාවෙ මුල්ම කොටසෙ තිබ්බ රොබින් අස්සය පිටේ නැඟල සිංදුවකුත් කියාගෙන ෂර්වුඩ් වනය මැදින් යන සීන් එකක්. ඒ වෙලාවෙ රොබින් කිය කිය ගියේ ඔය සිංදුව.."ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..... "
ඒ සිංදුව බාගයක් කියනකොට රොබින්ගෙ කණ ලඟින්ම ඊතලයක් යනව. ඒ ඊතලේ විදල තියෙන්නෙ සර් ගයි ඔෆ් ගිස්බර්න්. රොබින්ගෙ පරම හතුරා.
Thanks Mal...:)
කොහොම උඹට මේවා මතක හිටිනවද දන්නේ නැහැ. මේක කිව්වහමයි මතක් වුනේ. ඔය ටටික මට මතකයි. අර ජෝන් ල දෙන්න පාලමෙන් යන එක මතකද?
Deleteඅජිත්,
Delete/ කොහොම උඹට මේවා මතක හිටිනවද දන්නේ නැහැ./
පොඩි කාලෙම ඔය එක එක විකාර වලින් හාඩ් ඩිස්ක් එක පිරුන බං. මැමරි කැපෑකුටි එක ටෝටලි යුටිලයිස්ඩ් වුනා. ඒ හින්ද වුනේ ඒ ලෙවල් එහෙම ලියන කාලෙ කිසි දෙයක් මතක හිටියෙ නෑ...හෙහ්,හෙහ්,
/ අර ජෝන් ල දෙන්න පාලමෙන් යන එක මතකද? /
ජෝන්ල දෙන්නෙක් හිටියද? මට මතක ලිට්ල් ජෝන් විතරයි. ඒක පාලමක්මත් නෙවෙයි ඒ දණ්ඩක් නේද?
ඒ දණ්ඩ උඩදි රොබින් ලිට්ල්ජෝන් එක්ක ඔට්ටුවක් තියල පොළු සටනක් කරනව. ඔට්ටුව තමයි රොබින් දිනුවොත් ලිට්ල්ජෝන් රොබින්ගෙ කණ්ඩායමට එකතුවෙන්ට ඕන. ලිට්ල්ජෝන් දිනුවොත් එයාට කැමති දිහාකට යන්ට දෙන්ට ඕන. ඒ දණ්ඩෙන් දිය පාරට වැටිච්චි එක්කෙනා පරදිනව.ඒකෙදි රොබින් පරදිනව. ඒත් ලිට්ල්ජෝන් රොබින් ගැන පැහැදිලා රොබින්ගෙ කණ්ඩායමට එකතුවෙනව.
නැහැ හිටියේ නැහැ. ඕන කමින් ලිව්වේ උඹට මතකද බලන්න. නැහැ බන් මට මතක තිබ්බේ නැහැ. ඔව් එහෙම තමයි උනේ.
Deleteලිට්ල් ජෝන් මාර උසයි.
මේ සංවාදය ගුරුවරියත් එක්ක වෙච්ච පළමුවෙනි සංවාදයට වඩා ගති.
ReplyDeleteඉයන්,
Deleteගුරුවරී එක්ක බයෙන් බයෙන් බං කතා කලේ...හෙහ්,හෙහ්, ඒ පැත්තෙන් මුලින් මුලින් කිසිම තිබ්බෙ නෑ ධනාත්මක ප්‍රතිචාරයක්.
එහෙම අංගනාවියන්ට ටිකක් මල පැන්නුවම ඔන්න එනව අළු ගසා දාල. ගුරුවරියගෙ සීන්ස් එකේදිත් මම අනුගමනය කලේ ඒ ස්ට්‍රැටජි එක. ඒකයි අර පරක්කු වෙලා ඉස්කෝලෙ යන එක ගැන ලැච්චර් එකක් එහෙම දීල බ්ලඩ් බොයිල් කරවල ප්‍රෙෂර් නග්ගල ගත්තෙ.
අප්ප..ඊට පස්සෙ බලන්ට එපාය වැඩේ.අර ෆස්ට් ටී ටුවෙන්ටි එකේ මැකස්වෙල්කාරය හතර අතට සික්සර් බවුන්ඩරීස් නෙලුව වගෙ තමයි මට බණින්ට ගත්තෙ...:)
මඩවල එස් රත්නායකයන්ගේ ගී පද රචනා අතරින් මම කැමති ගීතයක් තමයි නන්දා මාලනී ගායන "සැදෑ කලුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින්" යන ගීතය.
ReplyDeleteඅඩේ කෙල්ලෙක්ගෙන් ඔහොම ගහෙන් ගෙඩි එන්නා වගේ අහන්න පුළුවන්ද? කෙල්ල බැරි වෙලාවත් "ෆිසික්ස්" ඇලජික් කේස් එකක් නම් ...:D
මනෝජ්,
Deleteසැඳෑ කළුවරත් මරු සිංදුව...මඩවල මහත්මයගෙ තව අපූරු ගීතයක් බමරකු ආවයි නිරිත දිගේයා.....
ඔය කියන්නෙ 'දෙබරෙකු ආවයි කකුළ දිගේයා.. ඇවිදින් කෑවයි...' නෑ එක්කො ඒක අමතක කරමු. හැක්..
Deleteහැක්.. රවී අයිය මොනව කිවුවත් අර ප්‍රශ්නෙ අහපු හැටිය කෙල්ලගෙ අත ඒකාකාරී ත්වරණයකින් අයියගෙ කම්මුල පැත්තට සම්ප්‍රේශනය උනා නේද?
ReplyDeleteඑහෙම නැත්තං කෙල්ලත් මේ මනුස්සය වගෙම මාඤ්ඤමික ඩයල් එකක් වෙන්න ඇති.
මෙව්ව මේ ඔය වයසට පේන හීන. මුංදෑ ඔව්ව හීනෙංම කුරුටුගානවලු.
Deleteහා හා සුරංග රාජ්‍ය රහස් හෙළි කරනවා.
Deleteකොහෙන්ද අප්පා මේව මෙහෙම ලියන්ඩ මතක් වෙන්නේ....... ? කොහොමහරි අන්තිම වෙද්දි එලකිරි සිංදු ටිකක් අහගන්ඩ පුලුවන් වෙයි වගේ.......
ReplyDeleteපසුව ඉතා දුකෙන් ලියමි.....
චැහ්.... මෙච්චර කෝච්චියේ ගිය අපිට මෙහෙම එකක්වත් උනේ නෑ කියපංකෝ..... පුදුම වැඩතමයි මේවා..... මෙව්වා ගැන දෙයියොම බලා ගන්ඩ ඕනෙ.....
කෝච්චියේ ෆුට් බෝඩ් එකේ කෙල්ලො එල්ලිලා යන්නෙ නෑ බං, දෙයියොත් බලන්නෙ සීට් එකක ඉදගෙන ඉන්න එවුන් දිහා.
Deleteකෝච්චියේ ෆුට් බෝඩ් එකේ කෙල්ලො එල්ලිලා යන්නෙ නෑ බං, දෙයියොත් බලන්නෙ සීට් එකක ඉදගෙන ඉන්න එවුන් දිහා.
Deleteකෝච්චියේ ෆුට් බෝඩ් එකේ කෙල්ලො එල්ලිලා යන්නෙ නෑ බං, දෙයියොත් බලන්නෙ සීට් එකක ඉදගෙන ඉන්න එවුන් දිහා.
Deleteකෝච්චියේ ෆුට් බෝඩ් එකේ කෙල්ලො එල්ලිලා යන්නෙ නෑ බං, දෙයියොත් බලන්නෙ සීට් එකක ඉදගෙන ඉන්න එවුන් දිහා.
Deleteකම්මලාට කිට්ටුවෙන් කොමෙන්ට් දානකොට ඔය “Blacksmith syndrome" කියන එක හැදෙනවා. බොවේන ලෙඩක්.
Deleteමට පේන්නෙ කම්මලයට ලෙඩේ සනීප වෙලා තිබිල අර ලවුපූශා ගෙන් ආයෙ බෝ වෙලාද කොහෙද.
Deleteකිව්වත් වගෙ කම්මලයට ඒ පාර අමුතුම ලෙඩක් හැදිල තියෙන්නෙ. වෙනද කමෙන්ට් දෙකක් වැටුනට ඒ එකම වෙලාවෙ නැත්නම් මිනිත්තුවක දෙකක පරතරය ඇතුව.මේ පකිරින්තුව දැන් කමෙන්ට් දාන්නෙ කමෙන්ට් දෙක අතර මිනිත්තු 44 ක පරතරයක් ඇතුව.
Deleteමුගෙං අහන්ට තියෙන්නෙ අර චාල්ස්-ඩයනගෙ මඟුලට ගියපු ප්‍රේමදාස මහත්තයගෙන් හෝටලේ රූම් බෝයි අහපු එකම තමයි...:)
//පිස්සු හැදෙයි මැස්සො මැරෙයි
ReplyDeleteඅම්මට උඩු ශාස්ත්‍රීය,සරල,පුර ගී කටහඬවල් එකතු කරලා අලුත් පරපුරේ ගීයක් කීව එකම රෙකෝඩ් එකක්.
රවීගේ කතාව නම් හරිම අපූරුයි, මට හිතාගන්න බැ ඇයි ගෑනු ළමයි එක්ක කතා කරන්න පිරිමි ළමයි මේ තරන් බය....හි හී...
ReplyDeleteකතා කරපු එකාලට වෙලා තියෙන දේ පේනවනෙ.
Deleteදුර දක්නා ඥානය. දැං පේනව නේද මේ කේස් එකේදි කොහෙවත් නැති ෆිසික්ස් එකක් ඇදගෙන උනත් වෙලා තියෙන සංතෑසිය.
Deleteපේනව පේනවා :) :) හපොයි ෆිසික්ස් ....
DeletePick-up lines?
ReplyDeletePra,
DeleteMore like a pick up story Pra,..Heh, heh
අයාලේ යන කෝච්චි වහා නවතනු. මග ඉතිරිවූ වෙනත් කලාකෘති ගැන සොයා බලනු. මෙම බ්ලොගය රැකගමු. රන්වන් රන්වන් රන්දිල් නෝනාගේ අවධානය පිණිසයි.
ReplyDeleteපිස්සුද ඒ නෝන මේ පැත්තෙ එන්නෙ අවුරුද්දට එක පාරයි. මේ මනුස්සයත් එක්ක වසන්න පුලුවනැ මෙතන.
Deleteමම නම් ඕලෙවල් ඉවරවෙච්ච ගමන් විද්‍යාව පොත් ටික නොපෙනෙන තැනකට ගොඩ ගැහුවා.පුංචි කාලෙ ඉඳන් හීන දැක්කෙ කලාකාරියක් වෙන්න නොවැ..))
ReplyDeleteඒත් මට තාම මතකයි ඕ ලෙවල් පොතේ පිටු දෙක තුනක තිබුණ ත්වරණය-මන්දනය පාඩම..
අනිවාර්ය විෂයන් සහිත වූ ඒ අමිහිරි අතීතේ මතක් වුණා ඉතින්..
///"ඉතිං මොකද මේ හදිස්සියෙ මන්දනය ගැන මතක් වුනේ? දැන් නිදාගෙන නේද හිටියෙ?"////
ReplyDeleteඒ කියන්නේ එයත් රවී අයිය දිහා බලාගෙනමයි ඉදල තියෙන්නේ...
අයියට කෙසේවෙතත් මේක කියව කියව තනියෙන් හිනා වෙනවා ඇහිලා අම්මා මට පිස්සුද ඇහුවා:d
අමිල ඉන්ද්‍රජිත් කියන්නේ රත්මලාන අන්ධ විද්‍යාලයේ සංගීත ගුරුවරයා... එයා ඇත්තටම දක්ෂයි.. මේ වගේ තව හඬවල් ගොඩාක් ගන්න එයාට පුලුවන්....
ආ... අමිලව සෙට් වෙලා තියනවද නිර්මාණිට.. තනිකර පිස්සු ගුලියක්.. හෙහ් හෙහ්
Deleteමගෙත් ඕලෙවල් සංගීත ගුරුතුමා තමයි ඒ......
Deleteහෙට ඉඳල මාත් කොහොමහරි කෝච්චියෙ ඉඳගන්න ෆුල් ට්‍රයි එක දෙනව.
ReplyDeleteඅමිල ඉන්ද්‍රජිත් නේහ්. හෙක් හෙක්.
සින්දුවට ලියපු කතාව මාරයි. සින්දුව මතක් කළාටත් ස්තූතියි. මේක නිකන් රයිගමයා වගේ දැන් සින්දුවක් වරදින්නේ නැහැ.
ReplyDeleteශැහ් අවුරුදු තිස් ගාණක් කෝච්චියෙ ගියා මට නෑනෙ මෙහෙම අත්දැකීමක්. තියෙන එකම අත්දැකීම අන්න ගෙදර ඉන්නවා.
ReplyDeleteපින නැහැ කියන්නේ ඕකටනෙ. දැන් මේවගේ චාන්ස් ලැබුණම වෙන තරුණ කොල්ලෙකුට එතන ඉඳගන්න දීල පින් කරගන්න. ඊලඟ ආත්මෙදිවත් ලැබෙන්න.
Deleteකොහෙද ඉතිං හැලපයියගෙ අතටම චාන්ස් එක ආවට පස්සෙ කවුරු හරි වසවර්තියො ටිකක් සෙට් වෙලා බලහත්කාරෙන් අරක්කු පොවනවනෙ.
Deleteරවි අයියා පොත් ලියන්න පටන් ගත්තොත් චේතන් භගත්ට ඔය ලියපු ටිකෙන් සෑහීමකට පත්වෙන්න වෙනවා.මොකද මාකට් එක එක රැයින් රවි අයියා අල්ලනවා.හේතුව අර පුහු ප්‍රබුද්ධ පීචං බේධයක් නැතුව හැමෝටම කියවලා රසවිඳින්න පුළුවන් ලිවීම් නිසා.
ReplyDeleteජයවේවා..!!
නෙද්දකිං ඔය කෝච්චියේ බදුල්ලෙ ඉඳං පේරාදෙණියටයි ,පේරාදෙණිය ඉඳං බදුල්ලටයි, පේරාදෙණිය ඉඳං කොලඹටයි, කොලඹ ඉඳං පේරාදෙණියටයි ඉහේ කෙස් ගානට යන්න ඇති. අපි ඉන්න ඉස්සරහ වාඩිවුනොත් ඉතිං කට්ට කලු හද්ද නාකි දෙමල හෝන්තුවක් තමා. නිදාගන්න නෙවේ ජනේලෙං එලියට බෙල්ල දාගෙන යන්න හිතෙනව යකා පාලමෙ වැදිල මැරෙන්න , ශෙක් අම්මප
ReplyDeleteමමත් බස් වල යනකොට ලඟ හිස් සීට් එකක් තිබුණොත් ඒකේ වාඩිවෙන්නේ එක්කෝ පිරිමි පරාණයක් නැත්තං අවුරුදු 80 වක විතර ගෑණු පරාණයක්. මම හිතන්නේ රවියා වෙන්න ඕන ලස්සන ගෑණු පරාන හොයාගෙන ගිහින් ඒ තැන් වල වාඩි වෙන්නේ. එහෙම නැත්තං අර දෙන දෙය්යෝ ගියන ගෝතයා කරන්නෙම මේවගේ මහ අසාධාරණ වැඩ.
Deleteදෙන දෙයියෝ නෙවේ ඌ තියෙන දේත් ගන්න දෙයියෝ ,
Deleteරවී අයියෙ, ඊයෙ උදේ අටේ ඉඳන් දැන් වෙලාව කීයද අන්න ඒ වෙලාව වෙනකං බ්ලොග් පිටු අතර හිටපු මට මේක කියවන්න බැරි වුණා....පිටුව ඕපන් කරලත් මොකද්දෝ අහේතුවකට ආයෙ මැකිල ගිහිං.....
ReplyDeleteඇත්තමයි රවි අයියෙ ආනන්දයෙන් ප්‍රඥාවට......හරි වටිනව තෑන්ක්ස්
අම්මපා කෝච්චියෙන් හෞතික විද්‍යාව උගන්නනවා කියලා අදයි දන්නේ.
ReplyDeleteකෑගලු විද්‍යාලයේ අපට ඉහල පන්තිවල හිටිය උපනන්ද සේනාරත්න අයියා තමයි ඔය කියන ගුරුවරයා.
අර අන්තිම වීඩියෝවේ ඉන්න අනුකාරකයා සංගීතය ඉගෙනගෙන ගායකයකු වුනාද නැත්නම් අදත් වේදිකාවල මේවා විකුනන්නෙක් වී ඉන්නවාද?
//අර අන්තිම වීඩියෝවේ ඉන්න අනුකාරකයා සංගීතය ඉගෙනගෙන ගායකයකු වුනාද නැත්නම් අදත් වේදිකාවල මේවා විකුනන්නෙක් වී ඉන්නවාද?//
Deleteමේ මනුස්සයා බොහොම හොඳට සංගීතෙ හදාරලා විශාර්ද සහ ලංකාවේ සංගීත උපාදි තියෙන පොරක්. ප්‍රසිද්ද වේදිකාවේ දක්ශ ගායකයෙක් වගේම වාදකයෙක්. පාටිවලදි කට්ටිය සතුටු කරන්න තමන්ගේ හැකියාවෙන් ටිකක් පාවිච්චි කරන අවස්තාවක් විතරයි මේ.
පරචිත්ත විජාණන ඥාණය වගේම ඥාණක් තමයි පරරක්‍ෂා විජාණන ඥාණය
ReplyDeletehttp://kathandara.blogspot.com/2010/02/blog-post_12.html
.