Friday, September 16, 2016

442. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 5 - පිපී පිපී රේණු නටන.....

"හරි හරි දැන් කියන්නකො අර මම මොකක්ද කතාවක් තියන පොතක් කියවල තියනවද කියල ඇහුවෙ? මොකක්ද ඉතින් ඒ කතාව?" ඇය නැටවෙන දෑසින් යුතුව විමසුවාය.

"ගෑණු ළමයි නාඳුනන පිරිමි ළමයි එක්ක බොහොම කුළුපඟව කතාකරන්නෙ ඒ පිරිමි ළමයා කෙරෙහි යම් අනුකූලතාවක් වගෙ එකක් හිත ඇතුලෙ තියන හින්දයිකියල මම කොහෙ හරි පොතක් කියවල තියනව. ඒත් දැන් මතක් නෑ කොහෙද එහෙම තිබ්බෙ කියල"

මම ඇය දෙස ක්ෂණික බැල්මක් හෙලා කවුළුවෙන් ඉවත බලා ගතිමි. ඇය මදෙස ඇසිපිය නොහෙලා බලාසිටිනු ඇස් කොණින් එදෙස නෙත් යොමුකල මට පෙනිණ. එලෙස නිහඬව ගෙවී ගිය මිනිත්තු භාගයකට පමණ පසු ඇය කථා කලාය. ඇය සිනහව වළකා ගැන්මට තැත්කරනු ඇගේ කටහඬින් මට හැඟිණ. 

"එහෙම කතාවක් තියෙන පොතක් නම් මම කියවල නෑ. ඒත් මට මෙහෙම දෙයක් නම් ....." ඇය වහා කථාව නවත්වා නැඟී සිටියේ හදිසියේම ඇය ඉදිරියේ ප්‍රාදුර්භුතවූ මැදිවියේ කාන්තාවකගේ සුරතින් අල්ලාගත්තීය."ඇයි අම්මා මොකෝ මේ කලබලෙන්? මොකද වුනේ?"

කිසිසේත්ම අපේක්ෂානොකල මේ සිද්ධියෙන් වික්ෂිප්තවූ මට කල හැකි වූයේ දෑස් හයා එදෙස බලාසිටීම පමණකි.

හදිසියේ ප්‍රාදුර්භූතවූ මැදිවියේ කාන්තාව අමතා ඇය එසේ නොඇමතුවේ වුවද ඒ ඇගේ මව බවට කිසිදු සැකයක් නොවීය. මැදිවියේ කාන්තාවගේ මුහුණුවර යුවතියගේ මුහුණුවරම වූයේය. අදින් දශක දෙකක පමණ කාලයක් වයස්ගතවූ ඉක්බිති ඇයද මෙලෙසම වනු ඇතිබව හැඟී මගේ දෙතොලට සිහින් සිනහවක් නැඟිනි. 

"ඒ ටොයිලට් එකේ වතුර බිංදුවක් නෑ. ඒ මදිවට ගන්දස්සාරෙ ඉවසන්ට බෑ." කෝපාවිෂ්ඨ ස්වරයෙන් පැවසූ ඇගේ මෑණියෝ අසුන් ගත්තා නොව අසුන මත දඩස් යන අනුකරණයෙන් කඩා හැලුණෝය.

"හරි හරි අම්මෙ ඉතිං කෑගහන්ට එපා…" තම මෑණියන් අසලින්ම අසුන් ගත් ඕ හිස අඩක් හරවා මදෙස බලා යන්තමට සිනාසී යලි මව වෙත හැරුනාය.

"නෑ මම කියන්නෙ දැන් රේල්වේ සර්විස් එක අන්තිමයි.ඒ දවස්වල ඔහොම තිබ්බෙ නෑ. මට මතකයි ඔයා පොඩි කාලෙ අපි වොරන්ට්ස් අරගෙන ට්‍රින්කෝ යනව……." 

"හරි හරි මම කිව්වනෙ දැන් කෑගහන්න එපා කියල." ඇය හිස මෑණියන් දෙසට පහත්කොට කුමක් හෝ පහත් ස්වරයෙන් පැවසුවාය. ඒ කුමක් වුවද ඇගේ මව වහා හිස ඔසවා මදෙස බලා සන්සුන්වීමට වෑයම් කළාය.

"මෙතන නිකම් තේරුමක් නැතුව කෑගහන්ට එපා අම්මෙ. අර අතන ජනේලෙ අයිනෙ ඉන්න හොඳ වැදගත් පෙනුම තියෙන මහත්මයා ඉන්නව නේද? එයාව තමයි මම කවද හරි බඳින්නෙ. ඒ හින්ද අම්ම මෙතන නිකම් කලබල කරන්න එපා..තේරුණාද?" ඇය පැවසූයේ එවැන්නක් විය නොහැකිද?

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා

අසව් අසව් කොයි කාටත් රස පණිවුඩයක් ගියා
රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් සුළං පොදක් අපේ ඇගෙත් ගෑවිලා

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා

අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා
වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා

කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා
හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා

පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ගායනය - නාරද දිසාසේකර
සංගීතය - ඩබ්.ඩී.අමරදේව
රන්මුතුදූව චිත්‍රපටයෙන්


57 comments:

  1. /* ගෑණු ළමයි නාඳුනන පිරිමි ළමයි එක්ක බොහොම කුළුපඟව කතාකරන්නෙ ඒ පිරිමි ළමයා කෙරෙහි යම් අනුකූලතාවක් වගෙ එකක් හිත ඇතුලෙ තියන හින්දයි කියල.....*/

    මෙහෙම කතාවක් නම් පොතක (මනුතාපය) කියවා තියෙනවා-

    තරුණයෙකු පෙමින් මුසපත් වූ විට ඔහු ලැජ්ජා සහගත වේ. ඒත් තරුණියක නම් ඉතා ධෛර්යවන්ත වේ.

    ඔය වචනම නොවෙයි, හැබැයි අදහස ඒකයි.

    ReplyDelete
    Replies
    1. “The first symptom of true love in a man is timidity, in a young woman, boldness. This is surprising, and yet nothing is more simple. It is the two sexes tending to approach each other and assuming each the other's qualities.”

      ― Victor Hugo, Les Misérables

      (http://www.goodreads.com/quotes/422022-the-first-symptom-of-true-love-in-a-man-is)

      Delete
    2. ස්තූතියි රසික,

      මට මනුතාපයෙ ඔහොම තියනව කියල මතක තිබුනෙ නෑ. ඔබේ මතකය විශිෂ්ඨයි. මනුතාපය සහ දේවතාපය ඊරියගොල්ල මහත්මයගෙ පරිවර්තන පොඩි කාලෙ පොත් කියවන්න අපිව යොමුකල උත්තේජක. ජනවර්ජන, ඉන්ස්පෙක්ටර් ජන්තු, කිසා, පැන්තිනා,බීස්කූන්නාන්සෙ ටූලෝං ගැලිය තවම මට මතකයි...:)

      Delete
  2. //අර අතන ජනේලෙ අයිනෙ ඉන්න හොඳ වැදගත් පෙනුම තියෙන මහත්මයා ඉන්නව නේද? //

    MPHOT ? lol

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      / තමන්ගේ හැකියාව ගැන කියන්න බස්සි අනිත් අයට බය වෙන්න ඕන නැ.. අනිත් අය මොනවා කිව්වත් උපන් හැකියාව මරන්න කාටද පුලුවන් කෙනෙක්ගේ??? නැද්ද මං අහන්නේ බස්සි.. අඩුම ගානෙ අපේ පරම්පරාවෙන් හරි ඒ පුරුද්ද ලාංකිකයන් විදිහට අපි අයින් කර ගන්න හිතුවොත් අපේ දරුවන්ගෙ දරුවෝ වත් නිදහසේ ජීවත් වේවි ... /

      මේ අපේ නිම්නා මැඩම් බස්සිගෙ අලුත් පෝස්ට් එකට දාපු කමෙන්ට් එක. හරියටම කිව්වොත් වැදගත් පෙනුම කියන්නෙ හැකියාවක් නම් නෙවෙයි. ඒත් ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකින් පලච්චාවෙ කියල මම ඔහොම ලිව්ව...:)

      Delete
    2. රවී මට මෙන්න මේ වචනේ ගොඩක් වටිනවා..

      //මේ අපේ නිම්නා ///

      Delete
    3. නිම්නී නේද හරි වචනෙ?...:)

      Delete
    4. ඕනම නමක් අවුලක් නැ .. මට තේරෙනවා නම් ඒ කියන්නෙ මං ගැන කියලා... පුංචි කාලේ ඉඳලා මට නම් ගොඩාක් කියනවා.. ඒ නිසා මට නම කියන එක ඒ තරන් වැදගත් නැ...

      Delete
  3. මේවා යකාගේ කොච්චි , උඩරට ධුම්රිය මාර්ගේ ඉවරවෙනකම්ම හැමදාම ගිය අපිට සලකන විදිහ අන්තිම කැතයි . මේවා මේ අපේ ලොකයියගේ බොරුද කොහෙද ... (සිත නිවන කතා )

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      බොරු නෙවෙයි බොල.උඹ නිකමට හිතහං මෙහෙමත් බොරු ලියන්ට පුලුවන්ද මනුස්සයෙකුට?...:)

      Delete
    2. [මෙහෙමත් බොරු ලියන්ට පුලුවන්ද මනුස්සයෙකුට] මාත් මේ කල්පනා කරන්නේ ඕකනේ.. හෙහ් හෙහ් හෙහ්..

      Delete
    3. පැතුම්,

      ඒකනෙ බං...හෙහ්,හෙහ්,

      Delete
  4. අඳුනගත්තද මන්දා... මේවා ර් ර් ර්ස ඒවා නැන්දා... මේව ර් ර් ර් ර් ස් ස ඒවා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      මොනවද බං රස? ගස් ලබුය?

      Delete
    2. මේක ළඟකදි ආපු නියමම නියම ඇඩ් එකක්. මං හරි ආසයි ඒ කොළුවා ඔය ගස් කියලා තියෙන තාලෙට ඕක කියනවා අහන්න. අයියගෙ කතාවේ මේ කොටසට ටිකක් ළඟින් යනවා. ඔන්න බලන්නකො. :D

      Delete
    3. සිත්තමී,

      ඕන්න ඉතිං බලාපංකො අර ගෙරි ලබ්බා කමෙන්ට් එකක් දාල තියන විදිහ. එක්කො උඹ වගෙ ලින්ක් එකක් දෙන්ට ඕන. නැත්තං විස්තරේ පැහැදිලිව කියන්ට ඕන. ඒ මොකවත් නෑ රස ඒවා..රස ඒවා. එච්චරයි..

      අපිට ඉතිං අංජනං දේවිට කොන්ත්‍රාත් එකක් දෙන්ට වෙනව මූ මේ කියන්නෙ අහවල් අපබ්බ්‍රංසයක්ද කියල හොයාගන්ට..අම්මාපල්ල..මයිල් කෙලින් වෙන්නෙ බලා ඉන් දැද්දි බලා ඉන්දැද්දි.

      Delete
  5. මේ දවස් ටිකේම සෙනග අඩ කෝච්චිවල ගිහින් බැලුව. සෙනග වැඩි කෝච්චිවල ගිහින් බැලුව. කොහෙද නෑ. කිසි වැඩක් උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      චැහ්...එහෙම නිකං කෝච්චි වල එහාට මෙහාට ගිහිල්ල හරියන්නෙ නෑ බොල, මං වගෙ කලිං දවසෙ නකතං වෙන්ට ගහල කෝච්චියෙ යන්ට ඕමනයි....:)

      Delete
  6. අර අම්මන්ඩි කිව්ව වගේ දැන් මේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එක අන්තිමයි වගේ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      රේල්ලුව ගැනනම් කියල වැඩක් නෑ බං...:)

      Delete
  7. අද නිවාඩු. හෙට එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. එපා, හෙටත් නිවාඩුදාලා සඳුදම වරෙං ප්‍රසායියෙ

      Delete
    2. ප්‍රසා,

      හෙහ්, මතක ඇතුව පෝයට කඩේ වහපං. බොදු බලෙං රට හැමතැනම කට්ටිය දාල ඉන්නවලු පෝයටත් වෙලඳං කරන ජාති බ්‍රස්ටයො ගැන හොයන්ට...;)

      Delete
    3. පිස්සුද රවී අයියෙ. ඔය බලු සේනලට බයේ නෙමේ, එදාට විතරයි නිවාඩුවක් තියෙන්නෙ. එදාට වත්තෙ පිටියෙ වැඩක් කරල වේලාසනම අනුමත වෙලා ඉන්න එක තමයි ෂැඩූල් එක.

      Delete
    4. ඉවාන්, එහෙම බෑ. කොකාසස හැටියට උඹල මෙතන ඇවිල්ල මොනවද කරන්නෙ කියල අපි හොයල බලන්න එපැයි.

      Delete
    5. ප්‍රසා,

      /එදාට විතරයි නිවාඩුවක් තියෙන්නෙ. එදාට වත්තෙ පිටියෙ වැඩක් කරල.../

      ආච්චිගෙ නිවාඩුවක්නෙ බං ඒක.වත්තෙ පිටියෙ වැඩ කරනවනං කොහොමද ගස්ගෝනො ඒක නිවාඩුවක් වෙන්නෙ?

      Delete
    6. වරුවයි, වරුවයි...

      Delete
  8. අන්තිම සවුත්තු දැන් න‍ෙම‍ෙයි මම ගිය දවස්වලද කා‍ෙහ‍ෙද

    ReplyDelete
    Replies
    1. දමිත්,

      උඹ කෝච්චියෙ යන එක නවත්තපු ගමං ආයම හරි ගියාලු...:)

      Delete
  9. මට දැන් අර දවස් තුනක් තිස්සේ රටවල් ගානක් හරහා යන දුම්රිය ගැන කියන්නම වෙනවා. දැන් එයාවමද බැන්දේ රවී?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසල ඉන්න බැරිද අජිතයියෙ, තව සිංදු එකොලහක් තියෙනවා ඒ කෑල්ල කියන්න කලිං , ඒ කියන්නෙ පෝස්ට් එකොලහක්

      Delete
    2. අජිත්,

      නෑ බං...මේක ඇවිල්ල පූර්ණ ඛෙදාන්තයක් වුනානෙ...:(

      බස් ප්‍රේමයක් තමයි අන්තිමට පල දුන්නෙ...:)

      Delete
    3. ඉවාන්,

      ඒකනෙ බං කියන්නෙ මේ අජිතයලට කිසිම ඉවසීමක් නැහැනෙ...:)

      Delete
    4. ඛේදාන්තය
      "අම්මේ අර ඉන්නේ රවී , ඉංජිනේරුවෙක් "
      "හනේ ඇත්තද ගෙදරට එන්න කියපිය "
      "ඈ ළමයෝ මේ බෑරක් යනවයි"
      "ඇන්ටි මේ මේ මම මේ "
      "කාරි නැහැ ඊළඟ ඉට්ටේසමෙන් අපි බහින්නේ. එන්න බත් කටක් කාල යන්න හවස කෝච්චියේ ගිය හැකි "
      "හවස කෝච්චියක් නැහැ ඇන්ටි "
      "එහෙනම් අපේ ගෙදර ඉඳල හෙට ගියහැකි . නේද ළමයෝ " ඈ දුවගෙන් ඇසුවාය.
      "අම්මට පිස්සුද මන්දා "

      Delete
  10. ඉතිං අර ගෑල්ළමය අන්තිමට අරහෙම කිවුවනං රවී අයිය නැන්දම්මට පේන්න ඊගාව ඉස්ටේසමේ කෝච්චිය නවත්තපු හැටිය බැහැල ගිහිල්ල ඒකෙ ඉන්න එස්එම් ට පස්පඩුංගුවෙ බැන වදිනව දුම්රිය දෙපාර්තමේන්තුවෙ කක්කුස්සි වල වතුර නෑ කියල. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      උඹ එක්ක බෑ. ඇත්තටම උනේ ඒක තමයි. ඊලඟ ස්ටේෂන් එක මීරිගම. මම කෝච්චිය නවත්තන්ඩත් ඉස්සර එලියට පැනල දුවල ගිහිල්ල එස්.එම්. නම් නෙවෙයි ආය බොරු කියන්නෙ අහවල් දේකටද? ( මොකද ඇත්තම කියනවනං මගෙ ජීවිතේ මට වෙච්චි දේවල් කිව්වම ගොඩක් දෙනා හිතන්නෙ මූ මේ අමු බේගල්ය කියන්නෙ කියල. හෙහ්,හෙහ්, දැං මම දන්නව උඹලත් එහෙමනෙ හිතාගෙන ඉන්නෙ. ඒකෙ අවුලක් නෑ. එහෙම තමයි ජීවිතේ හැටි )මම බෙල්ලෙං අල්ලන ඇදගෙන ආවෙ අර ටැබ්ලට් එක ගන්ට ඉන්නෙ ප්ලැට්ෆෝම් එකේ අන්න ඒකව. ඇදගෙන ඇවිල්ල මැදිවියේ මහත්මියගෙන් සමාව ඉල්ලන්ට කියල කිව්ව.

      දැං බලපං ඕක ඊලඟ කොටසට ලිව්වම හැමෝම හිතන්නෙ උඹ මෙහෙම කියාපු හින්දයි මම ලිව්වෙ කියල. ෂෙක්..දැන් ඒ කෑල්ල ලියන්ට වෙන ක්‍රමයක් හිතන්ට වෙනව. අම්මප උඹත් මට දාන තොරොට්ටු..

      Delete
  11. රවියා හැබෑටම ඔය වගේ ප්‍රේම කතා කීයක් විතර තිබුනද කසාද බඳින්න කලින්.. මට ඔය වගේ සිද්දි 16ක් තියෙනවා.. හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      සංදුක්කාරේ..යකෝ දාසයක්?...මට නම් එච්චර නෑ..ඉඳහං බලන්ට..ඉස්සොරෝම ප්‍රතම පේමය.(ඉස්සොරෝම ප්‍රතම පේමය කියල ආය කියනටත් දෙයක්ය? නැද්දමං අහන්නෙ?) ඊට පස්සෙ ටෙක් එකේ. ඊටත් පස්සෙ ඉඳහං බලන්ට එකයි, දෙකයි, තුනයි, හතරයි,ඔක්කොම හයයි.

      පූර්ණ වශයෙන් ඒක පාර්ශ්විකයි කියල වර්ග කලහැකි එව්ව (Totally Unilateral) දෙකයි. එතකොට ඔක්කොම කීයද බං? අටයි..ඊලඟට අවසාන ප්‍රේමය..ඒකයි නමයයි..

      උඹ ඒ වගෙ දෙගුණෙකට කිට්ටුයිනෙ බං මලේ..එහෙමත් වෙලානෙ උඹ මේ බිත්තිය නිකං පාලුවට ඇරල තියෙන්නෙ. සෙක් අම්මප. මට එහෙම දාසයක් තිබ්බනං මෙලහට පෝස්ට් 1000 වත් ලියල..දෙයියම්ප...:)

      Delete
    2. රවියගේ වයසට වගේ ආවම මාත් ලියන්නම්.. හෙහ් හෙහ් තාම පොඩි වැඩියි ඕව ලියන්න හෙහ් හෙහ්.. ඉස්සර මගේ යාලුවෙක් හිටියා ඌ තමයි ඕවා ගනින්නේ.. මෙහෙමත් චාටර් විල්ලක් යකෝ තොට ලජ්ජා නැද්ද කියල තමයි ඌ අහන්නේ... මම කියන්නේ යකෝ කවද හරි නාකි වුනහම මතක් කර කර ඉන්න තියෙන්නේ මේවා තමයි තොපිට ඕව තේරෙයි පස්සේ කියල හෙහ් හෙහ්..

      කිව්වා වගේම මේ තියෙන්නේ උදාහරණ .. නැද්ද රවී අයියේ...

      හැබැයි ඔය හැම එකක් ම රසවත් මතක විතරක් ඉතිරි කරපුව මිසක් පසුතැවීම් මොකුත් නැති ඒවා.. හෙහ් හෙහ්..

      Delete
    3. පැතුම්,

      / මම කියන්නේ යකෝ කවද හරි නාකි වුනහම මතක් කර කර ඉන්න තියෙන්නේ මේවා තමයි තොපිට ඕව තේරෙයි පස්සේ කියල හෙහ් හෙහ්../

      අන්න මල්ලි කතාව. ඔය ලයිට් ගිය දවසට එහෙම අපි උන්දැයි මායි කරන්නෙත් ඕක. ඔන්න උන්දැ උන්දැගෙ පේම කතාවක් කියනව. මම ඊලඟට අර රිලේ එකේ බැටං පොල්ල ගත්ත වගෙ මගෙ කතාවක් කියනව. ඊට පස්සෙ ආයම උන්දැ..ආයම මම..ආයම උන්දැ...ආයම මම...හෙහ්, මම මේ කල්පනා කලේ බං ඔහොම පරණ ලව් හුටපට තිබ්බෙ නැත්තං එහෙම වස ලැජ්ජාවක්නෙ වෙන්නෙ ඒ වගෙ වෙලාවට...හෙහ්,හෙහ්,

      Delete
  12. ලස්සන සටහනක් රවී. මේ අම්මා නම් දෝණියැන්දැ ලඟට එන්නේ ගිය වැඩේ ඉවර කරගෙනනේ.. අපේ අම්මා මේ වගේ තැනකින් හෙලවෙන්නේ නැ.. ගියත් දැක්ක ගමන් මාවත් ඇඳගෙන වෙන කොහෙන් හරි ඉඳගනීවී.. :) :)

    රවී, මේ සින්දුව මගේ අම්මා හරිම ආස සින්දුවක්.. ඒත් අපෙ ලොකු තාත්තා ඉන්න වෙලාවට අම්මා මේ සින්දුව කියන්න තියා මතක් කරන්නවත් දෙන්නේ නැ.. දවසක් බොහොම අමාරුවෙන් ලොකු තාත්තගෙන්ම අහ ගත්තා හේතුව..

    මේ සින්දුව පටන් ගන්නේ "පිපී පිපී" කියලනේ.. අපේ අම්මා මේක කියන්නේ " පී පි පිපී" කියලලු ඒ කාලේ...ලොකු තාත්තා එන්නේ එයාගේ පෙම්වතිය උනු අම්මගේ අක්කා බලන්න.. අම්මා ගොඩක් බාලයි අක්කට වඩා.. මෙහෙම කියන්නෙත් ගෙදර මේසයක් උඩට නැඟලලු..ලොකු තාත්තව දැක්ක ගමන් අම්ම ගිහින් හැංගෙනවලු....

    ReplyDelete
    Replies
    1. / මේ අම්මා නම් දෝණියැන්දැ ලඟට එන්නේ ගිය වැඩේ ඉවර කරගෙනනේ../

      නෑ..නෑ..මුන්දැත් ගිය වැඩේ කරගෙන නෑ...නෝ වෝටර්..සෝ කේම් බෑක් ..:)

      / අපේ අම්මා මේ වගේ තැනකින් හෙලවෙන්නේ නැ.. ගියත් දැක්ක ගමන් මාවත් ඇඳගෙන වෙන කොහෙන් හරි ඉඳගනීවී.. :) :) /

      ඒ බං උඹලගෙ කැරැට්ටුව අම්ම හොඳාකාරව දන්න හින්දනෙ ඇසට අසුවන මානයෙන් එපිට යවන්නෙ නැත්තෙ. මම ඔය කියන රූමත් යුවතිය එහෙම නෑ දන්නවද? නියම උඩරට කුළඟනක්...

      / අපේ අම්මා මේක කියන්නේ " පී පි පිපී" කියලලු ඒ කාලේ /

      පවුල්වල ඔය වගෙ පරණ රස කතා හරියට තියනව. ගොඩක් වෙලාවට මඟුල් ගෙදරකට වගෙ කට්ටිය එකතු උනහම තමයි ඔව්ව කියල පණ යනකල් හිනාවෙන්නෙ.

      අපෙ උන්දලගෙ කට්ටිය එකතු උනහම කියන ඔය වගෙ කතාවල බහුතරයක කොණකට මාත් ගෑවිලා ඉන්නව.අපෙ ප්‍රියම්බිකා තොමෝගෙ පොඩි අයියගෙ මඟුල දවසෙ මම කපුව එක්ක සෙට් වෙලා ගැහැව්ව පොඩි අඩියක්. අනේ මේ යෝදයට වැඩි වුනානෙ. ඊට පස්සෙ අර මහා මංගල සබාව මද්දියයේ ඉඳගෙන හිටපු පුටුවත් පෙරලගෙන දබෝරියං ගාව පත බෑවුනෙ නැද්ද මනමාලිගෙ ඔඩොක්කුවට. ඔඩොක්කුවෙන් බිමට..හෙහ්,හෙහ්, ඒ එදා බැඳපු අයියට ළමයි දෙන්නෙක්ද කොහෙද හම්බ වෙනකනුත් අපෙ ප්‍රියම්බිකා තොමෝ මට දෙස් දෙවොල් තිබ්බ ඔන්න කොටිම්ම.

      Delete
    2. අනේ රවී අපේ අම්මා මගේ වත් අදාල අනිත් පාර්ශව වල වත් කැරැට්ටුව දැන් ගන්න වත් කාලයක් දෙන්නේ නැ... අර කියමනක් තියෙන්නේ නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න තියන්න එපා කියලා .. අන්න ඒ වගේ.. බැරිම තැන අපේ තාත්තා අම්මට කිව්වා දැන් හැමදාම ගෙදර තියාගෙන ඉන්නද හදන්නේ කියලා... හි හි...

      අද කසාඳ බැඳලා ලමයෙකුත් හිටියත් අම්මා වෙනස් වෙලා නැ දශමයක් වත්.. අද මල්ලි තමා කියන්නේ අම්මේ අක්කට එයාගේ පාඩුවෙ ඉන්න දෙන්න කියලා....හි හි..

      අම්මලාගෙ ආදරේ උපරිම උනාම ඔන්න ඕකයි වෙන්නේ...එයාව රිද්දන්න මට බැරි නිසා මට නැති උන නිදහස තමයි මම මගේ පුතාට දෙන්නේ උපරිමයෙන්..

      Delete
    3. අතීතයට දෙස් දෙවොල් තියලා මක් කරන්නද රවී... ඒ මතක සටහන් එකතු වෙලා විඳිනවා මිසක්...;)

      Delete
  13. /* ගෑණු ළමයි නාඳුනන පිරිමි ළමයි එක්ක බොහොම කුළුපඟව කතාකරන්නෙ ඒ පිරිමි ළමයා කෙරෙහි යම් අනුකූලතාවක් වගෙ එකක් හිත ඇතුලෙ තියන හින්දයි කියල.....*/

    මනුස්සකමට කතා කලාම එහෙම හිතන එක ඉතින් ලංකාවේ බහුතරයකගේ පුරුද්දනේ රවී මහත්තයෝ...

    කතන්දරය සුන්දරයි...ගීතයටත් බොහොම කැමතියි...


    ReplyDelete
    Replies
    1. පොකුරු,

      ඉතිං දෙයියනේ මනුස්සකමට කතා කලාම අපිත් මනුස්සකමට තමයි එහෙම හිතන්නෙ...:)

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අර මැලිබන් ඇඩ් එක නම් නියමයි. දැම්මට ස්තූතියි.

    ReplyDelete
  16. //"මෙතන නිකම් තේරුමක් නැතුව කෑගහන්ට එපා අම්මෙ. අර අතන ජනේලෙ අයිනෙ ඉන්න හොඳ වැදගත් පෙනුම තියෙන මහත්මයා ඉන්නව නේද? එයාව තමයි මම කවද හරි බඳින්නෙ. ඒ හින්ද අම්ම මෙතන නිකම් කලබල කරන්න එපා..තේරුණාද?" //

    "අම්මේ අර මනුස්සය දිහා බලන්න, හරියට පිස්සෙක් වගේ හිනා වෙවී බලන් ඉන්නවා අම්මගේ දිහා. ඒ නිසා සද්ද නැතුව අහක බලන් යමුකෝ."

    ඔන්න ඔහොමද දන්නේ නැහැ නේ කිවුවේ.

    ReplyDelete
  17. වැදගත් පෙනුම කියන්නෙ තට්ටෙද?

    ReplyDelete
  18. //දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
    බෝ දන්නවා නේද මේක ඇත්ත සිද්දියක් කියලා.මානවසිංහයන් නට්ටන් වෙලා ඉන්න වෙලාවක
    තමයි ඔය සින්දු ලියන කොන්තරත්එක ගෙදරටම ඇවිල්ල දීල තියෙන්න.ඇඩ්වාන්ස් එකෙන් මුලින්ම
    කරලා තියෙන්න බෝතලයක් ගේන්න ගන්න එක.හිටිය පොඩි කාලය නියමෙට ජීවිත්වුනු නියම මිනිස්සු බං.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...