දෙතුන් වරක්ම ඉදිරි අසුනේ හිඳිනා යුවතිය හා කතා කීරිමට උත්සාහ කලද ඒ සෑම විටම සිදුවූයේ මගේ ස්වරාලයේ නිපැයුනු වදන් කණ්ඨකය සහ ග්‍රසනිකාව හරහා මුඛය දක්වා පැමිණෙන අතර සිදුවූයේ කුමක්දැයි සිතාගැන්මට පවා නොහැකි අයුරු අතුරුදන් වීමයි.
"මේ......මේ....... ඔයා යන්නෙ කොහාටද?......." අවසන මම ඇසෙන නෑසෙන හඬින් කෙඳිරීමට සමත් වුයෙමි.
බොහෝවිට මගේ කෙඳිරිගෑම ඇයට ඇසෙන්නට ඇත්තේ යම් උගුර පෑදීමක් හෝ එවන් වෙනත් අව්‍යක්ත රාවයක් ලෙස වන්නට ඇත. ඇකය මත තබා කියවමින් සිටි පොතෙන් දෑස එස්වූ ඕ නළලත රැලිනංවා මා දෙස ක්ෂණික බැල්මක් හෙලා ආපසු පොත වෙතට දෑස් යොමුකොට ගත්තීය.
ඒ ක්ෂණික බැල්ම සහ ඒ හා රැඳුනු මද සිනහවක ඡායාව මගේ හදවත මෙන්ම ඒ හා බැඳුනු අනෙකුත් ඉන්ද්‍රියයන්ද මොහොතකට නතර කිරිමට සමත්විය. එසේය ඒ එක් මොහොතකට පමණි. ඊලඟ නිමේෂයේදී ඒ ඉන්ද්‍රියෝ මගේ ජීවිතයේ මින් පෙර කිසිදු අවස්ථාවක නොවූ පරිද්දෙන් මහත් වේගයෙන් ක්‍රියාකරන්නට වූහ. මගේ මුහුණ සහ ගෙල පෙදෙසට ලේ පුරා එනු මට හැඟුනේ හදිසියේම දැනෙන්නට වූ උණුසුම හේතු කොටගෙනය.
යුවතියක් ඉදිරියේ මම මෙවන් අපහසුතාවයකට පත්වුයේ මින් පෙර එකම අවස්ථාවකදීය. ඒ මගේ පාසල් සමයේදීය.
නොදැනුවත්වම නින්දට වන් අවස්ථාවෙහි මා සිරුර ආසනයේ මදක් පහළට ලිස්සාගොසිනි. මම කවුළුවට සුරත බරදී ඉහළට එසවී උඩුකය සෘජු කොටගෙන ආසනයෙහි හරිබරිගැසී හොඳින් හිඳගතිමි.
ඇය දිගටම පොත දෙස බලා සිටින්නීය. එහෙත් ඇය පොත නොකියවන බව මට සහතිකය. මා ඇය දෙස බලාසිටින බව ඇය දන්නීය. ඇය එය දන්නා බවද මම දන්නෙමි. මේ අනවශ්‍ය එමෙන්ම කිසිදු ඵලයක් නොමැති සිතුවිලි වලින් අපතේ හැරිය හැකි මොහොතක් නොවේ. ඇය ඊලඟ දුම්රිය නැවතුමෙන් බැස යා හැකිය.
ඉතා තියුණු වංගුවක් ගනිමින් දුම්රිය වම්පසට ඇලවිය. වේගයෙන් කවුළුව අසලට තල්ලුවුනු ඕ වහා පොත වසා ආසනය මත තබා දෑතින්ම කවුලුවෙහි වැරෙන් ග්‍රහණය කොට ගත්තීය. දුම්රිය තවමත් ගමන් කරනුයේ වංගුවෙහිය. එසේ කවුළුවෙහි එල්ලී සිටිමින්ම ඈ හිස ඔසවා මදෙස බලා යලි සිනාසුනාය. මම ද පෙරලා ඇය හා සිනාසුණෙමි.
මසිත පහන්වී ඇත්තේ දහසක් ලාහිරු නැඟ එන්නාක් ලෙසය. ඇගේ සිනහවෙහි වදන් දහසකින් කිව නොහැකි හැඟුම් සමුදායක් ගැබ්ව පැවතුණි. දෙනෙත් පියාගත්වනම සිත ඉහිල්ව යනසේ දිගු සුසුමක් හෙලූ මම මොහොතක් කවුළුවෙන් පිටතට දෙනෙත් යොමු කළෙමි. දුම්රිය මාර්ගය ට සමාන්තරව පිහිටි වෙල්යායක ඇවිදිමින් හුන් කොකුන් යුවලක් එක වරම අත්තටු විදහා අහසට ඉගිලුනෝය. ඒඅසලම වූ ලියද්දේ මඩ කළල් තබමින් හුන් තරුණයෙක් නියර දිගේ පැමිණෙමින් හුන් යුවතියකට කුමන හෝ කෙලිකවට කමක් කොට සිනාසුණේය. යුවතියද හිස හරවා බලමින් පිළිතුරු සිනාවක් පෑවාය. "මඩ ටිකක් ඉහින්න හිතයි මට නෑවිලම යන්න" ඔහු පැවසුවා විය නොහැකිද?
මම යලිත් ඇය දෙස නෙත් යොමුකලෙමි. ඇය නැවතත් පොතට සමවැදී හිඳියි. මද සිනහවකින් යුතුව මම අසුනේ ඇලවී දෙනෙත් පියාගතිමි.
පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්
නිළමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමළ
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
සිනා ගඟුල මැවුණේ
නුඹෙ හිනා ගඟුල මැවුණේ
කඩා ගන්න බැරි වුණත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන් මෙ ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා
ගේය පද - සුනිල් ආරියරත්න
ගී තනුව හා ගායනය - වික්ටර් රත්නායක
හ්ම්..........එහෙනං එහෙමයි වුණේ ඈ? මම හිතුවේ වෙනස් විදිහකට. මදෑ සිංදුවකින් ඉවරවුණා.
ReplyDeleteවිචා,
Deleteඉවර වුණා???..මොකද්ද බොල ඉවර වුනේ? හෙහ්,හෙහ්, නුවරට යනකල් මේ පේම කතන්දරේ ඇදෙනව විචා..නුවරට යනකල් ඇදෙනව..සම් ටයිම්ස් ඊවන් ආෆ්ටර් දැට්..යූ සී මයි ඩියර්....
නුවරට යනකොට තව සිංදු විස්සක්වත් දාන්ටයි මගෙ පරම පිවිතුරු චේතනාව..."පිරිසිදු චේතනා පාදයි පාදයි වාසනා"..:)
චෑ චෑ, එහෙනං නුවරින් ඉවර කොරන්ඩ එපා. බදුල්ලටම යං. එතකොට අර කොන්සීව් ද මොකද්ද එකත් වෙලා තියෙන්නැතෑ. හැක්.
Deleteපුංචි කෝච්චිය යයි හරි වේගෙන්..
Deleteපැය හතරට එක හැතැප්මෙ වේගෙන්..
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්..
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්..
සුපිරි.. මනෝ පාරක් ගහගෙන කෝච්චියේ ගියා වගේ මටත් දැනුණේ.. :)
ReplyDeleteකළ්‍යාණ,
Deleteදවසක ගාල්ලටවත් කෝච්චියෙ පලයං රියල් මනෝ පාරකුත් ගහගෙන...:)
මෙන්න මේ ඡේදය හරිම ලස්සනයි. මේ හැකියාව බ්ලොග් පාඨකයින්ට සීමා වීම අපරාධයක්.
ReplyDelete//මසිත පහන්වී ඇත්තේ දහසක් ලාහිරු නැඟ එන්නාක් ලෙසය. ඇගේ සිනහවෙහි වදන් දහසකින් කිව නොහැකි හැඟුම් සමුදායක් ගැබ්ව පැවතුණි. දෙනෙත් පියාගත්වනම සිත ඉහිල්ව යනසේ දිගු සුසුමක් හෙලූ මම මොහොතක් කවුළුවෙන් පිටතට දෙනෙත් යොමු කළෙමි. දුම්රිය මාර්ගය ට සමාන්තරව පිහිටි වෙල්යායක ඇවිදිමින් හුන් කොකුන් යුවලක් එක වරම අත්තටු විදහා අහසට ඉගිලුනෝය. ඒඅසලම වූ ලියද්දේ මඩ කළල් තබමින් හුන් තරුණයෙක් නියර දිගේ පැමිණෙමින් හුන් යුවතියකට කුමන හෝ කෙලිකවට කමක් කොට සිනාසුණේය. යුවතියද හිස හරවා බලමින් පිළිතුරු සිනාවක් පෑවාය. "මඩ ටිකක් ඉහින්න හිතයි මට නෑවිලම යන්න" ඔහු පැවසුවා විය නොහැකිද?//
තමන්ගේම පොතක් ලිවිය යුතු කෙනෙක්
Deleteඉයන් සහ ප්‍රා,
Deleteඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි මා දයාබර වූ සහෘදයිනි...:)
මෙයා පොතක් ලිවුවොත් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා එක පරාද වෙයි. හැක්..
Deleteසොබාදහම් සිරියත් සම්බන්ධ කරගෙන ලියන ලියවිලි කොහොමත් ලස්සනයි...
Delete++++++++++
Deleteමාත් ඕක කීප දවසක්ම කියන්න හිටියේ.. රවී අයියා මේ ලියන ලිවිල්ල පොතක් වෙනුවෙන් වැය කරානම් (බ්ලොග් එකේ ඇරපු වරහන් වහන ගමන් හැබැයි..) සිරා පොතක් ලියන්න තිබුනා.. දැන් වත් සලකල බලන්න
Deleteකවද හරි රවිය ලියන පොතේ විශේෂ ප්‍රණාමයට තමන්ගේ නම දාගන්න කැමති අය වහාම රවියට බල කරන්න පොතක් ලියන්න කියල..
පැතුම්,
Deleteබොලා පොතක් ගහපිය පොතක් ගහපිය කියනව.හෙහ්, ලියන එක මම කරන්නංකො..හරි මොකද කියන්නෙ උඹල බාරගන්නවද බරපැන?
රූප ටික හිතින් මවාගෙන රස වින්දා...
ReplyDeleteතුශානි, ඔබටත් ස්තූතියි නෝනා...:)
Deleteකුඹුරෙ හිටපු කොල්ලනං මඩ ගහයි. රවී අයියනං මඩ නායි වගේ. හැක්..
ReplyDeleteප්‍රසන්න,
Deleteකියන්නත් බෑ තමයි...;)
කෝච්චියේ ගමනයි, ගීතයයි දෙකම රස වින්දා...
ReplyDeleteස්තූතියි පොකුරු...:)
Deleteකතාවත් නියමයි! සිංදුවත් නියමයි !
ReplyDeleteපැදුරු සාජ්ජෙක ඩොල්කියක් එක්ක මේකත් මරු
[°•_•°] {`^`…´^´} (~•`_´•~),
Deleteස්තූතියි ඔබටත්.......
ලින්ක් එක නම ඕපන් නොවෙමි..පසුව යලි ට්‍රයි කොට බලන්නෙමි...:)
''මේ හැකියාව බ්ලොග් පාඨකයින්ට සීමා වීම අපරාධයක්''. ඉයන්ගේ අදහසට මුළුමනින්ම එකඟයි. අපූරු කෙටිකතාවක කළලයක්. දිගටම ලිවුවොත් නරකද?
ReplyDeleteප්‍රභාත්,
Deleteස්තූතියි ඔබටත්...බලමුකො මොකක් හරි කරන්ට...:)
අපූරුවට ලියලා තියෙ.... සිංදුවත් මරු......
ReplyDeleteඒ උනාට එන්ඩ එන්ඩ කොට වෙනවද මන්දා......
ස්තූතියි සූටික්කා,
Deleteමේ කොටසනම් ටිකක් කොටයි තමා. නිතර දෙවේලෙ මාගල් පෝස්ට්ම දාන එකේ සුට්ටං කතාවකුත් ලියල බලමු කියල හිතුන බං...:)
හෙන්රි වර්ණකුලසූරිය ගේ කෙටිකතාවක නම -
ReplyDeleteනගරාන්තර දුම්රියේ ප්‍රේමය.
ම්හු..කියවල නම් නෑ රසික...:(
Deleteඅපුරු සින්දුවක්.වලව්වල ළමාතැනිලා ඇයි නපුරු ඔය හැටි.
ReplyDeleteපොඩ්ඩි කුමාරිහාමිත් දැන් පේන්න නැහැනේ
මනෝජ්,
Delete/ වලව්වල ළමාතැනිලා ඇයි නපුරු ඔය හැටි. /
එහෙම හැම කුමාරිහාමිම නපුරු නෑ බොල, බොහොම ගුණ යහපත් පොඩි කුමාරිහාමි කෙනෙක් මෙන්ම ලොකු කුමාරිහාමි කෙනෙකුත් ඉන්න කතාවක් ලියන්ට මම කාලෙක ඉඳල හිතාගෙන ඉන්නව කුමරියකට පෙම් කළෙමි...තවම ලැබුනෙ නෑ කිව්වම ඉස්පාසුවක්...
/ පොඩ්ඩි කුමාරිහාමිත් දැන් පේන්න නැහැනේ /
එතුමිය අතුරුදන් වී ඇත...( She has gone MIA )....හෙහ්,හෙහ්
හෙ හේ වාංපතුල් තුමා..
ReplyDeleteඔය වගේම බස් එකක ගමනකින් පටන් ගන්න කතාවක් මාත් ලියල තියෙනවා. ඒ්ත් ඉතිං මේ වගේ ස්මූත් නං ලියන්න බෑ අජිත්.. හැක්. හැක්
එක සිතක්
කතාව කියවල රස වින්දා...
ReplyDeleteසිංදුව මනසින් රස වින්දා...
අනේ ඇත්තටම අර “කොහෙද යන්නේ" කියා ගන්න බැරි උනාද...
ReplyDeleteවෙනද වගේම මල් හතයි... හැබැයි පොඩීනේ....
මට මතක් වුණේ බ්ලොග් ලිවූ පොඩි කුමාරිහාමිව..)))))
ReplyDeleteවික්ටර් රත්නායක මහත්මයාගෙ දියණිය මේ ඊයේ පෙරේදා ජීවිතයෙන් සමුගත්තා..
හයියෝ ලොකු අයියෙ. කියල වැඩක් නැත. මට මතක්වුනා මාගේ කෝච්චි ප්‍රේමයක්. ඒත් මෙහෙම ලියන්න බෑ නෙව.
ReplyDeleteනුවරට යනකං තව සෑහෙන සිංදු තියෙයි වගේ
කොච්චර දිග උනත් කමක් නෑ ඩක ඩකස්.. සක ඩකස්... ගාල.. හුලඟට මූණට වැටෙන කෙස් රොදවල් කන්තුරේ සඟවලා විවේකීව යමු බොස්... හරි වින්දනාවමක ලියවිලි.. නුවර තව තව දුර වේවා..!
ReplyDeleteජයවේවා..!!
තව එකක් මග නතර කරලා දායි ඉතින්... අර මල් වලට වතුර දාන කෙල්ල ගැන හාන්කවිස්සියක් මතක නෑ නේද දැන්.. හෙහ් හෙහ්..
ReplyDeleteඋඩරට මැණිකේ දුම්රිය මැදිරිය ඇයගේ සුවඳින් නැහැවෙනා
ReplyDeleteආලකමන්දා පුරයකි ආදර පුරහඳ දහසක් පායනා
දිනක දුම් රිය පලකදී ඇය
ReplyDeleteහමුවුනා මට මතකයි
අඳුරුව ගිය මගේ දිවියට
නව ඉරක් පෑයූවයි
-මිල්ටන් පෙරේරා
මාගල් රවියට එන්ඩ කියාපිය
ReplyDeleteමේවට උත්තර දෙන්ඩ කියාපිය
Ivaan,
Deleteදවස් පහක ඊද් නිවාඩුවට පොඩි සංචාරයකට ආවා. ඒකයි ප්‍රමාදය....සමාවෙන්න...අනිද්දා ආපහු එනවා.එතකල් ඉවසනු මැන...:)
ලස්සන ටෙලියක් බැලුව වගෙයි . රසට ලියල තියෙනවා
ReplyDelete