Thursday, August 31, 2017

526. ඝාතකයකුගේ කතාව....1

ඩේවිඩ් බල්ඩාච්චි විසින් රචිත ද ගිල්ටි නවකථාවේ
පිටකවරය ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

විල් රොබී අඳුරු සෙවණැල්ලක්මෙන් සැඟව සිටියේ අත්හැරදැමූ පාළු ගොඩනැඟිල්ලක අබලන්වූ ජනේලයක් අසළය. එම ගොඩනැඟිල්ල පිහිටියේ අමරිකා එක්සත් ජනපදයේ වර්තමාන මිතුරු රාජ්‍යයක අගනුවර ප්‍රත්‍යන්ත ප්‍රදේශයකය.

රොබී මෙසේ සැඟව සිටින කාර්යය යම්හෙයකින් අසාර්ථක වුවහොත් සහ එමෙන්ම එහි රහස්‍ය භාවය හෙළිවුවහොත් බොහෝවිට හෙට දින පටන් ඒ තත්වය වෙනස්විය හැක. එනම් එක්සත් ජනපදය සහ මේ රාජ්‍යය අතර සබඳතා යලි පහසුවෙන් ගොඩනඟාගත නොහැකි පරිදි බිඳ වැටිය හැක. 

රොබී නොගිණිය හැකි පමණ වාර ගණනක් බොහෝ විදේශ රටවල මෙවන් අත්හැරදැමූ පාළු ගොඩනැඟිලිවල අබලන්වූ ජනේල අසළ දෑතෙහි රැඳි ආයුධයක්ද සහිතව සහිතව හුදකළාව ඉවසිලිවන්තව රැඳී සිට පලපුරුදු ඇත්තෙකි. පාළු එමෙන්ම අත්හැරදැමූ මෙවන් ගොඩනැඟිලි රොබීගේ රැකියාව උදෙසා ඉතාම ප්‍රශස්තය. ඉතාම නවීන දුරදක්නා උපකරණ සවිකල ස්නයිපර් රයිෆලයක් ආධාරයෙන් හිසට වෙඩි තබා ඔබට යමෙකු ඝාතනය කිරීමට අවශ්‍ය වන්නේනම් ඔබ කිසිසේත්ම එම කාර්යය දෙනෝ දාහක් මිනිසුන් නිතර ගැවසෙන ස්ථානයක සිට නොකරනු ඇත.

රොබී වනාහී සෑමවිටම සැළසුම අවසාන වශයෙන් ක්‍රියාත්මක කරන්නාය. දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීම සහ එහි වාසි අවාසි මැන බලා අවසන් තීරණය ගැනීම ඔහුට අණ දෙන උසස් නිළධාරීන්ගේ සහ ඊටත් ඉහළින් වූ දේශපාලනඥයින්ගේ කාර්ය භාරය විය. තීරණය දැනුම් දුන් ඉක්බිති ඉතාම නිරවද්‍ය ලෙස කිසිදු අතපසුවීමකට ඉඩ නොතබා එය ක්‍රියාත්මක කිරීම රොබීගේ කාර්යභාරය වූ අතර ඔහු එහි ඉතාම දක්ෂයෙක්ද විය. සමහරවිට එම කාර්යයෙහි මුළු මහත් එක්සත් ජනපදයෙහිම සිටින ඉතාම ප්‍රවීණයා ඔහු බවද බොහෝ තතු දත්තෝ පැවසූහ.

මෙම තීරණ ගන්නෝද එක්තරා ආකාරයක ඝාතකයෝ වූහ. එහෙත් ඔවුන් ඝාතනයට භාවිතා කලේ රොබී මෙන් වෙඩිඋණ්ඩනොව නොයෙක් අණපනත්, නීති සහ රෙගුලාසි පැනවීමය. එහෙත් එමඟින් ඔවුහු රොබීට තම ජීවිත කාලය තුල හෝ කල නොහැකි පමණ හානියක් නීත්‍යානුකූලවම කලෝය. 

රොබී හිස පහළට හරවා තට්ටු හතරකට පහළින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන වීදිය දෙස නෙත් යොමු කලේය. දැඩි නිශ්ශබ්දතාවයක් වීදිය පුරා පැතිර තිබිණි.

එහෙත් ඒ දැඩි නිශ්ශබ්දතාවය තව බොහෝ වේලා නොපවතිනු ඇත. රොබී තම කාර්යය ඉටු කල ඉක්බිති ඒ නිශ්ශබ්දතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි බිඳ වැටෙනු නියතය.

රොබීගේ දකුණු කණ තුල රැඳවූ  රැහැන් රහිත කුඩා ශබ්ද විකාශන උපකරණය අවසන් උපදෙස් නිකුත් කලේය. ඒ සමඟම රොබී විසින් කලයුතු කාර්යය පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක්ද අඩංගු විය. 

සත්‍ය වශයෙන්ම මෙසේ අවසාන මොහොතේ උපදෙස් නිකුත් කිරීමෙහි කිසිදු අවශ්‍යතාවයක් නොවීය. ශෛලමය පුවරුවක කෙටූ වදන් මාලාවක් මෙන් ඒ සියල්ල රොබීගේ මනසෙහි තැන්පත්ව තිබිණි. 

එසේ අකුරින් අකුර සිහිතබා ගැනීම රොබීගේ කාර්යය සාර්ථකව ඉටුකිරීම සහ ඉක්බිති තවත් දිනයක එම කාර්යය කිරීම උදෙසා ජීවිතය රැකගැනීමට ඉතාම අත්‍යාවශ්‍යය. මෙවන් බොහෝ මෙහෙයුම් සංඛ්‍යාවකට ඉක්බිතිද රොබී තවමත් නිරුපද්‍රිතව මිහිමත වසනුයේ හුදෙක් ඒ මතක තබාගැනීමේ හැකියාව නිසාමය.

කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණයෙන් නිකුත්වූ හඬට සාවධානව සවන්දුන් රොබී පහත් හඬින් කිසියම් ප්‍රශ්න කිහිපයක් විමසා ඔහුට අපැහැදිලිවූ යම් කරුණු කිහිපයක් පිළිබඳ සැක දුරුකොට ගත්තේය. අවසන ඔහුට මෙහෙයුම උදෙසා සූදානම් ව සිටින්නැයි යන නියෝගය ලැබිණි. මේ සියල්ල රොබීගේ රාජකාරිය ඉටු කිරිමේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියයි.

එම ක්‍රියාපටිපාටිය සාමාන්‍ය යනුවෙන් හැඳින්විය හැකිද යන්න සත්‍ය වශයෙන්ම මතභේදාත්මකය. එසේ වනුයේ එම ක්‍රියාපටිපාටියෙහි අවසන් ප්‍රතිඵලය වනාහී කිසිවෙකු ප්‍රචණ්ඩ ලෙස ඝාතනය වීම බැවිනි.

රොබී තම වෘත්තීය ජීවිතය ආරම්භයෙහිදී කිසිදු විටෙක තමන්ට රැකියාව වශයෙන් කිසිවකුගේ නියෝග පරිදි තමන්ට පෞද්ගලිකව කිසිදු හානියක් නොකල පුද්ගලයින් ඝාතනය කිරීමට සිදුවනු ඇතැයි සිහිනෙනුදු නොසිතීය. එහෙත් අනපේක්ෂිත සහ දෛවෝපගත සිදුවීම් කිහිපයකින් අනතුරුව ඔහුට මේ අකුරු තුනකින් සැදි සංකේත නාමයකින් ලොව පුරා කුප්‍රසිද්ධ රහස් ඔත්තු සේවයට සම්බන්ධව කටයුතු කිරීමට සිදුවිය.

ඔහු තම ඝාතක දිවිය ඇරඹූයේ පියවරෙන් පියවරය.

පළමුව ඔහු පුහුණුවූයේ ඝණ කඩදාසියෙන් නිර්මිත ද්විමාන ඉලක්කයන් සමඟය. දෙවනුව ඒ පදම්කල මැට්ටෙන් නිර්මිත ත්‍රිමාන ඉලක්කයන් බවට පත්වූහ. තෙවනුව ඔහු පුහුණු වූයේ ස්වාභාවික රුධිරයට ඉතාම සමාන දියරයක් අඩංගු කුඩා පොලිතීන් බහාලුම් උර කුහරය සහ හිස තුල රැඳවූ මිනිසකුට සර්ව ප්‍රකාරයෙන්ම සමාන වූ ආකෘති සමඟය.

මිනිසකුට ඉතාම සමාන ආකෘති සහ කෘත්‍රිම රුධිරය ස්වාභාවික මිනිසුන් සහ රක්තවර්ණ සත්‍ය රුධිරයට විකාශය වූයේ කවදා කෙලෙසකදැයි රොබී නොදත්තේය. සත්‍ය වශයෙන්ම ඔහු ඒ පිළිබඳව කිසිවිටෙක නොසිතුවේය. එසේත් නැතහොත් ඒ පිබඳව සිත් මෙහෙයවීමට ඔහුට අවශ්‍යතාවයක් හෝ කාල වේලාවක් හෝ නොවීය.

ඔහු තම අතෙහි රැඳි ගිණිඅවියෙහි කොකා තදකොට බොහෝ මිනිසුන් ඝාතනය කොට ඇත. ඒ කිසිම විටෙක එසේ කිරීමට හේතුවක් ඔහු කිසිවකුගෙන් නොවිමසීය. එසේ විමසන ඝාතකයෝ ඒජන්සිය තුල අප්‍රසාදයට ලක්වන්නෝය. ඔවුහු ඉතා ඉක්මණින් රැකියා විරහිත වන්නෝය. බොහෝවිට ඔවුන්ගේ රැකියා විරහිත දිවියද ඉතා කෙටි කාලයකට සීමා වන්නේය. ඔවුහු බොහෝවිට හදිසියේම ඝාතනය වන්නෝය.

මෑත කාලයේදී රොබීගේ සිතෙහිද යම් යම් ප්‍රශ්ණ පැණනොනැඟුනේ නොවේ. සෘජුව තමන්ට ලැබුණු නියෝග ප්‍රශ්ණ නොකළද ඔහු කෙමෙන් කෙමෙන් තම අප්‍රසාදය නියෝග ලබාදෙන්නවුන්හට හැඟෙන්නට සැළැස්වීය. එබැවින් වියයුතු ලෙසම ඔහු සේවය කල ආයතනයේ උසස් නිළධාරීන් අතර ඔහුගේ ජනප්‍රියත්වයද ඒ අප්‍රසාදය දැක්වීම් හා සමානුපාතිකව පහළ බසිමින් පැවතියේය. එහෙත් රොබී ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළේය.

රොබී දෑස් තදින් පියාගත්වනම හිස කිහිප වරක් සොළවා අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් පළවා හැර තමන් මේ අත්හැරදැමූ ගොඩනැඟිල්ලට පැමිණ ජනේලයක් අසල සැඟවී සිට ඉටු කිරීමට අපේක්ෂා කරනා කාර්යය කෙරෙහි දැඩිව සිත යොමු කලේය.

********************************

පලි - 

මේ මම මේ දවස්වල කියවන පොතෙන් පොඩි කොටසක්. 

ඩේවිඩ් බල්ඩාච්චි කියන්නෙ අමරිකානු ජාතික සුප්‍රසිද්ධ ත්‍රාසජනක කථා රචකයෙක්. විල් රොබී සහ ජෙසිකා රීල් කියන්නෙ ඔහු මැවූ ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙන්නම සී.අයි.ඒ. සංවිධානයෙ නිල ඝාතකයො. විල් රොබී කථා මාලාවෙ හතරවෙනි පොත තමයි ද ගිල්ටි. 

පපලි - 

හරි හරි කෑගහන්ට එපල්ල. මේක දිගටම ලියන්ට බලාපොරොත්තුවක් නෑ. තව එක කොටසයි. ඒක සෙනසුරාදට දාන්නං. වැඩේ ක්ලෝස්....:)

36 comments:

  1. 1. "The Story Of My Marriage" ලියන අතරේ බ්‍රේක් එකකට "ඝාතකයකුගේ කතාව". ඒකත් නරක නෑ!
    2. කාලෙකට පස්සේ පඳුරු තැලිලි නැති පෝස්ට් එකක්!

    ReplyDelete
  2. කගහන්ට එපා කිව්වා? මොකටද ඉතින් මගේ කට!

    ඒ උනාට ලස්සනට පරිවර්තනේ කොරල... ඉතුරුවා සහ කොට ගැන බලාපොරොත්තු නැත

    ReplyDelete
    Replies
    1. Likhitha,

      /ඉතුරුවා සහ කොට ගැන බලාපොරොත්තු නැත/

      Don't count on it as surprising the fairer sex is one of my favourite past times....:)

      Delete
    2. කිව්වත් වගේ හරියටම හෙනහුරාදට දාල තියෙන්නේ......

      කුලියට මිනීමරන මිනිස්සු එක්ක නම් මේ සෙල්ලම් බැහැ හරිද? හුහ්

      Delete
    3. ලිකිට්ස්,

      මේ ටිකේ මම කියෙව්ව යස අපූරු සන්ක්සිප්ත කවි වගයක්. එව්ව කියෝල ඔරේ මන්දන් වෙලා ලිව්ව ඒ ගැන පෝස්ට් එකක්. ඒකයි අර ගාතකයගෙ කතන්දරේ පරක්කු උනේ...

      Delete
    4. ඔබතුමාට ඉතින් කෙටියෙන් කිව්වහම ඔරේ මන්දන් වෙනවා ඇති තමයි. මොකද යමක් කෙටියෙන් කියල අහවරක් කරන ගතියක් අහලවත් තියෙනවද? ඔක්කොම චුයින්ගම් ටයිප්නේ. දහසකුත් එකක් ඩ්රාෆ්ට් පෝස්ට් අස්සෙන් අරන් එහෙනම් මුලින් ලිව්වය කියපු එකවත් දාල, එන හෙනහුරාදටවත් ඝාතක තොමෝ ගැන කියමුකෝ....

      Delete
  3. පොත් කියවන්න එපා මනුස්සයෝ..

    ReplyDelete
  4. මමත් කැමතිම කතා වර්ගෙකි ලියා ඇත්තේ මධු බිබී
    හිතත් ගැස්සෙන චරිතයක් නොව කතා නායක මේ රොබී
    අදත් සතුටින් කියවගන්නේ සතුටු කඳුලක් මා බිබී
    එහෙත් දුකකිය නවත්වන බව කියා ලිව්වම මේ රොබී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Dumee,

      /ලියා ඇත්තේ මධු බිබී../

      මධු බිව්වෙ නං නෑ ගොයියො...:)

      Delete
  5. පඳුරු නැතුව වෙඩි වගේ ලියලා....
    //හරි හරි කෑගහන්ට එපල්ල. මේක දිගටම ලියන්ට බලාපොරොත්තුවක් නෑ.// පික්ෂු කෙලින්න එපා. මේකත් දිගටම ලියමු!

    ReplyDelete
  6. කියවීම මිනිසා අසම්පූරන කරයි... අහල නැද්ද ඕක...

    ReplyDelete
    Replies
    1. තඩ්ස්,

      අහල තියනව අහල තියනව..මොකෝ නැතුව?

      Delete
  7. අභය හේවාවසම් පරිවර්තනය කරපු "ෆෙඩ්‍රික් ෆෝර්සයිත්ගේ" පොත් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. Manoj,

      ෆෝසයිත්ගෙ පොත්වල පරිවර්තන මම කියවල නෑ මල්ලි...

      Delete
  8. මරු. ඒ වුණාට අර ක්ලියෝපැට්‍රගෙ නහය තමයි ඊලඟට

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      එහෙම නහයකුත් තියනව නේද හැබෑට? බලමු බලමු...:)

      Delete
  9. මේ මනුස්සය ඔය පොත කියෝල ඉවරවෙලා කාට ගිනි බිඳී ද දන්නෑ. මේ පෝස්ට් එක වෙඩි වගේ ලියල තියෙන හැටියෙන්ම මොකක් හරි වෙනසක් පේනව. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඇත්තෙයි? අම්මපෙයි? එහෙම වෙනසක් පේනවයි ඔහෙට?

      Delete
  10. /හිස කිහිප වරක් සොළවා අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් පළවා හැර/

    රොබිගේ මේ දක්ෂකම අපටත් තියෙනවානම් කොයි තරම් අගේද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      කිව්වත් වාගෙ ඇත්තම නේන්නම්..:)

      Delete
  11. මේ යකා පොත් කියවන්නෙත් බ්ලොග් පොස්ට් දාන විදියටද කොහෙද හෙහ් හෙහ්
    ඔය පොතේ මුල් කොටස කියෙව්වේ මිට අවුරුදු කීයකට විතර කලින් ද රවී අයියේ?

    ReplyDelete
    Replies
    1. Pathum,

      /ඔය පොතේ මුල් කොටස කියෙව්වේ මිට අවුරුදු කීයකට විතර කලින් ද රවී අයියේ?/

      මුල් කොටස කිව්වෙ බං?...නොවැටහුනෙමි...

      Delete
    2. හෙහ් හෙහ් එක පොතක පරිච්චේද 2-3ක් කියවල, ඒක පැත්තකින් තියල තව පොතක පරිච්චේද 2ක් විතර කියවල, ආයේ ටික දවසකින් වෙනමම පොතක් කියවනව වගේ අවුරුද්දට පොත් 20ක් විතර කියවනවද කියල ඇහුවේ හෙහ් හෙහ්.. බ්ලොග් පෝස්ට් දාන්නේ එහෙමනේ..

      Delete
    3. හෑ පැතුම් මම කියවන්නෙත් එහෙමනේ. මේ දවස් වල පොත් තුනක් කියවනවා එක පාර. නැත්නම් කොහොමද ඉවර කරන්නේ.

      Delete
  12. පරිවර්තනය හොඳයි. අර stieg larsson ge girl with the dragon tattoo සහ ඩැන් බ්‍රව්න් ගේ පොත් දෙක තුනකුත් පටන් ගත්ත නම්.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඒ සීරීස් එකේ හතරවෙනි පොතකුත් තියනව "The girl in the spider's web" ....හැබැයි ලියල තියෙන්නෙ Stieg Larsson නෙවෙයි වෙන එක්කෙනෙක්.

      Delete
    2. ඒකනේ කිව්වේ ස්ටිග් ලාර්සන් ගේ කියල. මේ පොත නම් කියෙව්වේ නම් නැහැ තවම. බලන් ඉන්නවා වෙලාවක පටන් ගන්න.

      Delete
    3. අර පොත් තුනේ pdf තියනවා ඕනෙනම් එවැන්න පුළුවන්.

      Delete
    4. අජිත්,

      එහෙනම් එවන්නකො බලන්න. පළවෙනි පොත් දෙක කොහොමත් මා ගාව නෑ. ලංකාවෙ තියෙන්නෙ.....:)

      Delete
  13. http://www.magnetdl.com/file/2546200/david-baldacci-the-guilty-will-robie-4-wildwielder-cpul-.epub/

    ReplyDelete
  14. This is a torrent. Use u torrent to download.

    ReplyDelete
  15. අනේ යන්ට අය්ය යන්ට... මෙතන කතාවල කෑලි කෑලි ලියලා අපිව අස්සනවා... දැන් අර කතාවක් ලියුව.. ඒක දැන් ලියන්නෙම නෑ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...