Friday, February 9, 2018

565. පුවක් එෂැණිං 40 - බ්‍රිගේඩියර් කෝළම නොහොත් නූතන සිරිසඟබෝ කතා වස්තුව....

Never hold your farts in.
They travel up your spine,
 into your brain,
and
that is where
shitty ideas come from!

මගෙ ජීවිතේ ඉස්සෙල්ලම  මම බ්‍රිගේඩියර් කෙනෙක්ව අඳුන ගත්තෙ බ්‍රිගේඩියර් එම්. බ්‍රිගේඩියර් එම් කියන්නෙ ජේම්ස් බණ්ඩගෙ ලොක්කා. ජේම්ස් බණ්ඩා 019 කියන්නෙ ඉයන් ෆ්ලෙමිංගෙ ජේම්ස් බොන්ඩ් 007ගෙ ලාංකික Alter Ego එක. ජේම්ස් බණ්ඩා ඩීමන් ආනන්දගෙ නිර්මාණයක්. ෆ්ලෙමිංගෙ පොත්වල බොන්ඩ්ගෙ ලොක්කා හැඳින්නුවෙ නිකම්ම M කියල. ඒත් ඩීමන් ආනන්ද එම්ට බ්‍රිගේඩියර් තනතුරක් ප්‍රදානය කලා. අන්න ඒ හින්දයි  ජෙම්ස් බොන්ඩ් ගෙ ලොක්ක නිකම්ම M වෙද්දි ජේම්ස් බණ්ඩගෙ ලොක්ක බ්‍රිගේඩියර් එම් වෙන්නෙ. 

ඊට පස්සෙ මට සමීපවුනු බ්‍රිගේඩියර්ල තමයි බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බ්‍රිගේඩියර් ජපනා ජයවර්ධන...ඒ දෙන්න මට මුණගැහුනේ ඩේලිනිව්ස් අන්තිම පිටුවෙන්..ඒ කිව්වෙ ක්‍රීඩා පිටුවෙන්..දෙන්නම රග්බි රෙෆ්‍රීස්ල. 

Yesterday at Longdon place in a closely fought game Havelocks beat CH & FC by  the slimmest of margins 16-15 Brigadier Denzil Kebbekaduwa refreed....

ඔය ඔක්කොම සිදුවීම් වුනේ හැත්තෑව දශකයෙ මැදභාගෙදි...

ඒ කාලෙ මම දන්න බ්‍රිගේඩියර්ල එහෙමයි. ඒකටත් එක්ක දැං ඉන්න බ්‍රිගේඩියර්ල..ඇත්තම කිව්වොත් බ්‍රිගේඩියර්ල කිව්වොත් වැරදියි එක බ්‍රිගේඩියර් කෙනෙක්...මිනිහ ඉන්නෙ ලන්ඩන්වල. තානාපති කාර්යාලෙ වැඩ කරන්නෙ..තවම හිතාගෙන ඉන්නෙ ඉන්නෙ නන්දිකඩාල්වල කියල. තවම ඉන්නෙ යුද මානසිකත්වයෙන්. දෙමෙල්ලුන්ගෙ බෙල්ල කපන එක තමයි තාමත් හිතේ තියෙන්නෙ..

මෙතන සීන් එක කවුරුත් දන්න හින්ද ආය විස්තර ඕන නෑනෙ..අර බ්‍රිගේඩියර් සිරිසඟබෝගෙ සීන් එක. බෙල්ල කපන විදිහ අර පෙන්නන්නෙ ඇඟිලි දෙකෙන් බෙල්ලෙ හරහට ඉරක් ඇඳගෙන..අන්න ඒ සීන් එක...එක අතකට මේ නුහුගුණාපිත  මනුස්සය ගැන කතා කරන එකේ තේරුමකුත් නෑ. ඒත් මට ලියන්න ඕනය කියල හිතුනෙ අපේ මිනිස්සු ජාතිය ආගම ගැන කතාකරද්දි මොන තරම් නම් අන්තගාමී වෙනවද කියල කියන්නයි.

ඒ කියන්නෙ සිරිසඟබෝ ලන්ඩන් වල බෙල්ලෙ ඉරක් ඇඳගෙන ලෝඩ් පකීර් වගෙ ආපහු හැරිල එම්බසි එකට රිංගගෙන හුස්මක් කටක් ගන්ටත් ඉස්සර සිරි ලංකා වාසී වත් පොත් ජනතාව සිංහ කොඩි පෙරවගෙන සිංහයො පිටනැඟිල පාරට බැස්ස නෙව.

ඔන්න වැඩේ උනේ මෙහෙමයි....ළමයි

ඊයෙ උදේ ඔෆිස් එකේ ඉන්න ගමං මම නිකමට වගෙ වත් පොත පැත්තෙ ගිහිල්ල බැලුව. මේ දවස්වල මොබයිල් ඩේටා ඇලකේෂන් එකේ අන්තිම හරිය යන්නෙ. ඒ හින්ද ඔය ඉඳ හිටල රවුමක් ගිහිල්ල බලනව විතරයි. 

අම්මට උඩු ගියා තමයි..ආය මොනවද? ටිකිරි සඳමාලිගෙ කිරිඅත්තටම පෙනීයං...වත් පොතේ දේසප්‍රේමී කට්ටියක් ලැහැත්තිවෙල අපේ සුරංග මලෙයට  හිටු කියල නෙලනව. බහුතරයක් ඉන්නෙ බබලත්තු. 

චීත්ත හැඳගත්තියෝ දණ දක්වා චීත්ත ඔසවාගෙන සුරතට ගත් ඉළපතින් සුරංගයාගේ හිසට පහර පිට පහර එල්ල කරන්නීය. ඩෙනිම් කළිසම් හැඳ සිටින්නියෝ කළිසං කකුල් දණ දක්වා නවා ලා පියා දෑතින් තරව ගත් මොප් වලින් සුරංගයාගේ පිට කොන්ද හරහා පහර දෙන්නීය. ඒ අසරණ අහිංසක සුරංගයා තෙමේ විලාප දීමට හෝ පමණ ඉස්පාසුවක් නොලැබෙන්නේ, එහා මෙහා පැන දැඩි ප්‍රහාර වළක්වා ලීමෙහි ලා පියා අසාර්ථක උත්සාහයක යෙදෙන්නේය.

මේක දැක්කම මගෙ බඩ පපුව පත්තුවෙලා ගියා. අනේ අප්පේ අර අහිංසක චූටි මැණිකෙයි නූපන් දරු පැටියයි. එහෙම හිතල මම මියෙම්වා රැකෙම්වා  මෙගේ ඩේටා සියල්ල නැති බංගස්තාන වී ගියද කම් නැත. යලි වැඩි මිලට හෝ ඩේටා මිලට ගෙන සුරංගයා වෙනුවෙන් සටනට එමි. ඔහු කෙලෙසකවත් තනි නොකරන්නෙමි එහෙම හිතල කමෙන්ට් එකක් එහෙම දාල සටනට බැස්ස කියමුකො..

හුහ් බැස්ස තමයි...මෙන්න බබලත්තු සැට් එක මට වට පෝරියල් එක දෙන්ට තිබා ගත්තෙ නැතැයි. අනී මම බය වෙච්චි පාර පොහොං එක එහෙම්මම බිම ඇතෑරල ඔෆිස් එකෙනුත් එලියට පැනල කාන්තාරෙ සෑහෙන දුරක් දුවල ඉඳි ගහක් යට ඉඳගෙන හති අරින්ට ගත්ත. අනේ අපේ සුරාට මක් උනාද දන්නෙ නෑ. එදයිං එදයි මම නෙවෙයි ඒ පැත්ත පලාතෙ ගියේ.

දේසප්‍රේමී ගොසිප් සයිට් එකක ඔය විස්තරේ තිබ්බෙ මෙහෙමයි.

යාං හෑල්ල ලියන ප්‍රවීන බ්ලොග් කරු සුරංගට වට කරගෙන නෙලයි.....

සුරංග බියෙන් ත්‍රස්ත වී කරන ලොමු දැහැගැන්වෙන විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න..

"මම නිකමට වගෙ එතනට යැවුනෙ. මොකද ඔය තොයිලෙ නටාපු ඉඩම අයිතිකාරි මම හොඳටම අඳුනනව. එයා විහරක් නෙවෙයි එයයිගෙ කලත්‍රයා එතකොට දරුවා හිට අඳුනනව. ඒ ඇඳුනුම් කමට තමයි එතනට ගියේ. මම ඇත්තම කියන්නංකො  මම ඇහුවෙ මොකද මෙතන මේ කලබොලේ? කියල විතරයි. 

හප්පේ ඒ වචන තුන හතර ඇහුව විතරයි. එතන පොදි කකා එහාට මෙහාට පැන පැන හිටපු බබලත්තු රොත්ත පිටිං අවි අමෝරාගෙන මට කඩා පැන්නෙ නැද්ද? දෙයියෝම සාක්කි...මම අර පොඩි එකා කාලෙ පොලෝසියෙං කසිප්පු අල්ලන්ට එනකොට සෙනෙවිරත්න අයියගෙ කසිප්පු බූලිය දෑතිම්ම බදාගෙන ලඳු, කැලෑ, ඕවිටි, බඩ වැටි උඩිං එක පිම්මට පැනල ගම හරහා දුවල පුරුද්ද තිබ්බ හින්දා ඔන්න හොඳට ගියා. 

නැහ්නං ඒ වෙලාවෙම ඒ බබලත්තු ටික මාව කෑල්ලෙං කෑල්ල ගලවල එතනම පාත්තියක් හදල අර මයියොක්ක දඬු හිටවනව වගෙ හිටවලයි පස්ස බලන්නෙ...ඒකෙ ආය හෝදන්ට එහෙම දෙයක් නෑ.

කල්‍යාණ මිත්‍රය ලියපු පෝස්ට් එකේ සුරංගය තමං මූණ දුන්නු ඒ අති බයානක අත්දැකීම විස්තර කලේ මෙහෙමයි…

"මේක ගැන මං බුකියෙ කොමෙන්ටුවක් දැම්මා "මෙව්වයිං අපිට විරුද්ධව යන එකාලට අපිටම කෙලින්න ආවුද ලැබෙනව" කියල. දහ දොලොස් නමක් වටකරගෙන නෙලුවා. අන්තිමට මාව බුකියෙන් අතුගාලා දාන්න කොස්ස හොයන්න බවලත්තු කීප දෙනා එහෙට්ට මෙහෙට්ට වෙන අල්ල පනල්ලෙ බේරුනේ. අර මාගල් රවි උන්නැහැ තවම එතැන. පුලුවං එකෙක් ගිහිං බලහල්ලා අසරණයව."

අන්න දැක්කද සුරා හොඳ එකාය කියන්නෙ මයෙ ගැනත් ඌට කල්පනා වෙලා තියනව.

ඊට පස්සෙ මම මෙහෙමත් කිව්ව...

යමක් තේරුම් බේරුම් කරල දෙන්න පුලුවන් තැනක් නෙවෙයි ෆේස් බුක් එක කියන්නෙ. මම නම් ඕකෙ තියන ගොන් පාට් වලට සම්බන්ධ වෙන්නෙම නෑ. ඒත් අර සුරංගය තනියම ගේම ගෙනියන හින්ද සහයෝගයට ගිහිල්ල කමෙන්ට් එකක් දාල ආවෙ.. 

අම්මට උඩු එතන ඉන්න බබලත්තු නෙව වැඩේ..ගෙදර දොරේ වැඩ කරන්නෙ එතනිං ගිහාම රස්සාවට යන්නෙත් මං හිතන්නෙ සිංහයෙක් ලණු පොටකින් බැඳගෙන ඌත් ඉස්සර කරගෙන..පොඩ්ඩ බැරි උනාද නැග්ග සිංහයගෙ පිටේ.. වැනුව කඩුව හතර වටේ...

පස්සෙ මට මෙහෙම ආරංචියකුත් ආව...

බ්‍රිගේඩියර් වරයා කොටි හිතවාදීන්ගෙන් අල්ලස් ගත් බවට සැකයක් - පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වුනු කොටි හිතවාදී උද්ඝෝෂකයින්ට ගෙල කපා දමන බට හඟවමින් තර්ජනය කල බ්‍රිගේඩියර් වරයා එසේ කලේ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන බවට සැකයක් මතුවෙමින් පවතී. විසි දෙනෙකුගෙන පමණ සැදුම්ලත් මෙම කණ්ඩායම මීට පෙරද මෙවන් උද්ඝෝෂණ පැවැත්වුවද ඒ සඳහා කිසිම මාධ්‍ය ප්‍රචාරයක් නොලැබුනු බැවින් ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් ඔවුන් මේ උපාය මාර්ගය අනුගමනය කොට ඇති බව බ්‍රිතාන්‍ය පොලීසිය සැක කරයි. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

සිරිසඟබෝගෙ බෙල්ල කපන සීන් එකෙන් උෂාර් වෙච්චි දේසපෙරේමී ජනතාව කිසිම කෙනෙක් කතා නොකරන දෙයක් තමයි සිරිසඟබෝගෙ එතන රාජකාරිය ඇත්තටම මොකක්ද කියන එක...එම්බසි එකට පිටින් මහ පාරෙ  විරෝධතාවයක යෙදෙන මිනිස්සුන්ට බෙල්ල කපනව කියල සංඥාවක් කරන එක කොතරම් දුරට තමන්ගෙ නිලයට ගැලපෙනවද? එතකොට එහෙම කරපුහම ශ්‍රී ලංකා ආණ්ඩුව  විදේශීකයින් අතර අප කීර්තියට ලක්වෙයි නේද?  වගෙ කාරුණු කරණා ගැන යම්තමටවත් හිතල බලන්ට අපේ දේස ප්‍රේමීන්ට කිසිම උවමනාවක් නෑ..

"අපේ සිංහයාට ගවුරවාදර බක්තිය.." "බ්‍රිගේඩියර් අයියේ දෑස් පලාගෙන කඳුළු ආවා අයියේ"..."කොහොමද සිංහ සෙයියාව"..."අපේ කාලයේ වීරයෙක්"..."කොටි ඉදිරියට ඔහු යන නිර්බීත විලාසය දැකල මගේ පිත්තාසය එක නින්නාද වුනා  බ්‍රෝ..."

ඔන්න ඔහොමයි බුකියෙ හෝ ගාල කතාව....තව කට්ටිය සිරිසඟබෝගෙ පින්තූර ප්‍රොෆයිල් එකට දාගන්නව. මනුස්සයගෙ ඒ කාලෙ පින්තූර හොයල අරගෙන ෂෙයාර් කරනව. එක කැම්බැල්ලයයි. 

ඒක අස්සෙ යුද්දෙ ඉවර වෙච්චි කාලෙම වගෙ හින්දු පූජකයෙක් සිරිසඟබෝගෙ නලලෙ තිලකයක් තියනව එතකොට දෙමල  ගම්වැසියො කට්ටියක් එක්ක මෙතුමා බොහොම සතුටින් සිනාමුසු මුහුනින් ඉන්නව වගෙ පොටෝසුත් ෂෙයාර් වෙනව එකසිය ගානට. ඒකෙන් කියන්නෙ මේ මනුස්සය ඉතාම කුළුණු ගුනැති පරාර්ත කාමී සත්ගුනවත් මහත්තයෙක්ය කියල. එහෙම වෙන්නත්  ඇති. අපිට එක පාරටම නෑ කියන්න බැහැනෙ. 

එහෙම පොටෝ දාල තිබ්බ පෝස්ට් එකකට අපේ තිසර මලය හොඳ උත්තරයක් දීල තිබ්බ.

"Mr X hold drivers licence for 20 years, and he has never violated a traffic rule in this time, and in fact his courteous behaviour behind the wheel is admired by many. Today, he drives at 70kmph on a 60 road and get caught. Has he done anything wrong?"

අනික 2009 අවුරුද්දෙ යුද්දෙ ඉවර වෙච්චි ගමං දෙමල ජනතාවගෙ හොඳ හිත දිනාගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුනා ජෙනරල්ගෙ මූලිකත්වයෙන්. ඒ ඒ පළාත්වල හමුදා උසස් නිලදාරීන් පෞද්ගලිකවම ගිහිල්ල දෙමළ ජනයා එක්ක එයාලගෙ අවශ්‍යතා ගැන සුහදව කටයුතු කලා. මට හිතෙන්නෙ මේ සිරිසඟබෝගෙ පෙරකදෝරුවො ෂෙයාර් කරන ෆොටෝස් බොහෝවිට එහෙම එව්ව වෙන්න ඕන. එව්ව ඒ කාලෙ ඒ අය කලේ තමන්ගෙ රාජකාරියෙ කොටසක් විදිහට. 

මම එකෙහෙලාම කියන්නෙ නෑ සිරිසඟබෝ නරක මිනිහෙක්ය ඔය දෙමල අය එක්ක  සුහදව වැඩ කලේ රාජකාරිමය වශයෙන් විතරක්ම හින්දය කියල. ඒත් එහෙම වෙන්නත් පුලුවන් නේද? 

ආ..තව එකක් කියන්න ඕන. මේ ඊයෙ ඉඳල වගෙ තව වීඩියෝ එකක් දාල තියනව ඒත් ඔය බ්‍රිගේඩියර්ගෙ පෙරකදෝරුවො විසින්.... ඒකෙ පෙන්නන්නෙ අර උද්ඝෝසකයින් ලඟට ගිහිල්ල සිරිසඟබෝ එයාල එක්ක කතා කරනව. එහෙම කතා කරපු එක කමක් නෑ කියමුකො. ඒ එක්කම කියනව එහෙම සුහදව කතා කලාම මනුස්සයට  බැන්නලු. 

ඒ පාර මල පැනපු  ගමනලු අරම බෙල්ල කපනව පෙන්නුවෙ. මොනව කිව්වත් ඉවසන්ට බැරි මිනිස්සු ඔය වගෙ තැන්වලට නොයා ඉන්න ඕන. ඔය මනුස්සය ගිහිල්ල ඔය බහුබූත වැඩේ කලේ නැත්නම් පෙබරවාරි හතර වෙනිද ඔහොම එකක් තිබ්බද කියලවත් ලෝකයා දැනගන්නෙ නෑ. දැං මේ මනුස්සය කරපු ඕන නැති වැඩේ හින්ද උනේ ඒක ලෝක ප්‍රසිද්ද උන එක.

කොහොම හරි අපේ බුකී වාසී දේශ ප්‍රේමීන්ගෙ හැසිරීමෙන් ආයම පාරක් ඔප්පු වෙන්නෙ අන්මත ඉවසීම සහ යම් මතයක් අපි පිළිනොගත්තත් ඒ මතය ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා නොකල යුතුය කියන පරම සත්‍යය තේරුම් ගන්ට අපිට තව වසර පනහක්වත් අඩුම තරමේ ගතවෙයි කියල තමයි.

71 comments:

  1. අපේ ගොබබ හැතිකරේට ඕවා කියල වැඩක් නෑ. ඔය වගේ උද්ගෝශන වලට මොලෙන් ගේම දෙන්න ඔනේ. එම්බසිය ගානේ උදගෝශන කරන එවුන තිබහට බොන්න වතුර බෝතල් ටිකක් යවලා, ඔහේ පොටෝ එක ප්‍රසිද්ද කරනවා වගේ වැඩක්. ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපනවා වගේ. කොහෙද බ්‍රිගේඩියර් ඌරොත් එක්ක වලි දාගනන ගිහින් මඩ නාගේ ආවනේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අන්න එහෙමනෙ බං කරන්න ඕන...

      හැබැයි ඉතිං අපේ බ්‍රිගා එහෙම වතුර බෝතල් ඇරියනං බුකියෙ කතාව යන්නෙ වෙන විදිහකට..

      "ශ්‍රී ලංකාවට විරුද්ධව උද්ඝෝෂණය කල ඊලමුන්ට දේශ ද්‍රෝහී බ්‍රිගේඩියර් වරයා වතුර බෝතල් ලබාදෙයි. දේශ ද්‍රෝහියෙක්දැයි බරපතල සැකයක්...ජනපතිඳු නියමයෙන විශේෂ පරීක්ෂණයක්..."

      Delete
  2. වැඩක් නෑ ලොකු අයියෙ. ඒ සීන් එකෙන් මං හෙනම පාඩමක් ඉගෙනගත්තා. මිනිස්සුන්ගෙ බාහිර ජීවිත දිහා බලලා හොයාගන්න බැරි දහසක් එකක් ගතිගුණ ඔවුන්ගේ බුකි පැතිකඩ දිහා බලල ඉගෙන ගන්න පුළුවන්. අනෙක මනුස්සයෙක් යමක් පෙන්නලා දුන්නහම ඒකෙ හොඳ නරක හොයන්න බලන්නෙ නැතුව පුළුවන් තරං වචන ගොඩ ගහලා ඒ මතය වහන්න හදන මිනිස්සු එක්ක වාද විවාද කිරීමෙන් වැඩක් නෑ.

    හැබැයි ඒ අතිං මට සන්තෝස වෙන්න පුළුවං. මං සමාජයෙ විවිධ මිිනිස්සු අතරට, බ්ලොග්කාරයො අතරට වැටීමෙන් මයෙ ජීවිතේට එක සෑහෙන ගුරුහරුකම් ලැබුණා. ඇසූ පිරූ තැන් ඇති මිනිස්සු ඇසුරු කරන්න ලැබුණා. ඒ මිනිස්සුන්ගෙ ගුරුහරුකම්, අවවාද උපදෙස් ඔලුවට අරං කල්පනාවට අරං හරි වැරැද්ද තේරුං ගෙන ජීවිතේට යොදාගෙන එයින් යහපතක් ලබාගන්න මට පුළුවං උනා. මට එහෙම අන් මතයක් ඉවසීමේ සහ හිතා බැලීමේ හැකියාව ලැබීම ගැන අවංකවම සතුටු වෙන්න පුළුවන් උනේ මේ සීන් එකෙන් පස්සෙ.

    ඔය සිරිසඟබෝ සීන් එක වැරදියි කිව්වා වගේම තමයි, පහුවදාට ඔය සීන් එක හංදා බ්‍රිගේඩියර් උන්නැහැගෙ රස්සාව නැතිවෙලා දරුමල්ලොන්ටත් යන එනමං නැතුව එදා වේල නැතිවුනා නං, මගෙ මේ මාසෙ පඩියෙං ඉතුරු වෙලා තියෙන කීය හරි හූරල අරං ගිහිං උන්නැහැගෙ බැංකු පොතට දාන්නත් මං දෙපාරක හිතන්නෙ නෑ. ඒ ඔහු යුධ බිමේදී රට වෙනුවෙන් කළ සේවයට හැකි පමණින් කළගුණ සලකන එක අපේ යුතුකම හංදා.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඔව්ව එහෙම තමයි මලේ..ගණං ගන්න එපා...

      "අපේ රට ඊලම" කියල කියන්න ඒ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕන..එච්චරයි...ඒ එක්කම කට කොණකිං හිනාවෙලා "ආ ඇත්තද? ඒක කොච්චර එකක්ද?" කියල අහන්ට අපිටත් ගට තියෙන්න ඕන.

      එහෙම නැතුව බෙලි කපන එව්ව වගෙ ගොන් පාට් දාන එක නෙවෙයි වැඩේ..

      Delete
    2. //ටිකිරි සඳමාලිගෙ කිරිඅත්තටම පෙනීයං...වත් පොතේ දේසප්‍රේමී කට්ටියක් ලැහැත්තිවෙල අපේ සුරංග මලෙයට හිටු කියල නෙලනව. //කෝ ඉතින් උඹ මං ගැන ලියල නැහැනේ. සුරංග මලය පත්වෙලා හිටි අවාසනාවන්ත තත්වය දැකල මෙච්චර ඈත රටක ඉඳගෙනත් මගේ බිරිඳගේ අජිත් වන මමත් ආව එතනට. හතර වටේට කඩුව වනල ආවේ හුහ් . අර දහ හත් වියැති පොඩි දුවෙකුත් කිවනේ අන්කල් ඔයා දනන් කීහල්මලක් නැහැ මම ලන්ඩන් වල ඉන්නේ. මම කල්පනා කරන්නේ මම ඇත්තටම කොහෙද ඉන්නේ කියල බං

      Delete
    3. අජිත්,

      අනේ සමාවෙන්න..මට ඊට පස්සෙ කවුරු හරි ඒ පෝස්ට් එකට කමෙන්ට් කරනකොට නොටිෆිකේෂන් ආවට මම ඒ පැත්ත පළාතෙ ගියේ නෑ.

      එකක් මගෙ මාසෙට තියන ඩේටා ඇලකේෂන් එක සීග්‍රයෙන් අඩුවීගෙන යන එක. අනික මට හිතුන කොහොම උනත් එතන කතා කරන එකේ කිසිම තේරුමක් නෑ කියල.

      Delete
    4. හේ හේ මම විහිළුවට කියන ඒවා රවිය ගණන් ගන්න එපා. මේ දවස් වල අලුත් කවියක් යනව. ඒ මහත්තයාගේ අත තුවාල වෙච්ච එක ගැන. නන්ද මාලිනි ගේ ගියකුත් එක්ක. කළු ගලේ ඔලුව හප්පා ගන්නවා වගේ බන්. තවමත් අපි මේ මොකක්ද කිව්වේ කියල මෙයාලට වැටහීමක් නැහැ . ප්‍රියංකාහොඳ සොල්ජර් කෙනෙක් බවත් යුද්දෙදි සිරා ගේමක් දුන් බවත් කොන්ද කෙලින් තියන් හිටපු නිසා ගිය ආණ්ඩුවෙන් අස් කරපු බවත් අපි හැමෝම දන්නවා. නමුත් තානාපති නිලධාරියෙකු හැටියට වැරද්දක් කලා. මගේ යාලුවෙකුට කියල තියනවා පෙරේද - "අනේ දන්නේ නැහැ මචන් මටවත් හිතා ගන්න බැහැ ඇයි එහෙම කලේ. ඒ වෙලාවේ ඇති වෙච්ඡ ආවේගයට වෙන්න ඇති කියල" . (ඇත්තද දන්නේ නැහැඉතින්) ලංකාවේදී උපදෙස් දීල එවන්නේ නැති නිසා තමා හුඟක් වෙලාවට එහෙම වෙන්නේ .

      Delete
    5. Ajith,

      /මගේ යාලුවෙකුට කියල තියනවා පෙරේද - "අනේ දන්නේ නැහැ මචන් මටවත් හිතා ගන්න බැහැ ඇයි එහෙම කලේ. ඒ වෙලාවේ ඇති වෙච්ඡ ආවේගයට වෙන්න ඇති කියල" . (ඇත්තද දන්නේ නැහැඉතින්) ලංකාවේදී උපදෙස් දීල එවන්නේ නැති නිසා තමා හුඟක් වෙලාවට එහෙම වෙන්නේ /

      බ්‍රිගේඩියර් බොරුවට හරි එහෙම කිව්ව නම් ඒක යහපත් ලක්ෂණයක් අජිත්..ඒ කියන්නෙ මිනිහම පිළිගන්නව තමන් කලේ වැරැද්දක් කියල.

      අඩුගානෙ පිලිනොගත්ත උනත් ප්‍රසිද්ධියෙ ඒ ගැන උජාරුවෙන් කතා කරන්න නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ..එහෙම නැත්තං මිනිහට කියන්න තිබුනෙ මෙහෙමනෙ.."ඔව්,,මම එහෙම කලා තමයි..මම ඒ ගැන ආඩම්බර වෙනව..හෙට ආයම අර යක්කු එම්බසිය ඉස්සරහ යකා නටන්ට ආවොත් මම ආයම කරන්නෙත් ඔහොමම තමයි..."

      Brain fade moments කියල ජාතියකුත් තියනවනෙ..එහෙම වෙන්නත් පුලුවන්..අනික කොහොම උනත් මම හිතන්නෙ ඔතන වුනේ එහෙම දෙයක් නෙවෙයි. මිනිහ හොඳ කල්පනාවෙන් ඔය වැඩේ කලේ.

      ඒත් මිනිහට හීනෙන්වත් හිතෙන්න නැතුව ඇති මේ විදිහෙ මහ ජංජාලයක් වෙයි කියල. ඇයි සිරිසඟබෝ සීන් එක ලෝකෙ පුරා පැතිරුනානෙ බට ගාලට ගිණිගත්ත වගේ.පොරගෙ වයිෆ් එහෙමත් ඔහෙ නම් ඉන්නෙ පලු යන්ට බනින්ට ඇති පහුවදා පාන්දර වෙනකල්..."දෙයියම්පල්ල මේ මිනිහ වගෙ මෝඩ මිනිහෙක්..ගියා එතන යුනිපෝං එකත් ගහගෙන වැඩ පෙන්නන්ට. දැං බලනව අර බුකීවාසින් ඇරෙන්න කවුද තමුසෙගෙ පැත්තට වචනයක්වත් කතා කරන්නෙ...අද පුතාගෙ පංතියෙ ළමයෙක් අහල " Hey What was that your Dad was doing on TV? does he threaten you too like that when you do something naughty? කියල. ඉතිං බලනව..හතර විලිලැජ්ජාවයිනෙව..."

      Delete
    6. මචන් tedium එක නිසා එහෙම වෙන්න පුළුවන් තමයි. මගේ යාලුව කියපු විධිහට පොර හොඳින් කතා කරලා අර වෙලාවේ තද වුනාලු. ටිකක් හිත ගන්නත් අමාරුයි.
      //Hey What was that your Dad was doing on TV? does he threaten you too like that when you do something naughty? කියල. ඉතිං බලනව..හතර විලිලැජ්ජාවයිනෙව.//
      මේකම තමයි බං ප්‍රශ්නේ. රවිය දන්නවනේ අපේ කොම්පැනියේ ලංකාවේ ශාඛාවක් තියනවා කියල. ලංකාවේ හොඳ මොලේ තියන එල කොල්ලෝ ටිකක් වැඩ කරන්නේ. මෙහෙ ලංකාවේ අපි දෙන්නෙක් වැඩ කලා. අනිත් එක්කෙනා ලංකාවට ගියා හදිසියක් නිසා. අපට හිටි හොඳම ප්රෝග්‍රමර් කෙනෙක්. ඉතින් බොස් අකමැති වුනා පොර නැති වෙනවට. පොර කලේ ලංකාවේ වෙනම ඔෆිස් එකක් එයා වෙනුවෙන්ම හදපු එක. එක්කෙනා ගෙන් පටන් අරන් දැන් 25 විතර ඉන්නව. බොසයි දෙවෙනිය යි ලංකාවට කැමතියි. දෙවිනියා දරු පවුලත් අරගෙන දෙපාරක් තුන් පාරක් ගිය වෙනමත්. මගේ ෆේස්බුක් එකේ ෆොටෝ ඇති අපි කණ්ඩලම ගිය වෙලාවක ගත්තුව. දෙවෙනියා ඔය දෙමල ප්‍රශ්නේ ගැන දන්නවා. අපට (ලංකාවට) හෙන සපෝර්ට්.
      පොර පෙරේද මගෙන් ඇහුවේ ඔය ප්‍රශ්නේ මනේ
      "ajith what happened in Sri Lanka? Is the war coming back? Army man is very upset it seems. Do they (army) threaten you too like that?
      මට ටක්කෙටම ෂුවර් දෙන්න භය වෙලා ඇති ආයෝජනේ ගැන.

      Delete
    7. //අර දහ හත් වියැති පොඩි දුවෙකුත් කිවනේ අන්කල් ඔයා දනන් කීහල්මලක් නැහැ මම ලන්ඩන් වල ඉන්නේ. මම කල්පනා කරන්නේ මම ඇත්තටම කොහෙද ඉන්නේ කියල බං// හෙක්...මේක තමා හොඳම එක. හොඳ වැඩේ අජිත් අන්කල් උඹට පණ්ඩිත වදන් දෙසන්න යනවට :P

      Delete
  3. http://hattorvittor.blogspot.com/2018/02/blog-post.html


    මට මුලින්ම හිතුනේ මුං ස්මෝක් එකකට එලියට ගියවෙලාවෙ අහුවුනාවත්ද කියලා. නැත්නම් කවුද කොටි උද්ගෝසකයන්ට ඕඩියන්ස් එකක් දීලා උන්ව අප් කරන්නෙ කියලා. ලන්කාවෙත් ඔය හැම එකකටම වගේ ආණ්ඩුවෙ ඔෆිස් එකක් ඉස්සරහ උද්ගෝසන කරනවනෙ එතකොට නිලධාරීන් එලියට එන්නේ නැතුව බැරිම වුනාම. උද්ගෝසකයන්ට අවාසිම දේ තමයි ප්‍රචාරය අඩුවීම. ඩිප්ලොමැට්ලා දන්නෙ නැතුව ඇති ඒක. එහෙම නැත්නම් ඇලර්ජි එකක් නිසාද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ෆේස් බූක් ??? හෙහ් හෙහ්. ඒකත් සීරියස් ගන්න අය තාම ඉන්නවද?

      “Can we go back to using Facebook for what it was originally for - looking up exes to see how fat they got?”
      ― Bill Maher

      Delete
    2. ප්‍රා,

      හැට්ටරයගෙ පෝස්ට් එක මරු....තෑන්ක්ස්...

      අපේ බ්‍රිගා එලියට ඇවිල්ල තියන්නෙ උද්ගෝසකයින්ට කරුනු පැහැදිලි කරල දෙන්නලු.

      "මයෙ ගානෙ ටිකට් අරගෙන දෙඤ්ඤම්ය. පිළියන්දල අපේ ගෙදර නවතින්නත් පුලුවන්ය. අපේ වයිෆ්ට තෝස හදන්නත් පුලුවන්ය. මගෙ ගානෙ බස් එකක් කතා කරල එක්ක යන්නම්ය.."කියල කිව්වලු "අනේ කට්ටියම යමු යාපනේ මා එක්ක...මම පෙන්නන්නම් ඇත්ත තත්වෙ" කියල.

      ඒ ගමන තමයි උද්ගෝසකයො අම්ම මෝ නැතුව බැනල තියෙන්නෙ...පව් නේ මෙයා..මට හරිම දුකයි...අසරන බ්‍රිගා...හොඳක් කරන්න ගිහිල්ල අන්තිමට අහගත්තු එව්ව...

      Delete
    3. ප්‍රා,

      /“Can we go back to using Facebook for what it was originally for - looking up exes to see how fat they got?” ― Bill Maher

      තෑන්ක්ස් ෆෝ ද කෝට්....ඇබ්සොලියූට්ලි ටෲ...

      බිල් මෙයර් කියන්නෙ මම බොහොම කැමති මනුස්සයෙක්..ප්‍රාට මතක ඇති ට්‍රම්පගෙ උප්පැන්නෙ ඉදිරිපත් කරන්නෙයි කියල මිනිහ එක පාරක් චැලේන්ජ් කරල වෙච්චි අලකලංචිය....

      "Can we go back to using Facebook for what it was originally for - Just having some simple fun relieving stress and making life a little bit more enjoyable. Is it asking too much?"

      Delete
  4. /* තවම හිතාගෙන ඉන්නෙ ඉන්නෙ නන්දිකඩාල්වල කියල. තවම ඉන්නෙ යුද මානසිකත්වයෙන්. දෙමෙල්ලුන්ගෙ බෙල්ල කපන එක තමයි තාමත් හිතේ තියෙන්නෙ.. */

    වැරදියි අයියේ. එතුමා ඇතුළු අපේ රණවිරුවන් යුද්ධ කළේ දෙමළ අය එක්ක නෙවෙයි, තමුන්ගෙම දෙමළ මිනිස්සුන්වත් මිනිස් පළිහක් විදිහට භාවිතා කරපු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් එක්ක. අපේ රණවිරුවෝ පරාජය කළේ දෙමළ මිනිස්සුන්ව නෙවෙයි, ඒ ත්‍රස්තවාදීන්ව. තවමත් බෙල්ල කපන්න හිතාගෙන ඉන්නවානං, ඒ දෙමළ මිනිස්සුන්ගේ නෙවෙයි, ඒ ත්‍රස්තවාදී සංවිධානයේ සහ ඒ සංවිධානයට තවමත් පණ පොවන්න හදන පාර්ශවයන්ගේ.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      /තවමත් බෙල්ල කපන්න හිතාගෙන ඉන්නවානං, ඒ දෙමළ මිනිස්සුන්ගේ නෙවෙයි, ඒ ත්‍රස්තවාදී සංවිධානයේ සහ ඒ සංවිධානයට තවමත් පණ පොවන්න හදන පාර්ශවයන්ගේ./

      වෙනම රාජ්‍යයක් ඉල්ලන එකයි ඒ වෙනුවෙන් අවි අතට ගන්න එකයි දෙකක් සිත්තමී,

      කොටින්ට විරුද්ධව යුද්ධ කලේ නොකර බැරි තැන. ලෝකෙ ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක් එහෙම කරනව. එතන ගැටලුවක් නෑ. අපේ හමුදාව එහෙමම කලාය කියමුකො. ඒ කියන්නෙ සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට කිසිම හානියක් කලේ නෑ. තනිකර විනාශ කලේ කොටි විතරයි .

      ඒත් මෙතන මේ මිනිස්සු තවම ආයුධ අතට අරගෙන නෑ. කලේ උද්ඝෝෂණයක් විතරයි.එහෙම අයට උඹල බලගෙන ඉඳපල්ල කපනව බෙල්ල කියල අභිනයෙන් පෙන්නුවම මොකක්ද අපේ රටේ ප්‍රතිරූපයට වෙන්නෙ?

      "යකෝ මේ යක්සය වෙන රටකට ඇවිල්ල කැමරා ඉස්සරහ බය නැතුව ඒ රටේ පොලීසියෙන් අවසර දීපු උද්ඝෝෂණයක යෙදෙන අයට බෙල්ල කපනවයි කියල කියන්ට තරම් උද්ධච්ඡ මනුස්සයෙක් නම් නන්දිකඩාල් මහ කැලේ අස්සෙ මේ මනුස්සය මොනව නොකරන්ට ඇතිද?" කියල ඒ රටේ මතයක් ගොඩ නැඟුනොත් ඒක අපේ රටට හොඳද? නැද්ද?

      මේක මේ දේශප්‍රේමයක් නෙවෙයි දේශ ද්‍රෝහී කමක්... තමන්ගෙ උද්ධච්ඡ කම පෙන්නන්ට ගිහිල්ල රටේ නම කැත කරන එක...

      මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මේ මනුස්සය කරපු වැඩෙන් උනේ අපේ හමුදාවෙ විශ්වාසනීයත්වයට (Credibility) වෙච්චි හානිය.

      හමුදාව සටන් කලේ කවුරු එක්කද? යුද අපරාද උනාද නැද්ද? මේ මනුස්සය දෙමල අය එක්ක සුහදව හිටියද නැද්ද? නලලෙ තුන්නූරු ගාගත්තද නැද්ද කියල කාරනා කිසිසේත්ම මෙතනට අදාල නොවේ.

      Delete
    2. /* වෙනම රාජ්‍යයක් ඉල්ලන එකයි ඒ වෙනුවෙන් අවි අතට ගන්න එකයි දෙකක් */

      ඒක හරි අයියෙ. වෙනම රාජ්‍යය ඉල්ලීම තමයි නියපොත්තෙන් කඩන්න තියෙන අවධිය. එතැනදි නිසි පිළියම් නොකළාම සිද්ධ වෙන දේ තමයි අනිත් එක. අපි බොහොම අමාරුවෙන් අවුරුදු තිහකට පස්සේ හරි ඒ පිළිලය පොරොවෙන් කපාගත්තා. ඒ ත්‍රස්තවාදී පිළිලය ආයෙ පැළවෙන්න හදනවානම් එතුමා පෙන්නපු සිංහ කොඩියෙන් නියෝජනය වෙන ශ්‍රී ලාංකික අපි හැමෝටම ඒක ලොකු ප්‍රශ්නයක්.

      එතුමා ඒ කරපු ක්‍රියාව ගැන හරි වැරදි කතාකරන්න තරම් මට රාජ්‍ය තාන්ත්‍රික විෂයයන් ගැන දැනුමක් නැහැ. මම මගේ කමෙන්ට් එකෙන් ඒ ගැන මුකුත් කතා කළේ නැහැ. අයියා අදාළ නැහැ කියලා කියලා තියෙන්නේ මම අයියාගේ සටහනෙන්ම උපුටලා අරගත්තු කොටසක මම දකින වැරැද්ද ගැන. අයියා කියලා තියෙන්නේ 'දෙමෙල්ලුන්ගේ බෙල්ල කපන එක' ගැන. මම කතා කළේ ඒ ගැන. මම වැරදියි කියලා කිව්වේ අයියා කියපු අන්න ඒ කාරණාව.

      Delete
    3. සිත්තමී,

      / එතැනදි නිසි පිළියම් නොකළාම සිද්ධ වෙන දේ තමයි අනිත් එක./

      එකඟයි..නිසි පිළියම් කරන්න ඕන..ඒත් මම කියන්නෙ මේ ඒ නිසි පිළියම නම් නෙවෙයි කියන එක..

      මේ වගෙ දෙකයි පණහෙ වැඩ වලින් වෙන්නෙ ඒ මිනිස්සු තවත් ශක්තිමත් වෙන එක... අනික් කාරණේ මේ වගෙ වැඩ උඩදාන එකෙන් වෙන්නෙත් අනියමින් ත්‍රස්තවාදයට උදව් කරන එක...එතන පරස්පරයක් වගෙ පෙනුනට එහෙම තමයි ඇත්තටම වෙන්නෙ...:)

      Delete
    4. මම කියන්නෙත් නැහැ මේක නිසි පිළියම කියලා. ඒත් ලෝකේ හිටිය දරුණුම ත්‍රස්තවාදී මිනීමරුවෙක් තමුන්ගේ නායකයා විදිහට පිළිගන්න පිරිසකට ඔය වගේ පුංචි අභිනයක් මහා ලොකු මරණ තර්ජනයක් විදිහට දැනෙන එකනම් මහා විහිළුවක්. ඒ විහිළුවට නීත්‍යානුකූලව විසඳුම් සොයද්දී මෙතුමා විතරක් වැරදිකාරයෙක් වෙන එක මට ඊටත් වඩා විහිළුවක්. මෙතුමාගේ ක්‍රියාව දෙකයි පණහේ ක්‍රියාවක්, දේශද්‍රෝහී ක්‍රියාවක් විදිහට දකිනවද, නැත්තම් වීර ක්‍රියාවක්, දේශප්‍රේමී ක්‍රියාවක් විදිහට දකිනවද කියන එක එක එක්කෙනාට සාපේක්ෂයි. ඒ ගැන මගේ මතය ඔය අන්ත දෙකෙන් එකකටවත් අයිති නැහැ.

      අයියා තවමත් මම කියපු කාරණාවට උත්තරයක් දීලා නැහැ. :)

      Delete
    5. Siththami,

      /ඒත් ලෝකේ හිටිය දරුණුම ත්‍රස්තවාදී මිනීමරුවෙක් තමුන්ගේ නායකයා විදිහට පිළිගන්න පිරිසකට ඔය වගේ පුංචි අභිනයක් මහා ලොකු මරණ තර්ජනයක් විදිහට දැනෙන එකනම් මහා විහිළුවක්./

      මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ දෙමල අයට ඒක දැනෙන විදිහ ගැන නෙවෙයිනෙ. අපිට උනත් ඕක මහ ලොකු දෙයක් නෙවෙයි තමයි.

      ඒත් ඒ සිරිසඟබෝ මුද්‍රාව ඒ හෙල විරුවා අභිනයෙන් පෙන්නුවෙ මහා බ්‍රිතාන්‍යයෙ. එහෙ අපේ වගෙ නෙවෙයි සාමකාමීව විරෝධය පෑමේ අයිතිය සහ උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය හැමෝම පිළිගන්නව.

      අනික අපි අමතක කරන්ට නරකයි බ්‍රිතාන්‍යයෙ තවමත් ඊළම්වාදීන්ට ලොකු පිළිගැනීමක් තියනව කියන කාරණේ.එහෙම වෙන්නෙ දෙමළ ජනගහනය වැඩි නිසාද? දෙමළ ඡන්ද බලාගෙන මන්ත්‍රීවරු ඒ ගැන බැහැල වැඩ කරනවද කියන කාරනා ප්‍රශ්නයට අදාල නෑ. කොහොම හරි එහෙමයි වැඩේ වෙන්නෙ.

      ඒ හින්ද අපි වැඩ කරන්න ඕන ඒ ඊළම් හිතවාදී පිරිසට අතර ආයුධ නොදෙන විදිහට. මේ මනුසසය කලේ තනිකරම ඒ මෝඩ වැඩේ...

      /ඒ විහිළුවට නීත්‍යානුකූලව විසඳුම් සොයද්දී මෙතුමා විතරක් වැරදිකාරයෙක් වෙන එක මට ඊටත් වඩා විහිළුවක්./

      වැරදිකාරයෙක් වෙන්නෙ මේ මනුස්සයනෙ එහෙම කලේ...ඒ හින්දයි...

      /ඒ විහිළුවට නීත්‍යානුකූලව විසඳුම් සොයද්දී මෙතුමා විතරක් වැරදිකාරයෙක් වෙන එක මට ඊටත් වඩා විහිළුවක්./

      නීත්‍යානුකූල විසඳුමක් හොයන්ට වෙන්නෙ ඔතන ප්‍රශ්නයක් තියෙන හින්දනෙ. කලින් එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නැහැනෙ. එතකොට කවුද ඒ ප්‍රශ්නෙ ඇතිකලේ? මෙතුමා නෙවෙයිද?

      /මෙතුමාගේ ක්‍රියාව දෙකයි පණහේ ක්‍රියාවක්, දේශද්‍රෝහී ක්‍රියාවක් විදිහට දකිනවද, නැත්තම් වීර ක්‍රියාවක්, දේශප්‍රේමී ක්‍රියාවක් විදිහට දකිනවද කියන එක එක එක්කෙනාට සාපේක්ෂයි. /

      100% එකඟයි....අපි දෙන්න මත දෙකකනෙ ඉන්නෙ..කලින් ඉඳලම එහෙමනෙ..ඒකෙ අවුලක් නෑ..We will agree to disagree...:)

      /අයියා තවමත් මම කියපු කාරණාවට උත්තරයක් දීලා නැහැ. :)/

      I think you are referring to this...

      /අයියා කියලා තියෙන්නේ 'දෙමෙල්ලුන්ගේ බෙල්ල කපන එක' ගැන. මම කතා කළේ ඒ ගැන. මම වැරදියි කියලා කිව්වේ අයියා කියපු අන්න ඒ කාරණාව./

      ඉතිං අනේ මේ මනුස්සය බෙල්ලට ඇඟිලි දෙකක් තියල බෙල්ල හරහා ඒ ඇඟිලි දෙකක් ගෙනියල අභිනයෙන් කියන්නෙ උඹල නටන්න එන්න එපා..එහෙම ආවොත් බෙල්ල කපනව කියන එක නෙවෙයිද? සමහරවිට ඔයාට ඒ ගැන වෙනස් මතයක් තියෙන්නෙ පුලුවන්.

      මම දැක්ක අර කවුද කියල තියනව ඒ කිව්වෙ මගේ බෙල්ල ගියත් උඹලට ඊලමක් පිහිටුවන්ට මම ඉඩ දෙන්නෙ නෑ කියන එකලු. අර ඔයා කලින් කිව්ව වගේ ඒ එක එක්කෙනා ඒ සිද්ධිය දකින විදිහ නැත්නම් අර්ථ කථනය කරන විදිහ...Again we will agree to disagree...:)

      Delete
    6. බ්‍රිගේඩියර්තුමා ඒ වෙලාවේ ක්‍රියාකරපු ආකාරය ගැන හොඳම අර්ථකතනය දෙන්න පුළුවන් එතුමාටම විතරයි. අපි කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. ඒ ක්‍රියාවෙන් හානියක් වුණානම් වුණේ එතුමාට. එතුමාගේ career එකට. අපේ ආරක්ෂක අංශ අරම කළා, මෙහෙම කළා කියලා මීට කළින් ජාත්‍යන්තර මාධ්‍යවලටම ගජබින්න ඇදබාලා කට්ටිය අපේ රටට ජාත්‍යන්තරය ඉදිරියේ කරපු තරම් හානියක් විනාසයක්, මෙතුමාගේ මේ ක්‍රියාවෙන් වුණා කියලා මං හිතන්නේ නෑ. ශ්‍රී ලංකාව වගේ පුංචි රටක තනි නිලධාරියෙක්ට තියෙන්න පුළුවන් අභිමානය දරාගන්න බැරි වෙච්ච තාමත් අපි උන්දැලාගේ යටත් විජිතයක්ය කියලා හිතාගෙන ඉන්න බ්‍රිතාන්‍යයන්ටත්, කොටි හිතවාදීන්ට ඇති වෙච්ච හිත් අමාරුව තමයි ඒ එතුමාට එරෙහිව නැගිටගෙන එන්නේ. ඒ ගැන මට හිතෙන්නේ එහෙමයි.

      හැමදාම මෙහෙම දෙයක් ගැන කතා කරන්න ආවොත් අයියයි මායි දෙන්නා වලි දාගන්නවා, එක්කෙනෙක්වත් අනිත් එක්කෙනා කියන එක පිළිගන්න ලෑස්ති නෑ. එදත් නෑ, අදත් නෑ. අනිවාර්යෙන්ම හෙටත් නෑ. ඒ හින්දා මාත් මෙතනින් නතරවෙන්නම්. Let's agree to disagree. :)

      Delete
    7. Siththami,

      /බ්‍රිගේඩියර්තුමා ඒ වෙලාවේ ක්‍රියාකරපු ආකාරය ගැන හොඳම අර්ථකතනය දෙන්න පුළුවන් එතුමාටම විතරයි. අපි කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ./

      එහෙම ඒ මනුස්සයගෙන් අහල වැඩක් නෑ අනේ..වැරැද්ද කරපු මිනිහ තමන්ගෙ ගැලවුමට දාහක් දේවල් කියයි....ඔනනම් මෙහෙමත් කියන්න බැරිය..

      "අනේ පිස්සුද ඔයාලට? මම එහෙම බෙල්ල කැපිල්ලක් අදහ්ස් කලේම නෑ ළමයිනේ..අර මිනිස්සු හීතලේ උදේ ඉඳල එතන ඉඳල කෑගහනව..මම එහෙම බෙල්ල හරහා ඇඟිලි දෙකක් තියල කිව්වෙ අනේ මේ බලාගෙන ඔච්චර හයියෙන් කෑගහන්ට එපල්ල. ඔයාලගෙ උගුරු බල්ලො කාවි.. ඉන්ටලා මම එම්බසියෙ කුස්සියට ගිහිල්ල පොල් ගෙඩියක් කෑලි ගලවල පුස්සල ගෙනත් දෙන්නංකො.

      එහෙම හිතල තමයි මම අර ලොකු වැඩක් කලා වගෙ ආපහු හැරිල සොල්දාදු පියවරිං එම්බසිය ඇතුලට ගියේ. මොකෝ ඒ ගියේ බයේ එහෙමද? මොන පිස්සුද?"'


      සිත්තමී කරපු මනුස්සය මොනව කිවත් ගම්‍යමාන අභිප්‍රාය කියල එකක්ති යනව.(Apparent Intention)... ඒක තීරණය වෙන්නෙ මෙහෙම. සාමාන්‍යයෙන් බලා ඉන්න කෙනෙකුට හැඟෙන්නෙ විදිහයි එතන වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ ඇත්තටම නම් ඔයාට හැඟෙන විදිහත් නෙවෙයි මට හැඟෙන විදිහත් නෙවෙයි වෙන්න පුලුවන්. අපක්ෂපාත පුද්ගලයෙකුට හැඟෙන විදිහ. ඒ හින්ද බ්‍රිගා අදහස් කලේ මොකක්ද කියල එයා කියන එකෙන් වැඩක් වෙන එකක් නෑ...

      /හැමදාම මෙහෙම දෙයක් ගැන කතා කරන්න ආවොත් අයියයි මායි දෙන්නා වලි දාගන්නවා, එක්කෙනෙක්වත් අනිත් එක්කෙනා කියන එක පිළිගන්න ලෑස්ති නෑ. එදත් නෑ, අදත් නෑ. අනිවාර්යෙන්ම හෙටත් නෑ. ඒ හින්දා මාත් මෙතනින් නතරවෙන්නම්. Let's agree to disagree. :)/

      Ok Madam....No Problem...I agree...:)

      Delete
    8. //මේක මේ දේශප්‍රේමයක් නෙවෙයි දේශ ද්‍රෝහී කමක්... තමන්ගෙ උද්ධච්ඡ කම පෙන්නන්ට ගිහිල්ල රටේ නම කැත කරන එක...// හරියට හරි. මෙයා ව ගෝඨාභය රාජපක්ෂ අස් කලා, දේශපලන ගායකයෙකුට ඉඩ දෙන්නේ නැතිව. සිත්තමි නංගිලා එරන්දි නංගිලා කොහද හිටියේ ඒ කාලේ . එතකොට එයා වෙනුවෙන් කතා කලේ දැන් විවේචනය කරන අය. මෙයා මෙහෙ භෝජන සංග්‍රහයකට ඇවිත් කතා කරල ගිහින්. (වමේ එකක් ඈ ) ඒ ගොල්ලොත් හරි කැමතියි එයාට. මෙය අලුත්. මේ පෙළපාලි ගැන දන්නේ නැහැ. සිත්තමි මේක කියෙව්වද?
      https://kolambagamaya.blogspot.co.uk/2018/02/blog-post.html මම මේ ලියුව කරන ගොඩක් ඇත්ත.
      //තාමත් අපි උන්දැලාගේ යටත් විජිතයක්ය කියලා හිතාගෙන ඉන්න බ්‍රිතාන්‍යයන්ටත්, කොටි හිතවාදීන්ට ඇති වෙච්ච හිත් අමාරුව තමයි ඒ එතුමාට එරෙහිව නැගිටගෙන එන්නේ. // මම එම රටේ අවුරුදු 25 ඉන්නවා නංගි . ඔයාල සහ ලංකාවේ උන් එහෙම හිතුවට දැන් ඉන්න සුද්ද ඕව දන්නෙවත් නැහැ. මම වැඩ කරන ආයතනයේ සුද්දෝ ලංකාව යටත් විජිතයක් වෙලා හිටිය කියලවත් දන්නේ නැහැ. මම සමහර වෙලාවට උන්ට විහිළුවට කියන තොපි දිහා බැලුවම අපි යටත් කරගත්තේ උඹලමද කියල ෂුවර් නැහැ කියල එකෙක් ඒ වෙලාවේ කිව්වා උඹල සමහර විට අපෙන් ඉල්ලලා යටත් වෙන්න ඇති කියල. අතටම බැලුවොත් ඒක තමයි වුනේ.

      අනික නංගි මේ රටවල නීති වෙනස්. මමම මගේ බිරිඳට දුවෙකුට නැත්නම් අසල්වැසියාට බෙල්ල කපන විධිහ පෙන්නලා ඔවුන් පොලිසියට කිවොත් මාව කුදලාගෙන යනවා. "මම තොට ගහනවා මරනවා " කිවොත් අරන් යනවා. ළමයින්ට ගහල හිරේ ඉන්නන දෙමල අය ඕන තරම් ඉන්නව. (සිංහල අය නම් දන්නා තරමින් නැහැ). ඔන්න ඔතනයි වෙනස. අපේ රටට යන සංචාරක සුද්දෝ රටට හරි ආදරෙයි. සුනාමියේදී උන් මාර විධිහට උදව් කලා . අදත් සිංහල ළමයිනට පහුගිය අවුරදු 14 තිස්සේ උදව් කරන මගේ යාලු සුද්දෝ ජෝඩු දෙකක් ඉන්නවා. මගේ චැරිටි එක හරහා. ඔයාලගේ ඔය පරණ අදහස් අයින් කර ගන්න. මට හිතෙනෙන් ලංකාව තවම එතන ඉන්නේ. නැත්නම් අර එඩ්වර්ඩ් වගේ තුට්ටු දෙකේ රාජකීය එකෙක් ගෙනෙයිද? මෙහෙ උන් වත් එඩ්වර්ඩ් ව ගණන් ගන්නේ නැහැ. (හැබැයි එතන වෙන කතාවකුත් තියනවා )

      Delete
    9. අජිත් අයියා, මම අයියාගේ ලිපියත් කියෙව්වා, මේ ගැන සුමිත් අයියා ලියලා තිබුන ලිපියත් කියෙව්වා, Facebook එකේ මේ ගිහින් තියෙනවාය කියන සංවාදයත් දැක්කා. ඒ එක තැනකදිවත් මං මගේ අදහස කියන්න ගියෙ නැත්තේ ඒ ගැන දෙපැත්තම හිතලා කමෙන්ට් එකකින් විතරක් අදහසක් දෙන එක අමාරු වැඩක් නිසා. මෙතනදිත් මම කතා කරන්න ආවේ ඒ සිද්ධිය ගැන කිසිම දෙයක් නෙවෙයි, රවි අයියා කියලා තියන වෙන අසාදාරණ කතාවක් ගැන. නොදැනීම සංවාදය ඒ පැත්තට ඇදිලා ගියා. ඒ ගැන කියන්න තවත් ගොඩක් දේවල් තියනවා. ඒත් මේ සංවාදය තව ගෙනියන්න මම කැමති නැහැ. එඩ්වර්ඩ්ව නිදහස සමරන්න ගෙන්නගත්තු අය ගැනත් ඉතින් කතා කරලා වැඩක් නැහැ. :)

      Delete
    10. here is my comment on hattorvittor blog and it seems matching to here as well.
      හැට්ටර්ට් විට්ටර් ට කියන්න කොහෙන්දෝ ආවා මායාවලට ඉල්ලල පැටලෙන්න අපේ සමාජය මොකක්දෝ රෝගයක් වැලඳගෙන මෙයා. රීසනබල් ඩිස්කසන් එකකට යන්නම බෑ ගුටි කන්න වෙන සයිස්. ඒ මදිවට මේ ඊයේ පෙරේද ඉපදිච්ච ෆේස්බුක් එකෙන් මුළු ලෝකෙම දකින උන්ට ගහන්න අර හැටපැහිච්ච ලොම් හැලිච්ච අපේ වගෙ කතා නිකම් තුට්ටුවක් වගේ කියලා.

      අපි නිදහස සමරන්න නිදහස අරගන්නවා. හැබැයි තව කෙනෙකුගේ නිදහසට බාධා කරලා. ඊට පස්සෙ අපි අහනවා ආ ඒ රටේ උන්ට තියෙන මොකද්ද මැදිහත් වෙන්න කියලා. අපිට අමතකයි අපිටත් ඕනේ විදියට හැසිරෙන්න උන් නිදහස දීලා කියලා.
      බ්‍රිගේඩියර් කේස් එක නම් සිම්ප්ලි ඔහු නොකර ඉන්න තිබුන දෙයක්. අර කිව්වත් වගේ සිංහල බුද්ධාගමේ දෙමළ කියලා නෑ කොයි එකත් දඟලන්නේ අසිලම් හරි මොනම හරි වීස එකක් හදාගන්න. කතා ඕනෙ නම් කොයිතරම් කතා අපි ළඟ තියෙනවද ඇත්ත රැකියා ජීවිතෙ කතා. ඒත් අපි එහෙම ඒවා කියලා අර මොකද්ද එකේ අභිමානයට හානි කරන්න එහෙම නැත්නම් හපන චුවින්ගම් එකට ගේම දෙන්න එන්නේ නෑ. කටයි *කයි වහන් නොදන්නවා වගේ ඉන්නවා. මේකෙන් වුනේ ඉගිල්ලෙන මාළුවන්ට පියාපත් දුන්න එක විතරයි.

      Delete
    11. අජිත් කියන කතාවත් එක්ක මාත් එකඟයි. මේවයේ සයිඩ් ඉෆෙක්ස් බොහොම භයානකයි. නිකම්ම නිකම් කාටවත් නොපෙනෙනබෝලයක් හිටු කියලා හයි විකට් වුනා. බ්‍රිගේඩියර් එතන හිටියේ යුද්ධ කරන්න නෙමෙයිනේ. ඩිප්ලෝමැසි කියන එකේ තේරුම දැනගත්තා නම් එහෙම නොවෙන්න තිබ්බා.

      Delete
    12. ඒකනේ බූරු බේබි මේ කියන්නේ. මට තේරෙන්නේ නැහැ ඇයි මේ මිනිසුන්ට නොතේරෙන්නේ කියල. මේ මෙහෙ NHS එකේ වැඩ කරන දොස්තරලා නර්ස් ලා පවා ඔය වගේ කතා දානවා බුකියේ. නිකන් චීප් ත්‍රිල් එකක් වගේ. දැන් ඔය පෙළපාලිය ගිය අවුරුද්දේ ගියා . කවුරුත් මුකුත් කීවද? මේජර්ප්‍ ජෙනරාල් රසන්න සිල්වා හිටියා . මොනවත් වුනාද? නැහැ. දැන් මෙහෙ පත්තර කීයක ගියා ද? දැන් අර මන්ත්රිලා 4 ක් විතර ආයේ සෙට් වෙලා . උන් මෙපමන කල් සද්ද නැතිව හිටියේ. මට වෙලාවකට හිතෙනවා ඕන කමින් මෙහෙම ඇ විස්සුවද කියලත්

      Delete

    13. සිත්තමී,

      /රවි අයියා කියලා තියන වෙන අසාදාරණ කතාවක් ගැන. /

      හරි හරි බං දැං ඕක අල්ලල දාහං....හෙහ්..හෙහ්...

      Delete
    14. සිත්තමී,

      /රවි අයියා කියලා තියන වෙන අසාදාරණ කතාවක් ගැන. / රවී අයිය එකක් කිව්වා නම් ඇති. පටන් ගත්ත වෙලේ ඉඳන් තනිකරම අසාධාරණ කතා කියන්නේ. හෙහැ

      Delete
  5. 'දේශප්‍රේමය' තරම් නූගතුන්ට විකුණන්න පුළුවන් භාණ්ඩයක් ලෝකේ කිසිම දේසපාළුවෙක් තවම හොයාගෙන නැහැලු.

    ReplyDelete
    Replies
    1. Ian,

      Patriotism is the last refuge of a scoundrel - Samuel Johnson

      Nothing is marketable to ignorant people as patriotism - Ian of Ian's den fame

      Delete
  6. එක කාලෙක පාරවල් අතුගාන්න යොදාගත්තු රණවිරුවොත් ඔය විදිහට දාඩිය පිහදානව මම දැක තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඊයෙ රෑ දොළහෙ ඉඳල ප්‍රචාරක කටයුතු තහනම්...:)

      Delete
  7. “When dealing with people, remember you are not dealing with creatures of logic, but with creatures bristling with prejudice and motivated by pride and vanity.”
    ― Dale Carnegie


    “Women are people too".”
    ― R. Alan Woods


    No Ravi, I don't have a death wish. I merely quoted others. Carnegie is already dead and Woods must be in hiding.

    ReplyDelete
    Replies
    1. මට ඉතිං වීරයො නෑනෙ. බය නැත්නම් රවි හෝ සුරංග ට්‍රාන්ස්ලේට් කරලා FB දාන්න. එතකොට මටත් වීරයන් ඉන්නවා. සූර සුරංග හා වීර රවි. @ බෙල්ල සහ තට්ටෙ ගැන වගකීම් කතෲන් සතුය.

      අඩේ කල්යාණමිත්‍ර කියලා රණ විරුවෙක් හිටියා නේද එයත් ඔය කොට්ඨාශය ගැන විශාරදයෙක්. (ලව් පූස් විස්‍රාම සුවයෙන්)

      Delete
    2. //Women are people too// කසාද බඳිනවාට 'හිර' ගන්නවා කියන්නෙත් ඒ නිසාමද මංදා..

      Delete
    3. Pra,

      Pray that She won't start quoting too..:)

      what about this for starters? eh?

      “Well, I mean, if someone is going to kill my husband, I think it should be me. Don’t you agree?”

      I do indeed,” Emmie said. “I made the same argument myself just a week ago.”

      ― Robert Bruce Stewart, Crossings

      Delete
    4. I see you haven't co-quoted here like you did with Maher. I also see that you haven't taken up the translation challenge.

      "Better be bald and alive than be bold and dead" - PJ to RW

      Delete
    5. Pra,

      "Don’t Make Decisions When You’re Angry.
      Don’t Make Promises When You’re Happy.
      Never try translating when it's Friday evening"

      Delete
    6. “It takes a great deal of bravery to stand up to our enemies, but just as much to stand up to our friends.”
      ― J.K. Rowling

      Keep your (Dutch) courage up.

      Delete
  8. ඔය ෆේස්බුක් එකේ පිස්සු නටන සෙට් එකට ඕක කරන්න වෙන්නේ තව සුළු කාලයයි. මොකද මිට කලිනුත් ෆෙස්බුක් එකේ එක්ස්ෆ්ලෝ ෆීඩ් කියලා සංස්කරණයක් හදුන්වලා දුන්නේ මේ වගේ ගොබ්බයෝ පේජ් හදන් කරන ගොබ්බ වැඩ පාලනය කරන්න තමයි.

    ඒ නිසා ගොඩක් ගොබ්බ පේජස් වලට රීච් අඩු උනා. ඒක හොද දෙයක්.

    දැන් මේක ඉස්සහරට ගෙනිල්ලා තවත් සංස්කරනයක් දාන්න හදන්නේ. ඊට පස්සේ ෆේස්බුක් එකේ ඉන්න චන්ඩි,බිස්නස්කාරයෝ, අනික් එවුන්ට ඇන වෙන ගොඩක් එවුන්ට අකුලන් යන්න වෙන්නේ.

    මොකද එෆ්බී එක හදද්දී එකේ මුලික පරමාර්ථය උනේ යාළු මිත්‍රයෝ එකතු වෙලා මිත්‍රකම් වැඩි කරගන්න එක. හැබැයි දැන් ඒ උනාට එකෙන් වෙන්නේ මුලික බලාපොරොත්තුවට හාත්පසින්ම වෙනින් දෙයක්. අනික් අයට මඩ ගහන, විරුද්ධවාදීන්ගේ මතයක් ඉවසන්න බැරි නුගත් ගොබ්බයො නිසා ඒෆ්බී හිටපු ගොඩක් අය අයින් උනා. මේ ගැන ගොඩක් විස්තර සමීක්ෂණ වලින් හෙලිඋනා. සර්ච් කරලා බලන්න, ඕනි තරම් ආර්ටිකල් ඇති. සිංහල බ්ලොග් වලටත් මේකම තමයි උනේ.

    මේ ගැන අවදානය යොමු කරලා, එෆ්බී එකේ බිස්නස්කරන අය, දේශපාලන කරන අය, ෆේස්බුක් ගොබ්බ පේජස් කරමින් අනික් එවුන්ට මඩ ගහන අය ඔක්කොම අයින් වෙන විදියට එක්ස්ෆ්ලෝ ෆීඩ් එක අලුත් කරනවා.

    ඊළගට මේක එන්න ඕනි යූ ට්යුබ් එකට. මොකද අපේ හිගන්නෝ දැන් එකත් කන්න පටන් අරං තියෙන්නේ.
    'ගෙදර කවුරුත් නැති අතරේ අක්කා මල්ලිට කරපු දේ, ඉස්කෝලේ කෙල්ලෝ ස්කුල් ඇදුමෙන් ගත්තු ආතල්, අරයගෙ ලීක්‌ උන ෆොටෝස් මෙන්න ' ඔන්න වගේ ටයිටල් එකක් දලා ඒෆ්බී පොස්ට්, යූ ටියුබ් විඩියෝස් දදා හිගාකන්න පටන් අරං. ඒෆ්බී, යූ ටියුබ් යානං බෑ.

    මුන් ටිකටත් කෙලවෙලා යනව. ඊට පස්සේ අර දෙයියනේ කියලා 2008-2009 කාලේ තිබ්බා වගේ ලස්සනට ඒෆ්බී එක තියෙයි.

    ReplyDelete
    Replies
    1. “Can we go back to using Facebook for what it was originally for - looking up exes to see how fat they got?”
      ― Bill Maher

      Delete
    2. Ano,

      "Can we go back to using Facebook for what it was originally for - Just having some simple fun relieving stress and making life a little bit more enjoyable. Is it asking too much?"

      Delete
  9. සුරංචිය හිතාගෙන ඇති උගෙ ආච්චම්මත් එක්ක දාන වලි ඔය බුකි ලලනාවො එක්කත් දාගන සේප් වෙන්න පුලුවන් වෙයි කියල. උෟට තිබුණෙ උගෙ බළල් පරම්පරාව බස්ස්න ගේමට. හැක්..

    ඔහෙත් ඉතිං රටඉඳි ගෙඩියක් කාල පලතුරු ටිකක් බීල ඉන්නැතුව ගියා අනුංගෙ කුඹුරුවල හතර මායිං හොයන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      කිව්වත් වගෙ සුරා හිතන්න ඇති ආච්චම්මට දාන ගෙම්බර් දාල බුකියෙ ලලනාවො උගේ මතේට නම්ම ගන්ට. එව්ව කොහෙද? නැද්ද?...ඌ දන්නෙ නෑ හරියකට B.D.V.එක ( Bookie Deshapremi Balakaya) ගැන...

      චූටි මැණිකෙත් රෑට උයන්ට ඉඳි ආප්ප මිරිකුවෙත් මේං මෙහෙම තොල මතුර මතුරලු...

      "හුහ්..හොඳම වැඩේ..අර රස්සාවට ගිහිල්ල සිතියමක් දෙකක් දිහා බලාගෙන ඉඳල දවල්ට බැඳල දෙන බත් එක කැන්ටිමට ගිහිල්ල දෙයියනේ කියල කාල හවහට ගෙදර ඇවිල්ල වත්තෙ පිටියෙ වැඩක් පලක් කරල එහෙම අහක වෙලා අර සඳමාලිගෙ මැක්කෙක් දෙන්නෙක් අරං දාගෙන ඉන්නෙ නැතුව ගියා බුකියෙ මානවිකාවන්ට සිරිසඟබෝ මුද්‍රාවෙ හරි වැරැද්ද කියල දෙන්ට..

      ඔය ඉන්නෙ මූකලං බස්ස වගෙ විරවපට්ටං ගහගෙන හොඳ වැඩේ හොඳම වැඩේ..මම නං අඩුගානෙ අහන්නෙ වත් නෑ මොකද මනුස්සයො උනේ කියල..."

      Delete
  10. සුරංගය ගේ කොමෙන්ට් එක දැකල ලංඩන් කොටි හමුවට යන බ්‍රිගේඩියර් වගේ මාත් ගියා 'කවුරුත් මොකද මම ම ෂෙයාර් කරන්නෙමි ලින්ක් එක' කියල.. හැබැයි යන්තමට හරි මොළයක් පහල වෙලා අන්තිම මොහොතේ කට ඉස්සර කර ගන්නේ නැතුව පොඩ්ඩක් හොයල බැලුව.. හම්මේ.. කිරි අප්පොච්චියේ.. එහෙව් දේශප්‍රේමයක්.. මම ගිය පයින් නැට්ට පස්ස පැත්තේ ගහගෙන පසු බැස්ස බැහිල්ලක් තව පොඩ්ඩෙන් නැට්ට ආපහු ගන්න බැරි වෙන්නම පස්ස පැත්තේ හිර වෙනවා..

    එංගලන්තේ asylum seekers ලට විසා allow උනාට අමතරව බ්‍රිගේඩියර් සිරිසඟබෝ, සිරිසඟබෝ මුද්‍රාව, සිරිසඟබෝ වන්නම වගේ අලුත් පාරිභාෂික වචන සෙට් එහෙකුත් සිංහල ශබ්ද කෝෂයට එකතු උනා මේ වැඩෙන්. නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අන්න බලපං උඹ ඇවිල්ල Semtex බඩේ බැඳගෙන කොටිංගෙ බෝට්ටුවලට පැනපු පුතයෙක් නේ?

      එහෙව් සූර වීරයෙකුත් නැට්ට දෙපරැන්ද අස්සෙ ගහගෙන දුවන්ට වැඩ සිද්ද කලේ අපේ බුකී බලකාය..

      කොහොමද කෑම? අති විසිස්ටයි සෑර්...

      Delete
  11. අර ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කල මන්ත්‍රීට මොකද උනේ.අපි ඒවා ගැන කතා කලේ නැනේ .කලබල උනෙත් නෑ .මෙගනත් වැඩිය මොකටද කලබල වෙන්නේ .වීසා ගන්න උනුත් රගපෑමක් කලා.අපිත් රගපෑමක් කලා .
    සතුන් තමන්ගේ එකාට වැඩිය ගහන්න කැමැති වෙනත් රංචුවක කෙනෙක්ට වැඩ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      රඟපාපු එක හරි ප්‍රියංක ප්‍රනාන්දු කියන්නෙ බ්‍රිතාන්‍යයෙ ජීවත්වන සාමාන්‍ය ලාංකිකයෙක් නම්. මනුස්සයට කොඩි පෙන්නන්ට නෙවෙයි ඊලම්කාරයින්ට විරුද්ධව සාමකාමීව තව දේවල් කරන්න තිබ්බ.

      ඒත් මේ මනුස්සය මෙතන හිටියෙ ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්...ඒකයි ප්‍රශ්නෙ...

      Delete
  12. minissunwa lesiyen awussala ganna puluwan dewal thama Jathiyai agamai kiyanne.
    ewata wiruddawa comment1 dana ayage hathmuthu paramparawatama pin anumodana hambenawa madi nokiyanna

    ReplyDelete
  13. Please give a link where Suranga was attacked

    ReplyDelete
    Replies
    1. Ano,

      https://www.facebook.com/buddhikaerandi?hc_ref=ARTFQuUbnT1GGFc4WGWgKypRKyemD9TJhbX9p7aPnashfuwpZSrpQr0kBV9SGw46Vt8&fref=nf

      Delete
  14. රවී.මටත් ඔය ආමිකාරය ගැන ඕකම තමයි හිතුනෙ. මොකද දෙමල මිනිස්සුන්ගෙන් කුට්ටියකුත් කඩාගෙන ඒ සීන් එක නිසා ලංකාවට යන්න බැහැ කියල එසයිලම් එකකුත් ගහගෙන පවුල පිටින්ම මෙහේ ප්ලග් වෙන්න පුළුවන්නේ. කොහොමද උගේ මොලේ? එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.

    ReplyDelete
    Replies
    1. ටික්කා,

      එහෙම වෙන්න පුලුවන්ද? මම නම් අර කතාව ලිවෙ තනිකරම හිතලුවක් විදිහට.

      හැබැයි මේ මනුස්සය කරපු විකාරෙ හැටියට එහෙමද කියලත් සැක හිතන්න වෙනව. දේසප්‍රේමය කියල තනිකරම බහු බූතයක්නෙ කලේ.

      මම හිතන්නෙ මෙයාගෙ වැඩ තනම් කිරිල්ල දිගටම තිබ්බනම් බයියො ඔය කටහව කිය කිය රට වටේ ගිහිල්ල අපේ මෝඩ චන්ද දායකයො රවට්ටල තව චන්ද ගානක් පොහොට්ටුවට කඩා ගන්නව.

      ඒක දන්න හින්දයි මෛත්‍රී පටගාල තහනම ඉවත් කලේ. ඒත් ඔන්න බලන්න චන්දෙ ඉවරවුන ගමන් ඔය මනුස්සය ආපහු ලංකාවට කැඳවනව...:)

      Delete
    2. එහෙම අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් රවී. මොකද එයාලගෙ ආදර්ශපාටය "කල නොහැක්කක් නොමැත" නේ. 😅.

      මම ඉන්න හරියෙ ඉන්නව ලංකාවේ හිටිය මේජර් කෙනෙක්. කොටින්ට ඔත්තු දීල පස්සෙ දේශපාලන රැකවරණ අරගෙන මෙහේ ඉන්න. දැන් කොටින්ට අයිති පැට්‍රොල් ෂෙඩ් දෙකක සහ ලොකු සුපර් මාර්කට් දෙක තුනක සාඩම්බර හිමිකරුවෙක්. ලොකු මැන්ෂන් එකක් තියෙනව. මේ හරියෙ තියෙන ලොකුම ගෙදර. පොරගෙ ෆෙරාරි එකේ නම්බ ප්ලේට් එක වයිෆ් ගෙ නම. හැබැයි ඉතිං මොන ප්‍රභූවරය දේශපාලකය ගායකය එංගලන්තෙට ආවත් බුවාගෙ ගෙදර ලන්ච් හෝ ඩිනර් එක වරදින්නෙ නැහැ වගේම අනිවාර්යයෙන්ම එයාගෙ ගෙදර ඇවිල්ල යන්නම ඕන.

      කොහොමද ඒක..?

      ඔය වගේම පොරක් ඇමෙරිකාවෙත් ඉන්නව. බුවාගෙ family එක හිටියෙ නුවර අපේ ගෙදරට අල්ලපු ගෙදර. හැබැයි ඒ ආන්ටි කියන හෙළ අභිමාන කතා අහනකොට "කඳුළු සුරතල් වැඩිද මන්දා.." කියන ජාතික ගීය මතක් වෙනව. දැන් ඒ පවුලත් හෙලේ අභිමානය over dose වෙලා දේශපාලන රැකවරණ අරන් ඇමෙරිකාවෙ.

      ඉස්සරම දවසක Queensbury පැත්තෙ fast food කඩයකට ගියහම එතන වැඩ කල ලංකාවේ (මට මතක හැටියට පොර ආමි හරි පොලිස් කාරයෙක්) හිටිය පොරක් නිකං ලාවට වගේ මට පොඩි සංදර්ශනයක් දැම්ම. බුවා කිව්ව එයා දුමින්ද සිල්ව හොඳට දන්නව කියල. උබ ඉතිං හිතාගනින් මම ඌට කිව්ව කුණුහබ්බ ටික මොන වගේ කුනුහබ්බද කියල.

      අට පාස් මස් වැදි ආමි කාරයො වගේම දවල්ට පොලිස් රෑට S.I ගෙ පොල්ල පොලිෂ්.

      😜😜😜😜😜😜😜😜😜

      Delete
  15. ඩිප්ලොමැසි සහ බුද්ධිය නැති බුද්ධි නිලධාරීන් ගැන පෝස්ටුවක් ලියන්නට තරම් දේවල් තිබුණත් වෙච්ච දේ ගැන මෙලෝ හසරක් නොදැන යුනිෆෝම් එකක් දැක්ක පමණින් රෙද්ද උස්සං පොලු අරගෙන අමනයන්ගෙන් සහ චීත්ත වලින් ගුටි කන්නට බැරි නිසා බුකියේ මොකුත්ම නොලිව්වෙමි. මට බැරිවුණ දේ රවී ලියා තිබීම ගැන සතුටුය.

    ReplyDelete
    Replies
    1. ඩිප්ලොමසි ගැන කතා කරන්නට බ්ලොග් ලෝකයේ ඉන්නා එකම පුද්ගලයා නම් හැලපයාය. කණට ගැසුවත් ඌට නෙවේ වාගේ ඉන්නට ඉගෙන ගන්නට හැලපයා කදිම ගුරෙක් ය...

      Delete
    2. ඔබතුමා සෑහෙන අත්දැකීම් වලින් පිරිච්ච මිනිසෙක් ලෙස පේනවා ඔබතුමාගෙ බ්ලොග් අඩවියටත් රින්ගන්නෙ මම අද ඊයෙක ඉඳන් නෙවෙයි.. එය රසවත් හරවත්... මේ "බුද්ධිය නැති බුද්ධි නිළදාරින්" ගැන පොස්ටුව ඉක්මනට ලියන මෙන් ඉල්ලා සිටිනවා ... මාත් ආසයි දැනගන්න මේ "බුද්ධිය නැති බුද්ධි නිළදාරින්" ගැන. එය ලියු වහාම කරුණාකර මේ ලිපිනයට පොඩි මතක් කිරීමක් කරන්න කියා මේ "හැලප" මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා.

      Delete
  16. At least now politicians should understand to segregate Military duties with diplomatic duties. What I believe is as a Military personal his act can be justified but the occasion and location is wrong.

    ReplyDelete
    Replies
    1. Dinesh,

      Generally Military Attache of an embassy is a military officer ( Serving or retired). But he should be able to behave more like a civilian.

      Delete

  17. කොහොම හරි අපේ බුකී වාසී දේශ ප්‍රේමීන්ගෙ හැසිරීමෙන් ආයම පාරක් ඔප්පු වෙන්නෙ අන්මත ඉවසීම සහ යම් මතයක් අපි පිළිනොගත්තත් ඒ මතය ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා නොකල යුතුය කියන පරම සත්‍යය තේරුම් ගන්ට අපිට තව වසර පනහක්වත් අඩුම තරමේ ගතවෙයි කියල තමයි.
    මචං Thank you for your brave two cents on matter. Hats off to u.
    අපේ මිනිස්සු මේ තරම්ම short minded වුනේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ. ඇත්තෙන්ම යුද්ධයේ after effects ද? නැත්නම් ignorance is bliss ද?

    ReplyDelete
  18. මට නම් දැනුනේ විඩියෝ එක බැලුවම, ලංකාව වෙනුවෙන් බෙල්ල උනත් කපා ගන්න සුදානම් කියලා වගේ.. නමුත් හැමෝම කියන්නේ ඊට හාත් පසින් වෙනස් දෙයක්.. මොනවා වුනත්, එතුමා ජාතිවාදීතමයි. ලේ රත්වෙන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන්.. ඉතින් මිනිස්සු ෆේස්බුකියේ එතුමාව වීරයෙක් කලේ නිකම් නෙවේ.. ඒ ජාතිවාදී ලක්ෂණයට වගේම නිර්භීත කම අගය කරන්න.. මං නම් ඒ කිසි දෙයක වරදක් දකින් නෑ...

    ReplyDelete
    Replies
    1. Aru,

      හරි ප්‍රශ්නයක් නෑ..ඔබ කැමති මතයක් දැරීමට ඔබට අයිතියක් ඇත. :)

      Delete
  19. daruwek mallek nethi wada ponnaya ubata ratata jathiyata agamata hena gehuwath kamak ne kotinta thambinta puka deela bada kata purogaththama ethi neda

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..ඒකනෙව බොල...දරුවො නැති එක මායි මයෙ මායියයි බලා ගන්නං...උඹ ඒ ගැන වද වෙන්ට එපා...මේ රටේ ඉන්න දරුවො ඔක්කොම මගෙ දරුවො කියලයි මම හිතාගෙන ඉන්නෙ.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...