Monday, May 21, 2018

583. The Story Of My Marriage - 68 - Blitzkriegs, Battle Tanks, Bruce Lee & Making Myself Irresistible to Mrs. Swaminathan...

"අනන්‍යා මොකද මේ? "

සැර පරුෂ කටහඬක් අපි පිටිපස්සෙං ඇහුන. අනන්‍යා මගෙ උරහිසට උඩිං එබිල බැලුව. 

"Ohhhh..fuck…Chithra aunty"

අනන්‍යා එහෙම කියල අතට අහුවෙච්චි රොටි තැටියක් අරගෙන මූණ වහගත්ත....

අනන්‍යා රොටි තැටියෙන් මූණ වහගන්නට දැඟලුවට ඒක හරියට අර පැස්බරෙක් වැල්ලෙ ඔලුව හංගගෙන හතුරෙක්ගෙන් බේරෙන්ට හදනව වගෙ තමයි. කිසිම පලක් නෑ. මොකද ඒ වෙනකොටත් චිත්‍රා ආන්ටි නිකං දෙවෙනි ලෝක යුද්දෙදි ප්‍රංශෙ යටත් කරගන්නට දියත් කරපු ජර්මනියෙ "බ්ලිට්ස්ක්‍රීග්" මෙහෙයුමට සහභාගිවන පැන්සර් IV යුද්ද ටැංකියක් වගෙ ආත බූත කඩාගෙන පෝලිමේ ඉන්න සහ ඒ අවට බඩුගන්න මිනිස්සු ගෑණු පෙරලගෙන ඉදිරියට එනව.

දෙවන ලෝක සංග්‍රාමයේදී භාවිතා වුනු ජර්මන් Panzer - IV
වර්ගයේ යුද ටැංකියක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
Google Images

සටහන - බ්ලිට්ස්ක්‍රීග් කියන්නෙ ජරමං බාසාවෙන් "Lightning War" නොහොත් ක්ෂණික මෙහෙයුමක්. ඒකෙදි කෙරෙන්නෙ හෙණ ගහන්නා වගෙ දඩ බඩ ගාල ගේම දීල හතුරා අන්ද මන්ද කරල ජයග්‍රහණය කීරිම. ඒක ජර්මනුන්ගෙ යුද උපක්‍රමයක්.

ඒ බ්ලිට්ස්ක්‍රීග් මෙහෙයුම් වලදි ජර්මානුන් සතුරන් අන්ද මන්ද කරන්නට අධික ශබ්දය පවා පාවිච්චි කරල තියනව. ජර්මන් ජුන්කර්ස් ප්‍රහාරක අහස් යානා Dive Bombing වලට පහළට එද්දි කණ් බිහිරිකරවන තරමෙ අධික ශබ්දයක් නිකුත් කරන විස්ල්ස් එහෙමත් යොදාගත්තලු.

අර බුරුස්ලී දන්නව නේද? අපි ටීනේජර්ස්ල කාලෙ අපේ වීරයෙක් තමයි ඔය බුරුස්ලී. බුරුස්ලීත් ප්‍රතිවාදියට පහර දෙන්ට ඉස්සෙල්ල අර උන්දැ ගාව තිබ්බෙ පොලු කෑලි දෙකකට දංවැලක් හයිකොරල තියන ආවුදයක්...ඒකට කියන්නෙ නන්චාකුව කියල. එන්න ඒ නන්චාකුව එහෙම කරකවල වැඩ දාල මහ හයියෙන් කෑගහනව දැකල තියනව නේද? ඒත් ඔය සතුරගෙ ධෛර්යය බිඳින්ට තමයි එහෙම කරන්නෙ.

අපෙ ගෙදර ඒ කාලෙ හිටිය රෝවර් කියල ඉතාම ගුණ යහපත් බල්ලෙක්. ඔය රෝවා නයෙක් ගහල මලාට පස්සෙ මම උගෙ දම්වැල අරගෙන පරණ ඉදල් මිටකින් කෑලි දෙකකුත් කපල මයි ඕන් නන්චාකුවක් හදාගත්ත. අප්පේ....ඒ වගෙ කතන්දරනම් කීයක් තියනවද කියන්ට...හෙහ්,හෙහ්,

මේ ඊයෙ පෙරෙයිද මම වත් පොතේ දැක්ක පොඩි එකෙක් බොහොම අපූරුවට බෲස්ලී සමාරූපණයක් (Bruce Lee Impersonation) කරනව. මේ පාත තියෙන්නෙ ඒ වීඩියෝ ක්ලිප් එක.



අහ්.. ඔය බ්ලිට්ස්ක්‍රීග් එකට යොදාගත්තු විස්ල්ස් ගැන අපූරු කතාවක් තියනව. ඒකත් කියලම ඉමුකො එහෙනං. අනුරාදපුරේ තියනව ඩී.එස්.ගුණසේකර කියල කම්පනි එකක්. මුලු උතුරු මැද පළාතටම සිගරට් ඒජන්සිය ඒ කාලෙ කලේ ඒ අය. නම් කොහොමද මන්දා. මම මේ කියන්නෙ අසූව දසකයෙ මුල වසර කිහිපය ගැන හොඳද?

ඉතිං 77 අවුරුද්දෙ ජේ.ආර්. මහ මැතිවරණයය (ජේ.ආර්.ගෙම වචන වලින් කියනවනම් මන්ත්‍රී තරඟය) දිනල යූ.එන්.පී. ආණ්ඩුවක් පිහිටෙව්වනෙ. ඒ කරල එතෙක් රජය යටතේ ලංගමෙන් ක්‍රියාත්මක කල පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කරන්නට පෞද්ගලික අංශෙටත් අවසර දුන්න. 

ඒ අනුව අර මම කිව්ව ගුණසේකර සමාගමත් බැස්ස ඔය ප්‍රයිවට් බස් බිස්නස් එකට. අනුරාදපුර - කොළඹ තමයි එයාලගෙ රූට් එක. මුලින්ම මම හිතන්නෙ බස් දහයක් පහළවක් වගෙ ගෙනාව. අර ටාටා දොරදෙකේ දිග බස්. සීට් 60 ක්ද කොහෙද තියෙන්නෙ. සෙනඟ පැටෙව්වැහැකි සීයකට එහා ඇස් පියාගෙන.

ඉතිං කතන්දරේ මේකයි. ඔය මුදලාලිගෙ මල්ලි කෙනෙක්ද පුතෙක්ද කොහෙද ඔය කාලෙ ඉගෙන ගන්ට එංගලන්තෙද කොහෙද ගියාලු. ආපහු එන ගමනෙ ජර්මනියටත් ගියාලු. ඒ කාලෙ Berlin wall was still upright so there was two Germanys of course. ඉතිං මම මේ කියන තැනැත්ත ගියේ බටහිර ජර්මනියට ඔෆ් කෝස්.

ඉතිං ඔය කාලෙ ජර්මනියෙ තිබිල තියනව ඔය දෙවෙනි ලෝක යුද්ද කාලෙ නිෂ්පාදනය කරල පාවිච්චි නොකරපු බඩු බාන්ඩ වෙන්දේසියක්. ඒ වෙන්දේසියෙන් අපේ කතානායකතුමා අරගෙන තියනව අර මම කලින් කියපු විස්ල් පණහක් හැටක්. වැඩකට නෙවෙයි. නිකම් මේ හිතුනට ගන්ට ඇති සිහිවටනයක් විදිහට.

ඉතින් ලංකාවට පෙරලා පැමිනෙනකොට ඔය විස්ල් තොගෙත් අරගෙන ඇවිල්ල. පස්සෙ දවසක මනුස්සයට හිතිල නිකම්ම තියන එකේ මේ විස්ල් එකක් අපේ බස් එකකට හයි කරල බලමු කියල. ඒ පාර සයිලන්සරේ Exhaust එකෙන් ක්‍රියාත්මක වෙන විදිහට ඒ විස්ල් එකක් හයි කරල.  අම්මද බොල. සද්දෙ කියන්නෙ ආය නෑ ගුණසේකර බස් එකක් තලාව දිහා එනකොට අනුරාදපුරේට සද්දෙ ඇහෙනව. ඔන්න කොටිම්ම. (දුහුනන් දැනුම් උදෙසා - තලාව තියෙන්නෙ අනුරාධපුරේට කි.මී. 20 වගෙ දකුණින් A-9 මාර්ගයේ)

පස්සෙ බැරිම තැන මම හිතන්නෙ පොලීසියෙන් ඒ විස්ල් ඔක්කොම ගලවන්න කියල නියම කලා. මම හිතන්නෙ ඒ දවස්වල අනුරාධපුරේ හෝ ඒ අවට වාසය කල කට්ටිය දන්නව මේ කතන්දරේ....

හ්ම්ම්ම්....මදැයි අනන්‍යාගෙ කතාව කියන්ට ඇවිල්ල අන්තිමට කිව්වෙ මේ වෙන වල්පල්.....බෲස් ලීගෙ නැවත ඉපදීමයි, දෙවෙනි ලෝක යුද්දෙයි, ගුණසේකර බසුයි ගැනනෙ. 

සමාවෙන්ට ඕමනයි. අර විමලෙගෙ වාං පතුල් කතා ලියද්දි වගෙ නෙවෙයි මේ අනුන්ගෙ කතා පරිවර්තනය කරද්දි පොඩ්ඩක් සංයමයකින් ඒක කරන්ට ඕන. වාංපතුල් කතානම් ඔහෙ ඕන එකක්. මේක එහෙම බෑනෙ. බගට දන්නවනම් මේ ගැන හැරෙන තැපෑලෙන් ඇවිල්ල මයෙ කුලල මිරිකන්නෙ. ඒ හින්ද ඔන්න මෙතනින් එහාට අනම් මනම් මොකුත් නෑ. පෙරාපු රත්තරං වගෙ තනිකරම අනන්‍යාගෙ කතාව හොඳද?

අනන්‍යා රොටි තැටියෙන් මූණ වහගන්නට දැඟලුවට ඒක හරියට අර පැස්බරෙක් වැල්ලෙ ඔලුව හංගගෙන හතුරෙක්ගෙන් බේරෙන්ට හදනව වගෙ තමයි. කිසිම පලක් නෑ. මොකද ඒ වෙනකොටත් චිත්‍රා ආන්ටි නිකං දෙවෙනි ලෝක යුද්දෙදි ප්‍රංශෙ යටත් කරගන්නට දියත් කරපු ජර්මනියෙ බ්ලිට්ස්ක්‍රීග් මෙහෙයුමට සහභාගිවන පැන්සර් IV යුද්ද ටැංකියක් වගෙ ආත බූත කඩාගෙන පෝලිමේ ඉන්න සහ ඒ අවට බඩුගන්න මිනිස්සු ගෑණු පෙරලගෙන ඉදිරියට එනව.

"චිත්‍රා ආන්ටි….? ඒ කවුද?..." මම ඇහුව.

"චිත්‍රා ආන්ටි අනේ චිත්‍රා ආන්ටි...අපේ ලේන් එකේමයි ඉන්නෙ. අපේ ගෙදරට ගෙවල් හත අටක් වගෙ එහා. එයා අම්ම එක්ක කර්ණාටික් මියුසික් කරනව." අනන්‍යා රොටි තැටියට එහා පැත්තෙ ඉඳල කිව්ව.

"ආ..කර්ණාටික් මියුසික් කිව්වම මතක් වුනේ..මම ගත්තනෙ කර්ණාටික් මියුසික් තියන සී.ඩී. දෙක තුනක්.."

"What ?..... You bought Carnatic Music C.D.s?" 

අනන්‍යා කොච්චර පුදුමයටපත්වුනාද කිව්වොත් මම හිතන්නෙ ලඟ ලඟම එන යුද්ද ටැංකිය ගැනත් අමතක වෙලාද කොහෙද රොටි තැටියත් පාත් කරල ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලා හිටිය.

ඒ මොහොතෙම නාසි යුද්ද ටැංකිය අපි අසළට ලඟාවුනා.

"හරි හරි අපි කර්ණාටික් මියුසික් ගැන පස්සෙ වෙලාවක කතා කරමු." මම අනන්‍යාට එහෙම කියල යුද්ද ටැංකිය දිහාට හැරුන. "හෙලෝ ආන්ටී ඊ..ඊ…" මම ඉතාම හුරතල් විදිහට ඇදල පැදල එහෙම කිව්ව.

යුද්ද ටැංකිය මාව පයිසෙකට ගණංගත්තෙ නෑ. කෙලින්ම ගිහිල්ල නැවතුනෙ අනන්‍යා ඉස්සරහ. 

"අනන්‍යා..කවුද මේ?"

"ආන්ටි මේ ක්‍රිෂ්..මගෙ යාළුවෙක්…"

"හා එහෙමද? ‍යාළුවෙක් ආ? මොන ජාතියෙ යාළුවෙක්ද?" 

චිත්‍රා ආන්ටි ප්‍රශ්ණ කලේ හරියට අනන්‍යාගෙ කිරි අම්ම වගේ.

තව දුරටත් මම මෙතන ඉන්න එක අනන්‍යා තවත් අමාරුවෙ දැමිල්ලක් කියල මට හිතුන. 

"අනන්‍යා මම යන්නම් එහෙනම්...රෑ කෑමට කලින් මේ ගත්තු පිඟං අරගෙන චමරියට යන්ටත් එපාය. අර යක්කු දැනටමත් මේසෙට වාඩිවෙලා ඇති මම එනකල්...එහෙමනම් බායි..සී..යූ.....යන්නං ආන්ටි ඊ..ඊ..ඊ..." 

මම ආයෙම මගෙ අර Irresistible හුරතල් ස්වරයෙන් ඇදල පැදල  කියල එතනින් මාරුවුනා.

අලුත් පිඟංවල දවල්ට උයල ඉතුරුවෙච්ච රත්කරල දාගෙන කාල මම ඇඳේ දිගාවෙලා පත්තරයක් බල බල ඉන්දැද්දි අනන්‍යා මට කතා කලා.

"මොකද තත්වය මැඩම්? බටහිර පෙරමුණ නිසලයිද?" මම ඇහුව.

(Note - "All Quiet on the Western Front"  is a novel by Erich Maria Remarque, a German veteran of World War I. The book describes the German soldiers' extreme physical and mental stress during the war, and the detachment from civilian life felt by many of these soldiers upon returning home from the front. In 1930, the book was adapted as an Academy-Award-winning film of the same name, directed by Lewis Milestone. It was adapted again in 1979 by Delbert Mann, this time as a television film starring Richard Thomas and Ernest Borgnine.)

"නිසලමත් නෑ. අර අම්මණ්ඩි කොහොමත් අපෙ අම්මට කියනව මේ ගැන. අපෙ අම්මයි ඔය චිත්‍රා ආන්ටියි කොහොත් උඩිං හොඳවගෙ පෙන්නං හිටියට ඇතුලෙං අළු යට ගිණි තමයි."

"ඇයි ඒ?"

"එතන තියෙන්නෙ සංගීත අර්බුදයක්. අර ගුරුජී මතකද? සංගීත ගුරුවරයා? අර ඔයාට අපේ ගෙදරදි දවසක් මුණ ගැහුනෙ.."

"ඔව්..ඔව්..මම මුලින්ම හිතාගෙන හිටියෙ ඒ ඔයාගෙ ආතයි කියලනෙ.."

"හිහ්..අන්න හරි ඒ ආතා තමයි. ඒ මියුසික් ආතා අම්මගෙ දක්ෂතා මදියි කියල අම්මව ප්‍රතික්ෂේප කලාට ඔය චිත්‍රා අන්ටිට සංගීතෙ උගන්නන්න බාර ගත්ත. එදා ඉඳල ඔය දෙන්න මොනවයින් හරි පැටලෙන්නමයි බලාගෙන ඉන්නෙ…"

"ඉතිං දැන් ඔය රත්නා එකේ සිද්දවෙච්චි සීන් එක චිත්‍රා ආන්ටි අම්මට කිව්වම මොකක් වෙයිද?"

"එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මම කියන්නම් අම්මට එහෙම දෙයක් උනේ නෑ. ඔය චිත්‍රා ආන්ටි අපිත් එක්ක හිත හොඳ නැති හින්ද බොරුත් එක්ක ගොතල කියනව කියල"

"අම්ම විස්වාස කරයිද?"

"මම අම්මගෙන් අහනව මෙහෙම…. පිස්සුද අම්මෙ? අම්ම හිතනවද රත්නා ස්ටෝර්ස් එක වගෙ දෙනෝ දාහක් ගැවසෙන තැනක ක්‍රිෂ්ව ඉඹින්ට මගෙ ඔලුව හොඳ නැතෙයි කියල.."

"ඉතිං දෙයියනේ ඔයා එහෙම කලානෙ...හෙහ්..හෙහ්.." මම මහ හඬින් සිනාසුනෙමි.

"හරි හරි මම එහෙම කලයි කියල දන්නෙ ඔයයි මායි විතරනෙ...හිහ්.."

"අනන්‍යා මම මේ කල්පනා කලේ මම ඔයාගෙ අප්පා එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ආව විතරයි. මේ සීන් එක හින්ද ඒකත් අප්සෙට් යයිද මන්ද…"

"නෑ..නෑ..ඔයා බයවෙන්න එපා..එහෙම වෙන්නෙ නෑ...අම්ම ඔය විස්තර අප්ප එක්ක කියන්න යන්නෙ නෑ. මට ඒක සහතිකයි…"

"හප්පා..එහෙනම් ඒ ඇති.."

"ක්‍රිෂ් දැන් මංජුයි අප්පයි දෙන්නම ඔයාට කැමතියි. දැං ඔයාට කරන්න තියෙන්නෙ අම්ම කැමති කරව ගන්න එක…"

"කොහොමද ඒක කරන්නෙ?"

"අප්පව ෂේප් කරගන්ට ක්‍රමයක් දෙයියො ක්‍රමයක් පාදල දුන්න වගෙ මට ෂුවර් අම්මව කැමති කරවා ගන්ටත් මොකක් හරි ක්‍රමයක් දෙයියොම පාදල දෙයි.. හ්ම්ම්ම්ම්...එහෙම දෙයියො ක්‍රමයක් පාදල නොදුන්නත් මම දන්නවනෙ මගෙ කුමාරයා මාව ලබාගන්ට මොනවහරි ක්‍රමයක් කල්පනා කරනව කියල. ‍I know Krish you can do it....."

"හරි හරි බටර් ඇති…" 

මම මවාගත් දැඩි ස්වරයකින් එසේ පැවසුවද ඇගේ වදන් ඇසුණු කල මසිත මහත් ප්‍රහර්ෂයකින් පිරී ගියේය.

"ආ..ඔන්න තව පොඩ්ඩෙන් නම් වැදගත්ම එක අමතකම වෙනව..මම මේ ඔයාට කතාකලෙත් මේ පණිවිඩේ කියන්නමයි…"

"මොකක්ද අප්පේ?"

"හෙට රෑ අපේ ගෙදර රෑ කෑමට එන්න කියල ආරාධනා කරන්න….."

"හුටා..ඒ මොකද මේ හදිස්සියෙ?"

"අම්මට මම කිව්වෙනම් අප්පට අර ප්‍රසන්ටේෂන් එක හදාගන්න ඔයා හුඟක් උදව්කරපු හින්ද ඒකට ස්තූති කරන්නෙයි කියල. ඒත් ඇත්තටම මට ඕන වුනේ අපි දෙන්න රත්නා ස්ටෝර්ස් එකට ගිය ගමන ගැන අම්මට කියන්න"

"එතකොට අර ඔයා මාව ඉඹපු සීන් එක ගැනත් අම්මට කියනවද?"

"පිස්සුද මනුස්සයො...ඒක ගැන කියන්නෙ කොහොමද? අපි ඒක ඇර අනික් ටික කියමු. එතකොට චිත්‍රා ආන්ටි අම්මට එක දෙක කරල කිව්වට මට පොඩි ගැලවුමක් තියනවනෙ...හිහ්..හිහ්…"

"ඔයාගෙත් වැඩ මැඩම්. මොකටද ඒ වෙලාවෙ අර සෙනඟ තලේ මාව ඉම්බෙ? ඒකෙන්නෙ මේ ඔක්කොම අලකලංචි…"

"එහෙම කලේද? එහෙම කලේ......" අනන්‍යා ඉක්බිති කථාකලේ ඇසෙන නෑසෙන මට්ටමේ මන්ද ස්වරයකිනි..."සමහර වෙලාවට ක්‍රිෂ් මට ඔයාව ඉඹින්නෙ නැතුව ඉන්නම බැරිවෙනව. ඒ වෙලාවට අහල පහල කවුරු හිටියත් මම ඔයාව ඉඹින එක ඉඹිනව...Because I couldn't help it Krish..Do you know You are some times quite irresistible…………."

අනන්‍යා ඉතා පහත් ස්වරයෙන් පැවසූ එවදන් ඇසූ මගේ හදවත එකවරම නැවතුනාක්මෙන් මට දැනිණි. 

"ඕකේ මිසිස් ස්වාමිනාදන්. If your daughter finds me irresistible I will make you find me irresistible too..that's a promise…" මම තොල මතුරා ගතිමි.

33 comments:

  1. ගොතා හොඳට ගැලවෙන්නට බොරුවක් හදලා
    කතා වුනේ අනන්‍යාම ක්‍රිශ් ගැන හිතලා
    පතා ආව ඉරණම දැන් උගසට තියලා
    පුතා පරිස්සම් වෙනු හෙට නැන්ද දඟවෙලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියා,

      උඹ බුදියන්නෙම නැද්ද බං? රෑ කීයට පෝස්ට් එකක් දැම්මත් උඹ එනව මෙන්න කවියක් කියාගෙන...

      තෑන්ක්ස් මල්ලි සෝ මච්...

      මට මතක් වුනේ සුනිල්ගෙ අර අපූරු ගීතය..

      නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ,
      දේශයේ මුර දේවතා එළි රෑපුරා දැල්වී තියේ...
      ලා..ලල..ලල ලා
      ලා..ලල..ලල ලා...
      ලා..ලල..ලල..ලා...ලල..ලල..ලා...ලල...ලල...ලා..

      ඒ වගේ දැන් කියන්න වෙන්නෙ...

      නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ,
      අපේ දුමියා නිදිවරාගෙන සෝක් කවි ලියතේ... තෙ තේ තේ... සෝක් කවි ලියතේ

      මේ දවස්වල රණවිරු සැමරුම් නිසා ඒ ගීතය අහන්නම වටිනව....

      රන් මලක් ලෙස දෙවු බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ
      පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවු කොනේ
      නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
      දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ

      ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
      පෑ විකුම් දැක දෑ බැතින් හිස අත්මුදුන් දෙති පියවරුන්
      මවුබිමේ හිමිකම් පතා තම දිවි පිදූ කළ ඒ පුතුන්
      තුන් හෙලේ හැම මවුවරුන් ළය කිරි ඒරී ඇත වුන් නමින්

      රන් මලක් ලෙස දෙවු බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ
      පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවු කොනේ
      නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
      දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ

      මවු කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
      අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමි අදදිනේ
      නෑ සියන් සොයුරන් ඔබේ අද දූපුතුන් හැම මේ බිමේ
      හදවතින් අප යුදබිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ ///

      Delete
    2. දැනෙන මම කැමතිම ගීතයක් අය්යෙ.

      Delete
  2. අදත් 2.

    ඒ කාලෙ රත්න එකේ සී.සී.ටී.වී. තියෙන්ඩ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හෙහ්..හෙහ්..කිව්වත් වගෙ කොහොමද සී.සී.ටී.වී. තිබ්බනම් එහෙම? ගොසිප් සයිට්වල මෙහෙම යයි හෙඩ්ලයින්ස් නැද්ද?

      පිඟන් අරන් දෙන්නට කියා රත්නා ස්ටෝර්ස් එකට එක්ක ගිහිං අනන්‍යා ක්‍රිෂ්ට කල අපූරු වැඩේ බලන්න..සංස්කරණය නොකල සී.සී.ටී.වී. දර්ශන සහිතයි.

      ඉතාම ශෘංගාරාත්මක දර්ශන අඩංගු බැවින් දැඩිව කාමාශක්ත අයවළුන් නැරඹීමෙන් වළකින්න

      Delete
  3. //අම්ම හිතනවද රත්නා ස්ටෝර්ස් එක වගෙ දෙනෝ දාහක් ගැවසෙන තැනක ක්‍රිෂ්ව ඉඹින්ට මගෙ ඔලුව හොඳ නැතෙයි කියල// නැතුව. නැත්තං අර පෙට්‍රල් ෂෙඩ් කාරයෙක් අතෑරල මේ වගේ පොත් ගුල්ලෙකුට ලව් කරයියැ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      ඔන්න ඔන්න ඉතින් සබාපතිතුමාත් පටලගෙනනෙ..කොහෙද බං අනන්‍යාට පෙට්‍රල් ෂෙඩ් කාරයෙක් සෙට් වුනේ? ඒ ක්‍රිෂ්ටනෙ..අර අම්ම කතා කරපු කෙල්ල..ඩොලීටනෙ පෙට්‍රල් ෂෙඩ් තිබ්බෙ...

      අනික ක්‍රිසා කියන්නෙ පොත් ගුල්ලෙක් නෙවෙයිනෙ බොල...

      Delete
    2. ඇත්ත නේන්නං. අවුලක් නෑ. බොලාගෙ බ්ලොග් එක බලන එව්වන්ට ඕක එච්චර දෙයක් නෙමෙයි.

      Delete
  4. “I have found men who didn't know how to kiss. I've always found time to teach them.”
    ― Mae West

    ReplyDelete
    Replies
    1. Pra,

      Here's a snippet about Mae West.You may have heard it already but anyway here it is....

      Mae West was a veteran of vaudeville and Broadway. She made her first movie and immediately became a national sex symbol when she was nearly 40. With her hourglass figure, saucy double-entendres, and sinful saunter on five-inch heels, she was a natural bombshell.

      During World War II, Allied soldiers called their inflatable life jackets "Mae West" in honor of West's famously buxom figure.

      Delete
  5. ඔය කියන ඉරෙසිස්ටබල් සීං එක මගෙත් තියෙනව නෙව... වැඩේ තියෙන්නෙ ඒක බලපාන්නෙ නැන්දල එක්ක. ඒ උදවිය හිතන්නෙ මං බබෙක් වගේ හුරතල් කියල. වෙලාවකට මටත් දැනෙනව මං හෙන හුරතල් කියල...

    ReplyDelete
    Replies
    1. “Every man should have aunts. They illustrate the triumph of guess work over logic.”
      ― Agatha Christie

      Delete
    2. ඩ්‍රැකී,

      අම්මප කියාපං බං...හෙණ හුරතල් ඈ? හෙහ්..හෙහ්...

      Delete
    3. Pra,

      Yep, wham bang too...heh,heh

      Delete
  6. අනෙයප්පුච්චේ.. අම්මා මුත්ත කාලෙ අහපුවද මේ.

    ReplyDelete
    Replies
    1. සුරා,

      කොව්වද බාං?

      Delete
    2. වලං කඩේට පිනා පැන්නා අහල තියෙනව. ඒ උනාට වලං කඩේදි ඉම්බා අහල නෑ.

      Delete
    3. සුරා,

      වළං කඩේට පැන්නෙ පිනා නෙවෙයි බං ගොනා..එංගලන්තෙදි ගොනා පැන්නෙ පිඟන් බඩු කඩේකට...Bull in a china shop....

      අම්බලමේ පිනා
      වළං කදක් ගෙනා
      ඒක බිඳපි ගොනා
      ඒකට මට හිනා..

      මෙතන ගොනා කියන්නෙ බුදු හාමුදුරුවන්ට කියල උඹ දන්නවද?

      Delete
  7. හෙටම කොමෙන්ට් කරනවා නැන්දම්මාගේ රෙස්පොන්ඩ් එකත් බලලම.. හෙහ්.

    ReplyDelete
  8. අදත් නිකම් එහටෙ මෙහටෙ ඇදල විතරයි

    ReplyDelete
    Replies
    1. මද්දා,

      හරි හරි බං සුට්ටක් ඉවසල ඉඳිංකො

      Delete
  9. අනන්‍යා නම් හරිම මොළකාර කෙල්ලෙක් නේද? කොහොමද වැඩේ යට ගහන්න ගහපු ප්ලෑන?

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      කෙල්ලොන්ට ඔය වගෙ වෙලාවට ගණදෙවි නුවණ එනව කියල අහල නැද්ද?

      Delete
  10. ANANYAGE KALPANAWANAM HODAYI... AMMAYI CHITHRAYI AULA WASIYATA GANNAYI HADANNE...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      එහෙමමත් නෙවෙයි නේ...ඒ යෝදිට ඕනෙ කොහොම හරි ඔලුව බේරගන්ට..එච්චරයි මම හිතන්නෙ...

      Delete
  11. උඩ හරිය කියවන කොට මම හිතුව අනන්‍යා අමතක වුනා කියල. යන්තම් ජර්මනියෙන් ඉන්දියාවට පැන්න

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඔව් බං...ඒ වැලවටාරං ආය ලියන්නෙ නෑ කියල මම අදිස්ටාන කරගත්ත.

      මඟක් ලියනකොටම මටම තේරුන වැඩේ අවුල් කියල. ඒත් ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල ලියල දැම්ම (Any Pumpkin Garden)

      වාංපතුල් කතාවලට හරි ගියාට මේකට හරි යන්නෙ නෑ එව්ව. කොහොමත් අනුන්ගෙ කතාවක්නෙ..

      Delete
  12. අනන්‍යාගෙනුත් ඉගෙන ගන්න ගොඩාරියක් දේවල් තියෙනවා .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...