Sunday, June 3, 2018

586. පුවක් එෂැණිං 45 - ග්‍රාම නිලධාරීන්ගේ විශේෂ පුහුණුව, ලංකාවේ රොබින් හුඩ්, Full Body Brain සහ එක්සත් පිවිතුරු අලවුඉසි මූල්‍යප්‍රතිලාභ පෙරමුණ…..


"ජාතික ආණ්ඩුව...." ඩේලි මිරර් කාටූනය - අවන්ත ආටිගල

ග්‍රාම නිලධාරීන් 1600කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දැනට දිවයින පුරා උග්‍ර ග්‍රාම නිලධාරී හිඟයක් පවතින අතර මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබුණේ මීට මාසයකට ප්‍රථමය. 

මෙම ප්‍රමාදය පිළිබඳව අදහස දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පුහුණු කටයුතු භාර අධ්‍යක්ෂතුමා මෙසේ පැවසීය.

"මේ ප්‍රමාදයට හේතුව අපේ පුහුණු කාලය අනපේක්ෂිතව මාසයකින් වගෙ දීර්ඝ වෙච්චි එකයි. ඒකට හේතුව හදිස්සියෙම අපිට උපදෙස් ලැබුන මේ පුහුණුවන ග්‍රාම  නිලධාරීන්ට විශේෂ පුහුණුවක් දෙන්නෙයි කියල බැරිවෙලාවත් ලංකාවෙ ජනාධිපතිකම එහෙම ලැබුනොත් කතා කරන්න එතකොට හැසිරෙන්න එහෙම ඕන කොයි විදිහටද කියල."

"අන්න ඒ විශේෂ පුහුණුව හින්දයි මේ ප්‍රමාදය සිද්ධ වුනේ. ඒත් මට සහතික කරල කියන්නට පුලුවන් අද මේ පත්වීම් ලබපු 1600 දෙනාට අපි ඒ විශේෂ පුහුණුව හරියාකාරව ලබා දීල තියනව ඒ හින්ද මහ ජනතාවට කිසිම විදිහකින් ඉදිරි අනාගතයෙදි බය වෙන්න දෙයක් නැහැය කියල....."

****************
ටං... ටිං.... ටුං....
****************

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය පිළිබඳව දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අර්ජුන් ඇලෝසියස් මහතා තමන්ට රුපියල් මිලියනයක චෙක්පතක් ලබාදුන් බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පිළිගනී. ඒ පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

"ඔව් මම පිළිගන්නව ඇලෝසියස්ගෙන් මට රුපියල් මිලියනයක චෙක් එකක් හම්බ උනයි කියල. මගේ ආරක්ෂක නිලධාරියා ලවා මම ඒ චෙක් එක මාරු කරවගත්ත. ඒකත් ඇත්ත. ඒත් මම ඒ චෙක් එක ගත්තෙ මට වියදම් කරගන්න නෙවෙයි. මාගේ අදහස තිබ්බෙ ඒ සල්ලි දුප්පත් මහජනයා වෙනුවෙන් වියදම් කරන්න. නැති බැරි මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ අරන් දෙන්න. අඳින්ට යමක් අරන් දෙන්ට. ගෙවල් හදාගන්න උදව් කරන්න"

"මම හිතාගෙන හිටියෙ රටේ ඉන්න පෝසත් මිනිස්සුන්ගෙන් ඔය විදිහට සල්ලි අරගෙන දුප්පත් මිනිස්සුන්ට මොනව හරි උදව්වක් කරන්න. අර ඒ කාලෙ එංගලන්තෙ හිටියය කියන්නෙ රොන්බින් හුඩ්..අන්න ඒ වගේ..ඒත් ඒ එක්කම වස වැරැද්දක්නෙ උනේ. මම එතකොට ක්‍රීඩා ඇමතිනෙ. ඔබ තමුන්නාන්සේලාට මතක ඇති අර ක්‍රිකට් ක්‍රීඩකය ලසිත් මාලිංග..."

"ඒ මනුස්සය අර ගිරව් බෙනේද රිලව් බෙනේද කියල කට කැඩිච්චි කතාවක් කියල මෙතන රටේම මිනිස්සු මට රිලාසිරි කියල කියන්න ගත්තනෙ. ඒ කතාවට මගෙ පැනපු මල මාසයක් විතර අල්ලල හිටිය. ඉතිං ඒ අව් අස්සෙ මට ඔය ඇලෝසියස්ගෙ සල්ලි ගැන මෙලෝ සංසාර දෙයක් මතක නැතුව ගියා. ඔන්න ඕකයි ඇත්තටම සිද්ද වුනේ.. නැතුව වෙන වංචාවක් දූසනයක් එහෙම මොකවත් සිද්ද වුනේ නෑ...ඩිස්කේ අම්මට ඩිස්කේඩේ..."

****************
ටං... ටිං.... ටුං....
****************

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගෙන ඇතිබවට බැඳුම්කර කොමිසම් වාර්තාවෙහි සඳහන් වන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඇලෝසියස් මහතා සඳහන් කලේ එසේ හැකි පමණ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මුදල් ලබාදෙන ලෙසට තමන්ට උපදෙස් දුන්නේ බැඳුම්කර වංචාවේ මහ මොළකරු විසින් බවයි.

"අර්ජුන් මලේ පුලුවන් තරම් වැඩි මන්ත්‍රීල ගානකට සල්ලි දෙනව. අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න හරක්ට සල්ලි හම්බවෙනවනම් කොහෙං උනත් කමක් නෑ. උඩ පැනල බාර ගන්නෙ. මම දන්නෙ නැද්ද උංගෙ හැටි. මමත් ඕකෙ ඉන්නවනෙ 77 ඉඳලම. පුලුවන් තරම් වැඩි ගානකට සල්ලි දීල ඒ ඔක්කොම මේකට පටලවල තිබ්බම වැඩේ බැරිවෙලාවත් මාට්ටුවෙලා බැලතණ ගහේ රුන්න වගේ උනොත් අපිට වාසියක් ගන්න පුලුවන්. මොකද ඔය කෝක උනත් අන්තිමට විවාද කරන්න එන්නෙ ඔය හරක් මඩුවටනෙ." 

බැඳුම්කර වඤ්චනික මගඩියේ මහ මොළකරු තමාට එසේ පැවසූ බව ඇලෝසියස් මහතා තවදුරටත් පවසා සිටියේය

"මහමොළකරු කියන්නෙ තනිකරම මස්තිෂ්කයක්...ඇඟ පුරා මොළේ...Full Body Brain...." ඇලෝසියස් මහතා අවසාන වශයෙන් පැවසීය.

****************
ටං... ටිං.... ටුං....
****************

මේ අතර අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් 118 දෙනා එකතුවී නව සන්ධානයක් පිහිටුවා ගතයුතුයැයිද අදහස් පලවී ඇත. "එක්සත් පිවිතුරු අලවුඉසි මූල්‍යප්‍රතිලාභ පෙරමුණ" ලෙස හැඳින්වෙන එම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස මුදල් නෝට්ටු මිටිය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලාසිටීමටද තීරණය වී ඇත. 

"මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මුදල් නෝට්ටු මිටිය ළකුණ දෙන්න බෑ කිව්වොත් අපි හිතාගෙන ඉන්නෙ අත් දෙකක් හංසයෙක්ගෙ බෙල්ල මිරිකන සීන් එකක් චන්ද ලකුණ විදිහට ඉල්ලන්න. එහෙමත් නැත්නම් බැඳුම්කරේක ෆොටෝ එකක් වුනත් අවුලක් නෑ. අනික අපේ මේ පිවිතුරු අලවුඉසි පෙරමුණ කියන්නෙ ලංකා ඉතිහාසෙ පළවෙනි වරට දේශපාලන පක්ෂ භේදයකින්, ජාති ආගම් කුළ භේදයකින් එතකොට ස්ත්‍රී පුරුෂ භේදයකින් පවා තොරව එකම අරමුණක් වෙනුවෙන් මහජන නියෝජිතයො එකා වගෙ එක්සත් වෙන ප්‍රථම අවස්ථාව"

"මේ පෙරමුණේ ප්‍රධාන සහ එකම අරමුණ මුදල්..මුදල්..මුදල්...දැන් රටක් දියුණු කරන්ට මොනවද ඕන ප්‍රධාන වශයෙන්? මට කියන්න....මුදල් නේද? ඉතිං මුදල් එකම අරමුණ කරගෙන  මහජන නියෝජිතයින්ගෙ මේ එකතුවීම මට ඉස්තීරයි මේ රටේ අනාගත දියුණුවේ නව සන්ධිස්ථානයක් වෙනව..." 

නව පෙරමුණේ මුල් පෙලේ සාමාජිකයෙක් පුවක් එෂැණිං අමතා එලෙස ප්‍රකාශ කලේය.

15 comments:

  1. මෙන්න මේ වගේ වැදගත් එකක් ලියපං මාමේ.....

    //පුලුවන් තරම් වැඩි ගානකට සල්ලි දීල ඒ ඔක්කොම මේකට පටලවල තිබ්බම වැඩේ බැරිවෙලාවත් මාට්ටුවෙලා බැලතණ ගහේ රුන්න වගේ උනොත් අපිට වාසියක් ගන්න පුලුවන්. මොකද ඔය කෝක උනත් අන්තිමට විවාද කරන්න එන්නෙ ඔය හරක් මඩුවටනෙ//

    ඇලෝසියසා අන්තිමට ඔක්කොටම කෙලියා නෙහ්.....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      ඒකනෙ බං..කියල වැඩක් නෑ..කොහොමද රනිලගෙ මොලේ? යූඇන්පී එකේ නායකකම රැකගන්ට මේ මනුස්සය ගහන දහංගැට කපටි සූත්තරවලින් බාගයක් රටේ නායකකම ගන්ට යොමු කලානම් මේ යකා මෙලහට ලංකාවෙ ජනාධිපතිවෙලා සෑහෙන කල්.

      ඒත් මට හිතෙන්නෙ මිනිහ ඒකට නිකං බයයි බයයි වගේ..සිරිකොතේ ලොක්ක වෙලා මැරෙනකල් ඉන්න එක තමයි මිනිහගෙ එකම ආසාව...:)

      Delete
  2. සභාවේ වේදිකාවේ රඟනා
    පගාවේ තාලෙන් හෘදේ ගැහෙනා
    ඇලෝගෙන් එහෙමත් කොමිෂන් ලැබෙනා
    රටේ මංත්‍රීලා සූටි බබාලා
    කෝල සිනා පා දෑතින් ආචර පාලා
    සුදු රෙද්දෙනි විලිය වැසූවේ
    ආයේ වශීවී කතිරෙන් සබයට ඒවී
    බෙල්ලෙත් මල් මාල වැටේවී 😌

    පසුගිය බයිලා ලිංකුවට තැන්ක්‍යූ ජයවේවා 👍

    ReplyDelete
    Replies

    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      අප්පටසිරි පොහ්..මරු නිසඳැසක්නෙව...අගෙයි අගෙයි...:)

      You are welcome....

      Delete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/06/45-full-body-brain.html

    ReplyDelete
  4. යකෝ දන්සිරියට අර පිටදේසක්කාර රොබින මතක තිබුණට මේ ලංකාවෙ හිටිය සරදියෙලා මතක නෑ.
    මාත් ඊගාව පාර ග්‍රාමෙකුට ඉල්ලන්න ඕන. බැරි වෙලාවත් ලොකු තැනටම යන්න හම්බඋනොත් කාටද ප්‍රවුඩ් නෙහ්.

    -Praසන්ன-

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /යකෝ දන්සිරියට අර පිටදේසක්කාර රොබින මතක තිබුණට මේ ලංකාවෙ හිටිය සරදියෙලා මතක නෑ./

      දැන් සරදියෙලව ගනං ගන්නෙ නෑ. ඌ මුස්ලිම් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා රට ජාතිය පාවා දුන්න කියල තමයි දැන් කවුරුත් කියන්නෙ...

      අර රුවන් බන්දුජීවත් කියන්නෙ..... තුංග උතුවන් කන්ද පාමුල......

      තුංග උතුවන් කන්ද පාමුල
      කෝපිමල් අහුරක් තියා
      මම්මලේ මට ඇහෙනවා බං
      ඉකිබිඳින හඬ මේනකා....

      බංගලාවක් බින්ද දවසක
      හංගගෙන ආ රිදී කූරක්
      කෝපිමල් අහුරක්ම ගැවසූ
      කෙස් රොදක් අතුරින් යවා
      හිඟුල ඔය ළඟ වාඩිකර උඹ
      හැඩ බලන්නට ආයෙ දවසක්
      එන්නෙ නෑ මට මේනකා

      තුංග උතුවන් කන්ද පාමුල
      කෝපිමල් අහුරක් තියා
      මම්මලේ මට ඇහෙනවා බං
      ඉකිබිඳින හඬ මේනකා....

      Delete
  5. . "එක්සත් පිවිතුරු අලවුඉසි මූල්‍යප්‍රතිලාභ පෙරමුණ" ha ha

    ReplyDelete
  6. පාර්ලිමේන්තුවෙ බහුතරය ඇලෝසියස්ට තියනව කියල කතාවෙනව

    ReplyDelete
  7. ඔක්කොමත් හරි අර හිටං ගොයියා දෙන ආතලුත් හරි... දේශපාලනය ගැන කිසිම හැඟීමක් නැතුව අවුරුදු 35ක් විතර මම හිටියා.. ඉතිරි ටිකත් ඒ විදියටම ඉන්න තමා දැන් තීරණේ කරලා තියෙන්නේ..

    ReplyDelete
  8. හෙහ්....හිනා වෙවී අඬන්න ඕයි තියෙන්නේ මෙව්වා

    ReplyDelete
  9. අර ගෙඩි සුපියල් ලක්ෂයක් අරගෙන ගලේ පහරපු බළල් ගෙරියෙක් වගේ ඉන්න කළවැදි බුවෙකුත් ඉන්නවා නේද සීන් එක අතේම මාට්ටු වෙච්ච...

    වැඩේ කියන්නේ බුවා මගේ බැචෙක් ගේ ලඟම නෑ කෙනෙක්, බැචාගේ නෝනා හරහා තමයි ඔය නෑ කම තියෙන්නේ. ඉතින් හිතහන්කෝ පහුගිය කාලේ තත්ත්වේ කොහොමට තියෙන්න ඇද්ද කියලා. අන්තිමට බුවා මාව FB එකේ un-friend කරලයි නතර උනේ...
    පව් අප්පා එහෙව් ජීවිත. නෑ කමට දේශපාලනේ ගැන කතා කරන්න ආවට උත්තර දෙන්න අමාරු මොකක්හරි අහපු ගමන් රෙන්න බර හැදිලා බාල්දිය අරගෙන වතුර හොයාගෙන දුවනවා වගේ දුවනවා...

    බොලා අපි වගේ ගහබැනගත්තත් පස්සේ වෙලාවක සෙට් වෙලා ආතල් එකක් අරගෙන පොඩ්ඩක් අනුමත වෙන්න පුළුවන් ගතිය ඔය හැමෝටම නැහැ බං...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...