Wednesday, June 20, 2018

591. පුවක් එෂැණිං 48 - නානසාර නාඩගම අංක දෙක…….


ඡායාරූපය - කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියෙනි.

ගලගොඩ ඥාණෙ ජම්පරේ අන්දල හිරේ ඇරියට නානසාර නාඩගම අහවරක් වී ඇති බවක් පෙනෙන්නට නැත. නාඩගමේ ඊලඟ කස්තිරම අල්ලන්නට වේදිකාවට ගොඩවී ඇත්තේ ඇම්. අබේ චීවරදාරී තුමාය.

මරාගේ ජනාදිපති  ලේකම් සහ ඒ කාලෙ හිටපු ටෙලිකොම් සබාපති එකතුවෙලා කල සිල් රෙදි මගඩියට ඒ තක්කඩි දෙන්න අල්ලලා කූඩුකල විට එවුන්ට නියම කල දඩය ගෙවන්නට සල්ලි හිඟමනේ යන්නට මහා සන්ගරට්නේ පාරට බැස්සීමේ මූලිකත්වය ගත්තේද මේ ගරුටර ඇම්. අබේ තුමාමය.

ඇම්. අබේ කියන්නේ නානෙගෙ චීවරේ ගලවාපු එක ඉත්තේරුවෙම්ම වැරදියි කියාය. එහෙම චීවර ගලවන්ට බලයක් තියෙන්නෙ උන්නැහේ කියන විදිහට මහානායකලාට පමනය. එහෙම කරන්ට ඇහැක් වන්නේ ඔන්න ඔය මොකද්දෝ සංගාදිකරන කියන අටමගලකින් නඩු අහලා වැරදි කාරයා උනොත් විතරක්ලුය .අපේ අබේ තුමා එහෙමත් කියා ඇත.

අද මේ ඊද් නිමාඩු දවසේ හීංවට එකක් එහෙම නමාගෙන ඉතා ගැබුරිං මේ නානෙගෙ පස්නෙ ගැන කල්පනා කොරන අල්ල පනල්ලෙහි මටද එක පාරටම හිතුනේ දෙයියෝම සාක්කි මේ අබේ කියන එක ඇත්ත නෙවෙන්නම්ය කියාය. ඒ හිතුවිල්ලත් එක්ක ආපු ආතල් එකට මම ඇති වීරියෙං මේසෙට ගහපු පාර තව ඩිංගෙන්නම් වක්කරගත්තු සොට් එකත් පෙරලෙනවාය. හොඳ වෙලාවට අසෝක වීදුරුව දෙපාරක් එහා මෙහාට වැනෙන කොට මම පැනලා අල්ල ගතිමිය.

ඉනික්බිතිව අබේගෙ කතාව ගැන තව දුරටත් කල්පනා සාගරයේ ඈත දියේ පීනාවිත් අනන්ත බාදක මැද සුවසේ වෙරලටද ඇවිත් වෙරලේ වැතිර තවදුරටත් කල්පනා කරද්දී මට මෙහෙමද කල්පනා විය. අබේ කියන්නේ ඇත්තම තමයිය. පත්තරේක හන්දුරුවෙක්ගෙ නමක් තිබ්බොත් ඒකෙ අගට මෙහෙම ටයිටල් එකක් වරදින්නේ එහෙමත් දවසකය. "කොණ්ඩකූරු කෝරලේ ගරු අදිකරන සංගනායක" "සියනෑ කෝරලයේ මාමයිට් ජනපදයේ ගරු උප අදිකරන සංගනායක" එහෙමත් නැත්තං "බිංතැන්නේ සීතල වන්නියේ කොහොඹාන කෝරලයේ ගරු අදිකරන සංග නායක"....

එහෙම මෙහෙම බලාගෙන ගියහම මේ දහං දිවයිනේ අදිකරන සන්ගනායක ගොල්ල වැහි වැහැලාය. "Bush football kicking one honorable justice priest coming out" ඒ කිව්වෙ පඳුරකට පයිං ගැහුවද ගරු අදිකරන සංගනායක කෙනෙක් එලියට විසිවෙනවාය කියන එකය. පයිං ගහනව කියන එකට පුට් බෝල් කිකිං කිව්වට සමාවෙන්ට ඕනය. මේ දවස්වල "පිපා 2018" ආතල් එකෙං මබ්බෝද වී සිටින සෙයින් ඉබේම නොහොත් ඕටොමැටිකලි පුට් බෝල් ගැන ලියවුනෙමි.

මේ ලියන්නේ පුවක් එෂැණිං හින්දා පඳුරු තැලිලි ඔට්ටු නැත. නොඑසේනම් මෙතනම මනරම් පඳුරු තැලිල්ලකට හේතු කාරනා ඇත. ඒ මොනවද කියනවානම් පිපා කියන්නේ කේට් මිඩ්ල්ටන්ගේ නංගීය. නොහොත් එංගලන්තේ ප්‍රින්ස් විලියොං ගොයියාගේ නෑනාය. පිපා ගැන ලියනවානම් ලියන්නට සෑහෙන දේවල් ඇත.

ඊලඟට මනරම් පඳුරු තැලිල්ලකට සුදුසු අනෙක් වචනය "මබ්බෝද" යන්නය. ඒ වනාහී නැසීගිය ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහයන් හඳුන්වා දුන් වචනයකි. "මෂ්නේ පුහ්" ඒ වනාහී ඔහු හඳුන්වා දුන් තවත් වචනයකි. අවාසනාව නම් අද දයාසේනයන් පිළිබඳව පඳුරු තැළිල්ලක් නොහොත් "බීටිං එබවුට් ද බුෂ්" එකක් කිරීමට නොහැකි වීමය. ඒ අද මම ලියනුයේ පුවක් එෂැණිං නිසාය. ඒ නිසා ඒ ගැනම ලිවිය යුතුය. රායිට් බෑක් ටු පුවක් එෂැණිං.....

ඉතිං අපේ ඇම්. අබේ ඔය සංගාදිකරන ගැන කියන එව්වා ඔක්කෝම ඇත්තය. ඒත් මිස්ටර් අබේස්ට සුට්ටක් මිස් පයර් එකක් ගියේ ඔය සංගාදිකරන කියන එව්ව තියෙන්නෙ සාදුල සාසනේ විනය කඩපුවාම ඒ ගැන තීන්දුවක් අරගෙන දඬුවම් දෙන්නටය. එහෙම නැතුව රටේ සම්මත අපරාධ නීතිය යටතේ වරදක් කලාම ඒ ගැන විබාග කරන්නට සංගාදිකරනයට බලයක් නැත්තේය.

ගිහියංගේ අදිකරන වලින් දඬුවම් ලබන එක සංගයාගේ ආත්ම ගහුරවේට කැලලක් නම් ප්‍රතිකර්මේ බොහොම පැහැදිලිය. ඉතාම පහසුය. එවන් අපරාධ නොකර හිටියාම හරිය. 

අනික නානෙ ඔය හා හා පුරා කියා කිරි කෝඩුවේ උසාවියකින් දඬුවම් ලැබුවාමත් නෙවේය. නකතං වෙන්ට ගසාලාපියා කණ සාක්කුවේ දාපියා ගෙන රිය පදවා කවුද මනුස්සයෙක්ද යටකලාය කියල අවුරුදු ගානකට පෙර උසාවියෙන් අච්චු කරපු ගොබිලෙක්ය අපේ මේ නානේ තුමා. එහෙම බලනකොට එතුමා ඇත්තටම නම් අයි. ආර්.සී. කාරයෙක්ය. (I.R.C. = Island Re-convicted Criminal)

මේ අතර ට්‍රයි නිකායික මහා සන්ගරට්නේ එකතුවී ඊයෙද කොහෙද කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ මහා සත්තිය ගිරහයක්ද පැවැත්තුවෝය. ඒ වනාහී වහාම ක්‍රියාත්මක වන පරිදි ඥාණේ එලියට දමන ලෙස ඉල්ලමිනි. 

උසාවියකිං දුන්නු අච්චුවකින් නිදහස් විය හැක්කේ ඊලඟ ඉහල උසාවියට ඇපීල් කිරීමෙන් පමනකි. නඩුකාරයින් සත්තිය ගිරහයට මහා සංගරට්නේ කීදෙනෙක් සහබාගී වූවාදැයි ගනං බලා අච්චු කාරයින් නිදහස් කරන්නේ නැත.

ඒ හින්දා මේ රැස්වූ චීවරදාරීන් ඉල්ලා සිටින්නේ ජනාදිපති සමාවකින් ඥාණේ එලියට දමන ලෙස විය යුතුය. අපේ සිරා ජනාදිපතිතුමා මේ දවස්වල ඉන්නේ දෙයියො පිස්සු එලවලා වගේය. ඒ නිසා එතුමා දඩස් ගා ඥාණේ එලියට දමන්ටත් බැරි නැත. හැබැයි බැරිවෙලාවත් එහෙම උනොත් මේ ඥාණේ ඇතුලට දැමීමෙන් ඉක්බිති අපේ රටට ලැබුනු යම් පිලිගැනීමක් තියේද ඒ සියල්ල ආයම නැති බංගස්තාන වෙලා යනවාය.

ඒ කියන්නේ මේ පහුගිය කාලයේ සී ලංකාව ගැන ජාතියන්තරේ තිබ්බෙ මෙහූ මතයක්ය. ඒ කොහොමද කියනවානම් ලංකාව වනාහී කහකඩක් උරෙස්ස වැහෙන්නට පොරවාගත් ඕනෑම උම්මත්තකයෙකුට ඕනෑම රස්තියාදුකාරයෙකුට ඕනෑම මොලේ කොලොප්පං කාරයෙකුට නිසි නින්දේ තම සිතැඟි පරිදි ඕනෑම නෙයියාඩගමක් නැටිය හැකි රටක් හැටියටය. පොලීසියත් දැක්කේ නැතුවා වගෙ අහක බලා සිටිති. ආන්ඩුවද එසේය. මෙතෙක් වැඩ සිද්ද වුනේ ඒ හැටියටය.

ඒ අනභියෝගීය බලයෙන් මත්වී ඥාණේ උසාවිය ඇතුලේද යකා නටන්නට ගොස් හත් පොලේ ගාගත්තේය. දැන් මේ ඥාණෙට දුන්නු අච්චුව නිසා යම්තමට සී ලංකාවේ නීතියේ පාලනයක් යම් තරමකට හෝ තියන බව ඔප්පු වී ඇත. ඒ තත්වය එහෙම්මම ඉස්සරහට ගෙන යා යුතුය. 

ඒ නිසා අපේ සිරා ලොක්කාට තියෙන්නේ මොන කහකඩයා ඇවිල්ල මොනව කිව්වත් කිසිම බුරුලක් නොදී ඉන්නා එකය. එතුමා පොළවෙං ද කොහෙන්ද මතුවූ මිනිහෙක් හින්දා චීවර දාරීන්ගෙන් බේරෙන්ටම අමාරුනම් ඥාණේ ජම්පරේ ඇඳගෙන ඉන්නා මාස හයක කාලය තුල ආයමත් පොළව යටට ගිහිල්ලා හිටියත් කමක් නැත.

*************************************

"නැඟනිය බිය නොවන්න මම ඔබට පිහිට වෙමි" - සැමියා අහිමිව වැලපෙන පටාචාරා අමතා බුදුන් වහන්සේ එසේ වදාළෝය.

"තොගෙ මිනිහ කොටියෙක්, තෝත් කොටි දෙනක්, තෝ ගිහිල්ල හිඟා කාපිය" - අතුරුදන්කල තම සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලූ සන්ධ්‍යා අමතා ශ්‍රී ලංකාවේ නූතන සඟරජ එසේ වදාළෝය.

සියළු ශ්‍රද්ධාවන්තයෝ නිවී සැනසෙත්වා!

44 comments:

  1. රටේ ආන්දෝලනයක් ඇතිකළ ඒ පුවත, හොඳට 'ලුණු ඇඹුල්' සහිතව "පුවක් එෂනින්" වලින් නැවත හරි අගේට සංස්කරණය කර තිබෙනවා. ඔය වචන මාලාව අනාගත හුදී ජනයාගේ සුඛ පරිහරණය සඳහා 'රවී- සිංහල පාරිභාෂික පද' යනුවෙන් පොතක් එළි දක්වමුද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      හෙහ්..ඔබගේ අගය කිරීම මට මහත් සතුටකි!

      Delete
  2. Star quality writing Ravi.

    Morning read laughing no stop he he.

    Lotus

    ReplyDelete
  3. Ane huke, umbalata ithin buddagamata kelinna deyak theyenawanam uda pen pen kelinawa. Thambi Natioanl park walata kelinakota, anduwa LTTE karayonge padi wedi karanakota kata puka wahagene innwa. Umbta sinhalen liyanna puluwan unata umba thamibiyek

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඉතිං අනේ ඔයා ඔය දේවල් ගැන ලියන්නකො...:)

      Delete
  4. Bashing Buddhism or Buddhists seems to be popular now. This just because of the actions of few. Instead of pointing out the wrong actions, most writes are bashing Buddhism in general (as if all these BBS actions are somehow part of being a 'Sanga')

    What this writer doing is insulting Sinhala Buddhists and our culture in general, for someone's bad behavior (in this case Ganasara of BBS). He is talking about de-robing a monk as a normal and 'Sangadhikaranaya' as 'Atamagalaya' or joke. Also if the monk has done wrong, it's normal law applied as civilian, really? I don't think so, there is a process and law set out how a monk to be de-robe (also ridiculing Monk M Abey for pointing it out) Also refers Maha Sanga as 'Kahakadaya', this clearly shows there is no much difference between this writer and BBS Ganasara (the guy is a low life)

    So, god save Sri Lanka (since no place or respect for Buddhism in out country now)

    ReplyDelete
    Replies
    1. Well, priests of other religions too have go to jail, like Fr. Mathew Peiris. Was he allowed to wear the cassock in jail, or not?

      Delete
    2. Ano,

      /What this writer doing is insulting Sinhala Buddhists and our culture in general, for someone's bad behavior (in this case Ganasara of BBS)/

      I didn't write anything about our culture. Addressing a woman in filth inside a court is not "our culture" in my opinion

      Delete
    3. Pra,

      I think Fr. Pieris was wearing his cassock inside the jail. I am not 100% sure but I think he was allowed that privilege.

      Delete
  5. සඳ මෝරා පොහොයක් ඇති වෙන්න ලඟයි
    හිඳ බැති සිතින් ශ්‍රද්ධා ඇතිවෙන්න ලඟයි
    අද බැති පුවත් මේ ලෙස නිම වූව වගයි
    නිද හස් සිතින් " සාදු සාදු " කියනු ළමයි...

    ජයවේවා!!!

    ReplyDelete
  6. ඔය ඇම් අබේ කියන විදියට ගෑනියෙක් හිරේ ගියොත් ජම්පරේ අඳින්න බලකරන්න බෑ. රෙද්ද ගලවන්න කසාඳ මිනිහම ගෙන්නන්න වෙනව

    ReplyDelete
  7. පාදඩයො කහරෙද්දක් දාගත්ත ගමන් මහා සංඝරත්නෙ වෙනව.. උන්ට සියලු ඥාණයන් ඉබේ පහල වෙනව.. පින්බත් ගිලල තෙල වැඩිවුනාම චණ්ඩි වෙනව..
    අඩෝ සිවුරට අත තියන්න එපා...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මහා සංගරට්නෙ කියන එකේ "මහා" කෑල්ල නම් ටක්කෙටම හරි...

      ඔය ඉන්න සිවුරු කාරයො සීයට අනූනමයක්ම ජපානෙ සුමෝ පොර අල්ලන්ට යවන්ට පුලුවන් කිසිම කතාවක් නැතුව..

      Delete
  8. Ano at 7:38,
    Ado, umba kiyna ekakwath wenne ne (me umbata hithene hatine) Siwrai padadayoi ekei kiyala umbala wage thmbi kiyana ekai apita thiyena prashnaya. Umbata therena engis walin pahala liyala thiyenawa.

    Ado thambi,
    We do not call BBS Gansara 'Sanga rathne', yellow robe with not make an idiot a one of 'Sanga rathne' or get wisdom. Open your eyes and use your brain to recognise real 'Sanga rarhne' (Is is true there are real once) And about 'Pin Bath' we Buddists do not call food given to Sanga 'Pin bath' there is a deeper meaning to it (even if the food is eaten by Gansara or F*king thambi like you). I don't think anyone one said don't touch Ganasara, but I would say people said don't bash Buddhists or Buddhism for Ganasara's sins.

    The problem I have with a f*king thambi like you is, you are linking people like Ganasara with Buddhists and Buddhism for your own advantage.




    ReplyDelete
    Replies
    1. Ano,

      /you are linking people like Ganasara with Buddhists and Buddhism /

      So who is practicing the real Buddism in Sri Lanka today And where is it being practiced?

      The world in general thinks that Gnanasara represents Buddism in Sri Lanka....

      Delete
  9. අබේගෙ ලොකු හාමුදුරුවො ලිඳට පැනල මළේ මෙයාට නායකකම ගන්න පරක්කු වෙන නිසාලු..
    හර්ශ

    ReplyDelete
    Replies
    1. හර්ෂ,

      ඔව්..එහෙම එකකුත් තියනව නේද? අබේ සුනේත්‍රා දේවී පිරිවෙණේ නායක කම ගත්තෙ එහෙමයි කියල දනන තුඩ තුඩ රාවයක් පවතිනව නේද?

      Delete
  10. රට හදන්න නම් අංක එකටම කරන්න ඕනේ නිතිය හරියට ක්‍රියාත්මක වෙන විදියට වැඩ කරන්න ගන්න එක.අරයට මෙයාට ඕනේ විදියට නීති නමන්න ගියොත් මේක තවත් යන්නේ වලපල්ලටම තමා.

    ReplyDelete
  11. සංඝ රට්නයට බ්ලොග් නොතබනු.

    ReplyDelete
  12. සාරාංශ වශයෙන් සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ මාතෘකාවක් ලියන්ඩ පුළුවං...

    "පඬු හැළියේ මාර සෙනඟ"

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      එහෙම පොතක් තියනවද? කියවල නෑ...:(

      Delete
  13. මේ නානසාරයයි,උගෙ රැලයි බුද්දසාසනේ ඉවරම කරල දාල තමයි නවතින්නෙ හිටං,

    ReplyDelete
  14. //මේ අතර ට්‍රයි නිකායික මහා සන්ගරට්නේ එකතුවී ඊයෙද කොහෙද කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ මහා සත්තිය ගිරහයක්ද පැවැත්තුවෝය. ඒ වනාහී වහාම ක්‍රියාත්මක වන පරිදි ඥාණේ එලියට දමන ලෙස ඉල්ලමිනි.//
    පොඩි ප්‍රස්නයක් උනානෙ. ගන පූරණය නැති නිසා වැඩේ පිටකොටුවෙ බෝධිය ලඟට ෂිප්ට් කළා. ගණන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      දෙයියම්ප එහෙම එකකුත් උනාද?

      Delete
  15. අයියෙ, උඹේ ලියමනට ඌන පූරණයක් එක්කහු කරන්න ඕනා. ඉස්සර ඔය හාංදෘවන්ට ඒ තරං රුජාවක් තිබ්බෙ නෑ. ඔය වාසියට සිවුර දාගත්තු හැත්ත පිම්බුවේ බුරුසු රැවුලා. ඔව්. අනිත් එකා දොරමඩලාව කියන හරුපෙ කරන සතපහ මූනා. උගේ දොරමඩකලලාවේ කතාවෙන "ශ්‍රී ලංකාවේ ජන ජීවිතය තුළ ඇතිවන සෝදා පාලුවෙන් එකතුවන රොන්මඩ නිසා සමාජයීය ප්‍රපංචයන් ලිස්සා වැටීමෙන් සමාජ ධර්මතාවන්ට සිදුවන ආගමික පරිහානිය" වගේ ඔල්මොරොන්දං එක්ක ඔය කට සද්දෙ ගනින්නාන්සෙලට බලියන්න තැනක් ලැබුණා. ඒ අතරේ බුරුසුවා නොයෙක් පාක්කුඩං දිදී ඔය ගනයි සෙට් පිටිං අරලියගහ දන්සලට වඩම්මලා ලොකු තැන් දුන්නා. ගනයි ටිකත් "දැන් අපි තමා පොරවල්" කියල හිතාගෙන හැම තැනම හයිරං පාට් දාගෙන රඟනවා. උන්දලා සිවුරු චණ්ඩි. අමතක කරන්න එපා බං. තවමත් කලාතුරකින් පන්සලක දෙකක ඔයිට හාත්පසින්ම වෙනස් හැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වාන්සේලාට කැමරා, මයික් ඕන නෑ. අන්න ඒ සැබෑ සංඝරත්නයේ අතලොස්සට මේ ගණින්නාන්සෙලාගෙ සෙල්ලං වලින් ගැහැටක්, අවමානයක් නොවේවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබ හා සමඟ 100% එකඟයි.

      ඔබ පැවසූ නියම බුදු දහම සුරකින ස්වාමීන් වහන්සේලා අදටත් ඕන තරම් ඉන්නව බොහොම අප්‍රසිද්ධියේ තමන්ගෙ දායක දායිකාවන්ටත් පිහිට වෙමින් සහ ඔවුන්ට හැකි පමණ දෙලොවටම වැඩ සළසමින්.

      එහෙම හාමුදුරුවරු තුන් නමක් මම පෞද්ගලිකව දන්නව. ඒ ගැනත් වෙලාවක ලියන්ට ඕන...:)

      Delete
  16. අම්පිටිය සුමන නමින් තව චණ්ඩියෙක් ඉන්නව නේද? එයාට නීති අදාළත් නෑ දන්න තරමින් ... :)

    ReplyDelete
    Replies
    1. ඉස්සර චන්ඩි හිටියේ දෙමටගොඩ චමින්ද,මොරටු සමන්,කඩුවෙල වසන්තලා
      දැන් ඉන්නේ අම්පිටියේ සුමන,ගලබොඩඅත්තේ නානසර වගේ අය.

      Delete
    2. කළ්‍යාණ,

      සුමන කියන්නෙ අර මඩකලපුවෙ ඉන්න මනුස්සය නේද?

      Delete
  17. අසෝක වීදුරුවත් රැකගෙන ලියූ ලිපියට මගේ හදපිරි මෙව්වා එක. රටතොට ගැන මෙලෝ හසරක් නොදන්න ඔය පුහු නානසාර ජෙනරේෂන් එක ඉන්නකං මේ රටට අත්වන සුගතියක් නැත, දෙලොවටම නැති ගැටුම් මිස.

    ReplyDelete
  18. ඔන්න එළියට දාල, ඔබට සතුටුයිද දැන්... ;)

    ReplyDelete
  19. නානසාර කියන්නේ හාමුගේ අතකොලුවක් කියලා හාමුගේ වළං හෝදන රෙවී දන්නේ නැති හැටි.

    http://dbsjeyaraj.com/dbsj/archives/31574

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...