Friday, June 22, 2018

592. පුවක් එෂැණිං 49 - රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මැස්සා සහ සුවච කීකරු වඳුරා......


අස්ගිරි අනුනායක හිමි සහ ගෝඨාභය...

පළමුවන නන්දසේනාභිධාන වසර 2020 දී සිරි ලංකාවේ වෙන්ඩ රජ්ජුරුවංගේ උපංදිනේ මහ ඉහලිං සමරන්ට එතුමා මේ පාර පැලෑං කලේය. ඒ අනුව ට්‍රයි නිකායික මහා ශංටරටනේ ලොකු ලොකු පොරවල් වලට දවල් දානෙට එතුමගේ මහා මන්දිරයට එන්ට කියා තිබුනේය.

සියම් නිකායේ අස්ගිරි පාර්සවයෙන් දානෙට ආවේ සුප්‍රසිද්ද මරා ගැත්තෙක්වන ඒකෙ අනුනායක සාදුය. එක වංගියක් නීලකාස මරාට ජාතියේ පියා කියල කියන්ට ඕනය කියල උඩ පැන්නෙත් ඒ චීවරදාරියාම තමාය.

රස මසවුලෙන් සන්තර්පණය වී අනතුරුව එටුමෝ නන්දේ අමතා අනුසාසනාවක් කලෝය. එහිදී එතුමා ඩෙෂා වඩාළේ නන්දේට "ලංකාවේ රජවී හිට්ලර් වගේ රට පාලනය කොරන" ලෙසය. ඒ මහාර්ග අනුසාසනාවෙන් පසු එතුමෝ තම සුකෝපබෝගී රියේ නැඟී මහනුවර බලා වැඩම කලෝය.

දානෙට ආපු මහා සන්ගරට්නේ යම්තමට මන්දිරේ ගේට්ටුවෙන් එලියට වැඩම කරන තුරු දත්මිටිකාගෙන හිටි නන්දේ ඒත් එක්කම පරළවුනේ කොහොමත් නටන යකාගේ රෙද්ද පසුපසින් උස්සා පස්චාත් බාගයට ඔක්ටේන් 80 පැස්ටෝල් පොල්කට්ටකිං එකක් ගැසූ ලෙසටය. පලමුවෙන්ම නන්දේ කලේ මේසය මත තිබූ බත් පලංගාන දෑත බදා ඔසවා ඇති වීරියෙන් පොලවේ ගැසීමය.

නන්දේගේ සදාදරනීය බාරියා තොමෝ සුවිට්සර්ලන්තයේ සිට එයා ලංකා පෙලේං එකක් පැය දෙකක් ප්‍රමාද කොට ගෙන්වූ අගනා බලු තඩියා පලංගාන පොලවේ ගැසූ සද්දයට බියවී කෑගසාගෙන ගේ ඇතුලට දිවගොස් ඇඳක් යටට රිංගා ගත්තේය. 

නන්දයා ආරස්සක ලේකමා කාලේ ගෙදර අතු පතු ගෑමට සහ වත්ත පිටිය සුද්ද බුද්ද කිරීමට යොදවා සිටි රණවිරුවන් බුරුත්ත අයියණ්ඩිගෙ පට්ටම ගහලා ගිය ඉක්බිති ආගිය අතක් නැතිවූ බැවින් ඇඳ යට අට්ටි ගැහී තිබූ දූවිලි කන්දරාව කරනකොටගෙන ඇඳයට රැදෙන්නට නොහැකිවූ සුවිස් බලු උත්තමයා ඉන්පසු ඇඳයටිං එලියට විත් පෑලදොරින් පලාගොස් වත්තේ කෙලවරක සාදාතිබූ එදවස නන්දයා මිනී මෝරුන් ඇතිකල මහා ටැංකිය යටට රිංගා වක ගසාගත්තේය.

"හපොයි සෑර් මොකද මේ?"

සතර අත විසිරීගිය පලංගාන් කටු මතින් පරිස්සමින් අඩිය තියමින් ආ නන්දේගේ ලේකම් එහෙම ඇහුවෙ ඉහ අත බදාගෙනය. නන්දේට මල පැන්නවිට මොකෙන් මොකක් වෙයිද කියා උඩ ඉන්න දෙයියෝවත් දන්නේ නැත. ඒවා දන්නේ ලසන්ත, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් සහ කීත් නෝයාර් වගේ කට්ටියය.

"මොකද කියල අහන්නෙ? කවුද යකෝ අර සිවුරු කාරයා මෙහාට ගෙන්නෙව්වෙ?"

"මොන සිවුරු කාරයද සෑර් "

"වෙන අහවල් එකෙක්ද? අර මට හිට්ලර් වගෙ වෙන්න කියල උපදෙස් දීපු සිවුරු කාරයා...අන්න ඒකා බං අන්න ඒකා…"

"ඇයි සෑර්?... ඉතිං මොකක්ද අවුල?"

"අවුල?...අවුල තමයි හෙට ඉඳල මට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්ට බැරිවෙන එක...මගෙ තරහ කාරයො හෙට ඉඳලම මට නෙලන්ට ගනියි හතර අතටම මාව හිට්ලර්ට සමාන කරල. අන්න ඒකයි අවුල...."

"ආරාදනා කලේනම් මම සෑර්. ඒත් නිකායෙ මහානායකට තමයි ආරාදනාව යැව්වෙ..එහෙන් තමයි ඔය සාදු එවල තියෙන්නෙ..අනික ඔය සාදු ඔබතුමාලගෙ පවුලටම බොහොම ලැදියි. මතකද අර ඔබතුමාගෙ අයිය ජනාදිපති වෙලා ඉන්දැද්දි එතුමාට ජාතියේ පියා කියල කියන්න ඕනයි කියල එහෙම කිව්වෙ.."

"ආ...ඒ කාලෙ ඔය යක්සය එහෙමත් කිව්වද? එහෙනං මට හිතා ගත්තෑකි මේ ගිනි ගෙඩිය ආවෙ කොහෙන්ද කියල…."

නන්දේ එහෙම කිව්වෙ පැත්තකට වෙලා හොර පූසාවගෙ බුරුසුවත් පුම්බගෙන වචනයක් කියන්නෙ නැතුව බලාගෙන ඉන්න නීලකාසයා දිහා බලල බර බර ගාල දත්කූරු කන ගමන්ය. 

"මේ..මේ මාව අල්ලගන්න එපා ඔව්වට.."

නීලකාසයා එහෙම කියල නැඟිටල යන්ට ගියා. නන්දෙ නීලකාසය යන දිහාවෙ රවාගෙන ඉඳල මේසෙ උඩ තිබ්බ පිඟන් අට්ටියක් ආයම උස්සල පොලවෙ ගහල කාමරේට ගිහිල්ල දඩීං ගාල දොර වහ ගත්ත.

(සටහන - රාජපස්ස පවුලේ සහෝදර තක්කඩියන් තුන්දෙනා අතර රටේ බලය ඇල්ලීමට පවතින බල අරගලය කිසිවකුට රහසක් නොවේ. නැවත ජනාධිපති විය නොහැකි බැවින් පර්සිගේ බලපොරොත්තුව තම ලොකු කොල්ලාවන නාමෝලාට කෙසේ හෝ ජනාධිපති පදවිය රැගෙන දීමය. එහෙත් ජනාධිපති පදවිය සඳහා ඉල්ලීමට වයස අවුරුදු 35 සම්පූර්ණවිය යුතු බැවින් නාමෝලාට ඊට ඉල්ලුම් කල නොහැක. බැසිලා හෝ ගොට්ටා ජනාධිපති පදවියට පත් වුවහොත් මේ කපේදී නාමෝලාට රටේ නායකත්වය ගන්නට නොහැකි බව දන්නා පර්සිගේ අපේක්ෂාව කෙසේ හෝ ඔවුන් දෙදෙනාගේ ජනාධිපති සිහින බිඳ දැමීමටය.)

Meanwhile At Asgiriya…….මේ අතර අස්ගිරියේදී....

දවල් රූපවාහිනී ප්‍රවෘත්ති බැලූ වේලාවේ සිට මහා නායක ලොක්කාට නිවනක් නැත. සිවුර එක අතකින් උස්සාගෙන එහාට සක්මන් කරන්නේය. මෙහාට සක්මන් කරන්නේය. වරෙක සක්මන නවත්තා පැමින දඩස්ගා කළුවර කවිච්චිය මතට ඇද වැටෙන්නේය. යලිත් නැඟිට සිවුර අතටගෙන සක්මන් කරන්නේය.

"දෙයියම්පල්ල මේ මනුස්සය තැනකට යැව්වොත් ඔලුවෙ ඉඳම්ම නාගන්නවනෙ. මම කියලමයි ඇරියෙ දුන්නු දෙයක් කාල බීල ආපහු එන්ටය මොකවත් අනුසාසනා එහෙම කරන්ට එපාය කියල...කොහෙද? කියන එකක් අහන එකක්ය…" සක්මන් කරන අතර තමන්ටම තොල මතුරාගන්නේය.

"කෝ මේ අපේ ලේකකාදිකාරී හාමුදුරුවෝ?...මෙහෙට්ට ආවනම්.." නායක උන්නාන්සේ එකවරම නැවතිල කෑගැහුව. 

"අපෙ හාමුදුරුවනේ.." ලේකකාදිකාරී සාදු එතනට ආව. 

"අන්න අර බලනව අනුනායක හාමුදුරුවො ආවද කියල.."

"නෑ හාමුදුරුවනේ...තවම මඟ මම හිතන්නෙ.."

"බලනව අයිසෙ මේ මනුස්සය ගිහිල්ල කරපු විනාසෙ..දැං කොහොමද මම සිවුරක් ඇඳං පාරක බැහැල යන්නෙ? "

"ඒකනම් එහෙම තමයි ලොකු හාමුදුරුවනේ." ලේකකාදිකාරී සාදු බිම බලාගෙන කිව්ව…

"කෝ අර පොඩි හාමුදුරුවො ඉන්නවද?" නායක සාදු ආයෙම ඇහුව…

"ඔන්න දවල් දානෙන් පස්සෙ උන්නාන්සෙ ගමේ යනව කියල ගියා.."

"ගමේ යනව කියල?...ඒ මොකෝ මේ හදිස්සියෙම?"

"ඒක තමයි මමත් මේ බැලුවෙ. මම ඇයි යන්නෙ කියල ඇහුවට මොකවත් කිව්වෙ නෑ. බොහොම කලබලෙන් වගෙ තමයි පිටත් වෙලා ගියේ.."

"හ්ම්ම්ම්....ඒකත් එහෙමද? මම මේ ඒ පොඩි උන්නාන්සෙට කතා කරන්ට බැලුවෙ අපේ අනුනායක උන්නාන්සෙ මේ මජර හිට්ලර් කතාව කියන්ට ඉස්සෙල්ල පොඩි හාමුදුරුවො එක්කවත් ඒ ගැන යමක් කිව්වද කියල අහන්ට..හ්ම්ම්ම්..දැං ඉතිං ඒක හරියන්නෙත් නෑනෙ.."

"අන්න..අපෙ හාමුදුරුවනේ..අනුනායක හාමුදුරුවො ආවද කොහෙද…"

"හ්ම්ම්ම්..ආපුදෙන්කො උන්දැට අද මම......."

නන්දේගේ දානෙට සහබාගිවී පැමිණි අනුනායක හාමුදුරුවෝ පන්සලට ඇතුලු වූයේ කෝපයෙන් වෙව්ලමිනි. ඒ දුටු නායක උන්නැහේ මුවඟට නැඟි බැණුම් නතරකොට තුස්නිම්බූතව බලා සිටි සේක.

"කෝ අර පොල් බූරුවා?" අනුනායක තෙමේ දොර ලඟ ඉඳම්ම බිරුසන් දුන් සේක. 

"මොන පොල් බූරුවද?" ලේකකාදිකාරී තැන විමසුයේ විස්මයෙන් විවරකොටගත් දෙනෙතින් යුතුවය. 

"වෙන මොකාවත් නෙවෙයි අර පොඩි උන්නාන්සෙ කියන යක්සයා…."

"ඈ? මොකෝ මේ තමුං අපේ පොඩි උන්නාන්සෙට මෙහෙම දොස් කියන්නෙ?" එවර විමසූයේ මහානායක සාදුය.

"මොකද කියන්නෙ අපෙ හාමුදුරුවනේ...මම අද අර දානෙ ගෙදරදි පොඩි අනුසාසනාවක් කලානෙ ගෝටාබය මහත්තයට"

"ඔව්..ඔව්..අපිත් දැක්ක ඒක රූපවාහිනියෙ. ඒ ගැන අහන්ට තමයි මමත් මේ තකහනියක් තමුං එනකල් මඟ බලාගෙන හිටියෙ…"

"හරි හරි ලොකු හාමුදුරුවො මම කියන එක අහල ඉන්ටකො...මගෙ අනුසාසනාවෙදි මට කියන්ට ඕන උනේ ගෝටාබය මහත්තයට අර කවුද සිංගප්පූරුව දියුණු කලේ නායකයෙක්...මට නම මතක නෑ නෙ...ඔය ඒ නම මතක නැති එකම තමයි මට කෙලවෙන්ටත් හේතුව.."

"ලී කුවාන් යූ ගැනද ඔබතුමා මේ කියන්නෙ?" එහෙම ඇහුවෙ ලේකකාදිකාරී හාමුදුරුවො.

"අන්න හරි..අන්න හරි...පොච්චියේ මම ඊයෙ රෑ එලිවෙනකල් ඔය නම මතක් කලා... මතක් කලා...මතක් උනේ නෑ කියහල්ලකො…"

"ඉතිං?"

"ඉතිං උදේ මම දානෙ ගෙදර යන්ට කොළඹ පිටත්වෙන්ට ඉස්සෙල්ල අපේ පොඩි හාමුදුරුවන්ගෙන් ඇහුව කවුද පොඩි නම අර සිංගප්පූරුව දියුණු කරපු නායකය?..අර මේ බොහොම තදින් නීතිය එහෙම ක්‍රියාත්මක කරල ඒත් රට දියුණු කලාය කියල හැමෝම බොහොම හොඳ කියන්නෙ..කවුද ඒ මනුස්සය? කියල…"

"ඉතිං මොකද පොඩි නම කිව්වෙ?"

"ඒ වසවර්තිය ගත් කටටම කියාපි ආ ඔබ වහන්සෙ ඔය අහන්නෙ හිට්ලර් ගැනනෙ කියල. මට පොඩි නම ඒ කියාපු එක ගැන පොඩි විචිකිච්චාවක් වගෙ එකක් තිබ්බට මම හිතුවෙ නෑ මේ යකා මාව මෙහෙම අමාරුවෙ දායි කියල.."

"ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ ඉතිං මොනවද? මම ගිහිල්ල ඒ විදිහට කතාව පැවැත්තුව..එච්චරයි…"

28 comments:

  1. හැක හැක ඒකයි මේ වෙලා තියෙන්නේ , නැත්තං ඔය ඇසු පිරු උතුමන්ලා ඔහොම කියනවයි කීයටවත්

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      ඒකනෙ.... ඒකනෙ...ආන්න ඒකයි මේ සෙනඟ නැත්තෙ...:)

      Delete
  2. ඕ පොඩිනම තනියෙංද හෝ හෝ
    පොඩිනම තනියෙංද හයෙ හයේ...

    යනාදී වසයෙං ප්‍රසිද්ධ සිංදුවක් තිබුණ මට එකපාරම මතක් උනේ...

    කොහොම හරි පොඩිනම පොඩි කාලෙ දුන්න අපචාරෙට පලිය අරං තියෙන්නෙ ඔය

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      පොඩිනමගෙ සිංදුව අහල නෑ බං මීට කලින්...

      උපාලිස් ගොයිය අන්න ඊයෙද කොහෙද බී.බී.සී. එකෙන් මේ කියපු පඩත්තර කතාව ගැන ඇහුවම එහෙම නෙවෙයිලු එයා අදහස් කලේ..අරකද මේකද කියල රට පටලවන්ට හැදුව..දැං අර කොහෙද රුන්න බළල වගෙ දඟලනව..පව්...

      Delete
    2. බංගාරා සිංදුවෙ මැද හරියෙ තියෙන්නෙ... “ඔ ගොඩිනල් පනියෙංදේ හෝ හෝ...“ වගේ කෑල්ලක්. ඒක අපේ පංසලේ ඇබිත්තයො කියන්නෙ අර විදිහට.

      ඔය රුන්න කතාව කිව්වහම මතක් උනේ, අපේ ලොක්ක ඊයෙ ෆයිල් එහෙක සටහනක් දාල එව්ව ඔය වගේ, “මං මේ වැඩිය හිතන් නැතුව මෙතන රුන්න, පුළුවංද උදැල්ලෙං මේ ගල් තලාව පොඩ්ඩක් හාරල දෙන්ඩ?...“ කියන්න වගේ සටහනක්.

      Delete
  3. වෙඬරුවේ උපාලිගේ පුකේ වෙඬරු ඇටයක් හිර වෙලා කියනවනි. පුංචි අපිත් උන්වහන්සේට නිර්වාන සැපසම්පත්තිය පාර්ථනා කරමු. වෙඬරුවේ උපාලිගේ යටි බඩ. හිට්ලර්ගේ ඇට දෙක.

    ReplyDelete
  4. මේ කහකඩයො කට පියාන ඉන්න තරමට හොඳයි.මොකද යන යන තැන ඇදගෙන නා ගන්නව.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      සම්පූර්ණ ඇත්ත..කට පියාගෙන ඉන්නකල් හොඳයි...

      Delete
  5. නන්දසිරියාභිධාන නෙමෙයි නන්දසේනාභිධාන වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බොහොම ස්තූතියි, ඔබ හරි, නිවැරදි කලා...:)

      Delete
  6. අපරාදෙ නීලකාසයලට දවල් දානෙ වළඳන්නත් නෑ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      හෙහ්..හෙහ්..ඒකත් එහෙම තමයි නේද?

      Delete
  7. හිට්ලර්ගෙ වරද යුද්දෙ පටං ගත්ත එක විතරයි. මිනිහා කපටි කමෙන් අල්ලග්තත රටවල් ටික තියාගෙන ටිකක් කල් ඉඳලා යටිං ගේමක් ඇදලා ඉතුරු රටවල් ටිකත් කපටි කමෙන්ම ඇල්ලුවනං ගොඩ. එහෙනං ලංකාවෙත් වොක්ස්වාගන් හදනව. රුසියාවෙ එවුනුත් ස්ටාලින්ව බෙල්ලෙං අල්ලා දොට්ට දාලා ජර්මනියට බාර වෙන්නෙ.

    ලංකාවට වෙන කවුරුවත් ජනාධිපති වෙලා හරියන්නෙ නෑ. ඒකට සුදුස්සා මේ මංම විතරයි. ඒක හංදා මාව ජනාධිපති කරන්න. මං කිසිම කාන්තාවකට ............... අම්මෙයි. ... අපෝ ... නෑ ..... නෑ ....එයි..... අත අත අත....#@$%^^ශ&*

    ReplyDelete
    Replies
    1. ඇයි කුලියාපිටියේ හාමුගේ මූලිකත්වයෙන් ගෙනාපු වොක්ස්වැගන් ෆැක්ටරියේ බර කරත්තද හදන්නේ ?

      Delete
  8. හිට්ලර් කෑල්ල විතරයි වගේ දැකලා තියෙන්නේ UNP වහලා රනිල් හාමු නානවා කියපු හරිය දැක්කේ නැද්ද?

    ReplyDelete
  9. මේ ආන්දෝලනාත්මක කතාවෙන් රටේ ජනතාව තක්කු මුක්කු වෙලානේ ඉන්නේ. එම සිද්ධිය ඇසින් දුටු කෙනෙකු ලෙස රවී වියතා විසින් කර තිබෙන විග්‍රහය හරිම වටිනවා. දැන් ඉතින් ලී ක්වාන් සහ හිට්ලර් යන නම් දෙක පටලවාගත් වැරැද්ද පොඩි උන්නාන්සේ පිට පටවලා ප්‍රකාශයක් නිකුත් කළහම ඔක්කොම ෂේප් ! පොඩි නම ගෙදර ගිය ගමන් ආපසු එන එකකුත් නැහැ. බලනකොට මේ සියල්ලේම කුමන්ත්‍රණකාරී පසු බිමක් තිබෙන බවයි පෙනෙන්නේ !!

    ReplyDelete
  10. https://qz.com/803976/adolf-hitler-was-nominated-for-the-nobel-peace-prize-in-a-darkly-ironic-letter-by-erik-gottfrid-christian-brandt/

    https://www.theguardian.com/books/2018/mar/26/childrens-book-praising-hitler-as-amazing-leader-pulled-by-indian-publisher

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒකයි ඒකෙ අවයවේ නේහ්...

      Delete
    2. https://www.factslides.com/i-1594

      Delete
    3. https://www.telegraph.co.uk/news/worldnews/europe/germany/12168314/Hitler-had-a-micropenis-as-well-as-just-one-testicle-historians-claim.html

      Delete
    4. https://www.independent.co.uk/news/world/europe/adolf-hitler-right-testicle-micropenis-a6889256.html

      Delete
    5. https://thegreateststorynevertold.tv/10-reasons-why-hitler-was-one-of-the-good-guys/

      Delete
  11. වචනයක් අල්ලාගෙන දඟලන රෙවී වහලා හිතන්නේ වතුර බිංදුවකින් රෙද්දේ රෙවිලා ඉන්න හාමුගේ පුක හෝදන්න පුලුවන් කියලා. හාමුගේ රීමේ ගඳ කොච්චරද කියල මේක බලලාවත් තේරුම් ගනිං.

    https://youtu.be/iJVT1Eulfj0

    ReplyDelete
  12. I have seen lot of interpretation to this monks words, the real question is who are we kidding? We all including the 3 wheel guys on top of my road knows (I talk to them everyday) what monk said. Interpretation is based on what party you support, this Ravi guy is obviously anti Rajapaksa, that's ok I guess. However the serious question is who is the choice of anti Rajapaksa people like Ravi? Is it Ranil, Mangala, Sirisena, Ravi, Naveen, Premadasa? We need someone people can trust, can people trust any of the above?

    ReplyDelete
    Replies
    1. This guy is a UNP political slave. So he don't find any fault in his masters.

      Delete
  13. Ravi's choice for the next president of Sri Lanka is Managala Samaraweera, that shows the his idiotic level.

    ReplyDelete
  14. 179 likes

    Like

    Facebook icon
    Twitter icon



    “The receptivity of the masses is very limited, their intelligence is small, but their power of forgetting is enormous. In consequence of these facts, all effective propaganda must be limited to a very few points and must harp on these in slogans until the last member of the public understands what you want him to understand by your slogan.”
    ― Adolf Hitler

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...