Friday, September 7, 2018

606. රළ බිඳෙන තැන……Where Waves Break….

Image From Face Book

රළ බිඳෙන තැන..

ඔව්...මම මේ යන්නෙ රළ බිඳෙන තැනට…

අපි මුලින්ම හමුවුනේ එතන.

එදත් වෙනසක් නැතුව රළ බිඳුනා. බොහෝ විට මට හිතෙන්නෙ අපිට එදා සුවිශේෂී දවසක් උනාට බිඳෙන රළ වලට එදා වෙනදා වගේම ඉතාම සාමාන්‍ය දවසක් වෙන්න ඇති....

අපි වෙරළෙ රූස්ස පොල් ගහක් යට ඉඳගෙන අත්පටලාගෙන රළ බිඳෙන හඬ අහගෙන හිටිය..

ඒ අවුරුදු හතකට වගෙ ඉස්සර...

අවුරුදු හතරකට වගෙ ඉස්සර අපි දෙන්න ආයම රළ බිඳෙන තැනට ගියා. 

ඒත් ඒ අත් පටලාගෙන නෙවෙයි.. 

ඔයාගෙ වමතෙයි මගෙ දකුණු අතෙයි සිඟිති අත් දෙකක ඇඟිලි පැටලිලා තිබුනා. බොහොම හෙමිහිට අපි ගිහිල්ල ආයම අර අවුරුදු හතකට කලින් ඉඳගත්ත පොල් ගහ යටම ඉඳගත්ත.

ඊට පස්සෙ අර සිඟිති දෙපා මුළුවසං වැල්ල පුරා දුවන දිහා අපි දෙන්න සිනාමුසු මුහුණින් බලා හිටිය. 


ඊටත් පස්සෙ දිග සුසුමක් හෙලල ඔයා මගෙ උරහිසට ඔලුව තියා ගත්ත.

"මේ තරම් ජීවිතේ ප්‍රීතිමත් වෙන එකට මට හරිම බයක් වගෙ දැනෙනව…" ඔයා මගෙ කණට කෙඳුරුව.

"ඒ මොකද?" මම යම්තමට ඔලුව හරවල ඔයා දිහා ඇස් කොණකින් බලල ඇහුව.

"අපෙ අත්තම්ම ඒ දවස්වල නිතරම කිව්ව ජීවිතේ අපි පතන හැම දෙයක්මඒ විදිහටම ඉෂ්ඨ වෙන එක  ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියල…."

"හ්ම්ම්ම්ම්......ඒකත් එහෙමද?" ඒ වෙලාවෙ උත්තරයක් කියල මගෙ හිතට ආවෙ එච්චරමයි..

මොන පිස්සුද? විකාර කියවන්ට එපා අනේ...ඒ වගෙ කිසිම දෙයක් මගෙ ඔලුවට ඒ වෙලාවෙ ආවෙ නැත්තෙ මොකද කියල මට අදත් හිතා ගන්න බෑ..

ඔබ නැතුව උනත් තවමත් එතැන රළ බිඳෙයි,
පුරා සඳ   සිතිජයේ එදා  වාගේම නැඟෙයි.
රතු රෝස මල තබා රළ බිඳෙන ඉම් තෙරේ, 
ඔබට යලි සමු දුනිමි නෙතඟ කඳුලක් නැඟෙයි,

සටහන - රළ බිඳෙන තැන යන නමින්  අවුරුදු විස්සකට වගෙ කලින් ටෙලි චිත්‍රපටයක්  විකාශනය වුනා...ඉතාම අපූරු රඟපෑම් සහ කතා පුවතක් අඩංගු මම ඉතාම කැමති  නිර්මාණයක්. ප්‍රධාන චරිත වලට පණ දුන්නෙ මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න සහ විශ්වජිත් ගුණසේකර...

30 comments:

  1. Replies
    1. රංගි,

      අර පින්තූරෙ දැක්කම මට හිතිච්ච එව්ව ටිකක් ඔහෙ ලියල දැම්ම බං..

      Nothing more nothing less...:)

      Delete
    2. හරි. ඔහේටත් බැරි‍යෑ වැඩ ඇරිලා ගෙදර යනකොට මලක් කාරිය අරන් යන්න.

      මට හිතුනේ සඳ හාමිනේ ගෙදර ගිහින් කියලා පාළුවේ ඉන්න ගමන් ලියවුනාදෝ කියල

      Delete
    3. //ඔහේටත් බැරි‍යෑ වැඩ ඇරිලා ගෙදර යනකොට මලක් කාරිය අරන් යන්න// ඔතල ගහන මල් තමයි අරං යන්න වෙන්නෙ. හැක්..

      Delete
    4. ප්‍රසන්න,

      එව්ව මෙහෙ හොයන්න අමාරුයි බං...:)

      Delete
  2. කමෙන්ට් එක - සීතල සුසුමක් බරත් නැති සැහැල්ලුත් නැති

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ස්තූතියි මල්ලි....:)

      Delete
  3. බය හිතෙන ලිපි! :D

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      බය හිතන්න දෙයක් නෑ...:)

      Delete
  4. අවුරුදු තුනකට පස්සෙත් ඒ පොල්ගහ ඒ විදියටම තිබ්බෙක මදැයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඇයි බොල පොල් කියන්නෙ අවුරුදු හතළිහක් පණහක් පවතින ගස්නෙ..

      එහෙම තියා පොල් ගෙඩියක් උනත් අවුරුදු තුන හතරක් පවතින්න පුලුවන් කිසි අවුලක් නැතුව. ඒකත් ඇතෙකුගෙ හක්කක් අස්සෙ..

      අහල ඇතිනෙ ඒ කතාව නේද?

      Delete
  5. සිතුවමක් කඩියත් බවට පත්කරාම දැනෙන අපූරුව මෙහි තියෙනවා .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක දියණිය...:)

      Delete
  6. ඒ පින්තුරේ දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්.
    රවියා, අර දේශකයා වගේ පොත් හත ගැන පෝස්ට් 7ක් ලියමුකො...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අම්මට වූඩු දේසකය එහෙම එකකුත් කරනවද? ගිහිල්ල බලන්ට ඕන..

      අයිඩියා එකනම් මසුරං..මම දාපු පොත් හත ගැන ලිව්වැහැකි එක පොතකට පෝස්ට් තුනක් හතරක් වගෙ වැටෙන්න..කාල වේලාව තමයි බං හරහට හිටින්නෙ...බලමු මොකක් හරි කරන්න..

      යෝජනාවට ස්තූතියි හොඳේ...:)

      Delete
  7. Replies
    1. කණිෂ්ක,

      නෝ ප්‍රොබ්ලම්...:)

      Delete
  8. එතකොට අයියෙ ඔය රතු රෝස මල අරං යන කෙනාගෙ ඇඳුමෙ ඔයහැටි තීන්ත පැල්ලං තියෙන්නෙ මොකොද? ඒකත් කතාවෙන් පැහැදිලි වෙන්නෝනෙ මංනං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      තීන්ත පැල්ලංවල විස්තරේ කියන්න ගියොත් ඒ නිසා කතාව අනවශ්‍ය විදිහට දිග්ගැහෙයි කියල හිතල තමයි මම ඒ ගැන මොකවත්ම කිව්වෙ නැත්තෙ...

      ඔහෙලට හිතාගන්න අවස්තාව දුන්න...:)

      Delete
  9. //
    "මේ තරම් ජීවිතේ ප්‍රීතිමත් වෙන එකට මට හරිම බයක් වගෙ දැනෙනව// ගෙදර ඔක්කොම හිනාවෙලා සතුටින් ඉන්න කොට එකපාරටම එහෙම හිතෙන වෙලාවල් තියනවා. එහෙම වෙලත් තියනවා.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අප්පට සිරි එහෙම වෙලත් තියනවද?...:(

      Delete
  10. keanu reeves මරු සිත්තර පටියක් waves break නිසා මතක් උනේ.. මේක point break http://123movieshub.cloud/film/point-break-1991-7370/watching.html?ep=96283

    ReplyDelete
    Replies
    1. අපි ඇවිල්ල හඳ පෙන්නුවම දබර ඇඟිල්ල නෙවෙයි මහපට ඇඟිල්ලෙ direction එක බලන උන්නෙ

      Delete
    2. වෙලාවක් තියේනං - නැත්තං හොයං- මේකත් බලපං ‍රැවෙලා හීනියට සොට් එකක් දාගෙනම https://www4.the123movieshub.net/film/a-walk-in-the-clouds-bda/watching.html?ep=1

      Delete
    3. අපනයනකරු,

      අම්මට උඩු සෑහෙන කාලෙකට පස්සෙ...

      දවසක් මතකද උඹයි මමයි අපේ අර අරූ ගොයියයි රෑ දෙගොඩහරියෙ කමෙන්ට් වලින් දීර්ඝ සංවාදයක යෙදුන..රවි ශංකර්ගෙ සිතාර් වාදන එයාගෙ දුවගෙ වාදන ඔය අනම් මනම් නහ ගොඩක් ගැන.

      මට ඒ පෝස්ට් එක මේ වෙලාවෙ හොයා ගන්න බෑ. හොයල ලින්ක් එක දන්නම් ආයමත් බලන්න ආසයි...

      නිවාඩුව උඹ දුන්නු ලින්ක්වල ෆිල්ම්ස් බලන්නම් බං ...තෑන්ක්ස්...:)

      Delete
    4. http://ranrandil.blogspot.com/2017/02/482-story-of-my-marriage-33-first.html?showComment=1486737515113#c8563571242504015547

      Delete
  11. අවුරුදු දාසයකට දාහතකට කලින් මාතර වැල්ලේදී ඔය වගේ හම්බ වෙච්චි ජෝඩුවක් ආයෙම ඒ වගේ යන්න හිතන් ඉන්නවා කාලෙක ඉඳල.. එකාතකින් එහෙම යන්න නොවෙන එකත් හොඳයි. හැම හීනෙම හැබෑ වෙන එක හොඳ නැතිලුනේ.. :))

    ReplyDelete
  12. පොල් ගෙඩිය ඔලු ගෙඩියටවත් පතිතවුනාද?

    ReplyDelete
  13. //ජීවිතේ අපි පතන හැම දෙයක්මඒ විදිහටම ඉෂ්ඨ වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි//

    ඒක නම් ඇත්ත.අත්දැකීමෙන් කියන්නේ. සටහන නම් අපූරුයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...