Tuesday, November 7, 2023

689. ක්‍රිකට් ලෝක සූරතාව...කෝලි සහ ෂර්මා.....


කෝලිකුට්ටුවා සහ සරමා....

 අපේ මංජුල පීරිස් ලොක්කගෙං බේරෙන්ට බෑ හෙනහුරාදා රෑ දහයට බ්ලොග් පෝස්ට් එකක් ලියන්ටෙයි කියල..මොනව උනත් ඕකා හොඳ එකා..ඒ හින්ද මම කල්පනා කලා එහෙම කරමුය කියල..

මේ දවස්වල හැමෝන්ම ලෝක සූරතා ආතල් එකේනෙ ඉන්නෙ..ඒ හින්ද ඒ ගැන ලියපු පොඩි සටහන් දෙකක් මෙන්න..

ආ...තව පොඩි ට්‍රිවියා නොහොත් ටිට් බිට් එකක්..ලංකාවෙ තියෙන්නෙ ඔය V & A කියල අරක්කු ජාතියක්..ඒකට ඔය නම දාල තියෙන්නෙ විරට් ඇන්ඩ් අනුෂ්කා කියන එකෙන්..

*******************************************

වර්ල්ඩ් කප්පෙකේ ඉදිරි තරඟ පැවැත්විය යුතු ආකාරය පිලිබඳව ඉතාම කාලෝචිත සහ බහුසෲත යෝජනා මාලාවක්...

අපරාදෙ ඉන්දියාව ඉතුරු මැච් ගහන එක..නිකං අපරාද වියදමක්නෙ..අනික අනික් ටීම් දෙකේ ක්‍රීඩකයින්ගෙ මහන්සිය..අම්පයර්ල දෙන්නගෙ තර්ඩ් අම්පයර්ගෙ ඉඳල ප්‍රේක්සකයො දක්වා බොරුවටනෙ මහන්සි වෙන්නෙ..

ඊට වඩා දාහක් හොඳයි අපි මෙන්න මෙහෙම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරමු....මෙන්න මගේ යෝජනා...

1. ඉන්දියාව නෙදර්ලන්තෙත් එක්ක මැච් එක දිනුවයි කියල හිතාගෙන පොයින්ට්ස් දෙකක් දාගන්නව..නෙට් රන් රේට් එක කොහොමත්ම අදාල නොවේ... මොකද ඉන්දියාව දැනටම ගහපු මැච් අටම දිනල පොයින්ටස් 16 අරං ඉන්නෙ..වෙන කාටවත් ඒ ගාණට එන්න බෑ..ඒ හින්ද NRR is irrelevant.....

2. ඒ මැච් එකේදිම කෝලි කුට්ටුවා  50 වෙනි සෙන්චරියත් දැම්ම කියල වාර්තා පොත් වලට ඇතුලත් කරනව..බුවාගෙ ළකුණු ගාන මෙහෙමයි ගණනය කරන්නෙ..කෝලීස් බාර්යා තොමෝ අනුස්කා නංගිගෙ උපන්දිනේ 1988. 5.1 ඒ දිනේ අංක ටික එකට එකතු කරනව එතකොට 1+9+8+8+5+1 = 32යි..

32 වැඩි කරනව අනුස්කගෙ උසෙං..සෙන්ටි මීටර් 168යි..එතකොට ඒ කියන්නෙ ඩෙසි මීටර් වලින් නම් 16.8යි..32 x 16.8 = 537.60 ආසන්න වශයෙන් 538යි..මේ පාර ඉන්දියාව දිනන්න යන්නෙ උංගෙ 3වෙනි වර්ලඩ් කප් එක..ඒ හින්ද 538 / 3 =179.33 ආසන්න වශයෙන් 179යි..ඒ ගාන ටිකක් වැඩියි වගේ හින්ද කෝලිගෙ වැඩිම ස්කෝර් එක 183 යිනෙ..ඒකෙං කෝලිගෙ වයස අඩු කරනව..183 - 35 = 148යි..ඒකත් වැඩියි වගේ කියල පේන හින්ද ආයම පාරක් අනුස්කගෙ වයසත් අඩු කරනව ( ඒ යෝදිටත් වයස 35යි.. ) එතකොට 148 - 35 = 113යි අන්න ඒ ගාන නං සාදාරණයි වගේ නේ? එහෙනං එතකොට කෝලි නෙදර්ලන්තෙ එක්ක ගැහුවෙ 113යි කියල වාර්තා පොත් වල සටහන් වෙනව..

3. ඊගාවට ඉන්දියාව සෙමි ෆයිනල් එකෙනුත් දිනනව සහ කෝලි ඒකෙත් සෙන්චරියක් ගහනව කියල..එහෙමත් හොඳ නෑනේද? සෙම්චරියක්ම ඕන නෑ..අපි කියමු දෙන්නගෙ වයස එකතු කරල ඒ එන ගාන ගැහුවයි කියල..ඒ කියන්නෙ 35 + 35 = 70යි..ඇති ඇති ඒ ඇති..අනික පයිනල් එකේ කොහොමත් කෝලිකුට්ටුව්ට සෙන්චරියක් අනිවා දෙන්ට එපාය..පයිනල් එකේ කෝලිගෙ ස්කෝ එක තීරණය කරන්නෙ මෙහෙමයි..

4. දැනට ෆයිනල් එකක වැඩිම ස්කෝ එක තියෙන්නෙ ගිල්ක්‍රිස්ට්ගෙ නමට..149 යි..ඒකට අපි එකතු කරනව මෝඩිගෙ වයසෙං හරියටම බාගයක්....ෆයිනල් එක ගහන්න සූදානම් කරල තිබ්බෙත්  මෝඩි ස්ටේඩියම් එකේ හින්ද එහෙම කරන එකේ කිසිම අසාධාරණයක් නෑ..මෝඩිගෙ වයස 73 යි ඒකෙං බාගෙ ඇවිල්ල 73 / 2 = 36.5 ආසන්න වශයෙන් 37 කියල ගන්නත් පුලුවන්..ඒත් ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක කියන්නෙ අන්තිම සාදාරන  විදිහට වැඩ කරන කට්ටියක්..ඒ හින්ද අපි අඩු අගය ගමු 36 කියල..එතකොට 149 + 36 = 185 යි..

5. අන්න දැක්කද? ෆයිනල් එක ඉන්දියාව දිනනව සහ ඒකෙදි කෝලි කුට්ටුවා 185ක් ගහනව..ඇත්තටම වර්ල්ඩ් කප් කියල ඉන්දියාව පුරහම  ඇවිද ඇවිද මහ විසාල වියදමක් කර කර මැච් ගහනවට වඩා මගේ මේ ක්‍රමය ඉතාම සාර්තකයි නේද? 

6. ඒ හින්ද මං ආයාචනත්මකව ඉල්ලා සිටිනව අලුතෙං අපේ රොසාම් ඇමතිතුමා පත් කරපු පා ලක මන්ඩලේ ගරුකටයුතු සබාපති අර්ජුන් රනතුංග මහත්තයගෙං ඔබ තුමාල ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ක්‍රිකට් කීඩාව දියුනු පවුනු කරන්ට කැපවෙල ඉන්නවයි කියල ප්‍රැක්ටිකලි ඔප්පු කරන්ටත් එක්ක මේ යෝජනාවලිය ඉන්දියානු රිකට් පාලක මන්ඩලේට වහාම යවන්ටෙයි කියල..

7. මේ යෝජනාව ඉන්දියන් බෝඩ් එක පිලිගන්නවට ආය කිසිම සැකයක් නෑ.. අර්ජුන මහත්තයෝ..ඔබ තුමාම ඒකෙ ගහුරවේ ගන්ට..මගෙ නමක්වත් කියන්ට ඕමනා නෑ..96 අවුරුද්දෙ ලෝක සූරතාවෙ දිනල අපිට ලබාදුන් අප්‍රමාන සම්තෝසෙ වෙනුවෙන් මම ඒ හෞරවය ඔබතුමාට කොන්දේසි විරහිතව පරිත්‍යාග කරනව..

8. අන්න එහෙමයි අපි..අන්න එහෙමයි අපේ අම්මල තාත්තල අපිව හදල තියෙන්නෙ..තෙරුණෙයි?

**********************************************

මේ පෝස්ට් එක ලිව්වෙ ඊයෙ මැච් එකේ අපේ මැතිව්ස් ගොබිල විනාඩි තුනක් ඇතුලත බැට් කරන්න ආවෙ නැහැය කියල පොර අවුට් කියල අම්පයර් තීරණය කරපු සීන් එකෙන් පස්සෙ..එහෙම Timed out  කියල International Cricket වල අවුට් වෙච්චි පලවෙනි එකා ඔය මැතිවුසාලු..

Timed Out and Groin Tickled  Out...                                                

තව එකම එක ක්‍රමයක් තියනව මීට කලිං කවුරුවත් එහෙම අවුට් වෙල නැති.....

ඒකෙං කියන්නෙ බැටර් (දැං ගෑණු උදවියත් ක්‍රිකට් ගහන හින්ද බැට්ස්මන් කියන්නෙ නෑ..දෙගොල්ලන්ටම පොදුවෙ බැටර් කියලයි කියන්නෙ...) තමංගෙ පිත්තෙන් අම්පයර්ගෙ කිරිපල්ල කුචි කැව්වොත් එයා දැවීගිය ක්‍රීඩකයෙක් විදිහට සලකනවයි කියල..

Types of Dismissals - No 12 

The batter shall be ruled  out if he/she tickles or attempts to tickle  Umpire's groin using his/her bat... The dismissal should be called Groin Tickled Out...

එහෙම අවුට් වෙනවට කියන්නෙ Groin tickled out   කියල..අපේ තව විකට් තුනක් තියන එකේ ඒකත් ට්‍රයි කරල බලන්ටයි තියෙන්නෙ..එකම ඉනිමකදි ලෝක වාර්තා දෙකක්ය කියන්නෙ සෙල්ලමක්ද?

7 comments:

  1. රැයත් ශනිද දහයට බ්ලොග් පුරා යැවී
    මමත් බැලුව ඔබ ගැන අමතකම නොවී
    අදත් හොදයි සිතුවිලි නිදහස්ම වෙවී
    කවිත් දීල පිළිගන්නව ඔබව රවී....

    රවි අයියේ. කොහොමද ඉතින්. කාලෙකින් මමත් ආවා කවියක් අරන්... නිවාඩු වෙලාවක මගේ බ්ලොග් එක පැත්තෙ කැරකෙන්න..
    මම දුමී.
    ජයවේවා !!!

    ReplyDelete
  2. මැතිව්ස් ට වෙච්ච දේනම් හරිම පව්...ඒකයැ අද හෙනහුරාදද කියලා කම්පනා කරන මම 🤔

    ReplyDelete
    Replies
    1. ඒක ගැන එච්චර කල්පනා කරන්න ඕන නෑ. ඊයෙ රෑ ඔය කොහේ හරි ඔළුව වදින්න ඇති මදේ හෙල්ලෙන්න.

      Delete
  3. ආන්න ඒකයි එහෙනං ඒකෙ අවයවය.

    ReplyDelete
  4. ලුතින් පත්වෙච්චි ලංකාවේ ක්‍රිකට් අතුරු පාලක මණඩලය ලංකාවේ ක්‍රිකට් විතරක් නෙමේ ලෝකේ ක්‍රිකට් දියුණු කරනවට ලංකාවේ අධිකරණය කැමති නෑ. ආං තහනම් නියෝගයක් දීලා...

    ReplyDelete
  5. එයාලට එච්චර දෙයක් කරන්න වෙන්නේ නැහැ. ආන් අතුරු තහනම් නියෝගයක් අනුමත වෙලා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...