Friday, June 10, 2011

75. මගේ පත්වීම සහ නවතම ප්‍රවෘත්තියෙන් අරික්කාලක්

අද මට විශේෂ දවසක්. ‍වර්තමානයේ මම සේවය කරන කන්තෝරුවෙන් මට දුන්නු පත්වීම් ලිපියේ හැටියට මගේ සේවා කාලය ආරම්භ වන්නේ 2006 ජූනි මස 10 වෙනිදා. ඒ කියන්නේ අදට අවුරුදු 5ක් වෙනවා. 2006 ජූනි මස 10 වනදා සෙනසුරාදා දවසක් වුනු නිසා මං සේවයට මුල් වරට වාර්තා කලේ ‍ජූනි 12 වෙනිදා වගේ තමයි මතක. කොහොම හරි අවුරුදු 5ක් සේවය කල කන්තෝරුව ගැන වදන් පෙළක් සටහන් නොකොළොත් එය මගේ බ්ලෝග් ලිපි අතර අඩු පාඩුවක් වේවි.

ඉදිකිරීම් ආයතනයක් වන මගේ කන්තෝරුව සැබවින්ම අපි හැමදෙනාටම අපේම ගෙදර වගෙයි. එකට බැඳුනු සහෝදරත්වයෙන් අපි සැම
දෙනාම සේවය කරන බව පැවසුවොත් නිවැරදියි. 2006 ජූනි මාසේ රාජකාරියට ආ මට, 2007 ජූනි 01 වෙනිදා අපේ නිවස ගොඩ නැගීම ආරම්භ වූ දා පටන් අද දක්වාම මගේ කන්තෝරුවෙන් ලැබෙන්නේ අනූපමේය උපකාරයක්. බොහොම විට නිවසට අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය කන්තෝරුව මිලදී ගන්නා මිලටම මිලදී ගෙන නිවසටම ගෙනත් දුන් අවස්ථා බොහෝය. නිවසේ කොන්ක්‍රීට් සැලැබ් කොටස දැමීමේදී ඒ සඳහා අවශ්‍ය ලෑලි, පැති ලෑලි, යකඩ මුක්කු, යකඩ පලංචි ආදි සියලුම දේ ලබා දුන්නේ මගේ කන්තෝරුවෙන් වීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වූවා පමණක් නොව හොඳ තත්ත්වයේ ලෑලි හා මුක්කු භාවිතා කිරීම නිසා නිමාව ද ඉතාමත් අගනා තත්ත්වයට ගෙන ඒමට හැකි විය. ඒ පමණක් නොව නිවස ගොඩ නැගීමට අවශ්‍ය වූ මුදලින් කොටසක් මාසික වැටුපෙන් කොටස් වශයෙන් කැපෙන පරිද්දෙන් ණය මුදලක් ලෙස ලබා ගැනීමට හැකි වීම අපට ඉමහත් සහනයක් වූ බව නොකිවමනාය. එම ණය මුදලට එකදු සතයක්වත් පොළී අයකරගැනීමක් සිදු වුනේද නැති බව පවසන්නට සතුටුයි.

2008 දෙසැම්බර් මස සිදු වුනු අපගේ විවාහය පිළිබඳව, කන්තෝරුවේ අප සැමට පියතුමකි සේ සිටින, අපගේ ජේෂ්ඨතම අධ්‍යක්ෂතුමා කථා කලේ, "පවුලේ විවාහයක්නේ. හොඳට කෙරෙන්න එපැයි" යනුවෙන්. එතුමා පැවසුවා සේම අපගේ විවාහයට ද ඔවුන්ගෙන් ලැබුනේ අනුපමේය උපකාරයක්. විවාහයට අවශ්‍ය මුද
ලින් යම් ප්‍රමාණයක් පෙර ගන්නා ලද ණය මුදල කැපී අවසානයේ කෑපී යන ලෙස ලබා දුන් අතර රියදුරු මහතකු සමගින් සුඛෝපබෝගී වර්ගයේ වාහනයක් විවාහ දින සිට දෙවන දිනය දක්වා දින 5ක් අපගේ ගමන් පහසුව සඳහා ලබා දීමට ඔවුන් කටයුතු කරන ලදි. රට පුරා තිබෙන සංචාරක තරු පහේ හෝටල කිහිපයක්ම ඉදිකරන ලද අප කන්තෝරුවේ නිලධාරීන් හට එම හෝටල වල හිමිකරුවන් සමගින් කිට්ටු සම්
බන්ධතා ඇති අතර කන්තෝරුවේ සේවය කරන පිරිසෙන් කෙනෙකු විවාහ වූ විට මධුසමය සඳහා එවන් හෝටලයකින් නවාතැන් පහසුකම් අව මිලකට ලබා දීමට ඔවුන් කටයුතු කරයි. ඒ අවස්ථාව අපටද උදා විය.

ඉඳින් මේ ආකාරයෙන් සහෝදරත්වයෙන් එකට බැඳී සේවය කරන මෙම කන්තෝරුවට මා පැමිණ අද දිනට අවුරුදු 5ක් පිරීම නිමිතිකොට ගෙන කේක් කෑල්ලක්, කෙසෙල් ගෙඩියක් වැනි පුංචි දේවලින් සංග්‍රහයක් කිරීම ප්‍රමාණවත් නොවන බව දනිමි. ඒත් අපේ කන්තෝරුවේ සේවක පිරිසත් බී බෑ පිරිසක් වන බැවින් එතැනින් එහාට සංග්‍රහ කිරීමට සිහිනෙන් වත් නොසිතමි.

කේක් නම් ගෙනවිත් අවසානය.
ටිකකින් කෙසෙල්ද ගෙන්වා හවස 3 තේ පැන් සමඟ පිළිගන්වමි.

-------------------------------------------------------------------------------------------

මේ අතරට තවත් වැදගත් කාරණයක් සඳහා කැඳවීමක් ඊයේ දිනයේ ලැබුනි. ඒ සඳහා අද උදෑසන සහභාගී වී කන්තෝරුවට ආ විගස මේ ලිපිය මේ අයුරින් ගළපන්නට යෙදුනෙමි. ඉඳින් මේ කාරණය සඵල වුයේ නං මා සමඟ එක්ව ඔබ සැමද ‍එකසේ සතුටු වනු ඇතියි සිතමි. කාරණය කුමක්දැයි නොබෝ දිනකින්ම පවසමි.

එතෙක්,
"එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මිතුරිය............"

යනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමි.

56 comments:

  1. කාරණය කුමක් වූවත් එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    ReplyDelete
  2. chairath kaaalyak oya kanthooruweema sita mul putuwatama yeemata waaasanawa uadaa weeewa

    :D :D :D

    ReplyDelete
  3. ජය වේවා අක්කේ.........:)

    ReplyDelete
  4. අක්කට සුභ අනාගත්යක් වේවා...!

    ReplyDelete
  5. "එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    ReplyDelete
  6. සුභ අනාගතයක් වේවා...!



    "එම කාරණය ඉෂ්ට කර ගැනීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    ReplyDelete
  7. මේ සටහන විශේෂයි, ඒ ස්තුති පූර්වකව ගුණ වැයුමකින් පිරුණ සටහනක් වීමයි.

    හැම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    ReplyDelete
  8. එවැනි කාර්යාලයක සේවය කරන්නට ලැබුන ඔයාලා මොන කරම් වාසනාවන්තද...
    සේවකයන්ට හොදින් සලකන එවැනි ආයතන දියුණූවෙන් දියුණුවට පත් වෙනවාමයි.

    ඔයාගේ බලාපොරොත්තුව ද එලෙසින්ම ඉටු වෙන්න කියා හදවතින්ම...පතනවා.

    ReplyDelete
  9. රන්දිල්,

    මටත් ඔබේ සටහනට මෙසේ එකතු කිරීමට අවසර, එසේ නොකළහොත් මවිසින් කලයුතු යුතුකමක් පැහැර හැරියා වෙනවා අනිවාර්යයෙන්ම.

    ඔබට මාස තුනකට පෙර, 2006 මාර්තු මාසයේදීයි මම ප්‍රධාන කාර්යාලයේ සේවයට පැමිණියේ. ඒත් ඊට පෙර 2005 වසරේ මම නුවර මෙම ආයතනයේම වැඩ බිමක සේවය කලා. 2006 මාර්තු සිට 2008 නොවැම්බර් මස විදේශ ගතවන තෙක් ආයතනයේ ගත කල කාලය මගේ ජීවිතයේ කිසිම දිනක අමතක වන එකක් නම් නැහැ.

    පළමුව අර්ධ රාජ්‍ය ආයතනයක, ඊලඟට විදේශීය සුප්‍රසිද්ධ ඉඳිකිරීම් සමාගමක සහ ලංකාවේ ප්‍රසිද්ධ ඉඳිකිරීම් සමාගමක සහ දැනට විදේශයක වශයෙන් වසර විසි අටක සේවා කාලයේදී, ඉතාමත්ම මනුශ්‍යත්වය හඳුනන අවංක, ඒ වගේම සේවකයාගේ ප්‍රශ්නයක් පිළිබඳව සානුකම්පිතව බලා අවබෝධ කරගත් හැකි ප්‍රධානීන් මට හමුවූයේ මේ ආයතනයේදී බව නොබියව පැවසිය හැකියි.

    2008 අගෝස්තු මස හරියටම බෙයිජිං ඔලිම්පික් සමාරම්භක දිනයේදී (08-08-2008) කාර්යාලයේදී මම බරපතල ලෙස රෝගාතූර වූ අවස්ථාවේදී වහාම ලඟම තිබූ පෞද්ගලික රෝහලට ඇතුල් කිරීමට කටයුතු කොට සතියක රෝහල් ගාස්තුද ඔවුන්ම ගෙවීමට කටයුතු කිරීම මගේ මතකයේ සදා රැඳෙන්නක්.

    2008 වසරේ නොවැම්බර් මස නොවැලැක්විය හැකි හේතුවක් නිසා මට විදේශ ගත වීමට සිදු වුවද මගේ එකම බලාපොරොත්තුව හැකි වූ මුල්ම අවස්ථාවේ මව්බිමට නැවත පැමිණ අප ආයතනයේ සේවයට එක් වීමයි.

    You won't find anyone better than them, They are the best, It was a priviledge to serve them. I am sure of it.

    .---------------------------------------------------------

    ප.ලි. අර කාරණය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට රන්දිකා රණවීර නම්වූ නුඹට සියලු ශක්තිය සහ ධෛර්යය සහ වාසනාව ද ලැබේවායි මුලු හදින්ම පතනෙමි.

    ReplyDelete
  10. අර කාරනේ ඉස්ට සිද්ද කොර ගන්න සියලු ශක්තිය දයිරිය ලැබේවා... මරු කොම්පැනියක්නෙ.... බොග දාන්නෙත් වැඩ කොරන ගමන්.... හරි සෝක් අනේ...

    ජයම වේවා....!!!! කෙල්ලෙ නුඹට.....

    ReplyDelete
  11. ඔව් නංගි ඒ කාරණේ ඉෂ්ඨ වෙනවා සිකුරුයි.... ඒ සඳහා ධෛර්යය, ඝක්තිය, වාසනාව නිරතුරුව ලැබේවා!!!

    ReplyDelete
  12. මේ බ්ලොග් එකේ මම නිතර කමෙන්ට් කළාට අක්කගේ ලිපියකට කමෙන්ට් කරන පළමුවෙනි වතාවද කොහෙද. වටින ලිපියක් අක්කේ. තමන්ට ජීවන වියදම සපයන ආයතනයට තියෙන ලැදියාව, තමන්ගේ ඉදිරි මග ආලෝකමත් කරන බව මම අහලා තියෙන කියමනක්. ඒ වගේම මම තදින්ම විශ්වාස කරන දෙයක්. ඒ නිසා අක්කට වරදින්නෙ නෑ. අක්කගේ බලාපොරොත්තුවත් ඒ ආකාරයෙන්ම ඉටු වෙයි. ජයෙන් ජයම පතනවා.

    මෙන්න අක්කා වෙනුවෙන් මගේ පැතුම

    හිතේ පූදින පැතුම් මල් පොදි
    එකක් නෑරම සඵල වේවා
    ජයෙන් ජය ලැබ පෙරට යන්නට
    වාසනා මහිමය වැඩේවා

    ආ, ජූනි 10 කොහොමත් බොහොම සුභ දවසක් තමා. ඒකට මමත් සාක්කි ඕං!

    ReplyDelete
  13. ස්තුතියි පිණිබිඳු........

    ReplyDelete
  14. ස්තුතියි චතු

    ReplyDelete
  15. ස්තුතියි සුදු හංසියේ

    ReplyDelete
  16. prasanna86k කියන්නේ අපේ කෙට්ටු මාළුවා කියලා අදයිනේ දන්නේ....... ස්තුතියි මල්ලි

    ReplyDelete
  17. ස්තුතියි වැප්......
    වැපා කොපා කියලත් කියන්න පුළුවන් වගේ...... :)

    ReplyDelete
  18. ස්තුතියි නිශ්

    ReplyDelete
  19. ස්තූතියි ඩීන් අයියා අගය කිරීමට

    ReplyDelete
  20. ස්තුතියි නිල් අහස........ අපේ පැතුමත් එයම තමයි

    ReplyDelete
  21. හප්පේ ඔය ආවේ අපේ ජේෂ්ඨ කිව් ඇස් උතුමාණෝ......
    මං ඉස්සර ලිපියක ඔබතුමාගේ අසනීපය හමුවේ අපේ ආයතනය ක්‍රියා කරපු හැටි ලිව්වා...... අද ලිව්වේ නැත්තේ ඔබතුමා ම ඇවිත් ලියයි කියලා හිතුනා..... අපේ පියතුමා වගේ ඉන්න අධ්‍යක්ෂ තුමා මගේ විවාහය ගැන ඒ වදන් කිව්වෙත් ඔබතුමා සමගනේ නේද? :)

    අද හිටියා නං කේක් කෑල්ලක්, කෙසෙල් ගෙඩියක් කනවා. පස්සේ මං හිතාගෙන ඉන්නවා අපේ බී බෑ සංගමය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දෙන්න පිංතූරු සටහන් සමගම. අර වාද්දූව රිසෝර්ටයේ එහෙම ලස්සන ලස්සන මනරම් දර්ශන තිබෙනවානේ....... :D

    ReplyDelete
  22. ස්තුතියි ලොකු අක්කේ

    ReplyDelete
  23. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත

    ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව. ඔබ විශ්වාසනීය ලෙස පවසා තිබෙන වදන් මට ශක්තියක්. ස්තුතියි නැවතත්.

    කවියත් ලස්සනම ලස්සනයි. බලමු හෙට දිහාටවත් පිළිතුරක් ගැට ගහගන්න.......... :)

    ReplyDelete
  24. අරික්කාලක් අද කියලා ඉතුරු ටික පස්සේ කියන කොට තමයි කික් එක වැඩි!

    ReplyDelete
  25. ඒක නං ඇත්තම කියලා හිතුනා........ අරික්කාලේ කික් එකට අද කකා සූරිනුත් ඇවිත්නේ............. :)

    ReplyDelete
  26. "එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මිතුරිය............"

    ReplyDelete
  27. "එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මිතුරිය............"

    ReplyDelete
  28. "එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා"

    මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා........

    ReplyDelete
  29. / අද හිටියා නං කේක් කෑල්ලක්, කෙසෙල් ගෙඩියක් කනවා. පස්සේ මං හිතාගෙන ඉන්නවා අපේ බී බෑ සංගමය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දෙන්න පිංතූරු සටහන් සමගම. අර වාද්දූව රිසෝර්ටයේ එහෙම ලස්සන ලස්සන මනරම් දර්ශන තිබෙනවානේ....... :D /

    අඩේ, පිස්සු නම් කෙලින්න ලෑස්ති වෙන්න එපා ඔන්න, මේ බොහොම ආදරෙං කියන්නෙ,....හෙහ්, හෙහ්, උඹ හදන්නෙ මගෙ කාඩ් එක කුඩු කොරලම දාන්නද බොල?

    ReplyDelete
  30. චහ්... හොඳ කාර්යාලයක්නෙ ඇත්තටම!

    ReplyDelete
  31. අක්කන්ඩිගේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !! ..

    ReplyDelete
  32. හදවතින්ම පතනවා ඒ කාරණය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අක්කියෝ.... :)

    ReplyDelete
  33. "එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මිතුරිය............"

    ජය පතමි හද පතුලින්ම!!!

    ReplyDelete
  34. ස්තුතියි කවිකාර නැන්දේ...... වැඩිහිටි ඔබගේ ආශිර්වාදය දුහුනන් වූ අපට වටිනවා

    ReplyDelete
  35. නසරාණි මල්ලී ‍කොහෙද අතුරුදන් වෙලා හිටියේ....... කොහේ හිටියත් සුභ පතන්න ආවාට බොහොම ස්තුතියි මල්ලී

    ReplyDelete
  36. හපොයි කාඩ් එක කුඩු වෙයිද? එහෙනං තව පාරක් හිතන්න වෙනවා නේද?

    ReplyDelete
  37. ඔව් හරේ..... අපේ කන්තෝරුව බොහොම හොඳ කන්තෝරුවක් තමයි :)

    ReplyDelete
  38. ස්තුතියි සඳරු මල්ලී

    ReplyDelete
  39. ස්තුතියි හසී නගෝ

    ReplyDelete
  40. ස්තුතියි අරුණි සොයුරිය...... ඔබ විසින් ඔබගේ අරුණි ශපිරෝ වෙතින් බ්ලොග් අඩවිය වෙතින් ලබා දෙන දැනුම අපට අපගේ සාමාන්‍ය දැනුම වඩවා ගැනීමට ඉතාමත් වටනේය. ස්තුතියි නැවතත්

    ReplyDelete
  41. මොකද්ද කාරනේ. කොහොමත් එසේම වේවා. අද හවස අපි රාගම එනවා.

    ReplyDelete
  42. ආ බුද්ධි කාරණේ ඉදිරියේදි කියන්නම්කෝ

    අද එනවා නේද ඒ දිහාවේ..... එහෙනං ඔයාලා අපේ දිහාස් එනවද අපි එන්නද ඔයාලා දිහාස්?

    ReplyDelete
  43. කාරණාව බුදු වේවා..!

    @තනෝජා අක්කේ...
    මේ අරක නෙවෙයි නේද..?

    ReplyDelete
  44. ස්තුතියි මාරයා අයියේ,

    @තනෝජා අක්කාගෙන් අහපු එකට උත්තරේ නං ලැබෙන්නේ සඳුදා තමයි. මොකද එයා ආයේ වැඩට එන්නේ සඳුදානේ...... :)

    ReplyDelete
  45. එතෙක්,
    "එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මිතුරිය............"

    යනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමි.<


    ඔන්න අක්කේ කිව විදිහටම සුභ පැතුවා...


    මට නමි අවුරැදු 5 අද ඊයේ වපග් හලෝ..
    මං නම් විෂ් කරන්නෙ තවත් වසර 50ක් වත් මෙවන් ආයතනයකට සේවය කිරිමට ශන්කිය ලැබෙන්නයි

    All The Best Akkaaa..... (දිනු)

    ReplyDelete
  46. අනේ අප්පේ ඔයා කියන්නේ මට අවුරුදු 79-80ක් මෙතැන වැඩ කර කරා ඉන්න කියලද? කාටද එච්චර හම්බු කරන්නේ? :D

    මං කිව්ව විදිහට කොමෙන්ට් කලා නං ඇනෝ වෙන්නේ නැහැ හලෝ....... හරි හරි කමක් නැහැ. කොහොම හරි වැඩේ කරගත්තානේ

    ReplyDelete
  47. අනේ කල්හාර මල්ලි මගේ අතින් ඔයාගේ කොමෙන්ටුව මැකුනා අනේ.......

    ස්තුතියි මල්ලි

    ReplyDelete
  48. කල්හාර දිසානායක

    ඔන්න අක්කේ නොදන්නා කරණාව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මම පතනවා .....

    ඔබට ජය .......

    (මැකුණු කොමෙන්ටුව මේල් එකෙන් ගෙන පල කරමි)

    ReplyDelete
  49. මගේ ජීවිතේත් ලංකාවේ ඉදිකිරීම් ආයතනයක වඩකරපු කාලයක් කවදාවත් මැකී නොයන සටහන් ලෙස ඉතිරිවී තිබෙනවා.

    එහිදී ආයතනයේ අයිතිකරුවන්ගෙන් නොව සහෝදර සේවක පිරිසෙන් ලැබුනු සහයෝගය අද මේ ඉන්න තත්වයට එන්න උදව් වුනු බව මම නිතර ඒ අය සමඟ කියනවා.

    ඔබේ ආයතනය වැනි ආයතන ලංකාවේ ඇති බ ඇසීමත් සතුටට කරුනක්. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න මට (ලංකාවට ආවාට් පස්සේ ජොබ් එකක් සෙට් කරලා දීපන් නගේ)

    උඹේ වසර පහේ පාර්ටියටත් අනෙක් කරුනටත් සුභ පැතුම් . .

    ReplyDelete
  50. ඔය කොම්පැණියට මාවත් බඳවගන්න බැරිද නියමයිනෙ...
    අර කාරණය මොකක්ද කියල හිතාගන්න බෑ. කොහොම වුණත් වැඩේ ගොඩයන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.

    ReplyDelete
  51. ස්තුතියි දුකෝ........ හොඳාකෝ ආවාට පස්සේ බලමු නේද? මටත් වඩා ඒ වැඩේ කර ගන්න සුදුසු කෙනා තමයි අපේ රවී තුමා...... :)

    ස්තුතියි අයියේ සුභ පැතුමට

    ReplyDelete
  52. හා අවුට්සයිඩර් මිතුරේ....... එවන්න බලන්න බයෝ ඩේටාවක්............ :D

    ස්තුතියි ඔබටත් සුභපැතුම් එක් කිරීම සම්බන්ධයෙන්......... :)

    ReplyDelete
  53. ආ මාර මළේ.... ඒ කාරණාව නම් නොවේ මම හිතන්නෙ...

    මහ ලොකුවට “ඔව් නංගි ඒ කාරණේ ඉෂ්ඨ වෙනවා සිකුරුයි....“ කියල සුභ පැතුවෙ කාරණේ දැනන් කියලද හිතුවේ? හෙ හෙ

    ReplyDelete
  54. jaya wawa.... jayama wawa.........

    ReplyDelete
  55. යන යන තැන තැන ජය ජය වේවා !!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...