Sunday, April 1, 2012

112. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....9



හාත්පස පැතිර ගිය දුබල සඳ එළියෙන් ඔහු දුටුවේ මධ්යයේ වූ ශ්වේත වර්ණ පාෂාණ වටයකින් මායිම් වූ කවය තුල එහා මෙහා සරන ආලෝක ධාරා සමූහයකි. සත්යය වශයෙන්ම ඒ වඩාත් සමීප වූයේ ආලෝක ධාරාවන්ට නොව ආලෝක ගෝල සමූහයකට බව ඒ දර්ශනය විද්යාමාන වූ ඇසිල්ලක් වූ මොහොතේ දඩයක්කාරයා පසක් කොට ගත්තේය.

ඒ විශ්මයාන්විත දර්ශනය පැවතියේ අසුරු සැණක් පමණෙකි.ඒ නිමේශයෙන් පසු යළිදු එතැන වූයේ දුබල සඳ එළියෙන් නැහැවීගිය මධ්ය පීඨිකාව පමණි.

පීඨිකාව මධ්යයේ වූ ශෛලමය පුවරුවක් මත සීරුවෙන් තම බිරිඳගේ දේහය තැන්පත් කල මහ දඩයක්කාරයා පුත්ර‍යා වෙත පැමිණ සුරත දිගු කළේය. තම අතෙහිවූ යවුල පියාණන් අත පත් කල දඩයක්කාරයා මවගේ දේහය අසලින්ම ඒ ශෛලමය පුවරුවේම අසුන් ගත්තේය.

දෑස තදින් පියාගත්වනම පියවර කිහිපයෙක් එහා මෙහා ගමන් කල මහ දඩයක්කාර තෙමේ පොළවෙහි එක් ස්ථානයක ආයත චතුරශ්රයක් යවුලෙහි තුඩඟින් ම සළකුණු කලේ එතුල භූමිය කණින්නට විය.

මවගේ දේහය අසල අසුන්ගත් දඩයක්කාරයා පියාණන් පොළොව කණිනායුරු නරඹමින් සිතුවිලි සයුරෙක නිමග්න වූයේය.ඔහුට සිතන්නට අවශ්ය පමණට ද වඩා කරුණු තිබිණි. ඊයේ දින; මේ අළුයම් කාලය බැවින් මේ අපූර්ව සිද්ධීන් දාමය ඇරඹුනේ ඊයේ දිනයේදීය; ඊයේ දින සිට මේ දක්වා සිදුවූ විශ්මයාන්විත සිද්ධීන් කිසිසේත් ඔහුට වටහාගත නොහැකි වූවද හේ ඒ පිළිබඳව වැඩි දුරටත් සිත වෙහෙස නොකලේය. බොහෝ ආසන්නයේම ඒ සියළු අභිරහස් සහ විශ්මයාවහ සිද්ධීන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තමනට ලැබෙන බවට ඔහුගේ යටිසිතෙහි පැවති බලවත් විශ්වාසය ඊට හේතුවයි.

සති කිහිපයක් තිස්සේ නිතොර වට මහ වැසි හේතුකොටගෙන පොළව මතුපිට පස ලිහිල් වී තිබිය ද ඒ ලිහිල් ස්වභාවය රඳා පැවතියේ මහ දඩයක්කාරයාගේ දඟ යුග අඩක් නොපෙනී යන මට්ටමක් දක්වාම පමණෙකි. ඉන්පසු හුදෙක් කට්ට වූ දැඩි පොළවෙහි යවුල ගැටෙනා සවණ සූරාගෙන ඇසෙන නාදයෙන් පමණක්ම දසත වෙලා ගත් දැඩි නිශ්ශබ්දතාවය බිඳී ගිය යම් කාලසීමාවකට පසු මවගේ දේහය අසල දෑස පියාගත් වනම දැඩි කල්පනාවෙක නිමග්නව හුන් දඩයක්කාරයගේ දෙනෙත් විවර වූයේ එක වරම පීඨිකාව මධ්යයෙන් නැඟ ආ ඒ හඬ එනම් මහ දඩයක්කාරයා පොළොව කණිනා හඬ නතර වූ නිසාවෙනි.

හිස ඔසොවා විවර කල දෑස් එදෙසට යොමු කල ඔහු දුටුවේ කණින ලද වළෙන් ගොඩවී තමා දෙසට සෙමෙන් පියනඟන පියාණන්ය. දෑත් මෙන්ම දෙපය ද කණින ලද පස් තැවරී තිබියද කිසිදු වෙහෙසක ළකුණකුදු ඔහු කෙරෙහි විද්යාමාන නොවීම දඩයක්කාරයාගේ සිතට කිසිදු විශ්මයක් ගෙන නොආවේ මන්දැයි ඔහුම නොදත්තේය.ඒ පිළිබඳව සිත වෙහෙස කරවීමට පොරොත්තු නොවුණු හෙතෙම වහා නැඟීසිටියේ පියාණන් අතින් යවුල ගෙන පීඨිකාව මධ්යයේ වූ අඩක් කණින ලද්දාවූ වල වෙත පැමිණියේ එතුලට බැස කණින්නට වූයේය.

කැණීම අරඹා ක්රමයෙන් කාල වේලාව ගතව ගියද කිසිදු විඩාවෙක් ඔහුට දැණුනේම නැති. පොළව කැණීම අසීරු වූ අතරම වියළී ගිය පසෙන් එක් වරකට බිඳී ගියේ යවුලේ කුඩා තුඩගින් සිදුරු වන්නා වූ පස් බිඳෙක් පමණි. එහෙත් කිසිදු විඩාවක් නොදැනීම, එමෙන්ම සිරුරෙහි දහදිය බිඳකුදු නොනැඟීම ඒ කාර්යය අත්යන්තයෙන්ම පහසු කරවීය.

තවත් දෙවරක් පුත්රයා සහ පියාණන් කැණීමෙහි නියැලීම හුවමාරු කොටගත් පසු කැණීමෙහි ගැඹර ප්රමාණවත් බව තීරණය කල මහ දඩයක්කාරයා වළෙන් ගොඩ වී පැමිණියේ බිරිඳගේ දේහය තැන්පත් කර තිබූ ශෛලමය තලාවෙහි ඇගේ දේහය අසළ දණ බිම ඔබා ඒ දෑතින්ම ඔසවා ගත්තේය.

දේහය ද ඔසොවාගෙන කණින ලද වල අසලට පැමිණි මහ දඩයක්කාරයා සීරුවෙන් එතුලට බැස දේහය එහි තැන්පත් කළේය.

ඉන්පසු වලෙන් ඉවතට පැමිණියේ පුත්රයාගේ දෑස දෙස මොහොතක් බලා හිඳ සෙමෙන් පස් බිඳක් ගෙන දේහය මතට දැම්මේය. ස්වයංක්රීයවම මෙන් ඔහු අනුගමනය කල දඩයක්කාරයා ද පස් ගෙන මවගේ දේහය මතට දමමින් ඒ මිහිදන් කිරීමේ කටයුත්තට දායක විය.

කෙමෙන් කෙමෙන් තම මෑණියන්ගේ සිරුර පස් වලින් වැසී මිහිදන්ව යනු දුටු දඩයක්කාරයාගේ සිත් දැඩි ශෝකයකින් පීඩිත වුවද ඒ බලවත් වෑයමකින් මැඩපවත්වාගත් හෙතෙම අනලස්ව තම කාර්යයෙහි නියුක්ත විය.

ප්රයෝජනයට ගත හුනු කිසිදු මෙවලමෙක් නොවූ හෙයින්ම, කැණීමට ගත වූ කාලයට ආසන්න හෝ සමහරවිට ඊටත් අධික වූ කාලයෙක් පස් සියල්ල දමා වල වසා සිරුර මිහිදන් කිරීමට ගතවූයේය.එහෙත් කිසිදු හදිසියක් නොවුනු හෙයින් පියා සහ පුත්රයා සන්සුන්ව එමෙන්ම ඉතා විධිමත් ලෙස තම කාර්යයේ නියැලුනෝ දසත පැතිරි අඳුර දුරුකොට අළුයම හිරු රැස් දහරාවෝ පීඨිකාව මායිමෙන් ඔබ්බෙහි පිහිටි රූස්ස වනස්පතීන්ගේ අතු ඉති අතරින් පෙරී පැමිණියේ මෙතෙක් ඔවුනට ආලෝකය සැපයූ මන්ද චන්ද්රාලෝකය පලවා හරිමින් පතිත වන හෝරාව වන කල්හි තම ව්යායාමය සමාප්ත කලෝය.

අවසන් පස් බිඳ ද දමා නිමවූ ඉක්බිති පියාණන් ගේ ඇණැවුම අනුව; ඒ වදනින් නොව දූරානුභූතිය අනුවය, මහ දඩයක්කාරයාගේ ඒ අපූර්ව හැකියාව පිළිබඳව ඔබගේ ස්මරණයෙහි රැඳී ඇතිය යන්න මවිසින් මෙහිලා උපකල්පනය කොට ඇති බැව් කාරුණිකව සැළකුව මනාය;ඔහු පසුපස පියවර තබමින් පීඨිකාවෙන් පිටමංවැ තැනින් තැන උදා හිරු එළියේ දිලෙනා තුඟු ගල් කුළු වලින් සුසැඳි භූමි භාගයෙක් පසු කොට ගියේ නිල්වන් දියෙන් සපිරී ගලා හැලෙන්නා වූ දොළ පහරක් වෙතට ළඟා වූවෝය.

සිසිල් දිය පහරේ මනස්කාන්ත වූ දසුනින් සිත් පහන් වූ දඩයක්කාර තෙමේ වහා ඉණ වටක් එහි වැද සිත්සේ ස්නානය කොටැ ගතෙහි තැවරි දුහුවිලි ආදිය සෝධා හැර පිරිසිදු වූයේය.මහ දඩයක්කාරයා ද එසේම පිරිසිදු වූ ඉක්බිති පෙරළා පීඨිකාව වෙතට පැමිණියෝ මෑණියනගේ දේහය මිහිදන් කල වල අබියස ඈ හිස අබියස; මිහිදන් කිරීමෙහිදී ඇගේ හිස නැගෙනහිර දිශාවට පිහිටන පරිදි දේහය තැන්පත් කිරීමට මහ දඩයක්කාරයා වගබලාගත් බව ඔබට පැවසීමට ප්රිය සොහොයුර, සොයුරිය අමතක වීම පිළිබඳව මේ අවස්ථාවේ ඔබෙන් සමාව අයදිමි; දෙපස අසුන් ගත්තෝය.මෙතෙක් ඔහුට සුපුරුදු වූ ඇණ තබා අසුන් ගැනීම වෙනුවට මෙවර දඩයක්කාරයා හිඳ ගත්තේ බද්ධ පර්යංකයෙනි.එසේ කිරීමට කිසිවකුගේ ඇණවීමක් නොමැතිවම ඔහු එසේ ඒ ඉරියව්වට පිළිපන්නේ බොහෝ කලෙක සිට පුරුදු පුහුණු කල කලෙක මෙනි.

එසේ හිඳගත් ඉක්බිති දෑස් පියාගත් වනම නිමේශයක් ගෙවූ දඩයක්කරයාගේ සිතට පිවිසියේ පියාණන්ගේ රුව සහ ඔහුගේ සිතිවිලි මාත්රයකි.

'' පුත, කිසිවකට බිය නොවනු, ඔබ හා සමඟ මම නිබඳව පසුවන බව පමණක් තරයේ සිහි තබා ගනුව. මා විශ්වාස කරනු මැන. මා කෙරෙහි ඔබගේ පූර්ණ විශ්වාසය තැබීම පමණක්මය මම ඔබෙන් බලාපොරොත්තු වනුයේ,''

දඩයක්කාරයා අනුමැතිය පලකළේය. ඒ සිතුවිලි ආධාරයෙන්ම පලකල එකඟතාවයෙකි.

'' අගෙයි, පුත එසේනම් ඔබගේ සිත සියළු සිතුවිළි කෙරෙන් නිදහස් කරගනු මැන. පලමුව ඒ බොහෝ අසීරු කාර්යයක් සේ ඔබට වැටහෙනු ඇත.එහෙත් අදාල ක්රමවේදය පුරුදු පුහුණු කල පසු ඒ කිසිසේත් අසීරු කාර්යයක් නොවන්නේමය. ''

එසේ කරනුයේ කෙළෙසකද යනු කිසිදු අදහසක් නොමැත්තේ වුවද එසේ කිරීමට දඩයක්කාරයා උත්සාහ කලේය.

පලමුව ඔහු පියාණන් උපදෙස් දුන් පරිදි සිත සියලු හැඟුමින් විනිර්මුක්ත කිරීමට තැත් කලේය.ඒ වෑයම සාර්ථක වූයේ ද නැද්ද යනු දඩයක්කාරයා ඇත්තෙන්ම නොදත්තේය. ඉන් පෙර කිසිදු දිනෙක එවන් ක්රියාවක නියැලී නොමැති බැවින් එහි සාර්ථක භාවය පිළිබඳ ඇගයීමක් උදෙසා කිසිදු නිර්ණායකයක් ඔහු දැන නොසිටි නිසාම එසේ නොදැනීම පිළිබඳ ව කිසිසේත් විශ්මයට පත් විය යුතු නොවේ.

එක්වරම ඔහුට හැඟුනේ පීඨිකාව මධ්යයෙහි අසුන්ගෙන සිටි තැනින් ඉකුත්ව අවකාශයේ පාව යන්නාක් මෙන් වූ හැඟුමකි. මේ නුපුරුදු එමෙන්ම අපූර්ව හැඟීමෙන් ත්රස්ත වී ගිය දඩයක්කාරයාගේ සිත නැවත මඳක් හෝ සමනය වූයේ ඒ හා සමඟම සිත විනිවිද ගිය පියාණන්ගේ සිතුවිලි දහරකිනි.

'' සිතේ චකිතය පහකරගන්න පුත, සිත නිදහස් කර ගන්න, සිත පුළුන් රොදක් මෙන් සැහැල්ලුවී පා වීමට ඉඩ දෙන්න ''

පීඨිකාව ඉහල අවකාශයේ දඩයක්කාරයා පාවෙමින් සිටියේය.නෙත් පහලට යොමු කල ඔහු දුටුවේ මෑණියන්ගේ දේහය මිහිදන් කල ස්ථානය දෙපස තවමත් අසුන්ගෙන සිටිය ඔහු සහ ඔහුගේ පියාණන්ය.කිසිසේත්ම අදහාගත නොහුණු මේ දර්ශනයෙන් බලවත් සේ විශ්මය පත්ව තුෂ්ණිම්භූත වූ දඩයක්කාර තෙමේ පීඨිකාව ඉහල අවකාශයෙහි පාවෙමින් මේ සිදුවන්නෙහි අගක් මුලක් වටහා ගන්නට උපරිම උත්සාහයක නිරත වෙමින් සිටියේය.

මතු සම්බන්ධයි........

33 comments:

  1. දැන් නම් ඉතින් කතාව හිතාගන්ටම බෑ. බොහොම අද්භූත විදියට තමයි යන්නේ. ඒ පාර හිතෙනවා පොඩ්ඩකට හරි අර ඇඩ් එක දාපු එක හොඳයි කියලා.:D

    දැන් ඉතින් අර මහා දඩයක්කරුගේ බිරිය එතනින් නැගිට වනයේ සැරි සරනා, ඔවුන් ආරක්ෂා කරනා ආත්මයක් බවට පත්වේද?
    මහ දඩයක්කරු හදිසි අනතුරකින්ග් මියයාවිද?
    පොඩි දඩයක්කරුගේ ආදර අන්දරය ගලා යනු අපට දැකගත හැකිද?
    සුසුම් හෙලමින් කම්පියුටරය ඉදිරියේ හිඳ බලා සිටින්නෙමු...:)))

    ReplyDelete
    Replies
    1. /දැන් නම් ඉතින් කතාව හිතාගන්ටම බෑ. බොහොම අද්භූත විදියට තමයි යන්නේ. ඒ පාර හිතෙනවා පොඩ්ඩකට හරි අර ඇඩ් එක දාපු එක හොඳයි කියලා.:D /

      එම්බා චුල්ල කුමරියනි.... තොප අන්ද මන්ද දිවයිනට ගොඩ බැස ඇති සෙයක් තොපගේ ටීකාවෙන් මාහට පෙනී යන්නේය.

      තී නැඟූ ප්‍රශ්න රාශියට ප්‍රතිචාර නම් මෙසේයැ.

      කුකුස් සිත්හි පැණ නැඟිමම යෙහෙකි.එතෙකුදු ඉපැදුනු කුකුස් සංසිදුවා ගැනුම් වස් තොප අනුයාත කථාංගය තෙක් පොරොත්තු විය යුතුය. නොයෙක් රාජකාරි කටයුතු හි කරවටක් ගිලී සිටින්නෙමි. එබැවින් දඩයක්කාර තෙමේ වෙතැ ආරූඪ වනුයේ ඉසිඹු ලත් විටකයැ.

      එතෙකුදු වුව තොප සැම කෙරේ පතලාවූ මහා කරුණා පෙරදැරිවැ මැදියම් රැය නිදි වරා හෝ ඉදිරි කථාංග රචනා කොටැ පළ කිරීමෙහිලා උදක්මැ උත්සුක වන බවට තොපට සපථ කර සිටින්නෙමි.

      වැළිදු තිට මෙන් වියුණු රචනය උදෙසා වැටුප් ගෙවනා ආයතනයක මම සේවය නොකරන බවද වැඩිදුරටත් දන්වා සිටින්නෙමු...:) :).

      වෙසෙසින්මැ කිවයුත්තෙක් ඇත්තේමය.සුපුරුදු ලෙස මගේ වියුණු සටහනට ප්‍රථම ටීකාව.....මගේ හෘදයාංගම සහ සදාදරණීය ස්තූතිය චුල්ල කුමරියනි.........තොප වනාහී අග්‍රේෂයැ....( ඒයි බොලේ....ඒ අන්තිම කෑල්ල මඤ්ඤං වගේ නේද?...හෙහ්, හෙහ්, ඒ කිව්වෙ You are the best කියල බං...)

      Delete
  2. හී හී...ඒක නම් මතකම තියාගන්ට ඕනි....:D

    චුල්ල කුමරියනි.........තොප වනාහී අග්‍රේෂයැ...
    පොඩ්ඩි ඒ පාර චුල්ලි වෙලා....කාටවත් ඇහෙන්ට කියන්ට එපා. ඊලඟට ඔක්කොමලාම මට චුල්ල කුමාරි කියයි. :D

    ReplyDelete
  3. අප්පේ ඒ පාර මොකක්ද වෙන්න යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ ද නොදන්නෙහි,..... මම ද නොදන්නෙමි,....හෙහ්, හෙහ්,හෙහ්

      Delete
  4. නිස්සද්දව කියවන එක හොඳයි කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. එසේමයැ ශරතුනි, එසේමයැ නිශ්ශබ්දවැ කියැවීම නම් අගී, අගී....

      Delete
  5. මේක ඉතිං අන්තිම වෙනකල් කොහොම ඉවර වෙයිද කියලා කියන්ට පුලුවන් ජාතියෙ කතාවක් යෑ.මට හිතෙන්නෙ මේකෙ කොටස් 25ක්වත් තියෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අහෝ නිසුපාවෙනි, කිමෙක්ද තොප මේ පවසන බස?....කථාංග ඉතාමත් අවම වශයෙන් අර්ධ ශතකයෙක් වත් රචනා කොට මිස පසු නොබලන්නෙමැයි දැඩි අධිෂ්ඨානයෙක පිහිටා සිටිමි.. :) :)

      Delete
  6. මෙවුන්දෑටනම් මාගේ චිත්තය අන්දමන්ද කර පමණක් සෑහිය නොහැක්කා සේය.අහෝ මේ වූ කලී දඩයක්කාරයාගේ කථාව නම්වූ ප්‍රස්තූතයක් මත රචනා කොට හැක්කක්ද?රහතුන්ගේ කථාවක් නො එසවනම් බමුණන්ගේ කථාවක් වැනි මාතෘකාවක් මෙවන් නිර්මාණයක් උදෙසා ගෝචර නොවේද?

    ReplyDelete
    Replies
    1. තොප සත්‍යයක්මැ පවසති සිතුවමුනි, ඒ එසේමය, දඩයක්කාරයා වනාහී තමනට පාලන කල නොහෙන තත්වයන් කරනකොටගෙන දඩයක්කාරයින් බවට පත් වුවද සෘෂීන් හා සමාන තත්වයක පෙර පසුවූ පරපුරකින් පැවතෙන්නෙකි. එසේම ඔහු තුලද දඩයකරුවෙක් සේම මුනි වරයෙක් ද ඒ එසේම සංවේදී මනුෂ්‍යාත්මයක් ද ඇත්තේය. දඩයක්කාරයා වනාහී ඒ සියල්ලන්ගේම සම්මිශ්‍රණයකි.

      Delete
  7. කියෙව්වෙමි..අනේ අය්යේ පොඩි දොසක් කිව්වට තරහ වෙන්නේ නෑ නේද.. අද නම් කතාවේ ගලා යාම හෙමින් වැඩි කියලඊ මට හිතෙන්නේ..ටිකක් happening ගතිය මදි වගේ..අය්යාගේ කතා ආසාවෙන් කියෝන නිසා අවන්කවම හිතුන දේ කිවේ.. කමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බාං මොකටද තරහ වෙන්නෙ.....හෙහ්, හෙහ්, උඹට අවංකවම හිතෙන දේ කිව්වම මම තරහ වෙන්නෙ අර අහවල් දේකටෙයි?...:) :), තරහ නෑනෙ උඹය කිව්වට නේද?

      පොඩ්ඩක් මන්දගාමී ගතියක් තියනවයි කියල කියන්නත් නම් පුලුවනි තමයි. ඒකට හේතු උනේ නංගි මේකයි.....ඉදිරි කතාවෙදි දඩයක්කාරයගෙ පියා සම්පූර්ණ විස්තරේම කියනව දඩයක්කාරයට. අන්න ඒකට අවශ්‍ය පසුබිම ගොඩ නඟන්නයි මට ඕන උනේ. ඒ නිසා අමේ පාර කිසිම Happening එකක්, නැත්නම් Go එකක් නැතිය කියල බොට හිතෙන්න ඇති...හෙහ්, හෙහ්,

      මඟින් මඟට කියන්න ඕන නෑ බොල.....මම දන්නව උඹ කියන්නෙ හිතවත් කමට කියල.....තරහක් තුන් හිතකවත් නැතෝඕඕඕඕඕඕඕඕඔ......

      Delete
  8. කුතුහලයත්, නොඉවසිල්ලත් පිරුණු හිතත් එක්ක මමත් තීරණය කළා කතාව ඉවර වෙනකල් මුනිවත රකින පාඨක පිරිසට එකතු වෙන්න. ඒත් කියන්න බෑ ඉතිං මගදි මොකක් හරි කියන්න හිතුණොත් එහෙම කියලා දාන්නං. අයියා ලියන සමහර ඒවා තියනවානෙ මට මුකුත් නොකියා ඉන්න බෑ නිකං කට (අත) කහන්න ගන්නවා. අදනං එහෙම මුකුත් නෑ. ඒ හින්දා අදට සද්ද නෑ ඔන්න මම.

    ආ, මම කළින් දවසක කිව්වා නේද මේක තමයි දිගම කතාව වෙන්නෙ කියලා. මං හරිනෙ නේද? :D :D :D

    ReplyDelete
    Replies
    1. / කුතුහලයත්, නොඉවසිල්ලත් පිරුණු හිතත් එක්ක මමත් තීරණය කළා කතාව ඉවර වෙනකල් මුනිවත රකින පාඨක පිරිසට එකතු වෙන්න. /

      ඒයි...මොකක්ද මුනිවතේ ස්ත්‍රීලිංහ පදේ? දැන් බොට රකින්න වෙන්නෙ මුනිවත නෙවෙයි මොකක් හරි අන්න ඒක නේද?..බොල කෙල්ලෙ රකින්ට ඉස්සරවෙලා දැනගෙන හිටු රකින්නෙ අහවල් එකද කියල....හෙහ්,හෙහ්,

      / ආ, මම කළින් දවසක කිව්වා නේද මේක තමයි දිගම කතාව වෙන්නෙ කියලා. මං හරිනෙ නේද? :D :D :D /

      ආය ඉතිං හෝදන්ට දෙයක් ඇතෑ...උඹ කිව්වොත් ඉතිං කිරිගහට අර මොකෙන්ද ඇන්න වගෙ තමා....හෙහ්, හෙහ්,

      Delete
    2. මධුරගෙන් ඇහැව්වහම කියන්නේ මුනිවත කියන්නෙ silence කියලා. silence කියන එකේ තේරුම බැලුවහම තියෙන්නේ නිශ්ශබ්දතාවය කියලා. බොරුනං ගිහිං බලන්ඩ. මම අන්න ඒ තේරුමෙන් තමා කිව්වෙ. හා හොඳයි අපි හිතපු මටයි මධුරටයි දෙන්නටම වැරදිලා කියලා. ඉතිං වැරදුණ කෙනෙකුට ඔහොම හිනා වෙන එකද කාරිය? කැතයි කැතයි, බොහොම කැතයි.

      Delete
    3. හෆූයි...බොලාට නැහැ නෙව විහිළුවක් වත් තේරෙන්නෙ....හෙහ්, හෙහ්,

      මුනිවත කියන්නෙ සිත්තමී, මෞන ව්‍රතය....පුරාණ ඉන්දියාවෙ සෘෂිවරු භාවනාවෙදි රැකපු එක ශීලයක් තමයි කථා නොකර සිටීම. එහෙම නැත්නම් මුවින් නොබැණ සිටීම.මුනිවරු කියලත් සෘෂිවරුන්ට කියන නිසා මුනිවත කියන වදන නිර්මාණය උනා.

      මට ඔය මුනිවත රකින සෘෂිවරු ගැන හොඳ කතාවක් මතක් උනා...මේක කියෙව්වෙ කොහෙද නැත්නම් චරිත කවුද කියලනම් මතක නෑ.ප්‍රධාන කාන්තා චරිතය නම් ඔන්න මතකයි නම .....ඌර්වශී...ඔන්න, ඔන්න, ඕකනෙ කියන්නෙ...මොකද උඹට කැත හිනාවක් ගියෙ ඒක කිව්වම...සික් අන්තිම නරකයි අප්ප...හරි හරි ඔය කැත හිනාව අයින් කරගෙන අහපංකො කතාව....කතාව මේකයි...

      ඔන්න ඔය කවුද සෘෂිවරයෙක් ඉතාම දීර්ඝ කාලයක් මෞනව්‍රතය රැකගෙන භාවනා කරනව. එහෙම කලාම එයාලට ලැබෙනව බොහොම බලසම්පන්න තත්වයක්. දිව්‍ය ලෝකෙ අධිපතියට ( අපේ සක්කරය වගෙ ඉන්දියාවෙ කතාවල ඉන්නෙ ඉන්ද්‍ර ) උනත් අභියෝග කරන්ට තරම් පුළුවන් වෙනව. ඉන්දරය ඉතිං ඔහොම කට්ටිය ගැන බොහොම හෝදිසියෙන් ඉන්නෙ. උන්දැ ගාව ඉන්නව ඔය සෘෂිවරුන්ගෙ ඒ දැහැන කඩන්ට පුළුවන් තරමෙ ලස්සන දිව්‍යාංගනාවො....ඌර්වශී කියන්නෙ අන්න එහෙම එක්කනෙක්...

      ඉතින් ඔන්න මෙහෙම මෞනව්‍රතය රකින සෘෂිවටයෙක්ගෙ දැහැන බිඳින්ට ඉන්දරයා එව්ව උර්වශීව...උර්වශී කියන්නෙ බොහොම හැඩරුව වගේම ඥානයකුත් තිබුණු දිව්‍යාංගනාවක්....ඉතින් ඔන්න ඌර්වශී මේ සෘෂිවරයගෙ දැහැන් බිඳින්ට දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම. නැටුව..... ගැයුව...වැයුව ඒත් හරි ගියේ නෑ. සෘෂිවරය නෙවෙයි ඇහැක් ඇරල බැලුවෙ..හෙහ්, හෙහ්, ඒත් මේ කෙල්ලට රූපය වගේම ඔලුවත් තියනවනෙ...ටිකක් වෙලා ඉඳල සෘෂිවරයට වැඳල කාරිය කිව්ව මෙහෙම.

      '' මම පරාජය පිළිගන්නව... ඔබ තුමාගෙ මුනිවත බිඳින්ට මට නොහැකි උනා. ඔබ තුමා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්... ඒත් යන්ට කලින් මගෙ එකම ඉල්ලීමකට ඉඩ දෙන්ට.ජලය ස්වල්පයක් උණු කරල ඔබ තුමාට කරන ගෞරවයක් හැටියට ඔබේ දෙපා දෝවනය කරන්ට පමණක් මට ඉඩ දෙන්ට....''

      හෙහ්, හෙහ්, සෘෂිවරය උනත් නඟේ පිරිමියෙක් නෙව...ඇහැට කණට පේන ඉස්තිරියාවක් ඔය වගෙ ප්‍රසංසාවක් කලාම කොයි පිරිමියද ප්‍රීතියෙන් ඔකඳ නොවෙන්නෙ නැද්ද?....මේ මං වගෙ කීප දෙනෙක් ඇරුනම...නැද්ද හොඳයි?....මොකෝ බොල ආයෙම අර කැත හිනාව..අනෙ අම්මප ...කියන්නෙ නෑ ඔන්න කතාව...මොකක්ද කිව්වෙ?..අනේ අයියෙ ආයෙ හිනාවෙන්නෙ නෑ කිව්ව...ආ...හරි එහෙමනම් කමක් නෑ....ඉතිං ඕං ඉරිසින්නාන්සෙත් ඒකට අවසර දුන්න....වචනෙන් නෙවෙයි...හෙහ්, හෙහ්, එහෙම කලොත් මුනිවත බිඳෙනව නෙව....අවසර දුන්නෙ සංඥාවෙන්....

      ඌර්වශීත් ඔන්න ඉරිසින්නාන්සෙ ඉස්සරහ වතුර උණු කරන්න ලෑස්ති උනා.මුට්ටියකට වතුර එහෙම ගෙනල්ල ලිග්ගල් දෙකක් උඩ මුට්ටිය තිබ්බ. ඒ කරල අත ඇරිය ගමං ..ආයෙ මොනවද මුට්ටිය පෙරලෙනව...ආයෙම ඔන්න වතුර එකක් පුරවගෙන ඇවිල්ල ඒ වගේම තියනව. ඒ සන්තෑසියම තමයි ඔහොම හතර පස් පාරක් ම උනා....කෙල්ල මුට්ටිය ගෙනත් ලිග්ගල් දෙක උඩ තියනව. අත ඇරිය ගමන් පෙරලෙනව...ඉරිසින්නාන්සෙට මේක බලාගෙන ඉන්ට බැරිඋනා තව දුරටත්,

      අනේ මේ නුවණ මඳ ස්ත්‍රියකගේ ක්‍රියාව කෙතෙක් වේලා බලා සිටිම්ද?...කොපමණ රූපශ්‍රීයෙන් යුතු වුවද කුමටද නුවණ මඳ වේ නම් ඔන්න ඔහොම හිතල '' දරුව ලිප්ගල් තුනක් භාවිතා කරව. එකල තොපට භාජනය නොපෙරළී ජලය උණු කොටගත හැකිවනු ඇත '' කියල කිව්ව නෙවෙයි එතුමාට කියවුනා...හෙහ්, හෙහ්, කොහොමද කෙල්ලගෙ මොළේ?

      Delete
    4. එම්බා රවියාභිධානය, ඌර්වශිය සම්බන්ධයෙන් තවත් රසවත් කතාවන් රැසක් ඇති බව තොපට නොමතකද.!?

      පලි: මුනිවත වෙනුවෙන් ස්ත්‍රීලිංග පදයක් භාවිතයේ නොමැත.. මක්නිසාද යත් ස්ත්‍රිය ස්වභාවිකවම මුනිවත හෙවත් නිශ්ශබ්දතාව යනුවෙන් දෙයක් ඇතැයි නොදන්නා බැවින් එහි ප්‍රායෝගික අවශ්‍යතාවක් නොමැති බැවිනි..

      Delete
    5. @ Buratheno Ayya

      /*මුනිවත වෙනුවෙන් ස්ත්‍රීලිංග පදයක් භාවිතයේ නොමැත.. මක්නිසාද යත් ස්ත්‍රිය ස්වභාවිකවම මුනිවත හෙවත් නිශ්ශබ්දතාව යනුවෙන් දෙයක් ඇතැයි නොදන්නා බැවින් එහි ප්‍රායෝගික අවශ්‍යතාවක් නොමැති බැවිනි.. */

      ආ, ඔය කියලා තියෙන්නෙ. ආයෙ නෑ, සිත්තරාගෙන් ඇහැව්වත් ඕක ඔහොමම කියාවි. හැබැයි ඔන්න අපි බරපතල විදිහට ඔය වෘතය රකින්න ගියොත් එහෙම මේ ලෝකෙ රැහැයි නාදෙ ඇහෙන්නෙ නැති කැලෑවක් වගේ වෙයි. රැහැයියන්ගෙ සද්දෙ කොච්චර කරච්චලයක් විදිහට දැනුනත් ඒක ඇහෙන්නෙ නැති උනාම දැනෙන පාළුව ඒ කරච්චලේට වඩා ඉවසගන්න අමාරු නැද්ද? :D :D :D

      Delete
    6. @ Ravi Ayya

      මේකට උත්තර දෙන්න කළිං මං ගියා මේ ඌර්වශී ගැන හොයාගෙන එන්න. මට හරිම ලස්සන කතාවක් හම්බ උනා. ඒකෙ රවි අයියා කියපු මේ කතාවනම් නෑ, ඒත් ඒ ඌර්වශීම වෙන්න ඇති. ඉතිං ඔන්න අපි නොදන්න කතා මෙහෙම කියලා දෙනවට ගොඩක් ඉස්තූතියි ඈ. තව ඔය වාගෙ ලස්සන ලස්සන කතාන්දර තියෙනං (කතන්දරේ ගෑණු ළමයගෙ නම විතරක් මතක තිබුණට කාරි නෑ මං ආයෙ හිනා නොවී ඉන්නංකෝ) අපිට කියලා දෙන්ඩ හොඳේ. හැබැයි ඔන්න ඔය කියලා තියෙන විදිහේ කැත හිනාවක්නං මට නෑ හරිද? මං හිනාවෙන්නෙ බොහොම අහිංසක විදිහට. මෙන්න මෙහෙම :) :D :P

      Delete
    7. @ Buratheno,

      / එම්බා රවියාභිධානය, ඌර්වශිය සම්බන්ධයෙන් තවත් රසවත් කතාවන් රැසක් ඇති බව තොපට නොමතකද.!? /

      එසේමයැ, එසේමයැ, උරුවිසිය පිළිබඳ රසවත් වෘතාන්ත බොහෝයැ.

      උරුවිසිය වනාහී මෙදියත ක්ලෝනීකරණයෙන් ජනිත වූ පලමුවැන්නිය හෝ දෙවැන්නියයි.පළමුවැන්නිය ද දෙවැන්නියද යන්න රඳාපවතිනුයේ හුදෙක්මැ ඔබගේ දෘෂ්ඨ් කෝණය මතමයැ. ඒ කෙසේද යත් ඔබ අවරදිග චින්තනය පිළිගනුයේනම් ක්ලෝනීකරනයෙන් උපන් පළමු වන්නිය වනාහී ඒව නම් ඒ ලොවැ මුල්ම ඉතිරියයි.

      Almighty God ( F.R. C. S ) the greatest surgeon cum cloning Expert the world has ever known cloned Eve using a single rib from that poor man Adam.

      ආදම් සහ ඒව.....ලොව ප්‍රථම මිනිසා සහ ගැහැණිය....ගැහැණිය මැවීම පිළිබඳ තවත් රසවත් එමෙන්ම පරම සත්‍යයයි එකහෙලා උපකල්පනය කළ හැකි තවත් කථාවෙක් මසිතට නැඟේ. ප්‍රස්තුතයට අදාල නොවූ වද ගැහැණුන්ගේ ගතිගුණ සහ හැසිරිම් රටාව පිළිබඳව වටහා ගැන්මට ඒ උදක්ම උපකාරී වන්නා වූ බැවින් මෙහිලා පල කරමි. සිහලට පරිවර්තනය කිරීමෙන් එහි අන්තර්ගත රසය මැකී යතැයි සිතමි. එබැවින් ඒ ඉංගිරිසි බසින්මැ මෙහිලා යොදමි.

      Well as you know first God made the man...that was Adam....Even before that God made the world,...heh, heh, it brings into my mind another very incisive & perceptive anicdote about women.... :) :)

      First God made the world and took seven days rest. Then he made man and took another seven days rest. Then he made woman and from that day neither the God , the world nor the man had had any rest whatsoever...Amen,

      Okay, now all those lovely women who are reading this now don't get your knickers in a knot.....I didn't made up these stories ......only quoting them verbatim. Period

      Okay now back to the first story...where was I? right...so God made Adam, Living all alone Adam was so lonely and he went up to meet God and said " Please God, I am so lonely, can't you make someone else like me as a companion? ''

      The God said '' Okay no problem, I would make you a Woman, she would be beautiful, intelligent understanding & whats more would be there with you thro' thick & thin, but there is one condition....It would cost you dearly, to be precise it would cost you an arm & a leg.''

      Now Adam didn't like the idea of giving up an arm & a leg even for such an exquisite craeature. After mulling over it for a long time he again went upto god.

      End of Part 1 - see Part 2

      දෙයියෝම සාක්කි, කමෙන්ටුත් මතු සම්බන්ධයි කියල කවුද හිතුවෙ...හෙහ්, හෙහ්.

      Delete
    8. @ Buratheno, - Part 2

      '' God, agreed but I can't give up an arm & a leg. But it seems to be I have so many quite unnecessary ribs, cant you take one of those and make a woman for me? ''

      So the almighty god said with a wistful look & smiling '' Okay Adam, but obviously you cant get the same quality if you are willing to pay only a fraction of the price. I can make a woman out of your rib but she would have only a single virtue of those i mentioned before, she would either be beautiful or intelligent or understanding , not all of these together...what would you want her to be? ''

      So Adam our very first ancester replied '' Okay make her beautiful, thats all I want ''

      Well my dears Its what happened so long ago & its been like that ever since.....Heh, heh, so dont expect anything else from women, when you buy a polisher you dont expect it to function as a vacuum cleaner do you now ?......heh, heh,

      And please ladies, dont be mad at me, i am actually speaking on your behalf, see, i am advicing men not to expect anything like intelligence or understanding from you, simply because its not in the package we have signed for...:) :)

      අහෝ සිදුවූ දෙය...කථාව ඇරඹියේ ඌර්වශිය පිළිබඳවයැ.අවසන ලියැවුනේ ඒව පිළිබඳවයැ...වන්නාටය...කුමක් නම් කරම්ද?

      ඌර්වශිය උපදිනුයේ නර නාරායන නම් සෘෂිවරයාගේ කලවයෙනි. ඌර්වශිය උපනේද ක්ලෝනීකරනයෙන් යයි මා පැවසූයේ එහෙයිනි....ඌර්වශිය දෙවඟනක් වුවද මිනිස් ලොව රජකුවූ පුරූරවස් හා සමඟ ප්‍රේමයෙන් බැඳෙයි. සිත්තමිය ඒ වෘතාන්තය පිළිබඳව සබැඳියක් ද සපයා ඇත.

      / පලි: මුනිවත වෙනුවෙන් ස්ත්‍රීලිංග පදයක් භාවිතයේ නොමැත.. මක්නිසාද යත් ස්ත්‍රිය ස්වභාවිකවම මුනිවත හෙවත් නිශ්ශබ්දතාව යනුවෙන් දෙයක් ඇතැයි නොදන්නා බැවින් එහි ප්‍රායෝගික අවශ්‍යතාවක් නොමැති බැවිනි../

      තොප වනාහී මහත් වූ ඥාණයෙකින් හෙබියෝවෙත්, මසිත් හි මෙවන් කල්පනාවෙක් පැන නඟුනේම නැති.....හෙහ්, හෙහ්,

      එසේම තොප පවසනුයේද පරම සත්‍යයක්මැයි.තොපගේ ටීකාව ඇස ගැටුනු වහා විමර්ශනයෙක් කලෙමි. බලවත් විශ්මයෙකි, කුමරතුඟු ශබ්ද කෝෂයෙහි සඳහන් වන්නේ මෙසේයැ...

      මුනි වත - මෞන වෘතය, නිශ්ශබ්දතාව, මුවින් නොබැණ පසුවීම විරුද්ධාර්ථය - ස්ත්‍රිය

      Can you believe that Bura, my brother..... now?...I have seen so many amazing things during all these yeras, but this takes the cake...heh, heh,

      Delete
    9. .@ සිත්තමි,

      හෙහ්, හෙහ්, කැත හිනාවෙයි කියල කිව්වට තරහ ගියාය? :)

      ඌර්වශී දෙවඟන ගැන චේජනා නඟා අපූරු වියුණු සටහනක් ලියල තිබ්බ මාස දෙහෙකට වගෙ උඩදි.

      මේ ඒකෙම තිබ්බඌර්වශීගෙ කථාව කියවෙන චිත්‍රපටියක්....බලන්න....හරිම අපූරුයි....චේජනා ආයෙම ඔබට ස්තූතියි...

      Delete
  9. ඉහත දක්නා වූ හර බර වදනින් පෝෂිත වූ ටීකාවන් දැක්මෙන් මා හිස බමන්නට විය. අවර, ටීකාවන් පරිශීලනයෙන් බැහැරව කථාංගය කියවා නික්ම යන්නට ඉටා ගතිමි මා ප්‍රිය ලේඛකය.

    ඇඩෙනවා කමෙන්ට් දැකලා (පහු ගිය කතා ටිකේම)

    ReplyDelete
    Replies
    1. ප්‍රිය නව කොළුව, තුති පුදන්නෙමි ඔබවෙත බොහෝසේම....:) :)

      ටීකාවන් දැකැ ඔබ හඬා වැළපුණේ මන්දැයි දනිමි.අහෝ , මේ ඉතිරින් වනාහී බොහෝසෙයින් නැණ මඳය...එකල්හි අප දේශයෙහි අනාගතය කෙබඳු වේදැයි සිත් තැවුල් හටගත් නියාවෙනැයි උදක්මැ දනිමි, සබඳ, මම් ද එසේම සිත් තැවුල් ඇත්තෙමි. :( :(

      Delete
  10. මදක් පමා වීමි . රස විඳිමි . කතාවද හොඳය . කොමෙන්ටුද මල් හතය . එක අඩුවක් ඇත්තේය . නිරීක්ෂකතුමන්ගේ විද්වත් විචාරයන් නැති කමය .

    ReplyDelete
    Replies
    1. නිරීක්ෂකතුමාට දුන්නනෙ දාර මඩපාරක්, එදා එදායින් පස්සෙ බුවා හැංගිලා.. මං හිතන්නෙ එළියට එන්න ලැජ්ජා ඇති.. ඇයි බින්දි දැක්කෙ නැද්ද ඒක..!!??

      Delete
    2. වස්තරයක් ඇඳං නං ආයෙ උන්දැට බෑ මේ පැත්තෙ එන්න.

      Delete
    3. @ බින්දි,

      එසේමය බින්දි සැබවකි, සැබවකි, නීරීක්ෂකයා නොමැති වීම බලවත් අඩුවෙකි. ඒ කෙසේද යත් කේවට්ටයා නොමැති උමංදාව මෙනැ, ජූජකයා නොමැති වෙසතුරුදාව වැන්න,එසේත් නැතහොත් දේවදත්තයන් නොමැති බුදු සිරිත වැන්න..

      සැකයෙකින් තොරවැ නීරීක්ෂිකාව ඔහු නිවාස අඩස්සියෙහි තබා ඇත. එතුමිය මෙසේ ද පවසා නීරීක්ෂක තෙමේට අවසන් නිවේදනය ද නිකුත් කල බැව් පරත නුවර දෙසින් ඉතා විශ්වාස කටයුතු පණිවිඩයෙක් මාහ්ට ලැබිණ.

      '' එම්බල නිරීක්ෂකය. විසි පස් වසරකට අධික කාලයක් මම තොප කරණ කොටගෙන බොහෝ නින්දා ආක්‍රෝශ පරිභව ඉවසුවෙමි. අද දින මාගේ රක්ත සීමාවද ඉක්මවා ගියේය. තොප අර තුන් වනක් වූ වියතුන් හට කෙරෙනා උසුළු විසුළු දැක මා සිත කෝපාග්නියෙන් ගිනියම් වී ඇත. එබැවින් මෙපවත් හොඳින් අසාපන්න, තොප වහාම ඒ සියල් පඬිවරුනට සිළුමිණි වැන්වූ නුවණැත්තන් හට කරනා කෙනෙහිලි කම් නතර නොකලහොත් මම තොප දීර්ඝ කසාද කරන්නෙමැ ''

      Delete
  11. මහ දඩයක්කාරයා පිට සක්වල ජීවියෙකු බව මට නම් සක්සුදක් සේ පැහැදිලිය.

    PS: අධික වැඩ රාජකාරි නිසා මේ එල ඉස්ටෝරිය කියවීම මග ඇරී තිබී යලි ඇද පටන් කියවීම පටන් ගත් බව සමාව අයදිමින් පවසමි.

    ReplyDelete
    Replies
    1. අහා, අමාවනි, ලෝං ටයිමයෙකින් නෝ සීයැ...

      / මහ දඩයක්කාරයා පිට සක්වල ජීවියෙකු බව මට නම් සක්සුදක් සේ පැහැදිලිය /

      නිකං පලයං බං යන්න.... පිට සක්වල....ආච්චිගෙ තට්ටෙ....:)

      / PS: අධික වැඩ රාජකාරි නිසා මේ එල ඉස්ටෝරිය කියවීම මග ඇරී තිබී යලි ඇද පටන් කියවීම පටන් ගත් බව සමාව අයදිමින් පවසමි. /

      කිසිදු ගැටළුවෙක් නැති අමාවෙනි, කිසිදු ගැටළුවෙක් නැති, තොපගේ පමාවට කාරණා අපි සක්සුදක් සේ දනිමු.

      වන්නාටය, ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක...එසේ හෙයින් මින් මතු හෝ නුවණ මෙහෙයවා කටයුතු කිරීමට තරයේ සිහි තබා ගතහොත් යෙහෙකි.

      එසේම විදේශයන් හි ශ්‍රී ලංකාවේ මෙන් නොව නීතිය උදක්ම ක්‍රියාත්මක වන බවද මතක තබා ගනු මැනවි.

      Delete
  12. පලදාව වැලැඳී සත් දිනක් සයනාරූඪව ශරීර පීඩා චිත්ත පීඩා බොහෝමයක් මැද ක‍ටුක දිවිපෙවෙතක් ගෙවීමි. බ්ලොග් වහ කදුරු මෙන් තිත්ත වී යැ. අපුල වී යැ, අප්‍රසන්න වී යැ. ඩොංගල දර්ශණය ඕක්කාරයම ඇතිකරවන්නක් වී යැ.

    හපොයි ! තාම සනීප මදී වගේ සුපුරුදු විධග්ද බස තෙපැලීඑමට. එහෙයින් අප වැන්නන්හට තරම් නොවූවද ග්‍රාම්‍ය බසම තෙපලමි.

    හතිලව්වෙ මේ පැත්තට ඔළුව දාන්න බැරිවෙච්ච ඩිංගිත්තට ඌර්වසීත් ඇවිල්ල ගිහින් නෙව. හැබැයි මං අසනීපෙන් උන්න ටික දොහේ උන්දැවත් ආවනං මාව ඇ‍ඳෙං නැගිට්ටල ගනී අප්පා. අනේ මොන සැපක්ද එහෙනං.

    ReplyDelete
    Replies
    1. අහෝ නවම, මා සොයුර, තොප රෝගාතූර වූ බැව් අසා මසිත බෙහෙවින්මැ කම්පා වීයැ, සුවය ලබා ඇතැයි උදක්මැ සිතමි....තොපට නිරෝගී සුවය එලෙසින්ම පතන්නෙමි!!!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...