Friday, April 20, 2012

117. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....12




චක්රවාටයන් අතර වූ පරතෙරක් නොමැතිවූ රික්තයකට ඉතාම ආසන්න වූ හිස් අවකාශයෙහි පවතිනුයේ සදාකාලික අන්ධකාරයෙහි ගිලී පවත්නා ශිශිරයකි.ඒ පසු කොටගෙන පැමිණි පූර්වජ නීරීක්ෂක යානයෙහි ඉලක්කය වූයේ වාමාවෘත සර්පිලයක හැඩය ගත් මේ මධ්ය පරිමාණ චක්රවාටයෙහි එක් අන්තයක ග්රහලෝක නවයකින් සැදුම්ලත් ග්රහ මඬුල්ලක මධ්යයේ ධවල සහ පීත වර්ණයන් මුසුව බැබලෙන මධ්ය පරිමාණ සූර්යයෙකි.

පිටත වලල්ලේ වූ ග්රහයෝ සදාකාලික ශිශිරයක අධික ශීතලයේ මිදී පැවතුනු හෙයින් ජීවයක් ඇතිවීමට අවශ්ය තත්ව එහි කිසිදිනෙක ඇතිනොවන බව දුටු පූර්වජයෝ එහි පොරොත්තු නොවූවාහු, වායුමය සුවිසල් ග්රහයින් ද රක්ත වර්ණයෙන් දිදුලන්න වූ සාපේක්ෂව කුඩා වූ එක් ග්රහයෙක් ද පසු කොට සූර්යයා දෙසට නොනැවතී ආසන්න වූහ. රතු ග්රහයාගෙන් ඉක්බිතිව වූයේ ප්රමාණයෙන් ඒ හා ආසන්න වශයෙන් සමාන වුවද වෙනත් සියළුම ගති ලක්ෂණයන්ගෙන් ඒ හා හාත්පසින් ම වෙනස් වූ නීල වර්ණයෙන් දිදුලන ග්රහ ලොවකි.

ඒ වෙත ලඟාවීමට දින ගණනකට පෙරම එහි සෞන්දර්යය නෙත් පුරා උකහාගත් විශ්ව සංචාරකයින්ගේ සිත් සතන් නොමඳ ප්රීතියකින් විශ්මයෙකින් ඒ හැඟුම් දෙකටම වඩා චමත්කාරයෙකින් පිරී ගියේය. ඔවුන්ගේ යානයෙහි නීරීක්ෂක පුවරුවෙහි දිනෙන් දින මොහොතින් මොහොත විශාල වෙමින් භූ විශමතා ලක්ෂණ නිරතුරුව පැහැදිලි වෙමින් දිස්වූයේ ඔවුන් උපත ලද, විශ්වයේ බොහෝ දුර බැහැර පිහිටි ඒ සොඳුරු ලොවෙහි අනුරුවක් යැයි එක හෙලා කිව හැකි පමණ සුන්දර වූ එමෙන්ම අපූර්ව වූත් ග්රහ ලොවකි.

නිල් ග්ර‍හලොව වෙත ළඟාවූ ඔවුහු ඒ වටා ඉතාම ආසන්න වූ කක්ෂයකට පිළිපන්නෝ පියවි ඇසින් මෙන්ම වසර මිලියන ගණනක් තුල දියුණු කල සිය අසමසම තාක්ෂණයේ සහාය ද ලබමින් එහි මතුපිට කුමක් සිදු වන්නේද යන්න පිළිබඳව දැඩි කුතුහලයෙන් යුක්තව නීරීක්ෂණය කිරීමේ මෙන්ම කරුණු රැස්කිරීමේ, ගොනු කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ ද නිරත වූහ.

මා ඔබට මීට පෙර පැවසූවක් යලි මතකයට කැඳවීමට මොහොතකට අවසර දෙන්න ප්රිය සොයුර, සොයුරිය.....

'' විශ්වය පුරා පැතිරි ඊට සාකල්යයෙන්ම සර්වසම වූ තවත් ග්රහ ලෝකයෝ අනන්ත සංඛ්යාවෙක් වූහ. එහෙත් මේ නිල්වන් ග්රහලොවෙහි එක් විශේෂත්වයක් විය.එනම් බුද්ධියෙහි මූලාරම්භය වූ විඥාණයෙහි මූලික ප්රාථමික අවස්ථාව සුලඟින් විසිරි අළු අතරින් මතුව දිලෙනා ගිණි පුපුරු මෙන් මෙහි වරින් වර මතුව නැවත නිවී යාමයි. ''

එසේමය. නිල් ග්රහයා මත ජීවය ඇරඹී වසර මිලියන ගණනක් ගතවී තිබිණි. ලවණ මිශ්රිත සාගර ජලයේ ප්රාරම්භක අවධිය ගෙවූ ජීවය වියළි පොළව මතට සංක්රමණය වී දීර්ඝ ලෙස පරිණාමය වී අර්ධ මනුෂ්ය‍ අවධියට එළඹී තිබිණි.එහෙත් පරිණාමයේ ස්වාභාවික අනුයාත පියවර වන බුද්ධිය පහල වීමට පෙර ඇතිවිය යුතු සවිඥාණිකත්වය තවමත් නිල් ග්රහලොව මත ඇතිවී නොතිබිණි.

අර්ධ මනුෂ්යයා පරිණාමිකව සංවෘත අන්තයකට එළඹ සිටීම ඊට හේතුවය. ( Evolutionary Cul de sac ) මේ බාධාවෙන් මිදීම පරිණාමයේ ඉදිරියට යාමට අත්යාවශ්ය සාධකයක් වූවා මෙන්ම මිනිස් වර්ගයාගේ මතු පැවැත්මට ද ඒ ඉතා වැදගත් විය.එදවස නිල් ග්රහලොව මත පැවතියේ අතිශය අවදානම් සහගත පරිසරයකි.බොහෝ යෞවන වියෙහි පසුවූ බැවින් එහි යමහල්, භූකම්පා, කුණාටු ආදිය නිතොර හටගත් අතර ඒ තීව්ර තාවයෙන් ද වර්තමානයට වඩා බොහෝසෙයින් විනාශකාරී වූවෝය.

එලෙසම ඒ දුරාතීතයෙහි පරිණාමිකව වඳවී ගොස් මෙකල ශේෂ වූ පාෂාණීය ධාතු ( Fossils ) ආධාරයෙන් පමණකින් අප කෞතුකාගාරයන්හි නිර්මාණය වූ අනු රූ වලින් දැක බලාගන්නා වූ බොහෝ විසල් එමෙන්ම රුදුරු වූ තිරශ්චීනයෝ පොළව සිය පියවර හඬින් වෙව්ලුවා ලමින් ඒ මත ඇවිද ගියෝය. එපමණක් නොව සිතන්නට නොහැකිව අසරණ ව හුන් අර්ධ මනුෂ්ය වූ අපගේ මුතුන් මිත්තන්ගේ වාසස්ථාන වලට කඩා වැද අසරණ ව බියෙන් ත්රස්තව පළායාම හැර වෙනත් විකල්පයක් නොවූ ඔවුහු රිසිසේ විනාශ කලෝය.

ස්වභාවික එමෙන්ම විලෝපීයන්ගෙන් ද නිරන්තරයෙන් පැමිණෙන මේ අනතුරු හේතුකොටගෙන නිල් ග්රහ ලොව මත අර්ධ මනුෂ්ය ගහණය මේ වන විට පැවතියේ ඉතාම අන්තරායකාරී තත්වයකය.සත්ය‍ වශයෙන්ම ලොව පුරාම අර්ධ මිනිසුන්ගේ සංඛ්යාව දහසකට වැඩි වූවානම් ඒ නොසැලකිය හැකි තරම් වූ සංඛ්යාවෙකිනි.

ජීවය ඇරඹි අප්රිකා මහාද්වීපය හැරුණු කොට එදවස අඩ මිනිසුන් වාසය කලේ අසියාවේ ප්රදේශ කිහිපයක පමණකි.විඥාණය අවදි නොවුනහොත් පරිණාමිකව කිසිදු තොරතුරක් ඉතිරි නොකොට අතුරුදන් වී යාමේ නිසැක ඉරණමට මුහුණ දෙමින් ඔවුහු දසතින් නැඟෙන අනතුරුවලින් බොහෝ අසීරුවෙන් දිවිගලවාගමින් දැඩි අසරණ දිවිපෙවෙතක් ගත කලෝය.

මේ විනාශයෙහි මුවවිටෙහි හිඳිමින් නොනැසී පැවතීමට මහත් උත්සාහයක් ගන්නා එමෙන්ම එම සටනින් පැහැදිලි ලෙසම දිනෙන් දින පරාජය වන අර්ධ මනුෂ්යයින් අධ්යයනය කරමින් පූර්වජයෝ බොහෝ කාලයක් ගත කලෝය. කිසිදු හදිසියක් ඔවුනට නොවීය.ඔවුන් ඉදිරියේ ඇති කාර්ය භාරය මෙන්ම ඔවුන්ගේ තීරණය නිසා එක් ග්රහලොවකට මතු නොව එක චක්රවාටයකට මතුනොව මුළු මහත් විශ්වයටම ඈත අනාගතයේ දිනක ඇතිවිය හැකි බලපෑම පිළිබඳ පැහැදිලි අදහසක් තිබූ හෙයින් ඔවුනට කිසිදු හදිසියක් ඇත්තෙන්ම නොවීය.

නිල් ග්රහලොව පුරා සරමින් දීර්ඝ කාලයක් කල තියුණු අධ්යයනයකින්, දත්ත රැස් කිරීමෙන් සහ විශ්ලේෂණයෙන් පසු ඔවුහු අවසන එක්තරා නිගමනයකට එළඹියහ.

විශ්වය පුරා චාරිකාවෙහි නිරත වීමට පෙර පූර්වජයින්ගේ පාලන තන්ත්රයෙහි කැණි මඬල වූ උත්තරීතර මහ සභාව ( Supreme General Council ) රැස්ව ඒක මතික තීරණයකට එලඹියෝය.

උත්තරීතර මහ සභාව - වෙනත් ජීවී විශේෂ පිළිබඳව කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු නිර්ණායකයන් - ස්ථාවර නියෝග අංක 01 - Supreme General Council - Criteria to be followed when dealing with alien life forms - Standing Order No. 01

'' කිසිදු අයුරකින් කිසිම ජීවි විශේෂයක පැවැත්මට ස්වල්ප වශයෙන් හෝ බලපාන කිසිදු ක්රියාවකින් වැලකිය යුතුය. එකම ව්යාවතිරේකය ( Exception ) වනුයේ සවිඥාණකත්වයේ සහ බුද්ධියේ ප්රගමනයට එසේ මැදිහත් වීම අත්යාවශ්ය වූ විටකදී සියළු සාධක හොඳින් අධ්යයනය කොට සාධාරණ සහ සමබර තීරණයක් ගත යුතුය. අවසන් තීරණය ගත යුත්තේ උත්තරීතර මහ සභාව විසිනි. ''

ඒ අනුව දීර්ඝ කාලයක් පුරා කල නීරීක්ෂණ, ඒ ආශ්රයෙන් එළඹි නිගමනයන්, එසේම ගත යුතු ඉදිරි ක්රියා මාර්ග පිළිබඳව සිය නිර්දේශයන් ඇතුලත් සවිස්තර වාර්තාවක් උත්තරීතර මහ සභාව වෙත යැවූ නිල් ග්රහ ලොවෙහි ගවේෂණයෙහි යෙදෙන පූර්වජ කණ්ඩායම උත්තරීතර මහ සභාවෙහි ප්රතිචාරය බලාපොරොත්තුවෙන් ඉවසිලිමත්ම කල් ගත කලෝය.

Report No. 01 from Deep space expedition no. 1114 to Supreme general council

subject - Preliminary request for a formal waiver of supreme general council standing order no. 1 dealing with alien life forms,

Subsequent to careful, detailed and prolonged observations and analyzing of the dominant life form of this planet ( assigned identification no. 1963 ) herewith we submit our recommendations for your perusal.

1. The dominant life form; hereafter called the humanoids, demonstrates a vast potential hitherto unutilized in their brains for the development of consciousness and therefore intelligence of a remarkable capacity.

2. Unfortunately at present they are at the very verge of total extinction due to being imprisoned in a evolutionary cul de sac out of which an escape is nor foreseeable,

3. As just a nudge in the right direction would rectify this anomaly a waiver of standing order no. 01 is earnestly recommended.

4. Furthermore as per observations and analyzing we have selected an area just to the north of equator and at the southern end of the great land mass as the habitat of the group of humanoids with the maximum capacity of cerebral cortex, in extension displaying most potential for high level of intelligence.

End of transmission


මතු සම්බන්ධයි........

23 comments:

  1. හයියෝ හයියෝ..... !!! මට නම් බෑ මේ වද වේදනා විඳින්න තවත්. මේක එන්න එන්නම ශුෂ්ක වේගෙන එනවනෙ. අලි මදිවට හරක් කියල මුන්ගෙ ව්‍යවස්ථාවත් මෙතන දාල. ඉතිං කොහොමෙයි ඉවසන්නෙ ?

    ඔයි යන ගමනෙ අතරමඟ උන්නෙ ගෑණු එහෙමත් උන් එක්ක යනවැයි ? [මං මේ කතාව ඩිංගක් රහ කරන්න හදන්නෙ]

    ඔබා මේ ටිකේ එකතැනක නැති එකමයි කාරිය. නැත්නං මේව කියවල වයසක මනුස්සය කරකුට්ටං වෙලා යයි.

    ReplyDelete
    Replies
    1. / මේක එන්න එන්නම ශුෂ්ක වේගෙන එනවනෙ. /

      ශුෂ්ක? ඒ මොකක්ද බොල ඒ?...අනේ අපි ඉගෙන ගත්තෙ නම් ලංකාවේ ශුෂ්ක ප්‍රදේශ කියල හම්බන්තොටයි මන්නාරමයි විතරයි....හෙහ්, හෙහ්,

      / ඔයි යන ගමනෙ අතරමඟ උන්නෙ ගෑණු එහෙමත් උන් එක්ක යනවැයි ? /

      සික්, උඹගෙ කැත හිත බොල. බලාපං මෙච්චර සිරා කතාවක් කියද්දි උඹට හිතිච්චි එක...අන්තිම අසෝබනයි...අනෙ අම්මප...මම මේ කල්පනා කරන්නෙ අර අහිංසක දැරිවි කොහොමද කියල ඉන්නෙ උඹ වාගෙ විකුර්ති පොරක් එක්ක, ඒ ළමයට මල් තියල වඳින්න ඕන අනෙ අම්මප....මල් තියල...මල් තියල...

      / ඔබා මේ ටිකේ එකතැනක නැති එකමයි කාරිය. /

      දන්නවය ඔබා කරල තියන හරිය?....හෙහ්, හෙහ්, අර තියනවනෙ සයිබර් සිහින උළෙලද මොකක්ද කියල අටමගලයක්...ඔබා අන්න එහෙ උඩ පනිනවලු මිනිහට ඒ සිහින උළෙලෙ සිහින කුමරයි, ප්‍රධාන සංවිධායකයි , සැඟවුණු අමුත්තයි පට්ටම් තුනම ඕනමයි කියල. නැත්නම් එදාට ඇවිල්ල බෙල්ලෙ වැල දාගන්නවයි කියලලු පොර කියන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  2. මං නං දැන් මේක කියෝන එක අතෑරලා දාලායි තියෙන්නෙ.. අර ඉතිං පුරුද්දට වගේ මේ පැත්තෙ එනවා ඉතිං.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, පලයං බං බූරො යන්න ....මම දන්නෙ නැද්ද උඹේ හැටි?

      Delete
    2. ඒ මලේ..එච්චරම එපා උනාය....හෙහ්, හෙහ්, මටත් මේක කෙලවරක් කරගන්නෙ කොහොමද කියලයි ඉන්නෙ...දොඩං ගොඩ බදා ගත්තැහෙ ඔක්කොම හිතේ තියන එව්ව එකක ලියන්ට ගියාම මෙහෙම වෙනව....:( ඉඳහං ඉවසල තව පොඩ්ඩක්....වහාම ඉවරයක් කරනව.....වහාම ....වහාම

      Delete
    3. ඔය දඩයක්කාරය සුදු වෑන් එකක් දාල උස්සල සීන් එක අහවර කරල දාමු

      Delete
  3. අයියෙ කෝ බං අයියෙ අර දඩයක්කාරයා ?

    ReplyDelete
    Replies
    1. ඒක ඉන්නවා නඟේ ඒක ඉන්නවා...ඉඳපං ටිකක් ඉවසල .....හෙහ්, හෙහ්

      Delete
  4. අනේ මට නම් බැරියෝ දැන් මේක කියවන්න.. පටන් ගන්නවා තනියෙන් හරි උද්ගෝෂණයක්.. "දඩයක්කාරයා අපිට එපා " " ජයෙඉ චුට්ටි වහා දියව් ""දඩයක්කාරයා අපිට එපා " " ජයෙඉ චුට්ටි වහා දියව් "....

    ReplyDelete
  5. හොඳට උන්නු එකාට අමු කැවිලවත්ද බොලව්.එක්කොත් මූ සාංකාවට අනුමත වෙනවා වැඩිද කොහෙද

    ReplyDelete
  6. මදැයි ඒ ගමන චක්‍රාවාට වල සැරිසරන්න වුනානේ . මාත් ඔන්න ඔහේ කියවන එක අතරින්නද . එක්කෝ ඔන්න ඔහේ ලියාගෙන යන්න . කවද හරි පුස්තක ප්‍රහාරයක් ලැබුන දවසට නවතිනේ

    ReplyDelete
  7. @ මෙකුවි

    @ සිතුවම්,

    @ බින්දි,

    ඉන්න,ඉන්න, වැඩේ ඇදෙනව වැඩියි වගෙ තමයි:( :(...ඉවරයක් කරන්නම් වහාම.

    ReplyDelete
  8. මාත් මේ ඉන්නේ ජයේ සහ චුට්ටි මැණිකෙගේ කතාව එනකල්. ගියපාර කොටස බලලා, නොතේරෙන හන්දා සද්ද නැතුවම ගියා.

    මටත් ඉතින් කියන්ට තියෙන්නේ මෙකුවි කීව දේම තමයි.:)))

    ReplyDelete
    Replies
    1. හුරේ.. ඒකච්ඡන්දයෙන් මේකව ඔය බ්ලැක්හෝල් එකකට තල්ලු කරල දාමු බොලව්.

      Delete
    2. කාවද, රවියවද..!!?? ඕකව නං බ්ලැක්හෝල්ම ඕන නෑ, ඔය පාරෙ තියෙන වලකට තල්ලු කරලා දැම්මහම ඇති බං.. :)

      Delete
    3. @ පොඩ්ඩි,

      හෙහ්, හෙහ්, නොතේරෙන හින්ද සද්ද නැතුවම ගියා නේද බොල....පව් අප්පා...දුකේ බැරුවා..:(

      Delete
    4. @ නවම් ඇන්ඩ් බූරා ඩබල,

      සික්, උඹල දෙන්න නං කියල වැඩක් නෑ...අම්මප මටම ගහගන්ට ඕන අර වේලාපු මොකාගෙද මොකක්ද එකකිං මෙව්වගෙ නසරානි කතා අහගන්නවට...:( :(

      Delete
  9. කෝ බොල මේ රවියා..!!?? මේ යකා හැබෑවටම වර්ම් හෝල් එකක් අස්සට වැටුනවත්ද..??

    ReplyDelete
    Replies
    1. මමත් මේ අහන්න හැදුව විතරය් බූරය් nawamui එකතුවෙලා රවී අය්යව වලකටවත් තල්ලු කලාද නැත්තන් පිටසක්වල සෙට් එක එක්ක චක්රවාටෙකවත් අතරමන් වෙලාද කියල..

      Delete
    2. @ බූරා සහ මෙකුවි,

      මේ ටිකේ අදික වැඩ බොලව්...ඔලුව ගිනි අරං ඉන්නෙ...ඒ අතරෙ දඩයක්කාරය ගැනත් කල්පනා කොරනව...කොහොමද උන්දැටත් අසාදාරනයක් නොවෙන්ට කියෝන බොලාටත් එපා නොවෙන්ට මයෙ හිතේ තියන කතාවටත් අසාදාරනයක් නොවෙන්ට මේ මංගල්ලෙ අහවරයක් කොරන්නෙ කියල...හෙහ්, හෙහ්,

      අර කොහොල්ලෑ බබා කොටි වලිගෙ අල්ල ගත්තු කතාව අහල ඇතිනෙව...මට වෙලා ඇත්තෙ ඒකෙ අනික් එක...හෙහ්, හෙහ්,

      ඉස්ටූටි හොඳේ මාව මතක් උනාට...ඉන්නකො ඈසුනෑස් පෝසිබොලල්ලා ඉට්ටෝරිය දාඤ්ඤංකො....හෝකේ???

      Delete
  10. Suba Aluth Auwuruddak wewa !!! kalekin ayyate comment ekak danne une na,, tikak busy una,, kohomade awurudu?? jayade?? hope you will write a love story soon, tc. <3

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි....අවුරුදු ඉතිං අවුලක් නෑ...ඔය ගෙවිල ගියේ වෙනද වගේම...:) :)

      ආදර කතාවක් ලියන්න හිතාගෙන ඉන්නෙ මේකට පස්සෙ...හෙහ්, හෙහ්.

      කුමරියකට පෙම් කලෙමි කියල ලිව්ව ඔන්න සති දෙහෙකට විතර කලින් ඒකෙ Trailer එක,.... කියෙව්වෙ නැත්ද ඔයා?

      Delete
    2. ane danne thama eke dakketh,, thanks ayya man eke kiyawannamko :D me love story ekakuth liyane hode passe ;) tc

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...