Sunday, May 13, 2012

119. නීරීක්ෂකයාගේ නික්ම යාම.........



ඔබා...නැහ්....මොන පිස්සුද?...ඕකගෙ බොරු ඔය.....හෙහ්, හෙහ්, උඹලත් අහුවෙනවනෙ ඔබාගෙ ගැට වලට......


මුලිම්ම හිතුනෙ එහෙම...ඇත්තම කියනව නම් තවමත් හිතේ කොණක ඒ කල්පනාව නැත්තෙමත් නෑ.....


ජීවිතේ හැටි එහෙම තමයි......වීසා කැන්සල් උනාම යන්නම ඕන...වීසා කැන්සල් කරන්නෙ අපිට කියල නෙවෙයි. කැන්සල් උනාමයි අපි දන්නෙ දැං හිටිය ඇතිය කියල ඉහළ අධිකාරියෙන් තීරණය කරල තියනව ඒ නිසා වෙන කොරන්න දෙයක් නෑ යන්නම වෙනවයි කියල.


අපි හැමෝටම එහෙම තමයි. අපි ඔක්කොම මෙහෙ ඇවිල්ල ඉන්නෙ තාවකාලික වීසා ඇතුව. බොහෝමත්ම තාවකාලික වීසා ඇතුව....කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ක්ෂණයකින් ඒක පාර්ශ්විකව අවලංගු කල හැකි වීසා ඇතුව.


Now cracks a noble heart.
Good night sweet prince:
And flights of angels sing thee to thy rest!
— Horatio, Hamlet


උදාර හදකිය නිසල වූයේ,
සුබ රැයක් දයාබර වූ කුමරුනි,
දෙවඟනන් කැල ගයන ගී සර,
අසමින් නිදනු මැනව සදා ඔබ,

22 comments:

  1. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  2. අනේ මන්දා රවී ඒ තාවකාලික වීසා එක අස්සේ ඔබා අපිට සදාකාලික බැඳීමක් දීලා යන්නම ගිහින්.
    මට තාම හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. තාවකාලික වීසා ඇතුව ඉන්න අපි සදාකාලිකය කියල අපිම හිතාගන්න බැඳීම් ඇතිකරගන්න එකයි වරද රංගි...

      බුදු හාමුදුරුවො අවුරුදු දෙදහස් පන්සීයකට ඉස්සර කිව්වෙ ඕකම තමයි '' බැඳීම් ඇතිකරගැන්ම දුකට හේතුවකි " ඒත් මොනව කරන්නද?...ජීවිතේ කියන්නෙ බැඳීම් සමුදායක් විතරක්ම නේද?

      Delete
  3. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  4. ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
  5. හිනා වෙච්ච තරමටම අපිව අද අඬ වනවා නේද . ඊයෙත් විහිලු මේල් එකක් එවල තිබුනා . .

    ReplyDelete
  6. අනේ මට නම් කතා කරන්ට බෑ රවි. :(

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කිසිදාක දෑස නොගැටුනු ඔබේ,
      නිමල හද වෙනුවෙන්ය,
      මේ කඳුළු නෙතු පුරා පිරෙන්නේ,

      ආයෙමත් කවදාක නොදුටුවද පිය සබඳ,
      ඔබ නමින් නැඟි සෙනෙහෙ,
      කිසිදිනෙක නොමැත යලි මැකෙන්නේ,

      Delete
  7. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  8. මිතුරෙක් විදිහට ඇවිත් සොහොයුරෙක් වෙලා යන්න ගියා. ආපහු පර්ත් යන ගමනේ මොහොතක් බෙදාගෙන යන්න මගේ නිවහනට ගොඩවැදුනා. ලියන්න අදහස් ගලන්නේ නැහැ. ඔලුව තොන්තුවෙලා. සොහොයුරාණනි ඔබ සසරේ සරනාතුරා නැවත මුණගැසේවා.

    ReplyDelete
  9. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  10. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  11. සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  12. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  13. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  14. ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  15. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  16. සුබ ගමන් ආදරණීය ඔබා මාමේ...

    ReplyDelete
  17. සුබ රැයක් ,සුබ ගමන් මිස්ටර් ඔබ්සවර් .

    ReplyDelete
  18. අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

    සසර ගමන කෙලවර නිවනම වේවා!

    ReplyDelete
  19. දවස් 3 ක් නෙට් නැතිව තිබිල එනකොටම දැක්කේ මේ ප්‍රවුත්තිය..හිත ගැස්සුනා..කොහොමද විස්වාස කරන්නේ..හරිම ලෙන්ගතු මිනිසෙක්..ඔබා මාමේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  20. රවි, මාත් ඔය කතාව විහිලුවක් වෙයි කියලා බලා හිටියා සෑහෙන වෙලා. ඇත්තෙන්ම සමහර වෙලාවල් තියෙනවා සිත ඇහැට පෙනෙන ක‍ටුක සත්‍යය පිළිගන්න මැලිවෙන...

    henryblogwalker the Dude

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...