Friday, May 25, 2012

99. මුල් දින ඔල්වරසන් නැගිමි පසු දින කඳුලක් සැලීමි






මෙම සිදුවීම මට දැන ගන්නට ලැබී මද කලක් ගත වුවද ඒ හා සම්බන්ධ වීඩියෝව සපයා ගැනීමේ අපහසුතාවක් වූ බැවින් අකුරු බවට පත්වන්නට කල්ගතවිය. මේ ලියන මොහොත වන විටදීද, එය ලැබේ දැයි අවිනිශ්චිතය. නමුත් මෙය පළ කරන විට එය ලැබි තිබෙනු ඇතැයි විශ්වාස කරමි. 



ප්‍රථමයෙන් කිව යුතු වන්නේ මෙය අප රටේ සිදු වූවක් නොවන වගය. මෙය මීට වසර කිහිපයකට පෙර අප අසල්වැසි, ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිදු වූවකි. නමුදු සංස්කෘතිය, සභ්‍යත්වය ආදී එකී නොකී දේ වලින් බොහෝ දුරට අංගසම වන අප දෙරටට, දෙරටේ කාරණා දැන ගැනීම වැදගත් යයි හඟිමි. එබැවින් මෙය සටහන් කොට තබමි.‍








මෙම අනුවේදනීය සිදුවීමට මුහුණදුන් පියා, තිදරු පියෙක් වන අතර ඉතාමත් දුක් මහන්සියෙන් ඉගෙනගෙන, ඉංජිනේරු උපාධිය උසස් ලෙස සමත්ව, දැනට තමන්ගේ ම ඉංජිනේරු විද්‍යාලයක අධිපතීත්වය දරන්නෙකි. ඔහුගේ වැඩිමහල් දියැණිය දොස්තරවරියක වන අතර අනෙක් දියැණිය ද දොස්තරවරියක වනු පිණිස උගෙනුම ලබමින් සිටියදීය මෙම සිදුවීම සිදුවූයේ. ඔහුගේ එකම පුතනුවන් ඔහු හා ඇතිවුනු මත ගැටුමක් හේතුකොට ගෙන සිය දිවි නසා ගත් බවට කට කථා පැතිරුනත් ඒ පිළිබඳ ව පිළිගත හැකි සාක්ෂියක් නොමැත. නමුදු එම දිවි නසා ගැනීමට පියාගේ සම්බන්ධයක් තිබිය හැකි බව තවත් කෙනෙකු පවසන්නේ ඔහුගේ ඉංජිනේරු විද්‍යාලයේ සිසුවෙක් ද ඔහුගේ තද බල නීති රීති හමුවේ අසරණව දිවි නසා ගත් බවට ඇති කථාන්දරය සාක්ෂි කොට ගනිමිනි. කෙසේ නමුදු ඒ කාරණා සියල්ල හුදු කට කථා ද සත්‍ය කාරණාද යන්න තවමත් රහසකි. ඒ පිළිබඳ ව තවදුරටත් නොපවසමි. 



මෙම ඉංජිනේරු විද්‍යාල අධිපතිවරයා මෙතැන් පටන් විරූ ලෙස හඳුන්වමි. මා මේ කියන සිදුවීම වන කාලය වනවිට ඔහුගේ වැඩිමහල් දියැණිය විවාහ පත්ව එක් දරු මවක ව සිටියාය. අනෙක් දියැණිය, ඉන්දියාව තුල මනා පිළිගැනීමක් ඇති, ධනවත්, කුලීන, ව්‍යාපාර ජාලයකට හිමිකම් ඇති, පවුලක පුතෙකු හට විවාහ කර දිමට සියලු කටයුතු සූදානම් කර තිබිණ. නමුදු බොහෝ දෙනෙකු නොදැන සිටි කාරණයක් තිබිණ. මෙම යෝජිත විවාහය තිබූ සමයේ ම ඇය, සිය පියතුමන්ගේ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එක්තරා ශිෂ්‍යයකු හා පෙමින් වෙලී සිටියාය. මින් පෙර කිසි දිනෙක මෙම විද්‍යාලයේ ඔහු වන් සිසුවකු නොවූ බව විරූ සේම විද්‍යාලය පිළිබඳ දත් අනෙකුත් පිරිස ද පිළිගන්නා කරුණක් විය. නමුදු විරූ හා මෙම සිසුවා කිහිප වරක් ම ගැටුම් ඇති කරගෙන තිබුණි. කෙසේ වුවද, බාධක හමුවේ වුවද, පෙම් කථාව විද්‍යාල සමයේ සතුටින් ලියැවෙමින් තිබිණ. 

එහෙත්, කණ්ඩායමේ දක්ෂතම සිසුවා වශයෙන් අභිශේක ලැබූ මෙම සිසුවා අවසානයේ කා හටත් නොකියා ම සැඟව ගොස් තිබිණි. අවම වශයෙන් ඔහුගේ ලබැඳි මිතුරන් දෙදෙනාවත් ඔහු ගිය අතක් දැන සිටියේ නැත. කාලය සෙමින් ගෙවිණ. පෙම්වතිය ඔහු නැති සොවින් කාලය ගත කල අතර යෝජිත විවාහය කල යුතුම තැනට පත් විය. එහෙත් තමන් දමා ගිය ඔහු ගැන සිතමින් ඇය සිය ආදරණීය පියතුමන්ට පිටු පාමින්, ඔහුගේ වදනට අවනත නොවෙමින් කල් ගත කලාය. ඇයට එලෙසින් මග හරින්නට බැරි වන තැනට අවසානයේ කටයුතු සිදුවිය. පෙම්වතා නැවත එන ලකුණක් නැත. ඉඳින්, දුකින් පසුවන පියාගේ අදහසට කැමැත්ත ප්‍රකාශ කරන්නට ඇයට සිදුවිය. 

ඒ අසරණ පියතුමන් එදින කොතරම් නම් සතුටු වන්නට ඇද්ද? සිය බිරින්දෑත් නොමැතිව, දරුවන් උස් මහත් කර, ඔවුනට යහපත් අධ්‍යාපනයක් ලබා දී, රටේ වැදගත් තැනක ඔවුන් ව රඳවන්නට ඔහු කෙතරම් නම් මහන්සි වන්නට ඇද්දැයි දන්නේ ඔහු ම පමණි. ඒ අතරට එක් දරුවකු සිය දිවි නසා ගත් කල ඔහුට දැනුනු වේදනාව කෙතරම් දැයි කවුරු නම් දනීද ඔහු හැර....? අවසානයේ ඔහුගේ සිතට සතුට ගෙනෙමින් දියැණිය විවාහයට කැමැත්ත පළ කලාය. 

මේ අතර පෙර කී සිසුවාගේ මිතුරන් විසින් ඔහු සිටිනා තැන සොයා ගෙන තිබිණ. එලෙසම ඔහුට එලෙස සැඟ ව යන්නට බලපෑ කාරණය ද ඔවුන් දැනගෙන තිබූ අතර සිය මිතුරා තවමත් අවිවාහක බව දැනගත් ඔවුන් තීරණය කලේ මෙම පෙම්වතුන් දෙපල එක් කල යුතු බවය. සැඟව ගිය මිතුරාට සිය පෙම්වතිය ගෙන ගොස් දෙමින්, අසරණ පියෙකුගේ අනාගත බලාපොරොත්තු බිඳ දැමීමට මෙම දුෂ්ඨ, අධර්මිෂ්ට, නරක, නපුරු, කෲර, මිතුරන් සැලසුම් අඳින්නට විය. 

ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක විය. විවාහ දිනයේ, මනාලයා ව කාමරයක සිර කර දමා, මනාලයා සේ එක් මිතුරෙකු චාරිත්‍ර වලට සහාභාගී වී, ඒ අතරතුර දී මනාලිය සොරාගෙන පැන යාමට ඔවුන් සමත් ව තිබේ. සැබවින්ම සිය පියතුමා අමතක කර, ඔහුට සිදුවන සමාජ අවමානය අමතක කර, එයින් පසුව සිය පියා තම විද්‍යාලයට මුහුණ දෙන්නේ කෙලෙසද යන්න කල්පනා නොකර, ඒ දුෂ්ඨ, අධර්මිෂ්ට, නරක, නපුරු, කෲර, අකෘතඥ දියැණිය සිය මිතුරන් හා පලා ගොස් තිබේ. දරුවෝ නම් එලෙසය. අහුවෙන මොහොතේ පැන යන්නෝය. දෙමව්පියන් වශයෙන් ඕනෑ මොහොතක ඕනෑ ම දෙයක් කල හැකි දරුවෝ ගැන හිත හදාගෙන සිටිය යුතු බව එම වීඩියෝ ව දුටු කෙනෙකු වටහා ගනු ඇත. 

ඒ පලා යන මොහොතේ මේ කිසිත් නොදැන සිටි සංගීත කාරයින් සංගීතය වයමින් සිට ඇති අතර එය විරූ විසින් සියතින්ම නවතා දැමීමෙන් පසුව එම උත්සවය සෝචනීය ලෙස අවසන් වී තිබේ. 



මේ හා සම්බන්ධ වීඩියෝ කොටස මේ දැන් මා විසින් සොයා ගන්නා ලද අතර එය මෙතැනට අමුණා ඇත.

44 comments:

  1. ආදරය ඉදිරියේදී මිනිසුන් කරන දේවල් ගැන විශ්වාසයක් තියන්ට බැහැ. ආලය අන්ධයි කියනවා නේද? ඒ දියණියටත් ඔය දේ තේරේවි එයා මවක් උනු දවසක. මට ඉතින් ඔහොමයි හිතෙන්නේ.

    අනෙක අර පියාගේ දැඩිබව එසේ පලායෑමකට ඇගේ හිත හැදුවා වෙන්ට බැරිද?

    ReplyDelete
    Replies
    1. හපොයි වීඩියෝ එක දැක්කේ දැනුයි. :D:D:D
      one of my favorite movies..too...

      Delete
    2. අයියෝ පොඩ්ඩි...

      Delete
    3. කමෙන්ට් දාල්ල හදිෂ්සි වෙන්ඩ එපා අනේ....හෙහ්හෙ....

      Delete
    4. :D ගනං ගන්ට එපා අනේ මටත් ඔයි වගේ වැඩ අනන්තවත් වෙනවා....

      Delete
  2. පියා වපුරන ලද දේ අස්වැන්න ලෙස නෙලාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. වීඩියෝවත් බැලුවා නං තවත් එව්වා හිතෙයි අමුතු ඉලංදාරියෝ... :D

      Delete
  3. Replies
    1. forgot to tell, one of my fav movies..

      Delete
    2. අයි ඕල්සොත් කැමතිම එකක්!

      Delete
  4. මොකෝ මේ එකපාරටම......

    ඔවුවා එහෙම තමා.
    මම දන්න කියන එක්කෙනෙකුත් අම්මට තාත්තට විරුද්ධව මහා හර්තාලයක් කොරල තිබ්බා වාසනාව ලබාගන්ට ගිහින්....:D

    ReplyDelete
    Replies
    1. එව්වා එහෙමයි මෙයා මෙව්වා මෙහෙමයි..... :D

      Delete
  5. වීඩියෝ එක බලන්න ඉස්සරයි මේ කමෙන්ට් එක දමන්නෙ..
    මේ 3 ඉඩියට්ස්....
    "සිය මිතුරා තවමත් අවිවාහක බව දැනගත් ඔවුන් තීරණය කලේ මෙම පෙම්වතුන් දෙපල එක් කල යුතු බවය. " එහෙම නම් මෙතන වැරදියි..

    ReplyDelete
    Replies
    1. mama 10 පාරකට වඩා බලලා ඇති

      Delete
    2. මචං, ත්‍රී ඉඩියට්, ලගාන්.. කොච්චර බැලුවත් එතිවෙනවැයි.....

      Delete
    3. ගණං ගන්න එපා හරී, මේක ලියන වෙලාවේ මං හිත හිතා උන්නේ මේක බලන අය මට ගහලා යයිද, හිනා වෙලා යයිද, මොනවා කියයි ද කියලා....... ඒකයි ඔය ටිකක් විතර ටැපලුනේ............ :D

      Delete
  6. අයියෝ මේ 3 idiots නේ. මම ආසම මුවි එකක්. ඕකේ තියෙන අර කරීනා බයික් එකේ එන සින්දුවට මම මාරම ආසයි. :D
    ඉස්සර ඇවිත් කියවල ගියත් අදම මේ කමෙන්ට් කරයි මෙහෙ !

    ReplyDelete
    Replies
    1. ආ සතුටුයි ටිකිරිගේ ආගමනය ගැන.......... මමත් ඉතිං ආසම ෆිල්ම් එකක් කියලා ආයේ කියන්න ඕනෑ නැහැනේ....... :D

      Delete
  7. මමත් ආසම ෆිල්ම් එකක් මේක..

    ReplyDelete
  8. හිහි...මුල ටික කියවනකොටම තේරුනා මොකක් ගැනද කියන්නේ කියලා. එකම කතාව තවත් ඇසකින් :)

    ReplyDelete
    Replies
    1. එකම කතාව තවත් ඇසකින් :)

      ඒක තමයි මට කරන්න ඕනා වුනේ............. ස්තුතියි සයුරි

      Delete
  9. මන් මුලදී හිතුවෙත් චිත්‍රපටයක් වෙන්න ඕන කියල තමයි . හුහ් අපිව ඉඩියට් ල කරන්න හදල තියෙන්නේ DDD
    මොක වුනත් ලස්සන විස්තරේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ....... :)

      Delete
  10. තුන් වෙනි ඡේදෙදි මාට්ටු... :) නියම ෆිල්ම් එක..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක විතර ද මරු සාතන්? :)

      Delete
  11. මන් ඕක බැලුවේ ගුවන් යානයකදී . ලස්සන කතාව . ඕකනේ කොච්චර බැන බැනත් අපි ඉන්දියන් චිත්‍රපට බලන්නේ . බලන් ඉන්න පුළුවන් එව්වත් තියෙන නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ, අපේ ගෙදරත් දැනුත් මාසෙකට දෙතුන් පාරක් බලනවා මේ ෆිල්ම් එක.......... :)

      Delete
  12. හැමදෙයක්ම සාපේක්සයි කියල අහල නැත්ද බොල? ඒ අවස්තාවෙන් අවස්තාවට තමයි කියන්න වෙන්නෙ දරුවො හරිද දෙමව්පියො හරිද කියල...

    ඔන්න සෝක් කතාවක් මතක් උනා ...අහපංකො...මයෙ හොඳම යාළුවෙක් හිටිය..ඔය වගෙ අනබිබවනීය, උත් කුරුස්ට,අනුවේදනීය, හුර්දයාංගම පෙරේම සම්බන්දයක් පවත්තාගෙන ගියා මේ මනුස්සය...දෙපැත්තෙම්ම මේ පෙරේමෙට පුල් එගේන්ස්ට්.

    ඒත් මුං දෙන්න අත ඇරියද වැඩේ?....මොන විකාරද?.....කරදර බාදා එකපිට ආදා...පෙරේමෙ නැඟයයි පුන්සඳ නැඟෙනා සේ....ඔන්න ඔහොම කියල දෙන්න එක්ක වැඩේ ගෙනිච්ච දිගටම. අන්තිමට ඔන්න දෙපැත්තෙම මහ එවුං කැමතිවෙලා වැඩේ එකලාසයක් උනා.

    දැන් ඔන්න පුංචි දරු පැටියෙකුත් ඉන්නවයි කියමුකො...මේ පහුගිය පාර නිවාඩුවට ගිය වෙලාවෙ මම ගිය ජෝඩුව හම්බවෙන්ට...හෙහ්, හෙහ්,

    පොඩි ෂොට් එහෙකුත් ගන්න ගමන් ඔන්න 3 Idiots වීඩියෝ එක බැලුව....

    අන්තිමට මූ කියාපි "ෂිහ්, බලාපං මේ කෙල්ල කරපු දහදුරා වැඩක හැටි, අර තාත්තට මොන තරම් දුකක් ද මේකි දුන්නෙ ? "

    අම්මප , කිව්වට විස්වාස කරපං රන්, මම කටේ හලාගත්තු ෂොට් එක පිටගුරේ නොගිහින් බේරුනෙ පූරුවෙ වාසනාවකට...

    '' ඈ, බොල...උඹ කටින්ද ඔය කතා කලේ?.....උඹත් ඔය ටිකමනෙ කරන්ඩ හිටියෙ...'' මම කිව්ව යන්තම් හිත එකලාසයක් උනහම...

    '' ඒ උනාට මම ඔහොමම කලේ නෑනෙ ....'' ඒක කියාපි.

    '' ඔව්, උඹ එහෙම කලේ නෑ...කොහොමිං කොහොමිං හරි අන්තිමට උඹලගෙ වැඩේ ෂේප් උන නිසා..දැං මෙහෙම හිතපං දිගටම ඔය විරුද්දකම් තිබුන නම් උඹ මොකක්ද කරන්නෙ?..මට අවංකව අන්න ඒකට උත්තරයක් දීල හිටහං ඔක්කොටම කලිං ''

    හරියට ඔන්න ඔය වෙලාවෙම උගෙ වයිෆ් ඇවිල්ල අපි ඉස්සරහ ඉඳගනිපි.

    '' ඔන්න ඔව්ව අල්ල දාපං බං..මෙන්න මේ තව එකක් දාගෙන බත් කමු...'' මයෙ යාලුව බෝතලේ මට දික්කලා..

    හෙහ්, හෙහ්, රන්....තේරුනා නේද?....ඔන්න ඔව්වයෙ හැටි ඔන්න ඔහොමයි කිව්වලු......

    ReplyDelete
    Replies
    1. මට නිකං මොකද්ද මොකද්ද වගේ මේ කොමෙන්ට් එක කියවලා, යථාර්තයත් මායාවත් අතර කැරකෙනවා වගේ දැනෙනවා....... :D :D :D

      Delete
  13. මෙයා මගුලක් කතා කරනවා..... මම බයවුනු තරමක්! ඇත්තටම රන්දිල් ඔයාට දැනුනද දන්නෙ නෑ. තාත්තා නලාව නවත්තන තුරුම අපිට දැනෙන්නෙ නෑනේ ඔය නලාවේ සද්දෙ........! අන්න එතනයි වැදගත් කම තියෙන්නෙ හෙහ් හෙ.....

    වෙන කියන්න දෙයක් නෑ. ඕල් ඊස් වෙල්.... සොරි සොරි ආල්ඉස්වෙල් තමා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බුද්ධි කියන්නේ, පෝම්ම්ම්....... කියලා එක පාරම නලාව නතර කරද්දි තමයි නලාව ඇහෙන්න ගන්නේ නේද?

      ආලිස් වෙල් ආලිස් වෙල්.......... :)

      Delete
  14. හික් හික්!! මුල පේලි තුන හතර කියවනකොටම හුරු පුරුදු බවක් දැනුන හන්ද අහුවුනේ නං නෑ ඔන්න මං... කොහොම වුනත් මගෙත් ප්‍රියතම චිත්‍රපටයක් තමයි මේ..

    ReplyDelete
    Replies
    1. හපොයි අහුවුනේ නැද්ද? මේක මට දාන්න තිබ්බේ හැබැයි අප්‍රියෙල් පළවෙනිදාවක නේද? :)

      Delete
  15. මාත් ඔන්න අහුවෙන්නෙ නැතුව කියෙව්වා. :D කතන්දරේ අපි නොදුටු පැත්තක්. රන්දි අක්කේ, මට තේරෙන්නෙ නැත්තේ ඔයා මේ පෝස්ට් එකට දාලා තියෙන මාතෘකාව තමයි.

    ReplyDelete
    Replies
    1. 99. මුල් දින ඔල්වරසන් නැගිමි පසු දින කඳුලක් සැලීමි

      මේකනේ නගා වැඩේ... ඔය ෆිල්ම් එක මුලින්ම බලද්දි, ඔය වැඩේ වෙද්දි, අපි දෙන්නා උඩ පැන පැන සතුටු වුනා හරි කමෝන් ගෝ ගෝ ගෝ, ඇද්ද වයිරසයෝ කියලා....... ඒක තමයි මුල් දින ඔල්වරසන් නැගීමි කියන්නේ.

      පස්සෙන් පහු මේක දහ හත් පාරක් විතර බලද්දි විවිධ පැති ‍වලින් පේන්න ගත්තා. ඒ තාත්තාගේ පැත්තෙන් හිතෙන්න ගත්තා. ඒක තමයි පසු දින කඳුලක් සැලීමි කියන්නේ.

      ඔයාට තේරුනේ නැත්තේ 99 නම්, ඒ කියන්නේ මේක මගේ 99 වැනි පෝස්ට් එක කියන එක :D

      Delete
  16. අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි.

    මේ අපේ, විශේෂයෙන්ම මගේ මහත්තයාගේ ප්‍රියතම චිත්‍රපටයයි. එයා සාමාන්‍යයෙන් මාසෙකට දෙපාරක් තුන් පාරක් මේ චිත්‍රපටය බලනවා. ඒ හැම පාරම වගේ මාත් බලනවා. ඒ බලන බලන හැම පාරම අලුත් දෙයක් පේනවා. ඇත්තටම මං කාලයක් හිතාගෙන හිටියා දුටු නුදුටු ත්‍රී ඉඩියට්ස් කියලා පෝස්ට් එකක් ලියන්න. ඒත් බැරි වුනා. ඒ තරමට ඒ චිත්‍රපටයේ මොහොතින් මොහොත හිතන්න දේවල් තියෙනවා කියලා අපිට හිතෙනවා. සමහර දේවල් නං අපි කලින් දන්න දේවල්. ඒ කිව්වේ ඔය ඊ මේල් වලින් එහාට මෙහාට යන විහිළු පවා ඒකේ තියෙනවා.

    මේ චිත්‍රපටයේ නමට අනුව හිතෙන්නේ ප්‍රධාන චරිත කරන තුන්දෙනා තමයි ත්‍රී ඉඩියට්ස් කියලා වුනත්, මං දකින විදිහට වෙන තුන්දෙනෙක් මේකේ ත්‍රී ඉඩියට්ස්......... ඒ කවුද කියලා ඔයාලා හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. චතුර් රාමලින්ගම්, විරු සහස්ත්‍රබුද්ධි හා ඇත්ත රැංචෝ ද..?? නැත්තං චතුර් රාමලින්ගම්, විරු සහස්ත්‍රබුද්ධි හා සුහාස් ද..?? :)

      Delete
    2. මට හිතුනෙත්, චතුර් රාමලින්ගම්, විරු සහස්ත්‍රබුද්ධි හා ඇත්ත රැංචෝ තමයි බූරෝ............ ඇත්තම කිව්වොත් මට සුභාස් කිව්වේ කවුද මතක නැහැනේ‍ බොලේ.......... මනමාලයාද? :D

      කොහොම වුනත් අර තුන්දෙනා තමයි කියලායි හිතෙන්නේ,

      Delete
    3. සුහාස් කියන්නෙ පියාගෙ මනමාළයා නේ..

      Delete
  17. මට නම් ටික වෙලාවක් යනකොට තේරුනා මොකක්ද මේ කියන්නෙ කියලා.ඒ තාත්තා හැබැයි ඇත්තටම අකමැති නැතුවත් ඇති නේද ෆිල්ම් එකේ හැටියට.

    ReplyDelete
    Replies
    1. අකමැති නැහැ ‍වගේ නේද නංගි? මගේ වදන් වලින් ඒ වගේ දෙයක් ගම්‍ය වුනාද? එහෙම නං සොරි හො‍ඳේ...

      Delete
  18. හින්දි සිනමාවේ විනෝදාස්වාදය ඔස්සේ සමාජයට බොහෝ ගැඹුරු පණිවිඩයක් ඉදිරිපත් කළ නිර්මාණයකි.
    එහෙත් මෙම චිත්‍රපටයේ විශේෂය වන්නේ පණිවිඩය වන්නේ මාපිය දූදරු සබඳතාව නොව සැබෑ අධ්‍යාපනය නම් සංකල්පයයි.
    සැබෑ යථාර්තවාදී ජීවිතය මෙන්ම 3 ඉඩියට්ස් හිද අසමබර ජවනිකා තිබේ :)
    එනිසා තිර පිටපතෙහි ජවනිකාවෙන් ජවනිකාවට නොදුටු පැති හෙවීම අනවශ්‍ය dig කිරීමක් හැටියට මට හිතෙයි.
    දොසක් දැක්කා නොවේ. මට හිතුනු දෙයක් කිව්වෙමි.
    මන්ද හින්දි සිනමාවේ චාටර්ම චාටර් නිර්මාණ අතර 3 ඉඩියට්ස් යනු හාස්කමකිය මා අදහන නිසාය. ගත යුත්තක් ඇත්තේම නැති නිර්මාණ තුල මේ බඳු හරසුන් දසුන් බහුලය හෙවත් 100% ආකූලය.
    මේ මට හිතෙන හැටිය :)

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තුතියි නංගි,

      එච්චර හිතන්න එපා ළමයා, මේ ත්‍රී ඉඩියට්ස් ගැන විවරණයක් නෙමෙයිනේ...... :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...