Wednesday, October 3, 2012

106. බෝනික්කෝ... (ළමා ගීයක මා දුටු වැඩිහිටි අරුත)



දිය රළ පෙල එක පසුපස එක පැමිණෙමින් ඉවුරේ වදියි. විටෙක ඉවුරේ නිරාවරණය ව පවතින පස් ස්ථරය පෙඟවීමෙන් පම‍‍‍ණක් දිය රළක් සෑහීමට පත් වන අතර තවත් විටෙක මදක් තදින් වැදී පස් කැබැලි ගලවා දිය කර ගැනීමට ද තවත් රළක් උත්සහ කරනු පෙනේ. ඉවුර දිගට මද දුරක් නෙත් යොමන විට එවැනි උත්සහයන් නිසා පස් පදාසයන් ගැලවී ගොස් වත්තෙන් කොටසක් ගඟට දිය ව ගොස් ඇති බව කෙනෙකුට වටහා ගත හැකිවනු ඇත.

දිග සුසුමකින් ලය සැහැල්ලු කරගත් නදී, අගේ ගුලි කරගෙන සිටි ගල් අහුරින් පුංචි ගල් කැටයක් වැඩි වෑයමක් නොගෙන ගග දෙසට විසි ක‍ළාය. මහා ජල කදක් රැගෙන ගලා බසින ගංගා තුමූ ඒ පුංචි ගල් කැටය කිසි හා හෝවක් නැතුව ම ගිල දැම්මෝය. 
,.,


**********************************************************************************

“ආන්ටි නදී ඉන්නවද?“

සීනුව කිහිප වරක් නාද කිරීමෙන් පසු ව නිවසෙන් පිටතට ආ කාන්තාවගේ මුහු‍ණ දුටු සැනින් චමරිගේ ඉනට වැලමිටින් සන් කල වරු‍ණි, සිතට වෙර ගෙන අසා සිටියාය.

විමසුම් සහගත නොරිස්සුම මුව මතින් ඉවතට පලවා හැරීමට උත්සහයක් නොගෙන ම සිරිවර්ධන මහත්මිය ඔවුන් දෙස බලා සිටියාය.

“හ්ම්............... කවුද ඔය ළමයි?“

“ආ... ආන්ටි අපි එයාගේ ඉස්කෝලේ යා‍ළුවෝ. දැන් මෙහෙ නෙමෙයි ඉන්නේ. මේ දවස් වල කැම්පස් නිවාඩු නිසා ගෙදර ආ ගමන් නදී ව බලලා යන්න හිතුවා“ වරුණි පැවසුවාය.

“මට මතක නැහැනේ වෙඩින් එකට ආවා කියලා..............“ තවමත් තරුණියන් දෙදෙනා ගේට්ටුවෙන් එපිටය. මුහුණින් මුහුණ බලාගත් මිතුරියන්, ‘මහ පුදුම ගැහැණියක්නේ‘ යනුවෙන් සිතුවා විය යුතුය.

“එන්න හිටියේ ආන්ටි. ඒ දවස් වල කැම්පස් එකේ එග්සෑම් වැටිලා තිබුනා. ඒකයි එන්න බැරි වුනේ“

“හ්ම්............... එන්න ඇතුලට............. ‍ඔයාලාගේ යාළුවා නං මේ වෙලාවේ ගෙයි නැහැ“

ගේට්ටුව හැර ඔවුන්ට නිවසට එන්නට මග පෙන්වූ සිරිවර්ධන මහත්මිය විසිත්ත කාමරයට පිවිසෙන දොරටුව ඇහිරෙන පරිද්දෙන් සිටගන්නා ගමන් පැවසුවාය. ‘ඉඳින්, ඉඳගන් ඉස්තෝප්පුවෙන්‘ යැයි නොකියා කීවා සේය. අසුන් ගන්නවාද නැද්ද යන දෙගිඩියාවේ මොහොතක් ගතවුණි.

“ඇයි ආන්ටි? ගමනක් ගිහින්ද?“ අසුන් ගන්නට පෙර විස්තරය දැන ගත යුතුව තිබේ.

“හ්ම්........... එයාට මොන ගමන්ද? සැපට කාලා බීලා ගෙදෙට්ට වෙලා ඉන්නනේ තියෙන්නේ. මං කිව්වේ ගෙදර නැහැ කියලා නෙමෙයි. ගෙයි නැහැ කියලා. අන්න අරහේ ඉඩම කෙලවරේ ගලක් උඩට වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නවා ඇති. දැන් කාලේ ගෑණු එහෙමනේ. උඩ බලාගෙන දවල් හීන බලන්න තමයි වැඩියෙම කැමති.“ සිරිවර්ධන මහත්මිය එදා ම දුටු ඔවුන් හමුවේ ඇගේ අදහස් නොවලහා ඉදිරිපත් කරමින් සිටියාය.

සිහින් සතුටක් සිත තුල මතු වී සැඟ වී යනු මිතුරියන් දෙදෙනාට ම දැනී නොදැනි ගියා වැනිය.

“ඔන්න ඔය පැත්තෙන් අන්න අරහේට යන්න. ටිකක් දුරට යද්දි පෙනෙයි“ යි පැවසු සිරිවර්ධන මහත්මිය ගස්සාගෙන නිවස තුලට ඇදුනාය.

ගෙනා ත්‍යාගය කනප්පුවක් වැනි මේසය මත තැබූ ඔවුහු ඈ පෙන් වූ දෙසට සෙමින් පිය මනින්නට වූවෝය.

“මොකද බං ඒ ගෑණිට වෙලා තියෙන්නේ?“ නැගී ආ සිනාව යටපත් කරගෙන චමරි අසා සිටියාය.

“අනේ මන්දා බං. දැනටම දෙන්නා පැටලෙන්න අරං වගේ.“ වරුණි ද සිය සැබෑ සිතුවිලි සඟවා දුක්බර මුහුණින් යුතුව පැවසුවාය.

“ආ.......... අර ඉන්නේ. කිව්වා හරි තමයි. ගඟට පනින්න හිතනවද මන්දා“

“පව් බං. ගිහින් කථා කරලා බලමු“ මුවින් පිටවන වදන් සෑම විට ම සිත නියෝජනය නොකරන බව, මිනිසුන්ගේ දිව අග එල්ලී එල්ලී ඉන්නා ‘පව්....‘ යන වදන දෙස් දෙයි.

“මොකෝ මොකෝ අලුත ගෙනා මනමාලි, අහස පොළොව ගැට ගහලා ගඟේ ඔබන්නද කල්පනාව?“ එකියක නදීරානිගේ දෙනෙත් දෙඅතින් වසන අතර අනෙකිය කම්මුල් මිරිකමින් ඇසුවාය. අනතුරුව කැකිරි පැලෙන ටිකිරි සිනා පාමින් අසල තිබූ ගල් තලාව මත හිඳ ගත්තේ ඔවුන්ගේ කෙලිලොල් සමය පිළිබඳ අධි රංගනයක නියැලෙමින් බව ඔබටත් මටත් වැටහෙනු ඇති වුවත් නදී ට නොවැටහුණි. එබැවින් ම තමන් පසු කර ආ එසමය පිළිබඳ ව සිත තුල සිහින් ව නැගී ආ වේදනාව දිගු සුසුමකින් පිට කරන්නට සිතුවාය.

“මොකෝ මොකෝ මේ සුසුම් හෙලන්නේ? ඔහොමද අලුත ගෙනා මනාලියෝ? ඇයි යකෝ අපිටත් බය හිතෙනවානේ“

“අලුත ගෙනා කෑල්ල දැන් කොහිද බං............. මාස 7කුත් පහු වෙලානේ. ඉතිං ඉතිං මොකද දෙන්නාට මාව මතක් වුනේ?“ සිය පාසල් සමයේ මිතුරියන් හමුවේ දුක්බර මුහුණක් පෙන්වීම ඔවුනද දුකට පත් කිරීමට හේතුවක් සේ සිතුනු නිසාවෙන් නදී සිනාවකින් මුව සරසා ගත්තාය.

“මාස 7කුත් ගෙවුනා නේද? දැනුනේවත් නැහැනේ. කැම්පස් යනවා එනවා. දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ.“ චමරි ද අහුලා ගත් ගල් කැටයක් ගඟ දෙසට විසි කරමින් පුදුම වූවාය.

“වෙඩින් එකට එන්නත් බැරි වුනානේ නදී. මෙච්චර යාළුවෝ තුන්දෙනා වෙලා, අපි දෙන්නා වෙඩිං එකට ගියේ නැහැ කියලා අනිත් අයට කිව්වහම මාර විදිහට පුදුම වෙනවා. ඉතිං කොහොම හරි වෙලාව හදාගෙන ආවා ඔයාව බලලා යන්න. මේ දවස් වල දින නියමයක් නැති වැකේෂන්“ වරුණි ඇගේ අතින් අල්ලා ගනිමින් පැවසුවාය.

“ආ........... එහෙනං පාළු ඇති නේද? දැන් දෙන්නාට හරි ගිහිල්ලා වගේ මට පේන්නේ“ නදී වරුණිගේ පිටි අල්ල කොනිත්මින් චමරිගෙන් ඇසුවාය.

“හරි ගිහිල්ලා නං තමයි බං. ඒත් ‍ඕවා කෙරෙයිද කවුද දන්නේ? කැම්පස් එකේ පාඩම් වැඩ කරගන්න නං හරිම උදව් ඉතිං. දෙගොල්ල දෙගොල්ලන්ට උදව්. කෙරුනත් කවදා හරි පාඩුවක් නැහැ. නොකෙරුනා කියලා එච්චර දුකකුත් නැති වෙයි. අදත් දෙන්නා ආවා. ටවුන් එකේ යාළුවෙක් ඉන්නවා කියලා එහේ ගියා. අපි මෙහේ ආවා. හවස ආපහු මීට් වෙලා, එයාලා අද ම යනවා“ වරුණි පැවසුවාය.

ඔවුන් දෙදෙන බොහෝ සෙයින් වෙනස් වීද, පරිණත වීද, වෙන යමක් වීදැයි නදීට සිතා ගැනීමට අපහසුවිය. ඇය පෙම් කල යුගයේ ප්‍රේමය යනු මුළු හිතින් ම කල යුතු පරම පවිත්‍ර දෙයක් වශයෙන් සියලුම යොවුන් ප්‍රේම කථා වලින් උවදෙස් දී තිබිණ. සිය මිතුරියන්ද එම කථාවන් කියැවූ මුත් ඔවුන් මෙලෙස වෙනස් වී ඇත්තේ සමහරවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී ලද සමාජ ගැවසීම නිසා හෝ දැන් දැන් ලියැවෙන නවකථා වෙනස් ආකාරයක වන නිසා විය යුතුය.

“කොහිද උඹ ජනක සර්ගේ පංතියේ හිටපු හොඳ කොල්ලෝ සේරම පිස්සු වට්ටලා, හිටපු හොඳ ම කොල්ලාව අල්ලා ගත්තානේ. උඹේ යාළුවා නිසා, හැලිච්ච හාල් කෑලිවත් අපි දිහා බැලුවේ නැහැනේ“ චමරි පැවසුවේ සැබෑවක් වුවද, එදින වනතුරු තිබුනු එම සිතුවිල්ල ඒ වනවිට අතුරුදන්ව ගොස් තිබුනි. ‘ඇද්ද උඹට? හිතුවේ විලියම් කුමාරයා සෙට් වුනා කියලානේ. දැන් කොහොමද මදර් කුයින්ගේ සැලකිල්ල‘ සිත යටින් ඇය සිනා පෑවාය.

ඇගේ වදන් වලින් තිගැස්සි ගිය නදී වහ වහා නිවස දෙසට නෙත් යොමු කලාය.

“මොනවද බං ඔය කියන්නේ? මං මොනවද කලේ? උන්ට උපතින් ගෙනා පිස්සුවක් තිබුනාට මං මොනවා කරන්නද? ඔව්වා අම්මාට එහෙම ඇහුනොත්, තවත් මට දෙහි කපයි“ ඇය වෙව්ලමින් මෙන් පැවසුවේ නැවත නැවතත් නිවස දෙසට නෙත් යොමමිනි.

“ඇයි මොකද මදර් කුයින් අවුල්ද?‘ කල් යල් බලා වරුණි පැන විමසීමට පිවිසුනාය.

නිවස දෙසින් කිසිවකු එදෙසට පැමිණ නැති බව පැහැදිලි ව දැකබලාගත් නදී නැවතත් ගඟ දෙසට හැරුණාය. කුඩා කල සිට එකට ම සිටි, සෑම කෑමක් ම සේම සෑම රහසක් ම බෙදා හදාගත් මිතුරියන් හමුවේ කිව නොහෙන යමක් තමා සතුව තිබේද? ඇය සිතමින් සිටියාය. මිතුරියෝ ඉතාමත් උනන්දුවෙන් මෙන්ම දුක්බර වළාවකින් වැසීගියාසේ පෙනුනු මුහුණින් ඇය දෙසට නැ‍ඹුරු ව මුවින් වැටෙන පළමු වදනේ සිට එකතු කරගන්නට බලා සිටියෝය.

“අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ජොබ් එකක්වත් කලා නං දවල් වරුවේ වත් සැනසිල්ලේ ඉන්න තිබුනා“ අවසානයේ සිය මිතුරියන් හා දුක බෙදා ගන්නට නදී හිත හදා ගත්තාය.

“ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?“

“වෙලා තියෙන්නේ නෙමෙයි වෙලා නැත්තේ මොනවද කියලායි මං කල්පනා කරන්නේ?“

“මේ............ හරස් පද ප්‍රහේලිකා විසඳන්න උඹට තරං අපට බැහැ කියලා දන්නවානේ. කියහං කියන දෙයක් පැහැදිලිව“ මේ බහු පද සමීකර‍ණයට තිබිය හැකි සියලුම විසඳුම් සහිත මල්ලක් තමා සතුව ඇත්තා සේ ඔවුන් පෙලෙන්නේ අසීමිත උනන්දුවකිනි.

**********************************************************************************

“අද ඉන්නකෝ අනේ ගෙදර“ මුහුණ පුරා සබන් තවරා සීරුවට රැවුල බාමින් සිටි සඳුන්ගේ පිටු පසින් පැමිණි නදී, දෙ ඇලපත හරහා දෙඅත් යවමින්, ඔහු වැළඳ, පිටට කම්මුල තබා ගනිමින් සුරතල් වෙන්නට වූවාය.

“ඔය ඉතිං කෝලං කරනවා. තව ටිකෙන් කම්මුලත් කැපෙනවා“ සඳුන් සෙනේ සිතින් නෝක්කාඩු පවසයි.

“ආනේ ඉතිං හොඳයිනේ. රේසරේට මූණ කැපුනා. අසාධ්‍යයි, නිවාඩු දෙන්න කියලා මාමාට කෝල් එකක් දාලා කියන්න පුළුවන්නේ“ එයද විහිළුවකට ගෙන නදී පැවසූ වදනින් සඳුන්ටද සිනහ නොවී සිටිය නොහැකි විය.

“හොඳට තියෙයි. මාමා නිසා හොඳයි. වෙන තැනක් වුනා නං මෙහෙම නිවාඩු ගන්න ගියා නං රස්සාවත් නැති වෙනවා.“ අවශේෂ සබන් සෝදා හැර මුහුණ පිසදාන ගමන් සඳුන් පැවසුවේ සිනා විරහිතවය.

“ම්ම්.............. ඉතිං අනේ ඔයා බඳින්න කලින් මෙහෙම නිවාඩු ගත්තේ නැහැනේ. මේ මුල් අවුරුද්දට එච්චර ගණං ගන්නේ එකක් නැති වෙයි මාමා.“ ඒ නදී සිතන ආකාරය. මාමා වුවද පාලකයෙකි. ඔහු සිතන ආකාරය ස‍ඳුන් දනියි. නමුදු සිය ප්‍රිය බිරිඳගේ ඉල්ලීම පිට ඔහු එම මාස 5ට නිවාඩු බොහෝ ප්‍රමාණයක් ගෙන තිබිණ.

“එහෙනං අද වේලාසන එන්නකෝ. අපි කැළණි යං. සති දෙකකින් විතර ගියෙත් නැහැනේ.“ එවර ඉල්ලීම නව ආකරයකට ඉදිරිපත් වෙයි.

“බලමු. මාමා අද ගම්පහ යනවා කිව්වා හවස් වරුවේ. එහෙම වුනොත් එන්නම්කෝ.“යි පැවසු සඳුන්, නදීගේ බඳ වටා සුරත යවා තුරුලට ගෙන වමතින් නහය මිරිකුවේය.

“ආව්................. රිදෙනවා අනේ“යි කීවද, අනතුරුව ඇය කිංකිණි සිනා නගන්නට වූවාය.

එක්වනම මුළුතැන්ගෙයි ඇලුමීනියම් භාජනයක් තදින් දෙවුම් බේසම හා ගැටෙන හඬක් ඇසි‍ණි.

“මොකෝ කමලා උඹට වෙලා තියෙන්නේ. මදන කුලප්පුව හැදිලා වගේ මේ ලෝකේ සිහියක් නැහැ. මං උඹට කිව්වේ අද සම්බා උයන්න කියලා. කැකුළු නෙමෙයි. කොහිද ඔළුවේ තියෙන්නේ වෙන වෙන ඒවානේ“ සඳුන් කල්පනාකාරී ව ඒ බසට ඇහුම්කන් දී සිටින විට, නදී ඔහුගේ මුව දෙස බලා සිටියාය.

“අපි යං“ රහසින් මෙන් පැවසූ සඳුන් ඉස්සර විය. නදී පසු පසින් ඇදුනාය. එදින සඳුන් වරුවෙන් පැමිණි අතර සිරිවර්ධන මහත්මියත්, අඹු සැමි යුවලත් මෝටර් රථයෙන් කැළණි වෙහෙර බලා පිටත් වූවෝය.

“සඳුන්, බාරයක් වත් වෙන්න පුතා.“ පිටුපස අසුනේ සිටි සිරිවර්ධන මහත්මිය කිරිබත්ගොඩ නගරයේ වාහන තදබදය අතරතුර පැවසුවාය.

“ට්‍රැෆික් නැති වෙන්න කියලද අම්මා?“ සඳුන් සිනහවෙමින් ඇසුවේය.

“ඔව් ඔව් ට්‍රැෆික් නැති වෙන්න කියලා තමයි! දැන් බැඳලාත් මාස 6ක් වෙන්න ආවානේ. තාම නැහැනේ කිසි වෙනසක්!“ සිරිවර්ධන මහත්මිය ගස්සා ඉවත බලා ගනිමින් පැවසුවාය. නදී සෙමින් ජනේලයෙන් පිටත බලා ගත්තාය. තමන් දෙදෙනා කථාකර ගත් තීරණයක් නිසා වෙනස පමා වන වගක් සඳුන් අම්මාට පවසා නැතුවා සේය. මොන දේ කීවද ඉවසා සිටිමි‘යි යන තීරණයේ ඇය එල්ලී සිටියාය.

තවත් මාසයක් පම‍ණ විවිධ කථා හා සිදුවීම් අතරේ කාලය ගතවිය. මොන දේ වුවද සඳුන් සෙවනැල්ල සේම ආලෝකය ද වෙමින් තමන් අසලම දැවටෙන නිසාවෙන් ඒ සියල්ල මැදහත් සිතින් දරා ගන්නට නදීට හැකිවිය. සතියට දිනක් පමණ සඳුන් වේලාසන පැමිණෙන අතර ඉඩම කෙලවරින් ගලා යන කැළණි ගඟ අසබඩට වී හෝ කැළණි විහාරය අසලින් ගලා බසින කැළණි ගඟ අසබඩට වී හවස් වරුව ගත කිරීම ඔවුන්ගේ පුරුද්ද විය. කැළණි ගිය බොහෝ දිනවල රෑ කෑම පිටින් ගෙන සිරිවර්ධන මහත්මියටද ගෙන ඒම තවත් පුරුද්දක් විය.

ඒ අතර දිනක් දහවලේ තීරණාත්මක දුරකථන ඇමතුම ලැබිණ.

මතු සම්බන්‍ධයි (අවසන් කොටස සිකුරාදාට)

43 comments:

  1. මාතෘකාව දැක්කාම හිතුනේ සිංදුවක් ගැන කියන්ට යනවා කියලා.

    ලංකාවේ සමහර නැන්දම්මලා ඔහොම කියලා අහලා තියනවා. බැඳලා මාස හයකින් බබෙක්!!!

    හපොයි දෙය්යනේ....:D

    ReplyDelete
    Replies
    1. / ලංකාවේ සමහර නැන්දම්මලා ඔහොම කියලා අහලා තියනවා. බැඳලා මාස හයකින් බබෙක්!!! /

      හෙහ්, මරු..එහෙම ඕන නැන්දම්මලට කියලම එහෙනම් බඳින්ට මාස තුනකට කලින්ම වැඩේ පටන්ගන්නයි තියෙන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
    2. සිංදුවක් ගැන තමයි කියන්න යන්නේ.......... ඒක ඊ ගාව කොටසින් බලාපොරොත්තු වෙමු...... :)

      Delete
  2. අනේ අම්මෝ..සිරිවර්ධන කිව්වම උඩ ගිහින් බිම වැටුනා... හි හි...
    අපේ කට්ටිය ඒ අතින් නම් හොඳයි... ඕනෙකම තිබුනත්,පොඩි පොඩි කචල් දැම්මත්, අපේ කැමැත්තට ඉඩ දීලා තාම සද්ද නැතුව ඉන්නවා.. හි හි...

    ඉතිං කොල්ලට ඕක අම්මලට කියන්න බැරිද මං අහන්නේ.. අමුතු දෙයක් යැ....

    ReplyDelete
    Replies
    1. //ඕනෙකම තිබුනත්,පොඩි පොඩි කචල් දැම්මත්, අපේ කැමැත්තට ඉඩ දීලා තාම සද්ද නැතුව ඉන්නවා.. හි හි... //

      මේ වාක්‍යයේ බය ම හිතෙන වචනේ තමයි තාම කියන එක........ :D

      සමහර පුතාලා බයයි ලැජ්ජයිනේ ඔය වගේ එව්වා අම්මලා එක්ක කියන්න....... ඒක වෙන්න ඇති

      Delete
  3. ශෙහ්.... නියමයි ඈ..

    අර රැවුල කපන සීන් එකයි... බනින කොටසයි පට්ටෙට ලියලා ඈ :)
    බලමුකෝ ඉතුරු ටිකත්

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ළමා වැඩිහිටි කථාව දැක්ක ගමන් දුවං ආවා නේද රජෝ..... :)

      එසේම වේවා එසේම වේවා!!!

      Delete
  4. මේ ලඟදී මාරයා ලියලා තිබ්බා පෝස්ට් එකක් රුපියල් සීයට පාඩු නැති නැන්දම්මා කියලා.

    ඕකට මඩිස්සලේ නිශාන් දාලා තිබ්බා කමෙන්ට් එකක්: "නැන්දම්මා රුපියල් සීයයි කියද්දී මම බැලුවේ මොකටද මේ නිකන් හම්බෙද්දී සල්ලි දීලා ගන්නේ කියලා :)"

    නිකන් බලන්නකො ඒකෙ යටින් මොනතරම් දේවල් කියවෙනවද කියලා.
    ඒක මෙතනට නියමෙට ගැලපෙනවයි කියලා හිතුනා. :)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සේරමට ම කලින් ගිහින් ඒ පෝස්ට් එක බලලා එන්ට වෙනවා මේකට උත්තර කියන්න........... :)

      Delete
  5. කසාදයත් කරපල්ල
    දරුදැරියන් හදපල්ලා
    හැබැයි බැඳල වෙන්ව ඉඳිල්ලා....
    කියල සුනිල් පෙරේරා කිව්වෙ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. සුනිල් පෙරේරා ගොයියාගේ කට පිරිලාලු දැන්........ රන් කාසි වලින්..... :)

      Delete
  6. විස්තෘත පවුල් කියන සංකල්පය අදට කොහොමවත් ගැලපෙන්නෙ නම් නෑ....

    අවුරුදු පණහකට හැටකට කලින් නම් ඒ හැටි අවුලක් තිබුනෙ නෑ..මොකද ඒ දවස්වල අනුයාත පරම්පරා දෙකක් අදහස් උදහස් සහ ආකල්ප වල අද තරම් කැපී පෙනෙන විෂමතාවයක් තිබුනෙ නැති නිසා..

    ඒත් වර්තමානයෙ නම් ඒ වැඩේ හරියන්නෙම නෑ....විස්තෘත පවුල කියන සංකල්පය ශබ්ද කෝෂෙනුත් අයින් කරල දාපු තරමට හොඳයි කියලයි මට හිතෙන්නෙ....:) :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතිං ඔව්වා........... මේ ගැටළුව වනාහී දෙකොන පත්තු වෙච්චි විලක්කුවකින් හදපු දෙපැත්තෙන්ම කැපෙන දැලි පිහියකි........ :)

      Delete
  7. හ්ම්!!! අපෙ පෙම්බරයගෙ අම්ම ගැන වෙන කවුරුවත් කතා කරද්දි ඔයාගෙ නැන්දම්ම කියල කියනවට වත් මං කැමති නැත්තෙ උන්දැ ලඟ ඔය වගේ පිස්සු විකාර නැති හන්ද...
    බැන්ද නං ඔයාල දෙන්න තනියම ඉන්ඩ.. මං ඇවිල්ල මෙතන ඔයාල දෙන්නගෙ ජීවිතේට ඇඟිලි ගහන්ඩ තියාගත්තම ඔයාල දෙන්නගෙ අලුත් ජීවිතේට ඒක හිරිහැරයක්!!
    මෙහෙම කියල ගමේ ගෙදරට ගිය ඈ මාසෙකට දෙකකට වතාවක් අපි බලන්ඩ එනව!!
    ඒ ආවාම ඈ යනකොට පෙම්බරයටත් වඩා දුක මටයි!!

    මං ඔයා ලිව්ව කතාව ඇඟටම අරන් කියල තේරුණේ මේ කතන්දර සේරම ලිව්වට පස්සෙ රන්දි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. වාසනා වේවා....!!! එහෙම නැන්දම්මලත් ටික ‍දෙනෙක් ඉන්නවා.

      Delete
    3. හා හා දරුවා.......කලබල නොවන්... කිසි දේකට කලබල නොවන්........ ඔහොම ඇඟට ම ගත්තහම ප්‍රෙෂර් එහෙම නැග්ගොත් කාට කියන්නද? :)

      Delete
    4. @සුමිත්: හරියට හරි.. ඒක තමා කියන්ඩ ඕනෙ වුනේ මටත්!! අදටත් පොඩි එකෙක් වගේ අම්මගෙ තුරුල හොයන පෙම්බරයට දුක නොහිතෙන්ඩ මටත්,මට වෙනසක් නොදැනෙන්ඩ පෙම්බරයටත් ආදරේ බෙදන ඇය මට නම් මගේ ජීවිතේ මා ලබපු උතුම්ම තිලිණයක්!!

      @රන්දි: පණ පිහිටුවල ලියල, මිනිස්සු හැඟීම්බරවෙලා අර නැන්දම්ම එක්ක සටනට ආවාම ඔහොම කිව්වාම හරිද??:-D

      Delete
    5. @ Januu,

      උදෑසනව වට වැස්ස ඒ හා සමඟම තුරල් වී හිරු පායා ආවේය.

      '' කෝකටත් හොඳයි කුඩෙත් අරන්ම යනවා, ''

      තමාටම කියාගත් දයාරත්න හාමිනේ ඉදිරි දොර වසා නිවසින් පිටවූයේ නුදුරින් පිහිටි වළස්ගල කඩමණ්ඩිය කරා යනු පිණිසය.

      ඇය කලක පටන් ගනුදෙනු කලේ සමුපකාරය අසළ පිහිටි ගුණේගේ සිල්ලර කඩයෙනි.

      '' මට දෙන්නකො ළමයො පාන් රාත්තලක්...''

      කඩයේ ආලින්දයේ ගොඩ ගසා තිබූ ඉදල්, කොහු සහ ළණු කැරලි අතරින් අයකැමි මේසය දෙසට යමින් ඇය පැවසුවේ වෙළඳ සල අභ්‍යන්තරයෙහි වූ අඳුරට හුරුවන ලෙස දෑස් කිහිපවරක් පියාගනිමිනි.

      '' ආ, නෝන මහත්තය...කවද්ද ආවෙ.?.අපි හිතුවෙ තව සතියක්වත් කොළඹ නැවතිලා ඒවිය කියල..මොකෝ මෙහෙ ආවට කරන්ට හදිසි රාජකාරි තියනවයි කියල එකක්ය? ''

      දෑතේ තැවරී තිබූ පිටි නිසා අත්ල එකිනෙක ගසමින් කඩේ අභ්‍යන්තරයේ සිට පැමිණෙමින් ගුණේ පැවසූයේ සිනාසෙමිනි.

      '' අනේ නැහැ ළමයො..මම ඊයෙ ආපහු ආව.....කෝ පාන් නැතිවය? ''

      '' නෑ..නෑ..තියනව ඉන්න දෙන්නං...ඉතිං නෝන මොකෝ මේ හදිස්සියෙම අපහු ආවෙ?.'' .ගුණේගේ ස්වරයෙහි වූයේ කුහුලකි.

      '' අනේ අර ළමය එක්ක මට ඉන්න බෑ ගුණේ...කිව්වම මොකද?.....එයාගෙ වැඩ පිළිවෙල මට අල්ලන්නෙම නෑ...වෙලාවකට නුහුගුණෙ වාගෙ කියලත් හිතෙනව...'' .දයාරත්න හාමිනේ අවසන් වදන් කීපය පැවසූයේ ස්වරය තරමක් බාල කරමිනි.

      '' ඉතිං නෝන එන්ට පිටත් වෙද්දි කිව්වෙ නැත්ද දිගටම ඉන්නෙයි කියාල?...''ගුණේ ෂොපිං මල්ලක බහාලූ පන්ගෙඩිය ඈ වෙතට දිගු කලේය.

      '' කිව්ව කිව්ව මොකෝ නැතිව ඒත් ඇත්ත කිව්වැහැක....මම කිව්ව අනේ බැන්ද නං ඔයාල දෙන්න තනියම ඉන්ඩ.. මං ඇවිල්ල මෙතන ඔයාල දෙන්නගෙ ජීවිතේට ඇඟිලි ගහන්ඩ තියාගත්තම ඔයාල දෙන්නගෙ අලුත් ජීවිතේට ඒක හිරිහැරයක්......ඔහොම කියල මම ආව එන්ට....."

      මුදල් ගෙවූ දයාරත්න හාමිනේ පාන් මල්ලද රැගෙන එලියට බසින අතර පැවසුවාය.

      Delete
    6. ඔය තියෙන්නෙ.... මං දැනගත්ත මොකක් හරි අටවන්ඩ තමා යන්නෙ කියල!! මයෙං විස්තර අහගෙන මටම තලන හැටි හැබෑට...!! ඇත්තමයි උඹට නං පිස්සු අයියෙ :-D

      Delete
  8. මම හිතුවෙ "මේ හොද ලස්සන බෝනික්කා...." සිංදුව ගැන වෙන්න ඇති කියලා, බැලුවම එහෙම හිතපු එකත් වැරදි නෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ නැහැ මේ මහත්තයා මේ පැත්තේ එයි කියලා. ඇවිල්ලානේ වෙලාවටම....... :?)

      Delete
  9. කොහොමත් ඉතින් සිකුරාදා පහුවෙලාම උත්තර දෙන එක නුවණට හුරුයි...

    (මම මේ තාමත් කල්පනා කරන්නෙ මගෙ කටින් මෙහෙම දෙයක් කවදහරි පිටවුනාද කියලයි)

    ReplyDelete
    Replies
    1. කොහොම දෙයක්ද අක්කේ?

      Delete
    2. නෑ නෑ

      "දැන් බැඳලාත් මාස 6ක් වෙන්න ආවානේ. තාම නැහැනේ කිසි වෙනසක්!“

      මෙන්න මේකෙ වෙන වර්ෂන් එකක් හෙම බැරිවෙලාවත් මට කියවුනාද බැලුවේ...

      Delete
    3. ඔය කිට්ටු කථාවක් ඔයාත් දවසක් කිව්වා තමයි අක්කේ............

      Delete
  10. විවාහයෙන් පසු යුද්ධය හෙවත් නැන්දම්මා ලේලී ගැටුම නිසා සැමියා ගිරයට අහු උන පුවක් ගෙඩියක් බවට පත්වන්නෙ ඉබේටමය ......

    ReplyDelete
    Replies
    1. ආ මට මතකයි මේ ලිපිය මාත් කියැව්වා. ඔයාලාට දැනෙන විදිහ ලිව්ව එක අගෙයි

      Delete
  11. මදැයි කෙල හලාගෙන විචාරයක් බලන්න ආවා.මේක හොඳයි ඊට වැඩිය.බැඳලා නැති නිසා නැන්දම්මලා ගැන දන්නේ නැත.අසා තිබෙන විදියට නම් නැන්දම්මලා යනු මාරාන්තික සත්ව කොට්ටාසයකි.

    ReplyDelete
    Replies
    1. මාතෘකාව හොඳයි නේද? :) ඒක නේද දුවගෙන දුවගෙන ආවේ? ඒ වුනාට හැමෝමත් එහෙම නැහැ මානවක.

      Delete
  12. මට නම් ඈ කාලගුනයක් වාගේය. එහෙත් දරුනු සුලි කුණුාටු නම් නවමත් ආවේ නැත.

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි උනා මං අනිවාර්යෙන්ම සිකුරාදා එනවා ඉතිරි ටික බලන්න!

      Delete
    2. මට හිතෙනවා වෙලාවකට අදම පෝස්ට් එක දාන්න කියාලා. :)

      Delete
  13. මාව නම්මා ගන්නට බැරිවූ තැන, අපේ අම්මලාද, පුංචි අම්මලාද, ලොකු අම්මලාද, නැන්දලාද, නැන්දලා නොවන එහෙත් නැන්දා කියා අප අමතන සියලු දෙන එක්වී අපේ ගෑණිව මොකද්දෝ හාස්කම් ඇති තැනකට අරං ගියෝය. හොඳයි මම නැතුව එහෙනම් කරගනිල්ලකො කියා මමද පැත්තකට උනෙමිය. අපේ ගෑණිත් ඉන්ටනෙට් එකේ කැලැන්ඩරේකට අනුව හොඳම දවසක් බලල මාව සෙඩියුස් කලාය. දැන් ඉතින් හරි හාස්කමක්ය. කණක් ඇහී ඉන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. මේ කියලා තියෙන ටික මට හරියටම වැටහුනේ නැහැ තිසර. කුමක් නමුත් ලොකු දෙයක් වෙලා තියෙන වග විතරක් තේරුනා

      Delete
  14. මටත් තියෙන්නේ මිශ්‍ර අත්දැකීම් . එකට ඉන්න කොට පොඩි පොඩි අවුල් . දැන් නම් අපි හරිම යාලුයි. බැඳලා ටික කලකින් ළමයි උවමනාව නම් එයාටත් හැදුන. බැරිම තැන නරියා සහ කපුටා න්‍යාය පවා දැම්ම . ඒ කිව්වේ ''අපේ පුතයි ඔය දුයි කොච්චර ලස්සනද . ඕගොල්ලන්ගේ ළමයි කොච්චර ලස්සන වෙයිද'' මන් ඒකටද මන්ද අහුවුනේ . හැබැයි ඉතින් අපරාදේ කියන්න බැහැ , ඔය පරම්පරාව ගෙනියන කේස් හෙම උන්දැට වගක් නැහැ . අනික මාත් එක්ක කියවා කියව ඉන්න බොහොම කැමතියි . මාමණ්ඩි අහන්නේ ඔය කතා දුතියම්පිද තතියම්පිද කියල .

    ReplyDelete
    Replies
    1. / මන් ඒකටද මන්ද අහුවුනේ /

      ඔව්, ඔව් ආයෙ මොකට කියනවද...බින්දි ඒකට තමයි අහු උනේ....හෙහ්, හෙහ්,

      මේ කතාව අහල තියද?...මේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ගැන...මිනිහට අවුරුදු හැටක් විතර කාලෙ බොහොම ලාබාල ඉතාම රූමත් නිළියක් ෂෝ පස්සෙන්ම ආවළු..ෂෝ එතරම් ගනං ගත්තෙ නෑලු මේ වැඩේ...කෙල්ලත් වැඩේ අතෑරියෙම නැහැලු....බඳිමු බඳිමු කියල මේ මනුස්සය හෙණ ඇණයක් වෙන කොට ෂෝ බැරිම තැන මෙහෙම ඇහුවලු..

      '' මේ තරුණ නෝනා මහත්මයා...අපි දෙන්න බඳින්න ඕන ඇයි කියල මට එක තර්කානුකූල හේතුවක් දෙන්න පුළුවන්ද? ''

      '' ඇයි ෂෝ මහත්මයා..නිකමට හිතන්න ඔබේ බුද්ධි මහිමයයි මගේ හැඩ රුවයි දෙකම තියන දරුවෙක් බිහිඋනොත් ඒක මොන තරම් දෙයක්ද?..ඒ හේතුවම මදිද? ''

      '' ඔව් ඔබ කියන එකත් ඇත්ත...ඒත් අනිත් අතට මගේ හැඩරුවයි ඔබේ බුද්ධි මහිමයයි තියන දරුවෙක් බිහි උනොත්..එතකොට මොකද අපි කරන්නෙ?''

      Delete
    2. කොහොම වුනත් පාඩුවක් වුනේ නැහැ නේද අක්කේ? නැත්තං තවත් පමා වෙලා ‍ඔයාලා වයස ගිහින් තමයි බබලා හදන්නේ............

      Delete
  15. ඕකනේ බැරි, කතාවෙ කුතුහලේ උපරිමටම ගෙනිහින් එතනින් නවත්තනවා.
    ලස්සන කතාව රන්දිකා, හැබැයි මෙතන නම් මට තරහ පිරිමි කෙනා එක්ක, එයාලා යමක් පොදුවේ තීරණය කරා නම්, එයින් බිරිදට අපහසුතාවයක් ඇති වෙනවානම්, ඔහුගේ වගකීම යම් මැදිහත්වීමක් කිරීම නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.......... නමුත් මිනිස්සු හැමෝට ම නියම අවස්ථාවේදී, සුදුසු ම ලෙස හැසිරෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සිතුවිලි වැනෙන්න පුළුවන්. අපි වුනත් කොච්චර අවස්‍ථා වලදී අපරාදේ ඒ වෙලාවේ මට මෙහෙම කරන්න තිබුණා කියලා හිතන අවස්ථා තියෙනවද? ඒක තමයි ලෝකේ හැටි. බලමු මේ දෙන්නාට මොකද වෙන්න යන්නේ කියලා.......... :)

      Delete
  16. නැන්දම්මා ලේලි සදාතනික ගැටුමේ එක් පැතිකඩක්..!

    ReplyDelete
    Replies
    1. මං මීට ඉස්සර කාලෙක ඔය ගැන මොකද්ද මන්දා ලියලා තියෙනවා. අනේ අප්පා දැන් කියැව්වහම මට ම තේරෙන්නේ නැද්ද කොහිද ඒක.................. :) ආයෙම කියවලා බලන්න ඕනෑ

      Delete
  17. ඔන්න අවසන් කොටස අද ම පබ්ලි‍ෂ් කලා මිතුරනි.

    http://www.ranrandil.blogspot.com/2012/10/107.html

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...