Wednesday, March 13, 2013

169. කොන්ත නෝනාගේ කොණ්ඩය, මාලිංගගේ කොණ්ඩය සහ කාගෙ කාගෙත් විනය..Of Hairstyles & Discipline


රටේ ප්‍රශ්න අමතක කරන්ට ජනමාද්දිය මොනවා හරි විගඩමක් කරළියට අරං එනව. නාග නලඟන අල්ලාගෙන කාලයක් දැඟලුව. ඊට පස්සෙ හොරණ පොල් කෙල්ල උඩ දැම්ම. දැං මාලිංග අල්ලගෙන නටනව.ආණ්ඩුවේ රූපවාහිනී දෙකට මේ දවස්වල වැදගත්ම ප්‍රශ්නය මාලිංගගේ නොහොබිනා හැසිරීම. හෙට අනිද්දා ජිනීවා වල මානව හිමිකම් කමිටුව රැස්වෙනව. ඒ ගැන වගේ වගක් නෑ. ඒක වගේද මේ මාලිංග කොරපු එක. මූ හිටුවා පස් ගහන්ට ඕනෑය. මේක මුගේ ජම්මේ වැරැද්දය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයිං එක්ක කොන්තරත් ගහන්නෙ ඔවුන්ව එක එක මට්ටම් අනුව බෙදලාය. ඒ අනුව මාලිංග අයිති වෙන්නේ පළවෙනි මට්ටමටය. 

එහෙම තත්වෙක ඉන්න ක්‍රීඩකයන් හැසිරෙන දිහා බලලාය පුංචි එවුන් ඉගෙන ගන්නේ. ඒ නිසා ඒ ක්‍රීඩකයිං විනයක් ඇතුව ඉන්ට ඕනෑය. ආණ්ඩුව උදේ හවස ඉවරයක් නැතුව කියන්නේ ඒකය. ඇත්තම කිව්වොත් මාලිංගගේ කොණ්ඩෙට මම කැමති නැත. ඒත් උගේ යෝකර් පන්දුවට මම කැමතිය. ඔස්ට්‍රේලියන්, ඉන්දියන්, එංගලන්ත, පකිස්තාන, දකුණු අප්‍රිකානු.... ඔය කොහෙං කවුරු ආවත් මාලිංගගේ යෝකර් එක වැටෙන්නේ කෙලින්ම කකුලේ ඇඟිලි වලටය. ඒ බෝලෙට විස්තර විචාරකයන් කියන්නෙ Toe Crusher කියාය. මෙන්න මෙහෙමය.මේක වැඩ දාලා පණ පිහිටුවල කියන්නෙ ස්වර්ගස්ත උනු ටෝනි ග්‍රේග් නම් දීග ජන්තුවාය. 

" Incomes Malinga ( ටෝනි කියන්නෙ මාලිංග කියල නෙවෙයි මලිංගා කියලයි ) right arm over the wicket with his unique slinging round arm action into Pieterson…another of those trademark toe crushers of malinga, right on target as always……." 

අනික් පැත්තෙ එවුංගෙ කකුලෙ ඇඟිලිවලට හරියටම කිරල මැනල යෝකර් දානකල් මට මාලිංග එක්ක කිසිම කොක්කක් නෑ. උගෙ කොණ්ඩෙ කොහොම තිබ්බත් මට එකයි. අර කතාවකුත් තියෙන්නෙ කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියටයි කියල. 

ඔය කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියටය කියල කියන කතාව හැදිච්චි හැටි අහල තියද?...නියම කතාව ඒක..ඕක මේ සුද්දගෙ කාලෙ වෙච්චි එකක්. කොන්ත නෝනය කියන්නෙ මරදානෙ හිටපු නගර සෝබිනියක්..දන්නවනෙ එහෙම කිව්වම කවුද ඒ කියල නේද?..හරි හරි... ඔක්කොමල දන්නව..ඔන්න දවසක් තම වුර්තියෙ යෙදිල ඉන්දැද්දි Ms. කොන්ත නෝනව පොලිසියෙං අල්ලං ගිහිල්ල දැම්ම උසාවි.... හොඳද?...නඩුකාරය ඇවිල්ල සුද්දෙක් ....ඔන්න ඉතිං පොලීසියෙං විස්තරේ කිව්ව " My Lord, this woman has been arrested while soliciting in a public place..." 

මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් සොලිසයිටිං කියල නගර සෝබිනී රැකියාවෙ යෙදෙනවටත් කියනව. ඒ වගේම නීතීඥයන්ටත් සොලිසිටර් කියල කියනව. ඒ කිව්වෙ ඉංගිරිසි බාසාව අනුව ඒ දෙකම එකයි කියල සලකනවද මන්ද...ඒක කොහොම වෙතත් අද බහුතරයක් පෙරකදෝරුවො හැසිරෙන්නෙ නම් ඒ දෙකම එකයි කියල ඔප්පු කරන එක තම ජීවිතයෙ එකම අභිලාෂය කරගත්තු අය වගෙ..හෙහ්, හෙහ්, 

හරි ආපහු සුද්දගෙ උසාවියට...නඩුකාර සුද්ද බොහ්..හ්..හෝම දරුණු මනුස්සය. ආය නෑ කාටවත් සමාවක්..පෙර වැරදි නැති නිසා ලිහිල් දඬුවම් ..එව්ව නෑ මිනිහ ගාව...මේ කතාව ඇහුනම මිනිහගෙ මූණ රතු උනා පිණි ජම්බෙ වගෙ. කණ්ණාඩිය පාත් කරල කොන්ත නෝන දිහා රවල බැලුව බැලිල්ලක් කොහොමද දන්නවද?....ආං හරි ඒ වගේ තමයි.... 

" Soliciting huh?..maximum fine , maximum fine...." සුද්ද බෙරිහන් දුන්න. 

කොන්ත නෝන මෙව්වයෙ අගක් මුලක් මොකවත්ම දන්නෙ නෑ..විත්ති කූඩුවට වෙලා විටකුත් හප හප නඩුකාරයගෙයි පෙරකදෝරුවංගෙයි මූණු දිහා මාරුවෙං මාරුවට බල බල හිටියෙ. 

තෝල්කය ආව විත්ති කූඩුව ලඟට. " දඩේ දහයයි. ඒක ගෙවල තමුංට යන්ට පුලුවෙනි. " බොහොම ගාම්බීර තාලෙට දැනුම් දුන්නා. 

කොන්ත නෝනට ඉහිලුං නැතුව ගියා මේ කතාවට.. 

" ඈ මහත්තයෝ, ඔය රුපියල් දහයෙ දඩේ ගෙවන එක නං ඒ හැටි කජ්ජක් නෙවෙයි. ඒත් මං අදනෙ දන්නෙ මයෙ මේකත් අයිති ආණ්ඩුවට කියල " 

ඇඳං හිටපු රෙද්ද උස්සල වටේටම පෙන්නල උන්දැ කෑගැහුව.තෝල්කය බය වෙච්ච පාර කලන්තෙ දැම්ම කියලයි කියන්නෙ. නඩුකාරයට දැන ගන්ට ඕන උනා කොන්ත නෝන කිව්වෙ මොකක්ද කියල. ඒක පරිවර්තනය කරල කිව්වම මිනිහ ඇස් දෙකෙං කඳුලු පනිනකල් හිනා උනාලු. මිනිහ කොච්චර සන්තෝස උනාද කිව්වොත් දඩෙත් අවලංගු කරලයි කියනව කොන්ත නෝනව නිදහස් කරල තියෙන්නෙ. 

මෙන්න මෙහෙමලු නඩුකාරයගෙ තීන්දුව.... 

" That’s a very sound & valid point of law ..what you showed this court a little while ago comes under strictly private property act. Or at least I think so…in that case when you generate an income renting out your own private property whether the government is entitled to tax it is a very debatable question. but anyway as there is no clear precedence in this regard, for the moment I accept your submission & hereby exonerate & release you. " 

හැබැයි තෝල්කය විරුද්ද උනාලු ඒ Interpretation එකට. 

" My Lord, I most humbly disagree with your viewpoint. At the very moment a private property is leased out with an express intention of generating an income it ceases to be strictly private. It automatically becomes a public property and therefore is liable to be taxed. " 

ඒත් නඩුකාරය එකඟ උනේ නෑ ඒ තර්කයට. මිනිහ කොන්ත නෝනව නිදහස් කලා. අන්න එහෙමයි ඒ කාලෙ ..සුද්දො ඇවිල්ල අන්තිම සාදාරණයි. 

ඔන්න ඔය කතාව ටිකක් සභ්‍ය විදිහට හරෝල තමයි ඔය කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියට කියන කතාව ඇතිවෙලා තියෙන්නෙ... 

හරි ආයෙම මාලිංගගෙ කොණ්ඩෙට...මම මේ කිය කිය හිටියෙ ඒ මනුස්සයගෙ කොණ්ඩෙ ඒ මනුස්සයට ඕන විදිහට තිබ්බම අපිට මොකද කියන එකයි.ඒ වගේම තමා මාලිංග ටෙස්ට් ගහන්නෙ නැතුව අයි.පී. එල්. ගහන එක....ඉතිං මොකද?...හැමදාම ක්‍රිකට් වලිං හම්බ කරන්න බෑනෙ. ඉතිං පුලුවං උපරිම කාලයක් උපරිම සල්ලි හම්බ කරගන්ට මාලිංගටත් අයිතියක් නැද්ද?...මේ අපි හැමෝටම වගෙ..නෑ..එයාටත් ඒ අයිතිය තියනව...ඒක අනිවාර්යයයි.ඊලඟට අපේ මේ ජනමාද්දිය කාරයින්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ක්‍රිකට් ගහන කට්ටිය අච්චර හම්බ කරනව මෙච්චර හම්බ කරනව ගාන. ඕන්න කට්ටියගෙ නමත් එක්ක ගනන් දානව පත්තරේ මහේලට මෙච්චරයි, සංගට මෙච්චරයි....කියල. ඒ ගනං දක්කම ඉතිං මිනිස්සු කුලප්පු වෙනව..අර මිනිස්සුංට බනින්නෙ අම්ම මෝ නැතුව. 

ඇයි දෙයියෝ සාක්කි මේ යක්කුංට තේරෙන්නෙ නැති හැටි මිනිස්සු කියන ජාතිය එකිනෙකාට වෙනස් කියල. මම මහේල නෙවෙයි. මහේල කරන සෙල්ලං මට කරන්ට බෑ, ඒ මනුස්සයගෙ උපතින් ගෙනාපු සහ පස්සෙ ස්ව උත්සාහයෙන් වැඩි දියුණු කරගත්තු ක්‍රීඩා කෞශල්‍යය නිසා මහේල ලක්ස ගනන් හම්බ කරනව. ඒකෙ හැටි එහෙම තමයි.මහේලගෙ දක්ෂතාවය සංගගෙ දක්ෂතාවය බොහොම කලාතුරකින් කෙනෙකුට පිහිටන දෙයක්. ඉතිං ඒක පාවිච්චි කරල ඒ මිනිස්සු ලක්ෂ ගනන් හම්බ කරනව. ඉතිං මොකද? ඔහෙ හම්බ කරගත්තාවෙ...මේකෙ වැඩේ මිනිස්සු ඔක්කොම මේක දන්නව. ඒත් පත්තර වලින් ටී. වී. වලින් පොඩ්ඩක් ඇවිස්සුවම ඔන්න කුලප්පු වෙනව. අඩේ මුංට මොකටද ඔච්චර කෝටි ගනං සල්ලි. නරකද ඔව්වයිං කොටසක් නැති බැරි මිනිස්සුන්ට දුන්නනං....හොඳයි තමයි, ඒත් ඒක තීරණය කරන්න ඕන ඒ සල්ලි හම්බ කරන උදවිය මිසක වෙන කවුරුවත් නෙවෙයි. වෙන කාටවත්ම බෑ එහෙම කියන්න.අච්චර දීපං මෙච්චර දීපං කියන්න. 

අනික මේ දේසප්පෙරේමය. ඕන එකකට ඕක තමයි ඉස්සරහට දාන්නෙ...දැං ඔය ක්‍රිකට් ක්‍රීඩකයො ගිවිසුං අස්සං නොකර හිටපු දවස් කීපෙට රාජ්ය මාධ්‍ය ගැහුවෙම ඔය තුරුම්පුව..දේශ ප්‍රේමයේ තුරුම්පුව..අපි ක්‍රිකට් ආයතනය ගැනම බලමු. ඕකෙ සල්ලි ගැහුවෙ කෝටි ගණං වලින් ..එහෙම කිව්වෙ එක පාරක් වෙන කවුරුවත් නෙවෙයි ක්‍රීඩා ඇමති තුමාමයි. ඒත් ඒ හතර වරං ගහපු මිනිස්සුන්ට කිසිම දෙයක් උනේ නෑ. උං යස අගේට සල්ලිත් අරං අයිං වෙලා ගියා. එවුං එක්ක එකතු වෙලා හොරා කාපු තව හත් අට දෙනෙක් තවම ඉන්නව නිල තල වල.ඒ ගසා කාපුවට හරියන්ඩ තමයි ක්‍රීඩකයන්ට මෙච්චර කල් දුන්නු දීමනාවට මෙදා පොටේ බැස්ටිය දෙන්නෙ.අනේ අපි නොදන්න ලයිව්.... 

එතකොට කෝ අර හොර තක්කඩිංගෙ දේසප්‍රේමය? කෝ එවුංගෙ විනය? 

පාරවල් දිගේ ගිනි දවල් මරා ගන්නව මංත්‍රීල, සංවිධායකල. හෝටල් වල දෙනෝදාහක් ඉස්සරහ ගෑණු දූෂණය කරනව ප්‍රාදේශීය දේසපාලුවො..පාර්ලිමේන්තුවෙ මංත්‍රීල කියන එවුම්ම රටේ අග විනිසුරුට ඊටත් වඩා කාන්තාවකට වට කරගෙන නොහොබිනා කතා කියනව.එවුන්ගෙ විනය ගැන කතා කරන්ට කවුරුත් නෑ.මාලිංගගෙ විනය තමයි හැමෝටම ලොකු වෙල තියෙන්නෙ. අනේ සකෝ බල ලෝ කිව්වලු... 

අනික් කාරනේ මේකයි. දැං ඔය ක්‍රිකට් ක්‍රීඩකයො ගිවිසුං අස්සං කිරිල්ල ප්‍රතික්සේප කලේ මොකද? ඉල්ලීං හතරක් හින්ද...එතකොට සනත් ජයසූරිය ගරු මන්ත්‍රී තුමා එයාල හම්බවෙලා සාකච්ඡා කරනකල් එයාල ඒ දැඩි ස්ථාවරයෙ හිටිය. ඉල්ලීම් ලැබෙනකල් අස්සං කරන්නෙම නෑ නෑමයි කියල. ජයසූරිය ගරු දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක්ක එක සාකච්චාවයි තිබ්බෙ. මෙන්න පහුවදා කිසි කතාවක් නැතුව ඔක්කොමල පෝලිමට ගිහිල්ල අස්සං කලා. දැං මොකද මෙතන වෙන්ට ඇත්තෙ?...හිතාගන්ට පුලුවන්නෙ නේද?...ජයසූරිය ගොයිය ඔය සාකච්චාවට එන්ට ඇත්තෙ ඔතන ඉන්න ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් එක්ක එකට සෙල්ලං කරපු ජේස්ට ක්‍රීඩකයෙක් හැටියටද? ඇවිල්ල මෙහෙම කියන්ට ඇති කියල හිතනවද?. අනේ සුදු මල්ලිලා මම මේ ඔයාලගෙ අයිය කෙනෙක් කියල හිතාගෙන මම කියන එක අහන්ටකො. හොඳ ළමයි වගෙ ඕකට අත්සන් කරන්ටකො. 

ජයසූරිය තේරීම් කමිටුවෙ සබාපති. තෙරීම් කමිටුවෙ සබාපති හැටියට එයාට ක්‍රීඩකයන්ගෙ ගිවිසුම් ගැන කිසිම ඇඟිලි ගැහිල්ලක් නෑ. එයයිට තියෙන්නෙ ක්‍රිකට් ආයතනය එක්ක ගිවිසුමකට බැඳිල ඉන්න ක්‍රීඩකයින් අතරින් හොඳම එකොළොස් දෙනා තෝරන එක. එතකොට මොකක් වෙන්න ඇතියි කියලද අපිට හිතන්න වෙන්නෙ?....ජයසූරිය සාකච්චාවට ආවෙ රජයේ නියෝජිතය හැටියට..ඇවිල්ල කියන්න ඇති මෙහෙම....( පරිකල්පන ශක්තිය ඇත්තෝ පරිකල්පන ශක්තිය භාවිතා කරත්වා !!! ) 

ඉතිං ඔහොම අස්සෙ තමං මාද්දිය වේදියො කියල මහ ලොකුවට හිතාගෙන ඉන්න උදවිය අනම් මනම් අහන්න ආහම තරහ යන්නෙ නැත්තෙ කාටද? 

ඔය මාද්දිය වේදියංගෙ තරම බලා ගන්ට හොඳම තැන තමයි සති පතා තියෙන රජයේ ප්‍රවෘත්ති සාකච්චාව. ඒකට ඇවිල්ල අර රජයේ මාද්දිය පොරකාසක කියන ගොබිල කියන අන්දරේගෙ කතා මීක් කියන්නෙ නැතුව අහගෙන ආපහු එන්ට පුලුවන් ලංකාවෙ මාද්දිය වේදියොයි කියල තමම්ම කියාගන්න ජාතියටම විතරයි. 

එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. තමංගෙ රස්සාව කරන හටි තමං දැනගන්ට එපාය..ඒක කියල දෙන්ට මට තියෙන අයිතිය මොකද්ද?...හෙහ්, හෙහ්, 

මොකදෑ කොරන්නෙ ඉතිං?..උයා ගත්තු දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්ට තමයි වෙලා තියෙන්නෙ... 

එසඳ මම පසෙකටවී බලා සිටින්නෙමි. 

77 comments:

  1. කොත්ත නෝනගෙ කොන්ඩෙ ගැන අද තමයි ඕන් දැන ගත්තෙ.. අනිත් ඒවා ගැන කතාකරල වැඩක් නෑ අප්පා.. කියපුවට එකඟයි..

    ReplyDelete
    Replies
    1. කොණ්ඩෙ කිව්වට බොලේ,
      ඕක කොණ්ඩෙමත් නම් නොවේ...හෙහ්, හෙහ්,

      Delete
  2. No comments Ravi.. I can't even think what to say about this BS.. :-(

    ReplyDelete
    Replies
    1. Comparing this garbage to BS is actually degrading the BS itself, Even BS is useful than this muck :(

      Delete
  3. ///අනික් පැත්තෙ එවුංගෙ කකුලෙ ඇඟිලිවලට හරියටම කිරල මැනල යෝකර් දානකල් මට මාලිංග එක්ක කිසිම කොක්කක් නෑ.///

    ක්‍රිකට් ගැන නම් මට මෙලෝ වැඩක් නෑ... ඒත් මටත් කියන්න තියෙන්‌ෙන ඔච්චර තමයි....

    වැඩේ අනුමත කරන්නේ නැති උනත්, මිනිහෙක් හැටියට මට මාලිංගව පෙන්නන්න බැරි එකත් සම්පූර්ණයෙන්ම වෙනම කතාවක් විතරයි...

    මාධ්‍යට මාලිංගගේ විනය මාර ප්‍රශ්නයක්... හැබැයි අර පාර්ලිමේන්තුවේ කුනුහරුප කියාගන්න ඒවා නම් ප්‍රවෘත්ති වලටත් දානවා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු....අපි කැමති අකමැති දේවල් වගේම කැමති අකමැති මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නව. අපි අකමැතියි කියල මොකෝ උං වහ බීල කැලේ රිංගන්ටය?..නැත්නම් කනේරු ඇටයි සීනියි කන්ටය? නැද්ද මං අහන්නෙ?...උනුත් මේ ලෝකෙ ඉන්ට එපාය.

      ලංකාවෙ මාධ්‍ය ගැන නම් කතා කරන එකත් අප්පිරියයි. පත්තර අරං බලාපං...පොලොන්නරුවට පිහාබන පීරිස්සක් ගොඩ බැහැල සම්බ කිලෝ සීයක් පටවං ගියාය කියයි. අම්පාරෙ බෝක්කුවක් උඩ, ඉඳ ගත්තම දහාට රියනක් උස මහසෝනගෙ බාප්පගෙ පුතා සුරුට්ටුවක් ඇද ඇද හිටියයි කියයි.මේ ආත්මෙම නිවං සම්පත්තිය සාක්සාත් කරගත්තු උපාසක බවතෙක් ඩෙක් ෂූස් දාගෙනම එරමිණිය ගොතාගෙන බණ දේසනා කරයි. ඔන්න ඔය වගෙ ගිනස් පොතට යන්ට ඕන විහිලුනෙ පත්තර පිටු පුරෝල තියෙන්නෙ. මේක මාධ්‍යයෙ වැරැද්දක්ම නෙවෙයි මැඩම්. අද මුළු රටම ගඳ ගහන පල් වලක් වෙලා තියෙන්නෙ. ඒකෙ රැකෙන්ට නම් ඒ ජරාව අනුබව කරන ඉහඳ පණුවො වෙන්ටම වෙනව. නැත්නං පැවැත්මක් නෑ. :( :(

      Delete
  4. උයා ගත්තු දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්ට තමයි වෙලා තියෙන්නෙ...
    වෙන මොනා කියලා කරන්නද මල්ලි ? මොක කලත් වැඩක් වේයැ ? මේ යන ක්‍රමේට..

    ReplyDelete
    Replies
    1. එහෙම කරලත් බෑ නොකරත් බෑ ...ඔන්න ඕකනෙ වෙනි වෙලා තියෙන්නෙ…Its rather like a Loss loss situation

      Delete
  5. රවී ඇත්ත තිත්තයි එත් ගොඩක් අය කියන්න කැමති නැහැ
    මොකද ලාබ අඩු වෙන නිසා
    ඔබ 100% හරි
    සමන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමන්...මොකද කොරන්නෙ ඉතිං?...මේ විගඩං දැක්කම කට පියාන ඉන්ට හිතෙන්නෙ නෑ නෙව....ඒකත් එක කරුමයක් :)

      Delete
  6. MALINGATA oni ekak kiyanna karanna puluwan uta hodata cricket puluwan. eth hesireema anthimai. Ae wagema thamai janamadya karayo eka unge rassawa boru hari magadi hari puwath mawana eka hmbakaran kana ekane. eka nisa oya okkoma ekai. rate ewuntath opa dupa thamai oni eka nisa mulu samajayama gon relak

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව හරි...රටම තනිකරම කුණුවෙලා තියෙන්නෙ උඩ ඉඳන් පල්ලෙහාටම...

      Delete
  7. කොන්ඩේ තමා කොන්ඩේ....

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං මාලු මලේ..ඒක තමයි කොණ්ඩෙ කියන්නෙ...:)

      Delete
  8. උඹ ඔහොම කිව්වට අයියෙ මාධ්‍ය විදියට රටේ අවධානය සහ මතය වෙනස් කරන එක ගැන මොනතරං වගකීමක් තියෙනව ඇද්ද උන්ට?? පොඩ්ඩක් තේරුම් ගනිංකො... නිවුස් කිව්වට ජනතාව කතා කරන්ඩ පෙළඹෙන ඔය වගේ නිවුස් එකක් හොයාගන්න එක ඒ තරං ලේසි නෑනෙ... ඒ හන්ද මේ සතියත් කොහොමිං හරි මාලිංගගෙන්ම ඇදගන්ඩ වෙයි ජනතාව විදියට අපිට

    ReplyDelete
    Replies
    1. අම්මප මගෙ මාලු නටන්නෙ අර පාරවක් ගානෙ ඉන්න එවුංගෙං වොයිස් කට් අරගෙන මහජන මතය කියල ප්‍රචාරය කරන එකට…

      " අපි සජීවීව දැන් යොමු වෙනවා මසංගස් හන්දියේ නගර සබාවෙ කුනු බක්කිය ගාව ඉන්න අපේ නිවේදක අපත නුහුගුණසේකර වෙතට " කිව්වට ඔව්ව ඔක්කොම කලින් රෙකෝඩ් කරල එඩිට් කරල හදපුවා. මුලින්ම ඔය රජකවාහිනිය ඔය වොයිස්කට් වැඩේ ලයිව් කරන්ට ගිහිල්ල ඇණ ගත්ත ඇණ ගැනිල්ලක් සංසාරෙ තියන කල් අමතක නොවෙන්ට. ඒක උනේ මෙහෙමයි.

      " මේ මහත්මය කියන්ට බලන්න මොකද මේ ගැන හිතන්නෙ?..."

      මට මතක නෑ මොකක් ගැනද ඒ ඇහුවෙ කියල. ඒත් උත්තරේ මෙහෙමයි....

      " අඩෝ. මේ ගනිං ඩෝ මයික් එක අහකට. උඹලටත් ඕන නැති ***** නෑනෙ හැබෑටම. අනුන්ගෙ රෙදි උස්ස උස්ස බලන වෙලාවෙ ගෙදර ගිහිල්ල *********** බුදියගනිං මහත්තය...මේ පේනවනෙ අතේ තියන එක...."

      ජනතාවට සත්‍යය හෙලිකිරීම තම එකම පරමාර්ථය කරගත් මාධ්‍යවේදීහු පසු නොබලා පලාගියාහුය.

      Delete
  9. කොන්ත නෝනගේ නෙවෙයි හරකෝ. පොන්ත නෝනගේ කොන්ඩේ. තොපි පැරණි සාහිත්‍ය පොතක් දැකලාවත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ඔබ තුමා කියන පොන්ත නෝනා නෙවෙයි අනේ මේ..මෙයා ඇවිල්ල කොන්ත නෝනම තමයි..මම දන්නව හොඳාකාරවම මොකද අපෙ අත්තම්ම කෙනෙක් වෙනව. :) :)

      Delete
    2. හික්ස්....මටත් හිතුණා රවිය වගේමයි මුණ. ඒ දවස්වල

      Delete
    3. කොන්ත නෝනගේ පුතෙක්ලු නෙ චොප්පෙ කියන්නෙ.වැඩි විස්තර නලින් දන්නව ඇති මුණ මතකනම් :).

      Delete
  10. මමද පසෙකට වී බලා සිටිමි

    ReplyDelete
  11. //ඇඳං හිටපු රෙද්ද උස්සල වටේටම පෙන්නල උන්දැ කෑගැහුව.තෝල්කය බය වෙච්ච පාර කලන්තෙ දැම්ම කියලයි කියන්නෙ.//ඇස් දෙකෙන් කඳුළු පනිනකම් හිනාවුනා මේක කියවල... ඒ කතාව අදයි දැන ගත්තෙ...
    මාලිංගගෙ කොණ්ඩෙ නම් මටත් පේන්න බෑ... ඒත් මිනිහගෙ ක්‍රිකට් වලට කැමතියි...

    ReplyDelete
    Replies
    1. / ඇස් දෙකෙන් කඳුළු පනිනකම් හිනාවුනා මේක කියවල... ඒ කතාව අදයි දැන ගත්තෙ… /

      හෙහ්, හෙහ්, ඒකනෙ කියන්නෙ..කතාව කියවල උඹ කඳුලු පනින කල් හිනා උනා නං ඔය සීන් එක ඇස් දෙකෙම්ම දැක්ක අර සුද්දට කොහොම හිනා යන්ට ඇද්ද කියල හිතාගන්ට පුලුවන්නෙ නේද?

      / මාලිංගගෙ කොණ්ඩෙ නම් මටත් පේන්න බෑ... ඒත් මිනිහගෙ ක්‍රිකට් වලට කැමතියි /

      අන්න ඒකනෙ..මාත් එහෙමයි. එ මනුස්සයගෙ කොන්ඩෙං අපිට වැඩක් ඇත?. මොකෝ….අපිද ඌව නාවන්නෙ? නෑනෙ…. අපිද උගෙ උකුණො ගන්නෙ? නෑනෙ...

      අනික කොණ්ඩෙ හොඳට මම කැමති විදිහට තියෙන එවුං කීප දෙනෙක් ඉන්නව බෝලිං අන්තිමයි...හෙහ්, ඒ ගැනත් සෝක් කතාවක් මතක් උනා. කරුණු දෙකක් හින්ද මේ පෝස්ට් එකේම ලිව්වෙ නෑ. එකක් පෝස්ට් එක දිග වැඩි වෙනව. අනික අතුරු කතා වැඩි උනාමත් ඒක එච්චර හරි නෑ.ඒක ලියන්නං වෙනම...

      Delete
  12. උපරිමයි රහයි පට්ටයි.. පොඩි එකාට ගහන්නෙ පොඩි උන්මයි. එක ඉන්ගිරිසි පත්තරයක් මාලිංගට ගැහුවේ නෑ. එතනයි හැදියාව කියන දේ තියෙන්නේ. මාලිංග ගෙන ප්‍රශ්ණ කලේ ජනමාද්දිය වේදියෝ වෙන්න බෑ. මොකද ක්‍රිකටර්ස්ලටත් ක්‍රිකට් ගැන ප්‍රසිද්දියේ අදහස් දැක්වීම තහනම් කළේ අදක ඊයෙක නෙමෙයි. ඒක නොදැන් එලව එලව පස්සෙන් යන උන්ට කියන්නේ. පැපරාසියෝ කියලා. මාලිංගගේ කොන්ඩෙට මම නම් පට්ට ලයික්.. කොන්ඩෙ නිසා තමයි ඌ මාකට් උනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්...:) :)

      මට තව තේරෙන්නෙ නැති එකක් තමයි ඔය සීන් එක වෙනකොට මාලිංග ගිවිසුම අත්සන් කරල නෙවෙයි නේද හිටියෙ?..එතකොට කලින් ගිවිසුම කල් ඉකුත් වෙලා ස්වයංක්‍රීයව අවලංගු වෙලා. එතකොට SLC එක කොහොමද මාලිංගට විරුද්ධව පරීක්ෂණයක් තියන්නෙ?

      Delete
  13. "kontha nonage puka kontha nonata ona vidihata" kiyalaa kiyanna ayi ochchara baya. kohoma unath mama oya kiyana kathaawata sampurnayen ekanga na mokada maalinga othenta aawe ape salli walin nam maalingata puluwan kaale kohoma hari hamba karaganna ona kiyana eka saadaarana tharkayakda.

    ReplyDelete
    Replies
    1. / "kontha nonage puka kontha nonata ona vidihata" kiyalaa kiyanna ayi ochchara baya./

      පුක කියල කියන්ට නම් කිසිම බයක් නෑ. ඒත් ඇනෝ මෙතන වැඩේ අදාල අවයවය පුක නෙවෙයි නෙව...අන්න එකයි. :) :)

      / maalinga othenta aawe ape salli walin nam maalingata puluwan kaale kohoma hari hamba karaganna ona kiyana eka saadaarana tharkayakda. /

      මාලිංග ඔතනට ආවෙ අපි කාගෙවත් සල්ලි වලින් නෙවෙයි.ඔන්න විබාග එහෙම පාස් කරල ලොකු තැනකට ගිය කෙනෙක් ගැන නම් අඩු ගනනෙ ඔබේ තර්කයේ යම් පදනමක් තියෙන්න තිබුණා. ඒ කිව්වෙ ආ, මිනිහට මුල මතක නෑ. මිනිහ ඉගෙන ගත්තෙ අපේ සල්ලි වලින් කියන ඉතාම සුලභ තර්කය ගන මම මේ ක්කියන්නෙ. මම ඒකට එකඟ නෑ. ඒක වෙනම කතාවක්. ඒත් යම් පදනමක් තියෙන්න පුලුවන් කියලයි මම කිව්වෙ.

      මාලිංග එහෙම නෙවෙයි. ආතක් පාතක් නැතුව, මම දන්න විදිහට ( මම වැරදි වෙන්න පුලුවන් ) ත්‍රී වීල් එකක් එලවගෙන බීච් එකේ ක්‍රිකට් ගගහ හිටපු පුද්ගලයෙක්. ජාතික කණ්ඩායමට කොහොම එකතු උනාද කියල නම් හරියටම දන්නෙ නෑ ඒත් ඒ මිනිහගෙම උපංගෙයි හැකියාව දක්ෂතාවය නිසා මිසක් අපි කාගෙවත් සල්ලි වලින් නම් නෙවෙයි.

      Delete
  14. Exactly my point.
    - Some people say it's the media who brought Malinga to this level of success. I say Malinga got is current level of success because he's a good cricketer. Otherwise media should be able to pick any random jock and make him a cricketer.
    - Malinga is doing a job and he's asking the salary he wants. Like anyother job the employer (SLCB) can hire him at that salary or find another employee. It's just supply and demand based economy. Criket bring in money, so he can demand more money. Volleyball or elle doesn't bring that kind of money, so they doesn't get paid in millions.

    ReplyDelete
  15. මමත් ඉතින් ඔය ක්‍රීඩකයින්ට තරහ යනවද, පවුල් ජිවිතේ යහතින් ගෙවනවද, අරකද මේකද කියලා හොයන්න තරම් උන්ට වහ වැටිලා නෑ :) දක්‍ෂ කම තියනවනම් එච්චරයි නේ. අනිත් එක ඒ අයත් හම්බ කරගත්තම මක් වෙනවද. අපිට එහෙම බැරි එක අපේ නොහැකියාව මිසක් උන්ගේ වැරැද්ද නෙමෙයිනේ. ඕනෑම ක්‍රීඩකයෙක්ගේ ජිවිතයේ useful time කියන එක සාමාන්‍ය මිනිහෙක්ට වඩා අඩුයි. ඔවුන්ට හම්බ කරන්න හැකියාව තියෙන්නේ අර සීමිත කාලේදී විතරයි. එහෙව් එකේ ඒ ටික දවසේ උන් පුළුවන් තරම් හම්බ කරගත්තට අපිට අයිතියක් නෑ ඒකට විරුද්ධ වෙන්න.

    මට හිතෙන හැටියට මෙතන රට පටලවාගෙන ඉන්නේ අපි. අපි ආදරය කළ යුත්තේ ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා වලට. ක්‍රීඩකයින්ට නෙමෙයි. එවිට ඔවුන්ගේ හැසිරීම් නිසා අපේ හිත් අනවශ්‍ය ලෙස රිදෙන්නේ නැහැ. මටනම් මාලිංග කළ දේ දැකලා පොඩි අප්‍රසාදයක් ඇති උනත් ඔය කියන විදියේ දුකක් දැනුනේවත් ඔහුව "ක්‍රිකට් වීරයෝ" ලැයිස්තුවෙන් අයින් කරන්න හිතුනේවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං කියන්නෙ..මුංට පිස්සු...දැං ඔය මාලිංග පොඩි එවුංට ආදර්ශයක් වෙන්න ඕනය කියන එකෙක්වත් උංගෙ පොඩි එවුං කිව්වොත් " ටාට්ටෙ, අනෙ ටාට්ටෙ, මට මාලිංග අයිය වගෙ කොන්ඩෙ වවල ටින්ට් කොරන්ට ඕන " කියල ඒකට ඉඩ දෙනවද?...:) :)

      ඒ මිනිහ කරන්නෙ ක්‍රිකට් ගහන එක. ඒ මිනිහ හරියට ක්‍රිකට් ගහනවද කියල විතරක් බලන්නෙ නැතුව ආදර්ස ගන්ට යන එක නෙව මේ ඔක්කොම අවුල් වලට හේතුව...:)

      Delete
  16. උඹ මගුලක් කතාකරනවා. සොලිසිටර්ලා සොලිසිට් කලාට මොකෝ බං අපි බේත් ගන්න දොස්තරලා කරන්නෙ ප්‍රැක්ටිස් එකක් වෙනකොට. ඇඟ හිරිවැටෙන්නෙ නැද්ද ඒක ඇහුවාම?

    මේ පාර උඹ බ්ලොග් පෝස්ට් එක ලියලා තියෙන විදිය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද කොහෙද? ඇයි බොල අර නිල් පාටින් දාලා තියෙන ඒවා හිංගලෙන් වරහං ඇතුලෙ නොදා අපි වගේ උන් තේරුම් ගන්නෙ කොහොමද? ඒක නම් මම හෙලා දකිනවා.

    >>එසඳ මම පසෙකටවී බලා සිටින්නෙමි. <<

    මමද එසේමය.

    මම ක්‍රිකට් ගැන වචනයක් කතා කලාද?

    ReplyDelete
    Replies
    1. / මම ක්‍රිකට් ගැන වචනයක් කතා කලාද? /

      උඹට ඉතිං ක්‍රිකට් අරහං නෙව..අම්මප වෙලාවකට මට හිතෙනව උඹ සුලෝහිතේටමද ගියෙ කියලත්…

      ආයෙම මෙහෙමත් හිතෙනව....

      " ගිලී මලෙත් ඇත දතසුද්දෝ …"

      " ඉඳ ඉඳ එක වෙහෙර,
      විඳ විඳ දහම් මනහර,
      සිඳ බිඳ දුක් සසර,
      අහෝ දෙව්දත් නොදිරි මොක්පුර, "

      තව මෙහෙමත් හිතෙනව මචෝ,

      " කූඩැල්ලා සහ මෙට්ටේ කතාව .."

      අන්තිමටම…..

      " බලු වලිගේ උණ පුරුකේ දාලා ….
      තැබුවත් නෑ ඇදේ ඇරෙන්නේ…"

      Delete
    2. කට නැත්නං මූව බල්ලෝ ඇදං ගිහිල්ලා කියලා මටත් හිතෙනවා, අම්මපා. :D

      Delete
  17. ඔය ජනමාද්දිය වේදියෝ කියන වර්තමානයේ ඒ රැකියාව වෛෂාවෘත්තියේ යොදවන උන් කරපු වැඩේට මම නම් එදත් විරුද්ද උනා.

    මම හිතුවෙත් උඹ හිතපු විදිහටමයි.

    උන්ට හැමදාම ක්‍රිකට් ගහන්න බෑ. පුලුවන් කාලේ වයට යන කම් කාලා ඇඳලා ඉන්න තරම් හම්බ කර ගන්න ඕන.

    ඔය facebook එකේ කෑ ගහපු එක දේසප්‍රේමියෙක්ට හරි මාලිංගගේ දක්ෂ කම තිබ්බ නම් උන් යනවද රට වෙනුවෙන් කියලා නිකම් සෙලල්ම් කරන්න . .

    අනේ මගේ කට . . .

    මේ අර කොන්ත නෝනගේ සීන් එක නම් පට්ට බන් . .

    තව ඩිංගෙන් මැරෙනවා හිනා ඉස්පොල්ලේ ගීහ්න් . . .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා...........:)

      Delete
  18. මට පොඩි ඇත්දැකීමක් මතක් උනා.

    මේක විදේශ රටක, ප්‍රසිද්ධ නගරයක පවත්වාගෙන යන රේඩියෝ නාලිකාවක්. ඒකෙන් කෙරෙන්නේ විවිධ රටවලින් ඒ රටට ඇවිත් ඉන්න මිනිස්සුන්ට තමන්ගේ භාෂාවෙන් රේඩියෝ වැඩ සටහනක් කිරීමට අවස්ථාව ලබාදීම. ඔන්න ඉතිං සිංහල වැඩ සටහනකුත් තියනවා. දවසක් ඔය වැඩසටහනකට ආපු හාදයෙක් තමන් ලංකාවේ ඉන්දැද්දි නිර්මාණය කරපු ගීතයක් කියලා දැම්ම ගීතයක්. මේ හාදයට හොඳට ගීත ගයන්නත් පුලුවන්.

    එදා රෑ ඉඳලම කොම්පලේන් ගලාගෙන එනවා මේ ගීතය මුගේ නෙමෙයි ලංකාවේ නැගීගෙන එන තරුණ ගායකයෙක්ගේ කියලා. ගුවන් විදුලියට සම්බන්ධ අයට තරමක් කල් ගියා මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න. බලං ගියාම කතාව ඇත්ත, මේක වෙන මනුස්සයකුගේ සිංදුවක්. වැරැද්ද කලේ තමන් නොවුනත් ගුවන් විදුලියේ ලංකාවෙ කණ්ඩායමේ ප්‍රධානිය තමන් වගකීම අරං සමාව ගත්තා.

    දැන් ඔය සිද්ධිවෙන අතරේ තව තව සෙල්ලං එලියට බැහැලා. අර මනුස්සයගේ ජාතකේ, මව්පියන්ගේ, නෑදෑයන්ගේ ජාතක ගැන හෝ ගාල නිර්නාමික චේන් ඊමේල් එහෙමෙහෙ යනවා.. ඒ අතරේ ගුවන් විදුලියේ කස්ටියටත් නෙලනවා, වැඩේ යට ගහන්න හදනවා කියලා, ඔය අතරේ මේක දැකලා තව කස්ටියක් ඉදිරිපත් උනා මේ හාදයා වෙනුවෙන් පෙනී හිටින්න, මේ කට්ටියක් වට කරගෙන එකාට තලන නිසා. දැන් ගුවන් විදුලියටත් බලපෑම්.. මුගේ සින්දු දාන්න එපා කියලයි, දාන්න කියලයි දෙපැත්තෙ කට්ටියගෙන්.

    දැන් අන්තිමේ අර හාදයා පැත්තක, වෙන වෙන කස්ටිය හෝ ගාල මරාගන්නවා. ඒකෙන් මේකෙන් මේ හාදයා මේ නගරේ සිංහල කස්ටියගේ ගෙවල් වල නිතර කියවෙන නමක් බවට උනා. එනි පබ්ලිසිටි ඊස් ගුඩ් පබ්ලිසිටි කියන පැරණි කියමන සනාත කරමින්, මේ හාදයාගේ ඊළඟට නිකුත් කරන සිංදු සැට් එක අම්බානට ජනප්‍රිය උනා. මේ හාදයා දැන් ඒ සමාජයේ කැපී පෙනෙන, සිරිලාංකීය ගීත කලාව ඉදිරියට ගෙනියන්න ඉන්න, අනාගත පරපුරට ආදර්ශමත් පොරක්.

    හැබැයි අර ගුවන් විදුලියට දැන් බල්ලෙක් වත් නෑ. අර සිද්ධියෙදි දෙපැත්තෙ හිටපු අය, "හොර ගායකයෝ ප්‍රමෝට් කරන එකට අපි සහය දෙන්නෙ නෑ" සහ "සම්පූර්ණ සිද්ධිය නිසා අර හාදයට එයාගෙ පවුලේ අයට ලොකු කැලලක් උනා" කියලා ගුවන් විදුලිය අත් ඇරලා ගියා.

    අමාරුවෙන් ඇදගෙන යන ගුවන් විදුලියේ දැනටත් ඉඳලා හිටලා අර හාදයගෙ ගීත ප්‍රචාරය වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේත් තව කතාවක්......

      අවුරුදු පහකට වගෙ කලින් වෙච්චි එකක්. රෑ අපි පාටියක් ලෑස්ති කරල බලාගෙන ඉන්නව එකෙක් අඩුයි. මූ හෙන වලි කිං..හෙන උස මහත බුවා..අන්තිමට කෝල් එකක් දුන්න.

      " හරි බං පොඩි කේස් එකක් උනා මම මේ ලඟ එනව උඹල ස්ටාට් කරපල්ල. " ඌ කිව්ව.

      කිව්වත් වගෙ විනාඩි පාලහක් ගියේ නෑ මූ ආව. නකල්ස් එහෙම තුවාල වෙලා.

      " මොකද බං උනේ? " අපි ඇහුව.

      " මාර වැඩේනෙ.... මම බයික් එකේ එන්ට පිටත් වෙලා ගෙවල් ගාව හන්දියට ආව විතරයි. මාර වලියක්. ගමේම කොල්ලො දෙපැත්තක් වෙලා අම්බානක කෙල ගන්නව. මම බයික් එකත් පැත්තක දාල පැන්න වලිය මැදට හතර අතේ නෙලුව අහු උන අහු උන එකාට. "

      " ඈ ඒ මොකද බං? උඹ වලියෙ පාර්ශව දෙකටම ගැහුවද? "

      " නැත්තං ආය....උං දෙගොල්ලම ගමේ එවුං…. ඊටත් මගෙ යාලුවො, තෝර තෝර ඉන්ට වෙලාවක් නෑ. අහු උන අහු උන එකාට දුන්න නිල් වෙන්ට " ඌ තාම අතේ හම ගිය තැන් අත ගානව.

      " හරි හරි එකක් දාගනිංකො ඔය අමාරු හොඳ වෙන්ට..ඒක නෙවෙයි දැං මොකක්ද ඔය වලියට හේතුව?..." මම ඇහුවා.

      " ඈ???. ඒක අහගන්ට බැරි උනානෙ. ඉඳපං පොඩ්ඩක්. " ඌ ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්ත.

      " ඒයි මචං උඹල ඔය ගහගත්තෙ මොකටද?..."

      " තොගෙ $%#$#$#$#$$$$......"

      ඌ ෆෝන් එක කණෙං අඩියක් විතර ඈත් කරල අල්ලගෙනයි හිටියෙ අරූ කොච්චර හයියෙං කෑගහුවද කිව්වොත් කුනු හරප කියල...

      " මොකද බං ඒ? අර මොකෝ අරූ උඹට එහෙම බනින්නෙ? "

      " ඕකට තමයි මම වැඩියෙම්ම ගහල තියෙන්නෙ. හෙට කූල් ඩවුන් උනාම මම විස්තරේ අහල උඹලට කියන්නං…"

      Delete
  19. මාධ්‍යය යනු ජනතාවයි.

    මාධ්‍යට නිගා කරන දේශපාලුවන් මෙන්ම ක්‍රිඩකයන්ටද එරෙහිව ජනතා අප්‍රසාදය නැගෙන්නේ ඒනිසාවෙනි.

    ජය !

    ReplyDelete
    Replies
    1. / මාධ්‍යය යනු ජනතාවයි /

      මාධ්‍යය එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. අපි ලව්ව එහෙම හිතවන්නත් ලොකු උත්සාහයක් ගන්නව. ඒත් එහෙම නෑ. විශේෂයෙන් ලංකාවෙ මාධ්‍යය කියන්නෙ 90% ක්ම කිසිම වැදගැම්මකට නැති පක්ෂග්‍රාහී, විචාර බුද්ධිය කියන එක ගෑවිලා වත් නැති කොටසක්. ඒක තමයි සෑම් තිත්ත ඇත්ත..:(

      Delete
  20. මට නිකමට වගේ හිතුනා මාලිංගගේ කතන්දරේ එළියට ආවේ අර පහු ගිය කාලේ එක ඇමති කෙනෙක්ගේ පුතෙක් මාලු මාලු ගිහින් තමන්ගේ එක එක එව්වා ප්‍රසිද්ධියේ පෙන්නලා දාපු චන්ඩිපාට් කතාව වහන්නවත්දෝයි කියලා .. ;)

    ලංකාවේ මිනිස්සුන්ට හැම්දේම මතක තියෙන්නේ තවත් අලුත් කතාවක් එලියට එනකන් විතරයි ...

    ReplyDelete
    Replies
    1. ඔව්වයෙ යටින් තියෙන්නෙ මොන මොන දේවල්ද කියල කවුද දන්නෙ වාසනා.....:(

      Delete
    2. ඒ ඇමති පුතා කොන්ත නෝනගේ කවුරු හරි වෙන්ට ඇති ..

      Delete
  21. ඉක්මනට අර කුමාරිගේ කතාව පටන් ගම්මු.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්..එහෙම එකකුත් තියනව නේද?.....ඉන්නකො ඉවසල...ලියන්නං ඒකත්.....:)

      Delete
  22. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. හරි, යසිරු, එන්නංකො බලන්ට :) :)

      Delete
  23. allala danna ayee.. me lankawe owa gana katha karala wadak thiyenawada..hoyagena kaala(dena de kiyanna baane) wenade balan innawa misak..man nam cricket pissek nemei..eth minissu malinga kiyapu kathawa allan eka issarahata daagena cricket team ekata mada gahana ekanam maha aparadayak....lankawata thiyena lokuma prasne halalaui, malinga ge kondei..... me owa wadak na..ara poddi kiwwa wage patangamu aiye "ugaye maha pem kathawa" (ane mata sinhalen type karana link eka dennako,format karaddi eka nathi una)--Mekuwi

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බං ඔන්නොහෙ අපේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි හොඳ එක අතකට...හෙහ්, හෙහ්,

      හරි හරි බං ඉඳහං ඒ පේම කතාව ලියන්නං විගහට,

      පේම කතාවක චරිත දෙකක් අපි...හහ්...හා...හා...හා...
      විරහ ගීතයක පේලි දෙකක් අපි...හහ්...හා...හා...හා...

      මෙන්න උඹ ඉල්ලපු ලින්ක් එක හිංගල අකුරු ඔලට.

      Delete
  24. I am regular reader, how are you everybody? This post posted at this web page is actually pleasant.


    Stop by my homepage beauty schools

    ReplyDelete
  25. මන් නම් ඔය ක්‍රිකට් වලට මැරීගෙන නැහැ . එහෙම එව්වෝ එකෙක් එක ගෙදරකට ඇති .

    ඔය ඒ කනෙන් අහල මේ කනින් පිට කරන විස්තර වලට අනුව ඔය සංසිද්ධිය මටත් ආරංචි වුනා . ඔය හාදයින්ව දෙය්යන් කියල හිතන් ඉන්න එකනේ වැරැද්ද . උන්දැලත් මිනිස්සු . මිනිස්සු විවිධාකාරයි . පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් දෙය්යෝ යක්කු කරගෙන කෑගහනවා .

    අනික් අතට මාධ්‍යකාරයෝ ජිවත් වෙන්න එපාද . ඔයාකරයේ ඉල්ලමක් හැමදාම පෑදෙන්නේ නැහැනේ .

    කොන්ත නෝනගේ කතාව නම් නියමයි .

    මිනිස්සු හැමෝම හදන්නේ අනුන් ජිවත් වෙනහැටි හදන්න . තමන් ජිවත් වෙන හැටි හදාගන්න කවුරුත් උනන්දු නැහැ ....අපිත් මේ බ්ලොග් ලිය ලියා කොමෙන්ට් කොට කොටා කරන්නේ ඒ දෙමද කියල හිතෙනවා වෙලාවකට .

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඒක ඇත්ත. ක්‍රිකට් පිස්සෙක් එක ගෙදරට එක්කෙනයි තමයි උපරිම. ඊට වැඩි උනොත් කේස්....

      අපි දෙන්න මුලිම්ම හම්බ උනාය කියන්නෙ මාර්තු 17 දවසක.

      ඔන්න එක පාරක් ලොක්කි කියනව උදේම..

      " මේ හෙට දවස මතකද? සෙලිබ්‍රේට් කරමු හොඳද? "

      " ම්ම්ම්. මොකක්ද හෙට දිනේ?..මාර්තු 17 නේද?...මොකක්ද හෙට විශේෂෙ? "

      " මේ…...ඒකවත් මතක නෑ...කතා කරන්ට එපා මා එක්ක.."

      ඔන්න රවාගෙන ඉඳල ගස්සල දාල ගියපි උන්දැ...

      දහ අතේ මම කල්පනා කොරනව මොකක්ද මාර්තු 17 විශේෂෙ කියල. අප්පට සිරි ඔන්න මතක් උනා...යුරේකා..යුරේකා...

      දුවල ගියා උන්දැ හොයාගෙන..ඔන්න ඉන්නව එලියෙ ඉඳගෙන මූනත් බුකවගෙන..

      " හරි හරි...ඔව්ව අල්ලල දාන්න. මම කොහොම හරි මතක් කර ගත්තනෙ…"

      ඔන්න යන්තං හිනාවක් ගියා…

      " හරි ඉතිං කියන්නකො මොකක්ද හෙට තියෙන විශේෂෙ?..."

      " හෙහ්, හෙහ්, හෙට මාර්තු 17 නෙ..මාර්තු 17 තමයි අපි වර්ල්ඩ් කප් එක දිනුවෙ..හප්පා. ඒක තමයි මැච් එක. මගෙ ජීවිතේ තියන කල් අමතක.... …."

      ඈ. කෝ මේ අම්මණ්ඩි කොහාට ගියාද?...මේ දැං පොඩ්ඩකට ඉස්සර මෙතන හිටියනෙ...අනේ මන්ද අප්ප මේ ගෑණුන්ට මොනව වෙනවද කියල එක පාරටම...

      Delete
  26. මාත් නම් පොන්ත නෝනා කෙනෙක් ගැන අහල තියෙනව, කොන්ත නෝනා කෙනෙක් ගැන අදයි ඇහෙව්වේ. හරිම හිනායන කතාවක්. මාලිංගයි , කොන්ත නෝනයි දෙන්නම කරලා තියෙන්නෙ එයාලට කැමතිදේ . අහල පහල හිටිය මාධ්‍යවේදීන් කලබල උනා මදිවට මිනිස්සුන්වත් කුලප්පු කලා. හෙට අනිද්දට මැච් එකකට ගිහින් මාලිංග විකට් ටිකක් ගත්තම අපේ අයට ඕවා පටස් ගාලා අමතක වේවි :)

    ReplyDelete
    Replies
    1. කොන්ත නෝන කියලත් ඉන්නව අනේ..

      මේ ඒක නෙවෙයි ඔයා අර නිළියෙක් ඉන්නෙ සෝන්යා දිසා කියල..එයාගෙ නෑදෑයෙක් වත්ද?

      Delete
  27. ලංකාවෙ මාධ්‍ය ගැනනං කතාකරල වැඩක් නෑ. තමංගෙ තියෙන හැම දෙයක්ම මාධ්‍ය වලට කියන්න ඕන කියල නීතියක් නෑනෙ.

    කොන්ත නෝන ගැන අහල තිබ්බට කතාවනං දැනගත්තෙ අද තමයි.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ Praසන්ன,

      ස්තුතියි ඔබටත්....

      Delete
  28. හැම ක්‍රීඩාවක්ම ලොකු සෙල්ලමක කොටසක්, හැම සෙල්ලමකම පිටුපස ලොකු ප්ලෑන් එකක් තියෙනවා.

    අවාසනාවට සන්නිවේදනයේ හා තාක්ෂණයේ දියුණුව උපරිමයෙන් උසිගැන්වීමට යොදා ගන්න යුගයක් වෙලා. ඇරබ් ස්ප්‍රිං කියලා කෙරෙව්වේ ද මෙයමයි, දැනටමත් ඔවුන් ඒ අනිටු පලවිපාක අත් විඳිමින්...

    ReplyDelete
    Replies
    1. අරාබි වසන්තය පිළිබඳ ඔය දෙපැත්තටම කරුණු දක්වන්න පුළුවන් ඩීන්...ඒත් මොනවද ඊට පස්සෙ කරන්නෙ කියල පැහැදිලි වැඩ පිළිවෙලක් නැතුව හැඟීම් බරව කරන්නන් වාලෙ විප්ලව කලාම ප්‍රතිඵලය තිබ්බටත් වඩා දරුණු වෙන්න පුළුවන් තමයි. ඔබ හා එකඟයි.

      Delete
  29. මේ දැන්වීමක්,වෙලාව තියේ නම් කියවන්න.
    http://meeghaya.wordpress.com/2013/03/15/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%93%e0%b6%a7-%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b1%e0%b7%90%e0%b6%af

    ReplyDelete
    Replies
    1. කියෙව්වා ජයශ්‍රී..:)

      Delete
  30. මේ කතාවනම් මටත් හිතුනා. මාලින්ගලා සල්ලි හම්බ කරන්නේ ක්‍රිකට් පාවා දීලා නෙවෙයි. රටේ නම ඉස්සරහට ගෙනියන ගමන්.
    ඒත් අපේ ඇමැත්තෝ ටික...? එයාලා ඔයිට වඩා හම්බ කරනවා නේද? පඩියට අමතරවත්.

    එතකොට කාට කාටත් මතක ඇතිනේ වර්ල්ඩ් කප් එකේ ෆයිනල් මැච් එකේදී වෙච්ච දේ. එතන වැරැද්දත් ටීම් එකේද නැත්නම් කාගේද?

    -------------
    ඊළඟ ප්‍රධාන කාරණය තමයි පඩිය. කවුද කැමති තමන්ගේ පඩිය අඩු කරනවට. අපි හැමෝම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න හුරු වෙලා තියෙන්නේ.

    කුලී කාරයා හවහට වෙල් ෆැන්ටා ටිකක් ගහලා පාන් ගෙඩියක් කාලා නිදා ගන්නවා.
    ටිකක් හොඳ එකා ගල් බෝතලයක් ගහලා කොත්තුවක් කනවා.
    හොඳ එකා බ්‍රෑන්ඩියක් ගහලා KFC ඒකෙන් කනවා.

    කොයි එකාටත් කොච්චර තිබුනත් මදීම තමයි. මං දැක්කා මාලිංග රේසින් වලට යනවා කියලා. එතකොට එයාට මේ පඩිය මදි වෙයි වාහනේ නඩත්තුවට. ඉතින් ඒකෙන් සත පහක් හරි අඩු කරනවට ඌ කැමති වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත AKM... ඒත් ඉතිං කවුද ඒ විදිහට හිතන්නෙ? ඒකනෙව තියෙන බරපතලම ප්‍රශ්නෙ...

      Delete
  31. මාලිංගගේ සිද්දිය ගැන නම් අදහස් කියලම එපා
    වෙලා රවී ඉන්නේ..නමුත් මතකද රවී තමන්ගේ පුද්ගලික
    වාසියට අර්ජුනව පාවා දුන්න හැටි ..එක එක දේශපාලන
    හස්ථ වලට අහු වෙලා දැන් ඉන්නේ ගිරේට අහු උන පුවක්
    ගෙඩිය වගේ මාලිංග..මට නම් අවන්කවම අනුකම්පාවක්
    එන්නේ නැහැ ... ඔහොම හරි පාඩමක් ඉගෙන ගන්න ඕනේ..
    පෙර වැරදිත් තියේ...!

    ReplyDelete
    Replies
    1. / නමුත් මතකද රවී තමන්ගේ පුද්ගලික වාසියට අර්ජුනව පාවා දුන්න හැටි ../

      සමාවෙන්න සහන්, මෙහෙම සිද්ධියක් මට මතක නෑ නෙව :(

      Delete
    2. දැනට අවුරුදු 3 වගේ ඇති මේ සිද්දිය වෙලා.. IPL හරි ඒ වගේ තරඟයකට සභාගි වෙන්න නිවාඩු( ඕ වට් එවර් තින්ග් එක ) දුන්නේ නැහැ මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මෙව්වා එකෙන්.. අර්න්ජුන රණතුන්ගව ප්‍රසිද්දියේ විවේචනය කරන්න කියලා ඉහළින් කිව්වම ඒ වැඩේ කළා මාලිංග IPL තරඟෙට යන්න තිබ්බ උවමනාව නිසා ..


      " එක අය්යා කෙනෙක් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ එයාගේ බූදලේ කියලා. පවුලට අයිති දෙයක් කියලා. අලුත් අය ආවම එයාලට නැමෙන්න ඕනේ . කට ගහන් යන්න බැහැ . " වගේ දාහක් දේවල් කිව්වා අර්ජුනට නම් ගම් ඇතුවම..! සති 2 ක් විතර ඒ වොයිස් කට් ටික ප්ලේ උනා ITN සහ SLRC වල ... ලංකාවේ උන්නු කෙනෙක්ගෙන් අහලා බලන්න රවී.. සමහර විට මතක තියෙන කෙනෙක් ඇති...

      Delete
    3. සහන් මෙහෙම දෙයක් නම් තියනව නොකියම බෑ..මොන හේතුව උඩ කිව්වත් මාලිංග කියල තියෙන්නෙ බොරුවක් නෙවෙයි.

      අර්ජුන ලංකාවෙ ක්‍රිකට් ගැන කතාකරද්දි අමතක කරන්නම බැරි මහා පුරුෂයෙක්. ඒකෙ දෙකක් නෑ. ලංකාවෙ ක්‍රිකට් අද මේ තියන ගෞරවනීය තත්වයෙ තියෙන්නෙ ප්‍රධාන වශයෙන් අර්ජුන නිසා. ඒක නෑ කියන්න බෑ කාටවත්..

      But Having Said That......ඒ වගේම වර්ල්ඩ් කප් එක දිනුවට පස්සෙ ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව වෙන්න ඕන තමන්ටයි තමන්ගෙ අයියල මල්ලිල සෙට් එකටයි ඕන විදිහටයි කියන මාන්නෙ ගැහුව අර්ජුනගෙ ඔලුවට.අයිය CEO කරල දැම්ම බෝඩ් එකට.මලය කඳ පනුව වගෙ තාමත් බෝඩ් එක කනව. ඊට අමතරව අර එයාට දෙකට නැමෙන්නෙ නැති දක්ෂ තරුණ ක්‍රීඩකයො බරගානකට වල කපපු එක නම් ඇත්ත.අසෝක කණිෂ්ඨෙ පොඩි කොල්ලො කට්ටියකට ගස් බැඳල ගැහුවයි කියලත් චෝදනාවක් තිබුන මතකද?

      ඔය වගෙ ලොකු ජයග්‍රහණයකට නායකත්වය දෙන හුඟක් දෙනෙකුට හැදෙන ලෙඩක් ඕක..මමයි උඹලට මෙහෙම ගෞරවයක් ගෙනල්ල දුන්නෙ..නැත්තං මම නිසයි මේ යුද්දෙ දිනුවෙ.. ඒ නිසා මට ඕන විදිහට තමයි මීට පස්සෙ හැම දෙයක්ම කෙරෙන්ට ඕන...එකෙක් විරුද්ද උනොත් බලාගෙනයි... කියන කල්පනාව ඔලුවට ගහන එක. අද අපේ රටටත් වෙලා තියෙන්නෙ ඕකයි සහන්...කියන්ට කනගාටුයි..ඒත් ඒක තමයි ඇත්ත.

      Delete
    4. අර්ජුන සහ පවුලේ අය 100% සද්භාවයෙන් වැඩ කලේ නැති බවත් ඇත්තයි , ඒ වගේම එයා සබ්ජෙක්ට් එක හරියට කරන්න දැනන් උන්නු කෙනෙක් කියලා හිතන්න පුළුවන් නේද අනිත් අයට සාපේක්ෂව ගත්තම..? ( එකඟ විය යුතු නැහැ 100% )

      මාලිංග ගැන කිව්වොත් කියන්න තියෙන්නේ එයා පොඩි ගණුදෙනුවක් කරගත්තා තමන්ගේ වැඩේ කරගන්න.. ආණ්ඩුවට ඕනේ උනා ක්‍රිකටර් කෙනෙක්ගෙන්ම අර්ජුනගේ චරිතය ඝාතනය කරන්න.. මාලින්ගටත් ඕනේ උනා පරණ වාඩුවක් ගන්න.. ගණුදෙනුව සිද්ද උනා.. TV එකෙන් අපි දැක්කේ ඒක.. ( මාලිංග එක්ක තිබ්බ වාඩුවකුත් media වලින් ගත්තා.. ඒකත් අපි දැක්කනේ TV එකෙන්. මේ පෝස්ට් එක වැටුනෙත් ඒ නිසානේ )


      රවිගේ අවසාන චේදය එක්ක නම් තව කතා කරන්න දෙයක් නැහැ.. කට උත්තර නැති වෙන්නම කිව යුත්ත තියෙනවා.. මේවා අන්තෝ ජටා බහි ජටා වර්ගයේ දේවල් රවී...රවිත් මේවා ගැන උනන්දු කෙනෙක් නිසා පොඩ්ඩක් කතා කරන්න කැමතියි. අපි හිතමු මාව මැරෙන්නම යද්දී රවී මාව බේරාගන්නවා කියලා.. බේරගත්තට පස්සේ,

      01" සහන්ව " රවීට අයිතිද ...?

      02." සහන් " ඉන්න ඕනේ රවී කියන විදිහටද ..?

      03. රවී කියන විදිහට නොයිඳ නැවත " සහන්ගේ " ජීවිතය නැති වෙන්න ගියොත් කොහොම වේවිද ...?

      04. රවිත් ලැජ්ජා නැතුව ආයෙම මාව බේරාගත්තා කියමු..

      05. ඉහත එක දෙක , තුන නැවත නැවත ඇප්ලයි වුණොත් මොකද කරන්නේ රවී ..?



      මන් හිතන්නේ අපි ඉන්නේ තනිකර අච්චාරුවක... ( ඔය මම දීපු උදාහරණෙට තව මහා ගොඩක් ඒවා ඇතුළත් වෙන්න ඕනේ හොඳද. එහෙම ලේසියෙන් හදාගත්තු අච්චාරුවක් නෙවේ නෙව අපිට තියෙන්නේ ..:P )

      Delete
    5. සහන්,

      කාගෙ හරි ජීවිතයක් බේරගත්තම, ඒ බේරගත්ත පුද්ගලයව බේරාගනු ලැබූ තැනැත්තාට අයිතිවෙනව කියන කතාව වගේම ඊට පස්සෙ බේරාගනු ලැබූ පුද්ගලයා කරන කියන සියළුදේට බේරාගත් පුද්ගලය වගකියන්ට ඕන කියලත් කතාවක් තියනව.හරි අපි ඒ කතාව දැනට පැත්තක තියමු. සහන්ගෙ ප්‍රශ්න මාලාවට උත්තර දෙන්ට ඉස්සර මට පොඩි පැහැදිලි කිරීමක් කරනවද?

      දැන් මමනෙ මෙතන ජීවිතයක් බේරාගන්නෙ..මම එහෙම කරන්නෙ හුදු පරාර්ථකාමිත්වය නිසාමද? එහෙම නැත්තං මතු බලාපොරොත්තු ඇතුවද? එතකොට ජීවිත බේරාගැනීම මගේ රාජකාරිය නම් එහෙම? වෙනත් විදිහකට කිව්වොත් ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම මාව පත්කරල මට ඒ වෙනුවෙන් සියලු පහසුකම් සහ වැටුපක් ගෙවනව නම් එහෙම?

      එතකොට ජීවිත බේරාගැනීම මගේ රාජකාරියනම් ඒ රාජකාරිය හරියට කලාය කියල ඒ තනතුර මගෙ පරම්පරාගත උරුමයක් වගෙ මගෙං පස්සෙ මගෙ පුතාට යන්ට ඕනය කියල හිතන එක හරිද?

      Delete
    6. රවී මම මේ කතා කරන්නේ වාදය පිණිස නෙවේ ..ඔයත් එහෙමයි නේද ...? ඇත්තටම රවී ශ්‍රී ලංකාව තුළ දැන් වෙන දේවල් පැහැදිළි කරන්න හරි අමාරුයි.. සියලු දෙනාම පුදුම විදිහට වංචාවට පෙළඹිලා.. නිකන් වංචාව නෙවේ ආත්මයටම කරන වංචාව..

      සියලු දේවල් දූෂිතයි රවී.. කිසිම කෙනෙක් (බොහෝදෙනෙක් කියමුකෝ ) වැඩ කරන්නේ සද්භාවයෙන් නෙවේ.. මේක පුදුම අවාසනාවක් රවී.. අපේ පුංචි කාල වලදී මෙතරම් පහත් ලෙස මිනිස්සුන්ගේ හිත් දූෂණය වෙලා තිබ්බේ නැහැ.. මට දුක අපේ දරුවෝ මුහුණ දෙන්නේ අන්තිම පහත් , ජඩ සමාජයකට.. මේ ළමයි අපේ වයසට එද්දී මොක්කු වෙලා නවතීද රවී...?

      තව කතා කරන්න නම් දේවල් තියේ.. ඒත් හිත රිදෙන එක විතරයි වෙන්නේ...

      Delete
    7. අපොයි නෑ සහන්....මොන වාදයක්ද? ඔබ යම් උපන්‍යාසයක් මත පදනම්ව මවෙතින් ප්‍රශ්න කිහිපයක් විමසූ අතර මම ඒ උපන්‍යාසයට මගේ සංශෝධනයක්ද එකතු කොට යලි ප්‍රශ්න කිහිපයක් විචාලෙමි.. එපමණකි...:)

      / තව කතා කරන්න නම් දේවල් තියේ.. ඒත් හිත රිදෙන එක විතරයි වෙන්නේ.../

      එකහෙලා එකඟ වෙමි. මේ පාලන තන්ත්‍රය සමස්ත රටම ඇදගෙන යනුයේ පතුලක් නොපෙනෙන මහා අගාධයක් හමුවටය. එහි කිසිදු ගැටළුවක් මට නම් නැත

      Delete
    8. පහු ගිය පළාත් සභා මැතිවරණය ගැන මමත් මට හිතෙන දේ පොඩියට ලියලා දාන්න හිටියේ.. සරළව ඇතුළත් කරන්න හිටියේ මේවා..

      01. 48 ඉඳන් දෙමළ මනුස්සයට තියෙන ගැටළු තාමත් එහෙමයි .. ( අසරණ දෙමළ මනුස්සයා ගැන මම අදහස් කලේ )

      02. වර්තමානයේ 2/3 තිබිලත් ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න ඕනෙම දේවල් ටික කලේ නැහැ . ( භාෂා ප්‍රශ්නය ඇතුළු සරළම දේවල් ටික )

      03. ප්‍රධානතම ප්‍රශ්න ටික තාමත් එහෙමයි.

      04. අර බලතල මේ බලතල දීම්/නොදීම් ගැන කියවනවා.

      05.ඔය මොන බලයක් වත් දෙන්න ඕනේ නැහැ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න , සෞඛ්‍ය , අධ්‍යාපනය , සමාජීය මට්ටම ඉහළ දාන තැනට වැඩ කරනවා මිසක් .

      06. ඉහත 05 උන දාකට ප්‍රභාකරන්ලා නැවත බිහි වෙන්නේ නැහැ නේද රවී ...?



      ඔන්න ඔය සිද්දි ටික ගැන මම ලියන්න උන්නේ..ඒත් වැඩක් නැහැ රවී..මොකද බ්ලොග් ලෝකේ ඉන්න අයටත් ඕනේ " පළාත් සභාව ගැන " තම දැනුම පෙන්නන්න මිසක් " දෙමළ මිනිසා විඳින ගැටලුවට " පිළිතුරක් දීම නෙවේ..

      ඉහත 06 ගැන රවිගේ අදහස මට කියන්න..

      Delete
  32. "ඉංගිරිසි බාසාව අනුව ඒ දෙකම එකයි කියල සලකනවද මන්ද....." මේක තමයි මටනම් කතාවෙ රුවන් වැකිය. හි හිහී....

    අදමයි මේ පැත්තට ආවෙ. සුපිරි බ්ලොග් පිටුවක්. පදිංචි වෙන්ට ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යශෝධා,..

      සාදරයෙන් පිළිගනිමි. එන්න, එන්න.... නිදහස් සිතුවිලි ඔබ සැමට සැමදා විවෘතය. :)

      Delete
    2. එයාට පාර කිව්වේ මම ..:)

      http://bassigenawathana.blogspot.fr/2013/09/2.html?showComment=1379761836760&m=1#c7242317740757468736

      Delete
    3. ස්තූතියි සහන්….:)

      යශෝධා,

      bassigenawathana.blogspot.fr ...අම්මප මරු නම…. තවත් ඉස්තරං gasbenaya.blogspot.fr කියල දැම්මනං....හෙහ්, හෙහ්

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...