Friday, April 5, 2013

176. වසන්තයේ අග....නිසල මහ කන්ද සහ දසත සරනා කුරවි කෙවිලිය……..

නුවර වැව් දිය පිස හමාඑන මඳ සුළඟ ඒ හා සමඟ ඔහුගේ ගත කිලිපොලන්නට සමත් සිසිලසක් ගෙන ආවේය. උරහිස් හකුළුවා ගත් වනම මොහොතක් ගතකල ඉක්බිති ඔහු සෙමෙන් නැඟීසිට ඔපවත් තේක්ක ලීයෙන් නිමවුනු ගරාදි වැටට බරදී ඈත පෙනෙන දළඳා මාලිගයේ රන් වියන සැඳෑ හිරු රැස් පතිතව බබලනු බලා සිටියේය. 

Chanel No. 5 ….නාස්පුඩු වලින් පෙනහළුවලට ඇතුලුව මුළු මහත් ආත්මයම පිරී ගත් ඒ සුපුරුදු සුගන්ධය උඩට ඇදගත් හුස්ම පහතට යා නොදී පපුව පුරවා හැකි පමන කල් දරා සිටීමට ඔහු උත්සාහ කලේය. 

ඒ ඇගේ ආවේණික සුගන්ධයයි. ඔහු ආපසු හැරී බැලීමට කිසිදු උත්සාහයක් නොදැරීය.ඇගේ උඩුකයෙහි උණුසුම ඔහුගේ පිට පෙදෙසට දැනුනි. කිසිදු ශබ්දයක් නොනගා ඔහු පසුපසින් පැමිණි ඕ ඔහුගේ උඩුකය වටා දෑත්යවා වැළඳ ගත්තී ඔහුගේ උරහිස මත තම හිස හොවා ගත්තීය. 

වසර අටක කාල පරාසයක් එක මොහොතකදී කාලයේ කළු කුහරයකට වැද සැඟව ගියේය. කාළය අසුරු සැනකින් ප්‍රතිවර්ත්‍ය වූයේ ජීවිත කාලයක අත්දැකීම් එක මොහොතකට හකුළුවා ලමිනි. 

'' එතකොට ඔයාගෙ තීරණයෙ වෙනසක් නැද්ද? " 

ඔහු ඇසුවේය. 

" නෑ මගේ තීරණය එහෙමමයි. " 

ඇය සුන්දර මඳහසක් පාමින් පැවසුවාය. ඇය වෙතින් හමා ආ Chanel 5 සුගන්ධය හැකි තරම් වේලා රඳවා ගැන්මට ඔහු දැඩි උත්සාහයක් දැරීය. 

ඒ අට වසරකට පෙරදීය. එසේය....ජීවිතයෙන් අට වසරක්..... 

" මෙහෙම ඇහුවට කමක් නැද්ද?...Forgive me if it's not my business……." 

මේසය මත වූ ලයන් ලාගර් බෝතලය වටා තැනින් තැන බුබුළු මෙන් මතුවී පහතට ගලායන ජල බිඳු දෙස ඔහු බලා සිටියේ ජීවිතයේ කිසිදිනෙක එම දර්ශනය ඉන් පෙර නොදුටු ලෙසය. 


" When you have to qualify a question with a rider like that it means more often than not its non of your business…" 

ඇය හිස පස්සට විසිකොට හඬ නඟා සිනාසුණාය. මේස තුන හතරකට එහා රතු පැහැ ජපන් අරලිය ගසක් අඩංගුවූ පෝච්චියකට ඔබ්බෙන් වූ රවුම් මේසයක් වටා අසුන් ගෙන පහත් කරගත් හිසින් යුතුව කොඳුරමින් හුන් තරුණ යුවල හිස් ඔසවා මොහොතක් බලා සිට යලිදු හිස් පහත් කොට ගත්තෝය. 

" හරි කමක් නෑ...මගෙ ඕනම දෙයක්…..Its your business too…...අහන්න " 

" මෙහෙම යන ගමනෙ කෙළවර කොතනද? " 

දළඳා තේවාව ආරම්භ වන බව හඟවන බෙර හඬ වැව මතුපිටින් හමා එන සුළඟේ දිශාව වෙනස් වීමත් සමඟ කඩින් කඩ සවන් පතිත වූයේ ඔහුගේ සිත තුල දැඩි පාලුවක් කාන්සියක් හෝ තනි කමක් වන් හැඟීමක් ජනිත කරවමිනි. ඒ හැඟීම පළවා හරිනු උදෙසා අචේතනික පියවරක් ලෙසින් දෝ දෑස් තදින් පියාගත්වනම හිස කීප කීප වරක් තදින් සෙලවූ ඔහු හිඳහුන් වේවැල් පුටුවෙහි ආනත වූ පසුපස ඇන්දට හොඳින් බර දී දෙපා දිගහැරගත්තේය. 

මේසය මතවූ රිදී පැහැ බන්දේසියෙන් ගත් එක් උසැති තඹලේරුවක් දෑතට මැදිකොටගත් ඕ එදෙස බලාගත්වනම එය කිහිපවරක් ඒ මේ අත කරකැවූවාය. 

" උත්තරේ හරියටම දන්නෙ නැතිව වැදගත් ප්‍රශ්නයක් අහන්න එපා කියල මම කොහෙදි හරි කියවල තියනව…." 

ඇය පැවසුවාය. 

" දන්නෙ නැද්ද කවුද එහෙම කිව්වෙ කියල....." 

ඇය යලිදු ඇසූයේ තවමත් තඹලේරුව කරකවමිනි. 

" නෑනෙ...මම අහල නෑ එහෙම එකක්….." 

ඔහුගේ දෙතොල විවර වූයේ මඳ සිනාවකිනි. 

" පුදුමයි........." 

හිස ඔසවා ඔහු දෙස එක් වරක් බැලූ ඇය ලයන් ලාගර් බෝතලය ඇලකොට ප්‍රවේශමෙන් තඹලේරුවෙහි මුවවිට තෙක් පිරවූවාය. 

රන්වන් බීර තඹලේරුවෙහි පතුලෙහි ඉපදුනු කුඩා වායු බුබුළු කෙමෙන් ඉහලට ඇදී ගොස් බිඳී විසිරීයනු ඔහු බලාසිටියේ අසුනෙහි ඇඳි මත වාරුකොටගත් දෑතෙහි බැඳගත් ඇඟිලි මතට මුහුණ බරකොටගනිමිනි. 

බීර පිරවූ තඹලේරුව සුරතින් එසවූ ඇය බීර බෝතලය දෙස බැල්මක් හෙලා යලි ඔහු වෙත හැරී ඝන ව වැඩුණු දෙබැම උස් කලේ ප්‍රශ්නාර්ථයක් විලසිනි. 

ඇගේ දෙබැම දෙස බලාගත්වනම ඔහු ඉදිරියට වාරුවී බීර බෝතලය සුරතට ගත්තේය. 

දෙබැම ඉවත්කොට පැන්සලෙන් ඇඳීම මෙන්ම අත් සහ පා නිය වර්ණාලේප කිරීමද ඇය ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රී රූපලාවණ්‍යයට ඒ අත්‍යාවශ්‍ය කරුණු ලෙස සැලකූ ඔවුන්ගේ සෙසු මිතුරියෝ ඇයට සිනාසුණෝය.ඒ කිසිවක් පයට පෑගෙන දුහුවිල්ලක් තරමට හෝ තැකුවේ ඇය නොවේ. 

එහෙත් තායිලන්තයේ සතියක සංචාරයකින් පසු, සරදම් කල ඉතිරින් මුව ගොළු කරවමින් ඇය වමතෙහි මැණික් කටුවෙහි සිට වැලමිට දක්වා විහිදුනු දිගු දණ්ඩකින් යුත් රත් පැහැ නෙළුම් මලක පච්චයක් කොටාගෙන ආවාය. 

" This is called body art……….not tattoo……" 

ඒ සති අන්තයෙහි වාද්දුව මුහුදු වෙරළෙහි ඔහු අසළ වැතිර පලතුරු යුෂ බඳුනක් පානය කරමින් ඇය කීවාය. 

" මට හිතුන මේ නෙළුම් මල ඇතුලෙ ඔයාගෙ නම කොටවාගන්ටත්….." 

ඇය ඔහු දෙස නෙතඟින් බලා සිනාසුණාය. 

" ඉතිං??...එහෙම නොකලෙ?..." 

" ආය මොකටද කියල හිතුනා..එකක් ඒක ඔයාට අනවශ්‍ය බලපෑමක් ඒ වගේම මටත් අනවශ්‍ය බැඳීමක්......" 

දිගු සුසුමක් හෙලූ ඔහු ඇගේ වමතෙහි තම සුරත පටලවා ගත්තේය. 

ඒ නෙලුම් මල ......ඇය හැඳසිටි කහ පැහැ කමිසයේ අත වැළමිට තෙක් ඉහලට කල ඔහු සුදු පැහැ සම මත තවමත් දිදුලන නෙළුම් මල දෙස බලා සිටියේය. 

" අර උත්තරේ දන්නෙ නැතුව ප්‍රශ්නයක් අහන්න එපා කියල කිව්වෙ කවුද කියල නම් දන්නෙ නෑ. ඒත් Don't ask a question that you don't want to know the answer of කියල නම් කතාවක් මම අහල තියනව….. " 

ඇගේ අත අතහැර බීර තඹලේරුව සුරතට ගනි මින් ඔහු පැවසීය. 

" Yes, Will Smith…Men in Black "' 

ඇය තම තඹලේරුව ඔසවා සව්දිය පිරුවාය. 

" For Life, For Me and for you… " 

" In that order?.." 

මඳක් කල්පනාවේ නිමග්නව හුන් ඇගේ දෙතොලට සිනහවක් නැඟිනි. 

" yes, in that order………" 

පදමට ශීත කරන ලද බීර උගුර පහලට ගියේ ඔහුගේ ගත කිලිපොලවමිනි. 

" හරි ඔයාගෙ ප්‍රශ්නෙට එමුකො ආපහු..මේ ගමනෙ කෙළවර කොතනද?...ඔයා අහන්නෙ කොයි ගමන ගැනද? හෙට මම යන ගමන ගැනද?..මේ ජීවිතේ ගමන ගැනද? නත්නම් මේ සංසාර ගමන ගැනද? " 

ඇය කිසිලෙසකින් වෙනස්වී නැත. වසර අට ඇයට කිසිදු බලපෑමක් කොට නැත. දෑත් ඔසවා අත්ල ඈ දෙසට පා පරාජය පිළිගත් බව හැඟවූ ඔහු සිනාසුනේය. 

" Okay... Okay…..forget that I ever asked that question…….." 

උඩවත්ත කන්ද ක්‍රමයෙන් ගොම්මන් අඳුරේ ගිලීයත්ම ඒ ගනඳුර පසුබිම් කොට තැනින් තැන දිලෙන්නට වූයේ විදුලි ආලෝක එලි කිහිපයකි.බරාඳයේ කෙලවරක වූ දෙපළු ද්වාරය විවරකොට ගෙන ඔවුන් වෙත පැමිණි කර වැසූ සුදු කබායක් හැඳ සිටි වේටර්වරයා අමතර බීර බෝතල යුගලක් සමඟ සැන්ඩ්විච් සහ පස්තෑල පිරි බඳුනක් රවුම් මේසය මත තබා නික්ම ගියේය. 

" මේ කතාව මම මේ විදිහටම මීට බොහොම කාලෙකට කලින් ඔයාට කියල ඇති...එතකොට ඔයා ඒකට එකහෙලාම එකඟ උනා...ඒ උනත් ආයෙමත් ඔයාට ඒ කතාව කියන්නම්...." 

තඹලේරුවේ වූ ඉතිරි බීර ස්වල්පය උගුරට හලාගත් ඇය ත්‍රිකෝණාකාරව නැවූ අත පිස්නාවෙන් දෙතොල පිස දා ගත්තීය. 

" It’s a story about a mountain and a bird…ඔන්න එකමත් එක රටක තිබ්බ මහ කන්දක්..මේ කන්ද බොහොම නිසලයි..ගාම්බීරයි...කන්ද පල්ලෙහා තිබුනෙ නිම්නයක්.. මේ නිම්නය සරුසාර උනේ කෙත් වතු අස්වැද්දුවෙ මේ කන්දෙන් ගලා එන දිය පාරවල් වලින්..." 



" මහ කන්ද ඔහොම නිසලව ඉඳිද්දි එක දවසක් අනපේක්ෂිත දෙයක් උනා. ඒ තමයි නිල් අහසෙ ඒ මේ අත ඉගිලෙමින් හිටිය පුංචි කිරිල්ලියක් හදිස්සියෙම ඇවිල්ල කන්ද උඩ වැහැව්වා…" 

ඇය කථාව නතරකොට ඔහු දෙස බැලුවාය. ඒ මුවෙහි වූයේ සොඳුරු මන්දස්මිතියකි. 

" ඇයි ඒ කිරිල්ලි කන්දෙ වැහැව්වෙ? "

දෙතොල් විවරකොට සිනාසුනද ඔහු දෙනෙතෙහි වුයේ ගැඹුරකි. 

" ම්ම්.. ඇයි කන්දෙ වැහුවෙ නේද?....හරි අපි මෙහෙම කියමු. එක්කො ඈත ආකාසෙ වලාකුලු ඉරාගෙන පියාඹල තටු රිදෙන්න ඇති..නැත්නම් එහෙම නිදැල්ලෙ පියාඹන එක එපා වෙල වෙන්න ඇති.එහෙමත් නැත්නම්..එහෙමත් නැත්නම්….." 

ඇගේ දෑසෙහි වූයේ කෙලිලොල් දඟකාරී බැල්මකි. 

ඔහු පානය කරමින් හුන් බීර තඹලේරුව මේසය මත තබා දෙබැම හකුළුවා ඈ දෙස විමසුම් දෑසින් බලා සිටියේය. 

" එහෙමත් නැත්නම් කිරිල්ලිට හිතෙන්න ඇති මොකක්ද මේ කන්ද?..... ඔහොම එක තැනකම ඉන්න කොට එපා වෙන්නෙ නැද්ද? මොනවද ඔහොම එක තැනකටම වෙලා ඉඳල කන්ද බලාපොරොත්තු වෙන්නෙ ? අන්න ඒ වගෙ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්ට. Don’t forget she was a very inquisite bird…හි,හි…" 

" ඉතිං ඊට පස්සෙ? " 

" ඉතිං කන්ද සහ කිරිල්ලිය....බොහොම සුහදව කතා කලා..ආගිය තොරතුරු බෙදා හදාගත්තා. කිරිල්ලි කන්දට කිව්ව සුදුපාට මීදුම් වගෙ වලාකුලු ඉරාගෙන ඉගිල්ලෙනකොට ඇතිවන ලෝකෙම අයිති මට වගෙ හැඟීම ගැන...ඉර පායාගෙන එනකොට ලාහිරු රැස් අත්තටු මත පතිත වෙද්දි හිතේ හැටියට කරණම් ගහමින් ඉගිල්ලෙනකොට ඇතිවන නිදහස් හැඟීම..." 

" එතකොට කන්ද ඇහුවද එහෙමනම් ඇයි මා ළඟ ඇවිල්ල නැවතුනේ කියල? " 

" නෑ, කන්ද එහෙම ඇහුවෙ නෑ…" 

She said with twinkling eyes…. 

" එයා කිරිල්ලි කියන දේවල් අහගෙන හිටිය මිසක එහෙම මොකවත්ම ඇහුවෙ නෑ… " 

ඔහු ඈ දෙස බලා සිටියේය. කුමක්දෝ පැවසීමට මෙන් තොල් විවරකොට යලි මුනිවතට සම වැදුනේ පපුව පුරවාගත් හුස්මක් එක්වරම පහල හෙලමිනි. 

" You want to take up the story from here? " 

She asked pouring some more golden colored liquid in to the tumbler. 

" Okay no problem.....කිරිල්ලි කියන විස්තර කන්ද අහගෙන උන්නෙ බොහොම සතුටින්...කන්ද මෙච්චර කල් තමන්ගෙ නිසල නොසැලෙන ජීවිතය ගැන උපරිම තෘප්තියකින් හිටියෙ. ඒත් කිරිල්ලිගෙ කතා ඇහුවම ඒ වගෙ නිදහසේ ජීවිතයක් ගැන හිත පතුලෙ කොනක පුංචි ආසාවක් වගෙ දෙයක් ගිණි පුළිඟුවක් වගෙ ඇතිනොවුනාමත් නෙවෙයි...." 

" ඔහොම කාලයක් ගෙවිලා ගියා...අන්තිමට එක් දවසක... හිරු එළිය දසත පැතිරීගිය එක් දවසක ඇය මෙහෙම කිව....මට යන්ට කාලය හරි."

" එතකොට කන්ද?...කන්ද මොකද කිව්වෙ? …." 

ඇය ඇසුවේ සිහින් හඬිනි. 

" කන්ද කිසි දෙයක් කිව්වෙ නෑ. නිසලව මඳ සිනහවකින් යුක්තව බලා සිටියේය...." 

" ඉතිං?..." 

" ඉතිං මෙහෙමයි උනේ..කිරිලිය ඉගිල ගියාය...කන්ද නිසලව බලා සිටියේය. " 

" Is that the end of the story? " 

" Who knows?...it may be... it may be not…let the time decide…" 

He said looking over her bowed head at the moon floating over the darkened hills. දැඩි නිහැඬියාවක නිමග්නව ගෙවුනු කාලාන්තරයක් සේ දැනුනු මිනිත්තු කිහිපයකට පසු ඔහු යළි කථා කලේය. 

" යන්ට එපා, ඉන්ට කියල කන්ද කිව්වනම් කිරිල්ලි යන්නෙ නැතුව ඉන්නවද? " 

" ඒ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්ට බෑ…But I could say this…Half of her mind was wishing that he would say so and… " 


" And the other half was afraid he would say so…" 

He completed the sentence for her… 

" Yes,…… " 

She said in a small voice with just a trace of sadness in it.  

" But in retrospect she was glad that he didn't say so.......අහසෙ පියාඹනකොට සමහර වෙලාවට පියාපත් රිදෙනව. හුලං කෝඩ සැර වැඩි උනහම එව්වට එරෙහිව පියාඹන්න උනාම හරි අමාරුයි. ඒ වගෙ වෙලාවට පොළවට පියාඹල ඇවිල්ල තුරුල් වෙල ගිමන් නිවාගන්න නිසල මහ කන්දක් වගෙ එකක් තියෙන එක නිදහසේ පියාඹන කිරිල්ලියකට ඕනමයි… " 

ඇය පැවසූයේ ඔහුගෙ දෑස් දෙස එක එල්ලේ බලා හිඳිමිනි. ඒ විසල් දෑස් දිලිසුනේ කඳුළු නිසාදැයි ඔහු නොදත්තේය. ඒ පිළිබඳව වැඩිදුර සිතීමට ඔහුට කාලයක් හෝ අවශ්‍යතාවයක් ද නොවීය. 

" නිසල මහ කන්ද..ඔව්...කිරිලියට අවශ්‍ය ඕනෑම මොහොතක පැමිණ තුරුලු වීමට නිසල මහ කන්ද ඔබ වෙනුවෙන් බලා සිටී. " 

ඔහු නැඟිට ඇය වෙත ගොස් දෙවුර වටා දෑත් යවා ඈ වැළඳ ගත්තේය. ඔහුගේ පුළුල් ළය මත මුහුණ සඟවාගත් ඇය ඔහු කෙරෙන් නික්ම ආ සුපුරුදු සුගන්ධය ළය පුරා පුරවා ගත්තීය. 

නුවර වැව වටා වීදි පහන් දල්වා තිබුණු නමුදු තැනින් තැන තුඟුව වැඩුණු නොයෙක් වනස්පතීන් හේතුකොටගෙන සැලකිය යුතු පමණ අඳුරක් පැතිර තිබිණි. ඒ අඳුර පසුබිම් කොටගෙන ඔහු සහ ඇය සෙමෙන් සෙමෙන් පියමං කරමින් සිටියෝය. ඇය කරවටා රැඳුනු අළු පැහැති Kipling බැක් පැකයේ උර පටි තදින් ග්‍රහණය කොටගෙන ගමන් කලේ ඉදිරිය බලාගත් වනමය. 

රැජින හෝටලය අසල මංසන්ධියේදී ඔවුහු නතර වූය. ඔහු ඇය දිගුකල සුරත ග්‍රහණය කොට නැවී ඇගේ නළලත සෙමින් සිප ගත්තේය. ඉක්බිති දළඳා වීදියෙහි පදික වේදිකාව ඔස්සේ පහළට ගමන් කරන්නට විය.ඇය බැක් පැකය ග්‍රහණය කරගත් වනම ඔහු කෙමෙන් නොපෙනී යනදෙස විසල් කොටගත් දෑසින් යුතුව බලා සිටියාය. 



එසඳ දුර අතීතයක ඔබ සහ මම, 
හමුවූයෙමු ජීවිත සිව් මංසලක නිමේශයකට, 
මොහොතකට විඳ සෙනෙහසේ සුවඳ බිඳ, 
වෙන්ව ගියෙමු සොඳුරු වූ මතකයන් දරාගෙන, 

බලා හිඳිමි ඔබ දෙසම සෙනෙහසින් නැවතී හිඳ, 
සොඳුරු ළඳුනි පාව යන පියාපතක් මෙන, 
හමු වෙමු හෙට දිනද සිව්මංසලෙක ඉතිකින, 
යලිදු සමුගමු මදහසින් මෙලෙසම, 


33 comments:

  1. ෂහ් රවි,ලස්සනයි,අත්දැකීමක්ද

    ReplyDelete
    Replies
    1. ඇත්තම කීවොත් අත්දැකීමක් ආශ්‍රයෙන් කල නිර්මාණයක්...ස්තූතියි හැලප...:)

      Delete
  2. ටැටූ කලාත්මක ලෙසින් දකින, චැනල් 5 දැම්මාට ඇස් බැමි හා නියපොතු වනසන්නේ නැති ... අපූරු අදහස් තියෙන කෙල්ලෙක් .. එයාටම ගැලපෙන කොල්ලෙක් ... රසවත් වසන්තයක් ගෙවන්න ඇති මේ දෙන්නා.

    ReplyDelete
    Replies
    1. අරුණිත් අනිවාර්යයෙන්ම එහෙම කෙල්ලෙක් ගැන දන්නවා ඇති...:) :)

      ඔව්, අරුණි දෙන්නා බොහොම රසවත් වසන්තයක් ගත කලා...ජීවිතෙන් තමන් බලාපොරොත්තුවෙන්නෙ මොනවද ඒ බලාපොරොත්තු ඉටුකර ගන්නෙ කොහොමද කියල පැහැදිලි අදහසක් තියනව නම් හැම වසන්තයක්ම රසවත් වේවි. ඒ වගේම හැම සෘතුවක්ම රසවත් වසන්තයක් වේවි.

      Delete
  3. ඇති යන්තන් කාලෙකින් ලව් ස්ටොරියක් ලියන්න හිතිලා..මේක කියොපු කමන් මට මතක් උනෙ http://ranrandil.blogspot.com/2012/03/111-unfinished-story.html කතාව.. හබය් ඉතින් බලනකොට ඔහොම අමුතු සම්බන්දතාවලත් මොකක්දො ගතියක් තියෙනව නේද? දාල තියෙන සින්දු දෙක නම් නියමය්.. අපි තවම වාසනවන්තය් මේව අහන්න.. ආ අය්යෙ..ඊයෙ මට සින්දුවක් අහුන රනින්දු කියන ගායකයගෙ " හාච්චියක් වෙන්න" කියල.. මොකක්ද බොලෙ හාච්චියක් කියන්නෙ? (අය්යගෙ පොස්ට් වල ඉතින් අදාල නැති ප්‍රශ්න ඇහුවට අව්ලක් නෑනේ)

    ReplyDelete
    Replies
    1. ඔතන වැඩේ මැඩම් මෙහෙමනෙ...සබඳතාවයක් සෙනෙහසක් කියන්නෙ අයිතිකරගැනීමක්ම නෙවෙයි.ඒ වගේම සෙනෙහසක් පවතින්න ලඟපාතක ඇසට අසුවන, අතට අහුවෙන මානයේ ඉන්නම ඕනය කියල එකකුත් නෑනෙ...

      අර සිංදුවෙ කියන්නෙ හාච්චියක් වෙන්න නෙවෙයි බොල හාච්චියක් දෙන්න කියලයි..හාච්චියක් කියන්නෙ හාදුවක් කියන එක...සුට්ටි එවුන් එක්ක කතා කරනකොට එහෙම තමයි කියන්නෙ.." සුට්ටි පුතේ අත්තම්මට හාච්චියක් දෙන්නකොමේ මෙතනට " අන්න එහෙමයි.

      හෙහ්, හෙහ්, කිසි අවුලක් නෑ..ඕන එකක් අහපං..දන්න දෙයක් නම් කියල දෙඤ්ඤං..දන්නෙ නැති එකක් උනත් දන්නව වගෙ කියල දෙඤ්ඤං...හෙහ්, හෙහ්,

      Delete
    2. එකත් එහෙමද? මට ඇහුනෙම හාච්චියක් වෙන්න කියනවනෙ..මන් දැනන් හිටියෙ නෑනෙ එහෙම වචනයක්..

      Delete
  4. ඇති යන්තම් වාං පතුල් කතාව කියලා දැම්මා. මේ ඒක නේ?

    මටත් දැන් උඹෙන් බෝ වෙලාද කොහෙද මේ පඳුරු තැලිල්ල.

    බිල්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෙටීටත් ඕනෙ වුනාලු බිල්ගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් දෙන්න. අලුත් අලුත් දෑ නොතනන... අහවල් එක වගේ මේකිත් ගියාලු තට්ටමේ පච්චයක් කොටාගන්න. එක චීක් එකක බිල් අනිකෙ බෙටී. ඕක කොටන්න සෑහෙන ගානකුයි, වේදනාවකුයි විඳින්න ඕනෙ හන්දා පස්සෙ ටැටූ ආටිස්ට්ම කියලා මුලු නමම ගහන්නෙ නැතිව ලොකුවට මුල් අකුරු විතරක් ගහමු කියලා. එහෙම කියලා එක චීක් එකක බිල් කියන්න B අකුරයි අනිකෙ බෙටී කියන්න B අකුරයි ගහගෙන ගිහින්.

    අනේ ඉතින් බර්ත්ඩේ එක දවසේ මේං කියලා නැවිලා පෙන්නලා සර්ප්‍රයිස් එකට.

    බිල් අහනවලු "Who the hell is BoB? කියලා.

    ReplyDelete
    Replies
    1. The sixty four thousand dollar question is.......

      The o in BoB ; was it a capital O or a simple o ?

      Delete
    2. I am betting on upper case O, you usually wouldn't read BoB as a name of a person. :)

      Delete
  5. යකෝ මේක පාස්වර්ඩ් එකක්යැ? මම හිතා හිටියේ පාස්වර්ඩ් විතරයි case sensitive කියලා. :-O

    මේ කතාව ගැන කිව්වොත්, දෙබස් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් යන කතා මම කියවලා තියෙනවා. නමුත් narration එක භාෂා දෙකකින් යන කතාවක් ඔය කියෙව්වාමයි. මමත් මෙහෙම දෙයක් නම් කරලා තියෙනවා මුල් වරට. ඒ මමම ඉංග්‍රීසියෙන් ලියාපු කතාවක් සිංහලට නගද්දි, මුල් වාක්‍යය ඉංග්‍රීසියෙනුත් ඊලඟට ඒකම සිංහලෙනුත් සහ දිගටම සිංහලෙනුත් ලියන එක. ඒක මට හිතුනේ ඔය ටීවී වල විදෙස් භාෂාවකින් කෙනෙක් කියන දෙයක් මුලින් එහෙමම යන්න ඇරලා පරෙවර්තකය ටිකක් පරක්කු වෙලා ඉංග්‍රීසියෙන් කියන්න යනකොට අර ඔරිජිනල් එක ෆේඩ් වෙලා යන්නෙ. අන්න ඒ ඉෆෙක්ට් එක ගන්න. උඹ කරලා තියෙන්නෙ වෙනම එකක්.
    අලුත් අලුත් දෑ නොතනන...

    හැබැයි මචෝ මෙතනදි ඉංග්‍රීසි මෙලෝ දෙයක් බැරි උන්ගේ රස වින්දනයට බාදාවක් වෙන්නෙ නැතිද? හැබැයි අලුත් අදහස මරු. මට හිතෙනවා උඹ මට ලිව්වා වගේ ෆුට්නෝට් එකක් ලියන්නත් එක්කො ඕනෙ නෑ.

    උඹේ ප්‍රියම්බිකාඅව මේක නොකියවන බව මට ෂුවර් හැලපයට දීපු සාහසික උත්තරයට අනුව... :D

    ReplyDelete
    Replies
    1. / හැබැයි මචෝ මෙතනදි ඉංග්‍රීසි මෙලෝ දෙයක් බැරි උන්ගේ රස වින්දනයට බාදාවක් වෙන්නෙ නැතිද? /

      ඇත්ත..මචං..එහෙම දෙයක් නම් වෙන්න පුළුවන් ...:)

      මම දෙබස් ඉංග්‍රීසියෙන් යෙදුවෙ මේකෙ චරිත දෙකම සාපේක්ෂව ඉහල සමාජ ස්ථරයකට අයිති අය කියල හඟවන්න. මගෙ හිතේ තියන සමස්ථ කථාව ගත්තොත් ගෑණු ළමයා ඉහළ ධනවත් පංතියට සහ කොළුවා ඉහළ මධ්‍යම පාංතියට අයිතියි.

      කෙල්ල පරිපූර්ණ Bohemian ටයිප්. කොල්ලගෙත් ඒ ගතිගුණ තිබ්බට මිනිහට වගකීම් වැඩි නිසා එහෙමම වෙන්න බෑ. ඒක තමයි නිසල මහ කන්දේ සහ දසත සරනා කෙවිලියගේ වෙනස.

      දෙබස් ඇර Narration එක ඉංග්‍රීසියෙන් යෙදුවෙ මට කියන්න ඕන අදහස සිංහලෙන් කිව්වොත් හරියට එන්නෙ නැතිවෙයි කියල හිතුනු තැන් වල විතරයි.

      / උඹේ ප්‍රියම්බිකාඅව මේක නොකියවන බව මට ෂුවර් හැලපයට දීපු සාහසික උත්තරයට අනුව... :D /

      පිස්සුද බං ඒ අම්මන්ඩි ඔව්ව ගනන් ගන්නෙ නෑ. හෙහ්, හෙහ්, උන්දටත් තියනව මේ වගෙ අත්දැකීම් ගෝණි ගනං...මම අනන්ත කියනව ලියන්ඩෙයි කියල..කොහෙද එවුන්දට ඔව්වට වෙලාවක් නෑ..හප්පා..එයයිට තියෙන වැඩ මම හිතන්නෙ එච්. ආර්. එච්. කුයීන් එලිසබැත් නෝනට වත් නැතුව ඇති...

      කොටිම්ම බ්ලොග් එක කියවන්නෙත් මම කියෝපිය කියල බලකලොත් විතරයි..

      අනේ මේ...ඔයයි ලියන පිස්සු විකාර කියවන්ට වෙලාවක්වත් එව්ව කියවල ඔලුව කුරුවල් කරගන්ට උවමනාවක්වත් මට නෑ...දැං මේ කාලාන්තරයක් ඔලුව කෙලින් තියාගෙන ඉන්න එකම මදැයි දමල ගහල යන්නෙ නැතුව. ඔය වෙන වැඩ නැතුව එහාට මෙහාට පාවෙවී ඉන්න ඔයාගෙ රසිකයො / රසිකාවියො රොත්තක් ඉන්නව නේද?.....එයාල කියවයිනෙ ..ඒ මදැයි

      ඔන්න ඔහොමයි ඒ යෝදි කියන්නෙ :( :(

      Delete
    2. අනේ මන්දා බං. මේ අපේ ගෙදර ඉන්න බබලතාත් කියන්නේ අනේ ඔය රවියා ඔහේට වෙලා ඉන්නවෑං අර මනුස්සයා කනක් ඇහිලා ඇතියි කියලා. අනේ මේ කේලමකට කිව්වා හෙම නෙවෙයි. :-O

      ඒක නෙවෙයි බං. මොකද මේ මිලියන් හැට හතරක්ම දෙන්නේ? මේක අර හැට හතර මායං වලට මොකුත් සම්බන්ධයක් තියෙනවද? :-?

      Delete
    3. මතක් කරල දීපංකො මචං තරහ නැතුව

      Delete
    4. henry,

      / අනේ මන්දා බං. මේ අපේ ගෙදර ඉන්න බබලතාත් කියන්නේ අනේ ඔය රවියා ඔහේට වෙලා ඉන්නවෑං අර මනුස්සයා කනක් ඇහිලා ඇතියි කියලා. අනේ මේ කේලමකට කිව්වා හෙම නෙවෙයි. :-O /

      පිස්සුද බං ටෝටලි ඔපසිට් එක...ටෝටලි ඔපසිට් එක...මම දෙයියනේ කියල කණක් ඇහිල ඉන්නව මෙහෙට වෙලා ඉන්නවයිං.. ඒත් අපරාදේ කියන්ට බෑ..මේ ස්කයිප් කියල මංගල්ලයක් තියනවනෙ..අම්මප මට ඔය නම ඇහෙනකොටත් මාලු නටනව...ඔය ස්කයිප් එක හින්ද දිනපතා අබම වශයෙන් හෝරාවක්වත් මගෙ කංදෙක පුරවනව ඒ අම්මණ්ඩි...

      / ඒක නෙවෙයි බං. මොකද මේ මිලියන් හැට හතරක්ම දෙන්නේ? මේක අර හැට හතර මායං වලට මොකුත් සම්බන්ධයක් තියෙනවද? :-? /

      අඩේ සමාවෙන්ට ඕමනයි..පොඩි වැරදීමක් උනානෙ..Sxty four million dollar question නෙවෙයි මචං Sixty four thousand dollar question වෙන්න ඕන..ඔය Pharase එකේ මූලාරම්භය අමරිකාවෙ Tale it or leave it වැඩසටහන. ඒකෙ අන්තිම ප්‍රශ්නෙ ඒ කියන්නෙ වැදගත්ම ප්‍රශ්නෙ හැඳින්වෙන්නෙ ඔහොමයි.

      Delete
    5. හෙන්රිගේ කොමෙන්ටුවට කියන්න දෙයක් හිතාගෙන ඉද්දි පස්සෙ බැඳපු උත්තර දැකලා ඒකත් අමතක වෙලා ගියා!!!

      ආ..හෙන්රිට කියන්න හිටියේ ඉංග්‍රීසි සිංහල ප්‍රශ්නෙදි ගොඩක් හිතන්න එපා..මොකද බොහෝ පාඨකයන්ට ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන්..සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් වචන දෙක තුනකින් කියවෙන දේ සිංහලෙන් වචන විස්සක් වත් ඕන තේරුම් කරන්න..(වයිස් වර්සා)

      @රවී,

      // ඔය වෙන වැඩ නැතුව එහාට මෙහාට පාවෙවී ඉන්න ඔයාගෙ රසිකයො / රසිකාවියො රොත්තක් ඉන්නව නේද?.....එයාල කියවයිනෙ ..ඒ මදැයි//

      !@#$^$#@!
      අහක යන තොප්පි අපි නම් දාගන්නෑලු ඔන්න..අනේ අම්මපා මේ මාගල් කියවන්න ඇවිත් අපිත් අහගන්න කතා!!

      Delete
  6. .....අහසෙ පියාඹනකොට සමහර වෙලාවට පියාපත් රිදෙනව. හුලං කෝඩ සැර වැඩි උනහම එව්වට එරෙහිව පියාඹන්න උනාම හරි අමාරුයි. ඒ වගෙ වෙලාවට පොළවට පියාඹල ඇවිල්ල තුරුල් වෙල ගිමන් නිවාගන්න නිසල මහ කන්දක් වගෙ එකක් තියෙන එක නිදහසේ පියාඹන කිරිල්ලියකට ඕනමයි… "

    මේ කතාව ඇත්තම ඇත්ත.. ඒත් වැඩියම දුක දරා ගන්නෙ කන්දද කියලත් හිතෙනවා.... කිරිල්ලි නිදහස්නෙ ... කන්ද එතනමයි. යන්නෙ එන්නෙ කිරිල්ලිනෙ.....
    කොහොම උණත් ලස්සන කතාව...

    ReplyDelete
    Replies
    1. / මේ කතාව ඇත්තම ඇත්ත.. ඒත් වැඩියම දුක දරා ගන්නෙ කන්දද කියලත් හිතෙනවා.... කිරිල්ලි නිදහස්නෙ ... කන්ද එතනමයි. යන්නෙ එන්නෙ කිරිල්ලිනෙ /

      එතන මෙහෙමයි මට හිතෙන්නෙ...කිරිල්ලි නිදහස් කියල හිතුනට ඒ නිදහසත් එපා වෙන වෙලාවක් එනව. ඒත් එයාට නිදහසේ පියාඹන්ට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් අහිමි කරගන්ටත් බෑ. මොකද එහෙම උනොත් එයා කිරිල්ලියක් නෙවෙයි. කිරිල්ලියො ඉපදිල ඉන්නෙ නිදහසේ පියාඹන්ට. කිරිල්ලියක් අල්ලල කූඩුවක දැම්මොත් නැත්නම් බැඳල තියාගත්තොත් එතන ඉන්නෙ කිරිල්ලියක් නෙවෙයි, සිර කාරියක්...

      අපි හැමෝටම යම් අනන්‍යතාවයක් තියනව. වෙනත් පුද්ගලයෙකුගෙ අවශ්‍යතාවය මත , ( ඒ පුද්ගලය අපිට කොතරම් සමීප පුද්ගලයෙක් උනත් ) අපි වෙනස් වෙනව කියන්නෙ අපේ ඒ අනන්‍යතාවය අපේ අයිඩෙන්ටිටි එක නැතිකරගන්නව. අපිටම තීරණයක් ගන්න වෙනව අපි එහෙම කැපකිරීමක් කරනවද ඒ කැපකිරීම අපිට අපේ අනන්‍යතාවය නැතිකරන්නක් උනත් අපි එහෙම කරනවද කියල...ඒක මට හිතන්නෙ එක එක්කෙනා පෞද්ගලිකව ගන්න ඕන තීරණයක්...

      ස්තූතියි තරුරසී...:)

      Delete
  7. අයියා මේ කතාවත් එක්ක දාලා තියෙන අමරදේවයන්ගේ ගීතයනම් මම අදම තමයි ඇහැව්වේ. දෙවෙනි ගීතයනම් මම ඉස්සර ඉඳන්ම හුඟක් ආස ගීතයක්.

    මේ කතාව දාපු දවසෙම එක සැරයක් කියෙව්වත්, අද දැන් දෙවෙනි සැරේට කියවද්දි තමයි ගීත ඇහැව්වේත්, හරියට තේරුම් ගත්තේත්. බොරු කියන්නෙ මොකටද, මේ දෙවෙනි සැරේට කියවද්දිත් මට දෙබස් පැටලුනා. සමහර විට ඒ අයියා පිරිමි දෙබස් වලට රතු පාටත්, ගැහැණු දෙබස් වලට නිල් පාටත් යොදාගෙන තිබුණ නිසාද දන් නෑ. :)

    හරිම ලස්සන, අමුතු කතාවක්. මේ විදිහේ කතා ලියන තව එක්කෙනයි මේ බ්ලොග් ලෝකේ මම දැකලා තියෙන්නේ. අන්තිම කවි දෙක විතරක් නෙමෙයි, මුළු කතාවම කවියක් වගේ අයියේ.

    මේ තියෙන්නේ කතාවේ මං ආසම තැන්.

    /*

    But I could say this…Half of her mind was wishing that he would say so and… "


    " And the other half was afraid he would say so…"

    He completed the sentence for her…

    " Yes,…… "

    She said in a small voice with just a trace of sadness in it.

    " But in retrospect she was glad that he didn't say so.......

    */

    /*

    " For Life, For Me and for you… "

    " In that order?.."

    */

    මෙන්න කතාවෙදි ම්ට ඉතිරි වෙච්ච ප්‍රශ්නේ. එතකොට මීට අවුරුදු අටකට කළින් හම්බ උනාමත් ඒ දෙන්නා වෙන් උනේ අද මේ වෙන් වෙච්ච විදිහටමද? සමහරවිට ඒ කාලෙදි, දෙන්නටම අවුරුදු අටකට පස්සේ මේ තියෙන බැඳීම්, වගකීම් ඒ කාලෙදි තිබුණෙ නැතිවා වෙන්න බැරිද? එතකොට ඇයි එදා එහෙම වෙන් වෙලා ගියේ?

    විටෙක ඔහු මහ කන්දකිය ඈ කිරිල්ලිය වී ගිමන් නිවනා
    හිත මිතුරු සුව දුක් තෙපුල් බස් සිනා කැන් මුව පුරා පුරනා
    විටෙක ඔහු මහ වනස්පතියකි සමනළිය මල් සුවඳ විඳිනා
    කෙළි දෙලෙන් ඈ රඟන රැඟුමන් මඳහසින් නිති බලා හිඳිනා

    මහා කන්දට පෙමින් හද බැඳි රිදී ගංගා ගලා බසිනා
    වනස්පති තුරු බඳ වටා එති ලතා වැල් මන බඳින සොබනා
    කිරිල්ලිය තව ගව් ගණන් දුර පියාසරනට ඇතිය නිතිනා
    සමනළිය තව සහස් සුවහස් මල් සොයා යා යුතුය සැණිනා

    ReplyDelete
    Replies
    1. / අයියා මේ කතාවත් එක්ක දාලා තියෙන අමරදේවයන්ගේ ගීතයනම් මම අදම තමයි ඇහැව්වේ. දෙවෙනි ගීතයනම් මම ඉස්සර ඉඳන්ම හුඟක් ආස ගීතයක්. /

      මාස්ටර්ගෙ මම කැමතිම ගීතයක්...සමහරවිට මමත් ඒ කන්ද වගේ කියල මට හිතෙන නිසා වෙන්නත් ඇති...ඇත්තටම ඒ වගෙ ජීවිතේ කිසිම දේකින් නොසැලෙන මහ කන්දක් වෙන්න පුලුවන් නම් කියල මට හිතිල තියෙන වාර අනන්තයි සිත්තමී....

      මාස්ටර්ගෙ මේ ගීතය අහල තියද?

      වසන්තයේ අග හමුවෙමු සොඳුරිය…
      ළවැලි තලාවක විසුල කුසුම් මත...
      අතිනත ගෙන පෙර නොකී කතා අසා …..
      අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලාසඳ නැගෙනා හෝරාවේ.....

      මමත් හරිම කැමති ගීතයක්...රචකයා මම පෞද්ගලිකව දන්නා හඳුන්නනෙකු වීමත් ඊට එක හේතුවක්.

      මේ සිද්ධියට සමානම නොවුනත් නිසල මහ කන්දක් සහ කුරවි කෙවිලියක් ගැන කලකට පෙර මම ලියපු සටහනක් මේ....

      / මේ දෙවෙනි සැරේට කියවද්දිත් මට දෙබස් පැටලුනා. සමහර විට ඒ අයියා පිරිමි දෙබස් වලට රතු පාටත්, ගැහැණු දෙබස් වලට නිල් පාටත් යොදාගෙන තිබුණ නිසාද දන් නෑ. :) /

      අනේ බොලේ...මම ඒ පාට දෙක යෙදුවෙම දෙබස් පැටලෙයි කියල හිතුන නිසාමයි. ඒත් ඔයාට පැටලුනාද? :(

      / මෙන්න කතාවෙදි ම්ට ඉතිරි වෙච්ච ප්‍රශ්නේ. එතකොට මීට අවුරුදු අටකට කළින් හම්බ උනාමත් ඒ දෙන්නා වෙන් උනේ අද මේ වෙන් වෙච්ච විදිහටමද? සමහරවිට ඒ කාලෙදි, දෙන්නටම අවුරුදු අටකට පස්සේ මේ තියෙන බැඳීම්, වගකීම් ඒ කාලෙදි තිබුණෙ නැතිවා වෙන්න බැරිද? එතකොට ඇයි එදා එහෙම වෙන් වෙලා ගියේ? /

      හරි මම මෙහෙම කියන්නද?.....අපි හැමෝම පෘථග්ජන මිනිස්සු. අපි හැමෝටම අපිටම ආවේණික ආශාවන්, අපේක්ෂාවන් , ඉලක්ක තියෙනව. හරි එතකොට ඒ ඔක්කොම හරි කියමුකො. ඒ එක්කම සංසාරගත බැඳීමක් වගෙ දේකින් අපි කවුරු හරි කෙරේ සමීප වෙනව.එහෙම බැඳීමක් කියන්නෙ යම් කැපකිරීමක් කරන්නම වෙනව. ඒක ස්ථිරයි. එතකොට ඒ කැපකිරීම කරනව කියන්නෙ අපේ අනන්‍යතාවය, අපේ අපේක්ෂාවන් අපේ ඉලක්ක ඔක්කොමත් පරදුවට තියන්න වෙනව. එහෙම කරන්න අපි සූදානම්ද? එහෙම සූදානම් නොවුනු එක් පුද්ගලයෙක් සහ ඒ තත්වය මනාව වටහාගත් තවත් පුද්ගලයෙක් ගැනයි සිත්තමී මගේ මේ විවරණිකාව.....

      දසත සරනා කිරිලියට විලංගු ලෑමට නිසල මහ කන්දට අවශ්‍ය නොවූ අතර නිසල මහ කන්ද ප්‍රියකල නිසල තාවය බිඳ හෙලීමට දසත සරනා කිරිලියටද කිසිසේත්ම අවශ්‍ය නොවීය. නිසල කන්ද කන්දම විය. කිරිලිය කිරිලියම විය. එසේම කන්දට කන්ද වීමේ අවශ්‍යතාවය කිරිලිය වටහා ගත්තාක් මෙන්ම කිරිලියට කිරිලියක වීමේ අවශ්‍යතාවය කන්ද ද වටහා ගත්තේය.

      ලස්සනම කවියක් නඟේ..මට තේරෙන්නෙ නෑ ඔයාට කොහොම ස්තූති කරන්නද කියල...දහස් වාරයක් ස්තූතියි..සිත්තමී...:)

      Delete
    2. කවියට මමත් ලයික්..

      Delete
  8. what a excellent story.

    අනර්ඝයි ..උත්කෘෂ්ටයි ...

    ''රැජින හෝටලය අසල මංසන්ධියේදී ඔවුහු නතර වූය. ඔහු ඇය දිගුකල සුරත ග්‍රහණය කොට නැවී ඇගේ නළලත සෙමින් සිප ගත්තේය. ඉක්බිති දළඳා වීදියෙහි පදික වේදිකාව ඔස්සේ පහළට ගමන් කරන්නට විය.ඇය බැක් පැකය ග්‍රහණය කරගත් වනම ඔහු කෙමෙන් නොපෙනී යනදෙස විසල් කොටගත් දෑසින් යුතුව බලා සිටියාය.''

    කිරිල්ලි බලා ඉඳිද්දී කන්ද ඇවිදිනවා ..[just kidding ]

    හුඟක් වේලාවට මේවගේ කතා අනුවේදනීයයි . නමුත් මෙතන නිකන් සැනසීමක් දැනෙන ගතියක් තියෙනවා . බැඳුනු එහෙත් නොබැඳුණ ගතියක්. ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. / හුඟක් වේලාවට මේවගේ කතා අනුවේදනීයයි . නමුත් මෙතන නිකන් සැනසීමක් දැනෙන ගතියක් තියෙනවා . බැඳුනු එහෙත් නොබැඳුණ ගතියක්. ලස්සනයි . /

      Yes, that was my whole point. And Your honour, I am calling upon 3 witnesses to further augment my case….

      “Let someone love you just the way you are – as flawed as you might be, as unattractive as you sometimes feel, and as unaccomplished as you think you are. To believe that you must hide all the parts of you that are broken, out of fear that someone else is incapable of loving what is less than perfect, is to believe that sunlight is incapable of entering a broken window and illuminating a dark room.” --Marc Hack

      “The most painful thing is losing yourself in the process of loving someone too much, and forgetting that you are special too.” --Ernest Hemingway

      One of the deepest feminine pleasures is when a man stands full, present, and unreactive in the midst of his woman’s emotional storms. When he stays present with her, and loves her through the layers of wildness and closure, then she feels his trustability, and she can relax…” --Osho

      “If you love a flower, don’t pick it up. Because if you pick it up it dies and it ceases to be what you love. So if you love a flower, let it be. Love is not about possession. Love is about appreciation.” --Osho

      The defense rests, Your honour….

      Delete
  9. මේ වගේ සිහින කිරිල්ලියක් හැම කන්දක් වගේ පිරිමියෙක් තුලම ඉන්නවා, ඒ වගේම නිදහසේ පියාඹන කිරිල්ලියන් තුලත් විඩා නිවා ගත හැකි මහ කඳු ගැන හීන ඇති. මේ කතාවට පැවැත්මක් තියෙන්නේ කන්ද නිසල වනතාක් සහ කිරිල්ලිය නිදහසේ පියාඹන තාක් කල් විතරයි කියලා මට හිතෙන්නේ. බැලු බැල්මටම මේ තරම් හොඳින් එකිනෙකා අවබෝධකර ගතහැකි දෙදෙනෙකුට එකතු වන්නට නොලැබීම අවාසනාවක් කියලා හිතුනත්, කිරිල්ලිය කන්දේ වහලා ස්ථිර කූඩුවක් තනාගත් සැණෙන් කතාවේ සුවිශේෂත්වය නැතිවෙනවා.

    යම් දෙයක් පූර්ණ ලෙස දැනගන්නට නොලැබීමෙන්, ඒ ගැන විවිධ මාන ඔස්සේ හිතල වඩාත් විචිත්‍රාකාරව රස විඳින්න පුලුවන්.. (රවි අයියගෙ සමහර කවි වගේ), නමුත් සැබෑ අර්ථය මොකද්ද කියන කුතුහලය තමයි ඒ විදිහට විවිධ අරුත් හොයාගෙන යන්න අපිව පොළඹවන්නෙ. "මෙහෙම යන ගමනෙ කෙළවර කොතනද?" කියන ප්‍රශ්නයත් ඒ වගේ කියලා මට හිතෙන්නේ. ඇත්තටම කෙළවර හොයාගැනීමට වඩා රසවත් වෙන්නේ ඒ ප්‍රශ්නය ඇසීම සහ එයින් ගොඩ නැගෙන කතාබහ.

    කතාවේ අන්තිමට එන උත්තරය පිරිමියා නොදුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා... මොකද කතාව කියවලා ඉවරවෙනකොට උත්තරය ඒක බව කියවන්නාට වැටහෙනවා.

    කීප සැරයක්ම බාධා ආපු නිසා මේ කතාව කියවන්න හරි මූඩ් එකට එන්න බැරි උනා.. දැන් තමයි මූඩ් එකට වැටිලා කියවගත්තෙ.

    ReplyDelete
    Replies
    1. නියමයි මල්ලි..දාපං පහක් ඉස්සෙල්ලම....අම්මප මයෙ පපුව ඇතුලට රිංගල හැම අහු මුල්ලකටම ටෝච් පොල්ලක් ගහල හෝදිසි කලා වගේ නෙව...

      / බැලු බැල්මටම මේ තරම් හොඳින් එකිනෙකා අවබෝධකර ගතහැකි දෙදෙනෙකුට එකතු වන්නට නොලැබීම අවාසනාවක් කියලා හිතුනත්, කිරිල්ලිය කන්දේ වහලා ස්ථිර කූඩුවක් තනාගත් සැණෙන් කතාවේ සුවිශේෂත්වය නැතිවෙනවා. /

      හරියටම හරි...එසේ සිදුවුනුනම් එකෙණෙහිම ලබ්භ ඵලය ශෛලතලාවෙහි ගසාලා පියා වූ කලෙක මෙන් සියල්ල ක්ෂණයකින් නිමාවේමය ..:)

      / " යන්ට එපා, ඉන්ට කියල කන්ද කිව්වනම් කිරිල්ලි යන්නෙ නැතුව ඉන්නවද? " /

      On the spur of the moment, if he did ask the question and again on the spur of the moment she said yes more often than not it wouldn’t be a happy ending :(

      For them, the silent mountain and the roaming bird this is the happiest ending that's possible of all…:)

      / කතාවේ අන්තිමට එන උත්තරය පිරිමියා නොදුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා… /

      හෙහ්, හෙහ්, දාපං පහක්..අඩේ…. මුලිම්ම පහක් දාලම නේද අපි කතාබහ පටං ගත්තෙ?...හරි එහෙනං අනික් අතෙං නැත්තං කකුලෙං හරි කමක් නෑ ආයෙම දාපන් පහක්...

      කතාව ලියල අවසාන සෝදුපත් කියවීම්දි මට හිතුන ඔය උඹට හිතුන දේම..ඒ වාක්‍යය එතනට අනවශ්‍යයයි කියල.ඒත් එදා සිකුරාදා..අපෙ නිවාඩු දවස...යාලුවො ඇවිල්ල එබෙනව..මොකද බං කරන්නෙ අදත් ඕක බදාගෙන..මෙන්න මෙහෙ වරෙං පොඩි ආතල් එකක් ගන්න කියල. ඒ අස්සෙ කෝ කතාව කියල සමහරු අහනව..ඔයිං මෙයිං ඒ කෑල්ල ඩිලීට් කරන්න අමතක වෙල ගියා...

      Delete
    2. //මේ කතාවට පැවැත්මක් තියෙන්නේ කන්ද නිසල වනතාක් සහ කිරිල්ලිය නිදහසේ පියාඹන තාක් කල් විතරයි කියලා මට හිතෙන්නේ. බැලු බැල්මටම මේ තරම් හොඳින් එකිනෙකා අවබෝධකර ගතහැකි දෙදෙනෙකුට එකතු වන්නට නොලැබීම අවාසනාවක් කියලා හිතුනත්, කිරිල්ලිය කන්දේ වහලා ස්ථිර කූඩුවක් තනාගත් සැණෙන් කතාවේ සුවිශේෂත්වය නැතිවෙනවා.// මේ කෑල්ලට හොඳටම Like..

      Delete
    3. අපොයි ඔව් . එහෙම වුනොත් කතාව මේ අපි වගේ කුඩු අටවා ගත්ත එවුන්ගේ කතාව වෙනවනේ .

      Delete
  10. // " නිසල මහ කන්ද..ඔව්...කිරිලියට අවශ්‍ය ඕනෑම මොහොතක පැමිණ තුරුලු වීමට නිසල මහ කන්ද ඔබ වෙනුවෙන් බලා සිටී. " //

    මේක ආත්මාර්ථකාමයද නැත්නම් ආදරයද?..නිදහසේ පියාඹන්න කැමති කෙනා වෙනුවෙන් කන්ද බලාඉන්න එක නිදහසේ පියාඹන්න බාදාවක් නෙවිද?

    ගණිතයේදී මෙන් නොවී ජීවිතේ හැම දේටම හරි වැරදි යැයි නිත්‍ය උත්තර නැති වුනේ හොඳ වෙලාවට...

    ReplyDelete
    Replies
    1. / මේක ආත්මාර්ථකාමයද නැත්නම් ආදරයද?..නිදහසේ පියාඹන්න කැමති කෙනා වෙනුවෙන් කන්ද බලාඉන්න එක නිදහසේ පියාඹන්න බාදාවක් නෙවිද? /

      අනෙ අම්මාපල්ල....උඹල වගෙ ජාතියක්!!!!!!.......කොහෙං හරි කූරු ගාල කොනක් මතුකරගන්ට, කොක්කක් පටලගන්ටම නෙව බලන්නෙ....

      දැං අර නිසල මහ කන්ද කිසිම බලාපොරොත්තුවක් නැතුව..ඒත් කිරිල්ලි වෙහෙසට පත්වෙලා ගිමන් නිවාගන්න එනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ආදරෙං පිළිගන්න බලාගෙන ඉන්න එක තමයි වැරැද්ද නේද?....ඒක අර කිරිල්ලි අම්මණ්ඩිට අනවශ්‍ය බලපෑමක්ලු....අම්මප අක් බඹරු කේසදාතූන් ඉර්ජු වෙන්නෙ මෙව්ව ඇහෙනකොට තමයි...

      මේක අහගනු...කන්ද කියන්නෙ නෑ උඹ වරෙං මම උඹ එනකල් බලාගෙන ඉන්නවය කියල…

      ඔබට වෙහෙසක් දැනෙනා කල,
      හිස තබා හඬනට උරහිසක් සොයනා විට ,
      නෙත කඳුලු පිසිනා දයාබර අතැඟිලි ඇවැසි වූ සඳ,
      මම හිඳිමි මෙතැන ඔබ වෙනුවෙන්ම,

      අරුන්දැට කිසිම බලපෑමක් නෑ..ඕනනම් විතරයි.....

      බොලා වාගෙ කස්ටිය තමයි මේ....

      තම සැමියා නිවසට පැමිණි විගස ඔහුගේ ඇඳුම් පරීක්ෂාකොට කෙසේ හෝ දිගු කෙස් ගසක් සොයාගන්නා ඇය ඉනික්බිති ඒ කෙස්ගස නිමිති කොටගෙන ඔහු හොර ගැහැණුන් හා ඇසුරු කරන බවට චෝදනා කරමින් බැණ වදියි.

      එහෙත් එක් දිනෙක කොතරම් සොයා බැලුවද ඇයට එක් කෙස් ගසක් හෝ සොයාගත නොහැකි විය.

      මොකද හිතන්නෙ?...අනේ මගෙ මනුස්සය දැං හරිම හොඳයි, ගෑණු පස්සෙ යන එක නවත්තල කියල සතුටු උනයි කියලද?...බම්බුව තමයි..

      " අනේ දෙයියනේ..මේ මිනිහට හොඳක් නම් වෙන්න එපා...මේ මනුස්සය දැං තට්ට ගෑනු පස්සෙ යන්ටත් පටංගෙන...හපෝයි දෙයියනේ මං වාගෙ පව්කාර ගෑණියක්..." ඔන්න ඔහොම බැණ අඬගැහැව්වලු මුලු ගමටම ඇහෙන්ට :) :)

      Delete
    2. ඉඳලා ඉඳලා කම්පනා කරලා කරලා කරලා කොමෙන්ටුවක් දැම්මාම මමත් අහගත්තනේ මේ වගේ කතාවක්..හපොයි මේවා නම් සහගහන අපරාද දෙයියනේ!!!

      රූ මහත්තයාට නම් මේ පැත්ත පලාතෙ පස්පාගන්න දෙන්නෑ ඇත්තමයි සත්තයි..:D

      Delete
    3. හප්පොයි..සමාදිය බජනය කරත්වා...:( :(

      මහත්තයට එන්ට දෙන්නෙ නැත්තෙ නං තනිකරම ඉරිසියාව...:)

      Delete
  11. "Maybe some women aren't meant to be tamed. Maybe they just need to run free until they find someone just as wild to run with them."
    -Sex & the City

    :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...