Friday, June 7, 2013

192. වණ කැළැල පිරිමදිමි....


පිරිමදිමි රිදුම්දෙන වණ කැළල, 
හදවතට තවත් සෝ දුක් කුමට? 
අවසඳත් මුවාවී  ගිරි හිසට, 
තරු පිරුණු අහස තනිකලෙ කිමද? 

මල් රොනට ඇදෙන බමරකු තුඩග, 
අරවින්ද රත්පැහැය මිලින වෙත, 
මදනලෙහි තැවරි රොන් සුණු පුසුඹ, 
විඳිත කෙළෙසක ළමැද පුරවාන, 

මහත් සඳ පතිතවිය විල් දියට, 
නිල් දියෙහි කඩ සහසකට බිඳින, 
කැළඹි දිය යලි නිසල වන තෙක්ම, 
විල් ඉවුර වැතිර ඉමි එකලාව, 

නෙත් කෙවෙනි අග රැඳුනු කඳුළු බිඳ, 
පියාගත් පිල්ලමට බර වැඩිය, 
වෙර යොදා වසාගමි කඳුළු විල, 
වැසුණු ඇස් පැහැර ඔබ සිනාසෙත, 

සෙනෙහසින් සමුදුනිමි කඳුලකට, 
නෙතු අගින් වැටෙන දෙකොපුල මතට, 
මුදු සිනහ දෙතොලගින් මැකුණු සඳ, 
බවග තෙක් විඳිමි සෝ දුක් සුසුම, 

19 comments:

  1. "මහත් සඳ පතිතවිය විල් දියට,
    නිල් දියෙහි කඩ සහසකට බිඳින,
    කැළඹි දිය යලි නිසල වන තෙක්ම,
    විල් ඉවුර වැතිර ඉමි එකලාව, "

    විල්දියේ සැලෙන්නේ සෙවණැල්ල
    සඳ නොවේ, සඳ රැඳින නුබ ගැබ
    කැළඹි දිය නිසල වෙන මොහොතකට
    හැඳිනගන් සඳ මැවූ මායාව

    ReplyDelete
    Replies
    1. චේජනා,

      මහත් සඳ විල් දියෙහි නොවෙත, ඒ බැව් දනිමි,
      සඳ සහසකට බිඳෙනු මායාවකිය දනිමි,
      ජීවිතෙම ඉඳුදැලෙහි පැටලිගත් එසඳ සකි,
      මායාවෙහිම ගැලී හිඳිමි එද මට සැපකි.

      Delete
  2. මොකද මංදා, රවී අයියා මේ ටිකේ හෙන රොමන්ටික් වෙලා..විජය, කුවණ්නා ප්‍රේම ජවනිකාව තාත්වික කරන්න ඕනා හින්දා ගේමට බැහැලම අත්විදිමින්ම ලියනවද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      නෑ බං..දන්නැද්ද ඔය?...අති අහඹු සිදුවීමකින් උනත් අතීතයට යන්ට උනාම ආපහු ප්‍රකෘති තත්වෙට එන්ට කාලයක් යනව..එච්චරයි.....හෙහ්, හෙහ්

      Delete
    2. මටනම් ඔය පරණ මතකයන් කටකොනින් එන හිනාවකට වැඩි දෙයක් ඇති කරන්න සමත් වෙලා නෑ..ඒවා ඉතින් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා බැඳීම් වල ස්වභාවය අනුව..

      අර බින්දි කියන කල්කෙන් ටිකක් හම්බුනානම් ඔය ගතිය මගෑරිලා ඩොහ් ගාලා වර්තමානෙට කඩන් වැටෙයි.. හෙහ් හෙහ්..

      Delete
    3. සෙන්නා,

      මම ටිකක් විතර සැන්ටිමැන්ටල් පොරක් සෙන්නා....බොට කිව්වම මොකද? යාන්තමට ඔය හීං හුළඟක් ආවද ..ඒ ඇති මයෙ හද වෙණ තත් කම්පනය වෙන්ට ටැවුං ටැවුං යන අනුකරණයෙන්......අනෙ අම්මප ඇත්ත...

      Delete
  3. අනේ මන්දා සෙන්නෝ මේකට මක් කියන්නද හිතා ගන්න බැහැ මටත් . මට පොඩි කාලේ තිබ්බ සපත්තුවට කැපිච්ච තුවාලයක් . මක් කරලවත් හොඳ වුනේ නැහැ . අපේ පැත්තේ උන්න ඇටෙන්ඩන්ට් කෙනෙක් . එයාගේ ගෙදෙට්ට ගියාම සුද්ද කරලා බෙහෙත් දැම්ම . අන්න ඊට පස්සේ තමා හොඳ වුනේ .

    හැබැයි අර ඇට මැස්ස ට තිබ්බනේ කවදාවත් හොඳ නොවෙන තුවාල වගයක් . එහෙම ඒවාද මන්දා . ඒවාට නම් මෝෆින් වඩියක් දෙන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / මට පොඩි කාලේ තිබ්බ සපත්තුවට කැපිච්ච තුවාලයක් . /

      හප්පච්චියේ..සපත්තු වලට කැපුණම නම් ඕනම නෑ....හොඳ වෙන්නෙම නෑනෙ..හැබැයි පොඩි කාලෙ අපි හරි ආසයි කකුලෙ තුවාල වෙනවට. එතකොට ඒ කකුලට විතරක් සෙරෙප්පුවක් දාගෙන ගිහෑකි ඉස්කෝලෙ..ඒ කාලෙ අපි දෙක , තුන ශ්‍රේණිවල ඉඳිද්දි එහෙම යන එක ඉතාම වීර ක්‍රියාවක් ලෙසයි සැළකුණේ...හෙහ්, මගෙ යාලුවෙක් දනිස්සෙ තුවාලයක් වෙලත් සෙරෙප්පුවක් දාගෙන ඇවිල්ල අපෙ පංති බාර මැඩම් දෙහි කැපුව නොසෑහෙන්ඩ.

      සපත්තුවලට කැපිච්ච තුවාල වලට අපෙ අත්තම්ම ගාව තිබ්බ නොවරදින අවුසදයක්..පරණ හම් සපත්තුවක හං කෑල්ලක් පුච්චල ඒකෙ අළු පොල්තෙල් එක්ක කලවම් කරල තුවාලෙට තියල පාංකඩේකිං බඳිනව. හේතුවක් නම් මට හිතාගන්න බෑ..බඩුම තමයි..දවස් තුනයි තුවාලෙ හොඳයි..:)

      / හැබැයි අර ඇට මැස්ස ට තිබ්බනේ කවදාවත් හොඳ නොවෙන තුවාල වගයක් . එහෙම ඒවාද මන්දා . ඒවාට නම් මෝෆින් වඩියක් දෙන්න වෙනවා /

      නෑ..නෑ..බොල තුවාල හොඳ උනා..තුවාල හොඳ උනා...ඒත් දන්නෙ නැද්ද තාම ඔය ඉඳහිට...හෙහ්, හෙහ්,

      අර ඇහැට වැලි කැටයක් ගියාම ඒක අරං දැම්මට පස්සෙත් සෑහෙන වෙලාවක් නිකං ඇහැ කෙවෙන්නෙ ..හෙහ්, හෙහ්, අන්න ඒ වගෙ...තුවාලෙ හොඳටම හොඳයි..ඒත් තාම අර තුවාලෙ තිබ්බ කාලෙ වේදනාව ඉඳහිට මතක් වෙනව අහම්බෙන් වගෙ..එතකොට ඔය පොඩ්ඩක් කැළල අත ගගා හිටියම හරි.....:) :)

      Delete
    2. '' මොකද අනේ ගෙදර උන්නට ඉන්නවද නැද්ද නැහැ . එක්කෝ පොතක් බදාගෙන නැත්තන් දාහට අරන් සියට දුන්න වගේ කල්පනා කරනවා . මන් දන්නවා ඔය ඉතින් අර පරණ එව්වා කල්පනා කරනවා ..ඉහි ඉහි ''

      ඔන්න ඔයවගේ කල්කයක් බිව්වම ඔය ගතිය ඇරිලා යයි

      Delete
    3. බින්දි,

      පිස්සුද බොල?....එහෙම කල්ක බොන්ට වෙන්ට ඉස්සරවෙලා කොයි මක් කරල හරි ලෙඩේ හොඳ කරගන්ට ඕන බං...එවුන්දැට කල්ක දෙන්ට වෙන තරමට ලෙඩේ ඇදුනොත් ඉතිං ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්...
    අත්දැකීම නම් මටත් තියෙනවා .
    මේ අදහස් කියවනකොටත් හිත අතීතයට යනවා එනවා වගේ .
    නියමයි ආ !
    මම මේ බ්ලොග් ඒකෙ දාන පලවෙනි කමෙන්ට් එක . දිගටම එන්නම්
    " ජයස්සු ජය මංගලම් "

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි වයලීනෝ.....ස්තූතියි ඔබට...:)

      Delete
  5. පෘථග්ජන ජීවිතයේ ලබන සතුට වණ කැළලක් කැසීමෙන් ලබන සතුටට සමාන යි කියන අදහස නේද මෙතෙන්ට ගත්තේ? වෙලාවක් තිබුණොත් මේ පැත්තේ ඇවිත් යන්න. http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      මම ගියා ඔයාගෙ බ්ලොග් එකට..හරිම අපූරුයි දිලිනි..මගේ සුබ පැතුම්!!!

      Delete
  6. පිරිමදින විටදි වණ කැළල...
    ලබැඳි රසවත් හැඟුම් පමණක්ම..
    මතකයට එන්න ඉඩ දෙන්න..

    එසඳ....

    මුවඟ කොනකට ඇඳෙයි සිනහමල්...
    පරයාම හද වැසුණු දුක් සුසුම්...
    ..:) ...:) ...:) ...:)

    ReplyDelete
    Replies
    1. දුකඳුරු දුරුකරමි!
      කඳුලු පිසහැර සිනාසෙමි!!

      බොහොමත්ම ස්තූතියි සඳා.... :) :)

      Delete
  7. මොකෝ රවී අයියා මූඩ් අවූට් ගිහින් වගේ.

    ReplyDelete
    Replies
    1. ගණංගන්ට එපා බොලං..දන්නැද්ද ඔය කාලෙං කාලෙට එන එව්ව....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...