Monday, October 7, 2013

222. කවිකාරියකගේ ප්‍රේමය…..10




කවිකාරියකගේ ප්‍රේමය…..1 


" මේ මට කවි එවන්න හොඳද? " 

හුළඟත් එක්ක පොර බදන අකීකරු කෙහෙරල දමනය කරගන්ට දෑතින්ම උත්සාහ කරන අතරෙ ඈ මට කිව්ව. 

ඒ දෙන්න ඉඳගෙන හිටපු සීට් එක පහුකරල ඉස්සරහට ගිහිල්ල මම එක පාරට ආපහු හැරිල අතේ තිබ්බ පොත ඇගේ උකුල උඩට දැම්ම. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එහෙම කියල මම බස් එකෙං බැස්ස. 

ආතර් සී. ක්ලාර්ක්ගෙ ඒ පොත සුජාතා ඊට සති දෙකකට විතර පස්සෙ විජිත අතේ ආපහු එවල තිබ්බ. ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම අපහු එයාටම සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ හීනෙංවත්, තුංහිතකිංවත්, නොහිතන නොපතන දේවල් ගහෙං ගෙඩි එන්නැහෙ ඩොග් ගාල සිද්ද වෙන එක ජීවිතේ හැටියක්ය කියල මට කියල දෙන්ටදෝ කියල මට තාමත් හිතාගන්ට අමාරුයි....:( 

ජිවිතේ සුපුරුදු විදිහට ඔහේ ගලාගෙන ගියා. සුජාතා විජිතට කවි ලිව්ව...මම සුජාතට ලිව්ව කවි සුජාතා කියෙව්වෙ විජිත ලිව්වයි කියල හිතාගෙන. ඔය හවසක කවුරුවත්ම නැතුව හුදකලා වෙච්චි දවසක තනියම පොඩිවට දෙකක් නවාගත්තු වෙලාවක මම මේ වැඩේ ගැන බොහොම දුර දිගට හිතුව. 

ජීවිතේ කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එක පොඩි කාලෙ ඉඳලම මගෙ හැටි. මගෙ මේ ගතිය මට බොහොම වෙලාවට හරියට ප්‍රයෝජනවත් වෙලා තියනව. ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල කියනවනෙ. කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එකත් වෙලාවකට ඕනවට වැඩිද කියලත් මට විඩෙං විඩේ හිතෙනව. 

ඒත් ඒ සීමාව මායිම් ඉර තීරණය කරන්නෙ කොහොමද? ඒ නිසා ඔහෙ ඕන කෙහෙල්මලක්...අපෙ අර ලොකු මාම කියන්නැහෙ වෙන්ට තියන දෙයක් වෙන්නෙ නැතුවයැ...ඔන්න ඔහොම හිතල මමත් උපේක්ෂාවෙන් ජීවිතේ දිහා ඔහේ බලාන ඉන්නව. සුජාතා ගැන උනත් එහෙමයි...ඔහෙ ඕන කෙහෙල් මලක්..කියල මම විජිතයට දිහටම කවි ලියල දුන්න. 

ඔහොම මයෙ හිතේ ගෙවිල ගියා එක මාස හතර පහක් තරම.ඊට පස්සෙ මට අර කෙල්ල හම්බ උනේ නෑ..විජිතය කොහොම හරි ඊට පස්සෙ ඒ ගැන මා එක්කල වචනයක් වත් කතාකලෙත් නෑ කොටිම්ම කිව්වම...හෙහ්, හෙහ් 

හරි... මාස හතරකට, පහකට, හයකට, හතකට විතර පස්සෙ ඔන්න අපි තුං හතර දෙනෙකුට ආපි කොළඹ අපෙ වෘත්තිය සම්බන්ධ වැඩිදුර පුහුණු පාඨමාලාවකට තෝරගත්තයි කියල චක්‍ර ලේඛයක්. 

දැන් මෙතන කරන්ට වෙනව පොඩි පූර්වාපර සන්ධි ගැලපීමක්... 

" එකල්හි ඒ මද්‍රි දේවිය වූකලී මෙකල්හි යසෝදරාවයි.  ජූජක බමුණු තෙම දේවදත්ත තෙරණුවෝය.  වෙස්සන්තර රජ  නම් ලොව්තුරා සම්‍යක් සම්බුද්ධ වූ මම්ම වේදැයි පවසා පූර්වාපර සන්ධි ගලපා වදාළ සේක!!! " 

අන්න එහෙමයි පොත්වල තියෙන්නෙ..තේන්නාද? තේරුණාද කියන වචනෙ තේන්....නාද කියල ඇදල පැදල කියනව මොකක් හරි ෆිල්ම් එකකහෝ ටෙලි ෆිල්ම් එකක.මට මතකයක් නෑ හරියට :( 

" මේක මේ සතවර්ස වලින් කිව්වොත් කාලකට එහා පැත්තෙ වෙච්චි දෙයක්...මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙන් ඔන්න එක පාරටම ගහෙං ගෙඩි එන්නැහෙ කියාපි බොලාට බොලාගෙ රස්සාව හරියට කොරන විදිහ ගැන වැඩිදුර පුහුණුවක් දෙන්ටයි අපි මේ තනන්නෙ ඒ නිසාවෙන් ලෑස්ති වෙයල්ල ලබන සුමානෙ තුම්මාසෙක පුහුණුවකට යන්ට කියල.සේකියුලර් එක ආහම ඔන්න අපි දනිපනි ගාල ගිහිල්ල බැලුව නෝටිස් බෝට් එකේ. අපි හතර දෙනෙක් අපේ වැඩපලෙං තේරිලා...මයෙ නම තියනව මුලිම්ම..." යනුවෙන් ඇරඹි එදවස මවිසින් විරචිත " ඝාතනයක් ඔස්සේ අතීතයට...මොරමළු, වැඩවර්ජන සහ වෙනත් වැල් වටාරං……" නම් වූ මතක සැමරුමෙහි සඳහන් වන්නේද ප්‍රස්තුත පාඨමාලාවම වේදැයි එතුමෝ පූර්වාපර සන්ධි ගලපමින් වදාළ සේක.!!! 

කෝස් රාජයාට තේරිච්ච අපි කට්ටියට ආය නෑ ඉහේ මල් පිපුනැහෙ. අනික් එවුං පැලෙනව ඊරිසියාවෙ.කොළඹ බලා පිටත් වෙන්ට කලිං දවසෙ රෑ ඔන්න අපෙ තිබ්බ මහා පරිමාණ මදු සාදයක්...හෙහ්...බොන්ට හේතු හොය හොය ඉන්න අපිට ඕක මදැයි හත් දවසක් සැණකෙළි කෙලින්ට... 

දුම්පානයට බොහොම තදිං ඇබ්බැහි වෙලා උන්නු හාදයෙක් ගියාලු ඔන්න මනෝ වයිද්දි කෙනෙක් ගාවට..මේ පුරුද්ද නැතිකරගන්නෙ කොහොමද කියල උපදෙස් ගන්ට… 

" ඔය වගෙ දේකට ඇබ්බැහි උනාම ඒකෙං මිදෙන්ට නම් මුලින්ම ඒ ක්‍රියාවට හේතු සාධක හරියටම ඇනලයිස් කොරන්ට ඕන. ඒ කරල ඒ හේතුව ඉවත් කලාම ඔටෝ පුරුද්දත් නැතිවෙනව.." සයිකො ඇනලිස්ට් දුන්න ටෝක් එක. 

" හරි දැන් කියන්ට බලන්ට ඔහෙට සිගරට් එකක් බොන්ට හිතෙන්නෙ කොයි වෙලාවටද? නැත්තං මොන වගෙ හැඟීමක් ආහමද? " 

" ම්ම්ම්...සිගරට් එකක් බොන්ට හිතෙන්නෙ නේද?..දැං මෙහෙමනෙ දොස්තර මහත්තයො...ඔය හීතලට වගෙ බොනව. බඩගිනි උනාමත් බොනව. තව දවල්ට කාල එකක් බොනව. රෑට කාලත් බොනව. තව..දුකක් වගෙ හිතුනම...එතනිං ගිහාම තංතෝසයක් ආහම...ටොයිලට් එකට ගිහාම...වයිෆ් එක්ක ඇරගත්තම එකක් බොනව. ළමයිංගෙ කරදරේ ඉවසන්ට බැරිඋනාම එකක් බොනව. "

" ම්ම්...ඇති..ඇති...තව නැද්ද මොකවත් හේතු එහෙම? " දොස්තර මහත්තය අත උස්සල මිනිහගෙ කතාව නතර කරවල ඇහුව. 

" ම්ම්ම්..තව නේද? ආ..තව හේතුවක් නැතුව නිකනුත් බොනව…" 

මදු සාදය නැඟල ගියා.... 

" අපි තන්තෝසෙන් ඉන්නේ...දුක සෝකය නෑ දන්නෙ අයියා මල්ලී වාගේ..අයියා මල්ලී.....එක හැලියේ බත් කන්නේ..එක බුජමේ රා බොන්නේ....අයියා මල්ලී වාගේ අයියා මල්ලී.... 

ගීත රාවය පාවෙලා ගියා මිදුලෙ ජෑම් ගහට ඇවිල්ල හිටපු වවුලොත් බය කරගෙන.මම විමලෙගෙ කරේ එල්ලිල..විමලය මගෙ කරේ එල්ලිල...නටනව ආය නෑ...වළං හදන්ට පදම ගන්ට ආතු ලීය අල්ලගෙන කිරිමැට්ට පාගන්නැහෙ. 

මම ඉස්කෝලෙදි සෞන්දර්යය විසේට නැටුං කලේ...ඒ හින්ද මැණ්ඩියට ඉඳල හත් අඩිය පාගන්ට එහෙම පුලුවං මට යස අපූරුවට..ඇස්සහක් කටවහක් නෑ ඔන්න...හෙහ්, හෙහ්.....ඉස්කෝලෙ නැටුං කරපු කතාව මම කලින් කිව්ව නේද? ආ..නෑ නෙව ඒ කතාව කිව්වෙ අරූස්ගෙ ජීවිත කතාවට ටීකාවක් විදිහට. 

" මහත්තය දැං ඇති නේද? උදේ කොළඹ යන්ටත් තියේ නේද? " සැමී මයෙ ළඟට ඇවිත් හෙමීට ඇහුව. 

අම්මප..ඒකත් ඇත්ත තමයි..මහා කෝස් රාජයා පටංගන්නෙ නං අනිද්ද..ඒත් බස් වල යද්දි යන්ට එපාය එක විදිහකට. මහයියාවෙ රා කඩේ ඉස්සරහිං යනව වගෙ සුගන්ධයක් හමන කොට කෙල්ලෙක් වත් ආය ළඟිං ඉඳගනියියැ?...කියන්ට බෑ නෙව...නළලෙ කෙටූ මානවිකාවි හෙට කොළඹ බස් එකේදි හම්බවෙයිද නොවෙයිද කීයල කාටද හරියටම සහසුද්දෙං කියන්ට ඇහැකි?..හා..එහෙම නෙවෙයිද? 

" සැමී...එහෙනං කොල්ලො ඔය තියන එකක් ඇරහං මේසෙට…" 

කිරිමැටි පාගල දෙකංසෙං දාඩිය ගලනව ....සේට් එක ගලෝල වැලට දාල මම ගේ පිටිපස්සෙ වතුර ටැංකිය ගාවට ගියා මූණ කට ඩිංගක් හෝද ගන්ටවත් කියල. හප්පා වතුර ඩිංගක් මූණට වැටෙනකොට තියන සනීපෙ...ආය අහවල් දේකටද මූණ විතරක්? ඇඳං උන්නු සෝට් බෑය පිටිම්ම වතුර පනිට්ටු දෙකක් නවාගත්ත කරේ... 

ලක්ස් කෑල්ලකුත් අරගෙන ඉලුව යහමිං..ඒ කාලෙ ලක්ස් කොලේ හිටිය ලක්ස් ලලනාවං තමයි...ටීනා මුනීම්,පාවීන් බාබි, ශ්‍රී දේවි සහ සීනට් අමාන්....ලංකාවෙං..ස්වර්ණා, අනෝජා සහ සබීතා,  ....මාලනිත් හිටියද කොහෙද? 

" අයියෙ? " කණ ගාවම හීන්වට ඇහුනම මම ගැස්සිල ගියා එක පාරටම. 

" මේ විජිත නේද? මොකෝ මලේ?....අද උඹ දැක්කෙ නෑ දවසටවත්…" 

" මම කාමරේ හිටියෙ අයියෙ..අයිය හෙට යනව නේද?..." 

" ඔව් බං අර ඉන් සර්විස් ට්‍රේනිං එකක් ඇවිල්ලනෙ...රත්මලානෙ…" 

" මාස තුනක් …..නේද? " 

" ඔව් මාස තුනක්……...ඔන්න ඔය වැලේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් තුවාය දාපං කොල්ලො මෙහාට…" 

ඒ කාලෙ තිබ්බ ප්‍රෙන්ඩ්ෂිප් කියල ගහපු මහ විසාල බාත් ටවල්ස් ජාතියක්..තනිකර බූල් විමානෙ...හෙහ්, හෙහ් 

" අයිය දැං කොළඹ ගිහාම එන්නෙ මාසෙකට සැරයක් නේද?..." 

" ඔව් බං පඩි ගන්ට එන්ට එපාය...ඒත් එහෙම එවෙන්නෙත් නැතිවෙයි..අර සරතා විතරක් එයි..ඌ අරං යයි අපේ පඩිත් එක්ක. ලොක්ක කිව්වෙ ඔක්කොමල එන්ට එපාය..එකෙක් ඇවිල්ල ඔක්කොගෙම පඩි අරං යන්ටය කියල. " 

ඊට මාස දෙහෙකට විතර ඉස්සර සරතා පේමයෙං බැඳුන. අපේ ඔෆිස් එකේම ටයිප් රයිටර් ගෑණු ළමෙක් එක්ක. ඒ නිසා ඕකා දත මැදගෙන හිටියෙ මාසෙකට සැරයක්වත් ඇවිල්ල පේම සාගරේ දියබුං ගහල යන්ට. හුහ්..එව්ව කොහෙද අපිත් එක්ක… 

එදා දවල් ඔන්න මරු සීන් එක...දවල්ට බත් එහෙම සප්පායං වෙලා හිට අපි සාලෙ ඉඳගෙන සාකච්චාව කෝස් රාජයා ගැන. 

" මේ අපි මාරුවෙං මාරුවට එමු පඩි අරං යන්ට..එකෙක් ආහම ඇතිනෙ.නැත්තං නඩේම ආවොත් ලොක්කට මල පනියි. බොහොම පැහැදිලිව කිව්වනෙ එක්කෙනෙක් විතරක් එන්ටය කියල..මේ මාසෙ මම එන්නං..ලබන මාසෙ විමලෙ උඹ වරෙං..ඊළඟ මාසෙ ජයේ…" 

විමලෙත් කියාපු මිනිහ ඔව්වට… 

" ආ..ඒක හොඳයි..එහෙම කරමු...එතකොට මාස තුනත් ඉවරයිනෙ…" සරතගෙ මූණ දෙක උනෙ බලං ඉන්දැද්දි.. 

" මොකෝ සරත්...එහෙම හොඳයි නේද?..." විමලය මගෙ දිහා බලල ඇහැකුත් ගැහැව්ව. 

" අනේ අයියෙ මම එන්නං පඩි අරං යන්ට……" 

" එහෙම කොහොමද? සීනියෝරිටි එකේ පිළිවෙලට ඒ වරප්‍රසාදය ලැබෙන්නෙ..උඹ මෙතන බාලම එකා..නැද්ද මචෝ?...." විමලෙ මගෙ දිහා බැලුව.. 

" එහෙනං... එහෙනං... මොනව කියනවද? මොනව කියනවද? " මම ඒ කතාව අනුමත කලා ඔලුව බොහොම වේගෙං ඉහළට පහළට හොල්ලල... 

" අයියල මොකටද එන්නෙ? මම ගෙනත් දෙන්නං පඩිය අතටම."සරත ආයම කෙඳිරි ගානව. 

" එන්නෙ මොකටද කියන්නෙ?...යකෝ මාසෙකට සැරයක් යාලුවො හම්බ වෙලා පොඩි ආතල් එකක් ගන්ට ..වෙන අහවල් දේකටද? " 

විමලෙ කෑගැහැව්වම සරත බය උනාද කොහෙද..මට පව් කියල හිතුන.. 

" හරි..හරි මල්ලි උඹට එන්ටම ඕන නං වරෙං..මාස තුනේම හරි වරෙංකො..ඒකෙ අවුලක් නෑ.." සරතගෙ මූන යන්තං ඔන්න එලිය වැටුන.. 

" ඒත් නිකම්ම බෑ හරිද?..මාසෙට බෝතලේ ගානෙ අද රෑ උඹෙ ගානෙ බෝතල් තුනයි ...මොකෝ කියන්නෙ? " ඌ අහවල් එකක් කියන්ටද? ඉබ්බ දියට දාන්ටද ඇහුවම දැන් නෑවෙ කිව්වලු 

සරතගෙ ඒ බෝතල් තුනෙං පටංගත්තු පාටිය තමයි මේ තාම නැඟල යන්නෙ. 

ඇඟ පත පිහගෙන මම තුවාය ඉණ වටේ පටලෝගෙන සෝට් බෑය ගලෝල වැලට දැම්ම. 

" මල්ලි අපි කන්නයි තනන්නෙ.....උදෙම්ම කොළඹ යන්ට පිටත් වෙන්ටත් එපාය..වරෙං..තාම උඹ කාල නැත්තං බත් කටක් කමු…"ගෙට යන ගමං මම කිව්ව. 

" අයියෙ…..".ආයම විජිතය කෙඳිරි ගෑව.. 

" මොකෝ බං? කියාපංකො කියන්ට තියන දෙයක්……"මම ආපහු හැරිල මිනිහ ගාවට ගියා. 

" සුජාට කවි ලියන්නෙ කොහොමද අයිය ගිහාම? " 

අප්පටසිරි..මට එහෙම එකක් හාංකවිසියක්වත් මතක් වෙච්චි නැති හැටියක් අම්මාපල්ල....මාස තුනක් කොළඹ ආතල් එකේ ඉන්න එක ගැන සිහිය මිසක්ක මේ කවි කොන්ත්‍රාත්තුව ගැන මට වගේ වගක් නැති වෙච්චි හැටි..ඒත් ඉතිං එහෙම මතක් උනාය කියල අහවල් දෙයක්ය කියල කරන්ටද? 

මම මේ කියන කාලෙ මොබයිල් ෆෝන්ස් කියන එව්ව යන්තමට එක දෙක එන්ට පටං ගත්තු යුගේ. කොම්පියුටරුත් එහෙම තමයි, තිබ්බ දෙක තුනෙනුත් වැඩක් ගන්නවට වඩා කලේ එව්වට හඳුංකූරු පත්තුකරන එක. ලැප් ටොප් කියන එව්ව අහලවත් නෑ ඔන්න. අපි දන්න ලැප් ටොප් ඉතිං සජීවී ලැප්ටොප් තමයි. වෙරළක , මල් වත්තක, ගං ඉවුරක එහෙම .....හෙහ්, හෙහ්, දන්නවනෙ නේද? හරි ඔක්කොමල දන්නව.... 

පණිවිඩ හුවමාරුව ඉතිං තනිරූල් ඇස්සයිස් පොතකිං ඉරාගත්තු කොලේක කියන්ට තියන දේ කාබන් පෑනකිං ලියල ඇඹිලොප් එහෙකට දාල බත් ඇට හත අටක් පොඩි කරල අලෝල ධර්මිෂ්ඨ සමාජයක් මුද්දරේ දිව දික්කරල කෙල ගාල අලෝල රතු පාට පෙට්ටියට දාපුවහම ඔන්න දවස්  තුන හතරක් ඇතුලත යනව ඕන තැනට " යන්න සොයා මෙන්න මෙයා. " සෙනෙහෙකොල දාපු ඇඹිලොප් වල ඇඩ්ඩස් එකට උඩිං ඔහොමත් ලියනව.. 

සුජා එක්ක විජිතයගෙ කවි ගණුදෙනුව උනෙත් ඔය ලංකාණ්ඩුවේ තැපෑල මාර්ගයෙන්ම තමයි. ඉතිං කවි හුවමාරුවට කණකොකා අඬන්ඩයි යන්නෙ. වැඩේ ඇණ හිටිනව බඩු ෂුවර්. මොකද සුජාගෙ කවි ලියුම ආපුහම ඒක මට කොළඹට එවල ආයම මම උත්තරයක් ලියල විජිතයට එවල විජිත සුජාට යවනකොට කොහොමත් සති දෙකක් වගෙ යනව...ඒකෙ ආයෙ දෙකක් නෑ..ඒත් වැඩේ එතකොට බබා හම්බවෙලා. සුජාතට වැඩේ නෝන්ඩි වෙනව අසුරු සැණින්...මොකදෑ බොලේ ඉතිං මේකට දැං අපි කරන්නෙ?... 

විජිත එහෙම්මම කුස්සියෙ පඩිය උඩ ඉඳගත්ත දෑතිම්ම ඔලුව බදාගෙන. මාත් ඒ ලඟිම්ම ඉඳගෙන උගෙ උරහිසට අතක් තිබ්බ. 

" ඈ මලේ... මොකද අපි දැං කරන්නෙ? " 

" අනේ මට තේරෙන්නෙ නෑ අයියෙ.." විජිත ඔලුව බදාගෙනම කෙඳිරි ගෑව. 

මතු සම්බන්ධයි...... 

46 comments:

  1. මොනා වුනත් පව් විජිතයා.. තැපැල් කන්තෝරුවක ෆෝන් එකකින්වත් වැඩේ කරන්න වෙනෝ දැන්.. :)

    ReplyDelete
    Replies
    1. කොහොමද අනේ ඔයා මට කලින් මෙතනට පැන්නේ. මම මේ දඩිබිඩි ගාලා මේක කොටනකොට මෙයා මට උඩින් පැනගෙන ගිහින්...:D

      Delete
    2. සාතන්,

      පිස්සුවත්ද හැබැහැට?...පෝං වලිං කොහොමද බං කවි ලියන්නෙ?

      Delete
  2. //ජීවිතේ කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එක පොඩි කාලෙ ඉඳලම මගෙ හැටි. මගෙ මේ ගතිය මට බොහොම වෙලාවට හරියට ප්රයෝජනවත් වෙලා තියනව. ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල කියනවනෙ. කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එකත් වෙලාවකට ඕනවට වැඩිද කියලත් මට විඩෙං විඩේ හිතෙනව. //

    මටත් මෙහෙම හිතෙනවනේ. :D

    විජිත පව් නේද? සුජාගේ සහ විජිතගේ ප්රේමයට රවි අතින් කුමක් සිදුවේද? ඇඟ කිළිපොලා යන ඊලඟ කොටස ඉතා ඉක්මණින්!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි,

      / මටත් මෙහෙම හිතෙනවනේ. :D /

      අම්මප? මම කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එක ඕනවට වැඩිය කියල ඔහෙටත් හිතෙනවය?...හෙහ්, හෙහ්

      Delete
  3. >>ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම අපහු එයාටම සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ හීනෙංවත්, තුංහිතකිංවත්, නොහිතන නොපතන දේවල් <<
    මේක තේරුම් බේරුම් කරගන්න අපිට තව කොච්චර කාලයක් බලා ඉන්න වෙයිද? නැතිනම් උඹ දැනටමත් ඒක කරලා ඉවරද? උඹ අපිව අතරමං කරන තරමට අපිටත් උතුරු දකුණ මාරු වෙනවනේ.

    >>ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල කියනවනෙ<< Too much of anthing is good for nothing. උඹ ඔය කිව්ව සිංහල වර්ෂන් එක මම ඉස්සෙල්ලම ඇහුවේ ලන්දේසි දූපතෙන්.

    >>බොලාට බොලාගෙ රස්සාව හරියට කොරන විදිහ ගැන වැඩිදුර පුහුණුවක් දෙන්ටයි අපි මේ තනන්නෙ<<
    අම්මප අපිටත් තියෙනවනේ අවුරුද්දකට තුන් පාරක් ඔහොම Professional Development කියලා වැඩමුළු. ඔය කරන්නේ ඒකයි කියලා උඹ කියනකල් මට මීටර් වුන් නැති හැටියක්! ඕක මුන්ට ඉංග්‍රීසියෙන් කිව්වට ගැම්මක් නෑ. උඹේ වචනෙන්ම කියාගන්න බැරි හැටි ෆුල් ඉම්පැක්ට් එකට!

    අර සිගරට් බොන්න හිතෙන වෙලාවල් ගැන උඹ කියන දේ සම්පූර්ණ ඇත්ත, ඒක විහිළුවක් වගේ පෙනුනට.

    මටත් තිබ්බා බං ෆ්‍රෙන්ඩ්ෂිප් තුවායක්. බූල් විමානෙ නං නෑ. බොරු කෙළින්ඩෙපා.

    >>අපේ ඔෆිස් එකේම ටයිප් රයිටර් ගෑණු ළමෙක් එක්ක.<< අපිත් එක්ක උඹලෑ ගේ ගාවා ටීචර්ස් කොලේජ් එකේ හිටියා පුෂ්පකුමාර් කියලා බුවෙක්. මොකක්දෝ ප්‍රොජෙක්ට් එකක් හරි, නාට්‍ය පිටපතක් හරි බුවාට ටයිප් කරලා දුන්නා අපේ එකෙක්. "යූ ආර්ර වෙරි ගූඩ් ටයිප් රයිටර් නෝමෙන්." අරූ මේකගේ පිටට තට්‍ටු කරලා සන්තෝසෙන් කිව්වා.

    >>අපි දන්න ලැප් ටොප් ඉතිං සජීවී ලැප්ටොප් තමයි. <<
    ඇයි බොසා සෙක්‍රටරි කෙනෙක් හොයනකොටත් ‍තෝරා ගැන්නේ ලැප්ටොප් වලට හොඳ ඒවා තමයි. ඒ කියන්නෙ ඔය "So bony a man could get seriously injured on contact" ටයිප් ක‍ටු ගොඩවලුත් නෙවෙයි. Oh man! Your secretary is a lot of woman... a loooot of woman!" කියලා යාලුවෝ කියන සයිස් අයත් නෙවෙයි. මේ ඔඩොක්කුවට සනීප ලැප්ටොප් වර්ෂන්!

    ReplyDelete
    Replies
    1. Henry,

      / මේක තේරුම් බේරුම් කරගන්න අපිට තව කොච්චර කාලයක් බලා ඉන්න වෙයිද? /

      මම අවුරුදු දොළහක් තිස්සෙ අඳින බොහෝ විට දණිස්ස හරියෙ තියෙන මයෙ ෆේවරිට් ජොකා පල්ල තව කොටස් දෙකයි බං...ආය අදින්ට බෑ..අදින එකෙත් තියෙන්ට එපාය සීමාවක්..

      ප.ලි. - ඔය මයෙ ප්‍රියතම ජොකා..ඉණේ තියෙන්නෙම නෑ…. කිව්වට විස්වාස කරපං මචං මම හීං බෙල්ට් එකක් දාලයි ඒක අඳින්නෙ.

      / උඹ ඔය කිව්ව සිංහල වර්ෂන් එක මම ඉස්සෙල්ලම ඇහුවේ ලන්දේසි දූපතෙන් /

      " ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත…" ජිල්ජෝන් නේද ඕක කියන්නෙ?

      / අම්මප අපිටත් තියෙනවනේ අවුරුද්දකට තුන් පාරක් ඔහොම Professional Development කියලා වැඩමුළු. /

      බොලාට අවුරුද්දට තුන් පාරයි..අපිට මාසෙකට එකක් වගෙ තියනව..එව්වට නං කියන්නෙ CPD ( Continuous professional development sessions)

      / මටත් තිබ්බා බං ෆ්‍රෙන්ඩ්ෂිප් තුවායක්. බූල් විමානෙ නං නෑ. බොරු කෙළින්ඩෙපා. /

      ඒ බං එව්වයෙ තිබ්බ කොලිටි කීපයක්. මම ගත්තෙ ටොප් කොලිටි එක. ඒ කාලෙත් රුපියල් සීයක්ද කොහෙද? බොරු නෙවෙයි බං..බූල් තිබ්බ අඟල් තුනක් විතර. බූල් වැඩිය අල්ලන්නෙ නැති එවුං කරන්නෙ ඉස්සරෝම කතුරකිං බූල් කපන එක..

      Delete
    2. ස්තුතියි බං.

      ඒත් උඹ අන්තිම පොයින්ට් දෙක මග ඇරිලා. ඒවටත් මොනවහරි කියාපං.

      ♦ යූ අර්ර වෙරි ගුඩ් ටයිප් රයිටර්

      ♦ ලැප්ටොප් කතාව.

      Delete
    3. හෙන්රි,

      සජීවී ලැප්ටොප් සම්බන්ධ කථාවකි.

      බොසා සෙකටරි ලැප්ටොප් කරගෙන හෙණ මුකුළුවක්ළු ඔන්න හරිය. බොසාගෙ වයිෆ්ස් කඩාගෙන පැන්න කාමරේට දොරත් ඇරගෙන.

      සතාගෙ හැටි දන්න නිසයි ඒ බබලතා හොරෙම්ම ඇවිල්ල තියෙන්නෙ. හෙහ්,හෙහ්, ඒත් බොසා තම්බන්ට වයිෆ්ගෙ ලුණු ගොරක මදි. මොකද, බොසාගෙ කිඩ්නිය හොඳයි.

      Without missing a beat he said " Now get this down Anoma..... As I have been indicating several times previously, due to the acute shortage of furniture we are being compelled to share even chairs resulting in very embarrassing situations especially when a family member makes a visit "

      Delete
  4. ඔන්න විජිතයො උබට දැන් තම පාප මිත්‍රසෙවනෙ විපාක දෙන්නෙ.
    මෙ මම අහලතිබුනෙ ඉබ්බ දියට දානකොට ඇන්නැවෙ කිවුව කියල.එ කියන්නෙ අන් න්‍යායක් කියල කිවුව කියලයි.මෙක රජ් අයියගෙම එකක්ද.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      පාප මිත්‍ර වෙන්නෙ කොහොමද බොල මම ඒකට කවිත් ලියල දුන්නු කොට? :(

      Delete
    2. දමිත්, මචං මුං අපාය සහය. අපාගත වෙන්නත් සහය වෙලා, අපායෙදි පවා සහය වෙනවා දිගටම ඉන්න. :D

      Delete
    3. ආය මොනවද? අපායෙං ගොඩ වෙන්ට හදන එකා කට ගාවට එනකල් ඉඳල ආයෙම ඇදල දානව පල්ලෙහාට.. :)

      Delete
  5. විජිතට හොඳ වැඩේ..ඕවට තමයි බැරිවැඩ නොකරන් අබරෝ කියලා කියන්නේ..!!

    ReplyDelete
    Replies
    1. රූ,

      එහෙමත්ම කියන්ට එපා බං..ආදරේ වෙනුවෙං ඉතිං මිනිස්සු කියන ජාතිය නොකරන දෙයක් ඇත?

      Delete
  6. පල යන්ට බොරු කියන්නැතුව.. ශ්‍රී දේවියි සීනත් අමානුයි එක කාලෙ ලක්ස් කොලේ හිටියෙ නෑ.. සීනත් හිටියෙ හේමා මාලිනී, ඩිම්පල් කපාඩියා සෙට් එකත් එක්ක.. ශ්‍රී දේවි, මධුරි එහෙම වෙනම සෙට් එකක්..

    ReplyDelete
    Replies
    1. බූරාස්,

      සමාවෙන්න සමාවෙන්න මම ඔය කියන කාලෙ වෙනකොට හේමා මාලිනීට අවුරුදු 40 වෙනව. ඒ කියන්නෙ ඊටත් අඩුගානෙ අවුරුදු පහළවකට වගෙ ඉස්සර තමයි හේමා මාලිනී ලක්ස් ඇඩ් වලට ඉන්ට ඇත්තෙ. මට නම් මතකයක් නෑ බූරා එච්චරම අතීතයක් ගැන.....උඹට එහෙම මතකයි කියල කියනවනං කිසි අවුලක් නෑ මම පිළිගනිමි. මම එහෙමයි..වැඩිහිටියන්ට ගෞරව කරනව මොනව නැති උනත්..දන්නවනෙ අර බූරිදත්ත ජාතකය.අලියා වඳුරා සහ වටුවගෙ කතාව...

      Delete
    2. ඉතිං බං හේමා මාලිනීට 40ක් නම් ඒ වෙනකොට සීනත්ටත් 40 කිට්ටු කරලා තියෙන්ට ඕන නේ, අඩු ගානෙ 38ක් වත්.. ඒ කියන්නෙ උන්දැත් ලක්ස් ඇඩ් වලට ඉඳලා තියෙන්නෙ අවුරුදු 15කට විතර කලින් වෙන්ට ඕන.. :D

      කොහෙද බොල භූරිදත්ත ජාතකේ අලියෙකුයි වඳුරෙකුයි වටුවෙකුයි ඉන්නෙ.!? උන් ඉන්නෙ නලපාන ජාතකේනෙ.. උං තුන්දෙනා දිය බොන්ට කියලා පොකුණකට ගියාම දියරකුසෙක් එන සීන්ස් එකක් තියෙන්නෙ.. :P

      Delete
    3. බූරාස්,

      හරි, හරි මල්ලි උඹ හරි... හේමා ඇවිල්ල 48, සීනට් 51...දෙන්නම එක වයස තමයි...ටෝටලි ඇග්‍රීඩ්, නෝ ඩිස්පියුට් රිගාර්ඩිං දැට්ටැට්ටෝල්, නොටැටෝල්...

      නව් එබවුට් ජාතකස්...ඒ ගැන නම් මෙහෙමයි කොල්ලො...ඔය නලපාන ජාතකේ නෑ අලි වඳුරු කේස් එකක්. අලි වඳුරු සීන්කෝන් එක තියෙන්නෙ මචං සාලවන ජාතකේ....අපි ඉස්කූල් යන කාලෙ කැම්බල් පාක් එකේ ගැහුව බොරැල්ල වෙලඳ සමිතියෙං තොරණක්...එතකොට ප්‍රිස්න් එක ඉස්සරහ හිරගෙදර සුබ සාදකෙං ගැහුව තව තොරණක්.

      ඒ වගෙ අපූරු තොරං රාජයො ඩබලක් ගැහුව නෑ මම හිතන්නෙ ඊට පස්සෙ තුං ලෝකෙවත්. ඒ කියන්නෙ මෙහෙමයි තොරණෙ විස්තරේ..දන්නවනෙ සාලවන ජාතකය...රයිට්..සිරස සිරස්ව චලනයෙන් පෙන්නුම් කරනුයේ දන්නා බවකි. එතකොට මුල් රූප රාමු ඒ කියන්නෙ එක,දෙක, තුන, හතර තියෙන්නෙ කැම්බල් පාක් තොරණෙ. තොරණෙ විස්තරෙන්ම කියනවනං දවසක්දා මේ අලියට ***** හිතුනා, ළමයො **** හිතුනා..අන්න ඒ සීන් එක දක්වා.

      එතනිං පස්සෙ ඉතුරු සීන්ස් ටික තියෙන්නෙ හිරගෙදර ඉස්සරහ තියෙන තොරණෙ...ඩැනිස්ටර් ද සිල්වා මාවත උඩිං තමයි තොරං රාජයිං ඩබල සම්බන්ද වෙන්නෙ...හෙහ්,හෙහ්...ඒ කොහොමද කියල ඩූ අයි හෑව් ටු ටෙල්? නෝ නේ?

      Delete
    4. නළපාන කියන්නේ ලෝකේ පලවෙනි ස්ට්‍රෝ එක [ බිම බටය ] සොයා ගත්තු එක නේද ..බුරාට වටුවා කියන එක හරි මදි නේද මොනව වුනත්

      Delete
    5. කෞතුකාගාරවල දූවිලි පිහලා ප්‍රදර්ශනේට දාන්න ඕන බඩු දෙකක් බ්ලොග් ලියන්න ගෙනල්ලා බැස්සුවාම ඔහොම වෙනවා.. :D

      Delete
    6. හා හා.. බොරුවට රවියට බනින්ට එපා බින්දියො.. ඔයා තමා ඉස් ඉස්සෙල්ලාම මට වටුවා කියලා කිවු‍වෙ.. :P

      Delete
    7. Bindi,

      / නළපාන කියන්නේ ලෝකේ පලවෙනි ස්ට්‍රෝ එක [ බිම බටය ] සොයා ගත්තු එක නේද . /.

      එව්වනම් මන්ද..මම දන්නෙ අමරදේව මාස්ටර්ගෙ අර සිංදුව විතරයි. " නලපාන ඔබ කවුද සුකුමාලියේ "

      / බුරාට වටුවා කියන එක හරි මදි නේද මොනව වුනත් /

      / හා හා.. බොරුවට රවියට බනින්ට එපා බින්දියො.. ඔයා තමා ඉස් ඉස්සෙල්ලාම මට වටුවා කියලා කිවු‍වෙ.. :P /

      ආන්න දැක්කද ළමයා..ඒක තමයි කියන්නෙ පෙර වැරදි තියන කස්ටිය බොහොම පරිස්සමිං වචන පාවිච්චි කොරන්ට ඕනය කියල..විසේසයෙම්ම 1000 TB ධාරිතාවයකින් යුතු බාහිර දෘඪ තැටියක ලෝං ටර්ම් මෙමරිය ගබඩා කරල තියෙන බූරාස් වගෙ ජංගම දත්ත ගබඩාවක් එක්ක ගණුදෙනු කරන කොට. තේරුණාද?

      ඔය බූරාබිදානගෙ මතකය ඇවිල්ල අර අලියගෙ වගෙ තමයි.අහල ඇතිනෙ දුටුගැමුණු රජ්ජුරුවංගෙ ඇතා නාලාගිරියා...මොකද්ද මේ පොඩි කේස් එහෙකට, මට මතක විදිහට මුද්දක් හදාගන්ට නැට්ටෙං මයිල් තුන හතරක් ගලෝ ගත්තු සීන් එකක්ද කොහෙද, අර දස මහ යෝදයිංගෙං එකෙක් වෙච්ච නීල මහ යෝදය එක්ක වයිර බැඳගෙන හක්කෙ කුරහං ගලක් තියං හිටියයි කියන කතාව කවද හරි දෙඤ්ඤංකො මම රිඹ යන්ට කියල. පස්සෙදි කුරහං ගල වැරදිල ගිලුනද මොකද්ද නේද නාලාගිරියට? මතක නෑ අප්පා..අර සයුරි නෝන මහත්තැංගෙං වත් අහල බලන්ට ඕන, ඒ කුරහංගලට මක්කද උනේ කියල

      Delete
    8. Mr. Mars,

      / කෞතුකාගාරවල දූවිලි පිහලා ප්‍රදර්ශනේට දාන්න ඕන බඩු දෙකක් බ්ලොග් ලියන්න ගෙනල්ලා බැස්සුවාම ඔහොම වෙනවා.. :D /

      හරි...එකක් නම් බින්දි....ඈ බං... එතකොට අනික කවුද?

      Delete
    9. හෙහ් කවුද ඉතින් ඔය රවියා මිසක්. හැබෑට බුරාගේ මතකෙට නම් ගහන්න මතකයක් ආයේ නැහැ .

      Delete
  7. මැවිල පේනව විජිතයාගේ දුක්බර මුහුණ අප්ප...

    ReplyDelete
  8. ආය අහවල් දේකටද මූණ විතරක්? ඇඳං උන්නු සෝට් බෑය පිටිම්ම වතුර පනිට්ටු දෙකක් නවාගත්ත කරේ...
    aha...mata mavila penawa aiya panittu 2 kare tiyagena inna hati........korahak wage moonkui kalagedi badatai depaththen panittu2kuth awama kochchara gati adda...........:) (man dannawa 1 teruma eth kiwwa gaman hite adune ara widiyatane............)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      අම්මප මරු චිත්ත රූප නෙව උඹටත් මැවෙන්නෙ...පනිට්ටු දෙක කරේ නවාගෙන...හෙහ්, හෙහ්...

      Delete
  9. ඝාතනයක් ඔස්සේ ලින්ක් එක මේ කතාවට දැම්මෙ අහවල් දේකටද රවී,ඒකෙ පුහුණුවට යන පාත්‍ර වර්ගයා සහමුලින්ම වෙනස් නොවැ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      කොහේද බං වෙනස්?...මම එතන කිව්වෙත් මේ සේවාස්ථ පුහුණුව ගැනම තමයි.

      " ඝාතනයක් ඔස්සේ අතීතයට ..." කතාවෙදි මම කිව්වෙ කුමාර කියල මගෙ ටෙක් යන කාලෙ ඉඳල අතිජාත මිත්තරයෙක් ගැන විතරයි. එතන ඒ විජේගෙ සීන් එකට අදාල උනේ කුමාර විතරයි. නැත්තං ඔය විමලෙ, ජයේ, සරතා එවුං ඔක්කොමත් අපිත් එක්ක ට්‍රේනිං එකට ගියා. කවිකාරිගෙ කතාවෙ කුමාර ගැන ලියවෙන්නෙ නැත්තෙ මගෙ අතිජාත මිත්‍රය උනාට ඒකා මත්පැං පොදක් කටේ තියන්නෙ නෑ. ඒ නිසා ඔය බොන සීන් වලට ඌ අදාල වෙන්නෙ නෑ. අන්න ඒකයි.

      Delete
  10. එක බොරුවක් වහන්න දාහක් කියන්න වෙනවා ..විජිතය මුලින්ම කයි ලියන්න බැහැ කිව නම් ඉවරනේ ..ඇයි මොකෝ ඔය ඉන්නේ කෙල්ල චිත්‍ර ඇඳලා කවි ලියල දීපු කවි ලියන්න බැරි කොල්ලෝ ඕනෑතරම් අපුරුවට කසාදත් බැඳ ගෙන අපුරුවට .

    රවී කළා රිටක්නේ බලන් ගියාම කවි ලියන්න විතරක් නෙමේ නටන්නත් පුළුවන් . අම්මපා බෝලාටත් බෝතලයක් මරා ගන්න ආයේ හේතුවක් ඕන නැහැ . වදියක්ම අහිංසක ප්‍රේමවන්තයෝ තමයි අහු වෙලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. හුටා! ඒ කියන්නෙ බින්දි කවි ලිවුවා මදිවට අර අහිංසකයට චිත්‍රත් ඇඳලා යැවුවද? අපොයි මට මැවිලා පේනවා අසරණයගෙ මූන.. :D

      Delete
    2. Bindi,

      / විජිතය මුලින්ම කයි ලියන්න බැහැ කිව නම් ඉවරනේ /

      පිස්සුද අනේ? කොල්ලො කොහෙද එහෙම නෑය බෑය කියන්නෙ ඔය වගෙ වෙලාවට? හප්ප...උන්ඩුකපුච්චෙ ගලවල ඉල්ලුවත් දෙනව.

      මම ඔය අපෙ යෝදි එක්ක පයිරුපාසානෙ පටංගත්ත අලුත එයාලගෙ මාම කෙනෙකුට ඕන උනා උණ්ඩුකපුච්චයක් බද්ද කරන්ට.මම එක පයිං කැමති උනා...

      " ඕකේ. ඔයා වෙනුවෙං එකට දහයක් උන්ඩුක පුච්ච් පරිත්යාග කරන්නංකො මයි ඩියර් මම "

      මම එහෙම කිව්වෙ පපුවට දේයි දේයි ගාල ගහගන්න ගමං.ආය වෙන කොහෙවත් එහෙම නෙවෙයි මාතලේ අළුවිහාරෙ පන්සල ඉස්සරහ දෙනෝ දාහක් කටවල් ඇරගෙන බලා ඉන්දැද්දි..දන්නවද? අන්න එහෙමයි අපි තේරුණාද?

      Delete
    3. බූරා,

      දැනට අවුරුදු දහයකට දොලහකට වගෙ උඩදි මල්ලි මට මතකයි " ලාංකීය කාව්‍ය සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා කල මහඟු සේවය උදෙසා පිදෙන විශේෂ ත්‍යාගය " කියල එකක් දුන්න සාහිත්‍ය මණඩලෙං නානායක්කාර කියල කාටද..ඒත් කවදාවත් අහලවත් නෑ එහෙම නමක් කවි සම්බන්ධව. පත්තරේක කවියක්වත් ඒ නමින් පලවෙලා තියනව මම කවමදාකවත් දැකලවත් තිබුණෙ නෑ ඔන්න කොටිම්ම.මම ඒත් දහ අතේ කල්පනා කලා කවුද හැබෑටම මේ මිස්ට නානායක්කාර කියල..

      බින්දි තොමෝ බැන්දට ප ස්සෙ කවි ලියන එක නැවැත්තුව කියල ඔන්න කවුද කිව්ව මේ ඊයෙ පෙරෙයිද..

      Delete
    4. මම කිවය ඉතින් ඔය මම කියල . ඒ සම්මානේ කෙසේ වෙතත් ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට කල විශිෂ්ට සේවය උදෙසා මට නම් සම්මානයක් ලැබුන කියලයි අපේ දිහා කියන්නේ .

      Delete
  11. රවී....උඹේ රස කතා සාගරේ කිමිදුනා. ඒකෙන් ගොඩ ආපු ගමන් කොමෙන්ට් සාගරේ. ඒක ඊට වඩා හපන්. උඹට ඔය කතා බහ ශෛලිය කොහෙන්ද හම්බවුනේ? ඔය සෙට් එකත් එක්ක තාම සම්බන්ධකම් තියෙනවාද?

    සුජාතාගෙන් කිරිපිඬු ලැබුනේ හෙම නැද්ද බං? කුස--තණ උඩ වාඩිවෙන්න එහෙම.

    ReplyDelete
    Replies
    1. වාඩිවෙන්න නෙමේ බන්...සැතපෙන්න...උඹ දන්නවනේ කොහොමත් මගේ න'යනු ණ'යනු මඤ්ඤං කියලා.

      Delete
    2. අරූස්,

      ස්තූතියි මචං...:)

      / උඹට ඔය කතා බහ ශෛලිය කොහෙන්ද හම්බවුනේ? /

      කතාබහ ශෛලිය නම් මචං අච්චාරුවක් නැත්නම් සලාදයක් කියල කිව්වහැකි.අපෙ අත්තම්මගෙ වචන, අප්පච්චිගෙ ගම අකුරැස්සෙ ...එහෙ වචන..මම රටේ හිටපු හතර දිබ්බාගෙ ප්‍රාදේසීය ව්‍යාවහාර, එතනිං ගිහාම මම කියවපු පොත්වල තිබ්බ වචන, එතකොට පත්තරවල තීරුලිපිවල වචන ඔය ඔක්කොගෙම මිශ්‍රණයක් තමයි මචං මේක..හෙහ්, හෙහ්

      / ඔය සෙට් එකත් එක්ක තාම සම්බන්ධකම් තියෙනවාද? /

      අපොයි ඔව්..බොහොම දෙනෙක් එක්ක සම්බන්දකම් තාම තියනව......මම ගෙදර ගිහාම එකෙකුට කෝල් එකක් දෙන එක විතරයි තියෙන්නෙ. ලඟ පාත ඉන්න එවුං කට්ටියම එනව අපේ ගෙදර.

      / සුජාතාගෙන් කිරිපිඬු ලැබුනේ හෙම නැද්ද බං? කුස--තණ උඩ වාඩිවෙන්න එහෙම. /

      1.තන මත අසුන් ගැනීම

      2.තණ මත අසුන් ගැනීම

      3.තන මත සැතපීම

      2.තණ මත සැතපීම

      ඉහත අවස්ථා සතර පිළිබඳව වෙන වෙනම කරුණු දක්වමින් කෙටි සටහන් ලියන්න. මේ එක පාරක් අටේ පන්තියෙද කොහෙද ඉන්දැද්දි සිංහල ප්‍රශ්න පත්තරේ තිබ්බ ප්‍රශ්නයක්...

      Delete
    3. //1.තන මත අසුන් ගැනීම

      2.තණ මත අසුන් ගැනීම

      3.තන මත සැතපීම

      2.තණ මත සැතපීම

      ඉහත අවස්ථා සතර පිළිබඳව වෙන වෙනම කරුණු දක්වමින් කෙටි සටහන් ලියන්න. මේ එක පාරක් අටේ පන්තියෙද කොහෙද ඉන්දැද්දි සිංහල ප්‍රශ්න පත්තරේ තිබ්බ ප්‍රශ්නයක්...//
      ඔබ ලියූ පිලිතුරද හුදී ජන පහන් සංවේගය උදෙසා ප්‍රසිද්ධ කලහොත් මැනවි.

      Delete
    4. බලාගෙන ගියාම රවී නෙවේ නරක නේද..?? ඉස්කෝලෙන්නේ මේ ළමයිව නරක් කරලා තියෙන්නේ... :)
      // සෞන්දර්යය විසේට නැටුං කලේ..// ... කොහොමත් ඕන තරම් විසේ තිබුණා නේද රවී..?? :)
      ලස්සනයි කතාව... හොඳට රස වින්දා..

      Delete
    5. හැලප,

      ඒ ඔය පස්පොල කළුවෙන කාලෙ ලියපු එව්ව දැන් ආයෙම ලියන්ට බෑ බොල. මසිත විලිබරව යෙයි...හෙහ්, හෙහ්...

      පොඩ්ඩක් කියන්නං නැත්තං හොඳ නැහැනෙව..උඹ ඉල්ලලත් තියෙන එක...

      1. ඇය තන/තණ මත සැතපී හුන්නාය.

      2. මම තන/තණ මත සැතපී හුන්නෙමි.

      ඉහත වාක්‍යය යුගලය සිදුවන කාලානුක්‍රමනය හුවා දක්වමින් ඔබේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න.

      Delete
    6. සඳා,

      /  ඉස්කෝලෙන්නේ මේ ළමයිව නරක් කරලා තියෙන්නේ... :) /

      අන්න ඔයාට තේරෙනව, ඔයත් නරක් උනේ ඉස්කෝලෙන් නේද?...:) It takes a thief to know a thief….

      Delete
    7. එහෙනම් එහෙනම්... මේ ඉස්කෝලෙන් එක එක දේවල් උගන්නපු නිසා නේද අපි වගේ හොඳ ළමයි නරක් වෙලා තියෙන්නේ..?? :) ( පව් නේද හැබැයි ඉස්කෝලේට වැරැද්ද පටවන එක .. :) )

      Delete
  12. රවී මම පුංචි කුමාරිහාමි බ්ලොග් එකේ පොඩි සටහණක් තිබ්බා සඳුන් ගිර ගිනි ගනී ගැන. ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න ට්‍රයි එකක් දීපං. හැලපෙගේ රික්වෙස්ට් එකට සාධරණයක් කරපන් පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ..ට්‍රයි එකක් දෙන්නම් ප්‍රෝග්‍රෑම් එක බලන්න..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...