Monday, December 9, 2013

233. Invictus - අපරාජීතෝ


1982 පෙබරවාරි 17.......මුළු මහත් ශ්‍රී ලංකාවටම සුවිශේෂී දවසක්..හැබැයි එකම කොන්දේසියකට යටත්ව..ඒ ඔබ සිරුර පුරා ක්‍රිකට් ලේ දුවන, පෙනහළු පුරා ක්‍රිකට් ආශ්වාස කරන ක්‍රිකට් ලෝලියෙක් නම් විතරයි. එහෙම නැත්තං එදත් ඔබට වෙනදා වගේම සාමාන්‍ය බදාදාවක් විතරයි. ස්ථානය වනාතමුල්ලේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය.ආනන්ද- නාලන්ද සුලෝහිත සංග්‍රාමය වසරක් පාසා පැවැත්වෙන හින්ද පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය මට බොහොම සුපුරුදු තැනක්.

උදේම ක්‍රීඩාංගණයට මම ගියේ මගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක. ඒ වෙනකොට මම උසස් පෙල විභාගය ට මුහුණ දීල කොළොම් පුරේ අතෑරල අනුරාදපුරේ අපේ ගෙදර ගිහිල්ල ජීවිතේ ඉස්සරහට කරන්නෙ මොනවද කියල පැහැදිලි අදහසක් නැතුව ගන්ධබ්බ ජීවිතයක් ගත කරපු කාලයක්. අම්ම තාත්තගෙන් සල්ලි ඉල්ලන එක මට හරිම අප්‍රසන්න දෙයක් උනත් මේ ගමන නෑවිත්ම බැරිනිසා අම්මගෙන් සල්ලි ඉල්ලගෙන කලින් දවසෙ මම කෝච්චියෙ කොළඹ ආව.පිට කෝට්ටෙ මගෙ යාලුවෙක්ගෙ ගෙදර නැවතිල උදේ ආවෙ වනාතමුල්ලට.

ක්‍රීඩාංගණයට ඇතුලු වෙන්ට ටිකට් ගත්තම ටිකට් එකත් එක්ක දුන්න නිල් පාට කැප් එකක්. ඉස්සරහ ලොකුවට H.N.B. අකුරුතුන සහ ඊට යටින් " The First Test Ever. I Was There" කියල ලියල තිබ්බ. හැටන් නැෂනල් බැංකුව තමයි මේ තරඟයේ නිල ප්‍රධාන අනුග්‍රාහක..ආ මට අමතකම උනා නෙව මේ සුවිශේෂී දවස මොකක්ද කියල කියන්ට . ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුනු අපේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය.බොබ් විලීස් ගුවන්පුර මහල් නිවාස අන්තයෙන් දුවගෙන ඇවිදිල්ල බන්දුල වර්ණපුරට ප්‍රථම පන්දුව යවනව මම බලන් හිටියෙ සතුට උතුරාගිය දෑසින්.

මම යාලුවොත් එක්කලා තරඟය මුල් දවස් දෙකේ බැලුව. තුන්වන දවස විවේක දවසක්. එදා උදේම කෝච්චියෙ මම ආපහු ගෙදර ගියා. තුන්වන දිනයෙ අවසානයෙ ඉතාම ප්‍රබල තත්වයක හිටිය අපේ කණ්ඩායම සිව්වන දිනය ඉවර වෙන්ටත් කලින් කඩුළු හතකින් පැරදුනා... හරි එව්ව එහෙම තමයි..මට මතකයි පහුවදා සන් පත්තරේ ක්‍රීඩා පිටුවෙ පොල් ගෙඩි අකුරින් දාල තිබ්බ " Empire Strikes Back"   කියල.

ඊට මාස හතකට පස්සෙ ඉන්දීය කණ්ඩායමත් එක්ක මුල්ම තරඟෙදි, ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය ඉන්දියානුවන් අවසානයෙදි තරඟය ජයපරාජයෙන් තොරව අවසාන කරගත්තෙ බොහොම අමාරුවෙන්. ඒ වෙනකොට ලකුණු තත්වය 135 / 7. දුලීප් මෙන්ඩිස් ඉනිම දෙකේදිම 105 බැගින් රැස්කලේ මදුරාසියෙ පවැත්වුනු අන්න ඒ තරඟයෙදි.

එංගලන්තෙ එක්ක මංගල තරඟෙදි, ඒ වගේම ඊට පස්සෙ පකිස්තාන සංචාරයෙදි දෙවෙනි ටෙස්ට් එකේ ඇරෙන්න ඉතුරු දෙකේදිම මදි නොකියන්ට කෑවත්, ඉන්දීය තරඟෙ අපෙ කට්ටිය දක්වපු දක්ෂතා හින්ද ලංකාවෙ ක්‍රිකට් අනාගතය ගැන බොහොම සුබවාදී බලාපොරොත්තු අපි කාගෙ කාගෙත් හිත්වල ආයෙම දැල්වුනා..හෙහ්, හෙහ්, පානෙ දැල්ල නටන්නෙ නිවෙන්ට ලංඋනාමයි..එහෙම කතාවක් තියෙනවනෙ. ඒ වගේම පුදන කොටම කාපි යකා ...අන්න එහෙම කතාවකුත් තියනව.

ඔය කතාදෙකම එක පාර අපිට මතක් කරවමින් බන්දුල වර්ණපුර , ලංකා කණ්ඩායමේ නායකයා දකුණු අප්‍රිකාවට ක්‍රිකට් කණ්ඩායමක් අරගෙන පිටත් උනා.ඒ දවස්වල වර්ණභේද වාදය නිසා දකුණු අප්‍රිකාව එක්ක අනෙක් රටවල් සියළුම ක්‍රීඩා ගනුදෙනු නවත්තලයි තිබ්බෙ. ඒ නිසාම බැරී රිචර්ඩ්ස්, ග්‍රේම් පොලොක්, පීටර් පොලොක්, මයික් ප්‍රොක්ටර්, එඩී බාලෝ වගෙ ඉතාම දක්ෂ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා දැක බලා ගැන්මේ වාසනාව අපිට අවාසනාවන්ත විදිහට අහිමි උනා.

දකුණු අප්‍රිකාවට කිසිම ක්‍රිකට් කණ්ඩායමක් එන්නෙ නැති නිසා මේ යන්තම් මාස අටකට ඉස්සෙල්ල පළමු ටෙස්ට් තරඟය පවත්වපු කෝඩුකාර අපේ කණ්ඩායම ලොකු මුදලක් ගෙවල එහෙම ගෙන්න ගන්න ලැබුණු එකත් එයාලට ලොකු දෙයක්. මොකද මේ එන්නෙ මොනව උනත් ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්නෙ. බන්දුල වර්ණපුර ඒ කාලෙ වෙනකොට ඇත්තටම අසාර්ථක වෙලයි හිටියෙ ක්‍රීඩකයෙක් විදිහට. මේ කැරලිකාර කණ්ඩායමේ සංචාරය ( ඒ දවස්වල ඔවුන් හැඳින්නුවෙ එහෙමයි ) සංවිධානය කරන්ට මූලික උනා කියන්නෙ ටෝනි ඕපාත. ඕපාතත් ඒ වෙනකොට ක්‍රීඩා ජීවිතයෙ අවසාන භාගයට ලඟා වෙලයි හිටියෙ. මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්ට මනුස්සයගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනය ඒක ඉෂ්ට උනේ නැති නිසාය මෙහෙම දෙයක් කලේ කියලත් කතාවක් තිබ්බ.

දුලීප් මෙන්ඩිස්ගෙ නමත් ඈඳිල තිබ්බ. මිනිහ මේ වැඩේ ප්‍රධාන සංවිධායකයෙක්ය පස්සෙ අන්තිම මොහොතෙ මඟ ඇරියය කියල. නිර්මල් හෙට්ටිආරච්චි, අනුර රණසිංහ, බර්නාඩ් පෙරේරා, ජෙරී වව්ටර්ස්, සුසන්ත කරුණාරත්න,හේමන්ත දේවප්‍රිය, ෆ්ලේවියන් අපොන්සෝ,අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, මහේෂ් ගුණතිලක...මට මතක ඔය සංචාරයට සහභාගි වෙච්ච අනික් අය. ඕපාත තමයි කළමනාකරු.

ඕපාතගෙ නම අවුරුදු හත අටකට ඉස්සෙල්ල ආයෙම පත්තරවල ගියා...අර මතකද රෝයල් පාර්ක් එකේ මිනීමැරුම?....අභියචනාධිකරණයෙන් මරණ දඬුවම නියම කරපු ලංකාවෙ එකම නඩුව කියලත් මම කොහෙ හරි දැක්ක.මහාධිකරණයෙන් චූදිතයට ( නම ජයමහ ) අවුරුදු දහයකද කොහෙද සිර දඬුවමක් නියම කලා. විත්ති පාර්ශවය ඇපීල් කලා දඬුවම ඉවත් කරන්නෙයි කියල. නීතිපතිත් ඇපීල් කලා මරණ දඬුවම දෙන්නෙයි කියල.අභියාචනා දෙකම එකට අහල අන්තිමට මහාධිකරණ තීන්දුව විසික්කරල ජයමහට මරණ 
දඬුවම දුන්න අභියාචනාධිකරණයෙන්.

ඉතිං ඕපාත ගොයියගෙ සම්බන්දෙ ගැන කියන්ට බැරිඋනානෙ..ඔය චූදිත ජයමහගෙ කුඩප්පච්චි තමයි ඕපාත. ඒ කිව්වෙ අම්මගෙ දෙවෙනි කසාදේ පුරුසයා....අන්න එහෙමයි.

නඩු වීසිකරනව කිව්වම ඔන්න මතක් උනේ.....පේමදාස මහත්තයගෙ අර නඩු වාර්තා වීසි කරන කතාව අහල තියනවද? ඕක එතුමා කිව්වෙ ඔය කොහෙ හරි ගං උදාවක සමාප්ති උස්සවේදි. කොටු කොටු අත්කොට කමිසෙ සරමට උඩිං දාල ඇඳල අර ඩිකී බර්ඩ් ( දන්නවනෙ නේද?.... සුප්‍රසිද්ධ එංගලන්ත ජාතික ක්‍රිකට් විනිසුරු ) දාන ජාතියෙ කැප් එහෙකුත් දාගෙන කකුලෙ ඇඟිලි වලිං ඉස්සි ඉස්සි තමයි එතුමා කතා කරන්නෙ..

" ඔය නීතිය කියන එක මහ කජ්ජක් නෙවෙයි..මම හොඳ කතාවක් කියන්නම්.මම නීතිය ඉගෙන ගත්තෙ කොහොමද දන්නවද? ලෝ කොලේජ් ගිහිල්ලද ? නෑ..මම ගිහිල්ල නෑ ලෝ කොලේජ්...මම පොඩි කාලෙ අපෙ මහ ගෙදර තිබ්බෙ අළුත්කඩේ උසාවියෙ පිළිකන්නෙ, උසාවියෙ තාප්පෙටම අල්ලල. දැං ඔය උසාවියෙ පරණ නඩු වාර්තා එහෙම තියනවනෙ ..ඔව්ව කාලෙන් කාලෙට තාප්පෙං එහාට වීසි කරනව. එව්ව කෙලින්ම ඇවිල්ල වැටෙන්නෙ අපේ පිළිකන්නට. මම කරන්නෙ ඔව්ව එකතුකරල තියාගෙන ඉඳල විවේක වෙලාවෙදි කියවන එක. අන්න එහෙමයි මම නීතිය ඉගෙන ගත්තෙ. ඕකෙ ඔය කියන තරං ඇති කෙහෙල්මලක් නෑ..."

කොහොම හරි වැඩේ උනේ අරවගෙ ලෝක පූජිත ක්‍රීඩකයින්ට අපේ කට්ටිය නිකං කොටියට පූසෙක් හම්බ උනා වගෙ කියල අහන්ටත් දෙයක්ද? මොනවද දුන්න දුං විසිවෙන්ට. එක්දින තරඟ හතරයි ටෙස්ට් තරඟ දෙකයි පැරදුන බොහොම සවුත්තු විදිහට.

අනුර රණසිංහ එක එක්දින තරඟයක සීයක් ගැහුව. ආය දෙවෙනි ටෙස්ට් එකේ බර්නාඩ් පෙරේරා සීයක් ගැහුව.එච්චරම තමයි. මම හිතන්නෙ උන්ටත් එපා වෙලාද කොහෙද හනුම දර පලන්න වගෙ ලවක් දෙවක් නැතුව ගහන ගැහිල්ල ආයම අපේ අයට නිකමටවත් කතා කලේ නෑ. බර්නාඩ් පෙරේර මේ ගිය අවුරුද්දෙද කොහෙද නැතිඋනා. ගාමිණී දිසානායක බොහොම මහන්සිවෙලා ලංකාවට ටෙස්ට් තත්වය ලබා දුන්නම ඒකෙං ප්‍රයෝජන ගත්තෙ ඕපාත සහ වර්ණපුර.

ඒ දවස්වල නම් ක්‍රිකට් එපාම වෙලා තිබ්බෙ. නිල කණ්ඩායම නවසීලන්තෙ ගිහිල්ල බඩ පුරා කනව. කැරලි කාරයො දකුණු අප්‍රිකාවට ගිහිල්ල එහෙං කනව.

ඔය දකුණු අප්‍රිකා ටුවර් එක නිසා ලංකාවෙ පත්තරවල දිගට හරහට ලිපි පලවෙන්ට ගත්ත වර්ණභේදවාදී ප්‍රතිපත්තිය ගැන. ඒ කාලෙ මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන කරුණු හොයන එක අද වගෙ ලේසි නෑ. අද මොනවද සර්වඥ ගූගල් ඇන්ඩ් විකිපීඩියා තියනවනෙ. බොහොම ලේසියි.

ඒ දවස්වල කරුණු හොයාගන්ට තිබ්බ එක්කො පුස්තකාලවලට යන එක. එහෙම නැත්තං විෂය ආශ්‍රිත පොත් බලන එක. අන්තිම විකල්පය දන්න කෙනෙක්ගෙන් අහගන්න එක.පුස්තකාලවල උනත් ඒ ඒ කරුණු අනුව ප්‍රවෘත්ති වර්ගීකරණය කරල සූචිගත කරල තිබ්බෙ එහෙමත් තැනක විතරයි. ඒකත් අදාල පුස්තකාලයාධිපති සහ සහායකයින්ගෙ උනන්දුව මත. ඒ දවස්වල අනුරාධපුරේ මහජන පුස්තකාලෙ එහෙම තිබ්බ ලිපිගොනු වෙනම වෙනම විෂය කරුණු ගැන.

වර්ණභේද වාදය ගැන මම කරුණු හෙව්වෙ දවස් තුන හතරක් අන්න ඒ පුස්තකාලෙට ගිහිල්ල. ඒ හෙවිල්ලෙදි තමයි මුලින්ම මට නෙල්සන් මැන්ඩෙලා ගැන වැඩිදුර තොරතුරු ලැබුණෙ. ඊට කලිනුත් මම මනුස්සය ගැන අහල තිබ්බ. ඒත් වැදගත් කරුණු රාශියක් හොයාගත්තෙ පුස්තකාලෙන්. ඒ කාලෙ මැන්ඩෙලා හිටියෙ රොබන් දූපතේ හිරගෙදර.

මගෙ ජීවිතේට බොහොම කිට්ටු හිරගෙවල් කීපයක් තිබ්බ. භෞතිකව බෝගම්බර හිරගෙදර. පුංචි සන්දියෙ ඉස්කෝලෙ නිවාඩුවට අපි බොහෝ විට එනව දවස් කීපයක් ගතකරල යන්ට බෝගම්බර හිරගෙදර නිලනිවාස වලට. අම්මගෙ නංගි, අපෙ පොඩි අම්ම බැඳල හිටිය පොඩි අප්පච්චි වැඩකලේ ඒ දවස්වල බෝගම්බර හිර ගෙදර. රෝස පාට සායම් ගාපු හිරගෙදර මහ විසාල උස තාප්පෙ අයිනෙං වැටිල තිබ්බ පාර දිගේ මම යන්නෙ ඔලුව උස්සල තාප්පෙ මුදුන දිහාවෙ ඇස් විතරක් නෙවෙයි කටත් ඇරගෙන බල බල.

ඊගාවට මගෙ ජීවිතේට ඇතුල් උනේ ෂතෝ ඩීෆ් හිරගෙදර. ඇත්තම කියනව නම් මම ෂතෝ ඩීෆ් හිරගෙදර නේවාසිකව හිටිය අවුරුදු දාහතරක්. මගෙ කාමරේ මා එක්ක එකට හිරගත වෙලා හිටියෙ එඩ්මන් දනතිස්ස. අල්ලපු කාමරේ හිටියෙ පේරියා කියල පූජක තුමෙක්. එතකොට නිතර අපෙ කාමරේට ආව ගියා De H'Alape කියල තවත් බොහොම ඥාණවෘද්ධ ඒ වගේම බොහෝ සේ ඇසූ පීරූ තැන් ඇති කතන්දර කියන්නෙක්. එඩ්මනුයි පූජක තුමායි මායි සමහරවෙලාවට මුහුදු රැල්ල හිරගෙදර බිත්තිවලට වැදිල දෝංකාර දෙන සද්දෙ පසුබිමින් නැඟෙද්දි වරු ගණං De H'Alape ගෙ කතන්දර අහගෙන ඉඳල තියෙනව.

ඊගාවට අමරිකාවෙ සැන් ෆ්‍රැන්සිස්කෝවෙ අල්කට්රාස් බන්ධනාගාරය.චිකාගෝවෙ සුප්‍රසිද්ධ පාතාල නායකයෙක් වුනු ඇල් කැපෝන් නවසිය තිස් ගණංවල හිරකරල හිටියයි කියන්නෙ අල්කට්රාස් වල.අපෙ ගෙදර අප්පච්චිගෙ පරණ පොත් පෙට්ටියක තිබිල මට හමබවෙච්චි ලයිෆ් මැගසින් එහෙක ලිපියකිනුයි මම මේ අල්කට්රාස් ගැන දැන ගත්තෙ. මොකද මන්ද දැනටත් මගෙ හිතේ ඒ ලිපියෙ තිබ්බ පින්තූර හිටන් ඇඳිල තියනව මේ අද ඊයෙ වගෙ.

හරි, එතකොට බෝගම්බර, ශතෝ ඩීෆ්...ඊලඟට අල්කට්රාස් ..ඒ බන්ධනාගාර පෝළිමට එකතු වෙච්චි අලුත්ම සාමාජිකය තමයි රොබන් දූපතේ බන්ධනාගාරය.

මැන්ඩෙලා ගැන ඊට පස්සෙ නිතර තොරතුරු පත්තරවල පල වෙන්න ගත්ත. ටී.වී. එකේ රේඩියෝ එකේ ඇහෙන්න ගත්ත. මම අර මහවන මැද රැකියාව කරද්දි අපෙ එක යාලුවකුට අපි කතාකලේ මැන්ඩෙලා කියල..හෙහ්, හෙහ්, හිතාගන්න පුලුවන්නෙ ඒ මොකෝ කියල. මිනිහගෙ නම නෙල්සන්.

මැන්ඩෙලා කතාව කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් අන්තිමට අපෙ බොසාත් ඌට කතාකලේ මැන්ඩෙලා කියල. වසන්ති මතකනෙ නේද? ඔන්න වසන්ති වැඩට ඇවිල්ල දවස් තුන හතරක් ඇති.

" වසන්තී ..."


ලොක්ක කතාකලා දවසක්. මේසෙ උඩ බෙල් එකක් තිබ්බට කිසි දවසක ලොක්ක ඕක ගහන්නෙ නෑ. " ජයතුං...ග අ.අ.අ.අ.අ.අ.අ.අ.. " නැත්තං " වසන්ති ඊඊඊඊඊඊ ..." කියල බෙරිහන් දෙනව...වෙලාවකට අපෙ ක්වාටර්ස් එකටත් ඇහෙනව. " අර ලොක්ක මරහඬ දෙන විදිහට හිරලෙ පාත්වුනෙ නැත්තං බලාපං අද හෙටම " දවසක් මම විමලෙ එක්ක කිව්ව.

" වසන්තීඊඊඊඊඊ ....."

" එනව සර්….."


වසන්තිත් ඔන්න දනි පනි ගාල දිව්ව ලොක්කගෙ කාමරේට.ලොක්කට හිටපු ගමං එනව අමුතු අයිඩියාස් නොහොත් සංකල්ප...අර පේමදාස මහත්තයට එක දිහට ගලාගෙන ආපු සංකල්ප වාගෙ..උදාගම් සංකල්පය, ජනසවිය සංකල්පය, කැපකරු මාපිය සංකල්පය, ඇඟලුම් කම්හල් සංකල්පය, නළලිං සංකල්පය, ගම් උදාව සංකල්පය, හෝරා ස්ථම්භ සංකල්පය, අන්න ඒ වගෙ.

ලොක්කට එන සංකල්පෙ තමයි අපි හැමෝගෙම රාජකාරි මාරු කරන එක. රාජකාරි ප්‍රතිශෝධනය ඒකට කියන්නෙ.

" වසන්ති මම හැමෝගෙම රාජකාරි මාරුකලා. මේ ඩ්‍රාෆ්ට් එක අරගෙන ගිහිල්ල මේ විදිහට ලියුම ගහන්න."

" හොඳයි සර්..
" වසන්ති ලියුමත් අරගෙන ආපහු හැරුනා.

" ආ,..මේ වසන්ති...ඔතන නොම්මර අටට මම නම නැතුව හිස් තියල ඇති. එතෙන්ට අර මැන්ඩෙලාගෙ නම දාන්න. මට මිනිහගෙ නම මතක නෑ.."

" මැන්ඩෙලාගෙ ….සර්?..." ඔන්න වසන්ති හොල්මං උනා..

" ඔව් ළමයො අර මැන්ඩෙලා...දන්නව නේද? "

" ඔව්ව්ව්ව්…. සර් දන්නව…
"

එහෙම දන්නව කිව්වට වසන්ති දන්නෙ නෙල්සන් මැන්ඩෙලා විතරයි...මේ මොකක්ද ලොක්ක කියන අණ්ඩර දෙමලෙ කියල ඒ ලමය අඳෝ සංසාරයක් දන්නෙ නෑ. ඒත් එතන ඉඳගෙන ආයම අහන්ට බය නිසා වසන්ති ආව. දැන් ඔන්න පුටුවෙ ඉඳගෙන අහස පොලව ගැටගහන්ට කල්පනාව..මොකක්ද මේ මැන්ඩෙලාගෙ කතාව…???????

" මොකෝ මිසී බයවෙලා වගෙ? "

ඒ ජයතුංග ..අපේ පියුම් නොහොත් ද ලෝටස්..පාරෙං එහා පැත්තෙ කඩේට ගිහිල්ල සිගරට් එකක් කාරිය ඇදලයි ඔය ආපහු ආවෙ…

ආ..පස් පියුම් විල කියල එකක් අහල තියනවද?..දන්නවද පස් පියුම් විල කියන නම හැදුනෙ කොහොමද කියල?...දයාසේන ගුණසිංහ මහත්මය එක පාරක් දිවයිනේ රයිගම් රාල තීරුවෙදි ඔය පස් පියුම් විල අර්ථ කථනය කලේ මෙහෙමයි...පාරවල් වල හැදෙනව නේද ඔය විසාල වලවල්..ඔව්වට වතුර පිරුනම සමහර වෙලාවට ලඟිං යන මිනිස්සු ඇදන් වැටෙනව. ඒ වගෙ මහ විසාල වලක් තිබ්බ පාර මැදම විඩෙං විඩේ ලියුම් බෙදන පියුම් මහත්තුරු පස් දෙනෙක්ම වැටිච්චි ඕකට ලියුම් මල්ලත් එක්කම. අන්න ඒ නිසා එදා ඉඳල මිනිස්සු ඒකට කිව්වෙ පස් පියුම් විල කියල...

" කවුද ජයතුංග මැන්ඩෙලා මහත්තය කියන්නෙ? "

" හිහ්, හිහ්..ඇයි මොකෝ? මැන්ඩෙලා මහත්තයට ලියුමක් ගහන්නෙයි කියල ලොක්ක කිව්වද?..."

" ඔව්නෙ..කවුද අනේ ඒ? "

" ඒ තමයි අර නෙල්සන් ජයසූරිය මහත්තය. අර කලු උස උඩුරැවුලක් වවල ඉන්නෙ…"


" ආ හරි ඉතිං මොකෝ එයයිට මැන්ඩෙලාය කියල කියන්නෙ?.."

" ඔය අනික් මහත්තුරු දාපු නමනෙ..අන්තිමට ලොකු මහත්තයත් එහෙමම කියන්ට ගත්ත.
"

වසර විසිඅටක් සිරගතව විසීමෙන් පසු මැන්ඩෙලා 1990 දී නිදහස් කෙරිණි. 1994 පැවැත්වුනු ප්‍රථම නිදහස් මැතිවරණයෙන් ඔහු දකුණු අප්‍රිකාවෙහි ජනාධිපති පදවියට පත්විය.1995 දකුණු අප්‍රිකාවෙහි පැවති රග්බි පාපන්දු ලෝක කුසලාන මම ඉතා උනන්දුවෙන් නැරඹීමි.

අවසාන තරඟය පැවතියේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතරය. ඔවුන් හැඳින්වුනේ පිළිවෙලින් ඕල් බ්ලැක්ස් සහ ස්ප්‍රිංබොක්ස් යන අපරනාමයන්ගෙනි. තරඟයේ අතිරේක කාලයේදී ලකුණු තත්වය 12-12 ලෙස සමව පවතිද්දී දකුණු අප්‍රිකාව ඩ්‍රොප් ගෝලයක් මඟින් ලකුණු 3 ක් ලබා 15-12 ලෙස ජයගත්තේය. 




ප්‍රධාන වශයෙන් සුද්දන් ක්‍රීඩාකල රග්බි ක්‍රීඩාවට කල්ලන්ගේ සහයෝගයද ලබාදීමට පුරෝගාමී වෙමින් මතක ඇති කාලයක සිට බලපැවැත්වූ වර්ණභේදවාදයෙහි අමිහිරි මතක සටහන් අකා මකා දමා එකම ජාතියක් ලෙස ඉදිරියට යාමට රග්බි ලෝක ශූරතා තරඟාවලිය යොදා ගැන්මට ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ නායක Francois Pienaar එකතුවී ක්‍රියාත්මක කල වැඩ පිලිවෙල ඉන්පසු 2009 වර්ෂයේ නිෂ්පාදනය වුනු Invictus චිත්‍රපටයේ සදා අනුස්මරණීය ලෙස නිරූපණය කෙරිණි. Pienaar ලෙස Matt Damon සහ මැන්ඩෙලා ලෙස Morgan Freeman එහි චරිත නිරූපණය කළහ. අධ්‍යක්ෂණය - Clint Eastwood




වසර 2011 අගභාගයෙහිදී යලි මැන්ඩෙලා හා ඇසුරු කිරීමට මට අවස්ථාවක් උදාවූයේ මගේ යෙහෙළිය රන්දිල් හා සමඟ ඉන්වික්ටස් චිත්‍රපටයේ දෙබස් සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියකට උරදුන් බැවිනි.

ඊගාවට මැන්ඩෙලාගෙ ස්වයං ලිඛිත චරිතාපදානය " Long Walk To Freedom " මම දැනට තුන් හතර වතාවක් කියවල ඇති.ආයම මේ පාර ගියාමත් කියවන්න ඕනෙ. 



1999 ජූනි මාසයෙහිදී වසර 5 ක සේවා කාලයකින් පසුව මැන්ඩෙලා විශ්‍රාම ගියේය.

මැන්ඩෙලා චින්තනයක් නොතිබූ නිසාදෝ දකුණු අප්‍රිකානු ව්‍යාවස්තාව වෙනස් කොට යාවජීව ජනාධිපති පදවියට පත්වීමෙහි අවශ්‍යතාවයක් ඔහුට කොහෙත්ම නොතිබූ අතර ජාතිය බේරාගත් වීරයා ලෙස ඔහුට වැඳුම් පිදුම් කිරීමට සැදී පැහැදීහුන් අපෘෂ්ඨ වංශිකයෝ 
ද රටවැසියන් අතරෙහි නොවූහ. එලෙසම මැන්ඩෙලානනේ..මහ රජාණනේ යනුවෙන් ප්‍රශස්ති ගයනා සට්ටඹියෝද එහි නොවූහ. 

එබැවින් දෛවයෙන් තමනට නියමවූ කාර්ය භාරය නොපිරිහෙලා ඉටු කිරීමෙන් සෑහීමට පත්වූ ඒ මහා පුරුෂයාණෝ ජීවිතයේ සැඳෑ සමය සියළු ලෝ වැස්සන්ගේ ගෞරවාදරයට පත්වූ ලෝක පූජිත නායකයකු ලෙස ගතකොට පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූහ.

"What counts in life is not the mere fact that we have lived. It is what difference we have made to the lives of others that will determine the significance of the life we lead.”

“No one is born hating another person because of the color of his skin, or his background, or his religion. People must learn to hate, and if they can learn to hate, they can be taught to love, for love comes more naturally to the human heart than its opposite.”

"I learned that courage was not the absence of fear, but the triumph over it. The brave man is not he who does not feel afraid, but he who conquers that fear."


Let me conclude with a catchy phrase I read somewhere but sorry I have forgotten all about from where…

When aliens get down here and asks us " Hey mankind , please take us to your leader…" well... Nelson Mandela is the closest to that title as one would ever get…

Well then ...Good bye the leader of mankind ,…. until we meet again!!!!

63 comments:

  1. Ravi, this is lovely writing..
    I'm not gonna reiterate on the greatness of Mandela, which u've summed up nicely here... "When aliens get down here and asks us " Hey mankind , please take us to your leader…" well... Nelson Mandela is the closest to that title as one would ever get… "

    wonderful stuff !!!

    ReplyDelete
    Replies
    1. Ano,

      Thanks for your appreciation. Talking about apartheid I remember this incident from Arthur C. Clarke's award winning science fiction novel " Childhoods End."

      The story is set in two hundred years or so in future as I can recollect. Earth is visited by a very advanced alien civilization who wants to integrate the human kind to their collective universal super mind or some thing like that.

      Anyway initially no one sees them. no one knows what they look like. Only their presence is felt from outer space. They make observations and try to rectify the injustices on earth. At first no one tales them seriously. We can't even see them so what can they do to us? was the general mentality . Well then the aliens do something that makes the humankind realize how powerless they are against so advanced a civilization.

      Well it is South Africa. IThe country is now ruled by black people who are making the life of white minority miserable indeed. The aliens warn the SA government and naturally is ignored. Then they somehow shade the sun so the entire country of SA is in perpetual darkness. Its eternal night .Well....iIt takes only 1 2/2 days to make the SA government capitulate.

      Delete
  2. මැන්ඩෙලා අනිත් නායකයන්ගෙන් බොහොම වෙනස් වෙන්නේ, හිරෙන් නිදහස් උනාට පස්සේ තමන්ව පාගාගෙන හිටපු සුදු ජාතිකයන්ට කිසිම විදිහකින්වත් අසාධාරණයක් නොකිරීම නිසා. බොහෝ නිදහස් සටන් වල නායකයන්ට බලය ලැබුණහම ගොඩක් වෙනස් වෙනවා. ඉතිහාසය පුරාම ඒක පැහැදිලිව දකින්න තියනවා. නමුත් මැන්ඩෙලා තමන්ට පුද්ගලිකව මුහුණ දෙන්න වූ සිදුවීම අමතක කරලා, රටේ යහපත වෙනුවෙන් සැබෑවටම කැපවෙනවා.

    ඉන්වික්ටස් චිත්‍රපටියේ, මැන්ඩෙලාගෙ ඒ දර්ශනය පිළිබිඹු වෙන දෙබස් සෑහෙන තියනවා. ස්ප්‍රින්ග්බොක්ස් කණ්ඩායමේ වර්ණ, නිල ලාංඡනය, ආදිය සියල්ල වෙනස් කරන්න උත්සාහ කරනකොට ඔහු කියන්නේ... "ඔවුන් ආදරය කරන දෙයක් අපි උදුරා ගත්තොත්, අපි කරන්නේ අපි අතර තිබූ එකිනෙකා කෙරෙහි බිය නැවත ඇති කිරීමයි. අපට ඔවුන්ව නැතුව මේ ගමන යන්න බැහැ" කියලා.

    ReplyDelete
    Replies
    1. තිසර,

      / බොහෝ නිදහස් සටන් වල නායකයන්ට බලය ලැබුණහම ගොඩක් වෙනස් වෙනවා /

      ඇත්ත මල්ලි..ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ ඒකනෙ...දැන් බලාපං මුගාබේ ගැන...අල්ලපු රට...වර්ණභේදවාදය මම හිතන්නෙ දකුණු අප්‍රිකාව තරම් තදට ක්‍රියාත්මක උනෙත් නැහැ. ඒත් මුගාබෙ ගොයිය හත් පලේ ගා ගත්තනෙ.

      ඉන්වික්ටස් චිත්‍රපටියේ, මැන්ඩෙලාගෙ ඒ දර්ශනය පිළිබිඹු වෙන දෙබස් සෑහෙන තියනවා.

      " Brothers, sisters, comrades, I am here because I believe you have made a decision with insufficient information and foresight. I am aware of your earlier vote. I am aware that it was unanimous. Nonetheless, I believe we should restore the Springboks. Restore their name, their emblem and their colors, immediately. Let me tell you why. On Robben Island, in Pollsmoor Prison, all of my jailers were Afrikaners. For 27 years, I studied them. I learned their language, read their books, their poetry. I had to know my enemy before I could prevail against him. And we did prevail, did we not? All of us here … we prevailed. Our enemy is no longer the Afrikaner. They are our fellow South Africans, our partners in democracy. And they treasure Springbok rugby. If we take that away, we lose them. We prove that we are what they feared we would be. We have to be better than that. We have to surprise them with compassion, with restraint, and generosity. I know. All of the things they denied us. But this is no time to celebrate petty revenge. This is the time to build our nation using every single brick available to us – even if that brick comes wrapped in green and gold. You elected me your leader. Let me lead you now."

      Delete
  3. ඉන්වික්ටස් අපූරු චිත්‍රපටියක් තමා. මැන්ඩෙලා එක් වරක් කොටි සංවිධානයට පක්ශව මොකක්ද ප්‍රකාශයක් කළා. එයින් පස්සෙ මට ඔහු ගැන එච්චර පැහැදීමක් තිබුනෙ නැහැ. ඒත් ඔහු ලොකු දැක්මක් තිබුන අපූරු නායකයෙක් කියන එක ඒකෙන් කොහෙත්ම වෙනස් වෙන්නෑ. ( මගෙ පැහැදීමෙන් හෝ අපැහැදීමෙන් ඇත් වැඩේ මොකක්ද ? කවුද ගනන් ගන්නෙ ? හෙහ් හෙහ් ) ඔහුට මොක් සුව පතමි !

    රවි අයියෙ උඹත් හිට්යද ශ්තෝ දීප් එකේ ? මාත් හිටියනෙ බන් ඕකෙ. හරියටම අවුරුදු දාහතරක්. උඹ නිදහස් වෙලා ගිහිල්ලද කොහෙද මම එන කොට. අනිත් කට්ටියනම් එහෙම්මම හිටියා.. තාමත් ඇති මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. / රවි අයියෙ උඹත් හිට්යද ශ්තෝ දීප් එකේ ? මාත් හිටියනෙ බන් ඕකෙ. හරියටම අවුරුදු දාහතරක්. උඹ නිදහස් වෙලා ගිහිල්ලද කොහෙද මම එන කොට. /

      බොල සෙන්නෝ,

      මම ශතෝඩීෆ් එකේ නේවාසිකයෙක් වෙලා ඉන්න කාලෙ උඹ තාත්තගෙ අර කොහෙද කියන්නෙ..අන්න එහෙත් නෑ..අපි සාමාන්‍යයෙන් ඔතන කියන්නෙ තාත්තගෙ කියල නෙවෙයි...හෙහ්, හෙහ්, ඒත් උඹට ලැජ්ජ හිතෙයි කියල මම එහෙම කිව්වෙ නෑ.

      Delete
  4. වර්ණභේදවාදය නිසා දකුණු අප්‍රිකාවට වටිනා ක්‍රීඩකයො අහිමි වුනා වගේම (මයික් ප්‍රොක්ටර් වගේ අය අඩුගානෙ England county ගැහුවා, රොබින් ස්මිත් වගේ අය England national team එකට යනකම්ම ගියා තමයි. ඒත් ඔය හැමෝම රට වෙනුවෙන් සෙල්ලම් කරන්ට තිබුනු අය.) ඔය මෝඩ racial-quota system එක නිසාත් දකුණු අප්‍රිකාවට වටිනා ක්‍රීඩකයෝ අහිමි වුනා.. හොඳම උදාහරණය කෙවින් පීටර්සන්.. ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩකයො තේරෙන්ට ඕන හමේ පාට අනුව නෙවෙයි, දක්ෂතාව අනුව..

    82 චෙපොක් ටෙස්ට් එක ඉන්දියාව ඩ්‍රෝ කරගන්නෙ ගවස්කාර් නිසයි.. ඉන්දියාව ලේසියෙන් 175 හඹායන්ට හිතාගෙන මුලින්ම එවන්නෙ අත දිග ඇරලා ගහන සෙට් එක - කපිල් දේව්, සන්දීප් පටෙල් එහෙම.. ඒත් මගදි විකට් යන්න ගත්තහම තමා වැඩේ ඇදෙන්නෙ.. ගවස්කාර් 7 down ඇවිල්ලා ඇන්කර් එක ගහලා තමා ගේම් එක ගොඩ දාගන්නෙ.. නැත්තං අපි ඉන්දියාව පරද්දන්නෙ 85දි නෙවෙයි 82දී..

    හැබැයි මම නං හිතන්නෙ 82 කැරලිකාර සංචාරය නිසා හොඳකුත් වුනා.. රුමේෂ් රත්නායක, රවි රත්නායක, අමල් සිල්වා වගේ පස්සෙ කාලෙක ලංකාව වෙනුවෙන් ලොකු සේවයක් කරපු අයට ටීම් එකේ ස්ථාවර වෙන්ට පුළුවන් වුනේ ටීම් එකට අරක්ගෙන හිටපු අර වයසක සෙට් එක හැලුන නිසයි..

    ReplyDelete
    Replies
    1. // දකුණු අප්‍රිකාවට කිසිම ක්‍රිකට් කණ්ඩායමක් එන්නෙ නැති නිසා මේ යන්තම් මාස අටකට ඉස්සෙල්ල පළමු ටෙස්ට් තරඟය පවත්වපු කෝඩුකාර අපේ කණ්ඩායම ලොකු මුදලක් ගෙවල එහෙම ගෙන්න ගන්න ලැබුණු එකත් එයාලට ලොකු දෙයක්. //

      කියන්ට අමතක වුනා.. අපට වඩා ලොකු ටීම් ඒ දවස්සල දකුණු අප්‍රිකාවට ගියා සල්ලි නිසා.. 82 එන්ගලන්ත සංචාරයට එකතුවෙලා හිටියෙ ගුච්, බෝයිකොට්, ඇලන් නොට්, ඩෙනිස් අමිස්, ඩෙරික් අන්ඩර්වුඩ් වගේ අය.. ගියේ නැත්තෙ බොතම් විතරයි.. එතකොට වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ හිටියා ලෝරන්ස් රෝ, සිල්වෙස්ටර් ක්ලාර්ක්, කොලින් ක්‍රොෆ්ට්, බර්නාඩ් ජූලියන්, ඇල්වින් කලිචරන් වගේ අය.. එතකොට ඕස්ට්‍රේලියන් ටීම් එකේ හිටියා කිම් හියුස්, ග්‍රැහැම් යැලොප්, ටෙරී ඕල්ඩර්මන්, කාල් රැකර්මන්, ජෝන් ඩයිසන් වගේ උදවිය.. හැබැයි මේ කාටවත් අපේ උදවියට තරම් දරුණු දඬුවමක් ලැබුනේ නැහැ..

      Delete
    2. බෝතම්ට යන්න කතා කරපුවම බොතම් කිව්ව සවුත් ඇෆ්රිකා ගිහිං මම කොහොමද මගෙ යාලුවගෙ(විවියන් රිචර්ඩ්ස්) මූණ බලන්නේ කියල.

      Delete
    3. Bura,

      / හැබැයි මම නං හිතන්නෙ 82 කැරලිකාර සංචාරය නිසා හොඳකුත් වුනා.. රුමේෂ් රත්නායක, රවි රත්නායක, අමල් සිල්වා වගේ පස්සෙ කාලෙක ලංකාව වෙනුවෙන් ලොකු සේවයක් කරපු අයට ටීම් එකේ ස්ථාවර වෙන්ට පුළුවන් වුනේ ටීම් එකට අරක්ගෙන හිටපු අර වයසක සෙට් එක හැලුන නිසයි../

      මම නම් එහෙම හිතන්නෙ නෑ බූරා. ඔය ගිය සෙට් එකෙන් ඇත්තටම ඊළඟ අවුරුද්ද වෙනකොට ටීම් එකට ගහනවයි කියල චාන්ස් එකක් තිබ්බෙ තුන්දෙනෙකුට විතරයි. මහේෂ් ගුණතිලක, බර්නාඩ් පෙරේරා සහ අනුර රණසිංහ..අනික අය කොහොමත් කැපෙන්ට හිටපු අය. එයාල කලේ අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙන කීයක් හරි හොයාගත්තු එක.

      / හැබැයි මේ කාටවත් අපේ උදවියට තරම් දරුණු දඬුවමක් ලැබුනේ නැහැ.. /

      ඔව් මල්ලි ඔබ හරි..අපේකට්ටිය එහෙ යන්ට කලින් ඒ අවුරුද්දෙම මාර්තු අප්‍රේල් වගෙ එංගලන්ත ටීම් එකක් දකුණු අප්‍රිකාවට ගිහිල්ල තියනව.

      ඒත් දඬුවම සැර වැඩියි කියල කියන්න බෑ. මොකද එංගලන්ත ඕස්ට්‍රේලියන් ක්‍රීඩකයො යනව වගෙ නෙවෙයි ලංකාවෙ අය යන එක.

      ටෙස්ට් හම්බවෙලා යන්තමට මාස අටයි. අයි.සී.සී. එකේ ඒකාදිපති බලය තිබ්බෙ ඒ කාලෙ එංගලන්තෙට සහ ඕස්ට්‍රේලියාවට. අනික Future Test Programme කියල අද වගෙ ඔක්කොමල සාකච්ඡා කරල එකඟ වුනු තරඟ වැඩ පිළිවෙලක් තිබුනෙත් නෑ.ඒ ඒ රටවල්වල ක්‍රිකට් බෝඩ් එකේ හොඳ හිත අනුව තමා කොච්ච්cර කාලෙකට සැරයක්ද ටුවර් යන්නෙ. ටුවර් එකකට ටෙස්ට් කීයක්ද වගෙ කරුණු තීරණය වෙන්නෙ. අන්න ඒ නිසා අපේ ළමයි කලේ කන්ඩ දුන්නු කොලේ ඉරාගත්ත වගෙ වැඩක්. ගාමිණීට මල පනින එක පුදුමයක් නෙවෙයි.

      Delete
  5. වර්ණබේද වාදයට විසදුම.. සුදු ඒකාධිපතීත්වය හො කළු ඒකාධිපතිත්වය කියන එක මැන්ඩෙලා පිළිකෙව් කලා. ස්ටිව් බිකෝ කිව්වේ සුදු සිස්ටොන් එක වෙනස් කරල අපි අපේම කළු සිස්ටොන් එකක් හදල ඒකට කළු උන් දානවට වඩා මේ සුදු සිස්ටොන් එකම හොදා කියලා. 1995 දී මැන්ඩෙලා ඒක එළිපිට ඔප්පු කරා. ඩි ක්ලාක් වයිස් ප්‍රසිඩෙන්ට් කරා. සුදු ජාතික රග්බි කණ්ඩායම වෙනුවෙන් කඩේ ගියා.. අන්න නියම මානුෂවාදියෝ.. මම මේ ෆිල්ම් එක ආසාවෙන් බලපු එකක්..

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      ඒක තමයි Politicien සහ Statesman කියන දෙන්නගෙ වෙනස. දේශපාලකයකුගෙයි රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගෙයි වෙනස. මැන්ඩෙලා ඇවිල්ල විශිෂ්ඨ ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අපෙ ඉන්න රොත්තම දෙකයි පණහෙ දේශපාලකයො.

      Delete
  6. පාරියා මළා,එද්මොන් දාන්තේ හිරෙන් ගැලවිලා ගියා De H'Alape තාම ශතෝ දීප් එකේ කතා කියනව.

    ReplyDelete
    Replies
    1. I thought De H'Aalpe telling stories in Helapa Kade.. ;-)

      Delete
    2. yeah Bura,physically living in helapa kade but I imagine that Im always in shatho deep.

      Delete
    3. හැලප,

      උඹ අඳුරන්නෙ මචං එද්මොන් දාන්තේ නේද? මම දන්නෙ උගෙ අයිය එඩ්මන් දනතිස්ස.තව මේ අයත් මගෙ යාලුවො....මදුමණී, කදරූස, දංගෙදර, විල්කොටුව, නෝතියර් විල්කොටුව, විලාසිනී විල්කොටුව,ලක්ෂ්මන් මොරලන්ද, ජුලී, එව්ජිනී දංගෙදර,යනීනාවේ පාෂා අලි ටිබිලන්,හෙයිඩී, බුසෝනි පූජකතුමා,ලුයිගී වැම්පා,විල්මෝර් සිටුතුමා, ඇල්බට් මෝසප්,

      තව කවුද මචං අමතක උනේ?

      Delete
  7. අර වගේ ලොක්කො හැමතැනම ඉන්නවද මන්ද.. මාර වාත...

    ReplyDelete
    Replies
    1. හිරු,

      උඹටත් හම්බුනාය එහෙම ලොක්කෙක්? හෙහ්, හෙහ්,

      Delete
  8. ක්‍රීඩාවක් ගැන තැනුන ෆිල්ම් එකකින් මගේ හිත වැඩියෙන්ම ඇදුන ෆිල්ම් එකක් තමයි Invictus කියන්නේ.. අවසන් තරඟයට කලින් කණ්ඩායමේ නායකයට යවන ලිපිය ඇතුලත් කොටස තමයි මගේ හිත වැඩියෙන්ම ඇද ගත්තේ..

    මැන්ඩලා කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක්.. ඇත්ත, කිවුවත් වගේ ඔහු ඔහුට නියම වුන රාජකාරිය කරලා ඒකෙන් ඈත් වුනා.. දකුණු අප්‍රිකානුවන්ගේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම වීරයෙක් වුනේ එතුමගේ ඒ නිහතමානී කම හන්දම වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      නියම නායකත්වයෙ ලක්ෂණය්ක් මලේ නායකත්වයෙන් ඉවත් වෙන්ට නියම වෙලාව දැනගෙන ඉන්න එක සහ ඒ නියමිත වෙලාවට අයින් වෙන එක. ඒකට අපේ අයියල ..හෙහ්, හෙහ්,

      Chariots of Fire බලල තියද? තවත් බොහොම අපූරු ක්‍රීඩා සම්බන්ධ චිත්‍රපටයක්.ඉන්වික්ටස් වගේම සත්‍ය කතාවක්.1924 ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනා ගැන්ම උදෙසා වෙහෙසෙන බ්‍රිතාන්‍ය ක්‍රීඩකයින් දෙදෙනෙක් වටා කතාව ගෙතිල තියෙන්නෙ.

      Delete
    2. රවී.... Raging Bull.හොඳ ෆිල්ම් එකක් නේද? රොබට් ඩී නිරෝ හිටියේ..ජේක් ලැමොටා කියන බොක්සර්ගේ ජීවිත කතාව.

      Delete
    3. Aru,

      රේජිං බුල් බැලුව මචං ...රොබට් ඩි නීරෝ ගෙ බෙස්ට් ඇක්ටිං මට නම් The Deer Hunter ඒකෙ හිටිය තව Meryl Streep... මෙරිල් ගැන මම ලියපු සටහනක් මේ . නිවාඩු වෙලාවක බලාපං...

      Delete
  9. RAVI......1) නෙල්සන් මැන්ඩෙලා නම් ඒ උදාර මිනිස් පුත්‍රයා හා සම්බන්ධව උඹ මේ ලියපු ලිපිය ,ඊට අමතරව තවත් බොහෝ විෂයන් රාශියක් සාකච්ඡා කිරීමට පාර කපනවා. ඉතාම රසවත් ලිපියක්.....

    2) කැරළිකාර සංචාරයට සහභාගිවූ ෆ්ලේවියන් අපොන්සු නෙදර්ලන්ත පිලත් නියොජනය කලා වර්ල්ඩ් කප් එකක. හිටපු ගමන් මෙහේ මට සෙට් වෙනවා..උඹේ ලිපියේ ඇති ද.අ. සංචාරය ගැන විස්තර කියනවා...උඹ ලියා ඇති දේවල් ඔහුත් කියනවා. හේමන්ත දේවප්‍රියගේ මල්ලි මාත් එක්ක වැඩකරා ඉස්සර ...එතකොට ඔය ටුවර් එක ගිහින් තිබුනේ නැහැ...මහේෂ් ගුණතිලක තමයි මගේ ප්‍රියතම..

    3)මම පොඩි කාලේ මාව කොදෙව් ශ්‍රීලංකා මැච් එකක් බලන්න එක්කන් ගියා ආනන්ද අයිය...1970 ගනන් වල. ඒ මැච් එකේ අම්පයර්ගේ කටේ බෝලේ වැදිලා හොස්පිට්ල් අරන් ගියා...

    දැන් වැඩිපුර කතා නොවෙන නම් ටිකක් ඒ දවස්වල ඒ මැච් ගැහුවා..මෙවන් පීරිස්..ෆාස්ට් බෝලර්..හොල්මන් පීරිස් කියලා මිනිස්සු කෑගහනවා. ඩේවිඩ් හයින්, ඩෙනිස් චන්මුගම්, ජයන්ත සෙනෙවිරත්න ඔය සමහරක්. ඒ මැච් එකේ ඕපාත ,ඩී.එස්. හොඳට විකට් ගත්තා..

    ක්ලයිව් ලොයිඩ් තමයි කැප්ටන්. බර්නාඩ් ජූලියන් හොඳට මතකයි විහිළු කරන නිසා ෆීල්ඩ් එකේ. ඩෙරික් මරේ විකට් කීපර්...සුදු හමක් තිබුනේ. හෝල්ඩර් හිටියා මතකයි.

    4) ඉන් බොහෝ කාලයකට පසුව බොහොමයක් ක්‍රිකට් තරුවලට කතා කරන්න හම්බවුනා....උන් ලංකාවට ආපුවහාම නැවතුනේ බොහෝ වේලාවට මම වැඩ කරපු තැන්වල. ඩෙනිස් ලිලී, බොතම් විශේෂිත පිස්සු යක්කු..පස්සේ ලියන්නම්. ඕපාත නෙදර්ලන්ඩ් ටීම් එක කෝච් කරා.

    ReplyDelete
    Replies
    1. Aru,

      අඩේ මචං ඔය වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ආවෙ 75 අවුරුද්දෙ..තුන්දින තරඟ දෙකක් ගැහුව. සි.සී.සී එකේ එකයි ඕවල් එකේ එකයි.

      මම එතකොට හිටියෙ කෑගල්ලෙ..මම ආව මැච් එක බලන්න ඒ කාලෙ මගෙ හොඳම යාලුවයි එයාගෙ තාත්තයි එක්ක. ඒ කරල නැවතුනෙ දෙහිවල කොරි රෝඩ් එකේ ඒ අන්කල්ලගෙ මහ ගෙදර.

      ඕවල් මැච් එකේ පලවෙනි දවසෙ වෙස්ට් ඉන්ඩීස් 119 ඕල් අවුට්. ඕපාත සහ ඩී.එස්. විකට් 4 ගානෙ ගත්ත. ලංකාව 305 ගැහුව. අනුර තෙන්නකෝන් ගැහුව 101. රන්ජිත් ප්‍රනාන්දු 52 වගෙ .

      සෙකන්ඩ් ඉනිංස් එකේ උං ගැහුව 306. රෝයි ෆ්‍රෙඩ්රික්ස් 106 වගෙ ගැහුව. මැච් එක ඩ්‍රෝ…

      ලංකාවට සෙල්ලම් කලේ රන්ජිත් ප්‍රනාන්දු, සුනිල් වෙත්තමුනි,අනුර තෙන්නකෝන්, මයිකල් තිසේරා, ඩේවිඩ් හයින්, අනුර රණසිංහ, මෙවාන් පීරිස්, ටෝනි ඕපාත,ඩී.එස්. ද සිල්වා. එච්චරයි මතක…

      වෙස්ට් ඉන්ඩීස් ....ක්ලයිව් ලොයිඩ් ඇවිල්ල කැප්ටන්..ඩෙරික් මරේ වයිස් කැප්ටන්..ෆ්‍රෙඩ් රික්ස්, රිචර්ඩ්ස්, ග්‍රීනිජ්, මරේ, ජුලියන්, කීත් බොයිස්, කලිචරාන්, හෝල්ඩර්, ඇන්ඩි රොබර්ට්ස්, සහ ගිබ්ස් තව හිටිය ස්පිනර්ස්ල දෙන්නෙක් බැරට් සහ විලට් කියල...ආ ආය පැඩ්මෝ කියල තව ස්පිනර් කෙනෙක් ..රිසර්ව් විකට් කීපර් ඩේවිඩ් මරේ..

      Delete
  10. මම ආවේ මැන්ඩෙලා ගැන කියවන්න. ඒත් දැන් මම මොකක්ද කියෙව්වේ කියලත් මතක නෑ ඕහි.

    ක්‍රිකට් නම් මම අකැමැතිම ක්‍රීඩාවක්. මට තේරෙන්නෙම නැත්තේ දවස් ගාණක් කොහොමද එක දිගට මිනිස්සු ඔය මැච් බලන්නේ?
    ඒකටත් එක්ක ඔන්න ෆූට් බෝල් මැච් නම් ......

    ReplyDelete
    Replies
    1. රංගි,

      මේ ඇවිල්ල බොල ගුණ කථන ලියන අලුත්ම ක්‍රමය.මම ඇප්ලයි කරලයි තියෙන්නෙ බුද්ධිමය දේපල පණත යටතෙ මගෙ නමට ලියාපදිංචි කරන්ට. ඒ කියන්නෙ බං මෙහෙමයි. ඔන්න මැන්ඩෙලාම ගමු. මැන්ඩෙලා අවුරුදු 28ක් රොබන් දූපතේ හිරගත වෙල හිටපු හැටි, එතකොට දකුණු අප්‍රිකාවෙ වර්ණභේද වාදී ප්‍රතිපත්තිය නිසා කළු ජාතිකයින්ට විඳින්නට වූ අනේක වධ වේදනා, අන්තිමට මැන්ඩෙලා නිදහස් උන හැටි, ජනධිපති උන හැටි, බ්ලා...බ්ලා...බ්ලා..ඔව්ව උඹල අපි හැමෝම දන්න එව්වනෙ. ආයම එව්ව මමත් ලියන්ට ඕන නෑනෙ.

      ඒත් මැන්ඩෙලා සම්බන්ධව මම මේ ලියල තියන මගේ අත්දැකීම් බොලා කවුරුවත් දන්නෙ නෑනෙ.තේරුණෙයි බොට?..ආන්න ඒ හින්දයි මම මෙහෙම සටහනක් ලිව්වෙ..:).

      Delete
    2. // මට තේරෙන්නෙම නැත්තේ දවස් ගාණක් කොහොමද එක දිගට මිනිස්සු ඔය මැච් බලන්නේ? //

      පොඩි වැඩක් කියන්ටද? මේ දවස්සොල යනවා අර 'අළු කෙහෙල් බඳුන' කියලා තරගාවලියක් තියෙන්නෙ එන්ගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි අතරේ, ආන්න ඒක.. පොඩ්ඩිත්තකට ටීවී එක දාගෙන බලාන්ට ට්‍රයි කොරන්ට.. අමාරුවෙන් හරි පැයක් අල්ලන් හිටියනං ඔයාට තේරෙයි මිනිස්සු කොහොමද එක දිගට මැච් බලන්නෙ කියලා.. :D

      ඇයි යකඩෝ, සති දෙකක් එක දිගට ගහන විම්බල්ඩන් බලන්ට පුළුවන්නං, මාසයක් විතර යන ටුවර් ඩි ෆ්‍රාන්ස් බලන්ට පුළුවන්නං මේ දවස් 5ක් ගහන ටෙස්ට් මැච් එකක් බලන්ට බැරි මොකද.!? ;)

      Delete
    3. මේ ගුණ කථන ක්‍රමේ හොඳයි වගේ....ෆියුනරල් එකටත් ගිහිල්ලා....මැච් එකකුත් ගහලා.....චිත්‍රපටියකුත් බලලා,,,පොතකුත් කියවලා යතෑකි...ෆුල් පැකේජ්!!! ඒකනේ මම මෙහෙම කිව්වේ...
      /////RAVI......1) නෙල්සන් මැන්ඩෙලා නම් ඒ උදාර මිනිස් පුත්‍රයා හා සම්බන්ධව උඹ මේ ලියපු ලිපිය ,ඊට අමතරව තවත් බොහෝ විෂයන් රාශියක් සාකච්ඡා කිරීමට පාර කපනවා. ඉතාම රසවත් ලිපියක්.....//////

      හෙට වෙනකොට තව තව ඒවා එකතුවෙයි.

      Delete
    4. රවි,
      ඇත්තෙන්ම අන්තිමට මම ආවේ මැන්ඩෙලා කියවන්න නෙමෙයි වෙන්න ඕනේ. මොකද මම දන්නවා උඹගේ කොයි වැඩෙත් අර වාන් පතුල් වගේ කියලා. ඒ වුනාට ඒක එන්ජෝයි කලා කියලා ලීවොත් බොලා මෙතන නටන විගඩම මම නොදන්නවැයි....

      බුරා,
      හපොයි බුරෝ ඔය වගේ ටැස්ක් වලට ටච් කරන එක හරි අසාධාරණයි නෙව. මම උපතින්ම ඒ සී රෝම්. මැරුනත් කහයි රතුයි. ඔය මැච් එකෙන් පිට වෙන කිසි දෙයක් නොබලන හොඳ ළමෙක්. මම කිව්වේ ෆූටි වල. අම්බානකට පැරදුනත් ඉතින් තාමත් මෙම්බර්ශිප් එක තියාගෙන ඉන්නවා .(කැපිටල් ඩී).සයික්ලින් වගේ ඒවයේ හයිලයිට් විතරයි. වල්ඩ් කප් වුනත් එමමයි. දැන් මහළු වයසේ බැරිය වීනා ගැයුම පෙරසේ කියලා ඉන්නේ. ක්‍රිකට් එපා කලේ අපේ මල්ලී වෙන්න ඕනේ. කොළබ ගියාම එයයි මායි මැච් බලන්න ගියාම ඌව වචනයක්වත් කතා කරන්නේ නෑ. මැච් දවසට මට තහනම් කෝල් කරන්න අන්තිම වෙද්දි. අහන්න දෙයක්ද වලි කියන එක. අනික මටමතක එකම ක්‍රිකට් මෑන් සිදත් වෙත්තමුනි වෙන්න ඕනේ. රොශාන් මහානාම කියලා කෙනෙකුත් මතකයි වෙන මොකවත් හෙම නෙමෙයි උන් ඒ කාලේ හැන්ඩි කොල්ලෝ හින්දා.

      Delete
    5. අඩෝව්! අපිත් උපතින්ම Man U සපෝර්ටර්ලා තමා හරිය.. ඒ වුනාට ඉතිං ක්‍රිකට් තමා first priority.. :D

      Delete
    6. Bura,

      අන්න බොල ෆස්ට් ප්‍රයෝරිටියට වෙන මක්කවත් හොයාගං...හැංගි මුත්තංවත්... අර කියන්නෙ Hide And Seek කියල..එන්න ඒකවත් :)

      මම මේ කිව්වෙ ෆස්ට් ප්‍රයෝරිටිය කනව මදි නොකියන්ට නේද? අඩේ මොකද බං මේ වෙන්නෙ? මම හොල්මන් ද පොල්කොළ වෙලා ඉන්නෙ...

      Delete
    7. හෙහ් හෙහ්! මට මාර හැපි බං ඉන්ග්ලන්ඩ් මේ කන කෑම දැකලා.. වෙන මොනවා හොඳ වුනත් මුංගෙ මේ බෝස්ටින් මට අල්ලන්නෙම නෑ.. ස්ලෙජින් මට පේන්ට බැරි දෙයක් වුනත් ඔසියො මුන්ව ස්ලෙජ් කරනවා දැක්කම මට පට්ට සන්තෝසයි.. ඔසියන්ට කැමති නිසා නෙවෙයි, මුංගෙ පණ්ඩිතකං පේන්ට බැරි හින්දා.. :D

      Delete
    8. බූරා,

      යස් කුක් එහෙම ටිකක් ඔලුවෙන් තමයි හිටියෙ පහුගිය එංගලන්තෙ ගහපු ඈෂස් ටූනමන්ට් එකේ අන්තිම මැච් එක වගෙ වෙනකොට. මනුස්සයගෙ බොඩි ලැංවේජ් එකෙන් ඒක පේන්ට තිබ්බ පැහැදිලිව. අපි ඔය අඳිනව කියල කියන්නෙ...Strutting and Swaggering....හෙහ්, හෙහ්..ඒ නිසා මාත් කැමතියි මෙහෙම උන එකට. ඕස්ට්‍රේලියාව එක්ක අමුතු ආදරේකට එහෙම නෙවෙයි. ඒත් පහුගිය ඈෂස් සීරීස් එකේ ඕස්ට්‍රේලියාව බොහොම අන්ලකී. අනික මගෙ තියනව කොහොමත් අන්ඩර් ඩෝග්ස් ලට ප්‍රියත්වයක්...

      Delete
    9. @ බුරා &රවී......ඔහොම හිටපල්ලා.....තාම දෙකයි ඉවර.....අපි වශීබෝල යවලා තියෙන්නේ.

      Delete
    10. අරූ,

      බුහූරාත් ඔය උඹ ඉන්න දිහාවෙ තමයි බං ඔය දේස ද්‍රෝහියෙක් වගෙ තමංගෙම රටට කෝචොක් දැම්මට.......ඕක ඔය ලන්ඩන් ඔලිම්පික් වෙලාවෙ අපෙ අර මැරතන් දිව්වනෙ එකෙක්. ඌට චියර් කරන්ට ලංකාවෙං යවපු එකා තමයි මූ.අර ඉන්ද්‍රජිත් කුරේද කව්ද මට මතක විදිහට.මැරතන් කාරය පිටිපස්සෙං කමෝන් ශ්‍රී ලංකා කමෝන් ශ්‍රී ලංකා කියල සිංහ කොඩියකිං අමුඩ ගහගෙන දුවගෙන ගිහිල්ල මූ හෙමීට මැරතන් කාරයට යන්ට ඇරල මඟ ඇරල මල්බෙරි පඳුරක් යට වහං වෙලා. ඒ කරල මරණීය තර්ජන තියනවයි කියල දේශපාලන රැකවරණ ඇප්ලයි කරල.

      තාම හෝම් ඔෆිස් එකේ ඉන්ක්වයරි එක යනව. ඔය ඉන්ක්වයරි එකට ලංකාවෙ නීතිපති දෙපාර්තමේන්තුවෙනුත් එවනව ලෝයර් කෙනෙක්. ලෝයර් තර්ක කරන්නෙත් බූරව මෙහෙ තියාගන්ට කියල. වැඩේ බං හෝම් මිනිස්ට්‍රි එකෙන් කැමතිත් නෑ මූ මෙහෙ තියාගන්ට...බැරිම උනොත් ඒ කිව්වෙ සුද්දො බෑම කිව්වොත් මම හිතන්නෙ බූරව අරං ගිහිල්ල මත්තල දිහාවෙදි කැළේකට අත අරියි උඩ ඉඳලම උගෙ බැට් එකත් අතට දීල

      Delete
  11. හොද ලිපියක් ගොඩක් දේවල් දැනගත්තා ,, ඒ වගේම කොමෙන්ට් ටික,, පහුගිය ටිකේ මෙතුමා ගැන කියෝලා අන්තිමට මේකත් කියෙවුවට පස්සේ හිතුනේ ,, මැරුණට පස්සේ එයා ගැන ගොඩක් දේවල් දැනගත්තේ ,

    ReplyDelete
    Replies
    1. අපූර්,

      ස්තූතියි ඔබට..කොහොමත් එහෙමනෙ වෙන්නෙ අනේ..මිනිස්සු ගැන දැනගන්නෙ මලාට පස්සෙ තමයි. ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයො වගේම අපි ලඟින් ඉන්න සමීප කිට්ටුවන්තයින්ටත් ඒක එහෙම්මම අදාලයි. :)

      Delete
  12. ලිපිය කියවල දවස් දෙකක් වෙලත් කොමොන්ටුව දාගන්න බැරිවුන .
    මැන්ඩෙලා මැතකාලෙ විරයෙක් වෙල පස්සෙ ජොකරයෙක් නොවුනු මහා පුරුශයෙක්.
    ඔයත් ෆීල්ඩ් එක සෙට් කරල සෙට කරල බොලෙ දාපු හැටිනම් මරු ඇ

    ReplyDelete
    Replies
    1. දමිත්,

      එහෙම තමයි බං ..මේ දවස්වල ආයම ක්‍රිකට් මූඩ් එකට එන්ටර් ද ඩ්‍රැගන්, එන්ට එපාද ඩ්‍රැගන් වෙලා ඉන්නෙ...හෙහ්,හෙහ්,

      මේ අර ඩී.ජේ.අරා ගැන උඹේ පෝස්ට් එකට මම ලියපු කමෙන්ට් එක අන්තිමට කතාවක් උනා. ඒක වෙනම පෝස්ට් එකක් විදිහට දාන්නයි හිතාන ඉන්නෙ උඹේ පෝස්ට් එක ගැනත් කියල..කමක් නෑනෙ නේද?

      Delete
  13. කවිකාරිව අමතකම කරලා දැම්ම නේද රවී.

    ReplyDelete
    Replies
    1. හැලප,

      නෑ බං නෑ..කවිකාරි තාම හිතේ ඉන්නව බං...හදේ කොතැනක හෝ හිඳී නුඹ,…:)

      ඒක උනේ බං ඊට වඩා කාලින අවශ්‍යතාමත ප්‍රමුඛත්වය දෙන්ට ඕන මාතෘකා ආහම එව්වට මූලිකත්වය දෙන්ට වෙච්චි එක.

      The key is not to prioritize what's on your schedule, but to schedule your priorities. - Stephen Covey

      Delete
  14. @රවී &ALL මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවයේදී ඔබාමා පවත්වන කතාවට ඇහුම්කන් දෙන්න. තාම ඒ ප්‍රොගරැම් එක ලයිව් යනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් අහනව අයියේ..

      Delete
    2. අරූ & අපූර්,

      මොනවද බං උඹල කොරන රස්සා? මොකද මම දන්න විදිහට බොලා දෙන්නම මේ වෙලාවෙ ඉන්න ඕනෙ රාජකාරියෙ......

      අපේ ඒ සෙල්ලං හරියන්නෙ නෑ අනේ..හවස ගෙදර ගිහිල්ල තමයි අහන්න වෙන්නෙ...

      Delete
    3. @RAVI....අද නයිට් ෂිෆ්ට් බං.... මාර පවර්ෆුල් මෙසේජ් එකක් ඔබමාගේ ස්පීච් එක. මට හරියට ඉංග්‍රීසි/සිංහල පුලුවන්නම් මම මේක ට්‍රාන්ස්ලේට් කරලා බ්ලොග් සත්වයින්ටත් අදාල ලෙස ලිපියක් ලියනවා...උඹ කරපන් ඒ වැඩේ...උඹට පුළුවන්.

      Delete
    4. මගේ රස්සාව කියන්නේ මහා පුදුමාකාර එකක් එක්ටැම් ගේකට වෙලා 52" ටීවී එකක් ඉස්සරහට වෙලා සියෙක් එක්ක පොප් කොන් ,ටිපි ටිප් කකා බැලේටර්,රෙස්ලින් ,කික් බොක්ෂින් වගේ ප්‍රෝග්‍රෑම් බලන එකයි පොඩි දරුවෙක්ව වගේ එයාව පරිස්සම් කරන එකයි තමයි ,, දවසේ උදේ සවස රාතී‍්‍ර බේදයක් නැහැ ,,, කරුමක්කාර ජිවිතයක් ඒ අස්සේ තමයි සැනසීමට ලැප් එක ,ටැබ් එක ,ෆෝන් එක ඔබ ඔබා ඔයාලා එක්ක එකතු වෙන්නේ... :( හ්ම්ම්

      Delete
    5. අරූ,

      ඔබාමගෙ කතා කොහොමත් මරු ...2009 ඉස්සෙල්ලම ඉනෝගරේෂන් එකේදි දුන්න ඇඬෙන්ඩ කතාවක්...

      These are the indicators of crisis, subject to data and statistics. Less measurable, but no less profound, is a sapping of confidence across our land; a nagging fear that America's decline is inevitable, that the next generation must lower its sights.

      Today I say to you that the challenges we face are real, they are serious and they are many. They will not be met easily or in a short span of time. But know this America: They will be met.

      On this day, we gather because we have chosen hope over fear, unity of purpose over conflict and discord.

      On this day, we come to proclaim an end to the petty grievances and false promises, the recriminations and worn-out dogmas that for far too long have strangled our politics.

      We remain a young nation, but in the words of Scripture, the time has come to set aside childish things. The time has come to reaffirm our enduring spirit; to choose our better history; to carry forward that precious gift, that noble idea, passed on from generation to generation: the God-given promise that all are equal, all are free, and all deserve a chance to pursue their full measure of happiness.

      In reaffirming the greatness of our nation, we understand that greatness is never a given. It must be earned. Our journey has never been one of shortcuts or settling for less.

      It has not been the path for the faint-hearted, for those who prefer leisure over work, or seek only the pleasures of riches and fame.

      Rather, it has been the risk-takers, the doers, the makers of things -- some celebrated, but more often men and women obscure in their labor -- who have carried us up the long, rugged path towards prosperity and freedom.

      For us, they packed up their few worldly possessions and traveled across oceans in search of a new life. For us, they toiled in sweatshops and settled the West, endured the lash of the whip and plowed the hard earth.

      For us, they fought and died in places Concord and Gettysburg; Normandy and Khe Sanh.

      Time and again these men and women struggled and sacrificed and worked till their hands were raw so that we might live a better life. They saw America as bigger than the sum of our individual ambitions; greater than all the differences of birth or wealth or faction.

      This is the journey we continue today. We remain the most prosperous, powerful nation on Earth. Our workers are no less productive than when this crisis began. Our minds are no less inventive, our goods and services no less needed than they were last week or last month or last year. Our capacity remains undiminished. But our time of standing pat, of protecting narrow interests and putting off unpleasant decisions -- that time has surely passed.

      Starting today, we must pick ourselves up, dust ourselves off, and begin again the work of remaking America.

      Delete
    6. මාත් උත්සහ කරන්නේ ඒක තේරුම් අරගෙන කියවන්න

      Delete
    7. අපූර්,

      හපොයි...එහෙම දෙයක් මට හීනෙකින්වත් හිතුනෙ නෑ..මම අර කලින් කිව්වෙ මගෙ හොඳ හිතවත් ගෑනු ළමෙක් ඊශ්‍රායලයෙ හෙදියක් විදිහට සෑහෙන කාලයක් වැඩ කලාය කියල. බහුතරයක් ලංකාවෙන් එහෙට යන්නෙ එහෙම රස්සා වලට නිසා මම හිතුවෙ ඔයයිත් එහෙම මොනව හරි කරනව ඇති කියල...මොකද අප්පා කියන්නෙවත්?...Well... Life is like that and Everything happens with a purpose and for the best කියල හිතන්න කියල තමයි කියන්න තියෙන්නෙ :)

      Delete
    8. හ්ම්ම් ,, මගේ කතාව ඊට වෙනස් අයියේ ...තැන්ක්ස්

      Delete
  15. මගෙත් ප්‍රියතම චිත්‍රපටි අතරින් එකක් තමා Invictus. ඕකෙ එක තැනක තියෙනව මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙලා ආපු කිට්ටුවම කළු ජාතිකයන් විසින් මෙච්චරකල් සුදු ජාතියෙන් ඔවුන්ට උන අසාධාරණකම් වලට වාඩුව ගන්න කතා කරන රැස්වීමක් ගැන ඔහුට දැනගන්න ලැබෙනව. ඒක නවත්තන්න ඔහු එලියට බැහැල යද්දී, සෙකට්‍රි පස්සෙන් දුවගෙන ඇවිත් අහනව " What are you doing? you are risking your political capital, you are risking your future as our leader!! "

    ඇයට හම්බ වෙන උත්තරේ " The day I am afraid to do that is the day I am no longer fit to lead!"

    ඇත්තටම ඔය දෙබස ඔහොම උනාද දන්නෙ නෑ, නමුත් ඔහු කරපු දේවල් වල හරය ඔය දෙබස ඇතුලෙ තියෙනව කියල මම හිතනව. හැබැයි මැන්ඩෙලා වගේම ඔය සටනෙ බලකණු වෙච්ච ස්ටීව් බිකෝ ල, ඩොනල්ඩ් වුඩ්ස් ල ගැන කතා නොවෙන එක දුකක්.

    ඉස්සර සුලෝහිත සංග්‍රාමය තිබ්බෙ සරා එකේද? මම හිතුව ඒ කාලෙත් SSC කියල.

    ReplyDelete
    Replies
    1. සරා එකෙන් පස්සෙ big match එක ගෙනාවා ඛෙත්තාරාමෙට.. ඊටත් පස්සෙ තමා SSC එකට අරන් ආවෙ..

      මගේ පෞද්ගලික අදහස නං අපේ රටේ හොඳම ග්‍රවුන්ඩ් එක තාමත් සරා.. මම එහෙම කියන්නෙ ඒකෙ විකට් එක නිසා.. බැට්ස්මන්ලට, ෆාස්ට් බෝලර්ස්ලට හා ස්පිනර්ලට මේ හැමෝටම සපෝර්ට් කරන හොඳ ටෙස්ට් විකට් එකක් තියෙන්නෙ සරා එකේ විතරයි.. ග්‍රවුන්ඩ් එක අවට පරිසරය 'පොෂ්' මදිකම තමා ප්‍රශ්නෙකට තියෙන්නෙ..

      Delete
    2. මුහුදු සහ බූරා,

      අපි දන්නෙ බාං සරා කාලෙ..හෙහ්,හෙහ්,ගුවන්පුර මහල්නිවාස අන්තය සහ ටෙනිස් පිටිය අන්තය...

      පරිසරේ නම් අවුල් තමයි. ඒත් ඒත් සර්වබලදාරී ගෝට්ස්ට වැඩේ බාරදුන්නනං යස අගේට කරාවි ජැංඩි පහට.

      Delete
    3. ඒක නං ඇත්ත. SSC කියන්නෙ මෙලෝ රහක් නැති පිච් එකක් තියෙන ග්‍රවුන්ඩ් එකක්. පල්ලෙකැලේ අලුත් ග්‍රවුන්ඩ් එක පොඩි උනාට පිච් එක හොඳයි තීරණයක් එන ටෙස්ට් මැච් එකක් ගහන්න. අපි ඉතින් ටෙස්ට් ගහන්නෙ නෑනෙ දැන්!

      //සර්වබලදාරී ගෝට්ස්ට වැඩේ බාරදුන්නනං යස අගේට කරාවි ජැංඩි පහට.// ආයෙත් අහල! st.John's Wood වගේ වෙන්න සුද්ද කරයි. :D

      Delete
    4. මුහුදු,

      මම කොහෙදි හරි කියෙව්ව හොඳ ක්‍රිකට් පිච් එහෙක ඩෙෆිනිෂන් එක.

      It should assist swing bowling during the morning gradually becoming conducive to spinning as the day wears on. All throughout bounce should be even enabling batsmen to play their strokes confidently and most importantly it should hold together without breaking up right up to the end of fifth day.

      කොටින්ම කියනවනම් කාටවත්ම... පිතිකරුවන්ට වේගපන්දු යවන්නන්ට හෝ දඟපන්දු යවන්නන්ට Undue Advantage එකක් දෙන්නෙ නැතුව හැමෝටම දක්ෂතා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන.

      Delete
    5. ක්‍රිකට් බලපු එකෙක් හැටියට මම නම් ආස වනාතමුල්ලේ ඕවල් එක....අවට පරිසරය පොඩි ගැම්මක් දෙනවා කියලා මම හිතන්නේ......හැබැයි ඒ ඕවල් කාලේ..

      Delete
    6. අරූ,

      ඕවල් එකේ මැච් බලල අපි කරන්නෙ එල්ලෙනව පුංචි කෝච්චියෙ. නාරාහේන්පිට හරි නුගේගොඩ හරි බැහැල බස් එකේ එනව නාවලට.මම නැවතිල හිටියෙ නාවල..සමහර දවස්වල කෝච්චි පාර දිගේ ඔය කයියක් ගහගෙන පයිම්ම යනව කොටා රෝඩ් එකට.

      Delete
  16. මැන්ඩෙලාලා ‍ජීවිත කාලයම කැප කලේ මේ ලෝකය වඩාත් යහපත් තැනකට ගේන්න. ඔහු ඔහුගෙ රට වෙනුවෙන් යුතුකම කළා. බන්දුල වර්ණපුරලා. දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කළා කියලා තහනමට ලක් වුණා. ඒ කියන්නේ අපි ඒ වනවිටත් සුදු අධිරාජ්‍යවාදින්ගේ ගැත්තන් වෙලා හිටියේත මැන්ඩෙලා ලෝකයට කිව්වෙ ඒ වෙනස් කම් ගැනයි

    ReplyDelete
    Replies
    1. දයා,

      ඔබ හරි දයා...නිහතමානත්වය නොඅඩුව තිබුණු නායකයෙක් ඔහු...

      Delete
  17. පඳුරු තැලිල්ලට වෙනදට බැන්නට මේකෙ පඳුරු තැලිල්ල නම් නියමය්..මම නම් ආසම මේ කෑල්ලට..//මැන්ඩෙලා චින්තනයක් නොතිබූ නිසාදෝ දකුණු අප්‍රිකානු ව්‍යාවස්තාව වෙනස් කොට යාවජීව ජනාධිපති පදවියට පත්වීමෙහි අවශ්‍යතාවයක් ඔහුට කොහෙත්ම නොතිබූ අතර ජාතිය බේරාගත් වීරයා ලෙස ඔහුට වැඳුම් පිදුම් කිරීමට සැදී පැහැදීහුන් අපෘෂ්ඨ වංශිකයෝ ද රටවැසියන් අතරෙහි නොවූහ. එලෙසම මැන්ඩෙලානනේ..මහ රජාණනේ යනුවෙන් ප්‍රශස්ති ගයනා සට්ටඹියෝද එහි නොවූහ. //

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙකුවි...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...