Tuesday, February 9, 2016

387. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 26 - වියාචනය සමඟ පෙර නොකී කතා අසා……



"හුහ්..පැල්වෙහෙර පුතා තමයි..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි ඕකා..මිනිස්සුන්ට අතට කීයක් හරි එන්ට ගත්තම ලැජ්ජාව බය සැක එහෙම්මම අමතකම වෙලා යනවනෙ පුතා" අප්පච්චි එහෙම කියල ආයම දික්සඟලා පුටුවෙ ඉඳගත්ත.

දවස් කීපෙකට පස්සෙ අප්පච්චි ගිහිල්ල පැල්වෙහෙර හම්බවෙලා කෙලින්ම මෙහෙම කියල "පැල්වෙහෙර මේ වැඩේ නැවත්තුවොත් හොඳයි. තමුන් ඕන වෙලඳාමක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ගෙදර අපිට නිදහසේ කණක් ඇහිල ඉන්ට හැටියක් තියෙන්ට ඕනෙ" 

පැලා හැබැයි අපරාදෙ කියන්ට බෑ දෙමලුන්ට පොඩි සත්තමක් දාලද කොහෙද ඊට පස්සෙ සතියක් වගෙ යනකල් සද්දෙ අඩුවෙලා තිබුනලු. ඒත් ආයම කැම්බැල්ලෙ පුරුදු විදිහට පටංගෙන. අප්පච්චි කරල තියෙන්නෙ හවහිම්ම ඉස්සරහ ජනෙල් දොරවල් වහල දාල සාලෙට වෙලා ඉන්ට පුරුදු උනාලු. 

"මගේ මේ ගේ හදද්දි බාගයක් වැඩ කලේ ඔය පැල්වෙහෙරයගෙ අප්පා. නිකං නම් නෙවෙයි තමයි. මම ඌට වැඩිපුරත් එක්ක සල්ලි දුන්න. ඒත් මොනව උනත් ඌ හොඳ එකා. ඒකගෙ මනුස්සකමේ ගුණේ තියන්ට එපාය. නැත්තං මම දනී කරන දේ" අම්ම එක්ක ඔහොම දෙතුන් පාරක්ම කිව්වලු අප්පච්චි. මහ පැල්වෙහෙර ඒ කාලෙ නං දරාපු බාසෙක්.

නමසිය හතළිස් ගණංවල මුල් කාලෙ ඩී.එස්. සේනානායක මහත්තය ඇලහැර ව්‍යාපාරය ආරම්බ කරපු කාලෙ එහෙ ගෙවල් හදන්ට ගිහිල්ල තියනව ඔය පැල්වෙහෙරගෙ තාත්තා. ඒ ගිය ගමන අවුරුදු හත අටක්ම එහෙ ඉඳල එහෙන්ම පෙලවහකුත් කරගෙනම තමයි ආපහු ගමට ඇහිල්ල තියෙන්නෙ. ඒ හැබැයි ඔය පැල්වෙහෙරගෙ අම්ම නෙවෙයිලු. ඒ මුල් කසාදෙ පවුල උණ වසංගතේකිං මැරිල පලච්චට පස්සෙං පහු තමයිලු ඔය පැල්වෙහෙරගෙ අම්ම කැන්දං ආවයි කියන්නෙ මෙන්න මේ රත්තොට දිහාවෙං. රත්තොටට මාතලේ ටවුමෙං හැරිල යන්ට ඕන හැතැම්ම දොලහක් පාළහක් වගෙ.

ඔය ගොවි ජනපදවල මුල් කාලෙ විස්තර අහන්ට මම හරිම ආසයි. මම ඔය බකමූණ, අත්තනකඩවල, දියබෙදුම දිහා වැඩකලානෙ අවුරුදු අටක් තරම. කිව්වම මොකද එහෙ ඉන්දැද්දි තමයි ඔය අපෙ ගුරුවරීව මුලිච්චි උනෙත්. ඒ ගැන මං කලින් බොහොම විස්තර කියල තියනව. ඉතිං ඔය බඳින්ට කලිං එහෙම මම එහෙ නැවතිල හිටියෙ නිල නිවාසෙක තව මගෙ බඩ බැඳගත්ත වගෙ යාලුවෙක් එක්ක.

යාලුව ඔය දවස් දෙකකට සැරයක් වගෙ ගෙදර ගිහිං එනව. මිනිහ දරුපවුල් කාරය. ඊට අමතරව ඒ කාලෙ වෙනකොට ගේත් හදනව. ඉතිං පුලුවං හැම වෙලාවෙන්ම ගෙදර දුවල එන්ට යනව. එයා ඇවිල්ල අළුවිහාරෙ. ඉතිං ආය මොනවද කෝටස් එක ඉස්සරහිං බස් එකට නැග්ගම එයාලගෙ ගේ ගාවිං බැස්සෑකි උපරිම පැය එකහමාරකිං. 

මම ඒ කාලෙ තනි කඩය. ඒ හින්ද සෙනසුරාද වරුවෙං තමයි ගෙදර යන්නෙ.ඒ කාලෙ අපි වැඩ කලේ දින 5 1/2 සතියක්. දැනට දශක තුනකටත් වැඩි මගෙ රාජකාරි ජීවිත කාලෙම සම්පූර්ණ දවස් දෙකක සති අන්තයක් සහිත රස්සාවක් කවදාවත්ම කරල නෑ කියල කිව්වොත් විස්වාස කරනවද?ඒත් ඒක තමයි ඇත්තම ඇත්ත. බොහෝවිට දින 6 සතියක් . නැත්තං ඉතිං දින 5 1/2 තමයි. මේ අවුරුදු තුනකට වගෙ ඉස්සර රස්සාවක් කලා ඒකෙ නම් සිකුරාදා සහ සෙනසුරාදා නිවාඩු. ඒත් සති දෙකකට සැරයක්. ඒකත් කරන්ට වුනේ අවුරුද්දක් වගෙ තමයි. ආපහු දින 6 සතියට යන්ටවුනානෙ. මොනව කරන්නද? එහෙම තමයි ජීවිතේ හැටි නැද්ද?

ඉතිං මේ සති අන්ත කතාවෙ මූලාරම්භය කොහෙද? ආ..හරි අර මම ගොවි ජනපදයක සේවය කරපු කාලෙ ගැන කතාවෙන් නේද? ආ..මේ තව දුර යන්ට ඉස්සර තව බොහොම වැදගත් කාරණයක් කියල හිටින්ට ඕමනයි. 

(ඕමනයි..එහෙම කියන්නෙ කවුද කියල මතකයි නේද?) 

මොකක්ද කාරණෙ කිව්වොත්...කාරණේ මෙහෙමයි. දැන් මම බලවත් අදිස්ටානෙකින් නෙව හිටියෙ මගෙ ඉලක්කය කරා යනවාමය වෙන වෙන අතුරු කතා කියන්ට ටැහ් ගැහෙන්නෙ නැතය කියල. ඉලක්කෙ කියල කිව්වෙ අර අපේ උන්දැගෙ උපං දෙනිය නිමිත්තෙං (එවුන්දැගෙ පුංචි අක්කගෙ දෝණියන්දැ හිච්චි එකී කාලෙ උපන් දිනේට කිව්වෙ උපං දෙනිය කියල . තව ඔහොම අටෝරාසියක් වචන තියනව පොඩි එවුං බහ තෝරන කාලෙ කියපුව. කල්යූටි, පයිඩූර්, කුක්කු බිබී, කොක්ක බා මා, එපිල් කොට්ටරේ..බාසුන්යා..අන්න ඒ වගෙ..ඒ ගැන ආය දවසක වෙනම පෝස්ට් එකක් ලියන්නං) මම කියන්ට පටං ගත්තු කතන්දරේ කියල ඉවරයක් කරන එක. අර Blinkers දාපු අස්සය වගෙ.

බ්ලින්කර්ස් කියන්නෙ රේස් දුවන අස්සයින්ට පිටිපස්සයි දෙපැත්තයි නොපෙනී ඉස්සරහ විතරක් පේන විදිහට දාන ඇස් ආවරණ වලට. එහෙම ඉලක්කෙ විතරක් පේනකොට අස්සය ආය නෑ කඟවේනා වගෙ කඩාගෙන යනවලු දිනුං කණුවට.

ඉතිං මම එහෙම ඉස්තිර අදිස්ටානෙන් හිටියට ඔන්න පාටක ජනතාව එහෙං මෙහෙං ඤං පචං ඤරු ඤුරු ගාන්ට ගත්ත පොඩ්ඩක් විතර පඳුරු තැලිල්ලකුත් තිබ්බනං තමයි ආතල් ද බ්‍රේව් කියල. විසේසයෙන්ම අර හෙන්රි නොහොත් "වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, ළවැලි තලාවක විසුල කුසුම් මත, අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලාසඳ නැඟෙනා හෝරාවේ..ලලලා ...ලාලලා..ලාලලලා..ලා..ලා..."

ඊට අමතරව පහත නම් කියවෙන දයාබර පාටක බවතුන්ද ඉල්ලිම කර තිබුනා ඔය යන විදිහටම යමුය හදිස්සියක් නැතය කියල... ඉයන්, උදය, කසුන්, දිනේෂ්, සහ තිසර

එනිසාවෙන් මම කල්පනා කලා මෙන්න මෙහෙම ඩිස්ක්ලේමර් එකක් දාන්ට.

වියාචනයයි. (වියාචනය කියන්නෙ ඩිස්ක්ලේමර් කියන එකට හොඳද?) 

නිදහස් සිතුවිලි යන සන්නාමය යටතේ (අතිගරු රන්දිල් තරුණ නෝනා මහත්මිය විසින් විසින් අරඹන ලද) වෙබ් අඩවියක් පවත්වාගෙන යන මවිසින් වර්තමානයෙහි රචනා කොට හුදීජන පහන් සංවේගය උදෙසා ප්‍රසිද්ධ කරනු ලබන (මෙම වරහන් ඇතුලත නොහොත් විතින් බ්‍රැකට්ස් තුල කොටස වියාචනයට අයත් නොවන බව කරුණාවෙන් සළකන්න. ඒ වනාහී හුදු පැහැදිලි කිරීමක් පමණි. හුදී ජන පහන් සංවේගය උදෙසා කියල තමන් ලියපු පොතක අවසානයෙ සඳහන් කල මහා ලේඛකයා කවුද කියල දන්නව නේද?..මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා.එතුමාගෙ ගම්පෙරළිය පොත අවසානයෙ මෙහෙම තියනව. සිංහල වංශ කථාවෙහි අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ගම්පෙරළිය මෙතෙකින් නිමියේය) ගුරුවරියක සමඟ මගේ ජීවිතය ජීවිත සැමරුම් කතා මාලාවෙහි ඉකුත් වසරේ උඳුවප් මස තුදුස්වන දිනට යෙදුනු ඇගේ ජන්ම දිනය සමරනුවස් ඇරඹූ කථාව වහා නිම කරනු රිසියේ වී නමුදු පෙර නොකී කතා රචක හෙන්රි ප්‍රමුඛ ඉයන්, උදය, කසුන්, දිනේෂ්, සහ තිසර යන දයාබර පාඨකයින්ගේ බලවත් ඉල්ලීම හේතුකොටගෙන තව දුරටත් විස්තාරණය කිරීමෙහිලා තීරණය කළෙමි.ඒ හේතුකොටගෙන මවෙත ලැබෙනා සියළු රොස්පරොස්බස්, අවලාද, ගැරහුම් සහ ආක්‍රෝශ පරිභවයන් කිසිසේත්ම භාරනොගන්නා අතර ඒ සියල්ල ඉහත සඳහන් කල පකට පුඟුලන් වෙත යොමු කල යුතුබැව්ද මේ වියාචනයෙන් දන්වා සිටුම්හ. 

ඒ වගටත් මෙසේම මම්ම වම්හ.

ඉතිං මේ විදිහට මට පේන්නෙ අපේ උන්දැ කිව්ව විදිහට එවුන්දැගෙ ඊලඟ බේඩ්ඩෙ එක එනකලුත් මේ කතාව ඇදෙයි වගෙ. ඒත් ඒ හැටි අවුලක් වෙන එකක් නෑ. එහෙම උනොත් මෙහෙම කරමු. කොහොමද?

ඔන්න ඔහොම දිගටම ඇදගෙන ගිහිල්ල මේ අවුරුද්දෙ බේඩ්ඩේ එකට කලිං සුමානෙ තමයි කතන්දරේ ඉවරයක් කරන්නෙ. ඊගාවට ඊලඟ සුමානෙ ආයම එනවනෙ තව බේඩ්ඩේ එකක්. ඒකට තව කතන්දරයක් පටං ගන්නව. ඒකත් ඇදගෙන යනව ඊලඟ බේඩ්ඩේ එකට සුමානයක් වෙනකල්. ඔහොම දිගටම වැඩේ කරගෙන ගිහෑකි..හෙහ්,හෙහ්…

අර ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ එස්.ඊ.සී. එක නොහොත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ගම්උදාවෙ වැඩ කලෙත් එහෙමයි. ඒ කියන්නෙ එස්.ඊ.සී. එකේ වෙනම යුනිට් එකක් තිබ්බ ගම් උදාවෙ වැඩ කරන්ට. ඔය සිරීපාද ගහන්ට, සීගිරියවල් හදන්ට, අටවිසි බුද්ද රූප නෙලන්ට එතකොට දේව රූප අඹන්ට ඔය වගෙ නොයෙක් වැඩ.එක ගම් උදාවක් ඉවරවෙලා ඒ යුනිට් එකට සුමාන දෙකක් නිවාඩු දෙනව. ඊගාවට ආයම ඊලඟ ගම් උදාවෙ වැඩවලට ලෑස්ති වෙන්ට ඕන.මම ඔය විස්තරේ හරියටම දන්නෙ මගෙ යාලුවෙක්ගෙ මාම වැඩකලා ඔය ගම් උදාව යුනිට් එකේ. අන්න ඒ හින්ද.අච්චර රටට සේවයක් කරන්ට පුලුවන් ආයතනයකින් වැඩ ගත්තෙ අන්න එහෙමයි.

ඉතිං මම ඔය ගොවි ජනපදයක වැඩ කලා කිව්වනෙ. ඉතිං මගෙ යාලුව නිතරම වගෙ ගෙදර යනවයි කියලත් කිව්වනෙ. ඉතිං තනියම ඉන්න දවසට මම කරන්නෙ හවස් වෙනකොටම මගේ කෑලි තුනේ ටෝච් පොල්ලත් අරගෙන සරමත් වලාපොට ගහගෙන ඔහෙ යනව ඇවිදින්ට. අත්තනකඩවල ඒ කාලෙ පොඩි කඩ මණ්ඩියක් තිබ්බ. ඔය කඩමණ්ඩියට කලින් තිබ්බ ඉස්පිරිතාලයක්. ඉස්පිරිතාලයක් කිව්වට ඒක ඇවිල්ල පර්යන්ත ඒකකයක්. එව්වට ඉංග්‍රීසියෙං කියන්නෙ Peripheral Unit කියල. 

මම අර වාංපතුල් කතා සීරීස් එකේදි කිව්වෙ මගෙ හිතවත් දොස්තර කෙනෙක් ගැන. එතුමා වැඩ කලේ ඔය රෝහලේ. දොස්තර කිව්වට ඒ. එම්.පී. කෙනෙක්. නැත්නං සහකාර වෛද්‍ය වෘත්තික. සහකාර වෛද්ය නිලධාරී කියල තනතුරු නාමය වෙනස් වුනේ ඊට පස්සෙ. ඒකටත් මට මතක විදිහට සෑහෙන බාදා එල්ල වුනා ජී.එම්.ඕ.ඒ එකෙං. ඒ මිනිස්සු නං ඉතිං විරුද්ද වෙන්නෙ නැත්තෙ මොකටද නේද එක අතකිං බැලුවම ..නැද්ද මං අහන්නෙ?

වහ බීල කෙල්ලෙක් ඉස්පිරිතාලෙ අරං ආපු සීන් එකක් එහෙම මම කිව්ව මතකයි නේද? ඒක වුනෙත් ඔය අපේ හිතවත් දොස්තර මහත්තය එක්ක එතුමාගෙ නිල නිවාසෙ පොඩි ආතල් එකක් ගනිද්දි. 

ඉතිං මම අර කිව්වෙ ටෝච් එකත් අරගෙන ඇවිදින්ට යනවයි කියල. ඔහොම වැඩිපුරම යන්නෙ රාළහාමිලගෙ ගෙදරට. මම මේ කියන රාළහාමි තමයි ගම්පති ක්‍රමය අහෝසි කරල ග්‍රාමසේවක ක්‍රමය ක්‍රියාත්මක කරන්ට ඉස්සෙල්ල මුලු පළාතම පාලනය කරන්ට ආණ්ඩුවෙං පත්කරපු මුලා දෑනිය. ඔය මම කියන්නෙ සුද්දගෙ කාලෙ. ඒ තනතුරට කිව්වෙ Village Headman කියල.

නමසිය හතලිස් ගණං වල ඔය ගොවි ජනපද ඩී.එස්. මහත්තය පටං ගත්ත කාලෙම ඔය මම කියල රාළහාමි මාතලේ පල්ලෙපොළ ඉඳල කරත්තයකුත් දක්කගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත් ජනපදයෙ ආණ්ඩුවෙන් අලුතෙන් හදන ගෙවල් වලට ඕන ගොඩනැඟිලි ද්‍රව්‍ය ප්‍රවාහන කොන්ත්‍රාත් එකක් කරන්ට. ඒ කාලෙ මඩිං අක්කර පහක් දුන්න. ගොඩිං අක්කර තුනක්. මඩවල එස්. රත්නායක මහත්තය " අක්කර පහ " කියල නවකතාවකුත් ලිව්ව මතකද? ඒ මිනිපේ ගොවි ජනපද ව්‍යාපාරය ගැන. ගොවි ජනපදවල ඒ කාලෙ ගොඩිං අක්කර තුනක් දීල ඒකෙ ආණ්ඩුව ගානෙ ගේකුත් හදල දුන්න.

ඔය හදන ගෙවල් වලට ඕන කරන ගඩොල්, සිමෙන්ති එහෙම අරගෙන යන්ට ඒ කාලෙ කරත්ත කුළියට අරගෙන තියනව ආණ්ඩුවෙන්. මම ඔය කියල රාලහාමිත් ඒ වැඩේට ආපු කෙනෙක්. ගෙවල් වල වහලට එතනිං ගිහාම දොර ජනේල උලුවහු වලට ඕන ලී ඉරල තියෙන්නෙ ඒ පැත්තෙම තැනින් තැන හදාපු ආණ්ඩුවෙ ලී මෝල් වලිං. ඔය පරණ ගොවි ජනපදවල අනිවාර්යයෙං සෝමියල් හන්දිය කියල එකක් තියනවාමයි. ඒතමයි අර ඒ කාලෙ ලී මෝල තිබ්බ තැන. Saw Mill = සෝමියල්

ඉතිං මලහිරු යෝද ඇල උඩහිං බැහැගෙන යද්දි, හතර අතිං අඳුර හලාගෙන එද්දි, කළාමැදිරියො පස්චාත් බාගයෙ ආලෝකය නිවි නිවි දිලෙද්දි එකා පස්සෙ එකා පියඹද්දි, මා වවුලො රංචු පිටිං දියබෙදුම පැත්තට තටු සලද්දි ගම්පති නිවසෙ ආලින්දයෙ වාඩිවෙලා මා එක්ක රාලහාමි කියපු ඒ රසබර පරණ මතක සැමරුම් වැඩි විස්තර සහිතව ආය දවසක කියන්නං. 

"රාළහාමි ….. ඉතිං ඔය ඩී.එස්. මහත්තය මේ පැත්තෙ නිතර ආව ගියාද?" 

"අපොයි ඔව් මහත්තය. උන්නැහැ කොහොමත් මාස තුන හතරකට සැරයක් මෙහෙ එනවමයි.ඒ ආපුවම දවස් දෙකක් තුනක් නැවතිල විස්තර අඩුපාඩු හොයල බලල තමයි ආපහු කොළඹ යන්නෙ." 

"තව අපූරු කතාවක් තියනව මහත්තයට කියන්ට...හෙහ්,හෙහ්,"

"ඒ මොකද්ද රාළහාමි?" 

"මහත්තයට පරක්කු වෙන්නෙ එහෙම නෑ නේද?" 

"මොන පරක්කුවක්ද රාළහාමි?.... අද මම විතරයි තනියම.... යාලුවත් ගෙදර ගිහිල්ල එන්ට ගියා. ගිහිල්ල කාල නිදාගන්ටනෙ තියෙන්නෙ. ඉතිං මොන පරක්කුවක්ද?" 

"අතන විසිතුනේ ගෙදර දන්නව නේද?" 

"ඔව්….අර සමූපාකාරෙ ගාවිං දකුණට හැරිල වැලිපාර දිගේ ගිහිල්ල." 

"අන්න හරි ඔය විසිතුනේ ගෙදර හිටියෙ බම්බාව ( බම්බාව තියෙන්නෙ ගලේවෙල කිට්ටුව ) පැත්තෙං ආපු කට්ටියක්.ඒ පවුලෙ එක ඉලන්දාරියයි හිටියෙ. ඒ වෙනකොට මිනිහට අවුරුදු දහ අටක් වගෙ ඇති. මගේ වයසම තමයි." 

"ඉතිං?" 

"මිනිහ ඔය නුවර දිහාවෙ සුද්දෙක් ගාව වැඩකරල කාර් එලවන්ට ලයිසන් එහෙම තිබ්බ. ඩී.එස්. මහත්තය ආපු දවසක ඒ කොල්ලගෙ තාත්ත කොල්ල ගැන විස්තර කියල තිබ්බ. පස්සෙ කොහොම හරි ඩී.එස්. මහත්තයගෙ පොල් වත්තක් තිබ්බලු ඒ කාලෙ වෙන්නප්පුව පැත්තෙ. ඔය වත්ත බලාගන්ට මේ කොල්ලව ඩී.එස්. මහත්තය එක්කගෙන ගියා" 

76 comments:

  1. දැන්ම කමෙන්ට් එක දැම්මේ නැත්තන් අර "දෙමළ න යන්න" ඇවිත් කොටල යයි මම එක කියලා.කියවලා දාන කමෙන්ට් එක හෙට දාන්නම්.

    ReplyDelete
  2. "මහත්තයට පරක්කු වෙන්නෙ එහෙම නෑ නේද?"
    මාර එක්කෙනාගෙන් අහල තියෙන්නෙ.

    "මොන පරක්කුවක්ද රාළහාමි?..මගේ blog fansලා ටික නාගෙන කාරිය එනකම් I have all the time in the world"

    හි හී Thank you Ravi.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මගේ ජීවිතේ ඉලක්කය ඔන්න ඕක….:)

      To have all the time in the world to things I like ( doing nothing is also included )….heh,heh,

      Thanks Ano....:)

      Delete
  3. //මම මේ කියන රාළහාමි තමයි ගම්පති ක්‍රමය අහෝසි කරල ග්‍රාමසේවක ක්‍රමය ක්‍රියාත්මක කරන්ට ඉස්සෙල්ල මුලු පළාතම පාලනය කරන්ට ආණ්ඩුවෙං පත්කරපු මුලා දෑනිය. ඔය මම කියන්නෙ සුද්දගෙ කාලෙ. ඒ තනතුරට කිව්වෙ Village Headman කියල.//
    ගම්මුලාදෑනි ක්‍රමය සුද්දාගේ කාලයෙන් පසුවද 1963 දක්වා ක්‍රියාත්මක විය. ගම් කියා කිවුවත් එකල ගම්මුලාදෑනි කොට්ඨාශයක් ඉතා විශාල ප්‍රදේශයකි. මෙය පියාගෙන් පුතාට හෝ පරම්පරාවේ කෙනෙකුට ගිය ක්‍රමයකි. ගම්මුලාදෑනි තනතුර අහෝසි කර ග්‍රාමසේවක තනතුර ඇතිකර තරඟ විභාගයකින් තෝරාගත් පළමු කණ්ඩායම පත්වීම් ලබන්නේ 1963දීය. 1976දී හෝ ආසන්න වසරකදී මේ තනතුර ග්‍රාම සේවා නිලධාරී ලෙසත්, පසුව ග්‍රාම නිලධාරී ලෙසත් වෙනස් කෙරිණි.

    ReplyDelete
    Replies
    1. ඉකෝන්,

      බොහොමත්ම ස්තූතියි නිවැරදි තොරතුරු සැපයීම වෙනුවෙන්.

      Delete
  4. අද නියමයි. ස්තූතියි රවී.

    ReplyDelete
  5. හැක් ඇයි අර අන්තිමට හුචස් ගාල නවත්තල තියෙන්නෙ හරියට මෙගා ටෙලියක ෆ්‍රයිඩේ යිට් එපිසෝඩ්ඩෙකේ් අනිතම තත්පරේ අන්තිම මිනිට්ටුවෙ වගේ
    පුහ් තියෙන අගේ විතරක් හැක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.... කියුරියෝසිටිය මැක්සිමොම්...

      Delete
    2. මහේෂ්,

      කොහෙ හරි නවත්තන්ඩත් එපාය බං...ඉතිං මට හිතුනා මෙහෙම හොඳාය කියල...:))

      Delete
    3. හේමමාලි,

      හෙහ්...පුදුම අහඹු සිදුවීමක්..කියුරියෝසිටි ගැන ලියන්න කියල මම හිතාගෙන ඉන්නෙ සෑහෙන දවසක ඉඳල...ස්තූතියි මතක් කිරීම ගැන...:)

      Delete
    4. ඔව් ඉතින් මේ මනුස්සයට ලෝකේ තියන ඔක්කොම මාතෘකා මතක් වෙන්නේ මේ බ්ලොග් එක ලියන්න වාඩි උනාම නේ :)

      Delete
    5. මානවිකා,

      ඒකනෙ අප්පේ...:)

      Delete
  6. ඕන්න බලාපල්ලකෝ, අන්තිමට ආපු උන්දැත් සුද්දෙක් කුදලන් ගොහින්නේ! දැන් ඌ එනකල් ඉන්ට වෙයි නෙහ්

    //සොමියෙල්
    හි හි හි... ආන්න බලන්ට ඕනේ දෙයක් දේසිය කරගන්න නියම විදිය!

    //කල්යූටි, පයිඩූර්, කුක්කු බිබී, කොක්ක බා මා, එපිල් කොට්ටරේ..බාසුන්යා.
    මොනාද බන් මේ??? මට පේන්නේ ඒ ටික කියන්න වෙනම පොස්ටුවක් නෙවෙයි දෙක තුනක්ම දාන්නම වෙයි වගේ....

    අපේ ගෙදරට පහල ගෙදර හිටපු නංගි උපන්දිනේට කිව්වේ 'හැපි බර්ත්ඩේ එක' කියල.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / අන්තිමට ආපු උන්දැත් සුද්දෙක් කුදලන් ගොහින්නේ /

      සුද්දෙක් නෙවෙයි බං...ඩී.එස්. කිව්වෙ ඩී.එස්. සේනානායක මහත්තය ගැන...:)

      නුවර අර තියෙන්නෙ ටොරිංටන් බස් ස්ටෑන්ඩ් එක උඩහිං පුස්තකාලයක් ඩී.එස්. සේනානායක පුස්තකාලෙ කියල. ඒක හදපු කොන්ත්‍රාත්කාරය තමයි ඩී.එස්. සේනානායක කියන්නෙ. ( විහිලුවක්මත් නෙවෙයි. වර්තමාන පරම්පරාවෙ හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි. )

      / කල්යූටි, පයිඩූර්, කුක්කු බිබී, කොක්ක බා මා, එපිල් කොට්ටරේ..බාසුන්යා….මොනාද බන් මේ? /

      අදාල නියම වචනය සහ අදාල පුද්ගලයා ගැන කිව්වොත් මෙන්න මෙහෙමයි.

      කල්යූටි = ගල්කූර = අපේ පොඩි අම්මගෙ තුන්වෙනි දුව.

      පයිඩූර් = පව්ඩර් = අපේ පොඩි අම්මගෙ දෙවෙනි දුව

      කුක්කු බිබී = බිත්තර = අපෙ උන්දැ

      කොක්ක බා මා = කුකුල් මස් = මගෙ යාලුවෙක්ගෙ පුතා ( යාලුවා තමයි චන්දරේ )

      එපිල් කොට්ටරේ = හෙලිකොප්ටර් එක = අපෙ නංගිගෙ ලොකු පුතා.

      බාසුන්‍යා = බාසුන්නැහේ = ඒත් අපෙ නංගිගෙ ලොකු පුතා.

      Delete
    2. අපේ දුවලා දෙන්නගේ වාග් මාලාවෙන්;

      බලු කොප්පේ = බලු කුක්කා

      මෙමේ එක = සූප්පුව

      මෙමේ එක මොමෝ කරනවා = සූප්පුව උරනවා

      ඇන්ටිනාන එක = ඇන්ටෙනාව

      රෝය රෝය බෝට් ජෙල්ලි ඩවුන ටීම් = row row row your boat gently down the stream

      බාබි = පවුඩර්

      අඹ කලිසම = pant (අඹ ගෙඩි වගේ මෝස්තරයක් තියන pant එකක් තිබුන නිසා)



      Delete
    3. රවියා:

      අහන්නත් දෙයක්ද, උඹේ ඔය වචන සෙට් එකත් එන්න ඇත්තේ ජාන වලින්. බලාපල්ලකෝ වටේ ඉන්න ඔක්කොමත් ඒ වගේ වෙච්ච හැටි! වැඩේ කියන්නේ ඇවිත් සෙට් වෙලත් තියෙන්නේ ඒ වගේම වොකබ්ලරි එකකටනේ!! හෙහ් හෙහ්...

      ඩෝන් ඩෝන් ... ( ඔලුව ගලේ ගහගනිමින්)


      විචාරක:
      මෙමේ එක තමයි මරු !! හෙහ් හෙහ්

      Delete
    4. උපේක්ෂා,

      / බලාපල්ලකෝ වටේ ඉන්න ඔක්කොමත් ඒ වගේ වෙච්ච හැටි! /

      අඩේ මෙ...පොඩි එවුං කාලෙ කවුරුත් එහෙමයි, බහ තෝරන කාලෙ කියන්නෙ ඒකනෙ..හා..හා...උඹල එතකොට ඔහොම එව්ව කිව්වෙම නෑ??? එහෙමද? මව් කුසෙන් එලියට එනකොටම කියාගෙන එන්ට ඇති එහෙනං.." දයාබර මෑණියනි, අධික කුසගින්නෙන් පෙළෙන්නෙමි. වහා මාතෘ ක්ෂීර ස්වල්පයක් පොවනු මැන " කියල...:)

      අර සිදුහත් කුමාරය උපන්න ගමං තනි කකුලෙං නෙලුම් මල් හතක් උඩ බට්ට පැනල අන්තිම නෙලුමෙ ඉඳගෙන කිව්වයි කියන්නෙ " ධන්න්නෝ බුධුන්ඝේ ෂ්‍රී ධර්මෂ්ඛන්ධා " කියල..හෙහ්..අන්න ඒ වගේ

      Delete
  7. ලියාගෙන ආපු මේ පොස්ට් එක කාගේ හෝ බලපෑමක් මත එකපාරටම නවත්තල පොස්ට් කරලා හැඩයි .. හරියට නිකම් කොම්පියුටරේ පොළොවේ ගහන්න කලින් පොස්ට් කරගන්න ඕන නිසා පබ්ලිෂ් බටොන් එක ඔබල වගේ රවී.. යකෝ මේක හරිම අසාධාරණයි...රහට කන්න දීල වතුර බොන්න දුන්නේ නැහැ වගේ.. කොටියම කාපිය..

    ReplyDelete
    Replies
    1. අම්බලං ගොඩං පොල් සම්බලං බතං,

      එහෙම එක පාරට හුටස් ගාල නවත්තපු ආකාරයක් පේනවද?......:)

      අපෙ අත්තම්ම කිව්වෙ " තෝ දීයා කාපිය" කියල...හෙහ්,හෙහ්,

      Delete
  8. ඔව් අනේ කිසිහදිසියක්නැ ඔහොම යමු .අගේයි !

    ReplyDelete
    Replies
    1. Ano,

      අන්න එහෙම එන්න..come that way...:)

      Delete
  9. කාල වරෙන් මෙන්න අපිවත් අල්ලගෙන ඒපාර. ඒ මදිවට පකට පුඟුලන් කියල බැනලත් එක්ක. ඕමනයි කියල කියුවේ අපේ ප්‍රේමදාස ලොක්ක නේද? අද නම් පඳුරු තලලා නෙමේ මඩවලා.

    "මහත්තයට පරක්කු වෙන්නෙ එහෙම නෑ නේද?" මේක දැක්කම මටත් හිතුනේ අර උඩ ඇනෝට හිතුන දෙයම තමයි.

    ඩිස්ක්ලේමර් එකට සිංහල වචනේ ඉගෙනගත්තේ අද :-)

    ReplyDelete
    Replies
    1. උදය,

      ඕමනයි කිව්වෙ ප්‍රේමෙ නෙවෙයි ජේ. ආර්. ලොක්ක. ලොක්කගෙ තිබ්බ ඔය වගෙ වචන සෙට් එකක්. පෝචුගීන්, රොහාන් විජේවීර, ජේ.වී.පී. සමාගම, කැලෑ මුර්ගයො...:)

      Delete
    2. 'කොරනව ' කියල කිව්වෙත් පප්පා නේද?

      Delete
    3. උපේක්ෂා,

      එයා තමයි...එයා තමයි...:)

      Delete
  10. "මහත්තයට පරක්කු වෙන්නෙ එහෙම නෑ නේද?"
    අපොයි නෑ. DD බෝතලයක් කඩල රෝස්කරපු සැවුළ් අණ්ඩකුත් පැත්තකිං තියාගෙන ලෑස්ති වෙලා ඉඤ්ඤං බොලා ඒගාව කොටස දානකල්.

    මෙන්න මෙහෙම තමයි අයියෙ කතාව යන්න ඕන.

    හැබැයි අන්තිමට මොකෙක්හරි අැවිල්ල බෙල්ල මිරිකල වගේ. කරුමෙට ඒ වෙලාවෙම පබිලිස්ට පාරක් වැදිල තියෙනව. හැක්...

    ReplyDelete
    Replies
    1. Prasanna,

      / මෙන්න මෙහෙම තමයි අයියෙ කතාව යන්න ඕන. /

      අපහාස කරන්ට එපා බොල...:)

      Delete
  11. කිසිම හදිස්සියක් නෑ මචං ඔහොමම යමු.මං විටක් එහෙම හපල එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. ආ ලොක්කා... දාමුද හීතල කොමෙන්ට් පේලියක්.

      Delete
    2. ඒකට හපනා උඹ නෙවැ.

      Delete
    3. හැලප,

      මේ වයසෙ අපිට මොන හදිස්සියක්ද බං?....නැද්ද?

      Delete
  12. මොකක්ද රවී අයිය මේ යටම තියෙන මැප් එක. නියුක්ලියර් එක්ස්ප්ලෝෂන්ස් පෙන්නන එකක්ද? හිටි හැටිය බ්ලාස්ට් වෙනව පේනව.

    ReplyDelete
    Replies
    1. ඒ පෙන්නන්නේ IS ක්‍රියාකාරකම්...

      Delete
    2. ප්‍රසන්න,

      නෝ අන්ඩර්ස්කර්ට් ඇට් ඕල් මලේ....ම්හු...:(

      Delete
    3. ඇයි යකෝ අර //ලොව පුරා මිතුරු කැල// කියල දාගෙන ඉන්න එක මොකක්ද දන්නැද්ද?

      Delete
    4. ප්‍රසන්න,

      / ඇයි යකෝ අර //ලොව පුරා මිතුරු කැල// කියල දාගෙන ඉන්න එක මොකක්ද දන්නැද්ද? /

      අම්මට වූඩු ඒක ගැනද මේ කිව්වෙ? දකුණු පැත්තෙ යටම තියෙන කියල කියන්ට එපාය...හෙහ්,හෙහ්...මම මේ යටම තියෙන කිව්වට පෝස්ට් එකේ යටම හරිය බැලුවෙ..

      හරි ඒ පැහැදිලි කිරීමෙන් ඉක්බිති ඔබගේ පැණයට පිළිතුරු, ඒ වනාහී රන්දිල් නෝනා මහත්මිය විසින් යොදන ලද විජටයකි. එයින් මේ අවස්ථාවේ නිදහස් සිතුවිලි වියුණුව කියවන පාඨකයින් වාසය කරන දේශයන් දිස්වේ. එක් වරම බ්ලාස්ට් වූවක් මෙන් දිස්වන්නේ පාටකයින් මගේ දයාබර මව් තුමියගේ ගුණ ගායනා කලවිටය. විජටයේ මාතෘකාව ලෙස " මව් ගුණ ගායනා කරන්නෝ " යනුවෙන් යෙදිය යුතුබව මවිසින් යෝජනා කල නමුදු රන්දිල් තොමෝ ඒ එකහෙලාම ප්‍රතික්ෂේප කොට ලොව පුරා ස(මී)තුරු කැල ලෙස යෙදුවාය.

      Delete
    5. ඒ වගත් එසේමැයි එහෙනං.

      Delete
  13. ඔය පැත්තේ සෝමියල් හන්දිය කියල කියව්වේ යාය 19 ට නේද? එතනින් පහලට ගිහිං සෑගල සරුබිම ජයසිරිපුර හරහාත් අත්තනකඩවලට යන්න පුලුවන් ප්‍රධාන පාරේ නොයා හරියට මේ කතාවෙ වගේ :D :D

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හුටා පරි ජාලං ..ඔන්න කනෝ පිනුං කිව්වලු.. උඹත් ඒ පැත්තෙද බං?.....හෙහ්,හෙහ්,බෝම තන්තෝසයි..බෝම තන්තෝසයි…

      සෝමියල් හන්දියෙන් දකුණට හැරිල ජයසිරිපුර හරහත් අත්තනකඩවලට යන්ට පුලුවන් නේන්නං...:)

      සිරිකඳුයාය දන්නව නේද? …….සිරිකඳුයාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි…... මේ මුලු ලොවම මටයි……. මගේ ආදරේ නුඹටයි

      දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
      මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි

      බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
      මලකට සිත් පීඩා නෑ.....
      ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
      කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....

      දුරකඳු යාය මටයි........

      වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
      කතරට සයුරක් මදි නෑ.....
      නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
      මගෙ හිතටත් නිවනක් නෑ.....

      දුර කඳු යාය මටයි....

      Delete
    2. සිරිකඳුයාය ගැන..... ???
      වැඩියමක් දන්නෙ නෑ හැබැයි අපේ ගෙදර තියෙන්නේ එහෙ කියල නම් දන්නවා :)

      Delete
    3. මං ආස සිංදුවක්... මොකද්ද බං 'නිල්ල නිලනවා' කියන්නේ. මම හිටියේ යමුනා මාලිනීගෙන්මවත් ඕක අහලා බලන්න...

      ගායනය - උපාලි රන්තිලක
      රචනය - යමුනා මාලිනී
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    4. තිසර,

      නිලනවා කියන්නෙ නිල් වෙන්ට නෙලනවා කියන එක....හෙහ්,හෙහ්...ජස්ට් අ ජෝක්..නිලනවා යනු නිල්පැහැ වෙනවා යන්නයි.

      " දුරකඳු යාය මටයි, නිල්ල නිලන්නේ නුඹටයි, "

      දුරකඳු යාය මගේ වුවද එය නිල් පැහැ ගැන්වෙනුයේ නුඹේ නමිනි.

      Delete
    5. කසුන්,

      / වැඩියමක් දන්නෙ නෑ හැබැයි අපේ ගෙදර තියෙන්නේ එහෙ කියල නම් දන්නවා :) /

      ඈ??? මක් කිව්වා????

      Delete
  14. ඔව්වොව්.. ඔය අනම් මනම් කරලා 'අනන්‍යා'තාවය නැති කරගන්නවා එහෙම නොවෙයි. අපි වෙනස් වෙන්නම් මේ විදියට.. හික් හික් හික්..

    ඔයා වගේම චරිතයක් හිටියා මං කන්දකැටියේ අපේ අයියලාගේ ගෙදර නැවතිලා ඉස්කෝලේ යන කාලේ හම්බ වෙච්චි. ඉස්කෝලේ පැත්තක තිබ්බ කාමරේක නතර වෙලා පාඩම් කරා ඒ ලෙවල් .. රෑට කන්න එන්නේ අයියලාගේ ගුරු නිවාසෙට.. //හවස් වෙනකොටම මගේ කෑලි තුනේ ටෝච් පොල්ලත් අරගෙන සරමත් වලාපොට ගහගෙන ඔහෙ යනව ඇවිදින්ට// ඔන්න ඔහොම තමයි එන්නේ ඇඳිරි වැටීගෙන එනකොට.. අයියා ඉස්කෝලේ සර් උනාට ඒ කාලේ පොරටත් ඒ හැටි වයසක් නෑ.. අනික ආශ්‍රය කරන්න කියල එහෙමට කවුරුවත් ඒ පැත්තේ හිටියෙත් නෑ. දෙන්න තමයි යාලුවෝ.. පැය ගණන් හිනා වේවි කතා කර කර ඉන්නවා.. මටනම් නිදි මතයි මන් බුදිය ගන්නවා.. මේක ඇහුවම හිතුනේ.. අපරාදේ ඒ දවස්වල නිදි මරාගෙන හරි මොනවා කතා කරද කියල අහගෙන ඉන්න තිබ්බේ කියල..
    අහ.. කියන්න අමතක උනා.. ඔය කියපු බුවා දැන් කොළඹ විස්ස විද්දීයාලේ ජේස්ට කථිකාචාර්යයෙක්.. දැන්නම් නම එහෙම ටිකක් වෙනස් කරලා පහුගිය ආණ්ඩු පෙරළියට කලින් ගොඩක් ටිවියෙකේ එහෙම හිටියා..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හෙහ්,හෙහ්, නිදි මරාගෙන හරි අහගෙන හිටියනං පාඩු නෑ බං....තාම පරක්කු නෑ මාහිතේ....අයියට දාපං කෝල් එකක්.." මොනවද අයියෙ අර කෑලි තුනේ ටෝච් එකකුත් වන වන ආපු බුවා එක්ක උඹ අර කන්දකැටියෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ කතාකර කර හිටියෙ ඒ කාලෙ? " කියල අහපං...:)

      Delete
    2. හිටාන් දැම්ම කෝල් එකක් දීලා අහන්න.. නින්දෙන් ඇහැරිලා මට කුනුහබ්බෙන් බැන්නොත් එහෙම මන් කියනවා අර රවියා කියන වලවෙට්ටුවා තමයි අහන්න කිව්වේ කියලා..
      (පේනවද අපේ වැඩ.. ඕන ද ඉස්පොට් රිප්ලයි දෙන්නේ කොමෙන්ට් වල‍ට..)

      Delete
    3. කළ්‍යාණ,

      හෙහ්.හෙහ්....ඔන් ද ස්පොට් පහුවදා මලා.....:)

      උඹ බුදියන්නෙ නැද්ද බං? මේ යක්කු ගස් යන වෙලාවෙ මක් කරනවද ඇහැරගෙන?

      Delete
  15. පඳුරු නැතුව වැඩක් නැහැ...
    අද ක්‍රමේ හොඳයි, ඒත් අද පෝස්ට් එකට අදාළව මොනවද බං රවී අයියේ තිබුනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං මාතෘකාව තිබුණේ

      Delete
    2. ලොක්කා,

      යකෝ ඒ කියන්නෙ මම සියඹලා ගෙනල්ලම නැද්ද?

      Delete
  16. පකට පුඟුලන්, හැක් හැක් හැක්

    ReplyDelete
  17. හදිස්සියේ කරන්ට් එක කැපුවා වගේ නවත්තපු නැවැත්තිල්ල තමයි ඉතින්.
    දැන් වෙන්නප්පු පැත්තෙත් යන්න වෙයිද එතකොට.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      නෑ..නෑ..වෙන්නප්පු යන්න වෙන්නෙ නෑ...:)

      Delete
  18. උඹ කතාව නවත්තන්නේ කුතුහලය උපරිම තැනක් බලලා නෙවෙයිද? මේ පාර නම් බස් එක ඔහේ නවත්තලා එන්ජිම ස්ටාර් එකේම තියෙද්දි ඩ්‍රයිවර් හොරපොලකට දුවලා වගේ.

    අර ළදරු වචන නම් මටත් මතක් වුනා. මාත් ඒ ටික රිසර්ව් කරගත්තා ඕස්ට් එකක් ලියන්න උඹ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔය ලියන ඕස්ට් එක පෝස්ට් එකක් කරන්නෙ කවද්ද?

      Delete
    2. හෙන්රි,

      / මාත් ඒ ටික රිසර්ව් කරගත්තා ඕස්ට් එකක් ලියන්න උඹ වගේ. /

      අර මගෙ හුරතල් වචන ලිස්ට් එකට මම තව වචනයක් දාගත්තා.

      ඕස්ට් එක = පෝස්ට් එක = ඩූඩ් නොහොත් හෙන්රි ද නයින්ත්

      Delete
    3. තොපිත් එක්ක බෑ. ඕවගෙම එකෙක් ඉන්නවා අනූෆ් කියල මගෙ පන්තියක. මම ඌට කියන්නේ මයික්‍රොසොෆ්ට් අනූෆ් කියලා හරියට මයික්‍රොසොෆ්ට් ඔෆීස් වගේ. ස්පෙලිං වරදක් පේනකොට ඌ කෑගහනවා. මම කියන්නෙ ඔයා ඔෆීස් වලට වඩා ප්‍රභලයි කියලා, මොකද ඔෆීස් එකේ රතුවට අන්ඩර්ලයින් කර්න්නේ වචනේ ලියලා space bar එක එබුවට පස්සේ නිසා

      Delete
    4. හොඳ වැඩේ ඩුඩ් !!! මම පාටියක් විසික්කා කරනවා මේකට අම්මප!

      Delete
    5. විසික්ක කරපං.And...
      >>එන්ජිම ස්ටාර් එකේම තියෙද්දි<< WTF?

      Delete
    6. උපේක්ෂා,

      / ඔයා ඔෆීස් වලට වඩා ප්‍රභලයි කියලා, /

      තව පාටියක් හොඳද?.....නිවැරදි වචනය ප්‍රබලයි විය යුතුයි.

      Delete
  19. Replies
    1. තෙලිදිය,

      අන්න එහෙමයි අපි...:)

      Delete
  20. අයියෝ ගිය පාර එක දිගටම ලියන් ගිහිපු එක කියවල, අගය කිරීමේ කොමෙන්ටුවක් දාන්න බැරි උනා නේ.

    ඒ පාර අද හොඳටම පඳුරු තලලා නේ. පොස්ට් එක කියවල ඉවර කරනකොට කරකැවිල්ල වගේ. බනින්නත් බෑ, බැනුම් ෆොර්වර්ඩ් කරලා නේ. ආයේ මුකුත් කියන්නේ නෑ ඔන්න :) ඕන හැටියකට ලියන එකයි ඇත්තෙ!

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      කරකැවිල්ල වගේ?....:)

      Delete
  21. නියමයි,වටේ තලන එක තමයිනේ රවීයියාගේ,හැලපයියාගේ අනන්‍යතාව.එක නැති කර ගන්නවා එහෙම නෙමේ.ගොවි ජනපද කතා අහන්න මමත් හරිම ආසයි.අර කාක්කෝ තරම් ලොකු මදුරුවෝ ගැන වගේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / කාක්කෝ තරම් ලොකු මදුරුවෝ ගැන වගේ/

      ඒ ඔය ඩී.එස්. මහත්තයගෙ ගොවි ජනපද ව්‍යාපාරය උපහාසයට ලක් කරන්ට සමසමාජ කාරයො හදපු කතාවක්ය කියනවනෙ.

      Delete
  22. post eka kiyawala ewarawela comment karanna hithuwe "ko lipiye main subject eka gana mokuthma liyala nahane" kiyala.
    pahalata kiyawan eddi dakke LOKU PUTHAth ekama comment karala. :-)

    ReplyDelete
    Replies
    1. Senerath,

      කට්ටියක් කියනවනෙ මාතෘකාව ගැන මොකවත්ම නොලිව්වත් කමක් නෑය කියල...:)

      Delete
  23. එල එල. එම් කතාව ලබන දෙසැම්බර් වෙනකල් ම අදිමු. හිතේ හැටියට පඳුරු තලාගෙන, පුලුවන් උනොත් තියෙන පොඩි පොඩි පැලත් තලාගෙන යමු. මාතෘකාව ම තියෙන එක මදෑ.

    හැබැයි අර වාම්පතුලත් එකක්හරි දැම්මනම් තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ස්තූතියි කසුන්...

      වාං පතුල් ගැනත් ලියන්නංකො...:)

      Delete
  24. oya podi ayage wachana kiyanne ape akka kenekge duwak dawasak iskole gihin avith akkagen ahanawalu "amme mesa belli kiyanne katada" kiyal

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මරු කතාව ඒක..මේස බැල්ලි....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...