Monday, February 15, 2016

388. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 27 - රාළහාමි, ගුණදාස, ඔගස්ටින් සමඟ මෑන් මහත්තයාගේ කථා.


ගිරිතලේ හෝටලය

"අන්න හරි ඔය විසිතුනේ ගෙදර හිටියෙ බම්බාව ( බම්බාව තියෙන්නෙ ගලේවෙල කිට්ටුව ) පැත්තෙං ආපු කට්ටියක්.ඒ පවුලෙ එක ඉලන්දාරියයි හිටියෙ. ඒ වෙනකොට මිනිහට අවුරුදු දහ අටක් වගෙ ඇති. මගේ වයසම තමයි."

"ඉතිං?" 

"මිනිහ ඔය නුවර දිහාවෙ සුද්දෙක් ගාව වැඩකරල කාර් එලවන්ට ලයිසන් එහෙමත් තිබ්බ. ඩී.එස්. මහත්තය ආපු දවසක ඒ කොල්ලගෙ තාත්ත කොල්ල ගැන විස්තර කියල තිබ්බ. පස්සෙ කොහොම හරි ඩී.එස්. මහත්තයගෙ පොල් වත්තක් තිබ්බලු ඒ කාලෙ වෙන්නප්පුව පැත්තෙ. ඔය වත්ත බලාගන්ට මේ කොල්ලව ඩී.එස්. මහත්තය එක්කගෙන ගියා. ඩී.එස්. මහත්තයගෙ තිබ්බ කළුපාට හම්බර් කාර් එකක්. ඔය කොලුව දෙපාරක්ද කොහෙද ඔය කාරෙක එළවගෙන ඇමතිතුමා එක්ක මෙහෙත් ආව. ඒ කාලෙ එතුමා අගමැති වෙලා නෑ. කෘෂිකර්ම ඇමති."

අතීත යටගියාව පිළිබඳ තොරතුරු සෙවීමට මගේ ඇත්තේ නොතිත් ආශාවකි. එළෙසම එසේ ඇසූ හෝ කියවූ අතීත තොරතුරු ඔස්සේ ඒ යුගයට පිවිසීමට මට ගතවනුයේ අසුරු සැණකි.

අනුරාධපුර අභයගිරි ව්‍යාපෘතියෙහි සේවය කල සමයෙහි මගේ මේ නුහුගුණාත්මක භාවය මටම හිරිහැරයක්වන තරමට වර්ධනය විය. එහෙත් භාග්‍යයකට හෝ අභාග්යයකට අනුරාධපුරය හැරගිය ඉක්බිති යලි එවන් දරුණු තත්වයක් උද්ගත නොවීය.

ඩී.එස්.සේනානායක මහතා තම කළුපැහැ හම්බර් රියේ ඉදිරිපස අසුනේ දිගාවී හිස බැඳි සුම්බරය ගලවා අතටගෙන හිස නමා ආචාර කොට ගෞරව පුරස්පරව මාර්ගයෙන් ඉවත්වන ගැමියන්ට අතවනා ආචාර කරමින් ගම්මණ්ඩිය හරහා ගමන් කරනු මසිතෙහි ඇඳී යාමට ගතවූයේ නිමේශයකි.

තමනට ඉඩම් ලබාදී දිවිපෙවෙත සරු කරනුවස් දිවා රෑ වෙහෙසෙන මෙවන් උතුමකුගේ රියදුරු ලෙස සේවය කිරීමට පමණ භාග්‍යවත්වූ තම අසල්වාසී කොළු ගැටයා කෙරෙහි මේ ගැමියන් තුල වූයේ ඊර්ෂ්‍යාවක්ද නැතහොත් ගෞරවයක්ද? දශක දෙකකට ආසන්න කාලයක් ගැමියන් හා බොහෝ සුහදව ඇසුරුකරමින් රැකියාව කල මගේ අත්දැකීම් අනුව බොහෝවිට ඒ ඉහතකී මනෝභාවයන් දෙකෙහිම අඩු වැඩි සම්මිශ්‍රණයක් විය යුතුය.

"රාළහාමි..ඔය කොලු ගැටයගෙ නම මොකක්ද?"

"හෙහ්..හෙහ්..ඒකගෙ නම ඇවිල්ල සුවාරිස්"

"ඉතිං පස්සෙ මොකද මනුස්සයට වුනේ?"

"ඒ කාලෙම වගෙ ඒ ඉලන්දාරිය උංගෙ ගම් පලාතෙන්ම කසාදයකුත් කරගත්ත. ඒත් මෙහෙ ඇවිල්ල දවස් දෙකතුනක් ඉඳල දෙන්නම ගියා ආපහු වෙන්නප්පු"

"පස්සෙ? "

"පස්සෙ ඇමතිතුමා පස්සෙ අගමැතිවුනානෙ. හෙහ්..අපිත් ගියා එතුමා දිවුරුම් දෙන උත්සවේ බලන්ට.."

"නෑ? "

"ඇයි මහත්තයට විස්වාස නැද්ද?"

"නෑ...නෑ..අනේ එහෙම එකක් නෙවෙයි..මම අර පුරුද්දට වගෙ කිව්වෙ…. නැතුව අවිස්වාස කරල එහෙම නෙවෙයි."

"ඒ කාලෙ තිබ්බෙ ප්‍රයිවට් බස් කොම්පැනි. මාතලේ ඉඳල නාවුල හරහා දියබෙදුමට යනකල් බස් දාල තිබ්බෙ මෑන් මහත්තය."

ඒ මම මෑන් මහත්තය ගැන ඉස්සොරෝම ඇහුවමයි.

"මෑන් මහත්තය කියන්නෙ සුද්දෙක් මහත්තය. උන්නැහැ මම හිතන්නෙ කොළඹ ඔය මොකක් හරි ලොකු කොම්පැණියක හොඳ රස්සාවක් කරපු කෙනෙක්. මට මතක විදිහට වෝකර්ස්ද කොහෙද... එහෙම නැත්තං ෆ්‍රොයිඩන්බර්ග්.."

"හෙහ්, රාළහාමිගෙ මතකය නියමයිනෙ."

"හෙහ්..පොඩි කාලෙ ඉඳලම මට ඕනම දෙයක් බොහොම ලේසියෙන් මතක හිටිනව මහත්තය."

ඔය වෙනකොට මට අපෙ උන්දැ මුලිච්චි වෙලා එහෙම නෑ. පස්සෙ කසාද බැඳපු කිට්ටුවම වගෙ දෙන්නත් එක්ක උන්දලගෙ ගෙදර යද්දි මම දැක්ක පාර අයිනෙම ලොකු කන්දක් මුදුනෙ තිබ්බ මහ විසාල ගල් බංගලාවක්.

"කාගෙද මේ මහ විසාල ගේ?" මම ඇහුව.

"ආ..ඕකෙ දැං ඉන්නෙ නං බර්ගර් ජෝඩුවක්. ඒත් ඕක හදවල තියෙන්නෙ මෑන් මහත්තය කියල සුද්දෙක්."

"නැහ්? මෑන් මහත්තය? "

"ඇයි? ඔයා දන්නවද මෑන් මහත්තය?"

"මොකද අනේ මම නොදන්නෙ? ඔය බස් කොම්පැණිවලින් බස් දුවපු කාලෙ මාතලේ දියබෙදුම දුවල තියෙන්නෙ ඔය මෑන් මහත්තයගෙ බස්නෙ" මම ගාණකට නොගෙන කියල දැම්ම.

"ඈ?.... මෙයත් නොදන්න අටමඟලක් නෑනෙ"

ඔන්න ආයෙම රාළහාමි...............

"ඉතිං ඔය මෑන් මහත්තය නොමිලේ බස් දුන්න එදා දිවුරුම් දීමේ උත්සවය බලන්ට කොළඹ යන අයට. අන්න ඒකක තමයි මමත් ගියේ. මේ ගමෙත් සෑහෙන දෙනෙක් ගියා."

"ඉතිං රාළහාමි අර සුවාරිස් ගැන මොකක්ද කතාවක් කියාගෙන ආව නේද?"

සෑහෙන්න කලුවරත් වැටිල හින්ද මට ඕන කලේ පුලුවං විජහට ගෙදර යන්ට. ඩී.එස්.මහත්තයගෙ විස්තර ඇහුව වගෙ නෙවෙයි මඟදි අල්ලිස් මහත්තයෙක් එහෙම මුලිච්චි උනොත්.  "අනේ සොරි බොස් මේ ඩී.එස්.මහත්තය ගැන අර රාළහාමිහෙන් විස්තර අහන්ට ගිහිල්ල සුට්ටක් වගෙ රෑවුනා. අදට සමාවක් දෙන්ට හොඳයි" මොකෝ එහෙම කියන්ට කියලය ආය? දෙයි හෝස් පයිප්පෙං කොන්ද හරහට දෙබේයි ගාල

අලි කිව්වම තව පොඩි කතාවක් මතක් වුනා ඔන්න.

මේකත් මේ මම අත්තනකඩවල වැඩ කරන කාලෙ වෙච්චි වැඩක්.ඒ කාලෙ අපෙ හිටිය ජල පාලකල කියල කට්ටියක්. එවුංට තිබ්බ රාජකාරිය මුර ක්‍රමය අනුව ඒ ඒ කෙත් ඇලට නියමිත වෙලාවට වතුර බෙදාහරින එක. වතුර බෙදාහරිනව කිව්වෙ නියමිත වෙලාවට ඇලේ දොරටුව ඇරල ඇලට වතුර නිකුත් කරන එක.

වතුර හිඟ කාලෙට තමයි ඔය මුර ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ. ඒ ඒ කෙත් ඇළට අහවල් වෙලාවෙ ඉඳල අහවල් වෙලාවට ජලය නිකුත් කරනවයි කියල අපි සතියෙ මුල රැස්වීමක් තියල තීරණය කරනව. ඒකට ගොවි සංවිධානයෙ සභාපති, ලේකම්, එතකොට කෙත් ඇළ නායක වගෙ කට්ටිය ඔක්කොම සහභාගි වෙනව.වතුර හිඟය බොහොම දරුණු උනහම අපිට රෑ තිස්සෙ සමහර වෙලාවට ඔය වතුර බෙදිල්ල හරියට ක්‍රියාත්මක වෙනවද කියල බලන්ට යන්ට වෙනව. රෑ නිදි මරන එක ටිකක්‍ අමාරුවුනත් ඒකත් එක අතකින් බැලුවම මාර ආතල්.

අපි සාමාන්‍යයෙන් ඔය රෑ මුර වතුර බෙදිල්ල අධීක්ෂණය කරන්ට යද්දි මත්පැන් පානය කරන්නෙ නෑ. මත්පැන් පානය කලාම එකක් නිදිමතයි අනික ඇලර්ට් එකේ ඉන්ට අමාරුයි. ඕකට නියම අනුපානය ඇවිල්ල මලක්. "මලක සුවඳ සිව් සිය ගව් දැනේයා" කියන්නෙ ඉතිං නිකමටයැ.. හා නැද්ද මං අහන්නෙ? ඩම් දෙක තුන පෙණහළු පුරා ඇද්දම ආයෙ මොනවද ආතල් බේරෙන්නෙ කං දෙකෙං... කං දෙකෙං...ඔය කියන කියන එව්වට හිනාවෙන එක තමයි තියෙන්නෙ.

අනික ඇයි යකෝ එක අතකට බැලුවම මේ හම්බවෙන වතුර ඩිංග අල්ලපු කුඹුර වැඩ කරන එක්කො තමංගෙම මස්සිනා නැත්තං ඥාති සහෝදරය එක්ක සමගියෙං බෙදාගන්ට මේ වලහැඩියංට බැරිනං අපි මොකටද මේ නිදි මරාගෙන් උං හින්ද නැහෙන්නෙ? 


"මහත්තය දාහතේ ඇළේ ඉබ්බ කඩල උං අපිට එන වතුර මුරේ හොරෙං අරගෙන"… සුමනයයි මායි හිනාවෙනව..."හෙහ්..හෙහ්...හෙහ්"..සුමනය කියන්නෙ මගෙ අතිජාත මිත්‍රය…"දැං ඔය කට්ටිය මොන ඇළේද?" සුමනෙ අහනව "අපි පහළවේ ඇළේ"…සුමනයයි මායි ආයෙම හිනාවෙනව. " හෙහ්,හෙහ්,හෙහ්," 


පහුවදා අපේ බොස් ඒ කිව්වෙ වාරිමාර්ග ඉංජිනේරු තුමා ගිහිල්ල තියනව ඔය පැත්තෙ රවුමක්. ඒ පාර මිනිස්සු ජීප් එක වට කරගෙන වතුර ප්‍රශ්න කියන්ට ගත්තලු. 

"ඇයි මම ඊයෙ රෑ අපේ අර මහත්තුරු දෙන්න එව්වනෙ ඔය ප්‍රශ්න ගැන කටයුතු කරන්ට. ඒ ගොල්ල ආවෙ නැද්ද?"


"ආව ..ආව..මොකද ආවෙ නැත්තෙ? ඔය ආවෙ.."

"එතකොට?"

"ඒ දෙන්න ඇවිල්ල හිනාවෙවී ඉඳල ඔය ආපහු ගියේ.."

"ඈ..ඒකත් එහෙමද?"

නෑ ඇත්තම කිව්වොත් එක අතකට නරුම ක්‍රියාමාර්ගයක් විදිහට පෙනුනත් ඔහොම නැතුවත් බෑ. ඔය වෙලාවෙ ගොවියො ඉන්නෙ ඉපදෙනව මැරෙනව පේන්නෙ නැති සයිස් එකේ. එකාතකට ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ. බැංකු ණය අරගෙන තෙල් බේත් පොහොර ගහල යම්තමට පැළ ගොයම මතුවෙන එහෙමත් නැත්තං කිරි වදින ගොයම මැරෙනව කාටද බලා ඉන්ට පුලුවං? ඒ වෙලාවට මිනිස්සු යක්කු වෙනව. 

අනික අතට අපි කියල මොනව කරන්ටද? බලෙම්ම නීතිය ක්‍රියාත්මක කරන්ට ගිහිල්ල උදළු පාරක් ඔලුවට පතබෑවුනොත් ආය කාට කියන්ටද? මොකද ඔය වෙනකොට ගොවි මහත්තුරු බහුතරයක් ඉන්නෙ හොඳ සිහියෙං නෙවෙයි. මලක් දෙකක් ගහපු අය ගැන නං බයක් නෑ. උන්දැල ඔය ආතල් එකේ පෝල් බටයක් උඩ වාඩිවෙලා ඉඳීවි. (පෝල් බට කියන්නෙ කුඹුරු වලට වතුර බෙදන බට වලට) සුදුවා (සුදුවා කියන්නෙ කසිප්පු) ගහපු එවුං ඉන්නෙ නිකං නාලාගිරියො වගෙ. උංගෙං තමයි ටිකක් ප්‍රවේසං වෙන්ට ඕන.

ඉතිං ජලපාලකල ගැනනෙ කියන්ට ගත්තෙ. අපෙ හිටපු එක ජල පාලකයෙක් ටිකක් එක විදිහක්. අර නාහෙට නාහන මොඩල් කියන්නෙ අන්න ඒ ජාතියෙ. අපරාදෙ කියන්ට බෑ මා එක්ක නම් හරිම හොඳයි. මගෙ මඟුල් ගෙදර එහෙමත් ආව. දියබෙදුම (ඇලහැර අමුණෙං පටං ගන්න ඇලහැර-මින්නේරිය යෝධ ඇලෙන් ගිරිතලේ සහ මින්නේරිය වැව් දෙකටම වතුර දෙනව. දියබෙදුමෙදි තමයි යෝධ ඇල දෙපැත්තට බෙදිල වැව් දෙකට යන්නෙ. ඒ දෙකට කියන්නෙ මින්නේරිය පෝෂක ඇළ සහ ගිරිතලේ පෝෂක ඇළ කියල...Minneriya Feeder Canal & Giritale Feeder Canal) දියබෙදුම හන්දිය ආසන්නයේම තියෙන ඒ ඒ ඇළවල් දෙකට වතුර බෙදන නිර්මිතයට කියන්නෙ Diyabeduma Bi-furcation Structure කියල.

ඉතිං මම අර කියපු ජල පාලක (අපි මිනිහට කියමුකො ඔගස්ටින් කියල) ඔගස්ටින්ගෙ යාලුවො සෑහෙන්න හිටිය ඔය දියබෙදුම හන්දියෙ ත්‍රී වීල් ඩ්‍රයිවර්ල. ඔවුං එක්ක ඔය මනුස්සය නිතරම වගෙ සැට් වෙනව. බොහෝවිට එවුං කරනව කියන්නෙ බෝතල් හතර පහක් දාගෙන හත් අට දෙනෙක් සෙට් වෙලා ත්‍රී වීල් තුනක විතර යනව ගිරිතලේ වැව් පිටියට ගිහිල්ල ආතල් එකත් අරගෙන රෑපානෙ සිංදුවකුත් කියාගෙන ආපහු එනව. දියබෙදුම හංදියෙ ඉඳල ගිරිතලේට තියෙන්නෙ දුර කිලෝ මීටර් 15 විතර. ත්‍රී වීලර් එකේ උපරිම පැය බාගෙ ගමන.




ඔන්න ඉතිං අලිකතාව ඔගස්ටියගෙ වචන වලින්ම මෙහෙමයි...ඕකා ඔය කතාව මා දැක්කිං කිව්වෙත් ඔය ඉහකුළුවැව දිහාවෙ නුගගහක් යට ඉඳගෙන දේශීය නිෂ්පාදන පොඩ්ඩක් ගන්න අතරෙ. (වියාචනයයි - වෙනත් කිසිදු පරමාර්ථයක් උදෙසා නොව හුදෙක් දේශීය ගෘහස්ථ කර්මාන්ත සඳහා දිරිගැන්වීමක් වශයෙන්ම පමණකි)

"මේ පහුගිය හෙනහුරාද මහත්තය මේක වුනේ. එදා කොහොමහරි සෙට් වුනේ අපි හතර දෙනයි. ත්‍රී විල් එක දෙයියගෙ..මහත්තය දන්නව නේද දෙයිය."

"මම දන්නව බං...ඉතිං?"

"බෝතල් අපි අරගෙන ගියා තුනක්ද කොහෙද..කොහොම හරි දෙකක් බිව්වෙත් නෑ. හොඳ ගණං..දෙයියටත් ටිකක වැඩියි වගෙ...ඒත් කොහොම හරි ඔන්න අපි ආපහු එන්ට පිටත් වුනාය කියමුකො. අනික එවුං නං ඔය බැරි මරගාතෙ සිංදු කෑලි දෙක තුනක් කියන්ට තැටමුව. බොරු කියන්නෙ මොකටද මහත්තය මට නං ආය නෑ කට කපල නින්ද ගියා. එක පාරට මට ඇහැරුනෙ..ඕං අලිය කියල මා ගාව හිටපු සුද්ද කෑගහනකොට. ඒ එක්කම ත්‍රී වීල් එක කොන්ඩෑරුම් දෙකක් ගහල පාර පල්ලෙහට පෙරලුනා." 

සුට්ටං පැහැදිලි කිරීමක් ඕමනයි මේ අවස්තාවෙ. ඒ කියන්නෙ ඔය දියබෙදුම - ගිරිතලේ පාර දෙපැත්ත තද වැස්සට යට වෙනව. මොකද ඔය හරිය කියන්නෙ ගිරිතලේ වැව ඉහත්තාව. ඒ හින්ද ඔය අදාල පාර ඒ කිව්වෙ දියබෙදුම - ගිරිතලේ පාර හදල තියෙන්නෙ සාමාන්‍ය පොළව මට්ටමට අඩි හත අටක් වගෙ පස් පුරවල ඒ මත්තෙ. එතකොට දරුණු වර්ෂා කාලෙක දෙපැත්ත වතුරෙං යට උනත් පාරෙ ගමනාගමනයට බාධාවක් නෑ.ඉතිං අර ඔගස්ටියගෙ වීල්ලෙක කොණ්ඩෑරුං දෙකක් ගහල පෙරලුනෙ ඕං ඔය පාරෙ බෑවුමෙං පල්ලෙහාට. 

හරි ආයෙම ඔගස්ටියගෙ වොයිස් එක……

"මහත්තය දන්නවනෙ ඔය හරිය ගන සැරේට තණකොල. ඒ හින්ද මොකවත් අතුරු ආන්තරාවක් එහෙම උනේ නෑ. වීල් එකෙ පොඩ්ඩක් එහෙ මෙහෙ ඇදවෙලා එතකොට කට්ටියගෙ නළල් එහෙ මෙහෙ වැදිල තඩිස්සි වෙලා අතපය යංතං වගෙ තුවාල වෙලා එච්චරයි. කට්ටිය බැරි මරගාතෙ නැඟිටල බැලුව අලිය පන්නං එනවදෝ කියල. ඔහෙ ඇති අලියෙක් නෑ.ඒ පාර සුද්දගෙං ඇහුව කොහෙද බොල උඹ අලියෙක් දැක්කෙ? කියල. මේ වල් ඌරා කියාපි අනේ බං මට නින්ද ගිහිල්ල හිටියෙ. මම හීනෙන්ද කොහෙද අලියෙක් දැක්කෙ කියල. අම්මාපල්ල මහත්තයා කිව්වට විස්වාස කරන්ට මේ දවස්වල මගෙ අත මිට බොහොම හිඟයි. නැත්තං ඒ වෙලාවෙමයි මං ඕකගෙ කුළල මිරිකන්නෙ"

"එහ්? ඉතිං බං සුද්දගෙ කුළල මිරිකිල්ලෙයි උඹෙ අත මිට හිඟවිල්ලෙයි මොකක්ද තියෙන සම්බන්දෙ?"

" මහත්තය දන්නෙ නෑනෙ..සුද්ද කියන්න මගෙ නැන්දගෙ පුතා.."

"ඉතිං?"

"ඉතිං ඕකගෙ අතේ සතපහක් නෑ කොයිම වෙලාවකවත්. හරි හමං රස්සාවකුත් නෑ. අපේ ගෙදර ඉස්සරහ කාමරේ තමයි ඉන්නෙ."

"ඉතිං බං? තවම මට තේරුනේ නෑනෙ…"

"මම කිව්වෙ මහත්තය ඔය මුස්පේන්තුවගෙ කුළල මිරිකුවානං එහෙම උගෙ මළගම කරන්ට වෙන්නෙත් මගේ වියදමෙං..අන්න ඒ ගැන හිතලයි මම එදා නිකා හිටියෙ...අම්මපල්ල මට වෙලාවට මහත්තය මතක් නොවුනු හැටි.."

"ඒ මොකෝ? මගෙත් කුළල මිරිකන්ටද? "

"හෙහ්,හෙහ්, ඔන්න කිව්ව එකක්..කුළල මිරිකන්ට නෙවෙයි එහෙමනම් මම මහත්තයගෙං අතමාරුවක් වත් කරගෙන මලගමේ කටයුතු කරන්ට බැරිය කියල හිතල ඕකෙගෙ කුළල මිරිකන එක මිරිකනවාමයි."

මළගෙවල් ගැන ඔය වගෙම තව කතාවක් තියනව..හුහ්..පොළියට සල්ලි අරගෙන හරි වැදගත් විදිහට මළගෙයක් කරන්න බැරිනං මළගෙවල් නොකර ඉන්න ඕන..ඒ කතාවත් පස්සට හොඳද?

"හරි හරි බං දැං ඒ මගෙං ණය ගැනිල්ලෙං කාරියක් නෑ..අර කතාව කියල ඉවරයක් කරපංකො.."

"ඉතිං අපි කට්ටිය ඔන්න බැරි බැරි ගාතෙ කණ්ඩිය දිගේ උඩහට වීල් එක තල්ලු කරල පාරට ගත්ත. අරගෙන ඔන්න ආයම නැගල දියබෙදුමෙ එන්ට පිටත් උනාය කියමුකො. කොහොම හරි ඔය සීන් එක උනේ මහත්තය දන්නවනෙ අර රත්නායක ඉස්කෝලෙ. අන්න ඊට පොඩ්ඩක් එහා. එතන ඉඳල ඕනනං දියබෙදුම හන්දියට විනාඩි අටක් නැත්තං දහයක් යයි. ඉතිං ඔන්න අපි එනවා එනවා..ඉවරයක් නෑ...අතේ පයේ අමාරුව අස්සෙ උනත් කට්ටියටම ආය නින්ද ගියා. මට කොහොමත් සැරින් සරේ ඇහැරුනා..දෙයියා පරිස්සමෙං පුතා..එහෙම ඩ්‍රයිවර්ට කියල මම ඇහැරල ඉන්ට ට්‍රයි කලා..මොන?"

"ඔය වෙලාවට ඔහොම තමයි. අනික හීතල හුළඟනෙ"

"මෙච්චර දුර වෙන්නෙ කොහොමද බං දියබෙදුම? එක පාරක් දෙයිය කියනව මට යන්තමට වගෙ මතකයි. ආයම ඔන්න නින්ද ගියා. මම උඩ ගිහිල්ල ඇහැරුනෙ එක පාරට දෙයිය කෑගැහුවම...මේ මොනවද බං මෙච්චර මේ ලයිට් එළි ගොඩක්? දියබෙදුමෙ කොහෙද මෙහෙම ලයිට් එළි? මොන ලයිට්ද බං? මම එලියට ඔලුව දාල බැලුව. ඇත්ත නේන්නං ඈත පේනව ලයිට් එළි මහ ගොඩක්..මේ මොනවද මේ?..හුටා එතකොටයි මට වැඩේ මීටර් උනේ...යකෝ මේ ගිරිතලේ හෝටලේ නේද? මළ කෙලියයි අපි ආපහු ඇවිල්ල නේද?"

"හෙහ්..හෙහ්..ඒ කියන්නෙ බීපු මරගාතෙ උඹල පෙරලිච්ච වීල් එක ආපහු පාරට තල්ලු කරල තියෙන්නෙ ආපහු ආපු පැත්තටම හරවල. ඒ කරල නැග්ග. ඒ පැත්තටම කෙලගෙන ආව....හෙහ්,හෙහ්, "

"අයියෝ..ඒකනෙ මහත්තය කියන්නෙ..කියල වැඩක් නෑ..හතර විලි ලැජ්ජාවයි...හෙහ්,හෙහ්,"

"ඉතිං? ඒ පාර ආපහු දියබෙදුමට ආවා?"

"මොන? ....දෙයිය කියපි ආපහු ආයම යන්ට පැට්‍රල් නෑය කියල. එකෙක් ගාවවත් අතේ සල්ලිත් නෑ.ඔය රෑ ගෙවල් වලට ගිහෑකිය කීයක්වත් ඉල්ල ගන්ට වත්. ඒ පාර ගිරිතලේ වැව් පිටියෙ ගහක් යට වීල් එක නතර කරල කට්ටියම පුලු පුලුවං විදිහට වීල් එකේම නිදාගත්ත. ඒ කරල උදේ දෙයියගෙ මස්සිනා ඉන්නව ගිරිතලේ ආයුර්වේදෙ ගාව . උගෙං සල්ලි ඉල්ලගෙන පෙට්‍රල් ගහගෙන ආපහු ආවෙ.."

"මදැයි වෙච්චි දෙයක් නැද්ද?"

තව සෝක් වල් අලි එලවන කතාවක් තියනව...ඔය තැපැල් මාර්ගික උපාධි පාඨමාලා තියෙන්නෙ. අන්න ඒ වගෙ. එහෙම කිව්වට තැපැල් මාර්ගයෙන් වල් අලි එළවනව එහෙම නෙවෙයි හොඳද? මෙතන වෙන්නෙ දුරකථන ආධාරයෙන් වල් අලි එළවීමක්..ඒ කතාවත් පස්සට හොඳද? 

ඒ කාලෙ නං මම ඔය පස්සෙ කියන්නං කියන කතා ගණං තියාගෙන ඉඳල මට මතක් කරන්ට Prompter කෙනෙක් මම පත් කරල හිටිය. ඒ තමයි අපේ ගරු කටයුතු රූ නෝනා මහත්මිය. රූ සිරිනි කියල වියුණුවක් එහෙමත් ලිව්වනෙ ඒ ඇත්ති. ඒත් ඕල් ඔෆ් සඩ්න් නෝ හෑන්ඩ් කම් ඕ ගෝ උනා එතුමිය. ඒ කිව්වෙ ආ ගිය අතක් නැති වුනා. වෙරි සෑඩ් නෝ?

හරි ආයම යමු රාළහාමිගෙ කතාවට.....

"ඉතිං ඔය මෑන් මහත්තය නොමිලේ බස් දුන්න එදා දිවුරුම් දීමේ උත්සවය බලන්ට කොළඹ යන අයට. අන්න ඒකක තමයි මමත් ගියේ. මේ ගමෙත් සෑහෙන දෙනෙක් ගියා."

"ඉතිං රාළහාමි අර සුවාරිස් ගැන මොකක්ද කතාවක් කියාගෙන ආව නේද?"

සෑහෙන්න කලුවරත් වැටිල හින්ද මට ඕන කලේ පුලුවං විජහට ගෙදර යන්ට. ඩී.එස්.මහත්තයගෙ විස්තර ඇහුව වගෙ නෙවෙයි මඟදි අල්ලිස් මහත්තයෙක් එහෙම මුලිච්චි උනොත්. "අනේ සොරි බොස් මේ ඩී.එස්.මහත්තය ගැන අර රාළහාමිහෙන් විස්තර අහන්ට ගිහිල්ල සුට්ටක් වගෙ රෑවුනා. අදට සමාවක් දෙන්ට හොඳයි" මොකෝ එහෙම කියන්ටය ආය? දෙයි හෝස් පයිප්පෙං කොන්ද හරහට දෙබේයි ගාල

"හරි හරි ඉතිං සුවාරිස් දිගටම වෙන්නප්පුවෙ හිටිය පොල් වත්ත බලාගෙන. මම හිතන්නෙ අගමැති උනාට පස්සෙනං ඩ්‍රයිවර් වැඩේ කරන්ට උනේ නැතුව ඇති. නමසිය පනස් එකේද කොහෙද අගමැතිතුමා මැරුනනෙ"

"පණස්දෙකේ ..අස්සය පිටිං වැටිලනෙ.."

"අන්න හරි..ඉතිං ඊට අවුරුද්දකට වගෙ පස්සෙ සුවාරිස් ආපහු ගමේ ආව...අවුරුදු දහයක විතර පොඩි එකෙකුත් එක්කගෙන."

"එතකොට පවුල? "

"පවුල ආවෙ නෑ මහත්තය..අහපු එවුංට සුවාරිස් කිව්වෙ ඒකි එහෙදි මලා කියල. ඇත්තද බොරුද නම් මන්ද. ඕක එක විදිහක මනුස්සය හින්ද කවුරුත් වැඩිපුර හාරාවුස්සන්ට ගියේ නෑ."

"ඉතිං?"

"ඉතිං ආය මොනවද? ඔච්චරයි කතාව" රාළහාමි මහ හඬින් සිනාසුණේය. "මහත්තයට පුලුවන් මම හිතන්නෙ ඒ පොඩි එකා කවුද කියල හිතාගන්ට."

ඒ වනවිට රාළහාමි පවසන කුඩා දරුවා කවුද යන්න මට රහසක් නොවීය. 

"හෙහ්..මම දන්නව...මම ඔය ගැන කීප දවසක් රාළහාමිගෙන් අහන්ටත් හදල ආය ඕන නෑ කියල හිතුන...හෙහ්,හෙහ්,"

කඩ මණ්ඩියේ එක් කෙළවරක කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ගුණදාසගේ ඝණව වැඩුනු විශාල උඩු රැවුළ සහ කාළවර්ණ දේහය මුල් වරට දකින්නෙකු තුල චකිතයක් ජනිත කලද තමන්ගේ පාඩුවේ දිවිපෙවෙත ගෙවූ හෙතෙම ඉතා යහපත් මිනිසකු විය.

විවාහවී අත්තනකඩවල නිලනිවසෙහි පදිංචියට ගිය ආසන්නයෙහි එක් සති අන්තයක මම බිරිඳද සමඟ හාල් සිල්ලර බඩු ස්වල්පයක් මිළදී ගැන්මට කඩ මණ්ඩියට ගියෙමි. සුපුරුදු පරිදි අප ගනුදෙනු කරනා සිල්ලර වෙළඳ සැල පසුකොට මම කඩමණ්ඩිය කෙළවර වූ ගුණදාසගේ වෙළඳ සැල වෙත ඇය කැඳවාගෙන ගියෙමි. 

"ඇයි අනේ මේ තව දුර යන්නෙ? අර කලින් බඩු ගත්තු කඩේටම යමුකො.." ඇය මදෙස හැරී පැවසුවාය.

"යංකො ඔයාට වැඩක් පෙන්නන්න. හැබැයි එතන අනම් මනං කියන්නෙ එහෙම නෑ ඔන්න" මම ඇයද සමඟ ගුණදාසගේ වෙළඳ සැලට ඇතුලු වූයෙමි. 

"ආ..මහත්තය දැක්ක කල්...අපිට ආරංචි වුනා කසාදයක් එහෙම බැන්දයි කියල.."

"මොන බොරුද මුදලාලි…කවුද ඔය බොරු කතා කියන්නෙ?"

" ඈ? එතකොට මේ? "

"මේ මගෙ නංගි...."

"හෙහ්..හෙහ්..මහත්තයත් කියන කතා..ඉන්ටකො හොඳ බඩ ඉරිඟු වගයක් හම්බ වුනා. පිටිපස්සෙ ඇති මම අරගෙන එන්නං" ගුණදාස ඝණ අඳුරින් පිරුණු වෙළඳ සැල අභ්‍යන්තරයට ඇතුලු විය. 

"ඒයි..මේ...ඒ මුදලාලි කවුරු වගේද හරියටම? මට හොඳට දැකල පුරුදු මූණක්….." බිරිඳ හිස හරවා විමසූයේ නළලද රැළි ගන්වා ගනිමිනි.

"ඕකනෙ මම කිව්වෙ කෑ ගහන්ට එපා කියල. දැං බඩ ඉරිඟු අරං ආවම ආයම මූණ දිහා බලල මතක් කරන්ටකො බලන්ට. හැබැයි කන්ට වගෙ බලා ඉන්ට එහෙම එපා ඔන්න.."

"අපූරු බඩ ඉරිඟු මහත්තය. මේ උදේ කඩපුව…." ගුණදාස යලි පැමිණියේ දෝත පුරා බඩ ඉරිඟු කරල් හත අටක්ද රැගෙන රැගෙනය. 

ගුණදාසට නොහැඟෙන පරිදි ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ මොහොතක් බලාසිටි බිරිඳගේ දෑස විශ්මයෙන් විශාල විය. "ඒයි මේ මට මතක් වුනා."

"හරි හරි දැං මෙතන කෑගහන්ට  එපා. අපි ඔය ගැන පස්සෙ කතා කරමු." මම ඇගේ අත මිරිකමින් පැවසුවෙමි.

112 comments:

  1. කියවල ආපහු කොමෙන්ට් එකක් දාන්නම් :)

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      ඕකේ මැඩම්...:)

      Delete
    2. කොමෙන්ට් එකක් දාන්න පොරොන්දු වෙච්ච නිසා, කීප පාරක් ම ආයේ ආයෙම කියෙව්ව. ම්හු. හැම වෙලාවේම උතුර දකුණ මාරු වෙනව. ඒ පාර මැද වරහන් අත ඇරල සුවාරිස් ගේ කතාව සම්පූර්ණයෙන් ම කියවල ඉවර කරල, අන්තිමට වරහන් ටික වෙනම කියෙව්ව. එතකොට හරි. හැබැයි, ඒක මේ ලිවීමේ ප්‍රශ්නයක් හෝ අඩු පාඩුවක් නෙවෙයි කියල පැහැදිලිවම කියන්න ඕන. ඒක මේ මගේ පුද්ගලික දුර්වලතාවයක්. මට ගොඩක් විස්තර එක ගොඩක් එක දිගට මතක තියාගන්න අමාරුයි. එතකොට ටිකක් confuse වෙනව. මේ ලියවිලි බොහොම රසවත්, වෙනද වගේම.

      මම රවී තුමාට කලින් කිවුවද මන්ද, එක පාරක් අපි ෆීල්ඩ් විසිට් එකක් ගියා, රාජාංගනය හා නාච්චදූව ස්කීම් බලන්න. ඒ වියලි ගැමි පරිසරයට මම හරිම ආස කරනවා හැමදාම. ඒ නිසා මේ කතා කියවද්දී හිතින් ඒ සුන්දරත්වය විඳිනවා නොඅඩුවම.

      තව සැරයක් අපි කෙල්ලෝ පස් දෙනෙක් නුවර රස්තියාදු ගැහුව. අන්න එතකොට අපි බලන්න ගියා කොත්මලේ ඩෑම් එක. අපි භූගත උමගත් දැක බලාගත්ත. උමග ඇතුලටත් යන්න ලැබුණ. :)අපි ගිය අවුරුද්දේ තමයි ගියේ, මගේ ළඟ පින්තූරත් ඇති. පොස්ට් එකක් ලියන්න හිටියට, බැරි උනා. දැන් ලියන්න අමාරුයි, විස්තර හරියටම මතක නැහැ.

      ම්ම්ම්... ඔක්කොමත් හරි. දැන් කෝ මේකේ ගුරුවරී? :)

      Delete
    3. මේක මේ මට නිකම් හිතුනු දෙයක් අහන්නේ රවී තුමා..

      වාරිමාර්ග නිලධාරීන් ට, වතුර බෙදාදුන්නාට පස්සේ ගමේ ඇති වෙන ගැටළු තනියම සමතයකට පත් කරලා ඉවර කරන්න පුලුවන්ද? මම අදහස් කලේ, ගොවි සංවිධානය හෝ ග්‍රාම සේවක මහතා ට තරම්, ගැටළු කළමනාකරණ හැකියාවක් සහ ඒ සඳහා පහසුකම්, වාරිමාර්ග නිලධාරීන්ට නැහැ නේද? ඉතින් තාක්ෂණික අංශයෙන් වගකීම් දැරූ පමණින්, ජලය බෙදා ගැනීමේදී ගොවීන් අතර ඇති වන සංවේදී ගැටළු නිරාකරණය කරන එක, ඔවුන් ට තනිව ඉටු කරන එක අපහසුයි වගේ නේද? එහෙම දෙයක් නිලධාරීන් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි?

      Delete
    4. මානවිකා,

      / ඒ වියලි ගැමි පරිසරයට මම හරිම ආස කරනවා  /

      අන්න හරි සේම් හියර්..මමත් බොහොම ආසයි ඔය වියලි ගොවිතැන් බතින් යැපෙන ගැමි පරිසරයට, රජයේ සේවයෙන් ඉවත්නොවී විශ්‍රාම යනතුරු හිටියනම් මෝස්ට් ප්‍රොබබ්ලි අපි දෙන්න ඒ පැත්තෙම ගෙයක් දොරක් හදාගෙන පදිංචි වෙන්නත් ඉඩකඩ තිබ්බ.

      / ම්ම්ම්... ඔක්කොමත් හරි. දැන් කෝ මේකේ ගුරුවරී? :) /

      අන්න අන්න තහනම් ප්‍රශ්නය ඇහුව..අනික මේ..බතල ගන්න ආවනං බතල අරං යන්නෙ නැතුව ආය අහවල් දේකටද ඉඩමෙ මායිං හොයන්නෙ?...:)

      Delete
    5. / වාරිමාර්ග නිලධාරීන් ට, වතුර බෙදාදුන්නාට පස්සේ ගමේ ඇති වෙන ගැටළු තනියම සමතයකට පත් කරලා ඉවර කරන්න පුලුවන්ද? /

      මානවිකා, හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. ඔව්..ඔබ හරියටම හරි...ඒ වැඩේ කරන්න අමාරුයි තමයි. අමාරුයි නෙවෙයි ඇත්තටම බෑ.

      ඔය අපහසුතාවය හින්දම විශේෂයෙන්ම ජලය බෙදාගැනීමේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට 1997 වගෙ යුරෝපා ආර්ථික හවුලේ මූල්‍ය ආධාර ඇතුව ව්‍යාපෘතියක් පටන් ගත්තා ඇල පද්ධතිය ප්‍රතිසංස්කරණය කරල ඊට පස්සෙ ජල කළමණාකරනය ගොවි මහත්වරුන්ටම භාර දෙන්ට. Participatory Rural Appraisal කියල තියනව ගැමිජනතාවට බලපාන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්ට ඉස්සෙල්ල එයාලගෙ අදහස් උදහස් යෝජනා එහෙම විමසල ඒවත් සංවර්ධන ක්‍රියාදාමයට ඇතුල් කරගන්න ක්‍රමයක්. ඕකට සිංහලෙන් නම දාල තිබ්බෙ " සහභාගිත්ව ගැමි කළමණාකරනය " කියල.මමත් ඔය කටයුතු වලට පූර්ණ කාලීනව සහභාගි වුනා.

      ආයතන සංවර්ධනය කිරීම කියල ඒ ව්‍යාපෘතියෙ වෙනම අංශයක් තිබ්බ. ඒකෙ අවසාන පරමාර්ථය නැත්නම් ඉලක්කය වුනේ ජල කලමණාකරනය ඇතුලු වගාවට අදාල සියලු කටයුතු කළමණාකරනය ගොවි සංවිධාන වලට භාරදීම. මම 1999 අවුරුද්දෙ රජයේ සේවයෙන් ඉවත්වුන නිසා ඒ ව්‍යාපෘතිය සාර්ථකද කියල හරියට කියන්න නම් බෑ. යුරෝපා ආර්ථික හවුලෙන් ඒ ව්‍යාපෘතිය මෙහෙයවන්ට එවල හිටිය සුද්දො සහ ගොවි මහත්වරුන්ගෙ රැස්වීම්වල පරිවර්තක හැටියට වැඩ කලේ මම. හෙහ්..හෙහ්.. ඔය රැස්වීම්වල වෙච්චි අමතක නොවන සිද්ධීන් ගැන ආයෙම දවසක ලියන්නංකො... " සුද්දන් සහ ගොවියන් සමඟ " කියල..හෙහ්...

      Delete
  2. //මගේ මේ නුහුගුණාත්මක භාවය//

    thamunta nuhugune kiyala piliganna eka hadawathinma agaya karanawa..

    //දරුණු වර්ෂා කාලෙක//

    kauda kiyanne warsha darunuya kiyala..???

    //බීපු මරගාතෙ උඹල පෙරලිච්ච වීල් එක ආපහු පාරට තල්ලු කරල තියෙන්නෙ ආපහු ආපු පැත්තටම හරවල.//

    dahajarawal beeme aadeenawa oya pala deela thiyenne.. ane saadu..))

    waari maarga sambanda rassawal hari maru neda.. thawa athi nowa rasa katha?? api kiyawanta balan innawa..))

    ReplyDelete
    Replies
    1. වර්ෂා,

      / thamunta nuhugune kiyala piliganna eka hadawathinma agaya karanawa.. /

      ඒක මෙහෙමනෙ දරුවො, නුහුගුණ කාරයො දන්නව ඒ වගේම පිළිගන්නව තමන්ට නුහුගුණේ කියල. පූර්ණ පිස්සො නොහොත් ටෝටල් ලුනටික්ස්ල තමයි මේ සම්ම ජාතියෙ පිළිගන්නෙ නැත්තෙ තමංට පිස්සුය කියල.

      / kauda kiyanne warsha darunuya kiyala..???  /

      හරි, හරි..සමාවෙන්න..සමාවෙන්න...:)

      / ane saadu..)) /

      සුවපත් වේවා! ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!

      / waari maarga sambanda rassawal hari maru neda.. thawa athi nowa rasa katha?? api kiyawanta balan innawa..)) /

      වාරිමාර්ග සම්බන්ධ කතා මහ ගොඩක් මම කලින් ලිව්වනෙ..තව තියනව...තව තියනව...:)

      Delete
  3. D.S. wage neda? mudalali.

    ReplyDelete
  4. අම්මප රවී අයියෙ ඔය නුහුගුණේ මටත් ටිකක් තියෙනව වගේ. මං හිතන්නෙ හැම එකාටම වගෙ සුලුවෙන් හරි ඕක තියෙනව.

    ‍බොල් මල් ගහල ගිහිල්ල අර ගොයියො කියන හැම එකටම හිනා වෙවී ඉඳල උදලු පාරක් නොකාපු එක මදැයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / අම්මප රවී අයියෙ ඔය නුහුගුණේ මටත් ටිකක් තියෙනව වගේ. මං හිතන්නෙ හැම එකාටම වගෙ සුලුවෙන් හරි ඕක තියෙනව. /

      තියනව තියනව මිනිස්සුන්ට විතරක් නෙවෙයි. සත්තුන්ටත් තියනව. වතුරෙ ඉන්න සත්තුංගෙං බුහුබාවාටයි ගොඩ ඉන්න සත්තුංගෙං හැඳි අලවාටයි විතරලු නුහුගුණේ නැතෙයි කියන්නෙ...

      / බොල් මල් ගහල ගිහිල්ල අර ගොයියො කියන හැම එකටම හිනා වෙවී ඉඳල උදලු පාරක් නොකාපු එක මදැයි. /

      හැම වෙලේම හිනාවුනෙත් නෑ බං..ඉඳ හිටල රාජකාරියත් ටිකක් විතර කලා. එව්ව ඉතිං මම මෙතන ලිව්වෙ නෑ.

      Delete

  5. "ආව ..ආව..මොකද ආවෙ නැත්තෙ? ඔය ආවෙ.."

    "එතකොට?"

    "ඒ දෙන්න ඇවිල්ල හිනාවෙවී ඉඳල ඔය ආපහු ගියේ.."

    "ඈ..ඒකත් එහෙමද?"

    "අම්මප ඉංජිනේරු මහත්තයො අංගොඩ ඉන්න ඕන උං දෙන්නෙක් මේ රස්සාවට ගත්තෙ මොන පරීක්ෂනේ තියලද"

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අඩේ.

      Delete
    2. ප්‍රසන්න,

      ඒකත් හරි තමයි බලාගෙන යනකොට...:)

      Delete
    3. මට මතකයි දැන් දශකයකට විතර කලින් තිබ්බ වාහනවල ඉස්සරහ හයි කරන ( ඩෑෂ් බෝඩ් එකේ) බල්ලෝ වගයක්. උනුත් මොකක් උනත් ඔලුව දෙපැත්තට වනනවා. වාහනේ වලක වැටුනත්, වේගෙන් ගියත් මෙලෝ ගානක් නැතුව එහෙම ඔලුව වන වන ඉන්නවා. මට ඒ කොටස කියවද්දී මතක් උනේ ඒ බල්ලෝ... ඇයිද මන්ද..... ඇයි අර ලක්සලේ ඉන්නේ නියම ගමයයි , ගම හාමිනේ කෙනෙකුයි ඒ වගේම ඔලු වනන.... හික් හික්... ඒ ජාතියෙන් දෙන්නෙක් උන්නා නම් මුන් දෙන්නට වඩා සේවයක් කරගන්න තිබ්බ!

      Delete
    4. උපේක්ෂා,

      අර ඔලු වනන ගමරාලයි ගමහාමිනේයි නං මරුතමයි. තව තිබ්බ මතකද ඔලුව පාත්කරල වතුර බීල ආයම ඔලුව උස්සන වීදුරු කුරුල්ලො?

      Delete
  6. අර වීල් එකේ ගිය උං නං නියම ආතල් එකක් අරන් තියෙන්නෙ. උංට ආපහු හරෝගෙන යන්න තෙල් තිබ්බනං ඔය ෆන් එන ගන්න හම්බවෙන්නෙ නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මොන ආතල්ද බං වැව් පිටියෙ රෑට හීතල හුළං හමනකොට...:(

      Delete
    2. ඇයි බොල තව බෝතලයක් ඉතුරුයි නේද? ඒකත් ගැහුවන් එහෙමම වැටිල ඉන්න එකනෙ ඇත්තෙ.

      Delete
    3. ප්‍රසන්න,

      / ඇයි බොල තව බෝතලයක් ඉතුරුයි නේද? ඒකත් ගැහුවන් එහෙමම වැටිල ඉන්න එකනෙ ඇත්තෙ. /

      මමත් එගෙම ඇහුව ඕකගෙං,

      " මොන පිස්සුද මහත්තය? රෑට කන්ටත් නැතුව ඒ බෝතලෙත් ගැහුවනං එහෙම එදා රෑ අලි ඇවිල්ල ගිරිතලේ වැව් පිටියෙ පුට් බෝල් ගහන්නෙ අපි කට්ටිය පුට් බෝල් වලට අරගෙන." ඔගස්ටිය ඔන්න ඔහොමයි කිව්වෙ...:)

      Delete
  7. 'ඒ මුදලාලි කවුරු වගේද හරියටම? මට හොඳට දැකල පුරුදු මූණක්'
    Does the guy resemble the father of the nation??? (obviously).

    ReplyDelete
  8. රවි
    මේක සැටිපිකට් ඇත්ත කතාවක්ද නැතිනම් අතේ රෝලක්ද?

    ReplyDelete
    Replies
    1. කුමාර,

      බොරුවක් වෙන්න බෑ..ඔගස්ටියට ඔහොම බොරුවක් හදල කියන්න හේතුවක් නෑ...:)

      Delete
    2. මම අහන්නේ බම්බු ඔගස්ටියෙක් ගැන නෙමෙයි.අර මුදලාලි ගැන.

      Delete
    3. බොරුවක් වෙන්න බෑ . රවී අයිය බොරු කියන්නෙ නෑ.

      Delete
    4. කුමාර,

      / මම අහන්නේ බම්බු ඔගස්ටියෙක් ගැන නෙමෙයි.අර මුදලාලි ගැන. /

      හෙහ්, අන්න එහෙම පැහැදිලිව අහන්න එපාය.....:)

      කතාව සම්පූර්ණ ඇත්ත. මුදලාලි එක්ක අපි ගත්තු පෝටොස් එකක් මගෙ ගාව තියනව. ඒක දාන එක හරි නැති හින්ද නිකා ඉන්නව.

      Delete
    5. කම්මල,

      / බොරුවක් වෙන්න බෑ . රවී අයිය බොරු කියන්නෙ නෑ. /

      අන්න මල්ලි උඹට තියෙනව මදි නොකියන්ට උත්තමාධ්යාය ගුණය. ඒ කිව්වෙ උතුමන් සහ සත්පුරුෂයින් වහා හඳුනාගැනීමේ හැකියාව.

      Delete
  9. බම්බාව ; අදමයි එහෙම පලාතක් ගැන ඇහුවේ

    ReplyDelete
  10. SWRD බණ්ඩාරණායක මහත්තය අගමැති වුණාම රියැදුරෙක් ගන්න කරපු ඉන්ටවිව් එකේ කතාව අහල ඇති. එක අපේක්ෂකයෙක් හැම අතින්ම තමාගේම හැඩ රුවට සමාන බව තේරුම් ගත් බණ්ඩාරණායක මහතා "තමුසෙගේ අම්මා එහෙම හොරගොල්ලො වලව්වෙ වැඩ කරල තියෙනවාද"? කියලා අහැව්වාලු. "අනේ සර් මගේ අම්මා නම් මම පොඩි කාළෙම අන්තරා වුණා, ඒ වුණාට මගේ තාත්තා තමයි මහ මුදලි තුමා ඉන්න කාලේ එතුමගේ අස්ස කරත්තේ දැක්කුවේ" කියල කිව්වලු. මහ මුදලි තුමා යනු SWRD බණ්ඩාරණායක මහතාගේ පියා ලෙස උප්පැන්නයේ සඳහන් පුද්ගලයාය. ඔහුගේ සහ කෙසඟ සිරුරක් තිබූ බණ්ඩාරණායකගේ හැඩරුව බොහෝ වෙනස්ය.

    ReplyDelete
    Replies
    1. අන්න හැදුවා කතාවක් ඉතින් ඒ අහිංසක මනුස්සයාටත්.....අර සමාධිය ඉස්සරහා වත්තේ කන්ද උඩ පාඩුවේ නිදාගන ඉන්නවත් දෙන්නේ නෑනේ නෑනේ ඉතින්...

      Delete
    2. ඉයන්,

      ඔය කතාව මම අහල තියනව 16 වන ලුවී රජතුමා සම්බන්ධව.

      Delete
    3. ඔය කතාවම මම අහල තියනව රනිල් වික්‍රමසිංහ සම්බන්දව .....

      Delete
  11. අදනම් කතා සරිත් සාගරේ වගේ. මරු...

    ඔය ත්‍රිවිල් එකේ උන්ට උනා වගේම නොවුනත් ගමේ ගිහින් පොඩ්ඩක් අනුමත වෙලා ආපු දවස් කීපයකම මම හයිවේ එකේ වැරදි තැන් වලින් එළියට බැහැල කටු අනුභව කරන්න සිද්ධ උනා...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      මා ගාව පොඩි කාලෙ තිබ්බ කථා සරිත් සාගරය. ඒකට වෙච්ච දෙයක් නෑ. ආයම හොයාගන්ට ඕන.මරු කතා ඒකෙ තිබ්බෙ. දේවස්මිතාගේ කථාව, නල - දමයන්ති, විදූෂක විත්තිය...

      Delete
    2. කතා සරිත් සාගරේ මම බලල තියෙනවද කියල මතක නැහැ...
      මටත් ලඟදි ඉඳල "මට මතක නැහැ" කියන රෝගය වැළඳිලා වගේ, වයසට යන්න කලින්ම අල්සයිමර් හැදිලද කොහෙද...
      මෙහේ තියෙන බඩු වල කොලිටි එකේ අවුලක්ද කොහෙද...

      Delete
  12. මේක හරියට කියවන ක්‍රමේ අහුවුනා. ඉස්සර වෙලාම අතුරු කතාටික වෙන් කරගන්න ඕනේ. ඒ ටික තියලා ප්‍රධාන කතාව කියවලා අනුපාන වශයෙන් අතුරු කතා ටික කියවන්න ඕනේ. නැත්නම් අතරමං වෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      How to understand " Nidahas Sithuvili " for dummies…..eh?

      Delete
    2. විචා අංකල් හරියටම හරි. හිහ්

      Delete
  13. Heh heh heh..
    :)
    Heh..Heh..Heh..:)
    (malak gahala ehema neweyi onna)

    ReplyDelete
    Replies
    1. බොගෙ හිංගල කෝ?

      Delete
    2. උගේ හිංගල මැකිලා ගොඩක් කල් දැන්....

      Delete
    3. Helapa,

      ඕකා මේ දවස්වල මහ බරපතල විබාගයක් ලියනව තනිකර කඩ්ඩෙං..ඒකට පේවෙලා ඉන්නෙ. සිංහල අකුරක්වත් ලියන්ට තහනං මාස තුනක් යනකල්.

      Delete
    4. මෙයා මේ දවස්වල සිංහ ලේ විරෝදී සංවිධානයක ලොකු පුටුවක් දරණවලු. හැක්..

      Delete
  14. ඉස්සෙල්ලම ලියන්න තියෙන්නේ අර කන් කඩා හැලිලා පැත්තකට වෙලා හිනාවෙවී ඉන්න හිතෙන මහඟු ඖෂදේ ගැන දැන් බ්ලොග් වල ලියවෙනවා එන්න එන්නම වැඩියි කියන එකයි. එව්වා කියවන්න කියවන්න පිටරටවල ඉන්න මම වගේ අහිංසක අසරණ එවුන්ට කරන කියන රස්සාවල් දමල ගහල ලංකාවට එන්න හිතෙනවා කියන එකයි.

    උඹ මේ ලියන තියන කෙලින් නොකියා වටෙන් ගොඩින් ලියන ප්‍රස්තුතය නිසා උඹටත් කල්‍යාන මිත්‍රයට වගේම බිහයින්ඩ් ද බාර්ස් ටුවර් එකක් ඇරේන්ජ් වෙයිද මන්ද.

    ඊට හපන් කතාවක් ලියලනේ අපේ ඉයන් කමෙන්ට් එකේ.

    ඉස්සර හිටපු අපේ රදල පරපුරට තිබ්බේ ඔය ප්‍රශ්නේ විතරයි බං. අනික් සියලුම සැප සම්පත් උපතින්ම උරුම කරගෙන ආපු හින්ද ඉතින් මදි පාඩුවට කරපුව වෙන්ටෑ..

    ReplyDelete
    Replies
    1. අම්බල,

      ඔය ඉන්න දිහාත් ඇති ඒ වගෙ එව්ව. සොයන්නාට සම්බවේ...:)

      Delete
  15. අද නං සුපිරිම පඳුරු තැලිල්ලක්.කොහොම වර්ණනා කරන්නද කියලයි කම්පොනා කොළේ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඔයිට වඩා මොන වර්ණනාද ආය? උසේන් බෝල්ට් " අම්මට වූඩු යකෝ මරු දිවිල්ල" කියල කිව්වම ආය වෙන වර්ණනා අහවල් දේකටද?

      Delete
    2. හැලපෙ උසේන් බෝල්ට්ට සමාන කරල කියන්නෙ, එයා රවීට වඩා හොඳම පඳුරු තලන්නා බව කීම බව පොඩ්ඩක් පරක්කුවෙලා තේරුණා.

      Delete
    3. Ian,

      / පොඩ්ඩක් පරක්කුවෙලා../

      කොච්චර පරක්කු වෙලාද? Like 9.58 seconds, the world record for 100m set by Usain Bolt?.....:)

      Delete
  16. ගොඩ කාලෙකින් සුපිරියටම පඳුරු තලලා....

    ReplyDelete
  17. ඔහොම කපාපු පළු එමට අර කඳවළ වත්තෙත් උන්න. එකෙක් අපෙ මල්ලිගෙ පන්තියෙ එකෙක්ගෙ අය්ය කෙනෙක්, අපි ඒ ගෙදරත් ගිහින් තියේ. මම මේ ඇහුවමයි ඩී එස් ට හම්බර් එකක් තිබ්බ වග. උන්දැට රොල්ස් රොයිස් එකාක් තිබ්බ වග දැනන් උන්නට ඉන්ග්ලිෂ් කාර් තිබ්බ බවක් කලින් අහල තිබ්බෙ නෑනෙ.

    හම්බර් කාර් ගැන මගෙත් කතාවක් තීනව, පස්සෙ ඉයන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      උඹ මේ කියන්නෙ ජේ.ආර්. ලොක්ක ගැන නෙවෙයිද? උන්නැහැටනම් තිබ්බෙ රෝල්ස් රොයිස් එකක්. ජනාධිපති උනහම නිල වාහනය මෙරූන් පාට ඩේම්ලර් එකක්.

      Delete
    2. https://bo.wordpress.com/tag/canon-ivan-corea-and-ouida-corea/

      Delete
  18. අලින්ගෙන් පටන් අරන් අලි පැටවුන්ගෙන් ඉවර කරල තියෙන්නේ! සෝමදේව කැලේ.

    ReplyDelete
  19. Roo migrating to ottalia. Will remind her that she's neglecting her duties.

    ReplyDelete
    Replies
    1. Ano,

      Thanks for the information..give her my best wishes...:)

      Delete
  20. මේකෙ මාතෘකාව නැතිනම් මේක වාංපතුල් වෙන්නත් පුලුවන්, වෙන ඕනෙම සීරීස් එකක් වෙන්නත් පුලුවන්. උඹ කතාව ලියලා වෙන්නැති සීරීස් එක තීරණය කරන්නේ. මේක ගුරුවරියක සමඟ මගේ ජීවිතය වෙන්න ගුරුවරී ගැන සඳහනක් හැටියට, කසාද බැඳපු කිට්ටුවම වගෙ දෙන්නත් එක්ක උන්දලගෙ ගෙදර යද්දි වෙච්ච දෙබසයි, විවාහවී අත්තන කඩවල නිලනිවසෙහි පදිංචියට ගිය ආසන්නයෙහි එක් සති අන්තයක බිරිඳද සමඟ හාල් සිල්ලර බඩු ස්වල්පයක් මිළදී ගැන්මට කඩ මණ්ඩියට යද්දි වෙච්ච දබසයි තිබුනාම මදෑ නේද බං?

    ReplyDelete
    Replies
    1. අංක 02

      රවිගේ නිදහස් සිතුවිලි

      අනිත් එක තමා රවියයි රන්දිලයි ලියන නිදහස් සිතුවිලි. ඒකත් කිසිම හේතුවක් නෑ අර රවි කියන මොටාගෙදර අයියා ලියන “ගුරුවරියක සමග මගේ ජීවිතය“ කියන ශිර්ෂ පාඨය දැක්ක ගමන් මං හැරෙනවා. ශිර්ෂපාඨ අසාත්මිකතාවය උපරිමේටම එනවා ඒක දැක්කම. මිනිහ නං කියන්නේ කරන්න දෙයක් නෑ ගුරුවරියකට අහු උනයි කියන්නේ අපායට ගියාට අන්තයි කියල තමා. ඔන්න ඔය කාරණය හින්දා ඒක බලන්නත් වෙන්නෑ.

      http://deshakaya.blogspot.com/2014/02/tittle-mania.html

      Delete
    2. Prasanna,

      ඒ පෝස්ට් එකට මගේ ප්‍රතිචාරය මෙහෙමයි...:)

      Ravi March 1, 2014 at 2:09 PM

      ඔන්න බලාපං ඒකෙත් හැටි..මට දේශකයා කියන නම දැක්කම ගිය මාසෙ කාපුවත් වමනෙට එනව. අම්මාපල්ල...දේසකයො කියන ජාතියම මට අරහං..දේසකය කියපු ගමං මගෙ හිතට එන්නෙ සටහන් කොල ගොඩක් අරගෙන ඇවිල්ල ඒ දිහා බලාගෙන ඒ ටික කියවල බැහැල යන පොරක්. මිනිහ කියන එක ප්‍රශ්ණ කිරීමකින් තොරව පිළිගන්න ඕනය කියල අදහස් කරන අධිපතිවාදී මතවාදයක ගැලිල ඉන්න මනුස්සයෙක්. එහෙම එවුං මට පෙනෙන්ට බෑ...හෙහ්, හෙහ්,මම මේ කිව්වෙ ඔහේ එහමයි කියල එහෙම නෙවෙයි..හොඳද?

      arugeadaviya March 1, 2014 at 5:45 PM

      @රවී...දේශකයා අප්සට් හින්දාද උඹ මූට ලැක්චරයා කියලා කතාකරන්නේ. ඇත්තටම ලැක්චරයා ටොප්.


      Ravi March 1, 2014 at 6:25 PM

      අරූ,

      ඒකනෙ බං මට දේශකයා කිව්වම අල්ලන්නෙම නෑ...:) :)

      දේශක යා March 3, 2014 at 11:24 AM

      @ රවියා. 

      ආයි දෙකක් නෑ ඔහේ ඒක කිව්වේ මටම තමා. .හැක්.. ලැච්චරයා කිව්වම මට නිකං ලැජ්ජයි වගේ. ඒක්කෝ කනේ කුයිලයක් වගේ.. හැක්.. තැන්කුයි ඈ..

      @ අරූ.

      අවුලක් නෑ එහේනං බොලා ඒම වත් කියාපල්ලා. මං බැලුවේ හැබෑ ලැච්චරයොන්ට ඒක අවනම්බුවක් වෙයි වගේ කියලා..

      @ රවියා

      බොට ඒනං තියෙන්නේ දේශකෝන්මාදය වෙන්ටැති.. හැක්

      Delete
    3. අරූ උන්දැ දැං නැති එක විතරයි
      ඒක නං හෙනම අවුලක්

      Delete
    4. හෙන්රි,

      මාතෘකා ගැන එච්චර සීරියස් ගන්න එපා බං....හෙහ්,හෙහ්,

      Nehru & Saraneru.....Remember?...:)

      Delete
    5. Mahesh,

      / අරූ උන්දැ දැං නැති එක විතරයි...ඒක නං හෙනම අවුලක් /

      මට ඉතා විස්වාස කටයුතු ආරංචියක් ආව ඒකා අයි. එස්. අයි.එස්. එකට බැඳිල කියල...

      Delete
    6. කිසිසේත්ම නෑ මචං. සීරියස් ගන්නවනම් උඹේ කතා කියවනවද?

      Delete
    7. මේ කතා වල පොදු මාතෘකාව ...... The Story Of ගුරුවරියක සමඟ අලුතින් සුසුමක් ගෙන කුකුළේගඟ අබයාරාමයේ අභයගිරි මතක සටහන් සමඟ වාංපතුල් කතා

      Delete
    8. @ Mahesh Rathnayaka
      අරූ ආපහු වාර්තා කරන බවට පොඩි මෙව්වා එකක් ලැබුනා...
      උගේ නෙමෙයි අරූගේ මෙව්වා එකේ මුර පදය නැතිවෙලා තිබිලා අපේ බ්ලොග් මිතුරන් දෙන්නෙක් විසින් තේම්ස් නදී ඉවුරේ සිට ඌ සමග නෙමෙයි අරූ සමග බඹර පදමට ආසන්න වෙච්ච අවස්තාවක මොකදෝ මන්දා අහවල් එකක් කොට අරූ ට නැවත බ්ලොග් ලිවීමට හැකි පරිදි මොකක්දෝ මන්දා එකක් කර දීපු බවට විස්වාස කටයුතු ආරංචි මාර්ග අනුව ආරංචි විය...
      හැබැයි ඌ නෙමෙයි අරූ නැවතත් ලියයිදෝ යන්න දන්නේ ඌ නෙමෙයි අරූ පමණක්මය...

      Delete
  21. වෙලාවට ත්‍රිවිල් එක පෙරලිලා ඉවර වෙලා වත් ගෙදර උන්දා එක්ක කඩේට ආව... නැත්තම් කැටගරිය වෙනස් වෙනවනේ!

    ඔන්නොහෙ...

    ReplyDelete
    Replies
    1. Upeksha,

      අන්න ඒකයි කියන්නෙ...අන්තිමට අවම සුදුසුකම්වත් සපුරනව කොහොමහරි....:)

      Delete
  22. ගුරුවරියගෙන් පටන්ගෙන වාන් පතුලට ඈවිත්.... කතව ලියනකොට මල් වට්ටියක්වත් සුවද වෑදුනද?

    ReplyDelete
    Replies
    1. Latta,

      මොන? මල් දැක්ක කාලයක් මතක නෑ...:)

      Delete
  23. මේක ඇත්තටම ගුරුවරියක සමඟ මගේ ජීවිතය එපිසෝඩ් එකකට වඩා වාංපතුල් කතාවක් කියලයි මටනම් හිතුනේ. මොනවා උනත් කතා ටික නියමයි. සැබෑ ජීවිත අත්දැකීම් ප්‍රබන්ධ වලට වඩා රසයි.

    මම දකින දෙයක් තමයි අලුතින් සෙට් වෙන කෙනෙක්ට නිදහස් සිතුවිලි ෆොලෝ කරන්න ටිකක් අමාරුයි කියන එක. මම හිතන්නේ මේ සීරීස් ස්ටයිල් එක නිසා වෙන්ට ඕනෑ. මටත් ඔය වැඩේ උනා. එත් කුඩු ගැහුවා වගේ මේක රස වැටිච්ච නිසා මම නම් නිදි මරාගෙන, බැනුම් අහගෙන පරණ කතා ඔක්කොම වගේ කියෙව්වා :) ඒ නිසා මේ ගැන මොකක් හරි කොරන්ඩ පුලුවන්නම් වටිනවා හිටං.

    "ඒ මුදලාලි කවුරු වගේද හරියටම? මට හොඳට දැකල පුරුදු මූණක්" මොනවා! මේක ඇත්ත කතාවක්ද නැත්නම් නිර්මාණයක්ද?

    ReplyDelete
    Replies
    1. උදය,

      / ඒ නිසා මේ ගැන මොකක් හරි කොරන්ඩ පුලුවන්නම් වටිනවා හිටං. /

      දකුණු පැත්තෙ ප්‍රවර්ග යටතෙ කතා වර්ගීකරණය කරල තියනව. ඒ ඇර වෙන කරන්න දෙයක් නං මගෙ හිතට එන්නෙ නෑ...මොකද පහුගිය කතා ඔක්කොගෙම ලින්ක් දාන්නත් බෑනෙ....:)

      / "ඒ මුදලාලි කවුරු වගේද හරියටම? මට හොඳට දැකල පුරුදු මූණක්" මොනවා! මේක ඇත්ත කතාවක්ද නැත්නම් නිර්මාණයක්ද? /

      ඇත්ත...ඔන්න නෙලුං යායෙං චාරිකාවක් සංවිධානය කරනව නම් මම කියන්නං මුදලාලි හම්බවෙන විදිහ..( පොර තාම ඉන්නවනං )

      Delete
  24. //. ඒ තමයි අපේ ගරු කටයුතු රූ නෝනා මහත්මිය. රූ සිරිනි කියල වියුණුවක් එහෙමත් ලිව්වනෙ ඒ ඇත්ති. ඒත් ඕල් ඔෆ් සඩ්න් නෝ හෑන්ඩ් කම් ඕ ගෝ උනා එතුමිය. ඒ කිව්වෙ ආ ගිය අතක් නැති වුනා. වෙරි සෑඩ් නෝ?//

    වෙරි සෑඩ් කියන්නේ අතිශය කණගාටුදායකයි...!!

    රවී තුමාටත් මාව මතක් වෙලා තියෙන්නෙ.. :D
    ඇත්තටම කියනවා නම් මේ බ්ලොගේ තියන “වෙන්ට කතා“ ලැයිස්තුව හදන්නට පටන් ගත්තයින් පස්සේ මට මගේ බ්ලොග් මාල්ල දිහා බලන්ටවත් අහවරක් නෑ..ඒ ලැයිස්තුව කොච්චර දිගද කියනවා නම් රවී තුමාගේ පරම්පරා ගානකට ලියන්න දැන් නම් වෙන්ට කතා තියනවා..
    ඒ කතා පස්සට තියලා මේ පොස්ටුව දිහා බලමු..කුළල කියන වචනේ අදමයි ඉගෙන ගත්තේ... ඔය දියබෙදුම ගිරිතලේ පාරේ මමත් දෙසරයක් විතර ගිහිල්ලා තියනවා.. වැව අයිනේ පාරෙන් ඔහොම වැටුනොත් නම් සොරි ඩොට් කොම් තමයි....ගල් තඩි ගොඩක් දාලා නෙව තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයන්ව දකින්න රවි තුමාම මතක් කොරන්න ඕන
      හිහි
      ඇයියප්පා කුළල් කනවා කියලවත් අහල නැතෙයි

      Delete
    2. Ruu,

      / රවී තුමාටත් මාව මතක් වෙලා තියෙන්නෙ.. :D /

      පිස්සුද අනේ..එහෙමත් අමතක වෙනවද ඔය ගොල්ල?...:)

      / ඔය දියබෙදුම ගිරිතලේ පාරේ මමත් දෙසරයක් විතර ගිහිල්ලා තියනවා.. වැව අයිනේ පාරෙන් ඔහොම වැටුනොත් නම් සොරි ඩොට් කොම් තමයි....ගල් තඩි ගොඩක් දාලා නෙව තියෙන්නේ… /

      නෑ..නෑ..ඒ හරිය ගැන නෙවෙයි මම කියන්නෙ..ගිරිතලේ-දියබෙදුම පාර මුල්හරිය කිලෝමීටරයක් විතර තියෙන්නෙ ගිරිතලේ වැව් බන්ඩ් එක උඩිං. ඔය ඔබ තුමිය ගල් දාල තියනව කියල කිව්වෙ ඒ හරියෙ වැවේ ඇතුල් පැත්තෙ තියන රළපනාවට ( අන්න තවත් අලුත් වචනයක්, කලිං අහල නෑ නේද? )

      රළපනාව කියන්නෙ විසාල වැව් වල හුලඟ හින්ද ඇතිවෙන රළ නිතරම වැදිල වැව් බැම්ම හෝදගෙන යන එක වලක්වන්ට වැව් බැම්මෙ බෑවුමේ අතුරන තරමක් විසාල ගල් කුට්ටි වලට ( සයිස් එක සාමාන්‍යයෙන් අඩි පහ හයේ ඉඳල පහලට වගෙ ) ඉංගිරිස් වලිං කිව්වොත් Rip-rap එක.

      Delete
  25. අදත් ආයේ නෑ එකෙන්ම එකෙන්ම. ඔහොම යං රවි අයියේ. ආයෙ මොකට ද එක එකා කියන විදිහට මේක නවත්තන්නෙ. එල එල. ඔහොම ම යං.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      අන්න ඒකනෙ බං...තෑන්ක්ස්....:)

      Delete
  26. අද තලපු පදුරු ටිකනම් සුපිරියි. අද කතාව කියවල මටත් ආයෙ වැව් බන්ට් එකකට ගිහින් ගුවන් ගතවෙන්න ආසාවක් ආව. ඒත් දැන් රොකට් ඉන්ධන වෙනුවට තියෙන්නෙ ඉන්දියාවෙන් ගෙන්නපු බාල ඉන්ධන.
    අර කඩේ මනුස්සය උගෙ තාත්ත වගේමයි නේද ?

    ReplyDelete
    Replies
    1. කම්මල,

      ඇරපු අතක් නෑ..උගෙ තාත්ත වගේම තමයි...:)

      Delete
  27. ඔය නමින් ටිකක් ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක් හිටිය මූණ මතක් වෙන්නෑනෙ සැහ් .. නම් මූණු වගේ දේවල් මට මතක හිටිනව අඩුයි

    ReplyDelete
    Replies
    1. කසුන්,

      / ඔය නමින් ටිකක් ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක් හිටිය මූණ මතක් වෙන්නෑනෙ සැහ් /

      නෑ..නෑ...ඒ මුදලාලි නෙවෙයි බං මේ....මේක මේ බොරු නමක්...හෙහ්,හෙහ්, උඹ ඔය කියන ප්‍රසිද්ධ මුදලාලි ගැන හිතල තමයි මම ගුණදාස කියල නම දැම්මෙ. උඹ ඔය කියන්නෙ අර මාතලේ -දියබෙදුම දුවන සිවිලියන් බස් හත අටක් තිබ්බ කෝට්ටපිටියෙ ගුණදාස මුදලාලි ගැන නේද?

      අප්පේ ඒ ලෝ රූෆ් බස්වල හිටගෙන යන්ට උනොත් එහෙම ආය හොදි ඕන නෑ. එව්වයෙ ෆුට්බෝඩ් එකේ විතරක් පටවනව මයෙ හිතේ විස්සකට එහා. ඒකාලෙ අපි ඔය ගුණදාස බස් වලට කිව්වෙ මල්ගුඩි බස් කියල. ඒ අර ටයිටස් තොටවත්ත මහත්තයගෙ " මල්ගුඩි දවසැ" රූපවහිනියෙ ගිය කාලෙ. බොහොම ජනප්‍රිය වුනා ඒ කතා මාලාව. ඒ කතාවල තිබ්බෙම ඔය වගෙ ජනෙල්වල හිටං මිනිස්සු එල්ලිල යන හුණ්ඩුවගෙ බස්...

      Delete
    2. මට එකපාරටම ඒ මුදලාලිව තමයි මතක් වුනේ :)
      ඉවසීම ප්‍රගුණ කරවන්න එහෙම කියාපු බස්, තව මාතලේ - දබුල්ල , මාතලේ - කවටයමුන එහෙම දුවපුවා මතක් වෙද්දිත් හුස්ම හිරවෙන්න එනව :)

      Delete
  28. siyabalaa toffee kaddi mehema thamai.
    anbul athule thamai rasa thiyanne.
    rasa kannanam anbuluth kannama wenawa. :)

    ReplyDelete
  29. කිව්වත් වගේ අද නම් පඳුරු තැලිල්ල සුපිරියි රවීයියා.
    අරුන්ගේ වෙරි හින්දෙන්න ඇති ගිරිතලෙන් ඇහැරුණාට පස්සේ.

    ReplyDelete
  30. a mudalali kawru wageda kiyala kiyannako kawruhari.....please......
    panduru thelilla nathnam kathawa agei....

    ReplyDelete
  31. වෙරි කතා අර කතා මේ කතා ඔකකමත් අස්සෙ මගෙ නං හිතට ඇල්ලුවෙ
    ඒ අර අරය වගේ නේ කතාව හිහි.
    සෝචනීයයි සෝක බරිතයි කීවලු හැක්

    ReplyDelete
  32. කෙලියා තාප්පෙටම ...... එකත් එහෙමද ?

    ReplyDelete
  33. මේව හදපු කතාද ඇත්ත කතාද? නායකයන්ට කොහොමත් තියෙන යහගුනේ නිසා හැදෙන කතාද? තව පහුවෙන්න මහින්දගේ කපාපු පලු ගැන කතා සිරා ගේ කපාපු පලු ගැන කතා එලියට එයි නේද?

    ReplyDelete
    Replies
    1. අජිත්,

      සම්පූර්ණ ඇත්ත...මිනිහ තාමත් ඉන්නවද කියල හොයල බලල ඔන්නං නෙලුංයාය සම්මාන උළෙලට ගෙන්නල දෙන්නං විශේෂ අමුත්තා හැටියට...:)

      Delete
  34. සුවාරිස්ගේ කතාව ඇහුවම මට මතක් උනේ ජොන්ස්ටන් ප්‍රනාන්දු.

    මම මුලින් හිතුවේ ඒකත් අර ප්‍රේමදාසගේ කතා වගේ බොරු එව්වා වෙන්න ඇති කියලා. බලාගෙන යනකොට ඇත්ත වගේ..

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ජොන්ස්ටටත් එහෙම කතාවක් තියනවද?

      Delete
    2. කතාවක් තියදනම් දන්නේ නෑ අප්පා..ඒත් අතුලගෙයි සමිතාගෙයි පුතාගේ ෆොටෝ එකක් අරන් බලන්නකො

      Delete
    3. සයුරි
      උඹත් ඉඳල ඉඳල ගහන්නේ මාර පාරවල්නේ, මේ දැන් චෙක් කරලා බැලුවා...
      දෙයියෝ සාලේ කිව්වලු... ;)

      Delete
    4. සයුරි,

      සයින් ද පීස් සකබෝනා කිව්වලු.අඩේ ඇත්තම නේන්නං...මට පේන්නෙ උඹ කෝට්ටේ යුගයෙම ඇලී ගැලී ඉන්නෙ නැති පාටයි..වෙරි ගුඩ්..වෙරි ගුඩ්...

      Delete
  35. ඔහොම, ප්‍රේමදාසගෙ කපාපු පලුවක් උන්න මොකක් හරි රජයේ ආයතනයක. පොරගෙන් නිතරම වගේ මිනිස්සු අහනවලු ප්‍රේමදාසගෙ පුතෙක්ද කියල. ඌත් ඒක පිළිගන්නවලු.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      අර යකා හඩ්ඩ ගැනනං ඔහොම කියනව. මම හිතන්නෙ ඩ්‍රැකී කියන්නෙ වෙන කවුරුහරි ගැන වෙන්න ඕන...:)

      Delete
    2. හඩ්ඩ විතරක් යැ. අර රාජපක්ෂ කියල කොළම පුරපති කෙනෙකුත් උන්නෙ. මං කියන්නෙ නං වෙන අහිංසකයෙක්. පෙනුමෙං හරියටම ප්‍රේමදාස වගේමයි.

      Delete
  36. බම්බාව තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      එහෙනං එහෙනං..... බම්බාව තමයි...:)

      Delete
  37. කාලෙකින් මේ පැත්තෙ ආවෙ කරකෝලා අතෑරියා වගේනෙ. මඟහැරුණු පොස්ටු හිමින් සීරුවේ රසවිඳ විඳ කියවීමට පොරොන්දු වෙමි.

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      අප්පටසිරි මේ ඉන්නෙ...කොහෙද බොල ගිහිල්ල හිටියෙ?

      මම හිතුවෙ....

      1. එක්කො වැරදි බේතක් දීල ලෙඩ්ඩු දෙතුන් දෙනෙක්ට අසාධ්ය වෙලා කෝස් එකෙනුත් දොට්ට දාල…..

      2. නැත්තං අර ඇස් දෙකක් ගැන පිස්සු වැටිච්ච පාර ඒ ගැනම හිතල නුහුගුණේ වත් හදාගෙන…..

      ඔන්න ඔය දෙකිං එකක් කියල...:)

      Delete
    2. හැක හැක දන්නෙ නැද්ද ඉතිං අපිත් පාඩම් කරන්න එහෙම එපැයි . අකුරු කොටන යන්තරෙත් ලඟ තිබුණේ නෑ නෙව.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...