Tuesday, February 23, 2016

390. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 28 - නිකොලායි නොසොව්,ජීන් ඩික්සන්, මෙතෙක් කතාව සහ අද එතැන් සිට.




හප්පේ ඔන්න අන්තිමට කොහොම කොහොම හරි ලවක් දෙවක් නැතුව පඳුරු රාසියක් කාරිය තලල එහෙම ආපහු කතාවට ඇන්ටර් උනා කියමුකො. එන්ටර් ද ඩ්‍රැගන්...එන්ට එපාද ඩ්‍රැගන්?..එන්ටර් ද ඩ්‍රැගන් ෆිල්ම් එකේ හිටියෙ බූරුස් ලී....බූරුස් මියපරලොව ගියේ 73 අවුරුද්දෙ. ඉස්සොරෝම මම එන්ටර් ද ඩ්‍රැගන් බැලුවෙ....අප්පටසිරි..ආයම කැලේ පැන්න නේද? මේක හරියන කෙලියක් නෙවෙයි. ඕක තමයි කියන්නෙ යමක් පුරුදු උනහම ලේසියෙං අත අරින්න අමාරුයි කියල.ජාතිවාදය අවුස්සන්ට පුරුදු වෙච්චි එකාට ඒක නොකරම බෑ.තලියෙහි කිඹුලන් දක්නා සේ සමහර පිස්සොන්ට හන්දියක් හන්දියක් ගානෙ ජාතියන්තර කුමන්ත්‍රන...හෙහ්,හෙහ්,

හරි අදනම් තනිකරම කතාවම තමයි. ඔන්න අමනාප වෙන්ට එහෙම එපල්ල. කීඩෑව නං කීඩෑව...වංජාව ඔන්ද නෑනෙ..කියලත් කියල තියනවනෙ. හරි දැං මේ පඳුරු තැලිල්ලෙ හොඳකමටම කට්ටියට කියාගෙන ආපු කතාව අමතක මතක බැරිවෙලත් ඇති බාගවිට. බාගවිට සහ බාගදා කියන්නෙ අයිය මලෝ දෙන්නෙක්. ඒ දෙන්න හිටියෙ මම පොඩි කාලෙ බොහොම ආසාවෙන් කියවපු රුසියන් ළමා කතාවක. " දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම්" 

රුසියානු ජාතික ලේඛක නිකොලායි නොසෝව් ලියපු Dunno and his friends කතාවෙ පරිවර්තනයක් ඒක. සමාවෙන්න ඒ මේ බොහොම සූට්ටං පඳුරු තැලිල්ලක්. පඳුරක් කියලම කියන්ටත් බෑ. ඒත් එක අතකට පඳුරකුත් තමයි බලාගෙන ගියහම. 

විද්දෙ පඳුරට වැදුනෙ හාවට කියල අර කතාවකුත් තියෙන්නෙ. අහල තියනවනෙ නේද? එතකොට තව තියනව..

"හාව මොකද මී වදේ වටේ කැරකෙන්නේ?"

"හාවො කොහෙද බං මී වද කන්නෙ?''

"ඉතිං ඒක තමයි බං කැරකෙන්නෙ…''

හරි...හරි...සොරි...සොරි...කතාව ..කතාව..කතාව.....කතාව ගැන පොඩි මතක් කිරීමක් කරලම වැඩේ පටං ගත්තොත් හොඳයි මට හිතෙන විදිහට. මම හිතන්නෙ කට්ටිය මේ වෙනකොට කරකෝල අතෑරිය වගෙ ඇති. පුල් කොන්පියුසියස් වෙලා. රයිට් අර සතිපතා පත්තර වල යන නවකතාවල මුලින්ම තියෙන්නෙ "මෙතෙක් කතාව'' කියල කෑල්ලක්. ඊට පස්සෙ තියනව ''අද එතැන් සිට'' කියල.. ඒ වගේ ඔන්න මෙතෙක් කතාව.

මෙතෙක් කතාව කියලයන්නෙ කලිං කියපු ටිකේ සාරාංශෙනෙ. ඒ මෙතෙක් කතාව බොහෝවිට මෙන්න මේ විදිහයි. අර ජේස්ට මාද්දියවේදී මල්කුමාර මහත්තයගෙ පත්තරවල යන කතාවල තමයි මේ වගෙ මෙතෙක් කතා ගියේ. ඇයි එතුමා ගැහුවනෙ මල් පත්තර ගොන්නක්ම ඒ කාලෙ. කුමරි, යුවති, පඳුරි, පත්තිනි, තව තිබ්බ දේදුනු මාවත, අටවක සඳ, පතෝල මැස්ස, වැටකොලු කොස්ස, සැවැන්දරා මුල ..ඔන්න ඔය වගෙ එව්ව...කිව්වට මොකද අපිත් ඒ කාලෙ ඔව්ව කියෙව්වෙ වහ වැටිල...හෙහ්,හෙහ්,

මෙතෙක් කතාව -

ඉරුගල්නුවර නගරයේ වෙළඳ ව්‍යාපාර බොහොමයක් අයත් වන්නේ රස්පුටින් විහඟතැන්න මහතාටය. ඔහුගේ එකම දුව වන්නේ දහසය හැවිරිදි අවකලනී සංකූලදත්තාය. ඇගේ පංතියේ දක්සම සිසුවා වන්නේ ඇගේ පියාගේ සේවකයකු වන සරනේරිස්ගේ වැඩිමහල් පුත්‍රයා වන අධෝරක්ත පාරජම්බූලය. අධෝරක්ත හා ඇය අතර සෙනෙහසක් මෝදුවන අතර හිටිහැටියේ ඔහු නිවසින් අතුරුදන් වෙයි..

අද එතැන් සිට....

දැන් මම කියාගෙන ආපු කතාව ඒ කාලෙ මම අර විදිහෙ පත්තරේකට ලිව්වය කියල උපකල්පනය කලොත් ඒකෙ මෙතෙක් කතාව මම ලියන්නෙ මෙන්න මෙහෙමයි...

මෙතෙක් කතාව - 

රවී ඉතා කඩවසම් බුද්ධිමත් මෙන්ම ආචාරශීලිය. ගුරුවරියක හා විවාහ වී සිටින ඔහු වාසය කරන්නෙ ඇය උගන්වන පාසලේම පිහිටි ගුරු නිල නිවසේය. දිනක් ඇගේ වටිනා සාරි කිහිපයක් අව්වේ වනා තිබියදී රවීගේ අතපසුවීමකින් හදිසියේ වර්ෂාවකට අසුව දියබත්වේ. මින් කෝපයට පත්වන බිරිඳ ඔහු හා කිසිදු කතාබහකින් තොරවම එදින නින්දට යන්නීය. එහෙත් පසුදින ඇගේ පියාණන් හා සම්බන්ධ කටයුත්තක් උදෙසා ඇගේ මහගෙදරට යාම අත්‍යාවශ්‍ය බැවින් ඔවුහු කිසිදු කතාබහකින් තොරවම එහි යාමට පිටත් වෙති. 

අද එතැන් සිට....

"හුහ්.. පැල්වෙහෙර පුතා තමයි..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි ඕකා..මිනිස්සුන්ට අතට කීයක් හරි එන්ට ගත්තම ලැජ්ජාව බය සැක එහෙම්මම අමතකම වෙලා යනවනෙ පුතා" අප්පච්චි එහෙම කියල ආයම දික්සඟලා පුටුවෙ ඉඳගත්ත.

දවස් කීපෙකට පස්සෙ අප්පච්චි ගිහිල්ල පැල්වෙහෙර හම්බවෙලා කෙලින්ම මෙහෙම කියල "පැල්වෙහෙර මේ වැඩේ නැවත්තුවොත් හොඳයි. තමුන් ඕන වෙලඳාමක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ගෙදර අපිට නිදහසේ කණක් ඇහිල ඉන්ට හැටියක් තියෙන්ට ඕනෙ " 

පැලා හැබැයි අපරාදෙ කියන්ට බෑ දෙමලුන්ට පොඩි සත්තමක් දාලද කොහෙද ඊට පස්සෙ සතියක් වගෙ යනකල් සද්දෙ අඩුවෙලා තිබුනලු. ඒත් ආයම කැම්බැල්ලෙ පුරුදු විදිහට පටංගෙන. අප්පච්චි කරල තියෙන්නෙ හවහිම්ම ඉස්සරහ ජනෙල් දොරවල් වහල දාල සාලෙට වෙලා ඉන්ට පුරුදු උනාලු. 

"මගේ මේ ගේ හදද්දි බාගයක් වැඩ කලේ ඔය පැල්වෙහෙරයගෙ අප්පා. නිකං නම් නෙවෙයි තමයි. මම ඌට වැඩිපුරත් එක්ක සල්ලි දුන්න. ඒත් මොනව උනත් ඌ හොඳ එකා. ඒකගෙ මනුස්සකමේ ගුණේ තියන්ට එපාය. නැත්තං මම දනී කරන දේ." අම්ම එක්ක ඔහොම දෙතුන් පාරක්ම කිව්වලු අප්පච්චි. මහ පැල්වෙහෙර ඒ කාලෙ නං දරාපු බාසෙක්.

නමසිය හතළිස් ගණංවල මුල් කාලෙ ඩී.එස්. සේනානායක මහත්තය ඇලහැර ව්‍යාපාරය ආරම්බ කරපු කාලෙ එහෙ ගෙවල් හදන්ට ගිහිල්ල තියනව ඔය පැල්වෙහෙරගෙ තාත්තා. ඒ ගිය ගමන අවුරුදු හත අටක්ම එහෙ ඉඳල එහෙන්ම පෙලවහකුත් කරගෙනම තමයි ආපහු ගමට ඇහිල්ල තියෙන්නෙ. ඒ හැබැයි ඔය පැල්වෙහෙරගෙ අම්ම නෙවෙයිලු. ඒ මුල් කසාදෙ පවුල උණ වසංගතේකිං මැරිල පලච්චට පස්සෙං පහු තමයිලු ඔය පැල්වෙහෙරගෙ අම්ම කැන්දං ආවයි කියන්නෙ මෙන්න මේ රත්තොට දිහාවෙං. රත්තොටට මාතලේ ටවුමෙං හැරිල යන්ට ඕන හැතැම්ම දොලහක් පාළහක් වගෙ.

ඉතිං වර්තමානයට ආයම ආවොත් පැලා බිස්නස් එක හෙමිහිට කරගෙන යනව. අප්පච්චි යන්තමට කලුව පාත්වෙනකොටම ඉස්සරහ දොරජනෙල් වහගෙන සාලෙට වෙලා ඉන්නව. ඔහොම අවස්ථාවලට වලට කියන්නෙ Uneasy Truce කියල. ඒ කියන්නෙ දෙපැත්තම බැරිමතැන සටන් විරාමයකට එලඹුනාය කියන එක.නිරවි යුද්ධය නැත්නම් සීතල යුද්ධය (Cold War) කියන්නෙත් ඒ වගේම තේරුමක් තියෙන වචනයක්. 1945 අවුරුද්දෙ දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වුනාට පස්සෙ 1991 දි සෝවියට් සංගමය බිඳවැටෙනකල් මහ බලවතුන් ඒ කිව්වෙ අමරිකාව සහ රුසියාව අතර තිබ්බෙ කෝල්ඩ් වෝ සිටුවේෂන් එකක්.

සෝවියට් දේශය බිඳ වැටීම කියනකොට නොකියම බැරි කතාවක් මතකයට ආව ඔන්න. සමාවෙලා ඒකත් අහන්නකො. ශ්‍රී කියල දවස සමාගමෙන් පළකරපු සඟරාවක් තිබුන ඒ කාලෙ. බොහෝ කාලයක් ඔය සඟරාවෙ සංස්කාරක ධුරය දරුවෙ ශ්‍රියා රත්නකාර මහත්මිය.1972 අවුරුද්දෙ හෝ 1973 අවුරුද්දෙ ඔය ශ්‍රී සඟරාවෙ පලවුනා ජීන් ඩික්සන් කියල අධිමානසික බලයෙන් අනාවැකි කියන අමරිකානු  කාන්තාව ගැන ලිපියක්. ඒ ලිපියෙ තිබුනා ඇය අනාවැකියක් පලකරල තියනවය කියල විසිවන සියවස අවසන් වීමට පෙර සෝවියට් සංගමය කැබලි වලට කැඩී යන බව. 

ඇගේ අනාවැකි බොහොමයක් වැරදිලා තියනව. ඒක ඇත්ත. ඒත් මේ අනාවැකියනම් කොහොම කිව්වද කියල මට හිතාගන්න අමාරුයි. මොකද ඒ වෙනකොට සෝවියට් සංගමය බිඳවැටීමක් ගැන හීනෙකින්වත් හිතාගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. හැත්තෑව දශකයෙ මුල් භාගයෙ සෝවියට් දේශය එතරම් බලගතු තත්වයක තිබ්බෙ. ඇත්ත තත්වය කොහොම වෙතත් අපි හැමෝම හිතාගෙන හිට්යෙ එහෙමයි. 

හරි කොහොම හරි එහෙම අපිට වටහා ගත නොහැකි යම් යම් දෙවලුත් තියනව කියල විතරක් මම කියන්නම්.මගෙ ජීවිතය ගැනත් ඒ වගෙ හැබෑ වෙච්ච අනාවැකි කීපයක්ම කියල තියනව. යතාර්ථවාදියෙක් හැටියට මම අද්භූත බලයන් ගැන කිසිම විදිහකින් විශ්වාස කරන්නෙ නෑ. ඒත් අපිට තේරුම් ගත නොහැකි දේවල් තියෙන්න පුලුවන්. විවෘත මනසකින් (Open mind) ඕනම දෙයක් දිහා බලන එක කෝකටත් හොඳයිනෙ නැද්ද? Politicians approach every problem with an open mouth කියලත් කියනවනෙ.

හරි නිරවි යුද්ධය ශ්‍රී සඟරාව සහ ජීන් ඩික්සන් ගැන ඒ ඇති වැඩියත් එක්ක. පැල්වෙහෙර සහ අප්පච්චි අතර සීතල යුද්ධය ඔහොම සති දෙකක් විතර පැවතුනයි කියමුකො. එක දවසක ඔන්න හදිස්සියෙම පොලීසියෙං පැනල පැලාගෙ තැබෑරුමට.පැලා ඔය වැඩේ කරගෙන ගියෙ පොලීසියෙ සහයෝගය ඇතුව. ඒත් එක පාරට ඒ තත්වය වෙනස් වෙලා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුනු රාලහාමිල දෙන්නෙක් කඩේට බඩුගන්ට වගෙ ඇවිල්ල ඉඳල පැලා අරක්කු විකුණන කොට අතටම අල්ලගෙන.

පැල්වෙහෙර සාමාන්‍යයෙන් නාඳුනන මිනිස්සු කඩේ ඉන්නකොට ඔය බිස්නස් එක කරන්නෙ නෑ. මිනිහ බොහොම පරිස්සමෙං වැඩේ කරගෙන ගියේ. ඒත් එදා කරුමෙට වගෙ මිනිහට පොඩි අතපහුවීමක් උනා. පැලාව අරගෙන ගිහිල්ල උසාවි දාල දඩ ගැහුව.

ඔහොම හොර, වංචා අල්ලන්ට සිවිල්පිට එන පොලිස් කට්ටියට මේ කාලෙ කියන්නෙ උපාය දූතයො කියල.ඉතිං පැලා දඩේ ගෙවල ආවයි කියමුකො. ඇවිල්ල ටික දවසක් රහමෙර ජාවාරම නවත්තල හිටිය. එතන අපූරු වැඩේ කියන්නෙ දැන් මේ පොලීසිය පැනපු වැඩේට පැල්වෙහෙර සැකකරල තියෙන්නෙ අප්පච්චිව.

මොකද අප්පච්චි ආණ්ඩුවෙ තානාන්තරයක් කරල පැන්සන් පලච්ච මනුස්සයෙක් නිසා එතකොට රජයේ නිලදාරී ගොල්ල පොලිසිය එහෙමත් අඳුනන නිසා එකත් එකටම මේ ඔත්තුව දීල තියෙන්නෙ එහෙම නැත්තං පෙත්සමක් ගහල තියෙන්නෙ අප්පච්චිය කියලමයි මිනිහ හිතාගෙන ඉඳල තියෙන්නෙ.අනික පොලීසිය එක්ක තියෙන මිනිහගෙ සුහදතාවයත් නොසලකා හැරල පොලිසිය මේ වැඩේ කලේ ඉහලම තැනකින් කරපු බලපෑමක් හින්දය කියල පැලා කීප දෙනෙක් එක්ක කැට තියල දිවුරල කියල තිබ්බ.

මේ පෙස්සං කතාව ඇහුවම අප්පච්චිට උතුර දකුණ මාරු වුනා ඔන්න. මොකද ඒ මනුස්සය ඔය පෙස්සං ගහන එව්ව වගෙ දෙකයි පණහෙ වැඩ කරන කෙනෙක් නෙවෙයි.කාට උනත් කියන්ට තියනදේ මූණටමයි කියන්නෙ. ආය ඒකෙ දෙකක් නෑ. ඉතිං අප්පච්චි කරල තියන වැඩේ රට අඹ ලෑලි කෑල්ලකුත් හොයාගෙන කඩේට ගිහිල්ල කලු තීන්ත බෙලෙක්කෙකුයි පින්සලකුයිත් ගෙනල්ල ලිව්වලු දැන්වීම් පුවරුවක් හොඳ බෝල අකුරුවලිං.

මෙන්න මෙහෙමයි දැන්වීම……..

පෙත්සම් ලිවීම - 

ඔබගේ ඕනෑම කාරණයකට අවශ්ය පෙත්සම් ලියාදෙනු ලැබේ. ඉතා සාධාරණ අයකිරීම්. ඉස්සරහ කඩේ පැල්වෙහෙරගෙන් වැඩි විස්තර විමසන්න.

…….ඔන්න ඔහොම ලියල උන්දැ ඒ දැන්වීම් පුවරුව එල්ලුවලු ගේට්ටුවෙ.

අපේ ගේට්ටුව පහුකරගෙන උඩහ ගම්මැද්දට යන හැමෝම ඔය දැන්වීම් පුවරුව කියවල තුස්නිම්බූත වෙලා ඊලඟට අනිවාර්යයෙං පැල්වෙහෙරගෙ කඩේට ගොඩවෙලා පැලාගෙන් විස්තර අහනවලු "මොකක්ද අර බෝඩ් එකේ තේරුම?" කියල. පැලාට තද වෙච්චි පාර අන්තිමට ගමටම ඇහෙංට බෙරිහං දුන්නලු "මම දන්නෙ කොහොමද ඕයි? ලියල එල්ලපු අයගෙන්ම අහගන්නව" කියල. ඒත් කවුරුවත් අප්පච්චිගෙ හැටි දන්න හින්ද විස්තර අහන්ට ඇවිදිං නෑ.

හවස්වෙනකොට මේ කතාව ගම පුරාම පැතිරිල ගිහිල්ල පැල්වෙහෙරට වසන්ට බැරි තත්වයක් උදාවෙලා. පස්සෙ මිනිහ අප්පච්චි නිදාගන්න වෙලාව අල්ලල හෙමිහිට අම්මට කතාකරල කියල "අනේ අත්තම්මෙ මොකක්ද අර අත්ත කරල තියෙන වැඩේ? ඒක දකින දකින මනුස්සය මගෙන්නෙ අහන්නෙ. කියන්ටකො ආතට ඕන ගලවල දාන්ටය කියල" අම්මත් හා හොඳයි කියල අප්පච්චි නැඟිට්ටම කියල "දැං මදැයි ඕක ගේට්ටුවෙ එල්ලං හිටිය. ගලවල දැම්මොත් හොඳයි නේද?" කියල. ඒ පාර අප්පච්චි අම්මටත් සැල් එක දාල. "මට ඕන වෙලාවට මම ඒක ගලවන්නං . තමුං කලබල නැතුව ඉන්නවකො" කියල.

ඔය කාලෙ වෙනකොට ගෙදර හිටියෙ අම්මයි අප්පච්චියි විතරයි. අම්මගෙනුත් වැඩේ කෙරෙන්නෙ නැති බව දැනිල පහුවදා පැල්වෙහෙර අපෙ උන්දැට ටෙලිපෝන් කරල. "අනේ පුංචි අම්මෙ මේ බලන්නකො අත්තා කරල තියෙන වැඩේ.." විස්තරේ අකුරක් නෑර කියල ඒ පාර..... පැල්වෙහෙර දන්නව පවුලෙ බඩ පිස්සි වුනාට අපෙ උන්දැ යමක් කිව්වොත් අප්පච්චි අහනව කියල. "හරි හරි පුතා හෙට උදේට මම එන්නංකො බාප්පත් එක්ක" අපෙ උන්දැ එහෙම කියල පැල්වෙහෙරට. 

"ඒයි මේ බලන්ටකො අප්පච්චි කරල තියෙන වැඩේ."  මා දිහාට හැරිල කිව්ව…

"හෙහ්..ඇයි? මක් කරලද ඒ ගමන?"

"අපෙ ගේට්ටුවෙ බෝඩ් එකක් එල්ලලයි කියන්නෙ......"

"නැහ් මාරයිනෙ….. ඉතිං?" මට ඒ කතාව ඇහුවම මැරෙන්ට හිනා..

"හිනා නෙවෙයි මේකට මොකක් හරි කරන්ට ඕන නැත්තං හතර විලි ලැජ්ජහේ බෑ.."

"කරන්ට ඕන දේ ෂක් ෂුධක්ෂේ පැහැදිලියි නේ ළමයා කරන්න තියෙන්නෙ ගෙදර ගිහිල්ල පියතුමාට කරුණු පැහැදිලි කරල දීල එතුමා කූල් ඩවුන් කරල ඔය දැන්වීම් පුවරුව අයිං කරල දාන එකනෙ. වෙන අහවල් දෙයක්ද?"

"යස් ඒක හරි..ඒත් වැඩේ මම මේ සාරි හේදිල්ලක් පටන් ගත්තනෙ උදෙම්ම. ඒ හින්ද මෙහෙම කරමු. ඒ වැඩේ අද ඉවරයක් කරල දාල හෙට උදෙම්ම යමු ගෙදර මේකෙ මොකක් හරි විසඳුමක් කරන්ට. අනේ මන්ද මේ අප්පච්චිත් කරන වැඩ එක වෙලාවකට…"

ඉතිං අර ගොළු කසාය බීපු දෙන්නෙක් වගෙ අපි දෙන්න නෝ කතා නෝ සිනා මෝඩ් එකේ උදේම දොට්ට බැහැල පිටත්වුනේ ඔන්න ඔය පෙත්සම් දැන්වීම් පුවරු අර්බුදය විසඳන්ට එවුන්දලගෙ මහ ගෙදර යන්ට.

71 comments:

  1. //"නැහ් මාරයිනෙ….. ඉතිං?" මට ඒ කතාව ඇහුවම මැරෙන්ට හිනා..//
    ඇයි අපිට? අපිටත් මැරෙන්ට හිනා..

    ඔය මෙතෙක් කතාව ලියන එකනම් හරිම ලේසි වෙන්න ඇති. පඳුරු ටික අයින් කළාම ඉතුරුවෙන වාක්‍ය දෙක තුන ආයි තව සාරාංශ කරන්න දෙයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඉකෝන්ස්,

      ආය මොනවද? දැනට කොටස් තිහක් තිස් පහක් ලියාපු කතාවක උනත් මෙතෙක් කතාව ලිව්වැකි වාක්කිය දෙකකින්..අන්න එහෙමයි අපි....:)

      Delete
  2. අරිසෙන් අහුබුදු මේ නම් ටික දැක්කනම් ජොබ් එක රවී ට දෙනව.

    රස්පුටින් විහඟතැන්න
    අවකලනී සංකූලදත්තා
    අධෝරක්ත පාරජම්බූලය
    පැල්වෙහෙර
    පඳුරුවීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      කිව්වම මොකද සඳා එහෙම හිටපු ගමං මගෙං නම් අහගන්නව.

      පුප්ඵුසධමනී රුධිරපට්ටිකා, මස්තිෂ්ක පරිබාහික, අනවරත අසමතුලිත, කර්ණශංඛ පටහපටල ඒ මම දාපු නම් වලින් තුන හතරක්....:)

      Delete
    2. ඇයි එතකොට "පූටිකා උත්ස්වේදනී". ඒකත් හොඳයි අලුත ඉපදුන ගෑනු ළමයෙක්ට දාන්න

      Delete
    3. කිව්වට මුකුත් හිතන්න එපා.. අපිත් එක්ක හිටපු ළඳ මොඩල් කොල්ලෙකුට අපි කිව්වෙ යෝනිකා ඝර්භාශනී කියලා.

      Delete
  3. ඔය පඳුරු වීරසිංහ කියන වචනෙ නං හොඳ මදි. ඒකෙන් මේ මනුස්සයගෙ සායම එහෙම් පිටිංම යනව. හැබැයි මරු මාමණ්ඩිය .

    චුටි මැණිකෙලගෙ ගමේ එවුන් දෙන්නෙකුත් හක්ගෙඩ්ඩෙං චංදෙ ඉල්ලලා පැරදුනා. ඒ ගමන අපෙ මාමණ්ඩිය අරුං දෙන්නා එකාට එකා පස්ස හරවං ඉන්න පිංතූරයක් ඇඳලා ඒක යටින් ලිව්වා "මචං අපි හක පුරවාගෙන ඉමු" කියලා. ඒක එදා රෑ අරුංගෙ දොරකොඩ එල්ලලා ආවා.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      මාමණ්ඩිගෙ වැඩ තව තියනව...හෙමීට ලියන්නංකො...:)

      Delete
  4. ///ඉතිං අර ගොළු කසාය බීපු දෙන්නෙක් වගෙ අපි දෙන්න නෝ කතා නෝ සිනා මෝඩ් එකේ උදේම දොට්ට බැහැල පිටත්වුනේ ඔන්න ඔය පෙත්සම් දැන්වීම් පුවරු අර්බුදය විසඳන්ට එවුන්දලගෙ මහ ගෙදර යන්ට.///

    ඊට කලින් ලියල තියෙන දෙබස් වල හැටියට දෙන්න දෙමාල්ලෝ අතරේ කිසි අවුලක් තිබිල නැහැනේ...
    වෙලා තියෙන සංගෙඩිය ගැන මුකුත් කියන්නේ නැතුව "පොඩි වැඩකට හෙට උදෙන්ම අපේ දිහා යන්න තියෙනවා, උදේ හය වෙද්දී ලෑස්ති වෙන එකයි ඇත්තේ" වගේ කිව්වා නම් තමයි ගැලපෙන්නේ...
    ඔන්න ඊට පස්සේ ගෙදරට ගියාට පස්සේ පොඩ්ඩක් කුල් ඩවුන් වෙලා මේ කතන්දරේ කියල හිනාවක් කාරිය දාලා ශේප් උනානම් තමයි හරි...
    ඔහේල දෙන්න හොඳට කිචි බිචි ගගා ආලේ පාගෙන ඉඳල ඊට පස්සේ ගොළුවෝ කසාය බිව්වා වගේ ගමේ යන්න පිටත් උනේ මක්කද කියලයි මට හිතා ගන්න බැරි...
    එක්කෝ මේ සිද්ධි ඔක්කොටම පස්සෙද සාරි ටික වැස්සට තෙමුණේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් මටත් හිතුණා... මේ කොටස නැවත මුල සිට ලියන්න කියලා මම යෝජනා කරනවා... අර 'අමුතුවෙන් වර' කියලා කියන්නෙ, අන්න එහෙම...

      Delete
    2. ලොක්කා ඇන්ඩ් තිසර,

      යස්..එතන අපැහැදිතාවයක් තියනව. පිළිගනිමි. පැල්වෙහෙර අපෙ උන්දැට කතාකලේ ඔය සාරි බාරි හෝදල වැලේ දාපු දවසෙ උදේ. පස්සෙ ඒ සාරි කේස් එක හින්දම ගෙදර යන එක පහුවදාට කල් දැම්ම.

      මම පෝස්ට් එකේ අවසානය වෙනස් කලා ඒ සීන්ස් එක ඔබතුමන්ලාට පැහැදිලි වෙන විදිහට. ස්තූතියි වරද පෙන්වාදීම පිළිබඳව...

      ඔබ දෙපලගේ විචිකිච්ඡාව සපුරා දුරුවූයේ යයි සිතන්නෙමි.....:)

      Delete
  5. අම්මේ ඇති යන්තම්. අලුතෙන් ජේද දෙකක් ලියල

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      LDS වෙයං බං LDS වෙයං ..ලද දෙයින් සතුටුවීම…. ලද දෙයින් සතුටු වීම...:)

      Delete
  6. දැන් පැණිදෙනිය පැත්තෙන් නුවර යනකොට රවි මතක් වෙනවා. කලින් ලිපියක සඳහන් කරපු ගලේවෙල බම්බාව කියන්නේ දැනට අවුරුදු දෙකකට විතර කලින් දිනපතාඋදේ හවස පහු කරපු ගමක්.

    ReplyDelete
    Replies
    1. ලිලන්ත,

      හෙහ්..ඒ කියන්නෙ පැණිදෙණිය කිට්ටුව ඉන්නෙ? සන්තෝසයි..සන්තෝසයි...බම්බාවත් දන්නව එහෙනං ඒ?...... තවත් සන්තෝසයි..තවත් සන්තෝසයි...:)

      Delete
    2. පැණිදෙනියෙ කිව්වට වටදෙනියෙ. ඒත් ගම්පලාත මේ ලිපියෙ කියෙවෙන රත්තොට.

      Delete
  7. වැරදිලාද කොහෙද ඔය කාථාවෙන් සුට්ටක් අද ලියවිලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. Latta,

      හෙහ්,හෙහ්.....එහෙමම කියන්ටත් එපා අප්පේ...:)

      Delete
  8. මචං මම දන්න විදියට Dunno කියන්නේ වැඩබැරිදාස. දැත්තා කියන්නෙ ඌ නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. කතාවෙන් කතාව ඒක මතක බැරි උනානේ.
      ඔව් තමයි Dunno කියන්නේ 'වැඩබැරිදාස' තමයි. මගේ ආසම ආසම ආසම පොත් සෙට් එකක්. අදටත් තැනකදී දැක්කොත් සල්ලි වලට ගන්න පොතක්.

      Delete
    2. Upeksha & Henry,

      මම හිතන්නෙ ඔය බොලා බාන කියන්නෙයි මම කියන්නෙයි එකම පොතේ පරිවර්තන දෙකක් වෙන්න ඕන. මම කියවපු කතාවෙ පරිවර්තක කවුද කියල නම් මතක නෑ. ඒත් Dunno ගෙ නම දැත්තා. කතාව පටන් ගැන්මෙදි මෙහෙම හැඳින්වීමක් තියනව." හැමදෙයක් ගැනම දන්නව කියල පෙන්නන නරක ගතිය එහෙම නැත්තං දැත්ත නිසා කවුරුත් එයාට කිව්වෙ දැත්තා කියල"

      Doono ට ඒ පොතේ කිව්වෙ දත්තා කියල. ඒ නම ගැන හැඳින්වීම මෙහෙමයි. " හැමදෙයක් ගැනම දන්න නිසා දත්තා කියල එයාට නම වැටුනා."

      වැඩ බැරි දාස ඉන්න පොත මම කියවල නෑ.

      Delete
    3. වැඩබැරි දාසගේ පොත එහෙම නෙවෙයි.. මටත් හිතෙන්නේ එකම පොතේ පරිවර්තන දෙකක් වෙන්න ඕනේ.

      මොකද ඔරිමජිනල් පොත රුසියන් එකක්.

      වැඩබැරිදාස උන්නේ 'කුසුම් පුරේ' එහි හිටපු උන්ට කිව්වේ 'කුසුම් පුරේ වාමනයෝ' කියල. ඒකෙ දක්සපාල, බොත්තමා, කවි කුසුම්, සමන්මලී එහෙම හිටියා.

      Delete
    4. ඕක වගේම තියන අනිත් පොත තමයි "පිප්පී"ගේ කතා පොත් සෙට් එක.

      Delete
    5. වැඩබැරිදාස , දැත්තා දෙන්නම ඇවිල්ලා Dunno. ඔය Dude ලොක්කයි උපේක්ෂායි කියන්නේ මෙන්න මේ dunno's adventures කියන පොත් සෙට් එකේ සිංහල පරිවර්තනය ගැන. පරිවර්තකයා දැදිගම වී රුද්‍රිගු. මම දන්නා තරමින් සිංහල පොත් මුද්‍රණය කලෙත් ඔය raduga publishers ලම තමා. මං ළඟ පොත් සෙට් එකම වගේ තිබුණා. මහගෙදර තවමත් පොත් දෙක තුනක් තියෙන්න ඕනේ.

      ජංජාලේ හොයනකොට මේක දැක්කේ. පුදුමේ කියන්නේ අදටත් මේවා එදා තරම්ම රසවත් !

      Delete
    6. Katusu,

      පිප්පි - දිගමේස් කියල පරිවර්තනයක් තියෙන්නෙ ඒකද? මම කියවල නෑ..

      Delete
    7. උදය,

      තාමත් ආසයි කියවන්න නේද?.....:)

      Delete
    8. මෙන්න මෙතන තියෙනව වැඩබැරිදාසගෙ පොතක්ද ඇතුළත්ව පරණ රුසියන් පොත් සෙට් එකක් බාගන්න ඇහැකි.
      http://www.sandakirana.com/
      (මටත් ලිංක් එක හොයල දුන්නෙ සිරිබිරිස්)

      Delete
    9. ලින්ක් එකට ටැංකු ඩ්‍රැකී. වැඩබැරිදාසගෙ පොත් එකක් නෙමේ කීපයක්ම තියෙනවා. සිරිබිරිස්ටත් ටැංකු එකේ බාගයක් දීපන් :)

      Delete
  9. රවී අයියේ....දැන් ඔය මේ කියන කතාව මේ පෝස්ට් එකේ කොයි හරියෙද තියෙන්නේ? හෙවුවා හෙවුවා...ඇස් නිලංකාර වෙනවා විතරයි....

    ReplyDelete
    Replies
    1. කටුසු,

      අර උඹේ ඇස් නිලංකාර වෙන්නෙ...අන්න එතනට ටිකක් පහලින් තමයි තියෙන්නෙ....:)

      Delete
  10. මටත් හිතුනෙම අර උපේක්ෂාට හිතුන දෙයමයි. ඇති යන්තම් අලුතෙන් ජේද දෙකක් ලියල!. මගේ නොඉවසිලිමත්කමද මන්දා දැන්නම් මේ කථාව ඇදෙනවා වැඩී වගේ හිතෙනවා.

    අපේ මල්ලිගේ නෝනෙට දරුවා ලැබෙන්න ඉන්නේ. නංගීට කියන්න ඕනේ අහුබුදු නෝනේ ලඟට යන්න ඕනේ නෑ මම දන්නා කියන කඩවසම්, බුද්ධිමත්, ආචාරශීලි මහත්තයෙක් ඉන්නවා මැදපෙරදිග, උන්දැට කියල මම කොල්ලට ඇහුවම නිකන් කරන්ට් වැදුනා වගේ වෙන නමක් හොයල දෙන්නම් කියල. හැක් හැක් !!!

    ReplyDelete
    Replies
    1. උදය, නමක් ඕනද?...:)

      Delete
    2. උදය
      ඔය සඳරු වගේ අග්‍රගන්‍ය නමක් තමයි 'පඳුරු' කියන්නෙ. ඒක දාපන්

      Delete
    3. උදය,

      මලයට කම්බායක් හම්බුනොත් ජනමූලනායිකා ප්‍රභාසංස්ලේෂණී කියල දාන්ඩ කියපං. සරමක් නම් හස්තමෝචන විසූකදස්සන හොඳයි නේද?

      ඔන්න බලපං මම නොමිලේ මොනතරං සේවයක්ද කරන්නෙ කියල...අහුබුදු නෝනගෙං ඔයවගෙ නම් දෙකක් ගන්ට බෑ රුපියල් තුන්දාහකට එහා වියදං නොකර

      Delete
    4. ලැබෙන්න ඉන්නේ සරමක්. යකෝ හස්තමෝචන කියන්නේ අතේ.....නේද? ඕක දැම්මොත් කොල්ලා ලොකුවෙලා අපහාස නඩුවක් දාවි.

      ඔන්න පැන්සොන් ගියදවසක රවිට නම් ජොබ් එකක් තියෙනවා. ඔබේ දරුවාට අග්‍රගන්‍ය නමක්! අදම හමුවන්න නාම විශේෂඥ පැණිදෙණියේ රවිපඳුරු විරසිහුන්.... හැක්!

      Delete
    5. මං මේ ඊයේ පෙරේදා නම් හොයලා ..හොයල කියුවට හිතලා.. හිතලා.. හති වැටිලා ඉන්නේ.. මට මුන්දව මතක් උනේ නෑනේ.. සක්.

      Delete
    6. Kalyana Mithra,

      තෙසක්‍රිය ප්‍රභාලේඛකපුත්‍ර කියල දාන්ටයි තිබ්බෙ කොල්ලට...:)

      Delete
    7. අම්මප.. දැම්මත් කවුරුත් දැන ගන්න එකක් නෑ සීන් එක.. හැක හැක හැක..

      Delete
  11. //රවී ඉතා කඩවසම් බුද්ධිමත් මෙන්ම ආචාරශීලිය.// මේ අපි දන්න කියන රවී අයිය නෙමෙයි නේද?

    කතාවනං ඔය ඡේදයක් විතරක් ලිවුවත් අපි ඉතිං මොකුත් (නො)කියන්නෙ නෑ. හැක්..

    සරනේරිස්ගේ පුතා අධෝරක්ත පාරජම්බූල උන ආකාරය ගැන සැකයක් පවතී.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මොන සැකයක්ද බං? ඇයි එහෙම නම් තියෙන්න බැරිද?

      Delete
  12. Sinhala camment karanna bari ledak avith hadagannakam tharaha awasara.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      ඕකේ බොස්..නෝ ප්‍රොබ්ලම්...:)

      Delete
  13. මාමණ්ඩි සිපිරි බඩුවක් . දේශපාලන කාටුන්කාරයෙක් වුනානම් රටේම නම තියයි

    ReplyDelete
    Replies
    1. තිලක්,

      අඩේ මාමණ්ඩි ජීවත්වෙලා උන්නනං බෙල්ලෙ වැලදාගන්න එක සිකුරුයි. හිරේ තියා එතුමා පොලීසියකටවත් ගිහින්නෑ වැස්සකටවත්...;)

      Delete
  14. මාමණ්ඩියගෙ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නම්ම් මල් මසුරං. එන්න එහෙමනෙ මිනිස්සු ප්‍රශ්ණ විසඳන්න ඕනෙ. මාමණ්ඩියා ජනාධිපති වෙලා හිටියනම් ලංකාව අද පළවෙනි ලෝකෙ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඇත්තම කියනවනං බොහොම බුද්ධිමත් මනුස්සයෙක්. පැල්වෙහෙරය එක්ක ගහබැණගන්ට ගියේනෑ. වැඩේ දුන්න තිතට පැලාටම ඇවිල්ල බෝඩ් එක අයිං කරන්ට කියල පිංසෙන්ඩු වෙන්ට සිද්දවෙන විදිහට....:)

      Delete
  15. අර උපේක්ෂා කිව්වා වගේ ඇති යන්තන් අද අලුතින් ජේදයක් ලියලා ( ඇත්තම කියනවනම් මටනම් ඔය වටේ යාම එපාම වෙලා තිබුනෙ)
    හැබැයි අර "ඔසරි" ටික " සාරි" කිරීම ගැනනම් සන්තෝසයි. වයිෆ් කිව්වද ඔය යාර හය ඔසරියක් වෙන්නෙ ඇදගත්තම විතරයි කියලා?.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ කලින් කොටසෙදි මම හිතුවේ මේවා මේඩ් අප් ඔසරිවත්ද කියල

      Delete
    2. සඳ වියමන්,

      / ඇත්තම කියනවනම් මටනම් ඔය වටේ යාම එපාම වෙලා තිබුනෙ /

      මොකද අනේ? වටේ යන එක කොච්චර සෝක්ද? පොඩි කාලෙ මෙහෙම සෙල්ලමක් එහෙම කරල නැද්ද ඔබතුමී?

      තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර,
      ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
      රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා
      කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා

      / වයිෆ් කිව්වද ඔය යාර හය ඔසරියක් වෙන්නෙ ඇදගත්තම විතරයි කියලා?. /

      කතාව ඇත්ත. ඇඳිල්ලෙං තමයි සාරිය ඔසරිය වෙනස් වෙන්නෙ. ඒත් අපෙ උන්දැගෙ තියන එව්ව සාරිවලට ගන්ට අමාරුයි. ඔය හෑන්ඩ්ලූම් එව්ව විසේසයෙන්ම. එතනින් ගිහාම එව්වයෙ පාට සහ මෝස්තරත් සාරිවලට ගැලපෙනව අඩුයි.

      Delete
    3. සයුරි,

      නෑ..නෑ..මේඩ් අප් එව්වත් තිබ්බ. ඒත් මෙතන වස්සට අහුවුනේ මේඩ් අප් එව්ව නෙවෙයි

      Delete
  16. මෙතක් දවස් උඹල හෝදපු ඔසරි අද සාරි වෙලා තියෙන්නෙ.හැබෑටම නෝනලගෙ ගෙවල් තව දුරද බං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      දැං ලඟයි...දැං ළඟයි...:)

      Delete
  17. වංජාවක් නැතිව කලින් කියාපු ටිකම ආයේ කියල තියනවා :)
    නම් ටික නං මරු ඔය අවකලනිලා, අනුකලනිලා සෑහෙන්න වද දීල තියනවා අපිට

    ReplyDelete
    Replies
    1. කසුන්,

      කලින් කියපුවම විතරක් නෙවෙයි බොල...:)

      Delete
  18. කතාව කොච්චර කොටද කියනවනං එක වරක් කියවලා ඉවරවෙනකොට පැල්වෙහෙරට පයින් ගිහිං එන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. විචා,

      ආන්න එහෙමයි අපි කතා ලියන්නෙ...:)

      Delete
  19. වැඩේ කියන්නේ මට ඔබතුමාගේ පෝස්ට් බලනකොට මුල හරියෙදි කියවපුවා අගට එද්දි අමතක වෙනවනේ. අන්තිමට කොමෙන්ට් එකක් දාන්න බලද්දී ම්හු මොකුත්ම මතක නෑ. අනිත් මිනිස්සු දාපු කමෙන්ට් බලනකොට තමා ආපහු පෝස්ට් එකේ තිබ්බ එව්වා මතක් වෙන්නේ...අනේ මන්දා මට විතරක් තියන ලෙඩක්ද කියලා...

    ReplyDelete
    Replies
    1. ඕක භයානක ලෙඩක්. 'පඳුරා ෆොගොටනයින් සින්ඩ්‍රෝම්' නොහොත් 'පඳුරු අමතකවීමේ සහලක්ෂණය' කියල කියන්නෙ.

      Delete
    2. සයුරි,

      / මුල හරියෙදි කියවපුවා අගට එද්දි අමතක වෙනවනේ. අන්තිමට කොමෙන්ට් එකක් දාන්න බලද්දී ම්හු මොකුත්ම මතක නෑ. /

      ඔය පෝස්ට් එකේ අගට එනකොට මුල අමතක වෙනවයි කියල ඔය ළමයා කලින් දවසකත් කිව්ව මට මතකයි. ඒ වෙලාවෙ මම කිව්වෙ බ්ලොග් එක කියවගෙන යනකොට ඒ ඒ වෙලාවෙ කියන්ට හිතෙන එව්ව ඒ ඒ වෙලාවෙම ලිව්වනම් හරි ද මොකක්ද ඔය වගෙ කතාවක්...හෙහ්,හෙහ්,

      / අනේ මන්දා මට විතරක් තියන ලෙඩක්ද කියලා…/

      නෑ..නෑ..කලබල නොවනු මැන..ඔය ලෙඩේ මටත් තියනව. අගට එනකොට මුලදි පටන්ගත්තෙ කොහෙන්ද ලිව්වෙ මොනවද කියල අඳෝ සංසාරයක් මතක නෑ...හෙහ්,හෙහ්,

      Delete
    3. ප්‍රසන්න,

      හෙහ් උඹ ඒ පාර දොස්තර උනාද?

      Delete
    4. හෙහෙ...පඳුරා ෆොගොටනයින් සින්ඩ්‍රෝම්. කමක් නෑ එහෙම පොෂ් නමක් තියන ලෙඩක්නම් හැදුනත් මොකෝ...

      @රවී තුමා -
      නෑ නෑ එදා මම කිව්වේ කියවගෙන යද්දී දාන්න දේවල් මතක් වෙනවා අගට එද්දී ඒ ටික මතක නෑ කියලා. දැන් අඩු ගානේ පෝස්ට් එකේ තිබ්බ එව්වවත් මතක නෑ . ලෙඩේ දරුණු වේගෙන එනවද කොහෙද. මේ වගේ බ්ලොග් එකක් ෆලෝ කරලා එහෙම නොවුනොත් තමා පුදුමේ

      Delete
  20. මේක "නිදහස් සිතුවිලිනේ" නිදහසේ ලියන් යනකොට මෙහෙම වැට පැනලා,පඳුරු තලන් යන එක ඉතින් සමනය්යිනේ.එහෙව් එකේ මතෘකාවට අදාළව එක වචන පේළියක් තිබ්බත් ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අන්න බං උඹට තේරෙනව...:)

      Delete
  21. මාමන්ඩිගේ ප්‍රතිචාරය එළකිරි.. වෙලාවක සෙට් වෙන්න වටිනා පොරක්.. :)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අවුරුදු දෙකකට කලින් අප්පච්චි අභාවප්‍රාප්ත වුනා මල්ලි...

      Delete
    2. දැන් රවී කියන්නේ අපේ කමී මාමණ්ඩි එක්ක සෙට් වෙන්න යවනවා කියලද.. අනේ මන්ද.. මමනම් කියන්නේ ඔන්න ඔහේ ඕනෑ නෑ කියලයි..හැක්..

      Delete
    3. අපරාදේ.. :( මගේ බලවත් කණගාටුව!

      අම්බලං.. ඔන්නොහෙ තව ටික කාලයක් ඉඳලම යනවා මාමණ්ඩි එක්ක සෙට් වෙන්න.. :)

      Delete
  22. පැල්වෙහෙර රවීට කියන්නේ බාප්පා කියලනම් ඉතින් අපි රවීට කියන්න ඕන සීය කියලයි..

    ReplyDelete
  23. හ්හ්හාආආ.... රායිට්.යන්තං ටිකක් ඉවරයි.අනිත් ඒව ගැනත් ඔන්න ඔහොම කොළ එලියක් දෙන්ටොකෝ අප්පා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

  24. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...