Friday, February 26, 2016

391. පුවක් එෂැණිං 5 - අලි පැටියෝ ඔයයි මමයි


Dalily Mirror.lk

පුන්සඳ සේම බැබලුනි උඩුවේ දම්මා,
කහවණු අරං පුල් ආතල් බණ කිව්වා,
අලිපැටියෙකුට බැඳි ප්‍රේමය නැත නිම්මා,
කෙලවුනි උඩුවේට අයියෝ පව් අප්පා,

අලියා ගෙනත්දැම්මේ මගෙ දායකයෝ,
මගෙ හද උණුව ඌ මම ඇති කරගත්තෝ,
කල හොඳ මගේ පස්සෙන් දැන් පන්නනවෝ,
හිරගෙට මාව දක්කන්නට වලිකනවෝ,

බය නෑ හිරේ යන්නට උඩුවේ දම්මේ,
හිරබත දෙවේලම කන්නේ කජුකනසේ,
සිහනද කලේ තුන්ලොවටම ඇසෙනාසේ,
අම්මටවූඩු කොහොමද එළ කොල්ලෙක්නේ, 

දවසක් දෙකක් පමණකි ගතවුනෙ යන්තං,
පොලිසිය එනෝ ගෙනයන්නට මා කුදලං,
නියෝගයක් දෙනුමැන අයියෝ තහනං,
උඩුවේ දුවපි සුපිරිං චීවරෙ කරේ තියං,

අංගම්මන සුමන..අංගම්මන සුමන,
අංගම්මන සුමන..අංගම්මන සුමන,
අංගම්මන සුමන..අංගම්මන සුමන,
අංගම්මන සුමන..XX XXXX XXX

උඩුවේ ලෝක දම්මා උඩුවේ දම්මා
උඩුවේ ලෝක දම්මා උඩුවේ දම්මා
උඩුවේ ලෝක දම්මා උඩුවේ දම්මා
උඩුවේ ලෝක දම්මා XX XXX XXX,

54 comments:

  1. රුපියල් දහය ගානේවත් පූජා කරව්
    කියලා ලස්ස හතරක ඇඩ් එකක් දමව්
    මම හිර කලොත් දායකයිනි උඹලට පව්
    ලොක්කා ආයේ ආවොත් අපි දාමු බජව්

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      මෙතුන්ලෝකේ හොඳම පිංකම නිවන් එසැණින් එළඹෙනා!
      උපන්දාසිට කරපු පව් නැත දහය දුන්නොත් උඩුවෙටා!

      ස්තූතියි මල්ලි..ආතල් කවිය...:)

      Delete
  2. මේවා විකාර බං.................. මේවාට අහවල් තැනින් හිනාවෙනවා ඇර කුමක් කරන්නද?????????? මමත් මචං මකරෙක් ඇති කරන්න හිතාගෙන ඉන්නවා.... මං හැමදාම උදේට දැන් දොර ඇරපු ගමන් බලන්නේ කවුරුහරි අපේ ගේ දොරකඩට මකර පැටියෙක්වත් ගෙනත් දාලා තියෙනවාද කියලා.....

    ReplyDelete
    Replies
    1. දැංනං මකරු හම්බවෙන එකක් නෑ බං. නරකද කස්තුරි මුවෙක් ගැනවත් බලාපොරොත්තුවක් තියාගත්තොත්.

      Delete
    2. කුරුටු,

      උරුලෑවෙක් ගැන මොකද කල්පනාව?...:)

      Delete
    3. ප්‍රසන්න,

      කස්තුරි මුවන් දැක නොදමන් නෙලූ පලා...:)

      Delete
  3. නිදහස් සිතුවිලි බ්ලොගයේ තත්ත්ව පාලන නිලධාරී මහතා ප්‍රසූති නිවාඩු ගොස් වගේ.

    ReplyDelete
    Replies
    1. exactly you are correct Ian.I had the same feeling.

      Delete
    2. ඉයන්,

      මොනම දෙයක් ගැනවත් ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා බං...මම මේ කියන්නෙ රනිල් ගැන උනත් එච්චර තමයි...හෙහ්,හෙහ්,

      Delete
  4. Replies
    1. ප්‍රසන්න,

      අලි නේන්නං...:)

      Delete
  5. අරෙහෙ විචාරක...මෙහෙ රවිය...බ්ලොග් කියවන එක අත ඇරලා ගොසිප් සයිට් එකක් බලං ඉන්න තීරණය කලා. අම්මපා! සෙද්ද !

    ReplyDelete
    Replies
    1. රවියි මමයි දෙන්නම කෑගල්ලේ මිනිස්සු හරිය? ගනිං රවියො අර ගෙවිච්ච පිහියා කොටේ.

      Delete
    2. අන්න ඒකනෙ විචා..මම ලෑස්තියි..මරාගෙන මැරෙමු...:)

      Delete
  6. රවීතුමාගෙ බ්ලොග් සටහනුත් නිකම් අර කවුද ඉස්සර දේසපාලන බ්ලොග් සටහන් ලියපු කෝකියාගේ වගේ නෙව දැන්.
    අපිට ඕනේ අර ගුරුතුමිගේ කතාව එහෙම නැත්නම් කුකුලා පිලිස්සු කතාව වගේ ඒවා.
    යුද්දෙ ප්‍රකාශ කිරිමත් පාඨක අපේ අයිතියක් නෙව !

    ReplyDelete
    Replies
    1. රංගි,

      ප්‍රශ්නයක් නෑ..ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සපුරා පිළිගනිමි...:)

      Delete
  7. ඩයිනෝසර්ල වඳවීම ගැන තවත් මතයක්.... උන්ගේ පැටව් අමතකවෙලා දාල යාම. පංසල් තිබුනෙ නෑනෙ ඒ කාලෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      දෙයියම්පල්ල ටයිම් මැෂින් එකක් හදපු දවසක ඉස්සෙල්ලම උඩුවෙ යවන්ට ඕන ජුරාසික යුගයට අම්මල දාල ගිය ඩයිනෝසර් පැටව් රැකබලාගන්ට

      Delete
  8. අලියෙක් නැති පන්සලකින් වැඩක් වෙද
    කහවනු නැතුව කියනා බණ වඳුරු බණ
    මේබැව් නොදන්නා හට වෙයි බෝ අවැඩ
    යකුනේ මමත් මිනිහෙක් බව දැන ගනුව

    ReplyDelete
    Replies
    1. සිරා,

      නියම කවිය..ස්තූතියි...:)

      Delete
  9. කැෂ්මිය සිවුර ඇඳ මේකප් දමාගෙන
    ක්‍රවුන් රතෙන් එයි උඩුවේ බලාගෙන
    වැන්දත් හතරගාතෙන් දිග ඇදීගෙන
    ඉතිරින් මොටද මම ඉන්නේ අනිත් කොන

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මම ඉන්නේ අනිත් කොණ...:)

      Delete
  10. Just leave the poor bugger in peace Ravi. Ummma....

    ReplyDelete
    Replies
    1. Ano,

      I am trying my best but that poor bugger is not letting me leave him alone....:)

      Delete
  11. අන්තිම කවි දෙක තේරුනේ නෑනේ. XX XXX XXX කිව්වෙ.. xoxo ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නෑ ඔය අර තියෙන්නෙ සුමන ගැන සුප්‍රසිද්ධ කවියක්..ඒක ගැන මම කිව්වෙ....:)

      Delete
  12. කහවනු නැතුව කියනා බණ වඳුරු බණ ++++++

    ReplyDelete
  13. අනේ බං රවී. Let them go FUCK themselves.
    උඹ උඹේ ගුරුවරීගැන ලියහං බං. නැත්නං වාං පතුල් ගැන ලියහං. මොකක්ද බං මේ? උඹටත් මරාව හරි බොබසේ හරි අලි පැටියෙක් හරි හම්බවුනාම උඩ පැන පැන තලනවනෙ.

    I miss your writing. Of course not this genre.

    ReplyDelete
    Replies
    1. Henry,

       / Let them go FUCK themselves. /

      The problem is they are not doing that…but trying to fuck us….:)

      Anyway Ok Boss, advice accepted…..:)

      Delete
    2. මානවිකා,

      උඹ මෙතන වැටවල් ගගහ ඉන්නෙ අර IRC කතාව ලියන්ට කල්පනාවක් එහෙම නැද්ද?.....:)

      Delete
  14. රවී... මචං මේ කාලකන්නි නිසා උඹේ ලෙවල් එක නැති කර ගන්න එපා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්...:)

      Delete
  15. මං ඇවිත් නිහඬව කියවල යන එකෙක්. අද නම් අවුල්. මේ කයි කෙලිය ඔබට හරි යන්නෙ නෑ වාගෙ. අර වෙනද වගෙ තිබ්බ නම් තමයි හොඳ. ඇත්ත කියන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබේ අදහස් පලකිරීමට මගේ ස්තූතිය...:)

      Delete
  16. අනේ ඕවා ගැන ලියන්න ගියොත් ලියල ඉවරයක් වෙන්නේ නැහැ රවී තුමා..

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      ඇත්ත මැඩම්.....උපදෙස පිළිගනිමි...:)

      Delete
  17. කවිකාරියක අහිමි කර ගැනීම ගැන කියෙව්වෙමි . කියන්නට වචන නැත. අනේ රවිතුමා තවත් එවන් නිර්මාණ තිබේද ? විභාග අස්සෙ හිරවෙලා උන්නත් අනිවා කියවනවාමයි ඕං . අම්මපා සහතිකයි . ඇස් වලට කඳුළු එන තරමට හිනාවුණා කොහෙද අන්තිමට ඇත්තටම අඬන්න වුණා නෙව. හරිම සුන්දරයි රවිතුමා !!!

    ReplyDelete
    Replies
    1. Methu,

      Thanks so much....

      විභාගෙකුත් තියනවනෙ නේ? ඒ හින්ද කොටස් 12 ක සුට්ටං කතාවක් කියවන්ටකො දැනට නොහැඟවූ ආදරය…Unexpressed Love...මේක පලවෙනි කොටස.....දකුණු පැත්තෙ ප්‍රවර්ග යටතෙ තියනව නොහැඟවූ ආදරය කියල කැටගරි එකක්...:)

      Delete
  18. නිදහසේ කැලයේ වෙසෙන පැටියෙක්
    ගෙනත් දාගෙන කරන් සුරතලෙක්
    කරපු පාපයට උනත් සඟ නමක්
    දානය සුවර් වැලිකඩින් අවුරුදු කිහිපයක්

    ReplyDelete
    Replies
    1. අම්බලං,

      වැලිකඩ යවන්ටම වෙයි වාගෙ...:)

      Delete
  19. ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරණේ සිටින්නියා
    බබුට බයේ දුවන්නියා
    හිටියොත් නඩු දමන්නියා

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ගඟ එගොඩින් කොක්කු ගියා,
      ඉගිලෙනකොට සුද පෙනුනා...

      Delete
  20. අලි මිදුලට එනවා
    මගේ හිත උණු වෙනවා
    ඌ වතුරේ නහවා සතපා
    ආවාසේ මා නිදි කෙරුවා..

    ඌ ඉන්නෙ උගෙ පාඩුවෙ
    මා ඉන්නෙ මගෙ පාඩුවේ
    ඈතට ඔබ යන්න කටපුක වසා ගන්න
    අප මෙහි තබා පාඩුවේ


    අලි එන්න තව මේ ලෙසේ
    පිරවෙන්න අවාසගේ
    ඒ එන අලි පැන්චො
    රැකගන්නෙ නහවාල
    මේ අලි පුතා කල ලෙසේ

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      අම්මප බොටත් හිතෙන එව්ව...:)

      Delete
  21. නියමයි නේ රවී. මගේ බ්ලොග් එකට සම්මානයක් ගන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  22. ඇත්තටම ඉතින් අලියෙක් තියාගෙන හිටියට මක් වෙනවද? සාපේක්ෂව බැලුවහම ලොකු වරද ක් හැටියට පේන්නේ නැහැ. සතාට පව් තමා. නමුත් අපි හුරතලෙට සතුන් ඇති කරන්නේ. අර මහේස්තර්ත් කෙනෙකුත් අරන් තියෙන්නේ. හ

    ReplyDelete
    Replies
    1. Ajith,

      සාපේක්ෂව බැලුවොත් ඒ හැටි ලොකු වරදක් නෙවෙයි කියලත් කිව්වැහැකි. ඒත් මෙතුමා බුද්ධ පුත්‍රයෙක්. සියලු සතුන්ට කරුණාව දැක්වියයුතුයයි වදාල උතුමෙකුගෙ ශාසනයෙ පැවිදිවෙලා ඉන්න පුද්ගලයෙක්. හාමුදුරුවරුත් පෘථග්ජනයො තමයි. ඒත් හාමුදුරුකෙනෙක්ගෙන් අපි බලාපොරොත්තුවෙනව සාමාන්‍ය මනුස්සයෙකුට වඩා උසස් ආදර්ශමත් හැසිරීමක්. රටේ නීතිය හිතූමනාපෙට කඩ කරන්ට සිවුර කියන්නෙ බලපත්‍රයක් නෙවෙයිනෙ.

      අනික මේ මනුස්සය කට ඇරියොත් බොරුමයි කියන්නෙ. අලි පැටිය ලැබුනු විදිහ ගැන දැන් වර්ෂන්ස් දෙකතුනක්ම කිව්ව. " ඔව් ඕයි අලිය මම තියාගත්ත තමයි. ඒක වරදක්නම් මම දඩේ ගෙවන්නං " කියල දඩේ ගෙවල දැම්මනං ඉවරයිනෙ. මොකෝ සල්ලි නැති මිනිස්සුය?

      පලි- නික්සන්ට ගෙදර යන්ට වුනේ වෝටර්ගේට් සිද්ධිය හින්දම නෙවෙයි ඒක වහ ගන්ට අල්ලෙ පැළවෙන බොරු කියපු හින්ද...:)

      Delete
  23. අජිත්,

    බැරිවෙන එකක් නෑ. උත්සාහ කරල බලන්නකො...:)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...