Monday, August 8, 2016

430. සිව්වසරකට පසු - 2 - කෙට්ටු කොලූ, Full Metal Jacket සහ Stanley Kubrick

ඇත්තම කිව්වොත් සද්දයක් ඇහුනෙමත් නෑ. ඒත් මා දිහා කවුද බලා ඉන්නව කියල ඉවෙං වගෙ තේරිල මම හැරිල බැලුව. පඩි පෙලෙං ගොඩ වෙන තැන ඉන්නව හිටගෙන කෙට්ටු කොල්ලෙක්. වයස විසිපහක් වගෙ ඇති. ඊට පිටිපස්සෙ හිටගෙන ඉන්නව අර පල්ලෙහා තට්ටුවෙ රිසෙප්ෂන් එකේ හිටපු කෙල්ල. දෙන්නම ඇස් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නව. 

"අ..පි..මෙ..හෙ..ම..යි..ද..ත්..ම....දි....න්...නෙ..පුං..චි..බු...රු..සු..වෙං......" ඒ විදිහට අර්ධ ශත වර්ෂයකට වගෙ ඉස්සර මොන්ටිසෝරි මිස් කියා දුන්නු විදිහට පොයම් එක ඉවර කරල මම නැවතිල ඔලුව උස්සල අර කොල්ලයි කෙල්ලයි දිහා  බැලුව.

"මාර රස්නයක්නෙ මේකෙ උඩ තට්ටුවෙ තියෙන්නෙ. මොන විදිහට වත් ඉන්ටම බෑනෙ" මම එහෙම කියල ෂර්ට් එක ඈත් කරල පපුවට හුලං ටිකක් පිඹ ගත්ත.......

රිසෙප්ෂනිස්ට් ගෑණුළමයා මා දිහා තව ටිකක් වෙලා බලා ඉඳල යන්තමට හිනාවෙලා පඩි පෙල බැහැල ගියා.කෙට්ටු කොලුව ඉස්සරහට ආව.

"සර්, ෆොටෝ එකක් ගන්නද?" 

"ඔව්,ඔව් ඒකට තමයි මම ආවෙ." 

"නැතුව ආය උඹලගෙ මේ පෝරණුවට එන්නෙ ජහුටා නටනව බලන්ටය" මම එහෙම කිව්වෙ නෑ. හිතුව ඔන්ලි. (ජහුටා නාට්‍ය පිළිබඳව ඔබ තුමාල සහ තුමීල හැමෝම මනා අවබෝදයකින් පසුවෙතැයි යන උප කල්පනය මත පිහිටා ඒ සම්බන්ධව වැඩි දුර විස්තර කිරීමෙන් වළකින්නෙමි.)

පපුවට පිඹින ගමන්ම මම සාක්කුවෙං අර පල්ලෙහයිං දුන්නු රිසිට් එක අරගෙන කොලුවට දුන්න.ෆොටෝ ග්‍රැෆර් කොලුවගෙ ඇඳුම් පැලඳුම් දැනට ඔය ඉන්න කජුකිරි කොල්ලන්ගෙ විලාසිතානුකූලයි. ඒ කිව්වෙ කලිසම තට්ටමෙං බාගෙකට විතර බැහැල.පත බෙල්ට් එකක් තිබ්බට ඒකත් ලූස්. දැක්කහම ඇඟේ ලේ වතුර වෙනව කලිසම දැං හැලෙයි දැං හැලෙයි කියල. (මම මේ ඊයෙ පෙරේද නුවර ඇඳුං කඩවල් මුලු වස්සං පීරුව යන්තමටවත් පස්ස වැහෙන ඩෙනිමක් හොයාගන්ට. කොහෙද එක කඩේකවත් නෑ ඔන්න කිව්වට විස්වාස කරන්ට. අන්තිමට වැඩේ අල්ලල දාල ආපිට ආව) කලිසම නිකං කකුල් දිගේ පේන්ට් කලා වගේ.සපත්තු වල ඉස්සරහ උල අර රජකාලෙ නිලමෙලා දාපු සපත්තු වගෙ.කොණ්ඩෙ හරියට අස්වයෙක්ගෙ මොල්ලිය වගේ ජෙල් ගාල පස්සට පීරල.

වරදවා වටහා නොගනු මැනවි මේ කිසිදු අයුරකින් වර්තමාන ගැටවරයින්ගේ ඇඳුම් විලාසිතාවන් කෙරෙහි අප්‍රසාදය පලකරන්නක් නොවේ. කලින් කල පලින් පල කිව්ව වගේ හැම දෙයක්ම කාලානුරූපව වෙනස් විය යුතුය. වෙන ඉතිං තවත් අහවල් දෙයක්ද අපේ අතිගරු කාලෝ පවා කාලානුරූපව වෙනස් වී ඇති කල..... (මම මේ කිව්වෙ අර ප්‍රොෆ් කාලෝ ගැන...)

පෝටොස් සාප්පුවෙ කොලුවනං හැබැයි අපරාදෙ කියන්ට බෑ හොඳ හැදිච්ච එකා. පෙලක් දැං හැදෙන කොල්ලො ඉන්නවනෙ නාන්නෙත් කං දෙකේ ඉයර් පෝං ගහගෙන.මනුස්සයෙක්ගෙ මූණ බලල කතා කරන්නෙ නෑ. අර සැට් එක කණේ ගහගත්තම ඕකෙම තමයි සිහිය.

"පාස්පෝට් ෆොටෝ එකක් නේද ගන්ට ඕන?" කොලුව ඇහුව. 

"ඔව්..ඔව්..මොකද්ද මේ දැන් පෝටොස් අතට දෙන්නෙ නැති කතාව?"

"ඔව්නෙ...දැං ටික දවසක් වෙනව. ඉමිග්‍රේෂන් එකෙන් කියල තියන අලුත් ක්‍රමේට තමයි තමයි වැඩේ වෙන්නෙ."

"කොහොමද දැං ඔය වැඩේ වෙන්නෙ?" 

"මෙහෙමයි. ඉමිග්‍රේෂන් එකේ රෙජිස්ටර් වෙච්චි ස්ටුඩියෝ තියනව. එව්වට ගිහිල්ල ෆොටෝ එකක් ගත්තම ස්ටුඩියෝ එකෙන්ම ඉමිග්‍රේෂන් වෙබ් සයිට් එකට ගිහිල්ල අප්ලෝඩ් කරන්ට අවසර ඉල්ලනව. එතකොට ටයිම් ස්ලොට් එකක් දෙනව. ඒ ටයිම් ස්ලොට් එක ඇතුලත ෆොටෝ එක අප්ලෝඩ් කරන්ට ඕන." 

"අප්පට සිරි..හෙණ සිරා ගේමක් නෙ බොලේ ඒක...ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ එහෙං ෆොටෝ එක චෙක් කරල ඒ ගොල්ලන්ට ඕන විදිහට තිබ්බොත් ඕකේ කරනව. නැත්තං රිජෙක්ට් කරනව"

"හුටා..එහෙමත් එකක්ද? ඉතිං රිජෙක්ට් කලොත් මොකද වෙන්නෙ?"

"රිජෙක්ට් කලාම ආයම ෆොටෝ එකක් අරගෙන, ආයම ටයිම් ස්ලොට් එකක් රික්වෙස්ට් කරල අප්ලෝඩ් කරන්ට ඕන"

"නෑහ්හ්හ්?... මාර කේස් එකක්නෙ ඒක...ඔය විදිහට කී පාරක් රිජෙක්ට් වෙන්ට පුලුවන්ද?"...මමම ප්‍රශ්නෙ අහල මමම උත්තරෙත් දුන්න. " මම හිතන්නෙ හත්පාරක් වගෙ පුලුවං ඇති. හත් පාරක්ම රිජෙක්ට් වුනොත් ආගමන සහ විගමන පණතෙ 17 ආ..ඊ.උහ්. වගන්තිය අනුව ආයම ඉපදිල අලුත් මූණක් සහිතව අයදුම් කරන්ට කියනව ඇති එකත් එකටම"

"ඒක නම් හරියටම දන්නෙ නෑ. මොකද තවම අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එකක් උපරිම රිජෙක්ට් වුනේ තුන් පාරයි.." කේ.කේ. (කෙට්ටු කොලූ) ෆුල් සිරා පිට කිව්ව.

"ඇත්තද? හරි හරි දැං අපෙ වැඩේ කරමුද? ෆොටෝ එක අරගෙන උඩුගත කරමුද බලන්ට"

"හරි හරි සර් අර එහා පැත්තෙ කාමරේ කෝට් හතර පහක් තියනව. එයිං හරියන එකක් ඇඳගෙන එන්ටකො එහෙනං. එතනම පිටිපස්සෙ වොෂ් බේසින් එකකුයි සබනුයිත් තියනව. තුවායකුත් ඇති" 

"හරි හරි……"

පොඩි ප්ලාස්ටික් දොරක් ඇරගෙන මම අර කොල්ල පෙන්නපු කාමරේට ඇතුල් වුනා. කණ්නාඩි මේසයක් තිබ්බ ඒක උඩ පවුඩර් පනාවක් එහෙමත් එක්ක. මුල්ලක තිබ්බ අර කිව්ව වොෂ් බේසින් එක.එතනම බිත්තියට ගහපු ඇණේක පරණ තුවායකුත් එල්ලල තිබ්බ. තුවායෙ පුස් ගඳ වගෙ මම ඉන්න තැනටත් පොඩි දුර්ගන්ධයක් හැමුව. ඒත් මම හිතන්නෙ ඒ මගෙ හිත් හෝදිසියට වෙන්න ඕන. මොකද එච්චර දුරක් පුස්ගඳක් එන්ට තුවාය තනිකරම පුස්වලින් වැහිල තියෙන්ට ඕන. එත් දැකපු හැටියට එච්චරම කේස් එක සීරියස් නෑ.

කණ්නාඩිය ගලවල කමිස සාක්කුවෙ දාගෙන මූණ සුට්ටක් සෝද ගත්ත සබං ජුංඩකුත් උලලම. අර තුවාය නම් මූණට කිට්ටු කලේවත් නෑ. කලිසං සාක්කුවෙං ලේන්සුව අරගෙන මූණ පිහගත්ත.

දොර ගාවම බිත්තියෙ ඇණ හතර පහක් ගහල එල්ලල තිබ්බ කෝට් බෑ තුන හතරක්. ඔක්කොම හැබැයි අපරාදෙ කියන්ට බෑ අර ඩ්‍රැකියුලා ඒ කාලෙ ඇඳපු කෝට් ද කොහෙද. හැම එකේම වගෙ සුදු පාට පැල්ලම් තිබ්බ කෝට් එක පුරාම. ඒ මොනවද කියල මට තාමත් හිතාගන්ට අමාරුයි. ඊටත් අමතරව ඒ පෞරාණික කබායන් පිස හමාවිත් මා පපුව පුරා පිරී ගියේ ඉතාම චිත්තාකර්ෂණීය පුස් සුගන්ධයකි. කෝට් අතරිං මගෙ ඇඟට හරියයි කියල හිතපු කෝට් එකත් ඇහැක් තරං නහයෙං ඈතට කරල එල්ලගෙන මම ඩ්‍රෙසිං රූම් එකෙං එළියට ආව.

ඇහැක් තරං කියල කියන්නෙ ඔය බෙන්තර ගඟෙං එහා පැත්තෙ ඈයොය කියනවනෙ. "හිච්චි මල්ලියේ, ඇහැක් තරං කාල වහ දාහං" කෑම මේසෙ වැහුං ඇරල එහෙමයි ඒ පැත්තෙ කියන්නෙ. බෙන්තර ගඟෙං මෙහාට නැට්ට කපපු නැති බලු පැටියෙක්වත් ගේන්ට එපා කියල ඔය ආත්තෝපදේසෙකුත් තියෙන්නෙ.

"මේ පුතා... මේ බොලාගෙ කෝට් බෑය අඳින්ටම ඕනද? බලනවකො මේක මැහුවටම පස්සෙ හෝදල නැද්ද කොහෙද. පුස් ගඳක් එනව නහය කඩාගෙන යන්ට"

කොල්ලා මූණ ඇඹුල් කරගෙන කෝට් එක දිහාවෙ බලල ආයම මගෙ මූණ බැලුව "ම්ම්ම්..සර් මේකයි වැඩේ...ඔය ගන්න ෆොටෝ එකේ උරහිස් එක මට්ටමට තිබ්බෙ නැත්තං සමහරවිට ෆොටෝ එක රිජෙක්ට් කරනව එහෙං. ඉතිං උරහිස් එක මට්ටමට එන්ට හොඳම ක්‍රමය තමයි කෝට් එකක් අඳින එක.."

"එහ්..ඒකත් එහෙමද? එහෙනං ඉතිං මක් කොරන්ටද? නහය වහගෙන හරි ඔයගොල්ලංගෙ කෝට් බෑය අඳින්ටම වෙනවනෙ. මම කියන්ටද? ඉස්සරහ නෝටිස් එකක් දාන්න පුරුස පක්සය පාස්පෝට් පෝටොස් ගැනීමට සෙම්ප්‍රතිශ්‍යා වැළඳුනු දිනවල පමණක් පැමිණෙන්නේ නම් කෘතඥ වෙමු.කියල....හෙහ්,හෙහ්, " මමම හිනාවුනා.

දකුණු අතින් නහය මිරිකගෙන වං අතිං කෝට් බෑයක් ඇඳල තියෙන කස්ටිය අත උස්සන්ට බලන්ට. මොන අතද කියල ඇහුව? ඒ ප්‍රස්නෙත් සාධාරණයි තමයි බලාගෙන යනකොට.දකුණෙං නහය මිරිකගෙන වමතිං කෝට් එක අඳිනකොට ඉතිං උස්සන්නෙ අහවල් අතද? හරි. හරි අතක් උස්සන්ට විදිහක් ඇත්තෙම නැත්තං ඔලුව හොල්ලන්ටකො. ඔලුව හොල්ලන්ට ඕන පොළවට ලම්බකව හොඳද? හරි කොහොම හරි කමක් නෑ වදෙං පොරෙං ඒක හස්තක භාවිතාවෙං කෝට් බෑය ඇඳ ගත්තයි කියමුකො.

කෝට් එකේ පෝරුදාලා තිබුනු රෙද්ද (කෝට් වල වගෙ පෝරු දානවා කියන්නෙ කෝට් එකේ ඇතුලතින් දුහුල් රෙද්දක් අල්ලනවට. Lining කරනව කියල ඉංග්‍රීසියෙන් කියන්නෙත් ඒකටමයි) තැනින් තැන දිරල ගිහිල්ල ඒ තැන්වල හිටපු කාවො ද මොක්කුංද මංද ඔන්න මගෙ ෂර්ට් එක පුරා දුවන්ට ගත්ත. ඒ පාර දණිපණි ගාල කෝට් එක ආයම වදෙං පොරෙං ගලෝල ගැසුව ඒ වැඩ වාසය කල සත්ව ගහණය ඉවතට වීසිවී යන ලෙස.ඊට පස්සෙ ආයම ඔන්න කෝට් බෑයත් ඇඳ පැළඳගෙන අර කෙට්ටු කොලුව පෙන්නපු ස්ටූල් එකේ වාඩිවුනා.

කෙට්ටු කොලූ තෙමේ අර දෙපැත්තෙ තිබ්බ සුදුකුඩ දෙකක ලයිට් එහෙම පත්තු කරල ඉස්ටෑන්ඩ් එහෙක රඳවල තිබ්බ කැමරාව පිටිපස්සට ගියා.මට මතක් වුනේ තුන්හැවිරිදි, සිව්හැවිරිදි කාලෙ බදුල්ලෙ එතකොට මාතර අපි ඉන්දැද්දි පෝටොස් අල්ලන්ට ඉස්ටූඩියෝ එකට ගිහිල්ල අල්ලන ජල්ලිය. ඒ කාලෙ ඉස්ටුඩියෝ වල තිබ්බෙ මහ විසාල කැමරා තඩි. එව්ව එකක් අඩුගානෙ අඩි හයක් වගෙ වත් උහයි. කකුල් හතරකිං හිටවල කැමරාව උඩිං කලු පාට රෙද්දක් වහලත් තිබ්බ. පොටෝ කාරය ඔය කැමරාව පිටිපස්සට ගිහිල්ල ඔය කලු රෙද්ද ඔලුවෙ ඉඳල වහ ගන්නව.

මේ වගේ කැමරාවකින් තමයි ස්ටුඩියෝ එකේ ෆොටෝ ගත්තෙ.
ඒත් මෙතන ඔලුව වහගෙන නෑ. Google Images.

පොඩි කාලෙ මට හැමදාම පොටෝ කාරයා ඔය කළු රෙද්ද අස්සෙ නටන නාඩගම දැක්කම හිනායනව. ඉතිං අනිවාර්යයෙන් ඒ කාලෙ ගත්තු මගෙ පෝටොස් වල මම ඉන්නෙ බොහොම අපූරුවට හිනැහිලා. ඒ පොටෝ දැක්ක දැක්ක අය කියන්නෙ අනේ හරි සිටියාවයි පොඩි එකා කාලෙ කියල. අපේ ප්‍රියම්බිකාස් තොමෝත් වෙලාවකට අහනව "ඔහේ පොඩි කාලෙ නම් සිරියාවට හිනාවෙලා ඉන්නව. කොයි කාලෙ වගේද ඔය මූකළං බස්සෙක් වගෙ තිස්ස දෙවේලෙ ඔරෝගෙන ඉන්ට පුරුදු වුනේ?"  කියල.මම ඉතිං කියන්නෙ "ආය ඕක අමුතුවෙං අහන්ටත් දෙයක්ය ඔහේ මුණ ගැහුනයිං පස්සෙ තමයි" කියල...

පුංචි සංදියෙ මාසෙකට පාරක් කොණ්ඩෙ කැපිල්ලයි, අවුරුද්දකට සැරයක් උපං දිනේ දවසට පෝටොස් එකක් ඇල්ලිල්ලයි වතාවතක් වගෙ අපෙ අම්ම කරගෙන ආව මයෙ හිතේ මට අවුරුදු හය හතක් වෙනකල්ම. ඊට පස්සෙ ඉතිං උපංදිනේට පොටෝ ගැනිල්ල ඉබේටම වගෙ ලොප් වෙලා ගියා සහ කොණ්ඩෙ කපා ගැනිල්ල මමම සැලූන් එකට ගිහිල්ල කරගන්ට පටං ගත්ත.

මාසෙකට පාරක් කොණ්ඩෙ කැපිල්ල මට මහ වදයක් වුනත් මම ඒ වදේ ඉවසන්ට පුරුදු වුනේ කොණ්ඩෙ කැපිල්ලෙං පස්සෙ අම්ම අරං දෙන අයිස් ක්‍රීම් කප් එක හින්ද. ස්කූප් එකෙන් අරගෙන වීදුරු කප් එකට දාල කහ පාට වේෆර්ස් එකක් එහෙම ගහල පැත්තකිං රිදී පාට හැන්දක් එහෙම පිළිවෙලට තියල සුදුපාට කරවහපු කෝට් බෑයකිං සැරසුණු වේටර් කෙනෙක් බන්දේසියක තියල ගෙනල්ල පිළිගන්නන අයිස්ක්‍රීම් එක රස විඳින එක ඒ පුංචි කාලෙ මගෙ ජීවිතේ මාසයක් ලුලුල්ලේ අපේක්ෂා සගගතව බලා හිඳින රසවත් සංසිද්ධියක් වෙලා තිවුණා.


Google Images

ඒ දවස්වල කොණ්ඩෙ කැපිල්ල මට මහ වදයක් වෙලා තිබ්බෙ ඇයි දන්නවද? මට ඒ කාලෙ හරිම හංකිචි. ඒ කාලෙ කොණ්ඩෙ කපන අර පොඩි අත් ට්‍රැක්ටරයක් වගෙ මැෂින් එක බෙල්ල ගෑවෙන කොට මට ඉහිලුං නැතුව ගිහිල්ල ඇඹරෙන්ටයි බෙල්ල නවන්ටයි ගත්තම අර අහිංසක කරණවෑමියා කොහොමද දෙයියනේ හරි හමනකට කියල කොණ්ඩෙ කපන්නෙ? බැරිම තැන ඒ මනුස්සය කලේ අර අත් ටැට්ටරේ පාවිච්චි නොකර තනිකර කතුරෙං විතරක් මගෙ කොණ්ඩෙ කපන එක. ඒ වැඩිපුර මහන්සියට සහ ගතවෙන වෙලාවට මට මතක විදිහට අපෙ අම්ම කරණවෑමිස් තුමාට පොඩි ගාණක් වැඩිපුර ගෙව්වා.

ඔය යටගියාව මතක් වෙලා මගෙ තොල් ඉබේටම ඈත්වෙච්චි පොඩි මදහසකින්. 

"හා..හා..සර් හිනා වෙන්ට එපා...තොල් පියාගන්ට තොල් පියාගන්ට" කෙට්ටු කොලූ තෙම අඩ අඳුරෙ ඉඳගෙන බෙරිහං දීපි.

මම වහාම ක්‍රියාත්මක වන පරිදි මදහස පිහදාගෙන තොල් තදින් පියාගත්ත.

"දෙන් වයිප් දැට් ඩිස්ගස්ටිං ග්‍රින් ඕෆ් යුවර් ෆේස්" එහෙම කියන්නෙ ගනරි සාජන්ට් හාට්මන්, ෆිල්ම් එක ඇවිල්ලා ෆුල් මෙට්ල් ජැකට්. මම බලපු අමතක නොවන චිත්‍රපටයක්. වියට්නාම් යුද්දෙ කාලෙ අමරිකා හමුදාවෙ මැරයින් සෙබළුන් පුහුණු කරන කඳවුරක් අලලා හදපු චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය ස්ටැන්ලි කුබ්රික්. සුප්‍රසිද්ධ 2001 -A Space Odyssey ෆිල්ම් එක හැදුවෙත් ස්ටැන්ලි කුබ්රික්ම තමයි.

Google Images

Gunnery Sergeant Hartman: "Do you think I'm cute, Private Pyle? Do you think I'm funny?"

Private Gomer Pyle: " Sir, no, sir!"

Gunnery Sergeant Hartman: "Then wipe that disgusting grin off your face."

Private Gomer Pyle: "Sir, yes, sir."
[tries to stop smiling]

Gunnery Sergeant Hartman: "Well, any fucking time, sweetheart!"

Private Gomer Pyle: "Sir, I'm trying, sir."

Gunnery Sergeant Hartman: "Private Pyle I'm gonna give you three seconds; exactly three-fucking-seconds to wipe that stupid looking grin off your face or I will gouge out your eyeballs and skull-fuck you! ONE! TWO! THREE!"

Private Gomer Pyle: "Sir, I can't help it, sir."

Gunnery Sergeant Hartman: "Bullshit! Get on your knees scumbag!"
[Pyle drops down to his knees]

Gunnery Sergeant Hartman: "Now choke yourself."
[Pyle wraps his own hands around his throat]

Gunnery Sergeant Hartman: "Goddamn it, with MY hand, numb-nuts!"
[Pyle reaches for Hartman's hand]

Gunnery Sergeant Hartman: "Don't pull my fucking hand over there! I said choke yourself; now lean forward and choke yourself!"
[Pyle does so]

Gunnery Sergeant Hartman: "Are you through grinning?"

Private Gomer Pyle: [gagging] "Sir, yes, sir."

Gunnery Sergeant Hartman: "Bullshit, I can't hear you!"

Private Gomer Pyle: [louder] "Sir, yes, sir."

Gunnery Sergeant Hartman: "Bullshit, I STILL can't hear you! Sound off like you've got a pair!"

Private Gomer Pyle:"SIR, YES, SIR!"

Gunnery Sergeant Hartman: "That's enough! Get on your feet. Private Pyle you had best square your ass away and start shitting me Tiffany cufflinks or I will definitely fuck you up!"

Private Gomer Pyle:"Sir, yes, sir."

මේ ඒ ෆිල්ම් එකේ තවත් අපූරු ඩයලොග් එකක්.

Gunnery Sergeant Hartman: "Did your parents have any children that lived?"

Private Gomer Pyle: "Sir, yes, sir."

Gunnery Sergeant Hartman: "I bet they regret that. You're so ugly you could be a modern art masterpiece! What's your name fat body?"

Private Gomer Pyle: "Sir, Leonard Lawrence, sir."

Gunnery Sergeant Hartman: "Lawrence? Lawrence what... of Arabia?"

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "That name sounds like royalty. Are you royalty?"

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "Do you suck dicks?"

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "Bullshit. I bet you could suck a golf ball through a garden hose."

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "I don't like the name Lawrence, only faggots and sailors are called Lawrence. From now on you're Gomer Pyle."

Private Gomer Pyle: "Sir, yes, sir."

65 comments:

  1. Full Metal Jacket ෆිල්ම් එකේ දත් මද්දවන සීන් එකක් තියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. රුවන්,

      එහෙම සීන් එකක් තියනවද? මට මතක නෑනෙ...

      හැබැයි Hmburger Hill ෆිල්ම් එකේ නම් තියනව දත් මදින සීන් එකක්....:)

      Delete
  2. Full Metal Jacket ආපහු බැලුවා වගේ.. හැබැට අපි මොකක්ද කියව කියව හිටියේ?

    ReplyDelete
    Replies
    1. //හැබැට අපි මොකක්ද කියව කියව හිටියේ?//

      //මම ඉතිං කියන්නෙ "ආය ඕක අමුතුවෙං අහන්ටත් දෙයක්ය ඔහේ මුණ ගැහුනයිං පස්සෙ තමයි" කියල...//
      කිවුවට පස්සෙ ආරම්භ වීමට නියමිත තෙවන ලෝක යුද්ධයේ සමාරම්භක අවස්ථා ගැන.

      Delete
    2. කළ්‍යාණ සහ ප්‍රසන්න,

      /හැබැට අපි මොකක්ද කියව කියව හිටියේ?/

      ඒ ගැන එච්චර හිතන්ට එපල්ල බොලව්...:)

      Delete
  3. එකපාරටම ලයිට් ගියාද කොහෙද , පස්සෙ ඇව්ත් කියවන්නම් . ( මලලසේකර මාම කොහෙ ගිහින්ද මන්ද ?)

    ReplyDelete
    Replies
    1. ලයිට් ගිහිල්ල නෙමෙයි බොල උඹ කලන්තෙ දාල වැටිල. හැක්..

      Delete
    2. කම්මල,

      මතක ඇතුව බිල ගෙවපං..මේ දවස්වල විදුලි මල බණ්ඩලේට සල්ලි නෑ. ලයිට් බිල රුපියල් පන්සීය පැන්න ගමං විසන්දි කොරනව දැනුං දීමකිං තොරවම...:)

      Delete
  4. යකෝ මේ කොමෙන්ට් දාල තියෙන දෙන්න මැටල් ජැකට් එකක් ගැන මිසක් රවියගෙ කොණ්ඩෙ කපන/ෆොටෝ අල්ලන සීන් ගැන නෙමෙයිනෙ කොමෙන්ට් දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්,හෙහ්, ඒ ගැන ඩෝන්ට් වොරි, නෝ ප්‍රොබ්ලම් ඇටෝල්..

      Delete
  5. ඔය අත්ටැට්ටරෙන් කොණ්ඩෙ කපනකොට කාට උනත් කිති කැවෙනව. හොඳ වෙලාවට දැං ඒක වෙනුවට තියෙන්නෙ ඉලෙක්ට්‍රික් ටැට්ටර් එකක්.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      දැං අවුරුදු පහළවක් වගෙ වෙනකලුත් පිළිමතලාවෙ එක සැලූන් එහෙක කොණ්ඩෙ කැපුවෙ ඔය අත් ටැට්ටරෙං. අර ටිපිකල් පරණ තාලෙ සැලූන් එකක් ඒක. පස්වන ජෝර්ජි මහ රජතුමාගේ සහ මේරි බිසවුන්නාන්සෙගෙ එතනිං ගිහාම එළිසබෙත් රැජිනගෙ මෞලි මංගල්‍යයෙ එහෙම රාමු කරපු පොටෝ එල්ලල තිබ්බ වටේටම. තව ඩී.එස්. ඩඩ්ලි, සර් ජෝන්, එස්.ඩබ්.ආර්.ඩී. ....එයාලගෙත් පොටෝ තියනව. මම එහෙ ඉන්නකල් කොණ්ඩෙ රැවුල කැපුවෙ එතනිං.ඒ ගැන ලියන්නං සවිස්තරව මගේ කරණවෑමි කතා පටන් ගත්තම...:)

      එතන රැවුල කපන්නෙ දැලි පිහියෙං නොහොත් කර කැත්තෙං, පිහිය මුවහත් කරන්නෙ කරගලේ උලල. කරගල ගගා එන්න, කරගල ගගා එන්න කරණ්වෑමි සොහොයුරාණනේ...ගුණදාස කපුගේ සහ රත්න ශ්‍රී විජේසිංහ යන මහත්වරු දෙදෙනා...:)

      කරගල ගගා එන්න
      කරගලගගා එන්න
      කරණවෑමි සොහොයුරාණනේ
      කරදර තැවුල් බරින් 
      මා හිස මුදාලන්න....

      නමනා සිරස ඔබට
      ඉසුරින් පිරුණු දනට
      ඔබ හිස රැගෙන යතැයි
      බිය සැක නැතුවා
      පාමින් ඔබට නිකට
      ඔච්චම් කළ එවුන්ට
      අහිතක් නැත ඔබ සිතුවා...

      බී දිය දමා බිමට
      ගන දුන් දී බුදුන්ට
      ඔබ පිල්කඩට වෙලා
      බලා ඉන්නවා
      මඟුලැතු ඇවිත් රුවට
      ඔබගේ සැලුන් දොරට
      හීනෙන් දෙදණ නමනවා....

      පද රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - ගුණදාස කපුගේ
      ගායනය - ගුණදාස කපුගේ

      Delete
  6. ඔය ස්ටුඩියෝ වල තියෙන කෝට් ගැන කියනවනං කොයි තැනත් තත්වෙ ඔය ම තමයි. ඔයින් එකක් ඇඳල සමාජ රෝගයක් උනත් බෝ උනොත් ඒක අරුමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      සමාජ රෝග බෝවෙන්නෙ කොහොමද බොල කෝට් වලිං?

      ආ..හරි..හරි..එතකොට ගොඩකවෙල පැත්තෙ ඒ වැඩ කටයුතු කෙරෙන්නෙ එහෙමයි නේද? ඒක හොඳයි දැන ගත්ත එකත්...:)

      Delete
    2. ඉලව්වයි. ගොඩකවෙල ස්ටුඩියෝ කාරයො මට එරෙහිව කැති පොළු උරුක් කරයිද මන්ද.

      Delete
  7. මං හිතනාකාරයට රවී අයියගෙ ෆොටෝ එක උඩුලෝඩ් කරන්නනං අර කේ.කේ. ට හත් පාරකට වඩා ට්‍රයි කරන්න වෙන්න ඇති. පවු අහිංසකය. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ..නෑ..එහෙම උනේ නෑ....කේ.කේ. වැඩ කාරය.....:)

      Delete
  8. Full Metal Jacket movie එක බලලා නෑනේ.... download වෙන්ඩ දැම්මා, ඒක බලලා එන්නම්....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      බලපං බලපං මරු ෆිල්ම් එක...:)

      Delete
  9. ජහුට නටනවා බලන්න තිබ්බා එදා වසන්තය සම්මානේ ගන්න ආවනම් ,අපේ නිට්ටාවා හොයා ගන්නකොට ජහුට නට නටා හිටියේ , කොහෙද ඔයා අවේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      අනේ ඒකනෙ බං එන්ට බැරිවුනානෙ...වෙරි සෑඩ්... . ආවනං අනිවාර්යයෙං වෙරි සෑන්ඩ් වෙන්ට තිබ්බ...:)

      නිට්ටෑවගෙන් මේ ලඟදි යාලුවෙක් ඇහුවලු "Hey I heard that you have written a book about porcupines, I never thought that they are so important to even write a book about"

      Delete
  10. අස්සයගෙ මොල්ලිය මොන වගේද කියල තාම කල්පනා කරනවා.

    ReplyDelete
  11. උඹ කොහෙන් හරි හොයාගෙන "හෝ ගාන පොකුණ" බලහන්... එකේ තියෙනවා ජයලත් මනෝරත්න ලයිසොන් එක ගන්න, පොටෝ එකකට ඉන්න හැටි... මුළු සෝ එකටම ඒ ටික උනත් ඇති.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      බලන්න ඕන බං...ජයලත් මනෝරත්න කියන්නෙ අද අපිට ඉන්න අග්‍රගන්‍ය නළුවෙක්....:)

      Delete
    2. if u need it lemme know. i have a dvd copy

      Delete
  12. මෙය කමෙන්ට් එකක් නොවේ.

    මම අන්තිමට කමෙන්ට් එක දාන්නම් අනිත් උන් දැම්මට පස්සෙ. මොකද උඹ මගෙ කමෙන්ට් එකට කලින් එකෙන් කමෙන්ට් කිරිල්ල නවත්තන හන්දා.

    මෙය කමෙන්ට් එකක් නොවේ

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් :D

      Delete
    2. මම මේ ගැන කො.කා. සභාපති හැටියට විශේෂ කමිටුවක් පත් කරල සොයල බැලුව. ඩූඩ්ගෙ ගියපාර කොමෙන්ට් එකට රවී අයියගෙ ප්‍රතිචාර පමාවීම ගැන අපි දෙපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ පරීක්ෂණයක් පවත්වල ත්‍රිපුද්ගල නිරීක්ෂණයක් කරල සිවුපුද්ගල නිගමනයකට එලඹෙනව.
      නැද්ද ලේකම් තුමා. හැක්..

      Delete
    3. ඩූඩ්, 

      /මෙය කමෙන්ට් එකක් නොවේ/

      අර අර දොම්පෙ පැත්තෙ කවුද එකෙක් සුද්දෙකුට පාර කිව්ව වගේ..."අර ජන්සන් නෝ ජන්සන්...ගෝ ...ගෝ..ගෝ...ඊලඟ ජන්සන්..ආන්න ජන්සන්..."

      Delete
    4. Prasanna,

      / අපි දෙපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ පරීක්ෂණයක් පවත්වල ත්‍රිපුද්ගල නිරීක්ෂණයක් කරල සිවුපුද්ගල නිගමනයකට එලඹෙනව. /

      ඊට පස්සෙ පන්සිල් කාරිය අරගෙන සය රෝගයෙන් පීඩා විඳින රෝගීන් හට හත් මාලුවක් එක්ක බත් වේලක් කන්න දෙනව.

      Delete
    5. ඊට පස්සෙ ඉතිං අටබාගෙ පංසලකට ගිහිල්ල නවගුණ වැල ගණින්න තමයි වෙන්නෙ. හැක්..

      Delete
    6. දොම්පෙ පැත්තෙ එකෙක් එහෙම කිව්වෙ නෑ බං ඒක කිව්වෙ උඩුරාවණ. මාලිගාව ගාවදි. ඉන් පස්සෙ දළදා මාලිගාවෙ පඩි පෙල නගින හැටිත් කිව්වලු මෙහෙම

      "ටර්න් ලෙෆ්ට්, ගෝ, ටර්න් රයිට් ගෝගෝගෝග්ගෝගෝගෝගෝග්ගෝගෝගෝගෝග්ගෝගෝගෝගෝග්ගෝ ඇන්ඩ් ගෝ

      Delete
    7. ඒ සුද්දගෙ බොඩි එක වෙන්න ඇති අර මාළිගාව වටේ තියෙන දිය අගලෙ වැටිල තිබිල හම්බඋනේ.

      Delete
  13. ජහුට කියන්නෙ අර
    "අ දිලෙන තරු යව්වන සබාජය විෂින් සන්විදානය කරනු ලභන
    අ කුරුණෑගල අ වයඹ සද්සර ඉදිරිබත් කරන දෙබස් කථන මුද්‍රා නාට්‍ය අදි සාර්දක තෙවන දිනය එනම් අද දිල රාද්‍රී හතේ සිට ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේදී පැවැත්වේ ඔබ සැමට ආරාධනා... ස්දූතියි !"
    කියල අනව්න්ස් කරල කරන එව්වද :D

    ReplyDelete
    Replies
    1. ශ්‍රංග ගේ ඤාති කවුරුහරි..

      Delete
    2. http://www.silumina.lk/punkalasa/20100425/_art.asp?fn=ar10042510

      Delete
    3. නිර්නාම,

      අන්න හරි එව්වට තමයි ජහුටා කියන්නෙ...:)

      Delete
    4. කළ්‍යාණ,

      ශ්‍රංගය මට කෝල් එකක් දීල එක පොයියංගමයි අපේ ගෙදර එන්ට අහල. චූටිමැණිකෙ කවදාවත් නුවර වැව එතකොට මල් වත්ත එහෙම දැකල නැතය. බලන්ට බොහොමත්ම ආසාය..අරකද මේකද එක ඇඬියාවයි. ඒකෙ නං අවුලක් නෑ. උං දෙන්නට ඔය පිල්කඩේ පැදුරක් හරි දාල දෙන බරුවය. ඒත් මේකා අර සඳමාලිද මොකීද කියන්නෙ..අර බැළලි.. ඒකිත් මල්ලක දාගෙන එන්ට ලැහැත්තිය. අනන්ත කිව්ව ඔය බළල් පාඬි මට ඇලජික්ය ඒ හින්ද බැළලි තියල වරෙල්ලය කියල. කොහෙද... එහෙනං අපි දෙන්නත් එන්නෙ නැතය කිව්ව. මට මොකෝ එහෙනං කුද ගහ ගනිල්ලය කියල මාත් නිකා හිටිය.

      Delete
    5. Prasanna,

      Thanks dear....:)

      Delete
  14. ෆොටෝස් ගන්න විදින දුක දැක්කම හිතෙන්නේ නැද්ද ඉමිග්‍රේෂන් එකෙන් දැම්මා නම් හරි කියලා ගෙදර ඉඳන් "සෙල්ෆියක්" ගහලා උඩුගත කරන ක්‍රමයක් එහෙම.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඉස්සරහට එහෙමත් ඒවි තමා...:)

      Delete
  15. ඈ බං පරණ කෝට් ඇඳ ඇඳ දඟලන්නෙ අහවල් මඟුලකටද, නිකං පොටෝ එකක් අල්ලල ටයි කෝට් බෝ ඔක්කොම පොටෝෂොප් වලින් දාන්න ඇහැක් කාලෙ එහෙම කළා නං ඉවරනෙ. අර ජේ ආර් ද කවුද ටයි ඒකයි බෝ එකයි දෙකම දාගෙන හිටපු කතාව මතකද?

    ReplyDelete
    Replies
    1. ලොක්කා ටයි නං ටයි බෝ නං බෝ ටයි බෝ දෙකම බෑ හරිය

      Delete
    2. හැලප,

      ෆොටෝ ෂොප් වලින් කිසි දෙයක් කරන්න දෙන්නෙ නෑලු දං පාස්පෝට් ෆොටෝ වලට. පූර්ණ ස්වාභාවික වෙන්න ඕනලු.

      අනික ඒ කෝට් එකේ තිබ්බ පුස් ගඳේ හැටියට ෆොටෝ ෂොප් වලින් දැම්මත් අනිවාර්යයෙන්ම ගඳ එන එක එනවමයි.

      Delete
  16. කොන්ඩෙ කැපීම ගැන වෙනමම සීරියස් එකක් ලියන්ඩ තියනව කියල කව්ද මන්ද කෙනෙක් කොහෙ හරි ලියලා තිබුණා වගේ මතකයි :)
    ඔච්චර අමාරුවෙන් ගත්ත පොටෝ එකත් මේකට දැම්මනම් මක් වෙනවැයි :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      කොණ්ඩ කැපිල්ල ගැන වෙනම ලියන්ට ඕන තමයි...:)

      ඉඳපන්කො දාන්නම් එකක්...:)

      Delete
  17. යකෝ මේකේ අතුරු කතා ඉතරයිනේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දුකා,

      කඩුව ගිලීමේ පාඩම අදට අවසානයි. කඩුව එලියට ගැනීමේ පාඩම ලබන සතියේ බලාපොරොත්තු වන්න.

      Delete
  18. Replies
    1. Ratathota,

      veri gud, I like you like reed this stori

      Delete
  19. රවී අයියේ A Clockwork Orange බලල තියෙනවද.. බැරිද ඒක ගැන විචාරයක් ලියන්න.. හෙහ් හෙහ් මට ඒ ෆිල්ම් එක හරියට තේරුනේ නැද්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      අඩේ ඒක බලල නෑ බං.....:(

      Delete
  20. මම ජහුටා නාට්‍ය දෙකක් බලලා තියෙනවා.මරේ මරු..ඒ නාට්‍ය කලාව ගැන රවී මාමා වෙනම ලිපියක් ලියනව නම් ඉතා ලයික් යැ..

    කොණ්ඩ කැපීම ගැන නම් මාත් ළඟදි ලිපියක් ලිව්වා.ඇත්ත වසයෙන්ම ලිව්වේ දිග කොණ්ඩයක් පැවතීමේ ආදීනව ගැන.ඒක ලියන් යද්දි මතක් වුණේ ඉස්සර අම්මා මගෙ කොණ්ඩෙ කපපු හැටි.ගෙදරම තමා බාබර් සාප්පුව.ඒ මතක ආපහු සැරයක් මතක් වුණා මේ ලිපිය කියවද්දිත්..))

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,

      මමත් එක ජහුටා එකක් බලල තියනව. තව තොරතුරු හොයාගත්තොත් ලියන්නම් ඒ ගැන...:)

      ඔයාගෙ කොණ්ඩ ලිපිය යන්තං දැක්ක වගෙ මතකයි. ඒත් පහුගිය ටිකේ බොහොම කාර්ය බහුල වෙලයි හිටියෙ.හෙමිහිට කියවන්න ඕන නිවාඩු පාඩුවෙ...:)

      Delete
    2. වයඹ පලාතේ නම් ජහුටා නාට්‍ය ඇති තරම් තියනවා..
      මේ පැත්තෙ ආවොතින් ඕනෙ තරම් දැක බලාගන්න පුළුවන්.
      හෙට අපේ ගෙවල් කිට්ටුව පන්සලකත් තියනවා කියලා ආරංචි

      Delete
  21. කැරකිල්ල ගතියක් වගේ දැනෙනවා... ඇත්තටම මොකද්ද මම කියෙව්වෙ මතක නෑ අප්පා... ආ.... අස්ප මොල්ලිය.හරි හරි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලෝගී,

      අන්න හරි අස්ප මොල්ලිය ගැන තමයි අද ලිව්වෙ....:)

      Delete
  22. කෝට් කතාවට එහා මේකේ තියන කමෙන්ටු ටික... :D

    කේ.කේ. ඔය වගේ කී දෙනෙකුගෙන් කයි කතන්දර අහනවද දන්නේ නැහැ...පව් අහිංසකයා...

    එක ෆොටෝ එකක් ගන්න මදැයි වෙලා තියෙන මහන්සියක් රවී...මෙහෙ නම් ඩිජිටල් කැමරා එකින් අරගෙන අනුමත කරපු වෙබ් සයිට් එකට අප්ලෝඩ් කලාම ෆොටෝ එක හරිගස්සන පුළුවන් උවමනා ප්‍රමාණයට, ඒ වගේම ඒකෙන් කියනවා ෆොටෝ එක උවමනා තත්වයෙන් තියනවද කියල...ඒ වගේ ඔන්ලයින් ක්‍රමයක් අපේ රටෙත් සකස් වෙනවා නම් කොයි තරම් දෙයක්ද...

    ReplyDelete
  23. බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
    නුඹ මුවෙන් පවසන නිසා

    අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක්

    ReplyDelete
  24. මුහුණු පොතේ කොමෙන්ට් එකකින් ආවෙ.....

    හැක් හැක්....ස්ටූඩියෝ වල කෝට් බැයවලුයි ටයි බෑයවලුයි ගැන කතාකරල වැඩක් නෑ

    ReplyDelete
  25. ජහුටා නැටුම මොකක්ද කියල ගූගල් දෙයියගෙන් ඇහුවොත් කියයිද රවී අයියෙ..?අර ටවල් එකෙන් මූණ පිහ දැම්මනං අද මේක ලියන්න ඔයා ඉතුරු වෙන්නෑ, මට හොඳටම විස්වාසයි.

    ReplyDelete
    Replies
    1. වයඹ පලාතේ නම් ජහුටා නාට්‍ය ඇති තරම් තියනවා..
      මේ පැත්තෙ ආවොතින් ඕනෙ තරම් දැක බලාගන්න පුළුවන්.
      හෙට අපේ ගෙවල් කිට්ටුව පන්සලකත් තියනවා කියලා ආරංචි

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...