ලී බංකුවක් මත තැබූ කහ පැහැති මලක්.. |
Coincidence නැත්නම් සමපාත සිදුවීම් ගැන දන්නව නේද? ඒ කියන්නෙ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැතැයි බැලූ බැල්මට දිස්වන සිදුවීම් දෙකක් එකවර එහෙමත් නැත්නම් ඉතා කෙටි කාල පරාසයක් තුල සිදුවීම. ඈස් ඇන් එග්සාම්පල් මේ වගෙ එකක්. කාලෙකින් හම්බවෙච්චි නැති යාලුවෙක් ඔන්න හීනෙං දැක්කයි කියමු. "මොකද එහෙම දෙයක් උනේ කවදාවත් නැතුව?" කියල පහුවදා හිත හිත ඉන්නකොට මෙන්න උගෙං කෝල් එකක් එනව. "මචං බොහොම අමාරුවෙං උඹේ නොම්මරේ හොයාගත්තෙ? ඉතිං ඉතිං කොහොමද දැං?" ඔන්න ඔහොම කියල...හෙහ්,හෙහ්,
මගෙ ජීවිතේ බොහොම බහුල සිදුවීමක් ඔය Coincidences කියන එව්ව. මම ඇවිල්ල හිටං සමපාත සිදුවීම් ප්‍රණත පුද්ගලයෙක් කියලත් කිව්වැහැකි...හෙහ්,හෙහ්.. ඉංගිරිසියෙන් කිව්වොත් Coincidences prone. Prone කියන එකේ සිංහල වචනෙ ප්‍රණත කියල මට කිව්වෙ මගේ හිතවත් මදුරතුමා.
අද මේ කියන්න යන්නෙත් එහෙම සිදුවීමක් පිළිබඳව.
පහුගිය සතිඅන්තෙ ඒ කිව්වෙ කිවිදා මට ආරාධනාවක් ආවා මගෙ පරණ මිත්‍රයෙක්ගෙන් දිවා භෝජන සංග්‍රහයකට. අදාල මිත්‍රයා දැනට අවුරුදු හතරකට වගෙ කලින් දරුවො පාසල් යන වයසට එනකොට තම දරු පවුලත් හා සමඟ පෙරලා ශ්‍රී ලංකාවට ගිහිල්ල ඔන්න ඔය වාද්දුව පැත්තෙ තියෙන මනුස්සයගෙ මහ ගෙදර එහෙම රෙපයාර් කරල ඒකෙ පදිංචි වුනා. පස්සෙදි දරුවො එහෙමත් ඉස්කෝල වලට දාල මහාමාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක විදේශ සමාගමක රැකියාවක් එහෙමත් කලා. මම හිතන්නෙ සෑහෙන සතුටුදායක මට්ටමේ වැටුපක් එහෙමත් ලැබුනා.
පස්සෙ කොහොම හරි මේ පහුගිය දාක ආරංචි වුනා මිනිහ ආපහු මෙහෙ ඇවිල්ලය කියල. ඔෆිස් එකේ ඉන්දැද්දි ගිය සුමානෙ දවසක මගෙ යාලුවෙක් කතාකලා. යාලුව ඇවිල්ල සමරෙ. ඉස්කෝලෙ යන කාලෙ සමරෙ කියල නම් තිබිච්ච යාලුවන්ට අපි කිව්වෙ සමරේ අද නැත පුන්සඳ කෑලි කැපෙන ගනඳුර මැද කියල
"මචං රවී...පණිවිඩයක් කියන්ට කතා කලේ..වසන්ත ආපහු ඇවිල්ලලු."
"නැහ්? ඕකා ආයෙම එන්නෙ නෑ කියල නේද බඩුත් පටවගෙන ගියේ?"
වසන්ත ලංකාවට යන්ට බඩු පටවන දවසෙ මමත් ගියා උදව් වෙන්ට.
"ඔව්..ඔව්..එහෙම තමයි හිතාගෙන ගිහිල්ල තියෙන්නෙ නං. ඒත් ඕකා අර හයිවේ ප්‍රොජෙක්ට් එහෙකනෙ වැඩ කලේ. ඒක පොඩ්ඩක් ඔන් හෝල්ඩ් වගේ හින්ද ස්ටාෆ් එක අයින් කරනවලු. ඒ පාර වසන්ත එන පොට හොඳ නෑ මාමෙ කෙල්ල ගෙට ගං කියල කලින්ම රෙසිග්නේෂන් දීල මෙහෙ ඇවිල්ල."
"ඉතිං ජොබ් එකක් හම්බවෙලාද?"
"තවම නෑ. ඒත් පරණ තැනට යන්ට පුලුවන්ය කියලයි කියන්නෙ. ඒ කාලෙ උගෙ හිටපු සෙක්ෂන් හෙඩ් තමයි දැං එතන එම්.ඩී. වසන්තයගෙ පරම බොක්ක. ලොක්ක කොහොමහරි මූව ගනියි."
වසන්ත ඒ කාලෙ වැඩ කලේ මෙහෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් උපදේශක සමාගමක.
"එහෙමනම් හොඳයි. මොකද උඹ දන්නවනෙ මේ දවස්වල මෙහෙ සිටුවේෂන් එක. ජොබ් එකක් හොයාගන්න එක කොහොමත්ම ලේසි නෑනෙ."
වසර දෙකක පමණ කාලයක සිට බල පැවැත්වෙන බොර තෙල් මිළ පහළ යාම මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කොට ඇත. තථ්‍ය (Actual) ආදායම ප්‍රක්ෂිප්ත (Projected) ආදායමට වඩා බොහෝසේ පහළ වැටීම නිසා රජය සැළසුම් කල වියදම් විශාල වශයෙන් කපාහැර ඇත. නුදුරු අනාගතයට අත්‍යාවශ්‍ය නොවන සේ වර්ගකොට ඇති ඉදිකිරීම් බහුතරයක් තාවකාලිකව නවතා ඇත. එබැවින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් ලබාගැනීම මේ දිනවල බොහෝසේ දුෂ්කරය.
ඉතිං කොහොමහරි අර පරණ හිතවත් ප්‍රධානියගෙ අනුග්‍රහයෙන් වසන්තට කලින් වැඩ කරපු තැනම රැකියාවක් ආයෙම ලැබුනා. ඒ සන්තෝසෙටත් එක්ක තමයි වසන්ත ඔය පහුගිය සිකුරාදා පොඩි මධුපානෝත්සවයක් පැවැත්තුවෙ.
"ඔන්න මචං හෙට වරෙං නොවැරදීම හොඳද?" වසන්තය මට කතාකරල කිව්ව බෘහස්පතින්ද උදේ.
"වෙන කවුද බං එන්නෙ?"
"උඹ දන්න අය තමයි ගොඩක් එන්නෙ. ආ..කලින් මම මෙහෙ ඉන්දැද්දි ආශ්‍රය කරපු එකවුන්ටන්ට් කෙනෙකුටත් මම එන්ට කිව්ව."
වසන්තය හිත හොඳ එකා. ඒක හින්ද පහුගිය සිකුරාද මම ගියා එකොළහ වගෙ වෙනකොට. යනකොටත් දහ දොළොස් දෙනෙක්ම ඇවිත් හිටිය.
"මචං වරෙං වරෙං...මේ තමයි මම අර කිව්ව එකවුන්ටන්ට්...මිස්ටර් විජේසූරිය, මෙයාගෙ මල්ලි මේ ලඟදි බැන්දෙ ගම්පලින්. උඹත් පේරාදෙණිය කිට්ටුව නේද? සමහරවිට දන්නවත් ඇති. එහෙනං කතාවක් දාගෙන ඉඳහංකො. මම එන්නං පොඩ්ඩක් කුස්සිය පැත්තට ගිහිල්ල."
විජේසූරිය මා දිහා ටිකක් වෙලා බලා ඉඳල නළල රැළි කරගත්ත. "මට මේ..මේ...ඔබතුමා ..මේ නම මොකක්ද කිව්වෙ?"
"මම රවි.."
"ආ..මට මිස්ටර් රවීව හොඳට දැකල පුරුදුයි. ඒත් හරියට මතක් වෙන්නෙ නෑ කොහෙද කියල…ම්..ම්...ම්..."
ඒක හොඳයි එහෙම මතක් වෙන්නෙ නැති එක..මම සුටුපුටු ගාල මටම කියාගත්ත.
"මිස්ට රවී මොකවත් කිව්වද? " විජේසූරිය ඇහුව.
"නෑ..නෑ..මම මේ කිව්වෙ මමත් දැන් මෙහෙ සෑහෙන කාලයක් වෙනවනෙ. ඔය කොහෙදි හරි ෆන්ක්ෂන් එහෙකදිවත් අපි හම්බ වෙන්ට ඇති. මේ.. මට මිස්ටර් කියන්න ඕන නෑ රවී කිව්වම ඇති. ඔයා මෙහෙ ඇවිල්ල කොච්චර කල්ද?"
"ආ..මම මෙහෙ ආවෙ අවුරුදු නමේකට වගෙ ඉස්සරහ…"
ඒක හොඳයි එහෙම මතක් වෙන්නෙ නැති එක කියල මම මටම කියාගත්තෙ ඇයි දන්නවද? විජේසූරියට මාව හරියට මතක නැතිවුනාට මට මිනිහව හොඳට මතකයි. හරියටම කිව්වොත් මට මිනිහව හම්බවුනේ අවුරුදු හයකට වගෙ ඉස්සර. ඒත් මේ වගේම මගෙ තවත් යාලුවෙකුගෙ මේ වගේම මධු පානෝත්සවයකදි.
ඇත්තම කිව්වොත් මගේ මේ බ්ලොග් ලිවිල්ල ඇරඹීමට එක් උපස්ථම්භක පුඟුලෙක් ඔය මිස්ටර් විජේසූරිය. ඒත් එහෙම උපස්ථම්භක වුනාය කියල ඒ මනුස්සය හාංකවිසියක් දන්නෙ නෑ. ඒකයි ඒකෙ අවයවය. (ඔය අවයව කතාව කියන්නෙ අපෙ උන්දැගෙ අප්පච්චි. මගෙ මාමණ්ඩි )
උපස්ථම්භක කියන වචනෙ තේරුම දන්නව නේද? ස්ථම්භ කියන්නෙ කණුව නැත්නම් කුළුණ.අර ප්‍රේමදාස මහත්තය (ප්‍රේමදාස මහත්තය කියන්නෙ සියඹලා ගස්යට රස්සාවල් දෙන සජිත් මහත්තයගෙ තාත්තා. ප්‍රේමදාස මහත්තයව අඳුන්වල දෙන්ට වෙන්නෙ තව ටික කාලෙකිං අන්න එහෙම. The Father Of Sajith the Great Benefactor of Common Man Under The Tamarind Tree) රට පුරා හන්දියක් හන්දියක් ගානෙ හදාගෙන හදාගෙන ගියේ මොනවද? හෝරා ස්ථම්භ නොහොත් ඔරලෝසු කණු.
ඉතිං උපස්ථම්භක කියන්නෙ යම් දෙයකට උදව්වෙන කියන තේරුම. චේතනාව අනුව කර්මය විපාක දෙන ආකාරයන් සිව් වැදෑරුම්ය කියල දන්නවනෙ නේද? බුද්ධාගම ඉගෙන ගෙන ඇතිනෙ හයේ හතේ පන්තිවල. ජනක කර්මය, උපස්ථම්භක කර්මය, උපපීඩක කර්මය සහ උපඝාතක කර්මය.
හරි හරි බුද්ධ ධර්මය ගැන පාඩම ඔය මදැයි. ආපහු එමු මම අර මිස්ටර් විජේසූරිය අඳුනගත්තු අන්දම ගැන විස්තරේට.
පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Predetermined Farewell,
මගේ නමින් මුලින්ම බ්ලොගයක පළවූ නිර්මාණය මවිසින් හඳුන්වනු ලැබූයේ එසේය.
මගේ ඒ මුල්ම නිර්මාණය පලවූයේ 2010 ඔක්තෝබර් 27 වන දින ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේය. ඊට පලමු මාස මාස නවයකට ආසන්න කාලයක් මම බ්ලොග් කියවීමෙහි සහ අදහසක් පලකල යුතුයැයි හැඟුනු විටෙක කමෙන්ට්ස් දැමීමෙන් පමණක් සෑහීමට පත්වූයෙමි.
ඒ අතර මගේම අත්දැකීමක් ආශ්‍රයෙන් ලියැවුනු ඉහත කී කථාව මම ලියා අවසන් කොට තිබිණි.ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ, පාඨකයකු විසින් එවන ලදැයි සඳහන් වූ නිර්මාණයක් පළවී තිබෙනු දිනක් මම දුටිමි. ඒ සමග ටැබූ සබ්ජෙක්ට්ස් වලට අදාල, පාඨක නිර්මාණ වලට තම බ්ලොගය විවෘතබව ද ටැබූ පවසා තිබිණි.
වහාම මම මගේ නිර්මාණය ටැබූ වෙත යැවූ අතර, දින කිහිපයකින් ඔහු එය තම බ්ලොගයේ පළ කලේය.
ඊට ලැබුනු සිත දිරිගන්වන සුලු ප්‍රතිචාර බොහෝ වූ අතර දිගටම මසිතේ නැඟෙන සිතුවිලි අකුරු කිරීමට ඒ බොහෝසෙයින්ම දිරිගන්වන සුලු මූලාරම්භයක් වීය.
එසේම බ්ලොග් යනුවෙන් යමක් පවතින බව මම දැන ගත්තේද ටැබූට ස්තූති වන්නටය. ඒ සිද්ධියට ටැබූ සම්බන්ධ වන්නේ ඉතාම අහඹු සහ අභව්‍ය ආකාරයට වුවද සැකයකින් තොරව ඔහු එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑවේය.
එම කථාව කෙදිනක හෝ ලිවිය යුතුයැයි මම සිතා සිටියෙමි.
කුඩා කාලයේ සිටම මම සම්මතයට විරුද්ධව යාමට ඇලුම් කලෙමි. වයස දහයක් හෝ දොළහක් පසුවෙද්දී මුල් වරට ඇසළ පෙරහැර නැරඹීමට ගිය මගේ මතකයේ නොමැකෙන ලෙස තැන්පත් වූයේ ගාම්භීර ලෙස බර අඩි තබමින් ඇවිද යන නිලමේ වරුන් නොව විදුලි බුබුලුවලින් සමලංකෘතවූ අලි ඇතුන්ගේ දෙපා බැඳ දමා තිබූ බරැති විලංගු වලින් නැගි අමිහිරි නාදයයි. විලක්කු එලියෙන් බැබලෙන කරඬුව නොව කරණම් ගසමින් නටන නැට්ටුවන්ගේ විඩාබර දෑසයි.
"අනේ අම්මෙ, අර අලියො පව්" කියා පෙරහැර නරඹා ආපසු එන විට අම්මා සමඟ පැවසූ බව මට තවම මතකය.
ඊට වසර දෙකකට පමණ පසු කාලයක සිදුවුවක් ද මගේ මතකයේ ඇත. ඒ දිනවල විශේෂ දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වූ වකවානුවක් විය. අපේ ඥාතීන් කිහිපදෙනෙකු ද ලොකු අම්මා ද සමග අම්මා දළඳාවේ අනුහස් පිලිබඳව කල කතා බහකට මමද ඒ අසල බංකුවක හෝ කුඩා පුටුවක වාඩිවී ඇහුම් කන් දීගෙන සිටියෙමි.
"දන්නවද ලොකු නංගී, මේ පාරත් දළඳා හාමුදුරුවො ඇතුල් මාලෙන් වඩම්මන කොට අහස කලු කරල වැස්සනෙ මහ වැස්සක්" අම්මා දෙසට හැරුනු ලොකු අම්මා පැවසූයේ ගෞරව සම්ප්‍රයුක්ත හඬකිනි.
"ඇත්තද අක්කෙ? හැම සැරේම ඉතින් ඕක වෙනවමනෙ" අම්මා ද පිළිතුරු දුන්නාය.
"මම මේ කල්පනා කලේ ලොකු අම්මෙ" හිස උස්සා, ලොකු අම්මා දෙස බැලූ මම පැවසුවෙමි. "ඔය මහ නියං කාල වල බැරිද, ඔය දළඳාව එලියට වඩම්මල වැහි වහින්ඩ වැඩ කරන්ඩ? "
"මොනවද පුතා මේ කියන්නෙ?" අම්මා මට තම නොමනාපය පලකලද, ලොකු අම්මා සිනාසුනා පමණක් බව මට තාමත් මතකය.
දැනුම් තේරුම් ඇතිවූ පසු, කිසිම දිනක මම බෝ ගස් හෝ පන්සල් පසුකරද්දී බසයේ ආසනයෙන් නැඟී සිටීමේ පුරුද්ද අනුගමනය නොකලෙමි. බුදුන් වහන්සේගේ ධර්මයට ගරුකලයුත්තේ හැකිතරම් දුරට ඒ අනුව දිවි ගෙවීමෙන් විනා, බෝ ගසක් පන්සලක් දුටු වහා මකුණෙකු කෑවාක් මෙන් හිඳිනා ආසනයෙන් පස්ස ඉස්සීමෙන් නොවන බව මගේ අදහස විය.
විවාහ වූ පසු බිරිඳ සමඟ බසයෙන් යද්දී, දළඳා මාළිගය අසල ඇය අසුනෙන් නැඟි සිටිද්දී, මම සුපුරුදු ලෙස නොනැගිට සිටියෙමි. දෙතුන් වරක් මෙසේ වූ ඉක්බිති ඇය මේ පිළිබඳව මගෙන් විමසුවාය.
"ඔතන තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දතක්ය කියල අපි දන්නෙ කොහොමද?, අනික ඒක එහෙමම උනත්, තමන්ගෙ ශරීර අවයව වලට ගරු කරන්නෙයි කියල බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ කොතනද? වැදගත්ම කාරණේ බුදු හාමුදුරුවො එහෙම කිව්ව උනත්, අපි ඒක එක පාරටම පිළිපදින්න ඕනද? අමතක කරන්න එපා, එතුමාම කියල තියෙනව කිසිම දෙයක් එකපාරට පිළිගන්න එපා,තමන්ගෙ විචාර බුද්ධියෙන් කල්පනා කරල බලල පිළිගත හැකියයි හිතෙනව නම් පමණක්, පිළිගන්න කියලා,ඉතින් මම කරන්නෙ එතුමාගෙම උපදෙස් පිළිපදින එක" මම පිළිතුරු දුන්නෙ එහෙමයි.
සාවධානව මගේ පැහැදිළි කිරීම අහගෙන හිටියට, එයා නම් දිගටම නැඟිටින එක කර ගෙන ගියා. ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ අදහස පිළිගන්න බැරිනම්, තමන් කැමති තීරණයක් අරගෙන ඒ අනුව ක්‍රියාකරන්න ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඇයට ඇති පරම අයිතිය, විවාහ ලියාපදිංචි පොතේ තිත් ඉර උඩ අත්සන් කල වහාම අහෝසි වෙන්න විදියක් කොහෙත්ම නැහැනෙ.
මම හිතන්නෙ අනික් හැමෝම හිතන විදිහට නෙවෙයි, වෙන කවුරුවත්ම මම හිතන විදිහට හිතන්නෙ නැහැ කියල මට හොඳටම තේරුණේ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ සංවර්ධන ව්‍යාපෘතියක රැකියාවට ගියාට පස්සෙයි. ඒ ජන වාර්ගික ගැටලුව උග්‍රවී යුද්ධය ඒ ප්‍රදේශයේ ජන ජීවිතය උඩු යටිකුරුකොට තිබූ යුගයක්.
දෙමළ ජනයාට ස්වයං නිර්ණන අයිතිය ලබා දිය යුතුය කියන ස්ථාවරයෙ තමයි මම එදා ඉඳලම හිටියෙ. සාමාන්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති පරිණත ඒ වගේම මහ පොළවෙ පය ගහල ජීවත්වෙන ඉතාම ප්‍රායෝගික මිනිසුන් ජාතිය සහ ආගම සම්බන්ධ කාරණා වලදි කොපමණ පක්ෂග්‍රාහී වෙනවද කියන එක මට පසක් උනේ ඔන්න ඔය දවස්වල.
හැමදාම මේ ගැන තර්ක විතර්ක කරල, මගෙ එක බත් පිඟාන බෙදාගෙන කන යාලුවො තරහකරගන්නෙ මොකටද කියල, පස්සෙ පස්සෙ මම මගේ අදහස් ප්‍රකාශ කිරීම අත ඇරලම දැම්මා. මටතේරුම් ගන්නම බැරි උනේ මගෙ ඒ යාලුවො මගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් අදහස් දැරීම නෙවෙයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අයටත් තමන්ගෙම අදහස් දැරීමේ අයිතිය තියෙනවනෙ. මට තේරුම් ගන්නම බැරි උනේ, මගේ විරුද්ධ අදහස් දැරීමේ අයිතියට අභියෝග කරන්නට ඒ අයට අයිතියක් ලැබුනෙ කොහොමද කියල. මේ ගැන එයාලට පැහැදිලි කරල දෙන්න, මට එහෙන් සමුගෙන එනකනුත් බැරි උනා.
ඉතින් ඔන්න ඔහොම ඉන්දැද්දි තමයි අහම්බෙන් මට ටැබූව අඳුනාගන්න ලැබුනෙ,
මම මේ රස්සාවට ඇවිල්ල අලුත ගියා පොඩි සාදයකට. එහෙදි දැන හඳුනාගන්න ලැබුනා උගත්, ඒ කියන්නෙ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලබපු මහත්මයෙක්. කොහොම හරි මේ මහත්මයා ඉතාම හොඳ පෙරාපු රත්තරන් වගෙ සිංහල බෞද්ධයෙක් බව කතාවෙන් බහෙන් තේරුන නිසා, මම ඔය කියන එව්වට හූමිටි තිබ්බ මිස, වැඩි දිග දුර කථා බහකට ගියේ නැහැ. මොකද මම දන්නව මේ ආකල්ප තියෙන අය එක්ක කථාබහ කරන එක හරිම අසීරුයි කියල,
කොහොම හරි කථාව ඇදිල ආව දළඳාව පැත්තට. දැන් මේ මහත්මය කියනව දළඳාවෙ හාස්කම් ගැන ඇස් දෙකත් උඩ තියාගෙන. මම කිසිම දෙයක් නොකියම හිටියා. අන්තිමට එතුමාම කිව්ව "ආ, ඔයා නුවර කිව්ව නේද? ඔයා ඉතින් හොඳටම දන්නව ඇතිනෙ මේ දෙවල් ගැන, කියන්නකො ඔයා හිතන්නෙ මොනවද මේ ගැන" කියලා
ඉතින් මොකද කරන්නෙ, මගෙන්ම අහන එකේ නොකියා කොහොමද?
"මම ඔය ගැන ඇත්තටම කථා කරන්න නම් කැමති නැහැ, ඒත් අහන නිසා කියන්නම්, දළඳාවෙ හාස්කම් ගැන කියනව නම් මතකයිනෙ අර 1998 දළඳා මාළිගාවට කොටි බෝම්බ ගැහුවා "
"ඔව්, ඔව්, මොකෝ මතක නැත්තෙ? හාස්කමකින්ම තමයි ඒ වෙලාවෙ දළඳාව බේරුනෙ, ඒකෙ ආයෙ කිසිම සැකයක් නැහැ "
"නැහැ, මම කියන්න ආවෙ නම් ඒක නෙවෙයි, මම නම් පිළිගන්නෙ නැහැ එතන හාස්කමක් උනාය කියල, දැන් එතන වැඳ පුදාගන්න ආව අහිංසක මිනිස්සු බරගානක් මැරුන නේද? දළඳාවට හාස්කම් තියෙනවනම් වෙන්න ඕනෙ ඒ අහිංසකයො එක්කෙනෙක් වත් නොමැරි අර බෝම්බ ගෙනාපු කොටි බෝම්බත් එක්කම විනාශ වෙන එක නේද? ඒ නැතුව වඳින්න ආපු මිනිස්සු බල්ලො බලල්ලු වගෙ මැරිල,දළඳාව විතරක් බේරෙන එක හාස්කමක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ"
හැමදාම වෙන දේම එදා එතනත් උනා, දැඩි විවේචන සහ බැණ වැදීම් මැද මටත් මාව එතනට කැඳවාගෙන ගිය මගෙ මිතුරාටත් ආපසු එන්න සිදු උනා,
අපි එද්දි අර මහත්මයා මෙහෙම කියනව මට ඇහුනා, "දැන් බෝවෙලා ඉන්නවා මෙහෙම ජාතියක් ආගමක් නැති නරුමයො රැලක්, ඔය ටැබූ කියල බ්ලොග් ලියන්නෙත් මේ වගේම අදහස් තියෙන එකෙක්නෙ "
මේ කතාව ඇහුනම මට ලොකු ඕනකමක් ආසාවක් ඇතිඋනා කවුද මේ ටැබූ කියන්නෙ කියල දැන ගන්න, ඒ නිසා මම මගෙ යාලුවා මාර්ගයෙන් පහුවදා විස්තර හොයාගත්තා, එතනින් තමයි මම දැන ගත්තෙ බ්ලොග් ලියනවය කියල දෙයක් තියනවය, ඒවගෙ තමන්ගෙ අවංක අදහස් උදහස් වාරණයකින් තොරව (මේ මම එතකොට හිතාගෙන හිටපු හැටි) පළකරන්න පුලුවන්ය, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නෙ සාමාන්‍යයෙන් අපි කතා කරන්න පැකිලෙන මාතෘකා ගැන කතා කරන බ්ලොග් එකක්ය කියල,
මට ටැබූ හඳුනාගන්නට සහ ඒ මාර්ගයෙන් බ්ලොග් කියවීමට සහ ඉන්පසුව බ්ලොග් ලිවීමට, අවස්ථාව ලැබුනෙ ඉතාම අහඹු සහ අනපේක්ෂිත ආකාරයකටය කියල මම කලින් කිව්වෙ මෙන්න මේ නිසා.
දැං ආපසු වර්තමානයට නොහොත් බෑක් ටු ද ප්‍රසන්ට්....
ඉතිං ඔය සටහන මම ලිව්වෙ අවුරුදු පහකට වගෙ ඉස්සර අපේ සොඳුරුසිත අම්මණ්ඩිගෙ බ්ලොග් එකට. ටැබූ තම බ්ලොගයද වසා දමා අතුරුදන් වූ අලුත. ඒ සටහනේ අවසානයට මම මෙහෙමත් ලිව්ව
මේ ටික මම ලිව්වෙ ඇත්තටම අද ටැබූ බ්ලොග් අවකාශයේ නැහැ, ආයෙත් ලියයිද නැද්ද කියන එකත්,කාලයට සහ වෙනස් වන තත්ව අනුව තීරණය වෙන දෙයක්.
ආයෙ ටැබූ ලිව්වත් නැතත් මට කියන්න තියෙන්නෙ, ටැබූ ඔබට ස්තූතියි, අප ඇත්ත වශයෙන්ම අවශ්‍යයෙන්ම සිතිය යුතු එහෙත් අප විසින්ම අප කෙරෙහි ස්වයං වාරණයන් පනවාගෙන ඇති තහනම් මාවත් ඔස්සේ අපේ චින්තනය යොමුකරවීමට ඔබ ගත් උත්සාහයට මගේ ගෞරව පූර්වක ස්තූතිය!
මම මේ සටහන පටන්ගත්තෙ අහඹු සමපතනයක් නැත්නම් Coincidence එකක් ගැන කියලනෙ. ඒ ගැන පොඩි පැහැදිලි කීරිමක් කලොත් මෙන්න මෙහෙමයි.
ඉතිං පහුගිය සිකුරාදා වසන්තයගෙ මධු පානෝත්සවය ඉවර වෙලා ඇවිල්ල පොඩ්ඩක් සැතපිල එහෙම ඉක්බිති හවස්ජාමෙ ඇහැරල කියල මම ඔය සොඳුරු සිතට ලියපු සටහන හොයල බැලුව මගෙ පරණ ෆයිල්වල. එතකොටයි දැක්කෙ මම අර කියපු මගෙ මුල්ම වියුණු සටහන ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එකේ පළවෙලා තියෙන්නෙ 2010 ඔක්තෝබර් 27 වෙනිද. ඒ කියන්නෙ ඒ සටහනේ සයවන සංවත්සරයට එතකොට තිබ්බෙ හරියටම දවස් හයයි. ඉතිං මට හිතුන ඔක්තෝබර් 27 වෙනිදා මේ විස්තරෙත් කියල ඒ ගැන පොඩි සමරු සටහනක් ලියන්ට ඕනය කියල. ඉතිං ඒ සටහන තමයි මේ.
//මම හිතන්නෙ අනික් හැමෝම හිතන විදිහට නෙවෙයි// ඒකනේ නිදහස් සිතුවිලි කියන්නේ
ReplyDeleteලොක්ක මේක මෙයාගෙ බ්ලොග් එකක් නෙමෙයි. මේකට අයිතිකාරයෙක් ඉන්නව. මෙයා මේ බලහත්කාරයෙන් මේකෙ පදිංචි වෙලා ඉන්නෙ. හැක්..
Deleteහෙහ් හෙහ් හෙහ්... අනේ ද කියන්නේ ප්‍රසන්න මේ යකා මේ අනුන්ගේ බ්ලොග් එකක මේ හෙන ටෝක්ස් දෙන හැටි හැබෑටම.. අර අසරණ රන්දිකා නැන්දට මොනවා වුනාද දන්නේ නෑනේ..
Deleteප්‍රසන්න සහ පැතුම්,
Deleteරන්දිල් ලොක්කි මේකට නිදහස් සිතුවිලි කියල නම දාල තියෙන්නෙ ඒකනෙ බොලල්ලා...මට හිතන්ට ඉඩ දීල උන්දැ නිදහසේ ඉන්නව...:)
ප්‍රසන්න,
Delete/ලොක්ක මේක මෙයාගෙ බ්ලොග් එකක් නෙමෙයි. මේකට අයිතිකාරයෙක් ඉන්නව. මෙයා මේ බලහත්කාරයෙන් මේකෙ පදිංචි වෙලා ඉන්නෙ. හැක්../
අන්න ඒක හොඳයි, මල් මල්ලි වගෙ නවකයො දන්නෙ නෑනෙ මෙව්ව පටං ගත්තෙ කොහොමද එතනිං ගියාම ඊට පස්සෙ සිද්ද වුනේ මොනවද එහෙම කියල.ගරු සබාපති හැටියට උඹේ යුතුකම නවකයින් දැනුවත් කරන එක
පැතුම්,
Delete/ අර අසරණ රන්දිකා නැන්දට මොනවා වුනාද දන්නේ නෑනේ../
ඒ මහගෙට මක් වෙන්ටද බං? අර ඉන්නෙ යස අගේට "රැජිණ මමයි අපේ රාජ්ජේ" සිංදුවත් කියාගෙන...
ප්‍රසන්න,
Delete/මෙයා මේ බලහත්කාරයෙන් මේකෙ පදිංචි වෙලා ඉන්නෙ. හැක් /
එහෙම බලෙං ඉන්න එවුන්ට කියන්නෙ "දුර්වාසියා" කියලලු. මදුර තමයි කිව්වෙ...:)
යකෝ මෙවුන්ට උත්තර දිදී හිටිය මිසක අර ප්‍රධාන කමෙන්ට් එක දාපු මල් මල්ලිට තාම උත්තරයක් දෙන්ට බැරි වුනානෙව. සාතිශය සංවේගය මල්....
Deleteමල් මල්ලි,
අන්න ඒකනෙ බං..නමේ හැටියට තමයි වැඩක්....:)
පැහැදිලි කිරීමක් අවශ්‍යයි. රන්දිකා නැන්දා කියන්නේ කවුද. එතකොට රවි සහ රන්දිකා නැන්දා අතර සම්බන්ධය මොකක්ද.
Deleteදුර්වාසියා කියන නමට වඩා බින්න වගේ සංකල්පයක් මේකට ගැලපෙන්නේ නැද්ද
//එතකොට රවි සහ රන්දිකා නැන්දා අතර සම්බන්ධය මොකක්ද.//
Deleteඅපොයි, බොලා හදන්නෙ පවුල් දෙකක්ම කඩල දාන්න හිටං.
https://ranrandil.blogspot.com/2010/11/blog-post.html
Deleteමල කෙලියයි හිටන්. කවුද ඕවා දන්නේ.
Deleteටැබුවා කොච්චර හොඳ එකා වුණත් ගිනිපුග්කාරයා. වලියටමයි බර!
ReplyDeleteමේ කතාව මට හොඳට මතකයි. දෙපාරක් කියවන්න වුනා බොහෝ දෙනෙකුට වගේ මටත් තේරුම් ගන්න!
රසික,
Deleteමට මතකයි රසික මම සොඳුරු සිතේ ලියපු පෝස්ට් එකට ටැබූ සබ්ජෙක්ට්ස්වල පලවුනු මගෙ කතාවෙ ලින්ක් එකකුත් දාල තිබ්බ...ආයෙමත් ස්තූතියි..:)
ටැබූ ගිය අලුත රවියා ලියපු එක මමත් කියෙව්වා. කොමෙන්ටුවක් දැම්මේ නම් නැහැ. හපොයි.
Deleteඅර පොඩිකුමාරිහාමිත් බ්ලොග් එක වහලා ගිහින් නේද?
ReplyDeleteනැද්ද ආරංචියක්?
රසික,
Deleteදැන් ලිව්වෙ නෑ සෑහෙන කාලයක් නේද? රසික අඳුනනවනෙ? අහල බලන්ට වෙලාවක...හෙහ්,හෙහ්,
මාත් ඔය බුද්ධාගමේ උනාට අන්ධ භක්තියෙන් කරන වැඩ වලට කිසිම කැමැත්තක් ඇති මනුස්සයෙක් නෙවෙයි.
ReplyDeleteඅපේ අදහස් වලට තව කෙනෙක් එකඟ වෙන්න ඕනය, ඒ මනුස්සයට ඒකට විරුද්ධ අදහසක් දරන්න බැරිය කියල හිතන එක භයානක තත්වයක්.
ඔය දළදාවෙ වැස්ස ගැන කියන කතාවට පහුගිය නියං කාලෙ නියම කාටුන් එකක් ශෙයා උනා දැක්ක බුකියෙ.
ප්‍රසන්න,
Delete/මාත් ඔය බුද්ධාගමේ උනාට අන්ධ භක්තියෙන් කරන වැඩ වලට කිසිම කැමැත්තක් ඇති මනුස්සයෙක් නෙවෙයි./
අයියෝ කියල වැඩක් නෑ බං..මේ පාර නිවාඩුවට ගියාම මම දැක්ක මහා පිණ්ඩපාත චාරිකා කියල ජෝගියක්. පිණ්ඩපාතෙ කියන්නෙ මොකක්ද කියල මේ ලෝකෙ හසරක් නොදන්න මොලේ කොලොප්පං ගණයො එකතුවෙලා කරන විකාරයක්...ඉඳපං ඒ ගැනත් බාගෙට ලියල තියෙන්නෙ...:)
/ ඔය දළදාවෙ වැස්ස ගැන කියන කතාවට පහුගිය නියං කාලෙ නියම කාටුන් එකක් ශෙයා උනා දැක්ක බුකියෙ./
දළඳාව අරං ගියානං හරි බං සහරා කතරට එතකොට කලහාරී කතරට එහෙම. සෑහෙන ගාණක් හොයාගන්ට තිබ්බ...සම්ටයිම්ස් ලෝක බැංකු ණය උනත් කිසි ගේමක් නැතුව ගෙවල දාන්ට ඇහැක් වෙයි මාහිතේ..:)
අවුරුදු 6 ක බ්ලොග් ජීවිතයට සුබ පැතුම් !!
ReplyDelete(අනේ ඉතිං මොකට කියනවද ඒක ගැන. හැක්..)
අර විචාරකට වගේ ඔහෙට අදහසක් නැද්ද මාව අතුරුදං කරන්න එහෙම.
ප්‍රසන්න,
Delete/(අනේ ඉතිං මොකට කියනවද ඒක ගැන. හැක්..)/
ඇයි මොකද? මොනවද බොට ඒ ගැන කියන්ට තියෙන්නෙ ඈ බොල කලාතෙ ගෙරියො?
/අර විචාරකට වගේ ඔහෙට අදහසක් නැද්ද මාව අතුරුදං කරන්න එහෙම./
අම්මප? විචා එහෙම උඹට තර්ජනය කලාද?....හෙහ්,හෙහ්,
නැතුව.. උන්නැහේගෙ බ්ලොග් එකෙන්මයි මටයි, දේශකයටයි, විදානෙටයි තර්ජනය කරල තියෙන්නෙ.
Deleteප්‍රසා දැන් හොදට ම බය වෙලා ඉන්නේ....... ඒකනේ සිම් එකත් කඩන්න ට්‍රයි එක........
Deleteඑහෙම හරි අපිත් ජාත්‍යාන්තරේට යන්න එපැයි.
Deleteප්‍රසන්න,
Deleteමොකද බං ජාත්තියන්තරේට යන්ට හිතුවෙ? ගොඩකවෙල පැත්තෙ බිස්නස් පාඩුද? වැඩිපුරම ණයට තමයි නේද? ෂෙහ්...:(
//බෘහස්පතින්ද// මොකක්ද බොල ඒ වචනෙ.
ReplyDeletePrasanna,
Deleteඅපිට පොඩි කාලෙ ඉස්කෝලෙ කියල දුන්නෙ එතකොට කැලැන්ඩර්වල තිබ්බෙ එහෙම බෘහස්පතින්දා කියල. මට ඉතිං හිතුන ආයම එහෙම ලියන්ට ඕනය කියල...:)
ඔය පන්සල් ලඟින් යනකොට පස්ස උස්සන එක ගැන සින්දුවක් තියනව, දැන් මතක් වෙන්නේ නැහැ.. නමුත් ඒක තමයි හරියටම ගැලපෙන විචාරය. ගොඩක් වෙලාවට බස් එකේ වාඩිවෙලා යන ගමන් ළඟ ඉන්න ගෑනු ළමයාගේ ඇඟට හේත්තු වෙන ගමන්, ආච්චි කෙනෙක් සීය කෙනෙක් නැග්ගම නිදාගන්න ගමන්, තමයි ඔය වන්දනාව කරන්නේ.
ReplyDeleteආ සිංදුව මතක් උනා, මේ තියෙන්නේ.
https://www.youtube.com/watch?v=dFLNI3eQPiI
"පූර්ව නිශ්චිත සමුගැනීමක්" දැනුයි කියෙව්වේ. අන්තිම මොහොත වෙනකම් හිතුවේ කතානායකයා පිරිමි ළමයෙක් කියල. ඒක එහෙම උනා නම් ඒක මගේ ජීවිතයට සම්බන්ධ සිදුවීමක්. ඉතින් ඇස් වල කඳුළු පුරවන් කියෙව්වේ. නමුත් අන්තිම මොහොතේ ප්ලොට් ට්විස්ට් එක නිසා කරකවල අත ඇරිය වගේ දැනුන. :D
අනිත් හැමෝම හිතන විදියට ඔබත් හිතන්න ඕන නම් රවි කියල කෙනෙක් මේ ලෝකෙට ඕන නෑ නෙ නේද? ඉතින් වෙනස් වෙලා ඉන්න හැමදාම.
//"ලී බංකුවක් මත තැබූ කහ පැහැති මලක්.."
Deleteකැප්ෂන් එක දකිනකම් ම මම හිතන් හිටියේ ඒ තියෙන්නේ "ලී බූරුවෙක් මත තැබූ කළු පැහැති මලක්" කියල :)
මානවික්ස්,
Delete/ආ සිංදුව මතක් උනා, මේ තියෙන්නේ./
ඔෆිස් එකේ ඉන්නෙ බං..ගෙදර ගිහිල්ල සිංදුව අහන්නං...
/ඒක එහෙම උනා නම් ඒක මගේ ජීවිතයට සම්බන්ධ සිදුවීමක්. ඉතින් ඇස් වල කඳුළු පුරවන් කියෙව්වේ./
I am really sorry Madam..:(
/ ඉතින් වෙනස් වෙලා ඉන්න හැමදාම./
Thanks Manavi...I will always try to be different as far as I can..:)
/කැප්ෂන් එක දකිනකම් ම මම හිතන් හිටියේ ඒ තියෙන්නේ "ලී බූරුවෙක් මත තැබූ කළු පැහැති මලක්" කියල :)/
මම එහෙම බ්ලොග් එකේ දාන ෆොටෝ විස්තර කරන්නෙ Screen Reader එකක ආධාරයෙන් බ්ලොග් එක කියවන Visually Impaired සහෝදර/ සහෝදරියන් වෙනුවෙන්.
මම ඒක දැනගෙන හිටියේ නැහැ, හ්ම්ම්ම්, සොරි.
Deleteමානවිකා,
Deleteඒක අමතක කරන්න. ඔබ ඒ වගෙ දෙයක් කිව්වෙ කරුණු නොදැන බව මම පැහැදිලිවම දන්නවා...:)
[මම එහෙම බ්ලොග් එකේ දාන ෆොටෝ විස්තර කරන්නෙ Screen Reader එකක ආධාරයෙන් බ්ලොග් එක කියවන Visually Impaired සහෝදර/ සහෝදරියන් වෙනුවෙන්]
Deleteඇත්තටම අපි දාන ෆොටෝ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දාන එක කොච්චර වැදගත් ද කියල හිතුනා මේක දැකල. මිට පස්සේ පොඩි පේලියක් දෙකක් ලියල දාන්න ඕනේ. මේ අදහසට ස්තුතියි රවී අයියා..
පැතුම්,
Deleteමමත් අහම්බෙන් ඔහොම විස්තර කරන එකේ වැදගත්කම දැන ගත්තෙ.සුමාන දෙකකට විතර ඉස්සර දවසක් මම ඔෆිස් එකේදි ඉන්දියානුවෙක් ලියන බ්ලොග් එකක් කියවනකොට දැක්ක ඔහොම ෆොටෝස් ඔක්කොම යටින් විස්තර කරල තියනව.
මගෙ අල්ලපු සීට් එකේ ඉන්න ඉන්දියානුවට මම ඒ පාර කිව්ව "I don't know why this guy describes every foto. we can see what he had published very well. can't we?" කියල.
දන්නවද මනුස්සය කියපු එක." Yes, you can see very well Ravi but there are thousands others out there who can't see but would like to read what you had written, the caption is for them and do you know most of the Indian bloggers do that "
මම ලැජ්ජාවෙන් බිම බලාගත්ත.
කවුරුහරි ඇත්තටම මේ විෂයය ගැන දන්න කෙනෙක් පැහැදිලි කලානම් බොහොම වටිනව Visually Impaired පුද්ගලයින්ට පහසුවෙන විදිහට බ්ලොග් එක හදන්නෙ කොහොමද කියල.මම ඊට පස්සෙ ඔය ගැන පොඩ්ඩක් හෙව්ව. එතකොට මේ විස්තර හම්බ වුනා.
මේ අපේ නිර්මාණි ඔය ගැන කියපු විස්තරේ
Deleteගස්,
Deleteබොහොම ස්තූතියි ගස්. මම නිර්මාණිගෙ ඒ පෝස්ට් එක දැක්කෙ නෑ.ඔන්න අර මම කිව්ව අහඹු සමපතනයට උදාහරණයක්.
මට දැන් මතක් වුනේ මම ඉස්සෙල්ලම ඔහොම පින්තූර විස්තර කරල දැම්මම නිර්මාණි මට ස්තූති කරල තිබ්බා...:)
රවී අයියා අවුරුදු 6ක් තිස්සේ දුන්න විවිධ රසැති ආතල් වලට බොහොම ස්තුතියි.. තව චිරාත් කාලයක් මෙලෙස ආතල් සැපයීමට ශක්තිය සහ අනිත් එව්වා මෙව්වා ඔක්කොම ලැබේවා..
ReplyDeleteපැතුම්,
Deleteඅප්පට සිරි, ප්‍රවීණයකුගෙන් සුබ පැතුම්! ස්තූතියි මල්ලි...:)
එයානං ආතල් සපයයි. අන්තිමට මේක කියෝන අපිට නවතින්න වෙන්නෙ අංගොඩ තමයි.
Deleteපෙසන්න,
Deleteතුන් තේරවිලි දන්නව නේද? හරක් බාගෙ කියන්නෙ මොකක්ද?
ගොං අඩ
Deleteප්‍රේමදාස මහත්තය ගේ ඔරලෝසු කණු ගැන ලස්සන කථාවක් ඒ කාලේ සංසරණය වුණා. ප්‍රේමදාස මහත්තය මලයාලි ගුරුකම් ගැන හෙමේ බොහොම විශ්වාස කලානෙ. එක දවසක් එක ගුරෙක් කියල තියෙනවා ලංකාවේ හැම නගරෙම ඉඳන් එකම වෙලාවට ප්‍රේමදාස මහත්තයාගෙ නම උච්චාරණය කලොත් ඒකෙන් විශාල බලයක් එනවය කියල. මුළු රටේම මොබයිල් ෆෝන් 100 කට අඩුගානක් තිබුණ කාලේ එකම වෙලාවට ඕක වෙන්න කොච්චර අමාරු වැඩක්ද කියල තේරෙනවනෙ. ඕක අතෑරලා දාන්න කියල හිත හිත ඉන්නකොට තමයි කවුද අයිඩියා එක දීල තියෙන්නෙ හැම තැනම ඔරලෝසු සවිකරල ඒවයේ හැම පැයටම ප්‍රේ...ම...දා...ස.. කියන ශබ්දෙට අදාල ස්වර වලින් පැයේ සඥාව දෙන්න.
ReplyDeleteප්‍රේමදාස මහත්තයාට බෝම්බ වැදුනයින් පස්සේ සිරිසේන කුරේද කොහෙද අර ගුරාගෙන් අහල තියෙනව මෙච්චර ලස්සනට වැඩේ කරලත් එහෙම වුණේ ඇයි කියල. ඉතින් ගුරා එක ඔරලෝසුවක් ගෙන්නගෙන පරීක්ෂා කලාලු. මේකයි වෙලා තියෙන්නෙ. පැයේ කණිසමට ප්‍රේ.....ම..දා....ස... කියල වදින්න ටියුන් කරල තිබ්බට පැය භාගෙ කනිසමට වැදෙන සද්දෙ ඩිෆෝල්ට් එකේ තිබිල තියෙන්නෙ. ඒකේ තිබ්බෙ ..සුන්... කියන සද්දෙලු. ඉතින් හැම පැයකටම ප්‍රේමදාස ගෙ නම වදිනවා, ඒ අතර තුර 'සුන්' කියලා වදිනවා. ඔන්න ඔහොමලු වුණේ.
ඒක පට්ට කථාවක්. දයා රෝහණ අතුකෝරලගේ පොතකත් මේ සංකල්පය තියෙනවා.
Deleteමල්,
Deleteදයා රෝහණගෙ පොත් කියවීම කාලයක් විලාසිතාවක් වෙලා තිබුනනෙ. මොකද්ද මේකෙ මෙච්චර තියන ආතල් එක කියල බලන්ට මාත් පොතක්ද දෙකද කොහෙද කියෙව්ව. මට නං ඇල්ලුවෙ නෑ උන්දැගෙ තියරි...:)
ඉයන්,
Deleteකේන්දර කාරයො කිව්වලු කවදහරි ප්‍රේමෙගෙන් පස්සෙ රජවෙන්නෙ විජේ කියල නම තියන කෙනෙක් කියල. පස්සෙ ප්‍රේමෙ කරපු වැඩේ විජේ කියන නම තියන ඔක්කෝටම දුන්නලු බැස්ටිය. විජය කුමාරණතුංග, රන්ජන් විජේරත්න වෙන එකක් තියා විජය විමලරත්න හිටං.අරලි පොයින්ට් බෝම්බෙ ඇත්ත ඉලක්කය කොබ්බෑකඩුව නෙවෙයි විජය විමලරත්නලු.
ඒත් ඒ ඔක්කොම කරලත් අන්තිමට අනාවැකිය ටක්කෙටම හරිගිය හැටි බලාපංකො..මහම පුදුමයි නෙවද? ඔය කේන්දර කියන්නෙ තනිකරම බොරුමත් නෙවෙයි කියල මම හිතන්නෙ ඔන්න ඔය වගෙ දේවල් හින්ද...:)
රවී, උපාලි විජේවර්ධන ගෙන්ලු පටන් ගත්තෙ, විජේවීරත් හිටිය කියනව ලිස්ට් එකේ.
Deleteඉයන්,
Deleteස්තූතියි තව විජේ කියල දෙන්නෙක් නැත්තං තුන්දෙනෙක් ඔය ලිස්ට් එකේ හිටිය කියල මතක තිබ්බට නම් හරියට මතක් වුනේ නෑ ..:)
නිදහස් සිතුවිලි ....තාමත් නිදහසේම ගලායන එක ලොකු දෙයක්. ජයවේවා!!!!!
ReplyDeleteAru,
DeleteThanks Machang...:)
Ravi thuma ..
ReplyDeleteAll the best for 6th Anniversary. Mama bohoma kamathi Ravi sir English vachanavalata deela thiyena sinhala therum valata. hamadama aluth sinhala vachanayak igenagannava oyage blog eka kiyavala
Ian,
Is that true ?
Hi Sanda, I don't think so.
DeleteSanda Raj,
Deleteමේ වචන බොහොමයක් මම ගත්තෙ මධුර ශබ්ද කෝෂයෙන්, සමහර අභව්‍ය වචනත් එතන තියනව. ඒ හින්ද විචාර බුද්ධියත් පාවිච්චි කරන්ට වෙනව. එක පාරටම පිළිගන්ටත් එපා..:)
දළදාවේද, මාළිගාවේද, කාගේ හාස්කම් ද මම දන්නෑ, මෙන්න මෙහෙම එකක් වුණා.
ReplyDelete1988 දි ජවිපෙ දළදා මාළිගාවට ප්‍රහායක් එල්ල කළා. එතන මුරය භාරව හිටිය මාණ්ඩලික සැරයන්ගේ බඩට පිහියෙන් ඇන්නා. තව සොල්දාදුවෙකුගේ තුවක්කුව උදුරගත්තා. ඒකෙන් වෙඩි තියන්න ගිහින්, එතනින් ගිය බස් එකක මගියෙකුට වෙඩි වැදුණා. (ඒ කාලේ පාර ඇරලා තිබුණේ. LTTE ප්‍රහාරයෙන් පස්සේ පාර වැහුවේ)
කලබලය ඇහුණාම, අපි පිරිසක්, රජවීදියේ හමුදා කඳවුරේ සිට පයින්ම දිව්වා මාලිගාව ළඟට. පස්සෙන් පන්නලා එකෙක් අල්ලාගත්තා. හමුදාවට වෙඩි තබමින් පලායන්නට හදපු දෙන්නෙක් උඩුකුරුඤ්ඤං කළා.
දියවඩන නිලමේ තුමා බිරන්තට්ටුවී දුකෙන් හඬන්න පටන්ගත්තා. මාලිගාවේ පිටත බිත්තියකට එක T 56 උණ්ඩයක් වැදී තිබුණා.
දින කීපයක් තුළ, ඒ කල්ලියේ ඉතුරු අයත් අත්අඩංගුවට ගත්තා. ආරක්ෂක අංශවල හාස්කම් නිසා.
බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන පිළිපැදීම, අධිෂ්ඨානය, අනුගමනය කිරීම සහ, බුද්ධාගම ඇදහීම පරස්පර විරෝධී කරුණු දෙකකි.
නිවන් පුරේට පාර කිව්වද පරන බස් ටයර් එකක් අස්සෙන්?
DeleteWicharaka,
Delete/බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන පිළිපැදීම, අධිෂ්ඨානය, අනුගමනය කිරීම සහ, බුද්ධාගම ඇදහීම පරස්පර විරෝධී කරුණු දෙකකි./
බුදුන් වහන්සේ දේශනා කලේ අන්ධානුකරණයෙන් ඇදහිය යුතු ආගමක් නොව තර්කානුකූලව විචාර බුද්ධියෙන් යුතුව මනස වෙහෙසවා වටහාගත යුතු දර්ශනයකි.
පුනර්භවය සහ ඉහත ආත්ම භාවයන් යනු බෞද්ධ දර්ශනයේ ඇතුලත් වන්නක් නොව නොව පසුකාලීනව අවස්ථාවාදීන් විසින් නිපදවූ බුද්ධාගමේ කොටසක් සේ දකිමි.
@ udara jayasinghe
Deleteනෑ නෑ. අපාය තියෙන්නේ මෙන්න මේ පැත්තේ කියලා, එහාට යන පාර පෙන්නලා දුන්නා T 56 උණ්ඩ වලින්. ආයේ ටයර් මොකටද?
Happy blogoversary Ravi. Keep going.
ReplyDeleteThanks so much Henry...:)
Deleteහෙහ්හෙහ් පෝස්ට් එකට ඉස්සෙල්ලම කමෙන්ට්තියෙන්නෙ සහන් , මම කැමතිම එකෙක් , එක අතකට කවුද කියල වැඩක් නැ තමයි , වැඩක්ම නැ , හැබැයි කිහිපදෙ නෙක්ම ඉන්නව ටැබුව දන්න
ReplyDeleteසහන් හිටියා නම් හොඳයි. පොර තර්කයක් ගොඩනගන්නේ එක රටාවකට. ඒත් එක්කම සහන්ට වැරදුනා කියලා හිතුනම බලහත් කාරයෙන් හරි, ඒ වෙනුවෙන් ඉන්නවා. ඒක වැරදියි...වැරැද්දක් වුනා කියලා පිලිගන්න අය අඩුයි. මම කැමතිම සහන්ට මල පැන්නාම. මාර ඒවා ලියන්නේ. මම සහන්ට කැමතියි එක පැත්තකින්. මේ හැමෝටම නිදහස් සිතුවිලි සහ නිදහස් චින්තන තියෙනවා. මම ඒකට ගරුකරනවා.
Deleteඅටම්,
Deleteටැබූ කියන්නෙ අහවලාය අහවලාය කියල නම් දෙක තුනක් ඒ කාලෙම අන්තර් ජාලෙ හුවමාරු වුනා...:)
Aru,
Delete/මේ හැමෝටම නිදහස් සිතුවිලි සහ නිදහස් චින්තන තියෙනවා. මම ඒකට ගරුකරනවා./
සහන් ගැන මටත් කියන්න තියෙන්නෙත් එච්චරයි....:)
“I wholly disapprove of what you say—and will defend to the death your right to say it.” - Voltaire
අනේ හුකේ නන්නානේ තමා ඕවට කියන්න තියෙන්නේ.
ReplyDeleteඅපේ ගෙවල් ලග හාමුදුරුවොන්ගේ මොබයිල් ෆෝන් එක උස්සලා පොලිසි ගිය එකෙක් මගේ ෆේස්බුක් එකේ ඉන්නවා. දාන්නේම බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න ටෝක් තමා
ඇනෝ,
Deleteසුපිරිසිදු පරම නිර්මල බුද්ධාගමේ අති ගෞරවාර්හ භික්ෂූන් වහන්සේ නමකට අහවල් දේකටද මොබයිල් ෆෝන්ස් කියල හිතල ඉස්සුව වෙන්න බැරිද?
බුදු හාමුදුරුවො කිව්වෙ "චරක භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්තාහි හිතාය සුඛාය දේව මනුස්‌සානං" කියලනෙ "මහණෙනි, දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න..." කියලනෙ.ඉතිං එහෙම කරන්ට මොකටද බොබයිල් ෆෝන්ස්? කියල හිතෙන්ට ඇති....:)
ටැබූ ආපහු වරෙන්, වෙලෙන කතරට පිනි පොදක් වට්ටපන්.
ReplyDeleteමම බ්ලොග් ලියන්නෙක් නොවෙමි. රසවිදින්නෙක් පමනක්මි. මම උපරිමයෙන් රස වින්දේ ටැබූ යුගයෙදියි. අපිට වෙනස් විදියේ වින්දනයක් ලැබුනේ ඒ යුගයේ ලිපි වලිනුයි. ඒ නිසා ආයි වරෙන් 'සර්'. 2010 සිට බ්ලොග් කියෙව්වත් මේ මගේ පලමු කොමෙන්ටුව කිව්වත් වැරදි නැහැ.
මංගල,
Deleteස්තූතියි ඔබට..එය මගේද ප්‍රාර්ථනයයි...:)
Coincidence එකක් ගියපු දුරක්.
ReplyDeleteසුබ පැතුම් රවී අයියේ. මේකෙන් මගේ හිතේ පහුගිය අවුරුදු 3ක් වගේ මම නිතරම මේ පැත්තේ එන්න ඇති..
Dinesh,
Deleteස්තූතියි මලේ...:)
සුභපැතුම් මචං. මගේ බ්ලොග් කියවිල්ලත් සමකාලීනව යනව මතක විදියට. ටැබූ ඒ කාලෙ හිටියත් කියවන්න ලැබුනෙ නෑ මතක විදියට.
ReplyDeleteමෙන්න මම උඹව අවුරුදු හයක් ඈතට ගෙනියනව.
මේ කතාව ටැබූ බ්ලොග් එකට සිරාවටම ගැලපෙන කතාවක්.
හැබෑට අර වලිකාර යාළුව බ්ලොග් කියවනවද දන්නෑ තාම නේ?
මගේ කමෙන්ටුව එදත්, වසර හයකට පසු අදත් සමානයි.
Deleteඅපි එදත් යූඇම්පී අදත් ශ්‍රිලංකා.... :-)
Deleteකියවපු කතාව ආයෙ කියවද්දිත් එහෙම නං මෙමරිය අවුල්.
රාජ්,
Delete/මෙන්න මම උඹව අවුරුදු හයක් ඈතට ගෙනියනව./
අම්මට වූඩු තාත්තට ගෝයා කියල කිව්වලු. අඩේ ඒ ඔරිජිනල් පෝස්ට් එක තාම තියනවද?
අප්‍රමාණ සංතෝසයි මල්ලි අප්‍රමාණ සංතෝසයි..ඒ වගේම තෑන්ක් යූ සෝ මච් ෆ්‍රොම් ද බොටම් ඔෆ් මයි හාට්...:)
/ හැබෑට අර වලිකාර යාළුව බ්ලොග් කියවනවද දන්නෑ තාම නේ?/
යාලුව දැන් බ්ලොග් කියවන්නෙ නෑ කියලයි මට හිතුනෙ. දෙතුන් පාරක්ම ටැබූ ගැන වචනයක් දාල බලන්ටත් හිතල ආය මට බය හිතුන ඌට මාව මතක් වෙයිද කියල. මොකද මනුස්සය අනික් අය එක්ක කතාකරද්දි මට තේරුනා අර අන්තවාදී අදහස් දසමෙකින්වත් වෙනස් වෙලා නෑ කියල.
Thanks Raj...:)
Rasika,
DeleteThanks...:)
රාජ් හොඳ පොයින්ටෙක, හැබැයි මං කියන්න උත්සාහ කළේ මෙහෙම අදහසක්.
Deleteමා රවී ගේ මේ ලිපිය බලා මතකය අවදි කරගෙන ලියූ කරුණ, ඔබේ ලින්ක් එක දිගේ ගොස් එදා ටැබූගේ බ්ලොගයේ රවී ගේ කතාව කියා මා දැමූ ප්‍රතිචාරය ම, එනම් "මට දෙවරක් කියවන්න වුණා ය යන්න" බවයි.
කතාව කියවා ඇති බව මතක තිබීම සහ කතාව කියවා ලද අත්දැකීම ද මගේ මතකයේ නිවැරදිව තිබී ඇති බව පරණ කමෙන්ටුව දැක තහවුරු වුණා!
සුබ පැතුම් රවී.තවත් වසර ගණනාවක් නිදහසේ හිතන්නට ලැබේවා.
ReplyDeleteThanks so much Hepala...:)
Deleteඋණුසුම් සුභපැතුම්..!!
ReplyDeleteජයවේවා..!!
Thanks to you too Gus...:)
Deleteසුබ පැතුම්!
ReplyDeleteඔහේට ආයෙනම් වලිකාර යාළුවා ඉන්න පාටි වලට යන්න ලැබෙන්නේ නෑ, සිංහල බ්ලොගකට එක් වරක් ගොඩ බැස්ස කෙනෙක් යහතින් ගොඩයන්නේ නෑ, හත්දික්බාගෙම කරත් ගහනවා, ඉතින් ඒ මනුස්සයා මේක කියනවා ෂුවර් ම ෂුවර්.
ඇණයා,
Deleteමම හිතන්නෙ නෑ පොර බ්ලොග්ස් කියවනවයි කියල.මොකද මගෙ නමින්මනෙ මම ලියන්නෙ. අනික ඉන්න දිහාත් රහසක් නෙවෙයි. හැබැයි හිතලම දන්නෙ නෑ වගෙ හිටිය වෙන්නත් පුලුවන්...:)
සුබ බ්ලොග් සංවත්සරයක්!
ReplyDeleteඅපි තරහාවෙලා ඉන්නේ. අපිට උත්තර දෙන්නේ නැති හන්දා. කොයි වෙලාවක හරි කිරිත් එක්ක බත් මුට්ටියක්ම කවනවා ඇවිත්. :P
Thanks Medusa,
Delete/අපි තරහාවෙලා ඉන්නේ. අපිට උත්තර දෙන්නේ නැති හන්දා./
I don't underskirt why you angry.What is this not answering case? Pl. clarify
/කොයි වෙලාවක හරි කිරිත් එක්ක බත් මුට්ටියක්ම කවනවා ඇවිත්. :P/
Reminds me of someone I knew....:)
ජයවේවා....දාන්න පහක්.....!!!!!
ReplyDeleteඕන එකෙක්ට කැමති ලබ්බෙ ආගමක් ඇදහීමේ අයිතියක් වගේම ඕන එකෙක්ට කිසිම ආගමක් නො ඇදහීමේ හා ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශකිරීමේ අයිතියක් තියෙනව.පිරිත් අස්සල බන අස්සල බලෙං නිවං දක්කන්න ඔට්‍ටු නෑ හරිය
මට මලපනින්නෙ බං පෝයටයි ආගමික ලබ්බවල් තියෙන දවස් වලටයි බාර් වහල කන බොන අපිට බ්ලැක් මාර්කට් බඩු විකුනන එකට. ඒ වෙලාවට තමයි හිතෙනෙ අනේ අපරාදෙ බුදුවෙන්න ඕන එකා කුරුසෙ ඇන ගහල . ඇන ගහන්න ඕන එකා බුදු වෙලා කියල. බලහං නත්තලට ඔක්කොම බාර් ඇරලනෙ බං. හා නැද්ද මං කියන්නෙ....
X-Porter,
Deleteකාටද කියන්නෙ බං මෙව්ව? ජේතවනාරාමෙ අල්ලපු වැටේ තිබුනයි කියන්නෙ ඌරො මරපු මස් මඩුවක්. බුදු හාමුදුරුවො කවදාවත් රජ්ජුරුවො මුණ ගැහිල කිව්වයි කියල දැනගන්ට නෑ ඒ මස් මඩුව එතනින් අයිං කරවන්ට කියල.
බුදු හාමුදුරුවන්ටත් එහා ගිය බෞද්ධයොනෙ අපේ ඉන්නෙ. පාලොස්වක දවසට විතරක් මත්පැනුයි මසුයි දෙකම හොඳ නෑ අනික් දවස්වල කමක් නෑ...හෙහ්,හෙහ්
අනික පෝය දවසට අහල ගං හතකට ඇහෙන්ට උදේ ඉඳල රෑ වෙනකල් පීකර් ගස් බැඳගෙන කරන විකාරෙ. පෝයට පන්සල් යනවද නිදහසේ ගෙදරට වෙලා සුට්ටං අඩියක් ගහනවද කියන එක මගේ කැමැත්ත.
ඉතිං කන පැලෙන්ට බණ දාල මගෙ නිදහසට බාධා කරන එක හරිද? එතකොට පන්සල් අවට ඉන්න අනික් ආගමිකයො.මුස්ලිම් පල්ලිවලත් මේ ශබ්ද දූෂණය දිනපතා කෙරෙනව.
හිටපු සී.ජේ. සරත් සිල්වා කරපු දාහක් තක්කඩි, මරි වැඩ අස්සෙ කරපු එක හොඳක් තමයි ඔය ශබ්ද දූෂණයට තහනම් කීරිම. ඒ තීන්දුව තාමත් ක්‍රියාත්මක වෙනවද කියලා නම් නොදනිමි.
මොනාද මේ කතා දවල්ටත් නොකා කිඋවලු. ශබ්ද දූශනය තහනං කිරීම.. ? හුහ්... එතෙන්ට යන්න අපිට තව ගවුගානක් තියෙනව බං.එතකං ඕව නිකං වචන පේලි විතරයි. මිනිහෙක්ගෙ පෞද්ගලිකත්වයේ වටිනාකම තේරුං ගන්න තරං අපි තාම ගෝත්‍රික වැඩියි. අනේ අපි කවදාක හිනහේමුද ඒ රටේ ... එතකං ...මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..
Deleteමේ කතාවට වඩා හිතගියේ රාජ්ගේ ලිංක් එකෙන් ගිහින් කියවපු පරණ කතාවට.දැන් ඉතින් සතියකට වැඩක් සෙට්වුනා. ටැබූගේ බ්ලොග් එක කියවන එක.අවුරුදු 6ට සුබපැතුම් රවී අයියේ.
ReplyDeleteThanks katusu...:)
Deleteඑතකොට විජේසූරිය කියන්නේ අර ටැබූ ට බැනපු මහා සිංහල බෞද්ධයාද?
ReplyDeleteහය වසරක නිදහස් මෙහෙවරට උණුසුම් සුභ පැතුම්!!
Kalyana,
DeleteThanks malli..:)
රවී, වෙනස් අදහස් කියන්න ඉඩ ඇහිරිම මේ තරන් දුර දිග යන්නේ ඒ වෙනස් අදහස් තියන අය සැඟෙවන් නිසා වෙන්න ඇති..හැමෝම යන විදිහට ගියොත්නේ පැවතිමක් තියෙන්නේ.. එ නිසා වෙනස් අදහස් තියන අයත් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා හැමෝම යන පාරේ ගිහින් එක තැනකදි තමන්ගේ වෙනස් අදහස් කියන්න පෙළබෙනවා.. එක අතකින් වෙනස කියන දේට ගොඩක් අය බයයි..ඒ උනාට එක එක විදිහට අපි හැමෝම වෙනස්කම් කරනවා කෙලින්ම කතා කරන්න හිතුවා නම් ඕක ඔය තරන් ලොකු දෙයක් නෙමේ..
ReplyDeleteතවත් කාලයක් අනිත් අයගේ අදහස් වලටත් ඉඩ දෙන ගමන් ඔබේත් වෙනස් අදහස් නිදහස් සිතුවිළි වල අපිට කියවන්න ලැබේවිනේ නෙද...
ස්තූතියි නිම්නී.....:)
Deleteඅපිව පොඩි කාලෙ ඉඳලම හුරුකරවන්නෙ ප්‍රශ්ණ නොකිරීමට. දෙමව්පියො ගුරුවරු කියන දේවල් විමසීමකින් තොරව අහගෙන ඉන්ට , පිළිගන්ට සහ පිළිපදින්ට. අපේ සංස්කෘතියෙ, සමාජ ක්‍රමයෙම වරදක් මට හිතෙන විදිහට ඒ ගතානුගතික ආකල්පය. ඒක වෙනස් කරන එක ලේසි නෑ.
දරුවන්ට කියල දෙන්න ඕනෙ හිතන්ට ඕන මොනවද කියල නෙවෙයි, හිතන්නෙ කොහොමද කියන එක...:)
සුබ පැතුම් රවීයියා.අවුරුදු හයක් පුරාවට දුන් නෙක නෙක රස ගැන ස්තුතියි.
ReplyDeleteThanks to you too Manoj...:)
Deleteසුභ පැතුම් මිත්‍රයා......ඉස්සරහටත් ඔය වගේම ලියහන්
ReplyDeleteRomantic Wanderer,
DeleteThanks , will try my best ...:)
අවුරුදු හයට සුබ පැතුම් රවියෝ. තව චිරාත් කාලයක් පඳුරු වටේ යමින් උනත් රස මැවෙන සිතිවිලි ලියන්න හැකි වේවා !
ReplyDelete(මට මිස් වෙලා තිබ්බ පරණ පොස්ට් ටික කියවන්න පටන්ගත්තා අද)
තිලකේ,
Deleteබොහොමත්ම ස්තූතියි....හෙට අනිද්දම හම්බ වෙමුකො...හොඳද?
හමු වෙමු. හමු වෙමු. තව සති කීපයයි සිය රට ගමනට තියෙන්නේ
Deleteසුබ පැතුම් නිදහස් සිතුවිලි වලට.. සුවිශේෂ සුබ පැතුම් රන්දිටත්. ( ඔන්න ඇයි කියල මගෙන් අහන්න එපා. )
ReplyDeleteකෝ අර කතාව...? මේ සති අන්තෙ නිවාඩුව හිටි වෙලාවක මම කොටස් පහක් විතර එක සැරේ බැලුවා...
Tharurasi,
ReplyDelete/ සුබ පැතුම් නිදහස් සිතුවිලි වලට.. /
ස්තූතියි තරූ...:)
/සුවිශේෂ සුබ පැතුම් රන්දිටත්. ( ඔන්න ඇයි කියල මගෙන් අහන්න එපා. )/
අප්පටසිරිගජ, එහෙමත් එකක්ද? ...මාත් එහෙනං සුබ පතන්ට ඕමනයි..:)
/කෝ අර කතාව...? මේ සති අන්තෙ නිවාඩුව හිටි වෙලාවක මම කොටස් පහක් විතර එක සැරේ බැලුවා.../
මොන කතාවද අනේ? මේකෙ කතා කීයක් තියනවද?
හරියට කොටුව ඉස්ටේසමට දුවගෙන ඇවිල්ල අනේ අර කෝච්චිය ගියාද? කියල ඇහුව වගේනෙ...හෙහ්,හෙහ්,
දිල්ලි, චෙන්නායි ප්‍රේම කතාව ගැන මම මේ අහන්නෙ... ක්‍රිෂ්ගෙයි, අනන්‍යෙගයි
Deleteආ..ඒකද?...පහුගිය සති දෙකේ කොටස් දෙකක් ලිව්ව. තව කොටසක් ලියල තියෙන්නෙ. හෙට අනිද්දම දාන්නම්...:)
Deleteඅමතක වුණා. සුභ පැතුම්.
ReplyDelete