මල්හාර් රාගයෙහි නිපුන ටනා සහ රිරී නම් සොයුරියන් දෙදෙනා. ඔවුන් සහ මල්හාර් රාගය පිළිබඳව කෙටි සටහනක් කථාව අවසානයෙහි ඇත. |
ගිරිය යටින් කෑගසමින් හිසකෙස් දෑතින්ම සිඳගනිමින් උමතුවූවකු මෙන් මේ නිවසින් ඉවතට දිවයාමට මසිතේ පැනනැඟුනු අභිප්‍රාය මම මැඩපවත්වා ගත්තේ බලවත් අසීරුවෙනි. "මොනවද ක්‍රිෂ් උඹමේ පිස්සන් කොටුවෙ කරන්නෙ? මොකටද උඹ මෙහෙ ආවෙ?" මම දත්මිටිකමින් මගෙන්ම විමසා ගතිමි.
ඒ සමඟම කිසිවකු ගෙතුල සිට සාලය වෙත ලඟාවන පියවර හඬක් ඇසෙන්නට විය. තවත් මොහොතකින් මවිසින් මගෙන්ම විමසාගත් දෙවන පැණයට පිළිතුර සාලයට ඇතුලුවන දොරටුවෙහි එළිපත්ත මත පාදුර්භූත වූයේ දහසක් හිරු එක් අහසක නැඟියාක් මෙන් හාත්පස ආලෝකමත් කරවමිනි.
මම හිඳසිටි අයුරින්ම මදක් හිස හරවා ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. මේ මට අනන්‍යා ඇස ගැටුනේ පුරා දෙමසක කාලයකට පසුවය. රන්වන් සිහින් බෝඩරයකින් යුත් ලා කහ පැහැති සාරියකින් සැරසී හුන් ඇය මට දිස්වූයේ මේ නිරයට හදිසියේ සැපත් සුරඟනක් සේය. එසේමය. ගතවූ දෙමසක කාලය තුල ඇය තවත් රූමත්වූ සෙයකි.
වහා ඇය වෙත ගොස් ඇය තරව වැළඳගත්වනම රත්පැහැයෙන් යුතු පිරුණු තොල් පෙති දැඩිව සිපගැනිමට මසිත පහලවූ බලවත් ආශාව මම මැඩගත්තේ දෙනෙත් තදින් පියාගත්වනම ළය පිරීයන තෙක් ඉහළට ගත් ආශ්වාසය උපරිම වේලාවක් පෙණහළු තුල රඳවාතබා යලි හැකිපමණ සෙමෙන් නිදහස් කිරීමෙනි. ඇත්ත වශයෙන්ම ස්වාමිනාදන් මහතා අප ඉදිරියේ හිඳ සිටියදී එවන් සිපවැළඳ ගැන්මක් පිළිබඳව අංශුමාත්‍රයක සිතුවිල්ලක් හෝ පහළ වීම පවා මසිත මහත් භීතියකින් පුරවාලීය. මම වහා හිස නොහරවා ස්වාමිනාදන් මහතා දෙස නෙත් කොණින් බැලූයේ ඔහුට මගේ අභිප්‍රාය පිළිබඳව අංශුමාත්‍රයක හෝ සැකයක් ඇතිවීදැයි සැක හැර දැනගැනීමටය.
"හායි අනන්‍යා, කොච්චර කාලෙකට පස්සෙද ඔයාව දැක්කෙ…" මම දෙවියන් අබියස හැසිරෙනා බැතිමතකුගේ භූමිකාව නිරූපණය කීරිමට මහත් වෑයමක් ගනිමින් ඉතා ආචාරශිලීව සහ එමෙන්ම සන්සුන් ව පැවසූයෙමි. එසේම මගේ දෑත් පිළිබඳව මට කිසිදු විශ්වාසයක් නොවූ හෙයින් මම දෑත් ළයමත හැකිපමණ වැරයේ බැඳගතිමි.
"ක්‍රිෂ්, මොනවද මේ කියන්නෙ? මාස දෙකකට පස්සෙ හම්බවෙලා එහෙම කිව්වම හරියි කියලද ඔයා හිතන්නෙ? මෙතනට ඇවිල්ල අඩුගානෙ මගෙ කම්මුල වත් ඉඹින්නේ නැද්ද?" අනන්‍යා විස්මයට පත්වූ ස්වරයකින් විමසුවාය. එවදන් ඇසූ ස්වාමිනාදන් මහතා අවසානයේ මෙතෙක් ඉතා උනන්දුවෙන් කියවූ ද හින්දු පුවත්පත කියවීම අත්හලේය. ඔහු හිස ඔසවා අනන්‍යා දෙස බලාගත්වනම පුවත්පත ඉතා ප්‍රවේශමෙන් නවා අසලවූ කනප්පුව මත තැන්පත් කලේ අද දවසින් මතු ජීවිතයේ ඔහු ගෙවනා සෑම දිනකම ඒ පුවත්පත නොවරදවා කියවීමට දැඩිව අධිෂ්ඨාන කොටගත් සේය.
ඉක්බිති තම දියණිය දෙස තවත් මොහොතක් බලා සිටි ස්වාමිනාදන් මහතා ඔහු හිඳහුන් සෝපාව සුරතින් දැක්වීය. "අනන්‍යා මෙන්න මෙතනට ඇවිල්ල ඉඳගන්නව ළමය විකාර නැතුව"
"තාත්තෙ…." ස්වාමිනාදන් මහතා වෙත ගිය අනන්‍යා පහත්ව ඔහුගේ කම්මුල සිපගත්තාය. එක්වරම මසිත පැන නැඟියේ දැඩි ඊර්ෂ්‍යාවකි.
ඒ මොහොතේම යාබද කුටියෙන් නික්ම යලිත් සාලය පුරා පැතිර ගියේ අර කිසිවකුගේ ගෙල මිරිකන්නාවිට උගුරෙන් නික්මෙන භයංකර හඬට හාත්පසින්ම සමාන ශබ්දයයි. "ආ..අම්මා ගායනය පටන් අරගෙන…" ඒ ඇසූ අනන්‍යා පැවසූයේ මදසිනහවක් පාමිනි.
"ඔව් ඇති යන්තං දැන්වත් වැඩේ පටන් ගත්ත" ස්වාමිනාදන් මහතා තෘප්තිමත් සිනහවක් පෑවේය. "ඔයාට කියන්න පුලුවන්ද ඒ රාගය මොකක්ද කියල?"
අනන්‍යා තම දෙනෙත් පියාගත්වනම හිස මඳක් පසෙකට ඇලකොට නලළද රැළිගන්වාගනිමින් එම ගායනයට සවන් දුන්නාය. ඇගේ එම ඉරියව්ව කොපමණ සරාගීද යත් මම ආශ්වාස ප්‍රශ්වාසය පවා අමතක කොට ඇය දෙස දෑස් විදහා බලා සිටින්නට වූයෙමි.
" අහ්ම්ම්ම්............." ස්වාමිනාදන් මහතා උගුර පාදන හඬින් තිගැස්සී එදෙස නෙත් යොමුකල මා දුටුවේ ඔහු රැළිකොටගත් දෙබැමින් යුතුව දැඩි අප්‍රසාදය හඟවමින් මදෙස බලාසිටිනා ආකාරයයි. මම දැඩි වරදකාරී හැඟීමකින් යුතුව සුරත මුවට ලංකොට කැස්සක් සඟවාගන්නා මුවාවෙන් සැණෙකින් ඉවත බලා ගතිමි.
"මල්හාර් නේද?" අනන්‍යා දෑස් පියාගත්වනම පවසා තව මොහොතක් සවන් දුන්නාය. "ඔව් මල්හාර් තමයි..මට සහතිකයි…" දෑස් විවර කොට ඈ පැවසූයේ තම පියාණන් දෙස බලා සිනාසෙමිනි. ස්වාමිනාදන් මහතා හිස සලා ඇය නිවැරදි බව ස්ථිර කළේය.
"දැන් මේ ඔය රාගද මොනවද ඔක්කොම කීයක් විතර තියනවද?" මම පියා සහ දියණිය දෙස මාරුවෙන් මාරුවට නෙත් යොමුකරමින් ඇසූයේ මෙම සංගීතය පිළිබඳ සාකච්ඡාවට මම ද කෙළෙසක හෝ සහභාගි වියයුතුයැයි දැඩි අදිටනිනි.
"ම්ම්ම්....ඔක්කොම තියනව මම හිතන්නෙ දාහක් විතර....එහෙම නේද තාත්තෙ?" අනන්‍යා විමසුවාය.
"හ්ම්ම්ම්. ඔව්..අඩුම ගණනෙ දාහක් විතරවත් තියනව...මේ ළමය කර්ණාටක සංගීතය අහන්නෙ එහෙම නැද්ද?" අනන්‍යාගේ ආගමනයට පෙර තමුං හෝ ඔහේ යනුවෙන් මා ඇමතූ ස්වාමිනාදන් මහතා එක්වරම ළමයා යනුවෙන් මා අමතන්නට කල්පනා කොට ඇත.
"මම අහන උලව්වක් නෑ අයිසෙ තමුසෙලාගේ බම්බු කර්ණාටක සංගීතෙ…. කෙහෙම්මල් කර්ණාටක සංගීතෙ" මම එසේ සිතුවා පමණකි. "එච්චරම නම් අහන්නෙ නෑ. හැබැයි එකක් තියෙන්නෙ කර්ණාටක සංගීතය හරිම ලස්සනයි" මම ස්වාමිනාදන් මහතා අමතා පැවසූයේ එළෙසය.
"තාත්ත කල්කටා වල වැඩ කරද්දි අම්ම එහෙ ටැමිල් සංගම් එකෙන් පවත්තපු ගායනා තරඟ දෙකකින් පළවෙනි ස්ථානෙ දිනල තෑගිත් ගත්ත." අනන්‍යාගේ ස්වරයෙහි වූයේ තම මව පිළිබඳව ඇතිවූ ආඩම්බරයක් වැන්නකි.
"ඒත් එයා චෙන්නයි වලට ආවත් හරි ගායනය නැවැත්තුව…." ස්වාමිනාදන් මහතා පැවසූයේ සියළු අපේක්ෂා භංගවූවකුසේ දෑත් ඉහළ දමමිනි.
"ඇයි අනේ ඒ? මහ අපරාදයක්නෙ…….." මම අනන්‍යා දෙසට හිස හරවා විමසූයෙමි.
"ඒකට හේතු එකක් නෙවෙයි ගොඩක් තියනව" මාතෘකාව වෙනස් කරන ලෙස අනන්‍යා මට සුරතින් සංඥා කළාය.
"අර ඔයාගෙ නැන්ද කෙනෙක් එනව කියල කිව්ව නේද? කෝ එයා ඇවිල්ලද ඉන්නෙ?"
"ඔව්..ඔව්..ශෝභා නැන්ද ඇවිල්ල ඉන්නෙ. අන්න එයා කුස්සියෙ මොනවද මන්ද කරනව...ක්‍රිෂ්.ඔයා දන්නවද? ශෝභා නැන්ද කියන්නෙ අපෙ තාත්තගෙ ලොකු අක්ක"
ශෝභා නැන්දා තම බාල සොහොයුරාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වේවායයි මම දෙවියන්ට යාඥා කළෙමි.
සාලය පුරා මහත් නිහැඬියාවක් රජයන්නට විය. අනන්‍යාගේ මෑණියන් රැගෙන පැමිණි පොසිලගත කුඩා නාගයින් රැසක් කෙදිනක හෝ කැණීමකින් මතුවුවහොත් මෙසේ වියයුතුයැයි මට සිතුනු කටගැස්ම සහිත තැටිය මා අසලම වූ කනප්පුව මත විය.
"නිකම්ම ඉන්න එකේ මේකක් වත් කාල බලමු. නැන්දම්මගෙ වැඩ කොහොමද කියල බලන්ටත් එක්ක හෙහ්..හෙහ්" මම එසේ සිතමින් එයින් එක් දඟරයක් ගෙන සෙමින් සැපුවෙමි. ඉන් කරස් යන හඬින් නිකුත්වූ ශබ්දය සාලය පුරා පැතිරගිය දැඩි නිශ්ශබ්දතාවය බිඳ දැම්මේය. ස්වාමිනාදන් මහතා තම කළු පැහැ තොල් තදින් පියාගත්වනම මදෙස රවා බැලීය. අනන්‍යා සිනහව වළක්වා ගැන්මට තැත්කරමින් හිස පහතට හරවා ගත්තීය.
මම පොසිලගත කුඩා නාගයින් ආහාරයට ගැනීම අත්හැරදැමීමට තීරණය කළෙමි. එහෙත් ඒ සමඟම මේ නිශ්ශබ්දතාවය බිඳින්නට මම කුමක් හෝ කළයුතුය. වසර කිහිපයකට පෙර මම කියවූ "සිත් දිනාගැන්මේ නොවරදින මඟ" නම් උපදේශාත්මක ග්‍රන්ථය හදිසියේම මගේ මතකයට නැඟිණි.
එහි පුන පුනා සඳහන් වූයේ කිසිවකු මිතුරු කොට ගැන්මට ඔබට අවශ්‍යනම් ඔවුන් සහ ඔවුන් කරනා රැකියාව හෝ විනෝදාංශ පිළිබඳව නිතර ඔවුන් සමඟ කතා කලයුතු බවත් එහිදී ඔවුගේ නම් නිතර සාකච්ඡාවට කෙසේ හෝ ඇතුළුකොට ගැනීමට වගබලාගතයුතු බවත්ය.
"ඉතින් ස්වාමිනාදන් මහත්මයා..ඔබ මම හිතන්නෙ ඉන්දියාව පුරාම රජකාරි කරල ඇති නේද?" එම ග්‍රන්ථයේ සඳහන් වූ උපදෙස් පරිදි කටයුතු කීරිමට ඉටාගත් මම අනන්‍යාගේ පියාණන් වෙතින් විමසීමි.
"ඔව් තැන් තුනහතරක වැඩ කරල තියනව. ඒත් කොහොමින් කොහොමින් හරි අන්තිමට මම මෙහෙට හිරවුනානෙ."
"මෙහෙට හිරවුනාය කිව්වෙ? මම හිතුවෙ චෙන්නයි කියන්නෙ ඔබ උපන් නගරය නිසා මෙහෙ සේවය කරන්නට ලැබීම ඔබට ලොකු සතුටක්ය කියල……." මම විශ්මයට පත්ව විමසීමි.
ස්වාමිනාදන් මහතා මාදෙස අප්‍රසාදය හඟවන බැල්මක් හෙලා වහා ඉවත බාල ගත්තේය. ඔහුගේ සිත් රිදවන හෝ පැවසිය නොයුතු යමක් මගෙන් නොදැනුවත්වම පැවසිණිදැයි මම වමතින් දෙනෙත් වසාගත්වනම කල්පනා කළෙමි.
"මම පොඩ්ඩක් බලල එන්නම් ශෝභා අක්ක මොකද කරන්නෙ කියල. අනික මම හිතන්නෙ දැන් අපි කෑවොත් හොඳයි…" ස්වාමිනාදන් මහතා අසුනින් නැඟිට සාලයෙන් පිටවී ගියේ එසේ පවසමිනි.
ඔහු පිළිබඳව මට අනන්‍යාගෙන් විමසියයුතු ප්‍රශ්ණ දහසක් වූවද මට අවශ්‍ය වූයේ ඊට පෙර ඇය සිප වැළඳ ගැනීමටය. මගේ සිතැඟි ක්‍රියාත්මක කරනු උදෙසා මම අසුනින් නැඟිටීමට උත්සාහ කලද මගේ අරමුණ වහා වටහාගත් අනන්‍යා මා වැළැක්වූයේ දෑතම ඔසවමිනි.
"මේ නැඟිටින්නෙ එහෙම නෑ ඔතනින් ...තේරුණාද?"
"මොකක්ද කිව්වෙ?"
"ඔතනින් නැඟිටින්න එහෙම එපා කියල කිව්වෙ. අපි දෙන්න අතරෙ අවම වශයෙන් අඩි තුනකවත් පරතරයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. තේරුණාද ඔහෙට?"
"මොන විකාරයක්ද මේ කියන්නෙ? මෙතන වෙන කවුරුවත් නෑනෙ අපි දෙන්න විතරයිනෙ ඉන්නෙ"
"මොකෝ නැතුව? ඔය ඇහෙන්නෙ නැද්ද මගෙ අම්ම අර එහා කාමරේ සින්දු කියනව.."
"ආ එහෙමද?? මේ පැත්තෙ ඒකට කියන්නෙ සින්දු කියනව කියලද? දැනගත්ත එකත් හොඳයි එක අතකට. අපේ පැත්තෙ නම් ඔය වගෙ සද්දෙකට කියන්නෙ…"
අනන්‍යා වහා හිස දෙපසට සලා මා වැළැක්වූවාය. "නෑ..නෑ...මට ඒ ගැන දැනගන්ට කිසිම ඕන කමක් නෑ…" ඇය සුරතින් මුව වසාගෙන කිකිණි හඬින් සිනාසුණාය.
"අනික මම මේ කියන්නමයි හිටියෙ. ඔයාටත් නරකද කර්ණාටක සංගීතය ටිකක් ඉගෙන ගත්තොත්. මේ වැඩිය ඕන නෑ...ඔය රාග දහයක් දොළහක් වගෙ ඉගෙන ගත්තනම් ඕනවටත් වැඩියි."
"මොකක්? කර්ණාටක සංගීතය ඉගෙන ගන්ට? මේ මම?" මම යලි සෝපාවෙන් නැඟී සිටීමට තැත් කළෙමි.
" දැන් මම එක පාරක් කිව්ව නේද ඔතනින් නැඟිටින එක සපුරා තහනම්ය කියල" ඇය දබරැඟිල්ල ඔසවා මට අනතුරු හැඟවූවාය. මම යලිත් සෝපාවේම අසුන් ගතිමි.
"තාත්ත මේ දවස්වල එයාගෙ බැංකුවෙ ලොක්කො ගැන හුඟක්ම කලකිරිලයි ඉන්නෙ" මඳ නිහැඬියාවකට ඉක්බිති අනන්‍යා පහත් හඬින් පැවසුවාය. "ඇත්තටම තාත්තගෙ පළපුරුද්ද සහ සුදුසුකම් බැලුවම එයාට බෑන්ක් ඔෆ් බැරෝඩා චෙන්නයි ශාඛාවෙ මැනේජර් කම ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම"
"ඉතිං මොකද වුනේ?"
"ඔයා දන්නවනෙ ක්‍රිෂ්... ලෝකෙ කොහෙත් වෙන්නෙ ඕකනෙ. සුදුස්සාට සුදුසු තැන හම්බ වෙන්නෙ නෑනෙ" අනන්‍යා දිගු සුසුමක් පිට කලාය.
"කෝ ඔයාගෙ මල්ලි?" මාතෘකාව වෙනස් කිරීමට මට අවශ්‍යවිය. අනන්‍යා දුක්මුසුව පසුවනු දැකීමට මම කිසිසේත්ම නොකැමැත්තෙමි.
"ආ..මල්ලි කලින්ම නිදියනව. එයා මේ දවස්වල පාඩම් කරන හින්ද පාන්දරම නැඟිටිනව..ඒ හින්ද කොහොමත් කලින්ම කාල නිදියනව."
කවුරුන් හෝ සාලයට දෙසට පැමිණෙන පියවර හඬ ඇසෙන්නට විය.
"මේ ශෝභා නැන්ද ඉස්සරහ ටිකක් පරිස්සමින් කතා කරන්න. මම කියන්නද? ඔයා පුලුවන් තරම් අඩුවෙන්ම කතා කරන්නකො. එයා කියන එව්වට හූමිටි තිබ්බම හොඳටම ඇති.." අනන්‍යා ඉදිරියට නැවී පහත් හඬින් පැවසුවාය.
"ඒ මොකද ඒ? හරි වැඩක්නෙ ඒක...." මම මගේ නොරිස්සුම සඟවාගන්නට කිසිදු උත්සාහයක් නොදැරීමි.
*********************************
සටහන - ඉන්දීය රාගධාරී සංගීතයෙහි මල්හාර් රාගයට හිමිවනුයේ ඉතා වැදගත් ස්ථානයකි. නිවැරදි ලෙස මල්හාර් රාගය ගායනා කල පසු වර්ෂාව ඇතිවන බව විශ්වාස කෙරේ. මල්හාර් රාගයෙහි නිපුණ ටනා සහ රිරී නම්වූ සොයුරියන් දෙදෙනෙකු පිළිබඳව අනුවේදනීය පුරාවෘත්තයක් ඉන්දියාව පුරා ප්‍රචලිතව ඇත. මහා අක්බාර් අධිරාජ සමයෙහි සිදුවූවේ යයි කියවෙන මෙම කතාපුවත පිළිබඳ විස්තරයක් මෙම වියුණුවෙහි දැක්වේ.
මේඝ මල්හාර් වලින් හදපු රහ්මාන්ගෙ සින්දුවක්
ReplyDeletehttps://www.youtube.com/watch?v=asw-wTDzGUQ
තෑන්ක්යූ තෑන්ක්යූ තෑන්ක්යූ එක්ස් තෑන්ක්යු සෝමච්....
Deleteමාර ලස්සනයි ගීතය.කොහොමද අයිෂ්ගෙ ඩාන්ස් එක? පිස්සු නේ?..
ඔය දීපිකාල, ප්‍රියංකල අයිෂ්ලගෙ එහෙම වැලමිට, දනිහ, මැණික්කටුව වගෙ හන්දි ඔක්කොම ඔපරේෂන් කරල ආයම මොනවහරි ෆ්ලෙක්සිබල් මෙටීරියල් එකක් දාල හදලලු තියෙන්නෙ කියන කතාව ඇත්තයි කියල හිතෙන්නෙ මෙහෙම ඩාන්ස් දැක්කම තමයි...
නෑ බං මුන්ගෙ ඇට හැදිල තියෙන්නෙ රබර් වලින් කියල මං හිතෙන්නෙ
Deleteඅයිෂ් ගුන්ඩු....මාර ලස්සන වීඩියෝ ක්ලිප් එකක්. අයිශ්චර්යාම තමයි.
Deleteආ.. තව එකක්. අයිෂ්ල කොච්චර ස්පීඩ් නැටුවත් උන්ගෙ හස්ථ මුද්‍රා (අඟිලි වලින් පෙන්නන දේ)පට්ට perfect
DeleteX-Porter,
Delete/උන්ගෙ හස්ථ මුද්‍රා (අඟිලි වලින් පෙන්නන දේ)පට්ට perfect /
එව්වට කියන්නෙ මල්ලි අභිනයන්, අභින හතරක් තියනව.වාචික, ආංගික, සාත්වික සහ ආහාර්ය කියල. ඔය උඹ කියපු ඇඟිලි වලින් හැඟීම් ප්‍රකාශ කිරීම එන්නෙ ආංගික අභිනයට.
මේකත් මේඝමල්හාර් වලින් හදපු රහුමන්ගෙ තවත් එකක්
ReplyDeletehttps://www.youtube.com/watch?v=GmCn31pq8i0
මිහිරක් තියනවනෙ ලෙසටම... භගත් ගොයියගෙ කණේ වංගුද කොහෙදො
DeleteX - Porter,
Deleteආයෙමත් සැරයක් බොහොම ස්තූතියි..අමීර් ඛාන් මම කැමතිම නලුවෙක්..අර අනික් ඛාන්ල දෙන්නට වඩා අමීර්ගෙ ඇඟේම තියනව රංගනය....දන්ගල් බැලුවනෙ නේද?
ගස්,
Deleteනෑ බං මෙතන භගට් කියන්නෙ මල්හාර් රාගයෙ වැරැද්දක් නෙවෙයි. අනන්‍යගෙ අම්මගෙ ගායන නොහැකියාව ගැන මම හිතන්නෙ...හෙහ්,හෙහ්
හෑ...දන්ගල් නොබල ඉන්නෙ කොහොමද..? පොර ක්ලැසික් ඩයල් එක. දන්ගල් එකේ මියුසික් පට්ට. ෆිල්ම් එකටම බද්දවෙලා. මියුසික් කියල වෙනම ඇහෙන්නැතුව ඒකත් ෆිල්ම් එකේ චරිතයක් වෙලා...
Deleteමේ ඉන්ඩියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ලෝක පුදුමයක් වගේ එකක්. මියුසික්, කොරියොග්‍රෆි, ඇක්ටින්, එඩිටින්, ලොකේශන්ස් ගැන හිතපුවාම එක වෙලාවකට මට පේන්නේ මුන් ආත්ම ගානක ඉඳන් පෙරුම්පුරාගෙන කරන වැඩක් වගේ කියලා. අමීර් දංගල් තුලින් තව තවත් ඉස්සරහට ගියා. Music by Pritam Chakraborty.
Deleteමොනාද මේ කතා දවලත් නොකා. ලෝක පුදුමයක් නෙමෙයි සුරංගනා ලෝකයක්. කලාව යනු කුමක්ද කියන එකට උත්තරේ සංකීර්න උනත් උදාහරනවලට බොලිවුඩ් මුලුන්ම තියේ. අමීර් ඛාන් ගැන කියනවනං දහසක් දේ ඇත. ත්‍රී ඉඩියට්, පී කේ, රන්ග් දේ බසාන්ති, ගජිනි, ලගාන් වලින් වැඩ පෙන්නුවත් ඇත්තටම බුවා කවුද කියල ලෝකෙ දැන ගත්තෙ තාරේ zසමීන් පර් එකෙන් මං හිතන්නෙ
Deleteරවිය අමීර් ඛාන්ට ආසයි කිඋවනෙ. රංග් දේ බසන්ති එකේ මේ සින්දුවටත් ආසවෙයි මයිහිතේ.. ආආආසයි නේහ්...
Deletehttps://www.youtube.com/watch?v=c769V25pX08
Thanks X for video & Aruna for your for your comment...:)
Deleteඇති යන්තම් බෝ ආපහු කියවන්න ඇහැකි යමක් ලිව්වා...
ReplyDeleteඅර පෙස්ටල් ෂෙඩ් දෙක බලා කියාගෙන ඉන්න තිබ්බ චෑන්ස් එකට පයින් ගහල මේ කිරිස් ගොයියා පැණි හැලියට වැටුණු ඇඹලයා වගේ මේ වහන්තරාව පස්සේ මොන එහෙකට යනවද මන්ද...
අර රවියද කවුද මන්ද එහෙකුට උන්දැගේ මාමණ්ඩිය කියල තිබ්බේ කරුමයක් තියෙනවනම් වළක්වන්න බැහැ කියලා, කිරිස් ළමයටත් කියන්න තියෙන්නේ එච්චරයි...
Lokka,
Delete/අර රවියද කවුද මන්ද එහෙකුට උන්දැගේ මාමණ්ඩිය කියල තිබ්බේ කරුමයක් තියෙනවනම් වළක්වන්න බැහැ කියලා/
අම්මප උන්දැ තුන්කල් දන්න ඉරිසින්නාන්සෙ කෙනෙක් වගෙ එහෙමම කිව්වනෙ බං..කියල වැඩක් නෑ...
ඔය කතාව බ්ලොග් එකේ ලිව්වය කියල අපෙ පාද පරිචාරිකා තොමෝ මේ ලඟදිත් මතක් වෙලා මට එලෝ කෝටියට දෙහි කැපුව.
///අම්මප උන්දැ තුන්කල් දන්න ඉරිසින්නාන්සෙ කෙනෙක් වගෙ එහෙමම කිව්වනෙ බං..කියල වැඩක් නෑ...///
Deleteකොහෙද බං අපේ මාමණ්ඩිලට එහෙම හැකියාවක් තිබුනේ නැහැනේ...
එහෙනම් අපි දැන දැනම අමාරුවේ වැටෙන්නේ නැහැ නොවැ...
///ඔය කතාව බ්ලොග් එකේ ලිව්වය කියල අපෙ පාද පරිචාරිකා තොමෝ මේ ලඟදිත් මතක් වෙලා මට එලෝ කෝටියට දෙහි කැපුව.///
ඕක ලිව්වා කියල විතරක් නෙමෙයි සමහර විට ඕක ලිව්වේ නැත්තන් ඒත් උඹ බැනුම් අහයි ඕක ලිව්වේ නැහැ කියලා...
ආන් එහෙමයි ඔව්ව සිද්ධ වෙන්නේ...
///ඕක ලිව්වා කියල විතරක් නෙමෙයි සමහර විට ඕක ලිව්වේ නැත්තන් ඒත් උඹ බැනුම් අහයි ඕක ලිව්වේ නැහැ කියලා.../////
Delete+++++++++++++++++++++++++
ඔවු ඔය මලහාර රාග හරියන්නෙ රීරි යකින්නියන්ටම තමයි හිටං.
ReplyDeleteඔහේ අනන්‍යත් එක්ක කොස් කිරන්න ගියානං ස්වාමිනාදං කාරය බෙල්ල ගලෝල අතට දීල තමයි නිකා ඉන්නෙ. හැක්..
ප්‍රසන්න,
Delete/ඔහේ අනන්‍යත් එක්ක කොස් කිරන්න ගියානං ස්වාමිනාදං කාරය බෙල්ල ගලෝල අතට දීල තමයි නිකා ඉන්නෙ. හැක්../
මේ මොනව කියනවද බං? එහෙනං අනිවාර්යයෙන් ඒක වෙනව.
නැන්ද ආවාම ගිනිකෙළි සහා ගිනි අවි වගේ තියේවිද මන්දා.දැන් නම් සටන් විරාමේ වගේ යන්නේ පොඩි පොඩි සිදුවීම් හැරුණු කොට ලොකු ගැටුමක් නැහැ.
ReplyDeleteමනෝජ්,
Deleteගිනි අවි සහ ගිනිකෙළි උඹ බැළුවද? කොහොමද ඒකෙ තුම්මුල්ලෙ පද්මෙ එහෙම? ශ්‍රියන්ත මෙන්ඩිස්නෙ හිටියෙ...
මෙච්චර දුරක් ගිහිල්ලත් රාග කිය කිය ද හිටියේ හිටන්.
ReplyDeleteමල්,
Deleteඅදට රාග තාල විතරයි...ඊලඟ කොටසින් මල්ලි උඹ ඉල්ලන දේ...:)
රවී..
ReplyDeleteකවදත් වගේ ආසාවෙන් කතාව කියෙව්වේ. ලස්සනයි.
දහසක් හිරුත් එක අහසක නැගියාදෝ
පහසක් ඇගේ ලබනට ඉඩ නැතුවාදෝ
මෙතුවක් වෙලා කෑ කටු තව ඇතුවාදෝ
නඩුවක් ශෝභ නැන්දා විත් දැමුවාදෝ....
ඒක බලන්න ඊළඟ කොටස එනකන් ඉන්න වෙනෝ..
ජයවේවා!!!
දුමී,
Deleteතෝ කවි ලියන හැටියට නම් මට බැරියෝ,
සෝ අයි ඈම් සේයිං තැන්කියු දුමියෝ,
කටහ්ව ලස්සනට ගලාගෙන යනවා. මේ කතාවේ ඔරිජිනල් එක ලිව්වේ රවී වෙන්න ඕනේ.
ReplyDeleteඅජිත්,
Deleteහෙහ්..හෙහ්..එහෙමත් හිතෙනවද?...තෑන්ක්ස් බොස්...:)
අනේ අම්මාපල් මට ඉංගිරිස් බැරුව මිසක්ක. නැත්තං මේක ඉංගිරිසියෙං ලියල රතුපෑනෙං ලකුණු කරල යවන්නෙ චේතනාහං බකට්ටෝට. මෙව්වායෙ බහුතරය ඒ යකා ලියල නෑ නෙවැ.
ReplyDeleteඒක නෙමෙයි සයිටං ගැන පොඩ්ඩක් ලියමුකො. දැං හැමෝම ඒක ගැන ලියනව. බුකියෙ හැමතැනම ඒකම විතරයි.
සුරංග,
Deleteලියන්ට ඕන ලියන්ට ඕන සයිටං නාඩගම ගැනත් ලියන්ට ඕන...:)
අෆොයි ක්‍රිෂ්ට වෙච්ච දෙයක්... නැංදගෙන්වත් ගැලවීමක් නෑ වගේ.....
ReplyDeleteඅනේ රවී අයියටත් ඔය වගේ දෙයක් වෙලා තියනවානම් මරු:D
නිර්මාණී,
Delete/අනේ රවී අයියටත් ඔය වගේ දෙයක් වෙලා තියනවානම් මරු:D/
පිස්සුද බොල? මගෙ මාමණ්ඩි ඇවිල්ල එළකිරි සහ ජලය ඔන්න කොටිම්ම...ජෙනුවින් මනුස්සය ...:)
කියෙව්වට අඟක් මුලක් තේරුනේ නෑ මුලට ගිහින් කතාව බලලම එන්නම්
ReplyDeleteසඳවතී,
Deleteමේක මම ලියන්ට ගත්තෙ 2015 සැප්තැම්බර්වල..අද මේ දැම්මෙ 32 වෙනි කොටස...ඒ හින්ද අඤ්ඤකොරොස් වුනේ නැත්තං තමයි පුදුමෙ...
දකුණු පැත්තෙ පහලම හරියෙ ප්‍රවර්ග යටතෙ තියනව "The story of my marriage" කියල කැටගරි එකක්. එතන තියනව මෙතෙක් පලවෙච්චි කොටස් තිස් දෙකම...කැමතිනම් කියවතෑකි....:)
බැරිම තැන කියෙව්වා සිංහල පරිවර්තනේ...
ReplyDeleteරවී බොසා හැබෑම වැඩකාරයෙක්..! දක්සතා නාස්තිකොරගන්නෙපා බොස්.
ජයවේවා..!!
Thanks so much Gus...:)
Deleteරවි,
ReplyDeleteලෝටස් අවෝඩ්ස් සෙරමොනි එකට එනවැයි.
කාලෙකින් හම්බ උනෙත් නෑ
- කෑගල්ලෙ ඇනෝ
කෑගල්ලේ ඇනෝ,
Deleteමු එහෙම ලේසියෙන් ලංකාවට එන පුතයෙක් නෙමෙයි බං...
ඊළඟ පාර සමහර විට තව අවුරුදු දහ පහළොවකින් වෙන්නත් බැරි නැහැ...
එහේ තව කසාදයකුත් බැඳගෙන ළමයි බමයි හදාගෙන ඉන්නවය කියලනේ ඔය රට්ටු කියන්නේ...
යකෝ මු තියන්න වටින්නෙ නෑනෙ.
Deleteඑතකොට මෙහේ කෑගල්ලෙ ගෑනියි දරුවයි, මටද බලාගන්නෙ වෙන්නෙ?
- කෑගල්ලෙ ඇනෝ
කෑගලු ඇනෝ,
Delete/එතකොට මෙහේ කෑගල්ලෙ ගෑනියි දරුවයි, මටද බලාගන්නෙ වෙන්නෙ?/
උඹ ඒ ගැන කරදර වෙන්ට කොහෙත්ම උවමනාවක් නෑ. තේරුණාද?මම ඒ යුතුකං වෙලාවට කරනව...හාද?
දැන් නම් රවී උඹයි, ක්‍රිශුයි දෙන්නම එකෙක් වගේ මට කියවෙන්නේ. වැඩේ සීරියස්.උඹ ඒ චරිතයට ආරුඩ වෙලා කියලා මට හිතෙන්නේ.
ReplyDeleteThanks Aru.........:)
Delete