Monday, February 13, 2017

483. The Story Of My Marriage - 34 - A Morning At Asia's Longest City Beach…..


මරීනා වෙරළෙහි හිරු උදාව..
ඡායාරූපය Indiaouting.com අනුග්‍රහයෙනි.


"මේ ඔයා කලින්ම ගාණ කතා කරන්න. නැත්තං මට ආයෙ ඒ මිනිහ එක්කත් ගහ ගන්න වෙයි" මම පැවසූයෙමි.

"ඒ මිනිහ එක්කත් කියන්නෙ? ඒ කියන්නෙ ඔයා මීට කලිනුත් ත්‍රී වීල් කාරයෙක් එක්ක ගහ ගත්තද?"

"එහෙනං…...ඇත්තම කියනවනං ගහගත්තෙමත් නෑ. ඒත් තව පොඩ්ඩෙන් ගහගන්ට වෙනව. ඒක වුනේ ඊයෙ රෑ එයාපෝට් එකේ ඉඳල චමරියට එද්දි. හෙහ්,හෙහ්, කොහෙද මට ඉතිං ඒ විස්තර ඔයාට කියන්ටවත් වෙලාවක් තිබ්බය" මම නොනවත්වා කියාගෙන ගියෙමි. 

තමන් විවාහ වන්නේ මා සමඟ පමණක් බව අනන්‍යා දැඩි ලෙස තිරකොට පැවසූ පසු මගේ සිත මහත් ආනන්දයකින් පිරී තිබිණි.

"හරි, අපි දෙන්නගෙ ප්‍රශ්නයක් මෙතන නෑ. අපි දෙන්නම එක අධිෂ්ඨානෙකින් ඉන්නෙ කවදකහරි බඳිනවාමයි කියල. ඒක හරි. ඒත් ළමයා මට තියෙන අවුල ඔයාලගෙ අම්මයි තාත්තයි මේ වැඩේට කැමති කරව ගන්න එකනෙ. මට තේරෙන්නෙ නෑ විශේෂයෙන්ම ඔයාලගෙ තාත්තව කැමති කරවගන්නෙ මොන දහංගැටයක් ගහලද කියල"

අනන්‍යා මද සිනහවකින් යුතුව මදෙස බලා සිටියාය. "මොකද හිනා වෙන්නෙ?" මම ඇසීමි.

"නෑ..නෑ...මොකවත් නෑ..කියන්න කියන්න..ඔයා කියන්න ආපු ඔක්කොම කියන්නකො………."

"කොටිම්ම කිව්වොත් ඔයා නාල එනකල් මම ඒ මනුස්සය ඉස්සරහ ඉඳගෙන හිටියෙ හයේ පන්තියෙදි දවසක් ඉස්කෝලෙ ප්‍රින්සිපල් මම ඔෆිස් එකට ගෙන්නල එයගෙ මේසෙ ඉස්සරහ දණ ගස්සවල තිබ්බ දවසෙ වගෙ බය බිරාන්ත වෙලා. බොරුවක් එහෙම නෙවෙයි අනන්‍යා මේ ඇත්තම ඇත්ත."

"හිහ්..හිහ්..මට නිකම් මේ මැවිල පේනව වගෙ ඔයා ඇස් දෙකත් ලොකු කරගෙන මූණ පුරා දාඩියත් දාල ප්‍රින්සිපල් ඉස්සරහ දණ ගහගෙන ඉන්නව. ෂික්..අපරාදෙ බලන්ටම වටින වැඩේ...හිහ්... "

"මේ...හිනාවෙන්ට එපා හොඳද? "

"හිනාවෙනව නෙවෙයි අනේ හිනා යනව..හරි ..හරි..දැන් කියමු බලන්ට ඔයා මොනව කරලද ප්‍රින්සිපල් ඒ දණ ගස්සල තිබ්බෙ?"

"ඒ..මේ…..වැඩකට ඇති දේකට නෙවෙයි."

"හරි හරි මොකටද කියන්නකො ඉතිං?........"

"ගෑණු ළමයෙකුගෙ කොණ්ඩෙං ඇද්දයි කියල…"

"හිහ්..හිහ්...හයේ පන්තියෙ ඉන්න කාලෙ ඉඳලම මනමාලකමේ නම් අඩුවක් තිබිල නෑ නේද?" අනන්‍යා පැවසූයේ මගේ වම් කොපුල සිප ගනිමිනි.

"මේ ඔය හිනාව නවත්ත ගන්නවද? මෙතන මොකක්ද තියෙන්නෙ හිනාවෙන්ට?"

"මම දැන් සැරයකුත් කිව්වෙ...මම හිතල හිනාවෙන්නෙ නෑ හලෝ..මට හිනා යනව ඒකට ඉතිං මම මොකක් කරන්නද?" අනන්‍යා නොනවත්වා සිනාසුණාය. මම අමනාපයෙන් ඉවත බලා ගතිමි "හරි හරි දැන් ඒක ඇති...හරි ඒ තාත්ත ගැනනෙ. අම්ම ගැන මොකද ඔයාට හිතෙන්නෙ?"

"හාපෝ...අම්ම එක්ක බලනකොට තාත්ත තව හොඳයි කිව්වැහැකි. අම්ම දැක්කමත් මගෙ කටේ කෙළ හිඳෙනව. අනික කොහොමත් මම ඔයාලගෙ අම්මට ඒ කාලෙ ඉඳලම පුදුමාකාර බයකින් නෙව හිටියෙ. ඇයි අර අහ්මදාබාද්වල ඔයාගෙ කාමරේ ඇඳ ලඟම බිත්තියෙ එල්ලල තිබ්බෙ අම්මගෙ ලොකු ෆොටෝ එකක්. මම ඔයාගෙ කාමරේදි ඔයාගෙ කම්මුලක් ඉඹින්ටවත් පණ බයෙන් හිටියෙ"


"ඈ? ඇයි ඒ?"

"ඇයි ඒ කියල අහන්නෙ? මට හිතුනෙම මම එහෙම කලොත් ඔයාගෙ අම්ම ෆොටෝ එකෙන් බිමට බැහැල මගෙ කණෙං අල්ලල ගෝරනාඩු කරයි කියල ඈ බොල අසමජ්ජාතියො තෝ මොකද ඔය මගෙ රත්තරං දුවට කරන්ට හදන්නෙ? ඉඳපං මම තෝ අද පට්ට ගහනව ඇහේ ඉඳල පල්ලෙහාට ..අන්න එහෙම"

"හිහ් හිහ්..හී.." අනන්‍යා සිනහව නවතා ගත නොහැකිව අසලවූ තාප්පයකට අත්දෙක තබා ඊට වාරු වූවාය. අප ඉදිරියට පැමිණෙමින් සිටි මහළු මිනිසෙක් මොහොතක් නැවතී අප දෙස බලා සිට ඒ අසලම වූ අතුරු පාරකට හැරී ඉක්මන් ගමනින් ඇවිද ගියේය. 

"මේ ඔය හිනාව නවත්ත ගන්නවද? අහල පහල ගෙවල්වල මිනිස්සුත් ඇහැරල එනව මම දන්නව දැන්" අනන්‍යාගේ උරහිසට අත තබා සොළවමින් මම පැවසූයේ බියපත් දෙනෙතින් හිස හරවා වටපිටද බලමිනි.

අනන්‍යා දැඩි ආයාසයකින් සිනහව වළකාගනිමින් මදෙසට හැරුනාය. ඇගේ දෑසේ කඳුලු පිරී තිබිණි. "ඔච්චර බය වෙන්ට දෙයක් නෑ ක්‍රිෂ්, මේ පැත්තෙ ඉන්නෙ ඔක්කොම අපේ නෑයො ලඟින් හෝ දුරින්..හිහ්..හිහ්…"

"හරි හරි අහල පහල ඉන්නෙ ඔක්කොම නෑයො කියල ඔහොම හිනාවෙන්න ඕනය?"

"ඔයා අර අපෙ අම්මගෙ ෆොටෝ වලට බයවෙච්චි කතාව කියනකොට හරිම කියුට් අනේ. ඇස් දෙකෙනුත් පේනව බය වෙච්චි තරම...මේ පාරෙ කොච්චර රෑ වුනත් මිනිස්සු යනව එනව. එහෙම නොවුන නම් මම ඔයාව බදාගෙන ඉඹින එක ඉඹිනව. සත්තයි.."

"අනේ.. අන්න එහෙම කරමුකො..හාද?" මම ඇගේ සුරත අල්ලා ගමිනින් පැවසුවෙමි. 

"පිස්සුද? යමු යමු ...තාම ත්‍රී වීල් එකක් අල්ලගන්ටත් බැරිවුනා. ඒ කරල මම ආපහු යන්නත් ඕන. තව ටිකක් බලල තාත්ත එයි මේ පැත්තට මොකද මම පරක්කු කියල බලන්ට"

"හපොයි..එහෙමද? එහෙනං යමු ඉක්මන් කරල. බදාගෙන ඉඹින එක වෙන වෙලාවක කරන්ට බැරිය" මම වහා ඇගේ සුරත අතහැර පය ඉක්මන් කලෙමි..

"හිහ්..හිහ්..ඔය මං කිව්වෙ නැද්ද?... You are so cute. That's why I love you so much Mr. Malhothra. Do you know that?" අනන්‍යා එළෙස පැවසූයේ සිනහව නවතා බැරෑරුම් ස්වරකිනි.

"So am I, Miss. Swaminathan, so am I" මම ද එවන් ස්වරයකින් පිළිතුරු දුනිමි. "මේ විහිලු ඇති...මොකද අපි දැන් මේකට කරන්නෙ? මම කියන්නද? ඔයාට බැරිද අම්ම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක් බලල මේ ගැන වචනයක් දාන්ට?"

"වචනයක් දාන්ට නම් බැරිකමක් නෑ. ඒත් ඒකට අම්ම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ"

"ඇයි අනේ ඒ?...."

"අම්ම මේ දවස්ටිකේම දිගටම ස්ට්‍රෙස් එකේ ඉන්නෙ"

"ඇයි ඒ?"

"අර අපෙ අම්මගෙ කර්ණාටික් සංගීත ගුරුවරයා අම්මට සංගීතෙ උගන්වන්න බෑ කියල කියනව"

"අප්පේ? ඒ මොකද?"

"ඒක ටිකක් දිග කතාවක්..මම පස්සෙ වෙලාවක ඔයාට කියන්නංකො."

"හරි..හරි..මේ අනන්‍යා අපි හෙට හම්බවෙමුද? හැබැයි ඔයාලගෙ ගෙදරනම් නෙවෙයි හොඳද? පිට කොහේ හරි.. ඔයාලගෙ ගෙදර නැතුව මට කොහෙ උනත් කමක් නෑ"

"ඕකේ..අපි හෙට මරීනා බීච් එකේදි හම්බ වෙමු"

"කීයටද?"

"හයට…"

"අපොයි මට කොහොමත්ම එන්න වෙන්නෙ නෑ හයට. මගෙ බොසා මිස්ට බාලා ඕෆ් වෙලා යන්නෙ අටට. ඊට කලින් මම ගියොත් එහෙම ඒ යකාට හාට් ඇටෑක් එකකුයි ස්ට්‍රෝක් එකකුයි එක පිට එක හැදෙයි විනාඩි දෙකක පරතරයක් ඇතුව. හෙහ්,හෙහ්,"

"බොස්ට හාට් ඇටෑක්වත් ස්ට්‍රෝක්වත් හැදෙන්ට හේතුවක් නෑ. මම හය කිව්වට හවස කියල කිව්වෙ නෑනෙ.."

"මොකක්? ඒ කියන්නෙ ඔයා මට එන්න කියන්නෙ උදේ හයටද? පිස්සුද ඔයාට?" මම දෑස් විදහාගෙන ඇය දෙස බලා සිටියෙමි. 

එවිටම අප පසුකොට යාමට ආ ත්‍රි රෝද රියකට ඇය සුරත දිගු කලාය.

රියදුරා ක්‍රාස්ස්ස් යන හඬින් රිය නතර කොටගෙන හිස එළිය දැමීය. "එන්නා? "

"Nungambakkam, Twenty Rupees, Extra Illai Ok?" අනන්‍යා රියදුරා අමතා පැවසුවාය.

සිටි බැංකු නවාතැනෙහි මගේ යාබද කුටි සගයාවූ රාමනුජම්ගෙන් ඉල්ලාගත් එලාම් ඔරලෝසුවේ අමිහිරි නාදයෙන් මම උදෑසන පහට පිබිදුනෙමි. එහෙත් එලෙස උදෑසනම පිබිදීමෙන් කිසිදු අවාසියක් නොවුනු බව මට වැටහීගියේ මරීනා වෙරළට උදෑසන හිරු උදාවන චමත්කාරජනක දර්ශනයෙන් වශීකෘත වූ පසුවය.

"මුලු ආසියාවෙම නගරයක් ආශ්‍රිතව තියෙන දිගම වෙරළ තීරය මේ මරීනා බීච් එක කියල ඔයා දන්නවද?" පෙර දින අප එකඟවූ පරිදි මරීනා වෙරළ තීරය යාබදව පිහිටි තමිල්නාඩු පොලිස් මූලස්ථානය ඉදිරියෙහිදී මා හමුවූ අනන්‍යා විමසුවාය.

"ඔව්..ඔයා මට කලින් කියල තියනව."

"ක්‍රිෂ් ….මොකෝ මේ ඔයා අත්දිග ෂර්ට් එකක් හොඳ කලිසමක් එහෙම ඇඳල... නිකම් මේ ඔෆිස් යන්ට වගෙ?"

"ඔෆිස් යන්ට වගේ නෙවෙයි ඔෆිස් යන්ට තමයි...හෙහ්,හෙහ්..ඔයාව හම්බවෙලා මම කෙලින්ම ඔෆිස් එකට යන්ටයි හිතාගෙන ඉන්නෙ. අඩුගානෙ හත හමාරටවත් එතන ඉන්න ඕන. පුහුණුවෙන කාලෙ එහෙම උදේම එන්න ඕනලු" ඒ අසල වූ බංකුවක අසුන්ගෙන පාවහන් ගලවා කලිසම් කකුල්ද දණහිස් දක්වා නවා ගනිමින් මම පැවසූයෙමි.

"එච්චර පාන්දරම යන්නෙ අර අහවල් දෙයක් කරන්නද?...මට පේන්නෙ සිටි බැංකුව් දොරවල් ඇරල අතුපතු ගාන්නෙත් ඔයාද කොහෙද" අනන්‍යා මගේ සුරත ගෙන වෙරළ ඔස්සේ ඇවිද යමින් පැවසුවාය.

"ආය එහෙමට කියල කරන්න දෙයක් නෑ. නිකම් මේ ලොක්කගෙ පිට කහන්ඩනෙ. එහෙම උදේම ගිහිල්ල ලොක්කගෙ හිත දිනාගත්තම තමයි ඊලඟ ලෙවල් එකට ප්‍රමෝෂන් එකක් එහෙම ලැබෙන්නෙ. එහෙම තමයි මහා පරිමාණ සමාගම්වල වැඩ කටයුතු කෙරෙන්නෙ"

"මටනම් තාම එහෙම ප්‍රශ්ණයක් නෑ. මට වෙලා තියෙන්නෙ මැනේජ්මන්ට් එකෙන් දීල තියෙන ටාගට් කවර් කරන්න බැරි එක. සතියකට කෙචප් බෝතල් දාහක් මම විකුණන්න ඕන. මට තාම එක සතියකවත් ඒ ගාණ විකුණගන්න බැරිවුනා"

අනන්‍යා එසේ පවසමින් ඒ අසළ පාපැදියක පසුපස සවිකල පෙට්ටියක බහාලූ යම් ආහාර වර්ගයක් විකුණන තරුණයකු අසල නැවතුනාය. 

"ක්‍රිෂ් ඔයා තවම උදේට මොකවත් කාල නෑ නේද?"

"කාල නම් නෑ. මොනවද ඕකෙ තියෙන්නෙ? චිකන් ටෝස්ට් දෙක තුනක් තියනවනම් මේ වෙලාවෙ බොහොම අගෙයි"

"පිස්සුද? චිකන් කොහෙද මෙහෙ? චෙන්නයිවල කෑම සීයට අනූඅටක්ම වෙජිටේරියන්. ඒ හින්ද තියන දෙයක් කන්න පුරුදු වෙනව හලෝ.." අනන්‍යා ඉඩ්ලි හතරක් මිලයට ගත්තාය.

ඉඩ්ලි සහ ඒ සමඟ ලැබෙන චට්නි අඩංගු භාජනයද රැගෙන අප දෙදෙන ඒ අසල තුරු සෙවණක සාගරය දෙසට මුහුණලා සවිකල කොන්ක්‍රීට් අසුනක හිඳගතිමු.

ඈත ක්ෂිතිජය දෙස මොහොතක් බලාසිටි අනන්‍යා කථාකලාය. "මම ඔයාට කිව්වනෙ අපෙ අම්ම ගැන කතාවක් කියන්නම් කියල. අම්ම අප්සෙට් වෙලා ඉන්නෙ අර සංගීත ගුරුවරයා, එයාලට කියන්නෙ ගුරුජී කියල...ඉතිං ඒ ගුරුජී අම්මට ගායනය උගන්වන්ට බෑ කියල"

"ඉතිං ඇයි එහෙම බෑ කියල තියෙන්නෙ?"

"මේකයි….ගුරුජී කියල තියනව අම්මගෙ කැපවීමයි දක්ෂතාවයයි දෙකම මදිය කියල.."

"දක්ෂතාවය මදියි කියල?... ඒත් ඔයාලගෙ අම්මගෙ ගායනය හොඳ මට්ටමක තියනව නේද?.......මටනම් ඊයෙ හිතුනෙ එහෙමයි."

ඊයේ රාත්‍රියේ අනන්‍යාගේ නිවසෙහිදී මා බියෙන් ත්‍රස්ත කල කිසිවකුගේ ගෙල මිරිකන විට උගුරෙන් නිකුත්වන්නාවූ භයංකර ශබ්දය වැන්නක් යලි කිසිදිනක අසන්නට නොලැබේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනය වූ නමුදු මම කිසිසේත්ම එළෙස නොපැවසූයෙමි. තමන් ප්‍රේමයෙන් බැඳී සිටිනා යුවතිය වෙනුවෙන් මෙවන් අසත්‍යයක් හෝ පැවසිය නොහැකිනම් එවන් ප්‍රේමයකින් කුමන ඵලයක්ද?

"මෙතන වැඩේ මෙහෙමයි ක්‍රිෂ්, අම්මගෙ ගායනය ඇත්තටම හොඳයි. තාත්ත චෙන්නයි වලින් පිට වැඩ කරපු හැම තැනකදිම එහෙ ටැමිල් කමියුනිටි එකේ අම්මට ලොකු තැනක් තිබ්බ. ලොකු පිළිගැනීමක් තිබ්බ. මම අර කිව්වෙ කොල්කටා වල එහෙම. ඒත් වැඩේ කියන්නෙ චෙන්නයිවල තැනකට එන්ට ඒ දක්ෂතාවය හොඳටම මදි. මෙහෙ ස්ටෑන්ඩර්ඩ් එක හොඳටම ඉහළයි. අම්මට ඒ මට්ටමට එන්ට ඇත්තටම අමාරුයි" 

මම හිස සොලවා ඇය පැවසූ සියල්ල අනුමත කළෙමි. "ඔව්..ඒකත් ඇත්ත වෙන්න පුලුවන් තමයි"

"ඉන්දියාව පුරාම වැඩ කරල මගෙ අම්මයි තාත්තයි ආපහු චෙන්නයි වලට ආවෙ මහ විසාල බලාපොරොත්තු සම්බාරයක් පපුව ඇතුලෙ හිරකරගෙන. ඒත් දැන් එයාලගෙ ඒ බලාපොරොත්තු එකින් එක විනාසවෙලා යන එකයි වෙන්නෙ. තාත්ත ගොඩක්ම බලාපොරොත්තු තියාගෙන හිටපු ප්‍රමෝෂන් එක එයාට ලැබුනෙ නෑ. ඕන එකටයි එපා එකටයි හැම දේටම ඇඟිලි ගහන නෑදෑයො මහම කරදරයක් වෙලා තියෙන්නෙ. ඉතිං මේ ඔක්කොම කරදර අස්සෙ එයාලගෙ එකම දුව කියනව බ්‍රාහ්මණ වංශික නොවෙන, ඒ මදිවට අඩුගානෙ දෙමළවත් නොවෙන පන්ජාබි කොල්ලෙක් එයාලගෙ බෑණා හැටියට පිළිගන්නෙයි කියල. එයාලට පිස්සු හැදුනෙ නැත්තං ඇති..හිහ්..හිහ්...අපි ටිකක් ඉවසමු ක්‍රිෂ්, එයාලට තව ටිකක් කල්දෙමු ඔයාව හරියට අඳුනාගන්ට. මම ඔයාට වගේම එයාලටත් ආදරෙයි ක්‍රිෂ්..."

නොනවත්වා කථාකල අනන්‍යා කථාව නවත්වා වේගයෙන් හුස්ම ගත්තාය. ඇගේ වත රත්පැහැගත්තේ උදෑසන හිරු එළිය පතිතවීමෙන්ද නැතහොත් ඇගේ කථාවේවූ උද්වේගකර ස්වභාවය හේතුකොටගෙන්දැයි මම නොදත්තෙමි. ඒ කෙසේ හෝ එවේලෙහි ඇය මට කොපමණ සුන්දරව දර්ශනය වූයේද යත් මට ඇගේ වත සිපනොගෙන සිටිය නොහැකි විය.

ඉන්දියානු සාගරය දෙසින් හැමූ මද නල අපගේ කෙස් අවුල්කොට දැමීය. අනන්‍යා ඇගේ හිස මගේ වම් උරහිස මත තබා දිගු සුසුමක් හෙලුවාය. මම මගේ සුරතින් ඇගේ සුමුදු වත සෙමින් පිරිමදින්නට වූයෙමි. මද රත්පැහැයෙන් දිදුලන හිරු ඉන්දියානු සාගරයෙන් සෙමෙන් හිස එසවීය. සෙමෙන් අහස ඉහළට යන්නාහාම හිරු මඬල මද රත් පැහැයේ සිට දඹරන් පැහැයක් ගත්තේය. මෙතෙක් ඉතා සෙමෙන් හමා ආ මදනල එක්වරම වේගවත් වූයේ මගේ සිරුර කිළිපොලවමිනි. අනන්‍යාද මට තවත් තදින් තුරුළු වූවාය.

මම සෙමින් පහත්ව ඇගේ නළල්තලය සිප ගතිමි.

41 comments:

  1. හරිම ලස්සන කතාවක්. මට මේක මැදින් කියවන්න ලැබුනෙ. මම පස්සෙ මුල කොටස් එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. කටකාරි,

      බොහොම ස්තූතියි මැඩම්...:)

      Delete
  2. පසුගිය පෝස්ට් එක අපි නිසා අල වූවානම් සමාව ඉල්ලා සිටිමි. බ්ලොග්ස් ඇතුලේ එහෙම සජීවි සංවාද යනවා කියන්නේ, බ්ලොග්ස් ජීවිතයට සමීපයි වගේ නේද රවී. උඹේ පෝස්ට් එක පසුවට කියවමි. කඩේ යෑමට නියමිතය.

    ReplyDelete
    Replies
    1. අරූ,

      මොන අලද බං? හෙහ්..ඒ වැඩේ ෆුල් ආතල් එකට ගියානෙ..මම නිදාගන්නකොට පාන්දර හතරද කොහෙද...හෙහ්..හෙහ්...වැඩේ අල්ලල ගිය පාර රවිශංකර්ගෙ ඊස්ට් මීට්ස් වෙස්ට් සම්පූර්ණයෙන් ඇහුව...

      සිතට යම් තැවුලක් වූ කල්හි මචං ක්ලැසිකල් සිතාර් වාදනයක් හොඳ ස්ටීරියෝ හෙඩ්ෆෝන්ස් සෙට් එකකින් ඇස් පියාගෙන අහන එක තරම් ආතල් ප්‍රතිකර්මයක් තවත් නැත.

      Delete
    2. මචං....මමත් ෆුල් ආතල් එකේ හිටියේ. මායි, වයිෆුයි නිදාගන්න ගමන් සකීර් හුසේන් ඇන්ඩ් චෞරාසියා ඔක්කොම ටික රස වින්දා. හෙට රෑටත් එහෙම කරමුද කියලා ඇහුවා.මම හා කිව්වා. අන්න සංගීතය... එදත් හොඳයි :D

      පහන් තිරේ අන්තිම කොටස් දැල්වෙන්නේ. ඒකෙන් උපරිම දීප්තිමත් වෙලා ඉන්න බලනවා. කොයි වෙලාවේ නිවෙයිද දන්නෑනේ :D

      ආ ඒක නෙමේ...ඔය ක්‍රිෂ්ගේ පලමු හාදුවද...

      Delete
    3. /හෙට රෑටත් එහෙම කරමුද කියලා ඇහුවා.මම හා කිව්වා. අන්න සංගීතය... එදත් හොඳයි :D/

      වැඩේ දිගටම අරං පලයං...මගේ සුබපැතුම්!

      /ආ ඒක නෙමේ...ඔය ක්‍රිෂ්ගේ පලමු හාදුවද/

      හෙහ්, එන්න පයිත්තියං දොරේ?...මුං දෙන්න අහ්මදාබාද්වල MBA කරද්දි ක්‍රිෂ්ගෙ කාමරේ ටූ ඉයර්ස් ලිවිං ටුගෙදර් පාරක් දාගෙන හිටිය ඩබලක්...:)

      Delete
    4. මොකක්ද බං ඔය අල කතාව?

      Delete
    5. මචං....නළල සිපගැනීමේදි හුවමාරුවෙන ආදරය, භක්තිය සහ ගොරවය, නළලින් පහලට සෙමින් සෙමින් ස්පර්ශ වෙනකොට,ඇයි ආදරය, භක්තිය සහ ගොරවය, අස්සට වෙන මොකක්ද රාගයක් ඇතුල්වෙන්නේ. මට හිතෙන්නේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නළලින් පල්ලෙහා කියලා. ඒ තුල තමයි ජීවිතය බැලන්ස් වෙන්නේ...ප්‍රේමය කියන්නේ රාගය හා බැඳුනු ෆුල් ආතල් එකක්.

      මොන බොරුද....

      Delete
    6. අරුන.
      ලස්සන සින්දුවක්..

      Delete
    7. හැලප,

      /මොකක්ද බං ඔය අල කතාව?/

      මේ පහුගිය පෝස්ට් එක දැම්මට පස්සෙ එක්ස්-පෝටර්, අරූ සහ මම අතර ඇතිවුනු ෆුල් ශාස්ත්‍රීය සංවාදයක් ගැන අරුණය කියන්නෙ...අපි තුන් දෙනාම අප්පමාදෝ අමරපදං වෙලා හිටියෙ. ආතල් එක නැඟල ගියා අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා.

      සාකච්ඡාවට සහභාගිවුනා සම්පත් දායකයින් වශයෙන්, පණ්ඩිත් රවි ශංකර්, අනූෂ්කා ශංකර්,ෂකීර් හුසේන්,රාකේෂ් චෞරේෂියා,ජොෂුවා බෙල්, යෙහුඩි මෙනුහින් සහ ජෝර්ජ් හැරිසන්...අන්න එහෙමයි මල්ලි අපි...යූ අන්ඩර්ස්කර්ට්?

      Delete
    8. අරූ,

      /ප්‍රේමය කියන්නේ රාගය හා බැඳුනු ෆුල් ආතල් එකක්./

      ඔබ හරි

      "ප්‍රේමය වනාහී සෙනෙහසෙහි සහ රාගයේ සම්මිශ්‍රණයක් වන්නේය. එහි සෙනෙහසෙහි සහ රාගයෙහි අනුපාත පමණක් පෙම්වතුන් හෝ යුවතිපතීන් තම ජීවිතයෙහි ගෙවන යුගය, ඔවුන්ගේ වෙනත් ගතිගුණ සහ සිතැඟියාවන් එමෙන්ම ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය මත වෙනස් වේ.එසේම බොහෝ අහඹුලෙස රාගයෙන් තොර ප්‍රේමයක් පැවතිය හැකි නමුදු කිසිවිටෙක සෙනෙහසින් තොර ප්‍රේමයක් පැවතිය නොහැක්කේය." - Ravi

      Delete
    9. ///අහඹුලෙස රාගයෙන් තොර ප්‍රේමයක් පැවතිය හැකි නමුදු කිසිවිටෙක සෙනෙහසින් තොර ප්‍රේමයක් පැවතිය නොහැක්කේය."///////

      හරියටම හරි. සෙනෙහසින් තොර ප්‍රේමයක් නැතුවා සේම රාගයෙන් තොර ප්‍රේමයකුත් නැත.

      මචං....ප්‍රේමයෙන් තොර රාගය තුල සිදුවන්නේ වතුර මාරු කරගැනීමක් පමනි. ඒක වරදක් නොවේ යැයි මම සිතමි. නමුත් ඒ වතුර මාරු කරගැනීම් මෙන්ම, නිවැරදි මොහෙතේදි, වතුර මාරු කරගැනීමට වඩා හුස්ම හුවමාරුවකට ජීවිතය පුරුදු පුහුනු කලගත යුතු බව මම සිතමි. වතුර සහ හුස්ම O2 & H2O... මේ කිව්වේ මට වඩා වයසින් අඩු අයට.

      Delete
    10. Aru,

      /සෙනෙහසින් තොර ප්‍රේමයක් නැතුවා සේම රාගයෙන් තොර ප්‍රේමයකුත් නැත./

      I beg to disagree...ඔබ හා එකඟ නොවීමට මට අවසර.

      මහරගම පිළිකා රෝහලෙහි අසාධ්‍යව කල්ගෙවන පිළිකා රෝගී තරුණයකුට පෙම් බැඳි එක් යුවතියක පිලිබඳව පැවසුවේ ඔබම නොවේද? එවැන්නකුට බැඳි ප්‍රේමයක රාගයෙහි අංශුමාත්‍රයකුදු තිබිය හැකිද?

      Delete
    11. /////එවැන්නකුට බැඳි ප්‍රේමයක රාගයෙහි අංශුමාත්‍රයකුදු තිබිය හැකිද?////

      ඔව් උඹ මතු කරන, මා කියු දේ හරි. නමුත් මේ ඉතාමත් අහඹු සිදුවීම් කියලා තමයි මම හිතන්නේ. ආදරයට පෙර ඇතිවු අනුකම්පාවක්ද,,,අනුකම්පාවට පෙර ඇතිවූ ආදරයක්ද කියා මට කියන්න අමාරුයි. එකක් කියන්න ඕන, අනුකම්පාව තුල නම් රාගයක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ. ඔය එක් ඉතාමත් විරල අවස්තාවක් පමනයි.

      ආදරය සහ අනුකම්පාව....

      Delete
    12. Aru,

      /අනුකම්පාව තුල නම් රාගයක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ. ඔය එක් ඉතාමත් විරල අවස්තාවක් පමනයි./

      වන් හන්නන් පෙසන්ට් ඇග්‍රීඩ් මචං..මම මෙහෙම කිව්වෙ ඒ හින්දමයි..

      "එසේම බොහෝ අහඹුලෙස රාගයෙන් තොර ප්‍රේමයක් පැවතිය හැකි නමුදු"

      මම එහෙම කිව්වෙ මගේ පෞද්ගලික අත්දැකීමක් මෙන්ම උඹ කියපු අර පිළිකා රෝහලේ සිද්ධියත් සැළකිල්ලට අරගෙන....

      Delete
    13. මමත් ටිකක් අවුල් වෙලා වගේ හිටියෙ. අපි චොර කරාවත්ද කියල. රවිය ඉතිං අන්තිමට මට තව පෙවුවනෙ. ඕන්නැති ඒව මතක් කරල.

      Delete
    14. //මම එහෙම කිව්වෙ මගේ පෞද්ගලික අත්දැකීමක්//

      බලං ගියාම උඹත් නොකරපු මගුලක් නෑ බං.... :)...

      By the way මමත් උඹේ රාගයෙන් තොර ප්‍රේමයේ කතාවට one drop (එකහෙලා) එකඟයි. සුනිල් ආරියරත්න (ප්‍රෙමය නම්) සහ බන්ධුල නානායක්කාරවසම් (සිනා තොටක් විය ), සහ තව තියනවනේ ප්‍රේමයේ නගරයයි... ඔය ලියපු උන් ඔක්කොටම වැරදුනා වෙන්නත් බැහැනේ.

      Delete
    15. අපනයන කරු,

      /මමත් ටිකක් අවුල් වෙලා වගේ හිටියෙ. අපි චොර කරාවත්ද කියල/

      නෑ බං නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්...බ්ලොග් සටහනට අදාලව මෙන්ම ඊට කිසිදු අදාලත්වයක් නැති දේ ගැනද සුහද පිළිසඳරක යෙදීමට කිසිදු බාධාවක් නැත.

      අර එක පාරක් ඩූඩ් කිව්ව වගෙ නේරු ගැන ලිව්වම නේරු පොඩ්ඩකට පැත්තකින් තියල සරනේරු ගැන අපි කතා කරමු.

      පෙට්ටි සරනේරු, වවුල් සරනේරු, වල්ග සරනේරු, පැතලි සරනේරු ඔයවගෙ සරනේරු වර්ග මහ ගොඩක් තියනවනෙ. අපි එව්ව ගැන කතා කරමු. මයි කාර්, මයි පැට් රෝල් හූ ටු වට් වට්?

      Delete
    16. තිසර,

      /බලං ගියාම උඹත් නොකරපු මගුලක් නෑ බං.... :).../

      පෞද්ගලික කිව්වට ඒක මගෙ පර්සනල් අත්දැකීමක් නම් නෙවෙයි. මම හිතන්නෙ මම පාවිච්චි කරපු වචනෙ වැරදියි. පලමෝත අත්දැකීමක් (Firsthand experience) කිව්වනම් හරි.මේක මගෙ අතිජාත මිත්‍රයෙකුගෙ පළහිලව්වක්...හෙහ්,හෙහ්,

      /බන්ධුල නානායක්කාරවසම් (සිනා තොටක් විය ), /

      ඔය සිනා තොටක්විය ගීතය ඇහෙනකොට මට හිතෙන්නෙම ඒ කියන්නෙ භික්ෂුවකට පෙම්බැඳි යුවතියකගෙ කතාව කියලයි...:) ඒ ගැන මගෙ කියවීම පැහැදිලි කරල වෙලාවක පෝස්ට් එකක් ලියන්න ඕන...

      දැන් ඔය රාගය ගැන කතා කලොත් රාගයෙන් තොර ප්‍රේමයක් පැවතිය නොහැක කියල කියන අයගෙ මූලික තර්කය තමයි ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවයක අවසාන පරමාර්ථය වර්ගයාගේ පැවැත්මය ඒ හින්ද ඒ අවශ්‍යතාවය සම්පූර්ණ නොවෙන ප්‍රේමයක් පවතින්නට බැහැයකියන එක.සමලිංගික සබඳතා අස්වාභාවිකය කියල තර්ක කරන අය කියන්නෙත් ඔය කතාව.

      ඒත් මෙහෙම දෙයක් තියනව. මිනිස් මනස එක්තරා මට්ටමකට දියුණු වුනහම ස්වභාව ධර්මයා විසින් නියම කරල තියෙන පරමාර්ථ අභිභවා යන්ට පටන ගන්නව.

      දැන් බලන්න ආහාර ගැනීම. මිනිස්සු කන්නෙ ඇයි? ජීවිතේ රැකගන්ට. ඒත් එහෙම නිකම්ම මොනවහරි කාල මිනිස්සුන්ට සෑහීමකට පත්වෙන්ට බැරි දවසක් ආවම මිනිස්සු පටන්ගත්ත විවිධ රස වලින් යුත් විවිධ ආහාර නිර්මාණය කරන්ට. ඇඳුම් පැළඳුම් උනත් එහෙමයි.නිකම්ම විලි වසාගැනීමෙන් ඔබ්බට ගිහිල්ල විවිධ විලාසිතාවන් වලට ඇබ්බැහි වුනා. මිනිස් සබඳතාත් එහෙමයි. හුදු වර්ගයා බෝකිරීමෙන් ඔබ්බට ගිහිල්ල වර්ගයා බෝකිරීමක් සිදුනොවන සබඳතා ඇතිවෙන්ට ගත්තෙ ඊට පස්සෙ.

      මෙහෙම කියන්නෙ මම එහෙම නෙවෙයි ඩෙස්මන්ඩ් මොරිස් හොඳද? ....:)

      Delete
    17. රාගයෙන් තොර ප්‍රේමය ලෝන්ග් ටර්ම් විදිහට කල්පනා කරලා බලන කොට ප්‍රැක්ටිකල් නැහැකියලා තමයි මගේ අදහස...

      Delete
    18. රවියා උඹලගේ මේ සම්භාව්‍ය කතාවට කුණු රසයක් එක කිරීම ගැන සමාවෙයන්. හැබැයි මේ රාගයෙන් තොර ආල සීන් කියන කොට මගේ ඔළුවට ආවේ ඒ දවස් වල රුසියාවේ හිටපු අප අතර ජනප්‍රිය කය්යක්. ලංකාවෙන් නයට ගත්තු. මේ වගේ වැදගත් බ්ලොග් වල ලියන්නත් මොකද්ද වගෙයි. පලවෙනි පදේ කොයිම විධිහකට වත් මතක් වෙන්නේ නැහැ.

      ....................................
      බැලුවොත් එකයි කොයි ****** **ලා
      ඒ බව නොදත් අපේ *********** පුතාලා
      නො ** මැරෙති එක ********* පතාලා

      ලේඩිස් මයි අපොලොජිස්

      Delete
    19. අජිත්,

      අම්මට වූඩු තාත්තට ගෝයා කිව්වලු..කෑව නේද උඹ මගෙ සම්බාව්ය පෝස්ට් එක ...හෙහ්,හෙහ්..

      මුල පදේ මල්ලි මෙහෙමයි..

      තිබුණත් XXX රන් සළුවෙන් වසාලා,

      Delete
    20. මුල පදේ; අපි නම් අහල තියෙන්නේ මල්ලිලා මෙහෙමයි.. :)

      මාල වළලු සාදති රන් මකාලා..

      Delete
  3. රවී..
    කතාව දවසින් දවස අලුත් වෙනවා, රස වෙනවා. අපිත් ආසාවෙන් කියවනවා. ඒ රසය වැඩියෙන් දැනෙන නිසාම ඒත් එක්කම කවි සිතුවිලිත් එනවා මේ ඔලුගෙඩියට.

    ඉරෙන් කිරණ විත් ඇගෙ වත රත් වූවා
    සැරෙන් හැමූ මදනල හිරිගඩු පෑවා
    ටිකෙන් ටිකේ ක්‍රිෂ් ඈ වෙත ළං වූවා
    පෙමෙන් පිරුණු හාදුව උණුහුම් වූවා......

    ජයවේවා!!!

    ReplyDelete
  4. අර වෙළෙන්දෝ පිරිච්ච මිනිස්සු පිරිච්ච මරීනා බීච් එක මු ලස්සන කරලා තියෙන හැටි අනේ අම්මප?

    ReplyDelete
    Replies
    1. අජිත්,

      එච්චරම අප්සෙට්ද බං මරීනා බීච් එක?.....

      මම එකම පාරක් ගිහිල්ල තියනව 2006 අවුරුද්දෙ..එතකොටනම් ටිප් ටොප් එකට තිබ්බ.හැබැයි එතකොට දිගටම ලොකු සයින් බෝඩ් ගහල තිබ්බ මොකක්ද මේ Mareena Beach Rehabilitation Project ද මොකක්ද කියල. සමහරවිට ඒ එහෙම ව්‍යාපෘතියක් කරල බීච් එක ලස්සන කරපු අලුතක වෙන්න ඇති.

      මට හිතෙන්නෙ භඝට් මරීනා බීච් යනකොටත් එහෙම ලස්සනට තියෙන්න ඇති. එහෙම නොවුනත් බං සම්ටයිම්ස් භඝට් යන්න ඇත්තෙ කෙල්ලත් එක්ක වෙන්න ඇති. එහෙම උනහම ඔය මොකවත් අවලස්සන පේන්නෙ නෑනෙ.

      Delete
    2. මචං උමබ් ඉන් රට කොහොමද මන්ද? මේ රටේ විනාශ නොවේච්ඡ බීච් එකක් හොයන්න් අමාරුයි. සෑහෙන්න අයිනේන්න් ගිහින් ගිහින් නිස්කලංක සුන්දර බීච් එකක් හොයන්න් ඕනේ. බ්‍රයිටන් , බ්ලැක්පූල් තනිකර කොමෂලයිස්. මම ඔය බීච් එකට දවසක් ගියා. මිනිස්සු පිරිලා. දෙපැත්තේ අර මැද කඩ ගොඩයි. දෙමළ නංගිලා සාරි ඇඳන් වතුරේ. මට හොල්මන් වුණා. මුහුදේ ඝෝෂාවට වැඩියි මිනිසුන්ගේ ඝෝෂාව. මම ගියේ වැරදි දවසකද කොහෙද? මේ කතාවේ කපල් එක උදේ පාන්දරණේ ගිහින් තියෙන්නේ.

      Delete
  5. සුන්දරයි. ඉඩ ඇති වෙලාවක මුල සිටම බලන්නම්.

    ReplyDelete
  6. අම්මපා සුන්දර තැන්වලට ගියාම මාර සුන්දර දේවල්නේ වෙන්නේ. මටත් හිතෙනවා මේ වගේ තැනකට යන්න කෑල්ලක් එක්ක.

    ReplyDelete
    Replies
    1. මල්,

      පලයන් පලයන්...:)

      Delete
  7. අම්මෝ ඇති යාන්තන් අර ගෙදරින් ගැලවුනා....

    ගියසැරේ කොමෙන්ටුවක් දාන්න බැරි උනා... තුන්දෙනාගෙ සංවාදෙ අපූරුයි... ඒ ලිංක් ටික මරු... තුන්දෙනාටම විස්කෝතුයි...

    ReplyDelete
    Replies
    1. Nirmani,

      Thanks Madam and you are most welcome...:)

      Delete
  8. හොඳා හොඳා දැං ඔහේ හදන්නෙ නැන්දම්මට කර්ණාටික් මියුසික් උගන්නන්නද?

    ReplyDelete
  9. අඩේ අපිට ඉර බහින්නේ මුදුදෙන්.මුන්ට ඉර පායන්නේ මුහුදෙන්.

    //චෙන්නයිවල කෑම සීයට අනූඅටක්ම වෙජිටේරියන්.//
    නොකා නොබී ලවු කරතහැකි එහෙම් චෙන්නයි ගියොත්.

    ReplyDelete
  10. ඔය නමල තියෙන්නේ ළඟ ළඟම...

    කලින් පෝස්ට් එකක උඹල තුන්දෙනා දාපු ලින්ක් හරහා ගිහින් මමත් අර හිස් වට්ටක්කෙට කෝටුවක් ගහල කම්බි ඇදලා වගේ තියෙන ගැජමැටික් එකේ සීං එකක් බැලුවා...
    මට ඒ තරම් අල්ලලා ගියේ නැහැ ඒ බලපු එක...
    තව එකක් දෙකක් බලන්න ඕනේ අනාගතේ දවසක...

    ReplyDelete
  11. ක්‍රිශ් පංජාබියා වෙච්චි.. රවුල වවාගන තලප්පාව ඔතාගෙනද දන්නෑ ඉන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
  12. ඇත්තෙංම කියනවනං මේං මේ ඉස්ටැයිල් එක තමයි හැමෝම කැමති. ජෙරෝම් කේ ජෙරෝම් වගේම රෝල්ඩ් ඩාල් ගොඩගියෙත් මේ ලිවිල්ලෙං. මේකම ලියංන දිගටම.

    ඇත්තටම පංජාබි එවුං ලස්සනයි තමයි තමිල්නාඩුවෙ උන්ට වඩා. මාත් බුකියෙ චැට්ටෙකක් දාන්නෙ ඔය පංජාබි එවුං එක්ක තමයි. තමිල්නාඩුවෙ එවුං හෙන සීරියස් විදිහට ජීවත් වෙද්දි පංජාබි බුවාලා ආතල් එකේ ඉන්නව. හැම මාසෙකම මොකක් හරි උස්සවේකුත් තියෙනව උන්ට. තමිල්නාඩුවෙ එකාලා අහන්නෙ ලංකාවෙ දේශපාලන තත්වය වගේ බරසාර එව්ව උණාට පංජාබ් එවුන්ට මොකක් හරි ඉටි කෑල්ලක් ඇති හෙන ටෝක් එකක් ගෙනියන්න. එකම රටක් ඉරනං දෙකක්.

    ReplyDelete
    Replies
    1. සුරංග.....මාත් පොඩ්ඩක් එකතු කරන්නම්. මම ඔමාන් ඉන්න කාලේ මරු පංජාබි සික් සෙට් එකක් හිටියා. මට එහේ ආමි එකට පොඩි සම්බන්දයක් තිබුනා ජොබ් එක නිසා. මුන් මාර පොරවල් බං. මමත් කීප දෙනෙක්ගේ බොසා වෙලා හිටියා. බොන්න, සින්දු කියන්න, නටන්න මාර ආසයි. තමිල්නාඩුවෝ තරම් ගෙම්බර් නැහැ. හොඳ බොක්කවල්. හෙමිහිට ලියන්න ඕන ඒ ගැනත්.

      අපි වම් කකුල ස්ටූල් එකක් උඩට අරන් ඒ සපත්තුවේ ලේස් ගැට ගහනකොට, මුන් වම් කකුල ස්ටූල් එක උඩ තියලා, බිම තියෙන දකුනු කකුලේ ලේස් ගැට ගහනවා. තව කතා ගොඩයි.

      මේ මොහොතෙත් මගේ බොසා සීක් බ්‍රිතාන්‍ය තරුනයෙක්. මම උට නිතරම කියන්නේ උඹ ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කෙනෙක් වෙයන් කියලා. මහ උපහාස සාගරයක්. පිස්සු චරිතයක්.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...