Sunday, February 26, 2017

487. An Incredible Australian Victory At Poone - Nothing Is Certain In cricket Except Its Uncertainty…….

නමෝ විත්තියෙං උදේ පාන්දරම කියන්න ඕන ඔබ තමුන්නාන්සේලාට ක්‍රිකට් ක්‍රීඩාව කියන එක ගැන උනන්දුවක් නැත්තං මේ පෝස්ට් එක කියවන එක මහම වාතයක් වෙයි. ඒ හින්ද එහෙම අය දිගටම කියවල පස්සෙ මගෙ ඇඟට ගොඩවෙන්ට එහෙම එපල්ල. ඔන්න නොකිව්වයි කියල එහෙම කියන්ටත් එපල්ල.

ඕස්ට්‍රේලියාව එක්ක අපේ කස්ටිය ටී ටුවෙන්ටි මැචස් තුනක් ගැහැව්වනෙ. මුල් දෙක අපි දිනුව. ඒ දෙකම දිනුවෙ අන්තිම ලාස්ට් ෆයිනල් බෝලෙදි. ඒ ගැන මොකවත් ලියන්ටත් කියල හිතල ආයම නිකා හිටිය අන්තිම එකත් දිනල කාරිය සීරීස් එක 3-0 උනොත් ලියන්නම්ය කියල. කරුමෙට වගෙ අන්තිම මැච් එක පැරදුනානෙ.

අපියි ඕස්ට්‍රේලියාවයි අන්තිම T 20 මැච් එක ගැහුවෙ පහුගිය බදාද. ඊට පහුවෙනිද ඒ කියන්නෙ මේ පහුගිය බෘහස්පතින්ද ඕස්ට්‍රේලියාවයි ඉන්දියාවයි අතර ටෙස්ට් තරඟාවලියක් පටන් ගත්ත ඉන්දියාවෙදි.

ආ...නෑ..නෑ..නෑ...T 20 මැච් එක ඉවරවෙලා ජොකා මාරුකරල නාකියාගන්නෙවත් නැතුව ඕස්ට්‍රේලියන්කාරයො කඩාගෙන බිඳගෙන එයාපෝට් එකට ගිහිල්ල ප්ලෙන් එකේ නැඟල ඉන්දියාවට ගිහිල්ල එහෙදි කෙලිම්ම එයාපෝට් එකේ ඉඳල ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල මැච් එක ගැහැව්ව එහෙම නෙවෙයි හොඳද?. එතන වුනේ ඕස්ට්‍රේලියන් ටීම් දෙකක් හිටිය. අපි එක්ක T 20 ගැහැව්වෙ එක ඔසී ටීම් එකක්. ඒ වෙනකොටත් ටෙස්ට් සීරිස් එකට සහභාගිවෙන්ට ඉන්දියාවට ගිහිල්ල හිටිය තවත් ඔසී ටීම් එකක්. අපෙ මාමණ්ඩි කියනව වගෙ ඒකයි ඒකෙ අවයවය.......හෙහ්යැ, හෙහ්යැ.

ක්‍රිකට් අතින් බැලුවම ඔය දෙගොල්ලම ඒ කිව්වෙ ඔසීලයි ඉන්දියානුවොයි දෙගොල්ලම එක්ක අපට තියනව පරණ කෝන්තර. ඕස්ට්‍රේලියන් කාරයො එක්ක තියෙන්නෙ නම් බොහොම පරණ කේස් එකක්. 1995 ඉඳල පැවත එන තරහක්. නොහොත් රනිං බැට්ල් එකක්. මේ ඊයෙ පෙරෙයිද ඉපදිච්චි හිච්චි ඈයො නම් ඔව්ව දන්නෙත් නැතුව ඇති මහිතේ. ඒත් වැඩිහිටි පරම්පරාව වසයෙන් අපේ යුතුකම එව්ව ගැන සවිස්තරව කියා දීල ඒ කෝන්තර තව දුරටත් අනාගතයට අරගෙන යන විදිහට සුදුසු කටයුතු කරන එක. තේරුණා නේද? 

රයිට් ඔසීල එක්ක තියන කෝන්තරේ තමයි අපේ මුරලිගෙ කේස් එක. මුරලි බෝලෙ දමල ගහනව කියල අර ඩැරල් හෙයා සහ රොස් එමර්සන් කියන ඔසී අම්පයර්ව දෙන්න මුරලිගෙ දාපු බෝල නෝ බෝල් කියල සංඥා කලේ. අන්න ඒ කේස් එක. අර්ජුන ඒ වෙලාවෙ මුරලි වෙනුවෙන් නොබියව ඉදිරිපත්වුනා.

ඩැරල් හෙයාට අම්ම මෝ නැතුව බැණ බැණ අපේ කට්ටිය හිටියෙ ඒ දවස්වල. මට මතකයි එක පත්තරේක කාටුන් එකක් තිබ්බ වයසක මනුස්සයෙක් කියනව "අනෙ අම්මප, ඔය යකා මට අහු වුනොත් එහෙම උගෙ වාසගම එකින් එක ගලවලයි පස්ස බලන්නෙ" කියල.

ඊගාවට ඉන්දියාව එක්ක කේස් එක ඇවිල්ල මේ අර ඔසීල එක්ක තියෙන කේස් එක තරම් ප්‍රබල සාධක මත ගොඩනැඟුනු කේස් එකක් නම් නෙවෙයි. ඇත්තම කියන්ට එපාය. එකක් අර 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එක වෙලාවෙ අපේ අප්පච්චිට බලපෑම් කරල ඉන්දියාව කප් එක බලෙන් දිනාගත්තය කියන හාහෝව. 

එතකොට තව එකක් කෝලි ගොයිය අපේ එවුන්ට අල්ලන්නෙ නැති එක. ඒකෙ නම් පොඩි ඇත්තක් තියනව. අපිට කොහොම වෙතත් කෝලියට ඉන්දියන් එවුනුත් එතරම් කැමැත්තක් නෑ ඒකා අලි ඔලුවෙන් ඉන්නෙ කියල. ක්‍රික්ඉන්ෆෝ වෙබ් සයිට් එකෙත් මම දෙතුන් පාරක් දැක්ක ක්‍රීඩා විචාරකයින් එහෙම අදහස් පලකරල තියනව. කොහොම හරි කැප්ටන්සි එක ලැබුනට පස්සෙ පොර ඉස්සරට වැඩිය හුඟක්ම හොඳයි කියල තමයි පොදුවේ පිළිගැනීම. 

ඒ මොකක් උනත් ඔලුවා හරි මොකා හරි කෝලි කියන්නෙ සුපර් බැට්ස්මන්. ආය ඒකෙ දෙකක් නෑ. එක අතකට ඌ ඔළුවා උනත් කමක් නෑ මැච් එකක් ඇර මැච් එකක් වගෙ සෙන්චරියක් තඩි ගහනවනං නැද්ද? නිහතමානී වෙලා අහවල් රෙද්දකටද ක්‍රීස් එකට ආපු ගමං පොළු ගලවල යනව නං. නැද්ද හොඳයි? මොකෝ කියන්නෙ?

ඊගාවට ඔය ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න ගොබිලොත් හිතාගෙන ඉන්නෙ අයි.පී.එල්. එකයි ලෝකෙ වැඩිම ක්‍රිකට් ලෝලී ජනතාවක් ඉන්නෙ උංගෙ රටේ හින්ද ලෝකෙ ක්‍රිකට් ක්‍රීඩාව උංට ඕන හැටියට පාලනය කරන්ට උංට දෙයියො දුන්නු ශුද්ධවූ අයිතියක් තියනවය කියල. 2014 අවුරුද්දෙ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක එහෙම ඉන්දියාවටයි, එංගලන්තෙටයි, ඕස්ට්‍රේලියාවටයි වැඩි බලතල ලැබෙන යෝජනා මාලාවක් ගෙනල්ල බලෙන්ම වගෙ සම්මත කරගත්ත.

ඉන්දියන් බෝඩ් එක කොච්චර ලොකුවට තමන් ගැන හිතාගෙන ඉන්නවද කියල කිව්වොත් ලෝකෙ අනික් හැම රටක්ම ක්‍රිකට් ගහන විදිහට එයාලට ගහන්ට බෑ. එයාලත් එක්ක ගහනවනම් වෙනම නීති තියෙන්න ඕන. දැං සෑහෙන කාලෙක ඉඳල ක්‍රිකට් තරඟවල ක්‍රියාත්මක වෙනවනෙ විනිසුරුගෙ තීරණය වැරදියි කියල හිතෙනවනම් පිතිකරුවට හෝ පන්දු යවන කණ්ඩායමේ නායකයට ඒ ගැන රූපවාහිනී විනිසුරුගෙන් අභියාචනයක් කරන්ට අවස්ථාවක් දෙන රෙගුලාසියක්. 

ඉන්දියාවත් මුල්ම කාලෙ එහෙම සෙල්ලම් කලා. ඒත් මට මතක විදිහට එංගලන්තෙදි ගහපු ටෙස්ට් සීරීස් එකකදි ටෙන්දුල්කාර් (ඒ දවස්වල කෝලිල එහෙම නෑ. සචින් තමයි උංගෙ දෙයියො) තුන් හතර පාරක් අම්පයර් අවුට් නොදීපු එව්ව එංගලන්තෙ නායකය (එංගලන්ත නායකය මට මතක විදිහට ඇතර්ටන් ද කොහෙද) ටී.වී. අම්පයර්ට දැම්මම ඒ මනුස්සය එව්ව අවුට් කියල තීරණය කලා. ඕකට මහා හා හෝවක් ගිහිල්ල අන්තිමේදි ඉන්දියන් බෝඩ් එක කිව්ව අපිත් එක්ක ගහන මැචස් වලට මීට පස්සෙ D.R.S. සිස්ටම් එක යොදාගන්නෙ නෑය කියල (ඒ විනිසුරු තීරණ සමාලෝචනය කීරිමේ ක්‍රමය හැඳින්වෙන්නෙ D.R.S. System එක කියල . Umpire's Decision Review System)

ඉන්දියන් බෝඩ් එකේ මුදල්මය හැකියාව සහ ලෝකෙ පුරා ඉන්න ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හින්ද ලැබෙන ආදායම සලකලා බලල අනික් ක්‍රිකට් බෝඩ්ස් වලටත් ඒ කොන්දේසියට එකඟ වෙන්න සිද්ද වුනා. ඒත් මම හිතන්නෙ පහුගිය අවුරුද්දෙ අයි.සී.සී. එක නොහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩි ඡන්දෙන් යෝජනාවක් සම්මත කරගත්ත අනිවාර්යයෙන් අන්තර් ජාතික තරඟ වලදි D.R.S. System එක උපයෝගී කරගත යුතුමයි කියල. ඒ හින්ද මේ බෘහස්පතින්ද පටං ගත්තු ඉන්දියා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟා වලියටත් අන්න ඒ D.R.S. System එක යොදා ගැනෙනව.

ඉතිං දැං අපි එමු පහුගිය බෘහස්පතින්ද පටන් ගත්තු ඉන්දියා-ඕස්ට්‍රේලියා ටෙස්ට් මැච් එකට. මැච් එක ගැහුවෙ පූනේ නගරයෙ මහාරාස්ත්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයෙ. මේ ඒ ක්‍රීඩාංගනයෙ ක්‍රීඩා කරන පලමු අන්තර්ජාතික තරඟය. 

කොහොමත් ඉන්දියාවෙ තරඟවලට තණතිල්ල සකස් කරන්නෙ දඟපන්දු යවන්නන්ට වාසි වෙන විදිහට. ඒ ඔවුන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩාකරන අද ක්‍රිකට් ලෝකෙ දක්ෂම දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ගැන හිතල. ඒකෙ වැරැද්දක් නෑ. කොහොමත් ඒක එහෙම තමයි. ඕනම රටක් තමන්ගෙ රටේ තණතිලි සකස් කරන්නෙ තමන්ගෙ පන්දු යවන්නන්ට වාසිවෙන විදිහට තමයි. හැබැයි එහෙම කරන එක දැලිපිහියකින් කිරිකනව වගෙ වැඩක් වෙන්ටත් පුලුවන්. මේ පාර ඉන්දියාවට උනේ හරියටම අන්න ඒක. දැලිපිහියෙන් කිරි කන්ට ගිහිල්ල දිව කපාගත්ත.

කොහොමත් මේ තරඟාවලිය පටන් ගන්ට ඉස්සරවෙලා ක්‍රිකට් විචාරකයො, පණ්ඩිට්ල ඔක්කොම කිව්වෙ ඕස්ට්‍රේලියාවට නෝ චාන්ස් කියල. සංඛ්‍යාලේඛන අරගෙන බලනකොට එහෙම කියන එකේ කිසිම පුදුම වෙන්ට දෙයක් නෑ. ඉන්දියාව තමන්ගෙ මව්බිමේ ක්‍රීඩා කරපු පහුගිය ටෙස්ට් තරඟ 20 ක්ම පැරදිලා නෑ. 17 ක් දිනල. 3 ක් ජය-පරාජයෙන් තොරයි. එතකොට ඉන්දියාව අන්තිමට තරඟයක් පැරදිලා තියෙන්නෙ තරඟ 17 කට ඉස්සර. ඒ 2014 අවුරුද්දෙ ගාල්ලෙදි. එතකොට අලි මදිවට හරක් කිව්ව වගේ ඕස්ට්‍රේලියාව මීට කලින් ඉන්දියාවෙ ගහපු තරඟ 7 ක් එක දිගටම පැරදිල. ඔවුන් අන්තිමට ඉන්දියාවෙදි තරඟයක් දිනල තියෙන්නෙ 2004 අවුරුද්දෙ.

ඉතිං ඔය විදිහට දෙගොල්ලන්ගෙ පූර්ව කල්ක්‍රියාව, පෙර වැරදි සහ එතනින් ගියහම පැටිකිරිය හොයල බලනකොට ඉන්දියාවෙ ජයග්‍රහණය බඩේ බත් වගේ කියල තමයි කවුරුත් කිව්වෙ. සක්සුදක් සේ...අතැඹුලක්සේ....කිරිගහට ඇන්න වගේ...හෙහ්,හෙහ්, 

බෘහස්පතින්ද මම ඔය දෙතුන් පාරක් එහෙන් මෙහෙන් මැච් එක බැලුව. තරඟය අවසාන වෙනකොට ඕස්ට්‍රේලියාව ලකුණු 256යි කඩුළු 9 යි.

"රයිට් වැඩේ හිතපු විදිහටම යනව. හෙට ඕස්ට්‍රේලියාව තව ඕනනම් 10 ක් වගෙ ගහයි. ඊට පස්සෙ ඉන්දියාව ගහයි අඩුගානෙ 450 විතරවත්. කෝලි ෆුල් ෆෝම් එකේ ඉන්නෙ. මේ වැඩි කාලයක් නෙවෙයි ගිය සතියෙ දෙසීයක් ගැහුවනෙ. බංග්ලාදේශයට නම් තමයි අල්ලගෙන තැලුවෙ. ඒත් ඒ මොනව උනත් ඩබල් සෙන්චරියක්නෙ.... නැද්ද? ඒ හින්ද කෝලිගෙන් සෙන්චරියක් ෂුවර්. විජේ, රහුල්, පුජාරා, ජඩේජා උනුත් ඔය කීය කීය හරි ගහයි. ඊට පස්සෙ දඟකැවෙන විකට් එකනෙ තුන්වෙනි දවස හතරවෙනි දවස වෙනකොට ඕස්ට්‍රේලියාව ඔය 150 කට වගෙ ඕල් අවුට් වෙයි. ඉන්දියාව ඉනිමකින් දිනයි" 

ඔන්න ඔහොමයි මම හිතුවෙ. මම විතරක් නෙවෙයි මම හිතන්නෙ සුවහසක් ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් සහ විචාරකයිනුත් එහෙම තමයි හිතන්ට ඇත්තෙ. ආය ඒකෙ දෙකක් එහෙම නෑ.

ඉතිං පහුවදා ඇවිල්ල හිට සිකුරාද. නිවාඩු දවසනෙ. උදේම රෙදි පෙරෙදි හෝදල දාල කාමරේ අතුපතුගාල දාල යාලුවෙක් එක්ක එකතුවෙලා දවල් පොඩි ෂොට් එකක් එහෙම ගන්න ගමං සිංදුවක් දෙකකුත් හෙමිහිට කියල කාල පොඩි ඇලට් එකක් දැම්ම. හවස නැඟිටල ඒත් මේ ලඟම ඉන්න යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල පොඩි සතුටු සාමීචියක එහෙම යෙදිල ඉඳල ගෙදර ඇවිල්ල කාල නිදාගත්ත. 

ඊටත් පහුවදා සෙනසුරාද. ඒ කිව්වෙ මේ ඊයෙ. නමය විතර වෙනකල් නිදාගෙන ඉඳල නැඟිටල නාල ඊට පස්සෙ කාල එහෙම පොතක් බැලුව. මම ආසම කරන ලේඛකයෙක්. John Grisham. පොතේ නම Rogue Lawyer. පොතේ නම දකින දකින වාරයක් පාසා මම දන්න ලෝයර් මහත්තුරු කීප දෙනෙක් මතක් වුනා...හෙහ්,හෙහ්..කිව්වම මොකද ආයෙ?

ඉතිං ඒ පොත කියවන ගමනුත් පොඩි එකක් ගත්ත. ඔන්න බොලේ හදිස්සියෙම දෙකට වගෙ මතක් වුනා දෙයියෝ සාක්කි පූනේ වල මොකද දන්නෙ නෑ දැන් වෙලා තියෙන්නෙ කියල. විග විගහට පොත පැත්තක තියල කම්පියුටරේ ක්‍රියාත්මක කරල කරල බැලුව. අප්පටසිරි ලයිව් ටෙලි කාස්ට් එක නෑනෙ. ඒ කියන්නෙ දෙයියන්ටම පෙනීයං වැස්ස හින්ද මැච් එක නවත්තල දාලද? එහෙම නැත්තං ඉන්දියාව දවස් තුනක් ඇතුලතම දිනලද? බලමුකො මක්කැයි වෙලා තියෙන්නෙ කියල. බැලුව ඒ ගමන දණි පණි ගාල ක්‍රික්ඉන්ෆෝ. My Goodness Gracious....Believe It or Not...මෙහෙමයි කික්ඉන්ෆෝ එකේ හෙඩ්ලයින්ස්...

"O'keefe, Smith crush India in 3 days…."

ඈහ්හ්හ්....හුටා ඒ කියන්නෙ ඕස්ට්‍රේලියාව දිනලද?..දිනල නේන්නං නැතුව ඉතිං ක්‍රෂ් ඉන්ඩියා ඉන් 3 ඩේස් කියන්නෙ ආච්චි වැඩිවිය පැමිණුනා කියලය? නැද්ද හොඳයි?....මළ ජංජාලයයි..මගෙ කටත් එක්ක බාගෙට ඇරුන කිව්වහම ඔන්න කොටිම්ම.

කොහොම හරි ඒ වෙලාවෙම දණිපනි ගාල දවස් තුනේම හයි ලයිට්ස් හොයාගෙන බැලුව තව දෙක තුනක් දාගන්න ගමන්...හෙහ්,හෙහ්, මේ පල්ලෙහයින් තියෙන්නෙ එව්ව.....තවම බලපු නැති බලන්ට කැමති කෙනෙක් ඉන්නවානම් බලනු මැනවි. 

First Day 


Second Day 



Third and Final Day 



තව ටෙස්ට් තරඟ තුනක් තියනව. කියන්ටත් බෑ ඉන්දියාව ඉතුරු තරඟ තුනම දිනන්ටත් පුලුවන්. ඒත් 4-0 හෝ 3-0 කින් ඉන්දියාව දිනයි කියල හිතපු තරඟාවලියක් දැන් බොහොම විවෘත තත්වයකට පත්වෙලා. ඒක නෑ කියන්ට බෑ කාටවත්...

අන්න ඒක තමයි The Glorious Uncertainty Of Cricket කියල කියන්නෙ…. තේරුණෙයි ඔහේලට?

31 comments:

  1. කියෙව්වෙ නෑ. කොමෙන්ටෙකක් දැම්මා. ආං එහෙමයියපි.

    ReplyDelete
    Replies
    1. හේ.... පලමු ලකුණ මගේ පොසන්නයා කැලේ.

      Delete
    2. Suranga,

      /කියෙව්වෙ නෑ. කොමෙන්ටෙකක් දැම්මා. ආං එහෙමයියපි./

      Thank you...thank you..:)

      /හේ.... පලමු ලකුණ මගේ පොසන්නයා කැලේ./

      ඉරිදට පොසන්නය ජාලෙට පිවිසෙන්නෙ නෑ. ඉරිදට ඌ කොටිම්ම කඩේ අරින්නෙත් නෑ. උදෙම්ම කුකුලත් අතිං අරගෙන ණයපොතත් කිහිලිගහගෙන ඌ පිටත්තෙනව ගම පුරා සංචාරේ කොරන්ට පාරිබෝගිකයින්ට දුන්නු ණය එකතු කොරගන්ට.ණයෙං සීයට පණාක්වත් එකතුකොරගෙන ආවෙ නැහ්නං ප්‍රියම්බිකා තොමෝ ඕකව ගෙදෙට්ට වැද්ද ගන්නෙවත් නෑ.

      Delete
    3. සුරං, බොලාගෙ පොජෙට්ටෙක අප්ඩේට් වෙලා තිබ්බට මේක ඊයෙ තිබ්බෙ නෑ. අද තියෙන්නෙ බොලාගෙ එකට පහලින්.

      රවී, ඔය කියල තියෙන්නෙ ටක්කෙටම වෙන දේ. සීයට පණාක් නෙමෙයි අසූවක්වත් තියෙන්න ඕන අවම වශයෙන්. හැක්..

      Delete
  2. කුමාර ධර්මසේන පිස්සු කෙලින්න පටන් ගත්තට පස්සේ DRS කියනනේ Dharmasena Review System.

    http://indiatoday.intoday.in/video/drs-virender-sehwag-india-vs-england/1/816797.html

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මට මතක නෑ එහෙම දෙයක් උනාය කියල. කොහොම හරි පහුගිය නොවැම්බර් මාසෙ තිබ්බ ඉන්දියා-ඉංග්ලන්ඩ් සීරීස් එකේදි ධර්මසේනගේ තීරණ ගොඩක් DRS එකේදි වෙනස් වෙලා තියනව වගේ නේද?

      Delete
    2. ගිය සැරේ වර්ල්ඩ් කප් එකේදි එහෙම ධර්මසේනගේ තීරණ බොහොම ටිකයි රිවීව් සිස්ටම් එකෙන් වෙනස් වුණේ.

      Delete
  3. කෝලිය දාහකින් හොඳයි අර ඉස්සර හිටපු ශ්‍රී සාන්ත් එක්ක බැලුවම.

    ReplyDelete
    Replies
    1. හසිත,

      අපොයි ඔව්..ශ්‍රීසාන්ත් කියන්නෙ තනිකරම පිස්සු යකෙක්. කොටින්ම 2008 අවුරුද්දෙ මුල්ම අයි.පී.එල්. ටූනමන්ට් එකේදි හර්බජාන් සිං ශ්‍රීසාන්ත්ගෙ කම්මුලට ගහල හෙණ කේස් එකකුත් වුනා.

      Delete
    2. එදා ශ්‍රීසාන්ත් ඇඬුච වගෙත් මට මතකයි.

      Delete
  4. ඔන්න අපිත් ආවා මේ පැත්තේ.

    ReplyDelete
  5. හිතට සතුට පහුගිය සතියේ වැඩියා
    තුනට දෙකයි අපෙ රට ජය ගෙන හිටියා
    දුකට තියෙන හේතුව මේකයි රවියා
    රටට ක්‍රිකට් තරු හෙට නැති වෙද පායා......

    ජයවේවා!!!

    ReplyDelete
  6. දැන් ඉන්දියාව එක්ක ගහනකොටත් D R S තියෙනවද. ඇති යන්තං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඔව්..2016 නොවැම්බර් මාසෙ තිබ්බ එංගලන්ත-ඉන්දියා තරඟාවලියෙ ඉඳල ඉන්දියාවත් DRS පාවිච්චි කරන්න එකඟ වුනා.

      Delete
  7. අශ්වින්ට ,ජඩේජා ට හදපු පිච් එක ඕකි .නේතන් ලයන් වැඩ පෙන්නුවා අන්තිමට

    ReplyDelete
    Replies
    1. sumudu,

      ලයන්ට වැඩිය පිච් එකෙන් වැඩ ගත්තෙ ඔකීෆ්

      Delete
  8. දැන් දැන් මැච් නොබැලුවත් ඉන්දියාව පැරදුණු දවසට එකට වැඩකරන ඉන්දියන් උන්ගෙ මූණත්තහඩු ටික බලන්න හරි ආසයි. ඒ ආසාව හෙන කැතයි කුජීතයි තමයි ඒ වුනත් ආසයි :D

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ෂෙහ්..පව්ව්ව්ව්ව් මෙයා..ම්ම්ම්ම්ම්...:)

      Delete
  9. ඉන්දියාව එක්ක තියන කෝන්තරේ ඔතනින් බොහොම එහාට යනවා මම හිතන්නේ.. අර කපිල් දෙව් කියන හෝ හපු‍ටුවා ලංකාවම් මුල්ම මැච් එක දිනපු වෙලේ කිව්වනෙ..ලංකාවේ එවුන්ට ලංකාවෙදි විතරයි මැච් දිනන්න පුලුවන් කියලා....ඊට කලින් හරි , ඊට පස්සේ හරි උන්ගේ කවුද බැට්මන් කෙනෙක් ( මට මතක විදිහට ශ්‍රී කාන්ත් ) බැට් එකක් එහෙම පොලේ ගැහුවා ලංකාවෙදි අවුට් වුන වෙලාවක.

    මම නම් ලක්ෂ වාරයක් සතු‍ටුයි ඕස්ට්‍රේලියාව දිනපු එක ගැන..

    රවී දැන් ඔය ඕස්ට්‍රේලියන් ටීම් දෙකක් සෙල්ලම් කළා කිව්වනෙ... එතකොට එකම මොහොතක ඔය ටීම දෙකටම ප්‍රතිවාදීන් දෙන්නෙක් එක්ක සෙල්ලම කරන්න දෙනව ද ?

    T20 සීරිස් එකේදි DRS පාවිච්චි කළේ නෑ නේද ? හැමෝම අකුලගෙන අවුට් වෙලා ගියේ...

    ලකුණු පුවරුවේ සාරංශය පොඩ්ඩක් දෙන්න පුලුවන් ද ?

    ඕස්ට්‍රේලියාව ඉතුරු ටිකත් සුද්ද බුද්ද කරලා දානකම් ආසාවෙන් බලන් ඉඳිමි..

    ReplyDelete
    Replies
    1. Senna,

      /රවී දැන් ඔය ඕස්ට්‍රේලියන් ටීම් දෙකක් සෙල්ලම් කළා කිව්වනෙ... එතකොට එකම මොහොතක ඔය ටීම දෙකටම ප්‍රතිවාදීන් දෙන්නෙක් එක්ක සෙල්ලම කරන්න දෙනව ද ?/

      මෙතනත් ඇත්තටම කිව්වොත් එකම දවසක ඕස්ට්‍රේලියන් ටීම් දෙකක් සෙල්ලම් කලේ නෑ.බදාදා T 20 එක පහුවෙනිද බෘහස්පතින්ද ටෙස්ට් එක පටන් ගත්තෙ.

      ඒත් මීට කලින් ඇත්තටම එකම අවස්ථාවෙ එකම රට තරඟ දෙකක් සෙල්ලම් කරල තියනව දෙපාරක්.ඉන්දියාව සහ එංගලන්තය.

      Australia are about to play a Twenty20 international at home, and a Test match the following day in India. Has such a situation ever happened before? 

      Australia got round their current fixture pile-up by choosing entirely different squads for their T20 series against Sri Lanka and the Test tour of India. David Warner, one of those who, given a bigger gap, might reasonably have expected to play in both, said in January: "It is very, very poor scheduling. To have your Test team going away to play a Test match... it doesn't make any sense to us." The nearest recent parallel I can think of was in September 1998, when India had one team - captained by Mohammad Azharuddin - playing Pakistan in the Sahara Cup one-day series in Canada, and another, skippered by Ajay Jadeja, for cricket's one and only appearance in the Commonwealth Games, in Kuala Lumpur in Malaysia. South Africa won the gold medal, beating Australia in the final; the matches are not considered full one-day internationals. Back in more leisurely times, England actually had two Test series on the go at once in 1929-30, with two different squads touring New Zealand and West Indies; two of the matches started on exactly the same day, while the first Tests of both were just a day apart. Before that, touring England teams played Test matches in Australia and South Africa at around the same time early in 1892 (these were privately raised teams, before tours were centrally organised).

      ( From Cricinfo )

      /T20 සීරිස් එකේදි DRS පාවිච්චි කළේ නෑ නේද ? හැමෝම අකුලගෙන අවුට් වෙලා ගියේ.../

      T 20 තරඟවල තාම DRS පාවිච්චි කරන්නෙ නෑ...

      In September 2013, the ICC announced that for a trial period starting in October 2013, a team's referrals would be reset to two after 80 overs in an innings in Test matches. Previously each team had a maximum of two unsuccessful reviews in an innings.

      In February 2017 the ICC agreed the use for all future ICC World Twenty20 tournaments, with one review per team. The first T20 tournament scheduled to use the technology will be the 2018 ICC Women's World Twenty20.

      ( From Wikipedia )

      /ලකුණු පුවරුවේ සාරංශය පොඩ්ඩක් දෙන්න පුලුවන් ද?/

      1st Test: India v Australia at Pune - Feb 23-25, 2017

      Australia 260 and 285; India 105 and 107 (33.5 ov, target: 441)

      Australia won by 333 runs

      සවිස්තර ලකුණු පුවරුව මෙතනින්....


      Delete
  10. ඇයි රාමත් හනුමාන් ටීම් එකක් අරන් ඇවිත් රාවණගෙ හෙළ ටීම් එකත් එක්ක T20 මැච් එකක් ගහල පැරදිල ගියා කියල රාවනා ඇල්ලෙ පැත්තෙ ගල්ගුකාවක සෙල්ලිපියක සඳහන් වෙනවලු

    ReplyDelete
    Replies
    1. ඇනෝ ජපන්,

      එහෙමත් එකක් තියනවද? අර කවුද අම්මණ්ඩියෙක් නිදාගෙන ඉන්න රාවණව ඇහැරවන්ට බෙර දවුල් තම්මැට්ටං එහෙම අරගෙන තූර්ය වාදක කණ්ඩායමක් එක්ක ගිහිල්ල අතරමංවෙලා ආමි එකෙන් දාල බේරගන්ට සිද්දවුනු ගල් ගුහාවෙ වෙන්නැති නේ ඔය සෙල්ලිපිය තියෙන්නෙ?...:)

      Delete
  11. Ravi, It was not against England that Tendulkar and Indian Cricket Board went against the DRS.
    It was 2008 Sri Lanka series where they trialed it which was the Ajantha Mendis's debut test series.

    India in Sri Lanka Test Series - 2008

    After losing that series both Tendulkar and Dhoni protested against the DRS. and only after both of them retired from Test cricket that India started using it again

    ReplyDelete
    Replies
    1. I think Sri Lankan managed to get like 11 out of 20 in their way when India only managed to get just 1.

      Delete
  12. මම ක්‍රිකට් වලට කැමති නැති උනත්, බොලා වෝනිං එකක් දාල තිවුන උනත් මේක කියෙව්ව කියන එක ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නෝන.

    ඊට පස්සෙ ඉතිං මේකෙ තියෙන දේවල් මට ආදල නෑනෙ. හැක්..

    ReplyDelete
  13. 'බෘහස්පතින්ද' නෙවෙයි අනේ බුරහස්පතින්ද

    ReplyDelete
  14. හෝම් ටීම් එකක් ෆුල් හවුස් එකක් ඉස්සරහ පැරදෙන මැච් කොහොමත් බලන් ඉන්න ආස ඒවා. දුර්වල ටීම් එකකට පැරදෙනකොට තවත් හොඳයි.

    හොඳම එක- ෆුල් හවුස් ඉන්දියන් ක්‍රවුඩ් එකක් ඉස්සරහ ඉන්දියාව පැරදෙන එක.විශේෂයින්ම පකිස්ථානෙට

    දෙවනියට - ලවුඩ් ඔස්ට්‍රේලියන් ක්‍රවුඩ් එක ඉස්සරහ ඉන්ගලන්තෙ ඈෂස් මැච් එකක් දිනන එක

    ReplyDelete
  15. අපිත් සැරයක් ඔය පරිප්පුව කෑවා, හැබැයි ඔච්චර දරුණුවට නෙමෙයි. 2003 විතර ඕස්ට්‍රේලියන් ටීම් එක ලංකාවට ආපු වෙලාවේ, මුරලිට හරි යන්න හදපු පිච් වැඩ කලේ වෝන්ට. පොර එකේ මෑන් ඔෆ් ද සීරීස් උනා මං හිතන්නේ.

    හැබැයි ඉන්දියාව කෑවේ, කන්න පුලුවන් චාටර්ම විදිහට. පිච් එක තනිකර පස් ගොඩක් කරලත්, ඉන්දියාව ඉනිම දෙකේම යන්තන් 100 පැන ගත්තා විතරයි. අශ්වින් ට ලොකු ඉම්පැක්ට් එකක් දෙන්න බැරි වුණා. කෝලි 0, 10... මදිවට හර්බජාන් විහිලු කරපු ඔකීෆ් තමයි හොඳම පර්ෆෝමන්ස්. කෝලි ෆේල් වෙද්දි ස්මිත් සෙන්චරියක් දැම්මා... අම්මෝ එහෙම කෑමක්..

    ReplyDelete
  16. ක්‍රිකට්, මිතුරන් සහ පොත් අතරෙන් හතරේ සීමාව කරා වේගයෙන් ඇදීයන "පොඩි ෂොට්" එක මරේ මරු.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...