Tuesday, October 17, 2017

539. පුවක් එෂැණිං 33….Current Hot Topics - සමන්තබද්‍ර සාදු සහ කූඹියෝ........


පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තබද්‍ර සාදු  ඉහත
ඡායාරූපයෙහි දැක්වේ. මේ වනාහී දණින් වැටී සමාව
ගැනීමට පෙර ඔහු රහත්ව සිටි කාලයේදී බව

කරුණාවෙන් සලකන්න.
(Google Images)
සමන්තබද්‍ර සාදුගෙ සමාව ගැනිල්ල මම හිතන්නෙ මේ පහුගිය සතිය ඇතුලත සී ලංකාවෙ වෙච්චි වැදගත්ම සිද්දිය. වැදගත්ය කියල මම කියන්නෙ ප්‍රවෘත්තිමය වටිනාකමකින්. එහෙම නැත්තං සමන්තබද්‍ර සාදු ගිහිල්ල මල්වත්තෙ මහානායක සාදුගෙන් දන ගහල සමාව ගත්තද නැද්ද කියන එකේ ඇති කිසිම වැදගැම්මක් නෑ. 

මොකද මේ අද වෙනකොට ඔය මල්වත්තෙ අස්ගිරියෙ මහානායක සාදුල කියන්නෙ  කවුරු හරි සුදු සූට්කාරයෙක් කොළඹ ඉඳල තකහනියක් දුවගෙන ඇවිල්ල, දන ගහල වැඳල,  පිරිකරක් එහෙම පූජා කරල, එකත්පස්ව මිටි පුටුවක වාඩිවෙලා, අනේ අපේ හාමුදුරුවනේ "ආන්ඩුව මෙහෙම කරන්ට යනව, අරම කරන්ට යනව" කිව්වම "ආ..ඒකත් එහෙමද? එහෙම කරනවනම් බොහොම වැරදියි" කියල කියන උදවිය. පත්තර ටී.වී වලටත් ඕක මදැයි. උනුත් ඒ කියපු එක දාව "මල්වතු මහ නාහිමියෝ මෙසේ වදාළහ, අස්ගිරි මහනාහිමියෝ එසේ වදාළහ" කියල.

ඕකෙ වැරැද්ද වෙන මොකවත් නෙවෙයි වැල ගහකිං ගෙඩියක් පත බෑවෙන පමාවෙං ඔය සාදුල බැහැදකින්ට දුවගෙන යන දේසපාලුවංගෙ. හැබැයි දැං සති දෙහෙකට වගෙ උඩදි දිනෙස් ගුනවර්දන ලොක්කට නං රෙද්දෙ යන්ටම මල්වතු ලොක්ක කියල තිබ්බ. ඒත් ඔය යක්කුංට ලැජ්ජාවක් කියල එකක් තියේය? ආයම යයි දුවගෙන පොඩ්ඩ බැරිවෙනකොට.

සමන්තබද්‍ර සාදුගෙ රන් ආලේපිත පිලිම හැදිල්ල, එතනිං ගිහාම කැටයම් කරපු මහ විසාල පුටුවල නැඟල ගැලරි ටෝක් දෙන එක, පාරෙ යනකොට මුතු කුඩ ඇල්ලිල්ල, යටි පහු වෙන්ට රූමත් මානවිකාවො ලවා මල් දම්මවා ගැනිල්ල වගෙ ගොන් පාට් ගැන නොසලකා හැරියොත් ඇත්තටම ඒ සාදු කියන දේවල් වලට මගේ හිතේ පොඩි කැමැත්තකුත් තිබ්බ කිව්වම මොකද ආය.. 

දැන් සලකල බැලුවොත් එහෙම මල්වත්තෙ අස්ගිරියෙ ලොකු ලොකු සාදුල කරන්නෙ කවිච්චි උඩ ඉඳගෙන මේ ලෝකෙ කිසිම කෙනෙකුට වැඩහට නැති බහුබූත කියවන එකය කියන කතාව ඇත්තනෙ. මල්වත්ත අස්ගිරිය කියල කිව්වට මේ කතාව රාමඤ්ඤ සහ අමරපුර නිකායන් දෙකටත් එහෙම්මම අදාලයි.

සමන්තබද්‍ර සාදු කියපු මම කැමති තව කාරනයක් තමයි බෞද්ධ ධර්මය කියන්නෙ සිවුරුවලට පසඟ පිහිටුවා වැඳීම නෙවෙයි බුදුන් වහන්සේ වදාළ පරිදි ජීවත්වීමය කියන එක. ඒ ඔක්කෝටම වැඩිය මට හිතුනු දෙයක් තමයි සමන්තභද්‍ර සාදු වගෙ කෙනෙක් අපිට මේ කාලෙට ඕනම කරල තිබ්බයි කියන එක. අර කවුද කියනව වගෙ යුගයේ අවශ්‍යතාවයක්. අද මහා සංගරටනේ කියල තමන්ම කියාගන්න තක්කඩි කරන විගඩං, නටන නාඩගං දැක්කම අර කඩි ගුලකට උණු අළු ගැහුව වගෙ,  එහෙම නැත්නම් ගැරඬියෙකුට බූමිතෙල් ගැහුව වගෙ, එහෙමත් නැත්නම් බල්ලගෙ පස්චාත් බාගයට පෙට්රල් ගැහුව වගෙ, මේක හොල්ලල ගන්ට කවුරු හරි ඕනම කරල තිබ්බ. ඇත්තම කියනව නම් Long over-due.

සමන්තද්‍ර සාදු ඒ වැඩේ කරයි කියලයි මම හිතුවෙ. මොකද එයා ඕපන්ලි චැලේන්ජ් කලානෙ ඕනම සාදු කෙනෙකුට එයත් එක්ක ධර්මය ගැන වාදයකට එන්ට කියල. ඔය මහා ධර්මධර සීලවන්ත භික්සූන් කවුරුත් ඉදිරිපත් වුනේ නෑ. ඒත් ඔන්න තමංට හරි අවබෝධයක් නැති දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති වගෙ එව්ව ගැන වාදෙකට එන්ට කිව්වනං අප්පට සිරි කට්ටිය සිවුරු කරේ තියාගෙන ඒවි. එහෙම තමයි ඒකෙ අවයවය.

හැබැයි ඉතිං අන්තිමට සමන්තබද්‍ර සාදුත් අර නැට්ට දෙපරැන්ද අස්සෙ ගහගත්තු කුක්ක වගෙ සති දෙහෙකට ඉස්සෙල්ල තමන්ම පංච නින්දාවෙන් බැන වැදිච්චි අය ගාවට ගිහිල්ල සමාව ඉල්ලුව. වහාම මහනකමෙන් පහකරනව කියල මල්වත්තෙං රෙඩ් නෝටිස් එක ආව ගමං උන්දැගෙ හුළං බැස්ස. 

ඒකට හේතුව තේරුං ගන්ට අමාරු නෑ. ඔය ඔක්කොමල රඟාගෙන ඉන්නෙ පොරවං ඉන්න සිවුරෙං ලැබෙන සිවිල් බලේ හින්ද. නානෙ සාදු මයික් පැලෙන්ට පොර ටෝක් දෙන්නෙත්, දයාරත්න සාදු කල්ලතෝනි අල්ලන්ට ගේට්ටු ඇරගෙන කඩා වදින්නෙත්, අබේතිස්ස සාදු සල්ලි හිඟමං චාරිකා සංවිදානය කරන්නෙත්, ආනන්ද සාදුයි නාලක සාදුයි අර ගොට්ට මහත්තය ජනාදිපති කොරවන්ට සංවිදාන පිහිටුවාගෙන දත කන්නෙත් ඔන්න ඔය සිවුරෙ තියන සිවිල් බලේ පිහිටෙං. නැතුව ආය වෙන අහවල් දෙයක්වත් නිසා නෙවෙයි. ඔය වහංසෙල සිවුරු ගලවල තියල ඇවිත් කවම කවදාවත් ඔය නාඩගං නටන්නෙ නෑ. ඒක සත්තයි.

ඉතිං ඔය සිවිල් බලය නැතිඋනයි කියන්නෙ අර හැව ඇරපු නයා වගෙ තමයි. අර තිබ්බ ගාම්බීර ගතිය කොහෙං ගියාද කියල නෑ. ඉතිං සමන්තබද්‍ර සාදුටත් උනේ දනගහගෙන ගිහිල්ල සමාව ගන්ට. එහෙම නැතුව නම් සමන්තබද්‍ර සාදූන්ට තිබ්බෙ එක විකල්පයයි. "අනේ මල්වත්තෙ ලොක්කලා බම්බු ගහගනිල්ල" කියල වෙනම නිකායක් පිහිටුවා ගන්න එක. අනික් අතට ආය අහවල් දේටද වෙනම නිකායක් විතරක්? බුදු වෙලත් ඉන්න එකේ බැරුවය ආය වෙනම සාසනයක්ම පිහිටුවා ගන්ට. "ඉඳහල්ලකො මම පිහිටුවා ගන්නව වෙනම සාසනයක්. දෙන්නං උඹල හැමෝටම බැස්ටිය...." එහෙම උනත් බැරිකමක් නෑනෙ. 

අනික එයයිම එයා බුදුවෙලයි කියල කියන එකේ ආය මොකටද ලත වෙවී ඉන්නෙ? හෙහ්..ඔන්න ඔතන තමයි මනුස්සයෙක්ගෙ අධිෂ්ඨානය එතකොට චිත්ත ශක්තිය මැනගන්ට පුලුවන් අම්ල පරීක්ෂාව නොහොත් ඇසිඩ් ටෙස්ට් එක. අම්ල පරීක්ෂාව කියන එක දන්නවනෙ නේද? නියම පිරිසිදු රත්තරං අඳුන ගන්නෙ ඇසිඩ් ටෙස්ට් එකෙන්. ඒකට කරන්නෙ රත්තරං රාජ අම්ලයෙ දාල දියවෙනවද කියල පරීක්සා කොරනව. ඔතන රාජ අම්ලය කියල කියන්නෙ නයිට්රික් අම්ලයෙ සහ සල්ෆියුරික් අම්ලයෙ මිශ්‍රණයක් මට මතක විදිහට.

කොහොම හරි අන්තිමට ඕනම කරන වෙලාවෙදි සමන්තබද්‍ර සාදුගෙ පුරාජේරු බිංදුවට බැස්ස. මම දැක්ක ඒත් එයයිගෙ භක්තිමත් ගෝල බාලයො තැන් තැන්වල කියල තිබ්බ ඔය තාවකාලික පසුබැසීමක් විතරය. එයයිලගෙ සාස්තෲවරයගෙ චීවරේ අස්සෙ තුරුම්පු ආසි කොලේ තියනවය. වෙලාවට ඒක ඇදල කුජීත කරලම දානවය කියල. ඒ කතන්දරේ ඇත්තනං ඒකට කියන්ට වෙන්නෙ Ace up my sleeve නෙවෙයි Ace up my saffron robe කියල තමයි.

අපිටත් තියෙන්නෙ ඉතිං බලාගෙන ඉන්ට තමයි සමන්තබද්‍ර උන්නාන්සෙ නොහොත් Ven. Sam Buddy මක්කද කරන්න යන්නෙ කියල...


කූඹියෝ ටෙලි චිත්‍රපටයේ යුරේනි නොෂිකා සහ
තුමිඳු දොඩන්තැන්න රඟපාන දර්ශනයක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
(Google Images)
දැන් දෙවෙනි හොට් ටොපික් එක. පහුගිය දවස්වල බට කැළේට ගිනිගත්ත වගෙ හැමතැනම කතාවෙන්ට ගත්ත කූඹියෝ ගැන. කූඹියෝ කිව්වෙ අර ඒ නමින් ඉන්න සුට්ටං සත්තු ජාතිය එහෙම නෙවෙයි. අර දකුණෙ ඈයො හින්නොය කියල කියන්නෙ. අන්න උං එහෙම නෙවෙයි. මේක ඇවිදිල්ල හිට "කූඹියෝ" කියල ටෙලි චිත්‍රපටයක්.

හැමතැනම කිව්වට වැඩිපුරම ඔය කතා බහ කෙරුනෙ මූණු පොතේ. ඒකෙ කූඹි ගුල කියල වෙනම ගෲප් එකක් හිටං හදාගෙන කට්ටිය වැඩේට බැස්සෙ. කූඹි ගුලේ සාමාජිකයො ප්‍රධාන වශයෙන් දෙකොට්ඨාසයක් ඉන්නව. "ප්‍රෝ ඈන්ට්ස්" නොහොත් "කූඹියෝ ලෝලී" සහ "ඇන්ටි ඈන්ට්ස්" නොහොත් "කූඹියෝ විරෝධී". සෙනසුරාදයි ඉරිදයි තමයි කූඹියෝ විකාශනය වෙන්නෙ. ඉතිං ඔය කූඹියෝ විකාශය වෙලා ඉවර වෙච්චි ගමං මේ පරම සතුරු කණ්ඩායම් දෙක එනව කැති, පොලු, මුගුරු අමෝරගෙන. අප්පටසිරි, ඊට පස්සෙ තමයි තුන්වන ලෝක මහා සංග්‍රාමය ඇරඹෙන්නෙ.

මේ කූඹි ගුලේ උදවිය මරාගන්ට යන්නෙ අමුතුම කාරණා වලට. ඔන්න "ඇන්ටි ඈන්ට්ස්" කණ්ඩායමෙන් කියනව අතන අර සිද්ධිය අභව්‍යයයි අස්වාභාවිකයි. එහෙම වෙන්ට විදිහක් නැත කියල. එතකොට ඔන්න සෙනිකව පිටියට එන්ටර් වෙනව "ප්‍රෝ ඈන්ට්ස්" බැටෑලියන් එක. එයාල කියනව නෑ එහෙම වෙන්ට පුලුවන්ය. එහෙම වෙන්නෙ මෙහෙමය. නැත්නම් අරමය කියල කෙස් පලන තර්ක ගේනව. ඒ එක්කම කූඹියෝ එකට සහතික ප්‍රදානය කරනව. හේතුපාට කියවනව. ලංකා ටෙලි-චිත්‍රපට ඉතිහාසයෙ මෙතෙක් විකාශය වෙච්චි ඉතාම අග්‍රගණ්‍ය නිර්මාණය වනාහී නිසැකවම කූඹියෝමය. එයට අලගු තැබිය හැකි හෝ නිර්මාණයක් මෙතෙක් කිසිදා බිහිවී නැතය. ඔන්න ඔහොම එක ජෝගියයි.

අසූ අනූ ගණංවල ජයන්ත චන්ද්‍රසිරි එතකොට තිස්ස අබේසේකර එතනින් ගියාම අශෝක හඳගම එහෙම හැදුව සුපිරි ගණයේ ටෙලි චිත්‍රපට පෙලක් ….....

(ටෙලි නාට්‍ය කියල හැමෝම කිව්වට ඒ යෙදුම සම්පූර්ණයෙන්ම වැරදියි. ටෙලි චිත්‍රපට වෙන්න ඕන. ඕක ඔය රූපවාහිනිය ලංකාවට ආපු මුල්ම කාලෙ රූපවාහිනිය වෙනුවෙන්ම හදපු චිත්‍රපට නැති නිසා කලේ ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබ්බ වේදිකා නාට්‍ය රූගත කල රූපවාහිනියෙ විකාශය කලා. කැළණි පාළම, කළුවරේ ජරමරේ, අංගාරා ගඟ ගලා බසී, බෙර හඬ, ඒ එහෙම ප්‍රචාරය කල නාට්‍ය කීපයක්. එව්වට ටෙලි චිත්‍රපට කියන්ට බැරි හින්ද කිව්වෙ ටෙලි නාට්‍යය කියල. කොහොම හරි ඒ යෙදුම එහෙම්මම ස්ථිර වුනා. ඔන්න ඔහොමයි උනාය කියන්නෙ)

ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා, රැජිණ, දුන්හිඳ අද්දර, දියකැටපහණ, දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, බෝගල සවුන්දිරිස්...හරි එව්ව ඒ යටගිය දවස කියමුකො....මේ ඊයෙ පෙරේදත් ප්‍රචාරය වුනා බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්...සත්පතිනි එතකොට බැද්දේ කුළවමිය. ඒදෙකම මටනම් කූඹියෝට වඩා දාහක්  හොඳයි. 

කූඹියෝ නරකයි කියල මම කියන්නෙ නෑ. මේ දවස්වල ටී.වී. චැනල් ඔක්කොගෙම වගෙ අරක්ගත්තු බොළඳ කතාවලට වඩා (මම හැබැයි ඔය බොළඳයි කියන කතන්දරත් අනිවාර්යයෙන් බලනව..හෙහ්,හෙහ්..මිනිස්සු උනාම රස වින්දනය විවිධයි විෂමයි වෙන්න ඕන..ඒකට කියන්නෙ රසවින්දන විවිධාංගකරණය කියලා) කූඹියෝ හොඳයි අනිවාර්යයෙන්ම. 

හැබැයි බැද්දේ කුළවමිය සහ සත්පත්තිනි ගැන මේ වගෙ උස්සල උඩ දැමිල්ලක් වුනේ නෑ මොකද මම හිතන්නෙ එව්වයෙ රචකයින්ට නිෂ්පාදකයින්ට මෙහෙම මාකටිං උණක් තිබ්බෙ නෑ. මම මේ මාකටිං උණ හොඳ නෑ කියනව එහෙම නෙවෙයි. මාකටිං නැතුව අද ලෝකෙ මොකවත් කරන්න බෑ. 

ඒ හින්ද කූඹියෝ නිෂ්පාදන කණ්ඩායම කලේ බොහොම සූක්ෂමව හිතල බලල ටොප් ක්ලාස් මාකටිං ස්ට්‍රැටජි එකක් දියත් කලා. එහෙම බලනකොට කූඹියො කරේ තියාගෙන යන අය වගේම කූඹියෝ විරෝධී ඈන්ට් ඊටර්ස්ලත් මට පේන්නෙ ඒ මාකටිං ස්ට්‍රැටජි එකේ ස්ටේක් හෝල්ඩර්ස්ල වෙලා. ඈන්ට් ඊටර්ස්ල නම් දැනුවත්ව හෝ නොදැනුවත්වම.

ඒත් මම කියන්නෙ එහෙමයි කියල කූඹියො කරේ තියාගෙන හන්දියක් හන්දියක් ගානෙ නට නට යන්ට ඕන නෑ කියල. කූඹියෝ රචකයා සහ නිෂ්පාදකය උනත් මේ හා හෝව නිසා උඩ ගිහිල්ල "එකම පොර මමම වෙමි" කියන මානසික තත්වයට ලඟා නොවෙයි කියල මම හිතනව ඒ වගේම එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කර ද සිටිනව.

එතකොට ඇන්ටි ඈන්ට්ස් කණ්ඩායමේ අර අතන අස්වාභාවිකයි මෙතන අස්වාභාවිකයි කියන තර්කය ගැනත් වචනයක් කියන්ට ඕන. ඒ තර්කය ගේන්නෙ ඈන්ට් ලවර්ස්ලගෙ කිරිපණුගාය වර්ධනය කරල කුල්මත් කොට ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නම් ඒකෙ වරදක් නෑ. එහෙම නැතුව සද්භාවයෙන්ම නම් එතන මට හිතෙන විදිහට වරදක් තියනව.

ඒ කියන්නෙ කලා නිර්මාණයක් යථාර්ථවාදීම වෙන්න ඕනද? උදාහරණයක් විදිහට අර ජෙහාන් උපාධියක් අරගෙන අවුරුදු දහයක් තිස්සෙ ස්ථිර රසාවක් නැතුව ඉන්න එක ගැන මම දැක්ක කියල තිබ්බ එහෙම වෙන්න විදිහක් නෑ කියල. 

ඉතිං ඇත්තටම එහෙම වෙන්න බැරිද? එහෙම මිනිස්සු ඉන්නව කලාතුරකින්හරි. එක්කො කම්මැලිකම. එහෙම නැත්නම් කවුරුහරි යටතෙ වැඩ කරන්ට තියන අකමැත්ත. එහෙමත් නැත්නම් ජීවිතේ සිරා නොගන්න එක. ඒ මොන හේතුව හින්ද හරි එහෙම මිනිස්සු ඉන්නව. නොහිටියාම කියමු. එහෙම මිනිහෙක් නෑම කියමු. ඒත් රචකයට අධ්‍යක්ෂවරයට, නිෂ්පාදකවරයට නිදහසක් නැද්ද එහෙම චරිතයක් නිර්මාණය කරන්ට කතාව වෙනුවෙන්?

කොහොම හරි අන්තිමට කියන්ට තියෙන්නෙ මෙච්චරයි. සමන්තබද්‍ර සාදුයි කූඹියොයි දෙගොල්ලොම ඇවිල්ල තනිකරම මාකටිං නිර්මාණ. එතකොට අපිට ඉතිං කරන්ට තියෙන්නෙ මහීෂ තෙම ධූමරථය දෙස අනිමිස ලෝචනයෙන් බලා උන්නාක් මෙන් මේ මාකටිං ඇස්බැන්දුම් දිහා බලා ඉන්න එක විතරයි. 

ඒ අතර සමන්තබද්‍ර සාදුගෙ ගෝල බාලයො කියනව මේ වනාහී හුදෙක්ම තාවකාලික පසු බැසීමක් පමණය එතුමා තව නොබෝ දිනකින් ආපසු සටනට එනවය "Enter the Dragon with both Guns blazing" කියල. අර ලාරා ක්‍රොෆ්ට් නොහොත් ඇන්ජලීනා ජොලී එන්නෙ කරණං ගහගෙන දෑතින්ම වෙඩි තියාගෙන "Lara Croft the Tomb Raider" ෆිල්ම් එකේ අන්න ඒ වගේ...So then My friends, Let's wait with bated breath..OK?

එතකොට කූඹියෝ ගැන කිව්වොත් කූඹියෝ එකේ ඔක්කොම එපිසෝඩ්ස් 45ක්ද කොහෙද තියනවලු. තාම ගියේ 16යයි. සමහර ඈන්ට් ලවර්ස්ල ඉන්නව ඒ අය කොහෙන්දෝ කූඹියෝ සම්පූර්ණයෙන්ම බලලලු. මං හිතන්නෙ සම්ටයිම්ස් නිෂ්පාදකයා මේ අයට විශේෂ දර්ශනයක් පෙන්වන්ට ඇති. හූ ද හෙල්මට්  නෝස්?

ඉතින් එන්න ඒ අය තමයි කියන්නෙ ඉස්සරහට පෙන්වන්ට නියමිත කොටස්වල තියනවලු මෙතෙක් මෙරට ටෙලි චිත්‍රපට ඉතිහාසයේ නොවූ වීරූ පරිදි සිනමාත්මක සහ කලාත්මක සීන්ස් සහ ප්ලොට්ස්. එව්වත් පෙන්නනකල් අපිට ඉවසා වදාරන්ට කියලයි ඈන්ට් ලවර්ස්ලගෙ කාරුණික ඉල්ලීම. ඒකත් අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි නෙව. 

ඒ හින්ද අපි එයාල කියන එකත් අහල ජුංඩක් ඉවසල ඉම්මුකො. 

වඩියු සේ? මොකෝ ඔහෙල කියන්නෙ? හාද?

64 comments:

  1. පිටිදුවේ හිමිගේ දේශනා අන්තවාදී නැහැ, ජාතිවාදී නැහැ. හිතන්නට යමක් ඉතිරි කරන කාරනා ඒවායේ තිබෙන්නේ. ඥානාසර වැන්නෙක් සමග බලද්දී පිටිදුවේ හිමි යනු බෝධිසත්වයන් කෙනෙකි.

    ReplyDelete
    Replies
    1. Ano,

      ඔබ සමඟ එකඟයි. සිරිධම්ම සාදුගෙ දේශනාවල යම් තර්කානුකූල බවක් තිබ්බ. එහෙම කෙනෙක්ට බොහොම ඉක්මනට අනුගාමිකයො හැදෙනව. මම හිතන්නෙ මල්වතු අස්ගිරි ලොක්කො බයවුනේ ඒකට.

      Delete
  2. There is one thing that I don't understand with the Samantha badda case. I thought he already had his own nikaya. If so how can he be fired from it?
    Even if that is not the case, let's say mahanakaya fired him from their own nikayas. What can they do if he continues to wear a robe and have followers in his own asapuwa. (This is an important point. Everyone is doing asapuwa's now, since temples are owned by the Ministry of Buddhism, but asapuwa's are just a private property)
    Even if he uses the term asgiriya or ramannya, what can they do? Are the considered trademark terms and can he be sued under the trademark law?

    This is not a question about right or wrong. I'm looking for answers from someone who is familiar with the legal system.

    ReplyDelete
    Replies
    1. S_badda,

      Good point. Yes I agree with you. That's why I wrote that he should have established a new "Nikaya" with liberal principles. Say he could ordain people from so called inferior casts. Modern day Suneethas & Sopakas.

      If he had the courage to do that I think he could have shaken the conservative dinaoser like Malwatta & Asgiriya foundations to the core.

      I am not certain about the legal implications but my opinion is there would be no legal hindrance to establishing a new nikaya. Having said that may be there is an issue because most probably the Thero would have asked for legal opinion and then took the decision to apologize.

      please note that I am only speculating here..:)

      Delete
  3. වැලිමඩ-කොළඹ(79) ගලහාගම හරහා බස් සේවය. වැලිමඩ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    ඌමා ඇල හන්දියට රාත්‍රී 12:30

    නුවරඑළියෙන් පිටත් වීම අළුයම 1:30

    කොළඹට ලගා වීම උදැසන 6:30

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ( RAD බස් කොම්පැනිය-රාජගිරිය )

    ReplyDelete
  4. මගේ අදහස නම් මේකයි රවී,

    සමන්තබද්‍ර හිමිගේ බණ ගොඩක් වෙලාවට හිතලා මතලා වැඩ කරන අයට උත්තේජනයක්. අනික ඒ බණ සාමානයෙන් රැඩිකල්. යල්පැන ගිය ඒවා නෙමේ. දෙමලු මරන්න, තම්බි මරන්න අගේ කතා එකේ නෑ. ඒ සාදු කොහෙවත් කියනවා මං දැකලා නෑ අනික් ජාතින්ගේ වැරදි. ඒක අගය කල යුතුයි. මොකද වර්තමානයේ අපි දකින්නේ බොහෝ හාමුදුරුවන් වහන්සේල බුදුබණ කියලා දේශනා කරන්නේ වෙනත් ජාතීන්ව මරා දැමීම නොවේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබ සමඟ එකඟයි. ඇත්තටම සිරිධම්ම සාදුගෙ අර පිළිම හැදිලි වගෙ ප්‍රදර්ශන වැඩ එහෙම නැත්නම් මීට වඩා පිරිසක් එකතු කරගන්ට තිබ්බ. මම කියන්නෙ ඔය අන්ධානුකරණයෙන් අදහන බැතිමතුන් බැතිමතියන් නෙවෙයි කරුණු කාරණා සමබරව හිතන විචාර බුද්ධියෙන් යුතු ලිබරල් වාදීන්.

      Delete
  5. නිසැකවම උන්වහන්සේ බෝධිසත්වයෙක්
    කිසිත් නොදැන චෝදනාකරන අයට මම ආරාධනා කරනවා යුටියුබ් හි ඇති
    උන්වහන්සේ දිවයින පුවත්පතද දුන් සම්මුඛ සාකච්චාව බලන්න කියල
    ගොඩක් අහු කොන් වලින් අල්ලගේන කියවන කතා වලට සැබැම උත්තරය එතැන තියෙනව

    ReplyDelete
    Replies
    1. විරාජ්,

      ඔබට හැකිනම් අදාල සාකච්ඡාවේ ලින්ක් එක දානවද? ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්නට කැමති හැමෝටම ඒක ලොකු පහසුවක් වේවි.

      Delete
    2. මම හිතන්නෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්න වලට උත්තරේ මෙතැන තියෙනවා
      අපි හැමෝක කරන්නේ මධ්‍යස්තව හිතන්න නැතුව මොකක් හරි තැනකින් අල්ලගේන අන්තයකට ගිහින් හිතන්න පටන් ගන්නවා
      මම හිතන්නේ මැත කාලයේ බුදු දහම ගැන කියැවුන දාර්ශනිකම සංවාද පෙලට හිමිකරු උන්වහන්සේම තමයි මේ ඉන් එකක්
      https://www.youtube.com/watch?v=mLtIcKK0GHA&list=LLjLRyMvm5t54-8OZ4WJHHdg&t=2243s&index=165

      Delete
    3. ලෙවියාතන්,

      ඔබට ස්තූතියි....:)

      Delete
  6. මොකද කියන්නේ ලොක්කා.මං අර අම්මණ්ඩිලා කුලප්පු කොරගෙන එන්නද? නැත්නං වල්පල් නොලියා තමුන්ට තියෙන රාජකාරිය කොරනවද?

    ReplyDelete
    Replies
    1. සුරංග,

      කවුද බං ඔය අම්මණ්ඩිලා?

      Delete
    2. අර ලිඛිතා උන්දෑ එහෙම

      Delete
    3. අලෝව්... මේන් අපි ආමි...!

      ආයෙත් අහල!! මම මේ කිනිසි තෝමර ටික උරච්චි කරගෙන එන්නම් ඈ

      Delete
    4. ලිඛිතා,

      උරච්චි කරගෙන නෙවෙයි බොල ගලගාගෙන කියල කියපං.

      උරච්චි කරන්නෙ අලි හක්ක, රත් හඳුං අන්න එව්ව.කඩු, කිණිසි, තෝමර වලට කරන්නෙ ගලගාන එක...:)

      Delete
  7. මෙව්වා ඔක්කොම දැකලා අන්තිමට අපිට කියන්න තියන්නේ මෙච්චරයි.

    ගෞතම බුදුන්ට පුංචි අපිත් බුදුබව පාර්ථනා කරමු !!!

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබේ පැතුම ඉටුවේවා!

      Delete
  8. මේ ගැන පෝස්ට් එකක් දාල අනිත් පැත්ත හැරුණ විතරයි!

    ReplyDelete
    Replies
    1. ඉකෝන්,

      කියවීමි..අපූරු විග්‍රහයකි...ස්තූතියි...:)

      Delete
  9. දැන් මෙහෙම දෙයකුත් තියෙනවා. සාම්ප්‍රදායික පන්සල් බලං ඉන්නෙම දායකයන් හූරා කාලා සල්ලි කඩා ගන්න. අර පිං කම කියයි, මේක කියයි, කථින උත්සවේ කියයි.. කොයි වෙලේ බැලුවත් සල්ලි සල්ලි...
    හැබැයි පිටිදුවේ හිමි (සමන්තබද්‍ර හිමි) ගේ පන්සල් සංකල්පය වෙනස්. ඒවාට ආධාර උපකාර කරන්නම ධනවත් පිරිසක් ඉන්න නිසා සාමන්‍ය දායකයන්ගෙන් මුදල් ඉල්ලා ඉල්ලා කරදර කරන්නේ නෑ.

    උදාහරනයක් විදියට මම ජිවත් වෙන්නේ කොළඹ නගරයට ආසන්න පරිවාර නගරයක. මෙහි අසල ඇති පන්සලත් පිටිදුවේ හිමිගේ තාලයට ක්‍රියාත්මක වන්නේ. කිසිම දිනක මුදල් එකතු කර නැහැ අපෙන්. කථින පිංකම වෙලේ විතරක් කිව්වා පුළුවන් නං හැමෝම මේකට සහභාගී වෙන්න කියලා. ඒ පාර මං සුළු මුදලක් ලබා දුන්නා. අන්න ඒකට විතරයි සාමාන්‍ය අයගෙන් ආධාරයක් බලාපොරොත්තු උනෙත්. එහෙම කලෙත් කථින පිංකමට හැමෝම සහභාගී වෙන්න ඕනා නිසා මිසක් පන්සලට සල්ලි ඕනි නිසා නෙමේ. මොකද පිංකම දවසේ අපි ගෙදර අයත් එක්ක පන්සල් ගියාම උත්සවේ වැඩ කටයුතු ඉවර උනාම පස්සේ එහි ගිය සියලුම ජනයට ආහාර පාන, පලතුරු ආදිය ඇතිවෙනකම් ලබා දුන්නා පන්සලෙන්. කුඩා දරුවන් ආදිය සිටින නිවෙස් වලට පලතුරු ආදිය රැගෙන එන්නත් කිව්වා. මිනිස්සු මේ වගේ දේවල් නිසාත් සාම්ප්‍රදායික පන්සල් වලින් මිදිලා මේවට යනවා නොවේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබ කියන කාරණයට එකඟයි. බුදු හාමුදුරුවො කාලෙ උනත් විහාරාරාම හදල බුදුන්ට පූජාකරන්ට මහධන සිටුවරුන් සැදී පැහැදී හිටිය. බුදුන් වහන්සේ උනත් ඒ මහධන සිටුවරුන්ගේ පරිත්‍යාග උපේක්ෂා සහගතව භාරගත්තා මිසක මේ ධනය ඔවුන් උපයාගත්තෙ උඹලව සූරාකාලා ඒ හින්ද උන්ට විරුද්ධව නැඟී හිටපියව් කියල දුප්පත් මිනිස්සුන්ට කිව්වෙ නෑ.

      ඒ විහාරාරාම වල වුනත් දොරවල නිතර දුප්පත් අසරණයයින්ට විවෘතව තියෙන්න ඇති. හැමදාම උනත් සිටුවරුන් දානෙට ආරාධනාකලත් බුදු හාමුදුරුවො සමහරදාට පිඬු සිඟා වඩින්නත් ඇති නැත්නම් සාමාන්‍ය ජනයා වරදවා වටහා ගනියි කියල.

      Delete
  10. ඔය කරලා තියෙන්නේ යසට! දැන් ඉතින් අර පොතේ එක පිටුවක්වත් ඉස්සරහට නොයන්න අඩයක් තිබ්බ වගේ තමයි.

    රවියා මේ...! මේ මාතෘකා දෙකම එක වගේ වාතයි අප්පා. දැන් ඔබටුමා මොකද දැන් මේක ලියලා ගන්න මාකටින් මෙව්වා එක? අපි ඇවිත් මෙතන ජොනී බට්ටෝ ගහන එකද? මීටවඩා හොඳ විහිලු තිබ්බා අය්යෝ.. ආ.. මම දන්නෙත් නැහැ ඉතින් රට්ටු තමයි කියන්නේ...

    හා හා හා.... ඉන්ටෝල් ඇති, ආපහු පන්තියට ගිහින් වැඩ කරනවා හොඳයි!

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      හරි හරි බං කෑනුගහ ඉඳහං. උඹේ කමෙන්ට් කියවනව කියන්නෙ හරියට ඉරිදට පේරාදෙණියෙ පොලට ගියා වගෙ. නැත්තං නුවර මාකට් එකේ මාලු විකුණන කෑල්ලට ගියා වගෙ.

      අනන්‍යාගෙ කතන්දරේ ඊලඟට ලියන එක ලියනව. ඒකෙ වැඩේ මේකනෙ බං රටේ ලෝකෙ වෙන දේවල් ගැන ඒ කිව්වෙ බෙරේකිං ඤූස් ගැනත් හොදි විසියෙන් ඉන්ට එපාය. අනික උඹ ගාව ඔරිමජිනල් පොත තියන එකේ ඒක කියවහංකො මෙතන මගෙ කැවුත්ත කන්ට හදන්නෙ නැතුව....

      පලි - ආ..බී.ටී.ඩබ්. උඹ දැක්කද උඹලයෙ ඉස්කෝලෙ...... එක්කොත් ඕන නෑ...:)

      Delete
  11. දේශපාලකයින් හා පූජකයින් අප්‍රසන්නයි. හොඳ කිහිපදෙනෙක් ඉන්නවා තමයි. සමහරුන්ට සේවයක් කෙරෙනවාත් තමයි. ඒත් සමස්තයක් විදිහට මං අකමැති අය.

    රවිඋන්නාන්සෙ අහල තියනවද? You should not have too much dealings with lawyers, prostitutes and priests.
    Lawyers will lie in court, prostitutes will lie in bed, priests lie all the time !



    ReplyDelete
    Replies
    1. Pra Jay,

      /You should not have too much dealings with lawyers/

      Lawyers don't need too much dealings anyway. They will take you to cleaners very first time...:)

      /prostitutes will lie in bed,/

      Think of what would happen if they tell the truth?

      Delete
  12. සමන්ත බුදුං ද නැද්ද කියල අයි ඩෝං නෝ නෙහ්.

    කූඹියෝ මාත් බලන්නෙ යූ ටියුබ් එකේ. ඔය ගෲප් එක ගැන ඇහුවට තාම ඒ ගැන බලන්න බැරි උනා. ඉකොනොගෙ පෝස්ට් එහෙක දැම්ම වගේ මට තියෙන ප්‍රශ්නෙ අරූගෙ බිල්ඩිමේ ලයිට් වතුර බිල් ගෙවන්නෙ කවුද කියන එකයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ ලයිට් වතුර බිල් ගෙවන පස්නෙට මේ ඊයෙද කොහෙද අර මං කිව්වෙ කූඹියෝ ඔක්කොම කොටස් බලපු කූඹි ලවර්ස්ල ඉන්නවය කියල. ඒ එක්කෙනෙක් උත්තර දීල තිබ්බ.

      ඔය අත් ඇරල දාපු බිල්ඩිම අයිති ඔස්ටින් අයියටලු (ඔස්ටින් අයිය කියන්නෙ අර මැරය. චරිතය රඟ පාන්නෙ ජැක්සන් ඇන්තනිගෙ අයිය ..සේනක ටයිටස්) ලයිට් වතුර බිල් ගෙවන්නෙ ඔස්ටින් අයියලු. ජෙහාන් ඔස්ටියගෙ කන්ට්‍රෑක්ට්ස් කරන හින්ද එතන ඉන්ඩ දීල තියනවලු.

      මිනිහ ඒ අතර එතන ඉඳල මිනිහගෙ සයිඩ් බිස්නසුත් කරගෙන යනවලු. අන්න එහෙමයි ස්සින්ස් ඇන්ඩ් කෝන්ස් එක.

      ඔබගේ කුකුස දුරුවී යැයි සිතමි. මා හිතවත ..:)

      Delete
  13. මට සමන්ත භද්‍ර සිරිධම්මට කැමැත්තක් ඇතිවුණේ මෑතක දී යි. ඒ ඔහු බුඩ්ඩාගම් සංස්ථාවට දක්වන විරෝධය නිසයි.

    ළඟදී ඔහු සිඩ්නි නුවරට එන බව සැලවී ඇත. ඒ දේශනාවට යාමට අදහස් කරමි.

    ReplyDelete
    Replies
    1. රසික මොකෝ බ්ලොග් එක පාළුවට ගිහිං? පහේ පන්තියෙන් ඉහල සමත් උනාම පස්සේ පාසල් ගමන යලට මහට වගේ. දැන් මාසෙක ඉදන් කැලේම පැනලද?

      Delete
    2. රසික,

      මේ සමාධිය භජනය කිරීමේ ආතල් එකෙන් පස්සෙ සම්ටයිම්ස් සිනුවර ගමන කල්දායි...:)

      Delete
  14. සත්පතිනි(යහපත් වූ භාර්යාව) මම මෑත කාලෙකදී බලපු ඉතාම ඉහළ ගණයේ ටෙලියක්. හැබැයි ඒ ගැන කිසිම සංවාදයක් කොතනකවත් ගොඩ නැගුණේ නැහැ. පැහැදිලිවම ඒ නිර්මාණයට අසාධාරණයක් උනා නේද? අද බොලාට නිවාඩු නේද බං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      /සත්පතිනි(යහපත් වූ භාර්යාව) මම මෑත කාලෙකදී බලපු ඉතාම ඉහළ ගණයේ ටෙලියක්/

      ඒකනෙ බං කියල වැඩක් නෑ...සරත් ධර්මසිරි සත්පතිනි හැදුව. පෙන්නුව. බලන අය බැලුව. එච්චරයි. ඒ ගැන මේ වගෙ තොයිලයක් නටන්ට සරත් ධර්මසිරිට ඕන උනෙත් නෑ ආසාවෙන් බලපු මිනිස්සුන්ට ඕන උනෙත් නෑ. කලාස්...මේක එහෙමද? ...හෙහ්..හෙහ්..

      /පැහැදිලිවම ඒ නිර්මාණයට අසාධාරණයක් උනා නේද?/

      එක අතකට එහෙමත් කිව්වැහැකි. ඒත් අනික් අතට මේ කූඹියෝ ගැන දැනට තියෙන හෙයියම්මාරුව වගෙ එකක් නම් සත්පතිනි ගැන ඇති නොවෙච්චි එකමයි කාරිය කියලත් මට හිතෙනව. එහෙම උනානම් වෙන්නෙ ඒ වගෙ විශිෂ්ඨ නිර්මාණයක තත්වෙ පහල බහින එක.

      මෙව්ව ඔය කාලෙන් කාලෙට එන රැළි විතරයි. වැඩිය ඕන නෑ තව අවුරුදු පහකින් ලංකාවෙ මෙතෙක් බිහිවූ විශිෂ්ඨම ටෙලි චිතපට දහය නම් කරන්ට කියමු.

      දැන් තියෙන විදිහට නම් කූඹියෝ ඒ පැත්ත පලාතකට එන්නෙ නෑ. ඒත් තවම කතාවෙන් ගියේ 1/3 විතරක් හින්ද එහෙම කියන එකත් වැරදියි. අපි බලමු කතාව ඉවර වෙනකල්..:)

      Delete
    2. /අද බොලාට නිවාඩු නේද බං./

      දීවාලී හින්දද? නෑ බං මෙහෙ නිවාඩු නෑ...ඩුබායිනම් මම හිතන්නෙ එක දවසක්ද කොහෙද නිවාඩු

      Delete
  15. නිකං ඉන්න එකේ වැඩක් ගන්න සමන්ත බඩ්ඩව මීළඟ ජනාධිපති කරන්ට බැරිද ? හුටංගෙන් පස්සේ ඕනෑම කෙනෙක් එකට සුදුසුයි :-D

    ReplyDelete
    Replies
    1. කණ්ඩා,

      නරකම නෑ අයිඩියා එක...:)

      Delete
  16. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    ඒ දැක මහ නායක ඇවිලෙන්නේ
    බුදුත් දෙකට නැමී සමාව ගන්නේ
    - Jay Krishan Krycek

    ReplyDelete
  17. මම බ්ලොග් බලන්නෙත් නෑ ලියන්නෙත් නෑ අහම්බෙන් දැක්ක නිසා මෙහෙම කියන්නම්කො ..." සත්පතිනි " මමත් බලල තියනවා බන් ...උබල කියන තරම් පට්ට පදිරි මාර ටෙලියක් නම් නෙවෙයි ...නිකන් බොරුවට කහින්න එපා ..." කුබියෝ " නම් බලල නෑ තාම ..ඒ ගැන නම් කියන්න දන්නේ නෑ ...දැනට වැඩකාරයෙක් ඉන්නවා ආනන්ද අබේනායක තිරරචකයෙක් ඉන්නවා නාමල් ජයසිංහ හැබැයි තකට තක සෙට් වෙන්න ඕනි ...උදාහරණයක් දෙන්නම් " රතු අහස " රංගනය අද්යක්ෂණය තිරරචනය සංගීතය සුපිරියටම සෙට් උන ටෙලියක් ..අන්තිම කොටස් කීපය තිර රචනාවේ වරදින් චෝර උනේ නැත්නම් සුපිරිම ටෙලියක් ...සත්පතිනි මොකක්ද බන් ...international ලෙවෙල් එකේ සුපිරිම නිරමාණයක් තමයි ඉස්සර නම් " අකාල සන්ධ්‍යා " ...හැබැයි අද්යක්ෂණය නම් නෙවෙයි ආ ඒ ඇයිද කියල කියන්න පුළුවන් විස්තරාත්මකව මට මේ කොටන අමාරුයි සිංහලෙන් ...හොද නරක ජනප්‍රිය අනන් මනං ගැන කියන්න ගොඩක් දේවල් තියනවා කොටන්න කම්මැලියි ...සිංහල type කරන්න පුළුවන් වූ සැනින් උබල පොරවල් කියල හිතන්න නම් එපා ...මට ඒක තේරුණා " කුබියෝ " ගැන කියන්න "සත්පතිනි " ගත්ත ගමන්ම .....

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හරි හරි ඉතිං කලබල වෙන්න එපා..ඔහේට පට්ට නිර්මාණයක් මට ඒ හැටි පට්ට නෑ..මට පට්ට එව්ව ඔහේට දිරවන්නෙ නෑ..

      විවිධත්වය කියල එකකුත් මේ ලෝකෙ තියනවනෙ ලොක්කා..ඒ හින්ද ප්‍රෙෂර් වැඩි කර ගන්න උවමනා නෑ මේ ටෙලියක් හින්ද...හෙහ්,හෙහ්,

      Calm down..calm down...take a deep breath..count slowly to ten...exhale slowly..do this exercise continuously until your mind settles down..good luck...:)

      Delete
    2. ithin ehenam mona labbatada post danne araka mehemayi meka mehemayi kiyala ...rasawindanaya wenas nam uba ahawal dekatada ban compare karanne hena post liya liya...wiwidathwaya gana nam kathawa thiyana deyak balala thambena deyak kala nida ganin paduwe...sansandanaya karanawanam waren katha karamu topic eken lissala yanne nathuwa ....anika ප්‍රෙෂර් වැඩි කර gena thiyenne ubamane ban diga haallak type karala ...anika ekama post ekakka topic 2 k danna epa...wena wenama dapan ...ane manda...me mage style eka lokka ...ok

      Delete
    3. Ano,

      /ithin ehenam mona labbatada post danne araka mehemayi meka mehemayi kiyala ...rasawindanaya wenas nam uba ahawal dekatada ban compare karanne hena post liya liya./

      සරල සිංහල වටහා ගැනීමේ අවුලක් ඇති බවක් පෙනී යයි. රස වින්දනය විවිධ හින්දම නේන්නං ලොක්කෝ මගේ රස වින්දනය මෙහෙමයි කියල පෝස්ට් එකක් ලිව්වෙ. ඒකට තමුං එකඟ නැත්තං ඒක එහෙම කියල කමෙන්ට් කරන්නට සම්පූර්ණ නිදහස ඇත.

      /.anika ekama post ekakka topic 2 k danna epa...wena wenama dapan /

      උපදේශයට ස්තූතියි...පබ්ලිෂ් කලාට පස්සෙ මටත් එහෙම හිතුන ඇත්තම කිව්වොත්...:)

      Delete
    4. ඇනෝ,

      ඔයාගෙ අලුත් කමෙන්ට් එක මම දාන්නෙ නෑ. කිසිම තේරුමක් නැතුව එක දේම ආයම ආයම කියනව. අනික එහෙම පල්හෑලි සිංග්ලිෂ් වලින් ලිව්වම ගැටගහගෙන කියවන්ට යන වෙලාවත් අපරාදෙ.

      ඒ හින්ද සිංහලෙන් ලියන්න කරුණාකරල ඔයාගෙ මහාර්ඝ අදහස් පලකරගන්ට ඕන නම්...:)

      Delete
    5. කණගාටුයි ඇනෝ,

      ඔයා ඒ කමෙන්ට් එකෙත් කිසිම වැදගැම්මකට ඇති දෙයක් කියල නැහැනෙ.මුල්ම කමෙන්ට් එකේ ඔයා කිව්වෙ අර රතු අහස ගැන එතකොට අකාල සන්ධ්‍යා ගැන.

      /උදාහරණයක් දෙන්නම් " රතු අහස " රංගනය අද්යක්ෂණය තිරරචනය සංගීතය සුපිරියටම සෙට් උන ටෙලියක් ..අන්තිම කොටස් කීපය තිර රචනාවේ වරදින් චෝර උනේ නැත්නම් සුපිරිම ටෙලියක් ...සත්පතිනි මොකක්ද බන් ...international ලෙවෙල් එකේ සුපිරිම නිරමාණයක් තමයි ඉස්සර නම් " අකාල සන්ධ්‍යා " .../

      අන්න ඒ ගැන ලියන්නකො හරබර විචාරයක්. අනිවාර්යයෙන් දාන එක දානවාමයි. දෙයියම්පල්ල...සත්තයි...

      හරවත් සංවාදයක් කියන්නෙ අන්න එහෙමනෙ. එහෙම නැතුව "අනේ මේ කමෙන්ට් එකවත් දාන්නකො" කියල ආයාචනා කලාට මම කමෙන්ට් දාන්නෙ නෑ......:)

      Delete
  18. nidahs sithuwili kiyala mokatada ban comment danna uben approval...kunuharapa nathnam dapan baya nathuwa ...maam me blog ekakata liwwamayi ...ubalageth pajatha seen ne thiyenne ...mama kalin comment ekak damma eka dapan

    ReplyDelete
    Replies
    1. Ano,

      අනවශ්‍ය ලෙස වෙනත් අයගේ චරිත ඝාතන කමෙන්ට්ස් එක දිගට දැමීම පුරුද්දක් වශයෙන් කරන නිර්නාමිකයකුගේ කමෙන්ට්ස් නිසා කමෙන්ට්ස් අනුමත කිරීම ක්‍රියාත්මක කළෙමි. මෙතෙක් කාලයකට නොකලද එවන් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවූයේ එසේ නොකොට බැරිම තැනදීය.

      ඔබගේද කලින් කමෙන්ට් එකක් පලවී නැත්නම් එයද ඒ වර්ගයේ අදාල නොවන කමෙන්ට් එකක් විය යුතුය.

      ඔබට අවශ්‍යනම් කමෙන්ට් කරන්න. අදාල නොවන කමෙන්ට්ස් හැර අනෙකුත් සියලු කම්න්ට්ස් පල කරනු ලැබේ...:)

      Delete
    2. Ano,

      /maam me blog ekakata liwwamayi /

      /mama kalin comment ekak damma eka dapan/

      හා..හා..හා...:)

      Delete
  19. මට නම් හිතෙන්නේ සාසනේම ඉදගෙන අර වල්පොල රාහුල හිමි වගේ විවේචනය කරන්න උත්සාහ ගන්න වද කියලා.ඒක නෙමෙයි රවි ඔය ප්‍රොෆයිල් පොටෝ. එකේ පුර හඳ වගේ ගෑනු ළමයෙක් එක්ක ඉන්න නිකං පැල වී ගෝනියක පිටට පේන ූ වී මුල් වගේ රැවුල තියෙන හෝතඹුවා කවුද?

    ReplyDelete
    Replies
    1. kumara,

      /එකේ පුර හඳ වගේ ගෑනු ළමයෙක් එක්ක ඉන්න නිකං පැල වී ගෝනියක පිටට පේන ූ වී මුල් වගේ රැවුල තියෙන හෝතඹුවා කවුද?/

      පුරහඳ ලෙස ඔබ සමකල මගෙ මූණේ,
      නළලත මා සිත්තම් කල කුංකුම තිලකේ,
      ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුණේ,
      පෙරලෙස පැහැබව නැතිවද නළලේ තිලකේ..

      මතකද ඒ ගීතය? මගේ මතයේ හැටියට මායා දමයන්ති පෙරේරා කියන්නෙ නිසි ඇගයීමට ලක් නොවුණු ඉතාම දක්ෂ ගායිකාවක්....

      Delete
    2. අටම්,

      මම ඒත් බැලුව මොකද මේ කවදාවත් නැතුව ඔබ තුමා මේ පැත්තෙ ආවෙ කියල...හෙහ්,හෙහ්..

      Delete
  20. මගේ කරන්ට් එපෙයාස් කොච්චර දියුණුද කියුවොත් ඔය සමන්ත බඩ්ඩ සමාව ගත්ත සීන් එක මේක කියෝනකං දන්නේ නෑ කියහංකෝ .. අනික කූඹියෝ.. ඔය හා හූව ඇහුනට මං ඕක කළුද සුදුද වත් දන්නේ නෑ.. කොටිම්ම ටීවීයෙකක් බලපු වංගියක් මතක නෑ.. අනේ අනිච්චේ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      /මගේ කරන්ට් එපෙයාස් කොච්චර දියුණුද කියුවොත් ඔය සමන්ත බඩ්ඩ සමාව ගත්ත සීන් එක මේක කියෝනකං දන්නේ නෑ කියහංකෝ ./

      හෙහ්,හෙහ්..ඔහොම දේවල් වෙනව..91 අවුරුද්දෙ රජීව් ගාන්ධි මැරුව මතකද?

      ඒ කාලෙ මම වැඩකලේ අර මහවන මැද ව්‍යාපෘතියෙ. කොහොම හරි ඒ ඛෙදවාචකය සිද්ධ වෙනකොට මම නිවාඩුවකට ගෙදර ගිහිල්ල හිටියෙ. දවස් තුන හතරකට පස්සෙ මම ආපහු වැඩට එනකලුත් මම දන්නෙ නෑ රජීව් මරලයි කියල.

      ඒ ගැන මම කලින් ලිව්ව...:)

      Delete
  21. රවී.!
    සිරිබඩ්ඩ ගැන කියනවනම් කියන්න තියෙන්නෙ සිරී සහ ඉරාජ් කියන්නෙ තමන් මාකටිං කරගන්න එතෙක් මෙතෙක් ලංකාවේ පහලවූ සුපිරිම බඩු දෙක කියල. යම්කිසි පිරිසක් තමන් වටේ සිටියත් වැඩිම පිරිස තමන්ට අවි අමෝරාගෙන එද්දිත් තමන්ගෙ වැඩේ කරගෙන ඉන්නතරම් (මානසිකව හෝ කායිකව ඇදවටෙන්නේ නැතිව) ෆිට් එක තියෙන එකක් පුදුම සහගතයි. ඔය සිරී අස්ගිරියට විසිට් එකක් ගිය එකත් තවත් එපිසොඩ් එකක ට්‍රේලර් එකක් වෙන්න පුළුවන්. සීරි හැමෝන්ගෙන්ම ගේම ඉල්ලනකොට කවුරුවත්ම චැලෙන්ජ් එකට එන්නෙ නැත්තෙ ඔවුන් සිරී තරම් දර්මය ඉගෙනගෙන නැති නිසා කියල ඉබේම ඔප්පු වෙනව. මම දැන් බෞද්දයෙක් නොවුනට සිරී ගෙ අසපුවට ගිහිල්ල බන අහපු ඩයල් එකක්. මට දිරවන්නෙ නැති වැඩත් සිරී ළඟ තිබ්බට ටිපිකල් සාදුල වගේ කොන්ද පහත් නොකර තමන්ගෙ ස්ථාවරයේ නම්බුකාර විදිහට ඉන්න එකට මම ගරු කරනව. අනික ඔය නොන්ජල් කහකඩ කාරයොන්ට වඩා පොෂ් සල්ලිකාර ෆෑන් බේස් එකක් සිරී ට ඉන්නව.
    😜

    ReplyDelete
    Replies
    1. ටික්කා,

      ඔබ හා සපුරාම එකඟයි..මම පෝස්ට් එකෙත් කිව්ව විදිහට අද අපේ රටට අත්‍යාවශ්‍ය සාධකයක් සමන්තභද්‍ර කියන්නෙ....

      කට ඇරියොත් ජාති වාදයයි ආගම් වාදයයි දෙසා වදාරන එහෙම නැත්තං මරාට හරි ගොට්ටට හරි රෙදි නැතුව කඩේ යන කසාය වස්ත්‍ර දාරීන් අතර සමන්තබද්‍ර සාදුගෙ භූමිකාවට මිනිස්සු ආකර්ෂණය වෙන එක අහන්නත් දෙයක්ද? මටත් අර බුදු සීන් වගෙ ගොන් පාට් නැත්නං මනුස්සය කියන දේවල් පිළිගන්ට කිසිම අවුලක් නෑ.

      Delete
  22. කතාව ... අර කතාව... කෝ ඒ කතාව

    ReplyDelete
    Replies
    1. සඳා,

      හරි හරි.... ගැත්තාට අනුකම්පාකොට වදාරණ සේක්වා....මේ ලියනව...මේ ලියනව....:)

      Delete
  23. හැව ඇරපු නයෙකුට මොකද බං වෙන්නේ? මම හිතුවා උගේ පෙනුම අලුත් වෙලා තරුණ පාටක් එහෙම ඇවිත්, නිකං "ෆුල් බොඩි ෆේෂල්" එකක් කලා වගේ ඇති කියලා...

    සමන්තභද්‍ර ගැන මගේ ලොකු එව්වා එකක් හෝ මෙව්වා එකක් නැත. කොටින්ම නිකං අදාලම නැත වගේ...

    කූඹියෝ එකේ තියෙන්නේ මම හිතන්නේ අර හැමදාම දකින පවුල් කතන්දර වලට වඩා වෙනසක්, ඒකයි ඒකෙ මේක. මමත් ඒක පට්ටයි කියලා නම් කියන්නේ නෑ... හැබැයි කොල්ලෝ දෙන්නගේ රඟපෑම් නම් මරු. සත්පතිනි බලලා නෑ.. බැද්දේ කුලවමිය නම් පොතටත් වඩා හොඳයි නාට්‍යය. නදී, චාන්දනී, මහේන්ද්‍ර මැද්දේ රොෂාන්ගේ රඟපෑම් ටිකක් මදි කියලා හිතුණා. චාන්දනී නම් සුපර්බ්. බොහීමියානුවා මම ලඟදි බලපු අනිත් පට්ට නාට්‍ය... ඒකෙ උමාලි තිලකරත්නගේ රඟපෑමත් නියමයි. දඩබිම, කඩවර, ගිරය, කඩුල්ල වගේ නාට්‍ය එක්ක ගත්තහම කූඹියෝ වල තවම විශේෂත්වය අලුත් කතා තේමාව කියන එක තමයි.

    තාත්වික අතාත්වික කේස් එක මෙහෙමයි මටනම්. තාත්වික වෙන්න ඕනේ නෑ, හැබැයි විශ්වාසනීය වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි පෙන්නන ලොවෙත් නැති සීන් එක නාට්‍යයේ පසුබිම ඇතුලේ සාධාරණීකරනය වෙන්න ඕනේ. සිදූ නාට්‍යයේ භූතයෙක් එක පාරටම මතු උනොත් ඒකෙ ලොකු අවුලක් නැහැනේ... (කලිනුත් හිටියනේ එකෙක්), හැබැයි දෙවෙනි ඉනිමේ භූතයෙක් මතු උනොත් අවුල්නේ. යටිතල පහසුකම් සපයනව කියන්නේ ඔන්න ඕකටයි.

    දැන් ඔය දෙවෙනි ඉනිමේ අනුහස් ව හම්බ වෙන්නේ ඉන්නේ රවී යන්තන් ශ්‍රී ලංකා ටීම් එකට ගහන්න පටන් ගන්නකොටම වගේ නේද? ඒ වෙලාවේ කසාද බඳින්න බෑ කියලනේ ඕක සිද්ධ නොවෙන්නේ. (මම මුල් කලේ කොටස් ඔක්කොම බලලා නෑ), ඉතින් දැන් ඉන්න වයිෆ්ව බඳින්න ඇත්තේ ටීම් එකේ තැනකට ආවට පස්සෙනෙ. ඉතිං ළමයි දෙන්නා එකම පන්තියේ ඉන්නේ කොහොමද? ඕක නාට්‍යයේ මුල් කාලෙ පැහැදිලි කරල තියනවද කියලා නම් මම දන්නේ නෑ. හැබැ‍යි කවුරුත් ඕක ගණන් ගන්නේ නෑනේ... ඒ නාට්‍යයේ දෙන්නේ වෙනම ආතල් එකක්නෙ. අන්න එහෙමයි, නාට්‍යයේ පසුබිම විසින් නාට්‍යයේ තාත්වික අතාත්වික බව සාධාරණීකරණය කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. Thisara,

      /හැව ඇරපු නයෙකුට මොකද බං වෙන්නේ? මම හිතුවා උගේ පෙනුම අලුත් වෙලා තරුණ පාටක් එහෙම ඇවිත්, නිකං "ෆුල් බොඩි ෆේෂල්" එකක් කලා වගේ ඇති කියලා.../

      /හැව මම කිව්වෙ බං නයෙක් හැව ඇරියම ආයම හම හැදෙන්ට ඉස්සෙල්ල ගතවන අන්තර් කාල පරිච්ඡේදය ගැන (Interim time period)... ඒ කාලෙ නයා නිකං රෝස පාටයිලු. අව්වට එහෙම ඔරොත්තු දෙන්න බැරිහින්ද කොහෙහරි ගලක් යට නැත්නම් ගස් බෙනේකට වෙලා වහං වෙලා ඉන්නවලු.

      /ඉතිං ළමයි දෙන්නා එකම පන්තියේ ඉන්නේ කොහොමද?/

      මම නම් දෙවෙනි ඉණිම මුල ඉඳලම බැලුව. ඒත් මල්ලි ඔය කාරණය ගැන විශේෂයෙන් පැහැදිලි කිරීමක්නම් තිබුන බවක් මතක නෑ. මම හිතන්නෙ එතන සිනාරියෝ එක මෙහෙම වෙන්න ඕන. ලංකා ටීම් එකට සෙල්ලම් කරනකොටත් රවීගෙයි උදේනිගෙයි එෆෙයාර් එක තිබ්බ වෙන්න ඕන.ඒකනෙ අර අමීෂා කොයි වෙලෙත් කියන්නෙ හුහ් ඒ ගෑණි හිතාගෙන හිටියෙ ශ්‍රී ලංකන් ක්‍රිකටර් කෙනෙක් බැඳ ගන්න එව්ව කොහෙද මාත් එක්ක කියල.කතාවෙ හැටියට රවී හෙණ ජනප්‍රිය ක්‍රිකටර් කෙනෙක් උනාට පස්සෙ තමයි තාත්ත අමීෂව සෙට් කරන්නෙ...

      Delete
  24. අපරාදෙ පිටිදූවේ සාදු සමාව ගත්තේ. බොහෝ දෙනා කියනවා වගේ මමත් ඉන්නේ/හිටියේ පිටිදූවේ සාදුගේ බණ සාපේක්ෂව හොඳයි කියන මතයේ.

    //අර දකුණෙ ඈයො හින්නොය කියල කියන්නෙ// මම දන්නා තරමින් නම් හින්නො කියන්නේ කූඹි නෙමෙයි අර දිමියන්ගේ පොඩි වර්ෂන් එකේ උන්ට.

    btw, nice profile pic Ravi !

    ReplyDelete
    Replies
    1. උදය,

      අඩේ හින්නො කියන්නෙ ඔය සාමාන්‍ය කූඹින්ට නෙවෙයිද? දකුණෙ කාගෙන් හරි අහල බලන්ට ඕන...:)

      Thanks Brother....:)

      Delete
  25. //ඒ හින්ද අපි එයාල කියන එකත් අහල ජුංඩක් ඉවසල ඉම්මුකො. 
    වඩියු සේ? මොකෝ ඔහෙල කියන්නෙ? හාද?// ඉමු ඉමු. ඉවසලා ඉමු.

    ප/ලි.
    දැං මේක කියවලා ඔහේ කොම්පියුසියස් වෙන්න ඕමනා නෑ රවී අයියෙ. මේ ඔරිජිනල්ම කසුන් තමා හරිය?

    ReplyDelete
    Replies
    1. කසුන්,

      අන්න එහෙම එන්න...කමෙන්ට් එකක් කොටපුවම කියන්න අන්තිමට පලි කියල දාල මේ කසුන්මද නැත්නම් නිසි බලධාරියද කියල...;)

      Delete
  26. සැහෙන ලිපි ටිකක් මිස් වෙලා නොව. මට නම් සමන්ත බඩ්ඩ ට පොඩි මනාපයක් තියනවා. අපි වගේම කාව හරි අවුස්සල ගන්න නිසා . දැන්නම් කුම්බියෝ බලන්නම වෙනවා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...