Tuesday, May 8, 2018

580. පුවක් එෂැණිං 44 - අතේ කෝට්වූ සිරාගේ ගෝලයා, සමුලු පවත්වන මහා සන්ගරට්නේ සහ මහාචාරිය තුමාගේ යසෝදරා යන්තරේ.....

හුදු බලයම නොව දූෂණයට තුඩු දෙනුයේ බියයි.
බොහෝවිට බලය අහිමිවනවාට ඇති බියයි.

යාපාලනේ දෙවෙනි කකුලටද අන්තිමට දරාගන්ටම බැරි යකුලු පාරක් වැදුනේය. යාපාලනේ හිටගෙන හිටි කකුල් දෙක වනාහී සිරා සහ රනිල්ය. ඉන් එක කකුලකට එනම් රනිල්ට කුලුගෙඩි පාරක් වැදුනේ යාපාලන ආන්ඩුව පටංගත් අලුතමය. ඒ ගැන අමුතුවන් කියන්ට ඕනෑ නැත. ඒ කුලුගෙඩි පහර වනාහී බැඳුංකර වංචාවය.

මරාගේ සකලවිද වංචා සහ දූසන නැති කරන්නෙමැයි පරසක්වල ගසා බලයට පැමිනි සිරා ප්‍රමුක යාපාලන ආන්ඩුවට ඉන් වැදුනු දරුනු කුලුගෙඩි පහරින් පදනම් ඉරිතලා ගියේ යාපාලන ආන්ඩුවේ පමනක් නොව මිස්ටර් ක්ලීන් යනුවෙන් චිරාත් කාලයක් රනිලා ගොඩනඟාගෙන හිටි ප්‍රතිරූපයේ පදනමද ඉන් ඉතාම දරුනු ලෙස වෙව්ලුම් කෑවේය.

හැබැයි සිරා ජනාදිපති මේ හත්පොලේ ගාගත්තු ආතල් එක හින්ද උඩ පැන පැන හිනා වෙනව ඇත්තේත් වෙන කවුරුවත් නොව රනිලාමය. ඒ මොකද කියනවානං ගංසබා චන්දෙන් පොල් ලෙල්ලෝ ජයග්ගරහනිය කල ඉක්බිති රනිලාට විරුද්දව විස්වාස බංගයක් ගෙනල්ලා රනිලා එලවන්ට ඕනය කියන මහාර්ග අයිඩියාස් එක ගෙනාවේ සිරාම බව දැන් තටුදත් ආරංචි මාර්ග වලින් ඉස්තීරෙටම ඉස්තීරවී හමාරය. එහෙම කෙලිම්ම කීවේ වෙන කවුරුවත් නොව පීල් මාසල් පොන්සේකා මහත්තයාය. 

වැඩේ වෙන්ට ඇත්තේ එහෙම තමයිය කියල අපි කාගෙත් හිත්වල යම් හැකයක් වගෙ එකක් තිබ්බට අස්සයගේ කටිම්ම විස්තරේ කිව්වම ආය වෙන මොනවද නේද? 

(“Straight from the horse’s mouth”: The expression, which means reliable or on good authority, has two possible origins. The most likely is that it comes from horse-racing circles: a tipster supposedly has inside information so good that it comes straight from the horse. According to the Random House Historical Dictionary of American Slang, the expression goes back to 1917.The second possibility is that the phrase comes from the world of horse-trading, but I can find no good evidence to support it. According to this explanation, a smart buyer examines a horse’s teeth to determine its age and general health, so reliable information about the animal comes from its mouth. This, by the way, is the origin of the expression “don’t look a gift horse in the mouth” (don’t quibble about something you aren’t paying for).

සිරා ඒ කාලේ තනිකරම ඇඳගෙන හිටියේය. යූඇම්පී කාරයිං එකතුවෙලා කරපු බැඳුංකර කෙලිය නිසා උන්දැගෙය සායම ගියේ,  එයාගෙය ඇඟපුරා මඩ ගෑවුනේ , ඔන්න ඔය වගෙ නොයෙක් බයිල කිය කියා රට පුරා ගියේය. අන්තිමට සිරාම පත්කරගත්තු පරණ හීරලු පට්ට හොරෙක් කෝටි පනස් හතරක් අල්ලස් ඉල්ලා ඒක කෝටි දහයකට අඩුකොට එයිනුත් ඇඩ්ඩාන්ස් විදිහට කෝටි දෙකක් ගනිද්දී අල්ලස් කොමිසමේ අතටම අහුවිය. "කෝටිපතියෝ" ටෙලි චිත්‍රපටියේ සිංගප්පුලිගේ ලාරා කුමාර කියනවා වගේ "ආ...ආ..කොහොමද ඒක?"

ඔය අල්ලස්කාරයා ඉඩං අමාත්තියාන්සයේ ඉස්තිර ලේකං වෙලා ඉඳලා මේ ඊයෙ පෙරේදා පැන්සන් පලච්ච තක්කඩියෙකි. මිනිහා ඉඩං ලේකං වෙලා ඉන්දැද්දිත් හෙන පගා මරුවෙක් විදිහට දසත පැතිරුනු කිත් යසසිං බැබලුන බුවෙකි. එහෙව් මගෝඩියෙක් තමංගේ කාරිය මන්ඩල පොරදානියා හැටියට පත් කරගත්තේ සිරාටත් මේ ගනුදෙනු වලින් කුට්ටියක් එන නිසා දෝහෝයි ජහමනයා අතර යම සැක සන්කාවක් මතුවෙන එක වලක්වන්ට නම් කොහොමවත්ම බැරිය.

සිරාගෙම ලොජික් එක (සිරා කලින් කිව්වනෙ අර අර්ජුන මහේන්ද්‍රන් කියන හොරා මහ බැංකු අදිපති තනතුරට ගෙනාවෙ රනිල් හින්ද රනිලුත් බැඳුංකර වංචාවට වගකියන්ට ඕනය කියල. මම මේ කිව්වෙ අන්න ඒ ලොජික් එක ගැනය. ඒ ලොජික් එක වැරදිය කියල එහෙම නෙවෙයි මම මේ කියන්නෙ හොඳද? මමත් එකඟයි ඒ ලොජික් එකට සීයට දෙසීයක්) අනුව මේ කෝටි දෙකේ අල්ලස් කේස් එකට සිරාත් වගකියන්ට ඕනෑය.

හීරලුවා අල්ලස් එකෙං අල්ලපු ආරන්චිය ලැබිච්චි ගමං සිරාට උතුර දකුණ මාරුවී "ඕ මයි ගෝට්..මේ අපේ මහානාම? අපේ මහානාම?" කියා දෙපාරක්ම අහලා තියනවාය. එහෙම ඇහිල්ලෙම්ම ඒ තක්කඩියා කෙරෙහි සිරාගෙ කොහොම විස්වාසයක් තිබුනාදැයි අපිට හිතාගන්නටත් පුලුවනිය. මේ දවස්වල සිරාගෙ ගිරහයා එතරම් නෙවෙයි කොහොමත්ම හොඳ නැත. සිරාගෙ ලොකු දෝනි (ඔව්..ඔව්..අර ජනාදිපටි ටාට්ටා කියා පොතක් ලියපු අම්මන්ඩි තමාය) බාර් ලයිසං එකක් අරගෙන කියල රටපුරා ආරංචිය පැතිරුනේ මේ පහුගිය සුමානේය.

බාර් ලයිසං කියන එව්වා මංත්‍රී ගොල්ලගෙන් පටං ගත්තම එවුන්ගේ නෑදෑ හිතවත් හත්මුතු පරම්පරා හැත්ත බුරුත්තටම දෙන්ට පටං ගත්තේ අර ඉස් ඉස්සෙල්ලාම ජනාදිපති කොම කරපු ජේ. ආර්. කියන අං ගිලපු රටේ වෙදාය. බාර් ලයිසං &  බදු රහිත වාහන පර්මිට්ටෙක උන්දෑ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට දුන්නේ උංගේ කටවල් වහලා තියන්ට අල්ලස් හැටියටය. 

ආ..ජේ.ආර්. පප්පා ගැන කියනකොට තව කාරනාවකුත් නොකියාම බැරිය. අපේ චීවරදාරී මහා සන්ගරට්නේ කියන විදිහට හිංගල ජාතිය අද මේ විදිහට පවතින්නට මහෝපකාරි වූ එක් සත්ගුනවත් ජාතික වීරයෙක් නම් මේ ජේ..ආර්. පප්පාය.

ඒකෙ නිදාන කතාව මෙහෙමය. මේ පහුගියදාක විද්දත් සඟ සමුලුවද  මොකද්ද කියල එකක් චීවරදාරීන් පිරිසක් එක්කහුවෙලා පැවැත්තුවෝය. චීවරදාරීන්ය කිව්වට කිසි කෙනෙක් කලබල වෙන්ට විස්සෝප වෙන්ට උවමනා නැත. චීවරයකින් විලිවසා ගෙන සිටින්නා චීවරදාරියාය. වෙන ආය අහවල් එකක් කියන්ටද එහෙම නොකිය? මේ චීවරදාරීන්ගෙ සමුලුවේ එකම අරමුන විදායක ජනාදිපති ක්‍රමේ සංසෝදනය කරන එක නවත්තන්ටය කියල ජනාදිපති සහ අගමැතිට බලකරල කියා හිටින එකය.

ඒ ගැන ඇත්තටම කිසිම අවුලක් නැතය. ලංකාවෙ පුරවැසියො හැටියට ජනාදිපති ක්‍රමය හොඳද නරකද එතනිං ගිහාම ජනාදිපති ක්‍රමය තියාගන්න ඕනද අවලන්ගු කරන්න ඕනද කියල තමන්ගෙ අදහස් පලකරන්න ඕනම කෙනෙකුට තියන නිදහස චීවරදාරීන්ටද තියනවාය. හැබැයි එහෙම නිදහස තියන එක එතනින් ඉවරය. ඒ කියන එව්ව පිලිගන්ට ජනාදිපතිවත් අගමැතිවත් කිසිම විදිහකින් බැඳිලා නැත. කතාව එච්චරය.

මෙතන වැඩේ වෙලා තියෙන්නේ අපේ චීවරදාරී සන්ගරතනේ හිතාගෙන ඉන්නෙ සිවුර කරට දාගත්තු ගමන් ආර්තික විද්දියාව, ආන්ඩු ක්‍රමය, දේශපාලන විද්දියාව ඒ වගේ සියලු විද්දියාවල් ගැන පරතෙරටම ගිය දැනුමක් තමන්ට අනිච්චානුගව නැත්නම් ඔටෝ ලැබෙනවාය කියලාය. එහෙම නැත. අර කවුද කිව්ව වගෙ ඔය කහකඩේ ඇතුලෙ ඉන්නෙත් අපි ඔයාල වගේ ඊරිසියාකාර, තන්හාදික, කෙලෙස් මලින් පිරුනු, පුරුතග්ජන මනුස්සයෙකි. ඒ හින්ද චීවරදාරීන් කියන එව්ව ඒ හැටි ගනන් ගන්න ඕනෑම නැතය. කතාව ඉවරය. පුල්ස්ටොප්ය. පීරියඩ්ය.

අනික මේ වියගහේ මඟ, විද්දත් සන්ග සමුලුව ඔය ඔක්කොම අටවගෙන ඉන්නේ වෙන අහවල් දේකටවත් නොව අර ගොට්ටව කොහොම හරි මේ රටේ ජනාදිපති කරවන්නය. මේ සමුලුවේ කතා පවත්තපු චීවරදාරි සැට් එක ගැන සලකල බැලුවම ඒකෙ ආය හෝදන්ට දෙයක් නැතය. ගොට්ටව පත්කොරගන්ට කලියෙං විදායකේ අහෝසි කරයි කියල මේ සන්ගරට්නේ කට්ටිය පුල් අප්සැට් එකෙන් ඉන්නේය. ඒක ඉතාම පැහැදිලිය.

හැබැයි එකක් තියෙන්නෙ මේ විදායකේ අහෝසි කිරිල්ල ගැන මරා එක වචනයක් කියන්නේ නැත. එතන මට හිතෙන විදිහට හොරේ මේකය. නාමෝලාට ජනාදිපතිකම නොලැබෙනවානම් මරාට විදායකේ තිබ්බත් එකය නැතත් එකය. බැරිවෙලාවත් ගොට්ටාට විදායකේ ගියොත් එහෙම නාමෝලාට ආයම රජවෙන්ට වෙන්නේ චිච්චියාගේ රොකට් එකේ නැඟලවත් ගිහිල්ල අඟහරු ලෝකයේය. එහෙම නැතුව ගොට්ටගෙං ආය රජකම ගන්න එක බොරුය. වෙන කාටවත් වඩා හොඳට මරා ඒක දන්නවාය. ඇයි දෙයියෝසාලේ මලයා ගැන අයියා දන්නෙ නැත්තං ආය දන්නෙ වෙන මොකාද?

ආ...තව පොඩ්ඩෙං අර විද්දත් සමුලුවේ කට්ටිය ජේ.ආර්. ජාතික වීරයෙක් කරපු විදිහ ගැන කියන්ට බැරිවෙනවාය. ඒ සමුලුවේ කතා කොල එක චීවරස් කෙනෙක් ඩෙෂා වඩාලේ හිංගල ජාතිය මෙතෙක් රැකුනේ විදායක ජනාදිපති කෙරේමෙ හින්දා බවය. ඒ කියන්නෙ අර බුදු හාමුදුරුවො මරන මංචකයෙදි විස්නු දෙයියන්ටද කොහෙද සිංහල ජාතියේ ආරස්සාව පැවරුවාය කියන කතාව සම්පූර්න බොරුවක්ය. සිංහල ජාතිය මෙතෙක් ආරක්සා වෙලා තියෙන්නෙ විදායක ජනාදිපති ක්‍රමය නිසාය.

මේ කතාව අහලා ජේ. අර්. පප්පා වලේ පස් කාගෙන හිනා නොවුනොත් ඒක මහා පුදුමයකි. ඒ කියන්නෙ විදායක ජනාදිපති ක්‍රමේ පප්පා ගෙනාවේ ඔය කෙහෙම්මල් සිංහල ජාතියක් ආරක්සා කරන්ටය කියල තුං හිතකිංවත් හිතලා එහෙම නෙවෙයිය. පාරලිමේන්තුවට වග නොකියන තම හිතුමතේට කටයුතු කල හැකි ඒකාදිපතියෙක් වෙන්නට උන්දැගෙ හිතේ තිබුනු දොලදුක සන්සිඳවාගන්ටය. එකම පරමාර්තය නම් ඒකය.

ඉතිං ඔය අල්ලස් කේස්, සන්ගරට්න කේස් ඔක්කොම අහල දැකල ලේ පුච්චගෙන ඉන්න හුදීජනයාගේ පහම් සම්වේගය උදෙසා අපේ මේ සිරිලන්කාද්දීපේ ඉන්න මහාචාරියගොල්ල විඩෙන් විඩේ ඉල ඇදෙන කොමිට් කෑලි නොමිලේම සපයනවාය.  ඒ අය එහෙමයි. ඉතාම පරාර්තකාමීය. ඊට වැඩිමනත් වසයෙන් සත්ගුනවත්ය.

සතියකට වගෙ ඉස්සෙල්ල පේරාදෙනියෙ අර අමරසේකර මහාචාරිය තුමා දේවතා නාඩගමක් නැටුව. ඒකට හිනාවෙලා ඇදිච්ච ඉල බැරැන්ද යන්තම් එකලසක් වෙන්ට ඉස්සර මම හිතන්නෙ ජපුරෙ වෙන්න ඕන සමංත මාහාචාරියතුමා යසෝදරා ජවුසම නටන්ට ගත්ත. මේක ඇවිල්ල අර සුනිල් ආරි කියල ඉන්නෙ පිච්චර් ගහන මහාචාරියෙක්. අන්න එතුමාගෙ යසෝදරා චිත්තර පටිය ගැන සමංත මහාචාරියතුමා කරපු විචාරයක්ලු. ලු කියල ලු ප්‍රත්‍යය යෙදුවෙ ඒක මටනම් පේන්නෙ විචාරයක් කොහොම වෙතා අර රාජකුමාරිගෙ නහයෙ හිරවෙච්චි මල් ඇටේ පන්නන්ට ගමරාල කියපු කයිය වගෙ එකක් කියල හින්ද. මතකනෙ ඒ කවිය නේද?

ඇටිකිචි චොක්- කකුළු ඤරස්,
හාවා කළ අකල විකල,
මේ මරණින් ගැලවුනි නම්,
ආයේ නොකං බත් දංකුඩ,

ගමය ඔය කයිය කියපු ගමං රාජකුමාරිට බහ් ගාල හිනා ගිහිල්ල නාහෙ හිරවෙලා තිබ්බ මල් ඇටේ දොට්ට පැන්නලු. ඒ වගෙ අපේ සමංත මහාචාරියාගේ යසෝදරා විචාරෙත් නියමයි උගුරෙ කුකුල් කටුවක් එහෙම හිරවුනාම පොරතිකාරයක් විදිහට. එතකොට කොරන්ට තියෙන්නෙ උගුරෙ කට්ට හිරවෙච්චි එකාට කියනව මහාචාරියගෙ විචාරෙ සද්ද නඟල කියන්ටෙයි කියල. ඔක්කොම කියවන්ට ඕන වෙන එකක් නෑ කොහෙත්ම.

අර අබිරන්ජන ද මොකද්ද මන්ගල්ලෙ ගැන කියකොටම කුකුල් කටුව උගුරෙං එලියට පැනල බඹ හතරක් දුරට විසික්කා වෙනවට මෙන්න කැට. අප කරදුන් ගුරුකමක් වැරදුනේ නැත. අද්දුටුවයි සත්තයි. හරි නොගියොත් මුදල් ආපසු.....

ආ..හරි එහෙනම් මෙන්න ඒ මහානුබාව සම්පන්න විචාර රාජයා. පොන්ට් 16 ඉස්කෝල පොත අකුරිං A4 කොලයක ටයිප් කොට ඉක්බිත්තෙන් ලැමිනේට් ද කොට ඇහැක්නං රාමුත් ද කොට කෑම මේසය ඉස්සරහ බිත්තියේ එල්ලා තබන්න. උදේ සවස සනත් නන්දසිරිගේ යසෝදරා සිංදුව තුන්පාරක් ගායනා කොට වැඳ දුම් අල්ලන්න.

"හිතේ නැඟුනු කලකිරීම කුමරිය ඔබ පනමයි දැන සිටියේ පෙර සිට ය...සෝ...ද...රා... ආ..ආ..ආ...ආ…"

උගුරේ හිරවුනු කුකුල් කටු ඉවත් කිරිමට අමතරව සමංත තුමාගේ යසෝදරා යන්තර රාජයාගෙන් පවුලේ සමඟිය නැතිවීම, කබරගොයින් ගෙට ඒම, කිකිලියන් දිනකට බිත්තර දෙක දෙක දැමීම වැනි ප්‍රයෝජනයන්ද ඇත. ඔබත් අත්හදා බලා සැනසුම් සුසුමන් හෙලන්න. අවශ්‍ය පින්වතුන් / පින්වතියන්ගේ ප්‍රයෝජනය තකා මහානුබාව සම්පන්න යන්ත්‍ර රාජයා පහත ලියා දක්වමි.

"බිම්බා දේවි හෙවත් යශෝධරා චිත්‍රපටය වෛරාග්‍ය මුලික විනීත සෞන්දර්යාස්වාදයක් හා ප්‍රසාද සංවේගක් ජනනය කළ නිර්මාණයකි. යශෝධරා චිත්‍රපටයෙහි අධ්‍යක්ෂවරයා ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ අබිරජඤ්ජකත්ව සෞන්දර්යකාමියා නොවේ. අලෞකික ධර්ම මාර්ගාවතීර්ණ වූ බෞද්ධ භක්තිවන්තයාය. චිරකාල ජන පූජාර්හ වෘත්තාන්තයක් සිනමාවට රැගෙන ඒම ශ්‍රද්ධා වෑයමක් සේ සිතන කල ඊට යෝග්‍ය භක්ති සූචක ආඛ්‍යාන රීතියක් සංවාරක කොටගෙන තිබෙන්නේ ඒ නිසාය. උත්තම ගුණ ශෝභාසම්පන්න, ස්වාමි භක්තිභාරාවනත ආදර්ශ ප්‍රි‍යාවකගේ අභීෂ්ට ප්‍රේමය හා පරිත්‍යාගය පිළිබඳ රමණීය වෘත්තාන්ත කථනයකි."

සිද්දි රස්තු...........

40 comments:

  1. ඔය මහාචාරි තුමා ලන්ඩන් ආපු වෙලේ කල දේශනයක් ගැන ලියපු එකක් මේ මහැදුරු තුමාගෙන් අනාථ වුනු ලන්ඩනයේ "රස" ගුලාව
    ඔය මහාචාරි තුමා ලන්ඩන් ආපු වෙලේ කල දේශනයක් ගැන ලියපු එකක් මේ -
    සමහර වෙලාවට එහෙම භාෂාවෙන් ලියන්න ඕනේ තැන් තියනවා මම හිතන්නේ , ඒත් යසෝධරාවතට ඒක අදාලද කියනන් දන්නේ නැහැ.

    සිරා ගැන නම් කියන්නේ තියෙන්නේ අනාථයි.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      /සමහර වෙලාවට එහෙම භාෂාවෙන් ලියන්න ඕනේ තැන් තියනවා මම හිතන්නේ , ඒත් යසෝධරාවතට ඒක අදාලද කියනන් දන්නේ නැහැ./

      මම හිතන්නෙ මොන භාෂාවෙන් කොහොම ලිව්වත් වැඩක් නෑ සාමාන්‍ය මනුස්සයෙකුට පහසුවෙන් තේරෙන්නෙ නැත්නම්.

      මම එහෙම කිව්වෙ මෙතුමා මේ ලියල තියන ශාස්ත්‍රීය බහුශ්‍රැත විචාරය උනත් පොඩ්ඩක් වෙලාව ගත කරල කියෙව්වොත් තේරුම් ගන්න අමාරු නෑ. ඒත් මොකටද එහෙම මහන්සි වෙන්නෙ?

      එහෙම සරල භාෂාවෙන් නැතුව මේ වගෙ විදග්ධ භාෂාවකින් ලිව්වයි කියල එතුමාටවත්, සුනිල් ආරියරත්න මහත්මයාටවත්, යශෝධරාවටවත් සිදුහතුන්ටවත් ඒ චිත්‍රපටයටවත් වෙන සෙතක් නැහැනෙ මේ ගැන හාංකවිඩියක් නොදන්නා අහිංසක මෑණියන්දෑ කෙනෙක් නිරපරාදෙ බැණුම් අහනවා මිස...

      මෙහෙම ලිව්වනම් වැඩේ ඉවරයිනෙ...හෙහ්..හෙහ්...

      "බිම්බා දේවී හෙවත් යශෝධරා චිත්‍රපටය විරාගය මූලික වුනු විනීත සෞන්දර්යමය ආශ්වාදයක් සහ එමෙන්ම පහන් සංවේගයක් ඇතිකරවූ නිර්මාණයකි.යශෝධරා චිත්‍රපටයෙහි අධ්‍යක්ෂවරයා වනාහී ස්ත්‍රී පුරුෂ ප්‍රේමය උත්කර්ෂයට නඟන්නාවූ රසවතෙකු නොවේ. ඔහු වනාහී ලෝකෝත්තරවූ ධර්ම මාර්ගයට එළඹි බෞද්ධ භක්තිවන්තයෙකි.

      චිරාත් කාලයක් පොදු මහජනයා අතර අනුපම භක්තියට බඳුන්වූ වෘත්තාන්තයක් සිනමාවට නැඟීම මහත් ශ්‍රද්ධා සම්පන්නව ඉටුකල යුතු සද්කාර්යයක් යැයි සිතා ඊටම උචිත භක්ති පූර්වක රීතියක් ඒ උදෙසා යොදාගනුයේ එහෙයින් බව ඉතා පැහැදිලිය.

      යශෝධරා චිත්‍රපටය වනාහී උත්තම ගුණයෙන් සපිරි අසමසම පති භක්තියෙන් හදවත පුරවාගත් ආදර්ශමත් භාර්යාවකගේ නොනැසෙන සෙනෙහස සහ උත්තම පරිත්‍යාගය පිළිබඳව රමණීය වෘත්තාන්තයක් වනුයේ එහෙයිනි."

      Delete
    2. යහපාලන සක්කිලියෝ, උඹ හිතුවද හැමෝම ලියන්න ඕනේ උඹ ලියන විදිහට කියල. උඹට ඒ හරබර වචන තේරුනේ නැති වුනාට තේරෙන් එවුන් ඉන්නවා. මෙන්න මේ නහින දෙහින කාලේ පැත්තකට වෙලා හිටපන් නිකන් පුක දෙන්නේ නැතුව.

      Delete
    3. //මෙහෙම ලිව්වනම් වැඩේ ඉවරයිනෙ
      සිංහලයේ ලෙවෙල් මතක් වුනා බෝගේ ලිවිල්ල දැක්කම
      මතකද මනෝරත්නයන්
      https://www.youtube.com/watch?v=s3YGrbwLivo

      Delete
    4. Sira,

      ඒක මරුබං ..බොහොම ස්තූතියි...

      මනෝ කියන්නෙ ආය මොනවද...මම දන්න කාලෙ ඉඳල සම්මාන ආචාර්ය උපාධි ලැබුනු අයගෙන් ඒ වගේ ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට ණය නැහැ කියල කට පුරා කියන්න පුලුවන් එකම මනුස්සය...

      Delete
  2. අඩා ඒක මරු මන්තරේ.අනාගත ආරක්සාව ගැන හිතලා වෙන්නැති මැදදී ඇත්තම කියල තීනවා :-)
    //චිත්‍රපටයක්‌ ලෙස මෙම කෘතියෙහි සිනමානුරූපී ව්‍යක්‌තිය සොයන්නකු මෙමගින් සංතෘප්ත නොවුණහොත් එය පුදුමයක්‌ නොවන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. Siribiris,

      /චිත්‍රපටයක්‌ ලෙස මෙම කෘතියෙහි සිනමානුරූපී ව්‍යක්‌තිය සොයන්නකු මෙමගින් සංතෘප්ත නොවුණහොත් එය පුදුමයක්‌ නොවන්නේ එබැවිනි./

      මට තාම මෙතුමාගෙ මේ විචාරය සම්පූර්ණයෙන් කියවන්න ලැබුනෙ නෑනෙ. වත් පොතේ එහෙ මෙහෙ පල කරල තිබ්බ මම ඔය උපුටල දක්වල තියන කොටස විතරයි දැක්කෙ. සම්පූර්ණ ලිපියට ලින්ක් එකක් තියනවනම් දාහංකො හොඳ එකා වාගෙ...:)

      Delete
    2. අභිෂ්ට ප්‍රියාවකගේ ප්‍රේමය
      http://divaina.com/sunday/index.php/visheshanga1/3526-2018-04-26-05-57-80
      මේං බොස් බෝ කියපු විදියටම ෆ්‍රේම් කොරල තියාගන්න වටිනවා

      Delete
    3. සිරා,

      අප්පට සෝරු යකෝ සම්පූර්ණ විචාරෙ කියෙව්වම මයිල් කොයිල් වෙනව නෙව..කිව්වත් වාගෙ රාමු කොරල තියාගන්න වටිනවනෙ....

      මෙවන් මහාචාර්යවරුන් ශිල්ප දානයෙහි නිරතවන විශ්ව විද්‍යාලයන්හට අනෝරා වර්ෂාවකදී හෝ ගොඩවීමට සිදු නොවීම අපගේ මහත්මැ භාග්‍යයෙක් බව උදක්මැ හඟිමි.

      Delete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_28.html

    ReplyDelete
  4. නෑ නෑ. සමන්ත තුමා ජපුර නෙවෙයි රවී තුමනි. කොලඹ සන්නිවේදනයේ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      අහ්..එහෙමද? ඔය තරමට සුනිල් ලොක්කගෙ සට්ටඹියෙක් වෙලා ඉන්න හින්ද මම හින්ද ජපුරේ කියල...:)

      Delete
  5. ජේ ආර් සුද්ද කරන්න ගිහින් රවියගෙන් කන්න වෙනව කියල දන්නව වුනත් ඔය දේශපාලුවන්ට බාර් දුන්නේ උන්දෑ නෙමේ. ඒක මම හොඳටම දන්නේ කොහොමද කියල දන්න අය දන්නවා. 1994 වෙනකම් බාර් කලේ අවුරුදු බර ගනනක් කරපු අයමයි. 1994 දි චන්ද්‍රිකා තමයි එයාගෙ මන්ත්‍රී ලට බාර් ලයිසන් දෙන්නත් පරණ අයගේ ඒවා අවලංගු කරන්නත් පටන්ගත්තේ. ඒකට නඩුත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. //ඒක මම හොඳටම දන්නේ කොහොමද කියල දන්න අය දන්නවා.// මාත් දන්නවා :-D

      Delete
    2. ඈ... ඒ කියන්නෙ ඉයන්ටත් බාර් ලැයිසමක් තියේද?

      Delete
    3. නෑ, Praසන්ன එහෙම එකක් නම් නැහැ. මේ ක්ශේත්‍රයට සම්බන්ධ තැනක රැකියාව කලා.

      Delete
    4. අජිත් දන්න බව මාත් දන්නවා. :)

      Delete
    5. Ian,

      /ජේ ආර් සුද්ද කරන්න ගිහින් රවියගෙන් කන්න වෙනව කියල දන්නව වුනත් / Ha..ha..ha

      /1994 දි චන්ද්‍රිකා තමයි එයාගෙ මන්ත්‍රී ලට බාර් ලයිසන් දෙන්නත් පරණ අයගේ ඒවා අවලංගු කරන්නත් පටන්ගත්තේ. /

      Ok boss I stand corrected...:)

      Delete
    6. අනේ පලයන් ඉයන් යන්න, උඹ හිතුවද අපිත් තෝ වගේ ඔටුවෙක් කියල. ජේ ආර්. බාර් ලයිසන් බෙදුවේ නැත්නම්, 1978 ඉදන් පිළියන්දල බාර් එක ජාතික සේවක සංගමයේ සබාපති වෙලා හිටපු සිරිනාල් ද මෙල්ට අයිතිවුණේ.කොහොමද.

      Delete
    7. ආ බං ඇනෝ ඔය මෙල් උන්නැහ්හේ දැන් ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් නේද ?

      Delete
  6. ඒකනං මරු මන්තරේ ඕයි. ඒක කයවල ඊයෙ රෑ කාපු චිකන් කෑලිත් එළියට පැන්න.

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද පැන්නේ

      Delete
    2. ප්‍රසන්න,

      යකෝ ඔය ලාබෙට තියන කුකුල් මස් කන්ට එපා බොල.. මේ දවස්වල ආයම කුරුලු උණ පැතිරෙනව...

      නැත්තං අර කටුස්සට වගෙ උඹටත් වත් පොතේ දාල සෝක ප්‍රකාස ලියවගන්ටයි වෙන්නෙ...අනික උඹ ඇවිල්ල සබාපති....

      Delete
  7. ජේ ආරුත් දේවතාවෙක්වෙලාද? මොන යුනි එකෙන්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ආ...පප්ප ජපුරෙ..ඉයන් එහෙම දැකලත් තියනව...

      "ජේ.ආරයෝ දසත එකාළෝක කරවනා දීප්තිමත් රශ්මි කදම්බයන් නිකුත් කරමින් දැවැන්ත න්‍යග්‍රෝධ වෘක්ෂය මතුයෙහි විරාජමානව සිටිනු අප හිතවත් ඉයනාභිධාන මහා පුරුෂයෝද සිය නේත්‍රා යුග්මයෙන් මනා සේ දර්ශනය කොට ඇත්තාහ."

      Delete
  8. ඔය විචාර රාජය ගැන ආරංචි උනාට කියවන්න ලැබුණේ නෑ. ලිංක් රාජයෙක් නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. හැලප,

      අනේ බං මමත් දැක්කෙ ඔය දාල තියන කොටස විතරයි. උඩහ අර සිරිබිරිසනම් මට පේන්නෙ ෆුල් විචාරෙ කියවල තියන හැඩයි.මම ඌට කිව්ව ලින්ක් එකක් තියේනම් දාපිය කොල්ලො කියල...බලමු..

      Delete
  9. මට මේ ළඟකදි අපේ ට්‍රාන්ස්පෝට් ඔපිසර කියනව, බාගදා ඔය සිරා ඔය විදිහට නටන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ වලපල්ලටම යවල ගෝටව උඩට ගේන්ඩ ගහපු ගේමක් අනුව වෙන්ඩැති කියල. සමහරවිට 2015 ජනවාරි 08 වෙච්ච පෙරළිය, ඒ අවදියෙ රටේ ආර්ථිකේ වළපල්ලට යමින් හිටපු වෙලාවෙ, මහරජාට ආයෙ කොහොමත් ජනාධිපති වෙන්ඩ බැරි එකේ, ටික කාලෙයක් මන්ත්‍රී විදිහට ඉඳල ආපහු ඇවිත් බලේ අල්ලන්ඩ කොරන නාඩගමක් වෙන්ඩ බැරි නෑ මේ රඟදක්වන්නෙ. ඒ හංදා වෙන්ඩැති රනිල හොරු අල්ලන්නැත්තෙ. සිරා චාටර් වැඩ කප්පරක් කර කර කුජීත වෙන්නෙ... ආදී වශයෙන්

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      /2015 ජනවාරි 08 වෙච්ච පෙරළිය, ඒ අවදියෙ රටේ ආර්ථිකේ වළපල්ලට යමින් හිටපු වෙලාවෙ, මහරජාට ආයෙ කොහොමත් ජනාධිපති වෙන්ඩ බැරි එකේ, ටික කාලෙයක් මන්ත්‍රී විදිහට ඉඳල ආපහු ඇවිත් බලේ අල්ලන්ඩ කොරන නාඩගමක් වෙන්ඩ බැරි නෑ මේ රඟදක්වන්නෙ./

      මම හිතන්නෙ නෑ බං..මරා කියන මනුස්සයගෙ තියන බල ලෝභිත්වය ගැන හිතල බැලුවම එක මොහොතකටවත් තමන්ගෙ අතේ තියන බලය වෙන කෙනෙකුට දෙයි කියල හිතන්නනම් බෑ. විශේෂයෙන්ම පිට මිනිහෙකුට. එහෙම තියා තමන්ගෙම සහෝදරයෙක් බලයට එනවට උනත් ඔය මිනිහගෙ කිසිම කැමැත්තක් නෑ කියලයි මට නම් පේන්නෙ.

      Delete
  10. රටේ තිබ්බ අවශ්‍යතාවය අනුව ඒ වෙලේ සිරා දින්නට ආයෙමත් නම් උන්දැට දිනන්න බැහැ.දීපු පොරොන්දු ඉටුකරලා ඉන්නේ නැතුව තණ්හාවට පක්ෂයක් බදාගෙන රටටම කොඩිවිනයක් උනා අන්තිමට.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඔබ හා එකඟයි..සිරා ආය කොහෙ දිනන්ටද? ආය දිනන්ටනම් මේ අවුරුදු දෙක ඇතුලත රටේ පාලන ක්‍රමය තනිකරම කණපිට ගහල වැඩ පෙන්නන්ට වෙනව.. මම හිතන්නෙ නෑ මනුස්සයට එහෙම දෙයක් කරන්ට කොන්දක් තියනවය කියල...

      Delete
    2. බලාගෙන හිටපල්ලා උඩු යටිකුරු කරනකම්, යහපාලන සක්කිලි

      Delete
  11. සිරා මහතා 2025 වෙනකං ඉදායක ජනාදිපති ... මං කියන එකක් නෙවෙි එයැයිමයි කිව්වේ

    ReplyDelete
    Replies
    1. සීජේ,

      හෙහ් හෙහ්..එයාම කිව්වද? එහෙනං ඇත්තම වෙන්න ඇති....:)

      Delete
  12. යහපාලන සක්කිලියෝ, උඹ හිතන්නේ උඹගේ පොන්න රනිල් 2020දි ජනාදිපති වෙයි කියලද? පුක තමයි!

    ReplyDelete
  13. ඔක්කොමත් හරි අර විචාරෙත් හරි... අප්‍රමාණ ලෞල්‍යයයි...

    (මොකක් ද බං රවියෝ ලෞල්‍යයයි කියන එකේ තේරුම..)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...