Sunday, June 10, 2018

588. පුවක් එෂැණිං 46 - මහා රෙකියුස් නාඩගමෙන් ශ්‍රී ලංකා අධිකරණය ජාත්‍යන්තර කීර්තියට....


සාමාන්‍ය මහජනයා ඉදිරියේ ගාම්භීරව කටයුතු කරන
විනිසුරන් බලවතුන් ඉදිරියේ බියපත්ව සැඟවෙන
අයුරු දැක්වෙන කාටූනයකි.
Daily Mirror Cartoon By Namal Amarasinghe

තර්ක සාස්තරේ තියනව "Syllogism" කියල යම් තර්කානුකූල නිගමනයකට එළඹෙන ක්‍රමවේදයක්. ඒකෙදි කරන්නෙ සත්‍යය බව හොඳින්ම දන්නා ප්‍රමේයයන් (Propositions) දෙකක් ඇසුරින් නිගමනයකට එළඹීමයි.

 It goes somewhat like this….

For example, knowing that all men are mortal and that Socrates is a man, we may validly conclude that Socrates is mortal. Syllogistic arguments are usually represented in a three-line form:

All men are mortal.
Socrates is a man.
Therefore, Socrates is mortal.

ඒ කියන්නෙ මෙහෙමයි...

සියළු පුරුෂයෝ මියයයන්නෝය. 
සොක්‍රටීස් වනාහී පුරුෂයෙකි. 
එබැවින් සොක්‍රටීස් ද මියයන්නේය.

ඔන්න ඔහොම තමයි අනාදිමත් කාලෙක ඉඳල ඉස්කෝලවල තර්ක ශාස්ත්‍රය උගන්නන්නෙ. ළමයින්ට එපාවෙනව ඉතිං. එහෙම නෙවෙයිනෙ. අලුත් ක්‍රම සහ විධි යොදාගන්ට ඕන ළමයින්ට හිතට කාවදින විදිහට උගන්නන්ට. 

ඒ අතින් අපේ අධ්‍යාපන ඇමතිතුමා සිරා පොරක්. අර හුළඟෙන් ඒඩ්ස් බෝවෙනව කියල එක පාරක් ඔලුවෙ ඉඳල නාගත්ත තමයි. ඒත් ඒ මනුස්සය ඔය කැබිනට් එකේ ඉන්න බහුතරයක් වයසක හාල් කෑලි වගේ නෙවෙයි වැඩක් කරන්න හදනව කියල පේනව. මේ ඊයෙ පෙරෙයිද අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු නිවේදනයක්.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කල යුතු බවට ගරු අධ්‍යාපන ඇමතිතුමා තීරණය කොට ඇත. ඒ අනුව ඉගැන්වීමේ ක්‍රමවේදයද වර්තමාන කාලයට ගැලපෙන අයුරු සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇත. උදාහරණයක් වශයෙන් තර්ක ශාස්ත්‍රය ඉගැන්වීමේදී ඉතා දිගු කාලයක සිට යොදා ගන්නා "සියළු මනුෂ්‍යයෝ මරණයට පත් වන්නෝය. සොක්‍රටීස් ද මනුෂ්‍යයෙකි. එබැවින් සොක්‍රටීස් ද මරණයට පත් වන්නේය." යන තර්කන විධි ක්‍රමය වෙනුවට වර්තමානයට වඩාත් ගැලපෙන පහත සඳහන් තර්කන විධි ක්‍රමය යොදා ගනු ඇත.

"සියළු මනුෂ්‍යයෝ මරණයට බිය වන්නෝය. විනිසුරුවරු වනාහීද මනුෂ්‍යයෝය. එබැවින් විනිසුරුවරුද මරණයට බිය වන්නෝය."

*************
ටං... ටිං.... ටුං....
****************

රජයේ ප්‍රසම්පාදන අයදුම්පත් කැඳවීමයි

වැලිකඩ බන්ධනාගාරයෙහි ඉදිරිපස තාප්පයෙහි "සියළු සිරකරුවෝද මනුෂ්‍යයෝය" යනුවෙන් විශාල අකුරින් ලියා ඇති ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වටා ඇති තාප්පයේද අඩි 3 ක ප්‍රමාණයේ අකුරින් "සියළු මනුෂ්‍යයෝ මරණයට බිය වන්නෝය. විනිසුරුවරු වනාහී ද මනුෂ්‍යයෝය. එබැවින් විනිසුරුවරුද මරණයට බිය වන්නෝය." යන්න ලිවීම සඳහා ප්‍රසම්පාදන කැඳවනු ලැබේ.

අවශ්‍ය අයදුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි වෙතින් ලබාගත හැක.

*************
ටං... ටිං.... ටුං....
****************

විදෙස් විනිසුරුවරුන් ගෙන්වීමේ කුමන්ත්‍රණයට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විනිසුරුවරුන්ද සම්බන්ධ යැයි සහේතුක සැකයක් මතුවන බව මේ අතර ශ්‍රී ලංකා බාර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පසුගිය මරා පාලන සමයේ ප්‍රථම සොහොයුරු (First Bro) ලෙස කටයුතු කල අමරිකානු පුරවැසි සහ විපත් මඟෙහි ගරු සබාපතිතුමා තමන්ට චෝදනා එල්ලවී ඇති හොර මැර තක්කඩිකම් පිළිබඳ පරීක්ෂණයන්ට කේසර සිංහ රාජයකු මෙන් ඉදිරිපත්ව තම නිර්දෝෂී භාවය ලෝකයා ඉදිරියේ සනාථ නොකොට සුපිරිං කෝට් එකේ නඩුකාරයින්ගේ ලෝගු අස්සේ රිංගමින් නටන නාඩගම නැවැත්වීමට තබා ඒ සඳහා තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමින් ඔහු ඉදිරිපත්කොට ඇති පෙත්සම විභාග කිරිමට පවා කොන්දක් නොමැතිව ශ්‍රේස්ටාදිකරන විනිසුරුවන් එකා පසුපස එකා වැලනොකැඩී පෙත්සම් විභාගයෙන් තමන් රෙකියුස් (Recuse = නඩුවක් විභාග කිරීමෙන් ඉවත්වීම) කොට ගැනීම වනාහී මේ කුමන්ත්‍රණයේම කොටසක් බව ශ්‍රී ලංකා බාර් සමාගමේ ගරු සබාපතිතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

මෙසේ එකා පසුපස එකා සුපිරිංකෝට් නඩුකාරයින් සියල්ලන්ම රෙකියුස් වුවහොත් විපත් මඟේ ලොක්කාට විරුද්ධව ඇති හැටහුටාමාරක් චෝදනා විබාග කරන්නේ කෙසේද යන්නද ජහමනයා හන්දි හන්දි ගානේ රැස්වී විටකමින් චුයිංගං හපමිං සාකච්චා කරති.

*************
ටං... ටිං.... ටුං....
****************

Recuse යන වදනට මෙතෙක් සුදුසු සිංහල වදනක් නොවූ අතර වර්තමානයේ ඒ වදනට මුවාවී නඩුකාරයින් නටනා නාඩගම් අනුව ඒ සඳහා පහත වදන සුදුසුයැයි බාසා විකාරදයෝ සඳන් කරති.

Recuse = අපෘෂ්ඨවංශික විනිශ්චයකරුවන් මරබියෙන් වෙව්ලමින් බැන්චිය අස්සේ සැඟවීම

ස්‍රේස්ටාදිකරනයට මින් මතු නඩුකාරයින් බඳවා ගැනීමේදී ඔවුන්ගේ කශේරුකාව නිරුපද්‍රිතව අනම්‍ය ලෙස පවතින බවට විශේෂඥ වෛද්‍යවරයකු සහතික කල ඇක්ස්-රේ සටහනක් අයදුම්පතට අමුණා ඉදිරිපත් කලයුතු බවට කොන්දේසියක් පැනවිය යුතුද යන්න නීති සේත්‍රයේ කතා බහට ලක්වෙන බවද මේ අතර වාර්තා වේ.

*************
ටං... ටිං.... ටුං....
****************

(ටෑවු... ටැවු….. ටැවු…. ටෑවු…. ටැවු…. ටැවු... ටෑවු…. ටැවු... ටැවු…. ටෑවු…. ටැවු... ..ටැවු... ටා…..)

"ප්‍රියාදර නරඹන්නනි, මෙන්න අදත් ඔබ වෙනුවෙන්..මේ ඔබද මිලියනපති…මමද මිලියනපති…"

"අද අප පළමුවෙන්ම තරඟයට කැඳවන්නේ කොට්ටුකච්චියේ සිට පැමිණි උන්මාදනී සර්වභක්ෂණී.....එන්න උන්මාදනී…"

"හරි අපි එහෙනම් තරඟයට අවතීර්ණ වෙමු...මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්ණය….."

(ටැවුටු...ටැවුටු..ටැවුටු..ටැවුටු...ටාං)

"ඔබ දන්නවා අපේ රටේ විනිසුරුවරුන් කිහිපදෙනෙක්ම පසුගිය දවස්වල තමන් ඉදිරියේ විභාග වීමට නියමිත නඩුවකින් ස්වේච්ඡාවෙන්ම ඉවත් වුනා. ඒ සඳහා බලපෑවේයයි ඔබ සිතන්නේ පහත හේතුන් අතරින් කුමක්ද?"

1. තමන් පත්කලේ හිටපු ජනාධිපතිතුමා බැවින් ඔහුට කෘතඥ වියයුතු යැයි ඔවුන් අදහස් කිරීම. 

2. තමන්ගේ හෘද සාක්ෂිය අනුව නිවැරදි තීරණය ප්‍රකාශ කළහොත් මරණ තර්ජන එල්ල වේයයි යන බිය. 

3. නඩු විභාගයෙන් ස්වේච්ඡාවෙන් ඉවත්වන ලෙස ඉල්ලා යමෙකු විසින් යම් මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීම.

4. මුහුණු පොතෙහි නිරතුරු වසනා Hon. Netizen ලාට සති කිහිපයක් තළු මරමින් කතා කිරීමට සහ පෝස්ට් ලිවීමට අගනා මාතෘකාවක් සපයා දීම.

*************
ටං... ටිං.... ටුං....
****************

ශ්‍රී ලංකා අධිකරණය ලෝක අධිකරණ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් පිහිටුවා ඇති බව පුවක් එසැණින් ඔබ වෙත දන්වා සිටිනුයේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් හද පිරි බක්ත්‍යාදරයෙනි.

මෙතෙක් ලෝක අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක් විභාග කිරීම ප්‍රතික්ෂේප කොට ඉවත්වී ඇති වැඩිම විනිසුරන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළොම්බියාවෙනි. ඒ කොළොම්බියාවේ "කොකේන් රජු" වශයෙන් කුප්‍රසිද්ධ පබ්ලෝ එස්කොබා මහතාට එරෙහි නඩු විභාගය අතරතුරදී විනිසුරුවන් තිදෙනෙක් ස්වේච්ඡාවෙන් ඉවත්වීමෙනි. පසුගියදා විපත්මඟ සබාපතිතුමාගේ පෙත්සම් විභාගයෙන් සතරවන විනිසුරු වරයාද ඉවත්වීමෙන් ශ්‍රී ලංකාව නව වාර්තාවක් පිහිටුවා ඇත.

ඒ සඳහා මහත් කැපවීමකින් තම නොමසුරු දායකත්වය සැපයූ අතිගරු විනිසුරුවරුන් සිව් දෙනාට ජාතියේ උත්තමාචාර පිදීමේ උළෙලක් පැවැත්වීමට විපත්මඟ සංවිදානය සහ ශ්‍රී ලංකා බාර් සමිතිය එක්ව කටයුතු යොදා ඇත.

22 comments:

  1. ජහපාලන සක්කිලියෝ, තොපිලගේ ජහපාලන ආණ්ඩුව මහා බැංකුව කඩලා ගූ හත් පොලේ ගගෙන්න ඉන්න කොට මේවා මොනවද යකෝ.

    අර රංගේ බල්ලාගේ පුතා මිනි මරලා බේරිලා ඉන්න කොට තොපිලගේ බ්ලොග්වල හුලන් ගිහිලද තිබ්බේ!

    ReplyDelete
  2. කමෝන් ඇනෝ
    මර්වින් සිල්වා මිනිසුන් ගස් බැඳලා තිබුණු ඒක ගැන මේ ඇනෝගේ අදහස් මොනවද?

    ReplyDelete
  3. අර .....ල් පුතා මිනි මරලා බේරිලා ඉන්න කොට තොපගේ හුලන් ගිහිලද තිබ්බේ!

    ReplyDelete
  4. මම මේකට කොමෙන්ට් දැමීම ප්‍රතික්ෂේප කරනව.

    ReplyDelete
    Replies
    1. සභාපතියා බෑ කියනවනම් අපිටත් බෑ.

      Delete
    2. ප්‍රසන්න,

      උඹ ඒපාර උඹත් නඩ්ඩෙක් කියලද හිතාගෙන ඉන්නෙ?

      Delete
  5. මේකටත් කොන්දක් තියන බ්ලොග් කරුවන් අවශ්‍ය කර තිබේ

    ReplyDelete
  6. // ශ්‍රී ලංකා බාර් සමාගම// හපොයි

    ReplyDelete
  7. “I wonder how much the general population of this country know that the legal system has far more to do with playing a good hand of poker than it does with justice.”
    ― Jodi Picoult in "My Sister's Keeper"

    ReplyDelete
    Replies
    1. funny that it comes from a fucking so called lawyer!

      Delete
    2. “It is a pleasant world we live in, sir, a very pleasant world. There are bad people in it, Mr. Richard, but if there were no bad people, there would be no good lawyers.”
      ― Charles Dickens

      Delete
    3. Pra,

      "The first thing we do, let's kill all the lawyers"

      - Dick The Butcher in William Shakespeare's Henry VI

      Delete
  8. මිනිස්සු මේ සිදුවීම දිහා බලලා හරි තේරුම් ගන්න ඕනේ බලය නැති මිනිහෙක්ට පවා නඩුකාරයෝ මෙච්චර බයයි නම් මේ වගේ භිෂකයෙක් බලයට ආවොත් කොයි වගේ තත්වයක් ඇති වෙවිද කියලා ?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අන්න ඒකනෙ බං...ඒක තේරෙන්නෙ නෑනෙ මේ මෝඩයින්ට...:)

      Delete
  9. 19 වෙනි සංශෝධනේ දිගටම තිබුණොත් ගෝටට ජනාධිපති වෙන්ඩ බෑ. අගමැති වෙන්ඩත් බෑ. ඒකට ඇමරිකාව උන්දැගෙ පුරවැසිභාවය අහෝසි කරන්ඩ ඕනෙ. ඇමරිකාවට මූ එක්ක ගිවිසුමක් නැත්තං ඒක කරන එකක් නෑ මොකද, යුධ අපරාධ ගැන ලංකාව අල්ලගන්ඩ තියෙන එක තුරුම්පුවක් ඒක. මං හිතන්නෑ ට්‍රම්ප් ඒක අතාරියි කියල.

    ඉතිං උඹට තේරෙන විදිහට, මොකද්ද මේ හොරණෑ පිඹිල්ලෙ තේරුම ලොකු අයියෙ?

    ReplyDelete
    Replies
    1. /// ඉතිං උඹට තේරෙන විදිහට, මොකද්ද මේ හොරණෑ පිඹිල්ලෙ තේරුම ලොකු අයියෙ? ///
      ++++++++++++++++

      Delete
    2. Drackey,

      /මං හිතන්නෑ ට්‍රම්ප් ඒක අතාරියි කියල. /

      ට්‍රම්පච්චිගෙ වැඩ ගැන විස්වාසය තියන්න බෑ.ඔය යකා ඒ වෙලාවට මොනව කරයිද කියල දෙයියො තමයි දන්නෙ...අනික ඒ වගෙ මනුස්සයෙක් කෙරෙහි විස්වාසය තියල රට ඉදිරියෙ තියෙන මේ භයානක අනතුර ගැන මොකවත් නොකර ඉන්න එක බොහොම අවදානම් සහගතයි පුතා..තේරුණෙයි?

      අන්න ඒ හින්දයි නන්දසේනය රේස් එක පටන්ගන්න ඉස්සෙල්ලම මිනිහට ගහල වට්ටන්න ඕන...

      අපි මහම කරුමක්කාර ජාතියක් බං.... අර කුවේනිගෙ සාපෙ තමයි...

      වැඩේ කියන්නෙ අපි එකෙක් එලෙව්වම ඊට වඩා දරුණු එකෙක් එනවනෙ ඒ වෙනුවට...ඉස්සෙල්ල ප්‍රබාකරන් යකා ආව. ඌව එලවල ගෙන්න ගත්තෙ ඌටත් වඩා භයානක රාස්සයෙක් .. ඒ කිව්වෙ මරා..යන්තං මරා එලවගත්තයි කියමුකො. දැං එන්න හදන්නෙ පරාස්සයෙක් :(

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...