Friday, November 23, 2018

618. පොඩි කුමාරිහාමිගේ වලව්වේ මතක - 5 - බූරා මලයාගේ ඉංගිරිස් පංතිය නොහොත් A Security Breach Of Category One Status…


තවම නෑ බොලල්ලා මොකවත් ලියන්ට හිතට නිස්කාන්සුවක්……

මේ දවස්වල රාජකාරි කටයුතු එමටයි. Totally Stressful Situation එකක තමයි වැඩ කරන්ට වෙලා තියෙන්නෙ.ඒ හින්ද ටිකක් ඔහෙ එකලාසයක් වෙනකල් අදත් දාන්නං පොඩ්ඩිගෙ වලව්වෙ ඒ කාලෙ ලියපු එකක්…

මම දන්නව මම දන්නව ඝාතකයගෙ කතාව ඉවර කරන්ට තියනව....එතනින් ගිහාම අනන්‍යා දැරිවිත් අර පැත්තක ඉඳගෙන මාව කන්ට වගෙ බලා ඉන්නව... ඊට අමතරව වාං පතුල් කතාත් බරගානක් තියනව. ඒත් දෙයියනේ ඔය විසිවිත්තර ඔක්කොම කොරන්ට ඉන්නෙ මේ තනි මම විතරක් නෙව.

පහුගිය බදාදට ඒ කිව්වෙ දාහතර වෙනිදට මට පණස් පහක් උනා. ලංකාණ්ඩුවෙ නීති රෙගුලාසි අනුවනම් විශ්‍රාම යන වයස. ඒ කියන්නෙ ආණ්ඩුවෙ පිළිගැනීම අනුව මනුස්සයෙක් ඊට පස්සෙ කරන්ට ඕන දොළහ වෙන්ට කලියෙන් වතුර හට්ටියක් උණු කරල නාල වෙලපහින් බත් කාල හවහට බණ බාවනාවක් කාරිය කරගෙන ඉඳල වේලපහිං නින්දට යන එක..හෙහ්..හෙහ්..ඒත් ඉතිං අපි තවම වැඩ...

හරි හරි අර දුලීකා මාරපන මොකක්ද මේ රෙදි හෝදන කුඩු ඇඩ් එකක කිව්ව වගෙ කතා ඇති...එහෙනම් මෙන්න මම කාලෙකට ඉස්සර පොඩි කුමාරිහාමිගෙ වලව්වෙ ලියපු ඒ සටහන...

*********************************

ඔන්න පහුගිය දෙතුං දොහේම මට තිබ්බා දුර බැහැර යන්ඩ බොහෝම බරපතල රාජකාරි වගේකට. මේ අද තමයි ඔන්න ආපහු එන්නෙ.... රෑත් උනා... කාරියක් නැහැ... වලව්ව පැත්තෙ ගෙහුං පොඩි කුමාරිහාමිගෙ දුක සැප බලාලම ගෙදර ගියා නං හරි...ඒ ඇත්තිගෙ මූණ කට දැක්කෙත් නැහැ නෙව මේ ටික දොහේම... හිතටත් මහ නිකං මොකද්ද මොකද්ද වාගෙ...

ඈ?????....මේ මොකෑ බොල මේ? වලව්වෙ මහ ගේට්ටුව වහදාල. තඩි ඉබ්බෙකුත් දාල. මක්කද මේ දැන්නීමකුත් අලෝල….

High Security Zone
Access Strictly Prohibited
Trespassers will be Shot Without Warning
Survivors Would be Shot Again Repeatedly

අනේ මංදා,,, ඉංගිරිස් ඔලිං නෙව තියෙන්නෙ... වලව්වට දැං එන්නෙ හුද්දොද මංදා මේ දැන්නීං ඉංගිරිස් ඔලිං ගහන්නෙ. මේකෙ මක්ක කියනවද මංදා. මේක තේරුං ගන්ඩ එක්කො අපෙ ලොකු ඉස්කෝල මහත්තය මෙතෙන්ට එක්කං එන්ඩ වෙයි. නැත්නං මේ බෝඩ්ඩෙක ගලෝල ගුරු නිවාසෙට ගෙනියන්ඩ වෙයි. මේ ගොම්මං යාමෙ ඔය දෙකම කොරන්ඩ බැහැ නෙව....

ඔය ගේට්ටු වහදාල තිබ්බට මම දන්නව නෙව ඇතුල් වෙන විදිහ... අර තාප්පෙ අයිනෙ හැදිච්ච බෙන කොස්ගහට නැග ගත්ත නම් හෙමිහිට අලි ගාලෙ වහලට සේන්දු වෙලා එහෙම්මම බිමට බැස්සැහැකි... හෙහ්,හෙහ්, ඔව්වත් වැඩද අපිට?

හරි.........අලි ගාලෙ වහලෙට නං ගොඩ උනා,.........හරි, බිමටත් බැස්සා... අලියත් ඔය ඉන්නෙ පැත්ත වැටිච්චි ගමං... පව් අසරණයා….

මෙතනිං කෙලිම්ම ගාවිං එහා පැත්තට ගිහාම කුස්සියෙ දොර ළඟටම ගියෑකි…. පුරස්නෙ මේ ඇටපල් කරුවල නෙව... ඇහැට ඇඟිල්ලෙං ඇන්නත් පෙනෙන්නෙ නැහැ නෙව...ඒකෙ අවුලකුත් නං නැහැ... මට හිතේ හෝදිසියට ගිහෑකි…

ඔන්න පස්සා දොර පේන මානෙටත් ආවා... මේ මොකෝ බොලේ මේ?...... වලව්වෙ එකෝම එක එළියක්කත් පෙනෙන්ට නැහැ නෙව…

"Stop Right Where You Are... Do Not Move... Slowly Raise Your Arms"

එ මොකාද බොල ඒ කරුවලේ බෙරිහං දෙන්නෙ? එකත් එකටම වලව්වෙ ඉංගිරිසි පංතියක් දාල වෙන්ඩ ඕනෙ... ඒ දවස් වල පොඩි කුමාරිහාමි ඔහොම කතාවක් කිය කිය හිටිය නං තමා...ඒ ඇත්ති ඉතිං ඔය වාගෙ පිං අතේ වැඩ වලට බොහොම සමර්තයි නෙව... මමත් යන්ඩ ඕන ඔය පංතියට... අඩු ගනනෙ ඉන්ගිරිස් කවියක්කත් ලියාගන්ට පුලුහං උනොත් ඒකත් සුලුපටු දෙයක්ය?..නැද්ද මං අහන්නෙ?

ඉංගිරිස් පංතියෙ සද්දෙ ඇහුනට කෝ කවුරුවත් පේන තෙක් මානෙක නැහැ නෙව... අනික මේ ඇටපල් කලුවරේ කොහොමෙයි පංති තියන්නෙ?

බලමු, ගිහිල්ලම.......

"I warned you not to move...Stay Right Where You Are...We have Orders To Shoot to Kill…."

ෂෙහ්, ඉංගිරිස් පංතිය නැඟල යනව නෙව... අම්මප හරිම සෝක්, අදම මමත් බැඳෙන්ඩ ඕනෙ…

මේ මොකාද මේ මයෙ කර වටේ අත් දාල මාව බදාගත්තෙ? ඈ, කලුම කලු ඇඳුමකුත් ඇඳගෙන... බොලේ මහ සෝන වත්ද? එහෙම වෙන්ඩ බැහැ, ගොම්මං යාමෙ උන්නැහැ එලි බහින්නෙ නැහැ නෙව.... ඒ එකත් එකටම මම ඉංගිරිස් ඉගෙන ගන්ඩ යනව්ට ඊරිසියා කොරන එකෙක්... අම්මප ඔව්... හැබෑවම තමයි... අම්මප මේ මිනිස්සු කියන ජාතිය පුදුම ඊරිසියාවක්නෙ තියෙන්නෙ....

මොකා උනත් කමක් නැහැ උන්දැ දන්නෙ නැතුවයි මයෙ තරම…. මෙහෙම්ම බඩට දෙකක් ඇන්න නං දෙකක් හරි... අපෙ රම්බො මලයයි ඔය ගුස්ති බුස්ති එතනිං ගිහාම චීන අඩි...තුම්මුල්ල පාගල හතර මුල්ලට ඇනිලි මට කියාල දුන්නෙ... අයියෙ කවි කිය කිය ඉඳලම හරි යන්නෙ නැහැ මෙව්වත් ඉගෙන ගනිං කොයි වෙලාවෙ පොරෝජං වෙනවද කියන්ඩ බෑ කියාල... බලාගෙන ගිහාම බොරුත් නෙවෙයි තමා...

ඉඳා ඩුෂෑම්..ඉඳා ආයමත් බුෂෑම්...ආ,........ ඔය අත ඇරියෙ යස අගේට... රම්බො මලය කියාදුන්නු අඩි පුඩිත් නරකම නැහැ, ඈ........ අර මොකක්ද ඒකා ඒ පාර කොරන්නෙ?... ගඩොල් බාගයක් වගෙ එකක් අරං ඒකට කතා කොරන්නෙ….

"Alpha Two to Alpha One, Alpha Two to Alpha One, Come in...... Alpha One..... Come in.... Alpha One..... We have A Situation Here.... A Security Breach Of Category One, I Repeat ..... A Security Breach Of Category One, Over And Out,"

මූ මට පෙනෙන්නෙ ඉංගිරිස් පංතියෙ ගුරා වගේ... පෙනෙන්නෙ නැද්ද කටේ තොලේ නොගෑවි සරස් බරස් කියාල ඉංගිරිසි කියෝන අපූරුව... අනෙ අම්මප මටත් ඇත්නං ඔහොම ඉංගිරිස් කතා කොරන්ඩ...ඒත් මේකා කියන වේගෙට අපිට වචන කියන්ඩ තියා හිතාගන්ඩ වත් බැහැ නෙව…

"මේ මලේ, උඹේ ඉංගිරිස් නං මල් හතයි කොල්ලො... ඇස් වහක් කටවහක් නැහැ... ඒත් අනේ බාං උගන්නනකොට ඩිංගිත්තක් හෙමිහිට කියාහංකො අපි වගෙ එවුන්ටත් ඔය වචනයක් දෙකක් අල්ලාගන්ටවත්…"

" Don't move... Don't move...Stay Right Where You Are"

අන්න ඒ පාර නං යංතං වචනයක් දෙකක් අල්ල ගත්තා... ඩෝං මූං... ඩෝං මූං... ෂෙහ් අපූරු වචන දෙක... නිකම් බෙර පදයක් වගෙ…

ඒ පාර මේ කවුද මේ වලව්ව පැත්තෙ ඉඳල එන්නෙ... ඒත් කලුම කලු සූට් එකක් ඇඳල... 

"What's happening here? Who is this trespasser?"

හෑ?... බොලේ පුරුදු කටහඬක්... කරුවලේ හරියට පෙනෙන්නෙ නැහැ නෙව... අන්න හෝදිසි බම්බුවක් නෙවද එලිය කලේ... හපොයි යංතං ඇති…

දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ මේ පස්සෙ ආපු ගොබිල අපේ බූර මලය නෙව... හප්පච්චියේ අඳුනන්ඩත් බැරුවා නෙව කලු ඇඳල පොඩි පහේ ගල්කටස් වාගෙ එකක් ඉනෙත් ගහගෙන…. ගඩොල් බාගයක් බෙල්ලෙ එල්ලාන... මේකට මේ මක් වෙලාද පහුගිය දෙතුං දොහට?...අපේ මේ රම්බො මලයගෙ අමුර්තෙ වත් පානය කලාවත්ද නිකම් මේ මාත්‍රාව වැඩිවෙන්ට වත්...

"Goodness...මේ අපේ කවිකාර අයියා නෙව... මේ මහ රෑ කොහෙ යනවද? තව පොඩ්ඩෙං මල කෙලියක් නෙව වෙන්නෙ... ඉන්ඩ විනාඩියක් ඔහොම"කියල ගත්ත ගඩොල් බාගෙ අතට…

"All Stations...This is Alpha One…. Situation Under Control... I Repeat Situation Under Control... Category A Security Alert Withdrawn"

ඉම්පස්සෙ බූර මලයයි මායි දෙන්න හෙමිහිට ගියා වලව්ව පැත්තට…

"ඈ, මලේ හරිම සෝක් වැඩේ මේ ඉංගිරිස් පංතිය.. පිං සිද්ද වෙනව මලේ, උපෝපං ජාති උඹට කිසිම............."


මට කතාව ඉවරයක් කරන්ඩ හම්බ උනේ නැහැ,

"උඹට ඔල්මාදද බං?.... මොන ඉංගිරිස් පංතියක්ද?"

"ඇයි මලේ උඹල වලව්වෙ ඉංගිරිස් පංතියක් ආරම්බ කොරලය කියලනෙ මම හිතුවෙ... එහෙම නෙවෙයි වද්ද හැබෑටම?"

"උඹට නං පිස්සු... මේ පොඩි කුමාරිහාමිගෙ ආරක්ෂක බලකාය... මම තමයි බලකායෙ අණදෙන නිලධාරී....අපි විසිහතර පැයේම එතුමියට ආරක්ෂාව සපයනවා... දැන් ඉස්සර වාගෙ හිතූ හිතූ වෙලාවට වලව්වට එන්ඩත් බැහැ තෙරුනාද අයියෙ? ඒකට කලින් Entry Request Form එකක් ඉදිරිපත් කරල පූර්ව අනුමැතිය ගන්න වෙනවා...කණගාටුයි අයියෙ... මෙව්ව පොඩි කුමාරිහාමිගෙම නියෝග"

ආහ්, එහෙමත් එකක්ද, අනේ කාලේ වනේ වාසේ කිව්වලු... හිටපු ගමං පොඩි කුමාරිහාමිටත් මොකදෑ මේ වෙලා ඇත්තෙ? සිහිය ටිකක් ඉතර එහෙ මෙහෙ වෙලා වත්ද? ඒත් ඔය වලව්වට එන එන ගානෙ පෝරං ද මොනවද පුරව පුරව ඉන්ඩ නං මට බැරුවා... ඔව්ව කොරන්ඩ ඇහැක් කාටෙයි? වෙන වැඩ නැත්තං හොඳයි…

හෙට උදෙම්ම පොඩි කුමාරිහාමි මුණගැහිල මේ ගැන කියාල කියන්ඩ ඕනෙ. මට මේ ආරස්සක වැඩ පිළිවෙල අනුව කටයුතු කොරන්ඩ අමාරුයි, ඒ නිසා මාව කවිකාර තනතුරෙන් නිදහස් කොරන්ඩය කියල….දුකයි තමයි ඒත් ඉතිං මක්ක කොරන්නෙයි?

එහෙම හිතාගෙන මම ආපු පාරදිගේ නෙවෙයි වලව්වෙ මහ ගේට්ටුව ඇරගෙනම ගෙදර යන්ඩ පාරට බැස්සා…..

25 comments:

  1. // " Don't move... Don't move...Stay Right Where You Are"

    අන්න ඒ පාර නං යංතං වචනයක් දෙකක් අල්ල ගත්තා... ඩෝං මූං... ඩෝං මූං... ෂෙහ් අපූරු වචන දෙක... නිකම් බෙර පදයක් වගෙ…//

    ඩෝං මූං... ඩෝං මූං... - ඒක මරු.....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      බොහොම ස්තුතියි.....:)

      Delete
  2. කොට වැඩී වගේ නෙහ්...........

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      හරි හරි බං...මොකද කොරන්නෙ? ඔච්චර තමයි තිබ්බෙ...:(

      Delete
  3. //මම දන්නව මම දන්නව ඝාතකයගෙ කතාව ඉවර කරන්ට තියනව....එතනින් ගිහාම අනන්‍යා දැරිවිත් අර පැත්තක ඉඳගෙන මාව කන්ට වගෙ බලා ඉන්නව... ඊට අමතරව වාං පතුල් කතාත් බරගානක් තියනව. ඒත් දෙයියනේ ඔය විසිවිත්තර ඔක්කොම කොරන්ට ඉන්නෙ මේ තනි මම විතරක් නෙව.//

    ඇයි බං එෂැනිං පුවක් ම කීයක් මිස් වෙලාද උඹට... මෙදාට නැති එෂැනිං පුවක්, බුලත් විටට තියල කන්නඩද මං අහන්නෙ?

    ReplyDelete
  4. හැබෑට ඒ පොඩි ඒ පොඩි කුමාරිහාමි ය ට මක් වුණාද මන්ද උන්දෑ දැක්කේ නෑ සෑහෙන කාලෙකින් විද්‍යුත් තැපෑලටත් ප්‍රතිචාරයක් නැහැ නොවැ

    ReplyDelete
  5. මොන කක්කි ගොඩක්ද මල්ලි මේ?

    ReplyDelete
  6. ඩෝං මූං, ඩෝං මූං, යූ ආර් අණ්ඩ සිටුවේෂන්.

    මෙහෙම ගියොත්නං බොට වෙඩි කන්න තමයි වෙන්නෙ කො.කා. ලගෙන්.

    ReplyDelete
  7. තමුන්නැහැ ආයෙමත් ලංකාවට එන්ට කිට්ටුද? නැත්තං මේ අවස්තාවෙ හැටියට තමුන්නැහැ රෙද්ද කරේ ඔතං එෂැනිං පුවක් ලියන්න ඕන කරුංකා තලන්නා වගේ. ආං අරෙහෙ අප්පොච්චා හඳපානෙ ආණ්ඩු පිහිටෝල. දැං රටේ ආණ්ඩු දෙකයි අගමැතිල දෙකයි පාර්ලිමේන්තු එකයි.

    ReplyDelete
  8. අතිගරු ලෝර්ඩ් බුරෝත්තමය කිව්වොත් කියන්නෙ "This is Alpha male" කියලයි අපි පුරාවෘත්තවල කියවල තියෙන්නෙ

    ReplyDelete
  9. මල්ලි දැන් ලංකාවේද ඉන්නේ? එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්නේ නැත්තේ බය වෙලාද?

    ReplyDelete
  10. Issellama wan pathul katha liyanna patan ganna, kochchara kal idanda bala inne hebetama, hmm

    ReplyDelete
  11. කොයි කථාව උනත් හොඳයි. සමහර වෙලාවට, වාසියට පමණක් 'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' කියලත් කියනවනේ. ඒ උනත් නිතරම 'කියවීමත්' මහා කරදරයක්නේ.

    ReplyDelete
  12. මිස් වෙච්ච පරණ කතා මෙහෙම දාන එන හොඳයි. අපි ඒ කාලේ පොඩි ළමයි හින්ද මේවා බලන්න බැරි වුනා නේ.. රවියා දැන් වැඩිහිටියෙක් වශයෙන් අපිට ඒ පරණ කතා මතක් කරලා වගකීමෙන් වැඩ කරනවා. ඒක බොහොම හොඳයි... හෙහ් හෙහ්..

    ReplyDelete
  13. ඉන්දියානු ලොකො පයිලට්වරියන්ට/ පයිලට්වරුන්ට බුදුබව පාර්ථනා කරමු. අධික වේගයෙන් ආරක්ෂිතව මගින් ගමනාන්ත දක්වා රැගෙන යන මෙම සේවාව අගය කරමු.

    ReplyDelete
  14. පොඩි කුමාරිහාමි සමහරවිට දරු සුරතල් බලනව වෙන්න ඇති... ඕක අස්සෙ මොකට රිංගන්න ගියාද කවිකාර උන්නැහේ... දරුවා නිදි කරගන්නෙ කොහොමද එතන ගිහින් කවි කියනවා කියලා බෙරිහන් දෙන්න ගත්තම... ඒක තමයි සෙකියුරිටි ස්කොඩ් එකක්ම දාලා තියෙන්නෙ... බූරෝත්තමයා නිසා මෙදා පාර යාන්තම් ජාම බේර ගත්තා...

    ReplyDelete
  15. පහු උනාට කමක් නැ.
    සුබ උපන්දිනයක් පතනවා.
    තවත් ලස්සන කතා ලිය ලිය ඉන්න නිඳුක් නිරෝගී සුවය පතනවා.

    ReplyDelete
  16. මගේ මෑණියන්ගේ අභාවය නිසා හදිස්සියෙම ලංකාවට එන්න සිදුවුනා. අවසන් කටයුතු 26 වන සඳුදා සිදුකෙරුනා...

    ReplyDelete
    Replies
    1. කණගාටුයි රවී තුමා. එතුමියට සුභ ගමන් ප්‍රර්ථනා කරමි. නිවන් සුව ලැබේවා!

      Delete
    2. යකෝ දන්නෙවත් නෑනෙ.
      එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

      Delete
  17. Ohh kanagaatui bohoma, ethumiyata nivan suwaya lebewa kyla pathnwa,

    ReplyDelete
  18. බොහොම කණගාටුයි රවී. ඔයාගෙ අම්මාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  19. ඔබගේ මෑණියන්ට නිවන් සුව අත් වේවා

    ReplyDelete
  20. බොහොම කණගාටුයි රවී අයියා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...